යෙදුමෙන් කියවන්න

3. තතියසුත‍්තන‍්තනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. තෘතීය සූත්‍රාන්ත නිර්දේශ වර්ණනාව

පුන අඤ‍්ඤං සුත‍්තන‍්තං නික‍්ඛිපිත්‍වා ඉන්‍ද්‍රියවිධානං නිද‍්දිසිතුකාමො පඤ‍්චිමානි, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ සොතාපත‍්තියඞ‍්ගෙසූති එත්‍ථ සොතො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සොතස‍්ස ආපත‍්ති භුසං පාපුණනං සොතාපත‍්ති, සොතාපත‍්තියා අඞ‍්ගානි සම‍්භාරානි සොතාපත‍්තිඅඞ‍්ගානි. සොතාපන‍්නතාය පුබ‍්බභාගපටිලාභඅඞ‍්ගානි. සප‍්පුරිසසංසෙවො සොතාපත‍්තිඅඞ‍්ගං, සද‍්ධම‍්මස‍්සවනං සොතාපත‍්තිඅඞ‍්ගං, යොනිසොමනසිකාරො සොතාපත‍්තිඅඞ‍්ගං, ධම‍්මානුධම‍්මපටිපත‍්ති සොතාපත‍්තිඅඞ‍්ගං, ඉමානි චත‍්තාරි සොතාපත‍්තිඅඞ‍්ගානි. සෙසා හෙට‍්ඨා වුත‍්තා එව. ඉදඤ‍්ච ඉමෙසං ඉන්‍ද්‍රියානං සකවිසයෙ ජෙට‍්ඨකභාවදස‍්සනත්‍ථං වුත‍්තං. යථා හි චත‍්තාරො සෙට‍්ඨිපුත‍්තා රාජාතිරාජපඤ‍්චමෙසු සහායෙසු “නක‍්ඛත‍්තං කීළිස‍්සාමා”ති වීථිං ඔතිණ‍්ණෙසු එකස‍්ස සෙට‍්ඨිපුත‍්තස‍්ස ගෙහං ගතකාලෙ ඉතරෙ චත‍්තාරො තුණ‍්හී නිසීදන‍්ති, ගෙහසාමිකොව “ඉමෙසං ඛාදනීයං භොජනීයං දෙථ, ඉමෙසං ගන්‍ධමාලාලඞ‍්කාරාදීනි දෙථා”ති ගෙහෙ විචාරෙති, දුතියස‍්ස තතියස‍්ස චතුත්‍ථස‍්ස ගෙහං ගතකාලෙ ඉතරෙ චත‍්තාරො තුණ‍්හී නිසීදන‍්ති, ගෙහසාමිකොව “ඉමෙසං ඛාදනීයං භොජනීයං දෙථ, ඉමෙසං ගන්‍ධමාලාලඞ‍්කාරාදීනි දෙථා”ති ගෙහෙ විචාරෙති, අථ සබ‍්බපච‍්ඡා රඤ‍්ඤො ගෙහං ගතකාලෙ කිඤ‍්චාපි රාජා සබ‍්බත්‍ථ ඉස‍්සරොව, ඉමස‍්මිං පන කාලෙ අත‍්තනො ගෙහෙයෙව “ඉමෙසං ඛාදනීයං භොජනීයං දෙථ, ඉමෙසං ගන්‍ධමාලාලඞ‍්කාරාදීනි දෙථා”ති විචාරෙති, එවමෙව සද‍්ධාපඤ‍්චමකෙසු ඉන්‍ද්‍රියෙසු තෙසු සහායෙසු එකතො වීථිං ඔතරන‍්තෙසු විය එකාරම‍්මණෙ උප‍්පජ‍්ජමානෙසුපි යථා පඨමස‍්ස ගෙහෙ ඉතරෙ චත‍්තාරො තුණ‍්හී නිසීදන‍්ති, ගෙහසාමිකොව විචාරෙති , එවං සොතාපත‍්තිඅඞ‍්ගානි පත්‍වා අධිමොක‍්ඛලක‍්ඛණං සද‍්ධින්‍ද්‍රියමෙව ජෙට‍්ඨකං හොති පුබ‍්බඞ‍්ගමං, සෙසානි තදන්‍වයානි හොන‍්ති. යථා දුතියස‍්ස ගෙහෙ ඉතරෙ චත‍්තාරො තුණ‍්හී නිසීදන‍්ති, ගෙහසාමිකොව විචාරෙති, එවං සම‍්මප‍්පධානානි පත්‍වා පග‍්ගහණලක‍්ඛණං වීරියින්‍ද්‍රියමෙව ජෙට‍්ඨකං හොති පුබ‍්බඞ‍්ගමං, සෙසානි තදන්‍වයානි හොන‍්ති. යථා තතියස‍්ස ගෙහෙ ඉතරෙ චත‍්තාරො තුණ‍්හී නිසීදන‍්ති, ගෙහසාමිකොව විචාරෙති, එවං සතිපට‍්ඨානානි පත්‍වා උපට‍්ඨානලක‍්ඛණං සතින්‍ද්‍රියමෙව ජෙට‍්ඨකං හොති පුබ‍්බඞ‍්ගමං, සෙසානි තදන්‍වයානි හොන‍්ති. යථා චතුත්‍ථස‍්ස ගෙහෙ ඉතරෙ චත‍්තාරො තුණ‍්හී නිසීදන‍්ති, ගෙහසාමිකොව විචාරෙති, එවං ඣානානි පත්‍වා අවික‍්ඛෙපලක‍්ඛණං සමාධින්‍ද්‍රියමෙව ජෙට‍්ඨකං හොති පුබ‍්බඞ‍්ගමං, සෙසානි තදන්‍වයානි හොන‍්ති. සබ‍්බපච‍්ඡා රඤ‍්ඤො ගෙහං ගතකාලෙ පන යථා ඉතරෙ චත‍්තාරො තුණ‍්හී නිසීදන‍්ති, රාජාව විචාරෙති, එවං අරියසච‍්චානි පත්‍වා පජානනලක‍්ඛණං පඤ‍්ඤින්‍ද්‍රියමෙව ජෙට‍්ඨකං හොති පුබ‍්බඞ‍්ගමං, සෙසානි තදන්‍වයානි හොන‍්තීති.

නැවත අන් සූත්‍රයක් බහා, ඉන්‍ද්‍රිය නියමය, නිර්දේශ කරනු කැමැතියේ, ‘පඤ්චිමානි භික්ඛවෙ’ යනාදිය වදාළහ. එහි සොතාපත්ති යංගෙසු යන මෙහි සොත යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එම ස්‍රෝතසට පැමිණීම බොහෝකොට පැමිණීම සෝතාපත්තියි. ස්‍රෝතසට පැමිණීමේ අංගනුයි, කොටස්නුයි. ස්‍රෝතාපත්ති අංගයෝය, ස්‍රෝතසට පැමිණීමේ ස්වභාවයෙහි පූර්වභාග ප්‍රතිලාභ අංගයෝය. සත්පුරුෂ සේවනය ස්‍රෝතාපත්ති අංගයකි. සද්ධර්ම ශ්‍රවණය ස්‍රෝතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම ස්‍රෝතාපත්ති අංගයකි. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ස්‍රෝතාපත්ති අංගයකි. මෙම සතර ස්‍රෝතාපත්ති අංගය, සෙස්ස යට යූ.සේයි. මෙයද මෙම ඉන්‍ද්‍රියයන්ගේ තම විෂයයෙහි ජ්‍යෙෂ්ඨකත්‍වභාවය දැක්වීම සඳහා යූ.සේයි. යම්සේ සිවු සිටු පුත්හු රජුද යැයි රාජපංචම යහළුවන් අතරෙහි නැකැත් ක්‍රීඩා කරන්නෙමුයි, වීථියට බටකල්හි එක් සිටුපුත්‍රයෙකුගේ නිවසට ගියකල්හි අනෙක් සිව්දෙනා නිශ්ශබ්දව හිඳත්. ගෙහිමියාම කෑයුතු දෑ බුදිය යුතු දෑ දෙවු. මොවුන්ට, සුවඳ මල්මාලා ලංකාරාදිය දෙවු යයි ගෙයි විධාන කරයි. දෙවැන්නාගේ, තෙවැන්නාගේ, සිව්වැන්නාගේ ගෘහයට ගියකල්හි අනෙක් සිව්දෙන නිශ්ශබ්දව හිඳිත්. ගෙහිමියාම මොවුන්ට කෑයුතු දෑ, බිය යුතු දෑ දෙවු. මොවුන්ට සුවඳ මල්මාලාලංකාර දෙවු යයි ගෙයි විධාන කරයි. ඉක්බිති සියල්ලම රජුගේ ගෘහයට ගියකල්හි කිසිසේත් රජු හැමතැන ඓශ්වර්යවත්වයෙන් යුක්ත වූයේ නමුදු මෙම අවස්ථාවෙහි තමාගේ ගෘහයෙහිම මොවුන්ට කෑයුතු දෑ බිය යුතු දෑ දෙවු. මොවුන්ට සුවඳ මල් මාලාලංකාර දවෙු යයි විධාන කරයි. එපරිද්දෙන්ම ශ්‍රද්ධා පංචම ඉන්‍ද්‍රියයන්හි ඒවාහි සයෝගයෙන්ම එක්ව වීථියට බස්නාක් මෙන් එක් අරමුණෙක් උපදනා කල්හිද, යම්සේ පළමු ගෘහයෙහි අනෙක් සිව්දෙන නිශ්ශබ්දව හිඳිත්ද, ගෙහිමියාම විධාන කරයිද, එපරිද්දෙන් ස්‍රෝතාපත්ත්‍යාංගයන්ට පත්ව තිර ලක්‍ෂණයෙන් යුත් ශ්‍රද්ධෙන්‍ද්‍රියයම ජ්‍යෙෂ්ඨ වේ. පූර්වාංගම වේ. සෙසු ඉන්‍ද්‍රියයෝ ඒ හා අනුගත වෙති. යම්සේ දෙවැන්නාගේ ගෘහයෙහිදී, අනෙක් සතරදෙන නිශ්ශබ්දව හිඳිත්ද, ගෙහිමියාම විධාන කෙරේද, එපරිද්දෙන් සම්‍යක් ප්‍රධානයන්ට පත්ව දැඩිව අල්ලාගැනීම් ලක්‍ෂණැති වීර්යෙන්‍ද්‍රියයම ජ්‍යෙෂ්ඨ වේ. පූර්වාංගම වේ. සෙසු ඉන්‍ද්‍රියයෝ ඒ හා අනුගත වෙති. යම්සේ තෙවැන්නාගේ ගෘහයෙහිදී අනෙක් සිව්දෙන නිශ්ශබ්දව හිඳිත්ද, ගෙහිමියාම විධාන කරයිද, මෙසේ සතිපට්ඨානයන්ට පත්ව එළැඹ සිටීම් ලක්‍ෂණ සතින්‍ද්‍රියම ජ්‍යෙෂ්ඨ වේද, පූර්වාංගම වේද, සෙසු ඉන්‍ද්‍රියයෝ ඒ හා අනුගත වෙත්ද, යම්සේ සිව්වැන්නාගේ ගෘහයෙහිදී අනෙක් සිව්දෙන නිශ්ශබ්දව හිඳිත්ද? ගෙහිමියාම විධාන කෙරේද? එසේම ධ්‍යානයන්ට පත්ව නොවිසිරීම් ලක්‍ෂණ වූ සමාධින්‍ද්‍රියයම ජ්‍යෙෂ්ඨ වේ. පූර්වාංගම වේ. සෙසු ඉන්‍ද්‍රියයෝ ඒ හා අනුගත වෙති. සියල්ලන්ට පසුව රජුගේ ගෘහයට ගිය කල්හි වනාහි යම්සේ අනෙක් සතරදෙන නිශ්ශබ්දව හිඳිත්ද? රජම විධාන කෙරේද? එපරිද්දෙන් චතුරාර්ය සත්‍යයන්ට පත්ව දැනගැනීම් ලක්‍ෂණ වූ ප්‍රඥෙන්‍ද්‍රියයම ජ්‍යෙෂ්ඨ වෙයි. පූර්වාංගම වෙයි. සෙසු ඉන්‍ද්‍රියයෝ ඒ හා අනුගත වෙති.

ක. පභෙදගණනනිද‍්දෙසවණ‍්ණනා

ක. පභෙදගණනනිද්දෙසවණ්ණනා

සුත‍්තන‍්තස‍්ස පභෙදගණනාපුච‍්ඡාපුබ‍්බඞ‍්ගමෙව පභෙදගණනනිද‍්දෙසෙ සප‍්පුරිසසංසෙවෙති සොභනානං පුරිසානං සම‍්මා සෙවනෙ. අධිමොක‍්ඛාධිපතෙය්‍යට‍්ඨෙනාති අධිමොක‍්ඛසඞ‍්ඛාතෙන සෙසින්‍ද්‍රියෙසු අධිපතිභාවට‍්ඨෙන, සෙසින්‍ද්‍රියානං පුබ‍්බඞ‍්ගමට‍්ඨෙනාති අත්‍ථො. සද‍්ධම‍්මසවනෙති සතං ධම‍්මො, සොභනො වා ධම‍්මොති සද‍්ධම‍්මො. තස‍්ස සද‍්ධම‍්මස‍්ස සවනෙ. යොනිසොමනසිකාරෙති උපායෙන මනසිකාරෙ. ධම‍්මානුධම‍්මපටිපත‍්තියාති එත්‍ථ නව ලොකුත‍්තරධම‍්මෙ අනුගතො ධම‍්මො ධම‍්මානුධම‍්මො, සීලසමාධිපඤ‍්ඤාසඞ‍්ඛාතස‍්ස ධම‍්මානුධම‍්මස‍්ස පටිපත‍්ති පටිපජ‍්ජනං ධම‍්මානුධම‍්මපටිපත‍්ති. සම‍්මප‍්පධානාදීසුපි එසෙව නයො.

සූත්‍රාන්තයෙහි, ප්‍රභේද, ගණන් විමසීම් පූර්වාංගමවම ප්‍රභේද ගණන් නිර්දේශයෙහි, සප්පුරිස සංසෙවෙ යනු සෝභන පුරුෂයන්ගේ මනා සෙවුමෙහි අධිමොක්ඛාධිපතෙය්‍යට්ඨෙන යනු අධිමෝක්‍ෂ සංඛ්‍යාත සෙසු ඉන්‍ද්‍රියයන්හි අධිපති භාවාර්ථයෙන්, සෙසු ඉන්‍ද්‍රියයන්ගේ පූර්වාංගම අර්ථයෙනැයි අර්ථයි. සද්ධම්ම සවණෙ යනු සත්පුරුෂයන්ගේ ධර්මය සෝභන වූ ධර්මයනුයි සද්ධර්මයි. එම සද්ධර්මයාගේ ශ්‍රවණයෙහි, යොනිසො මනසිකාරෙ යනු උපායෙන් මෙනෙහි කිරීමෙහි. ධම්මානුධම්ම පටිපත්තියා යන මෙහි නවලොවුතුරු දහම් අනුව ගිය ධර්මය ධර්මානුධර්මයි. සීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපැදීම ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි. සම්‍යක් ප්‍රධානාදීන්හිද එම ක්‍රමයයි.

ඛ. චරියාවාරවණ‍්ණනා

ඛ. චරියාවාරවණ්ණනා

චරියාවාරෙපි ඉමිනාව නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. කෙවලං පඨමවාරො ඉන්‍ද්‍රියානං උප‍්පාදනකාලවසෙන වුත‍්තො, චරියාවාරො උප‍්පන‍්නානං ආසෙවනකාලවසෙන ච පාරිපූරිකාලවසෙන ච වුත‍්තො. චරියා පකති උස‍්සන‍්නතාති හි අත්‍ථතො එකං.

චර්යා වාරයෙහිද මෙම ක්‍රමයෙන්ම අර්ථය දතයුතුය. හුදෙක් ප්‍රථම වාරය ඉන්‍ද්‍රියයන්ගේ උපදවන කාල වශයෙන් යූ.සේයි. චර්යාවාරය උපන්නවුන්ගේ ආසේවන කාල වශයෙන්, පරිපූර්ණත්වයට පත්වන කාල වශයෙන්ද යූ.සේයි. චර්යා ප්‍රකෘති උස්සනතාව වනාහි අර්ථ වශයෙන් එකකි.

චාරවිහාරනිද‍්දෙසවණ‍්ණනා

චාරවිහාරනිද්දෙසවණ්ණනා

ඉදානි චරියාසම‍්බන්‍ධෙනෙව චාරවිහාරනිද‍්දෙසවසෙන අපරෙන පරියායෙන ඉන්‍ද්‍රියවිධානං නිද‍්දිසිතුකාමො චාරො ච විහාරො චාතිආදිකං උද‍්දෙසං උද‍්දිසිත්‍වා තස‍්ස නිද‍්දෙසමාහ. තත්‍ථ උද‍්දෙසෙ තාව යථා චරන‍්තං විහරන‍්තං විඤ‍්ඤූ සබ්‍රහ‍්මචාරී ගම‍්භීරෙසු ඨානෙසු ඔකප‍්පෙය්‍යුං – අද‍්ධා අයමායස‍්මා පත‍්තො වා පාපුණිස‍්සති වාති, තථා ඉන්‍ද්‍රියසම‍්පන‍්නස‍්ස චාරො ච විහාරො ච විඤ‍්ඤූහි සබ්‍රහ‍්මචාරීහි අනුබුද‍්ධො හොති පටිවිද‍්ධොති උද‍්දෙසස‍්ස සම‍්බන්‍ධො වෙදිතබ‍්බො. උද‍්දෙසනිද‍්දෙසෙ චරියා චාරොයෙව. චාරො චරියාති හි අත්‍ථතො එකං. තස‍්මා “චාරො”තිපදස‍්ස නිද‍්දෙසෙ “චරියා”ති වුත‍්තං. ඉරියාපථචරියාති ඉරියාපථානං චරියා, පවත‍්තනන‍්ති අත්‍ථො. සෙසෙසුපි එසෙව නයො. ආයතනචරියා පන ආයතනෙසු සතිසම‍්පජඤ‍්ඤානං චරියා. පත‍්තීති ඵලානි. තානි හි පාපුණියන‍්තීති “පත‍්තී”ති වුත‍්තා. සත‍්තලොකස‍්ස දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකා අත්‍ථා ලොකත්‍ථාති අයං විසෙසො.

දැන් චර්යා සම්බන්ධයෙන්ම, චාර, විහාර, නිර්දේශ වශයෙන් අනෙක් ක්‍රමයකින් ඉන්‍ද්‍රිය නියමය නිර්දේශ කරනු කැමැතියේ, චාරොච විහාරොච ආදී වූ උදෙසීම උදෙසා එහි නිර්දේශය වදාළහ. එහි උද්දේසයෙහි පළමුව යම්සේ හැසිරෙන්නා වූ, වාසය කරන්නා වූ නැණවත් සබ්‍රම්සරුන් ගැඹුරුතන්හි ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ පැමිණියේය. පැමිණෙන්නේ යයි විශ්වාස කරන්නාහුය. එසේ ඉන්‍ද්‍රිය සම්පන්නහුගේ හැසිරීමද, විහරණයද, නැණැති සබ්‍රම්සරුන් විසින් අවබෝධ කරන ලද්දේ, ප්‍රතිවේධ කරන ලද්දේ වේයයි උද්දේශයෙහි සම්බන්ධය දතයුත්තේය. උද්දේශ නිර්දේශයන්හි චර්යාව චාරයමය. චාරය චර්යාව වනාහි අර්ථ වශයෙන් එකය. එහෙයින් චාරො යන පදයට නිර්දේශයෙහි චරියා යැයි යූ.සේයි. ඉරියාපථ චරියා යනු ඉරියව්වල හැසිරීම, පැවැත්ම යයි අර්ථයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. ආයතන චරියා යනු ආයතනයන්හි සිහියෙන් මනාව විමසන ඤාණචර්යාවයි. පත්ති යනු ඵලයි. ඒවාට පැමිණෙත්නුයි පත්ති යැයි යූ.සේයි. සත්ත්වලෝකයාගේ ඉහාත්මයෙහි හා මරණින් මත්තෙහි අභිවෘද්ධි ලොකත්‍ථ නම් වේ. මේ විශේෂයයි.

ඉදානි තාසං චරියානං භූමිං දස‍්සෙන‍්තො චතූසු ඉරියාපථෙසූතිආදිමාහ. සතිපට‍්ඨානෙසූති ආරම‍්මණසතිපට‍්ඨානෙසු. සතිපට‍්ඨානෙසුපි වුච‍්චමානෙසු සතිතො අනඤ‍්ඤානි වොහාරවසෙන අඤ‍්ඤානි විය කත්‍වා වුත‍්තං. අරියසච‍්චෙසූති පුබ‍්බභාගලොකියසච‍්චඤාණෙන විසුං විසුං සච‍්චපරිග‍්ගහවසෙන වුත‍්තං. අරියමග‍්ගෙසු සාමඤ‍්ඤඵලෙසූති ච වොහාරවසෙනෙව වුත‍්තං. පදෙසෙති ලොකත්‍ථචරියාය එකදෙසෙ. නිප‍්පදෙසතො හි ලොකත්‍ථචරියං බුද‍්ධා එව කරොන‍්ති. පුන තා එව චරියායො කාරකපුග‍්ගලවසෙන දස‍්සෙන‍්තො පණිධිසම‍්පන‍්නානන‍්තිආදිමාහ. තත්‍ථ පණිධිසම‍්පන‍්නා නාම ඉරියාපථානං සන‍්තත‍්තා ඉරියාපථගුත‍්තියා සම‍්පන‍්නා අකම‍්පිතඉරියාපථා භික‍්ඛුභාවානුරූපෙන සන‍්තෙන ඉරියාපථෙන සම‍්පන‍්නා. ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරානන‍්ති චක‍්ඛාදීසු ඡසු ඉන්‍ද්‍රියෙසු අත‍්තනො අත‍්තනො විසයෙ පවත‍්තඑකෙකද‍්වාරවසෙන ගුත‍්තං ද‍්වාරං එතෙසන‍්ති ගුත‍්තද‍්වාරා. තෙසං ගුත‍්තද‍්වාරානං. ද‍්වාරන‍්ති චෙත්‍ථ උප‍්පත‍්තිද‍්වාරවසෙන චක‍්ඛාදයො එව. අප‍්පමාදවිහාරීනන‍්ති සීලාදීසු අප‍්පමාදවිහාරවතං. අධිචිත‍්තමනුයුත‍්තානන‍්ති විපස‍්සනාය පාදකභාවෙන අධිචිත‍්තසඞ‍්ඛාතං සමාධිමනුයුත‍්තානං. බුද‍්ධිසම‍්පන‍්නානන‍්ති නාමරූපවවත්‍ථානං ආදිං කත්‍වා යාව ගොත්‍රභු, තාව පවත‍්තෙන ඤාණෙන සම‍්පන‍්නානං. සම‍්මාපටිපන‍්නානන‍්ති චතුමග‍්ගක‍්ඛණෙ. අධිගතඵලානන‍්ති චතුඵලක‍්ඛණෙ.

දැන් ඒ චර්යාවන්හි භූමිය දක්වනුයේ චතුසු ඉරියාපථෙසු යනාදිය වදාළහ. සතිපට්ඨානෙසු යනු ආරම්මණ සතිපට්ඨානයන්හි, සතිපට්ඨානයැයි කියනු ලබන කල්හි, සිහියෙන් අන්‍යයන් ව්‍යවාහර වශයෙන් අන්‍යයන් සේ කොට යූ.සේයි. අරියසච්චෙසු යනු පූර්වභාග ලෞකික සත්‍ය ඤාණයෙන් වෙන් වෙන්ව සත්‍යය පරිග්‍රහ වශයෙන් යූ.සේයි. අරියමග්ගෙසු සාමඤ්ඤ ඵලෙසු යනු ව්‍යවහාර වශයෙන්ම යූ.සේයි. පදෙසෙ යනු ලෝකාර්ථ චර්යායෙහි එක් දේශයෙක්හි අවශේෂ දැයක් නොමැතිව ලෝකාර්ථ චර්යාව බුදුවරුම කරති. නැවත එම චර්යාවන්ම කාරක, පුද්ගල වශයෙන් දක්වනුයේ පණිධි සම්පන්නානං ආදිය වදාළහ. එහි ප්‍රණිධි සම්පන්න නම් ඉරියව්හි ශාන්ත බැවින් මනා ඉරියව් පැවැත්මෙහි යුක්ත, සෙලවිය නොහැකි ඉරියව්වලින් යුත් භික්‍ෂුභාවයට සුදුසු ශාන්ත ඉරියව්වලින් යුක්ත, ඉන්‍ද්‍රියෙසු ගුත්තද්වාරානං යනු චක්‍ෂුරාදී ෂට් ඉන්‍ද්‍රියයන්හි, තම තමා අයත් විෂයයෙහි පැවැති එක් එක් ද්වාරය වශයෙන් රක්නා ලද ද්වාර ඔවුන්ටනුයි ගුත්තද්වාරායි. ඒ රක්නා ලද ද්වාරයන්ගේ, ද්වාරං යනු මෙහි උපදනා ද්වාර වශයෙන් චක්‍ෂුරාදීහුමය. අප්පමාද විහාරීනං යනු සීලාදීන්හි අප්‍රමාදීව වසනසුලු වූ, අධිචිත්තමනුයුත්තානං යනු සමාධියෙහි අනුයුක්තයනට, බුද්ධි සම්පන්නානං යනු නාමරූප විභාගකිරීම් ආදීකොට ගොත්‍රභූ දක්වා එතෙක් පැවැති ඤාණයෙන් යුක්ත වූවන්ට, සම්මා පටිපන්නානං යනු සිව් මාර්ගක්‍ෂණයෙහි, අධිගත ඵලානං යනු සිව් ඵලක්‍ෂණයෙහි.

අධිමුච‍්චන‍්තොති අධිමොක‍්ඛං කරොන‍්තො. සද‍්ධාය චරතීති සද‍්ධාවසෙන පවත‍්තති. පග‍්ගණ‍්හන‍්තොති චතුසම‍්මප‍්පධානවීරියෙන පදහන‍්තො. උපට‍්ඨාපෙන‍්තොති සතියා ආරම‍්මණං උපට‍්ඨාපෙන‍්තො. අවික‍්ඛෙපං කරොන‍්තොති සමාධිවසෙන වික‍්ඛෙපං අකරොන‍්තො. පජානන‍්තොති චතුසච‍්චපජානනපඤ‍්ඤාය පකාරෙන ජානන‍්තො. විජානන‍්තොති ඉන්‍ද්‍රියසම‍්පයුත‍්තජවනපුබ‍්බඞ‍්ගමෙන ආවජ‍්ජනවිඤ‍්ඤාණෙන ආරම‍්මණං විජානන‍්තො. විඤ‍්ඤාණචරියායාති ආවජ‍්ජනවිඤ‍්ඤාණචරියවසෙන. එවං පටිපන‍්නස‍්සාති සහජවනාය ඉන්‍ද්‍රියචරියාය පටිපන‍්නස‍්ස. කුසලා ධම‍්මා ආයාපෙන‍්තීති සමථවිපස‍්සනාවසෙන පවත‍්තා කුසලා ධම‍්මා භුසං යාපෙන‍්ති, පවත‍්තන‍්තීති අත්‍ථො. ආයතනචරියායාති කුසලානං ධම‍්මානං භුසං යතනචරියාය, ඝටනචරියාය පවත‍්තනචරියායාති වුත‍්තං හොති. විසෙසමධිගච‍්ඡතීති වික‍්ඛම‍්භනතදඞ‍්ගසමුච‍්ඡෙදපටිප‍්පස‍්සද‍්ධිවසෙන විසෙසං අධිගච‍්ඡති. දස‍්සනචරියාදයො වුත‍්තත්‍ථායෙව.

අධිමුච්චන්තො යනු නිශ්චය කරනුයේ, සද්ධාය චරති යනු ශ්‍රද්ධා වශයෙන් පවතියි. [missing trans] විජානන්තො යනු ඉන්‍ද්‍රිය සම්ප්‍රයුක්ත ජවන පූර්වාංගම, ආවර්ජන විඤ්ඤාණයෙන් අරමුණ දැනගනුයේ, විඤ්ඤාණචරියාය යනු ආවර්ජන විඤ්ඤාණ චර්යා වශයෙන්, එවං පටිපන්නස්ස යනු ජවනය සහිතව ඉන්‍ද්‍රිය චර්යායෙහි පිළිපන්නහුට, කුසලා ධම්මා ආයාපෙන්ති යනු සමථ විදර්ශනා වශයෙන් පැවැති කුසල්දම් අතිශයින් යැපෙත් - පවතිත් යනු අර්ථයි. ආයතන චරියාය යනු කුසල්දම්හි අතිශයින් ප්‍රයත්න චර්යාවෙන් උත්සාහවත් චර්යායෙන්, පැවැත්වීම් චර්යායෙන් යයි යූ.සේයි. විසේසමධිගච්ඡති යනු විෂ්කම්භන, තදංග, සමුච්ඡේද පටිප්පස්සද්ධි වශයෙන් අවබෝධ කරයි. දර්ශන චර්යාදීහු කියන ලද අර්ථමය.

සද‍්ධාය විහරතීතිආදීසු සද‍්ධාදිසමඞ‍්ගිස‍්ස ඉරියාපථවිහාරො දට‍්ඨබ‍්බො. අනුබුද‍්ධොති අනුමානබුද‍්ධියා. පටිවිද‍්ධොති පච‍්චක‍්ඛබුද‍්ධියා. යස‍්මා අධිමොක‍්ඛට‍්ඨාදීසු අනුබුද‍්ධෙසු පටිවිද‍්ධෙසු ච චාරො ච විහාරො ච අනුබුද‍්ධො හොති පටිවිද‍්ධො, තස‍්මා අනුබොධපටිවෙධෙසු අධිමොක‍්ඛට‍්ඨාදයො ච නිද‍්දිට‍්ඨා.

සද්ධාය විහරති යන ආදීන්හි ශ්‍රද්ධාදියෙන් යුක්ත වූ ඉරියව් විහරණය දතයුතුය. අනුබුද්ධො යනු අනුමාන බුද්ධියෙන්, පටිවිද්ධො යනු ප්‍රත්‍යක්‍ෂ බුද්ධියෙන්, අධිමෝක්‍ෂාර්ථාදීන්හි, අනුමානයෙන් දන්නා ලද ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා ලද දෑහි චාරයද, විහාරයද අනුමානයෙන් දන්නා ලද්දේ වේ. ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා ලද්දේ වෙයි. එහෙයින් අනුබෝධ, ප්‍රතිවේධයන්හිද නිශ්චය කිරීම් අර්ථාදීහු නිර්දිෂ්ටයහ.

එවං සද‍්ධාය චරන‍්තන‍්තිආදීසු එවන‍්ති වුත‍්තප‍්පකාරං නිද‍්දිසන‍්තො යථාසද‍්දස‍්ස අත්‍ථං නිද‍්දිසති. විඤ‍්ඤූතිආදීසුපි යථාසභාවං ජානන‍්තීති විඤ‍්ඤූ. විඤ‍්ඤාතං සභාවං විභාවෙන‍්ති පාකටං කරොන‍්තීති විභාවී. අසනි විය සිලුච‍්චයෙ කිලෙසෙ මෙධති හිංසතීති මෙධා, ඛිප‍්පං ගහණධාරණට‍්ඨෙන වා මෙධා, මෙධා එතෙසං අත්‍ථීති මෙධාවී. ඤාණගතියා පණ‍්ඩන‍්ති ගච‍්ඡන‍්ති පවත‍්තන‍්තීති පණ‍්ඩිතා. බුද‍්ධිසම‍්පදාය සමන‍්නාගතත‍්තා බුද‍්ධිසම‍්පන‍්නා. සහ බ්‍රහ‍්මං චරියං උත‍්තමං පටිපදං චරන‍්තීති සබ්‍රහ‍්මචාරිනො. අපලොකනකම‍්මාදිචතුබ‍්බිධං කම‍්මං එකතො කරණවසෙන එකං කම‍්මං. තථා පඤ‍්චවිධො පාතිමොක‍්ඛුද‍්දෙසො එකුද‍්දෙසො. සමා සික‍්ඛා එතෙසන‍්ති සමසික‍්ඛා, සමසික‍්ඛානං භාවො සමසික‍්ඛතා. සමසික‍්ඛාතාතිපි පඨන‍්ති. යෙසං එකං කම‍්මං එකො උද‍්දෙසො සමසික‍්ඛතා, තෙ සබ්‍රහ‍්මචාරීති වුත‍්තං හොති. “ඣානානී”ති වත‍්තබ‍්බෙ ඣානාති ලිඞ‍්ගවිපල‍්ලාසො කතො. විමොක‍්ඛාති තයො වා අට‍්ඨ වා විමොක‍්ඛා. සමාධීති සවිතක‍්කසවිචාරඅවිතක‍්කවිචාරමත‍්තඅවිතක‍්කාවිචාරා තයො සමාධී. සමාපත‍්තියොති සුඤ‍්ඤතානිමිත‍්තාප‍්පණිහිතා. අභිඤ‍්ඤායොති ඡ අභිඤ‍්ඤා.

එවං සද්ධාය චරන්තං යන ආදීන්හි එවං යනු කියන ලද ආකාරය නිර්දේශ කරනුයේ යථා ශබ්දයෙහි අර්ථය නිර්දේශ කරයි. විඤ්ඤූති ආදීන්හිද, යථා ස්වභාවයෙන් දනිත්නුයි විඤ්ඤූයි, දැනගත් ස්වභාවය පැහැදිලි කරත්. ප්‍රකට කෙරෙත්නුයි විභාවියි. පර්වතයෙහි හෙනක් මෙන් කෙලෙස් මැඩලයි. හිංසනයට පත්කෙරේනුයි මෙධායි. වහා ග්‍රහණ, ධාරණ අර්ථයෙන්ද මෙධායි. ධාරණ ශක්තිය ඔවුන්ට ඇතියේනුයි මෙධාවියි. ඤාණ ස්වභාවයෙහි පවතිත්, යෙති. පවතිත්නුයි පණ්ඩිතා, බුද්ධි සම්පත්තියෙන් යුක්ත වූ හෙයින් බුද්ධි සම්පන්නායි. බ්‍රහ්ම චර්යාව සමග උතුම් ප්‍රතිපදාවෙහි හැසිරෙත්නුයි සබ්‍රහ්මචාරිනොයි. අපලොකන කර්මාදි, සිව් වැදෑරුම් කර්ම එක්ව කිරීම් වශයෙන් එකං කම්මංයි. සිව් වැදෑරුම් ප්‍රාතිමෝක්‍ෂ උදෙසීමද එසේය. සමාන ශික්‍ෂා ඔවුන්ටනුයි සමසික්ඛායි. සම ශික්‍ෂාවන්ගේ ස්වභාවය සමසික්ඛතායි. සමසික්ඛාතා යනුවෙන්ද කියවති. යම් කෙනෙකුන්ට එක් කර්මයක්, එක් උදෙසීමක් වේද, එය සමසික්ඛතායි. ඔවුහු සබ්‍රහ්මචාරීහුයැයි යූ.සේයි. ඣානානි යයි කිවයුතු කල්හි ඣානායි. ලිංග විපර්යාසය කරන ලදි. විමොක්ඛා තෙවදෑරුම් හෝ අටවැදෑරුම් විමොක්‍ෂ, සමාධි යනු සවිතර්ක සවිචාර අවිතර්ක විචාරමාත්‍ර, අවිතර්ක අවිචාර යන තෙවදෑරුම් සමාධීහුය. සමාපත්තියො යනු සුඤ්ඤත-අනිමිත්ත-අප්‍රණිහිත යන ත්‍රයයි. අභිඤ්ඤායො යනු ෂට් අභිඥාවෝය.

එකො අංසො භාගො, න දුතියොති එකංසො, එකංසස‍්ස අත්‍ථස‍්ස වචනං එකංසවචනං. එවං සෙසෙසුපි යොජනා කාතබ‍්බා. විසෙසතො පන සමං, සමන‍්තා වා සෙති පවත‍්තතීති සංසයො, නත්‍ථෙත්‍ථ සංසයොති නිස‍්සංසයො. එකස‍්මිංයෙව අනිච‍්ඡයතා හුත්‍වා ඉතරම‍්පි කඞ‍්ඛතීති කඞ‍්ඛා, නත්‍ථෙත්‍ථ කඞ‍්ඛාති නික‍්කඞ‍්ඛො. ද‍්විධා භාවො ද‍්වෙජ‍්ඣං, නත්‍ථෙත්‍ථ ද‍්වෙජ‍්ඣන‍්ති අද‍්වෙජ‍්ඣො. ද‍්විධා එලයති කම‍්පෙතීති ද‍්වෙළ‍්හකං, නත්‍ථෙත්‍ථ ද‍්වෙළ‍්හකන‍්ති අද‍්වෙළ‍්හකො. නියොගෙන නියමෙන වචනං නියොගවචනං. නිය්‍යොගවචනන‍්තිපි පඨන‍්ති. අපණ‍්ණකස‍්ස අවිරද‍්ධස‍්ස නිය්‍යානිකස‍්ස අත්‍ථස‍්ස වචනං අපණ‍්ණකවචනං. අවත්‍ථාපනවචනන‍්ති නිච‍්ඡයවචනං. සබ‍්බම‍්පි හෙතං විචිකිච‍්ඡාභාවස‍්ස වෙවචනං. පියස‍්ස අත්‍ථස‍්ස සබ‍්භාවතො වචනං, පියමෙවාති පියවචනං. තථා ගරුවචනං. සහ ගාරවෙන ගරුභාවෙන සගාරවං. පතිස‍්සයනං පතිස‍්සයො පරං ගරුං කත්‍වා නිස‍්සයනං අපස‍්සයනන‍්ති අත්‍ථො. පතිස‍්සවනං වා පතිස‍්සවො, නිවාතවුත‍්තිතාය පරවචනසවනන‍්ති අත්‍ථො. උභයථාපි පරජෙට‍්ඨකභාවස‍්සෙතං නාමං. සහ ගාරවෙන වත‍්තතීති සගාරවං. සහ පතිස‍්සයෙන, පතිස‍්සවෙන වා වත‍්තතීති සප‍්පතිස‍්සයං. “සප‍්පතිස‍්සව”න‍්ති වා වත‍්තබ‍්බෙ ය-කාරං, ව-කාරං වා ලොපං කත්‍වා “සප‍්පතිස‍්ස”න‍්ති වුත‍්තං. අධිකං විසිට‍්ඨං වචනං අධිවචනං, සගාරවඤ‍්ච තං සප‍්පතිස‍්සඤ‍්චාති සගාරවසප‍්පතිස‍්සං, සගාරවසප‍්පතිස‍්සං අධිවචනං සගාරවසප‍්පතිස‍්සාධිවචනං. උභයත්‍ථාපි වෙවචනවිකප‍්පනානත‍්තවසෙන පුනප‍්පුනං එතන‍්ති වුත‍්තං. පත‍්තො වා පාපුණිස‍්සති වාති ඣානාදීනියෙවාති.

එක් කොටසකි. භාගයකි. දෙවැන්නක් නැත්තේනුයි එකංසොයි. එක් කොටසකට අයත් අර්ථයෙහි කීම එකංසවචනංයි. මෙසේ සෙස්සෙහිද යෙදීම් කළයුත්තාහ. විශේෂයෙන් වනාහි සමව හාත්පස බැසගනී පවත්වයිනුයි සංසයයි මෙහි සැකයක් නැත්තේනුයි නිස්සංසයොයි. එක් කරුණෙක්හිම නොකැමැති වී, අනෙක් කරුණෙහිද සැක කෙරේනුයි කංඛායි. මෙහි සැකයෙක් නැත්තේනුයි නික්කංඛොයි. දෙවදෑරුම් භාවය දෙවජ්ඣංයි. මෙහි දෙවදෑරුම් භාවයක් නැත්තේනුයි අද්වෙජ්ඣොයි. දෙයාකාරයකින් සෙලවේ. කම්පාවේනුයි ද්වෙළ්හකයි. මෙහි දෙයාකාරයක් නැත්තේනුයි අද්වෙළ්හකොයි නියෝගයෙන්, නියමයෙන් කීම නියොග වචනයි. නිය්‍යොග වචනං යනුවෙන්ද කියවති. නිදොස්, අවිරුද්ධ, සසරින් නිදහස දෙන අර්ථයෙහි වචනය අපණ්ණක වචනංයි. අවත්‍ථාපන වචනං යනු සනිටුහන් වචනයි. ඒ සියල්ල විචිකිච්ඡාවෙහි අභාවයාගේ පර්යාය නාමයෝය. ප්‍රිය අර්ථයෙහි යෙදෙන හෙයින් වචනය ප්‍රිය වූයේමනුයි පියවචනංයි ගරුවචනංද එසේමය. ගෞරව සහිතව ගරුභාවයෙනැයි සගාරවංයි. ගරුකිරීම පටිස්සයොයි, අන්‍යයා ගරුකොට ආශ්‍රයකොට, කීකරු භාවයෙන් පිහිට ලබාගැනීමයයි අර්ථයි. කීකරුභාවයෙන් යුක්තව ශ්‍රවණය කිරීම පටිස්සවොයි. යටහත් පහත් පැවතුම් ස්වභාවයෙන් අන් වදන් ශ්‍රවණය යයි අර්ථයි. දෙයාකාරයෙන්ම අන්‍යයාගේ ජ්‍යෙෂ්ඨතාභාවයට එය නාමයකි. ගෞරව සහිතව පවතීනුයි සගාරවංයි. යටහත් පහත් පැවතුම් ස්වභාවයේ මනා ශ්‍රවණයෙන් යුක්තව හෝ පවතීනුයි සප්පටිස්සයංයි, සප්පටිස්සවං යැයි කිවයුතු කල්හි ‘යකාවකාර’ ලොප්කොට සප්පටිස්සංයයි යූ.සේයි. අධික වූ, විශිෂ්ට වූ වචනය අධිවචනංයි. ගෞරව සහිත වූයේද මනා ශ්‍රවණය සහිත වූයේද, සගාරව සප්පටිස්සංයි. ගෞරව සහිත මනා ශ්‍රවණයට විශේෂ නාමය සගාරව සප්පටිස්සධිවචනංයි දෙඅයුරින්ම පර්යාය වචන විකල්පනයන්ගේ වශයෙන් නැවත එකයයි යූ.සේයි. පත්තොවා පාපුණිස්සතීවා යනු ධ්‍යානාදීහුමය.

තතියසුත‍්තන‍්තනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

තෘතීය සූත්‍රාන්ත නිර්දේශ වර්ණනාව නිමි.