යෙදුමෙන් කියවන්න

ගතිකථා අට‍්ඨකථා

ගතිකථා

ගති කථා

ගතිකථාවණ‍්ණනා

ඉදානි තස‍්සා විමොක‍්ඛුප‍්පත‍්තියා හෙතුභූතං හෙතුසම‍්පත‍්තිං දස‍්සෙන‍්තෙන කථිතාය ගතිකථාය අපුබ‍්බත්‍ථානුවණ‍්ණනා. දුහෙතුකපටිසන්‍ධිකස‍්සාපි හි “නත්‍ථි ඣානං අපඤ‍්ඤස‍්සා”ති (ධ· ප· 372) වචනතො ඣානම‍්පි න උප‍්පජ‍්ජති, කිං පන විමොක‍්ඛො. තත්‍ථ ගතිසම‍්පත‍්තියාති නිරයතිරච‍්ඡානයොනිපෙත‍්තිවිසයමනුස‍්සදෙවසඞ‍්ඛාතාසු පඤ‍්චසු ගතීසු මනුස‍්සදෙවසඞ‍්ඛාතාය ගතිසම‍්පත‍්තියා. එතෙන පුරිමා තිස‍්සො ගතිවිපත‍්තියො පටික‍්ඛිපති. ගතියා සම‍්පත‍්ති ගතිසම‍්පත‍්ති, සුගතීති වුත‍්තං හොති. ගතීති ච සහොකාසා ඛන්‍ධා. පඤ‍්චසු ච ගතීසු පෙත‍්තිවිසයග‍්ගහණෙනෙව අසුරකායොපි ගහිතො. දෙවාති ඡ කාමාවචරදෙවා බ්‍රහ‍්මානො ච. දෙවග‍්ගහණෙන අසුරාපි සඞ‍්ගහිතා. ඤාණසම‍්පයුත‍්තෙති ඤාණසම‍්පයුත‍්තපටිසන්‍ධික‍්ඛණෙ. ඛණොපි හි ඤාණසම‍්පයුත‍්තයොගෙන තෙනෙව වොහාරෙන වුත‍්තොති වෙදිතබ‍්බො. කතිනං හෙතූනන‍්ති අලොභාදොසාමොහහෙතූසු කතිනං හෙතූනං. උපපත‍්තීති උපපජ‍්ජනං, නිබ‍්බත‍්තීති අත්‍ථො.

දැන් එම විමෝක්‍ෂ හටගැන්මෙහි හේතු වූ, හේතු සම්පත්තිය දක්වන්නාහු විසින් කියන ලද, ගති කථාවෙහි පෙර නුවූ අර්ථ අනුවර්ණනාවයි, ද්විහේතුක ප්‍රතිසන්‍ධිකයාටද නත්‍ථි ඣානං අපඤ්ඤස්ස යන වචනයෙන් ධ්‍යානයද නූපදී. විමෝක්‍ෂය ගැන කවර කථාද? එහි ගති සම්පත්තියා යනු නිරය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය, මනුෂ්‍ය, දේව සංඛ්‍යාත පංච ගතීන්හි මනුෂ්‍ය දේව සංඛ්‍යාත ගති සම්පත්තියෙහි මෙයින්ම පළමු ත්‍රිවිධ විපත්ති ගති ප්‍රතික්‍ෂෙප කරයි. ගතියෙන් යුක්ත වූයේ ගති සම්පත්තියි. යහපත් ගතිය යැයි යූ.සේයි. ගති යනු අවකාස සහිත ස්කන්ධයෝය. පඤ්ච ගතීන්හි ප්‍රේත විෂය ග්‍රහණයෙන්ම අසුර කායයද ගන්නා ලද්දේය. දෙවා යනු ෂට් කාමාවචර දේවතාවෝද, බ්‍රහ්මයෝද, දේව ග්‍රහණයෙන් අසුරයෝද සංගෘහිතයි. ඤාණ සම්පයුත්තෙ ඤාණ සම්ප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි, ක්‍ෂණයද ඤාණ සම්ප්‍රයුක්ත යෝගයෙන් එම ව්‍යවහාරයෙන්ම යූ.සේයි. කතීනං හෙතූනං අලෝභ, අද්වේෂ, අමෝහ යන හේතූන්හි කවර හේතූන්ගේ, උප්පත්ති යනු ඉපදීම, හටගැන්ම යයි අර්ථයි.

යස‍්මා පන සුද‍්දකුලජාතාපි තිහෙතුකා හොන‍්ති, තස‍්මා තෙ සන්‍ධාය පඨමපුච‍්ඡා. යස‍්මා ච යෙභුය්‍යෙන මහාපුඤ‍්ඤා තීසු මහාසාලකුලෙසු ජායන‍්ති, තස‍්මා තෙසං තිණ‍්ණං කුලානං වසෙන තිස‍්සො පුච‍්ඡා. පාඨො පන සඞ‍්ඛිත‍්තො. මහතී සාලා එතෙසන‍්ති මහාසාලා, මහාඝරා මහාවිභවාති අත්‍ථො. අථ වා මහා සාරො එතෙසන‍්ති මහාසාරාති වත‍්තබ‍්බෙ ර-කාරස‍්ස ල-කාරං කත්‍වා “මහාසාලා”ති වුත‍්තං. ඛත‍්තියා මහාසාලා, ඛත‍්තියෙසු වා මහාසාලාති ඛත‍්තියමහාසාලා. සෙසෙසුපි එසෙව නයො. තත්‍ථ යස‍්ස ඛත‍්තියස‍්ස ගෙහෙ පච‍්ඡිමන‍්තෙන කොටිසතං ධනං නිධානගතං හොති, කහාපණානඤ‍්ච වීසති අම‍්බණානි දිවසං වලඤ‍්ජෙ නික‍්ඛමන‍්ති, අයං ඛත‍්තියමහාසාලො නාම. යස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ගෙහෙ පච‍්ඡිමන‍්තෙන අසීතිකොටිධනං නිධානගතං හොති, කහාපණානඤ‍්ච දස අම‍්බණානි දිවසං වලඤ‍්ජෙ නික‍්ඛමන‍්ති, අයං බ්‍රාහ‍්මණමහාසාලො නාම. යස‍්ස ගහපතිස‍්ස ගෙහෙ පච‍්ඡිමන‍්තෙන චත‍්තාලීසකොටිධනං නිධානගතං හොති, කහාපණානඤ‍්ච පඤ‍්ච අම‍්බණානි දිවසං වලඤ‍්ජෙ නික‍්ඛමන‍්ති, අයං ගහපතිමහාසාලො නාම.

ශුද්‍ර කුලයෙහි උපන්නාහු නමුත් ත්‍රිහේතුක වෙති. එහෙයින් ඔවුන් සඳහා ප්‍රථම විමැසීමයි. බොහෝසෙයින් මහ පිනැතියෝ ත්‍රිවිධ මහාසාල කුලයන්හි උපදිති. එහෙයින් ඒ ත්‍රිවිධ කුලයන්ගේ වශයෙන් ත්‍රිවිධ විමැසීම වේ. පාඨය සංක්‍ෂිප්තය. මහත් ශාලා ඔවුන්ටනුයි මහාසාලායි. මහත් සාරවූවාහු, මහත් සම්පත් ඇත්තාහු යයි අර්ථයි. නොහොත් මහත් හරයක් ඔවුන්ටනුයි මහාසාරායි කිවයුතු කල්හි රකාරයට ලකාරකොට මහාසාලායි යූ.සේයි. ක්‍ෂත්‍රිය මහාසාල ක්‍ෂත්‍රියයන් කෙරෙහි හෝ මහාසාලායි. ඛත්තිය මහාසාලායි සෙස්සෙහිද එම ක්‍රමයමැයි. යම් ක්‍ෂත්‍රියයකුගේ ගෘහයෙහි පශ්චිමාන්තයෙන් (අවමයෙන්) සියක් කෝටි ධනය නිධන්ගතව තිබේද? කහවණුද අමුණු විස්සක් දවසේ වියදමට හිස් කෙරේද? මේ ඛත්තිය මහාසාල නමැ. යම් බමුණෙකුගේ ගෘහයෙහි අවම වශයෙන් අසූකෝටියක් ධනය නිධන්ගතව තිබේද? කහවණු දස අමුණක් දවසේ වියදමට හිස්කෙරේද, මේ බ්‍රාහ්මණ මහාසාල නමැ. යම් ගෘහපතියෙකුගේ ගෘහයෙහි අවම වශයෙන් සතලිස් කෝටියක් ධනය නිධන්ගත වේද, කහවණු පස් අමුණක් දවසේ වියදමට හිස්කෙරේද, මේ ගහපති මහාසාල නමැ.

රූපාවචරානං අරූපාවචරානඤ‍්ච එකන‍්තතිහෙතුකත‍්තා “ඤාණසම‍්පයුත‍්තෙ”ති න වුත‍්තං, මනුස‍්සෙසු පන දුහෙතුකාහෙතුකානඤ‍්ච සබ‍්භාවතො, කාමාවචරෙසු දෙවෙසු දුහෙතුකානඤ‍්ච සබ‍්භාවතො සෙසෙසු “ඤාණසම‍්පයුත‍්තෙ”ති වුත‍්තං. එත්‍ථ ච කාමාවචරදෙවා පඤ‍්චකාමගුණරතියා කීළන‍්ති, සරීරජුතියා ච ජොතන‍්තීති දෙවා, රූපාවචරබ්‍රහ‍්මානො ඣානරතියා කීළන‍්ති , සරීරජුතියා ච ජොතන‍්තීති දෙවා, අරූපාවචරබ්‍රහ‍්මානො ඣානරතියා කීළන‍්ති, ඤාණජුතියා ච ජොතන‍්තීති දෙවා.

රූපාවචර අරූපාවචර ඒකාන්ත ත්‍රිහේතුක හෙයින් ඤාණ සම්ප්‍රයුක්තයැයි නොයූසේයි. මිනිසුන් කෙරෙහි ද්විහේතුක අහේතුකයන්ගේද ලැබීම් ස්වභාව හෙයින්ද, කාමාවචර දෙවියන් කෙරෙහි ද්විහේතුකයන්ගේ ලැබීම් ස්වබාව හෙයින්ද සෙස්සෙහි ඤාණ සම්ප්‍රයුක්ත යැයි යූ.සේයි. මෙහිද කාමාවචර දෙවිවරු පංචකාම ගුණ රතියෙන් ක්‍රීඩා කරති. ශරීර බැබළීමෙන් බැබළෙත්නුයි දෙවායි. රූපාවචර බ්‍රහ්මයෝ ධ්‍යාන රතියෙන් ක්‍රීඩා කරති. ශරීර බැබළීමෙන් බැබළෙත්නුයි දෙවායි. අරූපාවචර බ්‍රහ්මයෝද ධ්‍යාන රතියෙන් ක්‍රීඩා කරති. ඤාණාලෝකයෙන්ද බබළත්නුයි දෙවායි,

කුසලකම‍්මස‍්ස ජවනක‍්ඛණෙති අතීතජාතියා ඉධ තිහෙතුකපටිසන්‍ධිජනකස‍්ස තිහෙතුකකාමාවචරකුසලකම‍්මස‍්ස ච ජවනවීථියං පුනප‍්පුනං උප‍්පත‍්තිවසෙන සත‍්තවාරං ජවනක‍්ඛණෙ, පවත‍්තනකාලෙති අත්‍ථො. තයො හෙතූ කුසලාති අලොභො කුසලහෙතු අදොසො කුසලහෙතු අමොහො කුසලහෙතු. තස‍්මිං ඛණෙ ජාතචෙතනායාති තස‍්මිං වුත‍්තක‍්ඛණෙයෙව ජාතාය කුසලචෙතනාය. සහජාතපච‍්චයා හොන‍්තීති උප‍්පජ‍්ජමානා ච සහඋප‍්පාදනභාවෙන උපකාරකා හොන‍්ති. තෙන වුච‍්චතීති තෙන සහජාතපච‍්චයභාවෙනෙව වුච‍්චති. කුසලමූලපච‍්චයාපි සඞ‍්ඛාරාති එකචිත‍්තක‍්ඛණිකපච‍්චයාකාරනයෙන වුත‍්තං. “සඞ‍්ඛාරා”ති ච බහුවචනෙන තත්‍ථ සඞ‍්ඛාරක‍්ඛන්‍ධසඞ‍්ගහිතා සබ‍්බෙ චෙතසිකා ගහිතාති වෙදිතබ‍්බං. අපිසද‍්දෙන සඞ‍්ඛාරපච‍්චයාපි කුසලමූලානීතිපි වුත‍්තං හොති.

කුසල කම්මස්ස ජවනක්ඛණෙ යනු අතීත ජාතියෙහිදී මෙලොව ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ජනක ත්‍රිහේතුක කාමාවචර කුසල කර්මයෙහිද, ජවනවීථියෙහි නැවත නැවත ඉපදීම් වශයෙන් සත්වරක් ජවන ක්‍ෂණයෙහි පවත්නා කාලයෙහි යයි අර්ථයි. තයො හෙතු කුසලා යනු අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල හේතූන් තස්මිං ඛණෙ ජාතචෙතනාය යනු ඒ කියන ලද ක්‍ෂණයෙහිම හටගත් කුසල චේතනායෙන්, සහජාත පච්චයා හොන්ති යනු උපදිනු ලබන්නාහු, උපදනා ස්වභාවයෙන් උපකාරක වෙති. තෙන වුච්චති යනු එම සහජාත ප්‍රත්‍යය භාවයෙන්ම යූ.සේයි. කුසලමූල පච්චයාපි සංඛාරා යනු එක් චිත්තක්‍ෂණික ප්‍රත්‍යයාකාර ක්‍රමයෙන් යූ.සේයි. සංඛාරායි බහුවචනයෙන් දක්වයි. එහි සංස්කාර ස්කන්ධ සංගෘහිත සියලු චෛතසික සංග්‍රහ කරන ලදැයි දතයුතුය. අපි ශබ්දයෙන් සංස්කාර ප්‍රත්‍යය වූ කුසල මූලයන් යැයි යූ.සේයි.

නිකන‍්තික‍්ඛණෙති අත‍්තනො විපාකං දාතුං පච‍්චුපට‍්ඨිතකම‍්මෙ වා තථා පච‍්චුපට‍්ඨිතකම‍්මෙන උපට‍්ඨාපිතෙ කම‍්මනිමිත‍්තෙ වා ගතිනිමිත‍්තෙ වා උප‍්පජ‍්ජමානානං නිකන‍්තික‍්ඛණෙ. නිකන‍්තීති නිකාමනා පත්‍ථනා. ආසන‍්නමරණස‍්ස හි මොහෙන ආකුලචිත‍්තත‍්තා අවීචිජාලායපි නිකන‍්ති උප‍්පජ‍්ජති, කිං පන සෙසෙසු නිමිත‍්තෙසු. ද‍්වෙ හෙතූති ලොභො අකුසලහෙතු මොහො අකුසලහෙතු. භවනිකන‍්ති පන පටිසන්‍ධිඅනන‍්තරං පවත‍්තභවඞ‍්ගවීථිතො වුට‍්ඨිතමත‍්තස‍්සෙව අත‍්තනො ඛන්‍ධසන‍්තානං ආරබ‍්භ සබ‍්බෙසම‍්පි උප‍්පජ‍්ජති. “යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ, තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති ආමන‍්තා”ති එවමාදි ඉදමෙව සන්‍ධාය වුත‍්තං. තස‍්මිං ඛණෙ ජාතචෙතනායාති අකුසලචෙතනාය.

නිකන්තික්ඛණෙ යනු තම විපාකය දෙන්ට එළැඹි කර්මයෙහි හෝ එසේ එළැඹි කර්මයෙන් එළැඹ සිටි කර්ම නිමිත්තෙහි හෝ ගති නිමිත්තෙහි හෝ උපන්නා වූ නිකන්ති ක්‍ෂණයෙහි, නිකන්ති යනු ආශා කිරීම, ප්‍රාර්ථනා කිරීම ආදියයි. මරණාසන්න වූවහුට මෝහයෙන් ආකූල සිතැති හෙයින් අවීචි ගිනිදැල්හිද ආශාව උපදී. සෙසු නිමිති කෙරෙහි කවර කථාද? ද්වෙහෙතූ යනු ලෝභය හා මෝහය යන අකුසල හේතු, භව නිකන්තිය වනාහි ප්‍රතිසන්ධියට අනතුරුව පැවැති භවංග වීථියෙන් නැගිටි කෙණෙහිම, තම ස්කන්ධ සන්තානය ඇරැබ සියල්ලම උපදී. තස්මිං ඛණෙ ජාත චෙතනාය යනු අකුසල් චේතනාවෙන්.

පටිසන්‍ධික‍්ඛණෙති තෙන කම‍්මෙන ගහිතපටිසන්‍ධික‍්ඛණෙ. තයො හෙතූති අලොභො අබ්‍යාකතහෙතු අදොසො අබ්‍යාකතහෙතු අමොහො අබ්‍යාකතහෙතු. තස‍්මිං ඛණෙ ජාතචෙතනායාති විපාකාබ්‍යාකතචෙතනාය. නාමරූපපච‍්චයාපි විඤ‍්ඤාණන‍්ති එත්‍ථ තස‍්මිං පටිසන්‍ධික‍්ඛණෙ තයො විපාකහෙතූ සෙසචෙතසිකා ච නාමං, හදයවත්‍ථු රූපං. තතො නාමරූපපච‍්චයතොපි පටිසන්‍ධිවිඤ‍්ඤාණං පවත‍්තති. විඤ‍්ඤාණපච‍්චයාපි නාමරූපන‍්ති එත්‍ථාපි නාමං වුත‍්තප‍්පකාරමෙව, රූපං පන ඉධ සහෙතුකමනුස‍්සපටිසන්‍ධියා අධිප‍්පෙතත‍්තා ගබ‍්භසෙය්‍යකානං වත්‍ථුදසකං කායදසකං භාවදසකන‍්ති සමතිංස රූපානි, සංසෙදජානං ඔපපාතිකානඤ‍්ච පරිපුණ‍්ණායතනානං චක‍්ඛුදසකං සොතදසකං ඝානදසකං ජිව‍්හාදසකඤ‍්චාති සමසත‍්තති රූපානි. තං වුත‍්තප‍්පකාරං නාමරූපං පටිසන්‍ධික‍්ඛණෙ පටිසන්‍ධිවිඤ‍්ඤාණපච‍්චයා පවත‍්තති.

පටිසන්‍ධික්ඛණෙ යනු ඒ කර්මයෙන් ගත් ප්‍රතිසන්ධික්‍ෂණයෙහි, තයොහෙතු යනු අලෝභ, අද්වේෂ, අමෝහ යන අව්‍යාකෘත හේතු, තස්මිං ඛණො ජාතචෙතනාය යනු විපාක අව්‍යාකෘත චේතනාවෙන් නාමරූප පච්චයාපි විඤ්ඤාණං යන මෙහි එම ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි ත්‍රිවිධ විපාක හේතුද, සෙසු චෛතසිකද, නාමයද හෘදය වස්තු රූපයද ඉන් නාමරූප ප්‍රත්‍යයෙන්ද ප්‍රතිසන්ධි විඥානය පවතියි. විඤ්ඤාණ පච්චයාපි නාමරූපං යන මෙහිද නාමය කියන ලද ආකාරමය. රූපය වනාහි මෙහි සහේතුක මනුෂ්‍ය ප්‍රතිසන්ධිය පිළිබඳ අදහස් කළ හෙයින්, මව්කුසින් උපදිනවුන්ට, වස්තු දශකය, කාය දශකය, භාව දශක යැයි සමතිස් රූපයෝය. සංසේදජයන්ටද ඕපපාතිකයන්ටද, පරිපූර්ණායතන සහිත වූයේ, චක්‍ෂු දශකය, ස්‍රොත දශකය, ඝාණ දශකය, ජිව්හා දශකය යන සමසැත්තෑ රූපයෝය. ඒ කියන ලද ආකාරැති නාමරූප ප්‍රතිසන්‍ධි ක්‍ෂණයෙහි ප්‍රතිසන්‍ධි විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් පවතී.

පඤ‍්චක‍්ඛන්‍ධාති එත්‍ථ පටිසන්‍ධිචිත‍්තෙන පටිසන්‍ධික‍්ඛණෙ ලබ‍්භමානානි රූපානි රූපක‍්ඛන්‍ධො, සහජාතා වෙදනා වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සෙසචෙතසිකා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, පටිසන්‍ධිචිත‍්තං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො. සහජාතපච‍්චයා හොන‍්තීති චත‍්තාරො අරූපිනො ඛන්‍ධා අඤ‍්ඤමඤ‍්ඤං සහජාතපච‍්චයා හොන‍්ති, රූපක‍්ඛන්‍ධෙ චත‍්තාරො මහාභූතා අඤ‍්ඤමඤ‍්ඤං සහජාතපච‍්චයා හොන‍්ති, අරූපිනො ඛන්‍ධා ච හදයරූපඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං සහජාතපච‍්චයා හොන‍්ති, මහාභූතාපි උපාදාරූපානං සහජාතපච‍්චයා හොන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයා හොන‍්තීති අඤ‍්ඤමඤ‍්ඤං උප‍්පාදනුපත්‍ථම‍්භනභාවෙන උපකාරකා හොන‍්ති, චත‍්තාරො අරූපිනො ඛන්‍ධා ච අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයා හොන‍්ති, චත‍්තාරො මහාභූතා අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයා හොන‍්ති. නිස‍්සයපච‍්චයා හොන‍්තීති අධිට‍්ඨානාකාරෙන නිස‍්සයාකාරෙන ච උපකාරකා හොන‍්ති, චත‍්තාරො අරූපිනො ඛන්‍ධා ච අඤ‍්ඤමඤ‍්ඤං නිස‍්සයපච‍්චයා හොන‍්තීති සහජාතා විය විත්‍ථාරෙතබ‍්බා. විප‍්පයුත‍්තපච‍්චයා හොන‍්තීති එකවත්‍ථුකාදිභාවානුපගමනෙන විප‍්පයුත‍්තභාවෙන උපකාරකා හොන‍්ති, අරූපිනො ඛන්‍ධා පටිසන්‍ධිරූපානං විප‍්පයුත‍්තපච‍්චයා හොන‍්ති, හදයරූපං අරූපීනං ඛන්‍ධානං විප‍්පයුත‍්තපච‍්චයො හොති. “පඤ‍්චක‍්ඛන්‍ධා”ති හෙත්‍ථ එවං යථාලාභවසෙන වුත‍්තං.

පඤ්චක්ඛන්‍ධා යන මෙහි ප්‍රතිසන්ධි සිතින් ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි ලබන රූපයන් රූපස්කන්ධයයි. ඒ හා සමග හටගත් වේදනාව වේදනා ස්කන්ධයයි. සංඥාව සංඥා ස්කන්ධයයි. සෙසු චෛතසික සංස්කාරස්කන්ධයයි. ප්‍රතිසන්ධි සිත විඤ්ඤාණස්කන්ධයයි, සහජාත පච්චයා හොන්ති යනු සිව් අරූපී ස්කන්ධ ඔවුනොවුන්ට සහජාත ප්‍රත්‍යය වෙතියි රූපස්කන්ධයෙන් සතර මහාභූත ඔවුනොවුන්ට සහජාත ප්‍රත්‍යය වෙයි. අරූපස්කන්ධද, හෘදයරූපයද ඔවුනොවුන්ට සහජාත ප්‍රත්‍යය වෙයි. මහාභූතද, උපාදාය රූපයන්ට සහජාත ප්‍රත්‍යය වෙයි. අඤ්ඤමඤ්ඤ පච්චයා හොන්ති යනු ඔවුනොවුන් ඉපැත්මෙහි ආධාරවීම් වශයෙන් උපකාර වෙතියි, සතර අරූපස්කන්ධ ඔවුනොවුන්ට ප්‍රත්‍යය වෙයි. සතර මහාභූත ඔවුනොවුන්ට ප්‍රත්‍යය වෙයි. නිස්සය පච්චයා හොන්ති යනු ස්ථිර ලෙස පිහිටනාකාරයෙන්ද, නිශ්‍රයාකාරයෙන්ද උපකාරක වෙයි. චත්තාරො අරූපිනො ඛන්‍ධාච අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයා හොන්ති යනු සහජාතයෙහි දක්වන ලද අයුරින් විස්තර කළයුත්තාහ. විප්පයුත්ත පච්චයා හොන්ති යනු ඒකවස්තුකාදී භාවයන්ට නොපැමිණීමෙන් විප්‍රයුක්ත භාවයෙන් උපකාරක වෙයි. අරූප ස්කන්ධ ප්‍රතිසන්‍ධි රූපයන්ට විප්‍රයුක්ත ප්‍රත්‍යය වෙයි. හෘදයරූපය අරූප ස්කන්ධයන්ට විප්‍රයුක්ත ප්‍රත්‍යය වේ. පඤ්චක්ඛන්‍ධා යන මෙහි මෙසේ යථා ලාභ වශයෙන් යූ.සේයි.

චත‍්තාරො මහාභූතාති එත්‍ථ තයො පච‍්චයා පඨමං වුත‍්තායෙව. තයො ජීවිතසඞ‍්ඛාරාති ආයු ච උස‍්මා ච විඤ‍්ඤාණඤ‍්ච. ආයූති රූපජීවිතින්‍ද්‍රියං අරූපජීවිතින්‍ද්‍රියඤ‍්ච. උස‍්මාති තෙජොධාතු. විඤ‍්ඤාණන‍්ති පටිසන්‍ධිවිඤ‍්ඤාණං. එතානි හි උපරූපරි ජීවිතසඞ‍්ඛාරං සඞ‍්ඛරොන‍්ති පවත‍්තෙන‍්තීති ජීවිතසඞ‍්ඛාරා. සහජාතපච‍්චයා හොන‍්තීති අරූපජීවිතින්‍ද්‍රියං පටිසන්‍ධිවිඤ‍්ඤාණඤ‍්ච සම‍්පයුත‍්තකානං ඛන්‍ධානඤ‍්ච හදයරූපස‍්ස ච අඤ‍්ඤමඤ‍්ඤසහජාතපච‍්චයා හොන‍්ති, තෙජොධාතු තිණ‍්ණං මහාභූතානං අඤ‍්ඤමඤ‍්ඤසහජාතපච‍්චයො හොති, උපාදාරූපානං සහජාතපච‍්චයොව, රූපජීවිතින්‍ද්‍රියං සහජාතරූපානං පරියායෙන සහජාතපච‍්චයො හොතීති වෙදිතබ‍්බං. අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයා හොන‍්ති, නිස‍්සයපච‍්චයා හොන‍්තීති ද‍්වයං අරූපජීවිතින්‍ද්‍රියං පටිසන්‍ධිවිඤ‍්ඤාණඤ‍්ච සම‍්පයුත‍්තඛන්‍ධානං අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයා හොන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයපච‍්චයා හොන‍්තීති වුත‍්තනයෙනෙව යොජෙත්‍වා වෙදිතබ‍්බං. විප‍්පයුත‍්තපච‍්චයා හොන‍්තීති අරූපජීවිතින්‍ද්‍රියං පටිසන්‍ධිවිඤ‍්ඤාණඤ‍්ච පටිසන්‍ධිරූපානං විප‍්පයුත‍්තපච‍්චයා හොන‍්ති. රූපජීවිතින්‍ද්‍රියං පන අඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයවිප‍්පයුත‍්තපච‍්චයත‍්තෙ න යුජ‍්ජති. තස‍්මා “තයො ජීවිතසඞ‍්ඛාරා”ති යථාලාභවසෙන වුත‍්තං. නාමඤ‍්ච රූපඤ‍්ච වුත‍්තනයෙනෙව චතුපච‍්චයත‍්තෙ යොජෙතබ‍්බං. චුද‍්දස ධම‍්මාති පඤ‍්චක‍්ඛන්‍ධා, චත‍්තාරො මහාභූතා, තයො ජීවිතසඞ‍්ඛාරා, නාමඤ‍්ච රූපඤ‍්චාති එවං ගණනාවසෙන චුද‍්දස ධම‍්මා. තෙසඤ‍්ච උපරි අඤ‍්ඤෙසඤ‍්ච සහජාතාදිපච‍්චයභාවො වුත‍්තනයො එව. සම‍්පයුත‍්තපච‍්චයා හොන‍්තීති පුන එකවත්‍ථුකඑකාරම‍්මණඑකුප‍්පාදඑකනිරොධසඞ‍්ඛාතෙන සම‍්පයුත‍්තභාවෙන උපකාරකා හොන‍්ති.

චත්තාරො මහාභූතා යන මෙහි ත්‍රිවිධ ප්‍රත්‍යය පළමුව යූ.සේයි. තයො ජීවිත සංඛාරා යනු ආයුෂ, උෂ්ණය, විඤ්ඤාණය යන ත්‍රයයයි. ආයු යනු රූප ජීවිතේන්‍ද්‍රියය හා අරූප ජීවිතේන්‍ද්‍රියයි. උස්මා යනු තේජෝ ධාතුයි. විඤ්ඤාණං යනු ප්‍රතිසන්ධි විඤ්ඤාණයයි. ඒවා මතුමත්තෙහි ජීවිත සංස්කාර රැස්කෙරේ. පවත්වානුයි ජීවිත සංස්කාරයි. සහජාත පච්චයා හොන්ති යනු අරූප ජීවිතේන්‍ද්‍රියයද, ප්‍රතිසන්‍ධි විඤ්ඤාණයද සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ටද, හෘදය රූපයටද අඤ්ඤමඤ්ඤනා සහජාත ප්‍රත්‍යය වෙති. තේජෝ ධාතුව ත්‍රිවිධ මහාභූතයන්ට අඤ්ඤමඤ්ඤ සහජාත ප්‍රත්‍යය වේ. උපාදාරූප සහජාත ප්‍රත්‍යයමය. රූප ජීවිතේන්‍ද්‍රිය සහජාත රූපයන්ට (ඒ හා හටගත්) ක්‍රමයෙන් සහජාත ප්‍රත්‍යය වේයයි දතයුතුය. අඤ්ඤමඤ්ඤ පච්චයා හොන්ති නිස්සය පච්චයා හොන්ති යනු අරූප ජීවිතේන්‍ද්‍රිය ප්‍රතිසන්‍ධි විඤ්ඤාණය යන ද්වයය සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය වෙතියි, අඤ්ඤමඤ්ඤනිශ්‍රය ප්‍රත්‍යය වෙතියි කියන ලද ආකාරයෙන්ම යොදා දතයුතුය. විප්පයුත්ත පච්චයා හොන්ති යනු අරූප ජීවිතේන්‍ද්‍රියයද ප්‍රතිසන්ධි විඤ්ඤාණයද, ප්‍රතිසන්‍ධි රූපයන්ට විප්‍රයුක්ත ප්‍රත්‍යය වෙයි. රූප ජීවිතේන්‍ද්‍රියය වනාහි අඤ්ඤමඤ්ඤා, නිස්සය, විප්‍රයුක්ත ප්‍රත්‍යයත්‍රයයෙහි නොයෙදේ. එහෙයින් ත්‍රිවිධ ජීවිත සංස්කාරයැයි ලැබෙන ආකාර වශයෙන් යූසේයි නාමයද, රූපයද කියන ලද ක්‍රමයෙන්ම සිව් පච්චයත්‍රයයෙහි යෙදිය යුතුය. චුද්දස ධම්මා යනු පංචස්කන්ධ, සිව් මහාභූත, ත්‍රිවිධ ජීවිත සංස්කාර, නාමයද රූපයද යන මෙසේ ගණන් වශයෙන් තුදුස් ධර්ම, ඒවාහිද මත්තෙහි අන්‍යයන්හිද, සහජාත ආදී ප්‍රත්‍යය භාවයි කියන ලද ක්‍රමයමය. සම්ප්‍රයුත්ත පච්චයා හොන්ති යනු නැවත ඒකවස්තුක, ඒකාරම්මණ, ඒකෝත්පාද ඒකනිරෝධ සංඛ්‍යාත සම්ප්‍රයුක්ත භාවයෙන් උපකාරක වෙයි.

පඤ‍්චින්‍ද්‍රියානීති සද‍්ධින්‍ද්‍රියාදීනි. නාමඤ‍්චාති ඉධ වෙදනාදයො තයො ඛන්‍ධා. විඤ‍්ඤාණඤ‍්චාති පටිසන්‍ධිවිඤ‍්ඤාණං. පුන චුද‍්දස ධම‍්මාති චත‍්තාරො ඛන්‍ධා, පඤ‍්චින්‍ද්‍රියානි, තයො හෙතූ, නාමඤ‍්ච විඤ‍්ඤාණඤ‍්චාති එවං ගණනාවසෙන චුද‍්දස ධම‍්මා. අට‍්ඨවීසති ධම‍්මාති පුරිමා ච චුද‍්දස, ඉමෙ ච චුද‍්දසාති අට‍්ඨවීසති. ඉධ රූපස‍්සාපි පවිට‍්ඨත‍්තා සම‍්පයුත‍්තපච‍්චයං අපනෙත්‍වා විප‍්පයුත‍්තපච‍්චයො වුත‍්තො.

පඤ්චින්‍ද්‍රියානි යනු ශ්‍රද්ධෙන්‍ද්‍රියාදීහුය. නාමඤ්ච යනු මෙහි වේදනාදී ස්කන්ධත්‍රයය, විඤ්ඤාණඤ්ච යනු ප්‍රතිසන්ධි විඤ්ඤාණය, නැවත චුද්දස ධම්මා යනු සතර ස්කන්ධ, පඤ්චෙන්‍ද්‍රිය ත්‍රිවිධ හේතු, නාමය, විඤ්ඤාණයිද යන මෙසේ ගණන් වශයෙන් තුදුස් ධර්ම, අට්ඨ වීසති ධම්මා යනු පළමු තුදුසද මෙම තුදුසදැයි එකතුව විසිඅටකි. මෙහි රූපයටද පිවිසි හෙයින් සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ඉවත්කොට විප්‍රයුක්ත ප්‍රත්‍යය යූ.සේයි.

එවං පටිසන්‍ධික‍්ඛණෙ විජ‍්ජමානස‍්ස තස‍්ස තස‍්ස පච‍්චයුප‍්පන‍්නස‍්ස ධම‍්මස‍්ස තං තං පච‍්චයභෙදං දස‍්සෙත්‍වා පඨමං නිද‍්දිට‍්ඨෙ හෙතූ නිගමෙත්‍වා දස‍්සෙන‍්තො ඉමෙසං අට‍්ඨන‍්නං හෙතූනං පච‍්චයා උපපත‍්ති හොතීති ආහ. කම‍්මායූහනක‍්ඛණෙ තයො කුසලහෙතූ, නිකන‍්තික‍්ඛණෙ ද‍්වෙ අකුසලහෙතූ, පටිසන්‍ධික‍්ඛණෙ තයො අබ්‍යාකතහෙතූති එවං අට‍්ඨ හෙතූ. තත්‍ථ තයො කුසලහෙතූ, ද‍්වෙ අකුසලහෙතූ ච ඉධ පටිසන්‍ධික‍්ඛණෙ පවත‍්තියා උපනිස‍්සයපච‍්චයා හොන‍්ති. තයො අබ්‍යාකතහෙතූ යථායොගං හෙතුපච‍්චයසහජාතපච‍්චයවසෙන පච‍්චයා හොන‍්ති. සෙසවාරෙසුපි එසෙව නයො.

මෙසේ ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි විද්‍යමාන වූ, ඒ ඒ ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයාගේ ඒ ඒ ප්‍රත්‍ය භේදය ඉදිරිපත්කොට, ප්‍රථමයෙන් නිර්දිෂ්ට හේතු නිගමනය කොට දක්වනුයේ, ඉමෙසං අට්ඨන්නං හෙතූනං පච්චයා නත්‍ථි උප්පත්ති හොතියි වදාළහ. කර්ම රැස්කරන ක්‍ෂණයෙහි ත්‍රිවිධ කුසල හේතුද නිකන්ති ක්‍ෂණයෙහි අකුසල හේතු ද්වයයද, ප්‍රතිසන්‍ධි ක්‍ෂණයෙහි ත්‍රිවිධ අව්‍යාකෘත හේතුදැයි මෙසේ හේතු අටෙකි. එහි ත්‍රිවිධ කුසල හේතුද, අකුසල හේතු ද්වයයද, මෙහි ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි පැවැත්මෙහිදී උපනිශ්‍රය ප්‍රත්‍යය වෙයි. ත්‍රිවිධ අව්‍යාකෘත හේතු සුදුසු පරිදි, හේතු ප්‍රත්‍යය, සහජාත ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති. සෙසු වාරයන්හිද එම ක්‍රමයමැයි.

අරූපාවචරානං පන රූපාභාවා නාමපච‍්චයාපි විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයාපි නාමන‍්ති වුත‍්තං. රූපමිස‍්සකචුද‍්දසකොපි ච පරිහීනො. තස‍්ස පරිහීනත‍්තා “අට‍්ඨවීසති ධම‍්මා”ති වාරො ච න ලබ‍්භති.

අරූපාවචරයන්ගේ වනාහි, රූප අභාවයෙන් නාමපච්චයාපි විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයාපි නාමංයි යූ.සේයි. රූප මිශ්‍රිත තුදුසින්ද පිරිහිණ. එහි පිරිහුණු හෙයින් අටවිසි ධර්මයයි වාරයද නොලබයි.

ඉදානි විමොක‍්ඛස‍්ස පච‍්චයභූතං තිහෙතුකපටිසන්‍ධිං දස‍්සෙත්‍වා තෙනෙව සම‍්බන්‍ධෙන දුහෙතුකපටිසන්‍ධිවිසෙසඤ‍්ච දස‍්සෙතුකාමො ගතිසම‍්පත‍්තියා ඤාණවිප‍්පයුත‍්තෙතිආදිමාහ. කුසලකම‍්මස‍්ස ජවනක‍්ඛණෙති අතීතජාතියා ඉධ පටිසන්‍ධිජනකස‍්ස දුහෙතුකකුසලකම‍්මස‍්ස වුත‍්තනයෙනෙව ජවනක‍්ඛණෙ. ද‍්වෙ හෙතූති ඤාණවිප‍්පයුත‍්තත‍්තා අලොභො කුසලහෙතු අදොසො කුසලහෙතු. ද‍්වෙ අබ්‍යාකතහෙතූපි අලොභාදොසායෙව.

දැන් විමෝක්‍ෂයට ප්‍රත්‍යය වූ, ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ඉදිරිපත්කොට ඒ සම්බන්ධයෙන් ද්විහේතුක ප්‍රතිසන්ධි විශේෂය පෙන්වන්න කැමැතියේ ගති සම්පත්තියා ඤාණ විප්පයුත්තෙ ආදිය වදාළහ. කුසල කම්මස්ස ජවනක්ඛණො යනු අතීත ජාතියෙහි මෙලොව ප්‍රතිසන්‍ධිජනක ද්විහේතුක කුසල කර්මයෙහි කියන ලද ක්‍රමයෙන්ම ජවනත්‍ෂණයෙහි, ද්වෙ හෙතු යනු ඤාණ විප්‍රයුක්ත හෙයින් අලෝභ, අද්වේෂ කුසල හේතු, අව්‍යාකෘත හේතු ද්වයයද අලෝභ, අද්වේෂමය.

චත‍්තාරි ඉන්‍ද්‍රියානීති පඤ‍්ඤින්‍ද්‍රියවජ‍්ජානි සද‍්ධින්‍ද්‍රියාදීනි චත‍්තාරි. ද‍්වාදස ධම‍්මාති පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස අමොහහෙතුස‍්ස ච පරිහීනත‍්තා ද‍්වාදස. තෙසං ද‍්වින‍්නංයෙව පරිහීනත‍්තා ඡබ‍්බීසති. ඡන‍්නං හෙතූනන‍්ති ද‍්වින‍්නං කුසලහෙතූනං, ද‍්වින‍්නං අකුසලහෙතූනං, ද‍්වින‍්නං විපාකහෙතූනන‍්ති එවං ඡන‍්නං හෙතූනං. රූපාරූපාවචරා පනෙත්‍ථ එකන‍්තතිහෙතුකත‍්තා න ගහිතා. සෙසං පඨමවාරෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ඉමස‍්මිං වාරෙ දුහෙතුකපටිසන්‍ධියා දුහෙතුකකම‍්මස‍්සෙව වුත‍්තත‍්තා තිහෙතුකකම‍්මෙන දුහෙතුකපටිසන්‍ධි න හොතීති වුත‍්තං හොති. තස‍්මා යං ධම‍්මසඞ‍්ගහට‍්ඨකථායං (ධ· ස· අට‍්ඨ· 498) තිපිටකමහාධම‍්මරක‍්ඛිතත්‍ථෙරවාදෙ “තිහෙතුකකම‍්මෙන පටිසන්‍ධි තිහෙතුකාව හොති, දුහෙතුකාහෙතුකා න හොති. දුහෙතුකකම‍්මෙන දුහෙතුකාහෙතුකා හොති, තිහෙතුකා න හොතී”ති වුත‍්තං, තං ඉමාය පාළියා සමෙති. යං පන තිපිටකචූළනාගත්‍ථෙරස‍්ස ච මොරවාපිවාසිමහාදත‍්තත්‍ථෙරස‍්ස ච වාදෙසු “තිහෙතුකකම‍්මෙන පටිසන්‍ධි තිහෙතුකාපි හොති දුහෙතුකාපි, අහෙතුකා න හොති. දුහෙතුකකම‍්මෙන දුහෙතුකාපි හොති අහෙතුකාපි, තිහෙතුකා න හොතී”ති වුත‍්තං, තං ඉමාය පාළියා විරුද‍්ධං විය දිස‍්සති. ඉමිස‍්සා කථාය හෙතුඅධිකාරත‍්තා අහෙතුකපටිසන්‍ධි න වුත‍්තාති.

චත්තාරි ඉන්‍ද්‍රියානි යනු ප්‍රඥෙන්‍ද්‍රිය වර්ජිත ශ්‍රද්ධෙන්‍ද්‍රියාදි සතරයි. ද්වාදස ධම්මා යනු ප්‍රඥෙන්‍ද්‍රියගේද, අමෝහ හේතුවගේද අඩුවූ හෙයින් දොළොසෙක. එම ද්වයයෙහි අඩුවූ හෙයින් විසිහයකි. ඡන්නං හේතූනං කුසල හේතු ද්වයයක්ද, අකුසල හේතු ද්වයයක්ද, විපාක හේතු ද්වයයක්දැයි මෙසේ ෂට් හේතූන්ගේ, මෙිහ රූපාවචර, අරූපාවචර ඒකාන්ත ත්‍රිහේතුක හෙයින් නොගන්නා ලදි. සෙස්ස ප්‍රථම වාරයෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය. මෙම වාරයෙහි ද්විහේතුක ප්‍රතිසන්‍ධියෙහිලා, ද්විහේතුක කර්මයම කියන ලද හෙයින් ත්‍රිහේතුක කර්මයෙන් ද්විහේතුක ප්‍රතිසන්ධිය නොවේයයි යූ.සේයි. එහෙයින් ධර්ම සංග්‍රාහාර්ථ කථායෙහි ත්‍රිපිටක මහා ධම්මරක්ඛිත ථෙරවාදයෙහි, ත්‍රිහේතුක කර්මයෙන් වන ප්‍රතිසන්‍ධිය ත්‍රිහේතුකම වේ. ද්විහේතුක කර්මයෙන් ද්විහේතුක වේ. ත්‍රිහේතුක නොවේ යයි යූ.සේයි. එය මෙම පෙළට සම වේ. ත්‍රිපිටක චූලනාග තෙරුන්ගේද, මොරවැව වාසී මහාදත්ත තෙරුන්ගේද වාදයන්හි ත්‍රිහේතුක කර්මයෙන් වන ප්‍රතිසන්ධිය ත්‍රිහේතුකම වේ. ද්විහේතුක හෝ අහේතුක නොවේ. ද්විහේතුක කර්මයෙන් ද්විහේතුක වේ. අහේතුකද වේ. ත්‍රිහේතුක නොවේයයි යූ.සේයි. එය මෙම පෙළට විරුද්ධ සේ පෙනේ. මෙම කථාවෙන් හේතු අධිකාරත්‍වය කියැවෙන හෙයින් අහේතුක ප්‍රතිසන්‍ධි නොයූසේයි.

ගතිකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ගති කථා වර්ණනා නිමි.