3-4. වොදානඤාණානි
3-4. වොදානඤාණානි
3-4. ව්යවදානඥාන
කතමානි තෙරස වොදානෙ ඤාණානි: අතීතානුධාවනං චිත්තං වික්ඛෙපානුපතිතං, තං විවජ්ජයිත්වා එකට්ඨානෙ සමාදහති, එවම්පි චිත්තං න වික්ඛෙපං ගච්ඡති, අනාගතපටිකඞ්ඛනං චිත්තං විකම්පිතං, තං විවජ්ජයිත්වා තත්ථෙව අධිමොචෙති, එවම්පි චිත්තං න වික්ඛෙපං ගච්ඡති, ලීනං චිත්තං කොසජ්ජානුපතිතං, තං පග්ගණහිත්වා කොසජ්ජං පජහති, එවම්පි චිත්තං න වික්ඛෙපං ගච්ඡති. අතිපග්ගහිතං චිත්තං උද්ධච්චානුපතිතං, තං නිග්ගණ්හිත්වා උද්ධච්චං පජහති, එවම්පි චිත්තං න වික්ඛෙපං ගච්ඡති, අභිනතං චිත්තං රාගානුපතිතං, තං සම්පජානො හුත්වා රාගං පජහති, එවම්පි චිත්තං න වික්ඛෙපං ගච්ඡති අපනතං චිත්තං බ්යාපාදානුපතිතං, තං සම්පජානො හුත්වා, බ්යාපාදං පජහති, එවම්පි චිත්තං න වික්ඛෙපං ගච්ඡති, ඉමෙහි ඡහි ඨානෙහි පරිසුද්ධං චිත්තං පරියොදාතං එකත්තගතං හොති.
තෙළෙස් ව්යවදානඥානයෝ කවරහ යත්: අතීතය ලුහුබඳනා වික්ෂේපය අනු වැ ගිය සිතෙක් වේ ද, එය හැරපියා (ආශ්වාසප්‍රශ්වාසයන් අතුරෙන්) එක්තැනෙක පිහිටුවයි. මෙසේත් සිත වික්ෂේපයට නො යෙයි. අනාගතය ප්‍රාර්‍ත්‍ථනා කරන වෙසෙසින් කම්පිත වූ සිතෙක් වේ ද, එය හැරපියා එහි මැ සනිටුහන් කෙරෙයි. මෙසේ ත් සිත වික්ෂේපයට නො යෙයි. ලීන වූ කෞසීද්යය අනු වැ ගිය සිතෙක් වේ ද, එය ප්‍රග්‍රහණය කොට කෞසීද්යය දුරු කෙරෙයි, මෙසේ ත් සිත වික්ෂේපයට නො යෙයි. ඉතා දැඩි කොට ගන්නා ලද ඖද්ධත්‍යය අනු වැ ගිය සිතෙක් වේ ද, එය නිග්‍රහ කොට ඖද්ධත්‍යය දුරු කෙරෙයි, මෙසේ ත් සිත වික්ෂේපයට නො යෙයි. වෙසෙසින් නැමුණ රාගය අනු වැ ගිය සිතෙක් වේ ද, එය සම්‍යග්ඥාන ඇති වැ ඒ රාගය දුරු කෙරෙයි, මෙසේත් සිත වික්ෂේපයට නො යෙයි. නතු නො වූ ව්‍යාපාදයට අනු වැ ගිය සිතෙක් වේ ද, සම්‍යග්ඥාන ඇති වැ ඒ ව්‍යාපාදය දුරු කෙරෙයි. මෙසේත් සිත වික්ෂේපයට නො යෙයි. මේ සකරුණින් පිරිශුද්ධ වූ සිත ප්‍රභාස්වර වූයේ ඒකත්වයට ගියේ වේ.
කතමෙ තෙ එකත්තා: දාන වොස්සග්ගුපට්ඨානෙකත්තං, සමථනිමිත්තු පට්ඨානෙකත්තං, වයලක්ඛණුපට්ඨානෙකත්තං, නිරොධුපට්ඨානෙකත්තං.
ඒ ඒකත්වයෝ කවරහ යත්: දානවස්තුපරිත්යාගයාගේ එළඹසිටීමෙන් වූ ඒකත්ව යැ. ශමථනිමිත්ත එළඹසිටීමෙන් වූ ඒකත්ව යැ. භඞ්ගලක්ෂණය එළඹසිටීමෙන් වූ ඒකත්ව යැ නිරෝධය එළඹසිටීමෙන් වූ ඒකත්ව යයි.
දානවොස්සග්ගුපට්ඨානෙකත්තං චාගාධිමුත්තානං, සමථනිමිත්තුපට්ඨානෙකත්තඤ්ච අධිචිත්තමනුයුත්තානං, වයලක්ඛණුපට්ඨානෙකත්තඤ්ච විපස්සකානං, නිරොධුපට්ඨානෙකත්තඤ්ච අරියපුග්ගලානං, ඉමෙහි චතූහි ඨානෙහි එකග්ගගතං චිත්තං පටිපදාවිසුද්ධිපක්ඛන්තඤ්චෙව හොති, උපෙක්ඛානුබ්රූහිතඤ්ච ඤාණෙන ච සම්පහංසිතං.
දානවස්තුපරිත්යාගයාගේ එළඹසිටීමෙන් වු ඒකත්වය දානයෙහි අධිමුක්තයනට වෙයි. විදර්ශනාපාදකසමාධිය අනු වැ යෙදුණවුනට ශමථනිමිත්ත එළඹසිටීමෙන් වූ ඒකත්වය ද විදර්ශකයනට භඞ්ගලක්ෂණය එළඹසිටීමෙන් වූ ඒකත්වය ද ආර්ය්යපුද්ගලයනට නිරෝධය එළඹසිටීමෙන් වූ ඒකත්වය ද වෙයි. මේ සතර කරුණින් ඒකත්වයට ගිය සිත ප්රතිපද්විශුද්ධියට පිවිසියේ ද වෙයි. උපේක්‍ෂායෙන් වඩනලද්දේත් ඥානයෙන් විශෝධිත වූයේත් වේ.
පඨමස්ස ඣානස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං: පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, සම්පහංසනා පරියොසානං.
ප්‍රථමධ්‍යානයාගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යත්: ප්රතිපද්විශුද්ධිය ප්‍රථමධ්‍යානයාගේ ආදි යැ උපේක්ෂානුබ්රෑහණය මධ්‍ය යැ සම්ප්රහර්ෂණය පර්‍ය්‍යවසාන යි.
පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, ආදිස්ස කති ලක්ඛණානි: ආදිස්ස තීණි ලක්ඛණානි: යො තස්ස පරිපන්ථො තතො චිත්තං විසුජ්ඣති, විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති, පටිපන්නත්තා තත්ථ චිත්තං පක්ඛන්දති: යඤ්ච පරිපන්ථකො චිත්තං විසුජ්ඣති, යඤ්ච විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති, යඤ්ච පටිපන්නත්තා තත්ථ චිත්තං පක්ඛන්දති, පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, ආදිස්ස ඉමානි තීණි ලක්ඛණානි, තෙන වුච්චති පඨමං ඣානං ආදිකල්යාණඤ්චෙව හොති ලක්ඛණසම්පන්නඤ්ච.
ප්රතිපද්විශුද්ධිය ප්‍රථමධ්‍යානයාගේ ආදි යැ. ආදිහුගේ ලක්ෂණ කෙතෙක් ද යත්: ආදිහුගේ ලක්ෂණ තුනෙකි. යමෙක් ඒ ප්‍රථමධ්‍යානයට පරිපන්ථ වේ නම් එයින් සිත විශුද්ධ වෙයි. විශුද්ධ බැවින් සිත මධ්යමශමථනිමිත්තට (අර්පණාසමාධියට) පැමිණෙයි. පිළිපන් බැවින් එහි සිත පිවිසෙයි. පරිපන්ථයෙන් යම් චිත්තවිශුද්ධියකුත් වේ ද විශුද්ධ බැවින් චිත්තය මධ්යමශමථනිමිත්තට යම් බැසගැනීමකුත් වේ ද පිළිපන් බැවින් එහි යම් සිත පිවිසගැනීමකුත් වේ ද, ප්රතිපද්විශුද්ධිය ප්‍රථමධ්‍යානයාගේ ආදි යැ ආදිහුගේ මේ තුන් ලක්ෂණයෝ වෙති. එයින් කියනු ලැබෙයි. ‘ප්‍රථමධ්‍යානය ආදිකල්‍යාණ ද ලක්ෂණසම්පන්න ද වේ යයි.
පඨමස්ස ඣානස්ස උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, මජ්ඣස්ස කති ලක්ඛණානි. මජ්ඣස්ස තීණි ලක්ඛණානි: විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, සමථපටිපන්නං අජ්ඣුපෙක්ඛති, එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති: යඤ්ච විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, යඤ්ච සමථපටිපන්නං අජ්ඣුපෙක්ඛති, යඤ්ච එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති, පඨමස්ස ඣානස්ස උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, මජ්ඣස්ස ඉමානි තීණි ලක්ඛණානි, තෙන වුච්චති පඨමං ඣානං මජ්ඣෙකල්යාණඤ්චෙව හොති ලක්ඛණසම්පන්නඤ්ච.
උපේක්ෂානුබ්රෑහණය ප්‍රථමධ්‍යානයාගේ මධ්‍යය වෙයි. මධ්‍යයාගේ ලක්ෂණ කෙතෙක් ද යත්: මධ්‍යයාගේ ලක්ෂණ තුනෙකි. විශුද්ධ සිත අධ්‍යුපේක්‍ෂා කෙරෙයි. ශමථයට පිළිපන් සිත අධ්‍යුපේක්‍ෂා කෙරෙයි. ඒකත්වයෙන් එළඹසිටි සිත අධ්‍යුපේක්‍ෂා කෙරෙයි. යම් විශුද්ධ සිතක් අධ්‍යුපේක්‍ෂා කෙරේ ද යම් ශමථයට පිළිපන් සිතක් අධ්‍යුපේක්‍ෂා කෙරේ ද, යම් ඒකත්වයෙන් එළඹ සිටි සිත අධ්‍යුපේක්‍ෂා කෙරේ ද. ඒ උපේක්ෂානුබ්රෑහණය ප්‍රථමධ්‍යානයාගේ මධ්‍යය වෙයි. මධ්‍යයාගේ මේ තුන් ලක්ෂණයෝ වෙති. එයින් කියනු ලැබෙයි. ‘ප්‍රථමධ්‍යානය මධ්‍යකල්‍යාණ ද ලක්ෂණසම්පන්න ද වේ’ යයි.
පඨමස්ස ඣානස්ස සම්පහංසනා පරියොසානං පරියොසානස්ස කති ලක්ඛණානි: පරියොසානස්ස චත්තාරි ලක්ඛණානි: තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන සම්පහංසනා, ඉන්ද්රියානං එකරසට්ඨෙන සම්පහංසනා, තදුපගවිරියවාහනට්ඨෙන සම්පහංසනා, ආසෙවනට්ඨෙන සම්පහංසනා: පඨමස්ස ඣානස්ස සම්පහංසනා පරියොසානං. පරියොසානස්ස ඉමානි චත්තාරි ලක්ඛාණානි, තෙන වුච්චති පඨමං ඣානං පරියොසානකල්යාණඤ්චෙව හොති ලක්ඛණසම්පන්නඤ්ච.
සම්ප්රහර්ෂණය ප්‍රථමධ්‍යානයාගේ පර්‍ය්‍යවසානය වෙයි. පර්ය්යවසානයාගේ ලක්ෂණ කෙතෙක් ද යත්: පර්ය්යවසානයාගේ ලක්ෂණ සතරෙකි. ඒ භාවනාවිශේෂයෙහි උපන් (සමාධිප්රඥා සඞ්ඛ්‍යාත යුගනද්ධ) ධර්මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් සම්ප්රහර්ෂණ යැ (ශ්‍රද්ධාදි) ඉන්ද්රියයන්ගේ ඒකකෘත්යභාවයෙන් සම්ප්රහර්ෂණ යැ තදනුච්ඡවිකවීර්ය්යධුර ස්වභාවයෙන් සම්ප්රහර්ෂණ යැ ආසේවන ස්වභාවයෙන් සම්ප්රහර්ෂණ යි සම්ප්රහර්ෂණය ප්‍රථමධ්‍යානයාගේ පර්‍ය්‍යවසානය වෙයි. පර්ය්යවසානයාගේ මේ සතර ලක්ෂණයෝ වෙති. එයින් කියනු ලැබෙයි. ‘ප්‍රථමධ්‍යානය පර්‍ය්‍යවසානකල්‍යාණ ද ලක්ෂණසම්පන්න ද වේ’ යයි.
එවං තිවත්තගතං චිත්තං තිවිධකල්යාණකං දසලක්ඛණසම්පන්නං විතක්කසම්පන්නඤ්චෙව හොති විචාරසම්පන්නඤ්ච පීතිසම්පන්නඤ්ච සුඛසම්පන්නඤ්ච චිත්තස්ස අධිට්ඨානසම්පන්නඤ්ච සද්ධාසම්පන්නඤ්ච විරියසම්පන්නඤ්ච සතිසම්පන්නඤ්ච සමාධිසම්පන්නඤ්ච පඤ්ඤාසම්පන්නඤ්ච.
මෙසෙයින් ත්රිවිධභාවයට ගිය සිත ත්රිවිධකල්යාණ ඇත්තේ දශලක්ෂණසම්පන්න වූයේ විතර්කසම්පන්න ද විචාරසම්පන්න ද ප්රීතිසම්පන්න ද සුඛසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්‍රද්ධාසම්පන්න ද වීර්ය්යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්‍රඥාසම්පන්න ද වේ.
දුතියස්ස ඣානස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං: දුතියස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, සම්පහංසනා පරියොසානං. -පෙ- එවං තිවත්තගතං චිත්තං තිවිධකල්යාණකං දසලක්ඛණසම්පන්නං පීතිසම්පන්නඤ්චෙව හොති සුඛසම්පන්නඤ්ච චිත්තස්ස අධිට්ඨානසම්පන්නඤ්ච සද්ධාසම්පන්නඤ්ච විරියසම්පන්නඤ්ච සතිසම්පන්නඤ්ච සමාධිසම්පන්නඤ්ච පඤ්ඤාසම්පන්නඤ්ච.
ද්විතීයධ්‍යානයාගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යැ යත්: ප්රතිපද්විශුද්ධිය ද්විතීයධ්‍යානයාගේ ආදි යැ. උපේක්ෂානුබ්රෑහණය මධ්‍ය යැ සම්ප්රහර්ෂණය පය්යවසාන යි ... මෙසෙයින් ත්රිවිධභාවයට ගිය සිත ත්රිවිධකල්යාණ ඇත්තේ දශලක්ෂණසම්පන්න වූයේ ප්රීතිසම්පන්න ද සුඛසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්‍රද්ධාසම්පන්න ද වීර්ය්යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්‍රඥාසම්පන්න ද වේ.
තතියස්ස ඣානස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං: -පෙ- එවං තිවත්තගතං චිත්තං තිවිධකල්යාණකං දසලක්ඛණසම්පන්නං සුඛසම්පන්නඤ්චෙව හොති චිත්තස්ස අධිට්ඨානසම්පන්නඤ්ච සද්ධාසම්පන්නඤ්ච විරියසම්පන්නඤ්ච සතිසම්පන්නඤ්ච සමාධිසම්පන්නඤ්ච පඤ්ඤාසම්පන්නඤ්ච.
තෘතියධ්‍යානයාගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යැ යත්: … මෙසෙයින් ත්රිවිධභාවයට ගිය සිත ත්රිවිධකල්යාණ ඇත්තේ දශලක්ෂණසම්පන්න වූයේ සුඛසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්‍රද්ධාසම්පන්න ද වීර්ය්යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්‍රඥාසම්පන්න ද වේ.
චතුත්ථස්ස ඣානස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං: -පෙ- එවං තිවත්තගතං චිත්තං තිවිධකල්යාණකං දසලක්ඛණසම්පන්නං උපෙක්ඛාසම්පන්නඤ්චෙව හොති චිත්තස්ස අධිට්ඨානසම්පන්නඤ්ච සද්ධාසම්පන්නඤ්ච විරියසම්පන්නඤ්ච සතිසම්පන්නඤ්ච සමාධිසම්පන්නඤ්ච පඤ්ඤාසම්පන්නඤ්ච.
චතුර්‍ත්‍ථධ්‍යානයාගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යැ යත්: … මෙසෙයින් ත්රිවිධභාවයට ගිය සිත ත්රිවිධකල්යාණ ඇත්තේ දශලක්ෂණසම්පන්න වූයේ උපේක්ෂාසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්‍රද්ධාසම්පන්න ද වීර්ය්යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්‍රඥාසම්පන්න ද වේ.
ආකාසානඤ්චායතනසමාපත්තියා -පෙ- විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා -පෙ- ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං -පෙ- එවං තිවත්තගතං චිත්තං තිවිධකල්යාණකං දසලක්ඛණසම්පන්නං උපෙක්ඛාසම්පන්නඤ්චෙව හොති චිත්තස්ස අධිට්ඨානසම්පන්නඤ්ච -පෙ- පඤ්ඤාසම්පන්නඤ්ච.
ආකාසානඤ්චායතනසමාපත්තිහුගේ ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තිහුගේ ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිහුගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිහුගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යැ යත්: ... මෙසෙයින් ත්රිවිධභාවයට ගිය සිත ත්රිවිධකල්යාණ ඇත්තේ දශලක්ෂණසම්පන්න වූයේ උපේක්ෂාසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ... ප්‍රඥාසම්පන්න ද වේ.
අනිච්චානුපස්සනාය කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං: -පෙ- එවං තිවත්තගතං චිත්තං තිවිධකල්යාණකං දසලක්ඛණසම්පන්නං විතක්කසම්පන්නඤ්චෙව හොති විචාරසම්පන්නඤ්ච පීතිසම්පන්නඤ්ච සුඛසම්පන්නඤ්ච චිත්තස්ස අධිට්ඨානසම්පන්නඤ්ච සද්ධාසම්පන්නඤ්ච විරියසම්පන්නඤ්ච සතිසම්පන්නඤ්ච සමාධිසම්පන්නඤ්ච පඤ්ඤාසම්පන්නඤ්ච.
අනිච්චානුපස්සනාවගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යැ යත්: ... මෙසෙයින් ත්රිවිධභාවයට ගිය සිත ත්රිවිධකල්යාණ ඇත්තේ දශලක්ෂණසම්පන්න වූයේ විර්තකසම්පන්න ද විචාරසම්පන්න ද ප්රීතිසම්පන්න ද සුඛසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්‍රද්ධාසම්පන්න ද වීර්ය්යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්‍රඥාසම්පන්න ද වේ.
දුක්ඛානුපස්සනාය -පෙ- අනත්තානුපස්සනාය -පෙ- නිබ්බිදානුපස්සනාය -පෙ- විරාගානුපස්සනාය -පෙ- නිරොධානුපස්සනාය -පෙ- පටිනිස්සග්ගානුපස්සනාය -පෙ- ඛයානුපස්සනාය -පෙ- වයානුපස්සනාය -පෙ- විපරිණාමානුපස්සනාය -පෙ- අනිමිත්තානුපස්සනාය -පෙ- අප්පණිහිතානුපස්සනාය -පෙ- සුඤ්ඤතානුපස්සනාය -පෙ- අධිපඤ්ඤාධම්මවිපස්සනාය -පෙ- යථාභූතඤාණදස්සනාය -පෙ- ආදීනවානුපස්සනාය -පෙ- පටිසඞ්ඛානුපස්සනාය -පෙ- විවට්ටනානුපස්සනාය -පෙ-
දුක්ඛානුපස්සනාවගේ ... අනත්තානුපස්සනාවගේ ... නිබ්බිදානුපස්සනාවගේ ... විරාගානුපස්සනාවගේ ... නිරෝධානුපස්සනාවගේ ... පටිනිස්සානුපස්සනාවගේ ... ඛයානුපස්සනාවගේ ... වයානුපස්සනාවගේ ... විපරිණාමානුපස්සනාවගේ ... අනිමිත්තානුපස්සනාවගේ ... අප්පණිහිතානුපස්සනාවගේ ... සුඤ්ඤතානුපස්සනාවගේ ... අධිපඤ්ඤාධම්මවිපස්සනාවගේ … යථාභූතඥාණදස්සනයාගේ … ආදීනවානුපස්සනාවගේ ... පටිසඞ්ඛානුපස්සනාවගේ ... විවට්ටානුපස්සනාවගේ ...
සොතාපත්තිමග්ගස්ස -පෙ- සකදාගාමිමග්ගස්ස -පෙ- අනාගාමිමග්ගස්ස -පෙ- අරහත්තමග්ගස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං: අරහත්තමග්ගස්ස පටිපදාවිසුද්ධි ආදි, උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, සම්පහංසනා පරියොසානං. අරහත්තමග්ගස්ස පටිපදාවිසුද්ධි ආදි, ආදිස්ස කති ලක්ඛණානි: ආදිස්ස තීණි ලක්ඛණානි: යො තස්ස පරිපන්ථො තතො චිත්තං විසුජ්ඣති, විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති, පටිපන්නත්තා තත්ථ චිත්තං පක්ඛන්දති: යඤ්ච පරිපන්ථකො චිත්තං විසුජ්ඣති, යඤ්ච විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති, යඤ්ච පටිපන්නත්තා තත්ථ චිත්තං පක්ඛන්දති, අරහත්තමග්ගස්ස පටිපදාවිසුද්ධි ආදි, ආදිස්ස ඉමානි තීණි ලක්ඛණානි, තෙන වුච්චති අරහත්තමග්ගො ආදිකල්යාණො චෙව හොති ලක්ඛණසම්පන්නො ච.
ශ්රොතාපත්තිමාර්ගයාගේ ... සකෘදාගාමීමාර්ගයාගේ ... අනාගාමීමාර්‍ගයාගේ ... අර්‍හන්මාර්‍ගයාගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යැ යත්: ප්රතිපද්විශුද්ධිය අර්‍හන්මාර්‍ගයාගේ ආදි යැ උපේක්ෂානුබ්රෑහණය මධ්‍යය යැ සම්ප්රහර්ෂණය පර්‍ය්‍යාවසාන යි. ප්රතිපද්විශුද්ධිය අර්‍හන්මාර්‍ගයාගේ ආදිය වෙයි. ආදිහුගේ ලක්ෂණ කෙතෙක් ද ආදිහුගේ ලක්ෂණ තුනෙකි. යම් ධර්මයෙක් ඒ ප්රතිපද්විශුද්ධියට පරිපන්ථ වේ ද එයින් සිත විශුද්ධ වෙයි. විශුද්ධ බැවින් සිත මධ්යමශමථනිමිත්තට පැමිණෙයි. පිළිපන් බැවින් එහි සිත පිවිසගනී. පරිපන්ථයෙන් යම් චිත්තවිශුද්ධියෙකුත් වේ ද විශුද්ධ බැවින් සිත මධ්යමශමථනිමිත්තට යම් පැමිණීමෙකුත් වේ ද පිළිපන් බැවින් එහි යම් සිත පිවිසගැනීමෙකුත් වේ ද ඒ ප්රතිපද්විශුද්ධිය අර්‍හන්මාර්‍ගයාගේ ආදිය වෙයි. ආදිහුගේ මේ තුන් ලක්ෂණයෝ වෙති. එයින් කියනු ලැබෙයි. ‘අර්‍හන්මාර්‍ගය ආදිකල්‍යාණ ද ලක්ෂණසම්පන්න ද වේ’ යයි.
අරහත්තමග්ගස්ස උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, මජ්ඣස්ස කති ලක්ඛණානි. මජ්ඣස්ස තීණි ලක්ඛණානි: විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, සමථපටිපන්නං අජ්ඣුපෙක්ඛති, එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති: යඤ්ච විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, යඤ්ච සමථපටිපන්නං අජ්ඣුපෙක්ඛති, යඤ්ච එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති තෙන වුච්චති අරහත්තමග්ගො මජ්ඣෙකල්යාණො චෙව හොති ලක්ඛණසම්පන්නො ච.
උපේක්ෂානුබ්රෑහණය අර්‍හන්මාර්‍ගයාගේ මධ්‍යය වෙයි, මධ්‍යයාගේ ලක්ෂණ කෙතෙක් ද යත්: මධ්‍යයාගේ ලක්ෂණ තුනෙකි: විශුද්ධ සිත අධ්‍යුපේක්‍ෂා කෙරෙයි. ශමථයට පිළිපන් සිත අධ්‍යුපේක්‍ෂා කෙරෙයි. ඒකත්වයෙන් එළඹ සිටී සිත අධ්‍යුපේක්‍ෂා කෙරෙයි. යම් විශුද්ධ සිතක් අධ්‍යුපේක්‍ෂා කෙරේ නම් යම් ශමථයට පිළිපන් සිතක් අධ්‍යුපේක්‍ෂා කෙරේ නම් යම් ඒකත්වයෙන් එළඹසිටි සිතක් අධ්‍යුපේක්‍ෂා කෙරේ නම් එයින් කියනු ලැබෙයි: ‘අර්‍හන්මාර්‍ගය මධ්‍යකල්‍යාණ ද ලක්ෂණසම්පන්න ද වේ’ යයි.
අරහත්තමග්ගස්ස සම්පහංසනා පරියොසානං පරියොසානස්ස කති ලක්ඛණානි: පරියොසානස්ස චත්තාරි ලක්ඛණානි: තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන සම්පහංසනා, ඉන්ද්රියානං එකරසට්ඨෙන සම්පහංසනා, තදුපගවිරියවාහනට්ඨෙන සම්පහංසනා, ආසෙවනට්ඨෙන සම්පහංසනා: අරහත්තමග්ගස්ස සම්පහංසනා පරියොසානං. පරියොසානස්ස ඉමානි චත්තාරි ලක්ඛණානි, තෙන වුච්චති අරහත්තමග්ගො පරියොසානකල්යාණො චෙව හොති ලක්ඛණසම්පන්නො ච. එවං තිවත්තගතං චිත්තං තිවිධකල්යාණකං දසලක්ඛණසම්පන්නං විතක්කසම්පන්නඤ්චෙව හොති විචාරසම්පන්නඤ්ච පීතිසම්පන්නඤ්ච සුඛසම්පන්නඤ්ච චිත්තස්ස අධිට්ඨානසම්පන්නඤ්ච සද්ධාසම්පන්නඤ්ච විරියසම්පන්නඤ්ච සතිසම්පන්නඤ්ච සමාධිසම්පන්නඤ්ච පඤ්ඤාසම්පන්නඤ්ච.
සම්ප්රහර්ෂණය අර්‍හන්මාර්‍ගයාගේ පර්‍ය්‍යවසානය වෙයි. පර්ය්යවසානයාගේ ලක්ෂණ කෙතෙක් ද යත්: පර්ය්යවසානයාගේ ලක්ෂණ සතරෙකි. ඒ භාවනා විශෙෂයෙහි උපන් (සමාධි - ප්‍රඥා සඞ්ඛ්‍යාත යුගනද්ධ) ධර්මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් සම්ප්රහර්ෂණ යැ ඉන්ද්රියයන් ගේ එකකෘත්යස්වභාවයෙන් සම්ප්රහර්ෂණ යැ තදනුච්ඡවිකවීර්ය්යධුරවස්වභාවයෙන් සම්ප්රහර්ෂණ යැ, ආසේවනස්වභාවයෙන් සම්ප්රහර්ෂණ යි. සම්ප්රහර්ෂණය අර්‍හන්මාර්‍ගයාගේ පර්‍ය්‍යවසානය වෙයි. පර්ය්යවසානයාගේ මේ සතර ලක්ෂණයෝ වෙති. එයින් කියනු ලැබෙයි. ‘අර්‍හන්මාර්‍ගය පර්ය්යවසානලක්ෂණ ද ලක්ෂණසම්පන්න ද වේ’යයි. මෙසෙයින් ත්රිවිධභාවයට ගිය සිත ත්රිවිධකල්යාණ ඇත්තේ දශලක්ෂණසම්පන්න වූයේ විතර්කසම්පන්න ද විචාර සම්පන්න ද ප්රීතිසම්පන්න ද සුඛසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්‍රද්ධාසම්පන්න ද වීර්ය්යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්‍රඥාසම්පන්න ද වේ.
නිමිත්තං අස්සාසපස්සාසා අනාරම්මණාමෙකචිත්තස්ස, අජානතො ච තයො ධම්මෙ භාවනා නූපලබ්භති. (1)
නිමිත්ත යැ ආශ්වාසප්‍රශ්වාසයෝ යැ යන මොහු එක් සිතට අරමුණු නො වන්නාහු වෙති. (නිමිත්තාදි) තුන් ධර්මයන් නො දන්නාහට (ආනාපානසතිසමාධි) භාවනාව නො ලැබෙයි (1)
නිමිත්තං අස්සාසපස්සාසා අනාරම්මණාමෙකචිත්තස්ස, ජානතො ච තයො ධම්මෙ භාවනා උපලබ්භතී’ති. (2)
නිමිත්ත යැ ආශ්වාසප්‍රශ්වාසයෝ යැ යන මොහු එක් සිතට අරමුණු නො වන්නාහු වෙති. (නිමිත්තාදි) තුන් ධර්මයන් දන්නාහට වැළිත් (ආනාපානසතිසමාධි) භාවනාව ලැබේ යයි. (2)
කථං ඉමෙ තයො ධම්මා එකචිත්තස්ස ආරම්මණා න හොන්ති, න චිමෙ තයො ධම්මා අවිදිතා හොන්ති, න ච චිත්තං වික්ඛෙපං ගච්ඡති, පධානඤ්ච පඤ්ඤායති, පයොගඤ්ච සාධෙති, විසෙසමධිගච්ඡති:
කිසෙයින් මේ තුන් ධර්මයෝ එක් සිතට අරමුණු නො වන්නාහු ද, මේ තුන් ධර්මයෝ නො ද අවිදිතයෝ වෙත් ද, සිත වික්ෂේපයට නො ද යෙයි. ප්‍රදහන ද පැනෙයි. ප්‍රයෝගය (නීවරණවිෂ්කම්භකධ්යානය) ද සාධයි. මාර්ගයට පැමිණෙයි යත්:
සෙය්යථාපි රුක්ඛො සමෙ භූමිභාගෙ නික්ඛිත්තො, තමෙනං පුරිසො කකචෙන ඡින්දෙය්ය, රුක්ඛෙ ඵුට්ඨකකචදන්තානං වසෙන පුරිසස්ස සති උපට්ඨිතා හොති, න ආගතෙ වා ගතෙ වා කකචදන්තෙ මනසිකරොති, න ආගතා වා ගතා වා කකචදන්තා අවිදිතා හොන්ති, පධානඤ්ච පඤ්ඤායති, පයොගඤ්ච සාධෙති. යථා රුක්ඛො සමෙ භූමිභාගෙ නික්ඛිත්තො, එවං උපනිබන්ධනානිමිත්තං. යථා කකචදන්තා, එවං අස්සාසපස්සාසා. යථා රුක්ඛෙ ඵුට්ඨකකවදන්තානං වසෙන පුරිසස්ස සති උපට්ඨිතා හොති න ආගතෙ වා ගතෙ වා කකචදන්තෙ මනසි කරොති, න ආගතා වා ගතා වා කකචදන්තා අවිදිතා හොන්ති, පධානඤ්ච පඤ්ඤායති, පයොගඤ්ච සාධෙති. එවමෙව භික්ඛු නාසිකග්ගෙ වා මුඛනිමිත්තෙ වා සතිං උපට්ඨපෙත්වා නිසින්නො හොති, න ආගතෙ වා ගතෙ වා අස්සාසපස්සාසෙ මනසි කරොති, න ආගතා වා ගතා වා අස්සාසපස්සාසා අවිදිතා හොන්ති, පධානඤ්ච පඤ්ඤායති. පයොගඤ්ච සාධෙති, විසෙසමධිගච්ඡති.
යම්සේ සම වූ භූමිභාගයෙහි රෝපණය කරන ලද වෘක්ෂයෙක් වේ ද, ඒ මේ වෘක්ෂය පුරුෂයෙක් තෙම කියතින් සිඳුනේ නම් වෘක්ෂයෙහි ස්පර්ශ කරන ලද කියත්දත් වශයෙන් පුරුෂයාගේ සිහිය එළඹසිටියා වෙයි. (වෘක්ෂය ස්පර්ශ කොට තමා වෙතට) ආවා වූ හෝ (වෘක්ෂය ස්පර්ශ කොට පරභාගයට) ගියා වූ හෝ කියත්දත් නො මෙනෙහි කෙරෙයි. ආවා වූ හෝ ගියා වූ හෝ කියත්දත් නො දන්නා ලද්දාහු නො වෙති, ප්‍රදහන ද පැනෙයි, ප්‍රයෝගය ද සාධයි. සම වූ භූමිභාගයෙහි රෝපණය කරනලද වෘක්ෂය යම්බඳු ද උපනිබන්ධනා (ස්මෘති) නිමිත්ත එබඳු යැ කියත් දත් යම් බඳු ද ආශ්වාසප්‍රශ්වාසයෝ එබඳු යැ. යම්සේ වෘක්ෂයෙහි ස්පර්ශ කරන ලද කියත්දත් වශයෙන් පුරුෂයාගේ ස්මෘතිය එළඹසිටියා වේ ද ආගිය කියත්දත් නො මෙනෙහි කෙරේ ද ආගිය කියත්දත් නොදන්නාලද්දාහු නො වෙත් ද ප්රදහනත් පැනේ ද ප්‍රයෝගයත් සාදා ද, එසෙයින් මැ මහණ තෙම නාසිකාග්‍රයෙහි හෝ මුඛනිමිත්තෙහි හෝ සිහි එළවා හුන්නේ වෙයි. ආවා වූ හෝ ගියා වූ හෝ ආශ්වාසප්‍රශ්වාසයන් නො දන්නාලද්දාහු නො වෙති, ප්‍රදහන ද පැනෙයි, ප්‍රයෝග ද සාධයි, විශේෂයට (මාර්ගයට) පැමිණේ.
පධානන්ති කතමං පධානං: ආරද්ධවිරියස්ස කායොපි චිත්තම්පි කම්මනියං හොති, ඉදං පධානං. කතමො පයොගො: ආරද්ධවිරියස්ස උපක්කිලෙසා පහීයන්ති, විතක්කා වූපසමන්ති. අයං පයොගො. කතමො විසෙසො: ආරද්ධවිරියස්ස සඤ්ඤොජනා පහීයන්ති, අනුසයා බ්‍යන්තීහොන්ති අයං විසෙසො.
පධානං යනු: ප්‍රදහන යනු කවරෙ යත්: ආරබ්ධවීර්‍ය්‍යය ඇත්තහුගේ කයත් සිතත් කර්මණ්ය වෙයි. මේ ප්‍රදහන වෙයි. ප්‍රයෝග කවරෙ යත්: ආරබ්ධවීර්‍ය්‍ය ඇත්තහුගේ උපක්ලේශයෝ ප්‍රහීණ වෙති. විතර්කයෝ සන්හිඳෙත්. මේ ප්‍රයෝගය වෙයි. විශේෂ කවරෙ යත්: ආරබ්ධවීර්‍ය්‍ය ඇත්තහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙති. අනුශයයෝ විගත වෙත්. මේ විශේෂය වෙයි.
එවං ඉමෙ තයො ධම්මා එකචිත්තස්ස ආරම්මණා න හොන්ති, න චිමෙ තයො ධම්මා අවිදිතා හොන්ති, න ච චිත්තං වික්ඛෙපං ගච්ඡති, පධානඤ්ච පඤ්ඤායති, පයොගඤ්ච සාධෙති, විසෙසමධිගච්ඡති.
මෙසෙයින් මේ තුන් ධර්මයෝ එක් සිතට අරමුණු නො වෙති. මේ තුන් ධර්මයෝ නො දන්නාලද්දාහු නො ද වෙති. සිත වික්ෂේපයට නො ද යෙයි. ප්‍රදහන ද පැනෙයි. ප්‍රයෝගය ද සාධයි. විශේෂයට පැමිණේ.
ආනාපානසති යස්ස පරිපුණ්ණා සුභාවිතා, අනුපුබ්බං පරිචිතා යථා බුද්ධෙන දෙසිතා, සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තොව චන්දිමා”ති. (3),
යමක්හු විසින් ආනාපානස්මෘතිය බුදුන් වදාළ සෙයින් පරිපූර්ණ වූවා මොනොවට වඩනලද ද පිළිවෙළින් ප්‍රගුණ කරන ලද ද හෙතෙම වලායෙන් මිදුණු සඳ සෙයින් මෙලොව දීප්ත කෙරේ. (3)
ආනන්ති අස්සාසො, නො පස්සාසො. අපානන්ති පස්සාසො, නො අස්සාසො. අස්සාසවසෙන උපට්ඨානං සති, පස්සාසවසෙන උපට්ඨානං සති. යො අස්සසති, තස්සුපට්ඨාති: යො පස්සසති, තස්සුපට්ඨාති.
ආන යනු. ආශ්වාස යැ ප්‍රශ්වාසය නො වෙයි. අපාන යනු: ප්‍රශ්වාස යැ ආශ්වාසය නො වෙයි, ආශ්වාස වශයෙන් එළඹසිටීම ස්මෘති යැ, ප්‍රශ්වාස වශයෙන් එළඹ සිටීම ස්මෘති යි. යමෙක් ආශ්වාස කෙරේ ද ඔහුගේ සිහිය ආශ්වාසයට එළඹසිටියි. යමෙක් ප්‍රශ්වාස කෙරේ ද ඔහුගේ සිහිය ප්‍රශ්වාසයට එළඹසිටී.
පරිපුණ්ණාති පරිග්ගහට්ඨෙන පරිපුණ්ණා, පරිවාරට්ඨෙන පරිපුණ්ණා, පරිපූරට්ඨෙන පරිපුණ්ණා.
පරිපුණ්ණා යනු: පරිග්රහස්වභාවයෙන් පරිපූර්ණ යැ පරිවාරස්වභාවයෙන් පරිපූර්ණ යැ (භාවනා) පරිපූර ස්වභාවයෙන් පරිපූර්ණ යි.
සුභාවිතාති චතස්සො භාවනා: තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා, තදුපගවිරියවාහනට්ඨෙන භාවනා, ආසෙවනට්ඨෙන භාවනා. තස්සිමෙ චත්තාරො භාවනට්ඨා යානීකතා හොන්ති වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා.
සුභාවිතා යනු: භාවනා සතරෙකි: ඒ භවානා විශෙෂයෙහි උපන් (සමාධි - ප්‍රඥා සඞ්ඛ්‍යාත යුගනද්ධ) ධර්මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් භාවනා යැ, ඉන්ද්රියයන්ගෙන් ඒකකෘත්‍යස්වභාවයෙන් භාවනා යැ තදනුච්ඡික වීර්‍ය්‍යධූර ස්වභාවයෙන් භාවනා යැ. ආසේවන ස්වභාවයෙන් භාවනා යි. ඔහු විසින් මේ සතර භාවනාර්ත්ථයෝ යුක්තයානයක් මෙන් කරනලද්දාහු (ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථයෙන්) වාස්තුවක් මෙන් කරනලද්දාහු එළඹසිටියාහු හාත්පසින් රැස්කරන ලද්දාහු මොනොවට කරන ලද්දාහු වෙත්.
යානීකතාති යත්ථ යත්ථ ආකඞ්ඛති, තත්ථ තත්ථ වසිප්පත්තො හොති බලප්පත්තො වෙසාරජ්ජප්පත්තො. තස්ස තෙ ධම්මා ආවජ්ජනපටිබද්ධා හොන්ති ආකඞ්ඛනපටිබද්ධා මනසිකාරපටිපද්ධා චිත්තුප්පාදපටිබද්ධා. තෙන වුච්චති: ‘යානීකතා’ති.
යානීකතා යනු:යම් යම් ධ්යානවිදර්ශනායෙක් හි කැමැති වේ නම් ඒ ඒ ධ්යානවිදර්ශනායෙහි වශයට පැමිණියේ බලයට පැමිණියේ විශාරද බවටපැමිණියේ වෙයි. ඔහුගේ ඒ (ශමථවිදර්‍ශනා) ධර්මයෝ ආවර්ජනප්රතිබද්ධ වූවාහු ආකාඞ්ක්ෂාප්රතිබද්ධ වූවාහු මනසිකාරප්රතිබද්ධ වූවාහු චිත්තෝත්පාද ප්‍රතිබද්ධ වූවාහු වෙත්. එයින් කියනු ලැබෙයි: ‘යානීකතා’ යි.
වත්ථුකතාති යස්මිං යස්මිං වත්ථුස්මිං චිත්තං ස්වාධිට්ඨිතං හොති තස්මිං තස්මිං වත්ථුස්මිං සති සූපට්ඨිතා හොති. යස්මිං යස්මිං වා පන වත්ථුස්මිං සති සූපට්ඨිතා හොති, තස්මිං තස්මිං වත්ථුස්මිං චිත්තං ස්වාධිට්ඨිතං හොති. තෙන වුච්චති: ‘වත්ථුකතා’ති.
වත්ථුකථා යනු: යම් යම් වස්තුයෙකැ සිත මොනොවට පිහිටියේ වේ ද ඒ ඒ වස්තුයෙහි සිහි එළඹසිටියා වෙයි. තවද යම් යම් වස්තුයෙකැ සිහි එළඹසිටියා වේ ද ඒ ඒ වස්තුයෙහි සිත මොනොවට පිහිටියේ වෙයි. එයින් කියනු ලැබෙයි. ‘වත්ථුකථා’ යි.
අනුට්ඨිතාති යෙන යෙන චිත්තං අභිනීහරති, තෙන තෙන සති අනුපරිවත්තති. නෙ යෙන වා පන සති අනුපරිවත්තති, තෙන තෙන චිත්තං අභිනීහරති. තෙන වුච්චති: ‘අනුට්ඨිතා’ති.
අනුට්ඨිතා යනු: යම් යම් භාවනාවිශේෂයෙක්හි සිත එළවා ද ඒ ඒ භාවනාවිශේෂයෙහි සිහිය අනුකූල වැ පවතී. තවද යම් යම් භාවනාවිශේෂයෙක්හි සිහිය අනුකූල වැ පෙරළේ ද ඒ ඒ භාවනාවිශේෂයෙහි සිත එළවයි. එයින් කියනු ලැබෙයි ‘අනුට්ඨිතා’ යි.
පරිචිතාති පරිග්ගහට්ඨෙන පරිචිතා, පරිවාරට්ඨෙන පරිචිතා පරිපූරට්ඨෙන පරිචිතා, සතියා පරිගණ්හන්තො ජානාති පාපකෙ අකුසලෙ ධම්මෙ. තෙන වුච්චති: ‘පරිචිතා’ති.
පරිචිතා යනු: පරිග්රහස්වභාවයෙන් හාත්පසින් රැස්කරන ලද්දාහු යැ පරිවාරස්වභාවයෙන් හාත්පසින් රැස් කරන ලද්දාහු යැ පරිපූරස්වභාවයෙන් හාත්පසින් රැස්කරන ලද්දාහු යැ ස්මෘතියෙන් පරිග්‍රහ කරනුයේ ලාමක අකුශල ධර්මයන් දිනා නු යි පරිචිතයෝ යි.
සුසමාරද්ධාති චත්තාරො සුසමාරද්ධා: තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන සුසමාරද්ධා, ඉන්ද්රියානං එකරසට්ඨෙන සුසමාරද්ධා, තදුපගවිරියවාහනට්ඨෙන සුසමාරද්ධා, තප්පච්චනීකානං කිලෙසානං සමුග්ඝාතත්තා ‘සුසමාදරද්ධා’.
සුසමාරද්ධා යනු: සුසමාරබ්ධයෝ (මොනොවට කරනලද්දාහු) සතර දෙනෙකි: ඒ භාවනාවිශේෂයෙහි උපන් යුගනද්ධධර්‍මයන් නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් සුසමාරබ්ධ යැ, ඉන්ද්රියයන්ගේ ඒකකෘත්‍යස්වභාවයෙන් සුසරමාබද්ධ යැ. තදනුච්ඡවිකවීර්ය්යධූරස්වභාවයෙන් සුසමාරබ්ධ යැ, ඒ ධ්යානවිදර්ශනාමාර්ගයන්ට ප්රතිපක්ෂ වූ ක්ලේශයන් මොනොවට නැසූ බැවින් සුසමාරබ්ධ යි.
සුසමන්ති අත්ථි සමං, අත්ථි සුසමං. කතමං සමං: යෙ තත්ථ ජාතා අනවජ්ජා කුසලා බොධිපක්ඛියා, ඉදං සමං. කතමං සුසමං: යං තෙසං තෙසං ධම්මානං ආරම්මණං නිරොධො නිබ්බානං, ඉදං සුසමං, ඉති ඉදඤ්ච සමං ඉදඤ්ච සුසමං ඤාතං හොති දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය, ආරද්ධං හොති විරියං අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා, පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං. තෙන වුච්චති: ‘සුසමාරද්ධා’ති.
සුසමං යනු: ශමයෙක් ඇති සුශමයෙක් ඇති. ‘ශම’ නම් කවරෙ යත්: ඒ භාවනාවිශේෂයෙහි උපන් යම් නිරවද්‍ය කුශල වූ බොධිපාක්ෂිකධර්ම කෙනෙක් වෙත් ද මේ ශම නම. ‘සුශම’ නම් කවරෙ යත්: ඒ ඒ ධර්මයන්ට අරමුණු වූ යම් නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙක් වේ ද, මේ සුශම නමි. මෙසෙයින් මේ ශමයත් මේ සුශමයත් දන්නා ලද්දේ දක්නා ලද්දේ විදිත වූයේ ප්‍රඥායෙන් සාක්ෂාත් කරන ලද්දේ ස්පර්ශ කරන ලද්දේ වෙයි. නො හැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නාලද වෙයි, නො නට සිහි එළඹසිටියා වෙයි. දරථ රහිත කය නිවුණේ වෙයි. එකඟ වූ සිත (අරමුණෙහි) සම වැ තබනලද යැ. එයින් කියනු ලැබෙයි ‘සුසමාරද්ධා’යි.
අනුපුබ්බං පරිචිතාති දීඝං අස්සාසවසෙන පුරිමා පුරිමා පරිචිතා, පචිඡිමා පච්ඡිමා අනුපරිචිතා, දීඝං පස්සාසවසෙන පුරිමා පුරිමා පරිචිතා, පච්ඡිමා පච්ඡිමා අනුපරිචිතා. රස්සං අස්සාසවසෙන පුරිමා පුරිමා පරිචිතා, පච්ඡිමා පච්ඡිමා අනුපරිචිතා. රස්සං පස්සාසවසෙන පුරිමා පුරිමා පරිචිතා, පච්ඡිමා පච්ඡිමා අනුපරිචිතා -පෙ- පටිනිස්සග්ගානුපස්සී අස්සාසවසෙන පුරිමා පුරිමා පරිචිතා, පච්ඡිමා පච්ඡිමා අනුපරිචිතා. පටිනිස්සග්ගානුපස්සී පස්සාසවසෙන පුරිමා පුරිමා පරිචිතා පච්ඡිමා පච්ඡිමා අනුපරිචිතා. සබ්බාපි සොළසවත්ථුකා ආනාපානසතියො අඤ්ඤමඤ්ඤං පරිචිතා චෙව හොන්ති අනුපරිචිතා ච. තෙන වුච්චති: ‘අනුපුබ්බං පරිචිතා’ති.
අනුපුබ්බං පරිචිතා යනු: දීර්ඝ කොට ආශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු සතිය ප්‍රගුණ කරන ලද යැ පැසුළු පැසුළු සතිය පුන පුනා ප්‍රගුණ කරන ලද යැ, දීර්ඝ කොට ප්‍රශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු සතිය ප්‍රගුණ කරන ලද යැ පැසුළු පැසුළු සතිය පුනපුනා ප්‍රගුණ කරන ලද යැ, හ්‍රස්ව කොට ආශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු සතිය ප්‍රගුණ කරන ලද යැ. පැසුළු පැසුළු සතිය පුනපුනා ප්‍රගුණ කරන ලද යැ හ්‍රස්ව කොට ප්‍රශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු සතිය ප්‍රගුණ කරන ලද යැ. පැසුළු පැසුළු සතිය පුනපුනා ප්‍රගුණ කරන ලද යැ, ... පටිනිස්සජනය අනු වැ බලමින් ආශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු සතිය ප්‍රගුණ කරන ලද යැ පැසුළු පැසුළු සතිය පුනපුනා ප්‍රගුණ කරන ලද යැ, පටිනිස්සජනය අනු වැ බලමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු සතිය ප්‍රගුණ කරන ලද යැ පැසුළු පැසුළු සතිය පුනපුනා ප්‍රගුණ කරන ලද යැ, හැම ෂෝඩශවස්තුක ආනාපානස්මෘතීහු ඔවුනොවුන් ප්‍රගුණ කරන ලද්දාහු ද පුනපුනා ප්‍රගුණ කරන ලද්දාහු ද වෙත්, එයින් කියනු ලැබෙයි. අනුපුබ්බං පරිචිතා’යි.
යථාති දස යථත්ථා: අත්තදමථට්ඨො යථත්ථො, අත්තසමථට්ඨො යථත්ථො, අත්තපරිනිබ්බාපනට්ඨො යථත්ථො, අභිඤ්ඤට්ඨො යථත්ථො, පරිඤ්ඤට්ඨො යථත්ථො, පහානට්ඨො යථත්ථො, භාවනට්ඨො යථත්ථො, සච්ඡිකිරියට්ඨො යථත්ථො සච්චාභිසමයට්ඨො යථත්ථො, නිරොධෙ පතිට්ඨාපකට්ඨො යථත්ථො.
යථා යනු: යථාස්වභාවයෝ දශ දෙනෙකි: ආත්මදමනස්වභාවය යථාස්වභාව යැ ආත්මශමනස්වභාවය යථාස්වභාව යැ ආත්මපරිනිර්වාපණස්වභාවය යථාස්වභාව යැ අභිඥාස්වභාවය යථාස්වභාව යැ පරිඥාස්වභාවය යථාස්වභාව යැ ප්රහාණස්වභාවය යථාස්වභාව යැ භාවනාස්වභාවය යථාස්වභාව යැ සාක්ෂාත්ක්රියාස්වභාවය යථාස්වභාව යැ සත්යප්රතිවේධස්වභාවය යථාස්වභාව යැ නිරෝධයෙහි පිහිටුවන ස්වභාවය යථාස්වභාව යි.
බුද්ධොති යො සො භගවා සයම්භු අනාචරියකො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣි, තත්ථ ච සබ්බඤ්ඤුතං පත්තො බලෙසු ච වසීභාවං.
බුද්ධෝ යනු: යමෙක් භාග්‍යවත් වූයේ තෙමේ (සත්‍යයන්) අවබෝධ කෙළේ ආචාර්‍ය්‍යයන් නැත්තේ පෙර නො ඇසූවිරූ දහම්හි තෙමේ සත්‍යයන් අවබෝධ කෙළේ ඒ සත්‍යයන්හි දු සර්වඥත්වයට පැමිණියේ බලධර්මයන්හිදු වශීභාවයට පැමිණියේ වේ ද හේ යැ.
බුද්ධොති කෙනට්ඨෙන බුද්ධො: ‘බුජ්ඣිතා සච්චානී’ති බුද්ධො, ‘බොධෙතා පජායා’ති බුද්ධො, සබ්බඤ්ඤුතාය බුද්ධො, සබ්බදස්සාවිතාය බුද්ධො අනඤ්ඤනෙය්යාතාය බුද්ධො, විසවිතාය බුද්ධො, ඛීණාසවසඞ්ඛාතෙන බුද්ධො, නිරුපලෙපසඞ්ඛාතෙන බුද්ධො, ‘එකන්තවීතරාගො’ති බුද්ධො, ‘එකන්තවීතදොසො’ති බුද්ධො, ‘එකන්තවීතමොහො’ති බුද්ධො, ‘එකන්තනික්කිලෙසො’ති බුද්ධො, ‘එකායනමග්ගංගතො’ති බුද්ධො, ‘එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති බුද්ධො, අබුද්ධිවිහතත්තා බුද්ධිපටිලාභා බුද්ධො. ‘බුද්ධො’ති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං, විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකාපඤ්ඤත්ති, යදිදං ‘බුද්ධො’ති.
බුද්ධෝ යනු: කවර අර්ත්ථයෙන් බුද්ධ වෙයි යත්: සත්‍යයන් අවබෝධ කෙළේ නු යි බුද්ධ යැ ප්‍රජාවට අවබෝධ කරවා නු යි බුද්ධ යැ, සර්වඥ බැවින් බුද්ධ යැ, සියල්ල දක්නාසුලු බැවින් බුද්ධ යැ, අනුන් විසින් අවබෝධ නො කැරැවිය යුතු බැවින් බුද්ධ යැ, (නානාගුණ) විස්වනය කරන හෙයින් බුද්ධ යැ, ක්ෂීණාස්රව සඞ්ඛ්‍යායෙන් බුද්ධ යැ, තෘෂ්ණාලේප රහිත සඞ්ඛ්‍යායෙන් බුද්ධ යැ, ඒකාන්තයෙන් වීතරාග නු යි බුද්ධ යැ, ඒකාන්තයෙන් වීතදෝස නු යි බුද්ධ යැ, ඒකාන්තයෙන් වීතමෝහ නු යි බුද්ධ යැ, ඒකාන්තයෙන් නික්ලේශ නු යි බුද්ධ යැ, එකාන්තමාර්ගයට ගියේ නු යි බුද්ධ යැ, එකලා වැ අනුත්තර සම්‍යක් සම්බෝධිය අභිසම්බෝධ කෙළේ නු යි බුද්ධ යැ, අබුද්ධිය නැසූ බැවින් බුද්ධිප්රතිලාභ හෙයින් බුද්ධ යැ, බුද්ධ යන තෙල නාමය මව විසින් නො කරනලද යැ පියා විසින් නො කරනලද යැ බෑයා විසින් නො කරන ලද යැ බූන විසින් නො කරනලද යැ සගයහළුවන් විසින් නො කරන ලද යැ නෑ සහලේනෑයන් විසින් නො කරනලද යැ මහණබමුණන් විසින් නො කරනලද යැ දෙවියන් විසින් නො කරනලද යැ. යම් බුද්ධ යන නමෙක් වී ද තෙල බුද්ධ නාමය භාග්‍යවත් බුදුවරයනට විමෝක්ෂාන්තයෙහි බෝමුල සර්‍වඥතාඥානයාගේ ප්‍රතිලාභය හා සමග අර්හත්ඵලය ප්රත්යක්ෂ කිරීමෙන් උපන ප්‍රඥප්තියකි.
දෙසිතාති අත්තදමථට්ඨො යථත්ථො යථා බුද්ධෙන දෙසිතො, අත්තසමථට්ඨො යථත්ථො යථා බුද්ධෙන දෙසිතො, අත්තපරිනිබ්බාපනට්ඨො යථත්ථො යථා බුද්ධෙන දෙසිතො -පෙ- නිරොධෙ පතිට්ඨාපකට්ඨො යථත්ථො යථා බුද්ධෙන දෙසිතො,
දේසිතා යනු: ආත්ම දමනස්වභාවය වූ යථාස්වභාවය යම් ප්‍රකාරයෙකින් බුදුන් විසින් දේශනා කරනලද ද, ආත්මශමනස්වභාවය වූ යථාස්වභාවය යම් ප්‍රකාරයෙකින් බුදුන් විසින් දේශනා කරනලද ද, ආත්මපරිනිර්වාපණස්වභාව වූ යථාස්වභාවය යම් ප්‍රකාරයෙකින් බුදුන් විසින් දේශනා කරනලද ද ... නිරෝධයෙහි පිහිටුවන ස්වභාව වූ යථාස්වභාවය යම් ප්‍රකාරයෙකින් බුදුන් විසින් දේශනා කරනලද ද,
සො ති ගහට්ඨො වා හොති පබ්බජිතො වා.
සො යනු: ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වෙයි.
ලොකොති ඛන්ධලොකො ධාතුලොකො ආයතනලොකො විපත්තිභවලොකො විපත්තිසම්භවලොකො සම්පත්තිභවලොකො සම්පත්තිසම්භවලොකො එකො ලොකො: සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා -පෙ- අට්ඨාරස ලොකා: අට්ඨාරස ධාතුයො.
ලෝකෝ යනු: ස්කන්ධලෝක යැ ධාතුලොක යැ ආයතනලෝක යැ විපත්තිභව (අපාය) ලෝක යැ විපත්තිසම්භව (අපායූපගකර්ම) ලෝක යැ සම්පත්තිභව (සුගති) ලෝක යැ සම්පත්තිසම්භවලෝක යැ එක් ලොවෙක: හැම සත්හු ආහාරයෙන් සිටුනාහු යැ; ... අටළොස් ලොවෙක. අටළොස් ධාතූහු යැ.
‘පභාසෙති’ති අත්තදමථට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති, අත්තසමථට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති, අත්තපරිනිබ්බානට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති, අභිඤ්ඤනට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති, පරිඤ්ඤට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති, පහානට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති, භාවනට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති, සච්ඡිකිරියට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති, සච්චාභිසමයට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති නිරොධෙ පතිට්ඨාපකට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති,
පභාසෙති යනු: ආත්මදමනස්වභාව වූ යථාස්වභාවය ප්‍රතිවේධ කළ බැවින් හෙතෙම මේ ලෝකය අවභාසනය කෙරෙයි, භාසනය කෙරෙයි, ප්රභාසනය කෙරෙයි. ආත්මශමන ස්වභාව වූ යථාස්වභාවය ප්‍රතිවේධ කළ බැවින් හෙතෙම මෙ ලොව අවභාසනය කෙරෙයි, භාසනය කෙරෙයි, ප්රභාසනය කෙරෙයි. ආත්මපරිනිර්වාණස්වභාව වූ යථාස්වභාවය ප්‍රතිවේධ කළ බැවින් හෙතෙම මෙ ලොව අවභාසනය කෙරෙයි, භාසනය කෙරෙයි, ප්රභාසනය කෙරෙයි ... නිරෝධයෙහි පිහිටුවන ස්වභාව වූ යථාස්වභාවය ප්‍රතිවේධ කළ බැවින් හෙතෙම මෙ ලොව අවභාසනය කෙරෙයි, භාසනය කෙරෙයි, ප්රභාසනය කෙරේ.
අබ්භාමුත්තොව චන්දිමාති යථා අබ්භා එවං කිලෙසා, යථා චන්දො එවං අරියඤාණං, යථා චන්දිමො දෙවපුත්තො එවං භික්ඛු, යථා චන්දො අබ්භා මුත්තො මහිකා මුත්තො ධූමරජා මුත්තො රාහුගහණා විප්පමුත්තො භාසතෙ ච තපතෙ ච විරොචතෙ ච, එවමෙව භික්ඛු සබ්බකිලෙසෙහි විප්පමුත්තො භාසතෙ ච තපතෙ ච විරොචතෙ ච. තෙන වුච්චති: ‘අබ්භා මුත්තොව චන්දිමා’ති. ඉමානි තෙරස වොදානෙ ඤාණානි.
අබ්භාමුත්තොව චන්දිමා යනු: වලාවෝ යම් බඳු ද කෙලෙස් එබඳු යැ චන්ද්‍රයා යම් බඳු ද ආර්‍ය්‍යඥානය එබඳු යැ චන්දිම දිව්‍යපුත්‍ර යම් බඳු ද මහණ එබඳු යැ යම්සේ චන්ද්‍ර තෙම වලායෙන් මිදුණේ මිහිදුමින් මිදුණේ දුම්රජසින් මිදුණේ රාහුග්රහණයෙන් මිදුණේ බැබැළේ ද තැවේ ද දිලේ ද එසෙයින් මැ මහණ තෙම හැම කෙලෙසුන් කෙරෙන් වෙසෙසින් මිදුණේ බැබැලෙන්නේ ද තැවෙන්නේ ද දිලෙන්නේ ද වෙයි. එයින් කියනු ලැබෙයි: ‘අබ්භා මුත්තොව චන්දිමා’යි. මොහු තෙළෙස් ව්යවදානඥානයෝ යි.
වොදානඤාණනිද්දෙසො.
ව්යවදානඥානනිර්දේශ යි.