යෙදුමෙන් කියවන්න

1. පඨමසුත‍්තන‍්තනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

1. පඨමසුත‍්තන‍්තනිද‍්දෙසවණ‍්ණනා

1. ප්‍රථම සූත්‍රාන්ත නිර්දේශ වර්ණනාව

ඉදානි ආනාපානස‍්සතිකථානන‍්තරං කථිතාය ඉන්‍ද්‍රියකථාය අපුබ‍්බත්‍ථානුවණ‍්ණනා අනුප‍්පත‍්තා. අයඤ‍්හි ඉන්‍ද්‍රියකථා ආනාපානස‍්සතිභාවනාය උපකාරකානං ඉන්‍ද්‍රියානං අභාවෙ ආනාපානස‍්සතිභාවනාය අභාවතො තදුපකාරකානං ඉන්‍ද්‍රියානං විසොධනාදිවිධිදස‍්සනත්‍ථං ආනාපානස‍්සතිකථානන‍්තරං කථිතාති තඤ‍්ච කථෙතබ‍්බං ඉන්‍ද්‍රියකථං අත‍්තනා භගවතො සම‍්මුඛා සුතං විඤ‍්ඤාතාධිප‍්පායසුත‍්තන‍්තිකදෙසනං පුබ‍්බඞ‍්ගමං කත්‍වා තදත්‍ථප‍්පකාසනවසෙන කථෙතුකාමො පඨමං තාව එවං මෙ සුතන‍්තිආදිමාහ.

දැන් ආනාපාන සති කථා අන්තරව, කියන ලද ඉන්‍ද්‍රිය කථායෙහි, පෙර සඳහන් නොකළ අර්ථයන්ගේ, අනුවර්ණනාව පැමිණියේය. මෙම ඉන්‍ද්‍රිය කථාව වනාහි ආනාපාන සති භාවනාවට උපකාරක වූ, ඉන්‍ද්‍රියයන්ගේ, අභාවයෙහිදී, ආනාපන සති භාවනාවෙහි අභාවය වන හෙයින්, එයට උපකාර වූ, ඉන්‍ද්‍රියයන්ගේ පිරිසිදු කිරීම් ආදී ක්‍රම දැක්වීම සඳහා ආනාපන සති කථාවට, අනතුරුව කියන ලදැයි එයද කිවයුතුය. ඉන්‍ද්‍රිය කථාව තමා විසින්, භාග්‍යවතුන් හමුයෙහි, අසන ලද, දැනගත් අදහස් සූත්‍රාන්තික දේශනාව පූර්වාංගම කොට, එහි අර්ථ ප්‍රකාශ කිරීම් වශයෙන්, කියනු කැමැතියේ, පළමුව එවං මෙ සුතං යනාදිය වදාළහ.

තත්‍ථ එවන‍්ති නිපාතපදං. මෙතිආදීනි නාමපදානි. විහරතීති එත්‍ථ වි-ඉති උපසග‍්ගපදං, හරතීති ආඛ්‍යාතපදන‍්ති ඉමිනා තාව නයෙන පදවිභාගො වෙදිතබ‍්බො.

එහි එවං යනු නිපාත පදයයි. මෙ යනාදිය නාම පදයන්ය. විහරති යන මෙහි ‘වි’ යනු උපසර්ග පදයයි. ‘හරති’ යනු ආඛ්‍යාත පදයයි සලකා මෙම ක්‍රමයෙන් පද බෙදීම දතයුතුය.

අත්‍ථතො පන උපමූපදෙසගරහපසංසනාකාරවචනග‍්ගහණෙසු එවං-සද‍්දො දිස‍්සති නිදස‍්සනත්‍ථෙ ච අවධාරණත්‍ථෙ ච. ඉධ පන එවංසද‍්දො ආකාරත්‍ථෙ නිදස‍්සනත්‍ථෙ ච විඤ‍්ඤුජනෙන පවුත‍්තො, තථෙව අවධාරණත්‍ථෙ ච.

අර්ථ වශයෙන් වනාහි උපමා, උපදේශ, ගැරහීම්, ප්‍රශංසා කිරීම් ආදී ආකාර වචන සමූහයෙහි එවං ශබ්දය දක්නා ලැබේ. නිදර්ශනාර්ථයෙහිද, අවධාරණාර්ථයෙහිද යෙදේ. මෙහි වනාහි එවං ශබ්දය, ආකාරාර්ථයෙහිද, නිදර්ශනාර්ථයෙහිද, නැණැති ජනයා විසින් පනවන ලදී. (නියමකොට). එසේම අවධාරණාර්ථයෙහිද යෙදේ.

තත්‍ථ ආකාරත්‍ථෙන එවංසද‍්දෙන එතමත්‍ථං දීපෙති – නානානයනිපුණමනෙකජ‍්ඣාසයසමුට‍්ඨානං අත්‍ථබ්‍යඤ‍්ජනසම‍්පන‍්නං විවිධපාටිහාරියං ධම‍්මත්‍ථදෙසනාපටිවෙධගම‍්භීරං සබ‍්බසත‍්තානං සකසකභාසානුරූපතො සොතපථමාගච‍්ඡන‍්තං තස‍්ස භගවතො වචනං සබ‍්බප‍්පකාරෙන කො සමත්‍ථො විඤ‍්ඤාතුං, සබ‍්බථාමෙන පන සොතුකාමතං ජනෙත්‍වාපි එවං මෙ සුතං, මයාපි එකෙනාකාරෙන සුතන‍්ති.

එහි ආකාරාර්ථයෙන් එවං ශබ්දයෙන් එම අර්ථය දක්වයි. නොයෙක් ක්‍රමවේදයන්හි දක්‍ෂ, නොයෙක් අදහස් හටගන්වන, අර්ථ හා අක්‍ෂර පරිපූර්ණව නොයෙක් ප්‍රාතිහාර්යයන්ගෙන් යුක්තව කරනු ලබන, සියලු සත්ත්වයින්ට තම තම භාෂානුරූපව, ස්‍රොතාභිමුඛයට පැමිණෙන, ප්‍රතිවේධ ගම්භීර, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මාර්ථ දේශනා වචනය සර්වාකාර පරිපූර්ණව අවබෝධ කරන්ට කවරෙක් සමර්ථද? සියලු ශක්තියෙන් ශ්‍රවණ කාම්‍යතාව උපදවාද, මා විසින් මෙසේ අසන ලදැයි යනු එක් ආකාරයකින් අසන ලද්දේ යනුයි.

නිදස‍්සනත්‍ථෙන “නාහං සයම‍්භූ, න මයා ඉදං සච‍්ඡිකත”න‍්ති අත‍්තානං පරිමොචෙන‍්තො “එවං මෙ සුතං, මයාපි එවං සුත”න‍්ති ඉදානි වත‍්තබ‍්බං සකලං සුත‍්තං නිදස‍්සෙති.

නිදර්ශනාර්ථයෙන්, මම තෙමේම අවබෝධ කළේ නොවෙමි. මා විසින් මෙය සාක්‍ෂාත් නොකරන ලදීයයි තමා නිදහස් කරගනුයේ මා විසින් මෙය අසන ලදි. මා විසින් මෙසේ අසන ලදැයි දැන් කිවයුතු සමස්ත සූත්‍රය දක්වයි.

අවධාරණත්‍ථෙන ථෙරො සාරිපුත‍්තො “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං මහාපඤ‍්ඤානං යදිදං සාරිපුත‍්තො”ති (අ· නි· 1.188-189), “නාහං, භික‍්ඛවෙ, අඤ‍්ඤං එකපුග‍්ගලම‍්පි සමනුපස‍්සාමි, යො එවං තථාගතෙන අනුත‍්තරං ධම‍්මචක‍්කං පවත‍්තිතං සම‍්මදෙව අනුප‍්පවත‍්තෙති යථයිදං, භික‍්ඛවෙ, සාරිපුත‍්තො. සාරිපුත‍්තො, භික‍්ඛවෙ, තථාගතෙන අනුත‍්තරං ධම‍්මචක‍්කං පවත‍්තිතං සම‍්මදෙව අනුප‍්පවත‍්තෙතී”තිඑවමාදිනා (අ· නි· 1.187) නයෙන භගවතා පසත්‍ථභාවානුරූපං අත‍්තනො ධාරණබලං දස‍්සෙන‍්තො සත‍්තානං සොතුකාමතං ජනෙති “එවං මෙ සුතං, තඤ‍්ච ඛො අත්‍ථතො වා බ්‍යඤ‍්ජනතො වා අනූනමනධිකං, එවමෙව, න අඤ‍්ඤථා දට‍්ඨබ‍්බ”න‍්ති.

අවධාරණාර්ථයෙන්, සැරියුත් තෙරහු, ‘මහණෙනි, මාගේ ශ්‍රාවක මහාප්‍රාඥ භික්‍ෂූන් අතර, යම් ඒ සැරියුත් තෙර වේද, ඔහුම අග්‍රය. මහණෙනි, යමෙක් තථාගතයන් වහන්සේ විසින්, පවත්වන ලද, ශ්‍රේෂ්ඨ ධර්මචක්‍රය මනාව අනුව පවත්වයිද, මහණෙනි, මෙම සැරියුත් තෙරනුවෝ යම්සේ එය කරත්ද? එබඳු වූ අන් එකද පුද්ගලයෙකු හෝ මම නොදකින්නෙමි. මහණෙනි, සැරියුත් භික්‍ෂුව තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද, උතුම් ධර්මචක්‍රය මනාව අනුව පවත්වයි යන මේ ආදී ක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද ආකාරයට අනුරූපව, තමාගේ ධාරණ බලය දක්වනුයේ සත්ත්වයින්ගේ අසනු කැමැත්ත උපදවයි. මා විසින් මෙසේ අසන ලදි. එයද වනාහි අර්ථ වශයෙන්, අක්‍ෂර වශයෙන්ද අඩුවැඩි නොවී එපරිද්දෙන්ම දැකිය යුතුය. අන් අයුරකින් නොවේ.

මෙසද‍්දො කරණසම‍්පදානසාමිඅත්‍ථෙසු දිස‍්සති. ඉධ පන “මයා සුතං, මම සුත”න‍්ති ච අත්‍ථද‍්වයෙ යුජ‍්ජති.

‘මෙ’ ශබ්දය, කරණ, සම්ප්‍රදාන, ෂෂ්ඨී අර්ථයන්හි පෙනේ. මෙහි වනාහි, මා විසින් අසන ලදි. මාගේ ඇසීමයයි යන අර්ථද්වයයෙහි යෙදේ.

සුතන‍්ති අයංසද‍්දො සඋපසග‍්ගො අනුපසග‍්ගො ච විස‍්සුතගමනකිලින‍්නඋපචිතඅනුයොගසොතවිඤ‍්ඤෙය්‍යෙසු දිස‍්සති විඤ‍්ඤාතෙපි ච සොතද‍්වාරානුසාරෙන. ඉධ පනස‍්ස සොතද‍්වාරානුසාරෙන උපධාරිතන‍්ති වා උපධාරණන‍්ති වා අත්‍ථො. මෙ-සද‍්දස‍්ස හි මයාතිඅත්‍ථෙ සති “එවං මයා සුතං සොතද‍්වාරානුසාරෙන උපධාරිත”න‍්ති යුජ‍්ජති, මමාතිඅත්‍ථෙ සති “එවං මම සුතං සොතද‍්වාරානුසාරෙන උපධාරණ”න‍්ති යුජ‍්ජති.

සුතං යන මෙම ශබ්දය උපසර්ග සහිතවද, උපසර්ග රහිතවද ප්‍රකට, ගමන, තෙත්, රැස්කළ, යෙදීම, කණින් ශබ්ද තේරුම් ගැනීම්, ස්‍රෝතද්වාරානුසාරයෙන් දැනගැනීම්හිද පෙනේ. මෙහි වනාහි ස්‍රෝත ද්වාරානුසාරයෙන් සලකා බලන ලදුයේ හෝ සලකා බැලීම යැයිද අර්ථය වන්නේය. ‘මෙ’ ශබ්දයෙහි මා විසින් යයි අර්ථය ඇතිකල්හි, මෙසේ මා විසින් අසන ලදි. ස්‍රෝත ද්වාරානුසාරයෙන් මෙසේ සලකා බලන ලදී යයි යෝග්‍යයයි මාගේ යැයි අර්ථය ඇතිකල්හි, මෙසේ මාගේ ඇසීම ස්‍රෝත ද්වාරානුසාරයෙන් සලකා බලන ලද්දේ යැයි සුදුසුයි.

අපිච “එවං මෙ සුත”න‍්ති අත‍්තනා උප‍්පාදිතභාවං අප‍්පටිජානන‍්තො පුරිමසවනං විවරන‍්තො “සම‍්මුඛා පටිග‍්ගහිතමිදං මයා තස‍්ස භගවතො චතුවෙසාරජ‍්ජවිසාරදස‍්ස දසබලධරස‍්ස ආසභට‍්ඨානට‍්ඨායිනො සීහනාදනාදිනො සබ‍්බසත‍්තුත‍්තමස‍්ස ධම‍්මිස‍්සරස‍්ස ධම‍්මරාජස‍්ස ධම‍්මාධිපතිනො ධම‍්මදීපස‍්ස ධම‍්මසරණස‍්ස සද‍්ධම‍්මවරචක‍්කවත‍්තිනො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස වචනං, න එත්‍ථ අත්‍ථෙ වා ධම‍්මෙ වා පදෙ වා බ්‍යඤ‍්ජනෙ වා කඞ‍්ඛා වා විමති වා කාතබ‍්බා”ති ඉමස‍්මිං ධම‍්මෙ අස‍්සද‍්ධියං විනාසෙති, සද‍්ධාසම‍්පදං උප‍්පාදෙතීති. තෙනෙතං වුච‍්චති –

තවද, එව මෙම සුතං යනු තමා විසින් උපදවන ලද බව නොපිළිගනුයේ ප්‍රථම ශ්‍රවණය විවර කරනුයේ, මා විසින් චතුර් වෛශාරද්‍ය විශාරද, දශබලධාරී, ශ්‍රේෂ්ඨ ස්ථානයෙහි සිට සිහනද නදන, සියලු සත්ත්වයින්ට උතුම්, ධර්මේශ්වර, ධර්මරාජ, ධර්මාධිපති, ධර්මදීප, ධර්ම සරණ, සද්ධර්මවර චක්‍රවර්ති සම්‍යක් සම්බුද්ධ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ, හමුයෙහි මෙය මා විසින් පිළිගන්නා ලදි. මෙම අර්ථයෙහි හෝ ධර්මයෙහි හෝ පදයෙහි හෝ අක්‍ෂරයෙහි හෝ සැකයක් හෝ විමතියක් හෝ නොකටයුත්තාහුය. මෙම ධර්මයෙහිදී අශ්‍රද්ධාවත් භාවය විනාශ කරයි. ශ්‍රද්ධා සම්පත උපදවයි. එහෙයින් එය යූ.සේයි.

“විනාසයති අස‍්සද‍්ධං, සද‍්ධං වඩ‍්ඪෙති සාසනෙ; එවං මෙ සුතමිච‍්චෙවං, වදං ගොතමසාවකො”ති.

විනාසයති අස්සද්ධං - සද්ධං වඩ්ඪෙති සාසනෙ, එව ම්මෙ සුතමිච්චෙවං - වදං ගොතම සාවකො

මෙසේ මා විසින් අසන ලදැයි යනුවෙන් මෙසේ කියන්නා වූ, ගෞතම ශ්‍රාවක තෙමේ අශ්‍රද්ධාව විනාශ කරයි. ශ්‍රද්ධාව දියුණු කරයි.

එකන‍්ති ගණනපරිච‍්ඡෙදනිද‍්දෙසො. සමයන‍්ති පරිච‍්ඡින‍්නනිද‍්දෙසො. එකං සමයන‍්ති අනියමිතපරිදීපනං. තත්‍ථ සමයසද‍්දො –

එකං යනු ගණන පිරිසිඳීම් නිර්දේශයයි. සමයං යනු පිරිසිඳීම් නිර්දේශයයි. එකං සමයං යනු කාලය අනියමෙන් දැක්වීමයි.

සමවායෙ ඛණෙ කාලෙ, සමූහෙ හෙතුදිට‍්ඨිසු; පටිලාභෙ පහානෙ ච, පටිවෙධෙ ච දිස‍්සති.

සමවායෙ ඛණෙ කාලෙ - සමූහෙ හෙතු දිට්ඨීසු, පටිලාභෙ පහාණෙච - පටිවෙධෙච දිස්සති

එහි සමය ශබ්දය, රැස්වීමෙහි, ක්‍ෂණයෙහි, කාලයෙහි, සමූහයෙහි, හේතුවෙහි, දෘෂ්ටීන්හි, ප්‍රතිලාභයෙහි, ප්‍රහාණයෙහි, ප්‍රතිවේධයෙහිද පෙනේ.

ඉධ පනස‍්ස කාලො අත්‍ථො. තෙන සංවච‍්ඡරඋතුමාසද‍්ධමාසරත‍්තින්‍දිවපුබ‍්බණ‍්හමජ‍්ඣන‍්හිකසායන‍්හපඨම- මජ‍්ඣිමපච‍්ඡිමයාමමුහුත‍්තාදීසු කාලප‍්පභෙදභූතෙසු සමයෙසු එකං සමයන‍්ති දීපෙති.

මෙහි වනාහි කාලය යන අර්ථයි. එයින් සංවත්සර, සෘතු, මාස, අඩමස්, දිවා රාත්‍රී, පූර්වාහ්න, මධ්‍යාහ්න, සවස්කාලය, ප්‍රථම, මධ්‍යම, පශ්චිමාදී යාමයන්, මුහුර්තාදී කාලප්‍රභේද වූ සමයයන් අතරෙහි එක් සමයයකයැයි දක්වයි.

තත්‍ථ කිඤ‍්චාපි එතෙසු සංවච‍්ඡරාදීසු සමයෙසු යං යං සුත‍්තං යම‍්හි යම‍්හි සංවච‍්ඡරෙ උතුම‍්හි මාසෙ පක‍්ඛෙ රත‍්තිභාගෙ දිවසභාගෙ වා වුත‍්තං, සබ‍්බං තං ථෙරස‍්ස සුවිදිතං සුවවත්‍ථාපිතං පඤ‍්ඤාය. යස‍්මා පන “එවං මෙ සුතං අසුකසංවච‍්ඡරෙ අසුකඋතුම‍්හි අසුකමාසෙ අසුකපක‍්ඛෙ අසුකරත‍්තිභාගෙ අසුකදිවසභාගෙ වා”ති එවං වුත‍්තෙ න සක‍්කා සුඛෙන ධාරෙතුං වා උද‍්දිසිතුං වා උද‍්දිසාපෙතුං වා, බහු ච වත‍්තබ‍්බං හොති, තස‍්මා එකෙනෙව පදෙන තමත්‍ථං සමොධානෙත්‍වා “එකං සමය”න‍්ති ආහ.

එහි කිසිසේත් එම සංවත්සරාදී සමයයන්හි, යම් යම් සූත්‍රයක් යම් සංවත්සරයක, සෘතුවක, මාසයක, පක්‍ෂයක, රාත්‍රී කාලයෙහි, දිවා කාලයෙහි යයි දක්වන ලද්දේද, ඒ සියල්ල තෙරුන්ගේ ප්‍රඥායෙන් මනාව දන්නා ලදි. මනාව ව්‍යවස්ථාපිතය. යම්හෙයකින් වනාහි අසවල් සංවත්සරයෙහි, අසවල් සෘතුයෙහි, අසවල් මාසයෙහි, අසවල් පක්‍ෂයෙහි, අසවල් රාත්‍රී භාගයෙහි, අසවල් දිවා භාගයෙහි මා විසින් මෙසේ අසන ලදැයි, මෙසේ කී කල්හි සුවසේ ධාරණය කිරීමට හෝ උදෙසීමට හෝ උදෙසවීමට හෝ නොහැකිය. බොහෝ සේ කිවයුතුද වේ. එහෙයින් එක් පදයකින්ම එම අර්ථය කැටිකොට ‘එකං සමයං’ යැයි වදාළහ.

යෙ වා ඉමෙ ගබ‍්භොක‍්කන‍්තිසමයො ජාතිසමයො සංවෙගසමයො අභිනික‍්ඛමනසමයො දුක‍්කරකාරිකසමයො මාරවිජයසමයො අභිසම‍්බොධිසමයො දිට‍්ඨධම‍්මසුඛවිහාරසමයො දෙසනාසමයො පරිනිබ‍්බානසමයොතිඑවමාදයො භගවතො දෙවමනුස‍්සෙසු අතිවිය පකාසා අනෙකකාලප‍්පභෙදා එව සමයා, තෙසු සමයෙසු දෙසනාසමයසඞ‍්ඛාතං එකං සමයන‍්ති දීපෙති. යො චායං ඤාණකරුණාකිච‍්චසමයෙසු කරුණාකිච‍්චසමයො, අත‍්තහිතපරහිතපටිපත‍්තිසමයෙසු පරහිතපටිපත‍්තිසමයො, සන‍්නිපතිතානං කරණීයද‍්වයසමයෙසු ධම‍්මිකථාසමයො, දෙසනාපටිපත‍්තිසමයෙසු දෙසනාසමයො, තෙසුපි සමයෙසු අඤ‍්ඤතරං සමයං සන්‍ධාය “එකං සමය”න‍්ති ආහ.

යම් ආකාර වූ මෙම ගර්භාවක්‍රාන්තික සමය, ජාති සමය, සංවේග සමය, අභිනිෂ්ක්‍රමණ සමය, දුෂ්කර ක්‍රියා සමය, මාරවිජය සමය, බුද්ධත්වයට පත් සමය, ඉහාත්ම සුව විහරණ සමය, පිරිනිව්න සමය යැයි මේ ආදී භාග්‍යවතුන් වහන්සේගේ දෙවිමිනිසුන් අතර අතිශයින් බැබළුණු නොයෙක් කාල ප්‍රභේදයන්ම සමය නමැ. එම සමයයන් අතර දේශනා සමය සංඛ්‍යාත එක් සමයයෙකැයි දක්වයි. යම් මේ ඤාණ කරුණා කෘත්‍ය සමයයන්හි, කරුණා කෘත්‍යය සමයයි. ආත්මහිත පරහිත ප්‍රතිපත්ති සමයයන්හි, පරහිත ප්‍රතිපත්ති සමයයි. රැස්වූවන්ට කළයුතු ද්විකාර්ය සමයයන්හි, ධාර්මික කථා සමයයි. දේශනා ප්‍රතිපත්ති සමයයන්හි දේශනා සමයයි. එම සමයයන් අතර එක්තරා සමයක් සඳහා එක් සමයෙක්හි යැයි වදාළහ.

යස‍්මා පන “එකං සමය”න‍්ති අච‍්චන‍්තසංයොගත්‍ථො සම‍්භවති. යඤ‍්හි සමයං භගවා ඉමං අඤ‍්ඤං වා සුත‍්තන‍්තං දෙසෙසි, අච‍්චන‍්තමෙව තං සමයං කරුණාවිහාරෙන විහාසි, තස‍්මා තදත්‍ථජොතනත්‍ථං ඉධ උපයොගවචනනිද‍්දෙසො කතොති.

යම් හෙයකින් වනාහි එක් සමයෙක්හියැයි අත්‍යන්ත සංයෝගාර්ථය හටගනීද, යම් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මෙය හෝ අන්‍ය හෝ සූත්‍රාන්තයක් දේශනා කළසේක්ද, අත්‍යන්තයෙන්ම එසමය කරුණා විහරණයෙන් වාසය කළ සේක. එහෙයින් එම අර්ථය බැබළවීම සඳහා මෙහි ද්විතියා වචන නිර්දේශය කරන ලදි.

තෙනෙතං වුච‍්චති –

එහෙයින් එය යූ.සේයි –

“තං තං අත්‍ථමපෙක‍්ඛිත්‍වා, භුම‍්මෙන කරණෙන ච; අඤ‍්ඤත්‍ර සමයො වුත‍්තො, උපයොගෙන සො ඉධා”ති.

තං තං අත්‍ථමපෙක්ඛිත්‍වා - භුම්මෙන තරණෙනච, අඤ්ඤත්‍ථ සමයො වුත්තො - උපයොගෙන සො ඉධා ති

ඒ ඒ අර්ථ අපේක්‍ෂාකොට සත්තමියෙන් හෝ කරණයෙන්ද අන් තන්හි සමය කියන දි. එය මෙහි ද්විතියාවෙන් දක්වයි.

පොරාණා පන වණ‍්ණයන‍්ති – “තස‍්මිං සමයෙ”ති වා “තෙන සමයෙනා”ති වා “තං සමය”න‍්ති වා අභිලාපමත‍්තභෙදො එස, සබ‍්බත්‍ථ භුම‍්මමෙවත්‍ථොති. තස‍්මා “එකං සමය”න‍්ති වුත‍්තෙපි “එකස‍්මිං සමයෙ”ති අත්‍ථො වෙදිතබ‍්බො.

පෞරාණිකයෝ වර්ණනා කරති. තස්මිං සමයෙ හෝ තෙන සමයෙන හෝ තං සමයං හෝ යන එය කීම් මාත්‍ර භේදයකි. හැමතන්හිම සත්තමියටම අදාළ අර්ථයයි. එහෙයින් එකං සමයං යයි කී කල්හිද, එකස්මිං සමයෙ එක් කලෙක්හි යැයි අර්ථය දතයුතුය.

භගවාති ගරු. ගරුඤ‍්හි ලොකෙ “භගවා”ති වදන‍්ති. අයඤ‍්ච සබ‍්බගුණවිසිට‍්ඨතාය සබ‍්බසත‍්තානං ගරු, තස‍්මා “භගවා”ති වෙදිතබ‍්බො. පොරාණෙහිපි වුත‍්තං –

භගවා යනු ලෝකයෙහි ගුරුන්ගෙත් ගුරු භගවා යැයි කියති. මෙතුමාණෝද, සියලු ගුණයන්ගෙන් විශිෂ්ට හෙයින්ද, සියලු සත්ත්වයින්ට ගුරුය. එහෙයින් භගවා යැයි දතයුතුය. පෞරාණිකයින් විසින්ද යූ.සේයි –

“භගවාති වචනං සෙට‍්ඨං, භගවාති වචනමුත‍්තමං; ගරු ගාරවයුත‍්තො සො, භගවා තෙන වුච‍්චතී”ති.

භගවාති වචනං සෙට්ඨං - භගවාති වචන මුත්තමං, ගුරුගාරව යුත්තො සො - භගවා තෙන වුච්චතීති

භගවා යන වචනය ශ්‍රේෂ්ඨය. භගවා යන වචනය උතුම්ය. එතුමාණෝ ගුරු ගෞරවයේන යුක්තය. එහෙයින් භගවායි යූ.සේයි.

අපිච –

තවද,

“භාග්‍යවා භග‍්ගවා යුත‍්තො, භගෙහි ච විභත‍්තවා; භත‍්තවා වන‍්තගමනො, භවෙසු භගවා තතො”ති. –

භාග්‍යවා භග්ගවා යුත්තො - භගෙහිච විභත්තවා, භත්තවා වන්තගමනො - භවෙසු භගවා තතො’ති

පිනැත්තේ, කෙලෙස් බිඳින ලද්දේද, වාසනාවෙන් යුක්ත වූයේ, සියලු ධර්මයන් මනාව බෙදා වෙන්කරන ලද්දේ, භවයන්හි වැමෑරු ගමන් ඇත්තේ, එහෙයින් භගවා නම්වේ.

ඉමිස‍්සාපි ගාථාය වසෙන අස‍්ස පදස‍්ස විත්‍ථාරතො අත්‍ථො වෙදිතබ‍්බො. සො ච විසුද‍්ධිමග‍්ගෙ බුද‍්ධානුස‍්සතිනිද‍්දෙසෙ (විසුද‍්ධි· 1.123 ආදයො) වුත‍්තොයෙව.

මෙම ගාථාවගේ වශයෙන්ද, එම පදයෙහි විස්තර වශයෙන් අර්ථය දතයුතුය. එය විශුද්ධි මාර්ගයෙහි බුද්ධානුස්මෘති නිර්දේශයෙහි යූ.සේයි.

එත‍්තාවතා චෙත්‍ථ එවන‍්ති වචනෙන දෙසනාසම‍්පත‍්තිං නිද‍්දිසති, මෙ සුතන‍්ති සාවකසම‍්පත‍්තිං, එකං සමයන‍්ති කාලසම‍්පත‍්තිං, භගවාති දෙසකසම‍්පත‍්තිං.

මෙතෙකින් මෙහි ‘එවං’ යන වචනයෙන් දේශනා සම්පත්තිය නිර්දේශ කරයි. ‘මෙ සුතං’ යනු ශ්‍රාවක සම්පත්තියයි. ‘එකං සමයං’ යනු කාල සම්පත්තියයි. ‘භගවා’ යනු දේශක සම්පත්තියයි.

සාවත්‍ථියන‍්ති එත්‍ථ ච සවත්‍ථස‍්ස ඉසිනො නිවාසට‍්ඨානභූතා නගරී සාවත්‍ථී, යථා කාකන්‍දී මාකන්‍දීති එවං තාව අක‍්ඛරචින‍්තකා. අට‍්ඨකථාචරියා පන භණන‍්ති – යං කිඤ‍්චි මනුස‍්සානං උපභොගපරිභොගං සබ‍්බමෙත්‍ථ අත්‍ථීති සාවත්‍ථී, සත්‍ථසමායොගෙ ච කිං භණ‍්ඩමත්‍ථීති පුච‍්ඡිතෙ සබ‍්බමත්‍ථීතිපි වචනමුපාදාය සාවත්‍ථී.

සාවත්‍ථියං යන මෙහිද, සවත්‍ථ සෘෂිවරයාගේ නිවාසස්ථානය වූ නගරය සාවත්‍ථියි. කාකන්‍දි, මාකන්‍දි යම්සේද, මෙසේ අක්‍ෂර චින්තකයෝ කියති. අට්ඨකථාචාර්යයෝ වනාහි මෙසේ කියති. වෙළඳාම සඳහා භාණ්ඩ ගෙන යන පිරිස එක්වී, කවර භාණ්ඩ ඇත්දැයි විමසූකල්හි සියල්ල ඇත්තේ යයි යන වචනය ගෙන සාවත්‍ථි නම් වේ.

“සබ‍්බදා සබ‍්බූපකරණං, සාවත්‍ථියං සමොහිතං; තස‍්මා සබ‍්බමුපාදාය, සාවත්‍ථීති පවුච‍්චතී”ති. –

හැමකල්හි සියලු උපකරණ සැවැත්හි රැස්කරන ලදි. එහෙයින් සියල්ල යන වචනය ගෙන සාවත්‍ථි යයි කියනු ලැබේ.

තස‍්සං සාවත්‍ථියං. සමීපත්‍ථෙ භුම‍්මවචනං. විහරතීති අවිසෙසෙන ඉරියාපථදිබ‍්බබ්‍රහ‍්මඅරියවිහාරෙසු අඤ‍්ඤතරවිහාරසමඞ‍්ගිපරිදීපනමෙතං, ඉධ පන ඨානගමනාසනසයනප‍්පභෙදෙසු ඉරියාපථෙසු අඤ‍්ඤතරඉරියාපථසමායොගපරිදීපනං. තෙන ඨිතොපි ගච‍්ඡන‍්තොපි නිසින‍්නොපි සයානොපි භගවා “විහරති”ච‍්චෙව වෙදිතබ‍්බො. සො හි භගවා එකං ඉරියාපථබාධනං අඤ‍්ඤෙන ඉරියාපථෙන විච‍්ඡින්‍දිත්‍වා අපරිපතන‍්තමත‍්තභාවං හරති පවත‍්තෙති, තස‍්මා “විහරතී”ති වුච‍්චති.

එම සැවතෙහි, සමීපාර්ථයෙහි සත්තමී වචනයි. විහරති යනු අවිශේෂයෙන්, ඉරියව්, දිව්‍ය, බ්‍රහ්ම, ආර්ය විහරණයන්හි, එක්තරා විහරණයකින් යුක්ත බව දැක්වීමයි. මෙහි වනාහි සිටීම, ගමන් කිරීම, හිඳගැනීම, සයනය ආදී ප්‍රභේදගත ඉරියව්හි එක්තරා ඉරියව්වක එක්වීම දැක්වීමයි. එහෙයින් සිටියේද, ගමන් කරනුයේද, හිඳිනුයේද, සයනය කරනුයේද, භාග්‍යවතුන් වහන්සේ වාසය කරත් කියාම දතයුතුය. ඒ භාග්‍යවතුන් වහන්සේ එක් ඉරියව් ප්‍රයෝගයක් අන් ඉරියව්වකින් මනාව සිඳ, බිඳ නොවැටීම් මාත්‍රභාවයක් ගෙනයත්. පවත්වත්. එහෙයින් වාසය කරත් යයි යූ.සේයි.

ජෙතවනෙති එත්‍ථ අත‍්තනො පච‍්චත්‍ථිකජනං ජිනාතීති ජෙතො, රඤ‍්ඤො වා අත‍්තනො පච‍්චත්‍ථිකජනෙ ජිතෙ ජාතොති ජෙතො, මඞ‍්ගලකම්‍යතාය වා තස‍්ස එවංනාමමෙව කතන‍්ති ජෙතො, වනයතීති වනං, අත‍්තසම‍්පදාය සත‍්තානං භත‍්තිං කාරෙති, අත‍්තනි සිනෙහං උප‍්පාදෙතීති අත්‍ථො. වනුතෙ ඉති වා වනං, නානාවිධකුසුමගන්‍ධසම‍්මොදමත‍්තකොකිලාදිවිහඞ‍්ගාභිරුතෙහි මන්‍දමාරුතචලිතරුක‍්ඛසාඛාවිටපපල‍්ලවපලාසෙහි “එථ මං පරිභුඤ‍්ජථා”ති පාණිනො යාචති වියාති අත්‍ථො. ජෙතස‍්ස වනං ජෙතවනං. තඤ‍්හි ජෙතෙන රාජකුමාරෙන රොපිතං සංවද‍්ධිතං පරිපාලිතං, සො ච තස‍්ස සාමී අහොසි, තස‍්මා ජෙතවනන‍්ති වුච‍්චති. තස‍්මිං ජෙතවනෙ. වනඤ‍්ච නාම රොපිමං සයංජාතන‍්ති දුවිධං. ඉදඤ‍්ච වෙළුවනාදීනි ච රොපිමානි, අන්‍ධවනමහාවනාදීනි සයංජාතානි.

ජෙතවනෙ යනු තමාගේ සතුරු ජනයා දිනයිනුයි ජෙතොයි. රජුගේ තම සතුරු ජන ජයග්‍රහණයෙන් හටගත්තේනුයි ජෙතොයි. යහපත කැමැත්තේ එයට මේ ආකාර නාමයම කරන ලදැයි ජෙතොයි. වැඩේනුයි වන නම් වේ. තම සම්පතින් සත්ත්වයින්ගේ භක්තිය ඇති කරයි. ස්නේහය උපදවයි යන අර්ථයි. නොයෙක් ආකාර පුෂ්ප සුගන්ධයන්ගෙන් හටගත් සන්තුෂ්ටියෙන් මත් කොවුල් ආදි විහඟ නාදයන්ගෙන්ද, මදනල සලිත රුක් අතුරිකිලි හා කොළවලින් එවු මා පරිභෝග කරවු යයි ප්‍රාණීන්ට යාඥා කරන්නාක් මෙනැයි අර්ථයි. ජේතගේ වනය ජේතවනංයි. එම ජේත නමැති රාජ කුමාරයා විසින් රෝපණය කරන ලද්දේ සංවර්ධනය කරන ලද්දේ, පරිපාලනය කරන ලද්දේ, ඔහුම එහි ස්වාමියා වූයේය. එහෙයින් ජේතවනං යැයි යූ.සේයි. එම ජේතවනයෙහි, වනය රෝපණය කරන ලද හා ස්වයංජාතයයි දෙවදෑරුම්ය. මෙයද වේළුවනාදීන්ද රෝපිතය. අන්ධවන මහාවනාදීහු ස්වයංජාතය.

අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙති සුදත‍්තො නාම සො ගහපති මාතාපිතූහි කතනාමවසෙන. සබ‍්බකාමසමිද‍්ධතාය පන විගතමච‍්ඡෙරතාය කරුණාදිගුණසමඞ‍්ගිතාය ච නිච‍්චකාලං අනාථානං පිණ‍්ඩමදාසි, තෙන අනාථපිණ‍්ඩිකොති සඞ‍්ඛං ගතො. ආරමන‍්ති එත්‍ථ පාණිනො, විසෙසෙන වා පබ‍්බජිතාති ආරාමො, තස‍්ස පුප‍්ඵඵලාදිසොභාය නාතිදූරනච‍්චාසන‍්නතාදිපඤ‍්චවිධසෙනාසනඞ‍්ගසම‍්පත‍්තියා ච තතො තතො ආගම‍්ම රමන‍්ති අභිරමන‍්ති, අනුක‍්කණ‍්ඨිතා හුත්‍වා නිවසන‍්තීති අත්‍ථො. වුත‍්තප‍්පකාරාය වා සම‍්පත‍්තියා තත්‍ථ තත්‍ථ ගතෙපි අත‍්තනො අබ‍්භන‍්තරං ආනෙත්‍වා රමාපෙතීති ආරාමො. සො හි අනාථපිණ‍්ඩිකෙන ගහපතිනා ජෙතස‍්ස රාජකුමාරස‍්ස හත්‍ථතො අට‍්ඨාරසහි හිරඤ‍්ඤකොටීහි කොටිසන්‍ථරෙන කීණිත්‍වා අට‍්ඨාරසහි හිරඤ‍්ඤකොටීහි සෙනාසනානි කාරාපෙත්‍වා අට‍්ඨාරසහි හිරඤ‍්ඤකොටීහි විහාරමහං නිට‍්ඨාපෙත්‍වා එවං චතුපඤ‍්ඤාසහිරඤ‍්ඤකොටිපරිච‍්චාගෙන බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිය්‍යාදිතො, තස‍්මා “අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමො”ති වුච‍්චති. තස‍්මිං අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.

අනාථපිණ්ඩිකස්ස ආරාමෙ යනු මව්පියවරුන් විසින් කරන ලද නම් වශයෙන්, ඒ සුදත්ත නම් ගෘහපති තෙමේ, සියලු කැමති දැයින්, සමෘද්ධිමත් හෙයින්, පහවූ මසුරුමල ඇතියේ, කරුණා ආදී ගුණයන්ගෙන් යුක්ත හෙයින්ද, සැමදා අනාථයින්ට බත් පිඩු දුන්නේය. එහෙයින් අනාථ පිණ්ඩික යයි යන සංඛ්‍යාවට ගියේය. මෙහි ප්‍රාණීහු සිත් අලවති. විශේෂයෙන් පැවිද්දෝනුයි ආරාමොයි. එහි පුෂ්ප ඵලාදී සෝභායෙන්ද, නොදුරු, නොළං ආදී පස්වැදෑරුම් සේනාසනාංග සම්පත්තියෙන්ද, ඒ ඒ තැන්වලින් අවුත් සිත් අලවත්. සතුටින් කල් යවත්. නොකලකිරී වාසය කෙරෙත් යයි අර්ථයි. කියන ලද ආකාර සැපතින් පිරී ඇති හෙයින් ඒ ඒ තන්හි ගියේද, තම අභ්‍යන්තරයට ගෙනවුත් සිත් අලවයිනුයි ආරාමොයි. එය වනාහි අනාථ පිණ්ඩික ගෘහපතියා විසින්, අටළොස් කෝටියක් රන්කහවණු ඇතිරවීමෙන්, ජේත නම් රජකුමරුන්ගේ අතින් මිලට ගෙන රන් කහවණු අටළොස් කෝටියකින් සෙනසුන කරවා, රන් කහවණු අටළොස් කෝටියකින් මහා විහාරය නිමවා, මෙසේ රන් කහවණු සිව්පණස් කෝටියක් පරිත්‍යාගයෙන් බුද්ධ ප්‍රමුඛ භික්‍ෂු සංථයාට භාරදෙන ලදි. එහෙයින් අනාථ පිණ්ඩිකගේ ආරාම යැයි යූ.සේයි.

එත්‍ථ ච “ජෙතවනෙ”තිවචනං පුරිමසාමිපරිකිත‍්තනං, “අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ”ති පච‍්ඡිමසාමිපරිකිත‍්තනං. කිමෙතෙසං පරිකිත‍්තනෙ පයොජනන‍්ති? පුඤ‍්ඤකාමානං දිට‍්ඨානුගතිආපජ‍්ජනං. තත්‍ථ හි ද‍්වාරකොට‍්ඨකපාසාදමාපනෙ භූමිවික‍්කයලද‍්ධා අට‍්ඨාරස හිරඤ‍්ඤකොටියො අනෙකකොටිඅග‍්ඝනකා රුක‍්ඛා ච ජෙතස‍්ස පරිච‍්චාගො, චතුපඤ‍්ඤාස හිරඤ‍්ඤකොටියො අනාථපිණ‍්ඩිකස‍්ස . ඉති තෙසං පරිකිත‍්තනෙන එවං පුඤ‍්ඤකාමා පුඤ‍්ඤානි කරොන‍්තීති දස‍්සෙන‍්තො ආයස‍්මා සාරිපුත‍්තො අඤ‍්ඤෙපි පුඤ‍්ඤකාමෙ තෙසං දිට‍්ඨානුගතිආපජ‍්ජනෙ නියොජෙති.

එම අනාථ පිණ්ඩිකගේ ආරාමයෙහි, මෙහිද ‘ජෙතවනෙ’ යන වචනය පළමු හිමිකරු වර්ණනා කිරීමයි. ‘අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ’ පසු හිමිකරු වර්ණනා කිරීමයි. ඔවුන්ගේ වර්ණනා කිරීමෙන් කවර ප්‍රයෝජනයෙක්ද? පුණ්‍යකාමීන්ට (දෘෂ්ටානුගතියට) දුටු දේ අනුව යාමට පැමිණීම සඳහායි. එහි වනාහි, දොරටු, තාප්ප, ප්‍රාසාද තැනීමෙහිලා, භූමිය විකිණීමෙන් ලත් අටළොස් කෝටියක් රන් කහවණුද, නොයෙක් කෝටි ගණන් වටනා වෘක්‍ෂද ජේතගේ පරිත්‍යාගයි. සිව්පණස් රන් කහවණු අනාථ පිණ්ඩිකගේය. මෙසේ ඔවුන්ගේ ගුණ වර්ණනා කිරීමෙන් මෙසේ පුණ්‍යකාමීහු පින් කරත්යැයි දක්වනුයේ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අනෙකුත් පුණ්‍යකාමීන්ද, ඔවුන්ගේ දෘෂ්ටානුගතියට පැමිණීමෙහි යොදවති.

තත්‍ථ සියා – යදි තාව භගවා සාවත්‍ථියං විහරති, “ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ”ති න වත‍්තබ‍්බං. අථ තත්‍ථ විහරති, “සාවත්‍ථිය”න‍්ති න වත‍්තබ‍්බං. න හි සක‍්කා උභයත්‍ථ එකං සමයං විහරිතුන‍්ති. න ඛො පනෙතං එවං දට‍්ඨබ‍්බං, නනු අවොචුම‍්හ “සමීපත්‍ථෙ භුම‍්මවචන”න‍්ති. තස‍්මා යථා ගඞ‍්ගායමුනාදීනං සමීපෙ ගොයූථානි චරන‍්තානි “ගඞ‍්ගාය චරන‍්ති, යමුනාය චරන‍්තී”ති වුච‍්චන‍්ති, එවමිධාපි යදිදං සාවත්‍ථියා සමීපෙ ජෙතවනං අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමො, තත්‍ථ විහරන‍්තො වුච‍්චති “සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ”ති. ගොචරගාමනිදස‍්සනත්‍ථං හිස‍්ස සාවත්‍ථිවචනං, පබ‍්බජිතානුරූපනිවාසට‍්ඨානනිදස‍්සනත්‍ථං සෙසවචනං.

එහි පැනයක් වේ. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර, දෙව්රම්හි අනාථ පිණ්ඩිකගේ අරම්හි වෙසෙති යයි නොකිවයුතුය. තවද එහි වසති. සැවතෙහි යති නොකිව යුතුය. දෙතැනක එක් වේලාවක වසන්ට නොහැකිය. එය එසේ නොදැකිය යුතුය. සමීපාර්ථයෙහි සත්තමීයයි කියන ලදුයේ නොවේද? යම්සේ ගංගා යමුනා නදීන්ට සමීපයෙහි ගව රංචු සරන්නාහු ගංගා නම් ගඟෙහි යමුනා නම් ගඟෙහි සරතියි කියත්ද? එපරිද්දෙන් මෙහිද යම් මේ සැවැතට සමීපයෙහි දෙව්රම්හි අනාථපිණ්ඩිකගේ ආරාමයයි. එහි වසනුයේ සැවැත්හි, දෙව්රම්හි අනාථපිණ්ඩිකගේ ආරාමයෙහි වාසය කරත් යයි යූ.සේයි. ගොදුරුගම දැක්වීම සඳහා සැවැත් යන වචනය වන්නේය. ප්‍රව්‍රජිතයාට සුදුසු වාසස්ථාන දැක්වීම සඳහා සෙසු වචනයි.

තත්‍ථ සාවත්‍ථිකිත‍්තනෙන ආයස‍්මා සාරිපුත‍්තො භගවතො ගහට‍්ඨානුග‍්ගහකරණං දස‍්සෙති, ජෙතවනාදිකිත‍්තනෙන පබ‍්බජිතානුග‍්ගහකරණං. තථා පුරිමෙන පච‍්චයග‍්ගහණතො අත‍්තකිලමථානුයොගවිවජ‍්ජනං, පච‍්ඡිමෙන වත්‍ථුකාමප‍්පහානතො කාමසුඛල‍්ලිකානුයොගවිවජ‍්ජනූපායං. අථ වා පුරිමෙන ච ධම‍්මදෙසනාභියොගං, පච‍්ඡිමෙන විවෙකාධිමුත‍්තිං. පුරිමෙන කරුණාය උපගමනං, පච‍්ඡිමෙන පඤ‍්ඤාය අපගමනං. පුරිමෙන සත‍්තානං හිතසුඛනිප‍්ඵාදනාධිමුත‍්තතං, පච‍්ඡිමෙන පරහිතසුඛකරණෙ නිරුපලෙපතං. පුරිමෙන ධම‍්මිකසුඛාපරිච‍්චාගනිමිත‍්තං ඵාසුවිහාරං, පච‍්ඡිමෙන උත‍්තරිමනුස‍්සධම‍්මානුයොගනිමිත‍්තං. පුරිමෙන මනුස‍්සානං උපකාරබහුලතං, පච‍්ඡිමෙන දෙවානං. පුරිමෙන ලොකෙ ජාතස‍්ස ලොකෙ සංවද‍්ධභාවං, පච‍්ඡිමෙන ලොකෙන අනුපලිත‍්තතං. පුරිමෙන “එකපුග‍්ගලො, භික‍්ඛවෙ, ලොකෙ උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං. කතමො එකපුග‍්ගලො? තථාගතො අරහං සම‍්මාසම‍්බුද‍්ධො”ති (අ· නි· 1.170) වචනතො යදත්‍ථං භගවා උප‍්පන‍්නො, තදත්‍ථපරිදීපනං, පච‍්ඡිමෙන යත්‍ථ උප‍්පන‍්නො, තදනුරූපවිහාරපරිදීපනං. භගවා හි පඨමං ලුම‍්බිනිවනෙ, දුතියං බොධිමණ‍්ඩෙති ලොකියලොකුත‍්තරස‍්ස උප‍්පත‍්තියා වනෙයෙව උප‍්පන‍්නො, තෙනස‍්ස වනෙයෙව විහාරං දස‍්සෙතීති එවමාදිනා නයෙනෙත්‍ථ අත්‍ථයොජනා වෙදිතබ‍්බා.

එහි සැවත වර්ණනා කිරීමෙන්, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ගෘහස්ථ අනුග්‍රහ කරණය දක්වයි. ජේතවනාදිය වර්ණනා කිරීමෙන් ප්‍රව්‍රජිතයින්ට අනුග්‍රහ කරණයයි. පළමුවැන්නෙන් ප්‍රත්‍යය ග්‍රහණයෙන් ශරීරය තදින් විඩාවට පත්කිරීමේ යෙදීමේ දුරැලීමයි. පශ්චිමයෙන්, වස්තුකාම ප්‍රහාණයෙන් කාමසුඛල්ලිකානුයෝගය දුරැලීමේ උපායයි. නොහොත් පළමුවැන්නෙන් ධර්මදේශනාවන්හි යෙදීමයි. පශ්චිමයෙන් විවේකයෙහි ඇලුණු බවයි. පළමුවැන්නෙන් කරුණාවෙහි එළැඹීමයි. පශ්චිමයෙන් ප්‍රඥාවෙහි ඉවත්වීමයි. පළමුවැන්නෙන් සත්ත්වයින්ට හිතසුව නිෂ්පාදනයෙහි ඇලුණු බවයි. පශ්චිමයෙන් අන්‍යයන්ට හිතසුව ඇති කරලීමෙහි නොතැවරීමයි. පළමුවැන්නෙන් ධාර්මික සුව ඇත්හැරීම් හේතුව වූ පහසු විහරණයයි. පශ්චිමයෙන් ධ්‍යාන මාර්ග ඵලාදී උසස් මනුෂ්‍ය ධර්මයන්හි යෙදීමේ කරුණයි. පළමුවැන්නෙන් මනුෂ්‍යයන්ට උපකාර බහුලතාවයි. පශ්චිමයෙන් දෙවියන්ට උපකාර බහුලතාවයි. පළමුවැන්නෙන් ලොව උපන්නහුට ලොවෙහි සංවර්ධිත ස්වභාවයයි. පශ්චිමයෙන් ලෝකයෙහි නොතැවරුණු ස්වභාවයයි. පළමුවැන්නෙන්, මහණෙනි, ලෝකයෙහි උපදනා වූ එක් පුද්ගලයෙක් බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස දෙව් මිනිසුන්ට වැඩ පිණිස, සුව පිණිස, උපදියි. කවර එක් පුද්ගලයෙක්ද? තථාගත අර්හත් සම්‍යක් සම්බුදු රදාණෝය. යන වචනයෙන් යම් අර්ථයක් සඳහා භාග්‍යවතුන් වහන්සේ උපන් සේක්ද, එම අර්ථය දැක්වීමය. පශ්චිමයෙන් යම්තැනෙක්හි උපන්නේද, එයට අනුරූප විහරණය දැක්වීමයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි පළමුව ලුම්බිණියෙහිද, දෙවනුව බෝමැඩෙහිදැයි ලෞකික ලෝකෝත්තර උත්පත්තියෙන් වනයෙහිම උපන්නේය. එහෙයින්, මෙතුමන් වහන්සේගේ වනයෙහිම විහරණයි දැක්වූයේ යයි මේ ආදී ක්‍රමයෙන් මෙහි අර්ථ යෙදීම දතයුත්තාහ.

තත්‍රාති දෙසකාලපරිදීපනං. තඤ‍්හි යං සමයං විහරති, තත්‍ර සමයෙ, යස‍්මිඤ‍්ච ජෙතවනෙ විහරති, තත්‍ර ජෙතවනෙති දීපෙති. භාසිතබ‍්බයුත‍්තෙ වා දෙසකාලෙ දීපෙති. න හි භගවා අයුත‍්තෙ දෙසෙ කාලෙ වා ධම‍්මං දෙසෙති. “අකාලො ඛො තාව බාහියා”තිආදි (උදා· 10) චෙත්‍ථ සාධකං. ඛොති පදපූරණමත‍්තෙ අවධාරණත්‍ථෙ ආදිකාලත්‍ථෙ වා නිපාතො. භගවාති ලොකගරුදීපනං. භික‍්ඛූති කථාසවනයුත‍්තපුග‍්ගලවචනං. අපිචෙත්‍ථ “භික‍්ඛකොති භික‍්ඛු, භික‍්ඛාචරියං අජ‍්ඣුපගතොති භික‍්ඛූ”තිආදිනා (විභ· 510; පාරා· 45) නයෙන වචනත්‍ථො වෙදිතබ‍්බො. ආමන‍්තෙසීති ආලපි අභාසි සම‍්බොධෙසි, අයමෙත්‍ථ අත්‍ථො. අඤ‍්ඤත්‍ර පන ඤාපනෙපි පක‍්කොසනෙපි. භික‍්ඛවොති ආමන‍්තනාකාරදීපනං. තෙන තෙසං භික‍්ඛූනං භික‍්ඛනසීලතාභික‍්ඛනධම‍්මතාභික‍්ඛනෙසාධුකාරිතාදිගුණයොගසිද‍්ධෙන වචනෙන හීනාධිකජනසෙවිතං වුත‍්තිං පකාසෙන‍්තො උද‍්ධතදීනභාවනිග‍්ගහං කරොති. “භික‍්ඛවො”ති ඉමිනා ච කරුණාවිප‍්ඵාරසොම‍්මහදයනයනනිපාතපුබ‍්බඞ‍්ගමෙන වචනෙන තෙ අත‍්තනො මුඛාභිමුඛෙ කරොන‍්තො තෙනෙව කථෙතුකම්‍යතාදීපකෙන වචනෙන නෙසං සොතුකම්‍යතං ජනෙති. තෙනෙව ච සම‍්බොධනත්‍ථෙන වචනෙන සාධුකසවනමනසිකාරෙපි තෙ නියොජෙති. සාධුකසවනමනසිකාරායත‍්තා හි සාසනසම‍්පත‍්ති.

තත්‍ර යනු දේශ, කාල දැක්වීමයි. එය වනාහි යම් සමයෙක්හි වෙසේද එම සමයෙහි, යම් කලෙක්හි දෙව්රමෙහි වෙසේද, එකල්හි දෙව්රම යැයි දක්වයි. කීමට සුදුසු දේශ, කාලයන් දක්වයි. භාග්‍යවතුන් වහන්සේ නුසුදුසු දේශයෙහි හෝ කාලයෙහි හෝ ධර්මයි දේශනා නොකරත්. ‘බාහිය එතෙක් නොකල්යයි’ ආදිය මෙහි සාධකයි. ඛො යනු පද පූර්ණ මාත්‍රයෙහි හෝ එකක් වෙන්කොට දැක්වීමෙහි, පුරාණ සිද්ධියක් දැක්වීමෙහි නිපාතයි. භගවා යනු ලෝකගුරු භාවය දැක්වීමයි. භික්ඛු යනු කථා ශ්‍රවණයෙහි යෙදුණු පුද්ගල වචනයයි. තවද මෙහි පිඬු සිඟානුයි භික්‍ෂු නමැ. පිඬු සිඟීම් චර්යාවට පැමිණේනුයි භික්‍ෂු යයි ආදී ක්‍රමයෙන් වචනාර්ථය දතයුතුය. ආමන්තෙසි යනු කථා කළේය. කීයේය. ආමන්ත්‍රණය කළේය. මෙහි මේ අර්ථයයි. අන් තන්හි වනාහි හැඟවීමෙහිද, කැඳවීමෙහිද භික්ඛවො යයි අමතන ආකාරය දැක්වීමයි. ඉන් ඒ භික්‍ෂූන්ගේ සිඟනසීලිබව, සිඟන ස්වභාවය, සිඟීමෙහි යහපත් ක්‍රියාකාරිත්වය ආදී, ගුණයෝග සිද්ධ වචනයෙන්, උසස් පහත් ජන සෙවුනා පැවැත්ම ප්‍රකාශ කරනුයේ, උඩඟු හා දීනභාවයට නිග්‍රහ කරයි. ‘භික්ඛවො’ යන මෙයින්ද, කරුණාව පැතිරුණ සෞම්‍ය හෘදය හා ඇස් හෙළීම් පූර්වාංගම වචනයෙන් ඔවුහු තම මුව අබිමුව කරනුයේ, එහෙයින්ම කියනු කැමැත්ත දක්වන වචනයෙන්, ඔවුන්ට අසනු කැමැත්ත හටගනියි. එහෙයින්ම ආමන්ත්‍රණාර්ථ වචනයෙන් මනා ශ්‍රවණ, මෙනෙහි කිරීම්හි ඔවුහු යොදවයි. සාසන සම්පත මනාව ශ්‍රවණ, මනසිකාර හා බැඳී පවත්තේය.

අපරෙසු දෙවමනුස‍්සෙසු විජ‍්ජමානෙසු කස‍්මා භික‍්ඛූයෙව ආමන‍්තෙසීති චෙ? ජෙට‍්ඨසෙට‍්ඨාසන‍්නසදාසන‍්නිහිතභාජනභාවතො. සබ‍්බපරිසසාධාරණා හි භගවතො ධම‍්මදෙසනා. පරිසාය ච ජෙට‍්ඨා භික‍්ඛූ පඨමුප‍්පන‍්නත‍්තා, සෙට‍්ඨා අනගාරියභාවං ආදිං කත්‍වා සත්‍ථු චරියානුවිධායකත‍්තා සකලසාසනපටිග‍්ගාහකත‍්තා ච, ආසන‍්නා තත්‍ථ නිසින‍්නෙසු සත්‍ථුසන‍්නිකත‍්තා, සදාසන‍්නිහිතා සත්‍ථුසන‍්තිකාවචරත‍්තා, ධම‍්මදෙසනාය ච තෙ එව භාජනං යථානුසිට‍්ඨං පටිපත‍්තිසබ‍්භාවතො.

වෙනත් දෙව් මිනිසුන් විද්‍යමාන කල්හි කවර හෙයින් භික්‍ෂූන්ම ආමන්ත්‍රණය කළේද යත්, ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ, ආසන්න හැමකල්හි තැන්පත්තාවයන් පිහිටන ස්වභාව හෙයිනි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව සියලු පිරිසට සාධාරණය. පිරිසෙහිද, පළමුව උපන් හෙයින් ඔවුහු ජ්‍යෙෂ්ඨයෝය. අනගාරිකභාවය ආදීකොට ශාස්තෲ චර්යානුකූලව ක්‍රියා කරන හෙයින්ද, සමස්ත ශාසනයාගේ ප්‍රතිග්‍රාහකත්වය දරන හෙයින්ද ශ්‍රේෂ්ඨය. එහි හුන් කල්හි ශාස්තෲන් වහන්සේට සමීප හෙයින් ආසන්නය. ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි හැසිරෙන හෙයින් හැමකල්හි තැනපත් වූවාහු වෙති. ධර්මදේශනාවටද ඔවුහුම බඳුන් වෙති. අනුසාසික පරිදි ප්‍රතිපත්ති සම්පාදනය කරන හෙයිනි.

තත්‍ථ සියා – කිමත්‍ථං පන භගවා ධම‍්මං දෙසෙන‍්තො පඨමං භික‍්ඛූ ආමන‍්තෙසි, න ධම‍්මමෙව දෙසෙසීති? සතිජනනත්‍ථං. පරිසාය හි භික‍්ඛූ අඤ‍්ඤං චින‍්තෙන‍්තාපි වික‍්ඛිත‍්තචිත‍්තාපි ධම‍්මං පච‍්චවෙක‍්ඛන‍්තාපි කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තාපි නිසින‍්නා හොන‍්ති, තෙ අනාමන‍්තෙත්‍වා ධම‍්මෙ දෙසියමානෙ “අයං දෙසනා කිංනිදානා කිංපච‍්චයා කතමාය අත්‍ථුප‍්පත‍්තියා දෙසිතා”ති සල‍්ලක‍්ඛෙතුං අසක‍්කොන‍්තා වික‍්ඛෙපං ආපජ‍්ජෙය්‍යුං, දුග‍්ගහිතං වා ගණ‍්හෙය්‍යුං . තෙන තෙසං සතිජනනත්‍ථං භගවා පඨමං ආමන‍්තෙත්‍වා පච‍්ඡා ධම‍්මං දෙසෙති.

එහි මෙම පැනය වන්නේය. කවර කරුණක් සඳහා භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක් ප්‍රථමයෙන් භික්‍ෂූන් ආමන්ත්‍රණය කළසේක්ද, ධර්මයම නොදෙසූද? සිහිය ඉපදවීම සඳහායි. පිරිසෙහි භික්‍ෂූහු අනෙකක් සිතන්නාහුද, විසිරුණු සිත් ඇත්තාහුද, ධර්මය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහුද, කමටහන් මෙනෙහි කරන්නාහුද හුන්නාහු වෙති. ඔවුහු ආමන්ත්‍රණය නොකොට ධර්මය දෙසන කල්හි, මේ දේශනාව කුමක් නිදානකොටද, කුමක් ප්‍රත්‍යයකොටද, කවර අර්ථෝත්පත්තියක් මුල්කොට දෙසන ලදදැයි සලකන්ට නොහැකි වනුයේ වික්‍ෂේපයට පැමිණෙන්නාහුය. වැරදි ලෙස තේරුම් ගන්නාහුය. එහෙයින් ඔවුන්ට සිහිය හටගැන්වීම සඳහා, භාග්‍යවතුන් වහන්සේ ප්‍රථමයෙන් ආමන්ත්‍රණයි කොට පසුව ධර්මය දේශනා කරත්.

භදන‍්තෙති ගාරවවචනමෙතං, සත්‍ථුනො පටිවචනදානං වා. අපිචෙත්‍ථ “භික‍්ඛවො”ති වදමානො භගවා තෙ භික‍්ඛූ ආලපති, “භදන‍්තෙ”ති වදමානා තෙ භගවන‍්තං පච‍්චාලපන‍්ති. තථා “භික‍්ඛවො”ති භගවා ආභාසති, “භදන‍්තෙ”ති තෙ පච‍්චාභාසන‍්ති. “භික‍්ඛවො”ති පටිවචනං දාපෙති, භදන‍්තෙති පටිවචනං දෙන‍්ති. තෙ භික‍්ඛූති යෙ භගවා ආමන‍්තෙසි. භගවතො පච‍්චස‍්සොසුන‍්ති භගවතො ආමන‍්තනං පටිඅස‍්සොසුං, අභිමුඛා හුත්‍වා සුණිංසු සම‍්පටිච‍්ඡිංසු පටිග‍්ගහෙසුන‍්ති අත්‍ථො. භගවා එතදවොචාති භගවා එතං ඉදානි වත‍්තබ‍්බං සකලසුත‍්තං අවොච.

භදන්තෙ යනු එය ශාස්තෲන් වහන්සේට කරන ගෞරව වචනයකි. ප්‍රතිවචන දීම හෝ වෙයි. තවද මෙහි භික්ඛවොයි වදාරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ එම භික්‍ෂූන් ආමන්ත්‍රණය කරත්. භදන්තෙ යයි කියන්නා වූ ඔවුහු පසු ආමන්ත්‍රණය කරත්. එසේම භික්ඛවො යයි භාග්‍යවතුන් වහන්සේ වදාරත්. භදන්තෙ යයි ප්‍රතිවචන දෙති. තෙ භික්ඛු යනු භාග්‍යවතුන් වහන්සේ යම් කෙනෙකුන්ට ආමන්ත්‍රණය කරත්ද? ඔවුහු භගවතො පච්චස්සෙසුසං යනු භාග්‍යවතුන් වහන්සේගේ ආමන්ත්‍රණයට උත්තර දුන්නාහ. අභිමුඛ වී ඇසූහ. මනාව පිළිගත්හ. පිළිගත්හ යන අර්ථයි. භගවා එතදවොච යනු භාග්‍යවතුන් වහන්සේ එම දැන් දෙසිය යුතු සියලු සූත්‍රය වදාළහ.

එත‍්තාවතා ච යං ආයස‍්මතා සාරිපුත‍්තෙන කමලකුවලයුජ‍්ජලවිමලසාදුරසසලිලාය පොක‍්ඛරණියා සුඛාවතරණත්‍ථං නිම‍්මලසිලාතලරචනවිලාසසොපානං විප‍්පකිණ‍්ණමුත‍්තාජාලසදිසවාලිකාකිණ‍්ණපණ‍්ඩරභූමිභාගං තිත්‍ථං විය, සුවිභත‍්තභිත‍්තිවිචිත්‍රවෙදිකාපරික‍්ඛිත‍්තස‍්ස නක‍්ඛත‍්තපථං ඵුසිතුකාමතාය විය, විජම‍්භිතසමුස‍්සයස‍්ස පාසාදවරස‍්ස සුඛාරොහණත්‍ථං දන‍්තමයසණ‍්හමුදුඵලකකඤ‍්චනලතාවිනද‍්ධමණිගණප‍්පභාසමුදයුජ‍්ජලසොභං සොපානං විය, සුවණ‍්ණවලයනූපුරාදිසඞ‍්ඝට‍්ටනසද‍්දසම‍්මිස‍්සිතකථිතහසිතමධුරස‍්සරගෙහජනවිචරිතස‍්ස උළාරිස‍්සරියවිභවසොභිතස‍්ස මහාඝරස‍්ස සුඛප‍්පවෙසනත්‍ථං සුවණ‍්ණරජතමණිමුත‍්තාපවාළාදිජුතිවිසදවිජ‍්ජොතිතසුප‍්පතිට‍්ඨිතවිසාලද‍්වාරකවාටං මහාද‍්වාරං විය අත්‍ථබ්‍යඤ‍්ජනසම‍්පන‍්නස‍්ස බුද‍්ධානං දෙසනාඤාණගම‍්භීරභාවසංසූචකස‍්ස ඉමස‍්ස සුත‍්තස‍්ස සුඛාවගාහණත්‍ථං කාලදෙසදෙසකපරිසාපදෙසපටිමණ‍්ඩිතං නිදානං භාසිතං, තස‍්ස අත්‍ථවණ‍්ණනා සමත‍්තා.

මෙතෙකින් ආයුෂ්මත් සැරියුත් තෙරුන් විසින් නෙළුම් මහනෙල් මල්වලින් බබළන, පිරිසිදු, යහපත් රසදිය දහරින් යුත්, පොකුණෙක්හි සුවසේ බැසීම සඳහා, නිර්මල ගල් තලායෙක හිණිමඟක්, සකසන්නාක් මෙන්ද, විසිරුණා වූ මුතුදැලක් සමාන වැලිවලින්, ගැවසීගත්, ශ්වේත භූමිභාගයෙක්හි පිහිටි තොටුපළක් මෙන්, මනාව බෙදන ලද බිත්තීන් සහිත විසිතුරු වේදිකාවකින් වටකරන ලද, තාරකා ගමන්මග, ස්පර්ශ කරනු කැමැත්තේ මෙන්, ඇඟ කිලිපොළා යන අහස උසට නංවන ලද, මහා ප්‍රාසාදයකට සුවසේ නැගීම සඳහා ඇත්දළමය සියුම් මෘදු පුවරුව රත්රන් වැලකින් ඔතා මාණික්‍යාලෝකයෙන්, හටගන්නා ආලෝකයෙන් බබළන හිණිමගක් මෙන්ද, රන්, රන්වළලු, පාවළලු ආදිය ගැටීමෙන් වන ශබ්ද සම්මිශ්‍රිත, කථාකරන, සිනහසෙන, මධුර ස්වරයෙන් ගෘහවාසීන් සේවිත, උදාර ඓශ්වර්ය සම්පත්තීන්ගෙන්, ශෝභමාන වූ, මහා ගෘහයට සුවසේ පිවිසීම සදහා, රන්රිදී, මැණික්, මුතු, පබළු ආදියෙන් බබළන ඉතා පිරිසිදු බැබළීම් සහිත මනාව පිහිටි විශාල දොර කවුළුවක (උලුවස්සක) මහාදොරක් මෙන්, අර්ථ ව්‍යංජන සම්පූර්ණ වූ, බුදුවරුන්ගේ දේශනා, ඤාණ ගම්භීරභාවය ප්‍රකාශ කරන්නා වූ, මෙම සූත්‍රයෙහි මනාව අර්ථග්‍රහණය සඳහා කාල, දේශ, දේශක, පිරිස, ප්‍රදේශ යන අංගයන්ගෙන් යුක්ත, යම්බඳු වූ නිදානය වදාරන ලද්දේද? එහි අර්ථ වර්ණනාව සමාප්තයි.

සුත‍්තන‍්තෙ පඤ‍්චාති ගණනපරිච‍්ඡෙදො. ඉමානි ඉන්‍ද්‍රියානීති පරිච‍්ඡින‍්නධම‍්මනිදස‍්සනං. ඉන්‍ද්‍රියට‍්ඨො හෙට‍්ඨා වුත‍්තො.

සූත්‍රාන්තයෙහි, පඤ්ච යනු ගණන් පිරිසිඳීමයි. ඉමානි ඉන්‍ද්‍රියානි යනු පිරිසිඳි ධර්ම (නිදර්ශනයයි) දැක්වීමයි. ඉන්‍ද්‍රියාර්ථය යට යූ.සේයි.

ඉදානි ඉමං සුත‍්තන‍්තං දස‍්සෙත්‍වා ඉමස‍්මිං සුත‍්තන‍්තෙ වුත‍්තානං ඉන්‍ද්‍රියානං විසුද‍්ධිභාවනාවිධානං භාවිතත‍්තං පටිප‍්පස‍්සද‍්ධිඤ‍්ච දස‍්සෙතුකාමො ඉමානි පඤ‍්චින්‍ද්‍රියානීතිආදිමාහ. තත්‍ථ විසුජ‍්ඣන‍්තීති විසුද‍්ධිං පාපුණන‍්ති. අස‍්සද‍්ධෙති තීසු රතනෙසු සද‍්ධාවිරහිතෙ. සද‍්ධෙති තීසු රතනෙසු සද‍්ධාසම‍්පන‍්නෙ. සෙවතොති චිත‍්තෙන සෙවන‍්තස‍්ස. භජතොති උපසඞ‍්කමන‍්තස‍්ස. පයිරුපාසතොති සක‍්කච‍්චං උපනිසීදන‍්තස‍්ස. පසාදනීයෙ සුත‍්තන‍්තෙති පසාදජනකෙ රතනත‍්තයගුණපටිසංයුත‍්තෙ සුත‍්තන‍්තෙ. කුසීතෙති කුච‍්ඡිතෙන ආකාරෙන සීදන‍්තීති කුසීදා, කුසීදා එව කුසීතා. තෙ කුසීතෙ. සම‍්මප‍්පධානෙති චතුකිච‍්චසාධකවීරියපටිසංයුත‍්තසුත‍්තන‍්තෙ. මුට‍්ඨස‍්සතීති නට‍්ඨස‍්සතිකෙ. සතිපට‍්ඨානෙති සතිපට‍්ඨානාධිකාරකෙ සුත‍්තන‍්තෙ. ඣානවිමොක‍්ඛෙති චතුත්‍ථජ‍්ඣානඅට‍්ඨවිමොක‍්ඛතිවිධවිමොක‍්ඛාධිකාරකෙ සුත‍්තන‍්තෙ. දුප‍්පඤ‍්ඤෙති නිප‍්පඤ‍්ඤෙ, පඤ‍්ඤාභාවතො වා දුට‍්ඨා පඤ‍්ඤා එතෙසන‍්ති දුප‍්පඤ‍්ඤා. තෙ දුප‍්පඤ‍්ඤෙ. ගම‍්භීරඤාණචරියන‍්ති චතුසච‍්චපටිච‍්චසමුප‍්පාදාදිපටිසංයුත‍්තෙ සුත‍්තන‍්තෙ, ඤාණකථාසදිසෙ වා. සුත‍්තන‍්තක‍්ඛන්‍ධෙති සුත‍්තන‍්තකොට‍්ඨාසෙ. අස‍්සද‍්ධියන‍්තිආදීසු අස‍්සද‍්ධියන‍්ති අස‍්සද‍්ධභාවං. අස‍්සද‍්ධියෙ ආදීනවදස‍්සාවී අස‍්සද‍්ධියං පජහන‍්තො සද‍්ධින්‍ද්‍රියං භාවෙති, සද‍්ධින්‍ද්‍රියෙ ආනිසංසදස‍්සාවී සද‍්ධින්‍ද්‍රියං භාවෙන‍්තො අස‍්සද‍්ධියං පජහති. එස නයො සෙසෙසු. කොසජ‍්ජන‍්ති කුසීතභාවං. පමාදන‍්ති සතිවිප‍්පවාසං. උද‍්ධච‍්චන‍්ති උද‍්ධතභාවං, වික‍්ඛෙපන‍්ති අත්‍ථො. පහීනත‍්තාති අප‍්පනාවසෙන ඣානපාරිපූරියා පහීනත‍්තා. සුප‍්පහීනත‍්තාති වුට‍්ඨානගාමිනිවසෙන විපස‍්සනාපාරිපූරියා සුට‍්ඨු පහීනත‍්තා. භාවිතං හොති සුභාවිතන‍්ති වුත‍්තක‍්කමෙනෙව යොජෙතබ‍්බං. විපස‍්සනාය හි විපක‍්ඛවසෙන පහීනත‍්තා “සුප‍්පහීනත‍්තා”ති වත‍්තුං යුජ‍්ජති. තස‍්මායෙව ච “සුභාවිත”න‍්ති, න තථා ඣානෙන. යස‍්මා පන පහාතබ‍්බානං පහානෙන භාවනාසිද‍්ධි, භාවනාසිද‍්ධියා ච පහාතබ‍්බානං පහානසිද‍්ධි හොති, තස‍්මා යමකං කත්‍වා නිද‍්දිට‍්ඨං.

දැන් මේ සූත්‍රාන්තය ඉදිරිපත්කොට, මෙම සූත්‍රාන්තයෙහි කියන ලද, ඉන්‍ද්‍රියයන්ගේ විශුද්ධි භාවනා නියමය වැඩීමද, සංසිඳීමද දක්වනු කැමැතියේ, ‘ඉමානි පඤ්චින්‍ද්‍රියානි’ යනාදිය වදාළහ. එහි විසුජ්ඣන්ති යනු විශුද්ධියට පැමිණෙත්. අස්සද්ධෙ යනු ත්‍රිවිධ රත්නයෙහි ශ්‍රද්ධා විහරහිත වූයේ, සද්ධෙ යනු ත්‍රිවිධ රත්නයන්හි ශ්‍රද්ධා සම්පන්න වූයේ. සෙවතො යනු සිතින් සෙවුනාහට, භජතො යනු එළැඹෙන්නහුට, පයිරුපාසතො යනු සකස්ව හිඳින්නහුට, පසාදනීයෙ සුත්තන්තෙ යනු ප්‍රසාදජනක තුණුරුවන්හි ගුණ හා ඒකාබද්ධ සූත්‍රාන්තයෙන්, කුසීතෙ යනු පිළිකුල් ආකාරයෙන් ගිලාබසීනුයි කුසීදායි. කුසීදාම කුසීතායි. එම කුසීතකම්හි, සම්මප්පධානෙ යනු සිව් කිස් සිදුකරන වීර්ය හා වීර්යය හා යෙදුණු සූත්‍රාන්තයන්හි, මුට්ඨස්සති යනු නට සිහි ඇත්තවුන්, සතිපට්ඨානෙ සතිපට්ඨාන ප්‍රාර්ථනා ඇතිකරන සූත්‍රාන්තයන්, දුප්පඤ්ඤෙ යනු ප්‍රඥා රහිත, ප්‍රඥාවගේ අභාවයෙන් හෝ දුෂ්ට වූ ප්‍රඥාව ඔවුන්ටනුයි දුප්පඤ්ඤායි. එහි දුෂ්ප්‍රාඥතාවන්, ගම්භීර ඤාණචරියං යනු සිව්සස්, ප්‍රතීත්‍ය සමුත්පාද, ප්‍රතිසංයුක්ත සූත්‍රාන්තයන්, ඤාණකථා සමානවම හෝ සුත්තක්ඛන්‍ධෙ යනු සූත්‍රාන්ත කොට්ඨාශයන්හි, අස්සද්ධියං යනාදීන්හි, අස්සද්ධියං යනු අශ්‍රද්ධාවත් භාවයයි. අශ්‍රද්ධායෙහි ආදීනව දක්නාසුලු වූයේ, අශ්‍රද්ධාව දුරලනුයේ ශ්‍රද්ධා ඉන්‍ද්‍රියයෙහි අනුසස් දක්නාසුලු වූයේ, ශ්‍රද්ධා ඉන්‍ද්‍රියය දියුණු කරනුයේ අශ්‍රද්ධාව දුරලයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. කොසජ්ජං යනු කුසීතභාවයයි. පමාදං යනු සිහියෙන් තොරව විසීම, උද්ධච්චං යනු නොසන්සුන් බවයි. වික්‍ෂෙපයයි යන අර්ථයි. පහීණත්තා යනු අර්පණා වශයෙන් ධ්‍යාන සම්පූර්ණ වීමෙන් ප්‍රහීණ හෙයින්, සුප්පහීණත්තා යනු වුට්ඨාන ගාමිණී වශයෙන් විදර්ශනාවගේ පරිපූර්ණත්වයෙන්, මනාව ප්‍රහීණ වූ හෙයින්, භාවිතං හොති සුභාවිතං කියන ලද ක්‍රමයෙන්ම යෙදිය යුතුය. විදර්ශනාවට විපක්‍ෂ වශයෙන් ප්‍රහීණ හෙයින් මනාව ප්‍රහීණ වූයේයයි කියන්ට සුදුසුයි. එහෙයින්ම මනාව වඩන ලදි. ධ්‍යානයෙන් එසේ නොවේ. ප්‍රහාණය කළයුතු දෑහි ප්‍රහාණයෙන් භාවනාව සිද්ධ වූයේද, භාවනා සිද්ධියෙන්ම ප්‍රහාණය කළයුතු දෑහි ප්‍රහාණ සිද්ධිය වේ. එනිසා යමකයක් වශයෙන් නිර්දිෂ්ටය.

පටිප‍්පස‍්සද‍්ධිවාරෙ භාවිතානි චෙව හොන‍්ති සුභාවිතානි චාති භාවිතානංයෙව සුභාවිතතා. පටිප‍්පස‍්සද‍්ධානි ච සුප‍්පටිප‍්පස‍්සද‍්ධානි චාති පටිප‍්පස‍්සද‍්ධානංයෙව සුප‍්පටිප‍්පස‍්සද‍්ධතා වුත‍්තා. ඵලක‍්ඛණෙ මග‍්ගකිච‍්චනිබ‍්බත‍්තිවසෙන භාවිතතා පටිප‍්පස‍්සද‍්ධතා ච වෙදිතබ‍්බා. සමුච‍්ඡෙදවිසුද‍්ධියොති මග‍්ගවිසුද‍්ධියොයෙව. පටිප‍්පස‍්සද‍්ධිවිසුද‍්ධියොති ඵලවිසුද‍්ධියො එව.

සන්සිඳීම් වාරයෙහි භාවිතාති චෙව හොන්ති සුභාවිතාති ච යනු වඩන ලද්දවුන්ගේම මනාකොට වැඩීම පටිප්පස්සද්ධානිච සුප්පටිප්පස්සද්ධානිච යනු සංසිඳවූවන්හිම මනාකොට මනාකොට සංසිඳීම යූ.සේයි. ඵලක්‍ෂණයෙහි මාර්ග කෘත්‍යය නිපදවීම් වශයෙන් වඩන ලද ස්වභාවය සන්සිඳීම්තාවැයි දතයුත්තාහ. සමුච්ඡෙද විසුද්ධියො යනු මාර්ග විශුද්ධීහුමය. පටිප්පස්සද්ධි විසුද්ධියො යනු ඵල විශුද්ධීහුය.

ඉදානි තථා වුත‍්තවිධානානි ඉන්‍ද්‍රියානි කාරකපුග‍්ගලවසෙන යොජෙත්‍වා දස‍්සෙතුං කතිනං පුග‍්ගලානන‍්තිආදිමාහ. තත්‍ථ සවනෙන බුද‍්ධොති සම‍්මාසම‍්බුද‍්ධතො ධම‍්මකථාසවනෙන චතුසච‍්චං බුද‍්ධවා, ඤාතවාති අත්‍ථො. ඉදං භාවිතින්‍ද්‍රියභාවස‍්ස කාරණවචනං. භාවනාභිසමයවසෙන හි මග‍්ගස‍්ස බුද‍්ධත‍්තා ඵලක‍්ඛණෙ භාවිතින්‍ද්‍රියො හොති. අට‍්ඨන‍්නම‍්පි අරියානං තථාගතස‍්ස සාවකත‍්තා විසෙසෙත්‍වා අරහත‍්තඵලට‍්ඨමෙව දස‍්සෙන‍්තො ඛීණාසවොති ආහ. සොයෙව හි සබ‍්බකිච‍්චනිප‍්ඵත‍්තියා භාවිතින්‍ද්‍රියොති වුත‍්තො. ඉතරෙපි පන තංතංමග‍්ගකිච‍්චනිප‍්ඵත‍්තියා පරියායෙන භාවිතින්‍ද්‍රියා එව. තස‍්මා එව ච චතූසු ඵලක‍්ඛණෙසු “පඤ‍්චින්‍ද්‍රියානි භාවිතානි චෙව හොන‍්ති සුභාවිතානි චා”ති වුත‍්තං. යස‍්මා පන තෙසං උපරිමග‍්ගත්‍ථාය ඉන්‍ද්‍රියභාවනා අත්‍ථියෙව, තස‍්මා තෙ න නිප‍්පරියායෙන භාවිතින්‍ද්‍රියා. සයං භූතට‍්ඨෙනාති අනාචරියො හුත්‍වා සයමෙව අරියාය ජාතියා භූතට‍්ඨෙන ජාතට‍්ඨෙන භගවා. සොපි හි භාවනාසිද‍්ධිවසෙන ඵලක‍්ඛණෙ සයම‍්භූ නාම හොති. එවං සයං භූතට‍්ඨෙන භාවිතින්‍ද්‍රියො. අප‍්පමෙය්‍යට‍්ඨෙනාති අනන‍්තගුණයොගතො පමාණෙතුං අසක‍්කුණෙය්‍යට‍්ඨෙන. භගවා ඵලක‍්ඛණෙ භාවනාසිද‍්ධිතො අප‍්පමෙය්‍යොති. තස‍්මායෙව භාවිතින්‍ද්‍රියො.

දැන් එසේ කියන ලද නියමයන්, ඉන්‍ද්‍රිය, කාරක පුද්ගල වශයෙන් යොදා, දක්වන්ට කතීනං පුග්ගලානං ආදිය වදාළහ. එහි සවණෙන බුද්ධො යනු සම්‍යක් සම්බුදුරදුන් කෙරෙන් ධර්මකථා ශ්‍රවණයෙන් සිව්සස් අවබෝධ කරන ලදුයේ දැනගන්නා ලද්දේ හෝ යන අර්ථයි. මෙය වඩනා ලද ඉන්‍ද්‍රියභාවයට හේතුවචනයි. භාවනාවගේ අවබෝධ වීම් වශයෙන් මාර්ගය අවබෝධ කළහෙයින් ඵලක්‍ෂණයෙහි භාවිතින්‍ද්‍රිය නම් වෙයි. අටවැදෑරුම් ආර්යයෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක හෙයින් විශේෂකොට අර්හත් ඵලස්ථයාම දක්වන්නාහු ඛීණාසවොයි වදාළහ. හෙතෙමේම සියලු කෘත්‍යය සම්පූර්ණ වීමෙන් භාවිතින්‍ද්‍රිය යැයි යූ.සේයි. අනෙක් අයද ඒ ඒ මාර්ග කෘත්‍යය සම්පූර්ණවීම් ආකාරයෙන් භාවිතින්‍ද්‍රියයෝමය. එහෙයින්ම සිව් ඵලක්‍ෂණයන්හි පංචින්‍ද්‍රියයෝ වඩන ලද්දාහුම වෙති. මනාකොට වඩන ලද්දාහුයයි යූ.සේයි. ඔවුන්ගේ මතු මාර්ග සඳහා ඉන්‍ද්‍රිය භාවනා ඇත්තේමය. එහෙයින් ඒවා අවිශේෂයෙන් භාවිතින්‍ද්‍රිය නොවේ. සයම්භුතට්ඨෙන යනු අනාචාර්යව, තෙමේම ආර්ය ජාතියෙහි වූ අර්ථයෙන් හටගත් අර්ථයෙන්, භාග්‍යවතුන් වහන්සේ තෙමේම භාවනා ඉෂ්ටවීම් වශයෙන් ඵලක්‍ෂණයෙහි සයම්භු නම් වේ. මෙසේ ඵලක්‍ෂණයෙහි තෙමේම හටගත් අර්ථයෙන් භාවිතින්‍ද්‍රියයි, අප්පමෙය්‍යට්ඨෙන යනු කෙළවරක් නොමැති ගුණ යෙදීමෙන් ප්‍රමාණ කරන්ට නොහැකි වන්නේය යන අර්ථයෙන්, භාග්‍යවතුන් වහන්සේ ඵලක්‍ෂණයෙහි භාවනා ඉෂ්ටවීමෙන්, අප්‍රමෙය්‍යයි, එහෙයින්ම භාවිතින්‍ද්‍රියොයි.

පඨමසුත‍්තන‍්තනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

ප්‍රථම සූත්‍රාන්ත නිර්දේශ වර්ණනාව නිමි.