යෙදුමෙන් කියවන්න

විමොක‍්ඛනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

විමොක‍්ඛනිද‍්දෙසවණ‍්ණනා

විමෝක්‍ෂ නිර්දේශ වර්ණනාව

කතමොතිආදිකෙ උද‍්දෙසස‍්ස නිද‍්දෙසෙ ඉති පටිසඤ‍්චික‍්ඛතීති එවං උපපරික‍්ඛති. සුඤ‍්ඤමිදන‍්ති ඉදං ඛන්‍ධපඤ‍්චකං සුඤ‍්ඤං. කෙන සුඤ‍්ඤං? අත‍්තෙන වා අත‍්තනියෙන වා. තත්‍ථ අත‍්තෙන වාති බාලජනපරිකප‍්පිතස‍්ස අත‍්තනො අභාවා තෙන අත‍්තනා ච සුඤ‍්ඤං. අත‍්තනියෙන වාති තස‍්ස පරිකප‍්පිතස‍්ස අත‍්තනො සන‍්තකෙන ච සුඤ‍්ඤං. අත‍්තනො අභාවෙනෙව අත‍්තනියාභාවො. අත‍්තනියඤ‍්ච නාම නිච‍්චං වා සියා සුඛං වා, තදුභයම‍්පි නත්‍ථි. තෙන නිච‍්චපටික‍්ඛෙපෙන අනිච‍්චානුපස‍්සනා, සුඛපටික‍්ඛෙපෙන දුක‍්ඛානුපස‍්සනා ච වුත‍්තා හොති. සුඤ‍්ඤමිදං අත‍්තෙන වාති අනත‍්තානුපස‍්සනායෙව වුත‍්තා. සොති සො එවං තීහි අනුපස‍්සනාහි විපස‍්සමානො භික‍්ඛු. අභිනිවෙසං න කරොතීති අනත‍්තානුපස‍්සනාවසෙන අත‍්තාභිනිවෙසං න කරොති.

කතමො යනාදී, උදෙසීමෙහි, නිර්දේශයෙහි ඉති පටිසංචික්ඛති යනු මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරයි. සුඤ්ඤමිදං යනු මෙම ස්කන්ධ පංචකය ශූන්‍යයි, කුමකින් ශූන්‍යයද? ආත්ම ආත්මීය වශයෙන් එහි අත්තෙනවා යනු අඥාන ජනයා විසින් පරිකල්පිත ආත්ම අභාව හෙයින්ද ඉන් ආත්මයෙහිද ශූන්‍යතාවයි. අත්තනියෙනවා එසේ පරිකල්පිත ආත්මයෙහි තමා සතු කිසිදැයක අවිද්‍යමානත්‍වයෙන් ශූන්‍ය වශයෙන් සැලකීම, ආත්මයෙහි අභාවයෙන්ම ආත්මානුගත දෑහි අභාවය තමාට අයත් නම් නිත්‍ය හෝ සුව හෝ වන්නේය. එම ද්වයයම නොමැත. ඉන් නිත්‍ය ප්‍රතිපක්‍ෂ වූ අනිත්‍යානුපස්සනාවනේ සුව ප්‍රතිපක්‍ෂ දුක්ඛානුපස්සනාවද යූ.සේයි. සුඤ්ඤමිදං අත්තෙන වා යනු අනාත්මානුපස්සනාවම යූ.සේයි. සො යනු මෙසේ ත්‍රිවිධ අනුපස්සනාවන්ගෙන් විදර්ශනා වඩන එම භික්‍ෂුව, අභිනිවෙසං න කරොති යනු අනාත්මානුපස්සනා වශයෙන් සිත දියුණු කරන හෙයින් ආත්මාභිනිවේශය නොකරයි.

නිමිත‍්තං න කරොතීති අනිච‍්චානුපස‍්සනාවසෙන නිච‍්චනිමිත‍්තං න කරොති. පණිධිං න කරොතීති දුක‍්ඛානුපස‍්සනාවසෙන පණිධිං න කරොති. ඉමෙ තයො විමොක‍්ඛා පරියායෙන විපස‍්සනාක‍්ඛණෙ තදඞ‍්ගවසෙනාපි ලබ‍්භන‍්ති, නිප‍්පරියායෙන පන සමුච‍්ඡෙදවසෙන මග‍්ගක‍්ඛණෙයෙව. චත‍්තාරි ඣානානි අජ‍්ඣත‍්තං නීවරණාදීහි වුට‍්ඨානතො අජ‍්ඣත‍්තවුට‍්ඨානො විමොක‍්ඛො. චතස‍්සො අරූපසමාපත‍්තියො ආරම‍්මණෙහි වුට‍්ඨානතො බහිද‍්ධාවුට‍්ඨානො විමොක‍්ඛො. ආරම‍්මණම‍්පි හි බාහිරායතනානි විය ඉධ “බහිද‍්ධා”ති වුත‍්තං. ඉමෙ ද‍්වෙ වික‍්ඛම‍්භනවිමොක‍්ඛා, දුභතො වුට‍්ඨානො පන සමුච‍්ඡෙදවිමොක‍්ඛො.

නිමිත්තං න කරොති යනු අනිත්‍යානුපස්සනා වශයෙන් සිත දියුණු කරන හෙයින් නිත්‍ය නිමිත්ත නොකරයි. පණිධිං න කරොති යනු දුක්ඛානුපස්සනා වශයෙන් සිත දියුණු කරන හෙයින් ආත්මීය වශයෙන් ප්‍රණිධි නොකරයි. මෙම ත්‍රිවිධ විමොක්‍ෂ ඒ ආකාරයෙන් විදර්ශනාක්‍ෂණයෙහි තදංග වශයෙන්ද ලබත්. අවිශේෂයෙන් වනාහි මුළුමනින් නැසීම් වශයෙන් මාර්ගක්‍ෂණයෙහිම සිදුවේ. සිව් දැහැන් අධ්‍යාත්ම නීවරණයන්ගෙන් නැගී සිටුනා හෙයින් අජ්ඣත්ත වුට්ඨානො විමොක්ඛොයි, සිව් අරූප සමවත් අරමුණුවලින් නැගී සිටුනා හෙයින් බහිද්ධා වුට්ඨානො විමොක්ඛොයි, අරමුණද වනාහි බාහිරායතනයන් මෙන් මෙහි බහිද්ධා යයි යූ.සේයි. මෙම ද්වයය විෂ්කම්භන විමොක්‍ෂයි. දුභතො වුට්ඨානො යනු සමුච්ඡේද විමෝක්‍ෂයයි.

නීවරණෙහි වුට‍්ඨාතීතිආදීහි අජ‍්ඣත‍්තවුට‍්ඨානං සරූපතො වුත‍්තං. රූපසඤ‍්ඤායාතිආදීහි කසිණාදිආරම‍්මණසමතික‍්කමස‍්ස පාකටත‍්තා තං අවත්‍වා සුත‍්තන‍්තෙසු වුත‍්තරූපසඤ‍්ඤාදිසමතික‍්කමො වුත‍්තො. සක‍්කායදිට‍්ඨිවිචිකිච‍්ඡාසීලබ‍්බතපරාමාසාති සමාසපදං, සක‍්කායදිට‍්ඨියා විචිකිච‍්ඡාය සීලබ‍්බතපරාමාසාති විච‍්ඡෙදො. අයමෙව වා පාඨො.

නීවරණෙහි වුට්ඨාති යන ආදීන්ගෙන් අධ්‍යාත්ම නැගිටීම ස්වරූප වශයෙන් යූ.සේයි. රූප සඤ්ඤාය යනාදීන්හි කසිණාදී අරමුණු සමතික්‍රමණය ප්‍රකට හෙයින් එය නොකියා සූත්‍රාන්තයන්හි කියන ලද රූප සංඥාදීන්ගේ සමතික්‍රමණය යූ.සේයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසා යනු සමාස පදයයි. සක්කාය දෘෂ්ටියෙන්, විචිකිච්ඡායෙන්, සීලව්‍රත පරාමාසයෙනැයි පද බෙදීමයි. මෙයම හෝ පාඨයි.

විතක‍්කො චාතිආදීහි ඣානානං සමාපත‍්තීනඤ‍්ච උපචාරභූමියො වුත‍්තා. අනිච‍්චානුපස‍්සනාතිආදීහි චතුන‍්නං මග‍්ගානං පුබ‍්බභාගවිපස‍්සනා වුත‍්තා. පටිලාභො වාති පඤ‍්චවිධවසිප‍්පත‍්තියා බ්‍යාපිතො පත්‍ථටො ලාභොති පටිලාභො. වසිප‍්පත‍්තියා හි සබ‍්බො ඣානපයොගො ච සමාපත‍්තිපයොගො ච පටිප‍්පස‍්සද‍්ධො හොති, තස‍්මා පටිලාභො “පටිප‍්පස‍්සද‍්ධිවිමොක‍්ඛො”ති වුත‍්තො. විපාකො පන ඣානස‍්ස සමාපත‍්තියා ච පටිප‍්පස‍්සද‍්ධි හොතීති උජුකමෙව. කෙචි පන “උපචාරපයොගස‍්ස පටිප‍්පස‍්සද‍්ධත‍්තා ඣානස‍්ස සමාපත‍්තියා ච පටිලාභො හොති, තස‍්මා ඣානසමාපත‍්තිපටිලාභො ‘පටිප‍්පස‍්සද‍්ධිවිමොක‍්ඛො’ති වුච‍්චතී”ති වදන‍්ති.

විතක්කොව යනාදීන්ගෙන් ධ්‍යාන සමාපත්තීන්ගේ උපචාර භූමි යූ.සේයි. අනිච්චානුපස්සනා යනාදීන්ගෙන් සිව් මාර්ගයන්ගේ පූර්වභාග විදර්ශනාව යූ.සේයි. පටිලාභොච යනු පස්වැදෑරුම් වසී ප්‍රාප්තයෙන් ව්‍යාප්ත වූ, පැතිරුණු ලාභයනුයි පටිලාභොයි. වසීප්‍රාප්තියෙන් පසු සියලු ධ්‍යාන ප්‍රයෝගයන්ද සමාපත්ති ප්‍රයෝගයන්ද සන්සුන් වූයේ වේ. එහෙයින් පටිලාභො පටිප්පස්සද්ධි විමොක්ඛො යයි යූ.සේයි. විපාකය වනාහි ධ්‍යානයෙහිද, සමාපත්තියෙහිද සන්සිඳීම සෘජුවම වේ. සමහරු වනාහි උපචාර ප්‍රයෝගයෙහි සන්සුන් හෙයින් ධ්‍යානයෙහිද සමවතෙහිද ප්‍රතිලාභය වේ යයි කියති. එහෙයින් ධ්‍යාන, සමාපත්ති ප්‍රතිලාභය පටිප්පස්සද්ධි විමොක්ඛොයි කියති.

අජ‍්ඣත‍්තන‍්ති අත‍්තානං අධිකිච‍්ච පවත‍්තං. පච‍්චත‍්තන‍්ති අත‍්තානං පටිච‍්ච පවත‍්තං. උභයෙනාපි නියකජ‍්ඣත‍්තමෙව දීපෙති නීලනිමිත‍්තන‍්ති නීලමෙව. නීලසඤ‍්ඤං පටිලභතීති තස‍්මිං නීලනිමිත‍්තෙ නීලමිතිසඤ‍්ඤං පටිලභති. සුග‍්ගහිතං කරොතීති පරිකම‍්මභූමියං සුට‍්ඨු උග‍්ගහිතං කරොති. සූපධාරිතං උපධාරෙතීති උපචාරභූමියං සුට‍්ඨු උපධාරිතං කත්‍වා උපධාරෙති. ස‍්වාවත්‍ථිතං අවත්‍ථාපෙතීති අප‍්පනාභූමියං සුට‍්ඨු නිච‍්ඡිතං නිච‍්ඡිනාති. වවත්‍ථාපෙතීතිපි පාඨො. අජ‍්ඣත‍්තඤ‍්හි නීලපරිකම‍්මං කරොන‍්තො කෙසෙ වා පිත‍්තෙ වා අක‍්ඛිතාරකායං වා කරොති. බහිද‍්ධා නීලනිමිත‍්තෙති නීලපුප‍්ඵනීලවත්‍ථනීලධාතූනං අඤ‍්ඤතරෙ නීලකසිණෙ. චිත‍්තං උපසංහරතීති චිත‍්තං උපනෙති. පීතාදීසුපි එසෙව නයො. ආසෙවතීති තමෙව සඤ‍්ඤං ආදිතො සෙවති. භාවෙතීති වඩ‍්ඪෙති. බහුලීකරොතීති පුනප‍්පුනං කරොති. රූපන‍්ති නීලනිමිත‍්තං රූපං. රූපසඤ‍්ඤීති තස‍්මිං රූපෙ සඤ‍්ඤා රූපසඤ‍්ඤා, සා අස‍්ස අත්‍ථීති රූපසඤ‍්ඤී. අජ‍්ඣත‍්තං පීතනිමිත‍්තාදීසු පීතපරිකම‍්මං කරොන‍්තො මෙදෙ වා ඡවියා වා අක‍්ඛීනං පීතට‍්ඨානෙ වා කරොති. ලොහිතපරිකම‍්මං කරොන‍්තො මංසෙ වා ලොහිතෙ වා ජිව‍්හාය වා හත්‍ථතලපාදතලෙසු වා අක‍්ඛීනං රත‍්තට‍්ඨානෙ වා කරොති. ඔදාතපරිකම‍්මං කරොන‍්තො අට‍්ඨිම‍්හි වා දන‍්තෙ වා නඛෙ වා අක‍්ඛීනං සෙතට‍්ඨානෙ වා කරොති. අජ‍්ඣත‍්තං අරූපන‍්ති අජ‍්ඣත‍්තං රූපනිමිත‍්තං නත්‍ථීති අත්‍ථො.

අජ්ඣත්තං යනු තමා පිළිබඳ උසස් කෘත්‍යවත් භාවයෙන් පැවැති, පච්චත්තං යනු තමා පිළිබඳ පැවති ද්වයයෙන්ම තමා අයත් අධ්‍යාත්මයම දක්වයි. නීල නිමිත්තං යනු නිල්වූයේම නීල සඤ්ඤං පටිලභති යනු එම නිල් නිමිත්තෙහි නිල්යැයි සංඥාව ලබයි. සුග්ගහිතං කරොති යනු පරිකර්ම භූමියෙහි මනාව ගන්නා ලද්දක් කරයි. සූපධාරිතං උපධාරෙති යනු උපචාර භූමියෙහි මනාව සලකා බලා, තවදුරටත් විමසයි. ස්වාවත්‍ථිතං අවත්‍ථාපෙති යනු අර්පනා භූමියෙහි මනා නිශ්චයෙන් නිශ්චය කරයි, වවත්ථාපෙතියිද පාඨයි. අධ්‍යාත්මයෙහි නීල පරිකර්මය කරනුයේ කෙස්හි, පිතෙහි, ඇසෙහි කලු ඉංගිරියාවෙහි හෝ කරයි. බහිද්ධා නීලනිමිත්තෙ යනු නිල් මල්, නිල් වස්තූන්, නීල ධාතූන්හි එක්තරා නිල් කසිණයෙක්හි, චිත්තං උපසංහරති යනු සිත පමුණුවයි. පීතාදීන්හිද එම ක්‍රමයමැයි. ආසෙවති යනු එම සංඥාවම මුල සිට සේවනය කරයි. භාවෙති යනු වඩයි. බහුලීකරොති යනු නැවත නැවත කරයි. රූපං යනු නිල් නිමිති රූපයයි. රූපසඤ්ඤී යනු එම රූපයෙහි සංඥාව රූප සංඥාවයි. එය මොහුට ඇත්තේනුයි රූප සංඥීයි. අධ්‍යාත්ම කහ වරණ නිමිති ආදීන්හි කහ වර්ණ පිරියම් කරනුයේ මේදයෙහි හෝ සිවියෙහි හෝ අක්‍ෂීන්හි කහ වර්ණ ස්ථානයන්හි කරයි. රත් පැහැයෙහි පිරියම් කරනුයේ, මාංසයෙහි හෝ ලෙයෙහි හෝ දිවෙහි හෝ අත් තලයන්හි පාද තලයන්හි හෝ අක්‍ෂීන්හි රත්පැහැ තන්හි කරයි. ශ්වේත පිරියම් කරනුයේ, අස්ථීන්හි හෝ දතෙහි, නියෙහි, අක්‍ෂීන්හි ශ්වේත ස්ථානයෙහි කරයි. අජ්ඣත්තං අරූපං යනු අධ්‍යාත්ම රූප නිමිත්ත නැතැයි අර්ථයි.

මෙත‍්තාසහගතෙනාති පඨමදුතියතතියජ‍්ඣානවසෙන මෙත‍්තාය සමන‍්නාගතෙන. චෙතසාති චිත‍්තෙන. එකං දිසන‍්ති එකං එකිස‍්සා දිසාය පඨමපරිග‍්ගහිතං සත‍්තං උපාදාය එකදිසාපරියාපන‍්නසත‍්තඵරණවසෙන වුත‍්තං. ඵරිත්‍වාති ඵුසිත්‍වා ආරම‍්මණං කත්‍වා. විහරතීති බ්‍රහ‍්මවිහාරාධිට‍්ඨිතං ඉරියාපථවිහාරං පවත‍්තෙති. තථා දුතියන‍්ති යථා පුරත්‍ථිමාදීසු යංකිඤ‍්චි එකං දිසං ඵරිත්‍වා විහරති, තථෙව තදනන‍්තරං දුතියං තතියං චතුත්‍ථං වාති අත්‍ථො. ඉති උද‍්ධන‍්ති එතෙනෙව නයෙන උපරිමං දිසන‍්ති වුත‍්තං හොති. අධො තිරියන‍්ති අධොදිසම‍්පි තිරියං දිසම‍්පි එවමෙව . තත්‍ථ ච අධොති හෙට‍්ඨා. තිරියන‍්ති අනුදිසා. එවං සබ‍්බදිසාසු අස‍්සමණ‍්ඩලිකාය අස‍්සමිව මෙත‍්තාසහගතං චිත‍්තං සාරෙතිපි පච‍්චාසාරෙතිපීති. එත‍්තාවතා එකමෙකං දිසං පරිග‍්ගහෙත්‍වා ඔධිසො මෙත‍්තාඵරණං දස‍්සිතං. සබ‍්බධීතිආදි පන අනොධිසො දස‍්සනත්‍ථං වුත‍්තං. තත්‍ථ සබ‍්බධීති සබ‍්බත්‍ථ. සබ‍්බත‍්තතායාති සබ‍්බෙසු හීනමජ‍්ඣිමුක‍්කට‍්ඨමිත‍්තසපත‍්තමජ‍්ඣත‍්තාදිප‍්පභෙදෙසු අත‍්තතාය, “අයං පරසත‍්තො”ති විභාගං අකත්‍වා අත‍්තසමතායාති වුත‍්තං හොති. අථ වා සබ‍්බත‍්තතායාති සබ‍්බෙන චිත‍්තභාවෙන, ඊසකම‍්පි බහි අවික‍්ඛිපමානොති වුත‍්තං හොති. සබ‍්බාවන‍්තන‍්ති සබ‍්බසත‍්තවන‍්තං, සබ‍්බසත‍්තයුත‍්තන‍්ති අත්‍ථො. සබ‍්බවන‍්තන‍්තිපි පාඨො. ලොකන‍්ති සත‍්තලොකං.

මෙත්තා සහගතෙන යනු ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යාන වශයෙන් මෛත්‍රියයෙන් යුක්ත වීමෙන්, චෙතසා යනු සිතින්, එකං දිසං යනු තනි එක් දිසායෙක ඇතුළත් සත්ත්වයින්ට පැතිරීම් වශයෙන් යූ.සේයි. ඵරිත්‍වා යනු ස්පර්ශකොට, අරමුණුකොට, විහරති යනු බ්‍රහ්ම විහාරානුගත ඉරියව් විහරණය පවත්වයි. එසේ එයට අනතුරු දෙවන, තෙවන, සිව්වන යයි අර්ථයි. ඉති උද්ධං යනු එම ක්‍රමයෙන්ම මතු දිසාවයැයි යූ.සේයි. අධොතිරියං යනු යට දිසාවද, සරස් දිසාවද, එපරිද්දෙන්මය. එහිද, අධො යනු යට භාගය, තිරියං යනු අනුදිසාය. මෙසේ අශ්වයන් ධාවන පිට්ටනියක අශ්වයෙකු මෙන් මෛත්‍රී සහගත සිත හසුරුවයි. නැවත නැවත හසුරුවයි. මෙතෙකින් එක් එක් දිසාව පරිග්‍රහණය කොට සීමා වශයෙන් මෛත්‍රිය පැතිරවීම දක්වන ලදි. සබ්බධී යනාදීන්හි වනාහි සීමා රහිතව පැතිරවීම දැක්වීම සඳහා යූ.සේයි. එහි සබ්බධි යනු හැමතන්හි, සබ්බත්තතාය යනු සියලු හීන, මධ්‍යම, උත්කෘෂ්ට, මිත්‍ර, සතුරු, මධ්‍යස්ථ ආදී ප්‍රභේදයන්හි ආත්ම සමතායෙන් යුතුව ක්‍රියා කිරීමයි. මේ අන් සත්ත්වයෙකියි විභාග නොකොට ආත්ම සමතායෙන් සලකයි යයි යූ,සේයි. නොහොත් සබ්බත්තතාය යනු සම්පූර්ණ චිත්තයාගේ ස්වභාවයෙන් මදක් හෝ පිටත වික්‍ෂෙප නොකරනුයේ යනුයි. සබ්බාවන්තං යනු හැම සතුන් ඇති, සියලු සත්ත්වයින්ගෙන් යුක්තයි යන අර්ථයි. ‘සබ්බවන්තං’යිද පාඨයි. ලොකං යනු සත්ත්වලෝකයයි. විපුලෙන යනු මේ ආදී ක්‍රම දැක්වීමෙන් වනාහි මෙහි නැවත මෛත්‍රී සහගතව යැයි යූ.සේයි. යම් හෙයකින් වනාහි මෙහි ප්‍රමාණ වශයෙන් පැතිරීම් වශයෙන් නැවත තථා ශබ්දය හෝ ඉති ශබ්දය නො යූ.සේයි. එහෙයින් නැවත මෙත්තා සහගතෙන චෙතසායි යූසේයි. නිගමන වශයෙන් හෝ එය යූසේයි.

විපුලෙනාති එවමාදිපරියායදස‍්සනතො පනෙත්‍ථ පුන “මෙත‍්තාසහගතෙනා”ති වුත‍්තං. යස‍්මා වා එත්‍ථ ඔධිසො ඵරණෙ විය පුන තථාසද‍්දො වා ඉති-සද‍්දො වා න වුත‍්තො, තස‍්මා පුන “මෙත‍්තාසහගතෙන චෙතසා”ති වුත‍්තං, නිගමනවසෙන වා එතං වුත‍්තං. විපුලෙනාති එත්‍ථ ඵරණවසෙන විපුලතා දට‍්ඨබ‍්බා. භූමිවසෙන පන තං මහග‍්ගතං. තඤ‍්හි කිලෙසවික‍්ඛම‍්භනසමත්‍ථතාය විපුලඵලතාය දීඝසන‍්තානතාය ච මහන‍්තභාවං ගතං, මහන‍්තෙහි වා උළාරච‍්ඡන්‍දවීරියචිත‍්තපඤ‍්ඤෙහි ගතං පටිපන‍්නන‍්ති මහග‍්ගතං. පගුණවසෙන අප‍්පමාණසත‍්තාරම‍්මණවසෙන ච අප‍්පමාණං. බ්‍යාපාදපච‍්චත්‍ථිකප‍්පහානෙන අවෙරං. දොමනස‍්සප‍්පහානතො අබ්‍යාපජ‍්ජං, නිද‍්දුක‍්ඛන‍්ති වුත‍්තං හොති. අප‍්පටිකූලා හොන‍්තීති භික‍්ඛුනො චිත‍්තස‍්ස අප‍්පටිකූලා හුත්‍වා උපට‍්ඨහන‍්ති. සෙසෙසුපි වුත‍්තනයෙනෙව කරුණාමුදිතාඋපෙක‍්ඛාවසෙන යොජෙතබ‍්බං. කරුණාය විහෙසාපච‍්චත්‍ථිකප‍්පහානෙන අවෙරං, මුදිතාය අරතිපච‍්චත්‍ථිකප‍්පහානෙන.

විපුලෙන යනු මෙහි පැතිරීම් වශයෙන් මහත්බව දතයුතුය. භූමි වශයෙන් වනාහි එය මහද්ගතය. එය වනාහි කෙලෙස් විෂ්කම්භනයට සමත් හෙයින්ද, මහත් ඵලතායෙන්ද දීර්ඝ පැතිරීම් වශයෙන්ද, මහත් භාවයට ගිය හෙයින්ද, මහත් වූ උළාර, ඡන්‍ද, වීර්ය, චිත්ත ප්‍රඥාවන් හා ගියේනුයි පිළිපන්නේනුයි මහග්ගතං යි. ප්‍රගුණ වශයෙන් අප්‍රමාණ සත්ත්ව අරමුණු වශයෙන්ද, අප්පමාණංයි. ව්‍යාපාද නමැති සතුරන්ගේ ප්‍රහාණයෙන් අවෙරංයි. දොම්නස් ප්‍රහාණයෙන් අබ්‍යාපජ්ඣංයි. නිදුක් යයිද යූ.සේයි. අප්පටික්කූලා හොන්ති යනු භික්‍ෂුවගේ සිතට අප්‍රතිකූලව වැටහේ. සෙස්සෙහිද කියන ලද අයුරින්ම කරුණා, මුදිතා, උපේක්‍ෂා වශයෙන් යෙදිය යුතුය. කරුණාවෙහි සිත වෙහෙස කරන සතුරාගේ ප්‍රහාණයෙන් අවෛරයි. මුදිතාවෙහි නොඇල්ම නමැති සතුරාගේ ප්‍රහාණයෙන් වේ.

උපෙක‍්ඛාසහගතෙනාති චතුත්‍ථජ‍්ඣානවසෙන උපෙක‍්ඛාය සමන‍්නාගතෙන. රාගපච‍්චත්‍ථිකප‍්පහානෙන අවෙරං, ගෙහසිතසොමනස‍්සප‍්පහානතො අබ්‍යාපජ‍්ජං. සබ‍්බම‍්පි හි අකුසලං කිලෙසපරිළාහයොගතො සබ්‍යාපජ‍්ජමෙවාති අයමෙතෙසං විසෙසො.

උපෙක්ඛා සහගතෙන යනු චතුර්ථ ධ්‍යාන වශයෙන් උපේක්‍ෂාවෙන් යුක්ත වූයේ, රාගය නමැති සතුරාගේ ප්‍රහාණයෙන් අවෛරී වේ. ලෞකික දෑ හා සම්බන්ධ සොම්නස් ප්‍රහාණයෙන් අව්‍යාපාදයයි. සියලුම අකුසල් කෙලෙස් දාහ යෝගයෙන් ව්‍යාපාද සහිතවම වූයේය. මේ ඒවාහි විසේසයි.

සබ‍්බසොති සබ‍්බාකාරෙන, සබ‍්බාසං වා, අනවසෙසානන‍්ති අත්‍ථො. රූපසඤ‍්ඤානන‍්ති සඤ‍්ඤාසීසෙන වුත‍්තරූපාවචරජ‍්ඣානානඤ‍්චෙව තදාරම‍්මණානඤ‍්ච. රූපාවචරජ‍්ඣානම‍්පි හි රූපන‍්ති වුච‍්චති “රූපී රූපානි පස‍්සතී”තිආදීසු (පටි· ම· 1.209; ධ· ස· 248), තස‍්ස ආරම‍්මණම‍්පි බහිද‍්ධා රූපානි පස‍්සති “සුවණ‍්ණදුබ‍්බණ‍්ණානී”තිආදීසු (ධ· ස· 223). තස‍්මා ඉධ රූපෙ සඤ‍්ඤා රූපසඤ‍්ඤාති එවං සඤ‍්ඤාසීසෙන වුත‍්තරූපාවචරජ‍්ඣානස‍්සෙතං අධිවචනං. රූපං සඤ‍්ඤා අස‍්සාති රූපසඤ‍්ඤං, රූපමස‍්ස නාමන‍්ති වුත‍්තං හොති. එවං පථවීකසිණාදිභෙදස‍්ස තදාරම‍්මණස‍්ස චෙතං අධිවචනන‍්ති වෙදිතබ‍්බං. සමතික‍්කමාති විරාගා නිරොධා ච. කිං වුත‍්තං හොති? එතාසං කුසලවිපාකකිරියාවසෙන පඤ‍්චදසන‍්නං ඣානසඞ‍්ඛාතානං රූපසඤ‍්ඤානං, එතෙසඤ‍්ච පථවීකසිණාදිවසෙන නවන‍්නං ආරම‍්මණසඞ‍්ඛාතානං රූපසඤ‍්ඤානං සබ‍්බාකාරෙන, අනවසෙසානං වා විරාගා ච නිරොධා ච විරාගහෙතු චෙව නිරොධහෙතු ච ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. න හි සක‍්කා සබ‍්බසො අනතික‍්කන‍්තරූපසඤ‍්ඤෙන එතං උපසම‍්පජ‍්ජ විහරිතුන‍්ති. යස‍්මා පන ආරම‍්මණසමතික‍්කමෙන පත‍්තබ‍්බා එතා සමාපත‍්තියො, න එකස‍්මිංයෙව ආරම‍්මණෙ පඨමජ‍්ඣානාදීනි විය. ආරම‍්මණෙ අවිරත‍්තස‍්ස ච සඤ‍්ඤාසමතික‍්කමො න හොති, තස‍්මා අයං ආරම‍්මණසමතික‍්කමවසෙනාපි අත්‍ථවණ‍්ණනා කතාති වෙදිතබ‍්බා.

සබ්බසො යනු සර්වාකාරයෙන් හෝ සියල්ලන්ගේ සේස රහිතව යැයි අර්ථයි. රූපසඤ්ඤානං යනු සංඥා ශීර්ෂයෙන් කියන ලද රූපාවචර ධ්‍යානයෝද, ඒ හා පැවැති ආරම්මණයෝද, ‘රූපී රූපානි පස්සති’ ආදීන්හි රූපාවචර ධ්‍යානයද රූපයයි යූ.සේයි. ‘බහිද්ධා රූපානි පස්සති සුවණ්ණ දුබ්බණ්ණානි’ ආදීන්හි එහි අරමුණද ඇතුළත්ය. එහෙයින් මෙහි රූපයෙහි සංඥාව රූප සංඥායැයි මෙසේ සංඥා ශීර්ෂයෙන් කියන ලද රූපාවචර ධ්‍යානයට එය විශේෂ නාමයකි. රූපයෙහි සංඥාව වන්නේනුයි රූප සංඥායි. රූපය එයට නාමය යැයි යූ.සේයි. මෙසේ පෘථුවි කසිණාදී භේද වූ තදාරම්මණයට එය විශේෂ නාමයකැයි දතයුතුය. සමතික්කමා යනු නොඇලීමෙන්, නිරෝධයෙන්, කුමක් කියන ලද්දේ වේද, එම කුසල, විපාක, ක්‍රියා වශයෙන් පසළොස් ආකාර ධ්‍යාන සංඛ්‍යාත රූප සංඥාවන්ගේ, එහිම පෘථුවි කසිණාදී වශයෙන් නව වැදෑරුම් අරමුණු සංඛ්‍යාත රූප සංඥාවන්ගේ, සර්වාකාරයෙන් ශේෂ රහිතව, නොඇල්මෙන්ද, නිරෝධයෙන්ද, විරාග හේතුවද, නිරෝධ හේතුවද දුරුකොට ආකාසානඤ්චායතනයට එළඹ වාසය කරයි. සර්වාකාරයෙන් නොඉක්මවන ලද රූප සංඥාවෙන් එයට එළඹ වාසය කරන්ට නොහැකිය. එම සමාපත්තීහු අරමුණු ඉක්මවීමෙන් පැමිණිය යුත්තාහ. ප්‍රථම ධ්‍යානාදීන් මෙන් එක් අරමුණෙක්හිම නොවේ. අරමුණෙහි නොඇලුණහුට සංඥා සමතික්‍රමණය නොවෙයි. එහෙයින් මෙය අරමුණු ඉක්මවීම් වශයෙන්යැයි අර්ථ වර්ණනා කරන ලදැයි දතයුත්තාහ.

පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමාති චක‍්ඛාදීනං වත්‍ථූනං රූපාදීනං ආරම‍්මණානඤ‍්ච පටිඝාතෙන උප‍්පන‍්නා සඤ‍්ඤා පටිඝසඤ‍්ඤා, රූපසඤ‍්ඤාදීනං එතං අධිවචනං. තාසං කුසලවිපාකානං පඤ‍්චන‍්නං, අකුසලවිපාකානං පඤ‍්චන‍්නන‍්ති සබ‍්බසො දසන‍්නම‍්පි පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා පහානා අසමුප‍්පාදා, අප‍්පවත‍්තිං කත්‍වාති වුත‍්තං හොති. කාමඤ‍්චෙතා පඨමජ‍්ඣානාදීනි සමාපන‍්නස‍්සපි න සන‍්ති, න හි තස‍්මිං සමයෙ පඤ‍්චද‍්වාරවසෙන චිත‍්තං පවත‍්තති, එවං සන‍්තෙපි අඤ‍්ඤත්‍ථ පහීනානං සුඛදුක‍්ඛානං චතුත්‍ථජ‍්ඣානෙ විය සක‍්කායදිට‍්ඨාදීනං තතියමග‍්ගෙ විය ච ඉමස‍්මිං ඣානෙ උස‍්සාහජනනත්‍ථං ඉමස‍්ස ඣානස‍්ස පසංසාවසෙන එතාසං එත්‍ථ වචනං වෙදිතබ‍්බං. අථ වා කිඤ‍්චාපි තා රූපාවචරං සමාපන‍්නස‍්ස න සන‍්ති, අථ ඛො න පහීනත‍්තා න සන‍්ති. න හි රූපවිරාගාය රූපාවචරභාවනා සංවත‍්තති, රූපායත‍්තායෙව ච එතාසං පවත‍්ති. අයං පන භාවනා රූපවිරාගාය සංවත‍්තති, තස‍්මා තා එත්‍ථ පහීනාති වත‍්තුං වට‍්ටති. න කෙවලඤ‍්ච වත‍්තුං, එකංසෙනෙව එවං ධාරෙතුම‍්පි වට‍්ටති. තාසඤ‍්හි ඉතො පුබ‍්බෙ අප‍්පහීනත‍්තායෙව “පඨමජ‍්ඣානං සමාපන‍්නස‍්ස සද‍්දො කණ‍්ටකො”ති (අ· නි· 10.72) වුත‍්තො භගවතා. ඉධ ච පහීනත‍්තායෙව අරූපසමාපත‍්තීනං ආනෙඤ‍්ජතා සන‍්තවිමොක‍්ඛතා ච වුත‍්තා.

පටිඝසඤ්ඤානං අත්‍ථංගමා යනු චක්‍ෂුරාදී වස්තූන්ගේද රූපාදී ආරම්මණයන්ගේද, හැපීමෙන්, උපන් සංඥාව පටිඝ සංඥායි. රූප සංඥාදීන්ට එය විශේෂ නාමයකි. එම කුසල විපාක පංචකයද, අකුසල විපාක පංචකයද යන සර්වප්‍රකාරයෙන් දසවැදෑරුම් දසවැදෑරුම් වූ, ප්‍රතිඝ සංඥාවන්ගේ, විනාශ කිරීමෙන් ප්‍රහාණයෙන්, නොහටගැන්මෙන්, නොපැවැත්ම කොටයයි යූ.සේයි. ඒකාන්තයෙන් එය ප්‍රථමධ්‍යානාදීන්ට සමවන්නහුටද නොමැත. එසමයෙහි පංචද්වාර වශයෙන් සිත නොපවතී. මෙසේ ඇතිකල්හිද, අන් තන්හි ප්‍රහීණ වූ, සුවදුක්හි, චතුර්ථ ධ්‍යානයෙහි මෙන්, සක්කාය දෘෂ්ටීන්ගේ තෙවන මාර්ගයෙහි මෙන්ද, මෙම ධ්‍යානයෙහි උත්සාහ ජනනය සඳහා මෙම ධ්‍යානයට ප්‍රශංසා වශයෙන් ඒවාට මෙහි කීම දතයුතුය. නොහොත් කිසිසේත් එය රූපාවචර ධ්‍යානයට සමවන්නහුට නොමැත. එකල්හි ප්‍රහීණ නුවූ හෙයින් නොමැත. රූප විරාගයෙන් රූපාවචර භාවනා නොපවතියි. ඒවාහි පැවැත්ම රූපයන්ට අයත්මය. මෙම භාවනාව රූප විරාගය සඳහා පවතී. එහෙයින් එය මෙහි ප්‍රහීණයැයි කියන්ට සුදුසුය. හුදෙක් කියන්ට පමනෙක් නොව, ඒකාන්තයෙන්ම මෙසේ දරන්ටද සුදුසුය. ඒවාහි මින් පෙර ප්‍රහීණ නොවූ හෙයින්ම ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට ශබ්දය කටුවකැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙහිද ප්‍රහීණ වූ හෙයින්ම අරූප සමාපත්තීන්ගේ කම්පා නොවන බවද ශාන්ත විමෝක්‍ෂතාවද යූ.සේයි.

නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරාති නානත‍්තෙ වා ගොචරෙ පවත‍්තානං සඤ‍්ඤානං, නානත‍්තානං වා සඤ‍්ඤානං. යස‍්මා හෙතා රූපසද‍්දාදිභෙදෙ නානත‍්තෙ නානාසභාවෙ ගොචරෙ පවත‍්තන‍්ති, යස‍්මා චෙතා අට‍්ඨ කාමාවචරකුසලසඤ‍්ඤා, ද‍්වාදස අකුසලසඤ‍්ඤා, එකාදස කාමාවචරකුසලවිපාකසඤ‍්ඤා, ද‍්වෙ අකුසලවිපාකසඤ‍්ඤා, එකාදස කාමාවචරකිරියාසඤ‍්ඤාති එවං චතුචත‍්තාලීසම‍්පි සඤ‍්ඤා නානත‍්තා නානාසභාවා අඤ‍්ඤමඤ‍්ඤවිසදිසා, තස‍්මා “නානත‍්තසඤ‍්ඤා”ති වුත‍්තා. තාසං සබ‍්බසො නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනාවජ‍්ජනා චිත‍්තෙ ච අනුප‍්පාදනා. යස‍්මා තා නාවජ‍්ජති චිත‍්තෙ ච න උප‍්පාදෙති න මනසිකරොති න පච‍්චවෙක‍්ඛති, තස‍්මාති වුත‍්තං හොති. යස‍්මා චෙත්‍ථ පුරිමා රූපසඤ‍්ඤා පටිඝසඤ‍්ඤා ච ඉමිනා ඣානෙන නිබ‍්බත‍්තෙ භවෙපි න විජ‍්ජන‍්ති, පගෙව තස‍්මිං භවෙ ඉමං ඣානං උපසම‍්පජ‍්ජ විහරණකාලෙ, තස‍්මා තාසං සමතික‍්කමා අත්‍ථඞ‍්ගමාති ද‍්වෙධාපි අභාවොයෙව වුත‍්තො. නානත‍්තසඤ‍්ඤාසු පන යස‍්මා අට‍්ඨ කාමාවචරකුසලසඤ‍්ඤා, නව කිරියාසඤ‍්ඤා, දසාකුසලසඤ‍්ඤාති ඉමා සත‍්තවීසති සඤ‍්ඤා ඉමිනා ඣානෙන නිබ‍්බත‍්තෙ භවෙ විජ‍්ජන‍්ති, තස‍්මා තාසං අමනසිකාරාති වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. තත්‍ථාපි හි ඉමං ඣානං උපසම‍්පජ‍්ජ විහරන‍්තො තාසං අමනසිකාරායෙව උපසම‍්පජ‍්ජ විහරති. තා පන මනසිකරොන‍්තො අසමාපන‍්නො හොතීති. සඞ‍්ඛෙපතො චෙත්‍ථ “රූපසඤ‍්ඤානං සමතික‍්කමා”තිඉමිනා සබ‍්බරූපාවචරධම‍්මානං පහානං වුත‍්තං. “පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා”තිඉමිනා සබ‍්බෙසං කාමාවචරචිත‍්තචෙතසිකානං පහානඤ‍්ච අමනසිකාරො ච වුත‍්තොති වෙදිතබ‍්බො.

නානත්ත සඤ්ඤානං අමනසිකාරා යනු නානාප්‍රකාර අරමුණුවල පවත්නා, සංඥාවන්ගේ, නානාප්‍රකාර සංඥාවන්ගේ එම රූප ශබ්දාදී භේද වූ, නානාප්‍රකාර නානා ස්වභාව අරමුණුවල පවතී. අෂ්ට කාමාවචර කුසල සංඥාවන්, දොළොස් අකුසල සංඥාවන්, එකොළොස් කාමාවචර කුසල විපාක සංඥා, අකුසල විපාක සංඥා ද්වයය, එකොළොස් කාමාවචර ක්‍රියා සංඥායයි මෙසේ සූසාළිස් සංඥා නානා ප්‍රකාරය, නානාස්වභාවයෙන් යුක්තය. ඔවුනොවුන් විසදෘශයහ. එහෙයින් නානාප්‍රකාර සංඥායි යූ.සේයි. එම නානාප්‍රකාර සංඥාවන්ගේ සර්වප්‍රකාරයෙන් මෙනෙහි නොකිරීමෙන් ආවර්ජන නොකිරීමෙනැයි සිත්ද නොඉපදවීමෙන්, යම් හෙයකින් ආවර්ජන නොකරයිද, චිත්තයන්ද නොඉපදවාද, මෙනෙහි නොකෙරේද, ප්‍රත්‍යවේක්‍ෂා නොකෙරේද, එහෙයිනැයි යූ.සේයි. යම්හෙයකින් මෙහි ප්‍රථම රූපසංඥා ප්‍රතිඝ සංඥාවද, මෙම ධ්‍යානයෙන් උපන් භවයෙහිද විද්‍යමාන නොවේද? එම භවයෙහි මෙම ධ්‍යානයට එළඹ වාසය කරන කල්හි කියනුම කවරේද? එහෙයින් ඒවාහි සමතික්‍රමණයෙන්, අස්තංගමනයෙනැයි දෙයාකාරයෙන්ම අභාවයම යූ.සේයි. නානත්‍ව සංඥාවන්හි, අටවැදෑරුම් කුසල සංඥා, නව ක්‍රියා සංඥා, දස අකුසල සංඥා යන මෙම සත්විසි සංඥා මෙම ධ්‍යානයෙන් උපන් භවයෙහි විද්‍යමාන වේ. එහෙයින් ඒවාහි මෙනෙහි නොකිරීමෙනැයි දතයුතුය. එහිද මෙම ධ්‍යානයට එළැඹ වසනුයේ ඒවා මෙනෙහි නොකිරීමෙන්ම එළඹ වාසය කරයි. ඒවා මෙනෙහි කරනුයේ නොසමවන්නේ වේ, මෙහි සංක‍්ෂෙපයෙන් රූප සංඥාවන්ගේ සමතික්‍රමණය යනු මෙයින් සියලු රූපාවචර ධර්මයන්ගේ ප්‍රහාණය යූ.සේයි. පටිඝසඤ්ඤාණං අත්‍ථංගමා නානත්ත සඤ්ඤාණං අමනසිකාරා යනු මෙයින් සියලු කාමාවචර චිත්ත චෛතසිකයන්ගේ ප්‍රහාණයද, මෙනෙහි නොකිරීමද යූ.සේයි.

අනන‍්තො ආකාසොති එත්‍ථ පඤ‍්ඤත‍්තිමත‍්තත‍්තා නාස‍්ස උප‍්පාදන‍්තො වා වයන‍්තො වා පඤ‍්ඤායතීති අනන‍්තො, අනන‍්තඵරණවසෙනාපි අනන‍්තො. න හි සො යොගී එකදෙසවසෙන ඵරති, සකලවසෙනෙව ඵරති. ආකාසොති කසිණුග‍්ඝාටිමාකාසො. ආකාසානඤ‍්චායතනාදීනි වුත‍්තත්‍ථානි. උපසම‍්පජ‍්ජ විහරතීති තං පත්‍වා නිප‍්ඵාදෙත්‍වා තදනුරූපෙන ඉරියාපථෙන විහරති. තදෙව සමාපජ‍්ජිතබ‍්බතො සමාපත‍්ති.

අනන්තො ආකාසො යන මෙහි ප්‍රඥප්ති මාත්‍රයක් බැවින් මෙහි උත්පාදයෙහි අන්තයක් හෝ වසයෙහි අන්තයක් නොපැණේනුයි අනන්තයි. අන්තයක් නොමැති පැතිරීම් වශයෙන්ද අනන්තයි. එම යෝගියා එක් කොටසක් වශයෙන් නොපතුරුවයි. සමස්ත ආකාශය වශයෙන් පතුරුවයි. ආකාසො යනු කසිණය උගුලුවාලූ අහස් ප්‍රදේශයයි. ආකාසානඤ්චායතනාදීන් කියන ලද අර්ථමය. උපසම්පජ්ජ විහරති යනු එයට පත්ව, නිපදවා, එයට සුදුසු ඉරියව්වෙන් වසයි. එයම සමවැදිය යුතු හෙයින් සමාපත්තියි.

ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්මාති පුබ‍්බෙ වුත‍්තනයෙන ඣානම‍්පි ආකාසානඤ‍්චායතනං ආරම‍්මණම‍්පි. ආරම‍්මණම‍්පි හි පුබ‍්බෙ වුත‍්තනයෙනෙව ආකාසානඤ‍්චං ච තං පඨමස‍්ස ආරුප‍්පජ‍්ඣානස‍්ස ආරම‍්මණත‍්තා දෙවානං දෙවායතනං විය අධිට‍්ඨානට‍්ඨෙන ආයතනඤ‍්චාති ආකාසානඤ‍්චායතනං, තථා ආකාසානඤ‍්චං ච තං තස‍්ස ඣානස‍්ස සඤ‍්ජාතිහෙතුත‍්තා “කම‍්බොජා අස‍්සානං ආයතන”න‍්තිආදීනි විය සඤ‍්ජාතිදෙසට‍්ඨෙන ආයතනඤ‍්චාතිපි ආකාසානඤ‍්චායතනං. එවමෙතං ඣානඤ‍්ච ආරම‍්මණඤ‍්චාති උභයම‍්පි අප‍්පවත‍්තිකරණෙන ච අමනසිකරණෙන ච සමතික‍්කමිත්‍වාව යස‍්මා ඉදං විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහාතබ‍්බං, තස‍්මා උභයම‍්පෙතමෙකජ‍්ඣං කත්‍වා “ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්මා”ති ඉදං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. අනන‍්තං විඤ‍්ඤාණන‍්ති තංයෙව “අනන‍්තො ආකාසො”ති ඵරිත්‍වා පවත‍්තං විඤ‍්ඤාණං “අනන‍්තං විඤ‍්ඤාණ”න‍්ති මනසිකරොන‍්තොති වුත‍්තං හොති. මනසිකාරවසෙන වා අනන‍්තං. සො හි තං ආකාසාරම‍්මණං විඤ‍්ඤාණං අනවසෙසතො මනසිකරොන‍්තො අනන‍්තං මනසි කරොති.

ආකාසානඤ්චායතනං සමතික්කම්ම යනු පෙර කියන ලද ආකාරයෙන් ධ්‍යානයද, අරමුණද ආකාසානඤ්චායතනයි. අරමුණද පෙර කියන ලද ආකාරයෙන්මය. ආකාසානඤ්චයද, එය ප්‍රථම අරූප ධ්‍යානයට අරමුණු හෙයින් දෙවියන්ගේ දේවායතනය මෙන් අධිෂ්ඨානාර්ථයෙන් ආයතන යනුයි ආකාසානඤ්චායතනයි. එසේම ආකාසානඤ්චය වූ එය එම ධ්‍යානයාගේ හටගන්නා හේතු බැවින්, ‘කාම්බෝජය අශ්වයින්ගේ උපන් තැනයි’ ආදීන්හි මෙන් හටගන්නා දේශය යන අර්ථයෙන් ආයතනය වූයේනුයි ආකාසානඤ්චායතනයි. මෙසේ එම ධ්‍යානයද අරමුණද යන ද්වයයම නොපැවැත්වීම් තත්ත්වයට පත්කරලීමෙන්ද, මෙනෙහි නොකිරීමෙන්ද, ඉක්මවාම මෙම විඤ්ඤාණඤ්චායතනයට එළඹ වාසය කළයුතුය. එම ද්වයයම එකක් ලෙස සලකා ‘ආකාසානඤ්චායතනය ඉක්මවා’ යයි මෙසේ යූ.සේයි. අනන්තං විඤ්ඤාණං යනු එම ආකාසය අනන්තයැයි පතුරුවා පැවති විඤ්ඤාණය, විඤ්ඤාණය අනන්තයැයි මෙනෙහි කරනුයේ යැයි යූ.සේයි. මෙනෙහි කිරීම් වශයෙන් හෝ අනන්තයි. හෙතෙම ඒ ආකාසාරම්මණ විඤ්ඤාණය ශේෂ රහිතව මෙනෙහි කරනුයේ අනන්තව මෙනෙහි කරයි.

විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්මාති එත්‍ථාපි ච පුබ‍්බෙ වුත‍්තනයෙනෙව ඣානම‍්පි විඤ‍්ඤාණඤ‍්චායතනං ආරම‍්මණම‍්පි. ආරම‍්මණම‍්පි හි පුබ‍්බෙ වුත‍්තනයෙනෙව විඤ‍්ඤාණඤ‍්චං ච තං දුතියස‍්ස ආරුප‍්පජ‍්ඣානස‍්ස ආරම‍්මණත‍්තා අධිට‍්ඨානට‍්ඨෙන ආයතනඤ‍්චාති විඤ‍්ඤාණඤ‍්චායතනං, තථා විඤ‍්ඤාණඤ‍්චං ච තං තස‍්සෙව ඣානස‍්ස සඤ‍්ජාතිහෙතුත‍්තා සඤ‍්ජාතිදෙසට‍්ඨෙන ආයතනඤ‍්චාතිපි විඤ‍්ඤාණඤ‍්චායතනං. එවමෙතං ඣානඤ‍්ච ආරම‍්මණඤ‍්චාති උභයම‍්පි අප‍්පවත‍්තිකරණෙන ච අමනසිකරණෙන ච සමතික‍්කමිත්‍වාව යස‍්මා ඉදං ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහාතබ‍්බං, තස‍්මා උභයම‍්පෙතමෙකජ‍්ඣං කත්‍වා “විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්මා”ති ඉදං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. නත්‍ථි කිඤ‍්චීති නත්‍ථි නත්‍ථි, සුඤ‍්ඤං සුඤ‍්ඤං, විවිත‍්තං විවිත‍්තන‍්ති එවං මනසිකරොන‍්තොති වුත‍්තං හොති.

විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම යන මෙහිද පෙර කියන ලද අයුරින්ම ධ්‍යානයද, අරමුණද විඤ්ඤාණඤ්චායතනයයි, අරමුණද පෙර කියන ලද ක්‍රමයෙන්ම විඤ්ඤාණංචය. ඒ දෙවන අරූප ධ්‍යානයට අරමුණු හෙයින් අධිෂ්ඨානාර්ථයෙන් ආයතන යනුයි විඤ්ඤාණඤ්චායතනයි. එසේම එම විඤ්ඤාණඤ්චය එම ධ්‍යානයටම හටගන්නා හේතු බැවින්, හටගන්නා දේශය යන අර්ථයෙන් ආයතන යනුයි විඤ්ඤාණඤ්චායතනයි. මෙසේ එම ධ්‍යානයද අරමුණද යන ද්වයයෙහිම නොපැවතීම් තත්ත්වයට පත්කරලීමෙන් මෙනෙහි නොකිරීමෙන් ඉක්මවාම මෙම ආකිඤ්චඤ්ඤායතනයට එළඹ වාසය කළයුතුය. එහෙයින් මෙම ද්වයයම එකක් සේ සලකා, ‘විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා’ යයි මෙසේ යූ.සේයි. නත්‍ථි කිඤ්චි යනු නොමැත, නොමැත. හිස්ය, හිස්ය. විචිත්‍රය, විචිත්‍රයැයි මෙසේ මෙනෙහි කරනුයේයැයි යූසේයි.

ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්මාති එත්‍ථාපි පුබ‍්බෙ වුත‍්තනයෙනෙව ඣානම‍්පි ආකිඤ‍්චඤ‍්ඤායතනං ආරම‍්මණම‍්පි. ආරම‍්මණම‍්පි හි පුබ‍්බෙ වුත‍්තනයෙනෙව ආකිඤ‍්චඤ‍්ඤඤ‍්ච තං තතියස‍්ස ආරුප‍්පජ‍්ඣානස‍්ස ආරම‍්මණත‍්තා අධිට‍්ඨානට‍්ඨෙන ආයතනඤ‍්චාති ආකිඤ‍්චඤ‍්ඤායතනං, තථා ආකිඤ‍්චඤ‍්ඤඤ‍්ච තං තස‍්සෙව ඣානස‍්ස සඤ‍්ජාතිහෙතුත‍්තා සඤ‍්ජාතිදෙසට‍්ඨෙන ආයතනඤ‍්චාතිපි ආකිඤ‍්චඤ‍්ඤායතනං. එවමෙතං ඣානඤ‍්ච ආරම‍්මණඤ‍්චාති උභයම‍්පි අප‍්පවත‍්තිකරණෙන ච අමනසිකරණෙන ච සමතික‍්කමිත්‍වාව යස‍්මා ඉදං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහාතබ‍්බං, තස‍්මා උභයම‍්පෙතමෙකජ‍්ඣං කත්‍වා “ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්මා”ති ඉදං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. සඤ‍්ඤාවෙදයිතනිරොධකථා හෙට‍්ඨා කථිතාව.

ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම යන මෙහිද පෙර කියන ලද ක්‍රමයෙන්ම ධ්‍යානයද අරමුණද ආකිඤ්චඤ්ඤායතනයි. අරමුණද වනාහි පෙර කියන ලද ආකාරයෙන්මය. ආකිඤ්චඤ්ඤයද, එය තෘතීය අරූප ධ්‍යානයට ආරම්මණ හෙයින් අධිෂ්ඨානාර්ථයෙන් ආයතන යනුයි ආකිඤ්චඤ්ඤායතනංයි. එසේම එය ආකිඤ්චඤ්ඤයච එම ධ්‍යානයාගේ හටගන්නා හේතු හෙයින්, හටගන්නා දේශාර්ථයෙන් ආයතන යනුයි ආකිඤ්චඤ්ඤායතනයයි. මෙසේ එම ධ්‍යානයද, අරමුණද යන ද්වයයම නොපවත්නා භාවයට පත්කිරීමෙන්ද, මෙනෙහි නොකිරීමෙන්ද, ඉක්මවා මෙම නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට එළඹ වාසය කළයුතුය. එහෙයින් මෙම ද්වයයම එකක් සේ සලකා ‘ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා යයි මෙය යූ.සේයි.

“රූපී රූපානි පස‍්සතී”තිආදිකා සත‍්ත විමොක‍්ඛා පච‍්චනීකධම‍්මෙහි සුට‍්ඨු විමුච‍්චනට‍්ඨෙන ආරම‍්මණෙ අභිරතිවසෙන සුට‍්ඨු මුච‍්චනට‍්ඨෙන ච විමොක‍්ඛා, නිරොධසමාපත‍්ති පන චිත‍්තචෙතසිකෙහි විමුත‍්තට‍්ඨෙන විමොක‍්ඛො. සමාපත‍්තිසමාපන‍්නසමයෙ විමුත‍්තො හොති, වුට‍්ඨිතසමයෙ අවිමුත‍්තො හොතීති සමයවිමොක‍්ඛො. සමුච‍්ඡෙදවිමුත‍්තිවසෙන අච‍්චන‍්තවිමුත‍්තත‍්තා අරියමග‍්ගා, පටිප‍්පස‍්සද‍්ධිවිමුත‍්තිවසෙන අච‍්චන‍්තවිමුත‍්තත‍්තා සාමඤ‍්ඤඵලානි, නිස‍්සරණවිමුත‍්තිවසෙන අච‍්චන‍්තවිමුත‍්තත‍්තා නිබ‍්බානං අසමයවිමොක‍්ඛො. තථා සාමයිකාසාමයිකවිමොක‍්ඛා.

සඤ්ඤාවේදයිත නිරෝධ කථාව යට කියන ලදමය. රූපී රූපානි පස්සති යන සත් විමෝක්‍ෂයන් විරුද්ධ ධර්මයන්ගෙන් මනාව නිදහස්වීම් අර්ථයෙන්, අරමුණෙහි ඇලීම් වශයෙන් පැවැත්මෙහි මනාව නිදහස්වන අර්ථයෙන්ද විමොක්‍ෂයි. සමවතට සමවන් කල්හි නිදහස් වූයේ වේ. නැගිටි කල්හි නොමිදුණේ වේයයි සමය විමොක්ඛොයි. මුළුමනින් නැසීම් සංඛ්‍යාත නිදහස්වීම් වශයෙන් අත්‍යන්තයෙන් නිදහස් වූ හෙයින් ආර්යමාර්ග එයට ඇතුළත්ය. සන්සිඳීම් සංඛ්‍යාත නිදහස්වීම් වශයෙන්, අත්‍යන්තයෙන් නිදහස් වූ හෙයින් සෝවාන් ඵලාදීහුය. නිස්සරණ විමුක්ති වශයෙන් අත්‍යන්තයෙන් නිදහස් වූ හෙයින් නිර්වාණය අසමය විමොක්ඛොයි. සාමයික අසාමයික විමොක්‍ෂයද එසේමය. සාමයිකා සාමයික විමොක්ඛො

පමාදං ආගම‍්ම පරිහායතීති කුප‍්පො. තථා න පරිහායතීති අකුප‍්පො. ලොකාය සංවත‍්තතීති ලොකියො. අරියමග‍්ගා ලොකං උත‍්තරන‍්තීති ලොකුත‍්තරා, සාමඤ‍්ඤඵලානි නිබ‍්බානඤ‍්ච ලොකතො උත‍්තිණ‍්ණාති ලොකුත‍්තරා. ආදිත‍්තං අයොගුළං මක‍්ඛිකා විය තෙජුස‍්සදං ලොකුත‍්තරං ධම‍්මං ආසවා නාලම‍්බන‍්තීති අනාසවො. රූපප‍්පටිසඤ‍්ඤුත‍්තොති රූපජ‍්ඣානානි. අරූපප‍්පටිසඤ‍්ඤුත‍්තොති අරූපසමාපත‍්තියො. තණ‍්හාය ආලම‍්බිතො පණිහිතො. අනාලම‍්බිතො අප‍්පණිහිතො. මග‍්ගඵලානි එකාරම‍්මණත‍්තා එකනිට‍්ඨත‍්තා ච එකත‍්තවිමොක‍්ඛො, නිබ‍්බානං අදුතියත‍්තා එකත‍්තවිමොක‍්ඛො, ආරම‍්මණනානත‍්තා විපාකනානත‍්තා ච නානත‍්තවිමොක‍්ඛො.

ප්‍රමාදයට පැමිණ පිරිහේනුයි කුප්පොයි. ලෝකය සඳහා පවතීනුයි ලොකියොයි. ආර්ය මාර්ගයෙන් ලෝකය තරණය කෙරෙත්නුයි ලොකුත්තරායි. සෝවාන් ආදී මාර්ග ඵලයන් හා නිර්වාණයද ලෝකයෙන් එතෙර වූයේනුයි ලොකුත්තරායි. ගිනිගත් යකඩ ගුලියක මැස්සන් මෙන්, තෙදින් බහුල, ලෝකෝත්තර ධර්මය, ආශ්‍රවයෝ නොඑල්බෙත්නුයි අනාසවොයි. රූප පටිසඤ්ඤුත්තො යනු රූප ධ්‍යානයන්ය. අරූප පටිසඤ්ඤුත්තො යනු අරූප සමාපත්තීහුය. තෘෂ්ණායෙන් එල්බුණේ පණිහිතොයි. නොඑල්බුණේ අප්පණිහිතොයි. මාර්ග ඵලයන් ඒකාරම්මණ හෙයින්ද, එක් නිෂ්ඨාවක් හෙයින්ද, එකන්ත විමොක්ඛොයි. නිර්වාණය අද්විතීය හෙයින් එකන්ත විමොක්ඛොයි අරමුණු නානත්‍වයෙන්ද, විපාක නානත්‍වයෙන්ද නානත්ත විමොක්ඛොයි.

සියාති භවෙය්‍ය, දස හොන‍්තීති ච එකො හොතීති ච භවෙය්‍යාති අත්‍ථො. “සියා”ති ච එතං විධිවචනං, න පුච‍්ඡාවචනං. වත්‍ථුවසෙනාති නිච‍්චසඤ‍්ඤාදිදසවත්‍ථුවසෙන දස හොන‍්ති. පරියායෙනාති විමුච‍්චනපරියායෙන එකො හොති. සියාති කථඤ‍්ච සියාති යං වා සියාති විහිතං, තං කථං සියාති පුච‍්ඡති. අනිච‍්චානුපස‍්සනඤාණන‍්ති සමාසපදං. අනිච‍්චානුපස‍්සනාඤාණන‍්ති වා පාඨො. තථා සෙසෙසුපි. නිච‍්චතො සඤ‍්ඤායාති නිච‍්චතො පවත‍්තාය සඤ‍්ඤාය, “නිච‍්ච”න‍්ති පවත‍්තාය සඤ‍්ඤායාති අත්‍ථො. එස නයො සුඛතො අත‍්තතො නිමිත‍්තතො සඤ‍්ඤායාති එත්‍ථාපි. නිමිත‍්තතොති ච නිච‍්චනිමිත‍්තතො. නන්‍දියා සඤ‍්ඤායාති නන්‍දිවසෙන පවත‍්තාය සඤ‍්ඤාය, නන්‍දිසම‍්පයුත‍්තාය සඤ‍්ඤායාති අත්‍ථො. එස නයො රාගතො සමුදයතො ආදානතො පණිධිතො අභිනිවෙසතො සඤ‍්ඤායාති එත්‍ථාපි. යස‍්මා පන ඛයවයවිපරිණාමානුපස‍්සනා තිස‍්සො අනිච‍්චානුපස‍්සනාදීනං බලවභාවාය බලවපච‍්චයභූතා භඞ‍්ගානුපස‍්සනාවිසෙසා. භඞ‍්ගදස‍්සනෙන හි අනිච‍්චානුපස‍්සනා බලවතී හොති. අනිච‍්චානුපස‍්සනාය ච බලවතියා ජාතාය “යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදනත‍්තා”ති (සං· නි· 3.15) දුක‍්ඛානත‍්තානුපස‍්සනාපි බලවතියො හොන‍්ති. තස‍්මා අනිච‍්චානුපස‍්සනාදීසු වුත‍්තාසු තාපි තිස‍්සො වුත‍්තාව හොන‍්ති. යස‍්මා ච සුඤ‍්ඤතානුපස‍්සනා “අභිනිවෙසතො සඤ‍්ඤාය මුච‍්චතී”ති වචනෙනෙව සාරාදානාභිනිවෙසසම‍්මොහාභිනිවෙසආලයාභිනිවෙසසඤ‍්ඤොගාභිනිවෙසතො සඤ‍්ඤාය මුච‍්චතීති වුත‍්තමෙව හොති, අභිනිවෙසාභාවෙනෙව අප‍්පටිසඞ‍්ඛාතො සඤ‍්ඤාය මුච‍්චතීති වුත‍්තමෙව හොති, තස‍්මා අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාදයො පඤ‍්චපි අනුපස‍්සනා න වුත‍්තාති වෙදිතබ‍්බා. එවං අට‍්ඨාරසසු මහාවිපස‍්සනාසු එතා අට‍්ඨ අනුපස‍්සනා අවත්‍වා දසෙව අනුපස‍්සනා වුත‍්තාති වෙදිතබ‍්බා.

සියා යනු වන්නේය යනාර්ථයි. සියයක් වෙතියි එකක් වේයයි වන්නේය යන අර්ථයි. සියා යන මෙය නියම කිරීමේ වචනයයි. විමසීම් වචනය නොවේ. වත්‍ථුවසෙන යනු නිත්‍ය සංඥාදී දසවස්තු වශයෙන් දසයක් වේ. පරියාසෙන යනු නිදහස්වන ක්‍රමයෙක් එකක් වේ. සියාති කථඤ්ච සියාති යනු යමක් හෝ වන්නේ යයි කරන ලද්දේද? එය කෙසේ වන්නේදැයි විචාරයි. අනිච්චානුපස්සන ඤාණං යනු සමාද පදයෙකි. ‘අනිච්චානුපස්සනා ඤාණං’යිද පාඨයි. සෙස්සෙහිද එසේමය. නිච්චතො සඤ්ඤාය යනු නිත්‍ය වශයෙන් පැවැති සංඥාවෙන් නිත්‍යයයි පැවැති සංඥාවෙනැයි අර්ථයි. සුව වශයෙන් ආත්ම වශයෙන්, නිමිති වශයෙන්, සංඥා වශයෙන් යන මෙහිද එම ක්‍රමයමැයි. නිමිත්තතො යනු නිත්‍ය නිමිත්ත වශයෙන්, නන්‍දියා තණ්හාය යනු තෘෂ්ණා වශයෙන් පැවැති සංඥාවෙන්, තෘෂ්ණා සම්ප්‍රයුක්ත සංඥායෙනැයි අර්ථයි. ඇලීම් වශයෙන්, හටගැනීම් වශයෙන් දෘඪග්‍රහණ වශයෙන්, ප්‍රණිධි වශයෙන්, ඇලීම් වශයෙන්, සංඥා වශයෙන් යන මෙහිද එම ක්‍රමයමැයි. ක්‍ෂය, ව්‍යය, විපරිණාමානුපස්සනා යන ත්‍රිවිධ අනුපස්සනාවන්ගේද, බලවත් භාවයෙන්, බලවත් ප්‍රත්‍යය වූ භංගානුපස්සනාවගේ විශේෂත්වය වේ. භංග දර්ශනයෙන් අනිත්‍යානු පස්සනාව බලවත් වේ. අනිත්‍යානුපස්සනාව බලවත්ව හටගත් කල්හි, යමක් අනිත්‍යයද, එය දුකය. යමක් දුකද, එය අනාත්මයැයි, දුක්ඛ අනාත්ම අනුපස්සනාවෝ බලවත් වෙති. එහෙයින් අනිත්‍යානුපස්සනාදීන් කී කල්හි එම ත්‍රයයම කියන ලද්දේම වෙයි. ශූන්‍යතානුපස්සනාවෙන්, ආත්මාභිනිවේස සංඥාවෙන් මිදේයයි යන වචනයෙන්ම, හර වශයෙන් ගන්නා, මුළාවීම් වශයෙන් ගන්නා ඇලීම් වශයෙන් ගන්නා, එකට බැඳීම් වශයෙන් ගන්නා අභිනිවේසයෙන්ද සංඥාවෙන් මිදේයයි කියන ලද්දම වේයයි අභිනිවේස අභාවයෙන්ම නුවණින් මෙනෙහි නොකිරීම් සංඛ්‍යාත සංඥාවෙන් මිදේයයි යූ.සේයි. එහෙයින් අධිප්‍රඥා ධර්ම විදර්ශනාදී පංච අනුපස්සනාද නොකියන ලදි. මෙසේ අටළොස් මහා විදර්ශනාවන්හි ඒ අට අනුපස්සනා නොකියා දස අනුපස්සනාවෝම යූ.සේයි.

අනිච‍්චානුපස‍්සනා යථාභූතං ඤාණන‍්ති අනිච‍්චානුපස‍්සනායෙව යථාභූතඤාණං. උභයම‍්පි පච‍්චත‍්තවචනං. යථාභූතඤාණන‍්ති ඤාණත්‍ථො වුත‍්තො. එවං සෙසෙසුපි. සම‍්මොහා අඤ‍්ඤාණාති සම‍්මොහභූතා අඤ‍්ඤාණා. මුච‍්චතීති විමොක‍්ඛත්‍ථො වුත‍්තො.

අනිච්චානුපස්සනා යථාභූතං ඤාණං යනු අනිත්‍යානුපස්සනාවම යථාභූත ඤාණයයි, දෙකම ප්‍රථම වචනයි. යථාභූත ඤාණය යනු ඤාණාර්ථයයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. සම්මොහා අඤ්ඤාණා යනු මුළාවීම් ස්වභාව වූ නොදැනීම. මුච්චති යනු විමෝක්‍ෂාර්ථයයි.

අනිච‍්චානුපස‍්සනා අනුත‍්තරං සීතිභාවඤාණන‍්ති එත්‍ථ සාසනෙයෙව සබ‍්භාවතො උත‍්තමට‍්ඨෙන අනුත‍්තරං, අනුත‍්තරස‍්ස පච‍්චයත‍්තා වා අනුත‍්තරං, සීතිභාවො එව ඤාණං සීතිභාවඤාණං. තං අනිච‍්චානුපස‍්සනාසඞ‍්ඛාතං අනුත‍්තරං සීතිභාවඤාණං. “ඡහි, භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු භබ‍්බො අනුත‍්තරං සීතිභාවං සච‍්ඡිකාතු”න‍්ති (අ· නි· 6.85) එත්‍ථ නිබ‍්බානං අනුත‍්තරො සීතිභාවො නාම. ඉධ පන විපස‍්සනා අනුත‍්තරො සීතිභාවො. නිච‍්චතො සන‍්තාපපරිළාහදරථා මුච‍්චතීති එත්‍ථාපි “නිච‍්ච”න‍්ති පවත‍්තකිලෙසා එව ඉධ චාමුත්‍ර ච සන‍්තාපනට‍්ඨෙන සන‍්තාපො, පරිදහනට‍්ඨෙන පරිළාහො, උණ‍්හට‍්ඨෙන දරථොති වුච‍්චන‍්ති.

අනිච්චානුපස්සනා අනුත්තරං සීතිභාවං ඤාණං යනු මෙහි සාසනයෙහිම ස්වභාව වශයෙන් උත්තමාර්ථයෙන් අනුත්තරංයි. අනුත්තරත්‍වයට ප්‍රත්‍යය හෙයින්ද අනුත්තරංයි. සිසිල් භාවයෙන්ම යුත් ඤාණය සීතිභාව ඤාණයයි. එය අනිත්‍යානුපස්සනා සංඛ්‍යාත අනුත්තර සිහිල් භාවයෙන් යුත් ඤාණයයි, ‘මහණෙනි, කරුණු සයකින් යුක්ත භික්‍ෂුව අනුත්තර සීතිභාවය (නිවන) සාක්‍ෂාත් කරන්ට සුදුසු වන්නේය. මෙහි නිර්වාණය අනුත්තර සීතිභාවය නමැ. මෙහි වනාහි විදර්ශනාව අනුත්තර සීතිභාවයයි. නිච්චතො සන්තාප පරිළාහ දරථා මුච්චති යන මෙහිද නිච්චං යනු පවත්නා කෙලෙස්මය. මෙහිද අසවල් තැනද තැවීම් අර්ථයෙන් සන්තාපොයි. දැවීම් අර්ථයෙන් පරිළාහොයි. උෂ්ණාර්ථයෙන් දරථයයි කියති.

නෙක‍්ඛම‍්මං ඣායතීති ඣානන‍්තිආදයො හෙට‍්ඨා වුත‍්තත්‍ථා. නෙක‍්ඛම‍්මාදීනි චෙත්‍ථ අට‍්ඨ සමාපත‍්තියො ච නිබ‍්බෙධභාගියානෙව.

නෙක්ඛම්මං ඣායතීති ඣානං යනාදීන් යට කියන ලද අර්ථමය. මෙහි නෛෂ්ක්‍රම්‍යාදී අට සමවත් නිර්වේද භාගීමය.

අනුපාදා චිත‍්තස‍්ස විමොක‍්ඛොති ඉධ විපස‍්සනායෙව. “එතදත්‍ථා කථා, එතදත්‍ථා මන‍්තනා, යදිදං අනුපාදා චිත‍්තස‍්ස විමොක‍්ඛො”ති (පරි· 366; අ· නි· 3.68) එත්‍ථ පන නිබ‍්බානං අනුපාදා චිත‍්තස‍්ස විමොක‍්ඛො. කතිහුපාදානෙහීති කතිහි උපාදානෙහි. කතමා එකුපාදානාති කතමතො එකුපාදානතො. ඉදං එකුපාදානාති ඉතො එකතො උපාදානතො. ඉදන‍්ති පුබ‍්බඤාණාපෙක‍්ඛං වා. උපාදානතො මුච‍්චනෙසු යස‍්මා ආදිතො සඞ‍්ඛාරානං උදයබ‍්බයං පස‍්සිත්‍වා පස‍්සිත්‍වා අනිච‍්චානුපස‍්සනාය විපස‍්සති, පච‍්ඡා සඞ‍්ඛාරානං භඞ‍්ගමෙව පස‍්සිත්‍වා අනිමිත‍්තානුපස‍්සනාය විපස‍්සති. අනිච‍්චානුපස‍්සනාවිසෙසොයෙව හි අනිමිත‍්තානුපස‍්සනා. සඞ‍්ඛාරානං උදයබ‍්බයදස‍්සනෙන ච භඞ‍්ගදස‍්සනෙන ච අත‍්තාභාවො පාකටො හොති. තෙන දිට‍්ඨුපාදානස‍්ස ච අත‍්තවාදුපාදානස‍්ස ච පහානං හොති. දිට‍්ඨිප‍්පහානෙනෙව ච “සීලබ‍්බතෙන අත‍්තා සුජ‍්ඣතී”ති දස‍්සනස‍්ස අභාවතො සීලබ‍්බතුපාදානස‍්ස පහානං හොති. යස‍්මා ච අනත‍්තානුපස‍්සනාය උජුකමෙව අත‍්තාභාවං පස‍්සති, අනත‍්තානුපස‍්සනාවිසෙසොයෙව ච සුඤ‍්ඤතානුපස‍්සනා, තස‍්මා ඉමානි චත‍්තාරි ඤාණානි දිට‍්ඨුපාදානාදීහි තීහි උපාදානෙහි මුච‍්චන‍්ති. දුක‍්ඛානුපස‍්සනාදීනංයෙව පන චතස‍්සන‍්නං තණ‍්හාය උජුවිපච‍්චනීකත‍්තා අනිච‍්චානුපස‍්සනාදීනං චතස‍්සන‍්නං කාමුපාදානතො මුච‍්චනං න වුත‍්තං. යස‍්මා ආදිතො දුක‍්ඛානුපස‍්සනාය “සඞ‍්ඛාරා දුක‍්ඛා”ති පස‍්සතො පච‍්ඡා අප‍්පණිහිතානුපස‍්සනාය ච “සඞ‍්ඛාරා දුක‍්ඛා”ති පස‍්සතො සඞ‍්ඛාරානං පත්‍ථනා පහීයති. දුක‍්ඛානුපස‍්සනාවිසෙසොයෙව හි අප‍්පණිහිතානුපස‍්සනා. යස‍්මා ච සඞ‍්ඛාරෙසු නිබ‍්බිදානුපස‍්සනාය නිබ‍්බින්‍දන‍්තස‍්ස විරාගානුපස‍්සනාය විරජ‍්ජන‍්තස‍්ස සඞ‍්ඛාරානං පත්‍ථනා පහීයති, තස‍්මා ඉමානි චත‍්තාරි ඤාණානි කාමුපාදානතො මුච‍්චන‍්ති. යස‍්මා නිරොධානුපස‍්සනාය කිලෙසෙ නිරොධෙති, පටිනිස‍්සග‍්ගානුපස‍්සනාය කිලෙසෙ පරිච‍්චජති, තස‍්මා ඉමානි ද‍්වෙ ඤාණානි චතූහි උපාදානෙහි මුච‍්චන‍්තීති එවං සභාවනානත‍්තෙන ච ආකාරනානත‍්තෙන ච අට‍්ඨසට‍්ඨි විමොක‍්ඛා නිද‍්දිට‍්ඨා.

අනුපාදා චිත්තස්ස විමොක්ඛො යනු මෙහි විදර්ශනාවමය. යම් ඒ චිත්තයාගේ අනුත්පාද විමෝක්‍ෂයක් වේද, සියලුම කථා ඒ සඳහාය. සියලුම සම්මන්ත්‍රණ ඒ සඳහායි. යන මෙහි වනාහි නිර්වාණය චිත්තයාගේ අනුත්පාද විමෝක්‍ෂයයි. කතීහුපාදානෙහී යනු කෙතෙක් උපාදානයන් කෙරෙන්, කතමා එකූපාදානා යනු කවර එක් උපාදානයකින්, ඉදං එකූපාදානා යනු මේ එක් උපාදානයෙන්, ‘ඉදං යනු පූර්ව ඤාණාපේක්‍ෂාවෙන් හෝ, උපාදානයන්ගෙන් මිදෙන කල්හි මුලදී, සංස්කාරයන්ගේ උදයව්‍යය දැක දැක අනිත්‍යානුපස්සනාවෙන් විදර්ශනා කරයි. පසුව සංස්කාරයන්ගේ භංගයම දැක අනිමිත්තානුපස්සනාවෙන් විදර්ශනා කරයි. අනිමිත්තානුපස්සනාව අනිත්‍යානුපස්සනාවගේම විශේෂයකි. සංස්කාරයන්ගේ හටගැන්ම හා විනාශය දැකීමෙන්ද භංගය දැකීමෙන්ද, ආත්ම භාවය ප්‍රකට වේ. එයින් දෘෂ්ටි උපාදානයාගේද ආත්මවාදූපාදානයාගේද ප්‍රහාණය වේ. දෘෂ්ටි ප්‍රහාණයෙන්ම, ‘සීලයෙන් හා ව්‍රතයෙන් ආත්මය පිරිසිදු වේයයි යන දර්ශනයෙහි අභාවය වන හෙයින් සීල ව්‍රතොපාදානය ප්‍රහාණ වේ. අනාත්මානුපස්සනාවෙන් සෘජුවම ආත්ම අභාවය දකියි. ශූන්‍යතානු පස්සනාව අනාත්මානුපස්සනා විශේෂයක්මය. මෙම සිව් ඤාණ දෘෂ්ටි උපාදානාදී උපාදානයන්ගෙන් මිදෙත්. දුක්ඛානුපස්සනාදී මෙම සතරට තෘෂ්ණාව සෘජු විරුද්ධතා හෙයින්ද, අනිත්‍යානුපස්සනාදී ත්‍රයයට කාමූපදානයෙන් මිදීම නොයූසේයි. මුලදීම දුක්ඛානුපස්සාවෙන් සංස්කාර දුක්යැයි බලන කල්හි, පසුව අප්‍රණිහිතානුපස්සනාවෙන්ද සංස්කාර දුක්යැයි බලන කල්හි සංස්කාරයන්ගේ බලාපොරොත්තු දුරුවෙයි. අප්‍රණිහාතානු පස්සනාව දුක්ඛානුපස්සනාවෙහිම විශේෂයකි. සංස්කාරයන්හි, නිර්වේදානුපස්සනාවෙන් නිර්වේදයට පත්වන්නහුට, විරාගානු පස්සනාවෙන්, නොඇලෙන්නහුට සංස්කාරයන්ගේ ප්‍රාර්ථනා ප්‍රහීණ වේ. එහෙයින් මෙම සිව් ඤාණ හෝ කාමූපාදානයෙන් මිදෙත්. යම්හෙයකින් නිරොධානුපස්සනාවෙන් කෙලෙස් නිරුද්ධ කරයිද, පටිනිස්සග්ගානුපස්සනාවෙන් කෙලෙස් පරිත්‍යාග කෙරේද, එහෙයින් මෙම ද්වි ඤාණයෝ සිව් උපාදානයන්ගෙන් මිදෙත්නුයි මෙසේ ස්වභාව නානත්‍වයෙන්ද, ආකාර නානත්‍වයෙන්ද විමොක්‍ෂ හැටඅටක් නිර්දිෂ්ටය.

ඉදානි ආදිතො උද‍්දිට‍්ඨානං තිණ‍්ණං විමොක‍්ඛානං මුඛානි දස‍්සෙත්‍වා විමොක‍්ඛමුඛපුබ‍්බඞ‍්ගමං ඉන්‍ද්‍රියවිසෙසං පුග‍්ගලවිසෙසඤ‍්ච දස‍්සෙතුකාමො තීණි ඛො පනිමානීතිආදිමාහ. තත්‍ථ විමොක‍්ඛමුඛානීති තිණ‍්ණං විමොක‍්ඛානං මුඛානි. ලොකනිය්‍යානාය සංවත‍්තන‍්තීති තෙධාතුකලොකතො නිය්‍යානාය නිග‍්ගමනාය සංවත‍්තන‍්ති. සබ‍්බසඞ‍්ඛාරෙ පරිච‍්ඡෙදපරිවටුමතො සමනුපස‍්සනතායාති සබ‍්බෙසං සඞ‍්ඛාරානං උදයබ‍්බයවසෙන පරිච‍්ඡෙදතො චෙව පරිවටුමතො ච සමනුපස‍්සනතාය. ලොකනිය්‍යානං හොතීති පාඨසෙසො. අනිච‍්චානුපස‍්සනා හි උදයතො පුබ‍්බෙ සඞ‍්ඛාරා නත්‍ථීති පරිච‍්ඡින්‍දිත්‍වා තෙසං ගතිං සමන‍්නෙසමානා වයතො පරං න ගච‍්ඡන‍්ති, එත්‍ථෙව අන‍්තරධායන‍්තීති පරිවටුමතො පරියන‍්තතො සමනුපස‍්සති. සබ‍්බසඞ‍්ඛාරා හි උදයෙන පුබ‍්බන‍්තපරිච‍්ඡින‍්නා, වයෙන අපරන‍්තපරිච‍්ඡින‍්නා. අනිමිත‍්තාය ච ධාතුයා චිත‍්තසම‍්පක‍්ඛන්‍දනතායාති විපස‍්සනාක‍්ඛණෙපි නිබ‍්බානනින‍්නතාය අනිමිත‍්තාකාරෙන උපට‍්ඨානතො අනිමිත‍්තසඞ‍්ඛාතාය නිබ‍්බානධාතුයා චිත‍්තපවිසනතාය ච ලොකනිය්‍යානං හොති. මනොසමුත‍්තෙජනතායාති චිත‍්තසංවෙජනතාය. දුක‍්ඛානුපස‍්සනාය හි සඞ‍්ඛාරෙසු චිත‍්තං සංවිජ‍්ජති. අප‍්පණිහිතාය ච ධාතුයාති විපස‍්සනාක‍්ඛණෙපි නිබ‍්බානනින‍්නතාය අප‍්පණිහිතාකාරෙන උපට‍්ඨානතො අප‍්පණිහිතසඞ‍්ඛාතාය නිබ‍්බානධාතුයා. සබ‍්බධම‍්මෙති නිබ‍්බානස‍්ස අවිපස‍්සනුපගත‍්තෙපි අනත‍්තසභාවසබ‍්භාවතො “සබ‍්බසඞ‍්ඛාරෙ”ති අවත්‍වා “සබ‍්බධම‍්මෙ”ති වුත‍්තං. පරතො සමනුපස‍්සනතායාති පච‍්චයායත‍්තත‍්තා අවසතාය අවිධෙය්‍යතාය ච “නාහං න මම”න‍්ති එවං අනත‍්තතො සමනුපස‍්සනතාය. සුඤ‍්ඤතාය ච ධාතුයාති විපස‍්සනාක‍්ඛණෙපි නිබ‍්බානනින‍්නතාය සුඤ‍්ඤතාකාරෙන උපට‍්ඨානතො සුඤ‍්ඤතාසඞ‍්ඛාතාය නිබ‍්බානධාතුයා. ඉති ඉමානි තීණි වචනානි අනිච‍්චදුක‍්ඛානත‍්තානුපස‍්සනානං වසෙන වුත‍්තානි. තෙනෙව තදනන‍්තරං අනිච‍්චතො මනසිකරොතොතිආදි වුත‍්තං. තත්‍ථ ඛයතොති ඛීයනතො. භයතොති සභයතො. සුඤ‍්ඤතොති අත‍්තරහිතතො.

මුලදී, උදෙසන ලද ත්‍රිවිධ විමෝක්‍ෂයන්ගේ විමෝක්‍ෂ මුඛයන් ගෙනහැර දක්වා, විමෝක්‍ෂ මුඛ පූර්වාංගම ඉන්‍ද්‍රිය විශේෂයද, පුද්ගල විශේෂයද, දක්වනු කැමැත්තේ ‘තීණි ඛො පනිමානි’ ආදිය වදාළහ. එහි විමොක්ඛ මුඛානි යනු ත්‍රිවිධ විමෝක්‍ෂයන්ගේ මුඛයෙන් ලොක නිය්‍යානාය සංවත්තන්ති යනු ත්‍රෛධාතුක ලෝකයෙන් නිර්යාණය, නික්මයාම සඳහා පවතිත්. සබ්බ සංඛාරෙ පරිච්ඡේද පරිවටුමතො සමනුපස්සන්තා යනු සංස්කාරයන්ගේ උදයව්‍යය වශයෙන්, වෙන්කිරීම් වශයෙන්, පරිවෘත්ත වශයෙන් මනාව නුවණින් බැලීම් ස්වභාවයෙන්, ලොක නිය්‍යානං හොති යනු පාඨශේෂයි. අනිත්‍යානුපස්සනාව වනාහි හටගැන්මට මත්තෙහි සංස්කාර නැතැයි පිරිසිඳ, ඒවාහි ස්වභාවය මනාව සොයනු ලබන්නාහු, විනාශයෙන් මත්තෙහි නොයති. මෙහිම අතුරුදන් වෙති. පරිවෘත්ත වශයෙන් අවසන් වශයෙන් නුවණින් මනාව විමසා බලයි. සියලු සංස්කාර හටගැන්මෙන් පූර්වාන්තය පිරිසිඳන ලදි. විනාශයෙන් අපරාන්තය පිරිසිඳින ලදී. අනිමිත්තායච ධාතුයා චිත්ත සම්පක්ඛන්‍න්තාය යනු විදර්ශනා ක්‍ෂණයෙහිද නිර්වාණ ප්‍රවණතායෙන් අනිමිත්තාකාරයෙන්, වැටහෙන හෙයින්, අනිමිත්ත සංඛ්‍යාත නිර්වාණ ධාතුවෙහි සිත පිවිසෙන හෙයින්ද, ලෝක නිර්යාණය වේ. මනො සමුත්තෙ ජනතාය යනු සිතෙහි සංවේගය ඇතිකරලීම සඳහා, දුක්ඛානුපස්සනාවෙන් සංස්කාරයන් පිළිබඳව සිත සංවේගයට පත්වේ. අප්පණිහිතායච ධාතුයා යනු විදර්ශනා ක්‍ෂණයෙහිද, නිර්වාණ නිම්න හෙයින් අප්‍රණිහිතාකාරයෙන් වැටහෙන හෙයින්, අප්‍රණිහිත සංඛ්‍යාත නිර්වාණ ධාතුවෙහි, සබ්බ ධම්මෙ යනු නිර්වාණයාගේ විදර්ශනා නොඑළඹි කල්හිද, අනාත්ම ස්වභාවය යෙදෙන හෙයින් සියලු සංස්කාරයන්ගෙන් යැයි නොකියා සියලු ධර්මයන්ගෙන් යැයි යූ.සේයි. පරතො සමනුපස්සනතාය යනු ප්‍රත්‍යයන්ට අයත් හෙයින්ද, සිය වසඟයෙහි නොපවත්නා හෙයින්ද, යටහත්ව නොපවත්නා හෙයින්ද මම නොවෙමි. මාගේ නොවේයයි මෙසේ අනාත්ම වශයෙන් නුවණින් විමසා බලන ස්වභාවයෙන්, සුඤ්ඤතායච ධාතුයා යන, විදර්ශනා ක්‍ෂණයෙහිද, නිර්වාණ නිම්නතායෙන් ශූන්‍යතාකාරයෙන් වැටහෙන හෙයින්, ශූන්‍යතා සංඛ්‍යාත නිර්වාණ ධාතුයෙහි, මෙසේ මෙම තෙවචනයන්ගෙන්, අනිත්‍යය, සුඛය, අනාත්මය යන අනුපස්සනාවන්ගේ වශයෙන් යූ.සේයි. එහෙයින්ම ඉන් අනතුරුව ‘අනිච්චතො මනසිකරොති’ යන ආදිය යූ.සේයි. එහි ඛයතො යනු, ක්‍ෂය වන අර්ථයෙන්, භයතො යනු භය සහිත වශයෙන්, සුඤ්ඤතො යනු ආත්ම රහිතතායෙන්,

අධිමොක‍්ඛබහුලන‍්ති අනිච‍්චානුපස‍්සනාය “ඛණභඞ‍්ගවසෙන සඞ‍්ඛාරා භිජ‍්ජන‍්තී”ති සද‍්ධාය පටිපන‍්නස‍්ස පච‍්චක‍්ඛතො ඛණභඞ‍්ගදස‍්සනෙන “සච‍්චං වතාහ භගවා”ති භගවති සද‍්ධාය සද‍්ධාබහුලං චිත‍්තං හොති. අථ වා පච‍්චුප‍්පන‍්නානං පදෙසසඞ‍්ඛාරානං අනිච‍්චතං පස‍්සිත්‍වා “එවං අනිච‍්චා අතීතානාගතපච‍්චුප‍්පන‍්නා සබ‍්බෙ සඞ‍්ඛාරා”ති අධිමුච‍්චනතො අධිමොක‍්ඛබහුලං චිත‍්තං හොති. පස‍්සද‍්ධිබහුලන‍්ති දුක‍්ඛානුපස‍්සනාය චිත‍්තක‍්ඛොභකරාය පණිධියා පජහනතො චිත‍්තදරථාභාවෙන පස‍්සද‍්ධිබහුලං චිත‍්තං හොති. අථ වා දුක‍්ඛානුපස‍්සනාය සංවෙගජනනතො සංවිග‍්ගස‍්ස ච යොනිසො පදහනතො වික‍්ඛෙපාභාවෙන පස‍්සද‍්ධිබහුලං චිත‍්තං හොති. වෙදබහුලන‍්ති අනත‍්තානුපස‍්සනාය බාහිරකෙහි අදිට‍්ඨං ගම‍්භීරං අනත‍්තලක‍්ඛණං පස‍්සතො ඤාණබහුලං චිත‍්තං හොති. අථ වා “සදෙවකෙන ලොකෙන අදිට‍්ඨං අනත‍්තලක‍්ඛණං දිට‍්ඨ”න‍්ති තුට‍්ඨස‍්ස තුට‍්ඨිබහුලං චිත‍්තං හොති.

අධිමොක්ඛ බහුලං යනු අනිත්‍යානුපස්සනා වශයෙන් ක්‍ෂණ භංග වශයෙන් සංස්කාරයෝ බිඳෙත්නුයි ශ්‍රද්ධාවෙන් පිළිපන්නහුට ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි, ක්‍ෂණ භංග දර්ශනයෙන් භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සත්‍යයක් වදාළ සේකැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැවැති ශ්‍රද්ධායෙහි ශ්‍රද්ධා බහුලතා සිතක් වේ. නොහොත් වර්තමාන සංස්කාර කොටස්හි, අනිත්‍යතාව දැක මෙසේ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න සියලු සංස්කාරයන් අනිත්‍යයැයි ස්ථිර ලෙස පිහිටන හෙයින් සිත අධිමෝක්‍ෂ බහුල වේ. පස්සද්ධි බහුලං යනු දුක්ඛානුපස්සනාවෙන් සිතෙහි කැළඹීම් ඇති කරවන ප්‍රණිධියගේ අත්හැරීම වන හෙයින් සිතෙහි දාහයෙහි අභාවය වන හෙයින් සිත සන්සිඳීම් බහුල වේ. නොහොත් දුක්ඛානුපස්සනාවෙන් සංවේගය හටගන්නා හෙයින් නුවණින් ප්‍රධන් වීර්යය කරන හෙයින්, සංවේගප්‍රාප්තයාට වික්‍ෂෙප අභාවයෙන් සිත සන්සිඳීම් බහුල වේ. වෙද බහුලං යනු අනත්මානුපස්සනාවෙන් (සස්නෙන්) බාහිර අය නුදුටු ගැඹුරු අනාත්ම ලක්‍ෂණ බලනුයේ ඤාණ බහුල සිතක් වේ. නොහොත් දෙවියන් සහිත ලෝකයා නුදුටු අනාත්ම ලක්‍ෂණය දිටියෙමියි සතුටු වූවහුට තුෂ්ටිබහුල වූ සිතක් වේ.

අධිමොක‍්ඛබහුලො සද‍්ධින්‍ද්‍රියං පටිලභතීති පුබ‍්බභාගෙ අධිමොක‍්ඛො බහුලං පවත‍්තමානො භාවනාපාරිපූරියා සද‍්ධින්‍ද්‍රියං නාම හොති, තං සො පටිලභති නාම. පස‍්සද‍්ධිබහුලො සමාධින්‍ද්‍රියං පටිලභතීති පුබ‍්බභාගෙ පස‍්සද‍්ධිබහුලස‍්ස “පස‍්සද‍්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත‍්තං සමාධියතී”ති (පටි· ම· 1.73; අ· නි· 5.26) වචනතො භාවනාපාරිපූරියා පස‍්සද‍්ධිපච‍්චයා සමාධින්‍ද්‍රියං හොති, තං සො පටිලභති නාම. වෙදබහුලො පඤ‍්ඤින්‍ද්‍රියං පටිලභතීති පුබ‍්බභාගෙ වෙදො බහුලං පවත‍්තමානො භාවනාපාරිපූරියා පඤ‍්ඤින්‍ද්‍රියං නාම හොති, තං සො පටිලභති නාම.

අධිමොක්ඛ බහුලො සද්ධින්‍ද්‍රියං පටිලභති යනු පූර්ව භාගයෙහි අධිමෝක්‍ෂ බහුලව පවත්වනු ලබන භාවනා පරිපූර්ණත්වයෙන් සද්ධින්‍ද්‍රිය ලබනුයේ නම් වේ. හෙතෙම එය ලබයි නමැ. පස්සද්ධි බහුලො සමාධින්‍ද්‍රියං පටිලභති යනු පූර්වභාගයෙහි සන්සිඳීම් බහුල වූවහූගේ, සන්සුන් සිරුරු ඇත්තේ සුව විඳියි. සුවපත් වූවහුගේ සිත තැන්පත් වේ යන වචනයෙන්, සන්සිඳීම් ප්‍රත්‍යයෙන්, භාවනා පරිපූර්ණත්වයෙන් සමාධින්‍ද්‍රිය වේ. හෙතෙම එය ලබයි නමැ. වෙදබහුලො පඤ්ඤින්‍ද්‍රියං පටිලභති යනු පූර්වභාගය සතුට බහුලව පවත්වනු ලබනුයේ භාවනා පරිපූර්ණත්වයෙහි පඤ්ඤින්‍ද්‍රිය නම් වේ. හෙතෙම එය ලබයි නමැ.

ආධිපතෙය්‍යං හොතීති ඡන්‍දාදිකෙ අධිපතිභූතෙපි සකිච‍්චනිප‍්ඵාදනවසෙන අධිපති හොති පධානො හොති. භාවනායාති භුම‍්මවචනං, උපරූපරි භාවනත්‍ථාය වා. තදන්‍වයා හොන‍්තීති තං අනුගාමිනී තං අනුවත‍්තිනී හොන‍්ති. සහජාතපච‍්චයා හොන‍්තීති උප‍්පජ‍්ජමානා ච සහඋප‍්පාදනභාවෙන උපකාරකා හොන‍්ති පකාසස‍්ස පදීපො විය. අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයා හොන‍්තීති අඤ‍්ඤමඤ‍්ඤං උප‍්පාදනුපත්‍ථම‍්භනභාවෙන උපකාරකා හොන‍්ති අඤ‍්ඤමඤ‍්ඤූපත්‍ථම‍්භකං තිදණ‍්ඩං විය. නිස‍්සයපච‍්චයා හොන‍්තීති අධිට‍්ඨානාකාරෙන නිස‍්සයාකාරෙන ච උපකාරකා හොන‍්ති තරුචිත‍්තකම‍්මානං පථවීපටාදි විය. සම‍්පයුත‍්තපච‍්චයා හොන‍්තීති එකවත්‍ථුකඑකාරම‍්මණඑකුප‍්පාදඑකනිරොධසඞ‍්ඛාතෙන සම‍්පයුත‍්තභාවෙන උපකාරකා හොන‍්ති.

ආධිපතෙය්‍යං හොති යනු ඡන්‍දාදීන් අධිපති වූ කල්හිද ස්වකෘත්‍ය නිෂ්පාදන වශයෙන් අධිපති වේ. ප්‍රධාන වේ. භාවනාය යනු සත්තමී වචනයි. මතුමත්තෙහි භාවනාව සඳහා තදන්‍වයාහොන්ති යිද, තං අනුගාමිනී එය අනුගමනය කරනුයේ, තං අනුවත්තිනී ඒ අනුව පවතිනුයේ වේ. සහජාත පච්චයා හොන්ති යනු උපදිනු ලබන්නා වූද, උපත සමග වන ස්වභාවයෙන් උපකාරක වේ. බැබළීමට ආලෝකය මෙනි. අඤ්ඤමඤ්ඤ පච්චයා හොන්ති යනු ඔවුනොවුන්ට ඉපැත්මට උපස්තම්භ වන ස්වභාවයෙන් උපකාර වේ. ඔවුනොවුන්ට උපකාරක වන ත්‍රිදණ්ඩ මෙනි. නිස්සය පච්චයා හොන්ති යනු අධිෂ්ඨානාකාරයෙන්ද, නිශ්‍රයාකාරයෙන්ද, උපකාරක වේ. තරු විසිතුරු කර්මාන්තයෙහි පෘථුවි තලයක් මෙන්, සම්පයුත්ත පච්චයා හොන්ති යනු ඒකවස්තුක, ඒකාරම්මණ, ඒකෝත්පාද, ඒකනිරෝධ සංඛ්‍යාත සම්ප්‍රයුක්ත භාවයෙන් උපකාරක වේ.

පටිවෙධකාලෙති මග‍්ගක‍්ඛණෙ සච‍්චපටිවෙධකාලෙ. පඤ‍්ඤින්‍ද්‍රියං ආධිපතෙය්‍යං හොතීති මග‍්ගක‍්ඛණෙ නිබ‍්බානං ආරම‍්මණං කත්‍වා සච‍්චදස‍්සනකිච‍්චකරණවසෙන ච කිලෙසප‍්පහානකිච‍්චකරණවසෙන ච පඤ‍්ඤින්‍ද්‍රියමෙව ජෙට‍්ඨකං හොති. පටිවෙධායාති සච‍්චපටිවිජ‍්ඣනත්‍ථාය. එකරසාති විමුත‍්තිරසෙන. දස‍්සනට‍්ඨෙනාති සච‍්චදස‍්සනට‍්ඨෙන. එවං පටිවිජ‍්ඣන‍්තොපි භාවෙති, භාවෙන‍්තොපි පටිවිජ‍්ඣතීති මග‍්ගක‍්ඛණෙ සකිංයෙව භාවනාය ච පටිවෙධස‍්ස ච සබ‍්භාවදස‍්සනත්‍ථං වුත‍්තං. අනත‍්තානුපස‍්සනාය විපස‍්සනාක‍්ඛණෙපි පඤ‍්ඤින්‍ද්‍රියස‍්සෙව ආධිපතෙය්‍යත‍්තා “පටිවෙධකාලෙපී”ති අපිසද‍්දො පයුත‍්තො.

පටිවෙධ කාලෙ යනු මාර්ගක්‍ෂණයෙහි සත්‍ය ප්‍රතිවේධ කාලයෙහි, පඤ්ඤින්‍ද්‍රියං ආධිපතෙය්‍යං හොති යනු මාර්ගක්‍ෂණයෙහි නිර්වාණය අරමුණුකොට සත්‍යයද දර්ශන කෘත්‍යය කිරීම් වශයෙන්ද කෙලෙස් ප්‍රහාණ කෘත්‍යය කිරීම් වශයෙන්ද, පඤ්ඤින්‍ද්‍රියයම ජ්‍යෙෂ්ඨ වේ. පටිවෙධාය යනු සත්‍යය ප්‍රතිවෙධය සඳහා, එකරසා යනු විමුක්ති රසයෙන්, දස්සනට්ඨෙන යනු සත්‍යය දර්ශනාර්ථයෙන්, එවං පටිවිජ්ඣනන්තොපි භාවෙති භාවෙන්තො පටිවිජ්ඣති යනු මාර්ගක්‍ෂණයෙහි වරක්ම භාවනාවෙහිද ප්‍රතිවේධයෙහිද යථා ස්වභාවය දැක්වීම සඳහා යූ.සේයි. අනාත්මානු පස්සනාවෙන් විදර්ශනා ක්‍ෂණයෙහිද, ප්‍රඥෙන්‍ද්‍රියයාගේම අධිපතිත්‍වය ප්‍රතිවේධ කාලයෙහි යැයි අපි ශබ්දය යොදන ලදි.

අනිච‍්චතො මනසිකරොතො කතමින්‍ද්‍රියං අධිමත‍්තං හොතීතිආදි ඉන්‍ද්‍රියවිසෙසෙන පුග‍්ගලවිසෙසං දස‍්සෙතුං වුත‍්තං. තත්‍ථ අධිමත‍්තන‍්ති අධිකං. තත්‍ථ සද‍්ධින්‍ද්‍රියසමාධින්‍ද්‍රියපඤ‍්ඤින්‍ද්‍රියානං අධිමත‍්තතා සඞ‍්ඛාරුපෙක‍්ඛාය වෙදිතබ‍්බා. සද‍්ධාවිමුත‍්තොති එත්‍ථ අවිසෙසෙත්‍වා වුත‍්තෙපි උපරි විසෙසෙත්‍වා වුත‍්තත‍්තා සොතාපත‍්තිමග‍්ගං ඨපෙත්‍වා සෙසෙසු සත‍්තසු ඨානෙසු සද‍්ධාවිමුත‍්තොති වුත‍්තං හොති. සද‍්ධාවිමුත‍්තො සද‍්ධින්‍ද්‍රියස‍්ස අධිමත‍්තත‍්තා හොති, න සද‍්ධින්‍ද්‍රියස‍්ස අධිමත‍්තත‍්තා සබ‍්බත්‍ථ සද‍්ධාවිමුත‍්තොතිපි වුත‍්තං හොති. සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ සද‍්ධින්‍ද්‍රියස‍්ස අධිමත‍්තත‍්තායෙව සෙසෙසු සමාධින්‍ද්‍රියපඤ‍්ඤින්‍ද්‍රියාධිමත‍්තත‍්තෙපි සති සද‍්ධාවිමුත‍්තොයෙව නාම හොතීති වදන‍්ති. කායසක‍්ඛී හොතීති අට‍්ඨසුපි ඨානෙසු කායසක‍්ඛී නාම හොති. දිට‍්ඨිප‍්පත‍්තො හොතීති සද‍්ධාවිමුත‍්තෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

අනිච්චතො මනසිකරොතො කතමින්‍ද්‍රියං අධිමත්තං හොති ආදී ඉන්‍ද්‍රිය විශේෂයෙන්, පුද්ගල විශේෂය දක්වන්ට යූ.සේයි. එහි ශ්‍රද්ධෙන්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රියයන්ගේ අධිමාත්‍රතාව සංස්කාරෝපේක්‍ෂාවෙන් දතයුත්තාහ. සද්ධා විමුත්තො යන මෙහි අවිසේසයෙන් කියන ලද්දේ නමුත් මත්තෙහි විශේෂකොට කියන ලද හෙයින්, සෝවාන් මාර්ගය හැර සෙසු සත් තන්හි ශ්‍රද්ධා විමුක්තයයි යූ.සේයි. ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අධිමාත්‍රතායෙන් ශ්‍රද්ධා විමුක්ත නම් වේ. ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අධිමාත්‍රාභාවයෙන් හැමතැන ශ්‍රද්ධා විමුක්තයැයි නොයූසේයි. ස්‍රෝතාපත්ති මාර්ගක්‍ෂණයෙහි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අධිමාත්‍රතාවය වේ. සෙසු සමාධින්‍ද්‍රිය, ප්‍රඥෙන්‍ද්‍රියයන්ගේ අධිමාත්‍රතාව ඇතිකල්හිද, ශ්‍රද්ධා විමුක්තම නම් වේයයි කියති. කාය සක්ඛි හොති යනු අටතන්හි කාය සාක්‍ෂි නම් වේ. දිට්ඨිප්පත්තො හොති යන්න ශ්‍රද්ධා විමුක්තයෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.

සද‍්දහන‍්තො විමුත‍්තොති සද‍්ධාවිමුත‍්තොති සද‍්ධින්‍ද්‍රියස‍්ස අධිමත‍්තත‍්තා සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ සද‍්දහන‍්තො චතූසුපි ඵලක‍්ඛණෙසු විමුත‍්තොති සද‍්ධාවිමුත‍්තොති වුත‍්තං හොති. උපරිමග‍්ගත‍්තයක‍්ඛණෙ සද‍්ධාවිමුත‍්තත‍්තං ඉදානි වක‍්ඛති. සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ පන සද‍්ධානුසාරිත‍්තං පච‍්ඡා වක‍්ඛති. ඵුට‍්ඨත‍්තා සච‍්ඡිකතොති කායසක‍්ඛීති සුක‍්ඛවිපස‍්සකත‍්තෙ සති උපචාරජ‍්ඣානඵස‍්සස‍්ස රූපාරූපජ‍්ඣානලාභිත‍්තෙ සති රූපාරූපජ‍්ඣානඵස‍්සස‍්ස ඵුට‍්ඨත‍්තා නිබ‍්බානං සච‍්ඡිකතොති කායසක‍්ඛී, නාමකායෙන වුත‍්තප‍්පකාරෙ ඣානඵස‍්සෙ ච නිබ‍්බානෙ ච සක‍්ඛීති වුත‍්තං හොති. දිට‍්ඨත‍්තා පත‍්තොති දිට‍්ඨිප‍්පත‍්තොති සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ සම‍්පයුත‍්තෙන පඤ‍්ඤින්‍ද්‍රියෙන පඨමං නිබ‍්බානස‍්ස දිට‍්ඨත‍්තා පච‍්ඡා සොතාපත‍්තිඵලාදිවසෙන නිබ‍්බානං පත‍්තොති දිට‍්ඨිප‍්පත‍්තො, පඤ‍්ඤින්‍ද්‍රියසඞ‍්ඛාතාය දිට‍්ඨියා නිබ‍්බානං පත‍්තොති වුත‍්තං හොති. සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ පන ධම‍්මානුසාරිත‍්තං පච‍්ඡා වක‍්ඛති. සද‍්දහන‍්තො විමුච‍්චතීති සද‍්ධාවිමුත‍්තොති සද‍්ධින්‍ද්‍රියස‍්ස අධිමත‍්තත‍්තා සකදාගාමිඅනාගාමිඅරහත‍්තමග‍්ගක‍්ඛණෙසු සද‍්දහන‍්තො විමුච‍්චතීති සද‍්ධාවිමුත‍්තො. එත්‍ථ විමුච‍්චමානොපි ආසංසාය භූතවචනවසෙන “විමුත‍්තො”ති වුත‍්තො. ඣානඵස‍්සන‍්ති තිවිධං ඣානඵස‍්සං. “ඣානඵස‍්ස”න‍්තිආදීනි “දුක‍්ඛා සඞ‍්ඛාරා”තිආදීනි ච පඨමං වුත‍්තං ද‍්වයමෙව විසෙසෙත්‍වා වුත‍්තානි. ඤාතං හොතීතිආදීනි හෙට‍්ඨා වුත‍්තත්‍ථානි. එත්‍ථ ච ඣානලාභී පුග‍්ගලො සමාධින්‍ද්‍රියස‍්ස අනුකූලාය දුක‍්ඛානුපස‍්සනාය එව වුට‍්ඨහිත්‍වා මග‍්ගඵලානි පාපුණාතීති ආචරියානං අධිප‍්පායො.

සද්දහන්තො විමුත්තොති සද්ධා විමුත්තො යනු ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අධිමාත්‍රතා හෙයින් සෝවාන් මාර්ග ක්‍ෂණයෙහි අදහනුයේ, සිව් ඵලක්‍ෂණයන්හි මිදුණේනුයි ශ්‍රද්ධා විමුක්තයයි යූ.සේයි. මතු මාර්ගත්‍රය ක්‍ෂණයෙහි, ශ්‍රද්ධා විමුක්තතාව දැන් කියයි. ස්‍රෝතාපත්ති මාර්ගක්‍ෂණයෙහි ශ්‍රද්ධානුසාරිත්‍වය පසුව කියයි. ඵුට්ඨත්තා සච්ඡිකතොති කාය සක්ඛි යනු ශුෂ්ක විදර්ශකත්වය ඇතිකල්හි උපචාර ධ්‍යාන ස්පර්ශයාගේද, රූපාරූප ධ්‍යානලාභිත්වය ඇතිකල්හි, රූපාරූප ධ්‍යාන ස්පර්ශයාගේ ස්පර්ශ කළ හෙයින්, නිර්වාණය සාක්‍ෂාත් කරන ලද්දේනුයි කාය සාක්‍ෂි නමැ. කයින් කියන ලද ආකාර ඇති, ධ්‍යාන ස්පර්ශයෙහිද, නිර්වාණයෙහිද සාක්‍ෂියයි යූ.සේයි. දිට්ඨප්පත්තො යනු දිටි හෙයින් පැමිණියේයැයි ස්‍රෝතාපත්ති මාර්ග ක්‍ෂණයෙහි ඒ හා යෙදුණු ප්‍රඥෙන්‍ද්‍රියයෙන් ප්‍රථමයෙන් නිර්වාණයාගේ දිටි හෙයින්, පසුව ස්‍රෝතාපත්ති ඵලාදී වශයෙන් නිර්වාණයට පැමිණියේනුයි දෘෂ්ටිප්‍රාප්තයි. ප්‍රඥෙන්‍ද්‍රිය සංඛ්‍යාත දෘෂ්ටියෙන් නිර්වාණයට පැමිණියේ යැයි යූ.සේයි. ස්‍රෝතාපත්ති මාර්ගක්‍ෂණයෙහි ධර්මානුසාරිත්‍වය පසුව කියයි. සද්දහන්තො විමුච්චතීති සද්ධා විමුත්තො යනු ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අධිමාත්‍රතා හෙයින්, සකෘදාගාමි, අනාගාමී, අර්හත් මාර්ග ක්‍ෂණයන්හි අදහනුයේන මිදේයයි ශ්‍රද්ධා විමුක්තයි. මෙහි මිදෙනු ලබනුයේද බලාපොරොත්තුයෙහි භූත (වීම්) වචන වශයෙන් විමුක්ත යැයි යූ.සේයි. ඣාන ඵස්සං යනු ධ්‍යාන ස්පර්ශය තෙවදෑරුම්ය. ‘ඣාන ඵස්සං’ යනාදීන්ද, ‘දුක්ඛා සංඛාරා’ යනාදීන්ද, ප්‍රථමයෙන් කියන ලද ද්වයයම වෙසෙසා යූ.සේයි. ඤාතං හොති යනාදීන් යට කියන ලද අර්ථමය. මෙහිද ධ්‍යානලාභී පුද්ගලයා, සමාධින්‍ද්‍රියයට අනුකූල දුක්ඛානුපස්සනාවෙන්ම නැගිට මාර්ග ඵලයන්ට පැමිණේයයි ආචාර්යවරුන්ගේ අදහසයි. සියා යනු වන්නාහුය යන අර්ථයි. වන්නාහුය.

සියාති සියුං, භවෙය්‍යුන‍්ති අත්‍ථො. “සියා”ති එතං විධිවචනමෙව. තයො පුග‍්ගලාති විපස‍්සනානියමෙන ඉන්‍ද්‍රියනියමෙන ච වුත‍්තා තයො පුග‍්ගලා. වත්‍ථුවසෙනාති තීසු අනුපස‍්සනාසු එකෙකඉන්‍ද්‍රියවත්‍ථුවසෙන. පරියායෙනාති තෙනෙව පරියායෙන. ඉමිනා වාරෙන කිං දස‍්සිතං හොති ? හෙට‍්ඨා එකෙකිස‍්සා අනුපස‍්සනාය එකෙකස‍්ස ඉන්‍ද්‍රියස‍්ස ආධිපච‍්චං යෙභුය්‍යවසෙන වුත‍්තන‍්ති ච, කදාචි තීසුපි අනුපස‍්සනාසු එකෙකස‍්සෙව ඉන්‍ද්‍රියස‍්ස ආධිපච‍්චං හොතීති ච දස‍්සිතං හොති. අථ වා පුබ‍්බභාගවිපස‍්සනාක‍්ඛණෙ තිස‍්සන‍්නම‍්පි අනුපස‍්සනානං සබ‍්භාවතො තාසු පුබ‍්බභාගවිපස‍්සනාසු තෙසං තෙසං ඉන්‍ද්‍රියානං ආධිපච‍්චං අපෙක‍්ඛිත්‍වා මග‍්ගඵලක‍්ඛණෙසු සද‍්ධාවිමුත‍්තාදීනි නාමානි හොන‍්තීති. එවඤ‍්හි වුච‍්චමානෙ හෙට‍්ඨා වුට‍්ඨානගාමිනිවිපස‍්සනාය උපරි ච කතො ඉන්‍ද්‍රියාධිපච‍්චපුග‍්ගලනියමො සුකතොයෙව නිච‍්චලොයෙව ච හොති. අනන‍්තරවාරෙ සියාති අඤ‍්ඤොයෙවාති එවං සියාති අත්‍ථො. එත්‍ථ පුබ‍්බෙ වුත‍්තොයෙව නියමො.

සියා යන එය නියම කිරීම් වචනයයි. තයො පුග්ගලා යනු විදර්ශනා නියමයෙන්ද, ඉන්‍ද්‍රිය නියමයෙන්ද කියන ලද ත්‍රිපුද්ගලයෝ, වත්‍ථු වසෙන යනු ත්‍රිවිධ අනුපස්සනාවන්හි එකිනෙක ඉන්‍ද්‍රිය වශයෙන්, පරියායෙන යනු එම ක්‍රමයෙන්ම, මෙම වාරයෙන් කුමක් දක්වන ලද්දේ වේද, යට එකිනෙක අනුපස්සනාවෙහි එකිනෙක ඉන්‍ද්‍රියයෙහි ආධිපත්‍යය බොහෝ වශයෙන්, කියන ලදුයේද, කිසිකලෙක්හි ත්‍රිවිධ අනුපස්සනාවන්හි එකිනෙකම ඉන්‍ද්‍රියයාගේ ආධිපත්‍යය වේයයි දක්වන ලද්දේ වේ. නොහොත් පූර්වභාග විදර්ශනා ක්‍ෂණයෙහි ත්‍රිවිධ අනුපස්සනාවන්ගේ යෙදීම වන හෙයින් ඒ පූර්වභාග විදර්ශනාවන්හි ඒ ඒ ඉන්‍ද්‍රියයන්ගේ ආධිපත්‍යය අපේක්‍ෂාකොට මාර්ග ඵලක්‍ෂණයන්හි ශ්‍රද්ධා විමුක්ති ආදී නම් වේ. මෙසේ කියනු ලබන කල්හි යට වුට්ඨානගාමිනී විදර්ශනායෙහිද මත්තෙහිද කරන ලද ඉන්‍ද්‍රියාධිපති පුද්ගල නියමය මනාව කරන ලද්දේම, නිශ්චලම වේ. අනන්තර වාරයෙහි සියා යනු අඤ්ඤොයෙව යනු මෙසේ වන්නේ යයි අර්ථයි. මෙහි නියමය පෙර කියන ලද්දේමය.

ඉදානි මග‍්ගඵලවසෙන පුග‍්ගලවිසෙසං විභජිත්‍වා දස‍්සෙතුං අනිච‍්චතො මනසිකරොතො…පෙ… සොතාපත‍්තිමග‍්ගං පටිලභතීතිආදිමාහ. තත්‍ථ සද‍්ධං අනුස‍්සරති අනුගච‍්ඡති, සද‍්ධාය වා නිබ‍්බානං අනුස‍්සරති අනුගච‍්ඡතීති සද‍්ධානුසාරී. සච‍්ඡිකතන‍්ති පච‍්චක‍්ඛකතං. අරහත‍්තන‍්ති අරහත‍්තඵලං. පඤ‍්ඤාසඞ‍්ඛාතං ධම‍්මං අනුස‍්සරති, තෙන වා ධම‍්මෙන නිබ‍්බානං අනුස‍්සරතීති ධම‍්මානුසාරී.

දැන් මාර්ගඵල වශයෙන් පුද්ගල විසේසය බෙදා දක්වන්ට, අනිච්චතො මනසිකරොතො -පෙ- සොතාපත්ති මග්ගං පටිලභති යනාදිය වදාළහ. එහි ශ්‍රද්ධාව අනුව හැසිරේ. අනුව යයි. ශ්‍රද්ධායෙන් හෝ නිර්වාණය අනුව හැසිරේ. අනුව යේනුයි සද්ධානුසාරීයි. සච්ඡිකතං යනු ප්‍රත්‍යක්‍ෂ කරන ලදි. අරහත්තං යනු අර්හත් ඵලයයි. ප්‍රඥා සංඛ්‍යාත ධර්මය සිහිකරයි. එම ධර්මයෙන් හෝ නිර්වාණය සිහිකෙරේනුයි - ධම්මානුසාරියි.

පුන අපරෙහි පරියායෙහි ඉන්‍ද්‍රියත‍්තයවිසෙසෙන පුග‍්ගලවිසෙසං වණ‍්ණෙතුකාමො යෙ හි කෙචීතිආදිමාහ. තත්‍ථ භාවිතා වාති අතීතෙ භාවයිංසු වා. භාවෙන‍්ති වාති පච‍්චුප‍්පන‍්නෙ. භාවිස‍්සන‍්ති වාති අනාගතෙ. අධිගතා වාතිආදි එකෙකන‍්තිකං පුරිමස‍්ස පුරිමස‍්ස අත්‍ථවිවරණත්‍ථං වුත‍්තං. ඵස‍්සිතා වාති ඤාණඵුසනාය ඵුසිංසු වා. වසිප‍්පත‍්තාති ඉස‍්සරභාවං පත‍්තා. පාරමිප‍්පත‍්තාති වොසානං පත‍්තා. වෙසාරජ‍්ජප‍්පත‍්තාති විසාරදභාවං පත‍්තා. සබ‍්බත්‍ථ සද‍්ධාවිමුත‍්තාදයො හෙට‍්ඨා වුත‍්තක‍්ඛණෙසුයෙව, සතිපට‍්ඨානාදයො මග‍්ගක‍්ඛණෙයෙව. අට‍්ඨ විමොක‍්ඛෙති “රූපී රූපානි පස‍්සතී”තිආදිකෙ (පටි· ම· 1.209; ධ· ස· 248) පටිසම‍්භිදාමග‍්ගප‍්පත‍්තියා එව පත‍්තා.

නැවත වෙනස් ක්‍රමයන්ගෙන්, ඉන්‍ද්‍රියත්‍රය විශේෂයෙන් පුද්ගල විශේෂය වර්ණනා කරනු කැමැතියේ, ‘යෙහි කෙචි’ යනාදිය වදාළහ. එහි භාවිතාවා යනු අතීතයෙහි වැඩූහ හෝ, භාවෙන්ති වා යනු වර්තමානයෙහි, භාවිස්සන්තිවා යනු අනාගතයෙහි අධිගතාවා යනු එක් එක් අන්තිකය ප්‍රථම ප්‍රථමයෙහි අර්ථ විවරණය සඳහා යූ.සේයි. ඵස්සිතාවා යනු ඤාණ ස්පර්ශයෙන් ස්පර්ශ කළහ හෝ, වසිප්පත්තා යනු ඓශ්වර්යභාවයට පැමිණියාහ. පාරමිප්පත්තා යනු අවසානයට පැමිණියාහ. වෙසාරජ්ජප්පත්තා යනු විසාරද භාවයට පැමිණියාහු, සියලු ශ්‍රද්ධා විමුක්තාහු යට කියන ලද ක්‍ෂණයන්හිමය. සතිපට්ඨානාදීහු මාර්ගක්‍ෂණයෙහිමය. අට්ඨ විමොක්ඛෙ යනු රූපී රූපානි පස්සති ආදීන්හිය. ප්‍රතිසම්භිදා මාර්ග ප්‍රාප්තියෙහිමය.

තිස‍්සො සික‍්ඛාති අධිසීලසික‍්ඛා අධිචිත‍්තසික‍්ඛා අධිපඤ‍්ඤාසික‍්ඛා මග‍්ගප‍්පත‍්තා එව සික‍්ඛමානා. දුක‍්ඛං පරිජානන‍්තීතිආදීනි මග‍්ගක‍්ඛණෙයෙව. පරිඤ‍්ඤාපටිවෙධං පටිවිජ‍්ඣතීති පරිඤ‍්ඤාපටිවෙධෙන පටිවිජ‍්ඣති, පරිඤ‍්ඤාය පටිවිජ‍්ඣිතබ‍්බන‍්ති වා පරිඤ‍්ඤාපටිවෙධං. එවං සෙසෙසුපි. සබ‍්බධම‍්මාදීහි විසෙසෙත්‍වා අභිඤ‍්ඤාපටිවෙධාදයො වුත‍්තා. සච‍්ඡිකිරියාපටිවෙධො පන මග‍්ගක‍්ඛණෙයෙව නිබ‍්බානපච‍්චවෙක‍්ඛණඤාණසිද‍්ධිවසෙන වෙදිතබ‍්බොති. එවමිධ පඤ‍්ච අරියපුග‍්ගලා නිද‍්දිට‍්ඨා හොන‍්ති, උභතොභාගවිමුත‍්තො ච පඤ‍්ඤාවිමුත‍්තො චාති ඉමෙ ද‍්වෙ අනිද‍්දිට‍්ඨා. අඤ‍්ඤත්‍ථ (විසුද‍්ධි· 2.773) පන “යො පන දුක‍්ඛතො මනසිකරොන‍්තො පස‍්සද‍්ධිබහුලො සමාධින්‍ද්‍රියං පටිලභති, සො සබ‍්බත්‍ථ කායසක‍්ඛී නාම හොති, අරූපජ‍්ඣානං පන පත්‍වා අග‍්ගඵලං පත‍්තො උභතොභාගවිමුත‍්තො නාම හොති. යො පන අනත‍්තතො මනසිකරොන‍්තො වෙදබහුලො පඤ‍්ඤින්‍ද්‍රියං පටිලභති, සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ ධම‍්මානුසාරී හොති, ඡසු ඨානෙසු දිට‍්ඨිප‍්පත‍්තො, අග‍්ගඵලෙ පඤ‍්ඤාවිමුත‍්තො”ති වුත‍්තං. තෙ ඉධ කායසක‍්ඛිදිට‍්ඨිප‍්පත‍්තෙහියෙව සඞ‍්ගහිතා. අත්‍ථතො පන අරූපජ‍්ඣානෙන චෙව අරියමග‍්ගෙන චාති උභතොභාගෙන විමුත‍්තොති උභතොභාගවිමුත‍්තො. පජානන‍්තො විමුත‍්තොති පඤ‍්ඤාවිමුත‍්තොති. එත‍්තාවතා ඉන්‍ද්‍රියපුග‍්ගලවිසෙසා නිද‍්දිට‍්ඨා හොන‍්ති.

තිස්සො සික්ඛා යනු අධිසීල, අධිචිත්ත, අධිප්‍රඥා ශික්‍ෂාවෝ, මෙසේ හික්මෙන්නාහු මාර්ගප්‍රාප්ත වූවාහු දුක මනාව දනිත් ආදීන් මාර්ග ක්‍ෂණයෙහිමය. පරිඤ්ඤා පටිවෙධං පටිවිජ්ඣති යනු විශේෂ දැනීම් ප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කරයි. විශේෂ දැනීමෙන් ප්‍රතිවේධ කළයුතුයයි හෝ පරිඤ්ඤා පටිවෙධංයි. සෙස්සෙහිද මෙසේමය. සියලු ධර්මාදීන්හි වෙසෙසා අභිඤ්ඤා පටිවෙධාදයො විශිෂ්ට ඤාණයෙන් දතයුතු ප්‍රතිවේධාදීහු යූ.සේයි. සච්ඡිකිරියා පටිවෙධො යනු මාර්ගක්‍ෂණයෙහිම නිර්වාණ ප්‍රත්‍යවේක්‍ෂණ ඤාණ සිද්ධි වශයෙන් දතයුතුය. මෙසේ මෙහි ආර්ය පුද්ගලයෝ පස්දෙනෙක් නිර්දේශිතය. උභතොභාග විමුත්ත හා පඤ්ඤා විමුක්ත යන මෙම දෙදෙන අනිර්දිෂ්ටයහ. අන් තන්හි වනාහි දුක් වශයෙන් මෙනෙහි කරනුයේ සන්සිඳීම් බහුල සමාධින්‍ද්‍රිය ලබයි. හෙතෙම හැමතන්හි කාය සාක්‍ෂි නම් වේ. අරූප ධ්‍යානයට පැමිණ, මාර්ග ඵලයට පැමිණියේ උභතො භාග විමුත්ත නම් වේ. අනාත්ම වශයෙන් මෙනෙහි කරනුයේ ප්‍රීතිය බහුල වූයේ ප්‍රඥෙන්‍ද්‍රිය ලබයි. ස්‍රෝතාපත්ති මාර්ගක්‍ෂණයෙහි ධර්මානුසාරී වේ. ෂට් ස්ථානයන්හි දෘෂ්ටිප්‍රාප්ත වූයේ, ප්‍රඥා විමුක්ත වූයේ අග්‍ර ඵලයෙහි පිහිටියේ වේයයි යූ.සේයි. ඔවුහු මෙහි කාය සාක්‍ෂි දෘෂ්ටි ප්‍රාප්තයන් කෙරෙහිම සංගෘහිතය. අර්ථ වශයෙන් වනාහි අරූප ධයානයෙන්ද ආර්ය මාර්ගයෙන්ද යන දෙකොටසින් මිදුණේනුයි උභතො භාග විමුක්තයි. මනාව දැනගනුයේ මිදුණේනුයි පඤ්ඤා විමුත්තයි. මෙතෙකින් ඉන්‍ද්‍රිය පුද්ගල විශේෂතා නිර්දිෂ්ටයහ.

ඉදානි විමොක‍්ඛපුබ‍්බඞ‍්ගමමෙව විමොක‍්ඛවිසෙසං පුග‍්ගලවිසෙසඤ‍්ච දස‍්සෙතුකාමො අනිච‍්චතො මනසිකරොතොතිආදිමාහ. තත්‍ථ ද‍්වෙ විමොක‍්ඛාති අප‍්පණිහිතසුඤ‍්ඤතවිමොක‍්ඛා. අනිච‍්චානුපස‍්සනාගමනවසෙන හි අනිමිත‍්තවිමොක‍්ඛොති ලද‍්ධනාමො මග‍්ගො රාගදොසමොහපණිධීනං අභාවා සගුණතො ච තෙසංයෙව පණිධීනං අභාවා අප‍්පණිහිතන‍්ති ලද‍්ධනාමං නිබ‍්බානං ආරම‍්මණං කරොතීති ආරම‍්මණතො ච අප‍්පණිහිතවිමොක‍්ඛොති නාමම‍්පි ලභති. තථා රාගදොසමොහෙහි සුඤ‍්ඤත‍්තා සගුණතො ච රාගාදීහියෙව සුඤ‍්ඤත‍්තා සුඤ‍්ඤතන‍්ති ලද‍්ධනාමං නිබ‍්බානං ආරම‍්මණං කරොතීති ආරම‍්මණතො ච සුඤ‍්ඤතවිමොක‍්ඛොති නාමම‍්පි ලභති. තස‍්මා තෙ ද‍්වෙ විමොක‍්ඛා අනිමිත‍්තවිමොක‍්ඛන්‍වයා නාම හොන‍්ති. අනිමිත‍්තමග‍්ගතො අනඤ‍්ඤෙපි අට‍්ඨන‍්නං මග‍්ගඞ‍්ගානං එකෙකස‍්ස මග‍්ගඞ‍්ගස‍්ස වසෙන සහජාතාදිපච‍්චයා ච හොන‍්තීති වෙදිතබ‍්බා. පුන ද‍්වෙ විමොක‍්ඛාති සුඤ‍්ඤතානිමිත‍්තවිමොක‍්ඛා. දුක‍්ඛානුපස‍්සනාගමනවසෙන හි අප‍්පණිහිතවිමොක‍්ඛොති ලද‍්ධනාමො මග‍්ගො රූපනිමිත‍්තාදීනං රාගනිමිත‍්තාදීනං නිච‍්චනිමිත‍්තාදීනඤ‍්ච අභාවා සගුණතො ච තෙසංයෙව නිමිත‍්තානං අභාවා අනිමිත‍්තසඞ‍්ඛාතං නිබ‍්බානං ආරම‍්මණං කරොතීති ආරම‍්මණතො ච අනිමිත‍්තවිමොක‍්ඛොති නාමම‍්පි ලභති. සෙසං වුත‍්තනයෙනෙව යොජෙතබ‍්බං. පුන ද‍්වෙ විමොක‍්ඛාති අනිමිත‍්තඅප‍්පණිහිතවිමොක‍්ඛා. යොජනා පනෙත්‍ථ වුත‍්තනයා එව.

දැන් විමෝක්‍ෂ පූර්වාංගමවම, විමෝක්‍ෂ විශේෂයද පුද්ගල විශේෂයද දක්වනු කැමැතියේ, අනිච්චතො මනසිකරොතො ආදිය වදාළහ. එහි ද්වෙ විමොක්ඛා යනු අප්‍රණිහිත හා ශූන්‍යතා විමෝක්‍ෂයෝ අනිත්‍යානුපස්සනාවගේ එළැඹීම් වශයෙන් අනිමිත්ත විමෝක්‍ෂයැයි ලද නම් ඇති මාර්ගය, රාග, ද්වේෂ, මෝහ ප්‍රණිධීන්ගේ අභාවයෙන් ගුණ සහිතතායෙන්ද එම ප්‍රණිධීන්ගේම අභාවයෙන් අප්‍රණිහිත යැයි ලද නම් ඇති නිර්වාණය අරමුණු කෙරේයැයි අරමුණු වශයෙන්ද, අප්‍රණිහිත විමෝක්‍ෂ යැයි නමායද ලබයි. එසේම රාග, ද්වේෂ, මෝහයන්ගෙන් ශූන්‍ය හෙයින් ගුණ සහිත තාවයෙන්ද රාගාදීන්ගෙන්ම ශූන්‍ය හෙයින් ශූන්‍යයැයි ලද නම් ඇති නිර්වාණය අරමුණු කෙරේයැයි අරමුණු වශයෙන්ද ශූන්‍යතා විමෝක්‍ෂයැයිද නාමය ලබයි. එහෙයින් එම ද්වි විමෝක්‍ෂයෝ අනිමිත්ත විමෝක්‍ෂය අනුව ගියාහු නම් වෙති. අනිමිත්ත මාර්ගයෙන් අනන්‍ය අෂ්ට මාර්ගාංගයන්ගේ එකිනෙක මාර්ගාංගයාගේ වශයෙන් සහජාතාදී ප්‍රත්‍යයද වෙතියි දතයුත්තාහ. නැවත ද්වෙ විමොක්ඛා යනු ශූන්‍යතා අනිමිත්ත විමොක්‍ෂයෝ, දුක්ඛානුපස්සනාවගේ පැමිණීම් වශයෙන් වනාහි අප්‍රණිහිත විමෝක්‍ෂයැයි ලද නම් ඇති මාර්ගය, රූප නිමිති, රාග නිමිති, නිත්‍ය නිමිත්තාදීන්ගේ අභාවයෙන් එම නිමිතීන්ගේ අභාවයෙන්, අනිමිත්ත සංඛ්‍යාත නිර්වාණය අරමුණු කෙරේයයි අරමුණු වශයෙන්ද, අනිමිත්ත විමෝක්‍ෂයයි නාමයද ලබයි. සෙස්ස කියන ලද ක්‍රමයෙන්ම යෙදිය යුතුය. නැවත ද්වෙ විමොක්ඛා යනු අනිමිත්ත අප්‍රණිහිත විමෝක්‍ෂයන්, මෙහි යෙදීම කියන ලද ක්‍රමයමය.

පටිවෙධකාලෙති ඉන්‍ද්‍රියානං වුත‍්තක‍්කමෙනෙව වුත‍්තං. මග‍්ගක‍්ඛණං පන මුඤ‍්චිත්‍වා විපස‍්සනාක‍්ඛණෙ විමොක‍්ඛො නාම නත්‍ථි . පඨමං වුත‍්තොයෙව පන මග‍්ගවිමොක‍්ඛො “පටිවෙධකාලෙ”ති වචනෙන විසෙසෙත්‍වා දස‍්සිතො. “යො චායං පුග‍්ගලො සද‍්ධාවිමුත‍්තො”තිආදිකා ද‍්වෙ වාරා ච “අනිච‍්චතො මනසිකරොන‍්තො සොතාපත‍්තිමග‍්ගං පටිලභතී”තිආදිකො වාරො ච සඞ‍්ඛිත‍්තො, විමොක‍්ඛවසෙන පන යොජෙත්‍වා විත්‍ථාරතො වෙදිතබ‍්බො. යෙ හි කෙචි නෙක‍්ඛම‍්මන‍්තිආදිකො වාරො වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බොති. එත‍්තාවතා විමොක‍්ඛපුග‍්ගලවිසෙසා නිද‍්දිට‍්ඨා හොන‍්තීති.

ප්‍රතිවේධ කාලයෙහි ඉන්‍ද්‍රියයන්ගේ කියන ලද ක්‍රමයෙන්ම යූ.සේයි. මාර්ගක්‍ෂණය අත්හැර විදර්ශනා ක්‍ෂණයෙහි විමෝක්‍ෂයෙක් නම් නැත. පළමුව කියන ලද්දම මාර්ග විමෝක්‍ෂය පටිවෙධකාලෙ යයි වචනයෙන් වෙසෙසා දක්වන ලදි. යොචායං පුග්ගලො සද්ධා විමුත්තො ආදී ද්වි වාරයන්ද, අනිච්චතො මනසිකරොන්තො සොතාපත්ති මග්ගං පටිලභති යන ආදී වාරයද සංක්‍ෂිප්ත කරන ලදි. විමෝක්‍ෂ වශයෙන් යොදා විස්තර වශයෙන්ද දතයුතුය. යෙහි කෙචි නෙක්ඛම්මං යන ආදී වාරය කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය. මෙපමණකින්, විමෝක්‍ෂ පුද්ගල විශේෂතා නිර්දිෂ්ටය.

පුන විමොක‍්ඛමුඛානි ච විමොක‍්ඛෙ ච අනෙකධා නිද‍්දිසිතුකාමො අනිච‍්චතො මනසිකරොන‍්තොතිආදිමාහ. තත්‍ථ යථාභූතන‍්ති යථාසභාවෙන. ජානාතීති ඤාණෙන ජානාති. පස‍්සතීති තෙනෙව ඤාණෙන චක‍්ඛුනා විය පස‍්සති. තදන්‍වයෙනාති තදනුගමනෙන, තස‍්ස පච‍්චක‍්ඛතො ඤාණෙන දිට‍්ඨස‍්ස අනුගමනෙනාති අත්‍ථො. කඞ‍්ඛා පහීයතීති අනිච‍්චානුපස‍්සනාය නිච‍්චානිච‍්චකඞ‍්ඛා, ඉතරාහි ඉතරකඞ‍්ඛා. නිමිත‍්තන‍්ති සන‍්තතිඝනවිනිබ‍්භොගෙන නිච‍්චසඤ‍්ඤාය පහීනත‍්තා ආරම‍්මණභූතං සඞ‍්ඛාරනිමිත‍්තං යථාභූතං ජානාති. තෙන වුච‍්චති සම‍්මාදස‍්සනන‍්ති තෙන යථාභූතජානනෙන තං ඤාණං “සම‍්මාදස‍්සන”න‍්ති වුච‍්චති. පවත‍්තන‍්ති දුක‍්ඛප‍්පත‍්තාකාරෙ සුඛසඤ‍්ඤං උග‍්ඝාටෙත්‍වා සුඛසඤ‍්ඤාය පහානෙන පණිධිසඞ‍්ඛාතාය තණ‍්හාය පහීනත‍්තා සුඛසම‍්මතම‍්පි විපාකපවත‍්තං යථාභූතං ජානාති. නිමිත‍්තඤ‍්ච පවත‍්තඤ‍්චාති නානාධාතුමනසිකාරසම‍්භවෙන සමූහඝනවිනිබ‍්භොගෙන උභයථාපි අත‍්තසඤ‍්ඤාය පහීනත‍්තා සඞ‍්ඛාරනිමිත‍්තඤ‍්ච විපාකපවත‍්තඤ‍්ච යථාභූතං ජානාති. යඤ‍්ච යථාභූතං ඤාණන‍්තිආදිත‍්තයං ඉදානි වුත‍්තමෙව, න අඤ‍්ඤං. භයතො උපට‍්ඨාතීති නිච‍්චසුඛඅත‍්තාභාවදස‍්සනතො යථාක‍්කමං තං තං භයතො උපට‍්ඨාති. යා ච භයතුපට‍්ඨානෙ පඤ‍්ඤාතිආදිනා “උදයබ‍්බයානුපස‍්සනාඤාණං භඞ‍්ගානුපස‍්සනාඤාණං භයතුපට‍්ඨානඤාණං ආදීනවානුපස‍්සනාඤාණං නිබ‍්බිදානුපස‍්සනාඤාණං මුඤ‍්චිතුකම්‍යතාඤාණං පටිසඞ‍්ඛානුපස‍්සනාඤාණං සඞ‍්ඛාරුපෙක‍්ඛාඤාණං අනුලොමඤාණ”න‍්ති වුත‍්තෙසු පටිපදාඤාණදස‍්සනවිසුද‍්ධිසඞ‍්ඛාතෙසු නවසු විපස‍්සනාඤාණෙසු භයතුපට‍්ඨානසම‍්බන්‍ධෙන අවත්‍ථාභෙදෙන භින‍්නානි එකට‍්ඨානි තීණි ඤාණානි වුත‍්තානි, න සෙසානි.

නැවත විමෝක්‍ෂ මුඛයන්ද, විමෝක්‍ෂයද නොයෙක් අයුරින් නිර්දේශ කරනු කැමැතියේ, අනිච්චතො මනසිකරොතො ආදිය වදාළහ. එහි යථාභූතං යනු යථා ස්වභාවයෙන්, ජානාති යනු ඤාණයෙන් දනියි. පස්සති යනු එම ඤාණයෙන්ම ඇසින් දුටුසේ දකියි. තදන්‍වයෙන යනු එය අනුගමනයෙන්, එයට ප්‍රතිපක්‍ෂ වශයෙන් ඤාණයෙන් දක්නා ලද්දෙහි අනුගමනයෙන් යයි අර්ථයි. කංඛා පහීයති යනු අනිත්‍යානුපස්සනාවෙන් නිත්‍ය අනිත්‍ය පිළිබඳ සැකයන්, අනෙක්වායින් අනෙක් සැකයන්, නිමිත්තං යනු සන්තති හා ඝන බෙදා වෙන්කිරීමෙන් නිත්‍ය සංඥාවෙහි ප්‍රහීණ හෙයින් අරමුණු වූ සංස්කාර නිමිත්ත තත්වාකාරයෙන් දකියි. තෙන වුච්චති සම්මා දස්සනං යනු ඒ යථා ස්වභාව දැනීමෙන් යුත් එම ඤාණය සම්මා දස්සනංයයි යූ.සේයි. පවත්තං යනු දුක්ඛප්‍රාප්තාකාරයෙහි සුව සංඥාව උගුලුවා සුව සංඥාවගේ ප්‍රහාණයෙන් ප්‍රණිධි සංඛ්‍යාත තෘෂ්ණාවගේ ප්‍රහීණ හෙයින් සුව සම්මත වූද විපාක ප්‍රවෘත්තිය තත්වාකාරයෙන් දනියි. නිමිත්තඤ්ච පවත්තඤ්ච යනු නොයෙක් ධාතු මනසිකාර හටගැන්මෙන්, සමූහ-ඝන වෙන් කිරීමෙන් යන දෙයාකාරයෙන්ම ආත්ම සංඥාවගේ ප්‍රහීණ හෙයින් සුව සම්මත වූද විපාක ප්‍රවෘත්තිය තත්වාකාරයෙන් දනියි. යඤ්ච යථාභූතං ඤාණං යනු ආදී ත්‍රයය දැන් කීයේමය. අනෙකක් නොවේ. භයතො උපට්ඨාති නිත්‍ය, සුව, ආත්ම අභාව දර්ශනයෙන් පිළිවෙළින් ඒ ඒ දෑ භය වශයෙන් වැටහේ. යඤ්ච භයතුපට්ඨානෙ ඤාණං යන ආදියෙන් උදයව්‍යයානු පස්සනා ඤාණය, භංගානුපස්සනා ඤාණය, භයතුපට්ඨාන ඤාණය, ආදීනවානුපස්සනා ඤාණය, නිර්වේදානුපස්සනා ඤාණය, මුඤ්චිතුකම්‍යතා ඤාණය, පටිසංඛානුපස්සනා ඤාණය, සංස්කාරොපේක්‍ෂා ඤාණය, අනුලෝම ඤාණයයි කියන ලද, ප්‍රතිපදා ඤාණ දර්ශන විශුද්ධි සංඛ්‍යාත, නව විදර්ශනා ඤාණයන්හි, භයතුපට්ඨාන සම්බන්ධයෙන් අවස්ථා භේදයෙන් බිඳුණාහු, එකස්ථානී ත්‍රිවිධ ඤාණයන් යූ.සේයි. සෙස්ස නොවේ.

පුන තීසු අනුපස‍්සනාසු අන‍්තෙ ඨිතාය අනන‍්තරාය අනත‍්තානුපස‍්සනාය සම‍්බන්‍ධෙන තාය සහ සුඤ‍්ඤතානුපස‍්සනාය එකට‍්ඨතං දස‍්සෙතුං යා ච අනත‍්තානුපස‍්සනා යා ච සුඤ‍්ඤතානුපස‍්සනාතිආදිමාහ. ඉමානි හි ද‍්වෙ ඤාණානි අත්‍ථතො එකමෙව, අවත්‍ථාභෙදෙන පන භින‍්නානි. යථා ච ඉමානි, තථා අනිච‍්චානුපස‍්සනා ච අනිමිත‍්තානුපස‍්සනා ච අත්‍ථතො එකමෙව ඤාණං, දුක‍්ඛානුපස‍්සනා ච අප‍්පණිහිතානුපස‍්සනා ච අත්‍ථතො එකමෙව ඤාණං, කෙවලං අවත්‍ථාභෙදෙනෙව භින‍්නානි. අනත‍්තානුපස‍්සනාසුඤ‍්ඤතානුපස‍්සනානඤ‍්ච එකට‍්ඨතාය වුත‍්තාය තෙසං ද‍්වින‍්නං ද‍්වින‍්නම‍්පි ඤාණානං එකලක‍්ඛණත‍්තා එකට‍්ඨතා වුත‍්තාව හොතීති. නිමිත‍්තං පටිසඞ‍්ඛා ඤාණං උප‍්පජ‍්ජතීති “සඞ‍්ඛාරනිමිත‍්තං අද‍්ධුවං තාවකාලික”න‍්ති අනිච‍්චලක‍්ඛණවසෙන ජානිත්‍වා ඤාණං උප‍්පජ‍්ජති. කාමඤ‍්ච න පඨමං ජානිත්‍වා පච‍්ඡා ඤාණං උප‍්පජ‍්ජති, වොහාරවසෙන පන “මනඤ‍්ච පටිච‍්ච ධම‍්මෙ ච උප‍්පජ‍්ජති මනොවිඤ‍්ඤාණ”න‍්තිආදීනි (සං· නි· 4.60; ම· නි· 1.400; 3.421) විය එවං වුච‍්චති. සද‍්දසත්‍ථවිදූපි ච “ආදිච‍්චං පාපුණිත්‍වා තමො විගච‍්ඡතී”තිආදීසු විය සමානකාලෙපි ඉමං පදං ඉච‍්ඡන‍්ති. එකත‍්තනයෙන වා පුරිමඤ‍්ච පච‍්ඡිමඤ‍්ච එකං කත්‍වා එවං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. ඉමිනා නයෙන ඉතරස‍්මිම‍්පි පදද‍්වයෙ අත්‍ථො වෙදිතබ‍්බො. මුඤ‍්චිතුකම්‍යතාදීනං තිණ‍්ණං ඤාණානං එකට‍්ඨතා හෙට‍්ඨා වුත‍්තනයා එව.

නැවත ත්‍රිවිධ අනුපස්සනාවන්හි අන්තයෙහි සිටි අනන්තර, අනාත්මානුපස්සනාව සම්බන්ධයෙන් එය සමග ශූන්‍යතානුපස්සනායෙහි එක් අර්ථ භාවය දක්වන්ට, යාච අනත්තානුපස්සනා යාච සුඤ්ඤතානුපස්සනා යන ආදිය වදාළහ. මෙම ද්වි ඤාණයෝ අර්ථ වශයෙන් එකමය. අවස්ථා භේදයෙන් බිඳුණාහ. මේවා යම්සේද, එසේම අනිච්චානුපස්සනාවද, අනිමිත්තානුපස්සනාවද, අර්ථ වහයෙන් එකම ඤාණයයි. දුක්ඛානුපස්සනාවද, අප්‍රණිහිතානුපස්සනාවද. අර්ථ වශයෙන් එකම ඤාණයයි. හුදෙක් අවස්ථා භේදයෙන්ම බිඳුණාහ. අනාත්මානුපස්සනාවද, ශූන්‍යතානුපස්සනාවද, ඒකාර්ථතායෙහි කියන ලද හෙයින් එම ද්වි ඤාණයන්ගේ එක් ලක්‍ෂණතාව ඒකාර්ථතාව යූ.සේයි. නිමිත්තා පටිසංඛා ඤාණං උප්පජ්ජති යනු සංස්කාර නිමිත්ත ස්ථිර නොවේ තාවකාලිකයැයි අනිත්‍ය ලක්‍ෂණ වශයෙන් දැන නුවණ උපදී. ඒකාන්තයෙන් පළමුව දැන පසුව ඤාණය උපදී. ව්‍යවහාර වශයෙන් ‘සිතද ධර්මයන්ද හේතුවෙන් මනො විඤ්ඤාණය උපදි’ යනාදීන් මෙන් මෙසේ යූ.සේයි. ශබ්ද ශාස්ත්‍රඥයෝද ‘සූර්යයා පැමිණ අඳුර පහව යයි’ ආදීන්හි මෙන් සමාන කාලයෙහිද මෙම පදය කැමැති වෙති. ඒකත්‍වනයෙන් හෝ පළමු පදයද, දෙවන පදයද එකක් සේ සලකා මෙසේ යූ.සේයි. මෙම ක්‍රමයෙන් අනෙක් පද ද්වයයෙහිද අර්ථය දතයුතුය. මුඤ්චිතු කම්‍යතාදී ත්‍රිවිධ ඤාණයන්ගේ ඒකාර්ථතාව යට යූ.සේයි.

නිමිත‍්තා චිත‍්තං වුට‍්ඨාතීති සඞ‍්ඛාරනිමිත‍්තෙ දොසදස‍්සනෙන තත්‍ථ අනල‍්ලීනතාය සඞ‍්ඛාරනිමිත‍්තා චිත‍්තං වුට‍්ඨාති නාම. අනිමිත‍්තෙ චිත‍්තං පක‍්ඛන්‍දතීති සඞ‍්ඛාරනිමිත‍්තපටිපක‍්ඛෙන අනිමිත‍්තසඞ‍්ඛාතෙ නිබ‍්බානෙ තන‍්නින‍්නතාය චිත‍්තං පවිසති. සෙසානුපස‍්සනාද‍්වයෙපි ඉමිනා නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. නිරොධෙ නිබ‍්බානධාතුයාති ඉධ වුත‍්තෙනෙව පඨමානුපස‍්සනාද‍්වයම‍්පි වුත‍්තමෙව හොති. නිරොධෙතිපි පාඨො. බහිද‍්ධාවුට‍්ඨානවිවට‍්ටනෙ පඤ‍්ඤාති වුට‍්ඨානසම‍්බන්‍ධෙන ගොත්‍රභුඤාණං වුත‍්තං. ගොත්‍රභූ ධම‍්මාති ගොත්‍රභුඤාණමෙව. ඉතරථා හි එකට‍්ඨතා න යුජ‍්ජති. “අසඞ‍්ඛතා ධම‍්මා, අප‍්පච‍්චයා ධම‍්මා”තිආදීසු (ධ· ස· දුකමාතිකා 7, 8) විය වා චතුමග‍්ගවසෙන වා බහුවචනං කතන‍්ති වෙදිතබ‍්බං. යස‍්මා විමොක‍්ඛොති මග‍්ගො, මග‍්ගො ච දුභතොවුට‍්ඨානො, තස‍්මා තෙන සම‍්බන්‍ධෙන යා ච දුභතොවුට‍්ඨානවිවට‍්ටනෙ පඤ‍්ඤාතිආදි වුත‍්තං.

නිමිත්තා චිත්තං වුට්ඨාති යනු සංස්කාර නිමිතීන්හි දොස් දැකීමෙන් එහි නොඇලෙන ස්වභාවයෙන් සංස්කාර නිමිත්තෙන් සිත නැගිටී නමැ. අනිමිත්තෙ චිත්තං පක්ඛන්‍දති යනු සංස්කාර නිමිත්තට ප්‍රතිපක්‍ෂ වූ, අනිමිත්ත සංඛ්‍යාත නිර්වාණයෙහි සිත පිවිසේ. සෙසු අනුපස්සනා ද්වයයෙහිද මෙම ක්‍රමයෙන් අර්ථය දතයුතුය. නිරොධ නිබ්බාන ධාතුයා යනු කියන ලද්දා වූම ප්‍රථම අනුපස්සනා ද්වයයද යූ.සේයි. නිරොධෙ යනුද පාඨයි. බහිද්ධා වුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා යනු නැගී සිටීම් සම්බන්ධයෙන් ගෝත්‍රභූ ඤාණය යූ.සේයි. ගෝත්‍රභූ ධම්මා යනු ගෝත්‍රභූ ඤාණයමය. අනෙක් අයුරින් ඒකාර්ථතාව නොයෙදේ. අසංඛතා ධම්මා අප්පච්චයා ධම්මා යන ආදීන්හි මෙන් හෝ සිව්මග වශයෙන් හෝ බහුවචන කරන ලදැයි දතයුතුය. විමොක්‍ෂ යයි මාර්ගයද, මාර්ගයද කෙලෙසුන් කෙරෙන්ද, තදනුවර්තක ස්කන්ධයන් කෙරෙන්ද යන දෙකින් නැගී සිටුනේ වේ. එහෙයින් ඒහා සම්බන්ධයෙන් යා ච දුභතො වුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා ආදිය යූ.සේයි.

පුන විමොක‍්ඛානං නානාක‍්ඛණානං එකක‍්ඛණපරියායං දස‍්සෙතුකාමො කතිහාකාරෙහීතිආදිමාහ. තත්‍ථ ආධිපතෙය්‍යට‍්ඨෙනාති ජෙට‍්ඨකට‍්ඨෙන. අධිට‍්ඨානට‍්ඨෙනාති පතිට‍්ඨානට‍්ඨෙන. අභිනීහාරට‍්ඨෙනාති විපස‍්සනාවීථිතො නීහරණට‍්ඨෙන. නිය්‍යානට‍්ඨෙනාති නිබ‍්බානුපගමනට‍්ඨෙන. අනිච‍්චතො මනසිකරොතොති වුට‍්ඨානගාමිනිවිපස‍්සනාක‍්ඛණෙයෙව . අනිමිත‍්තො විමොක‍්ඛොති මග‍්ගක‍්ඛණෙයෙව. එස නයො සෙසෙසු. චිත‍්තං අධිට‍්ඨාතීති චිත‍්තං අධිකං කත්‍වා ඨාති, චිත‍්තං පතිට‍්ඨාපෙතීති අධිප‍්පායො. චිත‍්තං අභිනීහරතීති විපස‍්සනාවීථිතො චිත‍්තං නීහරති. නිරොධං නිබ‍්බානං නිය්‍යාතීති නිරොධසඞ‍්ඛාතං නිබ‍්බානං උපගච‍්ඡතීති එවං ආකාරනානත‍්තතො චතුධා නානාක‍්ඛණතා දස‍්සිතා.

නැවත විමෝක්‍ෂයන්ගේ නානා ක්‍ෂණයන් ඒකක්‍ෂණ ක්‍රමයෙහි දක්වනු කැමැතියේ කතීහාකාරෙහි යනාදිය වදාළහ. එහි ආධිපතෙය්‍යට්ඨෙන යනු ජ්‍යෙෂ්ඨකත්වයෙන්, අධිට්ඨනට්ඨෙන ප්‍රතිෂ්ඨා ස්වභාවයෙන්, අභිනීහාරට්ඨෙන යනු විදර්ශනා ක්‍රමයෙන් එළැවීම් ස්වභාවයෙන්, නීය්‍යාණට්ඨෙන යනු නිර්වාණයට එළැඹීම් අර්ථයෙන්, අනිච්චතො මනසිකරොති යනු වුට්ඨානගාමිණී විදර්ශනා ක්‍ෂණයෙහිම, අනිමිත්තො විමොක්ඛො යනු මාර්ගක්‍ෂණයෙහිම සෙස්සෙහිද මෙම ක්‍රමයමැයි. චිත්තං අධිට්ඨාති යනු සිත අධිකකොට සිටියි. සිත පිහිටුවයි යන අදහසයි. චිත්තං අභිනීහරති යනු විදර්ශනා ක්‍රමයෙන් සිත එළවයි. නිරොධං නිබ්බාණං නීය්‍යාති යනු නිරෝධ සංඛ්‍යාත නිර්වාණයට එළැඹේ යැයි මෙසේ ආකාර නානත්‍වයෙන් සිව් ආකාරයෙන් නානා ක්‍ෂණතාව දක්වන ලදි.

එකක‍්ඛණතාය සමොධානට‍්ඨෙනාති එකජ‍්ඣං සමොසරණට‍්ඨෙන. අධිගමනට‍්ඨෙනාති වින්‍දනට‍්ඨෙන. පටිලාභට‍්ඨෙනාති පාපුණනට‍්ඨෙන. පටිවෙධට‍්ඨෙනාති ඤාණෙන පටිවිජ‍්ඣනට‍්ඨෙන. සච‍්ඡිකිරියට‍්ඨෙනාති පච‍්චක‍්ඛකරණට‍්ඨෙන. ඵස‍්සනට‍්ඨෙනාති ඤාණඵුසනාය ඵුසනට‍්ඨෙන. අභිසමයට‍්ඨෙනාති අභිමුඛං සමාගමනට‍්ඨෙන. එත්‍ථ “සමොධානට‍්ඨෙනා”ති මූලපදං, සෙසානි අධිගමවෙවචනානි. තස‍්මායෙව හි සබ‍්බෙසං එකතො විස‍්සජ‍්ජනං කතං. නිමිත‍්තා මුච‍්චතීති නිච‍්චනිමිත‍්තතො මුච‍්චති. ඉමිනා විමොක‍්ඛට‍්ඨො වුත‍්තො. යතො මුච‍්චතීති යතො නිමිත‍්තතො මුච‍්චති. තත්‍ථ න පණිදහතීති තස‍්මිං නිමිත‍්තෙ පත්‍ථනං න කරොති. යත්‍ථ න පණිදහතීති යස‍්මිං නිමිත‍්තෙ න පණිදහති. තෙන සුඤ‍්ඤොති තෙන නිමිත‍්තෙන සුඤ‍්ඤො. යෙන සුඤ‍්ඤොති යෙන නිමිත‍්තෙන සුඤ‍්ඤො. තෙන නිමිත‍්තෙන අනිමිත‍්තොති ඉමිනා අනිමිත‍්තට‍්ඨො වුත‍්තො.

එකක්ඛණතාය සමොධානට්ඨෙන යනු එකට එකතුව රැස්වීම් අර්ථයෙන්, අධිගමනට්ඨෙන යනු වින්‍දනාර්ථයෙන්, පටිලාභට්ඨෙන යනු ප්‍රතිලාභාර්ථයෙන්, පටිවෙධට්ඨෙන යනු නුවණින් අවබෝධ කරන අර්ථයෙන්, සච්ඡිකිරියට්ඨෙන යනු ප්‍රත්‍යක්‍ෂ කරන අර්ථයෙන්, ඵුසනට්ඨෙන යනු ඤාණ ස්පර්ශයෙන් ස්පර්ශ කරන අර්ථයෙන් අභිසමයට්ඨෙන යනු අභිමුව එක්තැන්වීම් අර්ථයෙන්, මෙහි සමොධානට්ඨෙන යනු මූලපදයයි. සෙස්ස අධිගම පර්යාය වචනයි. එහෙයින් සියල්ලෙහිම එකට විසඳීම කරන ලදි. නිමිත්තා මුච්චති යනු නිමිත්තෙහි මිදේ. මෙයින් විමෝක්‍ෂාර්ථය යූ.සේයි. යතො මුච්චති යනු යම් නිමිත්තකින් මිදේ. තත්‍ථ න පණිදහති එම නිමිත්තෙහි අපේක්‍ෂාවක් නොකරයි. යත්‍ථ න පණිදහති යම් නිමිත්තක අපේක්‍ෂාවක් නොකරයිද, තෙන සුඤ්ඤො යනු එම නිමිත්තෙන් ශූන්‍ය වූයේ, යෙන සුඤ්ඤො යනු යම් නිමිත්තතකින් ශූන්‍ය වූයේ, තෙන නිමිත්තෙන අනිමිත්තො යනු මෙයින් අනිමිත්තාර්ථය යූ.සේයි.

පණිධියා මුච‍්චතීති පණිධිතො මුච‍්චති. “පණිධි මුච‍්චතී”ති පාඨො නිස‍්සක‍්කත්‍ථොයෙව. ඉමිනා විමොක‍්ඛට‍්ඨො වුත‍්තො. යත්‍ථ න පණිදහතීති යස‍්මිං දුක‍්ඛෙ න පණිදහති. තෙන සුඤ‍්ඤොති තෙන දුක‍්ඛෙන සුඤ‍්ඤො. යෙන සුඤ‍්ඤොති යෙන දුක‍්ඛනිමිත‍්තෙන සුඤ‍්ඤො. යෙන නිමිත‍්තෙනාති යෙන දුක‍්ඛනිමිත‍්තෙන. තත්‍ථ න පණිදහතීති ඉමිනා අප‍්පණිහිතට‍්ඨො වුත‍්තො. අභිනිවෙසා මුච‍්චතීති ඉමිනා විමොක‍්ඛට‍්ඨො වුත‍්තො. යෙන සුඤ‍්ඤොති යෙන අභිනිවෙසනිමිත‍්තෙන සුඤ‍්ඤො. යෙන නිමිත‍්තෙනාති යෙන අභිනිවෙසනිමිත‍්තෙන. යත්‍ථ න පණිදහති, තෙන සුඤ‍්ඤොති යස‍්මිං අභිනිවෙසනිමිත‍්තෙ න පණිදහති, තෙන අභිනිවෙසනිමිත‍්තෙන සුඤ‍්ඤො. ඉමිනා සුඤ‍්ඤතට‍්ඨො වුත‍්තො.

පණිධියා මුච්චති යනු ප්‍රණිධියෙන් මිදේ. පණිධි මුච්චතියිද පාඨයි. පංචමී අර්ථයමය. මින් විමෝක්‍ෂාර්ථය යූ.සේයි. යත්‍ථ න පණිදහති යනු යම් දුක්ඛයෙක්හි ප්‍රාර්ථනා නොකෙරේද, තෙන සුඤ්ඤො එම දුකින් ශූන්‍ය වූයේ, යෙන සුඤ්ඤො යම් දුක් නිමිත්තකින් ශූන්‍ය වූයේ යෙන නිමිත්තෙන යනු යම් දුක් නිමිත්තකින්, තත්‍ථ න පණිදහති මෙයින් අප්‍රණිහිතාර්ථය යූ.සේයි. අභිනිවෙසා මුච්චති යනු මෙයින් විමෝක්‍ෂාර්ථය යූ.සේයි. යෙන සුඤ්ඤො යනු යම් අභිනිවේස නිමිත්තෙන් ශූන්‍ය, යෙන නිමිත්තෙන යනු යම් අභිනිවේස නිමිත්තෙන්, යත්‍ථ න පණිදහති තෙන සුඤ්ඤො යනු යම් අභිනිවේස නිමිත්තක ප්‍රාර්ථනා නොකෙරේද, ඒ අභිනිවේස නිමිත්තෙන් ශූන්‍යයි. මෙයින් ශූන්‍යාර්ථය යූසේයි.

පුන අට‍්ඨවිමොක‍්ඛාදීනි නිද‍්දිසිතුකාමො අත්‍ථි විමොක‍්ඛොතිආදිමාහ. තත්‍ථ නිච‍්චතො අභිනිවෙසාතිආදීනි සඤ‍්ඤාවිමොක‍්ඛෙ වුත‍්තනයෙන වෙදිතබ‍්බානි. සබ‍්බාභිනිවෙසෙහීති වුත‍්තප‍්පකාරෙහි අභිනිවෙසෙහි. ඉති අභිනිවෙසමුච‍්චනවසෙන සුඤ‍්ඤතවිමොක‍්ඛා නාම ජාතා, තෙයෙව නිච‍්චාදිනිමිත‍්තමුච‍්චනවසෙන අනිමිත‍්තවිමොක‍්ඛා, නිච‍්චන‍්තිආදිපණිධීහි මුච‍්චනවසෙන අප‍්පණිහිතවිමොක‍්ඛා. එත්‍ථ ච පණිධි මුච‍්චතීති සබ‍්බත්‍ථ නිස‍්සක‍්කත්‍ථො වෙදිතබ‍්බො. පණිධියා මුච‍්චතීති වා පාඨො. “සබ‍්බපණිධීහි මුච‍්චතී”ති චෙත්‍ථ සාධකං. එවං තිස‍්සො අනුපස‍්සනා තදඞ‍්ගවිමොක‍්ඛත‍්තා ච සමුච‍්ඡෙදවිමොක‍්ඛස‍්ස පච‍්චයත‍්තා ච පරියායෙන විමොක‍්ඛාති වුත‍්තා.

නැවත අෂ්ට විමෝක්‍ෂාදීන් නිර්දේශ කරනු කැමැතියේ ‘අට්ඨ විමොක්ඛා’ ආදිය වදාළහ. එහි නිච්චතො අභිනිවෙසා යනාදීන් සංඥා විමෝක්‍ෂයෙහි කියන ලද ක්‍රමයෙන් දතයුත්තාහ. සබ්බාභි නිවෙසෙහි යනු කියන ලද ආකාර අභිනිවේසයන්ගෙන් මෙසේ අභිනිවේස මිදීම් වශයෙන් ශූන්‍යත විමෝක්‍ෂ නම් විය. ඒවාම නිත්‍යාදී නිමිතිවලින් මිදීම් වශයෙන් අනිමිත්ත විමෝක්‍ෂයි. නිත්‍යය යනු ප්‍රාර්ථනාවන්ගෙන් මිදීම් වශයෙන් අප්‍රණිහිත විමෝක්‍ෂයි. මෙහිද පණිධි මුච්චති යන හැමතැන පංචමී අර්ථය දතයුතුය. පණිධියා මුච්චති යයි හෝ පාඨයි. සබ්බ පණිධීහි මුච්චතී යනු මෙහි සාධකයි. මෙසේ ත්‍රිවිධ අනුපස්සනා තදංග විමෝක්‍ෂ හෙයින්ද සමුච්ඡේද විමෝක්‍ෂයට ප්‍රත්‍යය හෙයින්ද පර්යායෙන් විමෝක්‍ෂයයි යූසේයි.

තත්‍ථ ජාතාති අනන‍්තරෙ විපස‍්සනාවිමොක‍්ඛෙපි සති ඉමිස‍්සා කථාය මග‍්ගවිමොක‍්ඛාධිකාරත‍්තා තස‍්මිං මග‍්ගවිමොක‍්ඛෙ ජාතාති වුත‍්තං හොති. අනවජ‍්ජකුසලාති රාගාදිවජ‍්ජවිරහිතා කුසලා. විච‍්ඡෙදං කත්‍වා වා පාඨො. බොධිපක‍්ඛියා ධම‍්මාති “චත‍්තාරො සතිපට‍්ඨානා, චත‍්තාරො සම‍්මප‍්පධානා, චත‍්තාරො ඉද‍්ධිපාදා, පඤ‍්චින්‍ද්‍රියානි, පඤ‍්ච බලානි, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා , අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො”ති (ම· නි· 3.35, 43; චූළනි· මෙත‍්තගූමාණවපුච‍්ඡානිද‍්දෙස 22; මි· ප· 5.4.1) වුත‍්තා සත‍්තතිංස බොධිපක‍්ඛියධම‍්මා. ඉදං මුඛන‍්ති ඉදං වුත‍්තප‍්පකාරං ධම‍්මජාතං ආරම‍්මණතො නිබ‍්බානපවෙසාය මුඛත‍්තා මුඛං නාමාති වුත‍්තං හොති. තෙසං ධම‍්මානන‍්ති තෙසං බොධිපක‍්ඛියානං ධම‍්මානං. ඉදං විමොක‍්ඛමුඛන‍්ති නිබ‍්බානං වික‍්ඛම‍්භනතදඞ‍්ගසමුච‍්ඡෙදපටිප‍්පස‍්සද‍්ධිනිස‍්සරණවිමොක‍්ඛෙසු නිස‍්සරණවිමොක‍්ඛොව, “යාවතා, භික‍්ඛවෙ , ධම‍්මා සඞ‍්ඛතා වා අසඞ‍්ඛතා වා, විරාගො තෙසං ධම‍්මානං අග‍්ගමක‍්ඛායතී”ති (ඉතිවු· 90; අ· නි· 4.34) වුත‍්තත‍්තා උත‍්තමට‍්ඨෙන මුඛඤ‍්චාති විමොක‍්ඛමුඛං. විමොක‍්ඛඤ‍්ච තං මුඛඤ‍්ච විමොක‍්ඛමුඛන‍්ති කම‍්මධාරයසමාසවසෙන අයමෙව අත්‍ථො වුත‍්තො. විමොක‍්ඛඤ‍්චාති එත්‍ථ ලිඞ‍්ගවිපල‍්ලාසො කතො. තීණි අකුසලමූලානීති ලොභදොසමොහා. තීණි දුච‍්චරිතානීති කායවචීමනොදුච‍්චරිතානි. සබ‍්බෙපි අකුසලා ධම‍්මාති අකුසලමූලෙහි සම‍්පයුත‍්තා දුච‍්චරිතෙහි සම‍්පයුත‍්තා ච අසම‍්පයුත‍්තා ච සෙවිතබ‍්බදොමනස‍්සාදීනි ඨපෙත්‍වා සබ‍්බෙපි අකුසලා ධම‍්මා. කුසලමූලසුචරිතානි වුත‍්තපටිපක‍්ඛෙන වෙදිතබ‍්බානි. සබ‍්බෙපි කුසලා ධම‍්මාති වුත‍්තනයෙනෙව සම‍්පයුත‍්තා අසම‍්පයුත‍්තා ච විමොක‍්ඛස‍්ස උපනිස‍්සයභූතා සබ‍්බෙපි කුසලා ධම‍්මා. විවට‍්ටකථා හෙට‍්ඨා වුත‍්තා. විමොක‍්ඛවිවට‍්ටසම‍්බන්‍ධෙන පනෙත්‍ථ සෙසවිවට‍්ටාපි වුත‍්තා. ආසෙවනාති ආදිතො සෙවනා. භාවනාති තස‍්සෙව වඩ‍්ඪනා. බහුලීකම‍්මන‍්ති තස‍්සෙව වසිප‍්පත‍්තියා පුනප‍්පුනං කරණං. මග‍්ගස‍්ස පන එකක‍්ඛණෙයෙව කිච‍්චසාධනවසෙන ආසෙවනාදීනි වෙදිතබ‍්බානි. පටිලාභො වා විපාකො වාතිආදීනි හෙට‍්ඨා වුත‍්තත්‍ථානෙවාති.

තත්‍ථ ජාතා යනු අනන්තරව විදර්ශනා විමෝක්‍ෂයන් ඇතිකල්හිද මෙම කථාවෙන් මාර්ග විමෝක්‍ෂාධිකාරත්‍වය හෙයින්, එම මාර්ග විමෝක්‍ෂයෙහි හටගත්තේ යයි යූ.සේයි. අනවජ්ජ කුසලා යනු රාගාදී දෝෂ විරහිත කුසල් සිඳීම් කොට යැයිද පාඨයි. බොධිපක්ඛියා ධම්මා යනු සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර සෘද්ධිපාද, පඤ්චෙන්‍ද්‍රිය, පඤ්චබල, සප්ත බොධ්‍යංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි කියන ලද සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම, ඉදං මුඛං යනු මෙම කියන ලද ආකාර ඇති ධර්ම සමූහය අරමුණු කිරීම් වශයෙන් නිර්වාණ ප්‍රවේශය සඳහා වන ප්‍රවේශස්ථානය හෙයින් මුඛ නමැයි යූ.සේයි. තෙසං ධම්මානං ඒ බෝධිපාක්‍ෂික ධර්මයන්ට, ඉදං විමොක්ඛ මුඛං යනු නිර්වාණය විෂ්කම්භන, තදංග, සමුච්ඡේද, පටිප්පස්සද්ධි, නිස්සරණ යන විමෝක්‍ෂයන්හි නිස්සරණ විමෝක්‍ෂයමය. මහණෙනි, ප්‍රත්‍යයෙන් හටගත් හෝ හට නොගත් යම් ධර්ම සමූහයක් වේද, විරාගය එම ධර්මයන් අතර ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ යයි යූ සෙයින්, උත්තමාර්ථයෙන් මුඛයනුයි විමෝක්‍ෂ මුඛයි. විමෝක්‍ෂයද, මුඛයද එයමනුයි විමොක්ඛමුඛං යැයි කම්මාධාර සමාස වශයෙන් මෙම අර්ථයම යූ.සේයි. විමොක්ඛංච යයි මෙහි ලිංග විපර්යාසය කරන ලදි. තීණි අකුසලමූලානි යනු ලෝභ, ද්වේෂ, මෝහයෝ, තීණි දුච්චරිතානි යනු කාය, වාග්, මනො දුශ්චරිත, සබ්බෙපි අකුසලා ධම්මා යනු අකුසලමූලයන් හා සම්ප්‍රයුක්ත වූද, දුශ්චරිතයන් හා සම්ප්‍රයුක්ත වූද, අසම්ප්‍රයුක්ත වූද, සේවනය කළයුතු වූද, දෝමනස්සාදීන් හැර සියලුම අකුසල ධර්ම, කුසලමූල සුචරිතයන් කියන ලද්දට ප්‍රතිපක්ෂ වශයෙන් දතයුත්තාහ. සබ්බෙපි කුසලා ධම්මා යනු කියන ලද ආකාරයෙන්ම සම්ප්‍රයුක්ත හා අසම්ප්‍රයුක්තද, විමෝක්‍ෂයට උපනිශ්‍රය වූ සියලුම කුසල්දම්, විවර්තකථා යට යූ.සේයි. විමෝක්‍ෂ විවර්ත සම්බන්ධයෙන් වනාහි මෙහි සෙසු විවර්තද යූසේයි. අසෙවනා යනු මුලින් සේවනය, භාවනා යනු එහිම වර්ධනය යනු එහිම වසීප්‍රාප්තිය සඳහා නැවත නැවත කිරීම, මාර්ගයෙහි වනාහි එක් ක්‍ෂණයෙක්හිම කෘත්‍ය ඉටුකිරීම් වශයෙන් ආසේවනාදිය දතයුත්තාහ. පටිලාභොවා විපාකොවා යන ආදිය යට කියන ලද අර්ථමය.

විමොක‍්ඛනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

සද‍්ධම‍්මප‍්පකාසිනියා පටිසම‍්භිදාමග‍්ග-අට‍්ඨකථාය

සද්ධර්මප්‍රකාශනී නම් වූ ප්‍රතිසම්භිදා මාර්ග අර්ථකථායෙහි

විමොක‍්ඛකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

විමෝක්‍ෂ කථා වර්ණනාව නිමි.