2. දුතියසුත්තන්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
2. ද්විතීය සූත්‍රාන්ත නිර්දේශ වර්ණනාව
පුන අඤ්ඤං සුත්තන්තං නික්ඛිපිත්වා ඉන්ද්රියවිධානං නිද්දිසිතුකාමො පඤ්චිමානි, භික්ඛවෙතිආදිකං සුත්තන්තං දස්සෙති. තත්ථ යෙ හි කෙචීති අනවසෙසපරියාදානං, හි-කාරො පදපූරණමත්තෙ නිපාතො. සමණා වා බ්රාහ්මණා වාති ලොකවොහාරවසෙන වුත්තං. සමුදයන්ති පච්චයං. අත්ථඞ්ගමන්ති උප්පන්නානං අභාවගමනං, අනුප්පන්නානං අනුප්පාදං වා. අස්සාදන්ති ආනිසංසං. ආදීනවන්ති දොසං. නිස්සරණන්ති නිග්ගමනං. යථාභූතන්ති යථාසභාවං. සමණෙසූති සමිතපාපෙසු. සමණසම්මතාති න මයා සමණාති සම්මතා. “සම්මතා”ති වත්තමානකාලවසෙන වුච්චමානෙ සද්දලක්ඛණවසෙන “මෙ”ති එත්ථ සාමිවචනමෙව හොති. බ්රාහ්මණෙසූති බාහිතපාපෙසු. සාමඤ්ඤත්ථන්ති සමණභාවස්ස අත්ථං. බ්රහ්මඤ්ඤත්ථන්ති බ්රාහ්මණභාවස්ස අත්ථං. ද්වයෙනාපි අරහත්තඵලමෙව වුත්තං. අථ වා සාමඤ්ඤත්ථන්ති හෙට්ඨා තීණි ඵලානි. බ්රහ්මඤ්ඤත්ථන්ති අරහත්තඵලං. සාමඤ්ඤබ්රහ්මඤ්ඤන්ති හි අරියමග්ගොයෙව. දිට්ඨෙව ධම්මෙති පච්චක්ඛෙයෙව අත්තභාවෙ. සයං අභිඤ්ඤා සච්ඡිකත්වාති අත්තනායෙව අධිකෙන ඤාණෙන පච්චක්ඛං කත්වා. උපසම්පජ්ජාති පාපුණිත්වා, නිප්ඵාදෙත්වා වා.
නැවත අන් සූත්‍රාන්තයක් බහා ඉන්ද්රිය නියමය නිර්දේශ කරනු කැමැතියේ, පඤ්චිමානි භික්ඛවෙ යන ආදී සූත්‍රාන්තයේ දක්වයි. එහි යෙහි කෙචි යනු ශේෂ රහිත ගැනීමයි. හිකාරය පද පූරණ මාත්‍ර නිපාතයි. සමණාවා බ්රාහ්මණා වා යනු ලෝක ව්‍යවහාර වශයෙන් යූ.සේයි. සමුදයං යනු ප්‍රත්‍යයයි. අත්ථංගමං යනු හටගත් දෑහි අභාවයට යාම, නූපන් දෑහි නොඉපැත්ම හෝ, අස්සාදං යනු අනුසස්, ආදීනවං යනු දොස්, නිස්සරණං යනු නික්මයාමයි. යථාභූතං යනු තත්වාකාර, සමණෙසු යනු සංසිඳවූ පාපයන් ඇත්තවුන් කෙරෙහි, සමණ සම්මතා යනු මවිසින් ශ්රමණයන් සම්මත නුවූවාහු, සම්මතා යයි වර්තමාන කාල වශයෙන් කියනු ලබන කල්හි ශබ්ද ලක්ෂණ වශයෙන් මාගේ යයි මෙහි ෂෂ්ඨි වචනයම වෙයි. බ්රාහ්මණෙසු යනු බහා තැබූ පාපයන් ඇත්තවුන් කෙරෙහි, සමාඤ්ඤත්ථං ශ්‍රමණ භාවයාගේ අර්ථයයි. බ්රහ්මඤ්ඤත්ථං යනු බ්‍රාහ්මණ භාවයෙහි අර්ථයයි. ද්වයෙන්ම අර්හත් ඵලයම යූ.සේයි. නොහොත් සාමඤ්ඤත්ථං යනු යට ඵලත්රයයයි. බ්රහ්මඤ්ඤත්ථං යනු අර්හත් ඵලයයි. සාමඤ්ඤ බ්‍රහ්මඤ්ඤ යනු ආර්ය මාර්ගයමය. දිට්ඨෙව ධම්මෙ යනු වර්තමාන ආත්මභාවයෙහි, සයං අභිඤ්ඤා සච්ඡිකත්වා යනු තමා විසින්ම අධික වූ ඤාණයෙන් ප්රත්යක්ෂ කොට, උපසම්පජ්ජ යනු පැමිණ හෝ නිපදවා හෝ.
සුත්තන්තනිද්දෙසෙ පඨමං ඉන්ද්රියසමුදයාදීනං පභෙදගණනං පුච්ඡිත්වා පුන පභෙදගණනා විස්සජ්ජිතා. තත්ථ අසීතිසතන්ති අසීතිඋත්තරං සතං. පණ්ඩිතෙහි “අසීතිසත”න්ති වුත්තෙහි ආකාරෙහීති යොජනා.
සූත්‍රාන්ත නිර්දේශයෙහි, පළමුව, ඉන්ද්රිය හටගැනීම් ආදීන්හි ප්‍රභේද සංඛ්‍යාව විචාරා නැවත ප්‍රභේද සංඛ්‍යාව විසඳන ලදි. එහි අසීති සතං යනු එක්සිය අසූවකි. පණ්ඩිතයන් විසින් එක්සිය අසූවකැයි කියන ලද ආකාරයන්ගෙන් යෙදීමයි.
පුන පභෙදගණනාපුච්ඡාපුබ්බඞ්ගමෙ ගණනානිද්දෙසෙ අධිමොක්ඛත්ථායාති අධිමුච්චනත්ථාය සද්දහනත්ථාය. ආවජ්ජනාය සමුදයොති මනොද්වාරාවජ්ජනචිත්තස්ස සමුදයො. සද්ධින්ද්රියස්ස සමුදයොති සද්ධින්ද්රියස්ස පච්චයො, සද්ධං උප්පාදෙස්සාමීති පුබ්බභාගාවජ්ජනං සද්ධින්ද්රියස්ස උපනිස්සයපච්චයො, සද්ධින්ද්රියජවනස්ස ආවජ්ජනං පඨමස්ස ජවනස්ස අනන්තරපච්චයො, දුතියජවනාදීනං උපනිස්සයපච්චයො. අධිමොක්ඛවසෙනාති ඡන්දසම්පයුත්තඅධිමොක්ඛවසෙන. ඡන්දස්ස සමුදයොති පුබ්බභාගාවජ්ජනපච්චයා උප්පන්නස්ස අධිමොක්ඛසම්පයුත්තස්ස යෙවාපනකභූතස්ස ධම්මච්ඡන්දස්ස සමුදයො. සො පන සද්ධින්ද්රියස්ස සහජාතඅඤ්ඤමඤ්ඤනිස්සයසම්පයුත්තඅත්ථිඅවිගතවසෙන පච්චයො හොති, ඡන්දාධිපතිකාලෙ අධිපතිපච්චයො ච හොති, සොයෙව දුතියස්ස අනන්තරසමනන්තරඅනන්තරූපනිස්සයාසෙවනනත්ථිවිගතවසෙන පච්චයො හොති. ඉමිනාව නයෙන මනසිකාරස්සපි යොජනා කාතබ්බා. කෙවලඤ්හෙත්ථ මනසිකාරොති සාරණලක්ඛණො යෙවාපනකමනසිකාරො. අධිපතිපච්චයතා පනස්ස න හොති. සම්පයුත්තෙසු ඉමෙසං ද්වින්නංයෙව ගහණං බලවපච්චයත්තාති වෙදිතබ්බං . සද්ධින්ද්රියස්ස වසෙනාති භාවනාභිවුද්ධියා ඉන්ද්රියභාවං පත්තස්ස සද්ධින්ද්රියස්ස වසෙන. එකත්තුපට්ඨානන්ති එකාරම්මණෙ අචලභාවෙන භුසං ඨානං උපරූපරි සද්ධින්ද්රියස්ස පච්චයො හොති. සද්ධින්ද්රියෙ වුත්තනයෙනෙව සෙසින්ද්රියානිපි වෙදිතබ්බානි. එවමෙකෙකස්ස ඉන්ද්රියස්ස චත්තාරො චත්තාරො සමුදයාති පඤ්චන්නං ඉන්ද්රියානං වීසති සමුදයා හොන්ති. පුන චතුන්නං සමුදයානං එකෙකස්මිං සමුදයෙ පඤ්ච පඤ්ච ඉන්ද්රියානි යොජෙත්වා වීසති සමුදයා වුත්තා. පඨමවීසති නානාමග්ගවසෙන දට්ඨබ්බා, දුතියවීසති එකමග්ගවසෙන දට්ඨබ්බාති වදන්ති. එවං චත්තාලීස ආකාරා හොන්ති. අත්ථඞ්ගමවාරොපි ඉමිනාව නයෙන වෙදිතබ්බො. සො පන අත්ථඞ්ගමො ඉන්ද්රියභාවනං අනනුයුත්තස්ස අප්පටිලද්ධා පටිලාභත්ථඞ්ගමො, ඉන්ද්රියභාවනාය පරිහීනස්ස පටිලද්ධපරිහානි අත්ථඞ්ගමො, ඵලප්පත්තස්ස පටිප්පස්සද්ධිඅත්ථඞ්ගමො. එකත්තඅනුපට්ඨානන්ති එකත්තෙ අනුපට්ඨානං.
නැවත ප්‍රභේද සංඛ්‍යා විමැසීම් පූර්වාංගම සංඛ්‍යා නිර්දේශයෙහි අධිමොක්ඛත්ථාය යනු ස්ථිර ලෙස පිහිටීම සඳහා, විශ්වාස කිරීම සඳහා, ආවජ්ජනාය සමුදයො යනු මනෝද්වාරාවර්ජන චිත්තයෙහි හටගැන්ම, සද්ධින්ද්රියස්ස පච්චයො යනු ශ්රද්ධෙන්ද්රියට ප්‍රත්‍යය වේ. ශ්‍රද්ධාව උපදවන්නෙමියි පූර්වභාග ආවර්ජනය ශ්රද්ධෙන්ද්රියට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. ශ්රද්ධෙන්ද්රිය ජවනයාගේ ආවර්ජනය ප්‍රථම ජවනයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. ද්විතීය ජවනාදීන් උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. අධිමොක්ඛවසෙන යනු ඡන්දය හා සම්ප්‍රයුක්ත සිතේ ස්ථිරත්වය වශයෙන්, ඡන්දස්ස සමුදයො යනු පූර්වභාග ආවර්ජන ප්‍රත්‍යයෙන් උපන්නා වූ අධිමොක්ෂ සම්ප්‍රයුක්ත අනුරූප නිසි ප්‍රමාණ වූ, ධර්මඡන්දයාගේ හටගැන්මයි. ඒ ශ්රද්ධෙන්ද්රියයට සහජාත, අඤ්ඤමඤ්ඤ නිස්සය සම්ප්‍රයුක්ත, අත්ථි, අවිගත වශයෙන් ප්‍රත්‍යය වේ. ඡන්දය අධිපති කල්හි අධිපති ප්‍රත්‍යයද වේ. එයම දෙවැන්නට අනන්තර සමනන්තර, අනන්තරූප නිශ්‍රය, ආසෙවන, නත්ථි, විගත වශයෙන් ප්‍රත්‍යය වේ. මෙම ක්‍රමයෙන්ම මනසිකාරයෙහිද යෙදීම් කළයුත්තාහ. හුදෙක් මෙහි මනසිකාරො යනු එය සිහිකරවීම් ලක්‍ෂණකොට ඇත්තේය. අනුරූප නිසිප්රමාණ මෙනෙහි කිරීම, එයට අධිපති ප්රත්යයතාව නොවේ. මේවා හා යෙදුණු ද්වයෙහිම ග්‍රහණය බලවත් ප්‍රත්‍යය හෙයිනැයි දතයුතුය. සද්ධින්ද්රියස්ස වසෙන යනු භාවනාභිවෘද්ධියෙන් ඉන්ද්රියභාවයට පත් ශ්‍රද්ධා ඉන්ද්රියයගේ වශයෙනි. එකත්තුපට්ඨානං යනු එක් අරමුණෙක්හි නොසෙල්වෙන ස්වභාවයෙන් බොහෝකලක් සිටීම (පැවතීම) මතු මතු ශ්‍රද්ධා ඉන්ද්රියයට ප්‍රත්‍යය වේ. ශ්‍රද්ධා ඉන්ද්රියයෙහි කියන ලද ආකාරයෙන්ම සෙසු ඉන්ද්‍රියයන්ද දතයුත්තාහ. මෙසේ එක් එක් ඉන්ද්රියයට සිව් සිව් සමුදය යැයි පඤ්ච ඉන්ද්‍රියයන්ට විසි සමුදයයෝ වෙත්. නැවත සිව් සමුදයන්ගේ එක් එක් සමුදයෙහි, පහක් පහක් බැගින්, ඉන්ද්රියයන් යොදා විසි සමුදය කෙනෙක් යූ.සේයි. ප්‍රථම විස්ස නානා මාර්ග වශයෙන් දතයුත්තාහ. ද්විතීය විස්ස එක් මාර්ගයක් වශයෙන් දතයුත්තේ යයි කියති. මෙසේ සතළිස් ආකාර වෙති. අස්තංගම වාරයද මෙම ක්‍රමයෙන් දතයුතුය. එම අස්තංගමය ඉන්ද්රිය භාවනාවෙහි නොයෙදුණහුට, නොලත් දෑ ලැබීම් අස්තංගමයයි, ඉන්ද්රිය භාවනාවෙන් පිරිහුණහුට ලත් දෑ පිරිහීම් අස්තංගම යයි, ඵලප්රාප්තිකයාට සන්සිඳීම් අස්තංගමයයි. එකත්ත අනුපට්ඨානං යනු ඒකත්වයෙහි නොසිටීම.
ක. අස්සාදනිද්දෙසවණ්ණනා
ක. අස්සාදනිද්දෙසවණ්ණනා
අස්සාදනිද්දෙසෙ අස්සද්ධියස්ස අනුපට්ඨානන්ති අස්සද්ධෙ පුග්ගලෙ පරිවජ්ජයතො සද්ධෙ පුග්ගලෙ සෙවතො පසාදනීයසුත්තන්තෙ පච්චවෙක්ඛතො තත්ථ යොනිසොමනසිකාරං බහුලීකරොතො ච අස්සද්ධියස්ස අනුපට්ඨානං හොති. අස්සද්ධියපරිළාහස්ස අනුපට්ඨානන්ති එත්ථ අස්සද්ධස්ස සද්ධාකථාය පවත්තමානාය දුක්ඛං දොමනස්සං උප්පජ්ජති. අයං අස්සද්ධියපරිළාහො. අධිමොක්ඛචරියාය වෙසාරජ්ජන්ති සද්ධාවත්ථුවසෙන වා භාවනාය වා වසිප්පත්තස්ස සද්ධාපවත්තියා විසාරදභාවො හොති. සන්තො ච විහාරාධිගමොති සමථස්ස වා විපස්සනාය වා පටිලාභො. සුඛං සොමනස්සන්ති එත්ථ චෙතසිකසුඛභාවදස්සනත්ථං සොමනස්සවචනං. සද්ධින්ද්රියසමුට්ඨිතපණීතරූපඵුට්ඨකායස්ස කායිකසුඛම්පි ලබ්භතියෙව. සුඛසොමනස්සස්ස පධානස්සාදත්තා “අයං සද්ධින්ද්රියස්ස අස්සාදො”ති විසෙසෙත්වා වුත්තං. ඉමිනාව නයෙන සෙසින්ද්රියස්සාදාපි යොජෙත්වා වෙදිතබ්බා.
ආස්වාද නිර්දේශයෙහි, අස්සද්ධියස්ස අනුපට්ඨානං යනු අශ්රද්ධාවත් පුද්ගලයින් දුරුකරනුයේ, ශ්රද්ධාවත් පුද්ගලයන් සෙවුණේ, ප්‍රසාදනීය සූත්‍රාන්තයන් ප්රත්යවේක්ෂා කරන කල්හි, එහි නුවණින් මෙනෙහි කරනුයේ, බහුල වහයෙන් කරනුයේ, අශ්රද්ධාවගේ නොඑළඹ සිටීම වේ. අස්සද්ධිය පරිළාහස්ස අනුපට්ඨානං යන මෙහි අශ්රද්ධාවත් වූවහුට ශ්‍රද්ධා කථා පවත්නා කල්හි දුක් දොම්නස් උපදී. මේ අශ්‍රද්ධභාව සංඛ්‍යාත පරිදාහයයි. අධිමොක්ඛ චරියාය වෙසාරජ්ජං යනු ශ්‍රද්ධා වස්තු වශයෙන් වසීප්‍රාප්ත භාවනායෙහි ශ්‍රද්ධාවගේ පැවැත්මෙහි නිපුණ වූ භාවයයි. සන්තොච විහාරාධිගමො යනු සමථයෙහි හෝ විදර්ශනාවෙහි ප්‍රතිලාභයයි. සුඛං සොමනස්සං යන මෙහි චෛතසික සුවපත්භාවය දැක්වීමට සොමනස්ස වචනයයි. ශ්රද්ධෙන්ද්රියයෙන් හටගත් ප්‍රණීත රූප ස්පර්ශිත කයෙහි කායික සුවයද ලැබේමය. සුවය හා සොම්නස ප්‍රධාන ආස්වාදයක් බැවින් මේ ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ ආස්වාදයැයි වෙසෙසා යූ.සේයි. මෙම ක්‍රමයෙන් සෙසු ඉන්ද්රියයන්ගේද යෙදීම් දතයුත්තේය.
ඛ. ආදීනවනිද්දෙසවණ්ණනා
ඛ. ආදීනවනිද්දෙසවණ්ණනා
ආදීනවනිද්දෙසෙ අනිච්චට්ඨෙනාති සද්ධින්ද්රියස්ස අනිච්චට්ඨෙන. සො අනිච්චට්ඨො සද්ධින්ද්රියස්ස ආදීනවොති වුත්තං හොති. ඉතරද්වයෙපි එසෙව නයො. ඉමෙ සමුදයත්ථඞ්ගමස්සාදාදීනවා ලොකියඉන්ද්රියානමෙවාති වෙදිතබ්බා.
ආදීනව නිර්දේශයෙහි, අනිච්චට්ඨෙන යනු ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අනිත්යාර්ථයෙන්, ඒ අනිත්යාර්ථය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ ආදීනව යැයි යූ.සේයි. අනෙක් ද්වයෙහිද එම ක්‍රමයමැයි. මේවාහි, හටගැන්ම, අස්තංගම, ආස්වාද, ආදීනව ලෞකික ඉන්ද්රියයන් මෙනැයි දතයුත්තේය.
ග. නිස්සරණනිද්දෙසවණ්ණනා
ග. නිස්සරණනිද්දෙසවණ්ණනා
නිස්සරණනිද්දෙසෙ අධිමොක්ඛට්ඨෙනාතිආදීසු එකෙකස්මිං ඉන්ද්රියෙ පඤ්ච පඤ්ච කත්වා පඤ්චන්නං ඉන්ද්රියානං පඤ්චවීසති නිස්සරණානි මග්ගඵලවසෙන නිද්දිට්ඨානි. තත්ථ තතො පණීතතරසද්ධින්ද්රියස්ස පටිලාභාති තතො විපස්සනාක්ඛණෙ පවත්තසද්ධින්ද්රියතො මග්ගක්ඛණෙ පණීතතරස්ස සද්ධින්ද්රියස්ස පටිලාභවසෙන. පුරිමතරසද්ධින්ද්රියා නිස්සටං හොතීති තස්මිං මග්ගක්ඛණෙ සද්ධින්ද්රියං පුරිමතරතො විපස්සනාක්ඛණෙ පවත්තසද්ධින්ද්රියතො නික්ඛන්තං හොති. ඉමිනාව නයෙන ඵලක්ඛණෙ සද්ධින්ද්රියම්පි උභයත්ථ සෙසින්ද්රියානිපි යොජෙතබ්බානි.
නිස්සරණ නිර්දේශයෙහි, අධිමොක්ඛට්ඨෙන යන ආදීන්හි එකිනෙකෙහි ඉන්ද්රියයන් පහ, පහ බැගින්කොට, පඤ්ච ඉන්ද්රියයන්ගේ පස්විසි නිස්සරණයෝ මාර්ගඵල වහයෙන් විස්තර කරන ලදහ. එහි තතො පණීත තර සද්ධින්ද්රියස්ස පටිලාභා යන විදර්ශනා ක්ෂණයෙහි පැවැති ශ්රද්ධෙන්ද්රියයට වඩා, මාර්ගක්ෂණයෙහි ප්‍රණීතතර ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ ප්රතිලාභ වශයෙන්, පුරිමතර සද්ධින්ද්රිය නිස්සටං හොති යනු එම මාර්ගක්ෂණයෙහි පැවැති ශ්රද්ධෙන්ද්රිය පළමු විදර්‍ශනාක්‍ෂණයෙහි ශ්රද්ධෙන්ද්රිය කෙරෙන් නික්මුණේ වේ. මෙම ක්‍රමයෙන්ම ඵලක්ෂණයෙහි ශ්රද්ධෙන්ද්රියයද, දෙතැන්හි සෙසු ඉන්ද්රියයෝද යෙදිය යුත්තාහ.
පුබ්බභාගෙ පඤ්චහි ඉන්ද්රියෙහීති පඨමජ්ඣානූපචාරෙ පඤ්චහි ඉන්ද්රියෙහි පඨමජ්ඣානාදිඅට්ඨසමාපත්තිවසෙන අට්ඨ නිස්සරණානි, අනිච්චානුපස්සනාදිඅට්ඨාරසමහාවිපස්සනාවසෙන අට්ඨාරස නිස්සරණානි, සොතාපත්තිමග්ගාදිවසෙන අට්ඨ ලොකුත්තරනිස්සරණානි. එවං ඣානසමාපත්තිමහාවිපස්සනාමග්ගඵලවසෙන චතුත්තිංස නිස්සරණානි පුරිමපුරිමසමතික්කමතො නිද්දිට්ඨානි. නෙක්ඛම්මෙ පඤ්චින්ද්රියානීතිආදීනි පන සත්තතිංස නිස්සරණානි පටිපක්ඛපහානවසෙන පටිපක්ඛතො නිද්දිට්ඨානි. තත්ථ නෙක්ඛම්මාදීසු සත්තසු සත්ත නිස්සරණානි උපචාරභූමිවසෙන වුත්තානි, ඵලානි පන පටිපක්ඛපහානාභාවතො න වුත්තානි.
පුබ්බහාගෙ පඤ්චහි ඉන්ද්රියෙහි යනු ප්‍රථම ධ්‍යානෝපචාරයෙහි පඤ්ච ඉන්ද්රියයන්ගෙන් ප්‍රථමධ්‍යානාදී අට සමවත් වශයෙන්, අට නිස්සරණයෙන්, අනිත්‍යානුපස්සනාදී, අටළොස් මහා විදර්ශනා වශයෙන් අටළොස් නිස්සරණයන් සෝතාපත්ති මාර්ගාදී වශයෙන් අට ලෝකෝත්තර නිස්සරණයෙන්, මෙසේ ධ්‍යාන, සමවත් මහා විදර්ශනා මාර්ග ඵල වශයෙන් තිස් සතරෙක් වූ නිස්සරණ පළමු පළමු ඉක්මවීමෙන් යයි විස්තර කරන ලදි. නෙක්ඛම්මෙ පඤ්චින්ද්රියානි යනාදී සත්තිස් නිස්සරණයෝ ප්රතිපක්ෂ ප්‍රහාණ වශයෙන් ප්රතිපක්ෂ වශයෙන් විස්තර කරන ලදහ. එහි නෛෂ්ක්‍රම්‍යාදී සතෙහි, සිත් නිස්සරණ උපචාර භූමි වශයෙන් යූ.සේයි. ඵල වනාහි ප්රතිපක්ෂ ප්‍රහාණයෙන් නොවන හෙයින් නොකියන ලදි.
දිට්ඨෙකට්ඨෙහීති යාව සොතාපත්තිමග්ගා දිට්ඨියා සහ එකස්මිං පුග්ගලෙ ඨිතාති දිට්ඨෙකට්ඨා. තෙහි දිට්ඨෙකට්ඨෙහි. ඔළාරිකෙහීති ථූලෙහි කාමරාගබ්යාපාදෙහි. අණුසහගතෙහීති සුඛුමභූතෙහි කාමරාගබ්යාපාදෙහියෙව. සබ්බකිලෙසෙහීති රූපරාගාදීහි. තෙසු හි පහීනෙසු සබ්බකිලෙසා පහීනා හොන්ති, තස්මා “සබ්බකිලෙසෙහී”ති වුත්තං. අවුත්තත්ථානි පනෙත්ථ පදානි හෙට්ඨා වුත්තත්ථානෙවාති. සබ්බෙසඤ්ඤෙව ඛීණාසවානං තත්ථ තත්ථ පඤ්චින්ද්රියානීති “අධිමොක්ඛට්ඨෙනා”තිආදීසු පුබ්බෙ වුත්තෙසු ඨානෙසු තස්මිං තස්මිං ඨානෙ පඤ්චින්ද්රියානි බුද්ධපච්චෙකබුද්ධසාවකානං ඛීණාසවානං යථායොගං තතො තතො නිස්සටානි හොන්ති. ඉමස්මිං වාරෙ පඨමං වුත්තනයා එව යථායොගං ඛීණාසවවසෙන වුත්තා.
දිට්ඨෙකට්ඨෙ යනු සෝවාන් මාර්ගය දක්වා දෘෂ්ටිය සමග එක් පුද්ගලයෙක් කෙරෙහි සිටියේ (පැවැතියේ) නුයේ දිට්ඨෙකට්ඨායි. එම දෘෂ්ටිය හා සමග එක්වැ සිටි කෙලෙසුන් කෙරෙන්. ඔළාරිකෙහි යනු දළ කාමරාග ව්යාපාදයන්ගෙන්, අනුසහගතෙහි යනු සියුම් වූ කාමරාග ව්යාපාදයන්ගෙන්ම, සබ්බ කිලෙසෙහි යනු රූපරාගාදියෙන්, ඒවා ප්‍රහීණ වූ කල්හි සියලු කෙලෙස්හු ප්‍රහීණ වූවාහු වෙති. එහෙයින් සියලු කෙලෙසුන්ගෙන් යයි යූ.සේයි. මෙහි නොකියන ලද පදයන්හි අර්ථ යූ.සේයි. සබ්බෙ සඤ්ඤෙව ඛීණාසවානං තත්ථ තත්ථ පඤ්චින්ද්රියානි යනු අධිමෝක්ෂාර්ථයෙන් යැයි ආදි පෙර කියන ලද ස්ථානයන්හි, ඒ ඒ ස්ථානයන්හි පංච ඉන්ද්රියයෝ, බුදු, පසේබුදු, බුද්ධශ්රාවක, ක්ෂීණාශ්රවයින්ට සුදුසු පරිදි නික්මුණාහු වෙති. මෙම වාරයෙහි පළමු කියන ලද ක්‍රමයෙන්ම සුදුසු පරිදි, ක්ෂීණාශ්රව වශයෙන් යූ.සේයි.
කථං පනෙතානි නිස්සරණානි අසීතිසතං හොන්තීති? වුච්චතෙ – මග්ගඵලවසෙන වුත්තානි පඤ්චවීසති, සමතික්කමවසෙන වුත්තානි චතුත්තිංස, පටිපක්ඛවසෙන වුත්තානි සත්තතිංසාති පඨමවාරෙ සබ්බානි ඡන්නවුති නිස්සරණානි හොන්ති, එතානියෙව දුතියවාරෙ ඛීණාසවානං වසෙන ද්වාදසසු අපනීතෙසු චතුරාසීති හොන්ති. ඉති පුරිමානි ඡන්නවුති, ඉමානි ච චතුරාසීතීති අසීතිසතං හොන්ති. කතමානි පන ද්වාදස ඛීණාසවානං අපනෙතබ්බානි? සමතික්කමතො වුත්තෙසු මග්ගඵලවසෙන වුත්තානි අට්ඨ නිස්සරණානි, පටිපක්ඛතො වුත්තෙසු මග්ගවසෙන වුත්තානි චත්තාරීති ඉමානි ද්වාදස අපනෙතබ්බානි. අරහත්තඵලවසෙන වුත්තානි කස්මා අපනෙතබ්බානීති චෙ? සබ්බපඨමං වුත්තානං පඤ්චවීසතියා නිස්සරණානං මග්ගඵලවසෙනෙව ලබ්භනතො. අරහත්තඵලවසෙන නිස්සරණානි වුත්තානෙව හොන්ති . හෙට්ඨිමං හෙට්ඨිමං පන ඵලසමාපත්තිං උපරිමා උපරිමා න සමාපජ්ජන්තියෙවාති හෙට්ඨා තීණිපි ඵලානි න ලබ්භන්තියෙව. ඣානසමාපත්තිවිපස්සනානෙක්ඛම්මාදීනි ච කිරියාවසෙන ලබ්භන්ති. පඤ්චපි චෙතානි ඉන්ද්රියානි පුබ්බමෙව පටිපක්ඛානං පටිප්පස්සද්ධත්තා පටිපක්ඛතො නිස්සටානෙව හොන්තීති.
කෙසේ වනාහි එම නිස්සරණ එක්සිය අසූවක් වේද යත්? කියනු ලැබේ. මාර්ගඵල වශයෙන් විසිපහකි. සමතික්‍රම වශයෙන් තිස්හතරකි. ප්රතිපක්ෂ වශයෙන් තිස්හතක්දැයි ප්‍රථම වාරයෙහි කියන ලද අනූහයක් නිස්සරණයෝ වෙති. ඒවාම දෙවනවර ක්ෂීණාශ්රවයන්ගේ වශයෙන් දොළස ඉවත් කළ කල්හි, අසූහතරක් වෙයි. මෙසේ පළමු අනූහයද, මෙම අසූහතරද එක්වූ කල එක්සිය අසූවක් වෙයි. කවර දොළසෙක් ක්ෂීණාශ්රවයන්ගෙන් ඉවත් කළයුතුද? සමති ක්‍රමයෙන් යැයි කී කල්හි මාර්ගඵල වශයෙන් කියන ලද අට නිස්සරණයන්ද, ප්රතිපක්ෂ වශයෙන් කියන ලද්දෙහි මාර්ග වශයෙන් කියන ලද සතරදැයි මෙම දොළොස ඉවත් කළයුතුය. අර්හත් ඵල වශයෙන් කියන ලද ඒවා කවර හෙයින් ඉවත් කළයුතුද යත්? සියල්ලට පළමුව කියන ලද පස්විසි නිස්සරණයන් මාර්ගඵල වශයෙන් ලැබෙන හෙයින්, අර්හත්ඵල වශයෙන් නිස්සරණයෝ කියන ලද්දාහුම වෙති. යට යට ඵල සමවතට, මතු මතු ඵල සමාපත්තිලාභීහු සම නොවදිත්මයැයි යට යට ඵලයන් නොලබත්මය. මෙම ඉන්ද්රිය පසම කල් ඇතිවම ප්රතිපක්ෂයන් සංසිඳවූ හෙයින් ප්රතිපක්ෂ වශයෙන් නික්මුණාහුම වෙති.
දුතියසුත්තන්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
ද්විතීය සූත්‍රාන්ත නිර්දේශ වර්ණනාව නිමි.