යෙදුමෙන් කියවන්න

4. චතුත්‍ථසුත‍්තන‍්තනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. චතුර්ථ සූත්‍රාන්ත නිර්දේශ වර්ණනාව

පුන පඨමසුත‍්තමෙව නික‍්ඛිපිත්‍වා අපරෙන ආකාරෙන ඉන්‍ද්‍රියානි නිද‍්දිසති. තත්‍ථ කතිහාකාරෙහි කෙනට‍්ඨෙන දට‍්ඨබ‍්බානීති කතිහි ආකාරෙහි දට‍්ඨබ‍්බානි. කෙනට‍්ඨෙන දට‍්ඨබ‍්බානීති දට‍්ඨබ‍්බාකාරෙ ච දට‍්ඨබ‍්බට‍්ඨඤ‍්ච පුච‍්ඡති. ඡහාකාරෙහි තෙනට‍්ඨෙන දට‍්ඨබ‍්බානීති ඡහි ආකාරෙහි දට‍්ඨබ‍්බානි, තෙනෙව ඡආකාරසඞ‍්ඛාතෙනට‍්ඨෙන දට‍්ඨබ‍්බානි. ආධිපතෙය්‍යට‍්ඨෙනාති අධිපතිභාවට‍්ඨෙන. ආදිවිසොධනට‍්ඨෙනාති කුසලානං ධම‍්මානං ආදිභූතස‍්ස සීලස‍්ස විසොධනට‍්ඨෙන. අධිමත‍්තට‍්ඨෙනාති බලවට‍්ඨෙන . බලවඤ‍්හි අධිකා මත‍්තා පමාණං අස‍්සාති අධිමත‍්තන‍්ති වුච‍්චති. අධිට‍්ඨානට‍්ඨෙනාති පතිට‍්ඨානට‍්ඨෙන. පරියාදානට‍්ඨෙනාති ඛෙපනට‍්ඨෙන. පතිට‍්ඨාපකට‍්ඨෙනාති පතිට‍්ඨාපනට‍්ඨෙන.

නැවත පළමු සූත්‍රයම බහා, වෙනත් ආකාරයකින් ඉන්‍ද්‍රියයන් නිර්දේශ කරයි. එහි කතීහාකාරෙහි කෙනට්ඨෙන දට්ඨබ්බානි යන කවර ප්‍රමාණ ආකාරයන්ගෙන් දතයුත්තාහුද, කවර අර්ථයෙන් දතයුත්තාහුදැයි දතයුතු ආකාරයන්ද දතයුතු දෑද විමසයි. ඡහි ආකාරෙහි නෙකට්ඨෙන දට්ඨබ්බානි යනු ෂට් ආකාරයන්ගෙන් දතයුත්තාහ. ෂට් ආකාර සංඛ්‍යාත එම අර්ථයෙන් දතයුත්තාහ. ආධිපතෙය්‍යට්ඨෙන යනු අධිපති භාව අර්ථයෙන්, ආදිවිසොධනට්ඨෙන යනු කුසල ධර්මයන්ට මුල්වූ සීලයෙහි, විසෝධනාර්ථයෙන්, අධිමත්තට්ඨෙන යනු බලවත් අර්ථයෙන්, බලවත් භාවයෙහි අධික මාත්‍රාව, ප්‍රමාණය වන්නේනුයි අධිමත්තංයයි යූ.සේයි. අධිට්ඨානට්ඨෙන යනු පිහිටන අර්ථයෙන්, පරියාදානට්ඨෙන යනු ක්‍ෂය කිරීම් අර්ථයෙන්, පතිට්ඨාපකට්ඨෙන යනු පිහිටුවීම් අර්ථයෙන්,

ක. ආධිපතෙය්‍යට‍්ඨනිද‍්දෙසවණ‍්ණනා

ක. ආධිපතෙය්යට්ඨනිද්දෙසවණ්ණනා

ආධිපතෙය්‍යට‍්ඨනිද‍්දෙසෙ අස‍්සද‍්ධියං පජහතොතිආදි එකෙකස‍්සෙව ඉන්‍ද්‍රියස‍්ස පටිපක‍්ඛපජහනවචනං එකක‍්ඛණෙපි අත‍්තනො අත‍්තනො පටිපක‍්ඛපහානකිච‍්චසාධනෙ අධිපතිභාවසාධනත්‍ථං වුත‍්තං. සෙසානි චත‍්තාරි ඉන්‍ද්‍රියානි තංසම‍්පයුත‍්තානෙව වුත‍්තානි. නානාක‍්ඛණෙසු වා එකෙකං ඉන්‍ද්‍රියං ධුරං කත්‍වා තස‍්ස තස‍්ස පටිපක‍්ඛස‍්ස තං තං ඉන්‍ද්‍රියං ජෙට‍්ඨකං කත්‍වා සෙසානි තදන්‍වයානි කත්‍වා වුත‍්තන‍්තිපි වෙදිතබ‍්බං. කාමච‍්ඡන්‍දං පජහතොතිආදි පන එකක‍්ඛණවසෙනෙව වුත‍්තං.

අධිපතෙය්‍යාර්ථ නිර්දේශයෙහි, අස්සද්ධියං පජහතො යනාදිය එකිනෙක ඉන්‍ද්‍රියයාගේ ප්‍රතිපක්‍ෂතා දුරැලීම් වචනය එකෙණෙහිම තම තමාගේ ප්‍රතිපක්‍ෂ දුරැලීම් කෘත්‍ය සාධනයෙහි අධිපතිභාවය සිදුකිරීම සඳහා යූ.සේයි. සෙසු සිව් ඉන්‍ද්‍රියයන් ඒ හා සම්ප්‍රයුක්තවම යූ.සේයි. නානා ක්‍ෂණයන්හි හෝ එක් එක් ඉන්‍ද්‍රියය ප්‍රධානකොට එයට ප්‍රතිපක්‍ෂ වූ, ඒ ඒ ඉන්‍ද්‍රියය ජ්‍යෙෂ්ඨ කොට සෙස්ස ඒ හා අනුගතකොට යූ.සේයි. කාමච්ඡන්‍දං පජහතො යන ආදිය වනාහි එක් ක්‍ෂණයක් වශයෙන්ම යූ.සේයි.

ඛ. ආදිවිසොධනට‍්ඨනිද‍්දෙසවණ‍්ණනා

ඛ. ආදිවිසොධනට්ඨනිද්දෙසවණ්ණනා

ආදිවිසොධනට‍්ඨනිද‍්දෙසෙ අස‍්සද‍්ධියසංවරට‍්ඨෙන සීලවිසුද‍්ධීති අස‍්සද‍්ධියස‍්ස නිවාරණට‍්ඨෙන විරතිඅත්‍ථෙන සීලමලවිසොධනතො සීලවිසුද‍්ධි නාම. සද‍්ධින්‍ද්‍රියස‍්ස ආදිවිසොධනාති සද‍්ධින්‍ද්‍රියස‍්ස උපනිස‍්සයවසෙන ආදිභූතස‍්ස සීලස‍්ස විසොධනා. ඉමිනාව නයෙන සෙසානිපි කාමච‍්ඡන්‍දාදිසංවරණමූලකානි ච ඉන්‍ද්‍රියානි වෙදිතබ‍්බානි.

ආදි විසොධනාර්ථ නිර්දේශයෙහි, අස්සද්ධිය සංවරට්ඨෙන සීල විසුද්ධි යනු අශ්‍රද්ධාවගේ වැළැක්වීම් අර්ථයෙන් විරති අර්ථයෙන් සීලයෙහි මල පිරිසිදු කරන හෙයින් සීල විශුද්ධි නමැ. සද්ධින්‍ද්‍රියස්ස ආදි විසොධනා යනු ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ උපනිශ්‍රය වශයෙන් මුල්වූ සීලය මනාව පිරිසිදු කිරීමයි. මෙම ක්‍රමයෙන්ම සෙසු කාමච්ඡන්‍දාදී සංවරණ මූලික ඉන්‍ද්‍රියය දතයුත්තාහ.

ග. අධිමත‍්තට‍්ඨනිද‍්දෙසවණ‍්ණනා

ග. අධිමත්තට්ඨනිද්දෙසවණ්ණනා

අධිමත‍්තට‍්ඨනිද‍්දෙසෙ සද‍්ධින්‍ද්‍රියස‍්ස භාවනාය ඡන්‍දො උප‍්පජ‍්ජතීති සද‍්ධස‍්ස පුග‍්ගලස‍්ස සද‍්ධාපටිසංයුත‍්තං ධම‍්මං සුත්‍වා වා සද‍්ධින්‍ද්‍රියභාවනාය අස‍්සාදං දිස‍්වා වා සද‍්ධින්‍ද්‍රියෙ කුසලො ධම‍්මච‍්ඡන්‍දො ජායති. පාමොජ‍්ජං උප‍්පජ‍්ජතීති ඡන්‍දජාතත‍්තා දුබ‍්බලපීති උප‍්පජ‍්ජති. පීති උප‍්පජ‍්ජතීති පමුදිතත‍්තා බලවපීති උප‍්පජ‍්ජති. පස‍්සද‍්ධි උප‍්පජ‍්ජතීති පීතියා පීණිතත‍්තා කායචිත‍්තපස‍්සද‍්ධි උප‍්පජ‍්ජති. සුඛං උප‍්පජ‍්ජතීති පස‍්සද‍්ධකායචිත‍්තත‍්තා චෙතසිකං සුඛං උප‍්පජ‍්ජති . ඔභාසො උප‍්පජ‍්ජතීති සුඛෙන අභිසන‍්නත‍්තා ඤාණොභාසො උප‍්පජ‍්ජති. සංවෙගො උප‍්පජ‍්ජතීති ඤාණොභාසෙන විදිතසඞ‍්ඛාරාදීනවත‍්තා සඞ‍්ඛාරපවත‍්තියං සංවෙගො උප‍්පජ‍්ජති. සංවෙජෙත්‍වා චිත‍්තං සමාදහතීති සංවෙගං උප‍්පාදෙත්‍වා තෙනෙව සංවෙගෙන චිත‍්තං සමාහිතං කරොති. සාධුකං පග‍්ගණ‍්හාතීති ලීනුද‍්ධතභාවං මොචෙත්‍වා සුට‍්ඨු පග‍්ගණ‍්හාති. සාධුකං අජ‍්ඣුපෙක‍්ඛතීති වීරියස‍්ස සමං හුත්‍වා පවත‍්තත‍්තා පුන වීරියසමතානියොජනෙ බ්‍යාපාරං අකරොන‍්තො තත්‍රමජ‍්ඣත‍්තුපෙක‍්ඛාවසෙන සාධුකං අජ‍්ඣුපෙක‍්ඛති නාම. උපෙක‍්ඛාවසෙනාති සමවාහිතලක‍්ඛණාය තත්‍රමජ‍්ඣත‍්තුපෙක‍්ඛාය වසෙන. නානත‍්තකිලෙසෙහීති විපස‍්සනාය පටිපක‍්ඛභූතෙහි නානාසභාවෙහි කිලෙසෙහි. විමොක‍්ඛවසෙනාති භඞ‍්ගානුපස‍්සනතො පට‍්ඨාය නානත‍්තකිලෙසෙහි විමුච‍්චනවසෙන. විමුත‍්තත‍්තාති නානත‍්තකිලෙසෙහි විමුත‍්තත‍්තා.

අධිමාත්‍රාර්ථ නිර්දේශයෙහි, සද්ධින්‍ද්‍රියස්ස භාවනාය ඡන්‍දො උප්පජ්ජති යනු ශ්‍රද්ධාවත් පුද්ගලයාට, ශ්‍රද්ධා ප්‍රතිසංයුක්ත ධර්මයක් අසා හෝ, ශ්‍රද්ධෙන්‍ද්‍රියය වැඩිදියුණු කිරීමෙහි ආස්වාදය දැක හෝ ශ්‍රද්ධෙන්‍ද්‍රියෙහි කුසල් වූ ධර්මච්ඡන්‍දය හටගනී. පාමුජ්ජං උප්පජ්ජති යනු ඡන්‍දය හටගත් බැවින් දුර්වල ප්‍රීතිය උපදී. පීති උප්පජ්ජති යනු ප්‍රමුදිත හෙයින් බලවත් ප්‍රීතිය උපදී. පස්සද්ධි උප්පජ්ජති යනු ප්‍රීතියෙන් පිණාගිය හෙයින් කාය චිත්ත සංසිඳීම් උපදී. සුඛං උප්පජ්ජති යනු කය හා සිත සන්සුන් හෙයින් චෛතසික සුවය උපදී. ඔභාසො උප්පජ්ජති සුවයෙන් ආර්ද්‍ර හෙයින් ඤාණාලෝකය උපදී. සංවෙගො උප්පජ්ජති යනු ඤාණාලෝකයෙන් දත් සංස්කාරාදීනව හෙයින් සංස්කාර පැවැත්මෙහි සංවේගය උපදී. සංවෙජෙත්‍වා චිත්තං සමාදහති යනු සංවේගය උපදවා, එම සංවේගයෙන්ම සිත තැන්පත් කරයි. සාධුකං පග්ගණ්හාති යනු මැලිබව හා නොසන්සුන්කම අත්හැර මනාව උත්සාහවත් කරයි. සාධුකං අජ්ඣුපෙක්ඛති යනු වීර්යය සමව පැවැති හෙයින් නැවත වීර්යය සමතාවයට ගෙනඒමෙහි උත්සාහ නොකරනුයේ තත්‍ර මධ්‍යස්ථපේක්‍ෂා වශයෙන් මනාව මධ්‍යස්ථ වේ නමැ. උපෙක්ඛාවසෙන යනු සමව උසුලන ලක්‍ෂණයෙන් තත්‍ර මධ්‍යස්ථපේක්‍ෂා වශයෙන් නානත්ත කිලෙසෙහි යනු විදර්ශනාවට ප්‍රතිපක්‍ෂ වූ නොයෙක් ස්වභාවයන්ගනේ යුත් කෙලෙසුන් කෙරෙන්, විමොක්ඛවසෙන යනු භංගානුපස්සනාවෙහි පටන් නොයෙක් කෙලෙසුන්ගෙන් මිදීම් වශයෙන්, විමුත්තත්තා යනු නොයෙක් කෙලෙසුන්ගෙන් මිදීම් වශයෙන්.

තෙ ධම‍්මාති ඡන්‍දාදයො ධම‍්මා. එකරසා හොන‍්තීති විමුත‍්තිරසෙන එකරසා හොන‍්ති. භාවනාවසෙනාති එකරසභාවනාවසෙන. තතො පණීතතරෙ විවට‍්ටන‍්තීති තෙන කාරණෙන විපස‍්සනාරම‍්මණතො පණීතතරෙ නිබ‍්බානාරම‍්මණෙ විවට‍්ටනානුපස‍්සනාසඞ‍්ඛාතෙන ගොත්‍රභුඤාණෙන ඡන්‍දාදයො ධම‍්මා නිවත‍්තන‍්ති, සඞ‍්ඛාරාරම‍්මණතො අපගන‍්ත්‍වා නිබ‍්බානාරම‍්මණෙ පවත‍්තන‍්තීති අත්‍ථො. විවට‍්ටනාවසෙනාති එවං ගොත්‍රභුඛණෙ සඞ‍්ඛාරාරම‍්මණතො විවට‍්ටනවසෙන. විවට‍්ටිතත‍්තා තතො වොසජ‍්ජතීති මග‍්ගසමඞ‍්ගිපුග‍්ගලො මග‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙයෙව දුභතොවුට‍්ඨානවසෙන විවට‍්ටිතත‍්තා තෙනෙව කාරණෙන කිලෙසෙ ච ඛන්‍ධෙ ච වොසජ‍්ජති. වොසජ‍්ජිතත‍්තා තතො නිරුජ‍්ඣන‍්තීති මග‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙයෙව කිලෙසෙ ච ඛන්‍ධෙ ච වොසජ‍්ජිතත‍්තා තෙනෙව කාරණෙන කිලෙසා ච ඛන්‍ධා ච අනුප‍්පත‍්තිනිරොධවසෙන නිරුජ‍්ඣන‍්ති. වොසජ‍්ජිතත‍්තාති ච ආසංසායං භූතවචනං කතං. කිලෙසනිරොධෙ සති ඛන්‍ධනිරොධසබ‍්භාවතො ච ඛන්‍ධනිරොධො වුත‍්තො. නිරොධවසෙනාති යථාවුත‍්තනිරොධවසෙන. තස‍්සෙව මග‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙ ද‍්වෙ වොසග‍්ගෙ දස‍්සෙතුකාමො නිරොධවසෙන ද‍්වෙ වොසග‍්ගාතිආදිමාහ. ද‍්වෙපි හෙට‍්ඨා වුත‍්තත්‍ථා එව. අස‍්සද‍්ධියස‍්ස පහානාය ඡන්‍දො උප‍්පජ‍්ජතීතිආදීසුපි ඉමිනාව නයෙන විත්‍ථාරතො අත්‍ථො වෙදිතබ‍්බො. වීරියින්‍ද්‍රියාදිමූලකෙසුපි වාරෙසු එසෙව නයො. ඉමිනාව නයෙන අධිට‍්ඨානට‍්ඨනිද‍්දෙසොපි විත්‍ථාරතො වෙදිතබ‍්බො. කෙවලඤ‍්හෙත්‍ථ අධිට‍්ඨාතීති විසෙසො, පතිට‍්ඨාතීති අත්‍ථො.

තෙ ධම්මා යනු ඡන්‍දාදී ධර්ම, ඒකරසාහොන්ති යනු විමුක්ති රසයෙන් එකාකාරි රස වේ. භාවනා වසෙන යනු එක් රස භාවනා වශයෙන්, තතො පණීත තරෙ විවට්ටන්ති යනු එම කරුණින් විදර්ශනාරම්මණයෙන් වඩා ප්‍රණීත නිර්වාණාරම්මණයෙහි විවට්ටානුපස්සනා සංඛ්‍යාත ගෝත්‍රභූ ඤාණයෙන් ඡන්‍දාදී ධර්ම නවතී. සංස්කාරාරම්මණයෙන් ඉවත්ව නිර්වාණාරම්මණයෙහි පවතීයයි අර්ථයි. විවට්ටනාවසෙන යනු මෙසේ ගෝත්‍රභූ ක්‍ෂණයෙහි සංස්කාරාරම්මණයෙන් පරාම්මුඛ වීම් වශයෙන්, විවට්ටිතත්තා තතො වොස්සජති යනු මාර්ග යුත් පුඟුලා මාර්ගයාගේ උපදනා ක්‍ෂණයෙහිම කෙලෙසුන් කෙරෙන්ද, ඒ හා අනුව පවත්නා ස්කන්ධයන් කෙරෙන්ද යන දෙකින් නැගී සිටීම් වශයෙන්, පරාම්මුඛ වූ හෙයින්, එම කරුණින්ම කෙලෙසුන්ද ස්කන්ධයන්ද අත්හරියි. වොස්සජ්ජිත තතා තතො නිරුජ්ඣති යනු මාර්ගයෙහි උත්පාදක්‍ෂණයෙහිම කෙලෙසුන්ද, ස්කන්ධයන්ද, අත්හළ හෙයින්, එම කරුණින්ම කෙලෙස්ද, ස්කන්ධයෝද නූපදනා නිරෝධ වශයෙන් නිරුද්ධ වෙති. වොස්සජ්ජිතත්තාති යනු අපේක්‍ෂායෙහි පැවතීම් වචනය කරන ලදි. කෙලෙස් නිරෝධය ඇතිකල්හි ස්කන්ධ නිරෝධයද යෙදෙන හෙයින්, ස්කන්ධ නිරෝධය යූ.සේයි. නිරොධ වසෙන යනු කියන ලද ආකාර ඇති නිරෝධයාගේ වශයෙන් එම මාර්ගයාගේම උත්පාද ක්‍ෂණයෙහි, දෙයාකාර වොස්සජනයන් දක්වනු කැමැතියේ. නිරොධ වසෙන ද්වෙ වොස්සග්ග ආදිය වදාළහ. ද්වයම යට කියන ලද අර්ථමය. අස්සද්ධියස්ස පහාණාය ඡන්‍දො උප්පජ්ජති යන ආදීන්හිද මෙම ක්‍රමයෙන්ම අර්ථය දතයුතුය. වීර්යෙන්‍ද්‍රියාදි මූලික වාරයන්හිද එම ක්‍රමයමැයි. මෙම ක්‍රමයෙන්ම අධිෂ්ඨානාර්ථ නිර්දේශයද විස්තර වශයෙන් දතයුතුය. හුදෙක් මෙහි අධිෂ්ඨාන කෙරේ යනු විශේෂයයි. පිහිටයි යන අර්ථයි.

ඝ-ඞ. පරියාදානට‍්ඨපතිට‍්ඨාපකට‍්ඨනිද‍්දෙසවණ‍්ණනා

ඝ-ඞ. පරියාදානට්ඨපතිට්ඨාපකට්ඨනිද්දෙසවණ්ණනා

පරියාදානට‍්ඨනිද‍්දෙසෙ පරියාදියතීති ඛෙපෙති. පතිට‍්ඨාපකට‍්ඨනිද‍්දෙසෙ සද‍්ධො සද‍්ධින්‍ද්‍රියං අධිමොක‍්ඛෙ පතිට‍්ඨාපෙතීති සද‍්ධාසම‍්පන‍්නො “සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා දුක‍්ඛා අනත‍්තා”ති අධිමුච‍්චන‍්තො සද‍්ධින්‍ද්‍රියං අධිමොක‍්ඛෙ පතිට‍්ඨාපෙති. ඉමිනා පුග‍්ගලවිසෙසෙන ඉන්‍ද්‍රියභාවනාවිසෙසො නිද‍්දිට‍්ඨො. සද‍්ධස‍්ස සද‍්ධින්‍ද්‍රියං අධිමොක‍්ඛෙ පතිට‍්ඨාපෙතීති සද‍්ධාසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස සද‍්ධින්‍ද්‍රියං තංයෙව සද‍්ධං පතිට‍්ඨාපෙති. තථා අධිමුච‍්චන‍්තං අධිමොක‍්ඛෙ පතිට‍්ඨාපෙතීති. ඉමිනා ඉන්‍ද්‍රියභාවනාවිසෙසෙන පුග‍්ගලවිසෙසො නිද‍්දිට‍්ඨො. එවං චිත‍්තං පග‍්ගණ‍්හන‍්තො පග‍්ගහෙ පතිට‍්ඨාපෙති, සතිං උපට‍්ඨාපෙන‍්තො උපට‍්ඨානෙ පතිට‍්ඨාපෙති, චිත‍්තං සමාදහන‍්තො අවික‍්ඛෙපෙ පතිට‍්ඨාපෙති, අනිච‍්චං දුක‍්ඛං අනත‍්තාති පස‍්සන‍්තො දස‍්සනෙ පතිට‍්ඨාපෙතීති සෙසෙසුපි යොජනා වෙදිතබ‍්බා. යොගාවචරොති සමථයොගෙ, විපස‍්සනායොගෙ වා අවචරතීති යොගාවචරො. අවචරතීති පවිසිත්‍වා චරතීති.

පරියාදානාර්ථ නිර්දේශයෙහි, පරියාදියති යනු ක්‍ෂය කරයි. පතිට්ඨාපනාර්ථ නිර්දේශයෙහි, සද්ධො සද්ධින්‍ද්‍රියං අධිමොක්ඛෙ පතිට්ඨාපෙති යනු ශ්‍රද්ධා සම්පන්න පුද්ගල තෙමේ, සියලු සංස්කාර, අනිත්‍යය, දුක්ය, අනාත්මයැයි ස්ථිර ලෙස සිතා ගනුයේ, ශ්‍රද්ධෙන්‍ද්‍රිය අධිමෝක්‍ෂයෙහි පිහිටුවයි. මෙම පුද්ගල විශේෂයෙන් ඉන්‍ද්‍රිය භාවනා විශේෂය නිර්දේශිතය. සද්ධස්ස සද්ධින්‍ද්‍රියං අධිමොක්ඛෙ පතිට්ඨාපෙති යනු එම ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයාගේ ශ්‍රද්ධෙන්‍ද්‍රිය එම ශ්‍රද්ධායෙහිම එසේ ස්ථිර ලෙස පිහිටුවනුයේ අධිමෝක්‍ෂයෙහි පිහිටුවයි. මෙයින් ඉන්‍ද්‍රිය භාවනා විශේෂයෙන් පුද්ගල විශේෂය. නිර්දේශිතය. මෙසේ සිත ඔසවා තබනුයේ, ප්‍රග්‍රහණයෙහි පිහිටුවයි. සිහිය අරමුණට එළඹවනුයේ, එළඹවීමෙහි පිහිටුවයි. සිත මනාව තැන්පත් කරුනයේ අවික්‍ෂෙපයෙහි පිහිටුවයි. අනිත්‍යය, දුක්ය, අනාත්මයැයි දක්නේ දර්ශනයෙහි පිහිටුවයි යයි සෙස්සෙහිද යෙදීම් දතයුත්තාහ. යොගාවචරො යනු සමථ යෝගයෙහිද, විදර්ශනා යෝගයෙහිද හැසිරේනුයි යෝගාවචරොයි, අවචරති යනු පිවිස හැසිරෙයි යනුයි.

චතුත්‍ථසුත‍්තන‍්තනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

චතුර්ථ සූත්‍රාන්ත නිර්දේශ වර්ණනාව නිමි.