4-2. දුතියසුත‍්තං
4-2. දුතියසුත‍්තං
4-2. ද්විතීය සූත්‍රය
[සාවත්‍ථිනිදානං]
[සාවත්‍ථි නිදාන යි]
පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං.
මහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්‍මෘතින්‍ද්‍රිය යැ සමාධීන්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යි.
යෙ හි කෙචි භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා ඉමෙසං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච අදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානන‍්ති, නමෙතෙ භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු වා සමණසම‍්මතා, බ්‍රාහ‍්මණෙසු වා බ්‍රාහ‍්මණසම‍්මතා, න ච පන තෙ ආයස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථං වා බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථං වා දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තී.
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය (ප්‍රත්‍යය)ත් අස්තඞ්ගමයත් ආශ්වාදයත් ආදීනවයත් නිස්සරණයත් යථාස්වභාවයෙන් නො දනිත් ද, මහණෙනි, මා විසින් ඒ මහණහු වේවයි බමුණහු වේවයි ශමිතපාපී ශ්‍රමණයන් කෙරෙහි හෝ ‘ශ්‍රමණ යැයි’ සම්මතයෝ නො වෙති. බාහිතපාපී බ්‍රාහ්මණයන් කෙරෙහි හෝ ‘බ්‍රාහ්මණ යැ’යි සම්මතයෝ නො වෙති. තවද තෙල ආයුෂ්මත්හු ශ්‍රමණභාවාර්‍ත්‍ථය හෝ බ්‍රාහ්මණභාවාර්‍ත්‍ථය හෝ මෙ අත්බැව්හි මැ තුමූ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ නො ද වාසය කෙරෙති.
යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා ඉමෙසං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානන‍්ති, තෙ ඛොමෙ භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු වා සමණසම‍්මතා, බ්‍රාහ‍්මණෙසුවා බ්‍රාහ‍්මණසම‍්මතා, තෙ ච පනායස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථං වා බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථං වා දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තී’ති.
තවද මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් යථාස්වභාවයෙන් දැනගනිත් ද, මහණෙනි, මා විසින් වැළිත් ඒ මහණහු වේවයි බමුණහු වේවයි (ශමිතපාපී) ශ්‍රමණයන් කෙරෙහි ‘ශ්‍රමණ යැයි’ සම්මතයෝ වෙති. (බාහිතපාපී) බ්‍රාහ්මණයන් කෙරෙහි ‘බ්‍රාහ්මණ යැ’යි සම්මතයෝ වෙති. තවද තෙල ආයුෂ්මත්හු ශ්‍රමණභාවාර්‍ත්‍ථය ද බ්‍රාහ්මණභාවාර්‍ත්‍ථය ද මෙ අත්බැව්හි මැ තුමූ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරෙත් යයි.
කතිහාකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමුදයො හොති, කතිහාකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමුදයං පජානාති. කතිහාකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අත්‍ථඞ‍්ගමො හොති, කතිහාකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අත්‍ථඞ‍්ගමං පජානාති. කතිහාකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අස‍්සාදො හොති, කතිහාකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අස‍්සාදං පජානාති. කතිහාකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං ආදීනවො හොති, කතිහාකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං ආදීනවං පජානාති කතිහාකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං නිස‍්සරණං හොති, කතිහාකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං නිස‍්සරණං පජානාති:
කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය දැනගනී ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය දැනගනී ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය දැනගනී ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව දැනගනී ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය දැනගනී ද යත්:
චත‍්තාරීසාය ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමුදයො හොති, චත‍්තාරීසාය ආකාරෙහි සමුදයං පජානාති. චත‍්තාරීසාය ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියජනං අත්‍ථඞ‍්ගමො හොති. චත‍්තාරීසාය ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අත්‍ථඞ‍්ගමං පජානාති. පඤ‍්චවීසාය ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අස‍්සාදො හොති, පඤ‍්චවීසාය ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අස‍්සාදං පජානාති, පඤ‍්චවීසාය ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං ආදීනවො හොති, පඤ‍්චවීසාය ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං ආදීනවං පජානාති, අසීතිසතං ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං නිස‍්සරණං හොති, අසීතිසතං ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං නිස‍්සරණං පජානාති.
සතලිස් අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය වෙයි, සතලිස් අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය දැනගනී, සතලිස් අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය වෙයි, සතලිස් අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය දැනගනී. පස්විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය වෙයි, පස්විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය දැනගනී. පස්විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව වෙයි, පස්විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව දැනගනී. එක්සියඅසූ අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය වෙයි. එක්සියඅසූ අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය දැනගනී.
කතමෙහි චත‍්තාරීසාය ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමුදයො හොති, කතමෙහි චත‍්තාරීසාය ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමුදයො හොති,
කවර සතලිස් අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය වේ ද, කවර සතලිස් අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය දැනගනී ද යත්:
අධිමොක‍්ඛත්‍ථාය ආවජ‍්ජනාය සමුදයො සද‍්ධින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, අධිමොක‍්ඛවසෙන ඡන්‍දස‍්ස සමුදයො සද‍්ධින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, අධිමොක‍්ඛවසෙන මනසිකාරස‍්ස සමුදයො සද‍්ධින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, සද‍්ධින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්තුපට‍්ඨානං සද‍්ධින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, පග‍්ගහත්‍ථාය ආවජ‍්ජනාය සමුදයො විරියින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, පග‍්ගහවසෙන ඡන්‍දස‍්ස සමුදයො විරියින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, පග‍්ගහවසෙන මනසිකාරස‍්ස සමුදයො විරියින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, විරියින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්තුපට‍්ඨානං විරියින්‍ද්‍රියස‍්ස සමුදයො හොති. උපට‍්ඨානත්‍ථාය ආවජ‍්ජනාය සමුදයො සතින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, උපට‍්ඨානවසෙන ඡන්‍දස‍්ස සමුදයො සතින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, උපට‍්ඨානවසෙන මනසිකාරස‍්ස සමුදයො සතින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, සතින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්තුපට‍්ඨානං සතින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, අවික‍්ඛෙපත්‍ථාය ආවජ‍්ජනාය සමුදයො සමාධින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, අවික‍්ඛෙපවසෙන ඡන්‍දස‍්ස සමුදයො සමාධින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, අවික‍්ඛෙපවසෙන මනසිකාරස‍්ස සමුදයො සමාධින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, සමාධින්‍ද්‍රියස‍්ස වස‍්සෙන එකත‍්තුපට‍්ඨානං සමාධින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, දස‍්සනත්‍ථාය ආවජ‍්ජනාය සමුදයො පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, දස‍්සනවසෙන ඡන්‍දස‍්ස සමුදයො පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, දස‍්සනවසෙන මනසිකාරස‍්ස සමුදයො පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස සමුදයොහොති, පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්තුපට‍්ඨානං පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස සමුදයො හොති.
අධිමෝක්‍ෂය (ශ්‍රද්ධාව) පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. (ඡන්‍දසම්ප්‍රයුක්ත) අධිමෝක්‍ෂයාගේ වශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි, අධිමෝක්‍ෂයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ශ්‍රද්ධේන්‍ද්‍රියාගේ වශයෙන් පැවැති ඒකාලම්බනයෙහි අචලත්‍වයෙන් සිටිමි ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ප්‍රග්‍රහ පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. (ඡන්‍දසම්ප්‍රයුක්ත) ප්‍රග්‍රහයාගේ වශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ප්‍රග්‍රහයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් පැවැති ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටීම වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. (අරමුණට) එළඹසිටීම පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය ස්‍මෘතීන්‍ද්‍රියයට ප්‍රත්‍යය වෙයි. (අරමුණට) එළඹසිටීම් වශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය ස්‍මෘතීන්‍ද්‍රියයට ප්‍රත්‍යය වෙයි. (අරමුණට) එළඹසිටීම් වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය ස්මෘතීන්ද්රියට ප්‍රත්‍යය වෙයි. ස්මෘතීන්ද්රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටීම ස්‍මෘතීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අවික්‍ෂේපය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අවික්‍ෂෙපයාගේ වශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අවික්‍ෂෙපයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් පැවැති ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටිමි සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. දර්‍ශනය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය ප්‍රඥේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. දර්‍ශනයාගේ වශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය ප්‍රඥේන්‍ද්‍රියයට ප්‍රත්‍යය වෙයි. දර්‍ශනයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය ප්‍රඥේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් පැවැති ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටිමි ප්‍රඥේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි.
අධිමොක‍්ඛත්‍ථාය ආවජ‍්ජනාය සමුදයො සද‍්ධින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, පග‍්ගහත්‍ථාය ආවජ‍්ජනාය සමුදයො විරියින්‍ද්‍රියස‍්ස සමුදයො හොති. උපට‍්ඨානත්‍ථාය ආවජ‍්ජනාය සමුදයො සතින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, අවික‍්ඛෙපත්‍ථාය ආවජ‍්ජනාය සමුදයො සමාධින්‍ද්‍රියස‍්ස සමුදයො හොති. දස‍්සනත්‍ථාය ආවජ‍්ජනාය සමුදයො පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, අධිමොක‍්ඛවසෙන ඡන්‍දස‍්ස සමුදයො සද‍්ධින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, පග‍්ගහවසෙන ඡන්‍දස‍්ස සමුදයො විරියින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, උපට‍්ඨානවසෙන ඡන්‍දස‍්ස සමුදයො සතින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, අවික‍්ඛෙපවසෙන ඡන්‍දස‍්ස සමුදයො සමාධින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, දස‍්සනවසෙන ඡන්‍දස‍්ස සමුදයො පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස සමුදයො හොති.
අධිමෝක්‍ෂය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ප්‍රග්‍රහ පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අරමුණට එළඹසිටීම පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය ස්මෘතීන්ද්රියට ප්‍රත්‍යය වෙයි. අවික්‍ෂේපය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. දර්‍ශනය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය ප්‍රඥේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අධිමෝක්‍ෂයාගේ වශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ප්‍රග්‍රහවශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අරමුණට එළඹසිටීම් වශයෙන් ධර්‍මච්‍ඡන්‍දයාගේ සමුදය ස්මෘතීන්ද්රියට ප්‍රත්‍යය වෙයි. අවික්‍ෂෙපයාගේ වශයෙන් ධර්‍මච්‍ඡන්‍දයාගේ සමුදය සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. දර්‍ශනයාගේ වශයෙන් ධර්‍මච්‍ඡන්‍දයාගේ සමුදය ප්‍රඥේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි.
අධිමොක‍්ඛවසෙන මනසිකාරස‍්ස සමුදයො සද‍්ධින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, පග‍්ගහවසෙන මනසිකාරස‍්ස සමුදයො විරියින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, උපට‍්ඨානවසෙන මනසිකාරස‍්ස සමුදයො සතින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, අවික‍්ඛෙපවසෙන මනසිකාරස‍්ස සමුදයො සමාධින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, දස‍්සනවසෙන මනසිකාරස‍්ස සමුදයො පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, සද‍්ධින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්තුපට‍්ඨානං සද‍්ධින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, විරියින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්තුපට‍්ඨානං විරියින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, සතින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්තු පට‍්ඨානං සතින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, සමාධින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්තුපට‍්ඨානං සමාධින්‍ද්‍රියස‍්ස සමුදයො හොති, පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්තුපට‍්ඨානං පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස සමුදයො හොති.
අධිමෝක්‍ෂයාගේ වශයෙන් මනසිකාරයාගේ සමුදය ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ප්‍රග්‍රහවශයෙන් මනසිකාරයාගේ සමුදය වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අරමුණට එළඹසිටීම් වශයෙන් මනසිකාරයාගේ සමුදය ස්මෘතීන්ද්රියට ප්‍රත්‍යය වෙයි. අවික්‍ෂෙපයාගේ වශයෙන් මනසිකාරයාගේ සමුදය සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. දර්‍ශනයාගේ වශයෙන් මනසිකාරයාගේ සමුදය ප්‍රඥේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටිමි ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටීම ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ස්මෘතීන්ද්රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටිමි ස්මෘතීන්‍ද්‍රියයට ප්‍රත්‍යය වෙයි. සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටීම සමාධීන්‍ද්‍රියයට ප්‍රත්‍යය වෙයි. ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටීම ප්‍රඥේන්‍ද්‍රියයට ප්‍රත්‍යය වේ.
ඉමෙහි චත‍්තාලීසාය ආකාරෙහි පඤ‍්ඤන‍්නං ඉන්‍ද්‍රියානං සමුදයො හොති, ඉමෙහි චත‍්තාලීසාය ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමුදයං පජානාති.
මේ සතලිස් අයුරින් පඤ‍්චෙන්‍ද්‍රියයන්ගේ සමුදය වෙයි. මේ සතලිස් අයුරින් පඤ‍්චෙන්‍ද්‍රියයන්ගේ සමුදය දැනගනී.
කතමෙහි චත‍්තාලීසාය ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අත්‍ථඞ‍්ගමො හොති, කතමෙහි චත‍්තාරීසාය ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අත්‍ථඞ‍්ගමං පජානාති.
කවර සතලිස් අයුරෙකින් පඤ‍්චෙන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය වේ ද, කවර සතලිස් අයුරෙකින් පඤ‍්චෙන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය දැනගනී ද යත්:
අධිමොක‍්ඛත්‍ථාය ආවජ‍්ජනාය අත්‍ථඞ‍්ගමො සද‍්ධින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, අධිමොක‍්ඛවසෙන ඡන්‍දස‍්ස අත්‍ථඞ‍්ගමො සද‍්ධින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, අධිමොක‍්ඛවසෙන මනසිකාරස‍්ස අත්‍ථඞ‍්ගමො සද‍්ධින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, සද‍්ධින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්ත අනුපට‍්ඨානං සද‍්ධින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති.
අධිමෝක්‍ෂය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අධිමෝක්‍ෂයාගේ වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අධිමෝක්‍ෂයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි.
පග‍්ගහත්‍ථාය ආවජ‍්ජනාය අත්‍ථඞ‍්ගමො විරියින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, පග‍්ගහවසෙන ඡන්‍දස‍්ස අත්‍ථඞ‍්ගමො විරියින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, පග‍්ගහවසෙන මනසිකාරස‍්ස අත්‍ථඞ‍්ගමො විරියින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, විරියින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්තඅනුපට‍්ඨානං විරියින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති.
ප්‍රග්‍රහ පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රග්‍රහ වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රග්‍රහ වශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි.
උපට‍්ඨානත්‍ථාය ආවජ‍්ජනාය අත්‍ථඞ‍්ගමො සතින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, උපට‍්ඨානවසෙන ඡන්‍දස‍්ස අත්‍ථඞ‍්ගමො සතින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, උපට‍්ඨානවසෙන මනසිකාරස‍්ස අත්‍ථඞ‍්ගමො සතින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, සතින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්තඅනුපට‍්ඨානං සතින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති.
අරමුණට එළඹසිටීම පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අරමුණට එළඹ සිටීම් වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අරමුණට එළඹසිටීම් වශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ස්මෘතීන්ද්රියයාගේ වශයෙන් පැවැති ඒකත්‍වයෙහි නො සිටීම ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි.
අවික‍්ඛෙපත්‍ථාය ආවජ‍්ජනාය අත්‍ථඞ‍්ගමො සමාධින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, අවික‍්ඛෙපවසෙන ඡන්‍දස‍්ස අත්‍ථඞ‍්ගමො සමාධින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, අවික‍්ඛෙපවසෙන මනසිකාරස‍්ස අත්‍ථඞ‍්ගමො සමාධින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, සමාධින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්තඅනුපට‍්ඨානං සමාධින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති.
අවික්‍ෂේපය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජන චිත්තයාගේ අස්තඞ්ගමය සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අවික්‍ෂෙපයාගේ වශයෙන් ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අවික්‍ෂෙපයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් පැවැති ඒකත්‍වයෙහි නො සිටීම සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි.
දස‍්සනත්‍ථාය ආවජ‍්ජනාය අත්‍ථඞ‍්ගමො පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, දස‍්සනවසෙන ඡන්‍දස‍්ස අත්‍ථඞ‍්ගමො පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, දස‍්සනවසෙන මනසිකාරස‍්ස අත්‍ථඞ‍්ගමො පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්තඅනුපට‍්ඨානං පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති.
දර්‍ශනය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. දර්‍ශනයාගේ වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. දර්‍ශනයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වේ.
අධිමොක‍්ඛත්‍ථාය ආවජ‍්ජනාය අත්‍ථඞ‍්ගමො සද‍්ධින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, පග‍්ගහත්‍ථාය ආවජ‍්ජනාය අත්‍ථඞ‍්ගමො විරියින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, උපට‍්ඨානත්‍ථාය ආවජ‍්ජනාය අත්‍ථඞ‍්ගමො සතින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, අවික‍්ඛෙපත්‍ථාය ආවජ‍්ජනාය අත්‍ථඞ‍්ගමො සමාධින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, දස‍්සනත්‍ථාය ආවජ‍්ජනාය අත්‍ථඞ‍්ගමො පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති.
අධිමෝක්‍ෂය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රග්‍රහ පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අරමුණට එළඹසිටීම පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අවික්‍ෂේපය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. දර්‍ශනය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වේ.
අධිමොක‍්ඛවසෙන ඡන්‍දස‍්ස අත්‍ථඞ‍්ගමො සද‍්ධින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, පග‍්ගහවසෙන ඡන්‍දස‍්ස අත්‍ථඞ‍්ගමො විරියින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, උපට‍්ඨානවසෙන ඡන්‍දස‍්ස අත්‍ථඞ‍්ගමො සතින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, අවික‍්ඛෙපවසෙන ඡන්‍දස‍්ස අත්‍ථඞ‍්ගමො සමාධින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, දස‍්සනවසෙන ඡන්‍දස‍්ස අත්‍ථඞ‍්ගමො පඤ‍්ඤියන්‍ද්‍රිස‍්ස අත්‍ථඞ‍්ගමො හොති.
අධිමෝක්‍ෂය වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රග්‍රහවශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. උපස්ථාන වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අවික්‍ෂේපවශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. දර්‍ශනවශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වේ.
අධිමොක‍්ඛවසෙන මනසිකාරස‍්ස අත්‍ථඞ‍්ගමො සද‍්ධින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, පග‍්ගහවසෙන මනසිකාරස‍්ස අත්‍ථඞ‍්ගමො විරියින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, උපට‍්ඨානවසෙන මනසිකාරස‍්ස අත්‍ථඞ‍්ගමො සතින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, අවික‍්ඛෙපවසෙන මනසිකාරස‍්ස අත්‍ථඞ‍්ගමො සමාධින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, දස‍්සනවසෙන මනසිකාරස‍්ස අත්‍ථඞ‍්ගමො පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති.
අධිමෝක්‍ෂය වශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රග්‍රහවශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. උපස්ථානවශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අවික්‍ෂේපවශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. දර්‍ශනවශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වේ.
සද‍්ධින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්තඅනුපට‍්ඨානං සද‍්ධින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති. විරියින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්තඅනුපට‍්ඨානං විරියින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, සතින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්තඅනුපට‍්ඨානං සතින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, සමාධින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්තඅනුපට‍්ඨානං සමාධින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති, පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස වසෙන එකත‍්ත අනුපට‍්ඨානං පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස අත්‍ථඞ‍්ගමො හොති.
ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නොසිටීම ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ස්මෘතීන්ද්රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වේ.
ඉමෙහි චත‍්තාලීසාය ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අත්‍ථඞ‍්ගමො හොති, ඉමෙහි චත‍්තාලීසාය ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අත්‍ථඞ‍්ගමං පජානාති.
මේ සතලිස් අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය වෙයි. මේ සතලිස් අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය දැනගනී.
කතමෙහි පඤ‍්චවීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අස‍්සාදො හොති, කතමෙහි පඤ‍්චවීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අස‍්සාදං පජානාති:
කවර පස්විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය වේ ද, කවර පස්විසි අයුරකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය දැනගනී ද යත්:
අස‍්සද‍්ධියස‍්ස අනුපට‍්ඨානං සද‍්ධින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, අස‍්සද‍්ධිය පරිළාහස‍්ස අනුපට‍්ඨානං සද‍්ධින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, අධිමොක‍්ඛචරියාය වෙසාරජ‍්ජං සද‍්ධින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, සන‍්තො ච විහාරාධිගමො සද‍්ධින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, යං සද‍්ධින්‍ද්‍රියං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං අයං සද‍්ධින්‍ද්‍රියස‍්ස අස‍්සාදො.
අශ්‍රද්ධභාවයාගේ නො එළඹසිටීම ශ්‍රද්ධේන්‍ද්‍රියයට ආස්වාදය වෙයි. අශ්‍රද්ධභාව සඞ්ඛ්‍යාත පරිදාහයාගේ නො එළඹසිටීම ශ්‍රද්ධේන්‍ද්‍රියට ආස්වාද වෙයි. අධිමෝක්‍ෂචර්‍ය්‍යායෙහි විශාරද බව ශ්‍රද්ධේන්‍ද්‍රියට ආස්වාද වෙයි. ශාන්තවිහාරාධිගමය (ශමථවිදර්‍ශනාප්‍රතිලාභය) ශ්‍රද්ධේන්‍ද්‍රියට ආස්වාද වෙයි. ශ්‍රද්ධේන්‍ද්‍රියය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ ශ්‍රද්ධේන්‍ද්‍රියට ආස්වාද වේ.
කොසජ‍්ජස‍්ස අනුපට‍්ඨානං විරියින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, කොසජ‍්ජපරිළාහස‍්ස අනුපට‍්ඨානං විරියින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, පග‍්ගහචරියාය වෙසාරජ‍්ජං විරියින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, සන‍්තො ච විහාරාධිගමො විරියින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, යං විරියින්‍ද්‍රියං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං. අයං විරියින්‍ද්‍රියස‍්ස අස‍්සාදො.
කෞසීද්‍යයාගේ නො එළඹසිටීම වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ආස්වාද වෙයි. කෞසීද්‍යපරිදාහයාගේ නො එළඹසිටීම වීර්ය්‍යේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. ප්‍රග්‍රහචර්‍ය්‍යායෙහි විශාරද බව වීර්ය්‍යේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. ශාන්තවිහාරාධිගමය වීර්ය්‍යේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ වීර්ය්‍යේන්‍ද්‍රියයට ආස්වාද වේ.
පමාදස‍්ස අනුපට‍්ඨානං සතින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, පමාදපරිළාහස‍්ස අනුපට‍්ඨානං සතින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, උපට‍්ඨානචරියාය වෙසාරජ‍්ජං සතින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, සන‍්තො ච විහාරාධිගමො සතින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, යං සතින්‍ද්‍රියං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං සතින්‍ද්‍රියස‍්ස අස‍්සාදො.
ප්‍රමාදයාගේ නො එළඹසිටීම ස්මෘතීන්‍ද්‍රියට ආස්වාද වෙයි. ප්‍රමාදපරිදාහයාගේ නො එළඹසිටීම ස්මෘතීන්‍ද්‍රියට ආස්වාද වෙයි. උපස්ථානචර්‍ය්‍යායෙහි විශාරද බව ස්මෘතීන්‍ද්‍රියට ආස්වාද වෙයි. ශාන්තවිහාරාධිගමය ස්මෘතීන්‍ද්‍රියට ආස්වාද වෙයි. ස්මෘතීන්‍ද්‍රියය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ ස්මෘතීන්‍ද්‍රියට ආස්වාද වේ.
උද‍්ධච‍්චස‍්ස අනුපට‍්ඨානං සමාධින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, උද‍්ධච‍්චපරිළාහස‍්ස අනුපට‍්ඨානං සමාධින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, අවික‍්ඛෙපචරියාය වෙසාරජ‍්ජං සමාධින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, සන‍්තො ච විහාරාධිගමො සමාධින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, යං සමාධින්‍ද්‍රියං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං සමාධින්‍ද්‍රියස‍්ස අස‍්සාදො.
ඖද්ධත්‍යයාගේ නො එළඹසිටීම සමාධීන්‍ද්‍රියට ආස්වාද වෙයි. ඖද්ධත්‍යපරිදාහයාගේ නො එළඹසිටීම සමාධීන්‍ද්‍රියයට ආස්වාද වෙයි. අවික්‍ෂේපචර්‍ය්‍යායෙහි විශාරද බව සමාධීන්‍ද්‍රියයට ආස්වාද වෙයි. ශාන්තවිහාරාධිගමය සමාධීන්‍ද්‍රියයට ආස්වාද වෙයි. සමාධීන්‍ද්‍රියය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ සමාධීන්‍ද්‍රියයට ආස්වාද වේ.
අවිජ‍්ජජය අනුපට‍්ඨානං පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, අවිජ‍්ජාපරිළාහස‍්ස අනුපට‍්ඨානං පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, දස‍්සනචරියාය වෙසාරජ‍්ජං පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, සන‍්තො ච විහාරාධිගමො පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස අස‍්සාදො හොති, යං පඤ‍්ඤින්‍ද්‍රියං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස අස‍්සාදො.
අවිද්‍යාවගේ නො එළඹසිටීම ප්‍රඥේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. අවිද්‍යාපරිදාහයාගේ නො එළඹසිටීම ප්‍රඥේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. දර්‍ශනචර්‍ය්‍යායෙහි විශාරද බව ප්‍රඥේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. ශාන්තවිහාරාධිගමය ප්‍රඥේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. ප්‍රඥේන්‍ද්‍රියය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ ප්‍රඥේන්‍ද්‍රියයට ආස්වාද වේ.
ඉමෙහි පඤ‍්චවීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අස‍්සාදො හොති, ඉමෙහි පඤ‍්චවීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අස‍්සාදං පජානාති.
මේ පස්විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාද වෙයි. මේ පස්විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය දැනගනී. (1)
කතමෙහි පඤ‍්චවීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං ආදීනවො හොති, කතමෙහි පඤ‍්චවීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං ආදීනවං පජානාති:
කවර පස්විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව වේ ද, කවර පස්විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව දැනගනී ද යත්:
අස‍්සද‍්ධියස‍්ස උපට‍්ඨානං සද‍්ධින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති, අස‍්සද‍්ධියපරිළාහස‍්ස උපට‍්ඨානං සද‍්ධින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති, අනිච‍්චට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති, දුක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති, අනත‍්තට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති.
අශ්‍රද්ධාව එළඹසිටීම ශ්‍රද්ධේන්‍ද්‍රියට ආදීනව වෙයි. අශ්‍රද්ධභාව සඞ්ඛ්‍යාත පරිදාහයාගේ එළඹසිටීම ශ්‍රද්ධේන්‍ද්‍රියයට ආදීනව වෙයි. අනිත්‍ය ස්වභාවයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියට ආදීනව වෙයි. දුඃඛස්භාවයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියට ආදීනව වෙයි. අනාත්මස්භාවයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියයට ආදීනව වේ.
කොසජ‍්ජස‍්ස උපට‍්ඨානං විරින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති, කොසජ‍්ජපරිළාහස‍්ස උපට‍්ඨානං විරියින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති, අනිච‍්චට‍්ඨෙන විරියින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති, දුක‍්ඛට‍්ඨෙන -පෙ- අනත‍්තට‍්ඨෙන විරියින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති.
කෞසීද්‍යයාගේ එළඹසිටීම වීර්ය්‍යේන්‍ද්‍රියයට ආදීනව වෙයි. කෞසීද්‍යපරිදාහයාගේ එළඹසිටීම වීර්ය්‍යේන්‍ද්‍රියයට ආදීනව වෙයි. අනිත්‍යස්භාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයට ආදීනව වෙයි. දුක්ඛස්භාවයෙන් ... අනාත්මස්භාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයට ආදීනව වේ.
පමාදස‍්ස උපට‍්ඨානං සතින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති, පමාදපරිළාහස‍්ස උපට‍්ඨානං සතින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති, අනිච‍්චට‍්ඨෙන සතින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති, දුක‍්ඛට‍්ඨෙන -පෙ- අනත‍්තට‍්ඨෙන සතින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති. දීනවො හොති.
ප්‍රමාදයාගේ එළඹසිටීම ස්මෘතීන්‍ද්‍රියයට ආදීනව වෙයි. ප්‍රමාදපරිදාහයාගේ එළඹසිටීම ස්මෘතීන්‍ද්‍රියයට ආදීනව වෙයි. අනිත්‍යස්භාවයෙන් ස්මෘතීන්‍ද්‍රියට ආදීනව වෙයි. දුඃඛස්වභාවයෙන් ... අනාත්මස්වභාවයෙන් ස්මෘතීන්‍ද්‍රියයට ආදීනව වේ.
උද‍්ධච‍්චස‍්ස උපට‍්ඨානං සමාධින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති, උද‍්ධච‍්චපරිළාහස‍්ස උපට‍්ඨානං සමාධින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති, අනිච‍්චට‍්ඨෙන සමාධින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති, දුක‍්ඛට‍්ඨෙන -පෙ- අනත‍්තට‍්ඨෙන සමාධින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති.
ඖද්ධත්‍යයාගේ එළඹසිටීම සමාධීන්‍ද්‍රියයට ආදීනව වෙයි. ඖද්ධත්‍යපරිදාහයාගේ එළඹසිටීම සමාධීන්‍ද්‍රියයට ආදීනව වෙයි. අනිත්‍යස්භාවයෙන් සමාධීන්‍ද්‍රියයට ආදීනව වෙයි. දුඃඛස්වභාවයෙන් ... අනාත්මස්වභාවයෙන් සමාධීන්‍ද්‍රියයට ආදීනව වේ.
අවිජ‍්ජාය උපට‍්ඨානං පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති, අවිජ‍්ජාපරිළාහස‍්ස උපට‍්ඨානං පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති, අනිච‍්චට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති, දුක‍්ඛට‍්ඨෙන -පෙ- අනත‍්තට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස ආදීනවො හොති.
අවිද්‍යාවගේ එළඹසිටීම ප්‍රඥේන්‍ද්‍රියට ආදීනව වෙයි. අවිද්‍යාපරිදාහයාගේ එළඹසිටීම ප්‍රඥේන්‍ද්‍රියයට ආදීනව වෙයි. අනිත්‍යස්භාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියයට ආදීනව වෙයි. දුඃඛස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියයට ආදීනව වෙයි. අනාත්මස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියට ආදීනව වේ.
ඉමෙහි පඤ‍්චවීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං ආදීනවො හොති. ඉමෙහි පඤ‍්චවීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං ආදීනවං පජානාති.
මේ පස්විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව වෙයි. මේ පස්විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව දැනගනී. (2)
කතමෙහි අසීතිසතං ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං නිස‍්සරණං හොති. කතමෙහි අසීතිසතං ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං නිස‍්සරණං පජානාති.
කවර එක්සියඅසූ අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය වේ ද, කවර එක්සියඅසූ අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය දැනගනී ද යත්:
අධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියං අස‍්සද‍්ධියා නිස‍්සටං හොති, අස‍්සද‍්ධියපරිළාහා නිස‍්සටං හොති තදනුවත‍්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච නිස‍්සටං හොති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි නිස‍්සටං හොති, තතො පණීතතරසද‍්ධින්‍ද්‍රියස‍්ස පටිලාභා පූරිමතරසද‍්ධින්‍ද්‍රියා නිස‍්සටං හොති.
අධිමොක්‍ෂස්වභාවයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අශ්‍රද්ධායෙන් නික්මුණේ වෙයි. අශ්‍රද්ධභාව සඞ්ඛ්‍යාත පරිදාහයෙන් නික්මුණේ වෙයි. එය අනුවැ පවත්නා ක්‍ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නික්මුණේ වෙයි. බාහ්‍ය වූ ද සියලු කෙලෙසුන් කෙරෙන් නික්මුණේ වෙයි. එයට වඩා අතිශයින් ප්‍රණීත වූ ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ ප්‍රතිලාභයෙන් පූර්‍වතරශ්‍රද්ධේන්‍ද්‍රියය කෙරෙන් නික්මුණේ වේ.
පග‍්ගහට‍්ඨෙන විරියින්‍ද්‍රියං කොසජ‍්ජා නිස‍්සටං හොති, කොස‍්සජ‍්ජපරිළාහා නිස‍්සටං හොති, තදනුවත‍්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච නිස‍්සටං හොති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි නිස‍්සටං හොති, තතො පණීතතර විරියින්‍ද්‍රියස‍්ස පටිලාභා පුරිමතරවිරියින්‍ද්‍රියා නිස‍්සටං හොති.
ප්‍රග්‍රහස්වභාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය කෞසීද්‍යයෙන් නික්මුණේ වෙයි. කෞසීද්‍යපරිදාහයෙන් නික්මුණේ වෙයි. තදනුවර්‍තතක ක්‍ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නික්මුණේ වෙයි. බාහ්‍ය වූ ද සියලු කෙලෙසුන් කෙරෙන් නික්මුණේ වෙයි. එයට වඩා අතිශයින් ප්‍රණීත වූ වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ ප්‍රතිලාභයෙන් පූර්‍වතරවීර්ය්‍යේන්‍ද්‍රිය කෙරෙන් නික්මුණේ වේ.
උපට‍්ඨානට‍්ඨෙන සතින්‍ද්‍රියා පමාදා නිස‍්සටං හොති. පමාදපරිළාහා නිස‍්සටං හොති, තදනුවත‍්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච නිස‍්සටං හොති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි නිස‍්සටං හොති, තතො පණීතතරසතින්‍ද්‍රියස‍්ස පටිලාභා පුරිමතරසතින්‍ද්‍රියා නිස‍්සටං හොති.
උපස්ථානස්වභාවයෙන් ස්මෘතීන්‍ද්‍රියය ප්‍රමාදය කෙරෙන් නික්මුණේ වෙයි. ප්‍රමාදපරිදාහයෙන් නික්මුණේ වෙයි. තදනුවර්‍තතක ක්‍ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නික්මුණේ වෙයි. බාහ්‍ය වූ ද සියලු කෙලෙසුන් කෙරෙන් නික්මුණේ වෙයි. එයට වඩා අතිශයින් ප්‍රණීත වූ ස්මෘතීන්‍ද්‍රියයාගේ ප්‍රතිලාභයෙන් පූර්‍වතරස්මෘතීන්‍ද්‍රිය කෙරෙන් නික්මුණේ වේ.
අවික‍්ඛෙපට‍්ඨෙන සමාධින්‍ද්‍රියං උද‍්ධච‍්චා නිස‍්සටං හොති, උද‍්ධච‍්ච පරිළාහා නිස‍්සටං හොති, තදනුවත‍්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච නිස‍්සටං හොති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි නිස‍්සටං හොති, තතො පණීතතරසමාධින්‍ද්‍රියස‍්ස පටිලාභා පුරිමතරසමාධින්‍ද්‍රියා නිස‍්සටං හොති.
අවික්‍ෂේපස්වභාවයෙන් සමාධීන්‍ද්‍රියය ඖද්ධත්‍යයෙන් නික්මුණේ වෙයි. ඖද්ධත්‍යපරිදාහයෙන් නික්මුණේ වෙයි. තදනුවර්‍තකක්‍ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නික්මුණේ වෙයි. බාහ්‍ය වූ ද හැම කෙලෙසුන් කෙරෙන් නික්මුණේ වෙයි. එයට වඩා අතිශයින් ප්‍රණීත වූ සමාධීන්‍ද්‍රියයාගේ ප්‍රතිලාභයෙන් පූර්‍වතරසමාධීන්‍ද්‍රිය කෙරෙන් නික්මුණේ වේ.
දස‍්සනට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියං අවිජ‍්ජාය නිස‍්සටං හොති, අවිජ‍්ජාපරිළාහා නිස‍්සටං හොති, තදනුවත‍්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච නිස‍්සටං හොති, බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි නිස‍්සටං හොති, තතො පණීතතරපඤ‍්ඤින්‍ද්‍රියස‍්ස පටිලාභා පුරිමතරපඤ‍්ඤින්‍ද්‍රියා නිස‍්සටං හොති.
දර්‍ශනස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අවිද්‍යායෙන් නික්මුණේ වෙයි. අවිද්‍යාපරිදාහයෙන් නික්මුණේ වෙයි. තදනුවර්‍තකක්‍ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නික්මුණේ වෙයි. බාහ්‍ය වූ ද හැම කෙලෙසුන් කෙරෙන් නික්මුණේ වෙයි. එයට වඩා අතිශයින් ප්‍රණීත වූ ප්‍රඥේන්‍ද්‍රියයාගේ ප්‍රතිලාභයෙන් පූර්‍වතරප්‍රඥේන්‍ද්‍රිය කෙරෙන් නික්මුණේ වේ.
පුබ‍්බභාගෙ පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි පඨමජ‍්ඣානවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, පඨමෙ ඣානෙ පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි දුතියජ‍්ඣානවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, දුතියෙ ඣානෙ පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි තතියජ‍්ඣානවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, තතියෙ ඣානෙ පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි චතුත්‍ථාජ‍්ඣානවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානා හොන‍්ති, චතුත්‍ථෙ ඣානෙ පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි ආකාසානඤ‍්චායතනසමාපත‍්තිවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති. ආකාසානඤ‍්චායතනසමාපත‍්තියා පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තිවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තියා පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තිවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තියා පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තිවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තියා පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි අනිච‍්චානුපස‍්සනාවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති,
පූර්‍වභාගයෙහි (ප්‍රථමධ්‍යානෝපචාරයෙහි) පැවැති පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ප්‍රථමධ්‍යානයාගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ප්‍රථමධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ද්විතීයධ්‍යානයාගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ද්වීතීයධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් තෘතීයධ්‍යානයාගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. තෘතීයධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් චතුර්‍ත්‍ථධ්‍යානයාගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. චතුර්‍ත්‍ථධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ආකාසානඤ්චායතනසමාපත්තිහුගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ආකාසානඤ්චායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් විඤ්ඤාණඤ්චායතනසමාපත්තීහුගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ආකිඤ්චඤ්ඤායතනසමාපත්තීහුගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තීහුගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අනිත්‍යානුදර්‍ශනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙත්. (3)
අනිච‍්චානුපස‍්සනාය පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි දුක‍්ඛානුපස‍්සනාවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, දුක‍්ඛානුපස‍්සනාය පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි අනත‍්තානුපස‍්සනාවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, අනත‍්තානුපස‍්සනාය පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි නිබ‍්බිදානුපස‍්සනාවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, නිබ‍්බිදානුපස‍්සනාය පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි විරාගානුපස‍්සනාවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, විරාගානුපස‍්සනාය පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි නිරොධානුපස‍්සනාවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, නිරොධානුපස‍්සනාය පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි පටිනිස‍්සග‍්ගානුපස‍්සනාවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, පටිනිස‍්සග‍්ගානුපස‍්සනාය පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි ඛයානුපස‍්සනාවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, ඛයානුපස‍්සනාය පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි වයානුපස‍්සනාවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, වයානුපස‍්සනාය පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි විපරිනාමානුපස‍්සනාවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, විපරිනාමානුපස‍්සනාය පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි අනිමිත‍්තානුපස‍්සනාවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, අනිමිත‍්තානුපස‍්සනාය පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි අප‍්පණිහිතානු පස‍්සනාවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, අප‍්පණිහිතානුපස‍්සනාය පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි සුඤ‍්ඤතානුපස‍්සනාවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, සුඤ‍්ඤතානුපස‍්සනාය පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි යථාභූතඤාණදස‍්සනවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, යථාභූතඤාණදස‍්සනෙ පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි ආදීනවානුපස‍්සනාවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, ආදීනවානුපස‍්සනාය පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි පටිසඞ‍්ඛානුපස‍්සනාවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, පටිසඞ‍්ඛානුපස‍්සනාය පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි විවට‍්ටනානුපස‍්සනාවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, විවට‍්ටනානුපස‍්සනාය පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි සොතාපත‍්තිමග‍්ගවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, සොතාපත‍්තිමග‍්ගෙ පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි සොතාපත‍්තිඵලසමාපත‍්තිවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, සොතාපත‍්තිඵලසමාපත‍්තියා පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි සකදාගාමිමග‍්ගවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, සකදාගාමිමග‍්ගෙ පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි සකදාගාමිඵලසමාපත‍්තිවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, සකදාගාමිඵලසමාපත‍්තියා පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි අනාගාමිමග‍්ගවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, අනාගාමිමග‍්ගෙ පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි අනාගාමිඵලසමාපත‍්තිවසෙන පඤ‍්චින්‍ද්‍රියානි හොන‍්ති, අනාගාමිඵලසමාපත‍්තියා පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි අරහත‍්තමග‍්ගවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති, අරහත‍්තමග‍්ගෙ පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි අරහත‍්තඵලසමාපත‍්තිවසෙන පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි හොන‍්ති.
අනිච්චානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් දුක්ඛානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. දුක්ඛානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අනත්තානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අනත්තානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් නිබ්බිදානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. නිබ්බිදානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් විරාගානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. විරාගානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් නිරෝධානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. නිරෝධානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් පටිනිස්සග්ගානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. පටිනිස්සග්ගානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ඛයානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ඛයානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් වයානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. වයානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් විපරිණාමානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. විපරිණාමානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අනිමිත්තානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අනිමිත්තානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අප්පණිහිතානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අප්පණිහිතානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් සුඤ්ඤතානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. සුඤ්ඤතානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අධිපඤ්ඤාධම්මවිපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අධිපඤ්ඤාධම්මවිපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් යථාභූතඤාණදස්සන වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. යථාභූතඤාණදස්සනයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ආදීනවානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ආදීනවානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් පටිසඞ්ඛානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. පටිසඞ්කානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් විවට්ටානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. විවට්ටානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් සෝතාපත්තිමග්ග වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ස්‍රෝතාපත්තිමාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ස්‍රෝතාපත්තිඵලසමාපත්තිවශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ස්‍රොතාපත්තිඵලසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් සකෘදාගාමි මාර්‍ගවශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. සකෘදාගාමීමාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් සකෘදාගාමීඵලසමාපත්ති වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. සකෘදාගාමිඵලසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අනාගාමිමාර්‍ග වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අනාගාමීමාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අනාගාමිඵලසමාපත්ති වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අනාගාමීඵලසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අර්‍හන්මාර්‍ග වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අර්‍හන්මාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අර්‍හත්ඵලසමාපත්ති වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙත්.
නෙක‍්ඛම‍්මෙ, පඤ‍්චින්‍ද්‍රියානි කාමච‍්ඡන්‍දතො නිස‍්සටානි හොන‍්ති, අබ්‍යාපාදො පඤ‍්චින්‍ද්‍රියානි බ්‍යාපාදතො නිස‍්සටානි හොන‍්ති, ආලොකසඤ‍්ඤාය පඤ‍්චින්‍ද්‍රියානි ථීනමිද‍්ධතො නිස‍්සටානි හොන‍්ති, අවික‍්ඛෙපෙ පඤ‍්චින්‍ද්‍රියානි උද‍්ධච‍්චතො නිස‍්සටානි හොන‍්ති, ධම‍්මවවත්‍ථානෙ පඤ‍්චින්‍ද්‍රියානි විචිකිච‍්ඡාය නිස‍්සටානි හොන‍්ති, ඤාණෙ පඤ‍්චින්‍ද්‍රියානි අවිජ‍්ජාය නිස‍්සටානි හොන‍්ති, පාමොජ‍්ජො පඤ‍්චින්‍ද්‍රියානි අරතියා නිස‍්සටානි හොන‍්ති.
නෛෂ්ක්‍රම්‍යයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ කාමච්ඡන්‍දය කෙරෙන් නික්මුණාහු වෙති. අව්‍යාපාදයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ව්‍යාපාදයෙන් නික්මුණාහු වෙති. ආලෝකසංඥායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ථීනමිද්ධය කෙරෙන් නික්මුණාහු වෙති. අවික්‍ෂෙපයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ඖද්ධත්‍යය කෙරෙන් නික්මුණාහු වෙති. ධර්‍මනිශ්චයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ විචිකිත්සාව කෙරෙන් නික්මුණාහු වෙති. ඥානයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ අවිද්‍යාව කෙරෙන් නික්මුණාහු වෙති. ප්‍රාමෝද්‍යයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ අරතිය කෙරෙන් නික්මුණාහු වෙති.
පඨමෙ ඣානෙ පඤ‍්චින්‍ද්‍රියානි නීවරණෙහි නිස‍්සටානි හොන‍්ති, දුතියෙ ඣානෙ පඤ‍්චින්‍ද්‍රියානි විතක‍්කවිචාරෙහි නිස‍්සටානි හොන‍්ති, තතියෙ ඣානෙ පඤ‍්චින්‍ද්‍රියානි පීතියා නිස‍්සටානි හොන‍්ති, චතුත්‍ථෙ ඣානෙ පඤ‍්චින්‍ද්‍රියානි සුඛදුක‍්ඛෙහි නිස‍්සටානි හොන‍්ති, ආකාසානඤ‍්චායතනසමාපත‍්තියා පඤ‍්චින්‍ද්‍රියානි රූපසඤ‍්ඤාය පටිඝසඤ‍්ඤාය නානත‍්තසඤ‍්ඤාය නිස‍්සටානි හොන‍්ති, විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තියා පඤ‍්චින්‍ද්‍රියානි ආකාසානඤ‍්චායතනඤ‍්ඤාය නිස‍්සටානි හොන‍්ති, ආකිඤ‍්චඤ‍්ඤායතන සමාපත‍්තියා පඤ‍්චින්‍ද්‍රියානි විඤ‍්ඤාණඤ‍්චායතනඤ‍්ඤාය නිස‍්සටානි හොන‍්ති, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තියා පඤ‍්චින්‍ද්‍රියානි ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤායතනසඤ‍්ඤාය නිස‍්සාටානි හොන‍්ති.
ප්‍රථමධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ නීවරණයන් කෙරෙන් නික්මුණාහු වෙති. ද්විතීයධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ විතර්‍කවිචාරයන් කෙරෙන් නික්මුණාහු වෙති. තෘතීයධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ප්‍රීතිය කෙරෙන් නික්මුණාහු වෙති. චතුර්‍ත්‍ථධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සුඛදුඃඛයන් කෙරෙන් නික්මුණාහු වෙති. ආකාසානඤ්චායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයෝ රූපසංඥා, ප්‍රතිඝසංඥා, නානාත්‍වසංඥා කෙරෙන් නික්මුණාහු වෙති. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ආකාසානඤ්චායතනසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයෝ විඤ්ඤාණඤ්චායතනසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ආකිඤ්චඤ්ඤායතන සංඥාව කෙරෙන් නික්මුණාහු වෙත්.
අනිච‍්චානුපස‍්සනාය පඤ‍්චින්‍ද්‍රියානි නිච‍්චසඤ‍්ඤාය නිස‍්සටානි හොන‍්ති, දුක‍්ඛානුපස‍්සනාය පඤ‍්චින්‍ද්‍රියානි සුඛසඤ‍්ඤාය නිස‍්සටානි හොන‍්ති, අනත‍්තානුපස‍්සනාය පඤ‍්චින්‍ද්‍රියානි අත‍්තසඤ‍්ඤාය නිස‍්සටානි හොන‍්ති, නිබ‍්බිදානුපස‍්සනාය පඤ‍්චින්‍ද්‍රියානි නන්‍දියා නිස‍්සටානි හොන‍්ති, විරාගානුපස‍්සනාය පඤ‍්චින්‍ද්‍රියානි රාගතො නිස‍්සටානි හොන‍්ති, නිරොධානුපස‍්සනාය පඤ‍්චින්‍ද්‍රියානි සමුදයතො නිස‍්සටානි හොන‍්ති, පටිනිස‍්සග‍්ගානුපස‍්සනාය පඤ‍්චින්‍ද්‍රියානි ආදීනවතො නිස‍්සටානි හොන‍්ති, ඛයානුපස‍්සනාය පඤ‍්චින්‍ද්‍රියානි ඝනසඤ‍්ඤාය නිස‍්සටානි හොන‍්ති, වයානුපස‍්සනාය පඤ‍්චින්‍ද්‍රියානි ආයූහනතො නිස‍්සටානි හොන‍්ති, විපරිනාමානුපස‍්සනාය පඤ‍්චින්‍ද්‍රියානි ධුවසඤ‍්ඤාය නිස‍්සටානි හොන‍්ති, අනිමිත‍්තානුපස‍්සනාය පඤ‍්චින්‍ද්‍රියානි නිමිත‍්තතො නිස‍්සටානි හොන‍්ති, අප‍්පණිහිතානුපස‍්සනාය පඤ‍්චින්‍ද්‍රියානි පණිධියා නිස‍්සටානි හොන‍්ති, සුඤ‍්ඤතානුපස‍්සනාය පඤ‍්චින්‍ද්‍රියානි අභිනිවෙසතො නිස‍්සටානි හොන‍්ති, අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය පඤ‍්චින්‍ද්‍රියානි සාරාදානාභිනිවෙසතො නිස‍්සටානි හොන‍්ති, යථාභූතඤාණදස‍්සනෙ පඤ‍්චින්‍ද්‍රියානි සම‍්මොහාභිනිවෙසතො නිස‍්සටානි හොන‍්ති ආදීනවානුපස‍්සනාය පඤ‍්චින්‍ද්‍රියානි ආලයාභිනිවෙසතො නිස‍්සටානි හොන‍්ති, පටිසඞ‍්ඛානුපස‍්සනාය පඤ‍්චින්‍ද්‍රියානි අප‍්පටිසඞ‍්ඛාය නිස‍්සටානි හොන‍්ති, විවට‍්ටනානුපස‍්සනාය පඤ‍්චින්‍ද්‍රියානි සඤ‍්ඤොගාභිනිවෙසතො නිස‍්සටානි හොන‍්ති.
අනිත්‍යානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ නිත්‍යසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. දුඃඛානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සුඛසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. අනාත්මානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ආත්මසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. නිර්වේදානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ නන්‍දිය කෙරෙන් නික්මුණාහු වෙති. විරාගානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ රාගය කෙරෙන් නික්මුණාහු වෙති. නිරෝධානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සමුදය කෙරෙන් නික්මුණාහු වෙති. පටිනිසග්ගානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ආදීනවය කෙරෙන් නික්මුණාහු වෙති. ක්‍ෂයානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ඝනසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. ව්‍යයානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ආයූහනය කෙරෙන් නික්මුණාහු වෙති. විපරිණාමානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ධ්‍රැවසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. අනිමිත්තානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ නිමිත්ත කෙරෙන් නික්මුණාහු වෙති. අප්‍රණිහිතානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ප්‍රණිධිය කෙරෙන් නික්මුණාහු වෙති. ශුන්‍යතානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ අභිනිවේශය කෙරෙන් නික්මුණාහු වෙති. අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ නිත්‍යසාරග්‍රහණාභිනිවේශය කෙරෙන් නික්මුණාහු වෙති. යථාභූතඥානදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සම්මුඨාභිනිවේශය කෙරෙන් නික්මුණාහු වෙති. ආදීනවානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ආලයාභිනිවේශය කෙරෙන් නික්මුණාහු වෙති. පටිසඞ්ඛානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ අප්පටිසඞ්ඛ්‍යාව (අසමවාහිතභාවය) කෙරෙන් නික්මුණාහු වෙති. විවට්ටානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සංයෝගාභිනිවේශය කෙරෙන් නික්මුණාහු වෙත්.
සොතාපත‍්තිමග‍්ගෙ පඤ‍්චින්‍ද්‍රියානි දිට‍්ඨෙකට‍්ඨෙහි කිලෙසෙහි නිස‍්සටානි හොන‍්ති, සකදාමිමග‍්ගෙ පඤ‍්චින්‍ද්‍රියානි ඔළාරිකෙහි කිලෙසෙහි නිස‍්සටානි හොන‍්ති, අනාගාමිමග‍්ගෙ පඤ‍්චින්‍ද්‍රියානා අණුසහගතෙහි කිලෙසෙහි නිස‍්සටානි හොන‍්ති, අරහත‍්තමග‍්ගෙ පඤ‍්චින්‍ද්‍රියානි සබ‍්බකිලෙසෙහි නිස‍්සටානි හොන‍්ති, සබ‍්බෙසඤ‍්ඤෙව ඛීණාසවානං තත්‍ථ තත්‍ථ පඤ‍්චින්‍ද්‍රියානි නිස‍්සටානි චෙව හොන‍්ති සුනිස‍්සටානි ච පටිප‍්පස‍්සද‍්ධානි ච සුප‍්පටිප‍්පස‍්සද‍්ධානි ච.
ස්‍රෝතාපත්තිමාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ දෘෂ්ටිය සමග එක් වැ සිටි කෙලෙසුන් කෙරෙන් නික්මුණාහු වෙති. සකෘදාගාමි මාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ඖදාරික වූ කෙලෙසුන් කෙරෙන් නික්මුණාහු වෙති. අනාගාමිමාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ අණුසහගත වූ කෙලෙසුන් කෙරෙන් නික්මුණාහු වෙති. අර්‍හන්මාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ හැම කෙලෙසුන් කෙරෙන් නික්මුණාහු වෙති. හැම රහත්නට මැ ඒ ඒ තන්හි පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු ද මොනොවට නික්මුණාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙත්.
ඉමෙහි අසීතිසතංආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං නිස‍්සරණං හොති. ඉමෙහි අසීතිසතං ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං නිස‍්සරණං පජානාති.
මේ එක්සියඅසූ අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය වෙයි, මේ එක්සියඅසූ අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය දැනගනී.
දුතියසුත‍්තනිද‍්දෙසො.
ද්විතීයසූත්‍රනිර්දේශය යි.
භානවාර පඨමො.
පළමුවන බණවර යි