6-11. ඤාණරාසිඡක‍්කනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා
6-11. ඤාණරාසිඡක‍්කනිද‍්දෙසවණ‍්ණනා
6-11. ඤාණ රාසි ෂට්ක නිර්දේශ වර්ණනාව
ඉදානි ඡහි රාසීහි උද‍්දිට‍්ඨඤාණෙසු චතුවීසතිසමාධිඤාණනිද‍්දෙසෙ තාව කායානුපස‍්සනාදීනං තිණ‍්ණං චතුක‍්කානං වසෙන ද‍්වාදසන‍්නං වත්‍ථූනං එකෙකස‍්මිං අස‍්සාසවසෙන එකො , පස‍්සාසවසෙන එකොති ද‍්වෙ ද‍්වෙ සමාධීති ද‍්වාදසසු වත්‍ථූසු චතුවීසති සමාධයො හොන‍්ති. ඣානක‍්ඛණෙ තෙහි සම‍්පයුත‍්තානි චතුවීසතිසමාධිවසෙන ඤාණානි.
දැන් ෂට් රාශීන්හි, උදෙසන ලද ඤාණයන්හි, සූවිසි සමාධි ඤාණ නිර්දේශයෙහි, පළමුව කායානුපස්සනා ආදී ත්‍රිවිධ චතුෂ්කයන්ගේ වශයෙන් දොළොස් වස්තූන්ගේ එකිනෙකෙහි ආශ්වාස වශයෙන් එකක්ද, ප්‍රශ්වාස වශයෙන් එකක්දැයි, සමාධිය ද්වයය, ද්වයය බැගින් සමාධීන්යැයි දොළොස් වස්තූන්හි සූවිසි සමාධීහු වෙති. ධ්‍යාන ක්‍ෂණයෙහි ඒ හා සම්ප්‍රයුක්ත සූවිසි සමාධි වශයෙන් ඤාණයෝ වෙති.
ද‍්වාසත‍්තතිවිපස‍්සනාඤාණනිද‍්දෙසෙ දීඝං අස‍්සාසාති “දීඝ”න‍්තිවුත‍්තඅස‍්සාසතො. කිං වුත‍්තං හොති? දීඝං අස‍්සාසහෙතු ඣානං පටිලභිත්‍වා සමාහිතෙන චිත‍්තෙන විපස‍්සනාක‍්ඛණෙ අනිච‍්චතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනාති වුත‍්තං හොති. එස නයො උත‍්තරත්‍රාපි. තෙසංයෙව ද‍්වාදසන‍්නං වත්‍ථූනං එකෙකස‍්මිං අස‍්සාසවසෙන තිස‍්සො, පස‍්සාසවසෙන තිස‍්සොති ඡ ඡ අනුපස‍්සනාති ද‍්වාදසසු වත්‍ථූසු ද‍්වාසත‍්තති අනුපස‍්සනා හොන‍්ති. තා එව ද‍්වාසත‍්තති අනුපස‍්සනා ද‍්වාසත‍්තතිවිපස‍්සනාවසෙන ඤාණානි.
දෙසැත්තෑ විදර්ශනා ඤාණ නිර්දේශයෙහි, දීඝං අස්සාසා යනු දීර්ඝයයි කියන ලද ආශ්වාසයෙන්, කුමක් කියන ලද්දේ වේද, දීර්ඝ ආශ්වාස හේතුයෙන් ධ්‍යාන ලැබ, සමාහිත සිතින්, විදර්ශනා ක්‍ෂණයෙහි අනිත්‍ය වශයෙන් අනුව බලන අර්ථයෙන් විදර්ශනායි යූ.සේයි. මත්තෙහිද මෙම ක්‍රමයම වන්නේය. ඒ දොළොස් වස්තූන්ගේ එකිනෙකෙහි ආශ්වාස වශයෙන් ත්‍රයයක්ද, ප්‍රශ්වාස වශයෙන් ත්‍රයයක්දැයි ෂට් අනුපස්සනායැයි, දොළොස් වස්තූන්හි දෙසැත්තෑ අනුපස්සනා වෙති. එම දෙසැත්තෑ අනුපස්සනා දෙසැත්තෑ විදර්ශනා වශයෙන් වන ඤාණයෝය.
නිබ‍්බිදාඤාණනිද‍්දෙසෙ අනිච‍්චානුපස‍්සී අස‍්සසන‍්ති අනිච‍්චානුපස‍්සී හුත්‍වා අස‍්සසන‍්තො, අනිච‍්චානුපස‍්සී හුත්‍වා වත‍්තෙන‍්තොති අත්‍ථො. “අස‍්සස”න‍්ති ච ඉදං වචනං හෙතුඅත්‍ථෙ දට‍්ඨබ‍්බං. යථාභූතං ජානාති පස‍්සතීති නිබ‍්බිදාඤාණන‍්ති කලාපසම‍්මසනතො පට‍්ඨාය යාව භඞ‍්ගානුපස‍්සනා පවත‍්තවිපස‍්සනාඤාණෙන සඞ‍්ඛාරානං යථාසභාවං ජානාති, චක‍්ඛුනා දිට‍්ඨමිව ච තෙනෙව ඤාණචක‍්ඛුනා පස‍්සති. තස‍්මා නිබ‍්බිදාඤාණං නාමාති අත්‍ථො, සඞ‍්ඛාරෙසු නිබ‍්බින්‍දඤාණං නාමාති වුත‍්තං හොති. උපරි භයතූපට‍්ඨානාදීනං මුඤ‍්චිතුකම්‍යතාදීනඤ‍්ච ඤාණානං විසුං ආගතත‍්තා ඉධ යථාවුත‍්තානෙව විපස‍්සනාඤාණානි නිබ‍්බිදාඤාණානීති වෙදිතබ‍්බානි.
නිර්වේද ඤාණ නිර්දේශයෙහි, අනිච්චානුපස්සී අස්සසං අනිත්‍යය අනුව බලමින් ආශ්වාස කරනුයේ, අනිත්‍යය අනුව බලන්නේ වී, පවතින්නේ යයි අර්ථයි. අස්සසන්ති යන මේ වචනය හේතු අර්ථයෙහි දතයුතුය. යථාභූතං ජානාති පස්සසීති නිබ්බිදා ඤාණං යනු කලාප සම්මර්ශනයෙහි පටන් භංගානුපස්සනාව දක්වා පැවැති විදර්ශනා ඤාණයෙන් සංස්කාරයන්ගේ තත්ත්වාකාරය දනියි. ඇසින් දුටුවාක් මෙන්ම. එම නැණැසින්ම දකියි. එහෙයින් නිර්වේද ඤාණය යැයි අර්ථයි. සංස්කාරයන්හි නිර්වේද ඤාණය නමැයි යූ.සේයි. මත්තෙහි භයතුපට්ඨානාදීන්ගේද, මුඤ්චිතු කම්‍යතා ඤාණාදීන්ගේද වෙන්ව දක්වා ඇති හෙයින් මෙහි කියන ලද ආකාර වුව විදර්ශනා ඤාණයන්, නිර්වේද ඤාණයෝයි දතයුත්තාහ.
නිබ‍්බිදානුලොමඤාණනිද‍්දෙසෙ අනිච‍්චානුපස‍්සී අස‍්සසන‍්ති අනිච‍්චානුපස‍්සිනො අස‍්සසන‍්තස‍්ස. සාමිඅත්‍ථෙ පච‍්චත‍්තවචනං. භයතුපට‍්ඨානෙ පඤ‍්ඤාතිවචනෙනෙව භයතුපට‍්ඨානආදීනවානුපස‍්සනානිබ‍්බිදානුපස‍්සනාඤාණානි වුත‍්තානි හොන‍්ති තිණ‍්ණං එකලක‍්ඛණත‍්තා. ඉමානි තීණි ඤාණානි අනන‍්තරා වුත‍්තානං නිබ‍්බිදාඤාණානං අනුකූලභාවෙන අනුලොමතො නිබ‍්බිදානුලොමඤාණානීති වුත‍්තානි.
නිර්වේද අනුලෝම ඤාණ නිර්දේශයෙහි, අනිච්චානුපස්සී අස්සසං යනු අනිත්‍යය අනුව බලමින් ආශ්වාස කරන්නහුගේ, ෂෂ්ඨ්‍යාර්ථයෙහි ප්‍රථමා ඒකවචනයි. භයතුපට්ඨානෙ පඤ්ඤා යන වචනයෙන්ම භයතුපට්ඨාන, ආදීනවානුපස්සනා, නිබ්බිදානුපස්සනා ඤාණයන් යූ.සේයි. මෙම ත්‍රයයම එක හා සමාන ලක්‍ෂණ හෙයින් මෙම ත්‍රිවිධ ඤාණයන් අනන්තරව කියන ලද නිර්වේද ඤාණයන්ට අනුකූලභාවයෙන් අනුලොම් වන හෙයින් නිර්වේදානුලෝම ඤාණයෝයි යූ.සේයි.
නිබ‍්බිදාපටිප‍්පස‍්සද‍්ධිඤාණනිද‍්දෙසෙ අනිච‍්චානුපස‍්සී අස‍්සසන‍්ති අනන‍්තරසදිසමෙව. පටිසඞ‍්ඛා සන‍්තිට‍්ඨනා පඤ‍්ඤාතිවචනෙනෙව මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛානුපස‍්සනාසඞ‍්ඛාරුපෙක‍්ඛාඤාණානි වුත‍්තානි හොන‍්ති තිණ‍්ණං එකලක‍්ඛණත‍්තා. “පටිසඞ‍්ඛා සන‍්තිට‍්ඨනා”තිවචනෙනෙව අනුලොමඤාණමග‍්ගඤාණානිපි ගහිතානි හොන‍්ති . සඞ‍්ඛාරුපෙක‍්ඛාඤාණඅනුලොමඤාණානිපි හි නිබ‍්බිදාය සිඛාප‍්පත‍්තත‍්තා නිබ‍්බිදාජනනබ්‍යාපාරප‍්පහානෙන නිබ‍්බිදාපටිප‍්පස‍්සද‍්ධිඤාණානි නාම හොන‍්ති. මග‍්ගඤාණං පන නිබ‍්බිදාපටිප‍්පස‍්සද‍්ධන‍්තෙ උප‍්පජ‍්ජනතො නිබ‍්බිදාපටිප‍්පස‍්සද‍්ධිඤාණං නාම හොතීති අතිවිය යුජ‍්ජතීති. නිබ‍්බිදානුලොමඤාණෙසු විය ආදිභූතං මුඤ‍්චිතුකම්‍යතාඤාණං අග‍්ගහෙත්‍වා “පටිසඞ‍්ඛා සන‍්තිට‍්ඨනා”ති අන‍්තෙ ඤාණද‍්වයග‍්ගහණං මග‍්ගඤාණසඞ‍්ගහණත්‍ථං. මුඤ‍්චිතුකම්‍යතාති හි වුත‍්තෙ අනුලොමඤාණං සඞ‍්ගය‍්හති, න මග‍්ගඤාණං. මග‍්ගඤාණඤ‍්හි මුඤ‍්චිතුකම්‍යතා නාම න හොති, කිච‍්චසිද‍්ධියං සන‍්තිට‍්ඨනතො පන සන‍්තිට‍්ඨනා නාම හොති. අට‍්ඨකථායම‍්පි ච “ඵුසනාති අප‍්පනා”ති වුත‍්තං. ඉදඤ‍්ච මග‍්ගඤාණං නිබ‍්බානෙ අප‍්පනාති කත්‍වා සන‍්තිට‍්ඨනා නාම හොතීති “සන‍්තිට‍්ඨනා”තිවචනෙන මග‍්ගඤාණම‍්පි සඞ‍්ගය‍්හති. නිබ‍්බිදානුලොමඤාණානිපි අත්‍ථතො නිබ‍්බිදාඤාණානෙව හොන‍්තීති තානිපි නිබ‍්බිදාඤාණෙහි සඞ‍්ගහෙත්‍වා නිබ‍්බිදාපටිප‍්පස‍්සද‍්ධිඤාණානීති නිබ‍්බිදාගහණමෙව කතං, න නිබ‍්බිදානුලොමග‍්ගහණං. තීසුපි චෙතෙසු ඤාණට‍්ඨකනිද‍්දෙසෙසු චතුත්‍ථස‍්ස ධම‍්මානුපස‍්සනාචතුක‍්කස‍්ස වසෙන වුත‍්තානං චතුන‍්නං වත්‍ථූනං එකෙකස‍්මිං අස‍්සාසවසෙන එකං, පස‍්සාසවසෙන එකන‍්ති ද‍්වෙ ද‍්වෙ ඤාණානීති චතූසු වත්‍ථූසු අට‍්ඨ ඤාණානි හොන‍්ති.
නිර්වේද ප්‍රතිප්‍රශබ්ධි ඤාණ නිර්දේශයෙහි, අනිච්චානු පස්සී අස්සසං යනු අනතුරු කරුණ හා සමානය. පටිසංඛා සන්තිට්ඨානා පඤ්ඤා යන වචනයෙන්ම, මුඤ්චිතු කම්‍යතා, පටිසංඛානුපස්සනා සංස්කාරොපේක්‍ෂා ඤාණ යූ.සේයි. ත්‍රයයම එක හා සමාන ලක්‍ෂණ හෙයින්, පටිසංඛා සන්තිට්ඨනා යන වචනයෙන්ම, අනුලෝම ඤාණ, මාර්ග ඤාණයන්ද ගන්නා ලද්දාහුම වෙති. සංස්කාරොපේක්‍ෂා හා අනුලොම යන ඤාණ නිර්වේදයෙහි මුදුන් පත්හෙයින් නිර්වේද හටගැන්වීමෙහි උත්සාහ ප්‍රහාණයෙන් නිර්වේද ප්‍රතිප්‍රශබ්ධි ඤාණ නම් වෙති. මාර්ග ඤාණය වනාහි නිර්වේද ප්‍රතිප්‍රශබ්ධි අන්තයෙහි උපදනා හෙයින් නිර්වේද ප්‍රතිප්‍රශබ්ධි ඤාණය නම් වේයයි මුඤ්චිතුකම්‍යතා ඤාණය නොගෙන, පටිසංඛා සන්තිට්ඨානායයි අන්තයෙහි ඤාණද්වය ගැනීම මාර්ග ඤාණය සංග්‍රහය සඳහායි මුඤ්චිතු කම්‍යතායි කී කල්හි අනුලෝම ඤාණය සංග්‍රහ වේ. මාර්ග ඤාණය නොවේ. මාර්ග ඤාණය වනාහි මුඤ්චිතු කම්‍යතා නම් නොවේ. කෘත්‍ය සිද්ධියෙහි පිහිටා සිටින හෙයින් සන්තිට්ඨනා නම්වේ. අටුවාවෙහිද ස්පර්ශ කිරීම යැයිද, පැමිණවීම යැයිද යූ.සේයි. මෙම මාර්ග ඤාණයද, නිර්වාණයට පමුණුවයි සලකා සන්තිට්ඨනා නම් වේ. සන්තිට්ඨනා යන වචනයෙන් මාර්ග ඤාණයද ඇතුළත් කෙරේ. නිර්වේදානුලෝම ඤාණයෝද අර්ථ වශයෙන් නිර්වේද ඤාණයෙහිම වෙත්යයි ඒවාද නිර්වේද ඤාණයන්හි සංග්‍රහකොට, නිර්වේද ප්‍රතිප්‍රශබ්ධි ඤාණයෝ යයි නිර්වේද ග්‍රහණයෙහිම ඇතුළත් කරන ලදි. නිර්වේදානුලෝම ග්‍රහණයෙහි නොවේ. මෙම ත්‍රයයම ඤාණෂ්ටක නිර්දේශයන්හි, සිව්වන ධර්මානුපස්සනා චතුෂ්කයාගේ වශයෙන් කියන ලද, සිව් වස්තූන්හි එකිනෙකෙහි ආශ්වාස වශයෙන් එකයයි ඤාණද්වයය බැගින්, සිව් වස්තූන්හි ඤාණ අටක් වෙයි.
විමුත‍්තිසුඛඤාණනිද‍්දෙසෙ පහීනත‍්තාති පහානං දස‍්සෙත්‍වා තස‍්ස පහානස‍්ස සමුච‍්ඡෙදප‍්පහානත‍්තං දස‍්සෙන‍්තො සමුච‍්ඡින‍්නත‍්තාති ආහ. විමුත‍්තිසුඛෙ ඤාණන‍්ති ඵලවිමුත‍්තිසුඛසම‍්පයුත‍්තඤාණඤ‍්ච ඵලවිමුත‍්තිසුඛාරම‍්මණපච‍්චවෙක‍්ඛණඤාණඤ‍්ච. අනුසයවත්‍ථුස‍්ස කිලෙසස‍්ස පහානෙන පරියුට‍්ඨානදුච‍්චරිතවත්‍ථුප‍්පහානං හොතීති දස‍්සනත්‍ථං පුන අනුසයානං පහානං වුත‍්තං. එකවීසතිඵලඤාණං සන්‍ධාය පහීනකිලෙසගණනායපි ඤාණගණනා කතා හොති, පච‍්චවෙක‍්ඛණඤාණඤ‍්ච සන්‍ධාය පහීනකිලෙසපච‍්චවෙක‍්ඛණගණනාය ඵලපච‍්චවෙක‍්ඛණඤාණගණනා කතා හොතීති.
විමුක්ති සුව නිර්දේශයෙහි, පහීණත්තා යනු ප්‍රහාණය දක්වා එම ප්‍රහාණයෙහි මුළුමනින් සිඳදැමීම් වශයෙන් ප්‍රහාණත්වය දක්වන්නේ මුළුමනින් සිඳදැමූ හෙයිනැයි කීය. විමුත්ති සුඛෙ ඤාණං යනු ඵල විමුක්ති සුවය හා සම්ප්‍රයුක්ත ඤාණයද, ඵල විමුක්ති සුව අරමුණුකොට ඇති ප්‍රත්‍යවේක්‍ෂා ඤාණයද වේ. අනුසය වස්තුක ක්ලේශ ප්‍රහාණයෙන්, මැඩගෙන මතුව දුශ්චරිත වස්තූන්හි ප්‍රහාණය වේයයි දැක්වීම සඳහා නැවත අනුසයයන්ගේ ප්‍රහාණය යූ.සේයි. එක්විසි ඵල ඤාණය සඳහා ප්‍රහාණ කෙලෙස් ගණනය අනුව ඤාණ ගණනය කරන ලද්දේ වේ. ප්‍රත්‍යවේක්‍ෂණ ඤාණය සඳහා ප්‍රහීණ කෙලෙස් ප්‍රත්‍යවේක්‍ෂණ ගණනට අනුව, ඵල ප්‍රත්‍යවේක්‍ෂණ ගණන ලද්දේම වේ.
ඤාණරාසිඡක‍්කනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.
ඤාණ රාසි ෂට්ක නිර්දේශ වර්ණනාව නිමි.
සද‍්ධම‍්මප‍්පකාසිනියා පටිසම‍්භිදාමග‍්ගට‍්ඨකථාය
සද්ධර්ම ප්‍රකාශනී නම් වූ ප්‍රතිසම්භිදා මාර්ග අර්ථ කථායෙහි
ආනාපානස‍්සතිකථාවණ‍්ණනා නිට‍්ඨිතා.
ආනාපාන සති කථා වර්ණනාව නිමි.