යෙදුමෙන් කියවන්න

5. සතොකාරිඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

5. සතොකාරිඤාණනිද‍්දෙසවණ‍්ණනා

5. සතොකාරි ඤාණ නිර්දේශ වර්ණනාව

සතොකාරිඤාණනිද‍්දෙසෙ මාතිකායං ඉධ භික‍්ඛූති ඉමස‍්මිං සාසනෙ භික‍්ඛු. අයඤ‍්හි එත්‍ථ ඉධ-සද‍්දො සබ‍්බප‍්පකාරආනාපානස‍්සතිසමාධිනිබ‍්බත‍්තකස‍්ස පුග‍්ගලස‍්ස සන‍්නිස‍්සයභූතසාසනපරිදීපනො, අඤ‍්ඤසාසනස‍්ස තථාභාවපටිසෙධනො ච. වුත‍්තඤ‍්හෙතං – “ඉධෙව, භික‍්ඛවෙ, සමණො…පෙ… සුඤ‍්ඤා පරප‍්පවාදා සමණෙභි අඤ‍්ඤෙහී”ති (ම· නි· 1.139; අ· නි· 4.241).

සතොකාරි ඤාණ නිර්දේශ මාතෘකාවෙහි, ඉධ භික්ඛු යනු මෙ සස්නෙහි භික්‍ෂුව, මෙහි මේ ඉධ ශබ්දය වනාහි, සියලු ආකාර, ආනාපාන සති සමාධිය උපදවන පුද්ගලයාට, ආශ්‍රිත වූ සාසනය විදහා දැක්වීම, අන් සසුන්හි එසේවීම් ප්‍රතික්‍ෂෙපයද වේ යූ.සේයි. මහණෙනි, මෙ සස්නෙහිම ශ්‍රමණයා වේ. අන් ශ්‍රමණයන්ගේ අන්‍ය මතයන් ශූන්‍යයි.

අරඤ‍්ඤගතො වා රුක‍්ඛමූලගතො වා සුඤ‍්ඤාගාරගතො වාති ඉදමස‍්ස ආනාපානස‍්සතිසමාධි භාවනානුරූපසෙනාසනපරිග‍්ගහපරිදීපනං. ඉමස‍්ස හි භික‍්ඛුනො දීඝරත‍්තං රූපාදීසු ආරම‍්මණෙසු අනුවිසටං චිත‍්තං ආනාපානස‍්සතිසමාධිආරම‍්මණං අභිරුහිතුං න ඉච‍්ඡති, කූටගොණයුත‍්තරථො විය උප‍්පථමෙව ධාවති. තස‍්මා සෙය්‍යථාපි නාම ගොපො කූටධෙනුයා සබ‍්බං ඛීරං පිවිත්‍වා වඩ‍්ඪිතං කූටවච‍්ඡං දමෙතුකාමො ධෙනුතො අපනෙත්‍වා එකමන‍්තෙ මහන‍්තං ථම‍්භං නිඛණිත්‍වා තත්‍ථ යොත‍්තෙන බන්‍ධෙය්‍ය, අථස‍්ස සො වච‍්ඡො ඉතො චිතො ච විප‍්ඵන්‍දිත්‍වා පලායිතුං අසක‍්කොන‍්තො තමෙව ථම‍්භං උපනිසීදෙය්‍ය වා උපනිපජ‍්ජෙය්‍ය වා, එවමෙව ඉමිනාපි භික‍්ඛුනා දීඝරත‍්තං රූපාරම‍්මණාදිරසපානවඩ‍්ඪිතං දුට‍්ඨචිත‍්තං දමෙතුකාමෙන රූපාදිආරම‍්මණතො අපනෙත්‍වා අරඤ‍්ඤං වා රුක‍්ඛමූලං වා සුඤ‍්ඤාගාරං වා පවෙසෙත්‍වා තත්‍ථ අස‍්සාසපස‍්සාසථම‍්භෙ සතියොත‍්තෙන බන්‍ධිතබ‍්බං. එවමස‍්ස තං චිත‍්තං ඉතො චිතො ච විප‍්ඵන්‍දිත්‍වාපි පුබ‍්බෙ ආචිණ‍්ණාරම‍්මණං අලභමානං සතියොත‍්තං ඡින්‍දිත්‍වා පලායිතුං අසක‍්කොන‍්තං තමෙවාරම‍්මණං උපචාරප‍්පනාවසෙන උපනිසීදති චෙව උපනිපජ‍්ජති ච. තෙනාහු පොරාණා –

අරඤ්ඤගතොවා, රුක්ඛ මූලගතොවා, සුඤ්ඤාගාරගතොවා යන මෙය ආනාපාන සති සමාධි භාවනාවට අනුරූප සෙනසුන් පරිග්‍රහණය දැක්වීමයි. මේ භික්‍ෂුවගේ බොහෝ කලක් රූපාදී අරමුණුවල විසුරුවන ලද සිත ආනාපාන සති සමාධියට නැගීමට නොකැමැති වේ. කුළු ගොනෙකු යොදන ලද රියක් මෙන් නොමගම දුවයි. එහෙයින් යම්සේ නම් කුළු දෙනගේ සියලු කිරි බී වැඩුණු කුළුවස්සා දමනය කරනු කැමැත්තේ දෙනගෙන් ඉවත්කොට, එක්පසෙක විශාල ටැඹක් වළලා (සිටුවා) එහි යොතින් බඳින්නේය. ඉක්බිති ඒ වස්සා, ඔබිනොබ දඟලා පැනයාමට නොහැකි වනුයේ එම ටැඹෙහිම ළංව හිඳින්නේ, ළංව වැද හෝනේ වන්නේය. එපරිද්දෙන් දීර්ඝකාලයක් රූපාදී අරමුණු රස පානය කර වැඩුණු දුෂ්ට සිත දමනය කරනු කැමැති මෙම භික්‍ෂුව විසින්, රූපාදී අරමුණුවලින් ඉවත්කොට අරණ්‍යයකට හෝ, රුක් මුලකට හෝ ශූන්‍යාගාරයකට හෝ පිවිස එහි ආශ්වාස, ප්‍රශ්වාස නමැති ටැඹෙහි සිහිය නමැති යොතින් බැඳිය යුතුය. මෙසේ ඔහුගේ එම සිත ඔබිනොබ දඟලාද, පෙර පුරුදු අරමුණු නොලබනුයේ, සිහිය නමැති යොත සිඳ, පැනය්නට නොහැකි වනුයේ, එයම අරමුණුකොට උපචාර, අර්පණා වශයෙන් ළංව හිඳින්නේද, ළංව වැදහෝනේද වේ. එහෙයින් පෞරාණිකයෝ කීහු,

“යථා ථම‍්භෙ නිබන්‍ධෙය්‍ය, වච‍්ඡං දමං නරො ඉධ; බන්‍ධෙය්‍යෙවං සකං චිත‍්තං, සතියාරම‍්මණෙ දළ‍්හ”න‍්ති. (විසුද‍්ධි· 1.217; පාරා· අට‍්ඨ· 2.165; දී· නි· අට‍්ඨ· 2.374; ම· නි· අට‍්ඨ· 1.107) –

යථා ථම්භෙ නිබන්‍ධෙය්‍ය - වච්ඡං දම්මං නරො ඉධ, බන්‍ධෙය්‍යෙවං සකං චිත්තං - සතියාරම්මණෙ දළ්හං

මෙලොව, කුළු වසු දමනය කරන මිනිසා, යම්සේ ස්ථම්භයෙහි (කුළු වස්සා) බඳින්නේද, එසේම යෝගාවචරයා සිය සිත සිහියෙන් අරමුණෙහි දැඩිව බඳින්නේය.

එවමස‍්ස තං සෙනාසනං භාවනානුරූපං හොති. අථ වා යස‍්මා ඉදං කම‍්මට‍්ඨානප‍්පභෙදෙ මුද‍්ධභූතං සබ‍්බබුද‍්ධපච‍්චෙකබුද‍්ධබුද‍්ධසාවකානං විසෙසාධිගමදිට‍්ඨධම‍්මසුඛවිහාරපදට‍්ඨානං ආනාපානස‍්සතිකම‍්මට‍්ඨානං ඉත්‍ථිපුරිසහත්‍ථිඅස‍්සාදිසද‍්දසමාකුලං ගාමන‍්තං අපරිච‍්චජිත්‍වා න සුකරං භාවෙතුං සද‍්දකණ‍්ටකත‍්තා ඣානස‍්ස. අගාමකෙ පන අරඤ‍්ඤෙ සුකරං යොගාවචරෙන ඉදං කම‍්මට‍්ඨානං පරිග‍්ගහෙත්‍වා ආනාපානචතුක‍්කජ‍්ඣානං නිබ‍්බත‍්තෙත්‍වා තදෙව පාදකං කත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසිත්‍වා අග‍්ගඵලං අරහත‍්තං පාපුණිතුං. තස‍්මා තස‍්ස අනුරූපං සෙනාසනං උපදිසන‍්තො භගවා “අරඤ‍්ඤගතො වා”තිආදිමාහ, තථෙව ථෙරො.

මෙසේ ඔහුට එම සෙනස්න භාවනාවට යෝග්‍ය වේ. නොහොත් කර්මස්ථාන ප්‍රභේදයන්හි මුදුන වූ (ප්‍රමුඛ වූ) සියලු බුදු, පසේබුදු, බුද්ධ ශ්‍රාවකයින්ගේ ධ්‍යාන මාර්ගඵලාදී, විශේෂයෙන් අධිගමයටද, ඉහාත්ම සුව විහරණයටද, ආසන්න කාරණය වූ, ආනාපාන සති කර්මස්ථානය ස්ත්‍රී, පුරුෂ, ඇත්, අස් ආදී ශබ්දයන් ගැවසීගත් ග්‍රාමාන්තය අත්නොහැර වඩන්ට පහසු නොවේ. ශබ්දය ධ්‍යානයට කටුවක් හෙයිනි. ග්‍රාමය නොවන, ආරණ්‍යයක වෙසෙන යෝගාවචරයා විසින් මෙම කර්මස්ථානය පරිග්‍රහණය කොට, ආනාපන චතුර්ථ ධ්‍යානය, නිපදවා එයම පාදකකොට, සංස්කාරයන් සම්මර්ශනය කොට අග්‍රඵලය වූ අර්හත්වයට පැමිණෙන්ට පහසුය. එහෙයින් එයට අනුරූප සෙනසුනක් පෙන්වන්නා වූ භාග්‍යවතුන් වහන්සේ අරඤ්ඤගතොවා යන ආදිය වදාළහ. තෙරහු එසේම වදාළහ.

වත්‍ථුවිජ‍්ජාචරියො විය හි භගවා, සො යථා වත්‍ථුවිජ‍්ජාචරියො නගරභූමිං පස‍්සිත්‍වා සුට‍්ඨු උපපරික‍්ඛිත්‍වා “එත්‍ථ නගරං මාපෙථා”ති උපදිසති, සොත්‍ථිනා ච නගරෙ නිට‍්ඨිතෙ රාජකුලතො මහාසක‍්කාරං ලභති, එවමෙවං යොගාවචරස‍්ස අනුරූපං සෙනාසනං උපපරික‍්ඛිත්‍වා “එත්‍ථ කම‍්මට‍්ඨානං අනුයුඤ‍්ජිතබ‍්බ”න‍්ති උපදිසති, තතො තත්‍ථ කම‍්මට‍්ඨානමනුයුත‍්තෙන යොගිනා කමෙන අරහත‍්තෙ පත‍්තෙ “සම‍්මාසම‍්බුද‍්ධො වත සො භගවා”ති මහන‍්තං සක‍්කාරං ලභති. අයං පන භික‍්ඛු “දීපිසදිසො”ති වුච‍්චති. යථා හි මහාදීපිරාජා අරඤ‍්ඤෙ තිණගහනං වා වනගහනං වා පබ‍්බතගහනං වා නිස‍්සාය නිලීයිත්‍වා වනමහිංසගොකණ‍්ණසූකරාදයො මිගෙ ගණ‍්හාති, එවමෙවං අයං අරඤ‍්ඤාදීසු කම‍්මට‍්ඨානමනුයුඤ‍්ජන‍්තො භික‍්ඛු යථාක‍්කමෙන සොතාපත‍්තිසකදාගාමිඅනාගාමිඅරහත‍්තමග‍්ගෙ චෙව අරියඵලානි ච ගණ‍්හාතීති වෙදිතබ‍්බො. තෙනාහු පොරාණා –

භාග්‍යවතුන් වහන්සේ වාස්තු විද්‍යාචාර්යයෙක් බඳුය. යම්සේ වාස්තු විද්‍යාචාර්ය තෙමේ, නගරබිම බලා, මනාව පරීක්‍ෂාකොට, මෙහි නුවර නිර්මාණය කරවු යයි හෙතෙම උපදෙස් දෙයි. ඉතා යහපත් අයුරින් නුවර නිමිකල්හි රජ කුලයෙන් මහා සත්කාර ලබයි. එපරිද්දෙන්ම යෝගාවචරයාට සුදුසු සෙනසුනක් මනාව පරීක්‍ෂාකොට, මෙහි කර්මස්ථානයෙහි යෙදිය යුතුයයි පෙන්වයි. ඉක්බිති එහි කමටහනෙහි යෙදෙන්නා වූ යෝගියා විසින්, ක්‍රමයෙන් අර්හත්වයට පත්කල්හි, ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහ්නසේ සම්‍යක් සම්බුද්ධයැයි, මහත් සත්කාර ලබති. මේ භික්‍ෂුව දිවියෙකු හා සමානයැයිද කියයි. යම්සේ වනාහි මහා දිවිරජෙකු, අරණ්‍යයෙහි, තෘණ, වන, පර්වත බහුලව පවත්නා ස්ථාන ඇසුරුකොට සැඟවී, කුළුගොණුන්, ගෝනුන්, ඌරු ආදී මෘගයින් ගනීද? එපරිද්දෙන්ම අරණ්‍යාදීන්හි කර්මස්ථානයෙහි යෙදෙන්වා වූ මෙම භික්‍ෂුව, පිළිවෙලින්, සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් මාර්ගයන් හා ඵලයන්ද ගනීනුයි දතයුතුය. එහෙයින් පෞරාණිකයෝ කීහු.

“යථාපි දීපිකො නාම, නිලීයිත්‍වා ගණ‍්හතෙ මිගෙ; තථෙවායං බුද‍්ධපුත‍්තො, යුත‍්තයොගො විපස‍්සකො; අරඤ‍්ඤං පවිසිත්‍වාන, ගණ‍්හාති ඵලමුත‍්තම”න‍්ති. (මි· ප· 6.1.5);

යථාපි දීපිකො නාම - නිලීයිත්‍වා ගණ්හතී මිගෙ, තථෙවායං බුද්ධපුත්තො - යුත්තයොගො විපස්සකො, අරඤ්ඤං පවිසිත්‍වාන - ගණ්හාති ඵල මුත්තමං

යම්සේ නම් දිවියා සැඟැවී මෘගයින් අල්ලා ගනීද? එසේම මේ භාවනා යෝගයන්හි යෙදුනා වූ, විදර්ශක බුද්ධ පුත්‍රයා අරණ්‍යයට පිවිස උතුම් ඵලය (ආර්යමාර්ග ඵල) ගනී.

තෙනස‍්ස පරක‍්කමජවයොග‍්ගභූමිං අරඤ‍්ඤසෙනාසනං දස‍්සෙන‍්තො “අරඤ‍්ඤගතො වා”තිආදිමාහ.

එහෙයින් මොහුගේ, පරාක්‍රම ජවයට යෝග්‍ය භූමිය වූ, අරණ්‍ය සේනාසනය දක්වන සේක්, අරඤ්ඤගතොවා යන ආදිය වදාළහ.

තත්‍ථ අරඤ‍්ඤගතොති උපරි වුත‍්තලක‍්ඛණං යංකිඤ‍්චි පවිවෙකසුඛං අරඤ‍්ඤං ගතො. රුක‍්ඛමූලගතොති රුක‍්ඛසමීපං ගතො. සුඤ‍්ඤාගාරගතොති සුඤ‍්ඤං විවිත‍්තොකාසං ගතො. එත්‍ථ ච ඨපෙත්‍වා අරඤ‍්ඤඤ‍්ච රුක‍්ඛමූලඤ‍්ච අවසෙසසත‍්තවිධසෙනාසනං ගතොපි “සුඤ‍්ඤාගාරගතො”ති වත‍්තුං වට‍්ටති. නවවිධඤ‍්හි සෙනාසනං. යථාහ – “සො විවිත‍්තං සෙනාසනං භජති අරඤ‍්ඤං රුක‍්ඛමූලං පබ‍්බතං කන්‍දරං ගිරිගුහං සුසානං වනපත්‍ථං අබ‍්භොකාසං පලාලපුඤ‍්ජ”න‍්ති (විභ· 508). එවමස‍්ස උතුත‍්තයානුකූලං ධාතුචරියානුකූලඤ‍්ච ආනාපානස‍්සතිභාවනානුරූපං සෙනාසනං උපදිසිත්‍වා අලීනානුද‍්ධච‍්චපක‍්ඛිකං සන‍්තමිරියාපථං උපදිසන‍්තො නිසීදතීති ආහ. අථස‍්ස නිසජ‍්ජාය දළ‍්හභාවං අස‍්සාසපස‍්සාසානං පවත‍්තනසමත්‍ථතං ආරම‍්මණපරිග‍්ගහූපායඤ‍්ච දස‍්සෙන‍්තො පල‍්ලඞ‍්කං ආභුජිත්‍වාතිආදිමාහ. තත්‍ථ පල‍්ලඞ‍්කන‍්ති සමන‍්තතො ඌරුබද‍්ධාසනං. ආභුජිත්‍වාති බන්‍ධිත්‍වා. උජුං කායං පණිධායාති උපරිමසරීරං උජුකං ඨපෙත්‍වා අට‍්ඨාරස පිට‍්ඨිකණ‍්ටකෙ කොටියා කොටිං පටිපාදෙත්‍වා. එවඤ‍්හි නිසින‍්නස‍්ස ධම‍්මමංසන‍්හාරූනි න පණමන‍්ති. අථස‍්ස යා තෙසං පණමනපච‍්චයා ඛණෙ ඛණෙ වෙදනා උප‍්පජ‍්ජෙය්‍යුං, තා න උප‍්පජ‍්ජන‍්ති. තාසු අනුප‍්පජ‍්ජමානාසු චිත‍්තං එකග‍්ගං හොති, කම‍්මට‍්ඨානං න පරිපතති, වුද‍්ධිං ඵාතිං උපගච‍්ඡති.

එහි අරඤ්ඤගතො යනු මත්තෙහි කියන ලක්‍ෂණ ඇති යම්කිසි විවේක සුව ඇති අරණ්‍යයට ගියේ, රුක්ඛමූලගතො යනු වෘක්‍ෂයක් සමීපයට ගියේ, සුඤ්ඤාගාර ගතො යනු ජනශූන්‍ය විවේකී අවකාශයට ගියේ, මෙහිද, අරණ්‍යයද, රුක්මුලද හැර, සෙසු සත්වැදෑරුම් සෙනසුනට ගියේද, ශූන්‍යාගාරගත යැයි කියන්ට සුදුසුයි. සෙනසුන් නව වැදෑරුම්ය. දෙසූ පරිදි, හෙතෙම අරණ්‍යය. රුක්මුල පර්වතය කඳුර, ගල්ලෙන, සොහොන, වනාශ්‍රමය, (අභ්‍යවකාශය) එළිමහන, පිදුරු බිස්ස යන විවේකී සෙනසුන ඇසුරු කරයි. මෙසේ මොහුට සෘතු ත්‍රයයට අනුකූල වූද ධාතු චර්යාවන්ට අනුකූල වූද, ආනාපාන සති භාවනාවට යෝග්‍ය සෙනසුන පෙන්වා, නොහැකිළුණු, නොසන්සුන් නුවූ, ශාන්ත ඉරියව්ව පෙන්වනුයේ නිසීදති හිඳීයයි වදාළහ. ඉක්බිති මොහුට හිඳීමෙහි දැඩිබව, ආශ්වාස, ප්‍රශ්වාසයන්ගේ පැවැත්මෙහි හැකියාව අරමුණු පරිග්‍රහණ උපායද දක්වනුයේ ‘පල්ලංකං ආභුජිත්‍වා’ යනාදිය වදාළහ. එහි පල්ලංකං යනු හාත්පසින් කලවා බද්ධ ආසනයයි. ආභුජිත්‍වා යනු බැඳ, උජුං කායං පණිධාය යනු මතු සිරුර සෘජුව තබා, අටළොස් පිටකටු අගින් අග එකට සිටින සේ පිළියෙල කොට, මෙසේ හුන්නහුට සම්මස් නහර නොනැමේ. ඉක්බිති ඔහුට යම් ඒවාහි නැමීම් හේතුයෙන් ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වේදනා උපදින්නේද, ඒවා නූපදී. ඒවා නොඉපදෙන කල්හි සිත එකඟ වේ. කමටහන නොවැටෙයි. අභිවෘද්ධියට, වැඩිදියුණුවට එළැඹේ.

පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වාති කම‍්මට‍්ඨානාභිමුඛං සතිං ඨපයිත්‍වා. සො සතොව අස‍්සසති සතො පස‍්සසතීති සො භික‍්ඛු එවං නිසීදිත්‍වා එවඤ‍්ච සතිං උපට‍්ඨපෙත්‍වා තං සතිං අවිජහන‍්තො සතො එව අස‍්සසති සතො පස‍්සසති, සතොකාරී හොතීති වුත‍්තං හොති.

පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා යනු කර්මස්ථානාභිමුඛව සිහිය තබා, සො සතොව අස්සති සතො පස්සසති යනු එම භික්‍ෂුව මෙසේ හිඳ, මෙසේ සිහිය මනාව පිහිටුවා, එම සිහිය අත්නොහරින්නේ, සිහියෙන්ම ආශ්වාස කරයි. සිහියෙන්ම ප්‍රශ්වාස කරයි. සිහියෙන් ක්‍රියාකාරී වේයයි යූ.සේයි.

ඉදානි යෙහි පකාරෙහි සතොකාරී හොති, තෙ පකාරෙ දස‍්සෙතුං දීඝං වා අස‍්සසන‍්තොතිආදිමාහ. තත්‍ථ දීඝං වා අස‍්සසන‍්තොති දීඝං වා අස‍්සාසං පවත‍්තයන‍්තො. තථා රස‍්සං. යා පන නෙසං දීඝරස‍්සතා, සා කාලවසෙන වෙදිතබ‍්බා. කදාචි හි මනුස‍්සා හත්‍ථිඅහිආදයො විය කාලවසෙන දීඝං අස‍්සසන‍්ති ච පස‍්සසන‍්ති ච, කදාචි සුනඛසසාදයො විය රස‍්සං. අඤ‍්ඤථා හි චුණ‍්ණවිචුණ‍්ණා අස‍්සාසපස‍්සාසා දීඝරස‍්සා නාම න හොන‍්ති . තස‍්මා තෙ දීඝං කාලං පවිසන‍්තා ච නික‍්ඛමන‍්තා ච දීඝා, රස‍්සං කාලං පවිසන‍්තා ච නික‍්ඛමන‍්තා ච රස‍්සාති වෙදිතබ‍්බා. තත්‍රායං භික‍්ඛු උපරි වුත‍්තෙහි නවහාකාරෙහි දීඝං අස‍්සසන‍්තො ච පස‍්සසන‍්තො ච දීඝං අස‍්සසාමි, පස‍්සසාමීති පජානාති, තථා රස‍්සං.

දැන් යම් ආකාරයන්ගෙන් සිහියෙන් ක්‍රියාකාරී වේද, ඒ ආකාරයෙන් දක්වන්ට, දීඝංවා අස්සසන්තො ආදිය වදාළහ. එහි දීඝං අස්සසන්තො යනු දීර්ඝව ආශ්වාස පවත්වනුයේ, රස්සං හ්‍රස්වද එසේය. ඒවා යම් දීර්ඝ හ්‍රස්වතා වේද? එය කාල වශනෙය් දතයුත්තාහ. කිසිකලෙකැ මනුෂ්‍යයෝ හස්ති, සර්ප ආදීන් මෙන් කාල වශයෙන් දීර්ඝව ආශ්වාස කරන්නාහුද, ප්‍රශ්වාස කරන්නාහුද වෙති. කිසිකලෙකැ සුනඛ, සාවුන් මෙන් හ්‍රස්වව ආශ්වාස ප්‍රශ්වාස කරති. අනෙක් ආකාරයෙන් කැඩී පොඩිවී ගිය ආශ්වාස, ප්‍රශ්වාස දීර්ඝ හ්‍රස්ව නම් නොවේ. එහෙයින් ඒවා දීර්ඝ කාලයක් පිවිසෙන්නාහුද, නික්මෙන්නාහුද, දීර්ඝය. කෙටි කාලයක් පිවිසෙන්නාහුද, නික්මෙන්නාහුද හ්‍රස්වයයි දතයුත්තාහ. එහි මේ භික්‍ෂුව මතු කියනු ලබන නවාකාරයන්ගෙන් දීර්ඝව ආශ්වාස කරනුයේද, ප්‍රශ්වාස කරනුයේද, දීඝං අස්සසාමි පස්සසාමීති පජානාති. එසේම රස්සං යන්නද යෙදිය යුතුය.

එවං පජානතො ච –

මෙසේ දැනගනුයේද,

“දීඝො රස‍්සො ච අස‍්සාසො, පස‍්සාසොපි ච තාදිසො; චත‍්තාරො වණ‍්ණා වත‍්තන‍්ති, නාසිකග‍්ගෙව භික‍්ඛුනො”ති. (විසුද‍්ධි· 1.219; පාරා· අට‍්ඨ· 2.165);

දීර්ඝ, හ්‍රස්ව, ආශ්වාස, ප්‍රශ්වාස දැයි යන සතර ආකාරයක් එබඳු වූ භික්‍ෂුවගේ නාසිකාග්‍රයෙහිම පවතී.

නවන‍්නඤ‍්චස‍්ස ආකාරානං එකෙනාකාරෙන කායානුපස‍්සනාසතිපට‍්ඨානභාවනා සම‍්පජ‍්ජතීති වෙදිතබ‍්බා. සබ‍්බකායපටිසංවෙදී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති. සබ‍්බකායපටිසංවෙදී පස‍්සසිස‍්සාමීති සික‍්ඛතීති සකලස‍්ස අස‍්සාසකායස‍්සාදිමජ‍්ඣපරියොසානං විදිතං කරොන‍්තො පාකටං කරොන‍්තො අස‍්සසිස‍්සාමීති සික‍්ඛති. සකලස‍්ස පස‍්සාසකායස‍්සාදිමජ‍්ඣපරියොසානං විදිතං කරොන‍්තො පාකටං කරොන‍්තො පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. එවං විදිතං කරොන‍්තො පාකටං කරොන‍්තො ඤාණසම‍්පයුත‍්තචිත‍්තෙන අස‍්සසති චෙව පස‍්සසති ච. තස‍්මා “අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති වුච‍්චති. එකස‍්ස හි භික‍්ඛුනො චුණ‍්ණවිචුණ‍්ණවිසටෙ (විසුද‍්ධි· 1.219; පාරා· 2.165) අස‍්සාසකායෙ, පස‍්සාසකායෙ වා ආදි පාකටො හොති, න මජ‍්ඣපරියොසානං. සො ආදිමෙව පරිග‍්ගහෙතුං සක‍්කොති, මජ‍්ඣපරියොසානෙ කිලමති. එකස‍්ස මජ‍්ඣං පාකටං හොති, න ආදිපරියොසානං. සො මජ‍්ඣමෙව පරිග‍්ගහෙතුං සක‍්කොති, ආදිපරියොසානෙ කිලමති. එකස‍්ස පරියොසානං පාකටං හොති, න ආදිමජ‍්ඣං. සො පරියොසානංයෙව පරිග‍්ගහෙතුං සක‍්කොති, ආදිමජ‍්ඣෙ කිලමති. එකස‍්ස සබ‍්බං පාකටං හොති, සො සබ‍්බම‍්පි පරිග‍්ගහෙතුං සක‍්කොති , න කත්‍ථචි කිලමති. තාදිසෙන භවිතබ‍්බන‍්ති දස‍්සෙන‍්තො ආහ – “සබ‍්බකායපටිසංවෙදී”තිආදි.

ඔහුට නව ආකාරයන් අතර, එක් ආකාරයකින් කායානුපස්සනා සතිපට්ඨාන භාවනාව සම්පූර්ණ වේයයි දතයුත්තාහ. සබ්බකාය පටිසංවෙදි අස්සසිස්සාමීති සික්ඛති, සබ්බකාය පටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති යන සියලු ආශ්වාස, කායයාගේ මුල, මැද, කෙළවර දැනුවත් කරනුයේ, ප්‍රකට කරනුයේ ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සියලු ප්‍රශ්වාස කායයාගේ මුල, මැද, කෙළවර දැනුවත් කරනුයේ, ප්‍රකට කරනුයේ, ඤාණ සම්ප්‍රයුක්ත සිතින් ආශ්වාසද, ප්‍රශ්වාසද කරයි. එහෙයින් ආශ්වාස කරන්නෙමි. ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි යයි යූ.සේයි. ඇතැම් භික්‍ෂුවකට වනාහි, සුණු විසුණු වී, පැතිරී ගිය ආශ්වාස කායයෙහිද ප්‍රශ්වාස කායයෙහි හෝ මුල ප්‍රකට වේ. මධ්‍යය හා කෙළවර ප්‍රකට නොවේ. ඔහුට මුල් අවස්ථාවම පරිග්‍රහණය කරන්ට හැකිවෙයි. මධ්‍ය හා අවසානයෙහි ක්ලාන්ත වේ. ඇතමෙකුට මධ්‍යය ප්‍රකට වේ. මුල හා අග ප්‍රකට නොවේ. ඔහුට මධ්‍යයම පරිග්‍රහණය කරන්ට හැකිවේ. මුල හා කෙළවරෙහි ක්ලාන්ත වේ. ඇතැමෙකුට කෙළවර ප්‍රකට වේ. මුල හා මැද ප්‍රකට නොව්. ඔහුට අවසානයම පරිග්‍රහණය කරන්ට හැකිවේ. මුල හා මැද ක්ලාන්ත වේ. ඇතැමෙකුට සියල්ලම ප්‍රකට වේ. ඔහුට සියල්ලම පරිග්‍රහණය කරන්ට හැකිවේ. කිසිතැනෙක ක්ලාන්ත නොවේ. එබඳු අයෙකු මෙන් විය යුතුයයි දක්වනුයේ, සබ්බකාය පටිසංවෙදී යනාදිය වදාළහ.

තත්‍ථ සික‍්ඛතීති එවං ඝටති වායමති. යො වා තථාභූතස‍්ස සංවරො, අයමෙත්‍ථ අධිසීලසික‍්ඛා. යො තථාභූතස‍්ස සමාධි, අයං අධිචිත‍්තසික‍්ඛා. යා තථාභූතස‍්ස පඤ‍්ඤා, අයං අධිපඤ‍්ඤාසික‍්ඛාති ඉමා තිස‍්සො සික‍්ඛායො තස‍්මිං ආරම‍්මණෙ තාය සතියා තෙන මනසිකාරෙන සික‍්ඛති ආසෙවති භාවෙති බහුලීකරොතීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. තත්‍ථ යස‍්මා පුරිමනයෙන කෙවලං අස‍්සසිතබ‍්බං පස‍්සසිතබ‍්බමෙව ච, න අඤ‍්ඤං කිඤ‍්චි කාතබ‍්බං, ඉතො පට‍්ඨාය පන ඤාණුප‍්පාදනාදීසු යොගො කරණීයො. තස‍්මා තත්‍ථ “අස‍්සසාමීති පජානාති පස‍්සසාමීති පජානාති”ච‍්චෙව වත‍්තමානකාලවසෙන පාළිං වත්‍වා ඉතො පට‍්ඨාය කත‍්තබ‍්බස‍්ස ඤාණුප‍්පාදනාදිනො ආ-කාරස‍්ස දස‍්සනත්‍ථං “සබ‍්බකායපටිසංවෙදී අස‍්සසිස‍්සාමී”තිආදිනා නයෙන අනාගතකාලවසෙන පාළි ආරොපිතාති වෙදිතබ‍්බා.

එහි සික්ඛති යනු උත්සාහ කෙරේ. ව්‍යායාම කෙරේ. යම් ආකාර එබඳු සංවරයක් වේද, මෙහි මේ අධිශීල ශික්‍ෂාවයි. යම් ආකාර එබඳු සමාධියක් වේද, මේ අධිචිත්ත ශික්‍ෂාවයි. යම් ආකාර එබඳු ප්‍රඥාවක් වන්නීද? මේ අධිප්‍රඥා ශික්‍ෂාව වන්නීය. මේ ත්‍රිවිධ ශික්‍ෂාවෝ, එම අරමුණෙහි, ඒ සිහියෙන්, ඒ මනසිකාරයෙන් හික්මෙයි. සේවනය කරයි. වඩයි. බහුල කෙරේනුයි මෙසේ මෙහි අර්ථය දතයුතුය. එහි පළමු ක්‍රමයෙන් හුදෙක් ආශ්වාස කළයුතුය. ප්‍රශ්වාස කළයුතුමය අන් කිසිවක් නොකටයුතුය. මෙතැන් පටන් ඤාණෝත්පාදනාදීන්හි යෙදීම් කළයුතුය. එහෙයින් එහි ආශ්වාස කෙරෙමියි දනියි. ප්‍රශ්වාස කෙරෙමියි දනියි යයි වර්තමාන කාල වශයෙන් පෙළෙහි කියා මෙතැන් පටන් කළයුතු ඤාණොත්පාදනාදී ආකාරයාගේ දැක්වීම සඳහා, ‘සබ්බකාය පටිසංවෙදී අස්සසිස්සාමී’ යන ආදී ක්‍රමයෙන් අනාගත කාල වශයෙන් පෙළෙහි නංවන ලදැයි දතයුත්තාහ.

පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං…පෙ… සික‍්ඛතීති ඔළාරිකං අස‍්සාසපස‍්සාසසඞ‍්ඛාතං කායසඞ‍්ඛාරං පස‍්සම‍්භෙන‍්තො පටිප‍්පස‍්සම‍්භෙන‍්තො නිරොධෙන‍්තො වූපසමෙන‍්තො අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛති.

පස්සම්භයං කාය සංඛාරං -පෙ- සික්ඛති යනු දළ ආශ්වාස, ප්‍රශ්වාස සංඛ්‍යාත කාය සංස්කාර සංසිඳවනුයේ, යටපත් කරනුයේ, නිරුද්ධ කරනුයේ, ව්‍යපශමනය කරනුයේ ආශ්වාස කරන්නෙමි. ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.

තත්‍රෙවං ඔළාරිකසුඛුමතා ච පස‍්සද‍්ධි ච වෙදිතබ‍්බා – ඉමස‍්ස හි භික‍්ඛුනො පුබ‍්බෙ අපරිග‍්ගහිතකාලෙ කායො ච චිත‍්තඤ‍්ච සදරථා හොන‍්ති ඔළාරිකා. කායචිත‍්තානං ඔළාරිකත‍්තෙ අවූපසන‍්තෙ අස‍්සාසපස‍්සාසාපි ඔළාරිකා හොන‍්ති, බලවතරා හුත්‍වා පවත‍්තන‍්ති, නාසිකා නප‍්පහොති, මුඛෙන අස‍්සසන‍්තොපි පස‍්සසන‍්තොපි තිට‍්ඨති. යදා පනස‍්ස කායොපි චිත‍්තම‍්පි පරිග‍්ගහිතා හොන‍්ති, තදා තෙ සන‍්තා හොන‍්ති වූපසන‍්තා. තෙසු වූපසන‍්තෙසු අස‍්සාසපස‍්සාසා සුඛුමා හුත්‍වා පවත‍්තන‍්ති, “අත්‍ථි නු ඛො, නත්‍ථී”ති විචෙතබ‍්බාකාරප‍්පත‍්තා හොන‍්ති. සෙය්‍යථාපි පුරිසස‍්ස ධාවිත්‍වා පබ‍්බතා වා ඔරොහිත්‍වා මහාභාරං වා සීසතො ඔරොපෙත්‍වා ඨිතස‍්ස ඔළාරිකා අස‍්සාසපස‍්සාසා හොන‍්ති, නාසිකා නප‍්පහොති, මුඛෙන අස‍්සසන‍්තොපි පස‍්සසන‍්තොපි තිට‍්ඨති. යදා පනෙස තං පරිස‍්සමං විනොදෙත්‍වා න‍්හත්‍වා ච පිවිත්‍වා ච අල‍්ලසාටකං හදයෙ කත්‍වා සීතාය ඡායාය නිපන‍්නො හොති, අථස‍්ස තෙ අස‍්සාසපස‍්සාසා සුඛුමා හොන‍්ති “අත්‍ථි නු ඛො, නත්‍ථී”ති විචෙතබ‍්බාකාරප‍්පත‍්තා, එවමෙවං ඉමස‍්ස භික‍්ඛුනො අපරිග‍්ගහිතකාලෙති විත්‍ථාරෙතබ‍්බං. තථා හිස‍්ස පුබ‍්බෙ අපරිග‍්ගහිතකාලෙ “ඔළාරිකොළාරිකෙ කායසඞ‍්ඛාරෙ පස‍්සම‍්භෙමී”ති ආභොගසමන‍්නාහාරමනසිකාරො නත්‍ථි, පරිග‍්ගහිතකාලෙ පන අත්‍ථි. තෙනස‍්ස අපරිග‍්ගහිතකාලතො පරිග‍්ගහිතකාලෙ කායසඞ‍්ඛාරො සුඛුමො හොති. තෙනාහු පොරාණා –

මෙසේ එහි දළ, සියුම් බවද සංසිඳීමද දතයුත්තාහ. මේ භික්‍ෂුවගේ පෙර පරිග්‍රහණය නොකළ කල්හි, කය ද සිත ද දාහ සහිත දළ වෙති. කාය චිත්තයන්ගේ දළ බව නොසන්සුන් කල්හි ආශ්වාස, ප්‍රශ්වාසද දළ වේ. බලවත්ව පවතී. නැහැය ප්‍රමාණවත් නොවේ. මුඛයෙන් ආශ්වාස කරනුයේද ප්‍රශ්වාස කරනුයේද (කරමින්ද) සිටියි. යම්කලෙක වනාහි ඔහුගේ කයද, සිතද පරිගෘහිත වේද එකල්හි ඒවා ශාන්ත වූවාහු සන්සිඳුනාහු වෙති. ඒවා සන්සුන් කල්හි ආශ්වාස ප්‍රශ්වාස සියුම්ව පවතී. ඇත්ද නැත්දැයි සෙවිය යුතු ආකාරයට පැමිණියාහු වෙති. යම්සේ වනාහි, ධාවනය කොට, කන්දකින් බැස, මහ බරක් හිසින් බිම තබා සිටි පුරුෂයාට දළ ආශ්වාස ප්‍රශ්වාස වේද, නැහැය නොපොහොනේ වේද, මුඛයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරනුයේ සිටියි. යම්කලෙකැ මෙතෙමේ ඒ පරිශ්‍රමය දුරුකොට, ස්නානය කොට, දිය බී, තෙත් වස්ත්‍රයක් පපුව මත තබා සිසිල් සෙවනක වැදහොත්තේ වේද, එකල්හි ඔහුගේ ඒ ආශ්වාස-ප්‍රශ්වාස සියුම් වේ, ඇත්ද, නැත්දැයි සෙවිය යුතු ආකාරයට පැමිණියාහු වෙති. එපරිද්දෙන්ම මෙම භික්‍ෂුවගේ අපරිගෘහිත කාලයෙහි යැයි විස්තර කළයුතුය. එසේම ඔහුට පෙර පරිග්‍රහණය නොකළ කාලයෙහි දළ දළ කාය, සංස්කාර සංසිඳවමියි, සිතාබැලීම්, එක්තැන් කිරීම් පිළිබඳ මෙනෙහි කිරීමක් නැත. පරිග්‍රහණය කළ කල්හි (අල්ලාගත්) ඇත. එහෙයින් ඔහු පරිග්‍රහණය නොකළ කාලයට වඩා පරිග්‍රහණය කළ කල්හි කාය සංස්කාර සියුම් වේ. එහෙයින් පෞරාණිකයෝ කීහු:-

“සාරද‍්ධෙ කායෙ චිත‍්තෙ ච, අධිමත‍්තං පවත‍්තති; අසාරද‍්ධම‍්හි කායම‍්හි, සුඛුමං සම‍්පවත‍්තතී”ති. (විසුද‍්ධි· 1.220; පාරා· අට‍්ඨ· 2.165);

සාරද්ධෙ කායෙ චිත්තෙච - අධිමත්තං පවත්තති, අසාරද්ධම්හි කායම්හි - සුඛුමං සම්පවත්තති

දාහ සහිත කයෙහිද සිතෙහිද අධිමාත්‍රව පවතී, දාහ රහිත කයෙහි සියුම්ව පවතී.

පරිග‍්ගහෙපි ඔළාරිකො, පඨමජ‍්ඣානූපචාරෙ සුඛුමො. තස‍්මිම‍්පි ඔළාරිකො, පඨමජ‍්ඣානෙ සුඛුමො. පඨමජ‍්ඣානෙ ච දුතියජ‍්ඣානූපචාරෙ ච ඔළාරිකො, දුතියජ‍්ඣානෙ සුඛුමො. දුතියජ‍්ඣානෙ ච තතියජ‍්ඣානූපචාරෙ ච ඔළාරිකො, තතියජ‍්ඣානෙ සුඛුමො. තතියජ‍්ඣානෙ ච චතුත්‍ථජ‍්ඣානූපචාරෙ ච ඔළාරිකො, චතුත්‍ථජ‍්ඣානෙ අතිසුඛුමො අප‍්පවත‍්තිමෙව පාපුණාති. ඉදං තාව දීඝභාණකසංයුත‍්තභාණකානං මතං.

පරිග්‍රහණයෙහිද දළය. ප්‍රථම ධ්‍යානොපචාරයෙහි සියුම්ය. එහිද දළය. ප්‍රථමධ්‍යානයෙහි සියුම්ය. ප්‍රථමධ්‍යානයෙහිද ද්විතීය ධ්‍යාන උපචාරයෙහි දළය. ද්විතීය ධ්‍යානයෙහි සියුම්ය. ද්විතීයධ්‍යානයෙහිද, තෘතීය ධ්‍යාන උපචාරයෙහිද දළය. තෘතීය ධ්‍යානයෙහි සියුම්ය. තෘතීය ධ්‍යානයෙහිද චතුර්ථ ධ්‍යාන උපචාරයෙහිද දළය. චතුර්ථ ධ්‍යානයෙහි අති සියුම්ය. නො පැවැත්මටම පැමිණේ. මෙය දීඝභාණක, සංයුක්ත භාණකයින්ගේ මතයයි.

මජ‍්ඣිමභාණකා පන “පඨමජ‍්ඣානෙ ඔළාරිකො, දුතියජ‍්ඣානූපචාරෙ සුඛුමො”ති එවං හෙට‍්ඨිමහෙට‍්ඨිමජ‍්ඣානතො උපරූපරිජ‍්ඣානූපචාරෙපි සුඛුමතරං ඉච‍්ඡන‍්ති. සබ‍්බෙසංයෙව පන මතෙන අපරිග‍්ගහිතකාලෙ පවත‍්තකායසඞ‍්ඛාරො පරිග‍්ගහිතකාලෙ පටිප‍්පස‍්සම‍්භති, පරිග‍්ගහිතකාලෙ පවත‍්තකායසඞ‍්ඛාරො පඨමජ‍්ඣානූපචාරෙ…පෙ… චතුත්‍ථජ‍්ඣානූපචාරෙ පවත‍්තකායසඞ‍්ඛාරො චතුත්‍ථජ‍්ඣානෙ පටිප‍්පස‍්සම‍්භති. අයං තාව සමථෙ නයො.

මජ්ඣිම භාණකයෝ වනාහි, ප්‍රථමධ්‍යානයෙහි දළය. ද්විතීයධ්‍යාන උපචාරයෙහි සියුම්යයි. මෙසේ යට යට ධ්‍යානයෙන් මතු මතු ධ්‍යාන උපචාරයන්හි අති සියුම් බව කැමැති වෙති. සියල්ලන්ගේම මතයෙන් වනාහි පරිග්‍රහණය නොකළ කල්හි පැවැති කාය සංස්කාර පරිග්‍රහණය කළ කල්හි යටපත් වෙයි. පරිග්‍රහණය කළ කල්හි පැවැති කාය සංස්කාර ප්‍රථම ධ්‍යානොපචාරයෙහි -පෙ- චතුර්ථ ධ්‍යානොපචාරයෙහි පැවැති කාය සංස්කාර චතුර්ථ ධ්‍යානයෙහිදී යටපත් වෙයි. මෙය සමථ ක්‍රමයයි.

විපස‍්සනායං පන අපරිග‍්ගහිතකාලෙ පවත‍්තකායසඞ‍්ඛාරො ඔළාරිකො, මහාභූතපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, උපාදාරූපපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, සකලරූපපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, අරූපපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, රූපාරූපපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, පච‍්චයපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, සප‍්පච‍්චයනාමරූපදස‍්සනෙ සුඛුමො. සොපි ඔළාරිකො, ලක‍්ඛණාරම‍්මණික විපස‍්සනාය සුඛුමො. සොපි දුබ‍්බලවිපස‍්සනාය ඔළාරිකො, බලවවිපස‍්සනාය සුඛුමො. තත්‍ථ පුබ‍්බෙ වුත‍්තනයෙනෙව පුරිමස‍්ස පුරිමස‍්ස පච‍්ඡිමෙන පච‍්ඡිමෙන පටිප‍්පස‍්සද‍්ධි වෙදිතබ‍්බා. එවමෙත්‍ථ ඔළාරිකසුඛුමතා පටිප‍්පස‍්සද‍්ධි ච වෙදිතබ‍්බා. අයං තාවෙත්‍ථ කායානුපස‍්සනාවසෙන වුත‍්තස‍්ස පඨමචතුක‍්කස‍්ස අනුපුබ‍්බපදවණ‍්ණනා.

විදර්ශනාව පරිග්‍රහණය නොකළ කල්හි, පැවැති කාය සංස්කාර දළය. මහාභූත පරිග්‍රහණයෙහි සියුම්ය. එයද දළ උපාදාරූප පරිග්‍රහණයෙහි සියුම්ය. එයද දළය. සියලු රූප පරිග්‍රහණයෙහි සියුම්ය. එයද දළය. අරූප පරිග්‍රහණයෙහි සියුම්ය. එයද දළය. රූප අරූප පරිග්‍රණයෙහි සියුම්ය. එයද දළය. ප්‍රත්‍යය පරිග්‍රහණයෙහි සියුම්ය. එයද දළය. ප්‍රත්‍යය සහිත නාමරූප දර්ශනයෙහි සියුම්ය. එයද දළය. ලක්‍ෂණාරම්මණික විදර්ශනාවෙහි සියුම්ය. එයද දුර්වල විදර්ශනාවෙහි දළය. බලවත් විදර්ශනාවෙහි සියුම්ය. එහි පෙර කියන ලද ක්‍රමයෙන්ම පළමු පළමු අංගයන්ට පසු පසු අංගයන්ගෙන් සංසිඳීම දතයුත්තාහ. මෙසේ මෙහි දළ සියුම් බවද, සංසිඳීමද දතයුත්තාහ. මේ මෙහි කායානුපස්සනා වශයෙන් කියන ලද ප්‍රථම චතුෂ්කයෙහි අනුපිළිවෙල පද වර්ණනාවයි.

යස‍්මා පනෙත්‍ථ ඉදමෙව චතුක‍්කං ආදිකම‍්මිකස‍්ස කම‍්මට‍්ඨානවසෙන වුත‍්තං, ඉතරානි පන තීණි චතුක‍්කානි එත්‍ථ පත‍්තජ‍්ඣානස‍්ස වෙදනාචිත‍්තධම‍්මානුපස‍්සනාවසෙන, තස‍්මා ඉමං කම‍්මට‍්ඨානං භාවෙත්‍වා ආනාපානචතුක‍්කජ‍්ඣානපදට‍්ඨානාය විපස‍්සනාය සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිතුකාමෙන ආදිකම‍්මිකෙන කුලපුත‍්තෙන විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තනයෙන සීලපරිසොධනාදීනි සබ‍්බකිච‍්චානි කත්‍වා සත‍්තඞ‍්ගසමන‍්නාගතස‍්ස ආචරියස‍්ස සන‍්තිකෙ පඤ‍්චසන්‍ධිකං කම‍්මට‍්ඨානං උග‍්ගහෙතබ‍්බං. තත්‍රිමෙ පඤ‍්ච සන්‍ධයො උග‍්ගහො පරිපුච‍්ඡා උපට‍්ඨානං අප‍්පනා ලක‍්ඛණන‍්ති. තත්‍ථ උග‍්ගහො නාම කම‍්මට‍්ඨානස‍්ස උග‍්ගණ‍්හනං. පරිපුච‍්ඡා නාම කම‍්මට‍්ඨානස‍්ස පරිපුච‍්ඡනං. උපට‍්ඨානං නාම කම‍්මට‍්ඨානස‍්ස උපට‍්ඨානං. අප‍්පනා නාම කම‍්මට‍්ඨානස‍්ස අප‍්පනා. ලක‍්ඛණං නාම කම‍්මට‍්ඨානස‍්ස ලක‍්ඛණං, “එවං ලක‍්ඛණමිදං කම‍්මට‍්ඨාන”න‍්ති කම‍්මට‍්ඨානසභාවූපධාරණන‍්ති වුත‍්තං හොති.

මෙහි මෙම චතුෂ්කය ආදි කර්මිකයාගේ කර්මස්ථාන වශයෙන් යූ.සේයි. අනෙක් ත්‍රිවිධ චතුෂ්කයන් ධ්‍යානප්‍රාප්තයාගේ, වේදනා, චිත්ත ධර්මානුපස්සනා වශයෙනි. එහෙයින් මෙම කර්මස්ථානය වඩා ආනාපාන චතුර්ථ ධ්‍යානය ආසන්න කාරණයකොට විදර්ශනාවෙන් සිව්පිළිසිඹියා සමග අර්හත්වයට පැමිණෙන කැමති ආදිකර්මික කුලපුත්‍රයා විසින් විශුද්ධි මාර්ගයෙහි කියන ලද ක්‍රමයෙන් සිල් පිරිසිදු කිරීම් ආදී සියලු කෘත්‍යයන් කොට සප්තාංග සමන්විත ගුරුවරයාගේ සමීපයෙහි පංචසන්ධික කර්මස්ථානය උගත යුතුය. එහි මෙම පඤ්ච සන්‍ධීහුය. උග්ගහ, පරිපුච්ඡා, උපට්ඨාන, අප්පණා, ලක්ඛණං යනුයි. එහි ‘උග්ගහ’ නම් කර්මස්ථානයෙහි ඉගෙනීමයි. ‘පරිපුච්ඡා’ නම් කර්මස්ථානය පිළිබඳව විමැසීමයි. ‘උපට්ඨාන’ නම්, කර්මස්ථානය පිළිබඳ වැටහීමයි. ‘අර්පණා’ නම් කර්මස්ථානයට පැමිණීම, ‘ලක්ඛණ’ නම් කර්මස්ථානයෙහි ලක්‍ෂණයි. මෙම කර්මස්ථානය මෙවන් ලක්‍ෂණයැයි කර්මස්ථාන ස්වභාවය සලකා බැලීම යැයි යූ.සේයි.

එවං පඤ‍්චසන්‍ධිකං කම‍්මට‍්ඨානං උග‍්ගණ‍්හන‍්තො අත‍්තනාපි න කිලමති, ආචරියම‍්පි න විහෙසෙති. තස‍්මා ථොකං උද‍්දිසාපෙත්‍වා බහුං කාලං සජ‍්ඣායිත්‍වා එවං පඤ‍්චසන්‍ධිකං කම‍්මට‍්ඨානං උග‍්ගහෙත්‍වා ආචරියස‍්ස සන‍්තිකෙ වා අඤ‍්ඤත්‍ථ වා අට‍්ඨාරස දොසයුත‍්තෙ විහාරෙ වජ‍්ජෙත්‍වා පඤ‍්චඞ‍්ගසමන‍්නාගතෙ සෙනාසනෙ වසන‍්තෙන උපච‍්ඡින‍්නඛුද‍්දකපලිබොධෙන කතභත‍්තකිච‍්චෙන භත‍්තසම‍්මදං පටිවිනොදෙත්‍වා සුඛනිසින‍්නෙන රතනත‍්තයගුණානුස‍්සරණෙන චිත‍්තං සම‍්පහංසෙත්‍වා ආචරියුග‍්ගහතො එකපදම‍්පි අපරිහාපෙන‍්තෙන ඉදං ආනාපානස‍්සතිකම‍්මට‍්ඨානං මනසි කාතබ‍්බං. තත්‍රායං මනසිකාරවිධි –

මෙසේ පංචසන්‍ධික කර්මස්ථානය ඉගෙන ගනුයේ තමාද වෙහෙස නොවෙයි. ගුරුවරයාද වෙහෙස නොවේ. මෙසේ මඳක් කියවා, බොහෝ කලක් සජ්ඣායනා කොට, මෙසේ පඤ්චසන්‍ධික කර්මස්ථානය ගුරවරයාගේ සමීපයෙහි හෝ අන් තැනක හෝ උගෙන, අටළොස් දෝෂ යුක්ත විහාරයන් දුරුකොට කරුණු පසෙකින් යුත්, සෙනසුනෙහි වසමින් විනාශ කරන ලද කුඩා පළිබෝධ ඇත්තේ, කරන ලද බත්කිස ඇත්තේ බත් මත දුරුකොට සුවසේ හිඳ, රත්නත්‍රය ගුණ සිහි කිරීමෙන් සිත මනාව සතුටුකොට, ගුරුවරයාගෙන් උගත්, එක් පදයක් හෝ නොපිරිහෙළනුයේ මෙම ආනාපාන සති කර්මස්ථානය මෙනෙහි කළයුතුය. එහි මේ මෙනෙහි කිරීම් ක්‍රමයයි.

“ගණනා අනුබන්‍ධනා, ඵුසනා ඨපනා සල‍්ලක‍්ඛණා; විවට‍්ටනා පාරිසුද‍්ධි, තෙසඤ‍්ච පටිපස‍්සනා”ති.

ගණනා අනුබන්‍ධනා - ඵුසනා ඨපනා සල්ලක්ඛණා, විවට්ටනා පාරිසුද්ධි - තෙසඤ්ච පටිපස්සනාති

තත්‍ථ ගණනාති ගණනායෙව. අනුබන්‍ධනාති අනුගමනා. ඵුසනාති ඵුට‍්ඨට‍්ඨානං. ඨපනාති අප‍්පනා. සල‍්ලක‍්ඛණාති විපස‍්සනා. විවට‍්ටනාති මග‍්ගො. පාරිසුද‍්ධීති ඵලං. තෙසඤ‍්ච පටිපස‍්සනාති පච‍්චවෙක‍්ඛණා.

එහි ගණන යනු, ගණන් කිරීමය. අනුබන්‍ධනා යනු අනුගමනයයි. ඵුසනා යනු ස්පර්ශ කළ ස්ථානයයි. ඨපනා යනු අර්පණාවයි. සල්ලක්ඛණා යනු විදර්ශනාවයි. විවට්ටනා යනු මාර්ගයයි. පාරිසුද්ධි යනු ඵලයයි. තෙසඤ්ච පටිපස්සනා යනු ප්‍රත්‍යවේක්‍ෂණයයි.

තත්‍ථ ඉමිනා ආදිකම‍්මිකෙන කුලපුත‍්තෙන පඨමං ගණනාය ඉදං කම‍්මට‍්ඨානං මනසි කාතබ‍්බං. ගණෙන‍්තෙන පන පඤ‍්චන‍්නං හෙට‍්ඨා න ඨපෙතබ‍්බං, දසන‍්නං උපරි න නෙතබ‍්බං, අන‍්තරා ඛණ‍්ඩං න දස‍්සෙතබ‍්බං. පඤ‍්චන‍්නං හෙට‍්ඨා ඨපෙන‍්තස‍්ස හි සම‍්බාධෙ ඔකාසෙ චිත‍්තුප‍්පාදො විප‍්ඵන්‍දති සම‍්බාධෙ වජෙ සන‍්නිරුද‍්ධගොගණො විය. දසන‍්නං උපරි නෙන‍්තස‍්ස ගණනනිස‍්සිතොව චිත‍්තුප‍්පාදො හොති. අන‍්තරා ඛණ‍්ඩං දස‍්සෙන‍්තස‍්ස “සිඛාප‍්පත‍්තං නු ඛො මෙ කම‍්මට‍්ඨානං, නො”ති චිත‍්තං විකම‍්පති, තස‍්මා එතෙ දොසෙ වජ‍්ජෙත්‍වා ගණෙතබ‍්බං.

එහි මේ ආදිකර්මික කුලපුත්‍රයා විසින් ප්‍රථමයෙන් ගණන් කිරීමෙන් මෙම කර්මස්ථානය මෙනෙහි කළ යුතුය. ගණන් කරනුනහු විසින් පහකින් යට නොතැබිය යුතුය. දසයකින් මත්තෙහි ගෙන නොයා යුතුය. අතරතුර කැඩීමක් නොදැක්විය යුතුය. පහකින් යට තබන කල්හි බාධක සහිත අවකාශයෙහි චිත්තෝත්පාද දඟලයි. බාධා සහිත ගාලෙහි අවහිර වූ ගව සමූහයා මෙන්, දසයකින් මත්තෙහි ගෙනයන්නහුට ගණන් නිශ්‍රිත චිත්තෝත්පාද වෙයි. අතර කැඩීගිය බැව් දකින්නට මාගේ කර්මස්ථානය මස්තකප්‍රාප්ත වූයේද, නොවූයේදැයි සිත කම්පනයට පත්වේ. එහෙයින් එම දෝෂයන් දුරුකොට ගණන් කළයුතුය.

ගණෙන‍්තෙන ච පඨමං දන්‍ධගණනාය ධඤ‍්ඤමාපකගණනාය ගණෙතබ‍්බං. ධඤ‍්ඤමාපකො හි නාළිං පූරෙත්‍වා “එක”න‍්ති වත්‍වා ඔකිරති, පුන පූරෙන‍්තො කිඤ‍්චි කචවරං දිස‍්වා ඡඩ‍්ඩෙන‍්තො “එකං එක”න‍්ති වදති. එසෙව නයො ද‍්වෙ ද‍්වෙතිආදීසු. එවමෙවං ඉමිනාපි අස‍්සාසපස‍්සාසෙසු යො උපට‍්ඨාති, තං ගහෙත්‍වා “එකං එක”න‍්තිආදිං කත්‍වා යාව “දස දසා”ති පවත‍්තමානං පවත‍්තමානං උපලක‍්ඛෙත්‍වාව ගණෙතබ‍්බං. තස‍්ස එවං ගණයතො නික‍්ඛමන‍්තා ච පවිසන‍්තා ච අස‍්සාසපස‍්සාසා පාකටා හොන‍්ති.

ගණන් කරන්නහු විසින්ද පළමුව මන්‍දගාමි ගණන් කිරීමෙන් ධාන්‍ය මනින ගණන් කිරීමෙන් ගණන් කළයුතුය. ධාන්‍ය මනින්නා නැළිය පුරවා එකයයි කියා භාජනයකට දමයි. නැවත පුරවනුයේ කිසි කසල ද්‍රව්‍යයක් දැක ඉවත දමන්නේ, එකයි, එකයි යනුවෙන් කියයි. දෙක, දෙක ආදීන්හිද එම ක්‍රමයමැයි. එපරිද්දෙන් මොහු විසින්ද ආශ්වාස ප්‍රශ්වාසයන්හි යමක් වැටහේද, එය ගෙන එකයි, එකයි ආදීකොට, දහය දහය දක්වා පවත්නා වූ පවත්නා වූම ආශ්වාස ප්‍රශ්වාසයන් සලකා ගණන් කළ යුතුය. ඔහුට මෙසේ ගණන් කරන කල්හි නික්මෙන්නා වූද, පිවිසෙන්නා වූද ආශ්වාස ප්‍රශ්වාස ප්‍රකට වෙයි.

අථානෙන තං දන්‍ධගණනං ධඤ‍්ඤමාපකගණනං පහාය සීඝගණනාය ගොපාලකගණනාය ගණෙතබ‍්බං. ඡෙකො හි ගොපාලකො සක‍්ඛරාදයො උච‍්ඡඞ‍්ගෙන ගහෙත්‍වා රජ‍්ජුදණ‍්ඩහත්‍ථො පාතොව වජං ගන‍්ත්‍වා ගාවො පිට‍්ඨියං පහරිත්‍වා පලිඝත්‍ථම‍්භමත්‍ථකෙ නිසින‍්නො ද‍්වාරං පත‍්තං පත‍්තංයෙව ගාවං “එකො ද‍්වෙ”ති සක‍්ඛරං ඛිපිත්‍වා ඛිපිත්‍වා ගණෙති. තියාමරත‍්තිං සම‍්බාධෙ ඔකාසෙ දුක‍්ඛං වුත්‍ථගොගණො නික‍්ඛමන‍්තො අඤ‍්ඤමඤ‍්ඤං උපනිඝංසන‍්තො වෙගෙන වෙගෙන පුඤ‍්ජපුඤ‍්ජො හුත්‍වා නික‍්ඛමති. සො වෙගෙන වෙගෙන “තීණි චත‍්තාරි පඤ‍්ච දසා”ති ගණෙතියෙව, එවමස‍්සාපි පුරිමනයෙන ගණයතො අස‍්සාසපස‍්සාසා පාකටා හුත්‍වා සීඝං සීඝං පුනප‍්පුනං සඤ‍්චරන‍්ති. තතො තෙන “පුනප‍්පුනං සඤ‍්චරන‍්තී”ති ඤත්‍වා අන‍්තො ච බහි ච අග‍්ගහෙත්‍වා ද‍්වාරප‍්පත‍්තං ද‍්වාරප‍්පත‍්තංයෙව ගහෙත්‍වා “එකො ද‍්වෙ තීණි චත‍්තාරි පඤ‍්ච, එකො ද‍්වෙ තීණි චත‍්තාරි පඤ‍්ච ඡ, එකො ද‍්වෙ තීණි චත‍්තාරි පඤ‍්ච ඡ සත‍්ත…පෙ… අට‍්ඨ නව දසා”ති සීඝං සීඝං ගණෙතබ‍්බමෙව. ගණනාපටිබද‍්ධෙ හි කම‍්මට‍්ඨානෙ ගණනබලෙනෙව චිත‍්තං එකග‍්ගං හොති අරිත‍්තුපත්‍ථම‍්භනවසෙන චණ‍්ඩසොතෙ නාවාඨපනමිව.

ඉක්බිති මොහු විසින් එම මන්දගාමි ගණන් කිරීමද, ධාන්‍ය මනින ගණන් කිරීමද අත්හැර සීඝ්‍ර ගණන් කිරීමෙන්, ගොපල්ලාගේ ගණන් කිරීමෙන් ගණන් කළයුතුය. දක්‍ෂ ගොපල්ලා කැටගල් උකුලෙන් ගෙන රෑන හා කෝටුව අතැතිව උදෑසන ගාලට ගොස්, ගවයින්ගේ පිටට පහරදී, බාධක ස්තම්භය, මත හිඳගත්තේ, දොරකඩට පැමිණි ගවයා, එක, දෙකයයි කැටගල් දමමින් ගණන් කරයි. තුන්යම් රාත්‍රියක් පීඩා සහිත අවකාශයෙහි, දුකින් විසූ ගවසමූහයා නික්මෙනුයේ, ඔවුනොවුන් ගැටෙමින් වේගයෙන්, වේගයෙන්, රාශී රාශීව නික්මෙයි. ඔහු වේගයෙන් තුන, හතර, පහ, දහය යයි ගණන් කෙරේමය. මෙසේ එම යෝගියාටද පළමු ක්‍රමයෙන් ගණන් කරන කල්හි ආශ්වාස, ප්‍රශ්වාස ප්‍රකටව සීඝ්‍ර සීඝ්‍රව නැවත නැවත එහා මෙහා යෙයි. ඉක්බිති ඔහු විසින් නැවත නැවත එහාමෙහා යෙත්යැයි දැන, ඇතුළතද, පිටතද ගණන් නොගෙන, දොරකඩට පැමිණි පැමිණි ආහ්වාස, ප්‍රශ්වාසයෙන්ම ගෙන, එක, දෙක-තුනහතර-පහ-එක-දෙක-තුන-හතර-පහ-සය -පෙ- සත, අට, නවය, දහය යැයි සීඝ්‍ර සීඝ්‍රව ගණන් කළයුතුමය. ගණන් කිරීම පිළිබඳව වූ කමටහනෙහි ගණන් කිරීමේ බලයෙන්ම සිත එකඟ වේ. හබල ආධාරයෙන් සැඩ දියපහරෙහි නැවත නතරකර තැබීම මෙනි.

තස‍්සෙවං සීඝං සීඝං ගණයතො කම‍්මට‍්ඨානං නිරන‍්තරං පවත‍්තං විය හුත්‍වා උපට‍්ඨාති. අථ “නිරන‍්තරං පවත‍්තතී”ති ඤත්‍වා අන‍්තො ච බහි ච වාතං අපරිග‍්ගහෙත්‍වා පුරිමනයෙනෙව වෙගෙන වෙගෙන ගණෙතබ‍්බං. අන‍්තොපවිසනවාතෙන හි සද‍්ධිං චිත‍්තං පවෙසයතො අබ‍්භන‍්තරං වාතබ‍්භාහතං මෙදපූරිතං විය හොති. බහිනික‍්ඛමනවාතෙන සද‍්ධිං චිත‍්තං නීහරතො බහිද‍්ධා පුථුත‍්තාරම‍්මණෙ චිත‍්තං වික‍්ඛිපති. ඵුට‍්ඨඵුට‍්ඨොකාසෙ පන සතිං ඨපෙත්‍වා භාවෙන‍්තස‍්සෙව භාවනා සම‍්පජ‍්ජති. තෙන වුත‍්තං – “අන‍්තො ච බහි ච වාතං අපරිග‍්ගහෙත්‍වා පුරිමනයෙනෙව වෙගෙන වෙගෙන ගණෙතබ‍්බ”න‍්ති.

මෙසේ ඔහුට සීඝ්‍ර සීඝ්‍රව ගණන් කරන කල්හි කමටහන නිරතුරු පවත්නාක් මෙන්ව වැටහේ. ඉක්බිති නිරතුරු පවතීයයි දැන ඇතුළතද පිටතද වාතය, පරිග්‍රහණය නොකොට, පළමු ක්‍රමයෙන්ම වේගයෙන් ගණන් කළයුතුය. ඇතුළත පිවිසෙන වාතය සමග, සිත ප්‍රවේශ කරන කල්හි, අභ්‍යන්තරය වාතයේ මඩනා ලද කල්හි, මේදය පිරුණාක් මෙන් වේ. පිටත නික්මෙන වාතය සමග සිත බැහැරවන හෙයින්, පිටත බොහෝ අරමුණුවල සිත වික්‍ෂේප වේ. ස්පර්ශිත අවකාශයෙහි සිත පිහිටුවා වඩන්නහුටම භාවනාව සම්පූර්ණ වේ. එහෙයින් කියන ලදි. ‘ඇතුළතද, පිටතද වාතය පරිග්‍රහණය නොකොට පළමු ක්‍රමයෙන්ම වේගයෙන් ගණන් කළයුතුය.

කීවචිරං පනෙතං ගණෙතබ‍්බන‍්ති? යාව විනා ගණනාය අස‍්සාසපස‍්සාසාරම‍්මණෙ සති සන‍්තිට‍්ඨති. බහි විසටවිතක‍්කවිච‍්ඡෙදං කත්‍වා අස‍්සාසපස‍්සාසාරම‍්මණෙ සති සණ‍්ඨාපනත්‍ථංයෙව හි ගණනාති.

කොපමණ කාලයක් එය ගණන් කළයුතුද? ගණන් කිරීමකින් තොරව ආශ්වාස ප්‍රශ්වාස ආරම්මණයන්හි සිත පිහිටාද එතෙක් කල් කළයුතුය. පිටත පැතිරීගිය විතර්ක සිඳ ආශ්වාස ප්‍රශ්වාස ආරම්මණයන්හි සිහිය පිහිටුවීම සඳහාම ගණන් කිරීම කළයුතුය.

එවං ගණනාය මනසි කත්‍වා අනුබන්‍ධනාය මනසි කාතබ‍්බං. අනුබන්‍ධනා නාම ගණනං පටිසංහරිත්‍වා සතියා නිරන‍්තරං අස‍්සාසපස‍්සාසානං අනුගමනං. තඤ‍්ච ඛො න ආදිමජ‍්ඣපරියොසානානුගමනවසෙන. ආදිමජ‍්ඣපරියොසානානි තස‍්සානුගමනෙ ආදීනවා ච හෙට‍්ඨා වුත‍්තායෙව.

මෙසේ ගණන් කිරීමෙන් මෙනෙහිකොට, අනුබන්‍ධන (පසුපස යෑම්) වශයෙන් මෙනෙහි කළයුතුය. අනුබන්‍ධන නම් ගණන හකුළුවා සිහියෙන් නිරතුරු ආශ්වාස ප්‍රශ්වාස අනුගමනයයි. එය මුල, මැද, අග අනුගමනය වශයෙන් නොවේ. එහි මුල, මැද, අග අනුගමනයෙහි ආදීනව යට කියන ලදි.

තස‍්මා අනුබන්‍ධනාය මනසිකරොන‍්තෙන න ආදිමජ‍්ඣපරියොසානවසෙන මනසි කාතබ‍්බං, අපිච ඛො ඵුසනාවසෙන ච ඨපනාවසෙන ච මනසි කාතබ‍්බං. ගණනානුබන්‍ධනාවසෙන විය හි ඵුසනාඨපනාවසෙන විසුං මනසිකාරො නත්‍ථි, ඵුට‍්ඨඵුට‍්ඨට‍්ඨානෙයෙව පන ගණෙන‍්තො ගණනාය ච ඵුසනාය ච මනසි කරොති, තත්‍ථෙව ගණනං පටිසංහරිත්‍වා තෙ සතියා අනුබන්‍ධන‍්තො, අප‍්පනාවසෙන ච චිත‍්තං ඨපෙන‍්තො “අනුබන්‍ධනාය ච ඵුසනාය ච ඨපනාය ච මනසි කරොතී”ති වුච‍්චති. ස‍්වායමත්‍ථො අට‍්ඨකථාසු වුත‍්තපඞ‍්ගුළදොවාරිකොපමාහි ඉධෙව පාළියං වුත‍්තකකචූපමාය ච වෙදිතබ‍්බො.

එහෙයින් අනුබන්ධන වශයෙන් මෙනෙහි කරන්නහු විසින්, එක්වරම මුල, මැද, අග වශයෙන් මෙනෙහි කළයුතුය. තව, ස්පර්ශ කිරීම් වශයෙන්ද පිහිටුවීම් වශයෙන්ද මෙනෙහි කළ යුතුය. ගණන් අනුගමන වශයෙන් මෙන්ම, ස්පර්ශ කිරීම්, පිහිටුවීම වශයෙන් වෙන්ව මෙනෙහි කිරීමක් නැත. ස්පර්ශ කළ කළ තන්හිම ගණන් කරනුයේ, ස්පර්ශ කිරීමෙන් මෙනෙහි කරයි. එහිම ගණන හකුළුවා ඒවා සිහියෙන් අනුගමනය කරනුයේ, අර්පණා වශයෙන්ද, සිත පිහිටුවනුයේ අනුගමනයෙන්ද, ස්පර්ශයෙන්ද, පිහිටුවීමෙන්ද මෙනෙහි කෙරේ යයි යූ.සේයි. ඒ මෙම අර්ථය අර්ථකථාවන්හි කියන ලද කොරාගේද, දොරටුපාලයාගේද උපමාවෙන් මෙහිම පෙළෙහි කියන ලද කියත් උපමාවෙන්ද දතයුතුය.

තත්‍රායං පඞ‍්ගුළොපමා – සෙය්‍යථාපි පඞ‍්ගුළො දොලාය කීළතං මාතාපුත‍්තානං දොලං ඛිපිත්‍වා තත්‍ථෙව දොලාථම‍්භමූලෙ නිසින‍්නො කමෙන ආගච‍්ඡන‍්තස‍්ස ච ගච‍්ඡන‍්තස‍්ස ච දොලාඵලකස‍්ස උභො කොටියො මජ‍්ඣඤ‍්ච පස‍්සති, න ච උභොකොටිමජ‍්ඣානං දස‍්සනත්‍ථං බ්‍යාවටො හොති, එවමෙව භික‍්ඛු සතිවසෙන උපනිබන්‍ධනත්‍ථම‍්භමූලෙ ඨත්‍වා අස‍්සාසපස‍්සාසදොලං ඛිපිත්‍වා තත්‍ථෙව නිමිත‍්තෙ සතියා නිසීදන‍්තො කමෙන ආගච‍්ඡන‍්තානඤ‍්ච ගච‍්ඡන‍්තානඤ‍්ච ඵුට‍්ඨට‍්ඨානෙ අස‍්සාසපස‍්සාසානං ආදිමජ‍්ඣපරියොසානං සතියා අනුගච‍්ඡන‍්තො තත්‍ථෙව (විසුද‍්ධි· 1.225) චිත‍්තං ඨපෙත්‍වා පස‍්සති, න ච තෙසං දස‍්සනත්‍ථං බ්‍යාවටො හොති. අයං පඞ‍්ගුළොපමා.

ඒ මෙහි කොරාගේ උපමාවයි. යම්සේ නම් දෝලාවෙහි ක්‍රීඩා කරන්නා වූ, මව හා පුතු දෝලාවෙහි බහා, එහිම දෝලාස්තම්භ මුල සිටියේ, ක්‍රමයෙන් එන්නා වූද, යන්නා වූද, දෝලා පුවරුවෙහි දෙකෙළවරද, මධ්‍යයද දකීද? දෙකෙළවරද මධ්‍යයද දර්ශනය සඳහා ව්‍යාපෘත නොවේද? එපරිද්දෙන්ම භික්‍ෂුවද සිහිය ලෙසින් මනාව බඳනා ලද ටැඹ මුල සිට ආශ්වාස ප්‍රශ්වාස දෝලාවට දමා එහිම නිමිත්තෙහි සිහියෙන් හිඳිනුයේ ක්‍රමයෙන් එන්නා වූද, යන්නා වූද, ස්පර්ශ ස්ථානයන්හි අශ්වාස ප්‍රශ්වාසයන්ගේ මුල, මැද, අග සිහියෙන් අනුව යන්නේ එහිම සිත තබා බලයි. ඒවා දැකීම සඳහා ව්‍යාවෘත නොවේ. මේ කොරාගේ උපමාවයි.

අයං පන දොවාරිකොපමා – සෙය්‍යථාපි දොවාරිකො නගරස‍්ස අන‍්තො ච බහි ච පුරිසෙ “කො ත්‍වං, කුතො වා ආගතො, කුහිං වා ගච‍්ඡසි, කිං වා තෙ හත්‍ථෙ”ති න වීමංසති. න හි තස‍්ස තෙ භාරා, ද‍්වාරප‍්පත‍්තං ද‍්වාරප‍්පත‍්තංයෙව පන වීමංසති, එවමෙව ඉමස‍්ස භික‍්ඛුනො අන‍්තොපවිට‍්ඨවාතා ච බහිනික‍්ඛන‍්තවාතා ච න භාරා හොන‍්ති, ද‍්වාරප‍්පත‍්තා ද‍්වාරප‍්පත‍්තායෙව භාරාති අයං දොවාරිකොපමා.

මෙය වනාහි දොරටුපාලයාගේ උපමාවයි. යම්සේ වනාහි දොරටුපාලයා, නගරයෙහි ඇතුළෙහි හා පිටත මිනිසුන් දැක නුඹ කවරෙක්ද? කොහි සිට පැමිණියෙහිද? කවර තැනකට හෝ යන්නෙහිද? නුඹගේ හස්තයෙහි කිමෙක්දැයි නොවිමසයි. ඔහුට ඒවා පවරා නැත. දොරකඩට පැමිණි පැමිණියහුම පිළිබඳ විමසයි. එපරිද්දෙන්ම මෙම භික්‍ෂුවට ඇතුළට පිවිසි වාතයන්ද, පිටත නික්මෙන වාතයන්ද පිළිබඳ අවශ්‍යතා නොවේ. දොරකඩට පැමිණි පැමිණි වාතයන් පිළිබඳ සෙවීම පමණක් ඔහුට අයත්ය. මේ දොරටුපාල උපමාවයි.

කකචූපමා පන “නිමිත‍්තං අස‍්සාසපස‍්සාසා”තිආදිනා (පටි· ම· 1.159) නයෙන ඉධ වුත‍්තායෙව. ඉධ පනස‍්ස ආගතාගතවසෙන අමනසිකාරමත‍්තමෙව පයොජනන‍්ති වෙදිතබ‍්බං.

කියතෙහි උපමාව වනාහි, ‘නිමිත්තං අස්සාස පස්සාති’ ආදී ක්‍රමයෙන් යූ.සේයි. මෙහි වනාහි එහි පැමිණි නොපැමිණි වශයෙන් මෙනෙහි නොකිරීම් මාත්‍රයම ප්‍රයෝජනයැයි දතයුතුය.

ඉදං කම‍්මට‍්ඨානං මනසිකරොතො කස‍්සචි න චිරෙනෙව නිමිත‍්තඤ‍්ච උප‍්පජ‍්ජති, අවසෙසඣානඞ‍්ගපටිමණ‍්ඩිතා අප‍්පනාසඞ‍්ඛාතා ඨපනා ච සම‍්පජ‍්ජති. කස‍්සචි පන ගණනාවසෙනෙව මනසිකාරකාලතො පභුති යථා සාරද‍්ධකායස‍්ස මඤ‍්චෙ වා පීඨෙ වා නිසීදතො මඤ‍්චපීඨං ඔනමති විකූජති, පච‍්චත්‍ථරණං වලිං ගණ‍්හාති, අසාරද‍්ධකායස‍්ස පන නිසීදතො නෙව මඤ‍්චපීඨං ඔනමති න විකූජති, න පච‍්චත්‍ථරණං වලිං ගණ‍්හාති, තූලපිචුපූරිතං විය මඤ‍්චපීඨං හොති . කස‍්මා? යස‍්මා අසාරද‍්ධො කායො ලහුකො හොති, එවමෙවං ගණනාවසෙන මනසිකාරකාලතො පභුති අනුක‍්කමතො ඔළාරිකඅස‍්සාසපස‍්සාසනිරොධවසෙන කායදරථෙ වූපසන‍්තෙ කායොපි චිත‍්තම‍්පි ලහුකං හොති, සරීරං ආකාසෙ ලඞ‍්ඝනාකාරප‍්පත‍්තං විය හොති.

මෙම මෙනෙහි කරන කල්හි සමහරෙකුට නිමිත්තද උපදී. සෙසු ධ්‍යානාංගයන්ගෙන් යුක්ත වූ, අර්පණා සංඛ්‍යාත සිත පිහිටුවීම සම්පූර්ණ වේ. සමහරෙකුට ගණන් වශයෙන්ම, මෙනෙහි කරන කාලයෙහි පටන් යම්සේ දාහ සහිත දැඩි ස්වභාව ශරීර ඇතියහුගේ ඇඳෙහි හෝ පුටුවෙහි හෝ හිඳගන්නා කල්හි, ඇඳ පුටු පහත් වේ. (ගිලාබසී) නාද කරයි. ඇතිරිල්ල රැලි ගන්වයි. දාහ රහිත ලිහිල් ස්වභාවයෙන් යුත් ශරීර ඇතියහුගේ හිඳගන්නා කල්හි ඇඳ පුටු පහත් නොවේ. නාද නොකරයි. ඇතිරිල්ල රැලි නොගන්වයි. ඇඳ පුටු කපුපුළුන් පිරවූවාක් මෙන් වෙයි. කුමක් හෙයින්ද යත්, දාහ රහිත ලිහිල් ස්වභාව සහිත ශරීරය සැහැල්ලු වෙයි. එපරිද්දෙන්ම ගණන් කිරීම් වශයෙන් මෙනෙහි කිරීමට ආරම්භ කළ කාලයෙහි පටන් අනුක්‍රමයෙන් දළ ආශ්වාස ප්‍රශ්වාස නිරුද්ධ කිරීම් වශයෙන් ශරීරයෙහි විඩාව (තද ස්වභාවය) සන්සුන් කල්හි ශරීරයද, සිතද සැහැල්ලු වේ. ශරීරය අහසට පනින්නාක් වැනි ස්වභාවයකට පැමිණියාක් මෙන් වෙයි.

තස‍්ස ඔළාරිකෙ අස‍්සාසපස‍්සාසෙ නිරුද‍්ධෙ සුඛුමඅස‍්සාසපස‍්සාසනිමිත‍්තාරම‍්මණං චිත‍්තං පවත‍්තති. තස‍්මිම‍්පි නිරුද‍්ධෙ අපරාපරං තතො සුඛුමතරං සුඛුමතරං අස‍්සාසපස‍්සාසනිමිත‍්තාරම‍්මණං පවත‍්තතියෙව. ස‍්වායමත්‍ථො උපරි වුත‍්තකංසථාලොපමාය වෙදිතබ‍්බො.

ඔහුගේ දළ ආශ්වාස-ප්‍රශ්වාසයන් නිරුද්ධ කල්හි, සියුම් ආශ්වාස ප්‍රශ්වාස නිමිති අරමුණුකොට සිත පවතියි. එයද නිරුද්ධ කල්හි එකින් එක අතිශය සියුම් ආශ්වාස-ප්‍රශ්වාස නිමිති අරමුණුකොට පවතීමය. ඒ මෙම අර්ථය මතු කියනු ලබන ලෝහ තලියෙහි උපමාවෙන් දත යුතුය.

යථා හි අඤ‍්ඤානි කම‍්මට‍්ඨානානි උපරූපරි විභූතානි හොන‍්ති, න තථා ඉදං. ඉදං පන උපරූපරි භාවෙන‍්තස‍්ස සුඛුමත‍්තං ගච‍්ඡති, උපට‍්ඨානම‍්පි න උපගච‍්ඡති. එවං අනුපට‍්ඨහන‍්තෙ පන තස‍්මිං තෙන භික‍්ඛුනා “ආචරියං පුච‍්ඡිස‍්සාමී”ති වා “නට‍්ඨං දානි මෙ කම‍්මට‍්ඨාන”න‍්ති වා උට‍්ඨායාසනා න ගන‍්තබ‍්බං. ඉරියාපථං විකොපෙත්‍වා ගච‍්ඡතො හි කම‍්මට‍්ඨානං නවනවමෙව හොති. තස‍්මා යථානිසින‍්නෙනෙව දෙසතො ආහරිතබ‍්බං.

අනෙක් කර්මස්ථාන මතු මත්තෙහි ප්‍රකට වෙයි. මෙය එසේ නොවේ. මෙය වනාහි මතු මත්තෙහි වඩන වඩනා කල්හි සියුම් භාවයට යයි. වැටහීමද නොඑළඹේ. එය මෙසේ නොවැටහෙන කල්හි, ඒ භික්‍ෂුව විසින් දැන් මාගේ කර්මස්ථානය නැසුණිදැයි, ගුරුවරයාගෙන් විමසන්නෙමියි ඒ භික්‍ෂුව විසින් හුනස්නෙන් නැගිට නොයා යුතුය. ඉරියව් කඩකොට යන කල්හි කර්මස්ථානය අලුත් අලුත්ම වේ. හුන් අයුරින්ම කොටස් වශයෙන් ගෙනහැර බැලිය යුතුය.

තත්‍රායං ආහරණූපායො – තෙන භික‍්ඛුනා කම‍්මට‍්ඨානස‍්ස අනුපට‍්ඨානභාවං ඤත්‍වා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං “ඉමෙ අස‍්සාසපස‍්සාසා නාම කත්‍ථ අත්‍ථි, කත්‍ථ නත්‍ථි. කස‍්ස වා අත්‍ථි, කස‍්ස වා නත්‍ථී”ති. අථෙවං පටිසඤ‍්චික‍්ඛතො “ඉමෙ අන‍්තොමාතුකුච‍්ඡියං නත්‍ථි, උදකෙ නිමුග‍්ගානං නත්‍ථි, තථා අසඤ‍්ඤීභූතානං මතානං චතුත්‍ථජ‍්ඣානසමාපන‍්නානං රූපාරූපභවසමඞ‍්ගීනං නිරොධසමාපන‍්නාන”න‍්ති ඤත්‍වා එවං අත‍්තනාව අත‍්තා පටිචොදෙතබ‍්බො “නනු, ත්‍වං පණ‍්ඩිත, නෙව මාතුකුච‍්ඡිගතො, න උදකෙ නිමුග‍්ගො, න අසඤ‍්ඤීභූතො, න මතො, න චතුත්‍ථජ‍්ඣානසමාපන‍්නො, න රූපාරූපභවසමඞ‍්ගී, න නිරොධසමාපන‍්නො. අත්‍ථියෙව තෙ අස‍්සාසපස‍්සාසා, මන්‍දපඤ‍්ඤතාය පන පරිග‍්ගහෙතුං න සක‍්කොසී”ති. අථානෙන පකතිඵුට‍්ඨවසෙන චිත‍්තං ඨපෙත්‍වා මනසිකාරො පවත‍්තෙතබ‍්බො. ඉමෙ හි දීඝනාසිකස‍්ස නාසාපුටං ඝට‍්ටෙන‍්තා පවත‍්තන‍්ති, රස‍්සනාසිකස‍්ස උත‍්තරොට‍්ඨං. තස‍්මානෙන ඉමං නාම ඨානං ඝට‍්ටෙන‍්තීති නිමිත‍්තං ඨපෙතබ‍්බං. ඉමමෙව හි අත්‍ථවසං පටිච‍්ච වුත‍්තං භගවතා – “නාහං, භික‍්ඛවෙ, මුට‍්ඨස‍්සතිස‍්ස අසම‍්පජානස‍්ස ආනාපානස‍්සතිභාවනං වදාමී”ති (ම· නි· 3.149; සං· නි· 5.992). කිඤ‍්චාපි හි යංකිඤ‍්චි කම‍්මට‍්ඨානං සතස‍්ස සම‍්පජානස‍්සෙව සම‍්පජ‍්ජති, ඉතො අඤ‍්ඤං පන මනසිකරොන‍්තස‍්ස පාකටං හොති. ඉදං පන ආනාපානස‍්සතිකම‍්මට‍්ඨානං ගරුකං ගරුකභාවනං බුද‍්ධපච‍්චෙකබුද‍්ධබුද‍්ධපුත‍්තානං මහාපුරිසානංයෙව මනසිකාරභූමිභූතං, න චෙව ඉත‍්තරං, න ච ඉත‍්තරසත‍්තසමාසෙවිතං. යථා යථා මනසි කරීයති, තථා තථා සන‍්තඤ‍්චෙව හොති සුඛුමඤ‍්ච. තස‍්මා එත්‍ථ බලවතී සති ච පඤ‍්ඤා ච ඉච‍්ඡිතබ‍්බා.

ඒ මෙහි ගෙන එන ක්‍රමයයි. ඒ භික්‍ෂුව විසින් කර්මස්ථානයෙහි නොවැටහෙන බව දැන මෙසේ සිතා බැලිය යුතුය. මෙම ආශ්වාස-ප්‍රශ්වාස කොතැන්හි ඇත්ද? කොතැන්හි නැත්ද, කවරෙකුට හෝ ඇත්ද? කවරෙකුට හෝ නැත්ද යනුවෙන් ඉක්බිති මෙසේ සිතා බලන කල්හි මෙම ආශ්වාස-ප්‍රශ්වාස මව්කුස තුල නැත. දියෙහි කිමිදුණවුන්ට නැත. හදිසි කම්පනාදියෙන් විසංඥී වූවන්ට, මළවුන්ට, චතුර්ථ ධ්‍යානයට සමවන්නවුන්ට, රූපාරූප භවයන්ගෙන් යුක්ත වූවන්ට, නිරෝධ සමවතට සමවන්නවුන්ට යයි දැන මෙසේ තමාම තමාට නුවණැතිය. නුඹ මව්කුස ගත නොවූයේ නොවේද? දියෙහි කිමිදුණේ නොවූයේය. නොමළේය. චතුර්ථ ධ්‍යානයට නොසම වනුයේය. රූපාරූප භවයන් සමග යුක්ත නොවූයේය. නිරෝධ සමවතට නොසමවැදුණේය. නුඹට ආශ්වාස ප්‍රශ්වාස ඇත්තේමය. නුවණ මද හෙයින් අල්ලාගන්ට නොහැකි වූයේයයි ආපසු චෝදනා කළයුතුය. ඉක්බිති මොහු විසින් ප්‍රකෘති ස්පර්ශ වශයෙන් සිත පිහිටුවා මෙනෙහි කිරීම පැවැත්විය යුතුයි. මේවා දීර්ඝ නාසිකයාගේ නාස්පුඩු ගැටෙමින් පවතී. හ්‍රස්ව නාසිකයාගේ උඩුතොලය. එහෙයින් මොහු විසින් මෙනම් ස්ථාන ගැටේයයි නිමිත්ත තැබිය යුතුය. මෙම කරුණම සැලකිල්ලට ගෙන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. මහණෙනි, මම මුළාවූ සිහි ඇති, මනා නුවණින් තොරවූවහුට ආනාපාන සති භාවනාව නොවදාරමි. කෙසේ වෙතත්, යම්කිසි කමටහනක් වේද, එය සිහි ඇති මනා නුවණැත්තහුට සමෘද්ධ වේ. මෙයින් අන්‍ය කමටහනක් මෙනෙහි කරන්නුහට ප්‍රකට වේ. මෙම ආනාපාන සති කර්මස්ථානය බරය. මෙම බර භාවනාව බුදු, පසේබුදු, බුද්ධපුත්‍ර මහා පුරිසයන්ගේම මනසිකාරයට භූමි වූයේය. අන්‍යයන්ට නොවේ. යම් යම් අයුරකින් මෙනෙහි කරයිද? ඒ ඒ අයුරින් ශාන්තද සියුම්ද වේ. එහෙයින් මෙහි බලවත් විදින කල්හි ඉඳිකටුවද, සියුම්ම කැමැති විය යුතුය.

යථා හි මට‍්ඨසාටකස‍්ස තුන‍්නකරණකාලෙ සූචිපි සුඛුමා ඉච‍්ඡිතබ‍්බා, සූචිපාසවෙධනම‍්පි තතො සුඛුමතරං, එවමෙවං මට‍්ඨසාටකසදිසස‍්ස ඉමස‍්ස කම‍්මට‍්ඨානස‍්ස භාවනාකාලෙ සූචිපටිභාගා සතිපි සූචිපාසවෙධනපටිභාගා තංසම‍්පයුත‍්තා පඤ‍්ඤාපි බලවතී ඉච‍්ඡිතබ‍්බා. තාහි ච පන සතිපඤ‍්ඤාහි සමන‍්නාගතෙන භික‍්ඛුනා න තෙ අස‍්සාසපස‍්සාසා අඤ‍්ඤත්‍ර පකතිඵුට‍්ඨොකාසා පරියෙසිතබ‍්බා.

ඉඳිකටු සිදුරද, එයට වඩා ඉතා සියුම්ය. එපරිද්දෙන්ම මට්ටම් සිනිඳු වස්ත්‍රයක් බඳු මෙම කමටහනෙහි භාවනා කාලයෙහි, ඉඳිකටු හා සමාන සිහියද, ඉඳිකටු සිදුර හා සමාන ඒ හා සම්ප්‍රයුක්ත ප්‍රඥාවද, බලවත්ව කැමැති විය යුතුය. එම සිහිය හා ප්‍රඥාවන්ගෙන් යුක්ත වූ භික්‍ෂුව විසින්, එම ආශ්වාස, ප්‍රශ්වාස ප්‍රකෘතියෙන් ස්පර්ශ කළ ස්ථානය හැර අන් තන්හි නොසෙවිය යුතුය.

යථා හි කස‍්සකො ඛෙත‍්තං කසිත්‍වා බලීබද‍්දෙ මුඤ‍්චිත්‍වා ගොචරමුඛෙ කත්‍වා ඡායාය නිසින‍්නො විස‍්සමෙය්‍ය, අථස‍්ස තෙ බලීබද‍්දා වෙගෙන අටවිං පවිසෙය්‍යුං. යො හොති ඡෙකො කස‍්සකො, සො පුන තෙ ගහෙත්‍වා යොජෙතුකාමො න තෙසං අනුපදං ගන‍්ත්‍වා අටවිං ආහිණ‍්ඩති. අථ ඛො රස‍්මිඤ‍්ච පතොදඤ‍්ච ගහෙත්‍වා උජුකමෙව තෙසං නිපාතනතිත්‍ථං ගන‍්ත්‍වා නිසීදති වා නිපජ‍්ජති වා. අථ තෙ ගොණෙ දිවසභාගං චරිත්‍වා නිපාතනතිත්‍ථං ඔතරිත්‍වා න‍්හත්‍වා ච පිවිත්‍වා ච පච‍්චුත‍්තරිත්‍වා ඨිතෙ දිස‍්වා රස‍්මියා බන්‍ධිත්‍වා පතොදෙන විජ‍්ඣන‍්තො ආනෙත්‍වා යොජෙත්‍වා පුන කම‍්මං කරොති. එවමෙවං තෙන භික‍්ඛුනා න තෙ අස‍්සාසපස‍්සාසා අඤ‍්ඤත්‍ර පකතිඵුට‍්ඨොකාසා පරියෙසිතබ‍්බා. සතිරස‍්මිං පන පඤ‍්ඤාපතොදඤ‍්ච ගහෙත්‍වා පකතිඵුට‍්ඨොකාසෙ චිත‍්තං ඨපෙත්‍වා මනසිකාරො පවත‍්තෙතබ‍්බො. එවං හිස‍්ස මනසිකරොතො න චිරස‍්සෙව තෙ උපට‍්ඨහන‍්ති නිපාතනතිත්‍ථෙ විය ගොණා. තතො තෙන සතිරස‍්මියා බන්‍ධිත්‍වා තස‍්මිංයෙව ඨානෙ යොජෙත්‍වා පඤ‍්ඤාපතොදෙන විජ‍්ඣන‍්තෙන පුනප‍්පුනං කම‍්මට‍්ඨානං අනුයුඤ‍්ජිතබ‍්බං. තස‍්සෙවමනුයුඤ‍්ජතො න චිරස‍්සෙව නිමිත‍්තං උපට‍්ඨාති. තං පනෙතං න සබ‍්බෙසං එකසදිසං හොති, අපිච ඛො කස‍්සචි සුඛසම‍්ඵස‍්සං උප‍්පාදයමානො තූලපිචු විය කප‍්පාසපිචු විය වාතධාරා විය ච උපට‍්ඨාතීති එකච‍්චෙ ආහු.

යම්සේ වනාහි ගොවියා, කෙත, සීසා, ගොණුන් මුදා ගොදුරු මුවකොට, සෙවනෙහි හුන්නේ විවේක ගන්නේය. ඉක්බිති, ඔහුගේ එම ගොන්නු වේගයෙන් පිවිසෙන්නාහුය. යමෙක් දක්‍ෂ ගොවියෙක් වේද? හෙතෙම නැවත ඔවුන් අල්ලාගෙන කටයුතුවල යොදවනු කැමැතියේ, ගොණුන්ගේ පියසටහන් අනුව වනයෙහි නොඇවිදියි. ඉක්බිති රැහැනද කෙවිටද ගෙන සෘජුවම උන්ගේ පැන් බොන තොටුපොළට ගොස් හිඳී හෝ වැදහෝනේ හෝ වෙයි. ඉක්බිත ඒ ගොණුන් දිවාකාලය කැලයෙහි හැසිර, පැන් බොන තොටට බැස, දිය නා දියබී එගොඩ වී සිටියවුන් දැක, රැහැනෙන් බැඳ කෙවිටෙන් විදිමින් ගෙනවුත් නගුලෙහි යොදා නැවත කර්මාන්ත කරයි. එපරිද්දෙන්ම එම භික්‍ෂුව විසින් එම ආශ්වාස, ප්‍රශ්වාස ප්‍රකෘතියෙන් ස්පර්ශ කළ තන්හිම සෙවිය යුතුය. අන්තන්හි නොසෙවිය යුතුය. සිහිය නමැති රැහැනද, ප්‍රඥාව නමැති කෙවිටද ගෙන ප්‍රකෘතියෙන් ස්පර්ශ කළ ස්ථානයෙහි සිත තබා මනසිකාරය පැවැත්විය යුතුය. මෙසේ මෙනෙහි කරන්නා වූ ඔහුට නොබෝ කලෙකින්ම පැන් බොන තොටෙහි ගොණුන් මෙන් එම ආශ්වාස ප්‍රශ්වාස වැටහෙයි. ඉක්බිති ඔහු විසින් සිහිය නමැති යොතින් බැඳ, එම ස්ථානයෙහිම යොදා ප්‍රඥා නමැති කෙවිටෙන් විදින්නහු විසින් නැවත නැවත කමටහනෙහි යෙදිය යුතුය. මෙසේ යෙදෙන්නා වූ ඔහුට නොබෝ කලෙකින්ම නිමිත්ත වැටහේ. එය වනාහි සියල්ලන්ටම එක සමාන නොවේ. තවද සමහරෙකුට සුවපහස් උපදවමින් කපු පුළුන් (කපු පුළුන්වලින්) හටගත් වායු දහරාවක් මෙන්ද, වැටහේයයි ඇතැමෙක් කීහු.

අයං පන අට‍්ඨකථාසු විනිච‍්ඡයො – ඉදඤ‍්හි කස‍්සචි තාරකරූපං විය මණිගුළිකා විය මුත‍්තාගුළිකා විය ච, කස‍්සචි ඛරසම‍්ඵස‍්සං හුත්‍වා කප‍්පාසට‍්ඨි විය දාරුසාරසූචි විය ච, කස‍්සචි දීඝපාමඞ‍්ගසුත‍්තං විය කුසුමදාමං විය ධූමසිඛා විය ච, කස‍්සචි විත්‍ථතං මක‍්කටකසුත‍්තං විය වලාහකපටලං විය පදුමපුප‍්ඵං විය රථචක‍්කං විය චන්‍දමණ‍්ඩලං විය සූරියමණ‍්ඩලං විය ච උපට‍්ඨාති, තඤ‍්ච පනෙතං යථා සම‍්බහුලෙසු භික‍්ඛූසු සුත‍්තන‍්තං සජ‍්ඣායිත්‍වා නිසින‍්නෙසු එකෙන භික‍්ඛුනා “තුම‍්හාකං කීදිසං හුත්‍වා ඉදං සුත‍්තං උපට‍්ඨාතී”ති වුත‍්තෙ එකො “මය‍්හං මහතී පබ‍්බතෙය්‍යා නදී විය හුත්‍වා උපට‍්ඨාතී”ති ආහ. අපරො “මය‍්හං එකා වනරාජි විය”. අඤ‍්ඤො “මය‍්හං එකො සීතච‍්ඡායො සාඛාසම‍්පන‍්නො ඵලභාරභරිතො රුක‍්ඛො වියා”ති. තෙසඤ‍්හි තං එකමෙව සුත‍්තං සඤ‍්ඤානානතාය නානතො උපට‍්ඨාති. එවං එකමෙව කම‍්මට‍්ඨානං සඤ‍්ඤානානතාය නානතො උපට‍්ඨාති. සඤ‍්ඤජඤ‍්හි එතං සඤ‍්ඤානිදානං සඤ‍්ඤාපභවං, තස‍්මා සඤ‍්ඤානානතාය නානතො උපට‍්ඨාතීති වෙදිතබ‍්බං.

මේ වනාහි අටුවාවන්හි විනිශ්චය යයි. මෙය වනාහි සමහරෙකුට තාරකා රුවන් මෙන්ද, මැණික් බෝලයක් මෙන්ද, මුතු බෝලයක් මෙන්ද, සමහරෙකුට කර්කශ ස්පර්ශ හටගෙන කපුඇට මෙන්ද, දැව අරටු ඉඳිකටුවක් මෙන්ද, සමහරෙකුට හවඩියෙහි නූලක් මෙන්ද, මල්දමක් මෙන්ද, දුම් සිළුවක් මෙන්ද, සමහරෙකුට පළල් වූ මකුළු හූයක් මෙන්ද, වලාපටලයක් මෙන්ද, නෙළුම්මලක් මෙන්ද, රියසකක් මෙන්ද, සදමඬලක් මෙන්ද, හිරුමඬලක් මෙන්ද වැටහේ. එයද වනාහි, බොහෝ භික්‍ෂූන් රැස්ව, සූත්‍රාන්ත ගණ සජ්ඣායනා කොට හුන්කල්හි එක් භික්‍ෂුවක් විසින්, ඔබට කවරාකාරයක්ව, මෙම සූත්‍රය වැටහේදැයි කීකල්හි, එක් අයෙක්, මට මහා කන්දකින් හටගෙන ගලා බස්නා නදියක් මෙනැයි කීය. අනෙකෙක් මට එක් වන පේළියක් මෙනැයිද, අනෙකෙක් මට සිහිල් සෙවනැති මනා අතුපතරින් යුත්, ඵලබර හරිත වර්ණ එක් රුකක් මෙන්යයි කීය. ඔවුන්ට එම එකම සූත්‍රය සංඥා නානාප්‍රකාර භාවයෙන්, වෙනස් ආකාරයෙන් වැටහේ. එය සංඥාවෙන් ජනිතය. සංඥා නිදානය. සංඥා ප්‍රභවයැ. එහෙයින් සංඥා නානත්වයෙන්, නොයෙක් ආකාරයෙන් වැටහේයයි දතයුතුය.

එවං උපට‍්ඨිතෙ පන නිමිත‍්තෙ තෙන භික‍්ඛුනා ආචරියස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා ආරොචෙතබ‍්බං “මය‍්හං, භන‍්තෙ, එවරූපං නාම උපට‍්ඨාතී”ති. ආචරියෙන පන “නිමිත‍්තමිදං, ආවුසො, කම‍්මට‍්ඨානං පුනප‍්පුනං මනසි කරොහි සප‍්පුරිසා”ති වත‍්තබ‍්බො. අථානෙන නිමිත‍්තෙයෙව චිත‍්තං ඨපෙතබ‍්බං. එවමස‍්සායං ඉතො පභුති ඨපනාවසෙන භාවනා හොති. වුත‍්තඤ‍්හෙතං පොරාණෙහි –

මෙසේ නිමිති වැටහුණු කල්හි ඒ භික්‍ෂුව විසින් ගුරුවරයාගේ සමීපයට ගොස්, ‘ස්වාමීනි, මට මෙබඳු වූවක් (මෙබඳු ආකාරයක්) නම් වැටහේයයි දැනුම්දිය යුතුය. ගුරුවරයා විසින් ඇවැත්නි, මෙය නිමිත්තය. සත්පුරුෂය, කමටහන නැවත නැවත මෙනෙහි කරවයි කිවයුතුය. ඉක්බිති මොහු විසින් නිමිත්තෙහි සිත තබාගත යුතුය. මෙසේ මොහුට මෙතැන් පටන් මෙය ඨපනා වශයෙන් භාවනාව වේ. පුරාණයන් විසින් යූ.සේයි.

“නිමිත‍්තෙ ඨපයං චිත‍්තං, නානාකාරං විභාවයං; ධීරො අස‍්සාසපස‍්සාසෙ, සකං චිත‍්තං නිබන්‍ධතී”ති. (පාරා· අට‍්ඨ· 2.165; විසුද‍්ධි· 1.232);

නිමිත්තෙ ඨපයං චිත්තං - නානාකාරං විභාවයං, ධීරො අස්සාස පස්සාසෙ - සකං චිත්තං නිබන්‍ධති

නිමිත්තෙහි සිත තබනුයේ, නොයෙක් ආකාරයන් ප්‍රකට කරමින්, ප්‍රාඥයා ආශ්වාස ප්‍රශ්වාසයන්හි තම සිත බඳී.

තස‍්සෙවං නිමිත‍්තුපට‍්ඨානතො පභුති නීවරණානි වික‍්ඛම‍්භිතානෙව හොන‍්ති, කිලෙසා සන‍්නිසින‍්නාව, චිත‍්තං උපචාරසමාධිනා සමාහිතමෙව. අථානෙන තං නිමිත‍්තං නෙව වණ‍්ණතො මනසි කාතබ‍්බං, න ලක‍්ඛණතො පච‍්චවෙක‍්ඛිතබ‍්බං, අපිච ඛො ඛත‍්තියමහෙසියා චක‍්කවත‍්තිගබ‍්භො විය කස‍්සකෙන සාලියවගබ‍්භො විය ච ආවාසාදීනි සත‍්ත අසප‍්පායානි වජ‍්ජෙත්‍වා තානෙව සත‍්ත සප‍්පායානි සෙවන‍්තෙන සාධුකං රක‍්ඛිතබ‍්බං, අථ නං එවං රක‍්ඛිත්‍වා පුනප‍්පුනං මනසිකාරවසෙන වුද‍්ධිං විරූළ‍්හිං ගමයිත්‍වා දසවිධං අප‍්පනාකොසල‍්ලං සම‍්පාදෙතබ‍්බං, වීරියසමතා යොජෙතබ‍්බා. තස‍්සෙවං ඝටෙන‍්තස‍්ස විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තානුක‍්කමෙන තස‍්මිං නිමිත‍්තෙ චතුක‍්කපඤ‍්චකජ‍්ඣානානි නිබ‍්බත‍්තන‍්ති. එවං නිබ‍්බත‍්තචතුක‍්කපඤ‍්චකජ‍්ඣානො පනෙත්‍ථ භික‍්ඛු සල‍්ලක‍්ඛණාවිවට‍්ටනාවසෙන කම‍්මට‍්ඨානං වඩ‍්ඪෙත්‍වා පාරිසුද‍්ධිං පත‍්තුකාමො තදෙව ඣානං පඤ‍්චහාකාරෙහි වසිප‍්පත‍්තං පගුණං කත්‍වා නාමරූපං වවත්‍ථපෙත්‍වා විපස‍්සනං පට‍්ඨපෙති. කථං? සො හි සමාපත‍්තිතො වුට‍්ඨාය අස‍්සාසපස‍්සාසානං සමුදයො කරජකායො ච චිත‍්තඤ‍්චාති පස‍්සති. යථා හි කම‍්මාරගග‍්ගරියා ධමමානාය භස‍්තඤ‍්ච පුරිසස‍්ස ච තජ‍්ජං වායාමං පටිච‍්ච වාතො සඤ‍්චරති, එවමෙවං කායඤ‍්ච චිත‍්තඤ‍්ච පටිච‍්ච අස‍්සාසපස‍්සාසාති. තතො අස‍්සාසපස‍්සාසෙ ච කායඤ‍්ච රූපන‍්ති, චිත‍්තඤ‍්ච තංසම‍්පයුත‍්තෙ ච ධම‍්මෙ අරූපන‍්ති වවත්‍ථපෙති.

මෙසේ ඔහුට නිමිත්ත වැටහීමෙහි පටන් නීවරණයෝ විෂ්කම්භනය කරන ලද්දාහුම, කෙලෙස්හු සන්සුන් වූවාහුම වෙති. සිත උපචාර සමාධියෙන් සමාධිගත වූයේමය. ඉක්බිති මොහු විසින් එම නිමිත්ත වර්ණ වශයෙන් මෙනෙහි නොකටයුතුය. ලක්‍ෂණ වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා නොකටයුතුය. තවද වනාහි ක්‍ෂත්‍රිය මහේෂිකාවගේ සක්විති ගැබක් මෙන්ද, ගොවියෙකු විසින් ඇල් සහල්, යව ගබඩාවක් මෙන්ද, ආවාස ආදී සප්ත අසත්ප්‍රායයන් දුරුකොට, එම සප්ත සත්ප්‍රායයන් සෙවුණහු විසින් මනාව රැකිය යුතුය. ඉක්බිති එය මෙසේ රැක නැවත නැවත මෙනෙහි කිරීම් වශයෙන් වෘද්ධියට, අභිවෘද්ධියට පමුණුවා, දස වැදෑරුම් අර්පණා කෞශල්‍යයන් සම්පාදනය කළයුතුය. වීර්යය සමතාවය යෙදිය යුතුය. මෙසේ උත්සාහ කරන්නා වූ ඔහුට, විශුද්ධි මාර්ගයෙහි කියන ලද ක්‍රමයෙන්, එය නිමිත්තෙහි චතුර්ථ, පඤ්චමධ්‍යානයෝ උපදිති. මෙසේ උපන් චතුර්ථ, පඤ්චමධ්‍යානී භික්‍ෂුව, සල්ලක්ඛණ විවට්ටන වශයෙන් කමටහන් වඩා පාරිශුද්ධත්වයට පත්වනු කැමැතියේ එම ධ්‍යානයම පස් ආකාරයකින්, වසීප්‍රාප්ත කොට, ප්‍රගුණකොට නාමරූප පිරිසිඳ දැන, විදර්ශනා පිහිටුවයි. කෙසේද, හෙතෙම සමවතින් නැගිට ආශ්වාස-ප්‍රශ්වාසයන්ගේ හටගැන්මද, කරජකයද (මවුපියන් නිසා හටගත් ශරීරයද) සිතද යන මේවා බලයි. යම්සේ නම් ලෝකුරුවාගේ මයිනහමින් පිඹින කල්හි, භස්ත්‍රාව (හම් පසුම්බිය) පුරුෂයාගේ ජනිත උත්සාහය හේතුකොට වාතය පිරී හැසිරේද? එපරිද්දෙන්ම කයද, සිතද ආශ්‍රයකොට ආශ්වාස ප්‍රශ්වාස පවතී. ඉක්බිති ආශ්වාස ප්‍රශ්වාසයන්ද කය, රූපයද, සිතද ඒ හා එකට යෙදුණු ධර්මයන්ද, අරූපයයිද නිගමනය කරයි.

එවං නාමරූපං වවත්‍ථපෙත්‍වා තස‍්ස පච‍්චයං පරියෙසති, පරියෙසන‍්තො ච තං දිස‍්වා තීසුපි අද‍්ධාසු නාමරූපස‍්ස පවත‍්තිං ආරබ‍්භ කඞ‍්ඛං විතරති, විතිණ‍්ණකඞ‍්ඛො කලාපසම‍්මසනවසෙන “අනිච‍්චං දුක‍්ඛමනත‍්තා”ති තිලක‍්ඛණං ආරොපෙත්‍වා උදයබ‍්බයානුපස‍්සනාය පුබ‍්බභාගෙ උප‍්පන‍්නෙ ඔභාසාදයො දස විපස‍්සනුපක‍්කිලෙසෙ පහාය උපක‍්කිලෙසවිමුත‍්තං උදයබ‍්බයානුපස‍්සනාඤාණං “මග‍්ගො”ති වවත්‍ථපෙත්‍වා උදයං පහාය භඞ‍්ගානුපස‍්සනං පත්‍වා නිරන‍්තරං භඞ‍්ගානුපස‍්සනෙන භයතො උපට‍්ඨිතෙසු සබ‍්බසඞ‍්ඛාරෙසු නිබ‍්බින්‍දන‍්තො විරජ‍්ජන‍්තො විමුච‍්චන‍්තො යථාක‍්කමෙන චත‍්තාරො අරියමග‍්ගෙ පාපුණිත්‍වා අරහත‍්තඵලෙ පතිට‍්ඨාය එකූනවීසතිභෙදස‍්ස පච‍්චවෙක‍්ඛණාඤාණස‍්ස පරියන‍්තං පත‍්තො සදෙවකස‍්ස ලොකස‍්ස අග‍්ගදක‍්ඛිණෙය්‍යො හොති. එත‍්තාවතා චස‍්ස ගණනං ආදිං කත්‍වා විපස‍්සනාපරියොසානා ආනාපානස‍්සතිසමාධිභාවනා සමත‍්තා හොතීති. අයං සබ‍්බාකාරතො පඨමචතුක‍්කවණ‍්ණනා.

මෙසේ නාමරූප නිශ්චය කොට, එයට හේතු සොයයි. සොයනුයේද, එය දැක ත්‍රෛකාලයන්හි, නාමරූපයාගේ පැවැත්ම අරබයා සැක දුරුකරයි. දුරුකරන ලද සැක ඇතියේ, කලාප සම්මර්ශන වශයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්මයැයි ත්‍රිලක්‍ෂණයට නංවා, හටගැනීම්, විනාශවීම් අනුව බැලීමෙන් උපන්, ආලෝකාදී දස විදර්ශනා උපක්ලේශයන් දුරුකොට, උපක්ලේශයන්ගෙන් තොර, උදයව්‍යයානුපස්සනා ඤාණය මාර්ගයයි නිශ්චයකොට, උදය හැර භංගානුපස්සනාවට පැමිණ නිරතුරු භංගානුපස්සනාවෙන් භය වශයෙන් වැටහුණු කල්හි, සියලු සංස්කාරයන්හි කලකිරෙනුයේ, නොඇලෙනුයේ, මිදෙනුයේ, පිළිවෙලින් සිව් ආර්ය මාර්ගයන්ට පැමිණ අර්හත් ඵලයෙහි පිහිටා, එකුන්විසි ප්‍රභේද වූ, ප්‍රත්‍යවේක්‍ෂණ ඤාණයෙහි කෙළවරට පැමිණියේ දෙවියන් සහිත ලෝකයාගේ අග්‍රදක්‍ෂිණාර්හ බවට පත්වේ. මෙතෙකින් ඔහුගේ ගණන් කිරීම මුල්කොට විදර්ශනා කෙළවර කොට ඇති ආනාපාන සති සමාධි භාවනාව සමාප්ත වේ. මේ සර්වාකාරයෙන් ප්‍රථම චතුෂ්ක වර්ණනාවයි.

ඉතරෙසු පන තීසු චතුක‍්කෙසු යස‍්මා විසුං කම‍්මට‍්ඨානභාවනානයො නාම නත්‍ථි, තස‍්මා අනුපදවණ‍්ණනානයෙනෙව තෙසං එවමත්‍ථො වෙදිතබ‍්බො. පීතිපටිසංවෙදීති පීතිං පටිසංවිදිතං කරොන‍්තො පාකටං කරොන‍්තො අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. තත්‍ථ ද‍්වීහාකාරෙහි පීති පටිසංවිදිතා හොති ආරම‍්මණතො ච අසම‍්මොහතො ච.

අනෙක් ත්‍රිවිධ චතුෂ්කයන්හි, වෙන්ව කර්මස්ථාන භාවනා ක්‍රමයක් නම් නැත. එහෙයින් අනුපද වර්ණනා ක්‍රමයෙන්ම ඒවාහි මෙසේ අර්ථ දතයුතුය. පීති පටිසංවෙදී යනු ප්‍රීතිය මනාව විඳිනු ලබන්නක් කරනුයේ, ප්‍රකට කරනුයේ ආශ්වාස කරන්නෙමි. ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. එහි දෙයාකාරයකින් ප්‍රීතිය මනාව දැනගත්තේ වෙයි. අරමුණු වශයෙන්ද අසම්මෝහ වශයෙන්ද වේ.

කථං ආරම‍්මණතො පීති පටිසංවිදිතා හොති? සප‍්පීතිකෙ ද‍්වෙ ඣානෙ සමාපජ‍්ජති, තස‍්ස සමාපත‍්තික‍්ඛණෙ ඣානපටිලාභෙන ආරම‍්මණතො පීති පටිසංවිදිතා හොති ආරම‍්මණස‍්ස පටිසංවිදිතත‍්තා.

කෙසේ ආරම්මණ වශයෙන් ප්‍රීතිය මනාව දැනගත්තේ වේද, ප්‍රීති සහිත දෙදැහැන්හි සමවදියි. එහි සමවත් කෙණෙහි ධ්‍යාන ප්‍රතිලාභයෙන්, ඊට අදාළ අරමුණෙහි මනාව දැනගත් හෙයින් ආරම්මණ වශයෙන් ප්‍රීතිය මනාව දැනගත්තේ වේ.

කථං අසම‍්මොහතො? සප‍්පීතිකෙ ද‍්වෙ ඣානෙ සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය ඣානසම‍්පයුත‍්තං පීතිං ඛයතො වයතො සම‍්මසති, තස‍්ස විපස‍්සනාක‍්ඛණෙ ලක‍්ඛණපටිවෙධෙන අසම‍්මොහතො පීති පටිසංවිදිතා හොති. එතෙනෙව නයෙන අවසෙසපදානිපි අත්‍ථතො වෙදිතබ‍්බානි. ඉදං පනෙත්‍ථ විසෙසමත‍්තං – තිණ‍්ණං ඣානානං වසෙන සුඛපටිසංවිදිතා හොති. චතුන‍්නම‍්පි ඣානානං වසෙන චිත‍්තසඞ‍්ඛාරපටිසංවිදිතා වෙදිතබ‍්බා. චිත‍්තසඞ‍්ඛාරොති වෙදනාසඤ‍්ඤාක‍්ඛන්‍ධා. පස‍්සම‍්භයං චිත‍්තසඞ‍්ඛාරන‍්ති ඔළාරිකං ඔළාරිකං චිත‍්තසඞ‍්ඛාරං පස‍්සම‍්භෙන‍්තො, නිරොධෙන‍්තොති අත්‍ථො. සො විත්‍ථාරතො කායසඞ‍්ඛාරෙ වුත‍්තනයෙන වෙදිතබ‍්බො. අපිචෙත්‍ථ පීතිපදෙ පීතිසීසෙන වෙදනා වුත‍්තා, සුඛපදෙ සරූපෙනෙව වෙදනා. ද‍්වීසු චිත‍්තසඞ‍්ඛාරපදෙසු “සඤ‍්ඤා ච වෙදනා ච චෙතසිකා, එතෙ ධම‍්මා චිත‍්තපටිබද‍්ධා චිත‍්තසඞ‍්ඛාරා”ති (පටි· ම· 1.174; ම· නි· 1.463) වචනතො සඤ‍්ඤාසම‍්පයුත‍්තා වෙදනාති එවං වෙදනානුපස‍්සනානයෙන ඉදං චතුක‍්කං භාසිතන‍්ති වෙදිතබ‍්බං.

අසම්මෝහ වශයෙන් කෙසේද? ප්‍රීති සහිත දෙදැහැන්හි සමවැද නැගිට, ධ්‍යානය හා එකට යෙදුණු ප්‍රීතිය ක්‍ෂය ව්‍යය වශයෙන් විමසා බලයි. ඔහුට විවසුන් කෙණෙහි ලක්‍ෂණ අවබෝධයෙන් අසම්මෝහ වශයෙන් ප්‍රීතිය මනාව දතුයේ වේ. එම ක්‍රමයෙන්ම සෙසු පදයන්ද අර්ථ වශයෙන් දතයුත්තාහ. මෙය වනාහි මෙහි විශේෂ මාත්‍රයයි. ත්‍රිවිධ ධ්‍යානයන්ගේ වශයෙන් සුඛ පටිසංවෙදිතා සුවය මනාව දැනගත්තේ වෙයි. සිව් ධ්‍යානයන්ගේ වශයෙන් චිත්ත සංඛාරො පටිසංවෙදිතො චිත්ත සංඛාර මනාව දැනගැනීම වෙයි. චිත්ත සංඛාරො යනු වෙදනා සංඥා ස්කන්ධයෝය. පස්සම්භයං චිත්ත සංඛාරං යනු දළ දළ චිත්ත සංස්කාර සන්සිඳුවනුයේ, නිරුද්ධ කරනුයේ යන අර්ථයි. එය විස්තර වශයෙන් කාය සංස්කාරයෙහි කියන ලද ක්‍රමයෙන් දතයුතුය. තවද, මෙහි ප්‍රීති පදයෙහි ප්‍රීති ශීර්ෂයෙන් වේදනාව යූ.සේයි. සුඛ පදයෙහි ස්වරූපයෙන්ම වේදනාවය. චිත්ත සංස්කාර පද ද්වයෙහි සංඥාවද වේදනාවද චෛතසිකයි. එම ධර්ම සිත හා බැඳි චිත්ත චිත්ත සංස්කාරයයි කියනු ලබන හෙයින්, සංඥාව හා එකට යෙදුණු වේදනාව යැයි වේදනානුපස්සනා ක්‍රමයෙන් මෙම චතුෂ්කය වදාරන ලදැයි දතයුතුය.

තතියචතුක‍්කෙපි චතුන‍්නං ඣානානං වසෙන චිත‍්තපටිසංවිදිතා වෙදිතබ‍්බා. අභිප‍්පමොදයං චිත‍්තන‍්ති චිත‍්තං මොදෙන‍්තො පමොදෙන‍්තො හාසෙන‍්තො පහාසෙන‍්තො අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. තත්‍ථ ද‍්වීහාකාරෙහි අභිප‍්පමොදො හොති සමාධිවසෙන ච විපස‍්සනාවසෙන ච.

තෙවන චතුෂ්කයෙහිද, සිව් ධ්‍යානයන්ගේ වසයෙන් චිත්ත පටිසංවෙදිතාව දතයුත්තේය. අභිප්පමොදයං චිත්තං යනු සිත සතුටු කරනුයේ, විශේෂයෙන් සතුටු කරනුයේ, ප්‍රීතිමත් කරනුයේ විශේෂයෙන් ප්‍රීතිමත් කරනුයේ, ආශ්වාස කරන්නෙමි. ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. එහි දෙයාකාරයකින් අභිප්‍රමෝදය වේ. සමාධි වශයෙන්ද විදර්ශනා වශයෙන්ද වේ.

කථං සමාධිවසෙන? සප‍්පීතිකෙ ද‍්වෙ ඣානෙ සමාපජ‍්ජති, සො සමාපත‍්තික‍්ඛණෙ සම‍්පයුත‍්තාය පීතියා චිත‍්තං ආමොදෙති පමොදෙති. කථං විපස‍්සනාවසෙන? සප‍්පීතිකෙ ද‍්වෙ ඣානෙ සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය ඣානසම‍්පයුත‍්තං පීතිං ඛයතො වයතො සම‍්මසති. එවං විපස‍්සනාක‍්ඛණෙ ඣානසම‍්පයුත‍්තං පීතිං ආරම‍්මණං කත්‍වා චිත‍්තං ආමොදෙති පමොදෙති. එවං පටිපන‍්නො “අභිප‍්පමොදයං චිත‍්තං අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති වුච‍්චති.

සමාධි වශයෙන් කෙසේද? ප්‍රීති සහිත දෙදැහැන්හි සමවදියි. එය සමාපත්තික්‍ෂණයෙහි ඒ හා යෙදුණු ප්‍රීතියෙන් සිත සතුටු කරයි. විශේෂයෙන් ප්‍රීතිමත් කරයි. විදර්ශනා වශයෙන් කෙසේද? ප්‍රීති සහිත දෙදැහැන්හි සමවැදී, නැගිට ධ්‍යානය හා එකට යෙදුණු ප්‍රීතිය ක්‍ෂය, ව්‍යය වශයෙන් විමසා බලයි. මෙසේ විදර්ශනා ක්‍ෂණයෙහි ධ්‍යානය හා එකට යෙදුණු ප්‍රීතිය අරමුණුකොට සිත සතුටු කරයි. විශේෂයෙන් ප්‍රීතිමත් කරයි. මෙසේ පිළිපන්නේ, ‘අභිප්පමොදයං චිත්තං අස්සසිස්සමී පස්සසිස්සාමීති සික්ඛති’ යයි යූ.සේයි.

සමාදහං චිත‍්තන‍්ති පඨමජ‍්ඣානාදිවසෙන ආරම‍්මණෙ චිත‍්තං සමං ආදහන‍්තො සමං ඨපෙන‍්තො, තානි වා පන ඣානානි සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය ඣානසම‍්පයුත‍්තං චිත‍්තං ඛයතො වයතො සම‍්මසතො විපස‍්සනාක‍්ඛණෙ ලක‍්ඛණපටිවෙධෙන උප‍්පජ‍්ජති ඛණිකචිත‍්තෙකග‍්ගතා, එවං උප‍්පන‍්නාය ඛණිකචිත‍්තෙකග‍්ගතාය වසෙනපි ආරම‍්මණෙ චිත‍්තං සමං ආදහන‍්තො සමං ඨපෙන‍්තො “සමාදහං චිත‍්තං අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති වුච‍්චති.

සමාදහං චිත්තං යනු ප්‍රථමධ්‍යානාදි වශයෙන් අරමුණෙහි සිත සමව අල්වාගනුයේ, සමව තබනුයේ, එම ධ්‍යානයන්ට සමවැද, නැගිට ධ්‍යානය හා එකට යෙදුණු සිත ක්‍ෂය, ව්‍යය වශයෙන් මෙනෙහි කරන කල්හි, විදර්ශනා ක්‍ෂණයෙහි ලක්‍ෂණ අවබෝධයෙන් ක්‍ෂණික සිතෙහි එකඟතාව උපදී. මෙසේ උපන්නා වූ, ක්‍ෂණික සිතෙහි එකඟතාව වශයෙන්ද, අරමුණෙහි සිත සමව අල්ලාගනුයේ, සමව තබනුයේ, ‘සමාදහං චිත්තං අස්සසිස්සාමි, පස්සයිස්සාමිති සික්ඛති’යි යූ.සේයි.

විමොචයං චිත‍්තන‍්ති පඨමජ‍්ඣානෙන නීවරණෙහි චිත‍්තං මොචෙන‍්තො විමොචෙන‍්තො, දුතියෙන විතක‍්කවිචාරෙහි, තතියෙන පීතියා, චතුත්‍ථෙන සුඛදුක‍්ඛෙහි චිත‍්තං මොචෙන‍්තො විමොචෙන‍්තො, තානි වා පන ඣානානි සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය ඣානසම‍්පයුත‍්තං චිත‍්තං ඛයතො වයතො සම‍්මසති. සො විපස‍්සනාක‍්ඛණෙ අනිච‍්චානුපස‍්සනාය නිච‍්චසඤ‍්ඤාතො චිත‍්තං මොචෙන‍්තො විමොචෙන‍්තො, දුක‍්ඛානුපස‍්සනාය සුඛසඤ‍්ඤාතො, අනත‍්තානුපස‍්සනාය අත‍්තසඤ‍්ඤාතො, නිබ‍්බිදානුපස‍්සනාය නන්‍දිතො, විරාගානුපස‍්සනාය රාගතො, නිරොධානුපස‍්සනාය සමුදයතො, පටිනිස‍්සග‍්ගානුපස‍්සනාය ආදානතො චිත‍්තං මොචෙන‍්තො විමොචෙන‍්තො අස‍්සසති චෙව පස‍්සසති ච. තෙන වුච‍්චති – “විමොචයං චිත‍්තං අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති. එවං චිත‍්තානුපස‍්සනාවසෙන ඉදං චතුක‍්කං භාසිතන‍්ති වෙදිතබ‍්බං.

විමොචයං චිත්තං යනු ප්‍රථමධ්‍යානයේන, නීවරණයන්ගෙන් සිත මුදවනුයේ, මනාව මුදවනුයේ, ද්විතීය ධ්‍යානයෙන් විතර්ක විචාරයන්ගෙන්ද, තෘතීය ධ්‍යානයෙන් ප්‍රීතියගෙන්ද, චතුර්ථ ධ්‍යානයෙන් සුඛ දුක්ඛයන්ගෙන්ද සිත මුදවනුයේ මනාව මුදවනුයේ එම ධ්‍යානයන්ට සමවැද, නැගිට ධ්‍යාන සම්ප්‍රයුක්ත සිත ක්‍ෂය ව්‍යය වශයෙන් විමසා බලයි. හෙතෙම විදර්ශනාක්‍ෂණයෙහි, අනිත්‍යානුපස්සනාවෙන් නිත්‍ය සංඥාවෙන් සිත මුදවනුයේ, මනාව මුදවනුයේ, දුක්ඛානුපස්සනාවෙන් සුව සංඥාවගෙන්ද, අනාත්මානුපස්සනාවෙන්, ආත්ම සංඥාවගෙන්ද, නිර්විදානුපස්සනාවෙන් තෘෂ්ණාවගෙන්ද, විරාගානුපස්සනාවෙන් රාගයෙන්ද, නිරෝධානුපස්සනාවෙන්, හටගැන්මෙන්ද, සිත මුදවනුයේ මනාව මුදවනුයේ ආශ්වාස කරනුයේද, ප්‍රශ්වාස කරනුයේද වේ. එහෙයින් ‘විමොචයං චිත්තං අස්සසිස්සාමි - පස්සසිස්සාමි සික්ඛත’ යි යූ.සේයි. මෙ‌සේ චිත්තානුපස්සනා වශයෙන් මෙම චතුෂ්කය වදාරන ලදැයි දතයුතුය.

චතුත්‍ථචතුක‍්කෙ පන අනිච‍්චානුපස‍්සීති එත්‍ථ තාව අනිච‍්චං වෙදිතබ‍්බං, අනිච‍්චතා වෙදිතබ‍්බා, අනිච‍්චානුපස‍්සනා වෙදිතබ‍්බා, අනිච‍්චානුපස‍්සී වෙදිතබ‍්බො. තත්‍ථ අනිච‍්චන‍්ති පඤ‍්චක‍්ඛන්‍ධා. කස‍්මා? උප‍්පාදවයඤ‍්ඤථත‍්තභාවා. අනිච‍්චතාති තෙසංයෙව උප‍්පාදවයඤ‍්ඤථත‍්තං, හුත්‍වා අභාවො වා, නිබ‍්බත‍්තානං තෙනෙවාකාරෙන අට‍්ඨත්‍වා ඛණභඞ‍්ගෙන භෙදොති අත්‍ථො. අනිච‍්චානුපස‍්සනාති තස‍්සා අනිච‍්චතාය වසෙන රූපාදීසු “අනිච‍්ච”න‍්ති අනුපස‍්සනා. අනිච‍්චානුපස‍්සීති තාය අනුපස‍්සනාය සමන‍්නාගතො. තස‍්මා එවංභූතො අස‍්සසන‍්තො ච පස‍්සසන‍්තො ච ඉධ “අනිච‍්චානුපස‍්සී අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති වෙදිතබ‍්බො.

සිව්වන චතුෂ්කයෙහි, අනිච්චානුපස්සි යන මෙහි පළමුව අනිත්‍යය දතයුතුය. අනිත්‍යතාව දතයුතුය. අනිත්‍යානුපස්සනාවද දතයුතුය. අනිත්‍ය අනුව බලන්නා දතයුතුය. එහි අනිත්‍යය යනු පංචස්කන්ධයයි. කුමක් හෙයින්ද? හටගැන්ම, වෙනස්වීම්, විනාශය යන ස්වභාව හෙයිනි. අනිච්චතා යනු එම හටගැනීම් විනාශවීම්, වෙනස්වීම්හිම කලක් පැවැත විනාශවීමයි. හටගත්තවුන්ගේ එම ආකාරයෙන්ම නොසිට ක්‍ෂණයක් පාසා විනාශයෙන් බිඳේයයි අර්ථයි. අනිච්චානුපස්සනා යනු එම අනිත්‍යතා වශයෙන් රූපාදීන්හි අනිත්‍යයයි නුවණින් විමසා බැලීමයි. අනිච්චානුපස්සී යනු එම නුවණින් විමසා බැලීමෙන් යුක්ත වූයේ. එහෙයින් මෙවන් ස්වභාවයේන යුක්ත වූයේ ආශ්වාස කරනුයේද, ප්‍රශ්වාස කරනුයේද මෙහි අනිච්චානුපස්සී අස්සයිස්සාමි පස්සයිස්සාමීති සික්ඛති යයි දතයුතුය.

විරාගානුපස‍්සීති එත්‍ථ පන ද‍්වෙ විරාගා ඛයවිරාගො ච අච‍්චන‍්තවිරාගො ච. තත්‍ථ ඛයවිරාගොති සඞ‍්ඛාරානං ඛණභඞ‍්ගො. අච‍්චන‍්තවිරාගොති නිබ‍්බානං. විරාගානුපස‍්සනාති තදුභයදස‍්සනවසෙන පවත‍්තා විපස‍්සනා ච මග‍්ගො ච. තාය දුවිධායපි අනුපස‍්සනාය සමන‍්නාගතො හුත්‍වා අස‍්සසන‍්තො ච පස‍්සසන‍්තො ච “විරාගානුපස‍්සී අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති වෙදිතබ‍්බො. නිරොධානුපස‍්සීපදෙපි එසෙව නයො.

විරාගානුපස්සී යන මෙහි විරාග ද්වයයකි. ක්‍ෂය විරාගය, අත්‍යන්ත විරාගයද වශයෙනි. එහි ක්‍ෂය විරාගය යනු සංස්කාරයන්ගේ ක්‍ෂණයක් පාසා වන බිඳීමයි. අත්‍යන්ත විරාගය යනු නිර්වාණයයි. විරාගානුපස්සනා එම ද්වයය නුවණින් දැකීම් වශයෙන් පැවැති විදර්ශනාවද, මාර්ගයද වේ. එම දෙවැදෑරුම් වූද, අනුපස්සනාවන්ගෙන් යුක්තව, ආශ්වාස ප්‍රශ්වාස කරනුයේද, විරාගානුපස්සී අස්සසිස්සාමි පස්සසිස්සාමීති සික්ඛති යයි දතයුතුය.

පටිනිස‍්සග‍්ගානුපස‍්සීති එත්‍ථාපි ද‍්වෙ පටිනිස‍්සග‍්ගා පරිච‍්චාගපටිනිස‍්සග‍්ගො ච පක‍්ඛන්‍දනපටිනිස‍්සග‍්ගො ච. පටිනිස‍්සග‍්ගොයෙව අනුපස‍්සනා පටිනිස‍්සග‍්ගානුපස‍්සනා, විපස‍්සනාමග‍්ගානමෙතං අධිවචනං. විපස‍්සනාති තදඞ‍්ගවසෙන සද‍්ධිං ඛන්‍ධාභිසඞ‍්ඛාරෙහි කිලෙසෙ පරිච‍්චජති, සඞ‍්ඛතදොසදස‍්සනෙන ච තබ‍්බිපරීතෙ නිබ‍්බානෙ තන‍්නින‍්නතාය පක‍්ඛන්‍දතීති පරිච‍්චාගපටිනිස‍්සග‍්ගො චෙව පක‍්ඛන්‍දනපටිනිස‍්සග‍්ගො චාති වුච‍්චති. මග‍්ගො සමුච‍්ඡෙදවසෙන සද‍්ධිං ඛන්‍ධාභිසඞ‍්ඛාරෙහි කිලෙසෙ පරිච‍්චජති, ආරම‍්මණකරණෙන ච නිබ‍්බානෙ පක‍්ඛන්‍දතීති පරිච‍්චාගපටිනිස‍්සග‍්ගො චෙව පක‍්ඛන්‍දනපටිනිස‍්සග‍්ගො චාති වුච‍්චති. උභයම‍්පි පන පුරිමපුරිමඤාණානං අනුඅනු පස‍්සනතො අනුපස‍්සනාති වුච‍්චති. තාය දුවිධායපි පටිනිස‍්සග‍්ගානුපස‍්සනාය සමන‍්නාගතො හුත්‍වා අස‍්සසන‍්තො ච පස‍්සසන‍්තො ච “පටිනිස‍්සග‍්ගානුපස‍්සී අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති වෙදිතබ‍්බො.

නිරොධානුපස්සී පදයෙහිද එම ක්‍රමයමැයි. පටිනිස්සග්ගානුපස්සී යන මෙහිද, අත්හැරීම් ද්වයයකි. පරිත්‍යාග වශයෙන් අත්හැරීමද පැනවැදීම් වශයෙන් අත්හැරීමද වේ. අත්හැරීමම නුවණින් බැලීම පටිනිස්සග්ගානුපස්සනායි. එය විදර්ශනා මාර්ගයට විශේෂ නාමයකි. විදර්ශනාව වනාහි තදංග වශයෙන් ස්කන්ධ අභිසංස්කාරයන් සහිත කෙලෙස් අත්හරියි. ප්‍රත්‍යයෙන් හටගත් දෑහි දොස් දර්ශනයෙන්ද එයට විපරීත නිර්වාණයෙහි එයට නිම්නතාවයෙන් පැනවදීනුයු පරිත්‍යාග අත්හැරීමද, පැනවැදීම් වශයෙන් වන අත්හැරීම යයි යූ.සේයි. මාර්ගය සිඳ දැමීම් වශයෙන් ස්කන්ධ අභිසංස්කාරයන් සහිත කෙලෙස් අත්හරියි. අරමුණු කිරීම් වශයෙන් නිර්වාණයෙහි පැන වදීනුයි. අත්හැරීම් පරිත්‍යාගද, පැනවැදීම් පරිත්‍යාගයයිද යූ.සේයි. ද්වයයම පළමු පළමු ඤාණයන් අනුව, අනුව බලන හෙයින් අනුපස්සනායි යූ.සේයි. ඒ දෙවදෑරුම් වූම අත්හැරීම් නුවණින් බැලීමෙන් යුක්තව ආශ්වාස කරනුයේද ප්‍රශ්වාස කරනුයේද, පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමි පස්සසිස්සාමීති සික්ඛති යයි දතයුතුය.

එත්‍ථ ච “අනිච‍්චානුපස‍්සී”ති තරුණවිපස‍්සනාය වසෙන වුත‍්තං, “විරාගානුපස‍්සී”ති තතො බලවතරාය සඞ‍්ඛාරෙසු විරජ‍්ජනසමත්‍ථාය විපස‍්සනාය වසෙන, “නිරොධානුපස‍්සී”ති තතො බලවතරාය කිලෙසනිරොධනසමත්‍ථාය විපස‍්සනාය වසෙන , “පටිනිස‍්සග‍්ගානුපස‍්සී”ති මග‍්ගස‍්ස ආසන‍්නභූතාය අතිතික‍්ඛාය විපස‍්සනාය වසෙන වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. යත්‍ථ පන මග‍්ගොපි ලබ‍්භති, සො අභින‍්නොයෙව. එවමිදං චතුක‍්කං සුද‍්ධවිපස‍්සනාවසෙන වුත‍්තං, පුරිමානි පන තීණි සමථවිපස‍්සනාවසෙනාති.

මෙහිද අනිච්චානුපස්සී යනු තරුණ විදර්ශනාවගේ වශයෙන් යූ.සේයි. විරාගානුපස්සී යනු තරුණ විදර්ශනාවගේ වශයෙන් යූ.සේයි. විරාගානුපස්සී යනු තරුණ විදර්ශනාවගේ වශයෙන් යූ.සේයි. විරාගානුපස්සී යනු එයට වඩා බලවත් අයුරින් සංස්කාරයන්හි නොඇල්මෙහි සමත් විදර්ශනා වශයෙනි. නිරොධානුපස්සී යනු එයට වඩා බලවත් අයුරින්, කෙලෙස් නිරුද්ධ කිරීමෙහි සමත්, විදර්ශනාවගේ වශයෙනි. පටිනිස්සග්ගානුපස්සී යනු මාර්ගයට ආසන්න වූ අත් සියුම් විදර්ශනාවගේ වශයෙන් කියන ලදැයි දතයුතුය. යම්තැනක මාර්ගය ලදද? එය නොබිඳුණේමය. මෙසේ මේ චතුෂ්කය සුද්ධ විදර්ශනා වශයෙන් යූ.සේයි. ප්‍රථමත්‍රය සමථ විදර්ශනා වශයෙනි.

ආනාපානස‍්සතිමාතිකාවණ‍්ණනා නිට‍්ඨිතා.

ආනාපන සති මාතෘකා වර්ණනාව නිමි.

ඉදානි යථානික‍්ඛිත‍්තං මාතිකං පටිපාටියා භාජෙත්‍වා දස‍්සෙතුං ඉධාති ඉමිස‍්සා දිට‍්ඨියාතිආදි ආරද‍්ධං. තත්‍ථ ඉමිස‍්සා දිට‍්ඨියාතිආදීහි දසහි පදෙහි සික‍්ඛත‍්තයසඞ‍්ඛාතං සබ‍්බඤ‍්ඤුබුද‍්ධසාසනමෙව කථිතං. තඤ‍්හි බුද‍්ධෙන භගවතා දිට‍්ඨත‍්තා දිට‍්ඨීති වුච‍්චති, තස‍්සෙව ඛමනවසෙන ඛන‍්ති, රුච‍්චනවසෙන රුචි, ගහණවසෙන ආදායො, සභාවට‍්ඨෙන ධම‍්මො, සික‍්ඛිතබ‍්බට‍්ඨෙන විනයො, තදුභයෙනපි ධම‍්මවිනයො, පවුත‍්තවසෙන පාවචනං, සෙට‍්ඨචරියට‍්ඨෙන බ්‍රහ‍්මචරියං , අනුසිට‍්ඨිදානවසෙන සත්‍ථුසාසනන‍්ති වුච‍්චති. තස‍්මා “ඉමිස‍්සා දිට‍්ඨියා”තිආදීසු ඉමිස‍්සා බුද‍්ධදිට‍්ඨියා, ඉමිස‍්සා බුද‍්ධඛන‍්තියා, ඉමිස‍්සා බුද‍්ධරුචියා, ඉමස‍්මිං බුද‍්ධආදායෙ, ඉමස‍්මිං බුද‍්ධධම‍්මෙ, ඉමස‍්මිං බුද‍්ධවිනයෙ, ඉමස‍්මිං බුද‍්ධධම‍්මවිනයෙ, ඉමස‍්මිං බුද‍්ධපාවචනෙ, ඉමස‍්මිං බුද‍්ධබ්‍රහ‍්මචරියෙ, ඉමස‍්මිං බුද‍්ධසත්‍ථුසාසනෙති අත්‍ථො වෙදිතබ‍්බො. අපිචෙතං සික‍්ඛත‍්තයසඞ‍්ඛාතං සකලං පාවචනං භගවතා දිට‍්ඨත‍්තා සම‍්මාදිට‍්ඨිපච‍්චයත‍්තා සම‍්මාදිට‍්ඨිපුබ‍්බඞ‍්ගමත‍්තා ච දිට‍්ඨි. භගවතො ඛමනවසෙන ඛන‍්ති. රුච‍්චනවසෙන රුචි. ගහණවසෙන ආදායො . අත‍්තනො කාරකං අපායෙ අපතමානං ධාරෙතීති ධම‍්මො. සොව සංකිලෙසපක‍්ඛං විනෙතීති විනයො. ධම‍්මො ච සො විනයො චාති ධම‍්මවිනයො, කුසලධම‍්මෙහි වා අකුසලධම‍්මානං එස විනයොති ධම‍්මවිනයො. තෙනෙව වුත‍්තං – “යෙ ච ඛො ත්‍වං, ගොතමි, ධම‍්මෙ ජානෙය්‍යාසි ඉමෙ ධම‍්මා විරාගාය සංවත‍්තන‍්ති, නො සරාගාය…පෙ… එකංසෙන, ගොතමි, ධාරෙය්‍යාසි එසො ධම‍්මො එසො විනයො එතං සත්‍ථුසාසන”න‍්ති (අ· නි· 8.53; චූළව· 406). ධම‍්මෙන වා විනයො, න දණ‍්ඩාදීහීති ධම‍්මවිනයො. වුත‍්තම‍්පි චෙතං –

දැන් ඉදිරිපත් කරන ලද, මාතෘකා පිළිවෙලින් බෙදා දැක්වීමට ඉධාති ඉමිස්සා දිට්ඨියා ආදිය අරඹන ලදි. එහි ඉමිස්සා දිට්ඨියා යන ආදී දස පදයන්ගෙන් ශික්‍ෂාත්‍රය සංඛ්‍යාත සර්වඥ බුද්ධ සාසනයම කියන ලදි. එය භාග්‍යවත් බුදුරදුන් විසින් දක්නා ලද හෙයින් දිට්ඨියයි යූ.සේයි. එයම ඉවසීම් වශයෙන් ඛන්තියි. කැමැතිවීම් වශයෙන් රුචියි. ග්‍රහණ වශයෙන් ආදායොයි. ස්වභාව අර්ථයෙන් ධම්මොයි. හික්මිය යුතු අර්ථයෙන් විනයොයි. එම ද්වයය වශයෙන් ධම්ම විනයොයි. කියන ලද වශයෙන් පාවචනයි. ශ්‍රේෂ්ඨචර්යාර්ථයෙන් බ්‍රහ්මචරියංයි, අවවාද දීම් වශයෙන් සත්‍ථුසාසනංයි. එහෙයින් ‘ඉමිස්සා දිට්ඨියා’ ආදීන්හි, මේ බුද්ධ දිට්ඨියා, මේ බුද්ධ ඛන්තියා, මේ බුද්ධ රුචියා, මේ බුද්ධ ආදායෙ, මේ බුද්ධ ධම්මෙ මේ බුද්ධ විනයෙ, මේ බුද්ධ, ධම්ම විනයෙ මේ බුද්ධ පාවචනෙ, මේ බුද්ධ බ්‍රහ්මචරියෙ, මේ බුද්ධ සත්‍ථු සාසනෙ යයි අර්ථය දතයුතුය. තවද මෙහි ශික්‍ෂාත්‍රය සංඛ්‍යාත බුදුරදුන් විසින් වදාළ සකල නවාංග ශාස්තෲ සාසනය බුදුරදුන් විසින් දිටිහෙයින්ද, සම්‍යග් දෘෂ්ටි හේතුකත්වයෙන්ද සම්‍යග් දෘෂ්ටි පූර්වාංගමත්වයෙන්ද දෘෂ්ටියි. බුදුරදුන්ගේ, ඉවසීම් වශයෙන් ක්‍ෂාන්තියි. රුචිවීම් වශයෙන් රුචියි. ග්‍රහණ වශයෙන් ආදායොයි. තමාගේ නියමයන් අනුව ක්‍රියා කරන්නා අපායෙහි නොහෙළමින් දරානු ධර්මයි. එහිම සකෙලෙස් පස හික්මවයිනුයි විනයයි. ධර්මයද, විනයද, එයමනුයි ධර්ම විනයයි. කුසල ධර්මයන්හි හෝ අකුසල ධර්මයන්ගේ එය හික්මීමනුයි ධර්ම විනයයි. එහෙයින්ම කියන ලදි. ‘ගෝතමිය, නුඹ යම් ඒ ධර්මයන්හි මෙම ධර්මයෝ නොඇල්ම සඳහා පවතිත්. ඇල්ම සදහා නොවෙත්යයි දන්නෙහිද? -පෙ- ගොතමිය, ඒකාන්තයෙන්, එය ධර්මයයිද එය විනය යයිද, එය ශාස්තෲ ශාසනය යැයිද දරාගනුව. ධර්මයෙන්ම හික්මීමයි දණ්ඩණාදීන්ගෙන් නොවේනුයි ධර්ම විනයයි.

“දණ‍්ඩෙනෙකෙ දමයන‍්ති, අඞ‍්කුසෙහි කසාහි ච; අදණ‍්ඩෙන අසත්‍ථෙන, නාගො දන‍්තො මහෙසිනා”ති. (ම· නි· 2.352; චූළව· 342);

දණ්ඩෙනෙකෙ දමයන්ති - අංකුසෙහි කසාහිච, අදණ්ඩෙන අසත්‍ථෙන - නාගො දන්තො මහෙසිනා

තථා “ධම‍්මෙන නයමානානං, කා උසූයා විජානත”න‍්ති (මහාව· 63). ධම‍්මාය වා විනයො ධම‍්මවිනයො. අනවජ‍්ජධම‍්මත්‍ථං හෙස විනයො, න භවභොගාමිසත්‍ථං. තෙනාහ භගවා – “නයිදං, භික‍්ඛවෙ, බ්‍රහ‍්මචරියං වුස‍්සති ජනකුහනත්‍ථ”න‍්ති (ඉතිවු· 35; අ· නි· 4.25) විත්‍ථාරො. පුණ‍්ණත්‍ථෙරොපි ආහ – “අනුපාදාපරිනිබ‍්බානත්‍ථං ඛො, ආවුසො, භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති (ම· නි· 1.259). විසුද‍්ධං වා නයතීති විනයො, ධම‍්මතො විනයො ධම‍්මවිනයො. සංසාරධම‍්මතො හි සොකාදිධම‍්මතො වා එස විසුද‍්ධං නිබ‍්බානං නයති, ධම‍්මස‍්ස වා විනයො, න තිත්‍ථකරානන‍්ති ධම‍්මවිනයො. ධම‍්මභූතො හි භගවා, තස‍්සෙව එස විනයො. යස‍්මා වා ධම‍්මා එව අභිඤ‍්ඤෙය්‍යා පරිඤ‍්ඤෙය්‍යා පහාතබ‍්බා භාවෙතබ‍්බා සච‍්ඡිකාතබ‍්බා ච, තස‍්මා එස ධම‍්මෙසු විනයො, න සත‍්තෙසු න ජීවෙසු චාති ධම‍්මවිනයො. සාත්‍ථසබ්‍යඤ‍්ජනතාදීහි අඤ‍්ඤෙසං වචනතො පධානං වචනන‍්ති පවචනං, පවචනමෙව පාවචනං. සබ‍්බචරියාහි විසිට‍්ඨචරියභාවෙන බ්‍රහ‍්මචරියං. දෙවමනුස‍්සානං සත්‍ථුභූතස‍්ස භගවතො සාසනන‍්ති සත්‍ථුසාසනං, සත්‍ථුභූතං වා සාසනන‍්තිපි සත්‍ථුසාසනං. “යො වො, ආනන්‍ද, මයා ධම‍්මො ච විනයො ච දෙසිතො පඤ‍්ඤත‍්තො, සො වො මමච‍්චයෙන සත්‍ථා”ති (දී· නි· 2.216) හි ධම‍්මවිනයොව සත්‍ථාති වුත‍්තො. එවමෙතෙසං පදානං අත්‍ථො වෙදිතබ‍්බො. යස‍්මා පන ඉමස‍්මිංයෙව සාසනෙ සබ‍්බාකාරආනාපානස‍්සතිසමාධිනිබ‍්බත‍්තකො භික‍්ඛු විජ‍්ජති, න අඤ‍්ඤත්‍ර, තස‍්මා තත්‍ථ තත්‍ථ “ඉමිස‍්සා”ති ච “ඉමස‍්මි”න‍්ති ච අයං නියමො කතොති වෙදිතබ‍්බො. අයං “ඉධා”තිමාතිකාය නිද‍්දෙසස‍්ස අත්‍ථො.

ඇතැම්හු, හෙණ්ඩුවලින්, කසවලින්, දණ්ඩෙන් දමනය කරති. දඬු රහිතව, ආයුධ රහිතව මහර්ෂීන් වහන්සේ ඇත් රජු දමනය කළ සේක. දැහැමින් කටයුතු කරනවුන්ට ඊර්ෂ්‍යාවෙහි කවර දැනීමෙක්ද? ධර්මයෙහි (හෝ) හික්මීම ධර්ම විනයයි. නිරවද්‍ය ධර්මාර්ථය සඳහා මෙම වනියයි. භව භෝගානිසංසාර්ථ සඳහා නොවේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ. මහණෙනි, මෙම බ්‍රහ්මචර්යාව ජනතාවට නැති ගුණ පෙන්වීම සඳහා පුරනු නොලැබේ යනු විස්තරයයි. පුණ්ණ තෙරණුවෝද, ඇවැත්නි, තෘෂ්ණාදී වශයෙන් දැඩිසේ නොගෙන පරිනිර්වාණය සඳහා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර පුරනු ලැබේයයි කීහ. විශුද්ධත්වයට හෝ ගෙනයේනුයි විනයයි. යහපත් පැවතුම් වශයෙන් හික්මේනුයි ධර්ම විනයයි. සාසාරික ස්වභාවයෙන්ද, සෝකාදී ස්වභාවයෙන්ද, ඉවත්කොට මෙය විශුද්ධ නිවනට ගෙනයයි. ධර්මයෙහි හෝ විනයයි. තීර්ථංකරයන්ගේ නොවේයයිද ධර්ම විනයයි. භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙහිම පිහිටි සේක. මෙය එතුමන් වහන්සේගේම විනයයි. යම්හෙයකින් මාර්ගඵලාදී ධර්මයෝම අභිඤ්ඤෙය්‍ය, පරිඤ්ඤෙය්‍ය, පහාතබ්බ, භාවෙතබ්බ, සච්ඡිකාතබ්බයන්ගෙන් යුක්තද, එහෙයින් එම ධර්මයන්හි විනයයි. සත්ත්වයන් කෙරෙහි හෝ ජීවයින් කෙරෙහි ඇතුළත් නොවේනුයි ධර්ම විනයයි. අර්ථ සහිත, අක්‍ෂර සහිත අන්‍යයින්ගේ කීම්වලට වඩා ප්‍රධාන වචනයනුයි පවචනයි. පවචනම පාවචනයි. සියලු චර්යාවන් අතර, විශිෂ්ට චර්යා භාවයෙන් බ්‍රහ්මචරියයි. දෙවි මිනිසුන්ට ශාස්තෲ වූ, භාග්‍යවතුන් වහන්සේගේ සාසනයනුයි සත්‍ථුසාසනංයි. ශාස්තෲ වූවහුගේ සාසන යනුයි සත්‍ථුසාසනංයි. ආනන්දය, මා විසින් නුඹලාට යම් ධර්මයක්ද, විනයක්ද, දේශනා කරන ලද්දේද පනවන ලද්දේද, එය මාගේ ඇවෑමෙන් ශාස්තෲ යයි සඳහන් අයුරින්, ධර්මයද, විනයද ශාස්තෲ නම් වේ. මෙසේ එම පදයන්ගේ අර්ථ දතයුතුය. යම්හෙයකින් වනාහි, මෙසස්නෙහිම සර්වාකාර සම්පූර්ණ ආනාපාන සති සමාධි උපදවන භික්‍ෂූහු විද්‍යමාන වෙත්ද, අන් තන්හි නොවෙත්ද? එහෙයින් ඒ ඒ තන්හි ඉමිස්සායිද, ඉමස්මිංයිද මෙම නියමය කරන ලදැයි දතයුතුය. මෙ ඉධ යන මාතෘකාවෙහි විස්තරාර්ථයයි.

පුථුජ‍්ජනකල්‍යාණකො වාතිආදිනා ච භික‍්ඛුසද‍්දස‍්ස වචනත්‍ථං අවත්‍වා ඉධාධිප‍්පෙතභික‍්ඛුයෙව දස‍්සිතො. තත්‍ථ පුථුජ‍්ජනො ච සො කිලෙසානං අසමුච‍්ඡින‍්නත‍්තා, කල්‍යාණො ච සීලාදිපටිපත‍්තියුත‍්තත‍්තාති පුථුජ‍්ජනකල්‍යාණො, පුථුජ‍්ජනකල්‍යාණොව පුථුජ‍්ජනකල්‍යාණකො. අධිසීලාදීනි සික‍්ඛතීති සෙක‍්ඛො. සොතාපන‍්නො වා සකදාගාමී වා අනාගාමී වා. අකුප‍්පො චලයිතුමසක‍්කුණෙය්‍යො අරහත‍්තඵලධම‍්මො අස‍්සාති අකුප‍්පධම‍්මො. සොපි හි ඉමං සමාධිං භාවෙති.

පුථුජ්ජන කල්‍යාණකොවා යන ආදියෙන්, භික්‍ෂු ශබ්දයාගේ වචනාර්ථය නොදක්වා මෙහි අදහස් කරන ලද භික්‍ෂුවම දක්වන ලදි. හෙතෙම කෙලෙසුන්, නොසිඳලූ හෙයින්, පෘථග්ජන වූයේද සීලාදී ප්‍රතිපත්තිවලින් යුක්ත වූ හෙයින් යහපත් වූයේනුයි කල්‍යාණ පෘථග්ජනයි. කල්‍යාණ පෘථග්ජනයාම පෘථග්ජන කල්‍යාණකයි. අධි සිල්හි හික්මේනුයි, සෙඛොයි. සෝවාන් හෝ සකෘදාගාමි හෝ අනාගාමි හෝ අයයි. වෙනස් නොවන, සෙලවිය නොහැකි අර්හත් ඵල ධර්මය වන්නේනුයි අකුප්පධම්මොයි, ඔහු වනාහි මෙම සමාධිය වඩයි.

අරඤ‍්ඤනිද‍්දෙසෙ විනයපරියායෙන තාව “ඨපෙත්‍වා ගාමඤ‍්ච ගාමූපචාරඤ‍්ච අවසෙසං අරඤ‍්ඤ”න‍්ති (පාරා· 92) ආගතං. සුත‍්තන‍්තපරියායෙන ආරඤ‍්ඤකං භික‍්ඛුං සන්‍ධාය “ආරඤ‍්ඤකං නාම සෙනාසනං පඤ‍්චධනුසතිකං පච‍්ඡිම”න‍්ති (පාචි· 573) ආගතං. විනයසුත‍්තන‍්තා පන උභොපි පරියායදෙසනා නාම, අභිධම‍්මො නිප‍්පරියායදෙසනාති අභිධම‍්මපරියායෙන (විභ· 529) අරඤ‍්ඤං දස‍්සෙතුං නික‍්ඛමිත්‍වා බහි ඉන්‍දඛීලාති වුත‍්තං, ඉන්‍දඛීලතො බහි නික‍්ඛමිත්‍වාති අත්‍ථො. නික‍්ඛමිත්‍වා බහි ඉන්‍දඛීලන‍්තිපි පාඨො, ඉන්‍දඛීලං අතික‍්කමිත්‍වා බහීති වුත‍්තං හොති. ඉන්‍දඛීලොති චෙත්‍ථ ගාමස‍්ස වා නගරස‍්ස වා උම‍්මාරො.

අරණ්‍ය නිර්දේශයෙහි, විනය ක්‍රමයෙන්, ගමද, ගම්සීමාවද හැර සෙසු ප්‍රදේශය අරඤ්ඤං යයි දක්වයි. සෞත්‍රාන්තික ක්‍රමයෙන් ආරණ්‍යක භික්‍ෂූන් සඳහා, අරණ්‍ය සෙනසුන නම් දුනු පන්සියයක් පශ්චිමයෙහි යැයි දක්වයි. විනය සූත්‍රාන්ත යන ද්වයයම පර්යාය දේශනා නමැ. අභිධර්මය නිප්පරියාය (වෙනස් කළ නොහැකි) දේශනා නමැයි. අභිධර්ම ක්‍රමයෙන් අරණ්‍යය දක්වන්ට නික්ඛමිත්‍වා බහි ඉන්‍දඛීලායි යූ.සේයි. නුවර දොරටුව අබියස සිටවූ ශක්තිමත් කණුවෙන් පිටත නික්මී යන අර්ථයි. නික්ඛමිත්‍වා බහි ඉන්‍දඛීලංයිද පාඨයි. ඉන්‍ද්‍රඛීලය ඉක්මවා පිටතය යන අර්ථයි. මෙහි ඉන්‍දඛීලො යනු ගමෙහි හෝ නගරයෙහි එළිපත්තයි.

රුක‍්ඛමූලනිද‍්දෙසෙ රුක‍්ඛමූලස‍්ස පාකටත‍්තා තං අවත්‍වාව යත්‍ථාතිආදිමාහ. තත්‍ථ යත්‍ථාති යස‍්මිං රුක‍්ඛමූලෙ. ආසන‍්ති නිසීදන‍්ති එත්‍ථාති ආසනං. පඤ‍්ඤත‍්තන‍්ති ඨපිතං. මඤ‍්චො වාතිආදීනි ආසනස‍්ස පභෙදවචනානි. මඤ‍්චොපි හි නිසජ‍්ජායපි ඔකාසත‍්තා ඉධ ආසනෙසු වුත‍්තො. සො පන මසාරකබුන්‍දිකාබද‍්ධකුළීරපාදකආහච‍්චපාදකානං අඤ‍්ඤතරො. පීඨං තෙසං අඤ‍්ඤතරමෙව. භිසීති උණ‍්ණාභිසිචොළභිසිවාකභිසිතිණභිසිපණ‍්ණභිසීනං අඤ‍්ඤතරා. තට‍්ටිකාති තාලපණ‍්ණාදීහි චිනිත්‍වා කතා. චම‍්මඛණ‍්ඩොති නිසජ‍්ජාරහො යො කොචි චම‍්මඛණ‍්ඩො. තිණසන්‍ථරාදයො තිණාදීනි ගුම‍්බෙත්‍වා කතා. තත්‍ථාති තස‍්මිං රුක‍්ඛමූලෙ. චඞ‍්කමති වාතිආදීහි රුක‍්ඛමූලස‍්ස චතුඉරියාපථපවත‍්තනයොග්‍යතා කථිතා. “යත්‍ථා”තිආදීහි සබ‍්බපදෙහි රුක‍්ඛමූලස‍්ස සන්‍දච‍්ඡායතා ජනවිවිත‍්තතා ච වුත‍්තා හොති. කෙනචීති කෙනචි සමූහෙන. තං සමූහං භින්‍දිත්‍වා විත්‍ථාරෙන‍්තො ගහට‍්ඨෙහි වා පබ‍්බජිතෙහි වාති ආහ. අනාකිණ‍්ණන‍්ති අසංකිණ‍්ණං අසම‍්බාධං. යස‍්ස සෙනාසනස‍්ස සමන‍්තා ගාවුතම‍්පි අඩ‍්ඪයොජනම‍්පි පබ‍්බතගහනං වනගහනං නදීගහනං හොති, න කොචි අවෙලාය උපසඞ‍්කමිතුං සක‍්කොති, ඉදං සන‍්තිකෙපි අනාකිණ‍්ණං නාම. යං පන අඩ‍්ඪයොජනිකං වා යොජනිකං වා හොති, ඉදං දූරතාය එව අනාකිණ‍්ණං නාම.

වෘක්‍ෂමූල නිර්දේශයෙහි, වෘක්‍ෂමූල යනු ප්‍රකට හෙයින් එය නොකියාම, ‘යත්‍ථ’, ආදිය වදාළහ. එහි යත්‍ථ යනු යම් වෘක්‍ෂ මූලයෙක්හි, මෙහි වාඩිවෙයි හිඳගනීනුයි ආසනංයි. පඤ්ඤත්තං යනු තබන ලද, පිළියෙල කළ, මඤ්චො යනු ආසනයෙහි ප්‍රභේද වචනයි. ඇඳ හිඳගැනීමටද, අවකාශ ඇති හෙයින් මෙහි ආසනයන්හි ඇතුළත්කොට යූ.සේයි. එය වනාහි, සත්ත්වරූප සහිත විට්ටම හාරා ගිල්වන ලද පා ඇති ආසන බද්ධ දිග පුටු ආදී එක්තරා එකක්, පීඨං යනු එවැනි ආකාරයන්ගෙන්ම සාදන ලද්දක්, භිසි යනු බැටලු ලොමින් කළ බිස්ස, රෙදි බිස්ස, කෙඳි බිස්ස, තෘණ බිස්ස, කොළ බිස්ස යන බිසි අතරින් එක්තරා එකක් තට්ටිකා යනු තල්පත් ආදිය පිළිවෙලකට තබා කළ ආස්තරණය, චම්ම ඛණ්ඩො යනු හිඳගැනීමට සුදුසු යම්කිසි සම්කඩක්, තිණ සන්‍ථරාදයො යනු තෘණාදීන් එකට රාශිකොට තැනූ මෙට්ටය. තත්‍ථ යනු එම රුක්මුලෙහි, චංකමති වා යනාදීන්ගෙන් රුක්මුලෙහි සිව් ඉරියව් පැවැත්මෙහි යෝග්‍යතාව කියන ලදි. යත්‍ථ යන සියලු පදයන්ගෙන් රුක්මුලෙහි ඝන සෙවනැලි බවද, ජනයාගෙන් වෙන්වූ බවද යූ.සේයි. කෙනචි යනු කිසියම් සමූහයකින්, එම සමූහය බිඳ යැයි විස්තර කරන්නේ, ගහට්ඨෙහි වා පබ්බජිතෙහිවායි වදාළහ. අනාකිණ්ණං අනාකීර්ණ වූයේ, බාධා රහිත වූයේ, යම් සෙනසුනක හාත්පස, ගව්වක්ද, අඩයොදුනක්ද, පර්වත ගහණ, වන ගහණ, නදී ගහණ වේද. කිසිවෙකුට අවේලාවෙහි පැමිණෙන්ට නොහැකි වේද, මෙය සමීපයෙහි පිහිටියේද අනාකීර්ණ නමැ. යමක් වනාහි අඩයොදුනක් පමණ හෝ යොදුනක් පමණ වේද? මෙය දුරබැවින් අනාකීර්ණ නමැ.

විහාරොති අඩ‍්ඪයොගාදිමුත‍්තකො අවසෙසාවාසො. අඩ‍්ඪයොගොති සුපණ‍්ණවඞ‍්කගෙහං. පාසාදොති ද‍්වෙ කණ‍්ණිකා ගහෙත්‍වා කතො දීඝපාසාදො. හම‍්මියන‍්ති උපරිආකාසතලෙ පතිට‍්ඨිතකූටාගාරපාසාදොයෙව. ගුහාති ඉට‍්ඨකාගුහා සිලාගුහා දාරුගුහා පංසුගුහාති එවඤ‍්හි ඛන්‍ධකට‍්ඨකථායං (චූළව· අට‍්ඨ· 294) වුත‍්තං. විභඞ‍්ගට‍්ඨකථායං පන විහාරොති සමන‍්තා පරිහාරපථං අන‍්තොයෙව රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානානි ච දස‍්සෙත්‍වා කතසෙනාසනං. ගුහාති භූමිගුහා, යත්‍ථ රත‍්තින්‍දිවං දීපං ලද‍්ධුං වට‍්ටති. පබ‍්බතගුහා වා භූමිගුහා වාති ඉදං ද‍්වයං විසෙසෙත්‍වා වුත‍්තං. මාතිකාය සබ‍්බකාලසාධාරණලක‍්ඛණවසෙන “නිසීදතී”ති වත‍්තමානවචනං කතං, ඉධ පන නිසින‍්නස‍්ස භාවනාරම‍්භසබ‍්භාවතො නිසජ‍්ජාරම‍්භපරියොසානදස‍්සනත්‍ථං නිසින‍්නොති නිට‍්ඨානවචනං කතං. යස‍්මා පන උජුං කායං පණිධාය නිසින‍්නස‍්ස කායො උජුකො හොති, තස‍්මා බ්‍යඤ‍්ජනෙ ආදරං අකත්‍වා අධිප‍්පෙතම එව දස‍්සෙන‍්තො උජුකොතිආදිමාහ. තත්‍ථ ඨිතො සුපණිහිතොති උජුකං පණිහිතත‍්තා උජුකො හුත්‍වා ඨිතො, න සයමෙවාති අත්‍ථො. පරිග‍්ගහට‍්ඨොති පරිග‍්ගහිතට‍්ඨො. කිං පරිග‍්ගහිතං? නිය්‍යානං. කිං නිය්‍යානං? ආනාපානස‍්සතිසමාධියෙව යාව අරහත‍්තමග‍්ගා නිය්‍යානං. තෙනාහනිය්‍යානට‍්ඨොති මුඛසද‍්දස‍්ස ජෙට‍්ඨකත්‍ථවසෙන සංසාරතො නිය්‍යානට‍්ඨො වුත‍්තො. උපට‍්ඨානට‍්ඨොති සභාවට‍්ඨොයෙව. සබ‍්බෙහි පනෙතෙහි පදෙහි පරිග‍්ගහිතනිය්‍යානං සතිං කත්‍වාති අත්‍ථො වුත‍්තො හොති. කෙචි පන “පරිග‍්ගහට‍්ඨොති සතියා පරිග‍්ගහට‍්ඨො, නිය්‍යානට‍්ඨොති අස‍්සාසපස‍්සාසානං පවිසනනික‍්ඛමනද‍්වාරට‍්ඨො”ති වණ‍්ණයන‍්ති. පරිග‍්ගහිතඅස‍්සාසපස‍්සාසනිය්‍යානං සතිං උපට‍්ඨපෙත්‍වාති වුත‍්තං හොති.

විහාරො යනු ගුරුළු පියාපත් වැනි වහලක් ඇති ගෘහයන් අතර සෙසු වාසස්ථාන අඩ්ඪයොග යනු ගුරුළෙකු මෙන් නැමුණු ගෙය, පාසාදො යනු මුදුන්කොත් දෙකක් ගෙන කරන ලද දීර්ඝ ප්‍රාසාදය, හම්මියං යනු මතු අහස් තලයෙහි පිහිටි සඳලුතල සහිත ප්‍රාසාදයමය, ගුහා යනු ගඩොල් ගුහාව, ගල්ගුහාව, දැවගුහාව, පස්ගුහාව යැයි මෙසේ ඛන්‍ධක අටුවායෙහි යූ.සේයි. විභංගට්ඨ කථාවෙහි වනාහි විහාරො යනු හාත්පස වටේ යන්ට තිබෙන මාර්ගය ඇතුළතම රාත්‍රිස්ථාන දිවාස්ථානයන් පෙන්වා කළ සෙනසුනයි. ගුහා යනු යම්තැනක රෑ දවල් ආලෝකය ලැබේද, එබඳු වූ බිම්ගෙවල්, පබ්බත ගුහා යනු මෙම ද්වයය විශේෂයෙන් යූ.සේයි. මාතෘකාවෙහි හැමකල් සාධාරණ ලක්‍ෂණ වශයෙන් නිසීදති යැයි වර්තමාන වචනය කරන ලදි. මෙහි හුන්නහුට භාවනාරම්භය නිසි අයුරින් යෙදෙන හෙයින් හිඳගැනීම ඇරඹීම හා අවසානය දැක්වීම සඳහා නිසින්නොයි අවසන් වීමේ වචනය යොදන ලදි. සෘජුව කය පිහිටුවා සිටින්නහුගේ කය සෘජු වෙයි. එහෙයින් අක්‍ෂරයෙහි සැලකිල්ලක් නොකොට, අදහස් කරන ලද දැයම දක්වන්නේ උජුකො යනාදිය වදාළහ. එහි ඨිතො සුපණිහිතො යනු සෘජුව පිහිටුවන ලද හෙයින්, තබන ලද හෙයින්, සෘජුවී සිටියේ, ස්වයංසිද්ධ නොවේයයි අර්ථයි. පරිග්ගහට්ඨො යනු අල්ලාගැනීමයි. කුමක් අල්ලාගන්නා ලද්දේද? ගෙනයාමයි. කුමක් ගෙන යයිද? ආනාපාන සති සමාධියම අර්හත් මාර්ගය දක්වා ගෙනයයි. එහෙයින් නිය්‍යාණට්ඨොයි කීහු. මුඛ ශබ්දයාගේ ජ්‍යෙෂ්ඨතා අර්ථ වශයෙන් ගෙන සංසාරයෙන් නිවනට ගෙනයයි කියා යූ.සේයි. උපට්ඨානට්ඨො යනු ස්වභාවාර්ථයමය. මෙම සියලු පදයන්ගෙන් පරිගෘහිත නිර්යාණය සිහිකොට යැයි අර්ථය යූ.සේයි. සමහරු වනාහි පරිග්ගහට්ඨො යනු සිහියෙහි අල්ලාගැනීම් අර්ථයයි කියති. නිය්‍යාණට්ඨො යනු ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ පිවිසෙන නික්මෙන ද්වාරාර්ථයයි වර්ණනා කරති. අල්ලාගත ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ගෙනයාමෙහි සිහිය එළඹ සිටුවායයිද යූ.සේයි.

බාත‍්තිංසාය ආකාරෙහීති තාසු තාසු අවත්‍ථාසු යථාක‍්කමෙන ලබ‍්භමානානං අනවසෙසපරියාදානවසෙන වුත‍්තං. දීඝං අස‍්සාසවසෙනාති මාතිකාය “දීඝ”න‍්තිවුත‍්තඅස‍්සාසවසෙන. එවං සෙසෙසු. එකග‍්ගතන‍්ති එකග‍්ගභාවං. අවික‍්ඛෙපන‍්ති අවික‍්ඛිපනං. එකග‍්ගතා එව හි නානාරම‍්මණෙසු චිත‍්තස‍්ස අවික‍්ඛිපනතො අවික‍්ඛෙපොති වුච‍්චති. පජානතොති අසම‍්මොහවසෙන පජානන‍්තස‍්ස, වින්‍දන‍්තස‍්සාති වා අත්‍ථො. “අවික‍්ඛෙපො මෙ පටිලද‍්ධො”ති ආරම‍්මණකරණවසෙන පජානන‍්තස‍්ස වා. තාය සතියාති තාය උපට‍්ඨිතාය සතියා. තෙන ඤාණෙනාති තෙන අවික‍්ඛෙපජානනඤාණෙන. සතො කාරී හොතීති එත්‍ථ යස‍්මා ඤාණසම‍්පයුත‍්තා එව සති සතීති අධිප‍්පෙතා, යථාහ – “සතිමා හොති පරමෙන සතිනෙපක‍්කෙන සමන‍්නාගතො”ති (විභ· 467). තස‍්මා “සතො”ති වචනෙනෙව ඤාණම‍්පි ගහිතමෙව හොති.

ද්වත්තිංසාය ආකාරෙහි යනු ඒ ඒ අවස්ථාවන්හි ක්‍රමානුකූලව ලැබෙන සේස රහිත වැළඳගැනීම් වශයෙන් යූ.සේයි. දීසං අස්සාස වසෙන යනු මාතෘකාවෙහි දීර්ඝයයි කියන ලද ආශ්වාස වශයෙන්, සෙස්සෙහිද මෙසේය. එකග්ගතං යනු එකඟභාවයයි. අවික්ඛෙපං යනු අවික්‍ෂෙපනය, ඒකාග්‍රතාවයම නානාරම්මණයන්හි සිතෙහි චංචල නොවන හෙයින් අවික්‍ෂෙපයයි යූ.සේයි. පජානතො යනු මුළානොවීම් වශයෙන් දන්නහුට විඳින්නහුට යැයි අර්ථයි. මා විසින් අවික්‍ෂෙපය ලදැයි අරමුණු කිරීම් වශයෙන් දන්නහුට, තාය සතියා යනු ඒ එළැඹ සිටි සිහියෙන්, තෙන ඤාණෙන යනු එම අවික්‍ෂෙපය දන්නා වූ නුවණින් සතො කාරීහොති මෙහි යම්හෙයිකන් ඤාණ සම්ප්‍රයුක්ත වූම සිහිය අදහස් කරන ලදද, දෙසූ පරිදි ශ්‍රේෂ්ඨ සිහි නුවණැති බැවින් යුක්ත වූයේ සිහි ඇත්තේ වේ. එහෙයින් සතො යන වචනයෙන්ම ඤාණයද ගන්නා ලද්දේ වේ.

අද‍්ධානසඞ‍්ඛාතෙති දීඝසඞ‍්ඛාතෙ කාලෙ. දීඝො හි මග‍්ගො අද‍්ධානොති වුච‍්චති. අයම‍්පි කාලො දීඝත‍්තා අද‍්ධානො විය අද‍්ධානොති වුත‍්තො. “අස‍්සසතී”ති ච “පස‍්සසතී”ති ච අස‍්සාසඤ‍්ච පස‍්සාසඤ‍්ච විසුං විසුං වත්‍වාපි භාවනාය නිරන‍්තරප‍්පවත‍්තිදස‍්සනත්‍ථං “අස‍්සසතිපි පස‍්සසතිපී”ති පුන සමාසෙත්‍වා වුත‍්තං. ඡන්‍දො උප‍්පජ‍්ජතීති භාවනාභිවුද‍්ධියා භිය්‍යොභාවාය ඡන්‍දො ජායති. සුඛුමතරන‍්ති පස‍්සම‍්භනසබ‍්භාවතො වුත‍්තං. පාමොජ‍්ජං උප‍්පජ‍්ජතීති භාවනාපාරිපූරියා පීති ජායති. අස‍්සාසපස‍්සාසාපි චිත‍්තං විවත‍්තතීති අස‍්සාසපස‍්සාසෙ නිස‍්සාය පටිභාගනිමිත‍්තෙ උප‍්පජ‍්ජන‍්තෙ පකතිඅස‍්සාසපස‍්සාසතො චිත‍්තං නිවත‍්තති. උපෙක‍්ඛා සණ‍්ඨාතීති තස‍්මිං පටිභාගනිමිත‍්තෙ උපචාරප‍්පනාසමාධිපත‍්තියා පුන සමාධානෙ බ්‍යාපාරාභාවතො තත්‍රමජ‍්ඣත‍්තුපෙක‍්ඛා සණ‍්ඨාති නාම. නවහාකාරෙහීති එත්‍ථ භාවනාරම‍්භතො පභුති පුරෙ ඡන්‍දුප‍්පාදා “අස‍්සසතිපි පස‍්සසතිපී”ති වුත‍්තා තයො ආකාරා, ඡන්‍දුප‍්පාදතො පභුති පුරෙ පාමොජ‍්ජුප‍්පාදා තයො, පාමොජ‍්ජුප‍්පාදතො පභුති තයොති නව ආකාරා. කායොති චුණ‍්ණවිචුණ‍්ණාපි අස‍්සාසපස‍්සාසා සමූහට‍්ඨෙන කායො. පකතිඅස‍්සාසපකතිපස‍්සාසෙ නිස‍්සාය උප‍්පන‍්නනිමිත‍්තම‍්පි අස‍්සාසපස‍්සාසාති නාමං ලභති. උපට‍්ඨානං සතීති තං ආරම‍්මණං උපෙච‍්ච තිට‍්ඨතීති සති උපට‍්ඨානං නාම. අනුපස‍්සනා ඤාණන‍්ති සමථවසෙන නිමිත‍්තකායානුපස‍්සනා, විපස‍්සනාවසෙන නාමකායරූපකායානුපස‍්සනා ඤාණන‍්ති අත්‍ථො. කායො උපට‍්ඨානන‍්ති සො කායො උපෙච‍්ච තිට‍්ඨති එත්‍ථ සතීති උපට‍්ඨානං නාම. නො සතීති සො කායො සති නාම න හොතීති අත්‍ථො. තාය සතියාති ඉදානි වුත‍්තාය සතියා. තෙන ඤාණෙනාති ඉදානෙව වුත‍්තෙන ඤාණෙන. තං කායං අනුපස‍්සතීති සමථවිපස‍්සනාවසෙන යථාවුත‍්තං කායං අනුගන‍්ත්‍වා ඣානසම‍්පයුත‍්තඤාණෙන වා විපස‍්සනාඤාණෙන වා පස‍්සති.

අද්ධාන සංඛාතෙ යනු දීර්ඝයයි කියනු ලබන කාලයෙහි, දීර්ඝ මාර්ගය අද්ධාන යයි යූ.සේයි. මෙම කාලයද දීර්ඝ හෙයින්, දීර්ඝ මාර්ගයක් මෙනැයි අද්ධානයයි යූ.සේයි. ආශ්වාස කරයි. ප්‍රශ්වාස කරයි යයි ආශ්වාසයද, ප්‍රශ්වාසයද වෙන් වෙන්ව දැක්වූයේ වී නමුත් භාවනාවෙහි නිරතුරු පැවැත්ම දැක්වීම සඳහා අස්සසති, පස්සසතියි නැවත සමාසකොට යූ.සේයි. ඡන්‍දො උප්පජ්ජති යනු භාවනාභිවෘද්ධිය සඳහා, අධික භාවය සඳහා කැමැත්ත හටගනී. සුඛුමතරං යනු සංසිඳීම් ස්වභාවයෙන් යූ.සේයි. පාමුජ්ජං උප්පජ්ජති යනු භාවනාව සම්පූර්ණ වීමෙන් ප්‍රීතිය හටගනී. අස්සාස පස්සාසාපි චිත්තං විවත්තති යනු ආශ්වාස ප්‍රශ්වාසයන් ඇසිරිකොට ප්‍රතිභාග නිමිත්ත උපදනා කල්හි, ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාසයන්ගෙන් සිත නවතියි. උපෙක්ඛා සණ්ඨාති යනු එම ප්‍රතිභාග නිමිත්තෙහි, උපචාර, අර්පණා සමාධි ප්‍රාප්තියෙන් නැවත එක්තැන් කිරීමෙහි, උත්සාහ නොමැති හෙයින්, තත්‍රමධ්‍යස්ථ උපේක්‍ෂාව පිහිටයි නමැ. නවහාකාරෙහි යන මෙහි භාවනාරම්භයෙහි පටන් ඡන්දෝත්පාදයෙන් පෙර ආශ්වාස කෙරේ යයිද, ප්‍රශ්වාස කෙරේයයිද කියන ලද තෙයාකාරයන්ද ඡන්දෝත්පාදයෙහි පටන්, ප්‍රමොද්‍යොත් පාදයෙන් පෙර තෙයාකාරයන්ද ප්‍රමොද්‍යොත්පාදයෙහි පටන් තෙයාකාරයන්දැයි යන නවාකාරය. කායො යනු සුණු විසුණු වූද, ආශ්වාස ප්‍රශ්වාස සමූහාර්ථයෙන් කාය නමැ. ප්‍රකෘති ආශ්වාස, ප්‍රකෘති ප්‍රශ්වාස ඇසිරිකොට උපන් නිමිත්තද ආශ්වාස ප්‍රශ්වාස නාමය ලබයි. උපට්ඨානං සති යනු ඒ අරමුණට එළැඹ සිටීනුයි සිහිය උපට්ඨාන නමැ. අනුපස්සනා ඤාණං සමථ වශයෙන් කායානුපස්සනා නිමිත්තද, විදර්ශනා වශයෙන් නාමකය හා රූපකය අනුව බලන ඤාණයයි අර්ථයි. කායො උපට්ඨානං යනු ඒ කය ඇසිරිකොට මෙහි සිහිය නවතියිනුයි උපට්ඨානං නමැ. නො සති යනු ඒ කය සිහිය නම් නොවේයයි අර්ථයි. තාය සතියා යනු දැන් කියන ලද සිහියෙන්, තෙන ඤාණෙන යනු දැන් කියන ලද ඤාණයෙන්, තං කායං අනුපස්සති යනු සමථ විදර්ශනා වශයෙන් කියන ලද පරිදි, කය අනුව ගොස්, ධ්‍යාන සම්ප්‍රයුක්ත ඤාණයෙන් හෝ විදර්ශනා ඤාණයෙන් හෝ බලයි.

මාතිකාය කායාදීනං පදානං අභාවෙපි ඉමස‍්ස චතුක‍්කස‍්ස කායානුපස‍්සනාවසෙන වුත‍්තත‍්තා ඉදානි වත‍්තබ‍්බං “කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානභාවනා”ති වචනං සන්‍ධාය කායපදනිද‍්දෙසො කතො. කායෙ කායානුපස‍්සනාති බහුවිධෙ කායෙ තස‍්ස තස‍්ස කායස‍්ස අනුපස‍්සනා. අථ වා කායෙ කායානුපස‍්සනා, න අඤ‍්ඤධම‍්මානුපස‍්සනාති වුත‍්තං හොති. අනිච‍්චදුක‍්ඛානත‍්තාසුභභූතෙ කායෙ න නිච‍්චසුඛත‍්තසුභානුපස‍්සනා, අථ ඛො අනිච‍්චදුක‍්ඛානත‍්තාසුභතො කායස‍්සෙව අනුපස‍්සනා. අථ වා කායෙ අහන‍්ති වා මමන‍්ති වා ඉත්‍ථීති වා පුරිසොති වා ගහෙතබ‍්බස‍්ස කස‍්සචි අනනුපස‍්සනතො තස‍්සෙව කායමත‍්තස‍්ස අනුපස‍්සනාති වුත‍්තං හොති. උපරි වෙදනාසු වෙදනානුපස‍්සනාතිආදීසු තීසුපි එසෙව නයො. සතියෙව උපට‍්ඨානං සතිපට‍්ඨානං, කායානුපස‍්සනාය සම‍්පයුත‍්තං සතිපට‍්ඨානං කායානුපස‍්සනාසතිපට‍්ඨානං, තස‍්ස භාවනා කායානුපස‍්සනාසතිපට‍්ඨානභාවනා.

මාතෘකාවෙහි, කායාදී පදයන්ගේ නොමැති කල්හිද, මේ චතුෂ්කයෙහි කායානුපස්සනා වශයෙන් කියන ලද හෙයින්, දැන් කිවයුතු කයෙහි කය අනුව බලන සතිපට්ඨාන භාවනාව යැයි වචනය සඳහා කාය පද නිර්දේශය කරන ලදි. කායෙ කායානුපස්සනා යනු බොහෝ ආකාර කයෙහි එම කයෙහි නුවණින් බැලීමයි. නොහොත් කයෙහි කය අනුව බැලීමයි. අනෙක් ධර්මයන්හි නුවණින් බැලීමක් නොවේයයි යූ.සේයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අසුභ වූ කයෙහි, නිත්‍ය, සුව, ආත්ම, ශුභ අනුව බැලීමක් නොවේ. තවද, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අශුභ වශයෙන් ශරීරයෙහිම නුවණින් බැලීමයි. නොහොත් කයෙහි මමයැයි හෝ මගේ යැයි හෝ ස්ත්‍රියකැයි හෝ පුරුෂයෙකුයැයි හෝ ගතයුතු කිසි අයුරකින් නොබලන හෙයින් එම කාය මාත්‍රයාගේම නුවණින් බැලීමයයි යූ.සේයි. මතුයෙහි වෙදනාසු වෙදනානුපස්සනා යන ආදී ත්‍රයයෙහිම එම ක්‍රමයමැයි. සිහියම යථා ස්වභාවයෙන් වැටහීම සතිපට්ඨානයි. කය අනුව නුවණින් බැලීම හා සම්ප්‍රයුක්ත ස්මෘතියෙහි යථා ස්වභාවයෙන් වැටහීම කායානුපස්සනා සතිපට්ඨානයි. එහි අභිවෘද්ධිය කායානුපස්සනා සතිපට්ඨාන භාවනා.

තං කායන‍්ති අනිද‍්දිට‍්ඨෙපි නාමරූපකායෙ කායසද‍්දෙන තස‍්සාපි සඞ‍්ගහිතත‍්තා නිද‍්දිට‍්ඨං විය කත්‍වා වුත‍්තං. අනිච‍්චානුපස‍්සනාදයො හි නාමරූපකායෙ එව ලබ‍්භන‍්ති, න නිමිත‍්තකායෙ. අනුපස‍්සනා ච භාවනා ච වුත‍්තත්‍ථා එව. දීඝං අස‍්සාසපස‍්සාසවසෙනාතිආදි ආනාපානස‍්සතිභාවනාය ආනිසංසං දස‍්සෙතුං වුත‍්තං. තස‍්සා හි සතිවෙපුල‍්ලතාඤාණවෙපුල‍්ලතා ච ආනිසංසො. තත්‍ථ චිත‍්තස‍්ස එකග‍්ගතං අවික‍්ඛෙපං පජානතොති පටිලද‍්ධජ‍්ඣානස‍්ස විපස‍්සනාකාලෙ චිත‍්තෙකග‍්ගතං සන්‍ධාය වුත‍්තං. විදිතා වෙදනාති සාමඤ‍්ඤතො උදයදස‍්සනෙන විදිතා වෙදනා. විදිතා උපට‍්ඨහන‍්තීති ඛයතො වයතො සුඤ‍්ඤතො විදිතා උපට‍්ඨහන‍්ති. විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්තීති සාමඤ‍්ඤතො වයදස‍්සනෙන විදිතා විනාසං ගච‍්ඡන‍්ති, භිජ‍්ජන‍්තීති අත්‍ථො. සඤ‍්ඤාවිතක‍්කෙසුපි එසෙව නයො. ඉමෙසු පන තීසු වුත‍්තෙසු සෙසා රූපධම‍්මාපි වුත‍්තා හොන‍්ති. කස‍්මා පන ඉමෙ තයො එව වුත‍්තාති චෙ? දුප‍්පරිග‍්ගහත‍්තා. වෙදනාසු තාව සුඛදුක‍්ඛා පාකටා, උපෙක‍්ඛා පන සුඛුමා දුප‍්පරිග‍්ගහා, න සුට‍්ඨු පාකටා. සාපි චස‍්ස පාකටා හොති, සඤ‍්ඤා ආකාරමත‍්තග‍්ගාහකත‍්තා න යථාසභාවග‍්ගාහිනී . සා ච සභාවසාමඤ‍්ඤලක‍්ඛණග‍්ගාහකෙන විපස‍්සනාඤාණෙන සම‍්පයුත‍්තා අති විය අපාකටා. සාපි චස‍්ස පාකටා හොති, විතක‍්කො ඤාණපතිරූපකත‍්තා ඤාණතො විසුං කත්‍වා දුප‍්පරිග‍්ගහො. ඤාණපතිරූපකො හි විතක‍්කො. යථාහ – “යා චාවුසො විසාඛ, සම‍්මාදිට‍්ඨි යො ච සම‍්මාසඞ‍්කප‍්පො, ඉමෙ ධම‍්මා පඤ‍්ඤාක‍්ඛන්‍ධෙ සඞ‍්ගහිතා”ති (ම· නි· 1.462). සොපි චස‍්ස විතක‍්කො පාකටො හොතීති එවං දුප‍්පරිග‍්ගහෙසු වුත‍්තෙසු සෙසා වුත‍්තාව හොන‍්තීති. ඉමෙසං පන පදානං නිද‍්දෙසෙ කථං විදිතා වෙදනා උප‍්පජ‍්ජන‍්තීති පුච‍්ඡිත්‍වා තං අවිස‍්සජ‍්ජෙත්‍වාව වෙදනුප‍්පාදස‍්ස විදිතත‍්තෙයෙව විස‍්සජ‍්ජිතෙ වෙදනාය විදිතත‍්තං විස‍්සජ‍්ජිතං හොතීති කථං වෙදනාය උප‍්පාදො විදිතො හොතීතිආදිමාහ. සෙසෙසුපි එසෙව නයො. අවිජ‍්ජාසමුදයා අවිජ‍්ජානිරොධාතිආදයො හෙට‍්ඨා වුත‍්තත්‍ථා එව. ඉමිනාව නයෙන සඤ‍්ඤාවිතක‍්කාපි වෙදිතබ‍්බා. විතක‍්කවාරෙ පන “ඵස‍්සසමුදයා ඵස‍්සනිරොධා”ති අවත්‍වා ඵස‍්සට‍්ඨානෙ සඤ‍්ඤාසමුදයා සඤ‍්ඤානිරොධාති වුත‍්තං. තං කස‍්මා ඉති චෙ? සඤ‍්ඤාමූලකත‍්තා විතක‍්කස‍්ස. “සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සඞ‍්කප‍්පනානත‍්ත”න‍්ති (දී· නි· 3.359) හි වුත‍්තං.

තං කායං යනු නාමරූප කායයන් නොදක්වන ලදුයේද කාය ශබ්දයෙන් එයද සංගෘහිත හෙයින් දක්වන ලද්දක් සේ සලකා යූ.සේයි. අනිත්‍යානුපස්සනාදීහු නාමරූප කායයන්හිම ලැබෙත්. නිමිත්ත කායයන්හි නොවේ. අනුපස්සනාවද, භාවනාවද කියන ලද අර්ථමය. දීඝං අස්සාස පස්සාස වසෙන යනාදිය ආනාපාන සති භාවනාවෙහි අනුසස් දැක්වීමට යූ.සේයි. එහිද සිහියෙහි පැතුරුණු බවද, ඤාණයෙහි පැතුරුණු බවච ආනිසංසයි. එහි චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො යනු ලද ධ්‍යානයෙහි විදර්ශනා කාලයෙහි සිතෙහි එකඟතාව සඳහා යූ.සේයි. විදිතාවෙදනා යනු මාර්ගඵලාවබෝධයෙන් හටගැන්ම දැක්මෙන් වේදනාව ප්‍රකටව දන්නා ලද්දාහු, විදිතා උපට්ඨහන්ති යනු ක්‍ෂය, ව්‍යය, ශූන්‍ය වශයෙන් ප්‍රකටකොට දන්නා ලද්දාහු වැටහෙති. විදිතා අබ්භත්‍ථං ගච්ඡන්ති යනු මාර්ගඵලාවබෝධයෙන්, ව්‍යය දැක්මෙන්, ප්‍රකටකොට දන්නා ලද්දාහු විනාශයට යෙති. බිඳෙත් යයි අර්ථයි. සඤ්ඤා විතක්කෙසුපි එම ක්‍රමයමැයි. මෙම ත්‍රයය කී කල්හි සෙසු අරූප ධර්මයෝද යූ.සේයි. මෙම ත්‍රයය කී කල්හි කවර හෙයින් අනෙක්වා කියන ලද්දේද යත්, අල්ලාගැනීම දුෂ්කර හෙයිනි. වේදනාවන්හි වනාහි සුවදුක් ප්‍රකට වේ. උපේක්‍ෂාව වනාහි සියුම්ය. අල්ලාගැනීම දුෂ්කර හෙයින් මනාව ප්‍රකට නොවේ. එයද මොහුට ප්‍රකට වේ. හැඟීම් ආකාර මාත්‍ර ග්‍රහණයක් හෙයින්, නිසි ආකාර ග්‍රහණයක් නොවේ. එයද ස්වභාව සමානතා ලක්‍ෂණ ග්‍රාහක විදර්ශනා ඤාණය හා සම්ප්‍රයුක්ත වූයේ අතිශයින් අප්‍රකටය. එයද මොහුට ප්‍රකට වේ. විතර්කයද ඤාණය හා සමාන හෙයින් ඤාණයෙන් වෙන්කොට ග්‍රහණය දුෂ්කරය. විතර්කය ඤාණය හා සමානය. දෙසූ පරිදි, ‘ඇවැත්නි, විශාඛය යම් සම්‍යග් දෘෂ්ටියක් වේද, යම් සම්‍යක් සංකල්පයක් වේද, මෙම ධර්ම ප්‍රඥාස්කන්ධයෙහි සංගෘහීතය. යොපි චස්ස විතක්කො පාකටො හොති මෙසේ නොමනා අල්ලාගැනීම්හි කියන ලද සෙස්ස යූ.සේයි. මෙම පදයන්ට නිර්දේශයෙහි, කථං විදිතො වෙදනා උප්පජ්ජන්තියි විචාරා එය නොවිසඳූයේම, වේදනෝත්පාදයෙහි ප්‍රකට තත්ත්වයන් විසඳූකල්හි, වේදනාවගේ ප්‍රකට භාවයන් විසඳන ලද්දේම වේයයි කථං වෙදනාය උප්පාදො විදිතො හොති යැයි ආදිය වදාළහ. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. අවිජ්ජා සමුදයා - අවිජ්ජා නිරොධො ආදිය යට කියන ලද අර්ථමය. මෙම ක්‍රමයෙන්ම සංඥා-විතර්කද දතයුතුය. විතර්ක වාරයෙහි වනාහි ඵස්ස සමුදයා - ඵස්ස නිරොධායි සඳහන් නොකොට, ඵස්ස යන ස්ථානයෙහි, සඤ්ඤා සමුදයා සඤ්ඤා නිරොධායි යූ.සේයි. එය කවර හෙයින්ද යත්? විතර්කයෙහි සංඥා මූලකත්‍වය හෙයිනි. සංඥා නානාප්‍රකාරතාව හේතුයෙන් සංකල්ප නානාප්‍රකාරභාවය හටගනී යයි යූ.සේයි.

අනිච‍්චතො මනසිකරොතොතිආදීසු ච “වෙදනං අනිච‍්චතො මනසිකරොතො”තිආදිනා නයෙන තස‍්මිං තස‍්මිං වාරෙ සො සොයෙව ධම‍්මො යොජෙතබ‍්බො. යස‍්මා පන විපස‍්සනාසම‍්පයුත‍්තා වෙදනා විපස‍්සනාකිච‍්චකරණෙ අසමත්‍ථත‍්තා විපස‍්සනාය අනුපකාරිකා, තස‍්මායෙව ච බොධිපක‍්ඛියධම‍්මෙසු නාගතා. විපස‍්සනාසම‍්පයුත‍්තාය පන සඤ‍්ඤාය කිච‍්චමෙව අපරිබ්‍යත‍්තං, තස‍්මා සා විපස‍්සනාය එකන‍්තමනුපකාරිකා එව. විතක‍්කං පන විනා විපස‍්සනාකිච‍්චමෙව නත්‍ථි. විතක‍්කසහායා හි විපස‍්සනා සකකිච‍්චං කරොති. යථාහ –

අනිච්චතො මනසි කරොතො යන ආදීන්හිද, වේදනාව අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නහු විසින් යන ආදී ක්‍රමයෙන් ඒ ඒ වාරයන්හි ඒ ඒ ස්වභාවය යෙදිය යුතුය. යම්හෙයකින් වනාහි, විදර්ශනා සම්ප්‍රයුක්ත වේදනාව, විදර්ශනා කෘත්‍යකරණයෙහි, අසමත් හෙයින් විදර්ශනාව උපකාරක නොවේ. එහෙයින්ම බෝධිපාක්‍ෂික ධර්මයන්හි ඇතුළත් නොකළහ. විදර්ශනා සම්ප්‍රයුක්ත සංඥාවෙහි කෘත්‍යයම කෘත්‍යවත් භාවයෙන් තොරය. එහෙයින් එය විදර්ශනාවට ඒකාන්තයෙන් අනුපකාරකමය. විතර්කයෙන් තොර විදර්ශනා කෘත්‍යයක්ම නැත. විතර්ක සහායෙන්ම විදර්ශනාව සිය කෘත්‍යය කරයි. දෙසූ පරිදි –

“පඤ‍්ඤා අත‍්තනො ධම‍්මතාය අනිච‍්චං දුක‍්ඛමනත‍්තාති ආරම‍්මණං නිච‍්ඡෙතුං න සක‍්කොති, විතක‍්කෙ පන ආකොටෙත්‍වා ආකොටෙත්‍වා දෙන‍්තෙ සක‍්කොති. කථං? යථා හි හෙරඤ‍්ඤිකො කහාපණං හත්‍ථෙ ඨපෙත්‍වා සබ‍්බභාගෙසු ඔලොකෙතුකාමො සමානොපි න චක‍්ඛුතලෙනෙව පරිවත‍්තෙතුං සක‍්කොති, අඞ‍්ගුලිපබ‍්බෙහි පන පරිවත‍්තෙත්‍වා පරිවත‍්තෙත්‍වා ඉතො චිතො ච ඔලොකෙතුං සක‍්කොති, එවමෙව න පඤ‍්ඤා අත‍්තනො ධම‍්මතාය අනිච‍්චාදිවසෙන ආරම‍්මණං නිච‍්ඡෙතුං සක‍්කොති, අභිනිරොපනලක‍්ඛණෙන පන ආහනනපරියාහනනරසෙන විතක‍්කෙන ආකොටෙන‍්තෙන විය පරිවත‍්තෙන‍්තෙන විය ච ආදායාදාය දින‍්නමෙව නිච‍්ඡෙතුං සක‍්කොතී”ති (විසුද‍්ධි· 2.568).

ප්‍රඥාව තම ස්වභාවයෙන්, අනිත්‍යය, දුකය. අනාත්මයැයි අරමුණ නිශ්චය කරන්ට නොහැකි වෙයි. විතර්කය වනාහි තට්ටුකොට, තට්ටුකොට දෙන කල්හි හැකිවේ. යම්සේ වනාහි රන්කරුවා කහවණුව, අත්ලෙහි තබා, හැම කොටස් බලනු කැමැති වූයේ නමුදු, ඇස්තලයෙන්ම පෙරළීමට නොහැකි වෙයි. ඇඟිලිපුරුක්වලින්, පෙරළ පෙරළා ඔබිනොබ බලන්ට හැකිවෙයි. එපරිද්දෙන්ම ප්‍රඥාව තමාගේ ස්වභාවයෙන් අනිත්‍යාදී වශයෙන් අරමුණ නිශ්චය කිරීමට නොහැකි වේ. අරමුණට නැංවීම් ලක්‍ෂණයෙන් වනාහි, හැප්පීම් නැවත නැවත හැප්පීම් රසයෙන්, විතර්කයෙන් තට්ටු කරන්නාක් මෙන්ද, පෙරළන්නාක් මෙන්ද. ගෙන ගෙන දුන් දැයම නිශ්චය කරන්ට හැකිවෙයි.

තස‍්මා වෙදනාසඤ‍්ඤානං විපස‍්සනාය අනුපකාරත‍්තා ලක‍්ඛණමත‍්තවසෙනෙව දස‍්සෙතුං “වෙදනාය සඤ‍්ඤායා”ති තත්‍ථ තත්‍ථ එකවචනෙන නිද‍්දෙසො කතො. යත‍්තකො පන විපස‍්සනාය භෙදො, තත‍්තකො එව විතක‍්කස‍්සාති දස‍්සෙතුං “විතක‍්කාන”න‍්ති තත්‍ථ තත්‍ථ බහුවචනෙන නිද‍්දෙසො කතොති වත‍්තුං යුජ‍්ජති.

එහෙයින් වේදනා සංඥාවන්ගේ විදර්ශනාවට අනුපකාරවත් හෙයින්, ලක්‍ෂණ මාත්‍ර වශයෙන්ම, දක්වන්ට ‘වෙදනාය සඤ්ඤාය’ යැයි ඒ ඒ තන්හි ඒකවචනයෙන් නිර්දේශ කරන ලදි. විදර්ශනාවෙහි භේද යම් පමණද, විතර්කයෙහිද භේද, එපමණකැයිම දක්වන්ට ‘විතක්කානං’ යැයි ඒ ඒ තන්හි බහුවචනයෙන් නිර්දේශ කරන ලදැයි කියන්ට වටී.

පුන දීඝං අස‍්සාසපස‍්සාසවසෙනාතිආදි ආනාපානස‍්සතිභාවනාය සම‍්පත‍්තිං භාවනාඵලඤ‍්ච දස‍්සෙතුං වුත‍්තං. තත්‍ථ සමොධානෙතීති ආරම‍්මණං ඨපෙති, ආරම‍්මණං පතිට‍්ඨාපෙතීති වා අත්‍ථො. සමොදහනබ්‍යාපාරාභාවෙපි භාවනාපාරිපූරියා එව සමොදහති නාම. ගොචරන‍්ති විපස‍්සනාක‍්ඛණෙ සඞ‍්ඛාරාරම‍්මණං, මග‍්ගක‍්ඛණෙ ඵලක‍්ඛණෙ ච නිබ‍්බානාරම‍්මණං. සමත්‍ථන‍්ති සමමෙව අත්‍ථො, සමස‍්ස වා අත්‍ථොති සමත්‍ථො. තං සමත්‍ථං. සෙසෙසුපි එසෙව නයො. මග‍්ගං සමොධානෙතීති මග‍්ගඵලක‍්ඛණෙයෙව ගොචරං නිබ‍්බානමෙව. අයං පුග‍්ගලොති ආනාපානස‍්සතිභාවනං අනුයුත‍්තො යොගාවචරොව. ඉමස‍්මිං ආරම‍්මණෙති එත්‍ථ පන “කායෙ”තිපදෙන සඞ‍්ගහිතෙ නාමරූපකායසඞ‍්ඛාතෙ සඞ‍්ඛතාරම‍්මණෙ තෙනෙව කමෙන මග‍්ගෙ නිබ‍්බානාරම‍්මණෙ ච. යං තස‍්සාතිආදීහි ආරම‍්මණගොචරසද‍්දානං එකත්‍ථතා වුත‍්තා. තස‍්සාති තස‍්ස පුග‍්ගලස‍්ස. පජානාතීති පුග‍්ගලො පජානනා පඤ‍්ඤාති පුග‍්ගලො පඤ‍්ඤාය පජානාතීති වුත‍්තං හොති. ආරම‍්මණස‍්ස උපට‍්ඨානන‍්ති විපස‍්සනාක‍්ඛණෙ සඞ‍්ඛාරාරම‍්මණස‍්ස, මග‍්ගඵලක‍්ඛණෙ නිබ‍්බානාරම‍්මණස‍්ස උපට‍්ඨානං සති. එත්‍ථ ච කම‍්මත්‍ථෙ සාමිවචනං යථා රඤ‍්ඤො උපට‍්ඨානන‍්ති. අවික‍්ඛෙපොති සමාධි. අධිට‍්ඨානන‍්ති යථාවුත‍්තසඞ‍්ඛාරාරම‍්මණං නිබ‍්බානාරම‍්මණඤ‍්ච . තඤ‍්හි අධිට‍්ඨාති එත්‍ථ චිත‍්තන‍්ති අධිට‍්ඨානං. වොදානන‍්ති ඤාණං. තඤ‍්හි වොදායති විසුජ‍්ඣති තෙන චිත‍්තන‍්ති වොදානං. ලීනපක‍්ඛිකො සමාධි අලීනභාවප‍්පත‍්තියා සමභූතත‍්තා සමං, උද‍්ධච‍්චපක‍්ඛිකං ඤාණං අනුද‍්ධතභාවප‍්පත‍්තියා සමභූතත‍්තා සමං. තෙන විපස‍්සනාමග‍්ගඵලක‍්ඛණෙසු සමථවිපස‍්සනානං යුගනද‍්ධතා වුත‍්තා හොති. සති පන සබ‍්බත්‍ථිකත‍්තා තදුභයසමතාය උපකාරිකාති සමං, ආරම‍්මණං සමතාධිට‍්ඨානත‍්තා සමං. අනවජ‍්ජට‍්ඨොති විපස‍්සනාය අනවජ‍්ජසභාවො. නික‍්ලෙසට‍්ඨොති මග‍්ගස‍්ස නික‍්කිලෙසසභාවො. නික‍්කිලෙසට‍්ඨොති වා පාඨො. වොදානට‍්ඨොති ඵලස‍්ස පරිසුද‍්ධසභාවො. පරමට‍්ඨොති නිබ‍්බානස‍්ස සබ‍්බධම‍්මුත‍්තමසභාවො. පටිවිජ‍්ඣතීති තං තං සභාවං අසම‍්මොහතො පටිවිජ‍්ඣති. එත්‍ථ ච “ආරම‍්මණස‍්ස උපට‍්ඨාන”න‍්තිආදීහි සම‍්මා පටිවෙධො වුත‍්තො. එත්‍ථෙව ච වොදානට‍්ඨපටිවෙධස‍්ස වුත‍්තත‍්තා තෙන එකලක‍්ඛණා අනවජ‍්ජට‍්ඨනික‍්කිලෙසට‍්ඨපරමට‍්ඨා ලක‍්ඛණහාරවසෙන වුත‍්තායෙව හොන‍්ති. යථාහ –

නැවත දීඝං අස්සාස පස්සාස වසෙන යනාදී ආනාපාන සති භාවනායෙහි සම්ප්‍රාප්තියද, භාවනා ඵලයද දක්වන්ට යූ.සේයි. එහි සමොධානෙති යනු අරමුණෙහි තබයි. අරමුණෙහි පිහිටුවයි යන අර්ථයි. තැන්පත් කිරීමෙහි උත්සාහයක් නොමැති හෙයින්ද, භාවනා සම්පූර්ණත්වයෙන්ම, මනාසේ තැන්පත් කරයි නමැ. ගොචරං යන විදර්ශනා ක්‍ෂණයෙහි, සංස්කාරාරම්මණවද, මාර්ග ක්‍ෂණයෙහිද, ඵලක්‍ෂණයෙහිද, නිර්වාණාරම්මණවද, සමත්‍ථං යනු සමවූම අර්ථය. සමවූවහුගේ අර්ථයනුයි සමත්‍ථයි. ඒ සමර්ථය සෙස්සෙහිද එම ක්‍රමයමැයි. මග්ගං සමොධානෙති යනු මාර්ග එලක්‍ෂණයෙහිම ගෝචර නිර්වාණයමය. අයං පුග්ගලො යනු ආනාපාන සති භාවනාවෙහි යෙදුණ යෝගාවචරයාය. ඉමස්මිං ආරම්මණෙ යන මෙහි වනාහි කාය යන පදයෙන් සංගෘහිත නාමරූප සංඛ්‍යාත සංඛාරම්මණයන්හි, එම ක්‍රමයෙන්ම මග්ගෙ නිබ්බාරම්මණෙච, යං තස්සා යනාදීන්ගෙන් අරමුණට ගෝචර වූ ශබ්දයන්ගේ ඒකාර්ථවත් බැව් යූ.සේයි. තස්ස යනු එම පුද්ගලයාට, පජානාතීති පුග්ගලො පජානනා පඤ්ඤා යන පුද්ගලයා ප්‍රඥායෙන් දැනගනී යයි යූ.සේයි. ආරම්මණස්ස උපට්ඨානං යනු විදර්ශනා ක්‍ෂණයෙහි සංස්කාරාරම්මණයාගේද, මාර්ග ඵලක්‍ෂණයෙහි නිර්වාණාරම්මණයාගේද එළැඹ සිටීම, සමං යන මෙහි කර්මාර්ථයෙහි ෂෂ්ඨියි. රාජ උපස්ථානය අයුරිනි. අවික්ඛෙපො යනු සමාධියයි. අධිට්ඨානං යනු කියන ලද ආකාර සංස්කාරාරම්මණයද, නිර්වාණාරම්මණයද වේ. එය වනාහි මෙහි සිත අධිෂ්ඨාන කෙරෙයිනුයි අධිට්ඨානං නමැ. වොදානං යනු ඤාණයයි. එය වනාහි එයින් සිත පිරිසිදු කරයි. මනාව පිරිසිදු කරයිනුයි වොදාන නමැ. හැකිළුණු පසට අයත් සමාධිය නොහැකිළුණු බවට පැමිණීමෙහි සමවූ හෙයින් සමංයි. නොසන්සුන් පසට අයත් ඤාණය. සන්සුන් බවට පැමිණීමෙහි සමවූ හෙයින් සමංයි. ඉන් විදර්ශනා මාර්ග ඵලක්‍ෂණයන්හි, සමථ විදර්ශනාවන්ගේ, එකට වෙළී පවත්නා ස්වභාවය යූ.සේයි. සිහිය වනාහි හැමතන්හි අවශ්‍යහෙයින් එම ද්වයයෙහි සමතායෙන් උපකාරී වූයේනුයිද සමංයි. අරමුණ සමාධියට කරුණු වන හෙයින් සමංයි. අනවජ්ජට්ඨො යනු විදර්ශනාවෙහි නිරවද්‍ය ස්වභාවයයි. නිකෙලසට්ඨො යනු මාර්ගයාගේ නිකෙලෙස් බවයි. ‘නික්කිලෙසට්ඨො’යිද පාඨයි. වොදානට්ඨො යනු ඵලයෙහි පිරිසිදු බවයි. පරමට්ඨො යනු නිර්වාණයාගේ සියලු ධර්මයන්ට වඩා උසස් බවයි. පටිවිජ්ඣතී යනු, එම ස්වභාවය නුමුළා භාවයෙන් අවබෝධ කරයි. මෙහිද අරමුණෙහි එළැඹ සිටීමයැයි ආදීන්ගෙන් සම ප්‍රතිවේධය යූ.සේයි. මෙහිද වොදානාර්ථය ප්‍රතිවේධයාගේ වශයෙන් කියන ලද හෙයින් එයින් සමාන ලක්‍ෂණ වූ, නිරවද්‍යාර්ථ, නිකෙලෙස් අර්ථ, පරමාර්ථ ලක්‍ෂණගෙන ඒම් වශයෙන් යූ.සේයි. දෙසූ පරිදි –

“වුත‍්තම‍්හි එකධම‍්මෙ, යෙ ධම‍්මා එකලක‍්ඛණා කෙචි; වුත‍්තා භවන‍්ති සබ‍්බෙ, සො හාරො ලක‍්ඛණො නාමා”ති. (නෙත‍්ති· 4.5 නිද‍්දෙසවාර);

වුත්තම්හි එකධම්මෙ - යෙ ධම්මා එක ලක්ඛණා කෙචි, වුත්තා භවන්ති සබ්බෙ - ඉති වුත්තො ලක්ඛණො හාරො’ති

කිසියම් සමාන ලක්‍ෂණ ඇති ධර්මයෝ වෙත්ද, එක් ධර්මයෙක්හි ස්වභාවය කී කල්හි සියල්ලම කියන ලද්දාහු වෙති. මෙය ලක්‍ෂණහාරයැයි යූ.සේයි.

අනවජ‍්ජට‍්ඨො නික‍්කිලෙසට‍්ඨො චෙත්‍ථ අවික‍්ඛෙපසඞ‍්ඛාතස‍්ස සමස‍්ස අත්‍ථො පයොජනන‍්ති සමත්‍ථො, වොදානට‍්ඨො විපස‍්සනාමග‍්ගවොදානං සන්‍ධාය සමමෙව අත්‍ථොති සමත්‍ථො, ඵලවොදානං සන්‍ධාය මග‍්ගවොදානසඞ‍්ඛාතස‍්ස සමස‍්ස අත්‍ථොති සමත්‍ථො, පරමට‍්ඨො පන සමමෙව අත්‍ථොති වා නිබ‍්බානපයොජනත‍්තා සබ‍්බස‍්ස සමස‍්ස අත්‍ථොති වා සමත්‍ථො, තං වුත‍්තප‍්පකාරං සමඤ‍්ච සමත්‍ථඤ‍්ච එකදෙසසරූපෙකසෙසං කත්‍වා සමත්‍ථඤ‍්ච පටිවිජ‍්ඣතීති වුත‍්තං. ඉන්‍ද්‍රියබලබොජ‍්ඣඞ‍්ගධම‍්මා විපස‍්සනාමග‍්ගඵලක‍්ඛණෙපි ලබ‍්භන‍්ති, මග‍්ගො ච තිස‍්සො ච විසුද‍්ධියො මග‍්ගඵලක‍්ඛණෙයෙව, විමොක‍්ඛො ච විජ‍්ජා ච ඛයෙ ඤාණඤ‍්ච මග‍්ගක‍්ඛණෙයෙව, විමුත‍්ති ච අනුප‍්පාදෙ ඤාණඤ‍්ච ඵලක‍්ඛණෙයෙව, සෙසා විපස‍්සනාක‍්ඛණෙපීති. ධම‍්මවාරෙ ඉමෙ ධම‍්මෙ ඉමස‍්මිං ආරම‍්මණෙ සමොධානෙතීති නිබ‍්බානං ඨපෙත්‍වා සෙසා යථායොගං වෙදිතබ‍්බා. ඉදං පන යෙභුය්‍යවසෙන වුත‍්තං. අවුත‍්තත්‍ථා පනෙත්‍ථ හෙට‍්ඨා වුත‍්තා එව. එකෙකචතුක‍්කවසෙනෙත්‍ථ නිය්‍යානෙ දස‍්සිතෙපි චතුක‍්කන‍්තොගධස‍්ස එකෙකස‍්සාපි භාගස‍්ස නිය්‍යානස‍්ස උපනිස‍්සයත‍්තා එකෙකභාගවසෙන නිය්‍යානං දස‍්සිතං. න හි එකෙකං විනා නිය්‍යානං හොතීති.

මෙහි නිරවද්‍යාර්ථය, නික්ලේශාර්ථය අවික්‍ෂෙප සංඛ්‍යාත ‘සම’යෙහි අර්ථයැයි ප්‍රයෝජනය නුයි සමත්‍ථයි, ව්‍යවදානාර්ථය විදර්ශනා මාර්ග ව්‍යවදානය සඳහා සමවූම අර්ථයනුයි සමත්‍ථයි. ඵල ව්‍යවදානය සඳහා මාර්ග ව්‍යවදාන සංඛ්‍යාත සමයෙහි අර්ථයනුයි සමත්‍ථයි. පරමාර්ථය වනාහි සමවූම අර්ථයනුයි හෝ නිර්වාණයෙහි යොදවන හෙයින් සියලු සමයයන්ගේ අර්ථයනුයි හෝ සමත්‍ථයි. එය කියන ලද ආකාර ඇති, සමයද, සමත්‍ථයද, එක් කොටසක් සමානතායෙන් එකක් සේ සලකා, සමත්‍ථඤ්ච පටිවිජ්ඣති යයි යූ.සේයි. ඉන්‍ද්‍රිය, බල, බොධ්‍යංග ධර්ම, විදර්ශනා මාර්ග ඵලක්‍ෂණයෙහිද ලැබේ. මාර්ගයද විසුද්ධිත්‍රයයද මාර්ග ඵලක්‍ෂණයෙහිමය. විමෝක්‍ෂයද, විද්‍යාවද ක්‍ෂය ඤාණයද මාර්ග ක්‍ෂණයෙහිමය. විමුක්තියද, අනුත්පාදයෙහි ඤාණයද ඵලක්‍ෂණයෙහිමය. සෙසු විදර්ශනා ක්‍ෂණයෙහි ප්‍රීතිය ධර්මවාරයෙහිද, මෙම ධර්ම මෙම අරමුණෙහි එක්තැන් කරයිනුයි, නිර්වාණය හැර සෙස්ස සුදුසු පරිදි දතයුත්තාහ. මෙය වනාහි බොහෝ වශයෙන් යූ.සේයි. මෙහි නොකියන ලද අර්ථයට යූ.සේයි. මෙහි එක එක චතුෂ්ක වශයෙන් නිර්යාණයන් දක්වන ලදුයේද, චතුෂ්කයන්ට ඇතුළත් වූ, එක එක කොටසෙහි නිර්යාණයට උපනිශ්‍රය හෙයින් එක් එක් කොටස් වශයෙන් නිර්යාණය දක්වන ලදි. එකිනෙකින් තොරව නිර්යාණය නොවේ.

දීඝංඅස‍්සාසපස‍්සාසනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

දීර්ඝ ආශ්වාස ප්‍රශ්වාස නිර්දේශ වර්ණනා නිමි.

රස‍්සනිද‍්දෙසෙ ඉත‍්තරසඞ‍්ඛාතෙති පරිත‍්තසඞ‍්ඛාතෙ කාලෙ. සෙසමෙත්‍ථ වුත‍්තනයෙන වෙදිතබ‍්බං.

හ්‍රස්ව නිර්දේශයෙහි, ඉත්තර සංඛාතෙ යනු ස්වල්ප සංඛ්‍යාත කාලයෙහි, මෙහි සෙස්ස කියන ලද ක්‍රමයෙන් දතයුතුය.

සබ‍්බකායපටිසංවෙදිනිද‍්දෙසෙ අරූපධම‍්මෙසු වෙදනාය ඔළාරිකත‍්තා සුඛග‍්ගහණත්‍ථං පඨමං ඉට‍්ඨානිට‍්ඨාරම‍්මණසංවෙදිකා වෙදනා වුත‍්තා, තතො යං වෙදෙති, තං සඤ‍්ජානාතීති එවං වෙදනාවිසයස‍්ස ආකාරග‍්ගාහිකා සඤ‍්ඤා, තතො සඤ‍්ඤාවසෙන අභිසඞ‍්ඛාරිකා චෙතනා, තතො “ඵුට‍්ඨො වෙදෙති, ඵුට‍්ඨො සඤ‍්ජානාති, ඵුට‍්ඨො චෙතෙතී”ති (සං· නි· 4.93) වචනතො ඵස‍්සො, තතො සබ‍්බෙසං සාධාරණලක‍්ඛණො මනසිකාරො, චෙතනාදීහි සඞ‍්ඛාරක‍්ඛන්‍ධො වුත‍්තො. එවං තීසු ඛන්‍ධෙසු වුත‍්තෙසු තංනිස‍්සයො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො වුත‍්තොව හොති. නාමඤ‍්චාති වුත‍්තප‍්පකාරං නාමඤ‍්ච. නාමකායො චාති ඉදං පන නාමෙන නිබ‍්බානස‍්සපි සඞ‍්ගහිතත‍්තා ලොකුත‍්තරානඤ‍්ච අවිපස‍්සනුපගත‍්තා තං අපනෙතුං වුත‍්තං. “කායො”ති හි වචනෙන නිබ‍්බානං අපනීතං හොති නිබ‍්බානස‍්ස රාසිවිනිමුත‍්තත‍්තා. යෙ ච වුච‍්චන‍්ති චිත‍්තසඞ‍්ඛාරාති “සඤ‍්ඤා ච වෙදනා ච චෙතසිකා එතෙ ධම‍්මා චිත‍්තපටිබද‍්ධා චිත‍්තසඞ‍්ඛාරා”ති (පටි· ම· 1.174; ම· නි· 1.463) එවං වුච‍්චමානාපි චිත‍්තසඞ‍්ඛාරා ඉධ නාමකායෙනෙව සඞ‍්ගහිතාති වුත‍්තං හොති. මහාභූතාති මහන‍්තපාතුභාවතො මහාභූතසාමඤ‍්ඤතො මහාපරිහාරතො මහාවිකාරතො මහන‍්තභූතත‍්තා චාති මහාභූතා. තෙ පන – පථවී ආපො තෙජො වායොති චත‍්තාරො. චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදායරූපන‍්ති උපයොගත්‍ථෙ සාමිවචනං, චත‍්තාරො මහාභූතෙ උපාදාය නිස‍්සාය අමුඤ‍්චිත්‍වා පවත‍්තරූපන‍්ති අත්‍ථො. තං පන – චක‍්ඛු සොතං ඝානං ජිව‍්හා කායො රූපං සද‍්දො ගන්‍ධො රසො ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං හදයවත්‍ථු ඔජා කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති ආකාසධාතු රූපස‍්ස ලහුතා මුදුතා කම‍්මඤ‍්ඤත‍්තා උපචයො සන‍්තති ජරතා අනිච‍්චතාති චතුවීසතිවිධං. අස‍්සාසො ච පස‍්සාසො චාති පාකතිකොයෙව. අස‍්සාසපස‍්සාසෙ නිස‍්සාය උප‍්පන‍්නං පටිභාගනිමිත‍්තම‍්පි තදෙව නාමං ලභති පථවීකසිණාදීනි විය. රූපසරික‍්ඛකත‍්තා රූපන‍්ති ච නාමං ලභති “බහිද‍්ධා රූපානි පස‍්සතී”තිආදීසු (ධ· ස· 204; දී· නි· 3.338) විය. නිමිත‍්තඤ‍්ච උපනිබන්‍ධනාති සතිඋපනිබන්‍ධනාය නිමිත‍්තභූතං අස‍්සාසපස‍්සාසානං ඵුසනට‍්ඨානං. යෙ ච වුච‍්චන‍්ති කායසඞ‍්ඛාරාති “අස‍්සාසපස‍්සාසා කායිකා එතෙ ධම‍්මා කායපටිබද‍්ධා කායසඞ‍්ඛාරා”ති (පටි· ම· 1.171; ම· නි· 1.463) එවං වුච‍්චමානාපි කායසඞ‍්ඛාරා ඉධ රූපකායෙනෙව සඞ‍්ගහිතාති වුත‍්තං හොති.

සබ්බකාය පටිසංවෙදී නිර්දේශයෙහි, අරූප ධර්මයන්හි වේදනාව දළ හෙයින්, සුවසේ ග්‍රහණය සඳහා, පළමුව, ඉටුනිටු අරමුණු දනවන වේදනාව යූ.සේයි. ඉක්බිති, යමක් විඳියිද එය හඳුනයි යයි මෙසේ වේදනාවට විෂය වූ ආකාර ග්‍රාහක සංඥාවද, ඉක්බිති සංඥා වශයෙන් රැස්කළ චේතනාවද, ඉක්බිති ස්පර්ශ කරන ලදුයේ විඳියි. ස්පර්ශ කරන ලදුයේ හඳුනයි. ස්පර්ශ කරන ලදුයේ සිතයි යන වචන, ස්පර්ශයද, ඉක්බිති සියල්ලන්ට සාධාරණ ලක්‍ෂණ මනසිකාරයදැයි, චේතනාදීන්හි ඇතුළත් සංස්කාර ස්කන්ධය යූ.සේයි. මෙසේ ස්කන්ධත්‍රයන්හි කී කල්හි එය හා ආශ්‍රිත විඤ්ඤාණ ස්කන්ධය කියන ලද්දේම වේ. නාමඤ්ච යනු කියන ලද ආකාර ඇති නාමයද, නාම කායොච යනු මෙම නාමයෙන්, නිර්වාණයාගේද, සංගෘහිත හෙයින්, ලෝකෝත්තරයන්ගේද, විදර්ශනාවට නොඑළඹුණු හෙයින් එය ඉවත් කරන්ට යූ.සේයි. නිර්වාණයාගේ රාශි විනිර්මුක්ත හෙයින් කාය යන වචනයෙන් නිර්වාණය ඉවත්කරන ලද්දේ වේ. යෙච වුච්චන්ති චිත්ත සංඛාරා යනු සංඥාවද, වේදනාවද චෛතසිකයෝය. එම ධර්ම සිත හා බැඳී ඇති හෙයින් චිත්ත සංඛාරයැයි මෙසේ කියනු ලබන කල්හිද, චිත්ත සංස්කාර මෙහි නාමකයෙන්ම සංගෘහිත යැයි යූ.සේයි. මහාභූතා යනු විශාලව පහළවන හෙයින්ද, මහාභූත යන සාමාන්‍යතාවයෙන්ද, මහත් පරිවාර හෙයින්ද මහත් වෙනස්වීම්වලට භාජනය වන හෙයින්ද, මහත් වූ හෙයින්ද මහාභූතයි. ඒවා වනාහි පෘථුවි, ආපො, තෙජො, වායො යන සතරයි. චතුන්නං මහාභූතානං උපාදාය රූපං යනු ද්විතීයාර්ථයෙහි ෂෂ්ඨියි. සතරමහා භූතයන් දැඩිසේ ගෙන, ඇසුරුකොට, අත්නොහැර පැවැති රූපයයි යන අර්ථයි. එය වනාහි ඇස, කණ, නහය, දිව, ශරීරය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ත්‍රින්ද්‍රිය, පුරිසේන්‍ද්‍රිය, ජීවිතේන්‍ද්‍රිය, හෘදය වස්තුව, ඕජාව, කාය විඥප්ති, වචි විඥප්ති, ආකාශ ධාතුව, රූපයෙහි ලිහිල් බව, මෘද බව, කර්මණ්‍යතාවය, උපචය, සන්තති ජරතා, අනිච්චතා යයි සූවිසි අයුරුය. අස්සාසො පස්සාසො නියම ස්වභාවයෙන් යුක්ත වූයේම, ආශ්වාස ප්‍රශ්වාසයන් ඇසිරිකොට, උපන් ප්‍රතිභාග නිමිත්තද, එම නාමයම ලබයි. ‘පිටත රූපයන් දකී.’ යනාදියෙහි මෙනි. නිමිත්තඤ්ච උපනිබන්‍ධනා යනු සිහිය ළංකොට බැඳීමෙන් නිමිත්ත වූ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ස්පර්ශ කළ ස්ථානය, යෙච වුච්චන්ති කාය සංඛාරා යනු ආශ්වාස ප්‍රශ්වාස නමැති එම කායිකය, කය හා බැඳී පවතීනුයි කාය සංස්කාරයැයි, මෙසේ කියනු ලබන්නා වූද, කාය සංස්කාර මෙහි රූප කායයෙන්ම සංගෘහිත යැයි යූ.සේයි.

තෙ කායා පටිවිදිතා හොන‍්තීති ඣානක‍්ඛණෙ අස‍්සාසපස‍්සාසනිමිත‍්තකායා විපස‍්සනාක‍්ඛණෙ අවසෙසරූපාරූපකායා ආරම‍්මණතො පටිවිදිතා හොන‍්ති, මග‍්ගක‍්ඛණෙ අසම‍්මොහතො පටිවිදිතා හොන‍්ති. අස‍්සාසපස‍්සාසවසෙන පටිලද‍්ධජ‍්ඣානස‍්ස යොගිස‍්ස උප‍්පන‍්නවිපස‍්සනාමග‍්ගෙපි සන්‍ධාය දීඝං අස‍්සාසපස‍්සාසවසෙනාතිආදි වුත‍්තං.

තෙ කායා පටිවිදිතා හොන්ති යනු ධ්‍යාන ක්‍ෂණයෙහි ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත කාය වශයෙන්ද, විදර්ශනා ක්‍ෂණයෙහි සෙසු රූපාරූප කායයන් අරමුණු වශයෙන්ද, ප්‍රකට කොට දන්නා ලද්දාහු වෙති. මාර්ග ක්‍ෂණයෙහි නුමුළා භාවයෙන් ප්‍රකට කොට දන්නා ලද්දාහු වෙති. ආශ්වාස, ප්‍රශ්වාස වශයෙන්, ලද ධ්‍යානි යෝගියාට උපන් විදර්ශනා මාර්ගය සඳහාද, දීර්ඝ ආශ්වාස ප්‍රශ්වාස වශයෙනැයි ආදිය යූ.සේයි.

ආවජ‍්ජතො පජානතොතිආදීනි සීලකථායං වුත‍්තත්‍ථානි. තෙ වුත‍්තප‍්පකාරෙ කායෙ අන‍්තොකරිත්‍වා “සබ‍්බකායපටිසංවෙදී”ති වුත‍්තං.

ආවජ්ජතො පජානතො යනාදිය සීලකථායෙහි කියන ලද අර්ථමය. ඒවා කියන ලද ආකාර ඇති කයෙහි ඇතුළත්කොට, සබ්බකාය පටිසංවෙදි ආදිය යූ.සේයි.

සබ‍්බකායපටිසංවෙදී අස‍්සාසපස‍්සාසානං සංවරට‍්ඨෙනාතිආදීසු “සබ‍්බකායපටිසංවෙදී”තිවුත‍්තඅස‍්සාසපස‍්සාසතො උප‍්පන‍්නජ‍්ඣානවිපස‍්සනාමග‍්ගෙසු සංවරොයෙව සංවරට‍්ඨෙන සීලවිසුද‍්ධි. අවික‍්ඛෙපොයෙව අවික‍්ඛෙපට‍්ඨෙන චිත‍්තවිසුද‍්ධි. පඤ‍්ඤායෙව දස‍්සනට‍්ඨෙන දිට‍්ඨිවිසුද‍්ධි. ඣානවිපස‍්සනාසු විරතිඅභාවෙපි පාපාභාවමත‍්තමෙව සංවරො නාමාති වෙදිතබ‍්බං.

සබ්බකාය පටිසංවෙදී අස්සාස පස්සාසානං සංවරට්ඨෙන යනාදීන්හි, සබ්බකාය පටිසංවෙදී යයි කියන ලද ආශ්වාස ප්‍රශ්වාසයෙන් උපදනා ධ්‍යාන, විදර්ශනා මාර්ගයන්හි සංවරයම සංවරාර්ථයෙන් සීල විසුද්ධියි. අවික්‍ෂෙපයම අවික්ඛෙපට්ඨෙන චිත්ත විසුද්ධියි. ප්‍රඥාවම දස්සනට්ඨො දිට්ඨි විසුද්ධියි, ධ්‍යාන විදර්ශනාවන්හි විරති නොමැති වූයේම, පාපී ස්වභාව අභාව මාත්‍රයම සංවර නමැයි දතයුතුය.

පස‍්සම‍්භයන‍්තිආදීනං නිද‍්දෙසෙ කායිකාති රූපකායෙ භවා. කායපටිබද‍්ධාති කායං පටිබද‍්ධා කායං නිස‍්සිතා, කායෙ සති හොන‍්ති, අසති න හොන‍්ති, තස‍්මායෙව තෙ කායෙන සඞ‍්ඛරීයන‍්තීති කායසඞ‍්ඛාරා. පස‍්සම‍්භෙන‍්තොති නිබ‍්බාපෙන‍්තො සන‍්නිසීදාපෙන‍්තො. පස‍්සම‍්භනවචනෙනෙව ඔළාරිකානං පස‍්සම‍්භනං සිද‍්ධං. නිරොධෙන‍්තොති ඔළාරිකානං අනුප‍්පාදනෙන නිරොධෙන‍්තො. වූපසමෙන‍්තොති ඔළාරිකෙයෙව එකසන‍්තතිපරිණාමනයෙන සන‍්තභාවං නයන‍්තො. සික‍්ඛතීති අධිකාරවසෙන අස‍්සසිස‍්සාමීති සික‍්ඛතීති සම‍්බන්‍ධො, තිස‍්සො සික‍්ඛා සික‍්ඛතීති වා අත්‍ථො.

පස්සම්භයං යනාදීන්ගේ නිර්දේශයෙහි, කායිකා යනු රූපකයෙහි වූ, කාය පටිබද්ධා යනු කය හා බද්ධව, කය නිශ්‍රිතව, කය ඇති කල්හි වෙති. නොමැති කල්හි නොවෙති. එහෙයින්ම ඒවා කයින් රැස් කෙරෙත්නුයි කායසංඛාරායි. පස්සම්භෙන්තො නිවනුයේ සන්සිඳවනුයේ, පස්සම්භන වචනයෙන් දළ වූවන්ගේ සන්සිඳවීම සිද්ධය. නිරොධෙන්තො යනු දළ ස්වභාවයෙන් නොඉපැත්මෙන් නිරුද්ධ කරනුයේ, වූපසමෙන්තො යනු දළ ස්වභාව වූම එක් පැවැත්මක පරිණාම ක්‍රමයෙන් ශාන්ත භාවයට ගෙන යනුයේ, සික්ඛති යනු ප්‍රාර්ථනා වශයෙන් ආශ්වාස කරන්නෙමියි හික්මේයයි සම්බන්ධයයි. ත්‍රිවිධ ශික්‍ෂාවන්හි හික්මේයයි අර්ථයි.

ඉදානි ඔළාරිකපස‍්සම‍්භනං දස‍්සෙතුං යථාරූපෙහීතිආදිමාහ. තත්‍ථ යථාරූපෙහීති යාදිසෙහි. ආනමනාති පච‍්ඡතො නමනා. විනමනාති උභයපස‍්සතො නමනා. සන‍්නමනාති සබ‍්බතොපි නමන‍්තස‍්ස සුට‍්ඨු නමනා. පණමනාති පුරතො නමනා. ඉඤ‍්ජනාති කම‍්පනා. ඵන්‍දනාති ඊසකං චලනා. පකම‍්පනාති භුසං කම‍්පනා. යථාරූපෙහි කායසඞ‍්ඛාරෙහි කායස‍්ස ආනමනා…පෙ… පකම‍්පනා, තථාරූපං කායසඞ‍්ඛාරං පස‍්සම‍්භයන‍්ති ච, යා කායස‍්ස ආනමනා…පෙ… පකම‍්පනා, තඤ‍්ච පස‍්සම‍්භයන‍්ති ච සම‍්බන්‍ධො කාතබ‍්බො. කායසඞ‍්ඛාරෙසු හි පස‍්සම‍්භිතෙසු කායස‍්ස ආනමනාදයො ච පස‍්සම‍්භිතායෙව හොන‍්තීති. යථාරූපෙහි කායසඞ‍්ඛාරෙහි කායස‍්ස න ආනමනාදිකා හොති, තථාරූපං සන‍්තං සුඛුමම‍්පි කායසඞ‍්ඛාරං පස‍්සම‍්භයන‍්ති ච, යා කායස‍්ස න ආනමනාදිකා, තඤ‍්ච සන‍්තං සුඛුමං පස‍්සම‍්භයන‍්ති ච සම‍්බන්‍ධතො වෙදිතබ‍්බං. සන‍්තං සුඛුමන‍්ති ච භාවනපුංසකවචනමෙතං. ඉති කිරාති එත්‍ථ ඉති එවමත්‍ථෙ, කිර යදිඅත්‍ථෙ. යදි එවං සුඛුමකෙපි අස‍්සාසපස‍්සාසෙ පස‍්සම‍්භයං අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතීති චොදකෙන චොදනා ආරද‍්ධා හොති. අථ වා කිරාති චොදකවචනත‍්තා අසද‍්දහනත්‍ථෙ අසහනත්‍ථෙ පරොක‍්ඛත්‍ථෙ ච යුජ‍්ජතියෙව, එවං සුඛුමානම‍්පි පස‍්සම‍්භනං සික‍්ඛතීති න සද‍්දහාමි න සහාමි අපච‍්චක‍්ඛං මෙති වුත‍්තං හොති.

දැන් දළ සංසිඳීම දක්වන්ට ‘යථාරූපෙහි’ යනාදිය වදාළහ. එහි යථාරූපෙහි යනු යම්බඳු වූ, ආනමනා යනු පසුපසට නැමීමක්, විනමනා යනු දෙපසට නැමීම, සන්නමනා යනු සර්වාකාරයෙන් නමන්නහුගේ මනාව නැමීමයි. පණමනා යනු පෙරට නැමීමයි. ඉඤ්ජනා යනු කම්පනයයි. ඵන්‍දනා යනු මද චලනයයි. පකම්පනා යනු බලවත් කම්පනයක් යම් ආකාර වූ කාය සංස්කාරයන්ගෙන්, කයෙහි පසුපසට නැමීම -පෙ- බලවත් කම්පනයක් වේද, එබඳු වූ කාය සංස්කාර සංසිඳුවතිද, කයෙහි යම් පෙරට නැමීමක් -පෙ- බලවත් කම්පනයක් වේද, එයද සංසිඳුවතියි සම්බන්ධ කළ යුතුය. කාය සංස්කාරයන් සන්සිඳුණු කල්හි, ශරීරයාගේ පෙරට නැමීම් ආදීහුද, සන්සිඳුණාහුම වෙත් යයි, යම් ආකාර වූ කාය සංස්කාරයන්ගෙන් කයෙහි පෙරට නැමීම් ආදිය නොවෙයිද, එබඳු වූ ශාන්ත සියුම් වූද, කාය සංස්කාර සංසිඳවත් යයිද, ශරීරයෙහි යම් පෙරට නැවීම් ආදිය නොවෙයිද, එබඳු වූ ශාන්ත, සියුම් වූද දෑ සංසිඳවත් යයි සම්බන්ධය දතයුතුය. සන්තං සුඛුමං යන එය භාව නපුංසක වචනයි. ඉති කිර යන මෙහි, ඉති යනු මෙසේ යන අර්ථයෙහි යෙදේ. ‘කිර’ යනු ඉදින් යන අර්ථයෙහිය. ඉදින් මෙසේ සියුම් වූද, ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි. ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ යයි චෝදකයා විසින් චෝදනාව අරඹන ලද්දේ වේ. නොහොත් කිර යනු චෝදක වචනය හෙයින් නොපිළිගන්නා අර්ථයෙහි, පරොක්‍ෂාර්ථයෙහිද යෙදේමය. මෙසේ සියුම් වූද, සංසිඳුවීම් හික්මේයයි නොඅදහමි. අප්‍රත්‍යක්‍ෂයැයි යූ.සේයි.

එවං සන‍්තෙති එවං සුඛුමානං පස‍්සම‍්භනෙ සන‍්තෙ. වාතූපලද‍්ධියා ච පභාවනා න හොතීති අස‍්සාසපස‍්සාසවාතස‍්ස උපලද‍්ධියා. උපලද‍්ධීති විඤ‍්ඤාණං. අස‍්සාසපස‍්සාසවාතං උපලබ‍්භමානස‍්ස තදාරම‍්මණස‍්ස භාවනාවිඤ‍්ඤාණස‍්ස පභාවනා උප‍්පාදනා න හොති, තස‍්ස ආරම‍්මණස‍්ස භාවනා න හොතීති අත්‍ථො. අස‍්සාසපස‍්සාසානඤ‍්ච පභාවනා න හොතීති භාවනාය සුඛුමකානම‍්පි අස‍්සාසපස‍්සාසානං නිරොධනතො තෙසඤ‍්ච උප‍්පාදනා පවත‍්තනා න හොතීති අත්‍ථො. ආනාපානස‍්සතියා ච පභාවනා න හොතීති අස‍්සාසපස‍්සාසාභාවතොයෙව තදාරම‍්මණාය භාවනාවිඤ‍්ඤාණසම‍්පයුත‍්තාය සතියා ච පවත‍්තනා න හොති. තස‍්මායෙව තංසම‍්පයුත‍්තස‍්ස ආනාපානස‍්සතිසමාධිස‍්ස ච භාවනා න හොති. න ච නං තන‍්ති එත්‍ථ ච නන‍්ති නිපාතමත‍්තං “භික‍්ඛු ච න”න‍්තිආදීසු (පාරා· 273) විය. තං වුත‍්තවිධිං සමාපත‍්තිං පණ‍්ඩිතා න සමාපජ‍්ජන‍්තිපි තතො න වුට‍්ඨහන‍්තිපීති සම‍්බන්‍ධො. චොදනාපක‍්ඛස‍්ස පරිහාරවචනෙ ඉති කිරාති එවමෙව. එත්‍ථ එවකාරත්‍ථෙ කිරසද‍්දො දට‍්ඨබ‍්බො. එවං සන‍්තෙති එවං පස‍්සම‍්භනෙ සන‍්තෙ එව.

එවංසන්තෙ යනු මෙසේ සියුම් වූවන්ගේ සන්සිඳවීම ඇතිකල්හි, වාතුපලද්ධියාච පභාවනා නහොති යනු ආශ්වාස ප්‍රශ්වාස වාතයෙහි උපලබ්ධියෙහි, උපලද්ධි යනු විඤ්ඤාණයයි. ආශ්වාස ප්‍රශ්වාස වාතය ලබන කල්හි, තදාරම්මණ භාවනා විඤ්ඤාණයාගේ ඉපදීම, උත්පාදනය නොවේ. එම අරමුණ කරණකොට භාවනාව නොවේ යයි අර්ථයි. අස්සාස පස්සාසනඤ්ච පභාවනා නහොති යනු භාවනාවෙහි සියුම් වූද ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ නිරෝධය වන හෙයින් ඒවාහි උත්පාදනය, පැවැත්ම නොවේයයි අර්ථයි. ආනාපාන සතියා ච පභාවනා නහොති යනු ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ අභාවයෙන්ම තදාරම්මණ භාවනා විඤ්ඤාණ සම්ප්‍රයුක්ත සිහියගේද පැවැත්ම නොවේ. එහෙයින්ම ඒ හා සම්ප්‍රයුක්ත ආනාපාන සති සමාධියගේ භාවනාව නොවේ. නච නං තං යන මෙහි ච නං යනු නිපාත මාත්‍රයයි. ‘භික්ඛුචනං’ යන ආදීන්හි මෙනි. ඒ කියන ලද ආකාර ඇති සමවතට නුවණැතියෝ සම නොවදිති. ඉන් නොනැගිටිතියි සම්බන්ධයි. චෝදනා පක්‍ෂයට ගෙනහැර දැක්වීම් වචනයෙහි, ඉතිකිර යනු එපරිද්දෙන්ම මෙහි එවකාරාර්ථයෙහි කිර ශබ්දය දතයුතුය. එවං සන්තෙ යනු මෙසේ සන්සිඳවීම් ඇතිකල්හි.

යථා කථං වියාති යථා තං වුත‍්තවිධානං හොති, තථා තං කථං වියාති උපමං පුච‍්ඡති. ඉදානි සෙය්‍යථාපීති තං උපමං දස‍්සෙති. කංසෙති කංසමයභාජනෙ. නිමිත‍්තන‍්ති තෙසං සද‍්දානං ආකාරං. “නිමිත‍්ත”න‍්ති ච සාමිඅත්‍ථෙ උපයොගවචනං, නිමිත‍්තස‍්සාති අත්‍ථො. සද‍්දනිමිත‍්තඤ‍්ච සද‍්දතො අනඤ‍්ඤං. සුග‍්ගහිතත‍්තාති සුට‍්ඨු උග‍්ගහිතත‍්තා. සුගහිතත‍්තාතිපි පාඨො, සුට‍්ඨු ගහිතත‍්තාති අත්‍ථො. සුමනසිකතත‍්තාති සුට‍්ඨු ආවජ‍්ජිතත‍්තා. සූපධාරිතත‍්තාති සුට‍්ඨු චිත‍්තෙ ඨපිතත‍්තා. සුඛුමසද‍්දනිමිත‍්තාරම‍්මණතාපීති තදා සුඛුමානම‍්පි සද‍්දානං නිරුද‍්ධත‍්තා අනුග‍්ගහිතසද‍්දනිමිත‍්තස‍්ස අනාරම‍්මණම‍්පි සුඛුමතරං සද‍්දනිමිත‍්තං ආරම‍්මණං කත්‍වා සුඛුමතරං සද‍්දනිමිත‍්තාරම‍්මණම‍්පි චිත‍්තං පවත‍්තති, සුඛුමතරසද‍්දනිමිත‍්තාරම‍්මණභාවතොපීති වා අත්‍ථො. ඉමිනාව නයෙන අප‍්පනායම‍්පි අත්‍ථො වෙදිතබ‍්බො.

යථාකථං විය යනු ඒ කියන ලද විධානය ලෙස, කෙසේ එය එසේ වේදැයි උපමාවෙන් විචාරයි. දැන් සෙය්‍යථාපි යයි එම උපමාව දක්වයි. කංසෙ යනු ලෝහ බඳුන්හි. නිමිත්තං යනු ඒ ශබ්දයන්ගේ ආකාරයයි. නිමිත්තං යනු ෂෂ්ඨ්‍යාර්ථයෙහි ද්විතියා ඒකවචනයි. නිමිත්තගේ යන අර්ථයි. ශබ්ද නිමිත්තද යනු ශබ්දයෙන් අනෙකක් නොවූයේ, සුග්ගහිතත්තා යනු මනාව ගන්නා ලද හෙයින්, සුමනසිකතත්තා යනු මනාව ආවර්ජනය කළ හෙයින්, සූපධාරිතත්තා යනු මනාව සිතෙහි තබන ලද හෙයින්, සුඛුම සද්ද නිමිත්තාරම්මණධාරිතත්තා යනු එකල්හි සියුම් වූද ශබ්දයන්ගේ නිරුද්ධය වූ හෙයින් අනුග්‍රහ නොලද, ශබ්ද නිමිත්තෙහි, අරමුණු නොවන හෙයින් ඉතා සියුම් ශබ්ද නිමිත්ත අරමුණුකොට, ඉතා සියුම් ශබ්ද නිමිත්ත අරමුණු වූද සිත පවතියි. ඉතා සියුම් ශබ්ද නිමිත්ත අරමුණු භාවයෙන් ප්‍රීතිය හෝ යන අර්ථයි. මෙම ක්‍රමයෙන්ම අර්පණාවෙහිද අර්ථය දතයුතුය.

පස‍්සම‍්භයන‍්තිආදීසු “පස‍්සම‍්භයං කායසඞ‍්ඛාර”න‍්ති වුත‍්තා අස‍්සාසපස‍්සාසා කායොති වා “පස‍්සම‍්භයං කායසඞ‍්ඛාර”න‍්ති එත්‍ථ අස‍්සාසපස‍්සාසා කායොති වා යොජනා වෙදිතබ‍්බා. භාවනාවිසුද‍්ධියා කායසඞ‍්ඛාරෙ පස‍්සම‍්භමානෙපි ඔළාරිකං කායසඞ‍්ඛාරං පස‍්සම‍්භෙමීති යොගිනො ආභොගෙ සති තෙනාදරෙන අතිවිය පස‍්සම‍්භති. අනුපට‍්ඨහන‍්තම‍්පි සුඛුමං සුආනයං හොති.

පස්සම්භයං යනාදීන්හි ‘පස්සම්භයං කාය සංඛාරං’ යයි කියන ලද ආශ්වාස ප්‍රශ්වාස කය යැයි හෝ ‘පස්සම්භයං කාය සංඛාරං’ යන මෙහි ආශ්වාස ප්‍රශ්වාස කය යැයි හෝ යෙදීම දතයුත්තාහ. භාවනා විශුද්ධියෙහි කාය සංස්කාරයන් සන්සිඳෙන කල්හිද, දළ කාය සංස්කාර සන්සිඳවමියි යෝගියාගේ සිතාබැලීම ඇතිකල්හි ඔහු විසින් සැලකිල්ලෙන් අතිශයින් සංසිඳවයි. නොවැටහෙනුයේද සියුම්ව මනාව ගෙනඒම වෙයි.

අට‍්ඨ අනුපස‍්සනාඤාණානීති “දීඝං රස‍්සං සබ‍්බකායපටිසංවෙදී පස‍්සම‍්භයං කායසඞ‍්ඛාර”න‍්ති වුත‍්තෙසු චතූසු වත්‍ථූසු අස‍්සාසවසෙන චතස‍්සො, පස‍්සාසවසෙන චතස‍්සොති අට‍්ඨ අනුපස‍්සනාඤාණානි. අට‍්ඨ ච උපට‍්ඨානානුස‍්සතියොති “දීඝං අස‍්සාසවසෙන චිත‍්තස‍්ස එකග‍්ගතං අවික‍්ඛෙපං පජානතො සති උපට‍්ඨිතා හොතී”තිආදිනා (පටි· ම· 1.170) නයෙන වුත‍්තෙසු චතූසු වත්‍ථූසු අස‍්සාසවසෙන චතස‍්සො, පස‍්සාසවසෙන චතස‍්සොති අට‍්ඨ ච උපට‍්ඨානානුස‍්සතියො. අට‍්ඨ චුපට‍්ඨානානුස‍්සතියොතිපි පාඨො. චත‍්තාරි සුත‍්තන‍්තිකවත්‍ථූනීති භගවතා ආනාපානස‍්සතිසුත‍්තන‍්තෙ (ම· නි· 3.144 ආදයො) වුත‍්තත‍්තා පඨමචතුක‍්කවසෙන චත‍්තාරි සුත‍්තන‍්තිකවත්‍ථූනීති.

අට්ඨ අනුපස්සනෙ ඤාණානි යනු දීර්ඝ, හ්‍රස්ව, සබ්බකාය පටිසංවේදී, පස්සම්භයං කායසංඛාරං යයි කියන ලද සතර වස්තූන්හි ආශ්වාස වශයෙන් සතරෙක්ද, ප්‍රශ්වාස වශයෙන් සතරෙක්දැයි අට අනුපස්සනා ඤාණයෝ, අට්ඨච උපට්ඨානානුස්සතියො යනු දීර්ඝව ආශ්වාස වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතාව, අවික්‍ෂෙපය දන්නහුට සිහිය එළැඹ සිටියේ වේයයි ආදී ක්‍රමයෙන් කියන ලද සිව් වස්තූන්හි ආශ්වාස වශයෙන් සතරෙක්ද, ප්‍රශ්වාස වශයෙන් සතරෙක්දැයි යන අට අරමුණට එළැඹ සිටීම් අනුස්සතීහුය. අට්ඨ චුපට්ඨානානුස්සතියොයිද පාඨයි. චත්තාරි සුත්තන්තික වත්‍ථූනි යනු භාග්‍යවතුන් වහන්සේ විසින් ආනාපාන සති සූත්‍රාන්තයෙහි දේශනා කරන ලද හෙයින් ප්‍රථම චතුෂ්ක වශයෙන් සිව් සූත්‍රාන්තික වස්තූහුය.

පඨමචතුක‍්කනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

ප්‍රථම චතුෂ්ක නිර්දේශ වර්ණනාව නිමියේය.

දුතියචතුක‍්කස‍්ස පීතිපටිසංවෙදිනිද‍්දෙසෙ උප‍්පජ‍්ජති පීති පාමොජ‍්ජන‍්ති එත්‍ථ පීතීති මූලපදං. පාමොජ‍්ජන‍්ති තස‍්ස අත්‍ථපදං, පමුදිතභාවොති අත්‍ථො. යා පීති පාමොජ‍්ජන‍්තිආදීසු යා “පීතී”ති ච “පාමොජ‍්ජ”න‍්ති ච එවමාදීනි නාමානි ලභති, සා පීතීති වුත‍්තං හොති. තත්‍ථ පීතීති සභාවපදං. පමුදිතස‍්ස භාවො පාමොජ‍්ජං. ආමොදනාකාරො ආමොදනා. පමොදනාකාරො පමොදනා. යථා වා භෙසජ‍්ජානං වා තෙලානං වා උණ‍්හොදකසීතොදකානං වා එකතොකරණං මොදනාති වුච‍්චති, එවමයම‍්පි ධම‍්මානං එකතොකරණෙන මොදනා, උපසග‍්ගවසෙන පන පදං මණ‍්ඩෙත්‍වා ආමොදනා පමොදනාති වුත‍්තං. හාසෙතීති හාසො, පහාසෙතීති පහාසො, හට‍්ඨපහට‍්ඨාකාරානමෙතං අධිවචනං. විත‍්තීති විත‍්තං, ධනස‍්සෙතං නාමං. අයං පන සොමනස‍්සපච‍්චයත‍්තා විත‍්තිසරික‍්ඛතාය විත‍්ති. යථා හි ධනිනො ධනං පටිච‍්ච සොමනස‍්සං උප‍්පජ‍්ජති, එවං පීතිමතොපි පීතිං පටිච‍්ච සොමනස‍්සං උප‍්පජ‍්ජති. තස‍්මා “විත‍්තී”ති වුත‍්තා. තුට‍්ඨිසභාවසණ‍්ඨිතාය හි පීතියා එතං නාමං. පීතිමා පන පුග‍්ගලො කායචිත‍්තානං උග‍්ගතත‍්තා අබ‍්භුග‍්ගතත‍්තා “උදග‍්ගො”ති වුච‍්චති, උදග‍්ගස‍්ස භාගො ඔදග්‍යං. අත‍්තනො මනතා අත‍්තමනතා. අනභිරද‍්ධස‍්ස හි මනො දුක‍්ඛපදට‍්ඨානත‍්තා න අත‍්තනො මනො නාම හොති, අභිරද‍්ධස‍්ස සුඛපදට‍්ඨානත‍්තා අත‍්තනො මනො නාම හොති, ඉති අත‍්තනො මනතා අත‍්තමනතා, සකමනතා සකමනස‍්ස භාවොති අත්‍ථො. සා පන යස‍්මා න අඤ‍්ඤස‍්ස කස‍්සචි අත‍්තනො මනතා, චිත‍්තස‍්සෙව පනෙසො භාවො චෙතසිකො ධම‍්මො, තස‍්මා අත‍්තමනතා චිත‍්තස‍්සාති වුත‍්තා. සෙසමෙත්‍ථ ච උපරි ච හෙට‍්ඨා වුත‍්තනයෙන යොජෙත්‍වා වෙදිතබ‍්බං.

දෙවන චතුෂ්කයෙහි, පීති පටිසංවෙදී නිර්දේශයෙහි, උප්පජ්ජති පීති පාමුජ්ජං යන මෙහි පීති යනු මුල්වූ පදයයි. පාමුජ්ජං යනු එහි අර්ථ පදයයි. යා පීති පාමුජ්ජං යනාදීන්හි යම් ප්‍රීතියක්ද ප්‍රමෝද්‍යයක්දැයි මේ ආදී නම් ලබයි. එම ප්‍රීතිය යයි යූ.සේයි. එහි ප්‍රීති යනු ස්වභාව පදයයි. ප්‍රමුදිත භාවය පාමුජ්ජංයි. සතුටුවීම් ආකාරය ආමොදනායි. වඩාත් සතුටුවීම් ආකාරය පමොදනායි. යම්සේ වනාහි භෛසජ්‍යයන්ගේ හෝ තෛලයන්ගේ හෝ උණ්හෝදක සීතෝදකයන්ගේ එකට එක්කිරීම මිශ්‍රකිරීම යයි කියනු ලැබේද? මෙසේ මෙම ධර්මයන්ගේ එක්තැන් කිරීමෙන් මිශ්‍ර කිරීමයි. උපසර්ග වශයෙන් පදය වර්ධනය කොට ආමොදනා පමොදනායි යූ.සේයි. සතුටු වේනුයි හාසොයි. මහත්සේ සතුටුවේනුයි පහාසොයි. තුටු පහටු වන ආකාරයට එය විශේෂ නාමයකි. විත්ති යනු ධනයයි. එය ධනයට නාමයකි. මෙය වනාහි සොම්නස් හේතු හෙයින් ධනය හා සමාන හෙයින් විත්තියි. යම්සේ වනාහි ධනවතාට, ධනය හේතුවේන සතුට උපදීද? එසේම ප්‍රීතිමත්හුට ප්‍රීති හේතුවෙන් සතුට උපදී. එහෙයින් විත්තියයි යූ.සේයි. සන්තුෂ්ට භාවය පිහිටි හෙයින් ප්‍රීතිය එය නාමයකි. ප්‍රීතිමත් පුද්ගලයා කාය චිත්තයන්ගේ නැගුණු හෙයින්, උස්ව නැගුණු හෙයින්, ඉතා ප්‍රීතිමත් වූයේයයි යූ.සේයි. තමන් විසින් සිතන ස්වභාවය අත්තමන්තායි. නොඇලුණහුගේ මනස, දුක ආසන්න කරුණ හෙයින් සිය මන නම් නොවේ. ඇලුණහුගේ මනස සුව ආසන්න කරුණ හෙයින් සිය මන නම් වේ. මෙසේ සියමන භාවය අත්තමනතායි. සිය මන භාව යන අර්ථයි. එය වනාහි අන් කිසිවකට නොවේ. එම සිය මන භාවය වනාහි සිතෙහිම වූ චෛතසික ධර්මයකි. එහෙයින් අත්තමනතා චිත්තස්ස යයි යූ.සේයි. මෙහි සෙස්ස මතුයෙහිද, යටද කියන ලද ක්‍රමයෙන් යොදා දතයුතුය.

සුඛපටිසංවෙදිනිද‍්දෙසෙ ද‍්වෙ සුඛානීති සමථවිපස‍්සනාභූමිදස‍්සනත්‍ථං වුත‍්තං. කායිකඤ‍්හි සුඛං විපස‍්සනාය භූමි, චෙතසිකං සුඛං සමථස‍්ස ච විපස‍්සනාය ච භූමි. කායිකන‍්ති පසාදකායං විනා අනුප‍්පත‍්තිතො කායෙ නියුත‍්තන‍්ති කායිකං. චෙතසිකන‍්ති අවිප‍්පයොගවසෙන චෙතසි නියුත‍්තන‍්ති චෙතසිකං. තත්‍ථ කායිකපදෙන චෙතසිකං සුඛං පටික‍්ඛිපති, සුඛපදෙන කායිකං දුක‍්ඛං. තථා චෙතසිකපදෙන කායිකං සුඛං පටික‍්ඛිපති, සුඛපදෙන චෙතසිකං දුක‍්ඛං. සාතන‍්ති මධුරං සුමධුරං. සුඛන‍්ති සුඛමෙව, න දුක‍්ඛං. කායසම‍්ඵස‍්සජන‍්ති කායසම‍්ඵස‍්සෙ ජාතං. සාතං සුඛං වෙදයිතන‍්ති සාතං වෙදයිතං, න අසාතං වෙදයිතං. සුඛං වෙදයිතං, න දුක‍්ඛං වෙදයිතං. පරතො තීණි පදානි ඉත්‍ථිලිඞ‍්ගවසෙන වුත‍්තානි. සාතා වෙදනා, න අසාතා. සුඛා වෙදනා, න දුක‍්ඛාති අයමෙව පනෙත්‍ථ අත්‍ථො.

සුඛ පටිසංවෙදී නිර්දේශයෙහි, ද්වෙ සුඛානි යයි සමථ විදර්ශනා භූමි දැක්වීම සඳහා යූ.සේයි. කායික සුවය වනාහි විදර්ශනාවගේ පිහිටන ස්ථානයයි. චෛතසික සුවය සමථයෙහිද, විදර්ශනාවගේද පිහිටන ස්ථානයයි. කායිකං යනු ප්‍රසාද කයයි. ඉන් තොරව නූපදනා හෙයින්, කයෙහි යෙදී සිටීනුයි කායිකංයි. චෛතසිකං අධිකව යෙදීම් වශයෙන් සිතෙහි යෙදී සිටීනුයි චෛතසිකයි. එහි කායික පදයෙන්, චෛතසික සුවය ප්‍රතික්‍ෂෙප කරයි. සුව පදයෙන් කායික දුක ප්‍රතික්‍ෂෙප කරයි. එසේම චෛතසික පදයෙන් කායික සුව ප්‍රතික්‍ෂෙප කරයි. සුව පදයෙන් චෛතසික දුක ප්‍රතික්‍ෂෙප කරයි. සාතං යනු මිහිරි, ඉතා මිහිරි, සුඛං යනු සුවයමය දුක නොවේ. කායසම්ඵස්සජං යනු ශරීර ස්පර්ශයෙන් හටගත්, සාතං සුඛං වෙදයිතං යනු මිහිරි වේදනාවක් වේද, අමිහිරි වේදනාවක් නොවේ. සුව වේදනාවකි. දුක් වේදනාවක් නොවේ. මතුයෙහි තෙපදයන් ස්ත්‍රීලිංග වශයෙන් යූ.සේයි. මිහිරි වේදනාව, අමිහිරි වේදනාව නොවේ. සුව වේදනාව දුක් වේදනාව නොවේ යයි මෙහි වනාහි මෙයම අර්ථයි.

චෙතසිකසුඛනිද‍්දෙසො වුත‍්තපටිපක‍්ඛනයෙන යොජෙතබ‍්බො. තෙ සුඛාති ලිඞ‍්ගවිපල‍්ලාසො කතො, තානි සුඛානීති වුත‍්තං හොති. සෙසමෙත්‍ථ චතුක‍්කෙ හෙට‍්ඨා පඨමචතුක‍්කෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. චත‍්තාරි සුත‍්තන‍්තිකවත්‍ථූනි දුතියචතුක‍්කවසෙන වෙදිතබ‍්බානීති.

චෛතසික සුඛ නිර්දේශය, කියන ලද්දට විරුද්ධ ක්‍රමයෙන් යෙදිය යුතුය. තෙ සුඛා යයි ලිංග විපර්යාස කරන ලදි. එම සුවයන් යයි යූ.සේයි. මෙහි සෙස්ස චතුෂ්කයෙහි යට ප්‍රථම චතුෂ්කයෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය. සිව් සූත්‍රාන්තික වස්තූන් ද්විතීය තෘතීය චතුෂ්ක වශයෙන් දතයුත්තාහ.

දුතියචතුක‍්කනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

ද්විතීය චතුෂ්ක නිර්දේශ වර්ණනාව නිමි.

තතියචතුක‍්කනිද‍්දෙසෙ චිත‍්තන‍්ති මූලපදං. විඤ‍්ඤාණන‍්ති අත්‍ථපදං. යං චිත‍්තන‍්තිආදි පීතියං වුත‍්තනයෙන යොජෙතබ‍්බං. තත්‍ථ චිත‍්තන‍්තිආදීසු චිත‍්තවිචිත‍්තතාය චිත‍්තං. ආරම‍්මණං මිනමානං ජානාතීති මනො. මානසන‍්ති මනොයෙව. “අන‍්තලික‍්ඛචරො පාසො, ය‍්වායං චරති මානසො”ති (සං· නි· 1.151; මහාව· 33) හි එත්‍ථ පන සම‍්පයුත‍්තකධම‍්මො මානසොති වුත‍්තො.

තෘතීය චතුෂ්ක නිර්දේශයෙහි, චිත්තං යනු මූලපදයයි. විඤ්ඤාණං යනු අර්ථපදයයි. යංචිත්තං ආදිය ප්‍රීතියෙහි කියන ලද අයුරින් යෙදිය යුතුය. එහි චිත්තං යනු විසිතුරු බැවින් චිත්තයි. අරමුණ මනිමින් දනීනුයි මනොයි මානසං යනු සිතමය. ‘අන්තලික්ඛ චරොපාසො ය්වායං චරති මානසො’ මෙහි වනාහි ඒ හා යෙදුණු ධර්ම මානසයයි කියන ලදි.

“කථඤ‍්හි භගවා තුය‍්හං, සාවකො සාසනෙ රතො; අප‍්පත‍්තමානසො සෙක‍්ඛො, කාලං කයිරා ජනෙ සුතා”ති. (සං· නි· 1.159) –

කථංහි භගවා තුය්හං - සාවකො සාසනෙ රතො, අප්පත්ත මානසො සෙඛො - කාලං කයිරා ජනෙසුතා

භාග්‍යවතුන් වහන්ස, ඔබතුමන්ගේ සස්නෙහි ඇලුණා වූ ජන අභිවෘද්ධියෙහි ඇලුණා වූ, ශ්‍රේෂ්ඨ ශ්‍රාවක තෙමේ, නොපත් රහත් බැව් ඇති, ශෛක්‍ෂයෙකු වූයේ, කෙසේ නම් කළුරිය කරන්නේද?

එත්‍ථ අරහත‍්තං මානසන‍්ති වුත‍්තං. ඉධ පන මනොව මානසං. බ්‍යඤ‍්ජනවසෙන හෙතං පදං වඩ‍්ඪිතං.

යන මෙහි අර්හත්වය මානසයයි යූ.සේයි. මෙහි වනාහි මනසම මානසයි. අක්‍ෂර වශයෙන් එම පදය වඩන ලදි.

හදයන‍්ති චිත‍්තං. “චිත‍්තං වා තෙ ඛිපිස‍්සාමි, හදයං වා තෙ ඵාලෙස‍්සාමී”ති (සං· නි· 1.237; සු· නි· ආළවකසුත‍්ත) එත්‍ථ උරො හදයන‍්ති වුත‍්තං. “හදයා හදයං මඤ‍්ඤෙ අඤ‍්ඤාය තච‍්ඡතී”ති (ම· නි· 1.63) එත්‍ථ චිත‍්තං. “වක‍්කං හදය”න‍්ති (දී· නි· 2.377; ම· නි· 1.110) එත්‍ථ හදයවත්‍ථු. ඉධ පන චිත‍්තමෙව අබ‍්භන‍්තරට‍්ඨෙන “හදය”න‍්ති වුත‍්තං. තදෙව පරිසුද‍්ධට‍්ඨෙන පණ‍්ඩරං. භවඞ‍්ගං සන්‍ධායෙතං වුත‍්තං. යථාහ – “පභස‍්සරමිදං, භික‍්ඛවෙ, චිත‍්තං, තඤ‍්ච ඛො ආගන‍්තුකෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨ”න‍්ති (අ· නි· 1.49). තතො නික‍්ඛන‍්තත‍්තා පන අකුසලම‍්පි ගඞ‍්ගාය නික‍්ඛන‍්තා නදී ගඞ‍්ගා විය, ගොධාවරිතො නික‍්ඛන‍්තා ගොධාවරී විය ච “පණ‍්ඩර”න‍්ත්‍වෙව වුත‍්තං. යස‍්මා පන ආරම‍්මණවිජානනලක‍්ඛණං චිත‍්තං උපක‍්කිලෙසෙන කිලෙසො න හොති, සභාවතො පරිසුද‍්ධමෙව හොති, උපක‍්කිලෙසයොගෙ පන සති උපක‍්කිලිට‍්ඨං නාම හොති, තස‍්මාපි “පණ‍්ඩර”න‍්ති වත‍්තුං යුජ‍්ජති.

හදයං යනු ඔබගේ සිත හෝ ඉවත්කර දමන්නෙමි. ඔබගේ හෘදය හෝ පළන්නෙමි යන මෙහි ළය හෘදය යැයි යූ.සේයි. හෘදයෙන් හෘදය හෝ දැන සසීයයි හඟිමි යන මෙහි සිතයි. ‘වක්කං හදයං’ යන මෙහි හෘදය වස්තුවයි. මෙහි වනාහි සිතමය. අභ්‍යන්තරාර්ථයෙන් හෘදය යැයි යූ.සේයි. එයම පරිශුද්ධාර්ථයෙන් පණ්ඩරංයි. භවංගය සඳහා එය යූ.සේයි. දෙසූ පරිදි: මහණෙනි, මෙම සිත ප්‍රභාශ්වරය. එය වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි විය. ඉන් නික්මුණා වූ, කුසලයද, ගංගා නදියෙන් නික්මුණු ගංගා නදී ජලය මෙන්ද, ගෝදාවරී ගඟෙන් නික්මුණු ගෝදාවරී ජලය මෙන් සුදු පැහැයෙන් යුක්තමයැයි යූ.සේයි. අරමුණු දැනගන්නා ලක්‍ෂණ ඇති සිත උපක්ලේශයන්ගෙන් කිලිටි නොවූයේ වේද, ස්වාභාවිකව පිරිසිදු වූයේම වේ. උපක්ලේශ යෙදීම් ඇතිකල්හි කිලිටි වූයේ නම් වේ. එහෙයින් පිරිසිදු යයි කියන්ට සුදුසුය.

මනො මනායතනන‍්ති ඉධ පන මනොගහණං මනස‍්සෙව ආයතනභාවදීපනත්‍ථං. තෙනෙතං දීපෙති – “නයිදං දෙවායතනං විය මනස‍්ස ආයතනත‍්තා මනායතනං, අථ ඛො මනො එව ආයතනං මනායතන”න‍්ති.

මනො මනායතනං යනු මෙහි වනාහි මනො ග්‍රහණයෙන් මනසෙහිම ආයතනභාවය දැක්වීම සඳහායි. එහෙයින් එය මෙසේ දක්වයි. මෙය දේවායතනයක් මෙන් නොවේ. මනසෙහි චිත්ත චෛතසික ධර්මයන් නමැති ආයයන් හටගැනීමට මුල්වන හෙයින් මනායතනයි.

ආයතනට‍්ඨො හෙට‍්ඨා වුත‍්තොයෙව. මනතෙ ඉති මනො, විජානාතීති අත්‍ථො. අට‍්ඨකථාචරියා පනාහු – නාළියා මිනමානො විය මහාතුලාය ධාරයමානො විය ච ආරම‍්මණං ජානාතීති මනො, තදෙව මනනලක‍්ඛණෙ ඉන්‍දට‍්ඨං කාරෙතීති ඉන්‍ද්‍රියං, මනොව ඉන්‍ද්‍රියං මනින්‍ද්‍රියං.

තවද, මනසම ආයතන වූයේ මනායතනයි. ආයනාර්ථ යට යූ.සේයි. සිතානුයි මනයි, දනී යන අර්ථයි. අටුවාචාරීහු කීහු, නැළියෙන් මනින්නාක් මෙන්ද, විශාල තරාදියකින් දරන්නාක් මෙන්ද, අරමුණ දනීනුයි මනොයි. එම මැනීම් ලක්‍ෂණයෙහිම ප්‍රධානත්වය කෙරේනුයි ඉන්‍ද්‍රියයි. මනසම ඉන්‍ද්‍රිය වූයේ මනින්‍ද්‍රියයි.

විජානාතීති විඤ‍්ඤාණං. විඤ‍්ඤාණමෙව ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො. රුළ‍්හිතො ඛන්‍ධො වුත‍්තො. රාසට‍්ඨෙන හි විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස එකදෙසො එකං විඤ‍්ඤාණං. තස‍්මා යථා රුක‍්ඛස‍්ස එකදෙසං ඡින්‍දන‍්තො රුක‍්ඛං ඡින්‍දතීති වුච‍්චති, එවමෙව විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස එකදෙසභූතං එකම‍්පි විඤ‍්ඤාණං රුළ‍්හිතො “විඤ‍්ඤාණක‍්ඛන්‍ධො”ති වුත‍්තං. යස‍්මා පන රාසට‍්ඨොයෙව ඛන්‍ධට‍්ඨො න හොති, කොට‍්ඨාසට‍්ඨොපි ඛන්‍ධට‍්ඨොයෙව, තස‍්මා කොට‍්ඨාසට‍්ඨෙන විඤ‍්ඤාණකොට‍්ඨාසොතිපි අත්‍ථො. තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතූති තෙසං ඵස‍්සාදීනං සම‍්පයුත‍්තධම‍්මානං අනුච‍්ඡවිකා මනොවිඤ‍්ඤාණධාතු. ඉමස‍්මිඤ‍්හි පදෙ එකමෙව චිත‍්තං මිනනට‍්ඨෙන මනො, විජානනට‍්ඨෙන විඤ‍්ඤාණං, සභාවට‍්ඨෙන, නිස‍්සත‍්තට‍්ඨෙන වා ධාතූති තීහි නාමෙහි වුත‍්තං.

දැනගනීනුයි විඤ්ඤාණංයි. විඤ්ඤාණයම ස්කන්ධ වූයේ විඤ්ඤාණක්ඛන්‍ධොයි. වැඩීම් වශයෙන් ස්කන්ධයයි යූ.සේයි. රාශ්‍යාර්ථයෙන් වූ විඤ්ඤාණස්කන්ධයෙහි එක් කොටසක් ගත් කල්හි එක් විඤ්ඤාණයයි. යම්සේ වෘක්‍ෂයක එක් කොටසක් සිඳිනුයේ, වෘක්‍ෂය සිඳීයයි කියයිද, එපරිද්දෙන්ම විඤ්ඤාණස්කන්ධයෙහි එක් කොසටක් වූ එක් විඤ්ඤාණයක් වැඩීම් වශයෙන් විඤ්ඤාණස්කන්ධයයි යූ.සේයි. රාශ්‍යර්ථයම ස්කන්ධාර්ථය නොවේ. කොට්ඨාශාර්ථයද ස්කන්ධාර්ථමය. එහෙයින් කොටස් අර්ථයෙන් විඤ්ඤාණ කොටසයැයිද අර්ථයි. තජ්ජා මනො විඤ්ඤාණ ධාතු යනු ඒ ස්පර්ශාදීන් හා සම්ප්‍රයුක්ත ධර්මයන්ට සුදුසු වූ මනො විඤ්ඤාණ ධාතුයි. මෙම පදයෙහි වනාහි එකම සිත මිනුම් අර්ථයෙන් මනයි. දැනගැනීම් අර්ථයෙන් විඤ්ඤාණයි. ස්වභාවාර්ථයෙන්, ආත්මයෙන් තොර අර්ථයෙන් ධාතු යන නාමත්‍රයෙන් යූ.සේයි.

අභිප‍්පමොදොති අධිකා තුට‍්ඨි.

අභිප්පමාදො යනු අධික වූ සන්තුෂ්ටියයි.

සමාධිනිද‍්දෙසෙ අචලභාවෙන ආරම‍්මණෙ තිට‍්ඨතීති ඨිති. පරතො පදද‍්වයං උපසග‍්ගවසෙන වඩ‍්ඪිතං . අපිච සම‍්පයුත‍්තධම‍්මෙ ආරම‍්මණම‍්හි සම‍්පිණ‍්ඩෙත්‍වා තිට‍්ඨතීති සණ‍්ඨිති. ආරම‍්මණං ඔගාහෙත්‍වා අනුපවිසිත්‍වා තිට‍්ඨතීති අවට‍්ඨිති. කුසලපක‍්ඛස‍්මිං හි චත‍්තාරො ධම‍්මා ආරම‍්මණං ඔගාහන‍්ති සද‍්ධා සති සමාධි පඤ‍්ඤාති. තෙනෙව සද‍්ධා “ඔකප‍්පනා”ති වුත‍්තා, සති “අපිලාපනතා”ති, සමාධි “අවට‍්ඨිතී”ති, පඤ‍්ඤා “පරියොගාහනා”ති. අකුසලපක‍්ඛෙ පන තයො ධම‍්මා ආරම‍්මණං ඔගාහන‍්ති තණ‍්හා දිට‍්ඨි අවිජ‍්ජාති. තෙනෙව තෙ “ඔඝා”ති වුත‍්තා. උද‍්ධච‍්චවිචිකිච‍්ඡාවසෙන පවත‍්තස‍්ස විසාහාරස‍්ස පටිපක‍්ඛතො අවිසාහාරො, අවිසාහරණන‍්ති අත්‍ථො. උද‍්ධච‍්චවිචිකිච‍්ඡාවසෙනෙව ගච‍්ඡන‍්තං චිත‍්තං වික‍්ඛිපති නාම, අයං පන තථා න හොතීති අවික‍්ඛෙපො. උද‍්ධච‍්චවිචිකිච‍්ඡාවසෙනෙව චිත‍්තං විසාහටං නාම හොති, ඉතො චිතො ච හරීයති, අයං පන අවිසාහටස‍්ස මානසස‍්ස භාවොති අවිසාහටමානසතා.

සමාධි නිර්දේශයෙහි, නොසෙල්වෙන ස්වභාවයෙන් අරමුණෙහි සිටීනුයි ඨිතියි. මත්තෙහි පද ද්වයය උපසර්ග වශයෙන් වඩනා ලදි. තවද, සම්ප්‍රයුක්ත ධර්මයන් අරමුණෙහි කැටිකොට සිටීනුයි සණ්ඨිතියි. අරමුණට බැස, ඇතුළට පිවිස සිටීනුයි අවට්ඨිතියි. කුසල පක්‍ෂයෙහි වනාහි ශ්‍රද්ධා, සති, සමාධි, ප්‍රඥා යන සිව්ධර්ම අරමුණට බැස සිටී. එහෙයින්ම ශ්‍රද්ධාව විශ්වාස කළ යුතුයයි. (ඇදහිය යුතුයයි) යූ.සේයි. සිහිය නොඉල්පේයයිද, සමාධිය පිහිටා සිටීයයිද, ප්‍රඥාව හාත්පසින් බැසගනීයයිද යූ.සේයි. අකුසල පක්‍ෂයෙහි, තෘෂ්ණා, දෘෂ්ටි, අවිද්‍යා යන ධර්මත්‍රය අරමුණට බසී. එහෙයින්ම ඒවා සැඩපහරයයි යූ.සේයි. උද්ධච්ච විචිකිච්ඡා වශයෙන් පැවැති විසිරීමට ප්‍රතිපක්‍ෂ වූයේ නොවිසිරීමයි. නොවිසිරීමයයි අර්ථයි. උද්ධච්ච, විචිකිච්ඡා වහයෙන් යන්නා වූ සිත වික්‍ෂිප්ත වූයේ නමැ. මෙය වනාහි එසේ නොවේයයි අවික්ඛෙපොයි. උද්ධච්ච විචිකිච්ඡා වශයෙන්ම සිත විසුරුණේ නම් වේ. ඔබිනොබ ගෙන යයි, මෙය වනාහි ඔබිනොබ නොවිසුරුණු මනසෙහි ස්වභාවයනුයි අවිසාහට මානසතායි.

සමථොති තිවිධො සමථො චිත‍්තසමථො අධිකරණසමථො සබ‍්බසඞ‍්ඛාරසමථොති. තත්‍ථ අට‍්ඨසු සමාපත‍්තීසු චිත‍්තෙකග‍්ගතා චිත‍්තසමථො නාම. තඤ‍්හි ආගම‍්ම චිත‍්තචලනං චිත‍්තවිප‍්ඵන්‍දනං සම‍්මති වූපසම‍්මති, තස‍්මා සො “චිත‍්තසමථො”ති වුච‍්චති. සම‍්මුඛාවිනයාදිසත‍්තවිධො අධිකරණසමථො නාම. තඤ‍්හි ආගම‍්ම තානි තානි අධිකරණානි සම‍්මන‍්ති වූපසම‍්මන‍්ති, තස‍්මා සො “අධිකරණසමථො”ති වුච‍්චති. යස‍්මා පන සබ‍්බෙ සඞ‍්ඛාරා නිබ‍්බානං ආගම‍්ම සම‍්මන‍්ති වූපසම‍්මන‍්ති, තස‍්මා තං සබ‍්බසඞ‍්ඛාරසමථොති වුච‍්චති. ඉමස‍්මිං අත්‍ථෙ චිත‍්තසමථො අධිප‍්පෙතො. සමාධිලක‍්ඛණෙ ඉන්‍දට‍්ඨං කාරෙතීති සමාධින්‍ද්‍රියං. උද‍්ධච‍්චෙ න කම‍්පතීති සමාධිබලං. සම‍්මාසමාධීති යාථාවසමාධි නිය්‍යානිකසමාධි කුසලසමාධි.

සමථ යනු චිත්ත, අධිකරණ, සබ්බ සංඛාර සමථ වශයෙන් තෙයාකාරයි. එහි අටසමවත්හි සිතෙහි එකඟතාවය චිත්ත සමථ නමැ. එයට පැමිණ සිතෙහි චලනය, සිතෙහි දැඟලීම සම වේ. සන්සිඳෙයි. එහෙයින් එය චිත්ත සමථයැයි යූ.සේයි. අභිමුඛයට පැමිණ කරනු ලබන විනය පරීක්‍ෂණ ආදී සත්වැදෑරුම් සමථය අධිකරණ සමථ නමැ. එයට පැමිණ ඒ ඒ අධිකරණයන් සමනය කරති. සන්සිඳුවති. එහෙයින් එය අධිකරණ සමථයැයි යූ.සේයි. සියලු සංස්කාර නිර්වාණයට පැමිණ සමනයකරයි. සන්සිඳුවයි. එහෙයින් එය සියලු සංස්කාර සන්සිඳීම යැයි යූ.සේයි. මෙම අර්ථයෙහි සිතෙහි සන්සිඳීම අදහස් කරන ලදි. සමාධි ලක්‍ෂණයෙහි ප්‍රධානාචාර්ය කෙරේනුයි සමාධින්‍ද්‍රියං නමැ. නොසන්සුන්කමින් කම්පා නොවේනුයි සමාධිබලංයි. සම්මා සමාධි තත්වූ පරිදි සමාධිය. නිර්යාණික සමාධිය කුසල සමාධියයි තෙවැදෑරුම්ය.

රාගතො විමොචයං චිත‍්තන‍්තිආදීහි දසහි කිලෙසවත්‍ථූහි විමොචනං වුත‍්තං. ථිනග‍්ගහණෙනෙව චෙත්‍ථ මිද‍්ධග‍්ගහණං, උද‍්ධච‍්චග‍්ගහණෙනෙව ච කුක‍්කුච‍්චග‍්ගහණං කතං හොතීති අඤ‍්ඤෙසු පාඨෙසු සහචාරිත‍්තා කිලෙසවත්‍ථුතො විමොචනවචනෙනෙව පඨමජ‍්ඣානාදීහි නීවරණාදිතො විමොචනං, අනිච‍්චානුපස‍්සනාදීහි නිච‍්චසඤ‍්ඤාදිතො ච විමොචනං වුත‍්තමෙව හොතීති. කථං තං චිත‍්තං අනුපස‍්සතීති එත්‍ථ පෙය්‍යාලෙ ච අනිච‍්චානුපස‍්සනාදීහි නිච‍්චසඤ‍්ඤාදීනං පහානං වුත‍්තමෙව. චත‍්තාරි සුත‍්තන‍්තිකවත්‍ථූනි තතියචතුක‍්කවසෙන වෙදිතබ‍්බානීති.

රාගතො විමොචයං චිත්තං යනාදීන්හි දස කෙලෙස් වස්තූන්ගෙන් මිදීම යූ.සේයි. මෙහි චිත්තයාගේ අරමුණු ගැන්මෙහි මඳ මඳ පසුබැස්ම ග්‍රහණයෙන්, වේදනාදී ස්කන්‍ධත්‍රයාගේ අරමුණු ගැන්මෙහි මඳ මද පසුබැස්ම ගන්නා ලදි. චිත්ත චෛතසිකයන්ගේ නොසන්සුන්කම ග්‍රහණයෙන් කළ පව් අරමුණුකොට හෝ නොකළ පින් අරමුණුකොට පසුතැවීම් ලක්‍ෂණකොට, ඇති කුකුසද ග්‍රහණය කරන ලද්දේ වේයයි, අන්‍ය පාඨයන් සමග හැසිරෙන හෙයින්ද කෙලෙස් වස්තු හෙයින්ද, මිදීම් වචනයෙන්ම ප්‍රථමධ්‍යානාදීන්හි නීවරණාදීන්ගෙන් මිදීමද, අනිත්‍යානුපස්සනාදීන්ගෙන්, නිත්‍ය සංඥාදීන්ගෙන්ද මිදීම යූ.සේයි. කථං තං චිත්තං අනුපස්සති යන මෙහි පෙය්‍යාලයෙහිද අනිත්‍යානුපස්සනාවෙන් නිත්‍ය සංඥාවගේද ප්‍රහාණය යූ.සේයි. සිව් සූත්‍රාන්තික වස්තූන් තෘතීය චතුෂ්ක වශයෙන් දතයුත්තාහ.

තතියචතුක‍්කනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

තෘතීය චතුෂ්ක නිර්දේශ වර්ණනාව නිමි.

චතුත්‍ථචතුක‍්කනිද‍්දෙසෙ “අනිද‍්දිට‍්ඨෙ නපුංසක”න‍්ති වචනතො අසුකන‍්ති අනිද‍්දිට‍්ඨත‍්තා “අනිච‍්චන‍්ති කිං අනිච‍්ච”න‍්ති නපුංසකවචනෙන පුච‍්ඡා කතා. උප‍්පාදවයට‍්ඨෙනාති උප‍්පාදවයසඞ‍්ඛාතෙන අත්‍ථෙන, උප‍්පාදවයසභාවෙනාති අත්‍ථො. එත්‍ථ ච පඤ‍්චක‍්ඛන්‍ධා සභාවලක‍්ඛණං, පඤ‍්චන‍්නං ඛන්‍ධානං උප‍්පාදවයා විකාරලක‍්ඛණං. එතෙන හුත්‍වා අභාවෙන අනිච‍්චාති වුත‍්තං හොති. තෙනෙව ච අට‍්ඨකථායං “සඞ‍්ඛතලක‍්ඛණවසෙන අනිච‍්චතාති තෙසංයෙව උප‍්පාදවයඤ‍්ඤථත‍්ත”න‍්ති ච වත්‍වාපි “හුත්‍වා අභාවො වා”ති වුත‍්තං. එතෙන හුත්‍වා අභාවාකාරො අනිච‍්චලක‍්ඛණන‍්ති වුත‍්තං හොති. “පඤ‍්චන‍්නං ඛන්‍ධානං උදයබ‍්බයං පස‍්සන‍්තො ඉමානි පඤ‍්ඤාය ලක‍්ඛණානී”ති පෙය්‍යාලං කත්‍වා වුත‍්තං. ධම‍්මාති රූපක‍්ඛන්‍ධාදයො යථාවුත‍්තධම‍්මා.

සිව්වන චතුෂ්ක නිර්දේශයෙහි, අනිර්දිෂ්ටයෙහි නපුංසකයැයි වචනයෙන් අසවල් දෑ අනිර්දිෂ්ට හෙයින්, අනිතයය යනු කුමක් අනිත්‍යදැයි නපුංසක වචනයෙන් විමසීම කරන ලදි. උප්පාද වයට්ඨෙන යනු උත්පාද-ව්‍යය සංඛ්‍යාත අර්ථයෙන්, උත්පාද-ව්‍යය ස්වභාවයෙනැයි අර්ථයි. මෙහිද පංචස්කන්‍ධ ස්වභාව ලක්‍ෂණයයි. පංචස්කන්‍ධයන්ගේ හටගැන්ම හා විනාශය වෙනස්වීම ලක්‍ෂණයයි. එයින් පැවැත අභාවයෙන් අනිත්‍යයයි යූ.සේයි. එහෙයින්ම අටුවායෙහි ප්‍රත්‍යයෙන් හටගත් ලක්‍ෂණ වශයෙන් අනිත්‍යයැයි ඒවාහිම, හටගැන්ම ව්‍යය, වෙනස් ආකාරයැයි පෙන්වා, අභාවය යැයි යූ.සේයි. එයින් හටගෙන පැවත අභාවයට යන ආකාරය අනිත්‍ය ලක්‍ෂණයැයි යූ.සේයි. පංචස්කන්‍ධයන්ගේ හටගැන්ම හා විනාශය දක්නේ මේ පණස් ලක්‍ෂණයැයි පෙය්‍යාල කොට යූ.සේයි. ධම්මා යනු සංඥාස්කන්‍ධාදී කියන ලද ආකාර ධර්මමය.

විරාගානුපස‍්සීනිද‍්දෙසෙ රූපෙ ආදීනවං දිස‍්වාති භඞ‍්ගානුපස‍්සනතො පට‍්ඨාය පරතො වුත‍්තෙහි අනිච‍්චට‍්ඨාදීහි රූපක‍්ඛන්‍ධෙ ආදීනවං දිස‍්වා. රූපවිරාගෙති නිබ‍්බානෙ. නිබ‍්බානඤ‍්හි ආගම‍්ම රූපං විරජ‍්ජති අපුනරුප‍්පත‍්තිධම‍්මතං ආපජ‍්ජනෙන නිරුජ‍්ඣති, තස‍්මා නිබ‍්බානං “රූපවිරාගො”ති වුච‍්චති. ඡන්‍දජාතො හොතීති අනුස‍්සවවසෙන උප‍්පන‍්නධම‍්මච‍්ඡන්‍දො හොති. සද‍්ධාධිමුත‍්තොති තස‍්මිංයෙව නිබ‍්බානෙ සද‍්ධාය ච අධිමුත‍්තො නිච‍්ඡිතො. චිත‍්තඤ‍්චස‍්ස ස‍්වාධිට‍්ඨිතන‍්ති අස‍්ස යොගිස‍්ස චිත‍්තං ඛයවිරාගසඞ‍්ඛාතෙ රූපභඞ‍්ගෙ ආරම‍්මණවසෙන , අච‍්චන‍්ත විරාගසඞ‍්ඛාතෙ රූපවිරාගෙ නිබ‍්බානෙ අනුස‍්සවවසෙන සුට‍්ඨු අධිට‍්ඨිතං සුට‍්ඨු පතිට‍්ඨිතං හොතීති සම‍්බන්‍ධතො වෙදිතබ‍්බං. රූපෙ විරාගානුපස‍්සීති රූපස‍්ස ඛයවිරාගො රූපෙ විරාගොති පකතිභුම‍්මවචනෙන වුත‍්තො. රූපස‍්ස අච‍්චන‍්තවිරාගො රූපෙ විරාගොති නිමිත‍්තත්‍ථෙ භුම‍්මවචනෙන වුත‍්තො. තං දුවිධම‍්පි විරාගං ආරම‍්මණතො අජ‍්ඣාසයතො ච අනුපස‍්සනසීලො “රූපෙ විරාගානුපස‍්සී”ති වුත‍්තො. එස නයො වෙදනාදීසු. නිරොධානුපස‍්සීපදනිද‍්දෙසෙපි එසෙව නයො.

රූපෙ ආදීනවං දිස්වා යනු භංගානුපස්සනායෙහි පටන් මතුයෙහි කියනු ලබන අනිත්‍යාර්ථාදී, රූපස්කන්‍ධයෙහි ආදීනව දැක, රූප විරාගෙ යනු නිර්වාණයෙහි, නිවනට පැමිණ රූපයෙහි නොඇලේ. පුනරුත්පත්ති ස්වභාවයට නොපැමිණීමෙන් නිරුද්ධ වේ. එහෙයින් නිර්වාණය රූප විරාග යැයි යූ.සේයි. ඡන්‍දජාතොහොති යනු අනුසුව වශයෙන් උපන් ධර්මච්ඡන්‍දය වේ. සද්ධාධිමුත්තො යනු එම නිර්වාණයෙහිම ශ්‍රද්ධාවෙන්ද, අධික ලෙස ඇලුණේ, නිශ්චයට පැමිණියේ, චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං යනු මෙම යෝගියාගේ සිත ක්‍ෂය විරාග සංඛ්‍යාත රූප භංගයෙහි අරමුණු වශයෙන් අත්‍යන්ත විරාග සංඛ්‍යාත රූප විරාග නිර්වාණයෙහි අනුසුව වශයෙන් මනාව අධිෂ්ඨාන කරන ලදුයේ, මනාව පිහිටන ලද්දේ වේයයි සම්බන්ධ වශයෙන් දතයුතුය. රූපෙ විරාගානුපස්සී යනු රූපයෙහි ක්‍ෂය විරාගය රූපයෙහි විරාගයැයි ප්‍රකෘති සත්තමී වචනයෙන් යූ.සේයි. රූපයෙහි අත්‍යන්ත විරාගය. රූපයෙහි විරාගය යැයි නිමිත්තාර්ථයෙහි සත්තමී වචනයෙන් යූ.සේයි. ඒ දෙවැදෑරුම් වූද, විරාගය අරමුණු විරාගානුපස්සී යැයි යූ.සේයි. වේදනාදීන්හිද එම ක්‍රමයමැයි. නිරෝධානුපස්සී පද නිර්දේශයෙහිද එම ක්‍රමයමැයි.

කතිහාකාරෙහීතිආදි පනෙත්‍ථ විසෙසො – තත්‍ථ අවිජ‍්ජාදීනං පටිච‍්චසමුප‍්පාදඞ‍්ගානං ආදීනවනිරොධදස‍්සනෙනෙව රූපාදීනම‍්පි ආදීනවනිරොධා දස‍්සිතා හොන‍්ති තෙසම‍්පි පටිච‍්චසමුප‍්පාදඞ‍්ගානතිවත‍්තනතො. ඉමිනා එව ච විසෙසවචනෙන විරාගානුපස‍්සනතො නිරොධානුපස‍්සනාය විසිට‍්ඨභාවො වුත‍්තො හොති. තත්‍ථ අනිච‍්චට‍්ඨෙනාති ඛයට‍්ඨෙන, හුත්‍වා අභාවට‍්ඨෙන වා. දුක‍්ඛට‍්ඨෙනාති භයට‍්ඨෙන, පටිපීළනට‍්ඨෙන වා. අනත‍්තට‍්ඨෙනාති අසාරකට‍්ඨෙන, අවසවත‍්තනට‍්ඨෙන වා. සන‍්තාපට‍්ඨෙනාති කිලෙසසන‍්තාපනට‍්ඨෙන. විපරිණාමට‍්ඨෙනාති ජරාභඞ‍්ගවසෙන ද‍්විධා පරිණාමනට‍්ඨෙන. නිදානනිරොධෙනාති මූලපච‍්චයාභාවෙන. නිරුජ‍්ඣතීති න භවති. සමුදයනිරොධෙනාති ආසන‍්නපච‍්චයාභාවෙන. මූලපච‍්චයො හි බ්‍යාධිස‍්ස අසප‍්පායභොජනං විය නිදානන‍්ති වුත‍්තො, ආසන‍්නපච‍්චයො බ්‍යාධිස‍්ස වාතපිත‍්තසෙම‍්හා විය සමුදයොති වුත‍්තො. නිදානඤ‍්හි නිච‍්ඡයෙන දදාති ඵලමිති නිදානං, සමුදයො පන සුට‍්ඨු උදෙති එතස‍්මා ඵලමිති සමුදයො. ජාතිනිරොධෙනාති මූලපච‍්චයස‍්ස උප‍්පත‍්තිඅභාවෙන. පභවනිරොධෙනාති ආසන‍්නපච‍්චයස‍්ස උප‍්පත‍්තිඅභාවෙන. ජාතියෙව හි පභවති එතස‍්මා දුක‍්ඛන‍්ති පභවොති වත‍්තුං යුජ‍්ජති. හෙතුනිරොධෙනාති ජනකපච‍්චයාභාවෙන. පච‍්චයනිරොධෙනාති උපත්‍ථම‍්භකපච‍්චයාභාවෙන. මූලපච‍්චයොපි හි ආසන‍්නපච‍්චයො ච ජනකපච‍්චයො උපත්‍ථම‍්භකපච‍්චයො ච හොතියෙව. එතෙහි තික‍්ඛවිපස‍්සනාක‍්ඛණෙ තදඞ‍්ගනිරොධො, මග‍්ගක‍්ඛණෙ සමුච‍්ඡෙදනිරොධො වුත‍්තො හොති. ඤාණුප‍්පාදෙනාති තික‍්ඛවිපස‍්සනාඤාණස‍්ස වා මග‍්ගඤාණස‍්ස වා උප‍්පාදෙන. නිරොධුපට‍්ඨානෙනාති විපස‍්සනාක‍්ඛණෙ පච‍්චක‍්ඛතො ඛයනිරොධස‍්ස අනුස‍්සවවසෙන නිරොධසඞ‍්ඛාතස‍්ස නිබ‍්බානස‍්ස උපට‍්ඨානෙන, මග‍්ගක‍්ඛණෙ පච‍්චක‍්ඛතො ච නිබ‍්බානස‍්ස උපට‍්ඨානෙන. එතෙහි විසයවිසයිනියමොව කතො හොති, තදඞ‍්ගසමුච‍්ඡෙදනිරොධො ච වුත‍්තො හොති.

කතීහාකාරෙහි යනාදිය වනාහි මෙහි විශේෂයයි. එහි අවිද්‍යාදී ප්‍රතීත්‍ය සමුත්පාදාංගයන්ගේ ආදීනව නිරෝධ දර්ශනයෙන්ම, රූපාදීන්ගේද ආදීනව නිරෝධය දක්වන ලදුයේ වෙයි. ඒවාහිද ප්‍රතීත්‍ය සමුත්පාදාංගයන් නොඉක්මවන හෙයිනි. මෙයින්ම යන විශේෂ වචනයෙන් විරාගානුපස්සනාවෙන් නිරෝධානුපස්සනාවෙහි විශිෂ්ට භාවය යූ.සේයි. එහි අනිච්චට්ඨෙන යනු ක්‍ෂය අර්ථයෙන් හටගෙන පැවත අභාවයට යන අර්ථයෙන් හෝ, දුක්ඛට්ඨෙන යනු භයාර්ථයෙන් පෙළීම් අර්ථයෙන් හෝ අනත්තට්ඨෙන යනු අසාරාර්ථයෙන්, තම වසඟයෙහි නොපවත්නා අර්ථයෙන් හෝ, සන්තාපට්ඨෙන යනු කෙලෙස් තවන අර්ථයෙන් විපරිනාමට්ඨෙන යනු ජරා භංග වශයෙන් වෙනස්වීම් අර්ථයෙන්, නිදාන නිරොධෙන යනු මූල ප්‍රත්‍යය අභාවයෙන්, නිරුජ්ඣති යනු නොවේ. සමුදය නිරොධෙන යනු ආසන්න ප්‍රත්‍යය අභාවයෙන්, මූලප්‍රත්‍යය වනාහි රෝගියාට අසත්ප්‍රාය බොජුනක් මෙන් නිදානයැයි යූ.සේයි. ආසන්න ප්‍රත්‍යය වනාහි රෝගියාට වා, පිත්, සෙම් මෙන් සමුදය යැයි යූ.සේයි. නිදානය වනාහි ඒකාන්තයෙන් ඵලය දේනුයි නිදානයි. සමුදය වනාහි මනාව පහළ වේ. එයින් ඵලය දේනුයි සමුදයොයි. ජාති නිරොධෙන යනු මූල ප්‍රත්‍යයාගේ හටගැනීම නොවීමෙන්, පභව නිරොධෙන යනු ආසන්න ප්‍රත්‍යයාගේ හටගැනීම නොවීමෙන්, ඉපැත්මම වේ. එයින් දුක හටගනීනුයි ප්‍රභවයැයි කියන්ට සුදුසුයි. හෙතු නිරොධෙන යනු හටගැන්වීම් ප්‍රත්‍යය අභාවයෙන්, පච්චය නිරොධෙන උපස්තම්භක ප්‍රත්‍යය අභාවයෙන්, මූලප්‍රත්‍යයම වනාහි, ආසන්න ප්‍රත්‍යයද, ජනක ප්‍රත්‍යයද, උපස්තම්භක ප්‍රත්‍යයද වේමය. ඒවා අතර තීක්‍ෂණ විදර්ශනා ක්‍ෂණයෙහි තදංග නිරෝධයද, මාර්ගක්‍ෂණයෙහි සමුච්ඡේද නිරෝධයද යූ.සේයි. ඤාණුප්පාදෙන යනු තීක්‍ෂණ විදර්ශනා ඤාණයාගේ හෝ මාර්ග ඤාණයාගේ ඉපිදවීමෙන්, නිරොධුපට්ඨානෙන යනු විදර්ශනා ක්‍ෂණයෙහි ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ක්‍ෂය නිරෝධයාගේද, අනුසුව වශයෙන් නිරෝධ සංඛ්‍යාත නිර්වාණයාගේ එළැඹ සිටීමෙන්, ඒවායින් විෂය හා විෂයාන්තර්ගත නියමයම කරන ලද්දේ වේ. තදංග සමුච්ඡේද නිරෝධය යූ.සේයි.

පටිනිස‍්සග‍්ගානුපස‍්සීපදනිද‍්දෙසෙ රූපං පරිච‍්චජතීති ආදීනවදස‍්සනෙන නිරපෙක‍්ඛතාය රූපක‍්ඛන්‍ධං පරිච‍්චජති. පරිච‍්චාගපටිනිස‍්සග‍්ගොති පරිච‍්චාගට‍්ඨෙන පටිනිස‍්සග‍්ගොති වුත‍්තං හොති. එතෙන පටිනිස‍්සග‍්ගපදස‍්ස පරිච‍්චාගට‍්ඨො වුත‍්තො, තස‍්මා කිලෙසානං පජහනන‍්ති අත්‍ථො. එත්‍ථ ච වුට‍්ඨානගාමිනී විපස‍්සනා කිලෙසෙ තදඞ‍්ගවසෙන පරිච‍්චජති, මග‍්ගො සමුච‍්ඡෙදවසෙන. රූපනිරොධෙ නිබ‍්බානෙ චිත‍්තං පක‍්ඛන්‍දතීති වුට‍්ඨානගාමිනී තංනින‍්නතාය පක‍්ඛන්‍දති, මග‍්ගො ආරම‍්මණකරණෙන. පක‍්ඛන්‍දනපටිනිස‍්සග‍්ගොති පක‍්ඛන්‍දනට‍්ඨෙන පටිනිස‍්සග‍්ගොති වුත‍්තං හොති. එතෙන පටිනිස‍්සග‍්ගපදස‍්ස පක‍්ඛන්‍දනට‍්ඨො වුත‍්තො, තස‍්මා චිත‍්තස‍්ස නිබ‍්බානෙ විස‍්සජ‍්ජනන‍්ති අත්‍ථො. චත‍්තාරි සුත‍්තන‍්තිකවත්‍ථූනි චතුත්‍ථචතුක‍්කවසෙන වෙදිතබ‍්බානි. ඉමස‍්මිං චතුක‍්කෙ ජරාමරණෙ වත‍්තබ‍්බංහෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. සතිපට‍්ඨානෙසු ච “කායෙ කායානුපස‍්සනා, චිත‍්තෙ චිත‍්තානුපස‍්සනා”ති කායචිත‍්තානං එකත‍්තවොහාරවසෙන එකවචනනිද‍්දෙසො කතො. “වෙදනාසු වෙදනානුපස‍්සනා, ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනා”ති වෙදනාධම‍්මානං නානත‍්තවොහාරවසෙන බහුවචනනිද‍්දෙසො කතොති වෙදිතබ‍්බොති.

පටිනිස්සග්ගානුපස්සී පද නිර්දේශයෙහි, රූපං පරිච්චති යනු ආදීනව දර්ශනයෙන් නිරපේක්‍ෂාතායෙන් රූපස්කන්‍ධය අත්හරියි. පරිච්චාග පටිනිස්සග්ගො යනු අත්හැරීම් අර්ථයෙන් පටිනිස්සග්ග යැයි යූ.සේයි. එයින් පටිනිස්සග්ග පදයට අත්හැරීම් අර්ථයි යූ.සේයි. එහෙයින් කෙලෙසුන්ගේ දුරුකිරීම යයි අර්ථයි. මෙහිද වුට්ඨානගාමිනී විදර්ශනාව කෙලෙසුන් තදංග වශයෙන් අත්හරියි, මාර්ගය මුළුමනින් සිඳීම් වශයෙන්, රූප නිරොධෙ නිබ්බාණෙ චිත්තං පක්ඛන්‍දති යනු වුට්ඨානගාමිනී විදර්ශනාව එහි ප්‍රවණතාවයෙන් ඇතුළට වදියි. මාර්ගය අරමුණු කිරීමෙන්, පක්ඛන්‍දන පටිනිස්සග්ගො යනු ඇතුළට වැදීම් අර්ථයෙන් පටිනිස්සග්ගයයි යූ.සේයි. සිත නිර්වාණයෙහි යොමුකරයි යන අර්ථයි. සිව් සූත්‍රාන්තික වස්තූන් චතුර්ථ චතුෂ්ක වශයෙන් දතයුත්තාහ. මෙම චතුෂ්කයෙහි ජරාමරණයන් පිළිබද කිවයුතු දෑ යට කියන ලද ආකාරයෙන්ම දතයුතුය. සතිපට්ඨානයන්හිද, කයෙහි කය අනුව බැලීම, සිතෙහි සිත අනුව බැලීම යන කාය චිත්තයන්ගේ ඒකත්‍ව ව්‍යවහාර වශයෙන් ඒකවචන නිර්දේශය කරන ලදි. වේදනාවන්හි වේදනා අනුව බැලීම, ධර්මයන්හි ධර්මය අනුව බැලීම යැයි වේදනා, ධර්මයන්ගේ නානත්‍ව ව්‍යවාහර වශයෙන් බහුවචන නිර්දේශය කරන ලදැයි දතයුතුය.

චතුත්‍ථචතුක‍්කනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

සිව්වන චතුෂ්ක නිර්දේශ වර්ණනාව නිමි.

නිට‍්ඨිතා ච සතොකාරිඤාණනිද‍්දෙසවණ‍්ණනා.

සතොකාරි ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.