3-3. උපක‍්කිලෙසඤාණානි
3-3. උපක‍්කිලෙසඤාණානි.
3-3. උපක්ලේශඥාන
ඉමෙහි ච පන නීවරණෙහි විසුද‍්ධචිත‍්තස‍්ස සොළසවත්‍ථුකං ආනාපානසතිසමාධිං භාවයතො ඛණිකසමොධානා කතමෙ අට‍්ඨාරස උපක‍්කිලෙසා උප‍්පජ‍්ජන‍්ති:
තවද මේ නීවරණයන් කෙරෙන් (උපචාරභූමියෙහි) විශුද්ධ වූ සිත් ඇති, ෂෝඩශවස්තුක ආනාපානස්මෘතිය වඩන්නහුට ක්‍ෂණිකසමවධානය (උපක්ලේශසමාගමය) හේතුකොටගෙන කවර අටළොස් උපක්ලේශයෝ උපදනාහු ද යත්:
අස‍්සාසාදිමජ‍්ඣපරියොසානං සතියා අනුගච‍්ඡතො අජ‍්ඣත‍්තවික‍්ඛෙපගතං චිත‍්තං සමාධිස‍්ස පරිපන්‍ථො, පස‍්සාසාදිමජ‍්ඣපරියොසානං සතියා අනුගච‍්ඡතො බහිද‍්ධාවික‍්ඛෙපගතං චිත‍්තං සමාධිස‍්ස පරිපන්‍ථො, අස‍්සාසපටිකඞ‍්ඛනා නිකන‍්තිතණ‍්හාචරියා සමාධිස‍්ස පරිපන්‍ථො, පස‍්සාසපටිකඞ‍්ඛනා නිකන‍්තිතණ‍්හාචරියා සමාධිස‍්ස පරිපන්‍ථො, අස‍්සාසෙනාභිතුන‍්නස‍්ස පස‍්සාසපටිලාභෙ මුච‍්ඡනා සමාධිස‍්ස පරිපන්‍ථො, පස‍්සාසෙනාභිතුන‍්නස‍්ස අස‍්සාසපටිලාභෙ මුච‍්ඡනා සමාධිස‍්ස පරිපන්‍ථො.
ආශ්වාසයාගේ ආදි-මධ්‍ය-පර්‍ය්‍යවසානය සිහියෙන් අනුව යන්නහුගේ අධ්‍යාත්මයෙහි වික්‍ෂේපයට ගිය සිත සමාධියට උවදුරෙක. ප්‍රශ්වාසයාගේ ආදි-මධ්‍ය-පර්‍ය්‍යවසානය සිහියෙන් අනුව යන්නහුගේ වාහ්‍යායතනයෙහි වික්‍ෂේපයට ගිය සිත සමාධියට උවදුරෙක. ආශ්වාසය පිළිබඳ ප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත නිකාමය වූ තෘෂ්ණාවගේ පැවැත්ම සමාධියට උවදුරෙක. ප්‍රශ්වාසය පිළිබඳ ප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත නිකාමනය වූ තෘෂ්ණාවගේ පැවැත්ම සමාධියට උවදුරෙක. ආශ්වාසයෙන් පෙළුණහුගේ ප්‍රශ්වාසප්‍රතිලාභයෙහි ඇලීම සමාධියට උවදුරෙකි. ප්‍රශ්වාසයෙන් පෙළුණහුගේ ආශ්වාසප්‍රතිලාභයෙහි ඇලීම සමාධියට උවදුරෙකි.
“අනුගච‍්ඡනා ච අස‍්සාසං පස‍්සාසං අනුගච‍්ඡනා, සති අජ‍්ඣත‍්තවික‍්ඛෙපා කඞ‍්ඛනා බහිද‍්ධා වික‍්ඛෙපපත්‍ථනා (1)
ආශ්වාසය අනුව යන්නා වූ අධ්‍යාත්මවික්‍ෂේපයට හේතු වූ ස්මෘතිය ද, ප්‍රශ්වාසය අනුව යන්නා වූ බාහ්‍යවික්‍ෂෙපයට හේතු වූ ස්මෘතිය ද, අධ්‍යාත්මවික්‍ෂේපය (ආශ්වාසය) පිළිබඳ ප්‍රාර්‍ත්‍ථනාව ද, බාහ්‍යවික්‍ෂෙපය (ප්‍රශ්වාසය) පිළිබඳ ප්‍රාර්‍ත්‍ථනාව ද (1)
අස‍්සාසෙනාභිතුන‍්නස‍්ස පස‍්සාසපටිලාභෙ මුච‍්ඡනා, පස‍්සාසෙනාභිතුන‍්නස‍්ස අස‍්සාසපටිලාභෙ මුච‍්ඡනා (2)
ආශ්වාසයෙන් මඩනාලද්දහුගේ ප්‍රාශ්වාසප්‍රතිලාභයෙහි ඇලීම ද, ප්‍රශ්වාසයෙන් මඩනාලද්දහුගේ ආශ්වාසප්‍රතිලාභයෙහි ඇලීම ද, යන (2)
ඡ එතෙ උපක‍්කිලෙසා ආනාපානසති සමාධිස‍්ස, යෙහි වික‍්ඛිප‍්පමානස‍්ස නො ච චිත‍්තං විමුච‍්චති විමොක‍්ඛං අප‍්පජානන‍්තා තෙ හොන‍්ති පරපත‍්තියා’ති. (3)
මොහු සදෙන ආනාපානස්මෘතිසමාධියට උපක්ලේශ වෙති. යම් උපක්ලේශ කෙනකුන් විසින් වික්‍ෂේපයට පමුණුවනුලබන්නහුගේ සිත (කෙලෙසුන් කෙරෙන්) නො මිදේ නම් (ආශ්වාසප්‍රශ්වාසාලම්බනයෙහි ද) නො බැඳේ නම් ඔහු යැ. විමෝක්‍ෂය නො දන්නා වූ ඔහු පරප්‍රත්‍යයට (මෙරමා හැදහීමට) සුදුසු වෙත්. (3)
පඨමං ඡක‍්කං.
ප්‍රථම ෂට්කය යි.
නිමිත‍්තං ආවජ‍්ජතො අස‍්සාසෙ චිත‍්තං විකම‍්පති, සමාධිස‍්ස පරිපන්‍ථො: අස‍්සාසං ආවජ‍්ජතො නිමිත‍්තෙ චිත‍්තං විකම‍්පති, සමාධිස‍්ස පරිපන්‍ථො: නිමිත‍්තං ආවජ‍්ජතෙ පස‍්සාසෙ චිත‍්තං විකම‍්පති, සමාධිස‍්ස පරිපන්‍ථො: පස‍්සාසං ආවජ‍්ජතො නිමිත‍්තෙ චිත‍්තං විකම‍්පති, සමාධිස‍්ස පරිපන්‍ථො: අස‍්සාසං ආවජ‍්ජතො පස‍්සාසෙ චිත‍්තං විකම‍්පති, සමාධිස‍්ස පරිපන්‍ථො: පස‍්සාසං ආවජ‍්ජතො අස‍්සාසෙ චිත‍්තං විකම‍්පති, සමාධිස‍්ස පරිපන්‍ථො:
(ආශ්වාස) නිමිත්ත ආවර්‍ජනා කරන්නාහට ආශ්වාසයෙහි සිත සැලෙයි. ඒ සමාධියට උවදුරෙක. ආශ්වාසය ආවර්‍ජනා කරන්නාහට නිමිත්තයෙහි සිත සැලෙයි. ඒ සමාධියට උවදුරෙක. (ප්‍රශ්වාස) නිමිත්ත ආවර්‍ජනා කරන්නාහට ප්‍රශ්වාසයෙහි සිත සැලෙයි, ඒ සමාධියට උවදුරෙක. ප්‍රශ්වාසය ආවර්‍ජනා කරන්නාහට නිමිත්තයෙහි සිත සැලෙයි, ඒ සමාධියට උවදුරෙකි. ආශ්වාසය ආවර්‍ජනා කරන්නාහට ප්‍රශ්වාසයෙහි සිත සැලෙයි, ඒ සමාධියට උවදුරෙක . ප්‍රශ්වාසය ආවර්‍ජනා කරන්නාහට ආශ්වාසයෙහි සිත සැලෙයි. ඒ සමාධියට උවදුරෙකි.
“නිමිත‍්තං ආවජ‍්ජමානස‍්ස අස‍්සාසෙ වික‍්ඛිප‍්පතෙ මනො අස‍්සාසං ආවජ‍්ජමානස‍්ස නිමිත‍්තෙ චිත‍්තං විකම‍්පති (4)
නිමිත්ත ආවර්‍ජනා කරන්නහුගේ සිත ආශ්වාසයෙහි විසිරෙයි. ආශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ සිත නිමිත්තයෙහි සැලෙයි. (4)
නිමිත‍්තං ආවජ‍්ජමානස‍්ස පස‍්සාසෙ වික‍්ඛිප‍්පතෙ මනො, පස‍්සාසං ආවජ‍්ජමානස‍්ස නිමිත‍්තෙ චිත‍්තං විකම‍්පති, (5)
නිමිත්ත ආවර්‍ජනා කරන්නහුගේ සිත ප්‍රශ්වාසයෙහි විසිරෙයි. ප්‍රශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ සිත නිමිත්තයෙහි සැලෙයි. (5)
අස‍්සාසං ආවජ‍්ජමානස‍්ස පස‍්සාසෙ වික‍්ඛිප‍්පතෙ මනො, පස‍්සාසං ආවජ‍්ජමානස‍්ස අස‍්සාසෙ චිත‍්තං විකම‍්පති. (6)
ආශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ සිත ප්‍රශ්වාසයෙහි විසිරෙයි. ප්‍රශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ සිත ආශ්වාසයෙහි සැලෙයි. (6)
ඡ එතෙ උපක‍්කිලෙසා ආනාපානසතිසමාධිස‍්ස, යෙහි වික‍්ඛිප‍්පමානස‍්ස නො ච චිත‍්තං විකම‍්පති, විමොක‍්ඛං අප‍්පජානන‍්තා තෙ හොන‍්ති පරපත‍්තියා”ති, (7)
මොහු සදෙන ආනාපානස්මෘතිසමාධියට උපක්ලේශ වෙති. යම් උපක්ලේශ කෙනකුන් විසින් වික්‍ෂේපයට පමුණුවනුලබන්නහුගේ සිත (කෙලෙසුන් කෙරෙන්) නො මිදේ නම් (ආශ්වාසප්‍රශ්වාසාලම්බනයෙහි ද) නො බැඳේ නම් ඔහු යැ විමෝක්‍ෂය නො දන්නා වූ ඔහු පරප්‍රත්‍යයට සුදුසු වෙත්. (7)
දුතියං ඡක‍්කං.
ද්විතීය ෂට්කය යි.
අතීතානුධාවනං චිත‍්තං වික‍්ඛෙපානුපතිතං සමාධිස‍්ස පරිපන්‍ථො, අනාගතපටිකඞ‍්ඛනං චිත‍්තං විකම‍්පිතං සමාධිස‍්ස පරිපන්‍ථො, ලීනං චිත‍්තං කොසජ‍්ජානුපතිතං සමාධිස‍්ස පරිපන්‍ථො, අතිපග‍්ගහිතං චිත‍්තං උද‍්ධච‍්චානුපතිතං සමාධිස‍්ස පරිපන්‍ථො, අභිනතං චිත‍්තං රාගානුපතිතං සමාධිස‍්ස පරිපන්‍ථො, අපනතං චිත‍්තං බ්‍යාපාදානුපතිතං සමාධිස‍්ස පරිපන්‍ථො.
අතීත (ආශ්වාසප්‍රශ්වාස) ය ලුහුබඳනා සිත වික්‍ෂේපය අනුව ගියේ සමාධියට උවදුරෙක, අනාගත (ආශ්වාසප්‍රශ්වාස) ය ප්‍රාර්‍ත්‍ථනාකරනු ලබන සිත සැලුණේ සමාධියට උවදුරෙක, ලීන වූ සිත කෞසීද්‍යය අනුව ගියේ සමාධියට උවදුරෙක, ඉතා දැඩිව ගන්නා සිත ඖද්ධත්‍යය අනුව ගියේ සමාධියට උවදුරෙක, වෙසෙසින් නැමුණු සිත රාගය අනුව ගියේ සමාධියට උවදුරෙක, නතු නො වූ සිත ව්‍යාපාදය අනුව ගියේ සමාධියට උවදුරෙකි.
“අතීතානුධාවනං චිත‍්තං - අනාගතපටිකඞ‍්ඛනං ලීනං, අතිපග‍්ගහිතං අභිනතං - අපනතං චිත‍්තං න සමාධියති. (8)
අතීතය ලුහුබඳනා සිත ද අනාගතය ප්‍රාර්‍ත්‍ථනා කරන සිත ද ලීන සිත ද ඉතා දැඩි වැ ගන්නා ලද සිත ද වෙසෙසින් නැමුණු සිත ද සමාහිත නො වෙත් (8)
ඡ එතෙ උපක‍්කිලෙසා - ආනාපානසතිසමාධිස‍්ස, යෙහි උපක‍්කිලිට‍්ඨසඞ‍්කප‍්පො - අධිචිත‍්තං නප‍්පජානාති”ති. (9)
යම් උපක්ලේශ කෙනකුන් විසින් කෙලසනලද සංකල්ප ඇත්තේ අධිචිත්තය නො දනී නම් තෙල සදෙන ආනාපානස්මෘතිසමාධියට උපක්ලේශයෝ යි.(9)
තතියං ඡක‍්කං.
තෘතීය ෂට්කය යි.
අස‍්සාසාදිමජ‍්ඣපරියොසානං සතියා අනුගච‍්ඡතො අජ‍්ඣත‍්තං වික‍්ඛෙපගතෙන චිත‍්තෙන කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච, පස‍්සාසාදිමජ‍්ඣපරියොසානං සතියා අනුගච‍්ඡතො බහිද‍්ධා වික‍්ඛෙපගතෙන චිත‍්තෙන කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච: අස‍්සාසපටිකඞ‍්ඛනාය නිකන‍්තියා තණ‍්හාචරියාය කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච, පස‍්සාසපටිකඞ‍්ඛනාය නිකන‍්තියා තණ‍්හාචරියාය කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච: අස‍්සාසෙනාභිතුන‍්නස‍්ස පස‍්සාසපටිලාභෙ මුච‍්ඡිතත‍්තා කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච, පස‍්සාසෙනාභිතුන‍්නස‍්ස අස‍්සාසපටිලාභෙ මුච‍්ඡිතත‍්තා කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච: නිමිත‍්තං ආවජ‍්ජතො අස‍්සාසෙ චිත‍්තං විකම‍්පිතත‍්තා කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච, අස‍්සාසං ආවජ‍්ජතො නිමිත‍්තෙ චිත‍්තං විකප‍්පිතත‍්තා කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච: නිමිත‍්තං ආවජ‍්ජතො පස‍්සාසෙ චිත‍්තං විකම‍්පිතත‍්තා කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච, පස‍්සාසං ආවජ‍්ජතො නිමිත‍්තෙ චිත‍්තං විකම‍්පිතත‍්තා කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධාච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච: අස‍්සාසං ආවජ‍්ජතො පස‍්සාසෙ චිත‍්තං විකම‍්පිතත‍්තා කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච, පස‍්සාසං ආවජ‍්ජතො අස‍්සාසෙ චිත‍්තං විකම‍්පිතත‍්තා කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච: ඵන්‍දිතා ච අතීතානුධාවනෙන චිත‍්තෙන වික‍්ඛෙපානුපතිතෙන කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච, අනාගතපටිකඞ‍්ඛනෙන චිත‍්තෙන විකම‍්පිතෙන කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතාච ඵන්‍දිතා ච, ලීනෙන චිත‍්තෙන කොසජ‍්ජානුපතිතෙන කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච, අතිපග‍්ගහිතෙන චිත‍්තෙන උද‍්ධච‍්චානුපතිතෙන කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච: අතිපග‍්ගහිතෙන චිත‍්තෙන උද‍්ධච‍්චානුපතිතෙන කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච; අභිනතෙන චිත‍්තෙන රාගානුපතිතෙන කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච, අපනතෙන චිත‍්තෙන බ්‍යාපාදානුපතිතෙන කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච.
ආශ්වාසයාගේ ආදිමධ්‍යපර්‍ය්‍යවසානය සිහියෙන් අනු වැ යන්නහුගේ අධ්‍යාත්මයෙහි වික්‍ෂේපයට ගිය සිතින් කය ත් සිත ත් (මහත් කැළඹීමෙන්) දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ප්‍රශ්වාසයාගේ ආදිමධ්‍යපර්‍ය්‍යවසානය සිහියෙන් අනු වැ යන්නහුගේ බාහ්‍යාලම්බනයෙහි වික්‍ෂේපයට ගිය සිතින් කය ත් සිත ත් දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ආශ්වාසය ප්‍රාර්‍ත්‍ථනා කරන්නා වූ නිකාන්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණාචර්‍ය්‍යායෙන් කයත් සිතත් දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ප්‍රශ්වාසය ප්‍රාර්‍ත්‍ථනා කරන්නා වූ නිකාන්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණාචර්‍ය්‍යායෙන් කයත් සිතත් දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ආශ්වාසයෙන් පීඩිත වූවහුගේ ප්‍රශ්වාසප්‍රතිලාභයෙහි ඇලුණු බැවින් කයත් සිතත් දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ප්‍රශ්වාසයෙන් පීඩිත වූවහුගේ ආශ්වාසප්‍රතිලාභයෙහි ඇලුණු බැවින් කයත් සිතත් දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. නිමිත්ත ආවර්‍ජනා කරන්නහුගේ ආශ්වාසයෙහි සිත වෙසෙසින් සැලුණු බැවින් කයත් සිතත් දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ආශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ නිමිත්තෙහි සිත වෙසෙසින් සැලුණු බැවින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. නිමිත්ත ආවර්‍ජනා කරන්නහුගේ ප්‍රශ්වාසයෙහි සිත වෙසෙසින් සැලුණු බැවින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ප්‍රශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ නිමිත්තෙහි සිත වෙසෙසින් සැලුණු බැවින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ආශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ ප්‍රශ්වාසයෙහි සිත වෙසෙසින් සැලුණු බැවින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ප්‍රශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ ආශ්වාසයෙහි සිත වෙසෙසින් සැලුණු බැවින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. වික්‍ෂේපය අනු වැ ගිය අතීතය ලුහුබඳනා සිතින් කය ත් සිත ත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. අනාගතය ප්‍රාර්‍ත්‍ථනා කරන්නා වූ විකම්පිත වු සිතින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ලීන වූ කෞසීද්‍යය අනු වැ ගිය සිතින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ඉතා දැඩි වැ ගන්නා ලද ඖද්ධත්‍යය අනු වැ ගිය සිතින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. වෙසෙසින් නැමුණ රාගය අනු වැ ගිය සිතින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. නතු වූ ව්‍යාපාදය අනු වැ ගිය සිතින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙත්.
“ආනාපානසති යස‍්ස පරිපුණ‍්ණං අභාවිතා කායොපි ඉඤ‍්ජිතො හොති චිත‍්තම‍්පි හොති ඉඤ‍්ජිතං කායොපි ඵන්‍දිතො හොති චිත‍්තම‍්පි හොති ඵන්‍දිතං (10)
යමක්හු විසින් ආනාපානස්මෘතිය පරිපූර්‍ණ කොට අභාවිත වූවා ද (ඔහුගේ) කයත් කම්පිත වූයේ වෙයි. සිතත් කම්පිත වූයේ වෙයි. කයත් සැලුණේ වෙයි. සිතත් සැලුණේ වේ. (10)
ආනාපානසති යස‍්ස පරිපුණ‍්ණං සුභාවිතා කායොපි අනිඤ‍්ජිතො හොති චිත‍්තම‍්පි හොති අනිඤ‍්ජිතං කායොපි අඵන්‍දිතො හොති චිත‍්තම‍්පි හොති අඵන්‍දිත”න‍්ති, (11)
යමක්හු විසින් ආනාපානස්මෘතිය පරිපූර්‍ණ කොට මොනොවට වඩන ලද ද (ඔහුගේ) කයත් කම්පිත නො වූයේ වෙයි. සිතත් කම්පිත නො වූයේ වෙයි. කයත් නො සැලුණේ වෙයි. සිතත් නො සැලුණේ වේ. (11)
තෙහි ච පන නීවරණෙහි විසුද‍්ධචිත‍්තස‍්ස සොළසවත්‍ථුකං ආනාපානසතිසමාධිං භාවයතො ඛණිකසමොධානා ඉමෙ අට‍්ඨාරස උපක‍්කිලෙසා උප‍්පජ‍්ජන‍්ති.
තවද මේ නීවරණයන් කෙරෙන් (උපචාරභූමියෙහි) විශුද්ධ වූ සිත් ඇති, ෂෝඩශවස්තුකආනාපානස්මෘතිසමාධිය වඩන්නහුට ක්‍ෂණිකසමවධානය (උපක්ලේශසමාගමය) හේතුකොට ගෙන මේ අටළොස් උපක්ලේශයෝ උපදිත්.
උප‍්පක‍්කිලෙසඤාණ නිද‍්දෙසො.
උපක්ලේශඥානනිර්දේශ යි.