යෙදුමෙන් කියවන්න

2-11. අහන‍්තිමානවිනිබන්‍ධා දිට‍්ඨි

2-11. අහන‍්තිමානවිනිබන්‍ධා දිට‍්ඨි

2-11. අහන්තිමානවිනිබන්‍ධදෘෂ්ටිය

‘අහ’න‍්ති මානවිනිබන්‍ධාය දිට‍්ඨියා කතමෙහි අට‍්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති:

‘මම’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි කවර අටළොස්අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:

‘චක‍්ඛුං අහ’න‍්ති අභිනිවෙසපරාමාසො ‘අහන‍්ති මානවිනිබන්‍ධා දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි. අඤ‍්ඤා දිට‍්ඨි අඤ‍්ඤං වත්‍ථු. යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං පඨමා ‘අහ’න‍්ති මානවිනිබන්‍ධා දිට‍්ඨි, මානවිනිබන්‍ධා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො.

‘ඇස මම වෙමි’ අභිනිවේශපරාමර්‍ශය ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. මානයෙන් බැඳුණු දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ. ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.

‘සොතං අහ’න‍්ති -පෙ- ‘ඝානං අහ’න‍්ති -පෙ- ‘ජිව‍්හා අහ’න‍්ති -පෙ- ‘කායො අහ’න‍්ති -පෙ- ‘මනො අහ’න‍්ති -පෙ- ‘රූපා අහ’න‍්ති -පෙ- ‘ධම‍්මා අහ’න‍්ති -පෙ- ‘චක‍්ඛුවිඤ‍්ඤාණං අහ’න‍්ති -පෙ- මනොවිඤ‍්ඤාණං අහං’න‍්ති අභිනිවෙසපරාමාසො ‘අහ’න‍්ති මානවිනිබන්‍ධා දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි, අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු, යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං අට‍්ඨාරසමී ‘අහ’න‍්ති මානවිනිබන්‍ධා දිට‍්ඨි, මාන විනිබන්‍ධා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො.

‘කන මම වෙමි’ ... නැහැය මම වෙමි’ ... ‘දිව මම වෙමි’ ... ‘කය මම වෙමි’ ... ‘මනස මම වෙමි’ ... ‘රූපයෝ මම වෙමි’ ... ‘ධර්‍මයෝ මම වෙමි’ ... ‘චක්‍ෂුර්විඥානය මම වෙමි’ ... ‘මනෝවිඥානය මම වෙමි’ ... ‘අභිනිවේශපරාමර්‍ශය ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේද, මේ අටළොස්වනු වූ ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි වේ. මානයෙන් බැඳුණු දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.

’අහ’න‍්ති මානවිනිබන්‍ධාය දිට‍්ඨියා ඉමෙහි අට‍්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති.

‘මම’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි මේ අටළොස්අයුරින් අභිනිවේශය වේ.