විමොක්ඛුද්දෙසවණ්ණනා අට්ඨකථා
විමොක්ඛුද්දෙසවණ්ණනා
විමෝක්ෂ උද්දෙස වර්ණනාව
ඉදානි ඉන්ද්රියකථානන්තරං කථිතාය විමොක්ඛකථාය අපුබ්බත්ථානුවණ්ණනා අනුප්පත්තා. අයඤ්හි විමොක්ඛකථා ඉන්ද්රියභාවනානුයුත්තස්ස විමොක්ඛසබ්භාවතො ඉන්ද්රියකථානන්තරං කථිතා. තඤ්ච කථෙන්තො භගවතො සම්මුඛා සුතසුත්තන්තදෙසනාපුබ්බඞ්ගමං කත්වා කථෙසි. තත්ථ සුත්තන්තෙ තාව සුඤ්ඤතො විමොක්ඛොතිආදීසු සුඤ්ඤතාකාරෙන නිබ්බානං ආරම්මණං කත්වා පවත්තො අරියමග්ගො සුඤ්ඤතො විමොක්ඛො. සො හි සුඤ්ඤතාය ධාතුයා උප්පන්නත්තා සුඤ්ඤතො, කිලෙසෙහි විමුත්තත්තා විමොක්ඛො. එතෙනෙව නයෙන අනිමිත්තාකාරෙන නිබ්බානං ආරම්මණං කත්වා පවත්තො අනිමිත්තො, අප්පණිහිතාකාරෙන නිබ්බානං ආරම්මණං කත්වා පවත්තො අප්පණිහිතොති වෙදිතබ්බො.
දැන් ඉන්ද්රිය කථාවට අනතුරුව කියන ලද, විමොක්ෂ කථායෙහි, පෙර නොවූ විරූ අර්ථ අනුවර්ණනාව පැමිණියේය. මෙම විමොක්ෂ කථාව, ඉන්ද්රිය භාවනාවෙහි යෙදුණහුට විමොක්ෂය හටගන්නා හෙයින්, ඉන්ද්රිය කථාවට අනතුරුව කියන ලදි. එයද කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි ශ්‍රවණය කරන ලද සූත්‍රාන්ත දේශනා පූර්වාංගම කොට වදාළේය. එහි සූත්‍රාන්තයෙහි, සුඤ්ඤතො විමොක්ඛො යන ආදීන්හි ශූන්‍යතාකාරයෙන් නිර්වාණය අරමුණුකොට, පැවැති ආර්ය මාර්ගය සුඤ්ඤත විමොක්ෂයයි. එය ශූන්‍යතා ධාතුවෙන් හටගත් හෙයින් ශූන්යතායි, කෙලෙසුන්ගෙන් මිදුණු හෙයින් විමොක්ෂයි, එම ක්‍රමයෙන්ම අනිමිත්තාකාරයෙන් නිර්වාණය අරමුණු කොට පැවැත්තේ අනිමිත්තොයි. ආසාවන්හි නොපිහිටි ආකාරයෙන් නිර්වාණය අරමුණුකොට පැවැත්තේ අප්පණිහිතොයි දතයුතුය.
එකො හි ආදිතොව අනිච්චතො සඞ්ඛාරෙ සම්මසති. යස්මා පන න අනිච්චතො සම්මසනමත්තෙනෙව මග්ගවුට්ඨානං හොති, දුක්ඛතොපි අනත්තතොපි සම්මසිතබ්බමෙව, තස්මා දුක්ඛතොපි අනත්තතොපි සම්මසති. තස්ස එවං පටිපන්නස්ස අනිච්චතො චෙ සම්මසනකාලෙ මග්ගවුට්ඨානං හොති, අයං අනිච්චතො අභිනිවිසිත්වා අනිච්චතො වුට්ඨාති නාම. සචෙ පනස්ස දුක්ඛතො අනත්තතො සම්මසනකාලෙ මග්ගවුට්ඨානං හොති, අයං අනිච්චතො අභිනිවිසිත්වා දුක්ඛතො, අනත්තතො වුට්ඨාති නාම. එස නයො දුක්ඛතො අනත්තතො අභිනිවිසිත්වා වුට්ඨානෙසුපි. එත්ථ ච යොපි අනිච්චතො අභිනිවිට්ඨො, යොපි දුක්ඛතො, යොපි අනත්තතො. වුට්ඨානකාලෙ චෙ අනිච්චතො වුට්ඨානං හොති, තයොපි ජනා අධිමොක්ඛබහුලා හොන්ති, සද්ධින්ද්රියං පටිලභන්ති, අනිමිත්තවිමොක්ඛෙන විමුච්චන්ති, පඨමමග්ගක්ඛණෙ සද්ධානුසාරිනො හොන්ති, සත්තසු ඨානෙසු සද්ධාවිමුත්තා. සචෙ පන දුක්ඛතො වුට්ඨානං හොති, තයොපි ජනා පස්සද්ධිබහුලා හොන්ති, සමාධින්ද්රියං පටිලභන්ති, අප්පණිහිතවිමොක්ඛෙන විමුච්චන්ති, සබ්බත්ථ කායසක්ඛිනො හොන්ති. යස්ස පනෙත්ථ අරූපජ්ඣානං පාදකං හොති, සො අග්ගඵලෙ උභතොභාගවිමුත්තො හොති. අථ නෙසං අනත්තතො වුට්ඨානං හොති, තයොපි ජනා වෙදබහුලා හොන්ති, පඤ්ඤින්ද්රියං පටිලභන්ති, සුඤ්ඤතවිමොක්ඛෙන විමුච්චන්ති, පඨමමග්ගක්ඛණෙ ධම්මානුසාරිනො හොන්ති, ඡසු ඨානෙසු දිට්ඨිප්පත්තා, අග්ගඵලෙ පඤ්ඤාවිමුත්තාති.
එකෙක් වනාහි මුලදීම අනිත්‍යය වශයෙන් සංස්කාරයන් මෙනෙහි කරයි. අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම් මාත්‍රයෙන්ම මාර්ගයෙහි නැගී සිටීම සිදුනොවේ. දුක් වශයෙන්ද, අනාත්ම වශයෙන්ද මෙනෙහි කළයුතුමය. එහෙයින් දුක් වශයෙන්ද, අනාත්ම වශයෙන්ද මෙනෙහි කරයි. මෙසේ පිළිපන්නා වූ ඔහුට අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන කාලයෙහි මග නැගුම වේ. මේ අනිත්‍ය වශයෙන් ඇතුළට වැදී, අනිත්‍ය වශයෙන් නැගිටියි නමි. ඉදින් මොහුට දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විමසා බලන කල්හි, මාර්ග වුට්ඨානය වේද, මෙතෙමේ අනිත්‍යය වශයෙන් ඇතුළට පිවිස අනාත්ම වශයෙන් නැගී සිටියි, නමැ. දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඇතුළට පිවිස නැගී සිටීම්හිද, එම ක්‍රමයමැයි. මෙහිද යම් අනිත්‍ය වශයෙන් ඇතුළට පිවිසීමක් වේද, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ඇතුළට පිවිසීමක් වේද, නැගී සිටිනා කල්හිද අනිත්‍යය නැගී සිටීම වේ. තිදෙනම අධිමෝක්ෂ බහුල වෙති. සද්ධෙන්ද්රිය ලබත්. අනිමිත්ත විමොක්ෂයෙන් මිදෙත්. ප්‍රථම මාර්ගක්ෂණයෙහි ශ්රද්ධානුසාරීහු වෙති. සප්ත ස්ථානයන්හි ශ්‍රද්ධා විමුක්ත වෙති. ඉදින් වනාහි දුක් වශයෙන් නැගී සිටීම වේද, තිදෙනම සන්සිඳීම් බහුල වෙති. සමාධින්ද්රිය ලබත්. අප්‍රණිහිත විමෝක්ෂයෙන් මිදෙත්. හැමතැන කායසාක්ෂිහු වෙති. මෙහි යමෙකුට අරූපධ්‍යාන පාදක වේද, හෙතෙම අග්‍රඵලයෙහි දොකොටසින් මිදුණේ වේ. එකල්හි ඔවුන්ට අනාත්ම වශයෙන් නැගී සිටීම වේ. තිදෙනම නුවණ බහුල වූවාහු වෙති. ප්රඥෙන්ද්රිය ලබත්. ශූන්‍යතා විමොක්ෂයෙන් මිදෙත්. ප්‍රථම මාර්ග ක්ෂණයෙහි ධර්මානුසාරීහු වෙති. ෂට් ස්ථානයන්හි දෘෂ්ටිප්‍රාප්ත වූවාහු, අග්‍රඵලයෙහි ප්රඥාවිමුක්ත වූවාහු වෙති.
අපිච මග්ගො නාම පඤ්චහි කාරණෙහි නාමං ලභති සරසෙන වා පච්චනීකෙන වා සගුණෙන වා ආරම්මණෙන වා ආගමනෙන වා. සචෙ හි සඞ්ඛාරුපෙක්ඛා අනිච්චතො සඞ්ඛාරෙ සම්මසිත්වා වුට්ඨාති, අනිමිත්තවිමොක්ඛෙන විමුච්චති. සචෙ දුක්ඛතො සම්මසිත්වා වුට්ඨාති, අප්පණිහිතවිමොක්ඛෙන විමුච්චති. සචෙ අනත්තතො සම්මසිත්වා වුට්ඨාති, සුඤ්ඤතවිමොක්ඛෙන විමුච්චති. ඉදං සරසතො නාමං නාම. අනිච්චානුපස්සනාය පන සඞ්ඛාරානං ඝනවිනිබ්භොගං කත්වා නිච්චනිමිත්තධුවනිමිත්තසස්සතනිමිත්තානි පහාය ආගතත්තා අනිමිත්තො, දුක්ඛානුපස්සනාය සුඛසඤ්ඤං පහාය පණිධිපත්ථනං සුක්ඛාපෙත්වා ආගතත්තා අප්පණිහිතො, අනත්තානුපස්සනාය අත්තසත්තපුග්ගලසඤ්ඤං පහාය සඞ්ඛාරෙ සුඤ්ඤතො දිට්ඨත්තා සුඤ්ඤතොති ඉදං පච්චනීකතො නාමං නාම. රාගාදීහි පන සුඤ්ඤත්තා සුඤ්ඤතො, රූපනිමිත්තාදීනං, රාගනිමිත්තාදීනංයෙව වා අභාවෙන අනිමිත්තො, රාගපණිධිආදීනං අභාවතො අප්පණිහිතොති ඉදමස්ස සගුණතො නාමං නාම. සොයං සුඤ්ඤං අනිමිත්තං අප්පණිහිතඤ්ච නිබ්බානං ආරම්මණං කරොතීතිපි සුඤ්ඤතො අනිමිත්තො අප්පණිහිතොති වුච්චති. ඉදමස්ස ආරම්මණතො නාමං නාම. ආගමනං පන දුවිධං විපස්සනාගමනං මග්ගාගමනඤ්ච. තත්ථ මග්ගෙ විපස්සනාගමනං ලබ්භති, ඵලෙ මග්ගාගමනං. අනත්තානුපස්සනා හි සුඤ්ඤතා නාම, සුඤ්ඤතවිපස්සනාය මග්ගො සුඤ්ඤතො, සුඤ්ඤතමග්ගස්ස ඵලං සුඤ්ඤතං. අනිච්චානුපස්සනා අනිමිත්තා නාම, අනිමිත්තවිපස්සනාය මග්ගො අනිමිත්තො. ඉදං පන නාමං අභිධම්මපරියායෙ න ලබ්භති, සුත්තන්තපරියායෙ පන ලබ්භති. තත්ථ හි ගොත්රභුඤාණං අනිමිත්තං නිබ්බානං ආරම්මණං කත්වා අනිමිත්තනාමකං හුත්වා සයං ආගමනීයට්ඨානෙ ඨත්වා මග්ගස්ස නාමං දෙතීති වදන්ති. තෙන මග්ගො අනිමිත්තොති වුත්තො. මග්ගාගමනෙන ඵලං අනිමිත්තන්ති යුජ්ජතියෙව. දුක්ඛානුපස්සනා සඞ්ඛාරෙසු පණිධිං සුක්ඛාපෙත්වා ආගතත්තා අප්පණිහිතා නාම, අප්පණිහිතවිපස්සනාය මග්ගො අප්පණිහිතො, අප්පණිහිතමග්ගස්ස ඵලං අප්පණිහිතන්ති එවං විපස්සනා අත්තනො නාමං මග්ගස්ස දෙති, මග්ගො ඵලස්සාති ඉදං ආගමනතො නාමං නාම. එවං සඞ්ඛාරුපෙක්ඛා විමොක්ඛවිසෙසං නියමෙතීති.
තවද මාර්ගය නම් කරුණු පංචකයකින් නම ලබයි. එහි රස සහිත භාවයෙන්, ප්රත්යනීකතා වශයෙන්, ස්ව ගුණයෙන්, අරමුණු වශයෙන්, ආගමන වශයෙන්, ඉදින් සංස්කාරෝපෙක්‍ෂාව අනිත්‍යය වශයෙන් සංස්කාරයන් විමසා බලා නැගිටියිද අනිමිත්ත විමොක්ෂයෙන් මිදෙයි. ඉදින් දුක් වශයෙන් විමසා බලා නැගිටීද, අප්‍රණිහිත විමොක්ෂයෙන් මිදෙයි. ඉදින් අනාත්ම වශයෙන් විමසා බලා නැගිටීද, ශූන්‍යතා විමොක්ෂයෙන් මිදෙයි. මෙය රස සහිත භාවයෙන් නමැ. (ඵල දායකත්වයෙන්). අනිත්යානුපස්සනාවෙන් සංස්කාරයන්ගේ ඝන වෙන්කොට, නිත්‍ය නිමිත්ත-සැමදා පවත්නා ශාශ්වත නිමිති හැර පැමිණි හෙයින් අනිමිත්තයි. දුක්ඛානුපස්සනාවෙන්, සුව සංඥාව හැර ප්‍රණිධි ප්‍රාර්ථනා වියලවා පැමිණි හෙයින් අප්රණිහිතයි, අනත්මානුපස්සනාවෙන් ආත්ම, සත්ත්ව පුද්ගල සංඥා හැර සංස්කාරයන් ශූන්‍යය වශයෙන් දිටි හෙයින් ශූන්යතායි මෙය ප්‍රත්‍යනීක වශයෙන් යන නාමය ලබයි. රාගාදීන්ගෙන් ශූන්‍ය හෙයින් ශූන්‍යය. රූප නිමිති ආදී රාග නිමිති ආදීන්ගේම හෝ අභාවයෙන් අනිමිත්තයි. රාග ප්‍රණිධි ආදීන්ගේ අභාවයෙන් අප්රණිහිතයි. මෙය ස්වගුණ වශයෙන් නාමය නම් වන්නේය. හෙතෙම යම් ශූන්‍ය, අනිමිත්ත, අප්‍රණිහිත, නිර්වාණය අරමුණු කෙරේනුයිද, ශූන්‍යත, අනිමිත්ත, අප්රණිහිතයැයි කියයි. මෙය අරමුණු වශයෙන් නාමය නම් වන්නේය. ආගමන වශයෙන් වනාහි දෙවදෑරුම්ය. විදර්ශනාගමනයද, මාර්ගාගමනයද වශයෙනි. එහි මාර්ගයෙහි විදර්ශනාගමනය ලබයි. ඵලයෙහි මාර්ගාගමනයයි. අනත්මානුපස්සනාව වනාහි ශූන්‍යතා නමැ. ශූන්‍යතා විදර්ශනායෙහි මාර්ගය ශූන්යතායි. ශූන්‍යතා මාර්ගයෙහි ඵලය ශූන්යතායි. අනිත්‍යානුපස්සනාව අනිමිත්ත නමැ. අනිමිත්තානුපස්සනාවෙහි මාර්ගය අනිමිත්තයි, මෙම නාමය වනාහි අභිධර්ම ක්‍රමයෙන් ලැබේ. සූත්‍රාන්ත ක්‍රමයෙන් නොලැබේ. එහි වනාහි ගෝත්‍රභූ ඤාණය අනිමිත්ත නිර්වාණය අරමුණුකොට අනිමිත්ත නාමිකව, තෙමේ පැමිණියයුතු තන්හි, සිට මාර්ගය නාමය දේයයි කියති. එකරුණින් මාර්ගය අනිමිත්තයයි යූ.සේයි. මාර්ගාගමනයෙන් ඵලය අනිමිත්තයයි යෙදේමය. දුක්ඛානුපස්සනාව සංස්කාරයන්හි ප්‍රණිධිය වියලවා පැමිණි හෙයින් අප්‍රණිහිත නමැ. අප්‍රණිහිත විදර්ශනායෙහි මාර්ගය අප්රණිහිතයි, අප්‍රණිහිත මාර්ගයාගේ ඵලය අප්‍රණිහිත යයි මෙසේ විදර්ශනාව තමාගේ නාමය මාර්ගයට දෙයි. මාර්ගය ඵලයට යැයි මෙය ආගමන වශයෙන් නාමය නමැ. මෙසේ සංස්කාරෝපේක්ෂා විමෝක්ෂ විශේෂය නියම කරයි.
එවං භගවතා දෙසිතෙ තයො මහාවත්ථුකෙ විමොක්ඛෙ උද්දිසිත්වා තංනිද්දෙසවසෙනෙව අපරෙපි විමොක්ඛෙ නිද්දිසිතුකාමො අපිච අට්ඨසට්ඨි විමොක්ඛාතිආදිමාහ. තත්ථ අපිචාති අපරපරියායදස්සනං. කථං තෙ අට්ඨසට්ඨි හොන්ති, නනු තෙ පඤ්චසත්තතීති? සච්චං යථාරුතවසෙන පඤ්චසත්තති. භගවතා පන දෙසිතෙ තයො විමොක්ඛෙ ඨපෙත්වා අඤ්ඤවිමොක්ඛෙ නිද්දිසනතො ඉමෙසං තදවරොධතො ච ඉමෙ තයො න ගණෙතබ්බා, අජ්ඣත්තවිමොක්ඛාදයො තයොපි විමොක්ඛා චතුධා විත්ථාරවචනෙයෙව අන්තොගධත්තා න ගණෙතබ්බා, “පණිහිතො විමොක්ඛො, අප්පණිහිතො විමොක්ඛො”ති එත්ථ අප්පණිහිතො විමොක්ඛො පඨමං උද්දිට්ඨෙන එකනාමිකත්තා න ගණෙතබ්බො, එවං ඉමෙසු සත්තසු අපනීතෙසු සෙසා අට්ඨසට්ඨි විමොක්ඛා හොන්ති. එවං සන්තෙ සුඤ්ඤතවිමොක්ඛාදයො තයො පුන කස්මා උද්දිට්ඨාති චෙ? උද්දෙසෙන සඞ්ගහෙත්වා තෙසම්පි නිද්දෙසකරණත්ථං. අජ්ඣත්තවුට්ඨානාදයො පන තයො පභෙදං විනා මූලරාසිවසෙන උද්දිට්ඨා, පණිහිතවිමොක්ඛපටිපක්ඛවසෙන පුන අප්පණිහිතො විමොක්ඛො උද්දිට්ඨොති වෙදිතබ්බො.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ත්‍රිවිධ මහාවස්තුක විමෝක්ෂයන් උදෙසා, එය නිර්දේශ වශයෙන්ම අන්‍ය වූද, විමෝක්ෂයන් නිර්දේශ කරනු කැමැතියේ, අපිච අට්ඨ සට්ඨි විමොක්ඛො යනාදිය වදාළහ. එහි අපි ච යනු අන්‍ය ක්‍රමයක් දැක්වීමයි. කෙසේ ඒවා සැට අටක් වේද, ඒවා සැත්තෑපහක් නොවේද? සත්‍යයි. නියමාකාරයෙන් සැත්තෑපහක් යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ත්‍රිවිධ විමෝක්ෂයන් හැර අන්‍ය විමෝක්ෂයන් නිර්දේශ කරන කල්හි, මේවාට එය අවහිරවන හෙයින් මෙම ත්‍රයය නොගිණිය යුතුය. අධ්‍යාත්ම විමොක්ෂාදී විමෝක්ෂද, සතරාකාර විස්තර වචනයෙන්ම ඇතුළත් හෙයින් නොගිණිය යුතුය. ‘පණිහිතො විමොක්ඛො අප්පණිහිතො විමොක්ඛො’ යන මෙහි අප්‍රණිහිත විමෝක්ෂය පළමුව උදෙසීමෙන් ඒකනාමක හෙයින් නොගිණිය යුතුය. මෙසේ මෙම සත ඉවත්කළ කල්හි, සෙසු අටසැට විමෝක්ෂ වේ. මෙසේ ඇතිකල්හි ශූන්‍යතා විමෝක්ෂාදී ත්‍රයය නැවත කවර හෙයින් උදෙසන ලදද යත්? උදෙසීමෙන් ඇතුළත්කොට ඒවාහිද නිර්දේශ කිරීම සඳහායි. ආධ්‍යාත්ම නැගී සිටීම් ආදි ත්‍රයය ප්‍රභේදයෙන් තොරව මූලරාශි වශයෙන් උදෙසන ලදි. ප්‍රණිහිත විමෝක්ෂ ප්රතිපක්ෂ වශයෙන් නැවත අප්‍රණිහිත විමෝක්ෂය උදෙසන ලදැයි දතයුතුය.
අජ්ඣත්තවුට්ඨානාදීසු අජ්ඣත්තතො වුට්ඨාතීති අජ්ඣත්තවුට්ඨානො. අනුලොමෙන්තීති අනුලොමා. අජ්ඣත්තවුට්ඨානානං පටිප්පස්සද්ධි අපගමා අජ්ඣත්තවුට්ඨානපටිප්පස්සද්ධි. රූපීති අජ්ඣත්තං කෙසාදීසු උප්පාදිතං රූපජ්ඣානං රූපං, තං රූපමස්ස අත්ථීති රූපී රූපානි පස්සතීති බහිද්ධා නීලකසිණාදිරූපානි ඣානචක්ඛුනා පස්සති. ඉමිනා අජ්ඣත්තබහිද්ධාවත්ථුකෙසු කසිණෙසු ඣානපටිලාභො දස්සිතො. අජ්ඣත්තං අරූපසඤ්ඤීති අජ්ඣත්තං න රූපසඤ්ඤී, අත්තනො කෙසාදීසු අනුප්පාදිතරූපාවචරජ්ඣානොති අත්ථො. ඉමිනා බහිද්ධා පරිකම්මං කත්වා බහිද්ධාව පටිලද්ධජ්ඣානතා දස්සිතා. සුභන්තෙව අධිමුත්තොති “සුභ”මිච්චෙව ආරම්මණෙ අධිමුත්තො. තත්ථ කිඤ්චාපි අන්තොඅප්පනායං “සුභ”න්ති ආභොගො නත්ථි, යො පන අප්පටිකූලාකාරෙන සත්තාරම්මණං ඵරන්තො විහරති, සො යස්මා “සුභ”න්තෙව අධිමුත්තො හොති, තස්මා එවං උද්දෙසො කතොති. අප්පිතප්පිතසමයෙ එව වික්ඛම්භනවිමුත්තිසබ්භාවතො සමයවිමොක්ඛො. සොයෙව සකිච්චකරණවසෙන අප්පිතසමයෙ එව නියුත්තොති සාමයිකො. සාමායිකොතිපි පාඨො. කොපෙතුං භඤ්ජිතුං සක්කුණෙය්යතාය කුප්පො. ලොකං අනතික්කමනතො ලොකෙ නියුත්තොති ලොකිකො. ලොකියොතිපි පාඨො. ලොකං උත්තරති, උත්තිණ්ණොති වා ලොකුත්තරො. ආරම්මණකරණවසෙන සහ ආසවෙහීති සාසවො. ආරම්මණකරණවසෙන සම්පයොගවසෙන ච නත්ථෙත්ථ ආසවාති අනාසවො. රූපසඞ්ඛාතෙන සහ ආමිසෙනාති සාමිසො. සබ්බසො රූපාරූපප්පහානා නිරාමිසතොපි නිරාමිසතරොති නිරාමිසා නිරාමිසතරො. පණිහිතොති තණ්හාවසෙන පණිහිතො පත්ථිතො. ආරම්මණකරණවසෙන සඤ්ඤොජනෙහි සංයුත්තත්තා සඤ්ඤුත්තො. එකත්තවිමොක්ඛොති කිලෙසෙහි අනජ්ඣාරුළ්හත්තා එකසභාවො විමොක්ඛො. සඤ්ඤාවිමොක්ඛොති විපස්සනාඤාණමෙව විපරීතසඤ්ඤාය විමුච්චනතො සඤ්ඤාවිමොක්ඛො. තදෙව විපස්සනාඤාණං සම්මොහතො විමුච්චනවසෙන ඤාණමෙව විමොක්ඛොති ඤාණවිමොක්ඛො. සීතිසියාවිමොක්ඛොති විපස්සනාඤාණමෙව සීති භවෙය්‍යාති පවත්තො විමොක්ඛො සීතිසියාවිමොක්ඛො . සීතිසිකාවිමොක්ඛොතිපි පාඨො, සීතිභාවිකාය විමොක්ඛොති තස්ස අත්ථං වණ්ණයන්ති. ඣානවිමොක්ඛොති උපචාරප්පනාභෙදං ලොකියලොකුත්තරභෙදඤ්ච ඣානමෙව විමොක්ඛො. අනුපාදා චිත්තස්ස විමොක්ඛොති අනුපාදියිත්වා ගහණං අකත්වා චිත්තස්ස විමොක්ඛො. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති.
සතර ධ්‍යානයෝ අධ්‍යාත්මයෙහි නීවරණාදියෙන් නැගී සිටුනා හෙයින් අජ්ඣත්තවුට්ඨානොයි. අනුලොම් වෙත්නුයි අනුලොමායි; අධ්‍යාත්ම වුට්ඨානයන්ගේ සන්සිඳීම් ඉවත්වීමෙන් අජ්ඣත්තවුට්ඨාන පටිප්පස්සද්ධියි. රූපී යනු අධ්‍යාත්ම කේශාදීන්හි උපදවන ලද රූප ධ්‍යානය රූපයි. එම රූපය මොහුට ඇත්තේනුයි රූපීයි. රූපානි පස්සති යනු පිටත නීල කසිණාදී රූපයන් ධ්‍යාන චක්ෂුසින් බලයි. මෙයින් අධ්‍යාත්ම බාහිර වස්තුක කසිණයන්හි ධ්‍යාන ප්‍රතිලාභය දක්වන ලදි. අජ්ඣත්තං අරූප සඤ්ඤී යනු අධ්‍යාත්ම රූපසංඥී නොවේ. තමාගේ කේශාදීන්හි නූපදවන ලද රූපාවචර ධ්‍යානයයි අර්ථයි. මෙයින් පිටත පරිකර්මකොට පිටතම ලබන ලද ධ්යානතාව දක්වන ලදි. සුභනෙතව අධිමුත්තො යනු ශුභයයි යනුවෙන්ම අරමුණෙහි ඇලුණේ. එහි කිසිසේත් අර්පණාව තුළ සුභයයි සිතාබැලීමක් නැත. යමෙක් වනාහි නොපිළිකුල් ආකාරයෙන් සත්වාරම්මණය පතුරුවමින් වාසය කෙරේද, හෙතෙම ශුභයයි යනුවෙන්ම ඇලුණේ වේ. එහෙයින් මෙසේ උද්දේසය කරන ලදි. අර්පණාවට පත් කෙණෙහිම විෂ්කම්භන විමුක්තිය යෙදෙන හෙයින්, සමය විමොක්ඛොයි. එයම ස්වකෘත්යය කිරීම් වශයෙන් අර්පණාප්රාප්ත සමයෙහිම නියුක්තයැයි සාමයිකොයි. සාමායිකොයි ද පාඨයි. කෝප කරන්ට බිඳින්ට සක්යතායෙන් කුප්පොයි. ලෝකය නොඉක්මවන හෙයින්, ලෝකයෙහි නියුතු වූයේනුයි ලොකිකොයි. ලොකියො යනුද පාඨයි. ලෝකය තරණය කරයි එතෙර වූයේනුයි ලොකුත්තරොයි. අරමුණු කිරීම් වශයෙන් හෝ සම්ප්‍රයෝග වශයෙන් හෝ මෙහි ආශ්‍රවයන් නැත්තේනුයි අනාසවොයි රූප සංඛ්‍යාත ආමිසය සහිත වූයේ සාමිසොයි. රූප අරූප ප්‍රහාණයෙන් නිරාමිසයෙන්ද අතිශය නිරාමිස වූයේ නිරාමිසා නිරාමිසතරොයි, පණිහිතො යනු තෘෂ්ණා වශයෙන් පිහිටුවන ලද්දේ, ප්‍රාර්ථනා කරන ලදුයේ, අරමුණු කිරීම් වශයෙන් සංයෝජනයන් සමග එකට සංයෝග හෙයින් සඤ්ඤුත්තොයි. එකත්ත විමොක්ඛො යනු කෙලෙසුන්ගෙන් උස්ව නොවැඩුණු හෙයින් එක් ස්වභාව වූ විමෝක්ෂය, සඤ්ඤා විමොක්ඛො යනු විදර්ශනා ඤාණයම විපරීත සංඥාවන්ගෙන් නිදහස්වන හෙයින් සඤ්ඤා විමොක්ඛොයි. එම විදර්ශනා ඤාණයම මුළාවීමෙන් නිදහස්වීම් වශයෙන් ඤාණයම විමොක්ෂයනුයි ඤාණවිමොක්ඛොයි සීතිසියා විමොක්ඛො යනු විදර්ශනා ඤාණයම සිසිල් වන්නේ යැයි පැවැති විමොක්ෂය සීතිසියා විමොක්ෂයි. ‘සීති සිතා විමොක්ඛොයිද’ පාඨයි. සිසිල්භාවය (සන්සිඳීම) වඩනා ලද හෙයින් හටගත් විමොක්ෂයැයිද එහි අර්ථ වර්ණනා කරති. ඣාන විමොක්ඛො යනු උපචාර අර්පණා භේද වූද, ලෞකික ලෝකෝත්තර භේද වූද, ධ්‍යානයම විමෝක්ෂයි. අනුපාදා චිත්තස්ස විමොක්ඛො යනු තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන ග්‍රහණය නොකොට වන චිත්තයාගේ විමෝක්ෂයයි. සෙස්ස කියන ලද අයුරින්ම දතයුතුය.
විමොක්ඛුද්දෙසවණ්ණනා නිට්ඨිතා.
විමෝක්ෂ උද්දෙස වර්ණනාව නිමි.