යෙදුමෙන් කියවන්න

3-2. පරිපන්‍ථ - උපකාරසොළස ඤාණානි

3-2. පරිපන්‍ථ - උපකාරසොළස ඤාණානි

3-2. පරිපන්‍ථ උපකාර ෂොඩශඥානයෝ

කතමානි අට‍්ඨ පරිපන්‍ථෙ ඤාණානි, අට‍්ඨ ච උපකාරෙ ඤාණානි.

උවදුරු අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙන, උපකාර අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙන කවරහ යත්:

කාමච‍්ඡන්‍දො සමාධිස‍්ස පරිපන්‍ථො, නෙක‍්ඛම‍්මං සමාධිස‍්ස උපකාරං: බ්‍යාපාදො සමාධිස‍්ස පරිපන්‍ථො, අබ්‍යාපාදො සමාධිස‍්ස උපකාරං: ථිනමිද‍්ධං සමාධිස‍්ස පරිපන්‍ථො, ආලොකසඤ‍්ඤා සමාධිස‍්ස උපකාරං: උද‍්ධච‍්චං සාමධිස‍්ස පරිපන්‍ථො, අවික‍්ඛෙපො සමාධිස‍්ස උපකාරං: විචිකිච‍්ඡා සමාධිස‍්ස පරිපන්‍ථො, ධම‍්මවවත්‍ථානං සමාධිස‍්ස උපකාරං: අවිජ‍්ජා සාමධිස‍්ස පරිපන්‍ථො, ඤාණං සමාධිස‍්ස උපකාරං, අරති සමාධිස‍්ස පරිපන්‍ථො, පාමොජ‍්ජං සමාධිස‍්ස උපකාරං: සබ‍්බෙපි අකුසලා ධම‍්මා සමාධිස‍්ස පරිපන්‍ථා, සබ‍්බෙපි කුසලා ධම‍්මා සමාධිස‍්ස උපකාරා. ඉමානි අට‍්ඨ පරිපන්‍ථෙ ඤාණානි, අට‍්ඨ ච උපකාරෙ ඤාණානි.

කාමච්ඡන්‍දය සමාධියට උවදුරු යැ, නෛෂ්ක්‍රම්‍යය සමාධියට උපකාර යැ. ව්‍යාපාදය සමාධියට උවදුරු යැ, අව්‍යාපදාය සමාධියට උපකාර යැ. ථිනමිද්ධය සමාධියට උවදුරු යැ, ආලෝකසංඥාව සමාධියට උපකාර යැ. ඖද්ධත්‍යය සමාධියට උවදුරු යැ, අවික්‍ෂේපය සමාධියට උපකාර යැ. විචිකිත්සාව සමාධියට උවදුරු යැ, ධර්‍මවිනිශ්චය සමාධියට උපකාර යැ. අවිද්‍යාව සමාධියට උවදුරු යැ, ඥානය සමාධියට උපකාර යැ. අරතිය සමාධියට උවදුරු යැ, ප්‍රාමෝද්‍යය සමාධියට උපකාර යැ. හැම අකුශලධර්‍මයෝ සමාධියට උවදුරු වෙති. හැම කුශලධර්‍මයෝ සමාධියට උපකාර වෙත්. මොහු උවදුරු අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙන ද උපකාර අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙන ද වෙත්.

ඉමෙහි සොළසහි ආකාරෙහි උදුචිතං චිත‍්තං සමුදුචිතං එකත‍්තෙ සන‍්තිට‍්ඨති, නීවරණෙහි විසුජ‍්ඣති.

මේ සොළොස් අයුරින් මතුමත්තෙහි කළ පරිචය ඇති මොනොවට මතුමත්තෙහි කළ පරිචය ඇති සිත ඒකත්‍වයෙහි පිහිටයි, නීවරණයන් කෙරෙන් විශුද්ධ වෙයි.

කතමෙ තෙ එකත‍්තා: නෙක‍්ඛම‍්මං එකත‍්තං, අබ්‍යාපාදො එකත‍්තං, ආලොකසඤ‍්ඤා එකත‍්තං, අවික‍්ඛෙපො එකත‍්තං, ධම‍්මවවත්‍ථානං එකත‍්තං, ඤාණං එකත‍්තං, පාමොජ‍්ජං එකත‍්තං, සබ‍්බෙපි කුසලා ධම‍්මා එකත‍්තා.

මේ ඒකත්‍වයෝ කවරහ යත්: නෛෂ්ක්‍රම්‍යය ඒකත්‍ව යැ අව්‍යාපාදය ඒකත්‍ව යැ ආලෝකසංඥාව ඒකත්‍ව යැ අවික්‍ෂේපය ඒකත්‍ව යැ ධර්‍මවිනිශ්චය ඒකත්‍ව යැ ඥානය ඒකත්‍ව යැ ප්‍රාමෝද්‍යය ඒකත්‍ව යැ හැම කුශලධර්‍මයෝ ඒකත්‍වයෝ යි.

කතමෙ තෙ නීවරණා: කාමච‍්ඡන්‍දො නීවරණං, බ්‍යාපාදො නීවරණං, ථිනමිද‍්ධං නීවරණං, උද‍්ධච‍්චකුක‍්කුච‍්චං නීවරණං, විචිකිච‍්ඡා නීවරණං, අවිජ‍්ජා නීවරණං, අරති නීවරණං, සබ‍්බෙපි අකුසලා ධම‍්මා නීවරණා.

ඒ නීවරණයෝ කවරහ යත්: කාමච්ඡන්‍දය නීවරණ යැ ව්‍යාපාදය නීවරණ යැ ථීනමිද්ධය නීවරණ යැ උද්ධච්චකුක්කුච්චය නීවරණ යැ විචිකිච්ඡාව නීවරණ යැ අවිජ්ජාව නීවරණ යැ අරතිය නීවරණ යැ හැම අකුශලධර්‍මයෝ නීවරණයෝ යි.

නීවරණා’ති කෙනට‍්ඨෙන නීවරණා: නිය්‍යානාවරණට‍්ඨෙන නීවරණා.

නීවරණා යනු: කවර අරුතින් නීවරණ වෙයි යත්: නිර්‍ය්‍යාණාවරණාර්‍ත්‍ථයෙන් නීවරණ යැ:

කතමෙ තෙ නිය්‍යානා: නෙක‍්ඛම‍්මං අරියානං නිය්‍යානං, තෙන ච නෙක‍්ඛම‍්මෙන අරියා නීයන‍්ති: කාමච‍්ඡන්‍දො නිය්‍යානාවරණං, තෙන ච කාමච‍්ඡන්‍දෙන නිවුතත‍්තා නෙක‍්ඛම‍්මං අරියානං නිය්‍යානං නප‍්පජානාතීති කාමච‍්ඡන්‍දො නිය්‍යානාවරණං, අබ්‍යාපාදො අරියානං නිය්‍යානං, තෙන ච අබ්‍යාපාදෙන අරියා නීයන‍්ති: බ්‍යාපාදො නිය්‍යානාවරණං, තෙන ච බ්‍යාපාදෙන නිවුතත‍්තා අබ්‍යාපාදං අරියානං නිය්‍යානං නප‍්පජානාතීති, බ්‍යාපාදො නිය්‍යානාවරණං. අලොකසඤ‍්ඤා අරියානං නිය්‍යානං, තාය ච අලොකසඤ‍්ඤා අරියා නීයන‍්ති: ථිනමිද‍්ධං නිය්‍යානාවරණං, තෙන ච ථිනමිද‍්ධෙන නිවුතත‍්තා අලොකසඤ‍්ඤං අරියානං නිය්‍යානං නප‍්පජානාතීති ථිනමිද‍්ධං නිය්‍යානාවරණං. අවික‍්ඛෙපො අරියානං නිය්‍යානං, තෙන ච අවික‍්ඛෙපෙන අරියා නීයන‍්ති: උද‍්ධච‍්චං නිය්‍යානාවරණං, තෙන ච උද‍්ධච‍්චෙන නිවුතත‍්තා අවික‍්ඛෙපං අරියානං නිය්‍යානං නප‍්පජානාතීති උද‍්ධච‍්චං නිය්‍යානාවරණං. ධම‍්මවවත්‍ථානං අරියානං නිය්‍යානං, තෙන ච ධම‍්මවවත්‍ථානෙන අරියා නීයන‍්ති: විචිකිච‍්ඡා නිය්‍යානාවරණං, තාය ච විචිකිච‍්ඡාය නිවුතත‍්තා ධම‍්මවවත්‍ථානං අරියානං නිය්‍යානං නප‍්පජානාතීති විචිකිච‍්ඡා නිය්‍යානාවරණං, ඤාණං අරියානං නිය්‍යානං, තෙන ච ඤාණෙන අරියා නීයන‍්ති: අවිජ‍්ජා නිය්‍යානාවරණං, තාය ච අවිජ‍්ජාය නිවුතත‍්තා ඤාණං අරියානං නිය්‍යානං නප‍්පජානාතීති අවිජ‍්ජා නිය්‍යානාවරණං, පාමොජ‍්ජං අරියානං නිය්‍යානං තෙන ච පාමොජ‍්ජෙන අරියා නීයන‍්ති: අරති නිය්‍යානාවරණං, තාය ච අරතියා නිවුතත‍්තා පාමොජ‍්ජං අරියානං නිය්‍යානං නප‍්පජානාතීති අරති නිය්‍යානාවරණං, සබ‍්බෙපි කුසලා ධම‍්මා අරියානං නිය්‍යානං, තෙහි ච කුසලෙහි ධම‍්මෙහි අරියා නීයන‍්ති: සබ‍්බෙපි අකුසලා ධම‍්මා නිය්‍යානාවරණං, තෙහි ච අකුසලෙහි ධම‍්මෙහි නිවුතත‍්තා කුසලෙ ධම‍්මෙ අරියානං නිය්‍යානං නප‍්පජානාතීති සබ‍්බෙපි අකුසලා ධම‍්මා නිය්‍යානාවරණා.

ඒ නිර්‍ය්‍යාණයෝ කවරහ යත්: නෙෂ්ක්‍රම්‍යය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ නෛෂ්ක්‍රම්‍යය හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (කාමයෙන්) නික්ම යෙති. කාමච්ඡන්‍දය නිර්‍ය්‍යාණාවරණයෙක. ඒ කාමච්ඡන්‍දයෙනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ නෛෂ්ක්‍රම්‍යය නො දනී නු යි කාමච්ඡන්‍දය නිර්‍ය්‍යාණාවරණ යැ. අව්‍යාපාදය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ අව්‍යාපාදය හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (ව්‍යාපාදයෙන්) නික්ම යෙති. ව්‍යාපාදය නිර්‍ය්‍යාණයට ආවරණයෙක. ඒ ව්‍යාපාදයෙනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ අව්‍යාපාදය නො දනී නු යි ව්‍යාපාදය නිර්‍ය්‍යාණාවරණ යැ. ආලෝකසංඥාව ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ අලෝකසංඥාව හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (ථීනමිද්ධයෙන්) නික්ම යෙති. ථිනමිද්ධය නිර්‍ය්‍යාණයට ආවරණයෙක. ඒ ථිනමිද්ධයෙනු දු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ ආලෝකසංඥාව නො ද නී නු යි. ථීනමිද්ධය නිර්‍ය්‍යාණාවරණ යැ. අවික්‍ෂේපය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ අවික්‍ෂේපය හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (ඖද්ධත්‍යයෙන්) නික්ම යෙති. ඖද්ධත්‍යය නිර්‍ය්‍යාණයට ආවරණයෙක. ඒ ඖද්ධත්‍යයෙනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ අවික්‍ෂේපය නො ද නී නු යි. ඖද්ධත්‍යය නිර්‍ය්‍යාණාවරණ යැ. ධර්‍මවිනිශ්චය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ ධර්‍මවිනිශ්චය හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (විචිකිත්සායෙන්) නික්ම යෙති. විචිකිත්සාව නිර්‍ය්‍යාණයට ආවරණයෙක. ඒ විචිකිත්සායෙනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ ධර්‍මවිනිශ්චය නො ද නී නු යි විචිකිත්සාව නිර්‍ය්‍යාණාවරණ යැ. ඥානය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ ඥානය හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (අවිද්‍යායෙන්) නික්ම යෙති. අවිද්‍යාව නිර්‍ය්‍යාණයට ආවරණයෙක. ඒ අවිද්‍යායෙනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ ඥානය නො ද නී නු යි අවිද්‍යාව නිර්‍ය්‍යාණාවරණ යැ. ප්‍රාමෝද්‍යය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ ප්‍රාමෝද්‍යය හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (අරතියෙන්) නික්ම යෙති. අරතිය නිර්‍ය්‍යාණාවරණයෙක. ඒ අරතියෙනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ ප්‍රාමෝද්‍යය නො ද නී නු යි අරතිය නිර්‍ය්‍යාණාවරණ යැ. හැම කුශලධර්‍මයෝ ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ කුශලධර්‍මයන් හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (හැම අකුශලයෙන්) නික්ම යෙති. හැම අකුශල ධර්‍මයෝ නිර්‍ය්‍යාණාවරණයෝ යැ. ඒ අකුශලධර්‍මයන් විසිනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ කුශලධර්‍මයන් නො ද නී නු යි හැම අකුශලධර්‍මයෝ නිර්‍ය්‍යාණාවරණයෝ යැ.

සොළසඤාණනිද‍්දෙසො සමත‍්තො.

ෂෝඩශඥානනිර්දේශය නිමි.