යෙදුමෙන් කියවන්න

4-3. තතියසුත‍්තං

4-3. තතියසුත‍්තං

4-3. තෘතීය සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

“පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි, කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං.

“මහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති. කවර පස්දෙනෙක් ද යත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ, ස්මෘතීන්‍ද්‍රිය යැ, සමාධීන්‍ද්‍රිය යැ, ප්‍රඥේන්‍ද්‍රිය යි.

කත්‍ථ ච භික‍්ඛවෙ, සද‍්ධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං: චතුසු සොතාපත‍්තියඞ‍්ගෙසු එත්‍ථ සද‍්ධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං. කත්‍ථ ච භික‍්ඛවෙ, විරියින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, චතුසු සම‍්මප‍්පධානෙසු, එත්‍ථ විරියින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං. කත්‍ථ ච භික‍්ඛවෙ, සතින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, චතුසු සතිපට‍්ඨානෙසු, එත්‍ථ සතින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං. කත්‍ථ ච භික‍්ඛවෙ, සමාධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං. චතුසු ඣානෙසු, එත්‍ථ සමාධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං. කත්‍ථ ච භික‍්ඛවෙ, පඤ‍්ඤින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, චතුසු අරියසච‍්චෙසු එත්‍ථ පඤ‍්ඤින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං;

මහණෙනි, කොතැන්හි ලා ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු ද යත්: සතර ශ්‍රොතාපත්තිඅඞ්ගයන්හි යැ, මෙහි ලා ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ. මහණෙනි, කොතැන්හි ලා වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු ද යත්: සතර සම්‍යක්ප්‍රධානයන්හි යැ, මෙහි ලා වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ. මහණෙනි, කොතැන්හි ලා ස්මෘතීන්‍ද්‍රියය දතයුතු ද යත්: සතරසතිපට්ඨානයන්හි යැ, මෙහි ලා ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ. මහණෙනි, කොතැන්හි ලා සමාධීන්‍ද්‍රියය දතයුතු ද යත්: සතර ධ්‍යානයන්හි යැ, මෙහි ලා සමාධීන්‍ද්‍රියය දතයුතු යැ. මහණෙනි, කොතැන්හි ලා ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු ද යත්: සතර ආර්‍ය්‍යසත්‍යයන්හි යැ මෙහි ලා ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු.”

චතුසු සොතාපත‍්තියඞ‍්ගෙසු සද‍්ධින්‍ද්‍රියස‍්ස වසෙන කතිහාකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි: චතුසු සම‍්මප‍්පධානෙසු විරියින්‍ද්‍රියස‍්ස වසෙන කතිහාකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි, චතුසු සතිපට‍්ඨානෙසු සතින්‍ද්‍රියස‍්ස වසෙන කතිහාකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි, චතුසු ඣානෙසු සමාධින්‍ද්‍රියස‍්ස වසෙන කතිහාකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි, චතුසු අරියසච‍්චෙසු පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස වසෙන කතිහාකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි.

සතර ශ්‍රොතාපත්තිඅඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද, සතර සම්‍යක්ප්‍රධානයන්හි වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද, සතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද, සතර ධ්‍යානයන්හි සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද, සතර ආර්‍ය්‍යසත්‍යයන්හි පඤ්චෙන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:

චතුසු සොතාපත‍්තියඞ‍්ගෙසු සද‍්ධින්‍ද්‍රියස‍්ස වසෙන වීසතියා ආකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි, චතුසු සම‍්මප‍්පධානෙසු විරියින්‍ද්‍රියස‍්ස වසෙන වීසතියා ආකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි, චතුසු සතිපට‍්ඨානෙසු සතින්‍ද්‍රියස‍්ස වසෙන වීසතියා ආකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි, චතුසු ඣානෙසු සමාධින්‍ද්‍රියස‍්ස වසෙන වීසතියා ආකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි, චතුසු අරියසච‍්චෙසු පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස වසෙන වීසතියා ආකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි.

සතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහ, සතර සම්‍යක්ප්‍රධානයන්හි වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහ. සතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහ. සතර ධ්‍යානයන්හි සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහ. සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු යි.

චතුසු සොතාපත‍්තියඞ‍්ගෙසු සද‍්ධින්‍ද්‍රියස‍්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි:

සතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:

සප‍්පුරිසසංසෙවෙ සොතිපත‍්තියඞ‍්ගෙ අධිමොක‍්ඛාධිපතෙය්‍යට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, සද‍්ධින්‍ද්‍රියස‍්ස වසෙන පග‍්ගහට‍්ඨෙන විරියින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, උපට‍්ඨානට‍්ඨෙන සතින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, අවික‍්ඛෙපට‍්ඨෙන සමාධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, දස‍්සනට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, සද‍්ධම‍්මසවනෙ සොතිපත‍්තියඞ‍්ගෙ -පෙ- යොනිසො මනසිකාරෙ සොතිපත‍්තියඞ‍්ගෙ -පෙ- ධම‍්මානුධම‍්මපටිපත‍්තියා සොතිපත‍්තියඞ‍්ගෙ අධිමොක‍්ඛාධිපතෙය්‍යට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, සද‍්ධින්‍ද්‍රියස‍්ස වසෙන පග‍්ගහට‍්ඨෙන විරියින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, උපට‍්ඨානට‍්ඨෙන සතින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, අවික‍්ඛෙපට‍්ඨෙන සමාධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, දස‍්සනට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං.

සත්පුරුෂසංසේවා සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි අධිමෝක්‍ෂාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථ (එළඹසිටුනාස්වභාව) යෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ. සද්ධර්‍මශ්‍රවණ සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි ... යෝනිසෝමනසිකාර සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි ... ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි අධිමෝක්‍ෂාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු.

චතුසු සොතාපත‍්තියඞ‍්ගෙසු සද‍්ධින්‍ද්‍රියස‍්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි.

සතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු යි.

චතුසු සම‍්මප‍්පධානෙසු විරියින්‍ද්‍රියස‍්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි:

සතර සම්‍යක්ප්‍රධානයන්හි වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:

අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුපාපාදාය සම‍්මප‍්පධානෙ පග‍්ගහාධිපතෙය්‍යට‍්ඨෙන විරියින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, විරියින්‍ද්‍රියස‍්ස වසෙන උපට‍්ඨානට‍්ඨෙන සතින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, අවික‍්ඛෙපට‍්ඨෙන සමාධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, දස‍්සනට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, අධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, උප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය සම‍්මප‍්පධානෙ -පෙ- අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය සම‍්මප‍්පධානෙ -පෙ- උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං ඨිතියා අසම‍්මොසාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා සම‍්මප‍්පධානෙ පග‍්ගහාධිපතෙය්‍යට‍්ඨෙන විරියින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, විරියින්‍ද්‍රියස‍්ස වසෙන උපට‍්ඨානට‍්ඨෙන සතින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, අවික‍්ඛෙපට‍්ඨෙන සමාධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, දස‍්සනට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, අධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං.

නූපන් ලාමක වූ අකුශලධර්‍මයන් නූපදනා පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ප්‍රග්‍රහාධිපතිභාවාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතින්‍ද්‍රිය දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, උපන් ලාමක වූ අකුශලධර්‍මයන් ප්‍රහාණය කරනු පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ... නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ... උපන් කුශලධර්‍මයන් සිටුනා පිණිස නො නස්නා පිණිස බහුලභාවය පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ප්‍රග්‍රහාධිපතිභාවාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු.

චතුසු සම‍්මප‍්පධානෙසු විරියින්‍ද්‍රියස‍්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි.

සතර සම්‍යක්ප්‍රධානයන්හි වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු යි.

චතුසු සතිපට‍්ඨානෙසු සතින්‍ද්‍රියස‍්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි:

සතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:

කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානෙ උපට‍්ඨානාධිපතෙය්‍යට‍්ඨෙන සතින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, සතින්‍ද්‍රියස‍්ස වසෙන අවික‍්ඛෙපට‍්ඨෙන සමාධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, දස‍්සනට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, අධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, පග‍්ගහට‍්ඨෙන විරියින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, වෙදනාසු වෙදනානුපස‍්සනාසතිපට‍්ඨානෙ -පෙ- චිත‍්තෙ චිත‍්තානුපස‍්සනාසතිපට‍්ඨානෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනාසතිපට‍්ඨානෙ උපට‍්ඨානාධිපතෙය්‍යට‍්ඨෙන සතින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, සතින්‍ද්‍රියස‍්ස වසෙන අවික‍්ඛෙපට‍්ඨෙන සමාධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, දස‍්සනට‍්ඨෙන පඤ‍්ඤින්‍දියං දට‍්ඨබ‍්බං, අධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, පග‍්ගහට‍්ඨෙන විරියින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං.

කයෙහි කායානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි උපස්ථානාධිපති භාවාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ; ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, වේදනාවන්හි වේදනානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි ... චිත්තයෙහි චිත්තානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි ... ධර්‍මයන්හි ධර්‍මානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි උපස්ථානාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ, ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු.

චතූසු සතිපට‍්ඨානෙසු සතින්‍ද්‍රියස‍්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි.

සතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු වෙත්.

චතූසු ඣානෙසු සමාධින්‍ද්‍රියස‍්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි:

සතර ධ්‍යානයන්හි සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:

පඨමෙ ඣානෙ අවික‍්ඛෙපාධිපතෙය්‍යට‍්ඨෙන සමාධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, සමාධින්‍ද්‍රියස‍්ස වසෙන දස‍්සනට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, අධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, පග‍්ගහට‍්ඨෙන විරියින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, උපට‍්ඨානට‍්ඨෙන සතින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, දුතියෙ ඣානෙ -පෙ- තතියෙ ඣානෙ -පෙ- චතුත්‍ථෙ ඣානෙ අවික‍්ඛෙපාධිපතෙය්‍යට‍්ඨෙන සමාධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, සමාධින්‍ද්‍රියස‍්ස වසෙන දස‍්සනට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, අධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, පග‍්ගහට‍්ඨෙන විරියින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, උපට‍්ඨානට‍්ඨෙන සතින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං.

ප්‍රථමධ්‍යානයෙහි අවික්‍ෂේපාධිපතිභාවාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මාතීන්‍ද්‍රියය දතයුතු යැ. ද්වීතීයධ්‍යානයෙහි ... තෘතීයධ්‍යානයෙහි ... චතුර්‍ත්‍ථධ්‍යානයෙහි අවික්‍ෂේපාධිපතිභාවාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දත්යුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු.

චතුසු ඣානෙසු සමාධින්‍ද්‍රියස‍්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි.

සතර ධ්‍යානයන්හි සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු වෙත්.

චතුසු අරියසච‍්චෙසු පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි:

සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:

දුක‍්ඛෙ අරියසච‍්චෙ දස‍්සනාධිපතෙය්‍යට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස වසෙන අධිමොක‍්ඛට‍්ඨෙන දට‍්ඨබ‍්බං. පග‍්ගහට‍්ඨෙන විරියින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, උපට‍්ඨානට‍්ඨෙන සතින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, අවික‍්ඛෙපට‍්ඨෙන සමාධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, දුක‍්ඛසමුදයෙ අරියසච‍්චෙ -පෙ- දුක‍්ඛ නිරොධෙ අරියසච‍්චෙ -පෙ- දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච‍්චෙ දස‍්සනාධිපතෙය්‍යට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, පඤ‍්ඤින්‍දියස‍්ස වසෙන අධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, පග‍්ගහට‍්ඨෙන විරියින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, උපට‍්ඨානට‍්ඨෙන සතින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං, අවික‍්ඛෙපට‍්ඨෙන සමාධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං.

දුඃඛාර්‍ය්‍යසත්‍යයෙහි දර්‍ශනාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු. දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයෙහි ... දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යයෙහි ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයෙහි දර්‍ශනාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු.

චතුසු අරියසච‍්චෙසු පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි දට‍්ඨබ‍්බානි.

සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු වෙත්.

චතුසු සොතාපත‍්තියඞ‍්ගෙසු සද‍්ධින්‍ද්‍රියස‍්ස වසෙන කතිහාකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං චරියා දට‍්ඨබ‍්බා, චතුසු සම‍්මප‍්පධානෙසු -පෙ- චතුසු සතිපට‍්ඨානෙසු -පෙ- චතුසු ඣානෙසු -පෙ- චතුසු අරියසච‍්චෙසු පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස වසෙන කතිහාකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං චරියා දට‍්ඨබ‍්බා: චතුසු සොතාපත‍්තියඞ‍්ගෙසු සද‍්ධින්‍ද්‍රියස‍්ස වසෙන වීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං චරියා දට‍්ඨබ‍්බා, චතුසු සම‍්මප‍්පධානෙසු -පෙ- චතුසු සතිපට‍්ඨානෙසු -පෙ- චතුසු ඣානෙසු -පෙ- චතුසු අරියසච‍්චෙසු පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස වසෙන වීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං චරියා දට‍්ඨබ‍්බා.

සතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද, සතර සම්‍යක්ප්‍රධානයන්හි ... සතර සතිපට්ඨානයන්හි ... සතර ධ්‍යානයන්හි ... සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද යත්: සතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු යැ, සතර සම්‍යක්ප්‍රධානයන්හි ... සතරසතිපට්ඨානයන්හි ... සතර ධ්‍යානයන්හි ... සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු.

චතුසු සොතාපත‍්තියඞ‍්ගෙසු සද‍්ධින්‍ද්‍රියස‍්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං චරියා දට‍්ඨබ‍්බා.

සතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද යත්:

සප‍්පුරිසසංසෙවෙ සොතාපත‍්තියඞ‍්ගෙ අධිමොක‍්ඛාධිපතෙය්‍යට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, සද‍්ධින්‍ද්‍රියස‍්ස වසෙන පග‍්ගහට‍්ඨෙන විරියින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, උපට‍්ඨානට‍්ඨෙන සතින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, අවික‍්ඛෙපට‍්ඨෙන සමාධින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, දස‍්සනට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා. සද‍්ධම‍්මසවනෙ සොතාපත‍්තියඞ‍්ගෙ -පෙ- යොනිසොමනසිකාරෙ සොතාපත‍්තියඞ‍්ගෙ -පෙ- ධම‍්මානුධම‍්මපටිපත‍්තියා සොතාපත‍්තියඞ‍්ගෙ අධිමොක‍්ඛාධිපතෙය්‍යට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, සද‍්ධින්‍ද්‍රියස‍්ස වසෙන පග‍්ගහට‍්ඨෙන විරියින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, උපට‍්ඨානට‍්ඨෙන සතින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, අවික‍්ඛෙපට‍්ඨෙන සමාධින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, දස‍්සනට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා.

සත්පුරුෂසංසේවා සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි අධිමෝක්‍ෂාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ප්‍රග්‍රහස්වභාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, උපස්ථානස්වභාවයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අවික්‍ෂේපස්වභාවයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, දර්‍ශනස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු. සද්ධර්‍මශ්‍රවණ සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි ... යෝනිසෝමනසිකාර සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි ... ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි අධිමෝක්‍ෂාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ප්‍රග්‍රහස්වභාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, උපස්ථානස්වභාවයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අවික්‍ෂේපස්වභාවයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, දර්‍ශනස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු.

චතුසු සොතාපත‍්තියඞ‍්ගෙසු සද‍්ධින්‍ද්‍රියස‍්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං චරියා දට‍්ඨබ‍්බා.

සතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු.

චතුසු සම‍්මප‍්පධානෙසු විරියින්‍ද්‍රියස‍්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං චරියා දට‍්ඨබ‍්බා:

සතර සම්‍යක්ප්‍රධානයන්හි වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද යත්:

අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය සම‍්මප‍්පධානෙ පග‍්ගහාධිපතෙය්‍යට‍්ඨෙන විරියින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, විරියින්‍ද්‍රියස‍්ස වසෙන උපට‍්ඨානට‍්ඨෙන සතින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, අවික‍්ඛෙපට‍්ඨෙන සමාධින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, දස‍්සනට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, අධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, උප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය සම‍්මප‍්පධානෙ -පෙ- අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය සම‍්මප‍්පධානෙ -පෙ- උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං ඨිතියා අසම‍්මොසාය භීය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා සම‍්මප‍්පධානෙ පග‍්ගහාධිපතෙය්‍යට‍්ඨෙන විරියින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා. -පෙ-

නූපන් ලාමක වූ අකුශලධර්‍මයන් නූපදනා පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ප්‍රග්‍රහාධිපතිභාවාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් උපස්ථානස්වභාවයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අවික්‍ෂේපස්වභාවයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, දර්‍ශනස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අධිමොක්‍ෂස්වභාවයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, උපන් ලාමක වූ අකුශල ධර්‍මයන් ගේ ප්‍රහාණය පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ... නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ... උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස බහුල බව පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ප්‍රග්‍රහාධිපතිභාවාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු. ...

චතුසු සම‍්මප‍්පධානෙසු විරියින්‍ද්‍රියස‍්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං චරියා දට‍්ඨබ‍්බා.

සතර සම්‍යක්ප්‍රධානයන්හි වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු.

චතුසු සතිපට‍්ඨානෙසු සතින්‍ද්‍රියස‍්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං චරියා දට‍්ඨබ‍්බා:

සතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද යත්:

කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානෙ උපට‍්ඨානාධිපතෙය්‍යට‍්ඨෙන සතින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, සතින්‍ද්‍රියස‍්ස වසෙන අවික‍්ඛෙපට‍්ඨෙන සමාධින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, දස‍්සනට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, අධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, පග‍්ගහට‍්ඨෙන විරියින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, වෙදනාසු වෙදනානුපස‍්සනාසතිපට‍්ඨානෙ -පෙ- චිත‍්තෙ චිත‍්තානුපස‍්සනාසතිපට‍්ඨානෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනාසතිපට‍්ඨානෙ උපට‍්ඨානාධිපතෙය්‍යට‍්ඨෙන සතින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා -පෙ-

කයෙහි කායානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි උපස්ථානාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් අවික්‍ෂෙපස්වාභාවයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, දර්‍ශනස්වාභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අධිමෝක්‍ෂාස්වාභාවයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ප්‍රග්‍රහස්වාභාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, වේදනාවන්හි වේදනානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි ... චිත්තයෙහි චිත්තානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි ... ධර්‍මයන්හි ධර්‍මානුපස්සනා සඞ්ඛ්ය්‍යාත සතිපට්ඨානයෙහි උපස්ථානාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු.

චතුසු සතිපට‍්ඨානෙසු සතින්‍ද්‍රියස‍්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං චරියා දට‍්ඨබ‍්බා.

සතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු.

චතුසු ඣානෙසු සමාධින්‍ද්‍රියස‍්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං චරියා දට‍්ඨබ‍්බා:

සතර ධ්‍යානයන්හි සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද යත්:

පඨමෙ ඣානෙ අවික‍්ඛෙපාධිපතෙය්‍යට‍්ඨෙන සමාධින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, සමාධින්‍ද්‍රියස‍්ස වසෙන දස‍්සනට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, අධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, පග‍්ගහට‍්ඨෙන විරියින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, උපට‍්ඨානට‍්ඨෙන සතින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා. දුතියෙ ඣානෙ -පෙ- තතියෙ ඣානෙ -පෙ- චතුත්‍ථෙ ඣානෙ අවික‍්ඛෙපාධිපතෙය්‍යට‍්ඨෙන සමාධින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා -පෙ-

ප්‍රථමධ්‍යානයෙහි අවික්‍ෂේපාධිපතිභාවාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් දර්‍ශනාන්‍ද්‍රියෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ද්වීතීයධ්‍යානයෙහි ... තෘතීයධ්‍යානයෙහි ... චතුර්‍ත්‍ථධ්‍යානයෙහි අවික්‍ෂේපාධිපතිභාවාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු. ....

චතුසු ඣානෙසු සමාධින්‍ද්‍රියස‍්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං චරියා දට‍්ඨබ‍්බා:

සතර ධ්‍යානයන්හි සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු.

චතුසු අරියසච‍්චෙසු පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං චරියා දට‍්ඨබ‍්බා.

සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද යත්:

දුක‍්ඛෙ අරියසච‍්චෙ දස‍්සනාධිපතෙය්‍යට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස වසෙන අධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, පග‍්ගහට‍්ඨෙන විරියින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, උපට‍්ඨානට‍්ඨෙන සතින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, අවික‍්ඛෙපට‍්ඨෙන සමාධින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, දුක‍්ඛසමුදයෙ අරියසච‍්චෙ -පෙ- දුක‍්ඛනිරොධෙ අරියසච‍්චෙ -පෙ- දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච‍්චෙ දස‍්සනාධිපතෙය්‍යට‍්ඨෙන පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස වසෙන අධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, පග‍්ගහට‍්ඨෙන විරියින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, උපට‍්ඨානට‍්ඨෙන සතින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා, අවික‍්ඛෙපට‍්ඨෙන සමාධින්‍ද්‍රියස‍්ස චරියා දට‍්ඨබ‍්බා.

දුඃඛාර්‍ය්‍යසත්‍යයෙහි දර්‍ශනාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වීර්‍ය්‍යාව දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ. දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයෙහි ... දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යයෙහි ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයෙහි දර්‍ශනාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු.

චතුසු අරියසච‍්චෙසු පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං චරියා දට‍්ඨබ‍්බා.

සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු.

චාරො ච විහාරො ච අනුබුද‍්ධො හොති පටිවිද‍්ධො, යථාචරන‍්තං යථාවිහරන‍්තං විඤ‍්ඤූ සබ්‍රහ‍්මචාරී ගම‍්භීරෙසු ඨානෙසු ඔකප‍්පෙය්‍යුං: අද‍්ධා අයමායස‍්මා පත‍්තො වා පාපුණිස‍්සති වා.

චර්‍ය්‍යාව ද විහරණය ද අනුමානයෙන් දන්නා ලද්දේ ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා ලද්දේ වෙයි. යම් පරිද්දෙකින් හැසිරෙන්නහු යම් පරිද්දෙකින් වෙසෙන්නහු ‘එකත්නෙන් මේ ආයුෂ්මත් තෙම අධිගම කෙළේ යැ’යි හෝ අධිගම කරන්නේ යැ’යි හෝ නුවණැති සබ්‍රම්සරහු ධ්‍යානාදි ගැඹුරු තන්හි හදහන්නාහු යි.

චරියාති අට‍්ඨ චරියායො: ඉරියාපථචරියා, ආයතනචරියා, සතිචරියා, සමාධිචරියා, ඤාණචරියා, මග‍්ගචරියා, පත‍්තිචරියා, ලොකත්‍ථචරියා’ති.

චරියා යනු: චර්‍ය්‍යාවෝ අටදෙනෙකි. ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යා යැ ආයතනචර්‍ය්‍යා යැ ස්මෘතිචර්‍ය්‍යා යැ සමාධිචර්‍ය්‍යා යැ ඥානචර්‍ය්‍යා යැ මාර්‍ගචර්‍ය්‍යා යැ ඵලචර්‍ය්‍යා යැ ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යා යි.

ඉරියාපථචරියාති චතුසු ඉරියාපථෙසු.

ඉරියාපථචරියා යනු: සතර ඉරියව්හි යැ.

ආයතනචරියාති ඡසු අජ‍්ඣත‍්තිකබාහිරෙසු ආයතනෙසු.

ආයතනචරියා යනු: සවැදෑරුම් ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හි යැ.

සතිචරියාති චතුසු සතිපට‍්ඨානෙසු.

සතිචරියා යනු: සතරසතිපට්ඨානයන්හි යැ.

සමාධිචරියාති චතුසු ඣානෙසු.

සමාධිචරියා යනු: සතර ධ්‍යානයන්හි යැ.

ඤාණචරියාති චතුසු අරියසච‍්චෙසු.

ඤාණචරියා යනු: සතර ආර්‍ය්‍යසත්‍යයන්හි යැ.

මග‍්ගචරියාති චතුසු අරියමග‍්ගෙසු.

මග්ගචරියා යනු: සතර ආර්‍ය්‍යමාර්‍ගයන්හි යැ.

පත‍්තිචරියාති චතුසු සාමඤ‍්ඤඵලෙසු.

පත්තිචරියා යනු: සතර ශ්‍රාමණ්‍යඵලයන්හි යැ.

ලොකත්‍ථචරියාති තථාගතෙසු අරහන‍්තෙසු සම‍්මාසම‍්බුද‍්ධෙසු, පදෙසෙ පච‍්චෙකබුද‍්ධෙසු, පදෙසෙ සාවකෙසු.

ලෝකත්‍ථචරියා යනු: තථාගත වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් කෙරෙහි (නිප්පදේසයෙහි) ප්‍රත්‍යෙකබුද්ධයන් කෙරෙහි (ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යා පිළිබඳ) එකදෙශයෙක්හි, ශ්‍රාවකයන් කෙරෙහි (ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යා පිළිබඳ) එකදෙශයෙක්හි යැ.

ඉරියාපථචරියා ච පණිධිසම‍්පන‍්නානං, ආයතනචරියා ච ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරානං. සතිචරියා ච අප‍්පමාදවිහාරීනං. සමාධිචරියා ච අධිචිත‍්තමනුයුත‍්තානං, ඤාණචරියා ච බුද‍්ධිසම‍්පන‍්නානං, මග‍්ගචරියා ච සම‍්මාපටිපන‍්නානං, පත‍්තිචරියා ච අධිගතඵලානං, ලොකත්‍ථචරියා ච තථාගතානං අරහන‍්තානං සම‍්මාසම‍්බුද‍්ධානං, පදෙසෙ පච‍්චෙකබුද‍්ධානං, පදෙසෙ සාවකානං, ඉමා අට‍්ඨ චරියායො.

ප්‍රණිධිසම්පන්නයට ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යාව ද ඉන්‍ද්‍රියයන්හි පියනලද දොර ඇතියනට ආයතනචර්‍ය්‍යාව ද අප්‍රමාදවිහාර ඇතියනට ස්මෘතිචර්‍ය්‍යාව ද සමාධියෙහි අනුයුක්තයනට සමාධිචර්‍ය්‍යාව ද බුද්ධිසම්පන්නයනට ඥානචර්‍ය්‍යයාව ද සම්‍යක්ප්‍රතිපන්නයනට මාර්‍ගචර්‍ය්‍යාව ද පැමිණි ඵල ඇතියනට ප්‍රාප්තිචර්‍ය්‍යාව ද තථාගත වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධයනට (නිප්පදේසයෙහි) ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යාව ද ප්‍රත්‍යෙකබුද්ධයනට ඒකදේශයෙහි (ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යාව) ද ශ්‍රාවකයන්ට ඒකදේශයෙහි (ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යාව) ද යන මොහු චර්‍ය්‍යාවෝ අටදෙන වෙත්.

අපරාපි අට‍්ඨ චරියායො: අධිමුච‍්චන‍්තො සද‍්ධාය චරති, පග‍්ගණ‍්හන‍්තො විරියෙන චරති, උපට‍්ඨාපෙන‍්තො සතියා චරති, අවික‍්ඛෙපං කරොන‍්තො සමාධිනා චරති, පජානන‍්තො පඤ‍්ඤාය චරති, විජානන‍්තො විඤ‍්ඤාණචරියාය චරති, එවං පටිපන‍්නස‍්ස කුසලා ධම‍්මා ආයාපෙන‍්තීති ආයතනචරියාය චරති, එවං පටිපන‍්නො විසෙසමධිගච‍්ඡතීති විසෙසචරියාය චරති, ඉමා අට‍්ඨ චරියායො.

අනෙකුදු චර්‍ය්‍යාවෝ අටදෙනෙකි: නිශ්චය කරනුයේ ශ්‍රද්ධාවශයෙන් පවතී. ප්‍රගහ කරනුයේ වීර්‍ය්‍යවශයෙන් පවතී. (අරමුණෙහි) එළවනුයේ ස්මෘතිවශයෙන් පවතී. අවික්‍ෂේප කරනුයේ සමාධිවශයෙන් පවතී. දැනගන්නේ ප්‍රඥාවශයෙන් පවතී. (ආවර්‍ජන සිතින්) විජානනය කරනුයේ විඥානචර්‍ය්‍යායෙන් පවතී. මෙසෙයින් පිළිපන්නහුට කුශලධර්‍මයෝ අතිශයින් යැපෙත් නු යි ආයතනචර්‍ය්‍යාවශයෙන් පවතී. මෙසෙයින් පිළිපන්නේ විශේෂයට පැමිණේ නු යි විශේෂචර්‍ය්‍යාවශයෙන් පවතී. මොහු චර්‍ය්‍යාවෝ අටදෙන වෙත්.

අපරාපි අට‍්ඨ චරියායො: දස‍්සනචරියා ච සම‍්මාදිට‍්ඨියා, අභිනිරොපනචරියා ච සම‍්මාසඞ‍්කප‍්පස‍්ස, පරිග‍්ගහචරියා ච සම‍්මාවාචාය, සමුට‍්ඨානචරියා ච සම‍්මාකම‍්මන‍්තස‍්ස, වොදානචරියා ච සම‍්මාආජීවස‍්ස, පග‍්ගහචරියා ච සම‍්මාවායාමස‍්ස. උපට‍්ඨානචරියා ච සම‍්මාසතියා, අවික‍්ඛෙපචරියා ච සම‍්මාසමාධිස‍්ස, ඉමා අට‍්ඨ චරියායො.

අනෙකුදු චර්‍ය්‍යාවෝ අටදෙනෙකි: සම්‍යග්දෘෂ්ටියගේ දර්‍ශනචර්‍ය්‍යා යැ. සම්‍යක්සංකල්පයාගේ අභිනිරෝපණ (අරමුණට නැගීම්) චර්‍ය්‍යා යැ සම්‍යග්වචනයාගේ පරිග්‍රහචර්‍ය්‍යා යැ සම්‍යග්කර්‍මාන්තයාගේ සමුත්‍ථානචර්‍ය්‍යා යැ සම්‍යගාජීවයාගේ පරිශුද්ධචර්‍ය්‍යා යැ සම්‍යග්ව්‍යායාමයාගේ ප්‍රග්‍රහචර්‍ය්‍යා යැ සම්‍යක්ස්මෘතියගේ උපස්ථානචර්‍ය්‍යා යැ සම්‍යක්සමාධිහුගේ අවික්‍ෂේපචර්‍ය්‍යා යි. මොහු චර්‍ය්‍යාවෝ අටදෙන වෙත්.

විහාරොති අධිමුච‍්චන‍්තො සද‍්ධාය විහරති, පග‍්ගණ‍්හන‍්තො විරියෙන විහරති, උපට‍්ඨාපෙන‍්තො සතියා විහරති, අවික‍්ඛෙපං කරොන‍්තො සමාධිනා විහරති, පජානන‍්තො පඤ‍්ඤාය විහරති.

විහාරො යනු: නිශ්චය කරනුයේ ශ්‍රද්ධාවශයෙන් වෙසෙයි, ප්‍රගහකරනුයේ වීර්‍ය්‍යවශයෙන් වෙසෙයි, (අරමුණෙහි) එළවනුයේ ස්මෘතිවශයෙන් වෙසෙයි, අවික්‍ෂේප කරනුයේ සමාධිවශයෙන් වෙසෙයි. දැනගන්නේ ප්‍රඥා වශයෙන් වෙසෙයි.

අනුබුද‍්ධොති සද‍්ධින්‍ද්‍රියස‍්ස අධිමොක‍්ඛට‍්ඨො අනුබුද‍්ධො හොති, විරියින්‍ද්‍රියස‍්ස පග‍්ගහට‍්ඨො අනුබුද‍්ධො හොති, සතින්‍ද්‍රියස‍්ස උපට‍්ඨානට‍්ඨො අනුබුද‍්ධො හොති, සමාධින්‍ද්‍රියස‍්ස අවික‍්ඛෙපට‍්ඨො අනුබුද‍්ධො හොති, පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස දස‍්සනට‍්ඨො අනුබුද‍්ධො හොති.

අනුබුද්ධෝ යනු: ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අධිමෝක්‍ෂස්වභාවය අනුමානයෙන් දන්නාලද වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ ප්‍රග්‍රහස්වභාවය අනුමානයෙන් දන්නා ලද වෙයි, ස්මෘතීන්‍ද්‍රියයාගේ උපස්ථානස්වභාවය අනුමානයෙන් දන්නාලද වෙයි, සමාධීන්‍ද්‍රියයාගේ අවික්‍ෂේපස්වභාවය අනුමානයෙන් දන්නාලද වෙයි, ප්‍රඥේන්‍ද්‍රියයාගේ දර්‍ශනස්වභාවය අනුමානයෙන් දන්නාලද වේ.

පටිවිද‍්ධොති සද‍්ධින්‍ද්‍රියස‍්ස අධිමොක‍්ඛට‍්ඨො පටිවිද‍්ධො හොති, විරියින්‍ද්‍රියස‍්ස පග‍්ගහට‍්ඨො පටිවිද‍්ධො හොති, සතින්‍ද්‍රියස‍්ස උපට‍්ඨානට‍්ඨො පටිවිද‍්ධො හොති, සමාධින්‍ද්‍රියස‍්ස අවික‍්ඛෙපට‍්ඨො පටිවිද‍්ධො හොති, පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස දස‍්සනට‍්ඨො පටිවිද‍්ධො හොති.

පටිවිද්ධො යනු: ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අධිමෝක්‍ෂස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නාලද වෙයි., වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ ප්‍රග්‍රහස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා ලද වෙයි, ස්මෘතීන්‍ද්‍රියයාගේ උපස්ථානස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නාලද වෙයි. සමාධීන්‍ද්‍රියයාගේ අවික්‍ෂේපස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා ලද වෙයි. ප්‍රඥේන්‍ද්‍රියයාගේ දර්‍ශනස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නාලද වේ.

යථාචරන‍්තන‍්ති එවං සද‍්ධාය චරන‍්තං, එවං විරියෙන චරන‍්තං, එවං සතියා චරන‍්තං, එවං සමාධිනා චරන‍්තං, එවං පඤ‍්ඤාය චරන‍්තං.

යථා චරන්තං යනු: මෙසේ ශ්‍රද්ධාවශයෙන් පවත්නහු, මෙසේ වීර්‍ය්‍යවශයෙන් පවත්නහු, මෙසේ ස්මෘතිවශයෙන් පවත්නහු, මෙසේ සමාධිවශයෙන් පවත්නහු, මෙසේ ප්‍රඥාවශයෙන් පවත්නහු යැ.

යථාවිහරන‍්තන‍්ති එවං සද‍්ධාය විහරන‍්තං, එවං විරියෙන විහරන‍්තං, එවං සතියා විහරන‍්තං, එවං සමාධිනා විහරන‍්තං, එවං පඤ‍්ඤාය විහරන‍්තං.

යථා විහරන්තං යනු: මෙසේ ශ්‍රද්ධාවශයෙන් වෙසෙන්නහු, මෙසේ වීර්‍ය්‍යවශයෙන් වෙසෙන්නහු, මෙසේ ස්මෘතිවශයෙන් වෙසෙන්නහු, මෙසේ සමාධිවශයෙන් වෙසෙන්නහු, මෙසේ ප්‍රඥාවශයෙන් වෙසෙන්නහු යැ.

විඤ‍්ඤූති විඤ‍්ඤූ විභාවී මෙධාවී පණ‍්ඩිතා බුද‍්ධිසම‍්පන‍්නා.

විඤ්ඤූ යනු: විඥ වූවාහු වීමංසක වූවාහු ධාරණප්‍රඥා ඇත්තාහු පණ්ඩිත වූවාහු බුද්ධිමත් වූවාහු යැ.

සබ්‍රහ‍්මචාරීති එකකම‍්මං, එකුද‍්දෙසො සමසික‍්ඛතා.

සබ්‍රහ්මචාරී යනු: ඒකකර්‍ම ඒකෝද්දේශ සමානශික්‍ෂා ඇති බව යි.

ගම‍්භීරෙසු ඨානෙසූති ගම‍්භීරානි ඨානානි වුච‍්චන‍්ති: ඣානා ච විමොක‍්ඛා ච සමාධි ච සමාපත‍්තියො ච මග‍්ගා ච ඵලානි ච අභිඤ‍්ඤායො ච පටිසම‍්භිදා ච.

ගම්භීරෙසු ඨානෙසු යනු: ධ්‍යානයෝ ද විමෝක්‍ෂයෝ ද සමාධීහු ද සමාපත්තීහු ද මාර්‍ගයෝ ද ඵලයෝ ද අභිඥාවෝ ද ප්‍රතිසංවිදාවෝ ද ගම්භීරස්ථානහ යි කියනු ලැබෙත්.

ඔකප‍්පෙය්‍යුන‍්ති සද‍්දහෙය්‍යුං අධිමුච‍්චෙය්‍යුං.

ඔකප්පෙය්‍යුං යනු: හදහන්නාහු යැ අධිමුක්ත වන්නාහු යි.

අද‍්ධාති එකංසවචනමෙතං, නිස‍්සංසයවචනමෙතං, නික‍්කඞ‍්ඛවචනමෙතං, අද‍්වෙජ‍්ඣවචනමෙතං, අද‍්වෙළ‍්හකවචනමෙතං, නියොගවචනමෙතං, අපණ‍්ණකවචනමෙතං, අවත්‍ථාපනවචනමෙතං ‘අද‍්ධා’ති.

අද්ධා යනු: තෙල ‘අද්ධා’ යනු ඒකාන්තවචන යැ නිස්සංශයවචන ය නිසැක වචන යැ අද්වෛධවචන යැ නො දෙහිත් වචන යැ නියොගවචන යැ අවිරුද්ධවචන යැ සනිටුහන් වචන යි.

ආයස‍්මාති පියවචනමෙතං, ගරු වචනමෙතං, සගාරවසප‍්පතිස‍්සාධිවචන මෙතං ‘ආයස‍්මා, ති.

ආයස්මා යනු: තෙල ‘ආයස්මා’ යනු: ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරවසප්‍රතිශ්‍රයාධිවචන යි.

පත‍්තො වාති අධිගතො වා.

පත්තෝ වා යනු: පැමිණියේ හෝ යැ.

පාපුණිස‍්සති වාති අධිගමිස‍්සති වා.

පාපුණිස්සති වා යනු: පැමිණෙන්නේ හෝ යි.

තතියසුත‍්තනිද‍්දෙසො.

තෘතීයසූත්‍රනිර්දේශ යි.