ඉන්ද්රියසමොධානවණ්ණනා අට්ඨකථා
ඉන්ද්රියසමොධානවණ්ණනා
ඉන්ද්රියසමොධානවණ්ණනා
ඉදානි සමාධිං භාවයතො විපස්සනං භාවයතො ච ඉන්ද්රියසමොධානං දස්සෙතුකාමො පඨමං තාව උපට්ඨානකොසල්ලප්පභෙදං නිද්දිසිතුං පුථුජ්ජනො සමාධිං භාවෙන්තොතිආදිමාහ. තත්ථ පුථුජ්ජනො සමාධිං භාවෙන්තොති නිබ්බෙධභාගියං සමාධිං භාවෙන්තො. සෙක්ඛස්ස වීතරාගස්ස ච පන ලොකුත්තරොපි සමාධි ලබ්භති. ආවජ්ජිතත්තාති කසිණාදිනිමිත්තස්ස ආවජ්ජිතත්තා, කසිණාදිපරිකම්මං කත්වා තත්ථ උප්පාදිතනිමිත්තත්තාති වුත්තං හොති. ආරම්මණූපට්ඨානකුසලොති තස්ස උප්පාදිතස්ස නිමිත්තස්සෙව උපට්ඨානෙ කුසලො. සමථනිමිත්තූපට්ඨානකුසලොති අච්චාරද්ධවීරියතාදීහි උද්ධතෙ චිත්තෙ පස්සද්ධිසමාධිඋපෙක්ඛාසම්බොජ්ඣඞ්ගභාවනාවසෙන චිත්තොපසමනිමිත්තස්ස උපට්ඨානෙ කුසලො. පග්ගහනිමිත්තූපට්ඨානකුසලොති අතිසිථිලවීරියතාදීහි ලීනෙ චිත්තෙ ධම්මවිචයවීරියපීතිසම්බොජ්ඣඞ්ගභාවනාවසෙන චිත්තපග්ගහනිමිත්තස්ස උපට්ඨානෙ කුසලො. අවික්ඛෙපූපට්ඨානකුසලොති අනුද්ධතාලීනචිත්තස්ස සම්පයුත්තස්ස සමාධිස්ස උපට්ඨානෙ කුසලො. ඔභාසූපට්ඨානකුසලොති පඤ්ඤාපයොගමන්දතාය නිරස්සාදෙ චිත්තෙ අට්ඨසංවෙගවත්ථුපච්චවෙක්ඛණෙන චිත්තං සංවෙජෙත්වා ඤාණොභාසස්ස උපට්ඨානෙ කුසලො. අට්ඨ සංවෙගවත්ථූනි නාම ජාතිජරාබ්යාධිමරණානි චත්තාරි, අපායදුක්ඛං පඤ්චමං, අතීතෙ වට්ටමූලකං දුක්ඛං, අනාගතෙ වට්ටමූලකං දුක්ඛං, පච්චුප්පන්නෙ ආහාරපරියෙට්ඨිමූලකං දුක්ඛන්ති. සම්පහංසනූපට්ඨානකුසලොති උපසමසුඛානධිගමෙන නිරස්සාදෙ චිත්තෙ බුද්ධධම්මසඞ්ඝගුණානුස්සරණෙන චිත්තං පසාදෙන්තො සම්පහංසනස්ස උපට්ඨානෙ කුසලො. උපෙක්ඛූපට්ඨානකුසලොති උද්ධතාදිදොසවිරහිතෙ චිත්තෙ නිග්ගහපග්ගහාදීසු බ්යාපාරාභාවකරණෙන උපෙක්ඛාය උපට්ඨානෙ කුසලො. සෙක්ඛොති තිස්සො සික්ඛා සික්ඛතීති සෙක්ඛො. එකත්තූපට්ඨානකුසලොති සක්කායදිට්ඨාදීනං පහීනත්තා නෙක්ඛම්මාදිනො එකත්තස්ස උපට්ඨානෙ කුසලො.
දැන් සමාධිය වඩන්නහුගේද, විදර්ශනාව වඩන්නහුගේද ඉන්ද්රිය එක්තැන් කිරීම දක්වනු කැමැත්තේ, පළමුව වැටහීම් කුසලතා ප්‍රභේදය නිර්දේශ කරන්ට, ‘පුථුජ්ජනො සමාධිං භාවෙන්තො’ ආදිය වදාළහ. එහි, පුථුජ්ජනො සමාධිං භාවෙන්තො යනු නිර්වේදභාගි සමාධිය වඩනුයේ ශෛක්ෂ්යයාට හා වීතරාගීහුට ලෝකෝත්තර වූද සමාධිය ලැබේ. ආවජ්ජිතත්තා යනු කසිණ ආදී නිමිති ආවර්ජනය කළ හෙයින්, කසිණ ආදී පරිකර්ම කොට එහි උපදවන ලද නිමිත්ත බැවිනැයි යූ.සේයි. ආරම්මණූපට්ඨාන කුසලො යනු එහි උපදවන ලද නිමිත්තටම එළඹ සිටීමෙහි දක්ෂ වෙයි. සමථ නිමිත්තුපට්ඨාන කුසලො ඉතා තදින් පටන්ගත් වීර්යතාවයන්හිදී සිත නොසන්සුන් කල්හි, පස්සද්ධි, සමාධි, උපෙක්ෂා සම්බොධ්‍යංග වැඩීම් වශයෙන් සිත සන්සුන් කරවීම් නිමිත්තට එළඹ සිටීමෙහි දක්ෂ වේ. පග්ගහ නිමිත්තුපට්ඨාන කුසලො යනු ඉතා ලිහිල් වීර්යාදීන්ගෙන් සිත මැලිවූ කල්හි, ධම්මවිචය, ප්‍රීති, සම්බොධ්‍යංග වැඩීම් වශයෙන් සිත දැඩිසේ උත්සාහවත් කිරීම් වශයෙන් නිමිත්තට එළඹීමෙහි දක්ෂ වේ. අවික්ඛෙපුපට්ඨාන කුසලො යනු නොසන්සුන් නුවූ, මැළි නුවූ සිත හා සම්ප්‍රයුක්ත සමාධියට එළඹීමෙහි දක්ෂ වේ. ඔභාසුපට්ඨාන කුසලො යනු ප්‍රඥා ප්‍රයෝග මන්දතාවයෙන් ආස්වාද රහිත සිතෙහි, අෂ්ට සංවේග වස්තූන් ප්රත්යවේක්ෂණයෙන් සිත සංවේගයට පත්කොට ඤාණාලෝකයට එළඹීමෙහි දක්ෂ වේ. අෂ්ට සංවේග වස්තූහු නම්, ජාති. ජරා, ව්‍යාධි, මරණ යන සතරද, පස්වන අපාය දුකද, අතීත සංසාර වෘත්තමූලික දුකද, අනාගත සංසාර වෘත්ත මූලික දුකද, වත්මනැ අහර සෙවීම් මූලික දුක යන මේවායි. සම්පහංසනුපට්ඨාන කුසලො යනු සන්සුන් සුව නොලැබීමෙන් සිත ආස්වාද රහිත වූ කල්හි, බුද්ධ, ධර්ම, සංඝ ගුණ සිහිකිරීමෙන් සිත පහදවනුයේ, සතුටු කරවීමට එළඹීමෙහි දක්ෂ වේ. උපෙක්ඛු පට්ඨාන කුසලො යනු නොසන්සුන් ආදී දොස් විරහිත සිතෙහි, නිග්‍රහ, ප්‍රග්‍රහ ආදීන්හි යෙදීම් නොකිරීමෙන් උපේක්ෂාවට එළඹීමෙහි දක්ෂ වේ. සෙක්ඛො යනු ත්‍රිවිධ ශික්ෂාවන්හි හික්මෙහි නුයි සෙක්ඛොයි. එකත්තුපට්ඨාන කුසලො යනු සක්කාය දෘෂ්ටි ආදීන් ප්‍රහීන හෙයින් නෛෂ්ක්‍රම්‍යාදීන්ගේ ඒකත්වයට එළඹීමේ දක්ෂ වේ.
වීතරාගොති සබ්බසො පහීනරාගත්තා වීතරාගො ඛීණාසවො. ඤාණූපට්ඨානකුසලොති අරහා ධම්මෙසු විගතසම්මොහත්තා තත්ථ තත්ථ අසම්මොහඤාණස්ස උපට්ඨානෙ කුසලො. විමුත්තූපට්ඨානකුසලොති අරහත්තඵලවිමුත්තියා උපට්ඨානෙ කුසලො. විමුත්තීති හි සබ්බකිලෙසෙහි විමුත්තත්තා අරහත්තඵලවිමුත්ති අධිප්පෙතා.
වීතරාගො යනු සර්වප්රකාරයෙන් ප්‍රහීණ වූ රාග හෙයින් ක්ෂීණාශ්රවයන් වහන්සේ. ඤාණුපට්ඨාන කුසලො යනු රහත් තෙමේ ධර්මයන්හි, පහවූ මෝහ හෙයින්, ඒ ඒ තන්හි නුමුළා ඤාණයට එළැඹීමෙහි දක්ෂ වේ. විමුත්තුපට්ඨාන කුසලො යනු අර්හත්ඵල විමුක්තියට එළැඹීමෙහි දක්ෂ වේ. විමුත්ති යනු සියලු කෙලෙසුන්ගෙන් මිදුණු හෙයින් අර්හත් ඵල විමුක්තිය අදහස් කරන ලදි.
විපස්සනාභාවනාය උපට්ඨානානුපට්ඨානෙසු අනිච්චතොතිආදීනි නිච්චතොතිආදීනි ච සීලකථායං වුත්තනයෙනෙව වෙදිතබ්බානි. පාඨතො පන “ආයූහනානුපට්ඨානකුසලො විපරිණාමූපට්ඨානකුසලො අනිමිත්තූපට්ඨානකුසලො නිමිත්තානුපට්ඨානකුසලො අප්පණිහිතූපට්ඨානකුසලො පණිධිඅනුපට්ඨානකුසලො අභිනිවෙසානුපට්ඨානකුසලො”ති එතෙසු සාමිවචනෙන සමාසපදච්ඡෙදො කාතබ්බො. සෙසෙසු පන නිස්සක්කවචනෙන පාඨො.
විදර්ශනා භාවනාවෙහි එළඹ සිටීම් නොඑළඹ සිටීම්හි, අනිච්චතො ආදිය, නිච්චතො යනාදියද සීල කථායෙහි කියන ද ආකාරයෙන්ම දතයුත්තාහ. පාඨ වශයෙන් වනාහි, රැස්කිරීමට නොඑළඹවීමෙහි කුසලතා වශයෙන්, විපරිණාමය එළඹීමෙහි කුසලතා වශයෙන්, අනිමිත්තයට එළඹීමෙහි කුසලතා වශයෙන් නිමිත්තට නොඑළඹීමෙහි කුසලතා වශයෙන්, අප්රණිහිතයට එළඹීමෙහි කුසලතා වශයෙන්, ප්රණිධියට නොඑළඹීමෙහි කුසලතා වශයෙන්, අභිනිවේසයට නොඑළඹීමෙහි කුසලතා වශයෙන් ඒවාහි ෂෂ්ඨි වචනයෙන් පද වෙන්කිරීම කළයුතුය. සෙස්සෙහි වනාහි පංචමී වචනයෙන් පාඨයි.
සුඤ්ඤතූපට්ඨානකුසලොති පනෙත්ථ සුඤ්ඤතො උපට්ඨානකුසලොති වා සුඤ්ඤතාය උපට්ඨානකුසලොති වා පදච්ඡෙදො කාතබ්බො. යස්මා පන නිබ්බිදාවිරාගනිරොධපටිනිස්සග්ගානුපස්සනා අධිපඤ්ඤාධම්මවිපස්සනා යථාභූතඤාණදස්සනං පටිසඞ්ඛානුපස්සනා විවට්ටනානුපස්සනාති ඉමා අට්ඨ මහාවිපස්සනා අත්තනො සභාවවිසෙසෙන විසෙසිතා, න ආරම්මණවිසෙසෙන, තස්මා ඉමාසං අට්ඨන්නං “අනිච්චතො උපට්ඨානකුසලො හොතී”තිආදීනි වචනානි විය “නිබ්බිදාතො උපට්ඨානකුසලො හොතී”තිආදීනි වචනානි න යුජ්ජන්ති. තස්මා එව ඉමා අට්ඨ න යොජිතා. ආදීනවානුපස්සනා පන “සුඤ්ඤතූපට්ඨානකුසලො හොති, අභිනිවෙසානුපට්ඨානකුසලො හොතී”ති ඉමිනා යුගලකවචනෙනෙව අත්ථතො “ආදීනවතො උපට්ඨානකුසලො හොති, ආලයාභිනිවෙසානුපට්ඨානකුසලො හොතී”ති යොජිතාව හොතීති සරූපෙන න යොජිතා. ඉති පුරිමා ච අට්ඨ, අයඤ්ච ආදීනවානුපස්සනාති අට්ඨාරසසු මහාවිපස්සනාසු ඉමා නව අයොජෙත්වා ඉතරා එව නව යොජිතාති වෙදිතබ්බා. ඤාණූපට්ඨානකුසලොති සෙක්ඛො විපස්සනූපක්කිලෙසානං අභාවතො විපස්සනාභාවනාය ඤාණස්ස උපට්ඨානෙ කුසලො. සමාධිභාවනාය පන නිකන්තිසබ්භාවතො ඤාණූපට්ඨානෙ කුසලොති න වුත්තො.
සුඤ්ඤතුපට්ඨාන කුසලො යන මෙහි වනාහි ශූන්‍යතායෙන් එළඹීමෙහි කුසලතාවයයි හෝ - ශූන්යතාවට එළඹීමෙහි කුසලතාවයයි පද ඡේද කළයුතුය. නිර්වේද විරාග, නිරෝධ, පටිනිස්සග්ගානුපස්සනා, අධි ප්‍රඥා ධර්ම විදර්ශනා, යථාභූත ඤාණ දර්ශන, පටිසංඛානුපස්සනා, විවට්ටානුපස්සනා යන මෙම අට මහා විදර්ශනාව තමාගේ ස්වභාව විශේෂයෙන් විශේෂිතය. අරමුණු වශයෙන් නොවේ. මෙම අනිත්‍ය වශයෙන් එළඹීමෙහි කුසලතාව වේයයි ආදී වචන මෙන්, නිර්වේදයෙන් එළඹීමෙහි කුසලතාව වේයයි ආදි වචන නොගැළපේ. එහෙයින් මෙම අට නොයොදන ලදි. ආදීනවානුපස්සනාව වනාහි, ශූන්යතාවෙහි එළඹීමෙහි දක්ෂ වේ. අභිනිවේසයෙහි එළඹීමෙහි දක්ෂ වේයයි මෙම යුගලක වචනයෙන්ම, අර්ථ වශයෙන්ද, ආදීනව වශයෙන්ද එළඹීමෙහි දක්ෂ වේ. ආලයාභිනිවේසයෙහි එළඹීමෙහි දක්ෂ වේයයි යොදන ලද්දේම වේයයි ස්වරූපයෙන් නොයොදන ලදි. මෙසේ පළමු අටද, මෙම ආදීනවානු පස්සනාවදැයි යන අටළොස් මහා විදර්ශනාවන්හි මෙම නවය නොයොදා, අනෙක් නවයම යොදන ලදැයි දතයුතුය. ඤානුපට්ඨාන කුසලො යනු ශෛක්ෂයා විදර්ශනෝප ක්ලේශයන්ගේ අභාවයෙන් විදර්ශනා භාවනාවෙහි ඤාණයට එළඹීමෙහි දක්ෂ වේ. සමාධි නිකන්තිය යෙදෙන හෙයින් ඤාණයට එළඹීමෙහි දක්ෂයැයි නොකියන ලදි.
විසඤ්ඤොගූපට්ඨානකුසලොති “කාමයොගවිසඤ්ඤොගො භවයොගවිසඤ්ඤොගො දිට්ඨියොගවිසඤ්ඤොගො අවිජ්ජායොගවිසඤ්ඤොගො”ති (දී· නි· 3.312) චතුධා වුත්තස්ස විසඤ්ඤොගස්ස උපට්ඨානෙ කුසලො. සඤ්ඤොගානුපට්ඨානකුසලොති කාමයොගභවයොගදිට්ඨියොගාවිජ්ජායොගවසෙන චතුධා වුත්තස්ස සඤ්ඤොගස්ස අනුපට්ඨානෙ කුසලො. නිරොධූපට්ඨානකුසලොති “පුන චපරං, භික්ඛවෙ, ඛීණාසවස්ස භික්ඛුනො නිබ්බානනින්නං චිත්තං හොති නිබ්බානපොණං නිබ්බානපබ්භාරං විවෙකට්ඨං නෙක්ඛම්මාභිරතං බ්යන්තීභූතං සබ්බසො ආසවට්ඨානියෙහි ධම්මෙහී”ති (අ· නි· 10.90; පටි· ම· 2.44 අත්ථතො සමානං) වුත්තඛීණාසවබලවසෙන නිබ්බානනින්නචිත්තත්තා ඛීණාසවොව නිරොධසඞ්ඛාතස්ස නිබ්බානස්ස උපට්ඨානෙ කුසලො.
විසඤ්ඤොගුපට්ඨාන කුසලො යන කාම යෝග විසංයෝගය, භවයෝග විසංයෝගය, දෘෂ්ටියෝග විසංයෝගය, අවිද්‍යා යෝග විසංයෝගයැයි සිව් අයුරෙකින් කියන ලද විසංයෝගයට එළඹීමෙහි දක්ෂ වේ. සඤ්ඤොගානුපට්ඨාන කුසලො යනු කාමයෝග, භව යෝග, දෘෂ්ටි යෝග, අවිද්‍යා යෝග වශයෙන් සිව් අයුරින් කියන ලද සංයෝගයට නොඑළඹීමෙහි දක්ෂ වේ. නිරොධුපට්ඨාන කුසලො යනු ‘නැවතද මහණෙනි, ක්ෂීණාශ්රව භික්ෂුවගේ සිත නිර්වාණ නිම්න වූයේ, නිර්වාණ ප්රවණතාවට පත්වූයේ නිර්වාණයට නැමුණේ, විවේකස්ථායී වූයේ, නෛෂ්ක්‍රම්‍යයෙහි විශේෂයෙන් ඇලුණේ සර්වප්රකාරයෙන් ආශ්‍රවයන් හටගන්නා ධර්මයන් විනාශ කරන ලද්දේ වේයයි කියන ලද, ක්ෂීණාශ්රව බල වශයෙන් නිර්වාණ නිම්න සිතැති හෙයින් ක්ෂීණාශ්රව තෙමේම නිරෝධ සංඛ්‍යාත නිර්වාණයට එළඹීමෙහි දක්ෂ වේ.
ආරම්මණූපට්ඨානකුසලවසෙනාතිආදීසු කුසලන්ති ඤාණං. ඤාණම්පි හි කුසලපුග්ගලයොගතො කුසලං යථා පණ්ඩිතපුග්ගලයොගතො “පණ්ඩිතා ධම්මා”ති (ධ· ස· දුකමාතිකා 103). තස්මා කොසල්ලවසෙනාති අත්ථො.
ආරම්මණූපට්ඨාන කුසල වසෙන යනාදීන්හි, කුසලං යනු ඤාණයයි. ඤාණයද කුසලයැයි කියයි. දක්ෂ පුද්ගල යෝගයෙන් කුසලයි. පණ්ඩිත පුද්ගල යෝගයෙන් පණ්ඩිත ධර්මයයි වේද, එසේම කෞශල්‍යතා වශයෙනැයි අර්ථයි.
ඉදානි චතුසට්ඨියා ආකාරෙහීතිආදි ඤාණකථායං (පටි· ම· 1.107) වුත්තම්පි ඉන්ද්රියකථාසම්බන්ධෙන ඉධානෙත්වා වුත්තං. තං හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං.
චතුසට්ඨියා ආකාරෙහි යනාදිය ඤාණ කථායෙහි කියන ලදුයේද, ඉන්ද්රිය කථා සම්බන්ධයෙන් මෙහි ගෙනවුත් යූ.සේයි. එය යට කියන ලද ආකාරයෙන්ම දතයුතුය.
පුන සමන්තචක්ඛුසම්බන්ධෙන ඉන්ද්රියවිධානං වත්තුකාමො න තස්ස අද්දිට්ඨමිධත්ථි කිඤ්චීතිආදිමාහ. තත්ථ සමන්තචක්ඛූති සබ්බඤ්ඤුතඤ්ඤාණං. පඤ්ඤින්ද්රියස්ස වසෙනාතිආදිනා පඤ්චන්නං ඉන්ද්රියානං අවියොගිතං දස්සෙති. සද්දහන්තො පග්ගණ්හාතීතිආදීහි එකෙකින්ද්රියමූලකෙහි පඤ්චහි චතුක්කෙහි පඤ්චන්නං ඉන්ද්රියානං නින්නපයොගකාලෙ වා මග්ගක්ඛණෙ වා එකරසභාවං අඤ්ඤමඤ්ඤපච්චයභාවඤ්ච දස්සෙති. සද්දහිතත්තා පග්ගහිතන්තිආදීහි එකෙකින්ද්රියමූලකෙහි පඤ්චහි චතුක්කෙහි පඤ්චන්නං ඉන්ද්රියානං නිබ්බත්තිකාලෙ වා ඵලකාලෙ වා එකරසභාවං අඤ්ඤමඤ්ඤපච්චයභාවඤ්ච දස්සෙති. පුන බුද්ධචක්ඛුසම්බන්ධෙන ඉන්ද්රියවිධානං වත්තුකාමො යං බුද්ධචක්ඛූතිආදිමාහ . තත්ථ බුද්ධචක්ඛූති ඉන්ද්රියපරොපරියත්තඤාණං ආසයානුසයඤාණඤ්ච. බුද්ධඤාණන්ති ච ඉදං තදෙව ද්වයං, සෙසං හෙට්ඨා වුත්තත්ථමෙවාති.
නැවත සමන්ත චක්ෂු සම්බන්ධයෙන් ඉන්ද්රිය නියමය කියනු කැමැතියේ ‘න තස්ස අදිට්ඨ මිධත්ථි කිඤ්චි’ යනාදිය වදාළහ. එහි සමන්ත චක්ඛු යනු සර්වඥතාඥානයයි, පඤ්ඤින්ද්රියස්ස වසෙන යනාදියෙන් පංචෙන්ද්‍රියයන්ගේ නොවෙන්වීම්තාව දක්වයි. සද්දහන්තො පග්ගණ්හාති යනාදීන්ගෙන් එකිනෙක ඉන්ද්‍රියමූලික, පඤ්ච චතුෂ්කයන්හි පංච ඉන්ද්රියයන්ගේ නිම්න ප්‍රයෝග කාලයෙහි හෝ මාර්ගක්ෂණයෙහි හෝ ඒකරස භාවයද, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය භාවයද දක්වයි. සද්දහිතත්තා පග්ගහිතං යන ආදී එකිනෙක ඉන්ද්‍රියමූලික පඤ්ච චතුෂ්කයන්හි, පඤ්ච ඉන්ද්රියයන්ගේ උත්පත්ති කාලයෙහි හෝ ඵල කාලයෙහි හෝ එකරස භාවයද, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය භාවයද දක්වයි. නැවත බුද්ධ චක්ෂු සම්බන්ධයෙන් ඉන්ද්රිය නියමය කියනු කැමැතියේ, යං බුද්ධ චක්ඛු ආදිය වදාළහ. එහි බුද්ධ චක්ඛු යනු ඉන්ද්රිය පරොපරියත්ත ඤාණය හා ආසයානුසය ඤාණයයි. බුද්ධ ඤාණං යනු එම ඤාණ ද්වයයමය. සෙස්ස යට කියන ලද අර්ථමය.
ඉන්ද්රියසමොධානවණ්ණනා නිට්ඨිතා.
සද්ධම්මප්පකාසිනියා පටිසම්භිදාමග්ග-අට්ඨකථාය
සද්ධර්මප්රකාසනී ප්‍රතිසම්භිදා මාර්ග අර්ථ කථායෙහි
ඉන්ද්රියකථාවණ්ණනා නිට්ඨිතා.
ඉන්ද්රිය කථා වර්ණනාව නිමි.