යෙදුමෙන් කියවන්න

2-1. අස‍්සාදදිට‍්ඨි

2-1. අස‍්සාදදිට‍්ඨි

2-1. ආස්වාදදෘෂ්ටිය

අස‍්සාදදිට‍්ඨියා කතමෙහි පඤ‍්චතිංසාය ආකාරෙහි අභිනිවෙසො හොති.

කවර පන්තිස් අයුරින් ආස්වාදදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි යත්:

‘යං රූපං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං රූපස‍්ස අස‍්සාදො’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි. දිට‍්ඨි න අස‍්සාදො, අස‍්සාදො න දිට‍්ඨි, අඤ‍්ඤදිට‍්ඨි, අඤ‍්ඤො අස‍්සාදො; යා ච දිට‍්ඨි, යො ච අස‍්සාදො, අයං වුච‍්චති අස‍්සාදදිට‍්ඨි.

‘රූපස්කන්‍ධය පිණිස යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ රූපයාගේ ආස්වාද යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. දෘෂ්ටිය ආස්වාද නො වෙයි. ආස්වාදය දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකෙක, ආස්වාදය අනෙකෙක; යම් දෘෂ්ටියෙකුත් යම් ආස්වාදයෙකුත් වේ ද, මේ ‘ආස්වාදදෘෂ්ටි’ යයි කියනු ලැබේ.

අස‍්සාදදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨිවිපත‍්ති, තාය දිට‍්ඨිවිපත‍්තියා සමන‍්නාගතො පුග‍්ගලො දිට‍්ඨිවිපන‍්නො, දිට‍්ඨිවිපන‍්නො පුග‍්ගලො න සෙවිතබ‍්බො න භජිතබ‍්බො න පයිරුපාසිතබ‍්බො. තං කිස‍්ස හෙතු: දිට‍්ඨි හිස‍්ස පාපිකා යො දිට‍්ඨියා රාගො, සො න දිට‍්ඨි, දිට‍්ඨි න රාගො, අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤො රාගො, යා ච දිට‍්ඨි යො ච රාගො, අයං වුච‍්චති දිට‍්ඨිරාගො, තාය ච දිට‍්ඨියා තෙන ච රාගෙන සමන‍්නාගතො පුග‍්ගලො දිට‍්ඨිරාගරත‍්තො දිට‍්ඨිරාගරත‍්තෙ පුග‍්ගලෙ දින‍්නං දානං න මහප‍්ඵලං හොති න මහානිසංසං තං කිස‍්ස හෙතු: දිට‍්ඨි හිස‍්ස පාපිකං.

ආස්වාදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියෙක, මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්තියෙක, ඒ දෘෂ්ටිවිපත්තියෙන් සමන්‍වාගත පුද්ගල තෙමෙ දෘෂ්ටිවිපන්න නම දෘෂ්ටිවිපන්න පුද්ගල තෙම සේවනය නො කටයුත්තේ යැ, භජනය නො කටයුත්තේ යැ, පර්‍ය්‍යුපාසනය නො කටයුත්තේ යි. එ කවර හෙයින යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක වූ ද එහෙයිනි. දෘෂ්ටියෙහි (උපදනා) යම් රාගයෙක් වේ ද හේ දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය රාග නො වෙයි. දෘෂ්ටිය අනෙකෙක, රාගය අනෙකෙකි. යම් දෘෂ්ටියෙකුත් යම් රාගයෙකුත් වේ ද මේ ‘දිට්ඨිරාග ය’යි කියනු ලැබේ. ඒ දෘෂ්ටියෙනුදු ඒ රාගයෙනුදු සමන්‍වාගත පුද්ගල තෙම දෘෂ්ටිරාගරක්ත නම. දෘෂ්ටිරාගරක්ත පුද්ගලයා කෙරෙහි දෙන ලද දානය මහත්ඵල නො වෙයි, මහානෘශංස නො වේ. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි.

අස‍්සාදදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස පුරිසපුග‍්ගලස‍්ස ද‍්වෙ ගතියො: නිරයො වා තිරච‍්ඡානයොනි වා මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස පුරිසපුග‍්ගලස‍්ස යඤ‍්චෙව කායකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං. සමාදින‍්නං, යඤ‍්ච වචීකම‍්මං -පෙ- යඤ‍්ච මනොකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යා ච චෙතනා යා ච පත්‍ථනා, යො ච පණිධි, යෙ ච සඞ‍්ඛාරා, සබ‍්බෙ තෙ ධම‍්මා අනිට‍්ඨාය අකන‍්තාය අමනාපාය අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු: දිට‍්ඨි හිස‍්ස පාපිකා. සෙය්‍යථාපි නිම‍්බබීජං වා කොසාතකීබීජං වා තිත‍්තකාලාබුබීජං වා අල‍්ලාය පඨවියා නික‍්ඛිත‍්තං යඤ‍්චෙව පඨවිරසං උපාදියති, යඤ‍්ච ආපොරසං උපාදියති, සබ‍්බං තං තිත‍්තකත‍්තාය කටුකත‍්තාය අසාතත‍්තාය සංවත‍්තති තං කිස‍්ස හෙතු: බීජං හිස‍්ස පාපකං. එවමෙව මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස පුරිසපුග‍්ගලස‍්ස යඤ‍්චෙව කායකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යඤ‍්ච වචීකම‍්මං -පෙ- යඤ‍්ච මනොකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යා ච චෙතනා යා ච පත්‍ථනා යො ච පණිධි යෙ ච සඞ‍්ඛාරා, සබ‍්බෙ තෙ ධම‍්මා අනිට‍්ඨාය අකන‍්තාය අමනාපාය අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු දිට‍්ඨි හිස‍්ස පාපිකා.

මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගලහට ගති දෙකෙක් මැ වෙයි. නිරය හෝ තිරිසන් යෝනිය හෝ යි. මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගල විසින් දෘෂ්ට්‍යනුරූප වැ පුරනලද ගන්නාලද යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද, දෘෂ්ට්‍යනුරූප වැ පුරනලද ගන්නා ලද යම් මනඃකර්‍මයෙකුත් වේ ද, යම් චේතනාවකුත් යම් ප්‍රාර්‍ත්‍ථනාවකුත් යම් ප්‍රණිධියෙකුත් යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, එ හැම ධර්‍මයෝ අනිෂ්ට බව පිණිස අකාන්ත බව පිණිස අමනාප බව පිණිස අහිත පිණිස දුක් පිණිස පවතිත්. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක වූ ද එහෙයිනි. යම්සේ කොසොඹ බිජුවටෙක් හෝ තිත්ත වැටකොළු බිජුවටෙක් හෝ තෙත් වූ පොළොව්හි රෝපණය කරන ලද්දේ යම් පෘථිවිරසයෙකුත් ගනු ලැබේද යම් අබ්රසයෙකුත් ගනු ලැබේ ද එ හැම තිත්ත බවට කටුක බවට නො මිහිරි බවට වැටෙයි. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඒ කොසොඹ ආදියෙහි බිජුවට ලාමක ද එහෙයිනි. එපරිද්දෙන් මැ මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගල විසින් දෘෂ්ට්‍යනුරූප වැ පුරනලද ගන්නාලද යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද, දෘෂ්ට්‍යනුරූප වැ පුරන ලද ගන්නා ලද යම් මනඃකර්‍මයෙකුත් වේ ද යම් චේතනාවකුත් යම් ප්‍රාර්‍ත්‍ථනාවකුත් යම් ප්‍රණිධියෙකුත් යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද එ හැම ධර්‍මයෝ අනිෂ්ට බවට අකාන්ත බවට අමනාප බවට අහිතයට දුකට වැටෙත්. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි.

අස‍්සාදදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨිගතං, දිට‍්ඨිගහනං, දිට‍්ඨිකන‍්තාරං, දිට‍්ඨිවිසූකං, දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං, දිට‍්ඨිසඤ‍්ඤොජනං, දිට‍්ඨිසල‍්ලං, දිට‍්ඨිසම‍්බාධො, දිට‍්ඨිපළිබොධො, දිට‍්ඨිබන්‍ධනං, දිට‍්ඨිපපාතො, දිට‍්ඨානුසයො, දිට‍්ඨිසන‍්තාපො දිට‍්ඨිපරිළාහො, දිට‍්ඨිගන්‍ථො, දිට‍්ඨූපාදානං, දිට‍්ඨාභිනිවෙසො, දිට‍්ඨිපරාමාසො, ඉමෙහි අට‍්ඨාරසහි ආකාරෙහි පරියුට‍්ඨිතචිත‍්තස‍්ස සඤ‍්ඤොගො.

ආස්වාදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිගතයෙක, දෘෂ්ටිගහනයෙක, දෘෂ්ටිකාන්තාරයෙක, දෘෂ්ටි නැමැති හුලෙක, දෘෂ්ටියගේ විරූප චලනයෙක, දෘෂ්ටිසංයෝජනයෙක්, දෘෂ්ටිශල්‍යයෙක, දෘෂ්ටිසම්බාධයෙක, දෘෂ්ටිපරිබෝධයෙක, දෘෂ්ටිබන්‍ධනයෙක, දෘෂ්ටිප්‍රපාතයෙක, දෘෂ්ට්‍යනුශයෙක, දෘෂ්ටිසන්තාපයෙක, දෘෂ්ටිපරිදාහයෙක, දෘෂ්ටිග්‍රන්‍ථයෙක, දෘෂ්ට්‍යුපාදානයෙක, දෘෂ්ට්‍යභිනිවේශයෙක, දෘෂ්ටිපරාමර්‍ශයෙකි. මේ අටළොස් අයුරින් සමුදාචාරයට පැමිණි සිත් ඇත්තහුගේ (සසර) සංයෝගය වේ.

අත්‍ථි සඤ‍්ඤොජනාති චෙව දිට‍්ඨියො ච, අත්‍ථි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො.

දෘෂ්ටි ද වූ සංයෝජනයෝ ද ඇත. දෘෂ්ටි නො වූ සංයෝජනයෝ ද ඇති.

කතමානි සඤ‍්ඤොජනානි චෙව දිට‍්ඨියො ච: සක‍්කායදිට‍්ඨි සීලබ‍්බතපරාමාසො, ඉමානි සඤ‍්ඤොජනානි චෙව දිට‍්ඨියො ච.

දෘෂ්ටි ද වූ සංයෝජනයෝ කවරහ යත්: සත්කායදෘෂ්ටි යැ ශීලව්‍රතපරාමර්‍ශ යි. මොහු දෘෂ්ටි ද වූ සංයෝජනයෝ යි.

කතමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො: කාමරාගසඤ‍්ඤොජනං පටිඝසඤ‍්ඤොජනං මානසඤ‍්ඤොජනං විචිකිච‍්ඡාසඤ‍්ඤොජනං භවරාගසඤ‍්ඤොජනං ඉස‍්සාසඤ‍්ඤොජනං මච‍්ඡරියසඤ‍්ඤොජනං අනුනයසඤ‍්ඤොජනං අවිජ‍්ජාසඤ‍්ඤොජනං, ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො,

දෘෂ්ටි නො වූ සංයෝජනයෝ කවරහ යත්: කාමරාග සංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ මානසංයෝජන යැ විචිකිත්සා සංයෝජන යැ භවරාගසංයොජන යැ ඊර්‍ෂ්‍යා සංයෝජන යැ මාත්සර්‍ය්‍ය සංයෝජන යැ අනුනයසංයෝජන යැ අවිද්‍යාසංයෝජන යි. මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.

යං වෙදනං පටිච‍්ච -පෙ- යං සඤ‍්ඤං පටිච‍්ච -පෙ- යං සඞ‍්ඛාරෙ පටිච‍්ච -පෙ- යං විඤ‍්ඤාණං පටිච‍්ච -පෙ- යං චක‍්ඛුං පටිච‍්ච -පෙ- යං සොතං පටිච‍්ච -පෙ- යං ඝානං පටිච‍්ච -පෙ- යං ජිව‍්හං පටිච‍්ච -පෙ- යං කායං පටිච‍්ච -පෙ- යං මනං පටිච‍්ච -පෙ- යං රූපෙ පටිච‍්ච -පෙ- යං සද‍්දෙ පටිච‍්ච -පෙ- යං ගන්‍ධෙ පටිච‍්ච -පෙ- යං රසෙ පටිච‍්ච -පෙ- යං ඵොට‍්ඨබ‍්බෙ පටිච‍්ච -පෙ- යං ධම‍්මෙ පටිච‍්ච -පෙ- යං චක‍්ඛුවිඤ‍්ඤාණං පටිච‍්ච -පෙ- යං සොතවිඤ‍්ඤාණං පටිච‍්ච -පෙ- යං ඝානවිඤ‍්ඤාණං පටිච‍්ච -පෙ- යං ජිව‍්හාවිඤ‍්ඤාණං පටිච‍්ච -පෙ- යං කායවිඤ‍්ඤාණං පටිච‍්ච -පෙ- යං මනො විඤ‍්ඤාණං පටිච‍්ච -පෙ- යං චක‍්ඛුසම‍්ඵස‍්සං පටිච‍්ච -පෙ- යං සොතසම‍්ඵස‍්සං පටිච‍්ච -පෙ- යං ඝානසම‍්ඵස‍්සං පටිච‍්ච -පෙ- යං ජිව‍්හාසම‍්ඵස‍්සං පටිච‍්ච -පෙ- යං කායසම‍්ඵස‍්සං පටිච‍්ච -පෙ- යං මනොසම‍්ඵස‍්සං පටිච‍්ච -පෙ- යං චක‍්ඛුසම‍්ඵස‍්සජං වෙදනං පටිච‍්ච -පෙ- යං සෙතසම‍්ඵස‍්සජං වෙදනං පටිච‍්ච -පෙ- ඝානසම‍්ඵස‍්සජං වෙදනං පටිච‍්ච -පෙ- යං ජිව‍්හාසම‍්ඵස‍්සජං වෙදනං පටිච‍්ච -පෙ- යං කායසම‍්ඵස‍්සජං වෙදනං පටිච‍්ච -පෙ- යං මනොසම‍්ඵස‍්සජං වෙදනං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං මනොසම‍්ඵස‍්සජාය වෙදනාය අස‍්සාදො’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි. දිට‍්ඨි න අස‍්සාදො අස‍්සාදො න දිට‍්ඨි. අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤො අස‍්සාදො. යා ච දිට‍්ඨි යො ච අස‍්සාදො, අයං වුච‍්චති අස‍්සාදදිට‍්ඨි.

වේදනාව නිසා ... සංඥාව නිසා ... සංස්කාරයන් නිසා ... විඥානය නිසා ... චක්‍ෂුස නිසා ... ශ්‍රෝත්‍රය නිසා ... ඝ්‍රාණය නිසා ... ජිහ්වාව නිසා ... කාය නිසා ... මනස නිසා ... රූපයන් නිසා ... ශබ්දයන් නිසා ... ගන්‍ධයන් නිසා ... රසයන් නිසා ... ස්ප්‍රෂ්ටව්‍යයන් නිසා ... ධර්‍මයන් නිසා ... චක්‍ෂුර්විඥානය නිසා ... ශ්‍රෝත්‍රවිඥානය නිසා ... ඝ්‍රාණ විඥානය නිසා ... ජිහ්වාවිඥානය නිසා ... කාය විඥානය නිසා ... මනෝවිඥානය නිසා ... චක්ඛුසම්ඵස්සය නිසා ... සෝතසම්ඵස්සය නිසා ... ඝානසම්ඵස්සය නිසා ... ජිව්හාසම්ඵස්සය නිසා ... කායසම්ඵස්සය නිසා ... මනෝසම්ඵස්සය නිසා ... චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... සෝතසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... ඝානසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... කායසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාවගේ ආස්වාද යි. අභිනිවේශ පරාමර්‍ශය දෘෂ්ටි යැ. දෘෂ්ටිය ආස්වාද නො වෙයි. ආස්වාදය දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටි අනෙකෙක, ආස්වාදය අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් වේ ද යම් ආස්වාදයෙකුත් වේ ද මේ ‘ආස්වාද දෘෂ්ටි යැ’යි කියනු ලැබේ.

අස‍්සාදදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨිවිපත‍්ති. තාය දිට‍්ඨිවිපත‍්තියා සමන‍්නාගතො පුග‍්ගලො දිට‍්ඨිවිපන‍්නො, දිට‍්ඨිවිපන‍්නො පුග‍්ගලො න සෙවිතබ‍්බො න භජිතබ‍්බො න පයිරුපාසිතබ‍්බො. තං කිස‍්ස හෙතු දිට‍්ඨි හිස‍්ස පාපිකා. යො දිට‍්ඨියා රාගො, සො න දිට‍්ඨි, දිට‍්ඨි න රාගො, අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤො රාගො. යා ච දිට‍්ඨි, යො ච රාගො, අයං වුච‍්චති දිට‍්ඨිරාගො. තාය ච දිට‍්ඨියා තෙන ච රාගෙන සමන‍්නාගතො පුග‍්ගලො දිට‍්ඨිරාගරත‍්තො දිට‍්ඨිරාගරත‍්තෙ පුග‍්ගලෙ දින‍්නං දානං න මහප‍්ඵලං හොති න මහානිසංසං තං කිස‍්ස හෙතු: දිට‍්ඨි හිස‍්ස පාපිකා.

ආස්වාදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ, මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ, ඒ දෘෂ්ටිවිපත්තියෙන් සමන්‍වාගත පුද්ගල තෙමේ ‘දෘෂ්ටිවිපන්න’ නම. දෘෂ්ටිවිපන්න පුද්ගල තෙම සේවනය නො කටයුත්තේ යැ, භජනය නො කටයුත්තේ යැ, පර්‍ය්‍යුපාසනය නො කටයුත්තේ යි. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි. දෘෂ්ටියෙහි (උපදනා) යම් රාගයෙක් වේ ද හේ දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය රාග නො වෙයි. දෘෂ්ටිය අනෙකෙක. රාගය අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් රාගයෙකුත් වේ ද මේ ‘දෘෂ්ටිරාග’ යයි කියනු ලැබේ. ඒ දෘෂ්ටියෙනුදු ඒ රාගයෙනුදු සමන්‍වාගත පුද්ගල තෙම ‘දෘෂ්ටිරාගරක්ත’ නම් වෙයි. දෘෂ්ටිරාගරක්ත පුද්ගලයා කෙරෙහි දුන් දන් මහත්ඵල නො වෙයි. මහ අනුසස් ඇත්තේ නො වෙයි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි.

අස‍්සාදදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස පුරිසපුග‍්ගලස‍්ස ද‍්වෙව ගතියො: නිරයො වා තිරච‍්ඡානයොනි වා, මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස පුරිසපුග‍්ගලස‍්ස යඤ‍්චෙව කායකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යඤ‍්ච වචීකම‍්මං -පෙ- යඤ‍්ච මනොකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යා ච චෙතනා යා ච පත්‍ථනා යො ච පණිධි යෙ ච සඞ‍්ඛාරා සබ‍්බෙ තෙ ධම‍්මා අනිට‍්ඨාය අකන‍්තාය අමනාපාය අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු: දිට‍්ඨි හිස‍්ස පාපිකා. සෙය්‍යථාපි නිම‍්බබීජං වා කොසාතකීබීජං වා තිත‍්තකාලාබුබීජං වා අල‍්ලාය පඨවියා නික‍්ඛිත‍්තං යඤ‍්චෙව පඨවිරසං උපාදියති, යඤ‍්ච ආපොරසං උපාදියති, සබ‍්බං තං තිත‍්තකත‍්තාය කටුකත‍්තාය අසාතත‍්තාය සංවත‍්තති. තං කිස‍්ස හෙතු: බීජං හිස‍්ස පාපකං. එවමෙව මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස පුරිසපුග‍්ගලස‍්ස යඤ‍්චෙව කායකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යඤ‍්ච වචීකම‍්මං -පෙ- යඤ‍්ච මනොකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යා ච චෙතනා යා ච පත්‍ථනා යො ච පණිධි යෙ ච සඞ‍්ඛාරා, සබ‍්බෙ තෙ ධම‍්මා අනිට‍්ඨාය අකන‍්තාය අමනාපාය අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු: දිට‍්ඨි හිස‍්ස පාපිකා අස‍්සාදදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහනං -පෙ- දිට‍්ඨාභිනිවෙසො දිට‍්ඨිපරාමාසො. ඉමෙහි අට‍්ඨාරසහි ආකාරෙහි පරියුට‍්ඨිතචිත‍්තස‍්ස සඤ‍්ඤොගො.

ආස්වාදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ. මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගලහට ගති දෙකෙක් මැ වෙයි, නිරය හෝ තිර්‍ය්‍යග්යෝනි හෝ යි. මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගල විසින් දෘෂ්ට්‍යනුරූප වැ පුරන ලද ගන්නා ලද යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද, දෘෂ්ට්‍යනුරූප වැ පුරන ලද ගන්නා ලද යම් මනඃකර්‍මයෙක් වේ ද යම් චේතනාවකුත් යම් ප්‍රාර්‍ත්‍ථනාවකුත් යම් ප්‍රණිධියෙකුත් යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, එ හැම ධර්‍මයෝ අනිෂ්ටයට අකාන්තයට අමනාපයට අහිතයට දුකට වැටෙත්. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි. යම්සේ කොසොඹබිජුවටෙක් වේවයි තිත්ත වැටකොළු බිජුවටෙක් වේවයි තිත්තලබුබිජුවටෙක් වේවයි තෙත් පොළොව්හි රෝපණය කරන ලද්දේ යම් පෘථිවිරසයෙකුත් ගන්නා ලැබේ ද, යම් අබ්රසයෙකුත් ගන්නා ලැබේ ද, එ හැම තිත්ත බවට කටුක බවට අමධුර බවට වැටෙයි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් ඒ කොසොඹ ආදිහුගේ බිජුවට ලාමක ද එහෙයිනි. එසෙයින් මැ මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගල විසින් දෘෂ්ට්‍යනුරූප වැ පුරන ලද ගන්නා ලද යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද, දෘෂ්ට්‍යනුරූප වැ පුරන ලද ගන්නාලද යම් මනඃකර්‍මයෙකුත් වේ ද, යම් චේතනාවකුත් යම් ප්‍රාර්‍ත්‍ථනාවකුත් යම් ප්‍රණිධියෙකුත් යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, එ හැම ධර්‍මයෝ අනිෂ්ටයට අකාන්තයට අමනාපයට අහිතයට දුකට වැටෙත්. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි. ආස්වාදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ. මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිගත යැ දෘෂ්ටිගහන යැ ... දෘෂ්ට්‍යභිනිවෙශ යැ දෘෂ්ටිපරාමර්‍ශ යි. මේ අටළොස් අයුරින් සමුදාචාරයට පැමිණි සිත් ඇත්තහුගේ සංයෝගය වේ.

අත්‍ථි සඤ‍්ඤොජනානි චෙව දිට‍්ඨියො ච, අත්‍ථි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. කතමානි සඤ‍්ඤොජනානි චෙව දිට‍්ඨියෙ ච: සක‍්කායදිට‍්ඨි, සීලබ‍්බතපරාමාසො, ඉමානි සඤ‍්ඤොජනානි චෙව දිට‍්ඨියෙ ච.

දෘෂ්ටි ද වූ සංයෝජනයෝ ඇත. දෘෂ්ටි නො වූ සංයෝජනයෝ ද ඇති. දෘෂ්ටි ද වූ සංයෝජනයෝ කවරහ යත්: සත්කායදෘෂ්ටි යැ ශීලව්‍රතපරාමර්‍ශ යි. මොහු දෘෂ්ටි වූ ද සංයෝජනයෝ යි.

කතමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො: කාමරාගසඤ‍්ඤොජනං, පටිඝසඤ‍්ඤොජනං, මානසඤ‍්ඤොජනං, විචිකිච‍්ඡාසඤ‍්ඤොජනං, භවරාගසඤ‍්ඤොජනං, ඉස‍්සාසඤ‍්ඤොජනං, මච‍්ඡරියසඤ‍්ඤොජනං, අනුනයසඤ‍්ඤොජනං, අවිජ‍්ජාසඤ‍්ඤොජනං, ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො.

දෘෂ්ටි නො වූ සංයෝජනයෝ කවරහ යත්: කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ මානසංයෝජන යැ විචිකිත්සාසංයෝජන යැ භවරාගසංයොජන යැ ඊර්‍ෂ්‍යාසංයෝජන යැ මාත්සර්‍ය්‍යසංයොජන යැ අනූනයසංයෝජන යැ අවිද්‍යාසංයෝජන යි. මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.

අස‍්සාදදිට‍්ඨියා ඉමෙහි පඤ‍්චතිංසාය ආකාරෙහි අභිනිවෙසො හොති.

මේ පන්තිස් අයුරින් ආස්වාදදෘෂ්ටියෙහි අභිනිවේශය වේ.