යෙදුමෙන් කියවන්න

කම‍්මකථා අට‍්ඨකථා

කම‍්මකථා

කර්ම කථා

කම‍්මකථාවණ‍්ණනා

ඉදානි තස‍්සා හෙතුසම‍්පත‍්තියා පච‍්චයභූතං කම‍්මං දස‍්සෙන‍්තෙන කථිතාය කම‍්මකථාය අපුබ‍්බත්‍ථානුවණ‍්ණනා. තත්‍ථ අහොසි කම‍්මං අහොසි කම‍්මවිපාකොතිආදීසු අතීතභවෙසු කතස‍්ස කම‍්මස‍්ස අතීතභවෙසුයෙව විපක‍්කවිපාකං ගහෙත්‍වා “අහොසි කම‍්මං අහොසි කම‍්මවිපාකො”ති වුත‍්තං. තස‍්සෙව අතීතස‍්ස කම‍්මස‍්ස දිට‍්ඨධම‍්මවෙදනීයස‍්ස උපපජ‍්ජවෙදනීයස‍්ස ච පච‍්චයවෙකල‍්ලෙන අතීතභවෙසුයෙව අවිපක‍්කවිපාකඤ‍්ච අතීතෙයෙව පරිනිබ‍්බුතස‍්ස ච දිට‍්ඨධම‍්මවෙදනීයඋපපජ‍්ජවෙදනීයඅපරපරියායවෙදනීයස‍්ස කම‍්මස‍්ස අවිපක‍්කවිපාකඤ‍්ච ගහෙත්‍වා අහොසි කම‍්මං නාහොසි කම‍්මවිපාකොති වුත‍්තං. අතීතස‍්සෙව කම‍්මස‍්ස අවිපක‍්කවිපාකස‍්ස පච‍්චුප‍්පන‍්නභවෙ පච‍්චයසම‍්පත‍්තියා විපච‍්චමානං විපාකං ගහෙත්‍වා අහොසි කම‍්මං අත්‍ථි කම‍්මවිපාකොති වුත‍්තං. අතීතස‍්සෙව කම‍්මස‍්ස අතික‍්කන‍්තවිපාකකාලස‍්ස ච පච‍්චුප‍්පන‍්නභවෙ පරිනිබ‍්බායන‍්තස‍්ස ච අවිපච‍්චමානං විපාකං ගහෙත්‍වා අහොසි කම‍්මං නත්‍ථි කම‍්මවිපාකොති වුත‍්තං. අතීතස‍්සෙව කම‍්මස‍්ස විපාකාරහස‍්ස අවිපක‍්කවිපාකස‍්ස අනාගතෙ භවෙ පච‍්චයසම‍්පත‍්තියා විපච‍්චිතබ‍්බං විපාකං ගහෙත්‍වා අහොසි කම‍්මං භවිස‍්සති කම‍්මවිපාකොති වුත‍්තං. අතීතස‍්සෙව කම‍්මස‍්ස අතික‍්කන‍්තවිපාකකාලස‍්ස ච අනාගතභවෙ පරිනිබ‍්බායිතබ‍්බස‍්ස ච අවිපච‍්චිතබ‍්බං විපාකං ගහෙත්‍වා අහොසි කම‍්මං න භවිස‍්සති කම‍්මවිපාකොති වුත‍්තං. එවං අතීතකම‍්මං අතීතපච‍්චුප‍්පන‍්නානාගතවිපාකාවිපාකවසෙන ඡධා දස‍්සිතං.

එම හේතු සම්පත්තියෙහි හේතුභූත කර්මය දක්වන්නාහු විසින් කියන ලද කර්ම කථායෙහි පෙර නුවූ අර්ථ අනුවර්ණනාව මෙසේය. එහි අහොසිකම්මං අහොසි කම්ම විපාකො යන ආදීන්හි අතීත භවයන්හි කළ කර්මයට අතීත භවයන්හිම ඵලදුන් විපාකය සලකා, අහෝසි කර්මය, අහෝසි කර්ම විපාකයැයි යූ.සේයි. එම අතීත කර්මයෙහිම දිට්ඨධම්මවේදනීය, උපපජ්ජ වේදනීය ප්‍රත්‍යය ඌනතායෙන් අතීත භවයන්හිදී ඵල නුදුන් විපාකයද, අතීතයෙහිම පිරිනිවියහුගේ, දිට්ඨධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය අපරාපරිය වෙදනීය කර්මයාගේ පල නුදුන් විපාකයද සලකා අහොසි කම්මං නාහොසි කම්ම විපාකොයි යූ.සේයි. ඉක්ම ගියා වූ කර්මයෙහිම පල නුදුන් විපාකයෙහි, වත්මන් භවයෙහි ප්‍රත්‍යය සම්පත්තියෙන් පලදෙනු ලබන විපාකය සලකා අහොසි කම්මං අත්‍ථිකම්ම විපාකොයි යූ.සේයි. ඉක්මගියා වූ කර්මයෙහිම ඉක්මගියා වු විපාක කාලයෙහිද, වත්මන් භවයෙහි පිරිනිවන්පාන්නහුගේද, පලනොදෙන්නා වූ විපාකය සලකා අහොසි කම්මං නත්‍ථි කම්ම විපාකොති යූ.සේයි. අතීත වූම කර්මයාගේ විපාක දීමේ ශක්තිය තිබියදී, පල නුදුන් විපාකයට, අනාගත භවයෙහි ප්‍රත්‍යය සම්පතින් විපාක දියයුතු තත්ත්වයට පත් විපාක දියයුතු සේ සැලකෙන කර්මය අහොසි කම්මං භවිස්සති කම්ම විපාකොයි යූ.සේයි. අතීත කර්මයාගේ ඉක්මගිය විපාක කාලයද අනාගත භවයෙහි පිරිනිවන් පාන්නහුගේද, අවිපාක තත්ත්වය සලකා අහොසි කම්මං නාභවිස්සති කම්ම විපාකොයි යූසේයි. මෙසේ, අතීත කර්මය, අතීත, වර්තමාන, අනාගත, විපාක, අවිපාක වශයෙන් ෂට් ආකාරයකට දක්වන ලදි.

පච‍්චුප‍්පන‍්නභවෙ කතස‍්ස දිට‍්ඨධම‍්මවෙදනීයස‍්ස කම‍්මස‍්ස ඉධෙව විපච‍්චමානං විපාකං ගහෙත්‍වා අත්‍ථි කම‍්මං අත්‍ථි කම‍්මවිපාකොති වුත‍්තං. තස‍්සෙව පච‍්චුප‍්පන‍්නස‍්ස කම‍්මස‍්ස පච‍්චයවෙකල‍්ලෙන ඉධ අවිපච‍්චමානඤ‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ පරිනිබ‍්බායන‍්තස‍්ස ඉධ අවිපච‍්චමානඤ‍්ච විපාකං ගහෙත්‍වා අත්‍ථි කම‍්මං නත්‍ථි කම‍්මවිපාකොති වුත‍්තං. පච‍්චුප‍්පන‍්නස‍්සෙව කම‍්මස‍්ස උපපජ‍්ජවෙදනීයස‍්ස ච අපරපරියායවෙදනීයස‍්ස ච අනාගතභවෙ විපච‍්චිතබ‍්බං විපාකං ගහෙත්‍වා අත්‍ථි කම‍්මං භවිස‍්සති කම‍්මවිපාකොති වුත‍්තං. පච‍්චුප‍්පන‍්නස‍්සෙව කම‍්මස‍්ස උපපජ‍්ජවෙදනීයස‍්ස පච‍්චයවෙකල‍්ලෙන අනාගතභවෙ අවිපච‍්චිතබ‍්බඤ‍්ච අනාගතභවෙ පරිනිබ‍්බායිතබ‍්බස‍්ස අපරපරියායවෙදනීයස‍්ස අවිපච‍්චිතබ‍්බඤ‍්ච විපාකං ගහෙත්‍වා අත්‍ථි කම‍්මං න භවිස‍්සති කම‍්මවිපාකොති වුත‍්තං. එවං පච‍්චුප‍්පන‍්නකම‍්මං පච‍්චුප‍්පන‍්නානාගතවිපාකාවිපාකවසෙන චතුධා දස‍්සිතං.

වත්මන් භවයෙහි කළ දිට්ඨධම්ම වේදනීය කර්මයෙහි මෙලොවදීම පලදෙනු ලබන විපාකය සලකා, අත්‍ථිකම්මං අත්‍ථිකම්ම විපාකොයි යූ.සේයි. එම වත්මන් කර්මයාගේම ප්‍රත්‍යය ඌනතායේ මෙහි පලනොදෙනුයේ, මේ අත්බැව්හිම පිරිනිවෙන්නහුට මෙලොව පලනොදෙන විපාකය සලකා අත්‍ථි කම්මං නත්‍ථි කම්ම විපාකොයි යූ.සේයි. වර්තමාන වූම කර්මයාගේ උපපජ්ජවේදනීය, අපරාපරියවේදනීයද, අනාගත භවයෙහි පලදිය යුතු විපාකය සලකා අත්‍ථි කම්මං භවිස්සති කම්මවිපාකොයි යූසේයි. වර්තමාන වූම කර්මයාගේ උපපජ්ජවේදනීයතාවයාගේ ප්‍රත්‍යය ඌනතායෙන්, අනාගත භවයෙහි පලනොදීම් භාවයද, අනාගත භවයෙහි පිරිනිවන්පෑ යුතු තැනැත්තාගේ අපරාපරියවේදනීය භාවයාගේ පලනොදිය යුතු බවද සලකා අත්‍ථිකම්මං න භවිස්සිති කම්ම විපාකොයි යූ.සේයි. මෙසේ වර්තමාන කර්මය වර්තමාන, අනාගත, විපාක, අවිපාක වශයෙන් සිව් අයුරෙකින් දක්වන ලදි.

අනාගතභවෙ කාතබ‍්බස‍්ස කම‍්මස‍්ස අනාගතභවෙ විපච‍්චිතබ‍්බං විපාකං ගහෙත්‍වා භවිස‍්සති කම‍්මං භවිස‍්සති කම‍්මවිපාකොති වුත‍්තං. තස‍්සෙව අනාගතස‍්ස කම‍්මස‍්ස පච‍්චයවෙකල‍්ලෙන අවිපච‍්චිතබ‍්බඤ‍්ච අනාගතභවෙ පරිනිබ‍්බායිතබ‍්බස‍්ස අවිපච‍්චිතබ‍්බඤ‍්ච විපාකං ගහෙත්‍වා භවිස‍්සති කම‍්මං න භවිස‍්සති කම‍්මවිපාකොති වුත‍්තං. එවං අනාගතකම‍්මං අනාගතවිපාකාවිපාකවසෙන ද‍්විධා දස‍්සිතං. තං සබ‍්බං එකතො කත්‍වා ද‍්වාදසවිධෙන කම‍්මං දස‍්සිතං හොති.

අනාගත භවයෙහි කළයුතු කර්මයෙහි අනාගත භවයෙහි පලදිය යුතු කර්මය සලකා, භවිස්සති කම්මං භවිස්සති කම්ම විපාකොයි යූ.සේයි. එහිම අනාගත කර්මයාගේ ප්‍රත්‍යය හීනතාවයෙන් පලනොදිය යුතු වූද, අනාගත භවයෙහි පිරිනිවන් පෑයුතු තැනැත්තහුගේද, පලනොදිය යුතු විපාකයද සලකා, භවිස්සති කම්මං න භවිස්සති කම්ම විපාකොයි යූසේයි. මෙසේ අනාගත කර්මය අනාගත, විපාක අවිපාක වශයෙන් දෙයාකාරයෙන් දක්වන ලදි. ඒ සියල්ල එකතුකොට දොළොස් අයුරෙකින් කර්මය දක්වන ලදි.

ඉමස‍්මිං ඨානෙ ඨත්‍වා තීණි කම‍්මචතුක‍්කානි ආහරිත්‍වා වුච‍්චන‍්ති – තෙසු හි වුත‍්තෙසු අයමත්‍ථො පාකටතරො භවිස‍්සතීති. චතුබ‍්බිධඤ‍්හි කම‍්මං දිට‍්ඨධම‍්මවෙදනීයං උපපජ‍්ජවෙදනීයං අපරපරියායවෙදනීයං අහොසිකම‍්මන‍්ති. තෙසු එකජවනවීථියං සත‍්තසු චිත‍්තෙසු කුසලා වා අකුසලා වා පඨමජවනචෙතනා දිට‍්ඨධම‍්මවෙදනීයකම‍්මං නාම. තං ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ විපාකං දෙති. තථා අසක‍්කොන‍්තං පන “අහොසි කම‍්මං නාහොසි කම‍්මවිපාකො, න භවිස‍්සති කම‍්මවිපාකො, නත්‍ථි කම‍්මවිපාකො”ති ඉමස‍්ස තිකස‍්ස වසෙන අහොසිකම‍්මං නාම හොති. අත්‍ථසාධිකා පන සත‍්තමජවනචෙතනා උපපජ‍්ජවෙදනීයකම‍්මං නාම. තං අනන‍්තරෙ අත‍්තභාවෙ විපාකං දෙති. තථා අසක‍්කොන‍්තං වුත‍්තනයෙනෙව අහොසිකම‍්මං නාම හොති. උභින‍්නං අන‍්තරෙ පන පඤ‍්චජවනචෙතනා අපරපරියායවෙදනීයකම‍්මං නාම. තං අනාගතෙ යදා ඔකාසං ලභති, තදා විපාකං දෙති. සති සංසාරප‍්පවත‍්තියා අහොසිකම‍්මං නාම න හොති.

මෙතැන් සිට කර්ම චතුෂ්ක ත්‍රයය ගෙනහැර කියති. ඒවා කී කල්හි මෙම අර්ථය වඩාත් ප්‍රකට වන්නේය. දිට්ඨධම්මවේදනීය, උපපජ්ජවේදනීය, අපරාපරියවේදනීය, අහෝසි කර්ම වශයෙන් කර්මය සිව්ආකාර වේ. ඒවා අතර, එක් ජවන වීථියක, සත් සිත්හි කුසල හෝ අකුසල හෝ ප්‍රථම ජවන් චේතනාව දිට්ඨධම්ම වේදනීය කර්මය නමැ. එය මෙ අත්බැව්හිම විපාකදේ. එසේ නොහැකි වනුයේ අහෝසිකර්ම වේ. කර්මවිපාක නොවූයේය. කර්මවිපාක නොවන්නේය. මෙම ත්‍රිකයෙහි වශයෙන් අහෝසි කර්මය වේ. අර්ථසිද්ධිය ගෙනදෙන සත්වන ජවන චේතනාව උපපජ්ජ වේදනීය කර්මය නමැ. එය අනතුරු අත්බැව්හි විපාක දෙයි. එසේ නොහැකිවනුයේ කියන ලද ක්‍රමයෙන්ම අහෝසි කර්ම නම් වේ. දෙඅතර පස්වන ජවන චේතනාව අපරාපරිය වේදනීය කර්මය නමැ. එය අනාගතයෙහි යම්කලෙකැ අවකාශ ලබාද? එකලැ විපාක දේ. සංසාර ප්‍රවෘත්තිය ඇතිකල්හි අහෝසි කර්ම නම් නොවන්නේය.

අපරම‍්පි චතුබ‍්බිධං කම‍්මං යග‍්ගරුකං යබ‍්බහුලං යදාසන‍්නං කටත‍්තා වා පන කම‍්මන‍්ති. තත්‍ථ කුසලං වා හොතු අකුසලං වා, ගරුකාගරුකෙසු යං ගරුකං මාතුඝාතාදිකම‍්මං වා මහග‍්ගතකම‍්මං වා, තදෙව පඨමං විපච‍්චති. තථා බහුලාබහුලෙසුපි යං බහුලං හොති සුසීල්‍යං වා දුස‍්සීල්‍යං වා, තදෙව පඨමං විපච‍්චති. යදාසන‍්නං නාම මරණකාලෙ අනුස‍්සරිතකම‍්මං වා කතකම‍්මං වා. යඤ‍්හි ආසන‍්නමරණෙ අනුස‍්සරිතුං සක‍්කොති කාතුං වා, තෙනෙව උපපජ‍්ජති. එතෙහි පන තීහි මුත‍්තං පුනප‍්පුනං ලද‍්ධාසෙවනං කටත‍්තා වා පන කම‍්මං නාම හොති. තෙසං අභාවෙ තං පටිසන්‍ධිං ආකඩ‍්ඪති.

අන්‍ය වූද සිව් අයුරු කර්මයකැ. යග්ගරුක, යබ්බහුල, යදාසන්න, කටත්තාවා යන කර්මයි. එහි යම් කුසලයක් හෝ අකුසලයක් බරපතල හා බරපතල නොවූ කර්ම අතර, යම් බරපතල මාතෘ ඝාතකාදී කර්මයක් හෝ මහද්ගත කර්මයක් හෝ වේද, එයම පළමුව පලදේ. එසේම සුසීල්‍ය හා දුස්සීල්‍ය කර්ම අතරද, බහුල වශයෙන් හා බහුල නොවූ අයුරින් කරන ලද කර්මයන්හි යමක් බහුලව කෙරේද, එයම පළමුව පලදේ. යදාසන්න නම් මියෙන කල්හි සරන ලද හෝ කළ කමැ. යමක් වනාහි මරණාසන්නයෙහි සිහිකරන්ට හෝ කරන්ට හෝ හැකිවනුයේද එම කර්මයෙන්ම උපදී. මෙම ත්‍රයයෙන් මුක්ත නැවත නැවත ලද සෙවුමැතියේ කටත්තාවාපන කර්ම නම් වේ. ඒවාහි අභාවයෙන් ඒ ප්‍රතිසන්ධිය ආපසු අදී. ඉදිරියට නොයයි.

අපරං වා චතුබ‍්බිධං කම‍්මං ජනකං උපත්‍ථම‍්භකං උපපීළකං උපඝාතකන‍්ති. තත්‍ථ ජනකං නාම කුසලම‍්පි හොති අකුසලම‍්පි. තං පටිසන්‍ධියං පවත‍්තෙපි රූපාරූපවිපාකං ජනෙති. උපත්‍ථම‍්භකං පන ජනෙතුං න සක‍්කොති, අඤ‍්ඤෙන කම‍්මෙන දින‍්නාය පටිසන්‍ධියා ජනිතෙ විපාකෙ උප‍්පජ‍්ජනකසුඛදුක‍්ඛං උපත්‍ථම‍්භෙති, අද‍්ධානං පවත‍්තෙති. උපපීළකං අඤ‍්ඤෙන කම‍්මෙන දින‍්නාය පටිසන්‍ධියා ජනිතෙ විපාකෙ උප‍්පජ‍්ජනකසුඛදුක‍්ඛං පීළෙති බාධති, අද‍්ධානං පවත‍්තිතුං න දෙති. උපඝාතකං පන කුසලම‍්පි අකුසලම‍්පි සමානං අඤ‍්ඤං දුබ‍්බලකම‍්මං ඝාතෙත්‍වා තස‍්ස විපාකං පටිබාහිත්‍වා අත‍්තනො විපාකස‍්ස ඔකාසං කරොති. එවං පන කම‍්මෙන කතෙ ඔකාසෙ තං විපාකං උප‍්පන‍්නං නාම වුච‍්චති.

අන්‍ය වූද සිව් ආකාර කර්මයකි. ජනක, උපස්තම්භක, උපපීඩක උපඝාතක යනුවෙනි. එහි ජනක නම් කුසල්ද අකුසල්ද වේ. ප්‍රතිසන්ධියෙහිද ප්‍රවෘත්තියෙහි රූපාරූප විපාක (විපාක ස්කන්ධයන්) හටගන්වයි. උපස්තම්භකය වනාහි විපාක හටගන්වන්ට නොහැකි වේ. අන් කර්මයකින් දුන් ප්‍රතිසන්‍ධියෙන් හටගත් විපාකයන්හි උපදනා සුවදුක්හිදී පිහිට වේ. දීර්ඝ කාලයක් පවත්වයි. උපපීඩකය අන් කර්මයකින් දුන් ප්‍රතිසන්ධියෙහි හටගත් විපාකයන්හි උපදනා සුවදුක් පීඩාකරයි. බාධා කරයි. දීර්ඝ කාලයක් පවතින්ට නොදෙයි. උපඝාතකය වනාහි කුසල් හෝ අකුසල් වූයේ අන්‍ය දුර්වල කර්මයක් නසා එහි විපාක වළකා තමාගේ විපාකයට අවකාශ ලබාගනී. මෙසේ කර්මයෙන් කළ අවකාශයෙහි එම විපාකය උපන්නේ නම් වේ.

ඉති ඉමෙසං ද‍්වාදසන‍්නං කම‍්මානං කම‍්මන‍්තරඤ‍්ච විපාකන‍්තරඤ‍්ච බුද‍්ධානං කම‍්මවිපාකඤාණස‍්සෙව යාථාවසරසතො පාකටං හොති අසාධාරණං සාවකෙහි. විපස‍්සකෙන පන කම‍්මන‍්තරං විපාකන‍්තරඤ‍්ච එකදෙසතො ජානිතබ‍්බං. තස‍්මා අයං මුඛමත‍්තදස‍්සනෙන කම‍්මවිසෙසො පකාසිතොති.

මෙසේ දොළොස් කර්මයන්ගේ, කර්මාන්තරයද, විපාකාන්තරයද බුදුවරුන්ගේ කර්මවිපාක ඤාණයටම නියම ස්වභාවයෙන් ප්‍රකට වේ. ශ්‍රාවක අසාධාරණව, විදර්ශකයා විසින් කර්මාන්තරයද, විපාකාන්තරයද, එක් කොටසක් වශයෙන් දතයුතුය. එහෙයින් මේ මුඛ මාත්‍ර දර්ශනයෙන් පමණක් කර්ම විපාකය ප්‍රකාශිතය.

එවං සුද‍්ධිකකම‍්මවසෙන පඨමවාරං වත්‍වා තදෙව කම‍්මං ද‍්විධා විභජිත්‍වා කුසලාකුසලාදියුගලවසෙන දසහි පරියායෙහි අපරෙ දස වාරා වුත‍්තා. තත්‍ථ ආරොග්‍යට‍්ඨෙන කුසලං, අනාරොග්‍යට‍්ඨෙන අකුසලං, ඉදං දුකං ජාතිවසෙන වුත‍්තං. අකුසලමෙව රාගාදිදොසසංයොගෙන සාවජ‍්ජං, කුසලං තදභාවෙන අනවජ‍්ජං. අකුසලං අපරිසුද‍්ධත‍්තා, කණ‍්හාභිජාතිහෙතුත‍්තා වා කණ‍්හං, කුසලං පරිසුද‍්ධත‍්තා, සුක‍්කාභිජාතිහෙතුත‍්තා වා සුක‍්කං. කුසලං සුඛවුද‍්ධිමත‍්තා සුඛුද්‍රයං, අකුසලං දුක‍්ඛවුද‍්ධිමත‍්තා දුක‍්ඛුද්‍රයං. කුසලං සුඛඵලවත‍්තා සුඛවිපාකං, අකුසලං දුක‍්ඛඵලවත‍්තා දුක‍්ඛවිපාකන‍්ති එවමෙතෙසං නානාකාරො වෙදිතබ‍්බොති.

මෙසේ අමිශ්‍ර කර්ම වශයෙන් ප්‍රථම වාරය පෙන්වා, එම කර්මයම දෙකට බෙදා, කුසල් අකුසල් ආදී යුගල වශයෙන් දස ක්‍රමයන්ගෙන් අනෙක් දසවාරයන් යූ.සේයි. එහි ආරෝග්‍යාර්ථයෙන් කුසලංයි. අනාරොග්‍යාර්ථයෙන් අකුසලංයි. මෙම ද්විකය ජාති වශයෙන් යූ.සේයි. අකුසලයම රාග ආදී දෝස සංයෝගයෙන් සාවජ්ජංයි. කුසලය එම ස්වභාවයෙන් අනවජ්ජංයි. අකුසලය අපිරිසිදු හෙයින්ද, තෘෂ්ණාව හටගත් හෙයින්ද කණ්හංයි. කුසලය පිරිසිදු හෙයින්ද යහපත්ව හටගත් හෙයින්ද, සුක්කංයි. කුසලය සුඛ වෘද්ධි මාත්‍ර හෙයින් සුඛුද්‍රයංයි. අකුසලය දුක් වෘද්ධි මාත්‍ර හෙයින් දුක්ඛුදායංයි. කුසලය සුව ඵල හෙයින් සුඛවිපාකංයි. අකුසලය දුක්ඵල හෙයින් දුක්ඛ විපාකංයි. මෙසේ මේවාහි වෙනස් ආකාරයන් දතයුතුය.

කම‍්මකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

කර්ම කථා වර්ණනාව නිමි.