3. උපක්කිලෙසඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
3. උපක්ලේශ ඥාන නිර්දේශ වර්ණනාව
පඨමච්ඡක්කං
ප්‍රථම ෂට්කය
පඨමච්ඡක්කෙ අස්සාසාදිමජ්ඣපරියොසානන්ති අබ්භන්තරපවිසනවාතස්ස නාසිකග්ගං වා මුඛනිමිත්තං වා ආදි, හදයං මජ්ඣං, නාභි පරියොසානං. තං තස්ස ආදිමජ්ඣපරියොසානං සතියා අනුගච්ඡතො යොගිස්ස ඨානනානත්තානුගමනෙන චිත්තං අජ්ඣත්තං වික්ඛෙපං ගච්ඡති, තං අජ්ඣත්තවික්ඛෙපගතං චිත්තං එකත්තෙ අසණ්ඨහනතො සමාධිස්ස පරිපන්ථො. පස්සාසාදිමජ්ඣපරියොසානන්ති බහිනික්ඛමනවාතස්ස නාභි ආදි, හදයං මජ්ඣං, නාසිකග්ගං වා මුඛනිමිත්තං වා බහිආකාසො වා පරියොසානං. යොජනා පනෙත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බා. අස්සාසපටිකඞ්ඛනා නිකන්තිතණ්හාචරියාති “නාසිකාවාතායත්තමිදං කම්මට්ඨාන”න්ති සල්ලක්ඛෙත්වා ඔළාරිකොළාරිකස්ස අස්සාසස්ස පත්ථනාසඞ්ඛාතා නිකාමනා එව තණ්හාපවත්ති. තණ්හාපවත්තියා සති එකත්තෙ අසණ්ඨහනතො සමාධිස්ස පරිපන්ථො. පස්සාසපටිකඞ්ඛනා නිකන්තීති පුන අස්සාසපුබ්බකස්ස පස්සාසස්ස පත්ථනාසඞ්ඛාතා නිකන්ති. සෙසං වුත්තනයෙනෙව යොජෙතබ්බං. අස්සාසෙනාභිතුන්නස්සාති අතිදීඝං අතිරස්සං වා අස්සාසං කරොන්තස්ස අස්සාසමූලකස්ස කායචිත්තකිලමථස්ස සබ්භාවතො තෙන අස්සාසෙන විද්ධස්ස පීළිතස්ස. පස්සාසපටිලාභෙ මුච්ඡනාති අස්සාසෙන පීළිතත්තායෙව පස්සාසෙ අස්සාදසඤ්ඤිනො පස්සාසං පත්ථයතො තස්මිං පස්සාසපටිලාභෙ රජ්ජනා. පස්සාසමූලකෙපි එසෙව නයො.
ප්‍රථම ෂට්කයෙහි, අස්සාසාදි මජ්ඣ පරියොසානං යනු අභ්‍යන්තරයට පිවිසෙන වාතයෙහි, නාසිකාග්‍රය හෝ මුව නිමිත්ත (ආදියි) මුලයි. හෘදය මධ්‍යයයි. නැබ කෙළවරයි. මුල, මැද, අග සිහිය අනුව යන එම යෝගියාට නානත්ව අනුගමන හේතුයෙන් අධ්‍යාත්ම සිත වික්ෂෙපයට යයි. ඒ අධ්‍යාත්ම වික්ෂෙපගත සිත එකාග්රතාවයෙහි නොපිහිටන හෙයින් සමාධියට උවදුරෙකි. පස්සාසාදි මජ්ඣ පරියොසානං යනු පිටත නික්මෙන වාතයෙහි නැබ මුලයි. හෘදය මධ්‍යයයි නාසිකාග්‍රය මුව නිමිත්ත හෝ පිටත ආකාශය හෝ කෙළවරයි. මෙහි යෙදුම කියන ලද ක්‍රමයෙන්ම දතයුත්තාහ. අස්සාස පටිකංඛනා නිකන්ති තණ්හා චරියා යනු මෙම කමටහන නාසිකා වාතයට ඇතුළත් වූවෙකැයි සලකා දළ දළ ආශ්වාසයෙහි ප්‍රාර්ථනා සංඛ්‍යාත කැමැත්තෙහිම තෘෂ්ණාව පවතී. තෘෂ්ණාවගේ පැවැත්ම ඇතිකල්හි ඒකාග්රතාවයෙහි නොපිහිටන හෙයින් සමාධියට උවදුරෙකැ. පස්සාස පටිකංඛණා නිකන්ති යනු නැවැතැ ආශ්වාස පූර්වක ප්‍රශ්වාසයෙහි ප්‍රාර්ථනා සංඛ්‍යාත ඇල්මයි. සෙස්ස කියන ලද අයුරින් යෙදිය යුතුය. අස්සාසෙනාභිතුන්නස්ස යනු ඉතා දීර්ඝ හෝ ඉතා හ්‍රස්වව ආශ්වාස කරන්නහුට, ආශ්වාස මූලක, කායචිත්ත වෙහෙස ස්වභාව හෙයින්, ඒ ආශ්වාසයෙන් විදින ලද පෙළුණහුගේ, පස්සාස පටිලාභෙ මුච්ඡනා යනු ආශ්වාසයෙහි පීඩිත වූයේම ප්‍රශ්වාසයෙහි ආස්වාද සංඥී වූයේ, ප්‍රශ්වාසය ප්‍රාර්ථනා කරනුයේ ප්‍රශ්වාස ප්‍රතිලාභයෙහි ඇලීමය. ප්‍රශ්වාස මූලකයෙහිද එම ක්‍රමයයි.
වුත්තස්සෙව අත්ථස්ස අනුවණ්ණනත්ථං වුත්තෙසු ගාථාබන්ධෙසු අනුගච්ඡනාති අනුගච්ඡමානා. සතීති අජ්ඣත්තබහිද්ධාවික්ඛෙපහෙතුභූතා සති. වික්ඛිපති අනෙන චිත්තන්ති වික්ඛෙපො. කො සො? අස්සාසො. අජ්ඣත්තං වික්ඛෙපො අජ්ඣත්තවික්ඛෙපො, තස්ස ආකඞ්ඛනා අජ්ඣත්තවික්ඛෙපාකඞ්ඛනා, අසම්මාමනසිකාරවසෙන අජ්ඣත්තවික්ඛෙපකස්ස අස්සාසස්ස ආකඞ්ඛනාති වුත්තං හොති. එතෙනෙව නයෙන බහිද්ධාවික්ඛෙපපත්ථනා වෙදිතබ්බා. යෙහීති යෙහි උපක්කිලෙසෙහි. වික්ඛිප්පමානස්සාති වික්ඛිපියමානස්ස වික්ඛෙපං ආපාදියමානස්ස. නො ච චිත්තං විමුච්චතීති චිත්තං අස්සාසපස්සාසාරම්මණෙ ච නාධිමුච්චති, පච්චනීකධම්මෙහි ච න විමුච්චති. චිත්තං නො ච විමුච්චති පරපත්තියා ච හොන්තීති සම්බන්ධො. විමොක්ඛං අප්පජානන්තාති සො වා අඤ්ඤො වා ආරම්මණාධිමුත්තිවිමොක්ඛඤ්ච පච්චනීකවිමුත්තිවිමොක්ඛඤ්ච එවං අප්පජානන්තා. පරපත්තියාති පරපච්චයං පරසද්දහනං අරහන්ති, න අත්තපච්චක්ඛං ඤාණන්ති “පරපච්චයිකා”ති වත්තබ්බෙ “පරපත්තියා”ති වුත්තං. අත්ථො පන සොයෙව.
කියන ලද අර්ථයෙහිම, අනුවර්ණනා අර්ථ කියන ලද ගාථා බන්ධනයන්හි, අනුගච්ඡනා යනු අනුව යන්නා වූ, සති යනු අධ්‍යාත්ම, බාහිර වික්ෂෙපයට හේතුවූ සිහිය, මෙය කරණ කොටගෙන සිත වික්ෂෙප වේනුයි වික්ඛෙපොයි. එය කවරෙක්ද? ආශ්වාසයයි. අධ්‍යාත්මයෙහි වික්ෂෙපය අධ්‍යාත්ම වික්ෂෙපයයි. එහි කැමැතිවීම අජ්ඣත්ත වික්ඛෙපාකංඛන්නා යනු නොමනා මෙනෙහි කිරීම් වශයෙන් අධ්‍යාත්ම වික්ෂෙපක ආශ්වාසයාගේ කැමැතිවීම යයි යූ.සේයි. එම ක්‍රමයෙන්ම පිටත වික්ෂෙප ප්‍රාර්ථනා දතයුත්තාහ. යෙහි යනු යම් උපක්ලේශයන්ගෙන්, වික්ඛෙපමානස්ස යනු වික්ෂේප වන්නහුට වික්ෂේපය පමුණුවනු ලබන්නේ, නොච චිත්තං විමුච්චති යනු සිත ආශ්වාස ප්‍රශ්වාස ආරම්මණයන්හිද නොඇලේ. විරුද්ධ ධර්මයන්ගෙන්ද නොමිදේ. සිතද නොමිදේ. අන්‍ය කෙලෙසුන්ගේ ප්රාප්තියද වේ යයි සම්බන්ධයයි. විමොක්ඛං අප්පජානන්තා යනු එය හෝ අන්‍ය හෝ ආරම්මණාධිමුක්ති විමොක්ෂයද, විරුද්ධ විමුක්ති විමෝක්ෂයද මෙසේ නොදන්නාහු, පරපත්තියා යනු අන්‍ය ප්‍රත්‍ය, අන්‍ය ඇදහීම්වලට සුදුසු වෙති. ආත්මප්රත්යක්ෂ ඤාණයක් නැත්තේනුයි පරපච්චකායි කිවයුතු කල්හි පරපත්තියායි යූ.සේයි. අර්ථය එයමය.
දුතියච්ඡක්කං
ද්විතීය ෂට්කය
දුතියච්ඡක්කෙ නිමිත්තන්ති අස්සාසපස්සාසානං ඵුසනට්ඨානං. අස්සාසපස්සාසා හි දීඝනාසිකස්ස නාසාපුටං ඝට්ටෙන්තා පවත්තන්ති, රස්සනාසිකස්ස උත්තරොට්ඨං. යදි හි අයං යොගී තං නිමිත්තමෙව ආවජ්ජති, තස්ස නිමිත්තමෙව ආවජ්ජමානස්ස අස්සාසෙ චිත්තං විකම්පති, න පතිට්ඨාතීති අත්ථො. තස්ස තස්මිං චිත්තෙ අප්පතිට්ඨිතෙ සමාධිස්ස අභාවතො තං විකම්පනං සමාධිස්ස පරිපන්ථො. යදි අස්සාසමෙව ආවජ්ජති, තස්ස චිත්තං අබ්භන්තරපවෙසනවසෙන වික්ඛෙපං ආවහති, නිමිත්තෙ න පතිට්ඨාති, තස්මා නිමිත්තෙ විකම්පති. ඉමිනා නයෙන සෙසෙසුපි යොජනා කාතබ්බා. ගාථාසු වික්ඛිප්පතෙති වික්ඛිපීයති වික්ඛෙපං ආපාදීයති.
දෙවන ෂට්කයෙහි, නිමිත්තං යනු ආශ්වාස, ප්‍රශ්වාසයන්ගේ ස්පර්ශවන ස්ථානයයි. ආශ්වාස, ප්‍රශ්වාස වනාහි දීර්ඝ නාසිකයාට නාස්පුට ගැටෙමින් පවතී. හ්‍රස්ව නාසිකයාට උඩුතොලයි. යම්හෙයකින් වනාහි මෙම යෝගියා එම නිමිත්තම ආවර්ජනා කෙරේද? ඔහුට නිමිත්තම ආවර්ජනා කරන කල්හි ආශ්වාසයෙහි සිත චංචල වේ. නොපිහිටයි යන අර්ථයි. ඔහුට එහි සිත නොපිහිටි කල්හි සමාධියෙහි අභාවය හෙයින් එම කම්පනය සමාධියට උවදුරුය. ඉදින් ආශ්වාසයම ආවර්ජනා කෙරේද? ඔහුගේ සිත අභ්‍යන්තර ප්‍රවේශ වශයෙන් වික්ෂෙපය එළවයි. නිමිත්තෙහි නොපිහිටයි. එහෙයින් නිමිත්තෙහි කම්පා වේ. මෙම ක්‍රමයෙන් සෙස්සෙහිද යෙදීම් කළයුතුය. ගාථාවන්හි වික්ඛිප්පතෙ යනු වික්ෂෙපයට පත්වේ. වික්ෂෙපයට පැමිණේ යන අර්ථයි.
තතියච්ඡක්කං
තෘතීය ෂට්කය
තතියච්ඡක්කෙ අතීතානුධාවනං චිත්තන්ති ඵුසනට්ඨානං අතික්කමිත්වා ගතං අස්සාසං වා පස්සාසං වා අනුගච්ඡමානං චිත්තං. වික්ඛෙපානුපතිතන්ති වික්ඛෙපෙන අනුගතං, වික්ඛෙපං වා සයං අනුපතිතං අනුගතං. අනාගතපටිකඞ්ඛනං චිත්තන්ති ඵුසනට්ඨානං අප්පත්තං අස්සාසං වා පස්සාසං වා පටිකඞ්ඛමානං පච්චාසීසමානං චිත්තං. විකම්පිතන්ති තස්මිං අප්පතිට්ඨානෙනෙව වික්ඛෙපෙන විකම්පිතං. ලීනන්ති අතිසිථිලවීරියතාදීහි සඞ්කුචිතං. කොසජ්ජානුපතිතන්ති කුසීතභාවානුගතං. අතිපග්ගහිතන්ති අච්චාරද්ධවීරියතාදීහි අතිඋස්සාහිතං. උද්ධච්චානුපතිතන්ති වික්ඛෙපානුගතං. අභිනතන්ති අස්සාදවත්ථූසු භුසං නතං අල්ලීනං. අපනතන්ති නිරස්සාදවත්ථූසු පතිහතං, තතො අපගතං වා, අපගතනතං වා, න තතො අපගතන්ති අත්ථො. රාගානුපතිතන්ති එත්ථ අස්සාසපස්සාසනිමිත්තං මනසිකරොතො උප්පන්නපීතිසුඛෙ වා පුබ්බෙ හසිතලපිතකීළිතවත්ථූසු වා රාගො අනුපතති. බ්යාපාදානුපතිතන්ති එත්ථ මනසිකාරෙ නිරස්සාදගතචිත්තස්ස උප්පන්නදොමනස්සවසෙන වා පුබ්බෙ සමුදාචිණ්ණෙසු ආඝාතවත්ථූසු වා බ්යාපාදො අනුපතති. ගාථාසු න සමාධියතීති න සමාහිතං හොති. අධිචිත්තන්ති චිත්තසීසෙන නිද්දිට්ඨො අධිකො සමාධි.
තෙවන ෂට්කයෙහි, අතීතානුධාවනං චිත්තං යනු ස්පර්ශ කරන ස්ථානය ඉක්මවා ගිය ආශ්වාස හෝ ප්‍රශ්වාස අනුව යන සිත වික්ඛෙපානුපතිතං යනු වික්ෂෙපය අනුව ගිය හෝ වික්ෂෙපයට තෙමේ අනුව පතිත වූයේ, අනුව ගියේ, අනාගත පටිකංඛනං චිත්තං යනු ස්පර්ශ ස්ථානයට නොපත් ආශ්වාස හෝ ප්‍රශ්වාස හෝ බලාපොරොත්තු වන, අපේක්ෂිත සිතයි. විකම්පිතං යනු එහි නොපිහිටීමෙන්ම වික්‍ෂෙපයෙන් කම්පිත වූ ලීනං යනු ඉතා ලිහිල් වීර්යාදියෙන් හැකිළුණු. කොසජ්ජානු පතිතං යනු කුසීතභාවයට පත්. අතිපග්ගහිතං යනු ඉතා තදින් අරඹන ලද වීර්යාදීන්ගෙන් ඔසවන ලද, උද්ධච්චානුපතිතං යනු වික්ෂෙපය අනුව ගිය, අභිනතං යනු ආශ්වාද වස්තූන්හි බොහෝ සේ නැමුණු එකට ඇලුණු. අපන්තං යනු නිරශ්වාද වස්තූන්හි තෘෂ්ණාව බැහැර කිරීම ඉන් ඉවත් වූයේ, පහකළ තෘෂ්ණා ඇත්තේ ඇල්මෙන් පහවූයේ යයි යන අර්ථයි. රාගානුපතිතං යන මෙහි ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත මෙනෙහි කරන කල්හි උපන් ප්‍රීති සුවයෙහි හෝ පෙර සිනහසුණු, කථාකළ, ක්‍රීඩා කළ වස්තූන්හි හෝ ඇල්ම මත්තෙහි වැටේ. බ්යාපාදානුපතිතං යන මෙහි නිරශ්වාදගත චිත්තයාගේ මනසිකාරයෙහි, උපන් දොම්නස් වශයෙන් හෝ පෙර පුරුදු කරන ලද, ක්‍රෝධ වස්තූන්හි හෝ ව්‍යාපාදය මත්තෙහි වැටේ. ගාථාවන්හි න සමාධියති යනු සමාහිත නොවේ. අධි චිත්තං යනු චිත්ත ශීර්ෂයෙන් නිර්දේශිත අධික සමාධියයි.
එත්තාවතා තීහි ඡක්කෙහි අට්ඨාරස උපක්කිලෙසෙ නිද්දිසිත්වා ඉදානි තෙසං උපක්කිලෙසානං සමාධිස්ස පරිපන්ථභාවසාධනෙන ආදීනවං දස්සෙන්තො පුන අස්සාසාදිමජ්ඣපරියොසානන්තිආදිමාහ. තත්ථ කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්තීති වික්ඛෙපසමුට්ඨානරූපානං වසෙන රූපකායොපි, වික්ඛෙපසන්තතිවසෙන චිත්තම්පි මහතා ඛොභෙන ඛුභිතා සදරථා ච හොන්ති. තතො මන්දතරෙන ඉඤ්ජිතා කම්පිතා, තතො මන්දතරෙන ඵන්දිතා චලිතා හොන්ති. බලවාපි මජ්ඣිමොපි මන්දොපි ඛොභො හොතියෙව, න සක්කා ඛොභෙන න භවිතුන්ති වුත්තං හොති. චිත්තං විකම්පිතත්තාති චිත්තස්ස විකම්පිතත්තා. ගාථාසු පරිපුණ්ණා අභාවිතාති යථා පරිපුණ්ණා හොති, තථා අභාවිතා. ඉඤ්ජිතොති කම්පිතො. ඵන්දිතොති මන්දකම්පිතො. හෙට්ඨා නීවරණානං අනන්තරත්තා “ඉමෙහි ච පන නීවරණෙහී”ති (පටි· ම· 1.153) අච්චන්තසමීපනිදස්සනවචනං කතං. ඉධ පන නිගමනෙ නීවරණානං සන්තරත්තා තෙහි ච පන නීවරණෙහීති පරම්මුඛනිදස්සනවචනං කතං.
මෙතෙකින් ෂට්කත්රයයකින් අටළොස් උපක්ලේශයන් නිර්දේශකොට, දැන් ඒ උපක්ලේශයන්ගේ සමාධියට බලපාන උවදුරුභාවය සිදුවීමෙන් වන ආදීනව දක්වන්නේ නැවත, අස්සාසාදි මජ්ඣ පරියොසානං ආදිය වදාළහ. එහි කායොපි චිත්තම්පි සාරද්ධාච හොන්ති යනු වික්‍ෂෙපයෙන් හටගත් රූපයන්ගේ වශයෙන්, රූපකායයද, වික්ෂෙප නොකඩවා පැවැතීම් වශයෙන් සිතද මහත් කැළැඹීමෙන් කැළැඹුනාහු විඩා සහිත වූවාහුද වෙති. ඉන් මඳ ස්වභාවයෙන් ඉඤ්ජිතා, කම්පිතා කම්පිත වූවාහු සැලුණාහු ඉන් මඳ ස්වභාවයෙන් ඵන්දිතා චලිතා සෙලවුණාහු, චලනය වූවාහු වෙති. බලවත්, මධ්‍යම, මන්ද වශයෙන් කැළැඹීම වේමය. කැළැඹීමෙන් නොවන්ට නොහැකියයි යූ.සේයි. චිත්තං විකම්පිතත්තා යනු සිතෙහි කම්පිත වූ බැවින්, ගාථාවන්හි, පරිපුණ්ණං අභාවිතා යනු යම්සේ සම්පූර්ණ වේද, එසේ නොවඩනා ලද්දේ, ඉඤ්ජිතො යනු කම්පා වූයේ, ඵන්දිතො යනු මඳ කම්පනය, යට නීවරණයන් අනන්තර බැවින් ඉමෙහිච පන නීවරණෙහි යනු අත්‍යන්ත සමීප නිදර්ශන වචනය කරන ලදි. මෙහි වනාහි නිගමනයෙහි නීවරණයන්ගේ අන්තර සහිත බැවිනි. තෙහිච පන නීවරණෙහී යනු පරාම්මුඛ (අභිමුව නොවන) නිදර්ශන වචනය කරන ලදී.
උපක්කිලෙසඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
උපක්ලේශ ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.