4. වොදානඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
4. වොදානඤාණනිද්දෙසවණ්ණනා
4. ව්‍යවදාන ඤාණ නිර්දේශ වර්ණනාව
වොදානෙ ඤාණානීති විසුද්ධඤාණානි. තං විවජ්ජයිත්වාති යං පුබ්බෙ වුත්තං අතීතානුධාවනං චිත්තං වික්ඛෙපානුපතිතං, තං විවජ්ජයිත්වාති සම්බන්ධිතබ්බං. එකට්ඨානෙ සමාදහතීති අස්සාසපස්සාසානං ඵුසනට්ඨානෙ සමං ආදහති පතිට්ඨාපෙති. තත්ථෙව අධිමොචෙතීති එකට්ඨානෙති වුත්තෙ අස්සාසපස්සාසානං ඵුසනට්ඨානෙයෙව සන්නිට්ඨපෙති සන්නිට්ඨානං කරොති. පග්ගණ්හිත්වාති ධම්මවිචයපීතිසම්බොජ්ඣඞ්ගභාවනාය පග්ගහෙත්වා. විනිග්ගණ්හිත්වාති පස්සද්ධිසමාධිඋපෙක්ඛාසම්බොජ්ඣඞ්ගභාවනාය විනිග්ගණ්හිත්වා. “සතින්ද්රියවීරියින්ද්රියෙහි පග්ගහෙත්වා, සතින්ද්රියසමාධින්ද්රියෙහි විනිග්ගහෙත්වා”තිපි වදන්ති. සම්පජානො හුත්වාති අසුභභාවනාදීහි. පුන සම්පජානො හුත්වාති මෙත්තාභාවනාදීහි. යෙන රාගෙන අනුපතිතං, යෙන බ්යාපාදෙන අනුපතිතං, තං පජහතීති සම්බන්ධො. තං චිත්තං ඊදිසන්ති සම්පජානන්තො තප්පටිපක්ඛෙන රාගං පජහති, බ්යාපාදං පජහතීති වා අත්ථො. පරිසුද්ධන්ති නිරුපක්කිලෙසං. පරියොදාතන්ති පභස්සරං. එකත්තගතං හොතීති තං තං විසෙසං පත්තස්ස තං තං එකත්තං ගතං හොති.
වොදානෙ ඤාණානි යනු විසුද්ධ ඤාණයි. තං විවජ්ජයිත්වා යනු පෙර කියන ලද, අතීතය ලුහුබඳනා, වික්ෂෙපය අනුව ගිය යම් සිතෙක් වේද, එය අත්හැර යයි සම්බන්ධ කළ යුතුය. එකට්ඨානෙ සමාදහති යනු ආශ්වාස, ප්‍රශ්වාස ස්පර්ශ කරන ස්ථානයෙහි සමව ගනියි. පිහිටුවයි. තත්ථෙව අධිමොචෙති යනු එක් ස්ථානයකැයි කියන ලද, ආශ්වාස-ප්‍රශ්වාසයන්ගේ ස්පර්ශ කරන ස්ථානයෙහිම නිශ්චය කරයි. සනිටුහන් කරයි. පග්ගණ්හිත්‍වා යනු ධම්ම විචය, ප්‍රීති, සම්බොජ්ඣංග භාවනාවෙන් දැඩිසේ උත්සාහකොට, විනිග්ගණ්හිත්වා යනු පස්සද්ධි, සමාධි, උපේක්ෂා සම්බොධ්යාංග භාවනාවෙන් මනාව නිග්‍රහකොට, සතින්ද්රිය, විරියෙන්ද්රියයන්ගෙන් ප්රග්රහණයකොට, සතින්ද්රිය සමාධින්ද්රියයන්ගෙන් මනාව නිග්රහකොටැ යයිද කියති. සම්පජානො හුත්වා යනු අසුභ භාවනාදීන්ගෙන් නැවත. සම්පජානො හුත්වා මෛත්‍රී භාවනාදීන්ගෙන්, යම් රාගයෙන් පෙළීමක් වේද, යම් ව්‍යාපාදයෙන් පෙළීමක් වේද, එය දුරලයි යයි සම්බන්ධයි. එම සිත මෙවැනි යයි නුවණින් දන්නේ, එයට ප්රතිපක්ෂ රාගය දුරලයි. ව්‍යාපාදය දුරලයි හෝ අර්ථයි. පරිසුද්ධං යනු උපක්ලේශ රහිත පරියොදාතං යනු ප්‍රභාශ්වර, එකත්තගතංහොති යනු ඒ ඒ විශේෂයට පැමිණියේ, ඒ ඒ ඒකත්වයට ගියේ වේ.
කතමෙ තෙ එකත්තාති ඉධ යුජ්ජමානායුජ්ජමානෙපි එකත්තෙ එකතො කත්වා පුච්ඡති. දානූපසග්ගුපට්ඨානෙකත්තන්ති දානවත්ථුසඞ්ඛාතස්ස දානස්ස උපසග්ගො වොසජ්ජනං දානූපසග්ගො, දානවත්ථුපරිච්චාගචෙතනා. තස්ස උපට්ඨානං ආරම්මණකරණවසෙන උපගන්ත්වා ඨානං දානූපසග්ගුපට්ඨානං, තදෙව එකත්තං, තෙන වා එකත්තං එකග්ගභාවො දානූපසග්ගුපට්ඨානෙකත්තං. දානවොසග්ගුපට්ඨානෙකත්තන්ති පාඨො සුන්දරතරො, සො එවත්ථො. එතෙන පදුද්ධාරවසෙන චාගානුස්සතිසමාධි වුත්තො. පදුද්ධාරවසෙන වුත්තොපි චෙස ඉතරෙසං තිණ්ණම්පි එකත්තානං උපනිස්සයපච්චයො හොති, තස්මා ඉධ නිද්දිට්ඨන්ති වදන්ති. විසාඛාපි හි මහාඋපාසිකා ආහ – “ඉධ, භන්තෙ, දිසාසු වස්සංවුට්ඨා භික්ඛූ සාවත්ථිං ආගච්ඡිස්සන්ති භගවන්තං දස්සනාය, තෙ භගවන්තං උපසඞ්කමිත්වා පුච්ඡිස්සන්ති ‘ඉත්ථන්නාමො, භන්තෙ, භික්ඛු කාලඞ්කතො, තස්ස කා ගති, කො අභිසම්පරායො’ති? තං භගවා බ්යාකරිස්සති සොතාපත්තිඵලෙ වා සකදාගාමිඵලෙ වා අනාගාමිඵලෙ වා අරහත්තෙ වා. ත්යාහං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාමි ‘ආගතපුබ්බා නු ඛො, භන්තෙ, තෙන අය්යෙන සාවත්ථී’ති? සචෙ මෙ වක්ඛන්ති ‘ආගතපුබ්බා තෙන භික්ඛුනා සාවත්ථී’ති. නිට්ඨමෙත්ථ ගච්ඡිස්සාමි නිස්සංසයං පරිභුත්තං තෙන අය්යෙන වස්සිකසාටිකා වා ආගන්තුකභත්තං වා ගමිකභත්තං වා ගිලානභත්තං වා ගිලානුපට්ඨාකභත්තං වා ගිලානභෙසජ්ජං වා ධුවයාගු වාති. තස්සා මෙ තදනුස්සරන්තියා පාමොජ්ජං ජායිස්සති, පමුදිතාය පීති ජායිස්සති, පීතිමනාය කායො පස්සම්භිස්සති, පස්සද්ධකායා සුඛං වෙදයිස්සාමි, සුඛිනියා චිත්තං සමාධියිස්සති, සා මෙ භවිස්සති ඉන්ද්රියභාවනා බලභාවනා බොජ්ඣඞ්ගභාවනා”ති (මහාව· 351). අථ වා එකත්තෙසු පඨමං උපචාරසමාධිවසෙන වුත්තං, දුතියං අප්පනාසමාධිවසෙන, තතියං විපස්සනාවසෙන, චතුත්ථං මග්ගඵලවසෙනාති වෙදිතබ්බං. සමථස්ස නිමිත්තං සමථනිමිත්තං. වයො භඞ්ගො එව ලක්ඛණං වයලක්ඛණං. නිරොධො නිබ්බානං. සෙසමෙතෙසු තීසු වුත්තනයෙනෙව යොජෙතබ්බං.
කතමෙ තෙ එකත්තා යනු මෙහි යෙදෙන්නා වූ ද, ඒකත්වයෙහි එක්කොට විචාරයි. දානුපස්සග්ගුපට්ඨා නෙකත්තං යනු දාන වස්තු සංඛ්‍යාත දානයෙහි එළඹ සිටි පරිත්‍යාගය දානුපසග්ගොයි. ඒ දාන වස්තු පරිත්‍යාග චේතනාව, එහි එළැඹ සිටි සිහිය ආරම්මණ කරණ වශයෙන් හෝ එළැඹ සිටීම දානුපස්සග්ගු පට්ඨානංයි. එහිම එකඟතාව එයින් හෝ වන එකඟතාව ඒකාග්‍රභාවය දානූපස්සග්ගුපට්ඨානෙකත්තංයි දාන පරිත්‍යාගයෙහි එළැඹ සිටි භාවයයි යන්න වඩා සුන්දරය. එයම අර්ථයයි. එයින් ශ්‍රද්ධාව උදුරා දැක්වීම් වශයෙන් ත්‍යාගානුස්මෘති සමාධිය යූ.සේයි. ශ්‍රද්ධාව උදුරා දැක්වීම් වශයෙන් කියන ලද්දේ නමුත්, මෙය අනෙක් ත්රයයටම ඒකත්වයාගේ වශයෙන් උපනිශ්‍රය ප්‍රත්‍යය වේ. එහෙයින් මෙහි නිර්දිෂ්ටයැයි කියති. විශාඛා මහා උපාසිකාවද කීවාය. ස්වාමීනි, නොයෙක් දිසාවන්හි වස් විසූ, මෙසස්නෙහි භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැක්මට සැවතට පැමිණෙන්නාහ. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹැ, ස්වාමීනි, මෙන්ම භික්ෂුව කළුරිය කළේය. ඔහුගේ උපදනා තැන කවරේද? මරණින් මතුයෙහි කවරෙක් වේදැයි විචාරන්නාහ. භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂුව සෝවාන් ඵලයෙහි හෝ සකෘදාගාමි ඵලයෙහි හෝ අනාගාමී ඵලයෙහි හේා අර්හත්වයෙහි යැයි ප්‍රකාශ කරන්නාහ. මම එම භික්ෂූන් වෙත එළැඹැ, ස්වාමීනි, එම ආර්යයන් වහන්සේලා සැවැතට පැමිණි විරූදැයි විමසන්නෙමි. ඉදින් ඔවුහු, එම භික්ෂූහු සැවැතට පැමිණි විරූයයි මට කියත්ද? ඒකාන්තයෙන් එම ආර්යයන් වහන්සේලා විසින්, වැසි සළු, ආගන්තුක බත්, ගමික බත්, ගිලන් බත්, ගිලානෝපස්ථාන බත්, ගිලන් බෙහෙත්, නිත්‍ය කැඳ, පරිභෝජනය කරන ලදැයි මෙහි නිෂ්ඨාවට යන්නෙමි. එසේ වූ මට එය සිහිකරන කල්හි ප්රමුදිතතාවය හටගන්නේය. ප්රමුදිතතාවයෙන් ප්‍රීතිය හටගන්නේය. සතුටු සිතැත්තේ කය සන්සුන් වන්නේය. සන්සුන් කය ඇත්තේ සුව විඳින්නෙමි. සුව විඳිනු ලබන්නී සිත සමාධිගත වන්නීය. එය මාගේ ඉන්ද්රිය භාවනාවද බල භාවනාවද, බොජ්ඣංග භාවනාවද වන්නේය. නොහොත් - ඒකත්වයන්හි, ප්‍රථමය උපචාර සමාධි වශයෙන්ද දෙවැන්න අර්පණා සමාධි වශයෙන්ද, තෙවැන්න විදර්ශනා වශයෙන්ද, සිව්වැන්න මාර්ගඵල වශයෙන්දැයි දතයුතුය. සමථයෙහි නිමිත්ත සමථ නිමිත්තංයි. ව්‍යයය, භංගයම ස්වභාවය වූයේ වය ලක්ඛණංයි. නිරෝධය නිර්වාණයයි. සෙස්ස එම ත්රයයෙහි කියන ලද ක්‍රමයෙන්ම යෙදිය යුතුය.
චාගාධිමුත්තානන්ති දානෙ අධිමුත්තානං. අධිචිත්තන්ති විපස්සනාපාදකසමාධි. විපස්සකානන්ති භඞ්ගානුපස්සනතො පට්ඨාය තීහි අනුපස්සනාහි සඞ්ඛාරෙ විපස්සන්තානං. අරියපුග්ගලානන්ති අට්ඨන්නං. දුතියාදීනි තීණි එකත්තානි ආනාපානස්සතිවසෙන සෙසකම්මට්ඨානවසෙන ච යුජ්ජන්ති. චතූහි ඨානෙහීති චතූහි කාරණෙහි. සමාධිවිපස්සනාමග්ගඵලානං වසෙන “එකත්තගතං චිත්තං පටිපදාවිසුද්ධිපක්ඛන්දඤ්චෙව හොති උපෙක්ඛානුබ්රූහිතඤ්ච ඤාණෙන ච සම්පහංසිත”න්ති උද්දෙසපදානි. “පඨමස්ස ඣානස්ස කො ආදී”තිආදීනි තෙසං උද්දෙසපදානං විත්ථාරෙතුකම්යතාපුච්ඡාපුබ්බඞ්ගමානි නිද්දෙසපදානි. තත්ථ පටිපදාවිසුද්ධිපක්ඛන්දන්ති පටිපදා එව නීවරණමලවිසොධනතො විසුද්ධි, තං පටිපදාවිසුද්ධිං පක්ඛන්දං පවිට්ඨං. උපෙක්ඛානුබ්රූහිතන්ති තත්රමජ්ඣත්තුපෙක්ඛාය බ්රූහිතං වඩ්ඪිතං. ඤාණෙන ච සම්පහංසිතන්ති පරියොදාපකෙන ඤාණෙන සම්පහංසිතං පරියොදාපිතං විසොධිතං. පටිපදාවිසුද්ධි නාම සසම්භාරිකො උපචාරො, උපෙක්ඛානුබ්රූහනා නාම අප්පනා, සම්පහංසනා නාම පච්චවෙක්ඛණාති එවමෙකෙ වණ්ණයන්ති. යස්මා පන “එකත්තගතං චිත්තං පටිපදාවිසුද්ධිපක්ඛන්දඤ්චෙව හොතී”තිආදි වුත්තං, තස්මා අන්තොඅප්පනායමෙව ආගමනවසෙන පටිපදාවිසුද්ධි, තත්රමජ්ඣත්තුපෙක්ඛාය කිච්චවසෙන උපෙක්ඛානුබ්රූහනා, ධම්මානං අනතිවත්තනාදිභාවසාධනෙන පරියොදාපකස්ස ඤාණස්ස කිච්චනිප්ඵත්තිවසෙන සම්පහංසනා වෙදිතබ්බා. කථං? යස්මිඤ්හි වාරෙ අප්පනා උප්පජ්ජති, තස්මිං යො නීවරණසඞ්ඛාතො කිලෙසගණො තස්ස ඣානස්ස පරිපන්ථො, තතො චිත්තං විසුජ්ඣති, විසුද්ධත්තා ආවරණවිරහිතං හුත්වා මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති. මජ්ඣිමං සමථනිමිත්තං නාම සමප්පවත්තො අප්පනාසමාධියෙව. තදනන්තරං පන පුරිමචිත්තං එකසන්තතිපරිණාමනයෙන තථත්තං උපගච්ඡමානං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති නාම. එවං පටිපන්නත්තා තථත්තුපගමනෙන තත්ථ පක්ඛන්දති නාම. එවං තාව පුරිමචිත්තෙ විජ්ජමානාකාරනිප්ඵාදිකා පඨමස්ස ඣානස්ස උප්පාදක්ඛණෙයෙව ආගමනවසෙන පටිපදාවිසුද්ධි වෙදිතබ්බා. එවං විසුද්ධස්ස පන තස්ස පුන විසොධෙතබ්බාභාවතො විසොධනෙ බ්යාපාරං අකරොන්තො විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති නාම. සමථභාවූපගමනෙන සමථපටිපන්නස්ස පුන සමාදානෙ බ්යාපාරං අකරොන්තො සමථපටිපන්නං අජ්ඣුපෙක්ඛති නාම. සමථපටිපන්නභාවතො එව චස්ස කිලෙසසංසග්ගං පහාය එකත්තෙන උපට්ඨිතස්ස පුන එකත්තුපට්ඨානෙ බ්යාපාරං අකරොන්තො එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති නාම. එවං තත්රමජ්ඣත්තුපෙක්ඛාය කිච්චවසෙන උපෙක්ඛානුබ්රූහනා වෙදිතබ්බා.
චාගාධිමුත්තානං යනු ත්‍යාගයෙහි (දානයෙහි) අධික ලෙස යෙදුණවුන්ට, අධිචිත්තං යනු විදර්ශනාපාදක සමාධියයි. විපස්සකානං යනු භංගානුපස්සනායෙහි පටන් ත්‍රිවිධ අනුපස්සනාවන්ගෙන් සංස්කාරයන් විදර්ශනා කරනවුනට, අරියපුග්ගලානං යනු අෂ්ට ආර්ය පුද්ගලයන්ට ද්විතීයාදී ත්‍රිවිධ ඒකත්වයෝ ආනාපාන සති වශයෙන්ද සෙසු කර්මස්ථාන වශයෙන්ද යෙදෙත්. චතුහි ඨානෙහි යනු සිව් කාරණයන්ගෙන්, සමාධි විදර්ශනා මාර්ගඵලයන්ගේ වශයෙන් ඒකත්වයට ගිය සිත ප්‍රතිපදා විශුද්ධියට පිවිසියේද වෙයි. උපේක්‍ෂායෙන් වඩනා ලද්දේත් ඤාණයෙන්ද විශෝධිත වූයේ යයි යනු උද්දේශපදයි. ප්‍රථම ධ්‍යානයාගේ මුල කවරේදැයි ආදිය ඒවායි උද්දේශ පදයන්ගේ විස්තර කරනු කැමැති විමසුම් පූර්වංගම නිර්දේශපදයි. එහි පටිපදා විසුද්ධි පක්ඛන්තං යනු ප්රතිපදාවම නීවරණ මල පිරිසිදු කරන හෙයින් විසුද්ධියි. එම ප්‍රතිපදා විශුද්ධියට පිවිසියේ ප්රවිශ්ට වූයේ, උපෙක්ඛානුබ්රෑහිතං යනු තත්ර මධ්‍යස්ථ උපෙක්ෂායෙන් වර්ධනය කරන ලද, වඩන ලද, ඤාණෙන සම්පහංසිතං යනු පිරිසිදු කරන ඤාණයෙන්, සතුටුකළ, පිරිසිදු කළ මනාව පිරිසිදු කළ, පටිපදා විසුද්ධි නම් අඩංගු දේ සහිත උපචාරයයි. උපෙක්ඛානුබ්රෑහනා නම් අර්පණාවයි. සම්පහංසනා නම් ප්රත්යවේක්ෂණම යැයි ඇතැමෙක් වර්ණනා කරති. යම්හෙයකින් වනාහි, එකත්තගතං චිත්තං පටිපදා විසුද්ධි පක්ඛන්නඤ්චෙව හොති යයි ආදිය කියන ලදද, එහෙයින් අර්පණාව තුළම පැමිණීම් වශයෙන් ප්‍රතිපදා විශුද්ධියයි. තත්ර මධ්‍යස්ථ උපේක්ෂාවගේ කෘත්‍යය වශයෙන් උපේක්ෂාවගේ වැඩීමයි. ධර්මයන්ගේ නොඉක්මවන ආදි ස්වභාව සාධනයෙන්, පිරිසිදු කරන ඤාණයාගේ කෘත්‍ය නිෂ්පත්ති වශයෙන් සතුටුකිරීම දතයුතුය. කෙසේද? යම්වරෙකැ අර්පණාව උපදීද? එකල්හි එම ධ්‍යානයට උවදුරු ඇතිකරන යම් නීවරණ සංඛ්‍යාත කෙලෙස් සමූහයක් වේද, ඉන් සිත පිරිසිදු කෙරේ. පිරිසිදු වූ හෙයින්, ආවරණ විරහිතව, මධ්‍යම සමථ නිමිත්තට පිළිපදී. මජ්ඣිමං සමථ නිමිත්තං යනු සමව පවත්නා අර්පණා සමාධියමය. ඉන් අනතුරුව පළමු සිත එක් සන්තතියෙක පරිණාම ක්‍රමයෙන් එබඳු ආකාරයට එළඹෙනු ලබන්නේ මධ්‍යම සමථ නිමිත්තට පිළිපදී නමැ. (පටිපජ්ජති නාම) මෙසේ පිළිපන් හෙයින් එබඳු භාවයට පැමිණීමෙන් එහි පිවිසියේ නමැ. (පක්ඛන්දති නාම) මෙසේ පළමුව පළමු සිතෙහි විද්යමානාකාරයෙන් නිපදවනු ලැබූ, ප්‍රථම ධ්‍යානයෙහි, උත්පාදක්ෂණයෙහිම පැමිණීම් වශයෙන් ප්‍රතිපදා විශුද්ධිය දතයුත්තාහ. මෙසේ පිරිසිදු වූ ඔහුට නැවත පිරිසිදු කළයුත්තක් නොමැති හෙයින් විසෝධනයෙහි උත්සාහ නොකරනුයේ පිරිසිදු සිත අජ්ඣුපෙක්ඛති මධ්‍යස්ථ වේ නමැ. සංසිඳීම් භාවයට පැමිණීමෙන්, සංසිඳීම්භාවයට පිළිපන්නහුට නැවත නිශ්චල කිරීමෙහි උත්සාහ නොකරනුයේ, සංසිඳීමට පිළිපන්නේ මධ්‍යස්ථ වේ නමැ. සංසිඳීමට පිළිපන් භාවයෙන්ම ඔහුට කෙලෙස් සංසර්ගය අත්හැර ඒකත්වයෙන් එළැඹැ සිටියහුට නැවත ඒකත්වයෙන් එළැඹැ සිටීමෙහි උත්සාහ නොකෙරෙනුයේ ඒකත්වයෙන් එළැඹැ සිටීමෙහි මධ්‍යස්ථවේ නමැ. එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති මෙසේ තත්ර මධ්‍යස්ථතා උපේක්‍ෂායෙන් කෘත්‍යය වශයෙන් උපේක්ෂාවගේ වැඩීම දතයුත්තාහ.
යෙ පනෙතෙ එවං උපෙක්ඛානුබ්රූහිතෙ තත්ථ ජාතා සමාධිපඤ්ඤාසඞ්ඛාතා යුගනද්ධධම්මා අඤ්ඤමඤ්ඤං අනතිවත්තමානා හුත්වා පවත්තා, යානි ච සද්ධාදීනි ඉන්ද්රියානි නානාකිලෙසෙහි විමුත්තත්තා විමුත්තිරසෙන එකරසානි හුත්වා පවත්තානි, යං චෙස තදුපගං තෙසං අනතිවත්තනඑකරසභාවානං අනුච්ඡවිකං වීරියං වාහයති, යා චස්ස තස්මිං ඛණෙ පවත්තා ආසෙවනා, සබ්බෙපි තෙ ආකාරා යස්මා ඤාණෙන සංකිලෙසවොදානෙසු තං තං ආදීනවඤ්ච ආනිසංසඤ්ච දිස්වා තථා තථා සම්පහංසිතත්තා විසොධිතත්තා පරියොදාපිතත්තා නිප්ඵන්නා, තස්මා ධම්මානං අනතිවත්තනාදිභාවසාධනෙන පරියොදාපකස්ස ඤාණස්ස කිච්චනිප්ඵත්තිවසෙන සම්පහංසනා වෙදිතබ්බාති වුත්තං. තත්ථ යස්මා උපෙක්ඛාවසෙන ඤාණං පාකටං හොති, යථාහ – “තථාපග්ගහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛති, උපෙක්ඛාවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති. උපෙක්ඛාවසෙන නානත්තකිලෙසෙහි චිත්තං විමුච්චති, විමොක්ඛවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති. විමුත්තත්තා තෙ ධම්මා එකරසා හොන්ති, එකරසට්ඨෙන භාවනා”ති (පටි· ම· 1.201). තස්මා ඤාණකිච්චභූතා සම්පහංසනා පරියොසානන්ති වුත්තා.
මෙසේ උපේක්ෂාව මනාව වැඩුණු කල්හි, එහි හටගත් සමාධි ප්‍රඥා සංඛ්‍යාත යුගනන්ධ ධර්ම ඔවුනොවුන් නොඉක්ම වන්නාහු වී පවත්නාහුය. යම් ඒ ශ්‍රද්ධාදී ඉන්ද්රියයෝ නොයෙක් කෙලෙසුන්ගෙන් මිදුණු හෙයින් විමුක්ති රසයෙන් එක්රස වී පවත්නාහුය. යමක් මේ ද්වයයට ඇතුළත් වූයේද, ඒවා නොඉක්මවන ඒකරස භාවයන්ට සුදුසු වූ වීර්යය උසුලයිද ඒ ක්ෂණයෙහි යම් ආසේවනයක් වේද? ඒ සියලුම ආකාරයන් යම්හෙයකින් ඤාණයෙන් කිලුටෙහි හා පරිශුද්ධතාවෙහි ඒ ඒ ආදීනව දැක, ඒ ඒ ආකාරයෙන් සතුටුකළ හෙයින්ද, පිරිසිදු කළ හෙයින්ද විශේෂයෙන් පිරිසිදු කළ හෙයින්ද, නිෂ්පන්නයහ. එහෙයින් ධර්මයන්ගේ නොඉක්මවන ආදි ස්වභාව සිද්ධියෙන් පිරිසිදු කළයුතු ඤාණයෙහි කෘත්‍ය නිෂ්පත්ති වශයෙන් සතුටුවීම දතයුතුයැයි යූ.සේයි. එහි උපේක්ෂා වශයෙන් ඤාණය ප්‍රකට වෙයි. දෙසූ පරිදි එසේ උත්සාහවත් කළ සිත උපේක්ෂා වශයෙන් මනාව මධ්‍යස්ථ වේ. ප්‍රඥා වශයෙන් ප්රඥෙන්ද්රිය උපේක්ෂා වශයෙන්ද අධිමාත්‍ර වෙයි. නොයෙක් කෙලෙසුන්ගෙන් මිදීම් වශයෙන් සිත මිදෙයි. ප්‍රඥා වශයෙන් ප්රඥෙන්ද්රිය අධිමාත්‍ර වෙයි. මිදුණු හෙයින් එම ධර්ම එක්රසාර්ථයෙන් වැඩීමෙන් එක්රස වේ. එහෙයින් ඤාණකෘත්යය වූ සම්පහංසනා පරියොසාන යැයි යූ.සේයි.
එවං තිවත්තගතන්තිආදීනි තස්සෙව චිත්තස්ස ථොමනවචනානි. තත්ථ එවං තිවත්තගතන්ති එවං යථාවුත්තෙන විධිනා පටිපදාවිසුද්ධිපක්ඛන්දනඋපෙක්ඛානුබ්රූහනාඤාණසම්පහංසනාවසෙන තිවිධභාවං ගතං. විතක්කසම්පන්නන්ති කිලෙසක්ඛොභවිරහිතත්තා විතක්කෙන සුන්දරභාවං පන්නං ගතං. චිත්තස්ස අධිට්ඨානසම්පන්නන්ති තස්මිංයෙව ආරම්මණෙ චිත්තස්ස නිරන්තරප්පවත්තිසඞ්ඛාතෙන අධිට්ඨානෙන සම්පන්නං අනූනං. යථා අධිට්ඨානවසියං අධිට්ඨානන්ති ඣානප්පවත්ති, තථා ඉධාපි චිත්තස්ස අධිට්ඨානන්ති චිත්තෙකග්ගතාපි යුජ්ජති. තෙන හි එකස්මිංයෙව ආරම්මණෙ චිත්තං අධිට්ඨාති, න එත්ථ වික්ඛිපතීති. “සමාධිසම්පන්න”න්ති විසුං වුත්තත්තා පන වුත්තනයෙනෙව ගහෙතබ්බං. අථ වා සමාධිස්සෙව ඣානසඞ්ගහිතත්තා චිත්තස්ස අධිට්ඨානසම්පන්නන්ති ඣානඞ්ගපඤ්චකවසෙන වුත්තං. සමාධිසම්පන්නන්ති ඉන්ද්රියසඞ්ගහිතත්තා ඉන්ද්රියපඤ්චකවසෙන, දුතියජ්ඣානාදීසු පන අලබ්භමානානි පදානි පහාය ලබ්භමානකවසෙන පීතිසම්පන්නන්තිආදි වුත්තං.
එවං තිවත්තගතං ආදිය එම චිත්තයටම ස්තුති වචනයි. එහි එවං තිවත්තගතං යනු මෙසේ කියන ලද ආකාරයෙන් නුවණින් පිරිසිදු කිරීම් වශයෙන් ත්‍රිවිධ භාවයට ගිය, විතක්ක සම්පන්නං යනු කෙලෙස් කැළැඹීම් විරහිත හෙයින් විතර්කයෙන් සුන්දර භාවයෙන් යුක්ත වූ, සුන්දර භාවයට ගිය, චිත්තස්ස අධිට්ඨාන සම්පන්නං යනු එම අරමුණෙහිම චිත්තයාගේ නිරතුරු පැවැතීම් සංඛ්‍යාත වූ අධිෂ්ඨානයෙන් යුක්ත වූ නොඅඩු, අධිෂ්ඨාන වසිය පරිද්දෙන්, ධ්‍යාන පැවැත්මෙහි අධිෂ්ඨානයයි එසේම මෙහිද, චිත්තයාගේ අධිෂ්ඨානයැයි චිත්තෙකාග්‍රතාවද යෙදේ. එහෙයින් එකම අරමුණෙහි සිත අධිෂ්ඨාන කරයි. මෙහි වික්ෂේප නොවේනුයි සමාධි සම්පන්නං යයි වෙන්ව කියන ලද හෙයින් කියන ලද ක්‍රමයෙන්ම ගතයුතුය. නොහොත් සමාධියටම ධ්‍යානාංග සංග්‍රහ කරන ලද හෙයින්, චිත්තස්ස අධිට්ඨාන සම්පන්නං යනු ධ්‍යානාංග පංචක වශයෙන් යූ.සේයි. සමාධි සම්පන්නං යනු ඉන්ද්රිය සංගෘහිත හෙයින් ඉන්ද්රිය පංචක වශයෙන් යූ.සේයි. ද්විතීය ධ්‍යානාදීන්හි නොලබන ප්‍රමාණ පදයන් හැර, ලැබෙන ප්‍රමාණ වශයෙන් පීති සම්පන්නං යන ආදිය යූ.සේයි.
අනිච්චානුපස්සනාදීසු අට්ඨාරසසු මහාවිපස්සනාසු විතක්කාදයො පරිපුණ්ණායෙව තාසං කාමාවචරත්තා. එතාසු ච අප්පනාය අභාවතො පටිපදාවිසුද්ධිආදයො ඛණිකසමාධිවසෙන යොජෙතබ්බා. චතූසු මග්ගෙසු පඨමජ්ඣානිකවසෙන විතක්කාදීනං ලබ්භනතො ලබ්භමානකවසෙනෙව විතක්කාදයො පරිපුණ්ණා වුත්තා. දුතියජ්ඣානිකාදීසු හි මග්ගෙසු විතක්කාදයො ඣානෙසු විය පරිහායන්තීති. එත්තාවතා තෙරස වොදානඤාණානි විත්ථාරතො නිද්දිට්ඨානි හොන්ති. කථං? එකට්ඨානෙ සමාදහනෙන තත්ථෙව අධිමුච්චනෙන කොසජ්ජප්පජහනෙන උද්ධච්චප්පජහනෙන රාගප්පජහනෙන බ්යාපාදප්පජහනෙන සම්පයුත්තානි ඡ ඤාණානි, චතූහි එකත්තෙහි සම්පයුත්තානි චත්තාරි ඤාණානි, පටිපදාවිසුද්ධිඋපෙක්ඛානුබ්රූහනාසම්පහංසනාහි සම්පයුත්තානි තීණි ඤාණානීති එවං තෙරස ඤාණානි නිද්දිට්ඨානි.
අනිච්චානුපස්සනාදී අටළොස් මහා විදර්ශනාවන්හි විතර්කාදීහු පරිපූර්ණමය. ඒවා කාමාවචර හෙයින් ඒවායි අර්පණායෙහි අභාව හෙයින්, ප්‍රතිපදා විසුද්ධි ආදීහු ක්ෂණික සමාධි වශයෙන් යෙදිය යුතුය. සිව් මාර්ගයන්හි ප්‍රථම ධ්‍යානික වශයෙන් විතර්කාදීන්ගේ ලැබීව වන හෙයින්, ලැබීම් ප්‍රමාණ වශයෙන්ම විතර්කාදීහු සම්පූර්ණයයි කියන ලදි. මාර්ගයන්හි විතර්කාදීහු ද්විතීය ධ්යානිකාදීන්හි මෙන් පිරිහෙත්. මෙතෙකින් තෙළෙස් වොදාන ඤාණයෝ විස්තර වශයෙන් නිර්දේශ කරන ලද්දාහු වෙති. කෙසේද? එක් ස්ථානයෙක්හි තැන්පත් කිරීමෙන් එහිම ස්ථිර ලෙස පිහිටීම් වශයෙන් කුසීතකම දුරුකිරීමෙන් නොසන්සුන්කම දුරුකිරීමෙන්, රාගය දුරුකිරීමෙන්, ව්‍යාපාදය දුරුකිරීමෙන් ඒ හා සම්ප්‍රයුක්ත ෂට් ඤාණයන්ද, සිව් ඒකත්තයන්හි සම්ප්‍රයුක්ත සිව් ඤාණයන්ද, ප්‍රතිපදා විසුද්ධිය උපේක්සානු බ්රෑහනය සම්ප්රහංසනය හා සම්ප්‍රයුක්ත ත්‍රිවිධ ඤාණයන්දැයි මෙසේ තෙළෙස් ඤාණ නිර්දිෂ්ටය.
එවං සන්තෙපි ආනාපානස්සතිසමාධිභාවනාවසෙන තෙසං නිප්ඵත්තිං දස්සෙතුකාමො තානි ඤාණානි අනිගමෙත්වාව නිමිත්තං අස්සාසපස්සාසාතිආදිනා නයෙන චොදනාපුබ්බඞ්ගමං ආනාපානස්සතිසමාධිභාවනාවිධිං දස්සෙත්වා අන්තෙ තානි ඤාණානි නිගමෙත්වා දස්සෙසි. තත්ථ නිමිත්තං වුත්තමෙව. අනාරම්මණාමෙකචිත්තස්සාති අනාරම්මණා එකචිත්තස්ස. ම-කාරො පනෙත්ථ පදසන්ධිකරො. අනාරම්මණමෙකචිත්තස්සාතිපි පාඨො, එකස්ස චිත්තස්ස ආරම්මණං න භවන්තීති අත්ථො. තයො ධම්මෙති නිමිත්තාදයො තයො ධම්මෙ. භාවනාති ආනාපානස්සතිසමාධිභාවනා. කථන්ති පඨමං වුත්තාය චොදනාගාථාය අනන්තරං වුත්තාය පරිහාරගාථාය අත්ථං කථෙතුකම්යතාපුච්ඡා. න චිමෙති න ච ඉමෙ. න චමෙතිපි පාඨො, සොයෙව පදච්ඡෙදො. කථං න ච අවිදිතා හොන්ති, කථං න ච චිත්තං වික්ඛෙපං ගච්ඡතීති එවං කථං සද්දො සෙසෙහි පඤ්චහි යොජෙතබ්බො. පධානඤ්ච පඤ්ඤායතීති ආනාපානස්සතිසමාධිභාවනාරම්භකං වීරියං සන්දිස්සති. වීරියඤ්හි පදහන්ති තෙනාති පධානන්ති වුච්චති. පයොගඤ්ච සාධෙතීති නීවරණවික්ඛම්භකං ඣානඤ්ච යොගී නිප්ඵාදෙති. ඣානඤ්හි නීවරණවික්ඛම්භනාය පයුඤ්ජීයතීති පයොගොති වුත්තං. විසෙසමධිගච්ඡතීති සංයොජනප්පහානකරං මග්ගඤ්ච පටිලභති. මග්ගො හි සමථවිපස්සනානං ආනිසංසත්තා විසෙසොති වුත්තො. විසෙසස්ස ච පමුඛභූතත්තා ච-කාරෙන සමුච්චයො න කතො.
මෙසේ ඇතිකල්හිද, ආනාපාන සති සමාධි භාවනා වශයෙන් ඒවාහි නිෂ්පත්තිය දක්වනු කැමැතියේ එම ඤාණයන් නිගමනය නොකොටම, නිමිත්තං අස්සාස පස්සාසා යනාදී ක්‍රමයෙන් චෝදනා පූර්වංගම ආනාපාන සති සමාධි භාවනා ක්‍රමය ඉදිරිපත් කොට, කෙළවර එම ඤාණයන් නිගමනය කොට දැක්වීය. එහි නිමිත්තං යනු කියන ලද්දේමය. අනාරම්මණාමෙක චිත්තස්ස යනු එක් සිතකට අරමුණු නොවූ, මෙහි මකාරය පද සන්ධි කරයි. අනාරම්මණං එක චිත්තස්ස යනුද පාඨයි. එක් සිතකට අරමුණු නොවෙත් යයි අර්ථයි. තයොධම්මෙ යනු නිමිති ආදි ධර්මත්රය භාවනා යනු ආනාපාන සති සමාධි භාවනාවයි. කථං යනු ප්‍රථමයෙන් කියන ලද චෝදනා ගාථාවෙහි අනතුරුව කියන ලද, පිළිතුරු ගාථාවෙන් අර්ථය කියාදෙනු කැමැති විමැසීමයි. නචිමෙ යනු මේවා නොවේ. නචමෙ යනුද පාඨයි. එයම පදච්ඡෙදයි. කෙසේ නොදන්නා ලද්දේ වේද? කෙසේ සිත වික්ෂෙපයට නොයේද? මෙසේ ‘කථං’ ශබ්දය සෙසු පසෙහිම යෙදිය යුතුය. පධානං පඤ්ඤායති යනු ආනාපන සති සමාධි භාවනාරම්භක වීර්යය දක්නා ලැබේ. වීර්යය එය කරණකොට බලවත් සේ උත්සාහ කෙරේනුයි පධානංයි යූ.සේයි. පයොගඤ්ච සාධෙති යනු නීවරණ යටපත් කරන ධ්‍යානයද යෝගියා නිෂ්පාදනය කරයි. ධ්‍යානය වනාහි නීවරණ යටපත් කිරීම පිණිස මනාකොට යෙදේනුයි, ප්රයෝගයැයි යූ.සේයි. විසෙසමධිගච්ඡති සංයෝජන ප්රහාණකර මාර්ගයද ලබයි. මාර්ගය වනාහි සමථ විදර්ශනාවන්ගේ අනුසස් බැවින් විශේෂයැයි යූ.සේයි. විශේෂයාගේ ප්‍රමුඛතාව බැවින් චකාරයෙන් එක්කිරීම නොකරන ලදී.
ඉදානි තං පුච්ඡිතමත්ථං උපමාය සාධෙන්තො සෙය්යථාපි රුක්ඛොතිආදිමාහ. තස්සත්ථො – යථා නාම කකචෙන ඵාලනත්ථං වාසියා තච්ඡිත්වා රුක්ඛො ඵාලනකාලෙ නිච්චලභාවත්ථං සමෙ භූමිපදෙසෙ පයොගක්ඛමං කත්වා ඨපිතො. කකචෙනාති හත්ථකකචෙන. ආගතෙති රුක්ඛං ඵුසිත්වා අත්තනො සමීපභාගං ආගතෙ. ගතෙති රුක්ඛං ඵුසිත්වා පරභාගං ගතෙ. වා-සද්දො සමුච්චයත්ථො. න අවිදිතා හොන්තීති රුක්ඛෙ කකචදන්තෙහි ඵුට්ඨං පුරිසෙන පෙක්ඛමානං ඨානං අප්පත්වා තෙසං ආගමනගමනාභාවතො සබ්බෙපි කකචදන්තා විදිතාව හොන්ති. පධානන්ති රුක්ඛච්ඡෙදනවීරියං. පයොගන්ති රුක්ඛච්ඡෙදනකිරියං. “විසෙසමධිගච්ඡතී”ති වචනං උපමාය නත්ථි. උපනිබන්ධනා නිමිත්තන්ති උපනිබන්ධනාය සතියා නිමිත්තභූතං කාරණභූතං නාසිකග්ගං වා මුඛනිමිත්තං වා. උපනිබන්ධති එතාය ආරම්මණෙ චිත්තන්ති උපනිබන්ධනා නාම සති. නාසිකග්ගෙ වාති දීඝනාසිකො නාසිකග්ගෙ. මුඛනිමිත්තෙ වාති රස්සනාසිකො උත්තරොට්ඨෙ. උත්තරොට්ඨො හි මුඛෙ සතියා නිමිත්තන්ති මුඛනිමිත්තන්ති වුත්තො. ආගතෙති ඵුට්ඨට්ඨානතො අබ්භන්තරං ආගතෙ. ගතෙති ඵුට්ඨට්ඨානතො බහිද්ධා ගතෙ. න අවිදිතා හොන්තීති ඵුසනට්ඨානං අප්පත්වා අස්සාසපස්සාසානං ආගමනගමනාභාවතො සබ්බෙපි තෙ විදිතා එව හොන්ති. කම්මනියං හොතීති යෙන වීරියෙන කායොපි චිත්තම්පි කම්මනියං භාවනාකම්මක්ඛමං භාවනාකම්මයොග්ගං හොති. ඉදං වීරියං පධානං නාමාති ඵලෙන කාරණං වුත්තං හොති. උපක්කිලෙසා පහීයන්තීති වික්ඛම්භනවසෙන නීවරණානි පහීයන්ති. විතක්කා වූපසම්මන්තීති නානාරම්මණචාරිනො අනවට්ඨිතා විතක්කා උපසමං ගච්ඡන්ති. යෙන ඣානෙන උපක්කිලෙසා පහීයන්ති, විතක්කා වූපසම්මන්ති. අයං පයොගොති පයොගමපෙක්ඛිත්වා පුල්ලිඞ්ගනිද්දෙසො කතො. සඤ්ඤොජනා පහීයන්තීති තංතංමග්ගවජ්ඣා සඤ්ඤොජනා සමුච්ඡෙදප්පහානෙන පහීයන්ති. අනුසයා බ්යන්තීහොන්තීති පහීනානං පුන අනුප්පත්තිධම්මකත්තා විගතො උප්පාදන්තො වා වයන්තො වා එතෙසන්ති බ්යන්තා, පුබ්බෙ අබ්යන්තා බ්යන්තා හොන්තීති බ්‍යන්තීහොන්ති, විනස්සන්තීති අත්ථො. සඤ්ඤොජනප්පහානං අනුසයප්පහානෙන හොති, න අඤ්ඤථාති දස්සනත්ථං අනුසයප්පහානමාහ. යෙන මග්ගෙන සඤ්ඤොජනා පහීයන්ති අනුසයා බ්‍යන්තීහොන්ති, අයං විසෙසොති අත්ථො. චතුත්ථචතුක්කෙ අරියමග්ගස්සාපි නිද්දිට්ඨත්තා ඉධ අරියමග්ගො වුත්තො. එකචිත්තස්ස ආරම්මණද්වයාභාවස්ස අවුත්තෙපි සිද්ධත්තා තං අවිස්සජ්ජෙත්වාව එවං ඉමෙ තයො ධම්මා එකචිත්තස්ස ආරම්මණා න හොන්තීති නිගමනං කතං.
දැන් එම විමසන ලද අර්ථය උපමාවකින්, ඔප්පු කරනුයේ, සෙය්යථාපි රුක්ඛො යනාදිය වදාළහ. එහි අර්ථය යම්සේ නම් කියතෙන් පැළීම (ඉරීම) සඳහා වෑයෙන් සැස වෘක්ෂය පළන (ඉරන) කල්හි නිශ්චලබව සඳහා සමෙ සම භූමි ප්‍රදේශයක ක්‍රියාවට සුදුසුකොට තබන ලද්දේ වේද? කකචෙන යනු අත් කියතෙන්, ආගතෙ යනු වෘක්ෂය ස්පර්ශ කොට තමාගේ සමීප කොටසට පැමිණිකල්හි, ගතෙ යනු වෘක්ෂය ස්පර්ශකොට අන් කොටසට ගිය කල්හි, වා ශබ්දය එක්කිරීම් අර්ථයි. න අවිදිතා හොන්ති යනු වෘක්ෂය කියත් දත්වලින් ස්පර්ශ කරන පුරුෂයා විසින් බලනු ලබන ස්ථානයට නොපත්ව ඒවාහි පැමිණීම්-යාම් නොවන හෙයින් සියලුම කියත් දත් දතුයේම වේ. පධානං යනු වෘක්ෂය සිඳීමේ ක්‍රියාවයි. විසෙසමධිගච්ඡති යන වචනය උපමාවෙහි නැත. උපනිබන්ධනා නිමිත්තං යනු ළංකොට බැඳීමෙන්, සිහියට නිමිති වූ, හේතු වූ, නාසිකාග්රහය හෝ මුව නිමිත්ත හෝ, එයින් අරමුණෙහි සිත ළංකොට බඳීනුයි උපනිබන්ධනා නමැ, සිහියයි. නාසිකග්ගෙවා යනු හ්‍රස්ව නාසිකයාගේ උඩුතොලෙහි, උඩුතොලෙහි සිහිය පිහිටුවා ගැනීම මුඛයෙහි සිහිය පිහිටුවා ගැනීම යැයිද, මුව නිමිත්ත යැයිද යූ.සේයි. ආගතෙ යනු ස්පර්ශ කළ ස්ථානයෙන් අභ්‍යන්තරයට පැමිණි, ගතෙ යනු ස්පර්ශ කළ ස්ථානයෙන් පිටත ගිය, න අවිදිතාහොන්ති යනු ස්පර්ශ කරන ස්ථානයට නොපැමිණ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ පැමිණීම් පිටවීම් නොමැති හෙයින් එම සියල්ල ප්‍රකටවම වේ. කම්මනියං හොති යනු යම් වීර්යයකින් කයද, සිතද, කර්මණ්ය වේද, භාවනා කර්මක්ෂම වේද, භාවනා කර්මයට යෝග්‍ය වේද? ඉදං මේ වීර්යය, පධානං ප්‍රධාන නමැයි ඵලයෙන් හේතුව යූ.සේයි. උපක්කිලෙසා පහීයන්ති යනු විෂ්කම්භන වශයෙන් නීවරණ ප්‍රහීණ වෙයි. විතක්කා වූපසම්මන්ති යනු නොයෙක් අරමුණුවල සරනා, ස්ථිරව නොපිහිටි විතර්ක සංසිඳීමට යේ. යම් ධ්‍යානයකින් උපක්ලේශ ප්‍රහීණ වෙත්ද, විතර්ක සංසිඳෙත්ද, අයං පයොගො යනු ප්‍රයෝගය අපේක්ෂාකොට පුංලිඟ නිර්දේශය කරන ලදි. සංයෝජනා පහීයන්ති යනු ඒ ඒ මාර්ගයෙන් නැසිය යුතු සංයෝජන මුළුමනින් නැසීම් ප්‍රහාණයෙන් ප්‍රහීණ වෙති. අනුසයා බ්‍යන්ති හොන්ති යනු ප්‍රහීණ වූවන්ගේ නැවත ඉපැත්ම නොවන ස්වභාව හෙයින් පහවූ උත්පාදාන්තයද, ව්යයාන්තයද ඒවාටනුයි බ්යන්තායි. පූර්වයෙහි නොනැසුණාහු නැසුණාහු වෙත්නුයි විනාශය අන්තකොට වෙත්. විනාශ වන්නාහුයයි අර්ථයි. සංයෝජන ප්රහාණය අනුසය ප්‍රහාණයෙන් වෙයි. අන් අයුරෙකින් නොවේයැයි දැක්වීම සඳහා අනුසය ප්රහාණය වදාළහ යම් මාර්ගයකින් සංයෝජන ප්‍රහීණ වේද? අනුසය විනාශ වේද? අයං විසෙසො මෙය විශේෂයයි අර්ථයි. සිව්වන චතුෂ්කයෙහි ආර්ය මාර්ගයාගේද, නිර්දේශ කරන ලද හෙයින් මෙහි ආර්ය මාර්ගය යූ.සේයි. එක් සිතකට අරමුණු ද්වයයක නොවන බව නොකියන ලදුයේද, එය එසේම සිද්ධවන හෙයින්, එය නොවිසඳන ලදුයේම, එවං ඉමෙ තයො ධම්මා එකචිත්තස්ස ආරම්මණා න හොන්ති යයි නිගමනය කරන ලදි.
ඉදානි තං භාවනාසිද්ධිසාධකං යොගාවචරං ථුනන්තො ආනාපානස්සති යස්සාති ගාථං වත්වා තස්සා නිද්දෙසමාහ. තත්ථ ආනාපානස්සතියො යථා බුද්ධෙන දෙසිතා, තථා පරිපුණ්ණා සුභාවිතා අනුපුබ්බං පරිචිතා යස්ස අත්ථි සංවිජ්ජන්ති. සො ඉමං ලොකං පභාසෙති. කිං විය? අබ්භා මුත්තොව චන්දිමා යථා අබ්භාදීහි මුත්තො චන්දිමා ඉමං ඔකාසලොකං පභාසෙති, තථා සො යොගාවචරො ඉමං ඛන්ධාදිලොකං පභාසෙතීති ගාථාය සම්බන්ධො. “අබ්භා මුත්තොව චන්දිමා”ති ච පදස්ස නිද්දෙසෙ මහිකාදීනම්පි වුත්තත්තා එත්ථ ආදිසද්දලොපො කතොති වෙදිතබ්බො. ගාථානිද්දෙසෙ නො පස්සාසො නො අස්සාසොති සො සොයෙව අත්ථො පටිසෙධෙන විසෙසෙත්වා වුත්තො. උපට්ඨානං සතීති අසම්මුස්සනතාය තමෙව අස්සාසං උපගන්ත්වා ඨානං සති නාමාති අත්ථො. තථා පස්සාසං. එත්තාවතා ආනාපානෙසු සති ආනාපානස්සතීති අත්ථො වුත්තො හොති.
දැන් භාවනා අභිවෘද්ධිය සිදුකරන්නා වූ, යෝගාවචරයාට ස්තුති කරනුයේ, ආනාපාන සතීයස්ස යන ගාථාව වදාරා, එහි නිර්දේශය වදාළහ. එහි ආනාපාන සතීහු, යථා බුද්ධෙන දෙසිතා යම්සේ බුදුරදුන් විසින් දේශිතද? එසේ, පරිපුණ්ණා සුභාවිතා අනුපුබ්බං පරිචිතා මනාව වඩනා ලද්දාහු සම්පූර්ණ වූවාහු, පිළිවෙලින් පුරුදු කරන ලද්දාහු යමෙකුට ඇත්ද, විද්‍යමාන වෙත්ද, සො ඉමං ලොකං පභාසෙති හෙතෙම මෙලොව ආලෝකමත් කරයි. කුමක් මෙන්ද? අබ්භාමුත්තොව චන්දිමා යනු යම්සේ වලාකුළුවලින් මිදුණු චන්ද්‍රයා මෙම අවකාශ ලෝකය බබළවයි. එසේම එම යෝගාවචරයා, මෙම ස්කන්ධාදි ලෝකය බබළවයි යයි ගාථාවෙහි සම්බන්ධයි. ‘අබ්භාමුත්තොව චන්දිමා’ යන පදයට නිර්දේශයෙහි මීදුම් ආදියද කියන ලද හෙයින්, මෙහි ආදි ශබ්දය ලොප් කරන ලදැයි දතයුතුය. ගාථා නිර්දේශයෙහි නො අස්සාසො නො පස්සාසො යනු එම අර්ථයම වැළැක්වීම් වශයෙන් විශේෂකොට යූ.සේයි. උපට්ඨානං සති යනු මුළා නොවීම් ස්වභාවයෙන් එම ආශ්වාසයට එළැඹැ සිටි සිහිය නමැයි අර්ථයි. පස්සාසං එසේමය. මෙතෙකින් ආනාපානයන්හි සිහිය අනාපානසති යැයි අර්ථය යූ.සේයි.
ඉදානි සතිවසෙනෙව “යස්සා”ති වුත්තං පුග්ගලං නිද්දිසිතුකාමො යො අස්සසති, තස්සුපට්ඨාති. යො පස්සසති, තස්සුපට්ඨාතීති වුත්තං. යො අස්සසති, තස්ස සති අස්සාසං උපගන්ත්වා තිට්ඨති. යො පස්සසති, තස්ස සති පස්සාසං උපගන්ත්වා තිට්ඨතීති අත්ථො. පරිපුණ්ණාති ඣානවිපස්සනාමග්ගපරම්පරාය අරහත්තමග්ගප්පත්තියා පරිපුණ්ණා. තෙයෙව හි ඣානවිපස්සනාමග්ගධම්මෙ සන්ධාය පරිග්ගහට්ඨෙනාතිආදිමාහ. තෙ හි ධම්මා ඉමිනා යොගිනා පරිග්ගය්හමානත්තා පරිග්ගහා, තෙන පරිග්ගහට්ඨෙන පරිපුණ්ණා. තත්ථ සබ්බෙසං චිත්තචෙතසිකානං අඤ්ඤමඤ්ඤපරිවාරත්තා පරිවාරට්ඨෙන පරිපුණ්ණා. භාවනාපාරිපූරිවසෙන පරිපූරට්ඨෙන පරිපුණ්ණා. චතස්සො භාවනාතිආදීනි සුභාවිතාති වුත්තපදස්ස අත්ථවසෙන වුත්තානි. චතස්සො භාවනා හෙට්ඨා වුත්තායෙව. යානීකතාති යුත්තයානසදිසා කතා. වත්ථුකතාති පතිට්ඨට්ඨෙන වත්ථුසදිසා කතා. අනුට්ඨිතාති පච්චුපට්ඨිතා. පරිචිතාති සමන්තතො චිතා උපචිතා. සුසමාරද්ධාති සුට්ඨු සමාරද්ධා සුකතා. යත්ථ යත්ථ ආකඞ්ඛතීති යෙසු යෙසු ඣානෙසු යාසු යාසු විපස්සනාසු සචෙ ඉච්ඡති. තත්ථ තත්ථාති තෙසු තෙසු ඣානෙසු තාසු තාසු විපස්සනාසු. වසිප්පත්තොති වසීභාවං බහුභාවං පත්තො. බලප්පත්තොති සමථවිපස්සනාබලප්පත්තො. වෙසාරජ්ජප්පත්තොති විසාරදභාවං පටුභාවං පත්තො. තෙ ධම්මාති සමථවිපස්සනා ධම්මා. ආවජ්ජනපටිබද්ධාති ආවජ්ජනායත්තා, ආවජ්ජිතමත්තෙයෙව තස්ස සන්තානෙන, ඤාණෙන වා සම්පයොගං ගච්ඡන්තීති අත්ථො. ආකඞ්ඛපටිබද්ධාති රුචිආයත්තා, රොචිතමත්තෙයෙව වුත්තනයෙන සම්පයොගං ගච්ඡන්තීති අත්ථො. මනසිකාරො පනෙත්ථ ආවජ්ජනාය චිත්තුප්පාදො. ආකඞ්ඛනාය වෙවචනවසෙන අත්ථවිවරණත්ථං වුත්තො. තෙන වුච්චති යානීකතාති එවං කතත්තායෙව තෙ යුත්තයානසදිසා කතා හොන්තීති වුත්තං හොති.
දැන් එහි වශයෙන්ම ‘යමෙකුට’ යැයි කියන ලද පුද්ගලයා නිර්දේශ කරනු කැමැතියේ, සො අස්සසති තස්සුපට්ඨාති යො පස්සසති තස්සුපට්ඨාතියි යූ.සේයි. යමෙක් ආශ්වාස කෙරේද, ඔහුගේ සිහිය ආශ්වාසයට එළැඹැ සිටී. යමෙක් ප්‍රශ්වාස කෙරේද, ඔහුගේ සිහිය ප්‍රශ්වාසයට එළැඹැ සිටීයයි අර්ථයි. පරිපුණ්ණා යන ධයාන විදර්ශනා මාර්ග පරම්පරාවෙන් අර්හත් මාර්ගෝත්පත්තියෙන් සම්පූර්ණ, ඒවාම ධ්‍යාන, විදර්ශනා, මාර්ග ධර්මයන් සඳහා, පරිග්රහණාර්ථයෙන් යැයි ආදිය කීහ. එම ධර්ම මෙම යෝගියා විසින් අල්ලාගනු ලබන හෙයින් පරිග්රහයි. ඒ පරිග්ගහට්ඨෙන පරිග්රාහර්ථයෙන් සම්පූර්ණ වූ, එහි සියලුම චිත්ත චෛතසිකයන්ගේ අන්‍යොන්‍ය පිරිවර හෙයින් පරිවාරට්ඨෙන පරිපුණ්ණායි. භාවනාව සම්පූර්ණත්වයට පත්වීම් වශයෙන් පරිපූරට්ඨෙන පරිපුණ්ණායි චතස්සො භාවනා යනාදීන්හි මනාකොට වඩනා ලදැයි කියන ලද පදයට අර්ථ වශයෙන් යූ.සේයි. සිව් භාවනා යට කියන ලද්දේමය. යානි කතා යනු අසුන් බඳින ලද යානයක් ලෙසින් කරන ලද. වත්ථුකතා අනුට්ඨිතා යනු එළැඹැ සිටි. පරිචිතා යනු හාත්පසින් පුරුදු කළ, මනාව රැස්කළ, සුසමාරද්ධා යනු මනාව අරඹන ලද, මනාව කරන ලද, යත්ථ යත්ථ ආකංඛති යනු. යම් යම් ධ්‍යානයන්හි යම් යම් විදර්ශනාවන්හි ඉදින් කැමැති වේද, තත්ථ තත්ථ යනු ඒ ඒ ධ්‍යානයන්හි, ඒ ඒ විදර්ශනාවන්හි, වසිප්පත්තො යනු වසීභාවයට බහුල භාවයට පැමිණියේ, බලප්පත්තො යනු සමථ විදර්ශනා බලයට පත්වූයේ, වෙසාරජ්ජප්පත්තො යනු විශාරද භාවයට ප්‍රකට භාවයට පත්වූයේ, තෙ ධම්මා යනු සමථ විදර්ශනා ධර්ම, ආවජ්ජන පටිබද්ධා යනු ආවර්ජනයන්ට අයත්, ආවර්ජනා කළ සැණෙකින්ම ඔහුගේ සන්තානය ඤාණය සමග එක්වීමට යේ යන අර්ථයි. ආකංඛන පටිබද්ධා යනු කැමැත්තට අයත්, කැමැති වූ සැණින්ම කියන ලද ආකාරයෙන් එක්වීමට යේ යන අර්ථයි. මෙහි මනසිකාරය වනාහි ආවර්ජන සිතෙහි හටගැන්මයි. කැමැත්තෙහි පර්යාය වචන වශයෙන් අර්ථ විවරණ සඳහා යූ.සේයි. තෙන වුච්චති යානිකතානි යනු මෙසේ කළ හෙයින්ම ඒවා අසුන් යෙදූ යානයක් හා සමාන කරන ලදුයේ වෙත්යයි යූ.සේයි.
යස්මිං යස්මිං වත්ථුස්මින්ති සොළසසු වත්ථූසු එකෙකස්මිං. ස්වාධිට්ඨිතන්ති සුප්පතිට්ඨිතං. සූපට්ඨිතාති සුට්ඨු උපට්ඨිතා. සම්පයුත්තචිත්තසතීනං සහෙව සකසකකිච්චකරණතො අනුලොමපටිලොමවසෙන යොජෙත්වා තෙ ද්වෙ ධම්මා දස්සිතා. තෙන වුච්චති වත්ථුකතාති එවං භූතත්තායෙව කතපතිට්ඨා හොන්තීති වුත්තං හොති. යෙන යෙන චිත්තං අභිනීහරතීති පුබ්බප්පවත්තිතො අපනෙත්වා යත්ථ යත්ථ භාවනාවිසෙසෙ චිත්තං උපනෙති. තෙන තෙන සති අනුපරිවත්තතීති තස්මිං තස්මිංයෙව භාවනාවිසෙසෙ සති අනුකූලා හුත්වා පුබ්බප්පවත්තිතො නිවත්තිත්වා පවත්තති. “යෙන, තෙනා”ති චෙත්ථ “යෙන භගවා තෙනුපසඞ්කමී”තිආදීසු (ඛු· පා· 5.1; සු· නි· මඞ්ගලසුත්ත) විය භුම්මත්ථො වෙදිතබ්බො. තෙන වුච්චති අනුට්ඨිතාති එවං කරණතොයෙව තං තං භාවනං අනුගන්ත්වා ඨිතා හොන්තීති වුත්තං හොති. ආනාපානස්සතියා සතිපධානත්තා වත්ථුකතානුට්ඨිතපදෙසු සතියා සහ යොජනා කතාති වෙදිතබ්බා.
යස්මිං යස්මිං වත්ථුස්මිං යනු සොළොස් වස්තූන් අතරෙහි එකිනෙකෙහි, ස්වාධිට්ඨිතං යනු මනාව පිහිටියේ, සුපට්ඨිතා යනු මනාව එළැඹියේ, සිහිය හා සිත සම්ප්රයුක්තව එකට තම තමාගේ කෘත්‍යයන් කරන හෙයින් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් යොදා එම ද්වි ධර්මයෝ දක්වන ලදහ. තෙන වුච්චති වත්ථුකතා මෙසේ වූ හෙයින්ම කරන ලද පිහිට වේයයි යූ.සේයි. යෙන යෙන චිත්තං අභිනීහරති යනු පෙර පැවැත්මෙන් ඉවත්කොට යම් යම් භාවනා විශේෂයන්හි සිත එළවයි. තෙන තෙන සති අනුපරිවත්තති යනු ඒ ඒ භාවනා විසේසයන්හි සිහිය අනුකූල වී පෙර පැවැත්මෙන් නැවැතී පැවැතේ. යෙන තෙන යන මෙහි ‘යෙන භගවා තෙනුපසංකමි’ ආදීන් මෙන් සත්තමී අර්ථය දතයුතුය. තෙන වුච්චති අනුට්ඨිතා යනු මෙසේ කිරීමෙන්ම ඒ ඒ භාවනාව අනුව ගොස් සිටියාහු වෙත්යයි යූ.සේයි. ආනාපාන සතියෙහි සිහිය ප්‍රධාන හෙයින් වත්ථුකතා, අනුට්ඨිත පදයන්හි, සිහිය සමග යෙදීම් කරන ලදැයි දතයුත්තාහ.
යස්මා පන පරිපුණ්ණායෙව පරිචිතා හොන්ති වඩ්ඪිතා ලද්ධාසෙවනා, තස්මා “පරිපුණ්ණා”තිපදෙ වුත්තා තයො අත්ථා “පරිචිතා”තිපදෙපි වුත්තා, චතුත්ථො විසෙසත්ථොපි වුත්තො. තත්ථ සතියා පරිග්ගණ්හන්තොති සම්පයුත්තාය, පුබ්බභාගාය වා සතියා පරිග්ගහෙතබ්බෙ පරිග්ගණ්හන්තො යොගී. ජිනාති පාපකෙ අකුසලෙ ධම්මෙති සමුච්ඡෙදවසෙන ලාමකෙ කිලෙසෙ ජිනාති අභිභවති. අයඤ්ච පුග්ගලාධිට්ඨානා ධම්මදෙසනා. ධම්මෙසු හි ජිනන්තෙසු තංධම්මසමඞ්ගීපුග්ගලොපි ජිනාති නාම. තෙ ච ධම්මා සතිං අවිහාය අත්තනො පවත්තික්ඛණෙ ජිනිතුමාරද්ධා ජිතාති වුච්චන්ති යථා “භුඤ්ජිතුමාරද්ධො භුත්තො”ති වුච්චති. ලක්ඛණං පනෙත්ථ සද්දසත්ථතො වෙදිතබ්බං. එවං සන්තෙපි “පරිජිතා”ති වත්තබ්බෙ ජ-කාරස්ස ච-කාරං කත්වා “පරිචිතා”ති වුත්තං, යථා සම්මා ගදො අස්සාති සුගතොති අත්ථවිකප්පෙ ද-කාරස්ස ත-කාරො නිරුත්තිලක්ඛණෙන කතො, එවමිධාපි වෙදිතබ්බො. ඉමස්මිං අත්ථවිකප්පෙ පරිචිතාති පදං කත්තුසාධනං, පුරිමානි තීණි කම්මසාධනානි.
යම්හෙයකින් සම්පූර්ණ වූයේම මනාව වඩනා ලද්දාහු වෙත්ද, වඩනා ලද්දාහු ලද ආසේවන නම් වෙති. එහෙයින් ‘පරිපුණ්ණායි’ පදයෙහි කියන ලද අර්ථත්රය පරිචිතා යන පදයෙහිද යූ.සේයි. සිව්වන විශේෂාර්ථයද යූ.සේයි. එහි, සතියා පරිග්ගණහන්තො යනු, සම්ප්‍රයුක්ත, පූර්වභාග ස්මෘතියෙන් පරිග්‍රහණය කළයුතු දෑ පරිග්‍රහණය කරන යෝගී තෙමේ, ජිනාති පාපකෙ අකුසලෙ ධම්මෙ යනු මුළුමනින් නැසීම් වශයෙන් ලාමක අකුසල ධර්මයන් දිනයි. මැඩපවත්වයි. මෙයද පුද්ගලාධිෂ්ඨාන ධර්මදේශනායි. ධර්මයන් දිනන කල්හි ඒ හා යුක්ත පුද්ගලයාද දිනයි නමැ. එම ධර්ම ස්මෘතිය නොහැර, තමාගේ ප්රවෘත්ති ක්ෂණයෙහි දිනන්ට අරඹන ලද්දාහුයයි කියති. යම්සේ නම් අනුභව කරන්ට අරඹන ලදුයේ, අනුභව කළේයයි කියයිද, එසේය. මෙහි ලක්ෂණය ශබ්ද ශාස්ත්‍රයෙන් දතයුතුය. මෙසේ ඇති කල්හිද ‘පරිජිතායි’ කිවයුතු කල්හි ‘ජ’ කාරයට ‘ච’ කාරය කොට පරිචිතායි යූ.සේයි. යම්සේ යහපත් කථාව වන්නේනුයි සුගතොයි. අර්ථ විකල්පයෙහි ‘ද’ කාරයට ‘ත’ කාරය නිරුක්ති ලක්ෂණයෙන් කරන ලදි. මෙහිද මෙසේ දතයුතුය. මෙම අර්ථ විකල්පයෙහි පරිචිතා යන පදය කර්තෘකාරකය. ප්‍රථම ත්‍රයය කර්මකාරකය.
චත්තාරො සුසමාරද්ධාති චත්තාරො සුසමාරද්ධත්ථාති වුත්තං හොති, අත්ථසද්දස්ස ලොපො දට්ඨබ්බො. සුසමාරද්ධාති පදස්ස අත්ථාපි හි ඉධ සුසමාරද්ධාති වුත්තාති වෙදිතබ්බා, සුසමාරද්ධධම්මා වා. චතුරත්ථභෙදතො චත්තාරොති වුත්තාති වෙදිතබ්බා, න ධම්මභෙදතො. යස්මා පන සුභාවිතායෙව සුසමාරද්ධා හොන්ති, න අඤ්ඤෙ, තස්මා තයො භාවනත්ථා ඉධාපි වුත්තා. ආසෙවනත්ථොපි තීසු වුත්තෙසු වුත්තොයෙව හොති, තස්මා තං අවත්වා තප්පච්චනීකානං සුසමූහතත්ථො වුත්තො. පච්චනීකසමුග්ඝාතෙන හි ආරද්ධපරියොසානං පඤ්ඤායති, තෙන සුසමාරද්ධස්ස සිඛාප්පත්තො අත්ථො වුත්තො හොති. තත්ථ තප්පච්චනීකානන්ති තෙසං ඣානවිපස්සනාමග්ගානං පටිපක්ඛභූතානං. කිලෙසානන්ති කාමච්ඡන්දාදීනං නිච්චසඤ්ඤාදිසම්පයුත්තානං සක්කායදිට්ඨාදීනඤ්ච. සුසමූහතත්තාති වික්ඛම්භනතදඞ්ගසමුච්ඡෙදවසෙන සුට්ඨු සමූහතත්තා නාසිතත්තා. පොත්ථකෙසු පන “සුසමුග්ඝාතත්තා”ති ලිඛන්ති, තං න සුන්දරං.
චත්තාරො සුසමාරද්ධා යනු සුසමාරබ්ධයෝ (මොනොවට කරන ලද්දාහු) සතර දෙනෙකියි යූ.සේයි. අත්ථ ශබ්දයාගේ ලෝපය දතයුතුය. සුසමාරද්ධා යන පදයෙහි අර්ථයද මෙහි මොනොවට කරන ලද්දාහුයයි දතයුතුය. මනා සම තත්ත්වයෙන් අරඹන ලද ධර්ම හෝ, අර්ථ සතරෙකැ භේදයෙන්ද, ධර්ම භේදයෙන්ද සතරකැයි යූ.සේයි. යම්හෙයකින් වනාහි මනාව වඩනා ලද්දේම මනාව අරඹන ලද්දාහු වෙත්ද, අනෙක්වා නොවෙත්ද, එහෙයින් භාවනාර්ථත්රයය මෙහිද යූ.සේයි. ආසේවනාර්ථයද ත්රයයක්හුගේ කීකල්හි යූ.සේයි. එහෙයින් එය ප්‍රකාශ නොකොට, ඊට විරුද්ධ වූවන්ගේ නැසීම් අර්ථය යූ.සේයි. විරුද්ධ ධර්මයන් නැසීමෙන් ආරම්භය හා කෙළවර පෙනේ. එහෙයින් මොනොවට අරඹන ලද්දහුගේ අභිමතාර්ථයන් මුදුන් පත්වූයේ යයි අර්ථය යූ.සේයි. එහි තප්පච්චනිකානං යනු ඒ ධ්‍යාන, විදර්ශනා මාර්ගයන්ට ප්රතිපක්ෂ වූ, කිලෙසානං යනු කාමච්ඡන්දාදීන්ද, නිත්‍ය සංඥාදීන් හා සම්ප්‍රයුක්ත සක්කාය දෘෂ්ටි ආදීන්ද, සුසමූහතත්තා යනු විෂ්කම්භන තදංග, සමුච්ඡේද වශයෙන් මනාව නසන ලද හෙයින්ද, නසන ලද හෙයින්ද, සමහර පොත්වල සුසමුග්ඝාතත්තායිද ලියති. එය නොමැනවි.
පුන තස්සෙව පදස්ස අඤ්ඤම්පි අත්ථවිකප්පං දස්සෙන්තො සුසමන්තිආදිමාහ. තත්ථ තත්ථ ජාතාති තස්මිං සිඛාප්පත්තභාවනාවිසෙසෙ ජාතා. අනවජ්ජාති කිලෙසානං ආරම්මණභාවානුපගමනෙන කිලෙසදොසවිරහිතා. කුසලාති ජාතිවසෙන කුසලා. බොධිපක්ඛියාති බුජ්ඣනට්ඨෙන බොධීති ලද්ධනාමස්ස අරියස්ස පක්ඛෙ භවත්තා බොධිපක්ඛියා. පක්ඛෙ භවත්තාති හි උපකාරභාවෙ ඨිතත්තා. තෙ ච “චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣඞ්ගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො”ති (ම· නි· 3.35; චූළනි· මෙත්තගූමාණවපුච්ඡානිද්දෙස 22; මි· ප· 5.4.1) සත්තතිංස ධම්මා. ඉදං සමන්ති ඉදං මග්ගක්ඛණෙ ධම්මජාතං සමුච්ඡෙදවසෙන කිලෙසෙ සමෙති විනාසෙතීති සමං නාම. නිරොධො නිබ්බානන්ති දුක්ඛනිරොධත්තා නිරොධො, වානසඞ්ඛාතාය තණ්හාය අභාවා නිබ්බානං. ඉදං සුසමන්ති ඉදං නිබ්බානං සබ්බසඞ්ඛතවිසමාපගතත්තා සුට්ඨු සමන්ති සුසමං නාම. ඤාතන්ති බොධිපක්ඛියසඞ්ඛාතං සමං අසම්මොහතො ඤාණෙන ඤාතං, නිබ්බානසඞ්ඛාතං සුසමං ආරම්මණතො ඤාණෙන ඤාතං. තදෙව ද්වයං තෙනෙව චක්ඛුනා විය දිට්ඨං. විදිතන්ති තදෙව ද්වයං සන්තානෙ උප්පාදනෙන ආරම්මණකරණෙන ච පටිලද්ධං. ඤාතං විය පඤ්ඤාය සච්ඡිකතං ඵස්සිතඤ්ච. “අසල්ලීනං අසම්මුට්ඨා අසාරද්ධො එකග්ග”න්ති පුරිමස්ස පුරිමස්ස පදස්ස අත්ථප්පකාසනං. තත්ථ ආරද්ධන්ති පට්ඨපිතං. අසල්ලීනන්ති අසඞ්කුචිතං. උපට්ඨිතාති උපගන්ත්වා ඨිතා. අසම්මුට්ඨාති අවිනට්ඨා. පස්සද්ධොති නිබ්බුතො. අසාරද්ධොති නිද්දරථො. සමාහිතන්ති සමං ඨපිතං. එකග්ගන්ති අවික්ඛිත්තං.
නැවත එම පදයෙහිම අනෙක් අර්ථ විකල්පයක් දක්වනුයේ, සුසමං ආදිය වදාළහ. එහි, තත්ථ ජාතා යනු එම මස්තකප්රාප්ත භාවනා විශේෂයෙහි හටගත්තාහු, අනවජ්ජා යනු කෙලෙසුන් අරමුණු භාවයට නොඑළඹීමෙන් කෙලෙස් දොස් විරහිත, කුසලා යනු ඉපදීම් වශයෙන් කුසල් වූ. බොධිපක්ඛියා යනු අවබෝධ කිරීම් අර්ථයෙන් බෝධියයි ලද නම් ඇති, ආර්ය පක්ෂයෙහි වූ හෙයින් බෝධි පාක්ෂික, පක්ෂයෙහි වූ හෙයින් යනු උපකාරක භාවයෙහි සිටි හෙයිනි. ඒවා වනාහි, සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර සෘද්ධිපාද, පඤ්චෙන්ද්රිය, පඤ්චබල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ග යනාදී සත්තිස් ධර්ම. ඉදං සමං යනු මාර්ගක්ෂණයෙහි උපන් යම් බෝධිපාක්ෂික ධර්ම කෙනෙක් වෙත්ද, මුළුමනින් නැසීම් වශයෙන් කෙලෙස් සමනය කරයි. විනාශ කෙරෙයිනුයි සම නමැ. නිරොධො නිබ්බාණං යනු දුක් නිරුද්ධ කළ හෙයින් නිරෝධයි. වාන සංඛ්‍යාත තෘෂ්ණාවගේ අභාව හෙයින් නිර්වාණයි. ඉදං සුසමං යනු මෙම නිර්වාණය සියලු ප්‍රත්‍යයෙන් හටගත් විසමයන්ගෙන් පහවූ හෙයින් මනාව සම වූ හෙයින් සුසම නමැ. ඤාතං යනු බෝධිපාක්ෂික සංඛ්‍යාත සමය නුමුළාවීම් වශයෙන් නුවණින් දන්නා ලදුයේ, නිර්වාණ සංඛ්‍යාත සුසමය අරමුණු වශයෙන් නුවණින් දන්නා ලදුයේ, එම ද්වයයම එලෙසින්ම නැණැසින්ද දිටියේ, දිට්ඨං යි. විදිතං යනු එම ද්වයයම සන්තානයෙහි උත්පාදනයෙන්ද, අරමුණු කිරීමෙන්ද ලබන ලදුයේ, දැනගත්තාක් මෙන් ප්‍රඥාවෙන් සාක්ෂාත් කරන ලදුයේ ස්පර්ශ කරන ලදුයේ, සච්ඡිකතං ඵස්සිතඤ්ච අසල්ලීනං අසම්මුට්ඨා, අසාරද්ධො, එකග්ගං යනු පළමු පළමු පදයෙහි අර්ථ ප්රකාශනයයි. එහි ආරද්ධං යනු පිහිටුවන ලදි. අසල්ලීනං යනු නොහැකිළුණේ, උපට්ඨිතා යනු එළැඹැ සිටියාහු, අසම්මුට්ඨා යනු නොනැසුණාහු, පස්සද්ධො යනු නිවුණේ, අසාරද්ධො යනු දාහ රහිත වූයේ, සමාහිතං යනු සමව තබන ලදුයේ, එකග්ගං යනු නොවිසුරුණු.
“චත්තාරො සුසමාරද්ධා”තිආදි සකලස්ස සුසමාරද්ධවචනස්ස මූලත්ථො. “අත්ථි සම”න්තිආදි පන සුසමවචනස්ස, “ඤාත”න්තිආදි ආරද්ධවචනස්ස විකප්පත්ථා. තත්ථායං පදත්ථසංසන්දනා – “සමා ච සුසමා ච සමසුසමා”ති වත්තබ්බෙ එකදෙසසරූපෙකසෙසං කත්වා “සුසමා” ඉච්චෙව වුත්තා යථා නාමඤ්ච රූපඤ්ච නාමරූපඤ්ච නාමරූපන්ති. “ඉදං සමං, ඉදං සුසම”න්ති පන අනඤ්ඤාපෙක්ඛං කත්වා නපුංසකවචනං කතං. යස්මා පන ඤාතම්පි දිට්ඨන්ති වුච්චති, දිට්ඨඤ්ච ආරද්ධඤ්ච අත්ථතො එකං. විදිතසච්ඡිකතඵස්සිතානි පන ඤාතවෙවචනානි, තස්මා ඤාතන්ති ආරද්ධත්ථොයෙව වුත්තො හොති.
චත්තාරො සුසමාරද්ධා යන ආදිය සියලු සුසමාරද්ධ වචනයන්ගේ මූලාර්ථයයි. අත්ථි සමං යන ආදිය සුසම වචනයාගේ වශයෙනි. ඤාතං ආදිය ආරද්ධ වචනයෙහි විකල්පතාව බැවිනි. එහි මේ පදාර්ථ සංසන්දනයයි සමද සුසමද ධර්ම සමසුසමායි කිවයුතු කල්හි, එක් කොටසක්, එක් ස්වරූපයෙන් හ්‍රස්වකොට සුසමා යනුවෙන්ම යූ.සේයි. යම්සේ වනාහි නාමඤ්ච රූපඤ්ච නාමරූපං ලෙසිනි. මෙය සමය, මෙය සුසමයැයි අනෙකක් අපේක්ෂා නොකොට නපුංසක වචනය කරන ලදි. යම්හෙයකින් වනාහි දත් දෑද, සිදුවූයේ යයි කියයිද, සිදුවූ දේද අරඹන ලද්දේද අර්ථ වශයෙන් එකය. දැනගත්, සාක්ෂත් කළ, ස්පර්ශ කරන ලද්දාහු දත් යන වචනයට පර්යායයෝය. එහෙයින් දත් යනු අරඹන ලද අර්ථයම යූ.සේයි.
ආරද්ධං හොති වීරියං අසල්ලීනන්ති අයං පන ආරද්ධවචනස්ස උජුකත්ථොයෙව. උපට්ඨිතා සතීතිආදීනි පන සම්පයුත්තවීරියස්ස උපකාරකධම්මදස්සනත්ථං වුත්තානි, න ආරද්ධවචනස්ස අත්ථදස්සනත්ථං. පුරිමෙන අත්ථෙන සුට්ඨු සමාරද්ධාති සුසමාරද්ධා ච, ඉමිනා අත්ථෙන සුසමා ආරද්ධාති සුසමාරද්ධා ච එකසෙසෙ කතෙ “සුසමාරද්ධා”ති වුච්චන්ති. ඉමමත්ථං පරිග්ගහෙත්වා “තෙන වුච්චති සුසමාරද්ධා”ති වුත්තං.
ආරද්ධං හොති විරියං අසල්ලීනං යන මෙය වනාහි ආරද්ධ වචනයෙහි සෘජු අර්ථයමය. උපට්ඨිතා සති යනාදිය වනාහි සම්ප්‍රයුක්ත වීර්යයෙහි උපකාර ස්වභාවය දැක්වීම සඳහා යූ.සේයි. ආරද්ධ වචනයෙහි අර්ථ දැක්වීම සඳහා නොවේ. ප්‍රථම අර්ථයෙන් ‘සුට්ඨු සමාරද්ධා’ මනාව අරඹන ලද්දාහු, මෙම අර්ථයෙන් මනා සම තත්ත්වයෙන් අරඹන ලද්දේනුයි මනාකොට අරඹන ලද්දේනුයි එක් අක්ෂරයක් ශේෂ කළ කල්හි සුසමාරද්ධායි කියති. (සුසමා ආරද්ධා සුසමාරද්ධා) මෙම අර්ථය පරිග්‍රහණය කොට, එහෙයින් සුසමාරද්ධ යයි කියනු ලැබේ යයි යූ.සේයි.
අනුපුබ්බන්ති යථානුක්කමෙනාති අත්ථො, පුබ්බං පුබ්බං අනූති වුත්තං හොති. දීඝං අස්සාසවසෙනාති දීඝන්ති වුත්තඅස්සාසවසෙන. පුරිමා පුරිමාති පුරිමා පුරිමා සති. එතෙන පුබ්බන්තිපදස්ස අත්ථො වුත්තො හොති. පච්ඡිමා පච්ඡිමාති සතියෙව. එතෙන අනූතිපදස්ස අත්ථො වුත්තො හොති. උභයෙන පුබ්බඤ්ච අනු ච පරිචිතාති අත්ථො වුත්තො හොති. උපරි සොළස වත්ථූනි විත්ථාරෙත්වා වචනතො ඉධ සඞ්ඛිපිත්වා “පටිනිස්සග්ගානුපස්සී”ති අන්තිමමෙව දස්සිතං. යස්මා සිඛාප්පත්තභාවනස්ස සබ්බාපි ආනාපානස්සතියො පුනප්පුනං යථාරුචි පවත්තනතො අනුපරිචිතාපි හොන්ති. තෙන වුත්තං – “අඤ්ඤමඤ්ඤං පරිචිතා චෙව හොන්ති අනුපරිචිතා චා”ති.
අනුපුබ්බෙන යනු (ක්‍රමය පරිදි) අනුපිළිවෙලින් යන අර්ථයි. පූර්ව පූර්වයට අනුවයැයි යූ.සේයි. දීඝං අස්සාසවසෙන යනු දීර්ඝයයි කියන ලද ආශ්වාස වශයෙන්, පුරිමා පුරිමා යනු පළමු පළමු සිහිය, එයින් පුබ්බං යන පදයට අර්ථ යූ.සේයි. පච්ඡිමා, පච්ඡිමා යනු සිහියමය. එයින් අනු යන පදයට අර්ථ යූ.සේයි. පුරිමා, පුරිමා, පච්ඡිමා පච්ඡිමා යන ද්වයයෙන් පළමු පළමු සිහියෙන් ප්රගුණතාවද පසුව පසුව පුන පුනා සිහියෙහි ප්රගුණතාවයිද අර්ථය යූ.සේයි. මතුයෙහි සොළොස් වස්තූන් විස්තරකොට කියන හෙයින් සංක්ෂෙප කොට පටිනිස්සග්ගානුපස්සී යයි අවසානයම දක්වන ලදි. භාවනාවෙහි මස්තකප්රාප්තියෙන් සියලුම ආනාපානසතීහු නැවත නැවත කැමති පරිද්දෙන් පවත්වන හෙයින් ප්‍රගුණ කරන ලද්දාහු වෙති. එහෙයින් ඔවුනොවුන් පුරුදු කරන ලද්දාහු මෙන්ම, පුන පුනා පුරුදු කරන ලද්දාහු වෙත්යයි යූ.සේයි.
යථත්ථාති යථාසභාවත්ථා. අත්තදමථත්ථොති අරහත්තමග්ගක්ඛණෙ අත්තනො නිබ්බිසෙවනත්ථො. සමථත්ථොති සීතිභාවත්ථො. පරිනිබ්බාපනත්ථොති කිලෙසපරිනිබ්බානෙන. අභිඤ්ඤත්ථොති සබ්බධම්මවසෙන. පරිඤ්ඤත්ථාදයො මග්ගඤාණකිච්චවසෙන. සච්චාභිසමයත්ථො චතුන්නං සච්චානං එකපටිවෙධදස්සනවසෙන. නිරොධෙ පතිට්ඨාපකත්ථො ආරම්මණකරණවසෙන.
යථත්ථා යනු යථා ස්වභාවාර්ථයෙන්, අත්තදමථත්ථො යනු අර්හත් මාර්ගක්ෂණයෙහි තමාගේ ආත්මාර්ථකාමිත්වයෙන් තොරවූයේ, සමථත්ථො යනු සිසිල් භාවාර්ථය, පරිනිබ්බානත්ථො යනු කෙලෙස් පිරිනිවීමෙන් අභිඤ්ඤත්ථො යනු සියලු ධර්මයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කිරීම් වශයෙන්, පරිඤ්ඤත්ථො යනු මාර්ග ඤාණ කෘත්‍ය වශයෙන්, සච්චාභිසමයත්ථො යනු සිව්සස් එක්වර ප්‍රතිවේධ දර්ශන වශයෙන්, නිරොධ පතිට්ඨා පකට්ඨො යනු අරමුණු කිරීම් වශයෙන්,
බුද්ධොතිපදස්ස අභාවෙපි බුද්ධෙනාතිපදෙ යො සො බුද්ධො, තං නිද්දිසිතුකාමෙන බුද්ධොති වුත්තං. සයම්භූති උපදෙසං විනා සයමෙව භූතො. අනාචරියකොති සයම්භූපදස්ස අත්ථවිවරණං. යො හි ආචරියං විනා සච්චානි පටිවිජ්ඣති, සො සයම්භූ නාම හොති. පුබ්බෙ අනනුස්සුතෙසූතිආදි අනාචරියකභාවස්ස අත්ථප්පකාසනං. අනනුස්සුතෙසූති ආචරියං අනනුස්සුතෙසු. සාමන්ති සයමෙව. අභිසම්බුජ්ඣීති භුසං සම්මා පටිවිජ්ඣි. තත්ථ ච සබ්බඤ්ඤුතං පාපුණීති තෙසු ච සච්චෙසු සබ්බඤ්ඤුභාවං පාපුණි. යථා සච්චානි පටිවිජ්ඣන්තා සබ්බඤ්ඤුනො හොන්ති, තථා සච්චානං පටිවිද්ධත්තා එවං වුත්තං. සබ්බඤ්ඤුතං පත්තොතිපි පාඨො. බලෙසු ච වසීභාවන්ති දසසු ච තථාගතබලෙසු ඉස්සරභාවං පාපුණි. යො සො එවං භූතො, සො බුද්ධොති වුත්තං හොති. තත්ථ සබ්බෙසු ධම්මෙසු අප්පටිහතඤාණනිමිත්තානුත්තරවිමොක්ඛාධිගමපරිභාවිතං ඛන්ධසන්තානං උපාදාය පණ්ණත්තිකො, සබ්බඤ්ඤුතපදට්ඨානං වා සච්චාභිසම්බොධිමුපාදාය පණ්ණත්තිකො සත්තවිසෙසො බුද්ධො. එත්තාවතා අත්ථතො බුද්ධවිභාවනා කතා හොති.
බුද්ධො යන පදයෙහි, අභාවයෙහිද, ‘බුද්ධෙන’ යන පදයෙන් යම් බුදුවරයෙක් වේද, ඔහු නිර්දේශ කරනු කැමැතියේ බුද්ධො යයි යූ.සේයි. සයම්භු යනු උපදේශයන්ගෙන් තොරව තෙමේම අවබෝධ කළේ. අනාචරියකො යනු සයම්භු පදයෙහි අර්ථ විවරණයයි. යමෙක් වනාහි ගුරුවරයෙකු නොමැතිව සත්‍යයන් අවබෝධ කෙරේද, හෙතෙම සයම්භු නමැ. පුබ්බෙ අනනුස්සුතෙසු යන ආදිය ගුරුවරයෙකු නොමැති භාවයෙහි අර්ථ ප්රකාශනයයි. අනනුස්සුතෙසු යනු ගුරුවරයෙකුගෙන් ශ්‍රවණය නොකළ - සාමං යනු තෙමේම, අභි සම්බුජ්ඣි යනු වහා මනාව ප්‍රතිවේධ කළේය. තත්ථෙව සබ්බඤ්ඤුතං පාපුණි යනු එම සත්යයන්හිදු සර්වඥත්වයට පැමිණියේය. යම්සේ වනාහි සත්‍යයන් ප්‍රතිවේධ කරන්නාහු සර්වඥවරු වෙත්ද? එසේ සත්‍යයන් ප්‍රතිවේධ කළ හෙයින් මෙසේ යූ.සේයි. සර්වඥතාවයට පැමිණියේ යයිද පාඨයි. බලෙසුච වසීභාවං යනු දස තථාගත බලයන්හි ඓශ්වර්යය භාවයට පැමිණියේය. යමෙක් මෙම දස තථාගත බලයන්ගෙන් යුක්තද හෙතෙම බුද්ධයයි යූ.සේයි. එහි සියලු ධර්මයන්හි නොගැටුණු ඤාණ නිමිත්තෙන්, අනුත්තර විමෝක්ෂය අවබෝධ කරගැනීම පිණිස වඩනා ලද ස්කන්ධ සන්තානය නිමිතිකොට නියම කරන ලද, සර්වඥතායට ආසන්න කාරණය වූ සත්‍යයන් අවබෝධය සඳහා නියම කරන ලද සත්ත්ව විශේෂය බුද්ධයයි. මෙතෙකින් අර්ථ වශයෙන් බුද්ධ යන්නෙහි අර්ථය පැහැදිලි කිරීම කරන ලද්දේ වේ.
ඉදානි බ්යඤ්ජනතො විභාවෙන්තො බුද්ධොති කෙනට්ඨෙන බුද්ධොතිආදිමාහ. තත්ථ යථා ලොකෙ අවගන්තා අවගතොති වුච්චති, එවං බුජ්ඣිතා සච්චානීති බුද්ධො. යථා පණ්ණසොසා වාතා පණ්ණසුසාති වුච්චන්ති, එවං බොධෙතා පජායාති බුද්ධො. සබ්බඤ්ඤුතාය බුද්ධොති සබ්බධම්මබුජ්ඣනසමත්ථාය බුද්ධියා බුද්ධොති වුත්තං හොති. සබ්බදස්සාවිතාය බුද්ධොති සබ්බධම්මානං ඤාණචක්ඛුනා දිට්ඨත්තා බුද්ධොති වුත්තං හොති. අනඤ්ඤනෙය්යතාය බුද්ධොති අඤ්ඤෙන අබොධනීයතො සයමෙව බුද්ධත්තා බුද්ධොති වුත්තං හොති. විසවිතාය බුද්ධොති නානාගුණවිසවනතො පදුමමිව විකසනට්ඨෙන බුද්ධොති වුත්තං හොති. ඛීණාසවසඞ්ඛාතෙන බුද්ධොතිආදීහි ඡහි පරියායෙහි චිත්තසඞ්කොචකරධම්මප්පහානෙන නිද්දක්ඛයවිබුද්ධො පුරිසො විය සබ්බකිලෙසනිද්දක්ඛයවිබුද්ධත්තා බුද්ධොති වුත්තං හොති. සඞ්ඛා සඞ්ඛාතන්ති අත්ථතො එකත්තා සඞ්ඛාතෙනාති වචනස්ස කොට්ඨාසෙනාති අත්ථො. තණ්හාලෙපදිට්ඨිලෙපාභාවෙන නිරුපලෙපසඞ්ඛාතෙන. සවාසනානං සබ්බකිලෙසානං පහීනත්තා එකන්තවචනෙන විසෙසෙත්වා එකන්තවීතරාගොතිආදි වුත්තං. එකන්තනික්කිලෙසොති රාගදොසමොහාවසෙසෙහි සබ්බකිලෙසෙහි නික්කිලෙසො. එකායනමග්ගං ගතොති බුද්ධොති ගමනත්ථානං ධාතූනං බුජ්ඣනත්ථත්තා බුජ්ඣනත්ථාපි ධාතුයො ගමනත්ථා හොන්ති, තස්මා එකායනමග්ගං ගතත්තා බුද්ධොති වුත්තං හොති. එකායනමග්ගොති චෙත්ථ –
දැන් අක්ෂර වශයෙන් පැහැදිලි කරනුයේ, බුද්ධොති කෙනට්ඨෙන බුද්ධො යනාදිය වදාළහ. එහි යම්සේ ලෝකයෙහි අවබෝධ කරන්නවුන්, අවබෝධ කළ තැනැත්තේ යයි යූ.සේයි. මෙසේ බුජ්ඣිතා සච්චතීති = බුද්ධො සත්‍යයන් අවබෝධ කළේනුයි බුද්ධයි. යම්සේ කොළ වියලවන වාතය කොළ වියලවනයැයි කියත්ද? එසේම බොධෙතාපජායාති බුද්ධො, සබ්බඤ්ඤුතාය බුද්ධෙ යන සියලු ධර්ම අවබෝධයට හැකි බුද්ධියෙන් යුක්ත හෙයින් බුද්ධයයි යූ.සේයි. සබ්බ දස්සාවිතාය බුද්ධෙ යනු සියලු ධර්මයන් නැණැසින් දිටි හෙයින් බුද්ධයයි යූ.සේයි. අනඤ්ඤ නෙය්යතාය බුද්ධො යනු අන්‍යයන් ලවා විසින් අවබෝධ කරවන හෙයින්ද, තෙමේම අවබෝධ කළ හෙයින් බුද්ධයැයි යූ.සේයි. විසවිතාය බුද්ධො යනු නොයෙක් ගුණ පුබුදු කරවන හෙයින් නෙළුම්මලක් මෙන් පුබුදු කරවන අර්ථයෙන්, ඛීණාසව සංඛාතෙන බුද්ධො යන ෂට් ක්රමයන්ගෙන් සිත හකුළුවන ස්වභාවයන් ප්‍රහාණයෙන් නිද්‍රාව ක්ෂය කිරීමෙන් ප්රබුද්ධ පුරුෂයෙකු මෙන් සියලු කෙලෙස් නිද්‍රා ක්ෂය කිරීමෙන් බුද්ධයයි යූ.සේයි. සංඛා සංඛතං යනු අර්ථයෙන් ඒක ස්වභාව හෙයින්, සංඛාතෙන යන වචනයට කොටසින් යයි අර්ථයි. නිරූපලෙප සංඛාතෙන යනු තෘෂ්ණා. දෘෂ්ටි ආලේප අභාවයෙන්, ඉතා සියුම් වූද, කෙලෙසුන් සහිත සියලු කෙලෙසුන් ප්‍රහීණ හෙයින්, ඒකාන්ත වචනයෙන් වෙසෙසා, එකන්ත වීතරාගො ආදිය යූ.සේයි. එකන්ත නික්කිලෙසො යනු රාග, ද්වේෂ, මෝහ ඇතුළු සෙසු සියලු කෙලෙසුන්ගෙන් නිකෙලෙස් වූයේ, එකායන මග්ගං ගතොති බුද්ධො යනු ගමනාර්ථ ධාතූන්ගේ අවබෝධනාර්ථයද, අවබෝධනාර්ථ වූද ධාතූහු ගමනාර්ථ වෙති. එහෙයින් ඒකායන මාර්ගයට ගිය හෙයින් බුද්ධයැයි යූ.සේයි. මෙහි ඒකායන මාර්ගය වනාහි,
“මග්ගො පන්ථො පථො පජ්ජො, අඤ්ජසං වටුමායනං; නාවා උත්තරසෙතු ච, කුල්ලො ච භිසි සඞ්කමො”ති . (චූළනි· පාරායනත්ථුතිගාථානිද්දෙස 101) –
මග්ගො, පන්ථො පථො පජ්ජො අඤ්ජසං වටුමායනං, නාවා උත්තර සෙතූච - කුල්ලොච භිසි සංකමො
මාර්ගය, පන්ථ, පථ, පජ්ජ, අඤ්ජස, වටුම, අයන, නැව, එතෙරවීම, ඒදණ්ඩ, පහුර, බිස්ස, සංක්‍රමණය,
මග්ගස්ස බහූසු නාමෙසු අයනනාමෙන වුත්තො. තස්මා එකමග්ගභූතො මග්ගො, න ද්වෙධාපථභූතොති අත්ථො. අථ වා එකෙන අයිතබ්බො මග්ගොති එකායනමග්ගො. එකෙනාති ගණසඞ්ගණිකං පහාය පවිවෙකෙන චිත්තෙන. අයිතබ්බොති පටිපජ්ජිතබ්බො. අයන්ති වා එතෙනාති අයනො, සංසාරතො නිබ්බානං ගච්ඡන්තීති අත්ථො. එකෙසං අයනො එකායනො. එකෙති සෙට්ඨා, සබ්බසත්තසෙට්ඨා ච සම්මාසම්බුද්ධා, තස්මා එකායනමග්ගොති සම්මාසම්බුද්ධානං අයනභූතො මග්ගොති වුත්තං හොති. අයතීති වා අයනො, ගච්ඡති පවත්තතීති අත්ථො. එකස්මිං අයනො මග්ගොති එකායනමග්ගො, එකස්මිංයෙව බුද්ධසාසනෙ පවත්තමානො මග්ගො, න අඤ්ඤත්ථාති වුත්තං හොති. අපි ච එකං අයතීති එකායනො, පුබ්බභාගෙ නානාමුඛභාවනානයප්පවත්තොපි අපරභාගෙ එකං නිබ්බානමෙව ගච්ඡතීති වුත්තං හොති, තස්මා එකායනමග්ගොති එකනිබ්බානගමනමග්ගොති අත්ථො. එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති බුද්ධොති න පරෙහි බුද්ධත්තා බුද්ධො, කිං පන සයමෙව අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධත්තා බුද්ධොති වුත්තං හොති. අබුද්ධිවිහතත්තා බුද්ධිපටිලාභා බුද්ධොති බුද්ධි බුද්ධං බොධොති පරියායවචනමෙතං. තත්ථ යථා නීලරත්තගුණයොගා නීලො පටො රත්තො පටොති වුච්චති, එවං බුද්ධගුණයොගා බුද්ධොති ඤාපෙතුං වුත්තං.
යන මාර්ගයට ඇතුළත් බොහෝ නාමයන් අතර, අයන නාමයෙන් යූ.සේයි. එහෙයින් එක් මාර්ගයක් වූ මාර්ගයයි. දෙමගක් නොවූයේය යන අර්ථයි. නොහොත් හුදෙකලාවෙන් පිළිපැදිය යුතු මාර්ගයනුයි ඒකායන මාර්ගයයි. ‘එකෙන’ යනු ගණ සංගණිකාරාමතාව අත්හැර විවේක සිතින්, අයිතබ්බො යනු පිළිපැදිය යුත්තේය. එය කරණකොටගෙන ගමන් කෙරේනුයි අයනයි. සංසාරයෙන් නිවනට යෙත් යයි අර්ථයි. ශ්‍රේෂ්ඨයින්ගේ ගමන ඒකායනයි. එකෙ යනු ශ්‍රේෂ්ඨ වූයේ, සියලු සත්ත්වයන්ට ශ්‍රේෂ්ඨ වූයේ සම්‍යග් සම්බුදුරදුය. එහෙයින් ඒකායන මග්ගො යනු සම්‍යග් සම්බුදුරජාණන් වහන්සේලාගේ ගමන්කරන ස්වභාව වූ මාර්ගයයි යූ.සේයි. යේනුයි අයනයි. යයි පවතීයයි අර්ථයි. එකෙක්හිම ගමන් කරන මාර්ගයනුයි එකායන මග්ගොයි, එකම බුදුසස්නෙහි පවත්නා වූ මාර්ගයයි අන් අයුරෙකින් නොවේ යයි අර්ථයි. තවද එකක් ගෙන යේනුයි ඒකායනොයි. පූර්ව භාගයෙහි නොයෙක් ආකාර භාවනා ක්‍රම අනුව පැවැත්තේ වී නමුත් පසුකල්හි එක නිර්වාණයටම යේයයි යූ.සේයි. එහෙයින් එකායන මග්ගො යනු එක් නිර්වාණ ගමන් මාර්ගයයි අර්ථයි. එකො අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුද්ධොති බුද්ධො යනු අන්‍යයන්ගෙන් අවබෝධ කළ හෙයින් බුද්ධ නොවේ. කිමෙක්ද? තෙමේම වෙනත් ශ්‍රේෂ්ඨයෙකු නොමැති සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ හෙයින් බුද්ධයැයි යූ.සේයි. අබුද්ධි විහතත්තා බුද්ධි පටිලාභා බුද්ධො යනු බුද්ධි බුද්ධ, බොධ යන මේවා පර්යාය වචනයෝය. එහි යම්සේ නිල් රතු ආදී විශේෂතා යෙදීමෙන් නිල් වස්ත්‍රය, රතු වස්ත්‍රය යැයි කියයිද, මෙසේ බුද්ධි විශේෂතා යෝගයෙන් බුද්ධයයි හැඟවීමට යූ.සේයි.
තතො පරං බුද්ධොති නෙතං නාමන්තිආදි “අත්ථමනුගතා අයං පඤ්ඤත්තී”ති ඤාපනත්ථං වුත්තං. තත්ථ මිත්තා සහායා. අමච්චා භච්චා. ඤාතී පිතුපක්ඛිකා. සාලොහිතා මාතුපක්ඛිකා. සමණා පබ්බජ්ජූපගතා. බ්රාහ්මණා භොවාදිනො, සමිතපාපබාහිතපාපා වා. දෙවතා සක්කාදයො බ්රහ්මානො ච. විමොක්ඛන්තිකන්ති විමොක්ඛො අරහත්තමග්ගො, විමොක්ඛස්ස අන්තො අරහත්තඵලං, තස්මිං විමොක්ඛන්තෙ භවං විමොක්ඛන්තිකං නාම. සබ්බඤ්ඤුභාවො හි අරහත්තමග්ගෙන සිජ්ඣති, අරහත්තඵලොදයෙ සිද්ධො හොති, තස්මා සබ්බඤ්ඤුභාවො විමොක්ඛන්තෙ භවො හොති. තං නෙමිත්තිකම්පි නාමං විමොක්ඛන්තෙ භවං නාම හොති. තෙන වුත්තං – “විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තාන”න්ති. බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස පටිලාභාති මහාබොධිරුක්ඛමූලෙ යථාවුත්තක්ඛණෙ සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස පටිලාභෙන සහ. සච්ඡිකා පඤ්ඤත්තීති අරහත්තඵලසච්ඡිකිරියාය, සබ්බධම්මසච්ඡිකිරියාය වා ජාතා පඤ්ඤත්ති. යදිදං බුද්ධොති යා අයං බුද්ධොති පඤ්ඤත්ති, අයං බ්යඤ්ජනතො බුද්ධවිභාවනා.
ඉන් මත්තෙහි, බුද්ධොති නෙතං නාමං යන ආදියෙහි මේ අර්ථානුගත ප්රඥප්තියකැයි හැඟවීමට යූ.සේයි. එහි මිත්තා යනු සහායකයෝයි. අමච්චා යනු පෝෂණය කටයුතු අය, ඤාති යනු පියපස ඤාතීහු, සාලොහිතා යනු මව්පස ඤාතීහු, සමණා යනු පැවිද්දට එළැඹි අය, බ්රාහ්මණා යනු සංසිඳවූ පාපයන් ඇති, බහා තැබූ පාපයන් ඇති බ්‍රාහ්මණයෝය. දෙවතා යනු ශක්‍ර, බ්‍රහ්මාදීහු, විමොක්ඛන්තිකං යනු අර්හත් මාර්ගය විමෝක්ෂයයි. අර්හත් ඵලය විමෝක්ෂයාගේ අන්තයයි. එම විමොක්ෂාන්තයෙහි වූයේ විමොක්ෂාන්තික නමැ. සර්වඥභාවය වනාහි අර්හත් මාර්ගයෙන් සිද්ධ වෙයි. අර්හත්ඵල උදාවීමෙන් සිද්ධ වේ. එහෙයින් සර්වඤභාවය විමොක්ෂාන්තයෙහි වීම වේ. එහෙයින් කියන ලදි. විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානන්ති බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුත ඤාණස්ස පටිලාභා යනු මහ බෝරුක් මුල, කියන ලද ක්ෂණයෙහි සර්වඥතා ඥානයෙහි ප්‍රතිලාභය සමග, සච්ඡිකා පඤ්ඤත්ති යනු අර්හත්ඵල සාක්ෂාත් කිරීමෙන් සියලු ධර්ම සාක්ෂාත් කිරීමෙන් හෝ හටගත්තා වූ ප්රඥප්තිය, යදිදං බුද්ධො යනු යම් මේ බුද්ධයයි ප්රඥප්තිය. මේ අක්ෂර වශයෙන් බුද්ධ යන වචනය පැහැදිලි කිරීමයි.
“යථා බුද්ධෙන දෙසිතා”තිගාථාපාදස්ස පන ඉමිනා පදභාජනීයෙ වුත්තත්ථෙන අයං සංසන්දනා – ආනාපානස්සතියො ච යථා බුද්ධෙන දෙසිතා, යෙන පකාරෙන දෙසිතා. යථාසද්දෙන සඞ්ගහිතා දස යථත්ථා ච යථා බුද්ධෙන දෙසිතා, යෙන පකාරෙන දෙසිතාති පකාරත්ථස්ස ච යථාසද්දස්ස, සභාවත්ථස්ස ච යථාසද්දස්ස සරූපෙකසෙසවසෙන එකසෙසං කත්වා “යථා”ති වුත්තන්ති වෙදිතබ්බං. පදභාජනීයෙ පනස්ස යථත්ථෙසු එකෙකස්ස යොජනාවසෙන “දෙසිතො”ති එකවචනං කතං.
යථා බුද්ධෙන දෙසිතා යන ගාථා පදයට මෙම පද බෙදීමෙහි කියන ලද අර්ථය හා මේ සැසඳීමයි. ආනාපාන සතීහු යම් අයුරෙකින් බුදුරදුන් විසින් දේශිතද? යම් ආකාරයකින් දේශිතද? යථා ශබ්දයෙන් සංගෘහිත, දස යථාර්ථයන්ද, යම්සේ බුදුරදුන් විසින් දේශිතද, යම් ප්‍රකාරයකින් දේශිතද, ප්රකාරාර්ථයාගේද, යථා ශබ්දයාගේද, ස්වභාවාර්ථයාගේද, යථා ශබ්දයාගේද, ස්වරූපය ඒකාකාර වශයෙන් ඒකාකාර කොට, යම්සේ යයි යූ.සේයි.
“සොති ගහට්ඨො වා හොති පබ්බජිතො වා”ති වුත්තත්තා ආදිපදෙපි යස්ස ගහට්ඨස්ස වා පබ්බජිතස්ස වාති වුත්තමෙව හොති. ලොකත්ථො වුත්තොයෙව. පභාසෙතීති අත්තනො ඤාණස්ස පාකටං කරොතීති අත්ථො . අභිසම්බුද්ධත්තාති සාවකපාරමිඤාණෙනපි පටිවිද්ධභාවෙන. ඔභාසෙතීති කාමාවචරභූතං ලොකං. භාසෙතීති රූපාවචරභූතං ලොකං. පභාසෙතීති අරූපාවචරභූතං ලොකං.
සොති ගහට්ඨොවා හොති පබ්බජිතොවායි කියන ලද හෙයින් මුල් පදයෙහිද, යම් ගෘහස්ථයෙකුට හෝ ප්රවෘජිතයෙකුට යයි යූ.සේයි. ලෝකාර්ථය කියන ලද්දේම වේ. පභාසෙති යනු තම ඤාණයෙහි ප්‍රකට භාවය කෙරේයයි අර්ථයි. අභිසම්බුද්ධත්තා යනු, ශ්‍රාවක පාරමී ඤාණයෙන්ද, අවබෝධ කළ බැවින්, ඔභාසෙති යනු කාමාවචර වූ ලෝකය භාසෙති යනු රූපාවචර වූ ලෝකය. පභාසෙති යනු අරූපාවචර වූ ලෝකය,
අරියඤාණන්ති අරහත්තමග්ගඤාණං. මහිකා මුත්තොති මහිකාය මුත්තො. මහිකාති නීහාරො වුච්චති. මහියා මුත්තොතිපි පාඨො. ධූමරජා මුත්තොති ධූමතො ච රජතො ච මුත්තො. රාහුගහණා විප්පමුත්තොති රාහුනො චන්දස්ස ආසන්නුපක්කිලෙසත්තා ද්වීහි උපසග්ගෙහි විසෙසෙත්වා වුත්තං. භාසතෙ ඉති සඔභාසට්ඨෙන. තපතෙ ඉති සතෙජට්ඨෙන. විරොචතෙ ඉති රුචිරට්ඨෙන. එවමෙවන්ති එවං එවං. යස්මා පන චන්දොපි සයං භාසන්තො තපන්තො විරොචන්තො ඉමං ඔකාසලොකං ඔභාසෙති, භික්ඛු ච පඤ්ඤාය භාසන්තො තපන්තො විරොචන්තො ඉමං ඛන්ධාදිලොකං පඤ්ඤාය ඔභාසෙති, තස්මා උභයත්රාපි “භාසෙතී”ති අවත්වා “භාසතෙ” ඉච්චෙව වුත්තං. එවඤ්හි වුත්තෙ හෙතුඅත්ථොපි වුත්තො හොති. අතිවිසදතරාභසූරියොපමං අග්ගහෙත්වා කස්මා චන්දොපමා ගහිතාති චෙ? සබ්බකිලෙසපරිළාහවූපසමෙන සන්තස්ස භික්ඛුනො සන්තගුණයුත්තචන්දොපමා අනුච්ඡවිකාති ගහිතාති වෙදිතබ්බං. එවං ආනාපානස්සතිභාවනාසිද්ධිසාධකං යොගාවචරං ථුනිත්වා ඉමානි තෙරස වොදානෙ ඤාණානීති තානි ඤාණානි නිගමෙත්වා දස්සෙතීති.
අරියඤාණං යනු අර්හත් මාර්ග ඤාණය, මහිකාමුත්තො මීදුමෙන් මුක්ත, මහිකා යැයි මීදුම යූ.සේයි. මහියා මුත්තොයිද පාඨයි. ධූමරජා මුත්තො යනු දුම්වලින්ද දුහුවිල්ලෙන්ද මිදුණු, රාහුගහණා විප්පමුත්තො යනු රාහුගෙන් චන්ද්‍රයාට වූ ආසන්න උපක්ලේශය බැවින් උපසර්ග ද්වයයකින් වෙසෙසා යූ.සේයි. භාසතෙ යනු බැබලීම් සහිත යන අර්ථයෙන්, තපතෙ යන බැබළීම් සහිතාර්ථයෙන්, විරොචතෙ යනු බැබළීම් අර්ථයෙන්, එවමෙවං යනු මෙසේ මෙසේ, යම්හෙයකින් වනාහි චන්ද්‍රයාද තෙමේ බබළනුයේ, වඩාත් බබළනුයේ, මනාව බබළනුයේ මෙම අවකාශ ලෝකය බබළවයි. භික්ෂුවද, ප්‍රඥාවෙන් බබළනුයේ, වඩාත් බබළනුයේ, මනාව බබළනුයේ, මෙම ස්කන්ධාදී ලෝකය බබළවයි. එහෙයින් දෙතන්හිම කියයි යයි නොකියා කියනු ලැබේ යයි යනුවෙන්ම යූ.සේයි. මෙසේ කී කල්හි හේතු අර්ථය යූ.සේයි. ඉතා ප්‍රකට ආලෝකයක් සහිත සූර්ය උපමාව නොගෙන කුමක් හෙයින් චන්ද්රොපමාව ගන්නා ලද්දේද යත්? සියලු කෙලෙස් දාහයන් සන්සිඳීමෙන් සන්සුන් භික්ෂුවට සන්සුන් ගුණයෙන් යුත්, චන්ද්රොපමාව සුදුසුයැයි ගන්නා ලදැයි දතයුතුය. මෙසේ ආනාපාන සති භාවනා සිද්ධිය, සිදුකරන යෝගාවචරයාට ප්‍රශංසාකොට, ඉමානි තෙරස වොදානෙ ඤාණානියි එම ඤාණයන් විනිශ්චයකොට දැක්වීය.
වොදානඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
ව්‍යවදාන ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.