යෙදුමෙන් කියවන්න

විපල‍්ලාසකථා අට‍්ඨකථා

විපල‍්ලාසකථා

විපර්‍ය්‍යාස කථා

විපල‍්ලාසකථාවණ‍්ණනා

ඉදානි තස‍්ස කම‍්මස‍්ස පච‍්චයභූතෙ විපල‍්ලාසෙ දස‍්සෙන‍්තෙන කථිතාය සුත‍්තන‍්තපුබ‍්බඞ‍්ගමාය විපල‍්ලාසකථාය අපුබ‍්බත්‍ථානුවණ‍්ණනා. සුත‍්තන‍්තෙ තාව සඤ‍්ඤාවිපල‍්ලාසාති සඤ‍්ඤාය විපල‍්ලත්‍ථභාවා විපරීතභාවා, විපරීතසඤ‍්ඤාති අත්‍ථො. සෙසද‍්වයෙසුපි එසෙව නයො. චිත‍්තකිච‍්චස‍්ස දුබ‍්බලට‍්ඨානෙ දිට‍්ඨිවිරහිතාය අකුසලසඤ‍්ඤාය සකකිච‍්චස‍්ස බලවකාලෙ සඤ‍්ඤාවිපල‍්ලාසො. දිට‍්ඨිවිරහිතස‍්සෙව අකුසලචිත‍්තස‍්ස සකකිච‍්චස‍්ස බලවකාලෙ චිත‍්තවිපල‍්ලාසො. දිට‍්ඨිසම‍්පයුත‍්තෙ චිත‍්තෙ දිට‍්ඨිවිපල‍්ලාසො. තස‍්මා සබ‍්බදුබ‍්බලො සඤ‍්ඤාවිපල‍්ලාසො, තතො බලවතරො චිත‍්තවිපල‍්ලාසො, සබ‍්බබලවතරො දිට‍්ඨිවිපල‍්ලාසො. අජාතබුද‍්ධිදාරකස‍්ස කහාපණදස‍්සනං විය හි සඤ‍්ඤා ආරම‍්මණස‍්ස උපට‍්ඨානාකාරමත‍්තග‍්ගහණතො. ගාමිකපුරිසස‍්ස කහාපණදස‍්සනං විය චිත‍්තං ලක‍්ඛණපටිවෙධස‍්සාපි සම‍්පාපනතො. කම‍්මාරස‍්ස මහාසණ‍්ඩාසෙන අයොගහණං විය දිට‍්ඨි අභිනිවිස‍්ස පරාමසනතො. අනිච‍්චෙ නිච‍්චන‍්ති සඤ‍්ඤාවිපල‍්ලාසොති අනිච‍්චෙ වත්‍ථුස‍්මිං “නිච‍්චං ඉද”න‍්ති එවං ගහෙත්‍වා උප‍්පජ‍්ජනකසඤ‍්ඤා සඤ‍්ඤාවිපල‍්ලාසො. ඉමිනා නයෙන සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො. න සඤ‍්ඤාවිපල‍්ලාසො න චිත‍්තවිපල‍්ලාසො න දිට‍්ඨිවිපල‍්ලාසොති චතූසු වත්‍ථූසු ද‍්වාදසන‍්නං විපල‍්ලාසග‍්ගාහානං අභාවා යාථාවග‍්ගහණං වුත‍්තං.

එම කර්මයට ප්‍රත්‍යය වූ, විපර්යාසයන් දක්වමින් කියන ලද, සූත්‍රාන්ත පූර්වාංගම විපර්යාස කථායෙහි පෙරනුවූ අර්ථ අනුවර්ණනාවයි. සූත්‍රාන්තයෙහි සඤ්ඤා විපල්ලාසාය සංඥාවගේ විපර්යාසයට පත් ස්වභාවයයි විපරීත සංඥාව යයි අර්ථයි. සෙසු ද්වයෙහිම එම ක්‍රමයමැයි. චිත්ත කෘත්‍යයාගේ, දුර්වල ස්ථානයෙහි, දෘෂ්ටි විරහිත හෙයින් අකුසල සංඥාවගේ ස්වකෘත්‍යයෙහි බලවත් කාලයෙහි සඤ්ඤා විපල්ලාසොයි. දෘෂ්ටි විරහිත වූයේම අකුසල චිත්තයාගේ ස්වකෘත්‍ය බලවත් කාලයෙහි චිත්ත විපල්ලාසොයි. දෘෂ්ටි සම්ප්‍රයුක්ත සිතෙහි දිට්ඨි විපල්ලාසොයි. එහෙයින් සංඥා විපර්යාසය සියල්ලට වඩා දුර්වලය. චිත්ත විපර්යාසය එයට වඩා බලවත්ය. සියල්ලට වඩා දෘෂ්ටි විපර්යාසය ඉතා බලවත්ය. සංඥාව, නුවණ හටනොගත් දරුවකුගේ කහවණු දැක්ම මෙනි. අරමුණෙහි එළැඹ සිටීම් මාත්‍ර ග්‍රහණය හෙයිනි. ලක්‍ෂණාවබෝධයට පමුණුවන හෙයින් චිත්තය ගැමි පුරුෂයකුගේ කහවණු දැක්ම මෙනි. ඇතුළට කිඳාබැස, ස්පර්ශ කරන හෙයින් දෘෂ්ටිය ලෝකුරුවාගේ මහ අඩුවෙන් යකඩ ග්‍රහණය මෙනි. අනිච්චෙ නිච්චන්ති සඤ්ඤා විපල්ලාසො යනු අනිත්‍ය වස්තුවෙහි මෙය නිත්‍යයයි මෙසේ ග්‍රහණයකොට උපදනා සංඥාව සංඥා විපර්යාසයයි. මෙම ක්‍රමයෙන් සියලු පදයන්හි අර්ථ දතයුතුය. න සඤ්ඤා විපල්ලාසො න චිත්ත විපල්ලාසො න දිට්ඨි විපල්ලාසො යනු සිව් වස්තූන්හි දොළොස් විපර්යාස ග්‍රාහයන්ගේ අභාවයෙන් නිසියාකාර ග්‍රහණය යූ.සේයි.

ගාථාසු අනත‍්තනි ච අත‍්තාති අනත‍්තනි අත‍්තාති එවංසඤ‍්ඤිනොති අත්‍ථො. මිච‍්ඡාදිට‍්ඨිහතාති න කෙවලං සඤ‍්ඤිනොව, සඤ‍්ඤාය විය උප‍්පජ‍්ජමානාය මිච‍්ඡාදිට‍්ඨියාපි හතා. ඛිත‍්තචිත‍්තාති සඤ‍්ඤාදිට‍්ඨීහි විය උප‍්පජ‍්ජමානෙන ඛිත‍්තෙන විබ‍්භන‍්තෙන චිත‍්තෙන සමන‍්නාගතා. විසඤ‍්ඤිනොති දෙසනාමත‍්තමෙතං, විපරීතසඤ‍්ඤාචිත‍්තදිට‍්ඨිනොති අත්‍ථො. අථ වා සඤ‍්ඤාපුබ‍්බඞ‍්ගමත‍්තා දිට‍්ඨියා පඨමං චතූහි පදෙහි සඤ‍්ඤාවිපල‍්ලාසො වුත‍්තො, තතො මිච‍්ඡාදිට‍්ඨිහතාති දිට‍්ඨිවිපල‍්ලාසො, ඛිත‍්තචිත‍්තාති චිත‍්තවිපල‍්ලාසො. විසඤ‍්ඤිනොති තීහි විපල‍්ලාසග‍්ගාහෙහි පකතිසඤ‍්ඤාවිරහිතා මොහං ගතා “මුච‍්ඡිතො විසවෙගෙන, විසඤ‍්ඤී සමපජ‍්ජථා”තිඑත්‍ථ (ජා· 2.22.328) විය. තෙ යොගයුත‍්තා මාරස‍්සාති තෙ ජනා සත‍්තා මාරස‍්ස යොගෙ යුත‍්තා නාම හොන‍්ති. අයොගක‍්ඛෙමිනොති චතූහි යොගෙහි ඊතීහි ඛෙමං නිබ‍්බානං අප‍්පත‍්තා. සත‍්තා ගච‍්ඡන‍්ති සංසාරන‍්ති තෙයෙව පුග‍්ගලා සංසාරං සංසරන‍්ති. කස‍්මා? ජාතිමරණගාමිනො හි තෙ, තස‍්මා සංසරන‍්තීති අත්‍ථො. බුද‍්ධාති චතුසච‍්චබුද‍්ධා සබ‍්බඤ‍්ඤුනො. කාලත‍්තයසාධාරණවසෙන බහුවචනං. ලොකස‍්මින‍්ති ඔකාසලොකෙ. පභඞ‍්කරාති ලොකස‍්ස පඤ‍්ඤාලොකං කරා. ඉමං ධම‍්මං පකාසෙන‍්තීති විපල‍්ලාසප‍්පහානං ධම‍්මං ජොතෙන‍්ති. දුක‍්ඛූපසමගාමිනන‍්ති දුක‍්ඛවූපසමං නිබ‍්බානං ගච‍්ඡන‍්තං. තෙසං සුත්‍වානාති තෙසං බුද‍්ධානං ධම‍්මං සුත්‍වාන. සප‍්පඤ‍්ඤාති භබ‍්බභූතා පඤ‍්ඤවන‍්තො. සචිත‍්තං පච‍්චලද‍්ධූති විපල‍්ලාසවජ‍්ජිතං සකචිත‍්තං පටිලභිත්‍වා. පටිඅලද‍්ධූති පදච‍්ඡෙදො. අථ වා පටිලභිංසු පටිඅලද‍්ධුන‍්ති පදච‍්ඡෙදො. අනිච‍්චතො දක‍්ඛුන‍්ති අනිච‍්චවසෙනෙව අද‍්දසංසු. අනත‍්තනි අනත‍්තාති අනත‍්තානං අනත‍්තාති අද‍්දක‍්ඛුං. අථ වා අනත‍්තනි වත්‍ථුස‍්මිං අත‍්තා නත්‍ථීති අද‍්දක‍්ඛුං. සම‍්මාදිට‍්ඨිසමාදානාති ගහිතසම‍්මාදස‍්සනා. සබ‍්බං දුක‍්ඛං උපච‍්චගුන‍්ති සකලං වට‍්ටදුක‍්ඛං සමතික‍්කන‍්තා.

ගාථාවන්හි, අනත්තනිච අත්තා යනු ආත්ම නුවූවෙහි ආත්මයැයි මෙසේ සංඥාවෙන් යුක්ත වූයේ යන අර්ථයි මිච්ඡාදිට්ඨිහතා යනු හුදෙක් සංඥාවෙන් පමණක් යුක්ත වූයේ නොව සංඥාව මෙන් උපදිනු ලබන මිථ්‍යා දෘෂ්ටියගේද නැසීමෙන්, ඛිත්ත චිත්තා යනු සංඥා දෘෂ්ටීන් මෙන් උපදිනු ලබන, හැරදමන ලද, අත්හළ සිතින් යුක්ත වූවාහු, විසඤ්ඤිනො යනු එය දේශනා මාත්‍රයකි. විපරීත, සංඥා, චිත්ත, දෘෂ්ටීන්ගෙන් යන අර්ථයි. නොහොත් සංඥා පූර්වංගම හෙයින් දෘෂ්ටියෙහි ප්‍රථම සිව් පදයන්ගෙන් සංඥා විපර්යාසය යූසේයි. ඉන් මිච්ඡාදිට්ඨි හතා යනු දෘෂ්ටි විපර්යාසයයි. ඛිත්ත චිත්තා යනු චිත්ත විපර්යාසයයි. විසඤ්ඤනො යනු ත්‍රිවිධ විපර්යාස ග්‍රාහයන්ගෙන් ප්‍රකෘති සංඥා විරහිත වූවාහු මෝහයට ගියහු, විසවේගයෙන් සිහිමුළා වූයේ විසඥභාවයට පැමිණවූ යන මෙහි වැනිය. තෙ යොග යුත්තා මාරස්ස යනු එම ජනතාව, සත්ත්වයෝ මාර යෝගයෙහි යෙදුණාහු නම් වෙති. අයොගක්ඛෙමිනො යනු චතුර් යෝගයන් නමැති උපද්‍රවයන්ගෙන් යුක්ත වූවාහු, ක්‍ෂේම නිර්වාණයට නොපැමිණියාහු, සත්තා ගච්ඡන්ති සංසාරං යනු එම පුද්ගලයෝම සසර සැරිසරති. කුමක් හෙයින්ද යත්, ඔවුහු ඉපැත්ම හා මරණ අනුව යන්නෝ වෙති. එහෙයින් සැරිසරත් යයි අර්ථයි. බුද්ධා යනු සිව්සස් අවබෝධ කළ සර්වඥවරු, කාලත්‍රය සාධාරණ වශයෙන් බහුවචනයෙන් දක්වයි. ලොකස්මිං යනු අවකාශ ලෝකයෙහි පභංකරා යනු ලෝකයට ප්‍රඥාලෝකය ඇති කරන්නා වූ, ඉමං ධම්මං පකාසෙන්ති යනු විපර්යාස ප්‍රහාණ ධර්මය බබළවති. දුක්ඛූපසමගාමිනං යනු දුක් සංසිඳවන නිර්වාණය යන්නා වූ තෙ සං සුත්‍වාන යනු එම බුදුවරුන්ගේ ධර්මය ශ්‍රවණය කොට, සප්පඤ්ඤා යනු භව්‍ය වූ, ප්‍රඥාවන්තයෝ, සචිත්තං පච්ච ලද්ධුං යනු විපර්යාස වර්ජිත සිය සිත ලැබ, පටි අලද්ධා යනු පදච්ඡේදයි. නොහොත් ලද්දාහ. පටිඅලද්ධුං යනු පදච්ඡේදයි. අනිච්චතං දක්ඛුං යනු අනිත්‍ය වශයෙන්ම දුටුවාහුය. අනත්තනි අනත්තා යනු ආත්මය අනාත්ම වශයෙන් දුටුවාහුය. නොහොත් අනාත්ම වස්තුවෙහි ආත්මයන් නැතැයි දුටුවාහුය. සම්මාදිට්ඨි සමාදානා යනු ගන්නා ලද සම්‍යක් දර්ශනයෙන් යුක්තවූවාහු, සබ්බදුක්ඛං උපච්චගුං යනු සියලු සංසාර වෘත්ත දුක ඉක්මවූවාහුය.

පහීනාපහීනපුච‍්ඡාය දිට‍්ඨිසම‍්පන‍්නස‍්සාති සොතාපන‍්නස‍්ස. දුක‍්ඛෙ සුඛන‍්ති සඤ‍්ඤා උප‍්පජ‍්ජති. චිත‍්තං උප‍්පජ‍්ජතීති මොහකාලුස‍්සියස‍්ස අප‍්පහීනත‍්තා සඤ‍්ඤාමත‍්තං වා චිත‍්තමත‍්තං වා උප‍්පජ‍්ජති, අනාගාමිස‍්සපි උප‍්පජ‍්ජති, කිං පන සොතාපන‍්නස‍්ස. ඉමෙ ද‍්වෙ අරහතොයෙව පහීනා. අසුභෙ සුභන‍්ති සඤ‍්ඤා උප‍්පජ‍්ජති. චිත‍්තං උප‍්පජ‍්ජතීති සකදාගාමිස‍්සපි උප‍්පජ‍්ජති, කිං පන සොතාපන‍්නස‍්ස. ඉමෙ ද‍්වෙ අනාගාමිස‍්ස පහීනාති අට‍්ඨකථායං වුත‍්තං. තස‍්මා ඉදං ද‍්වයං සොතාපන‍්නසකදාගාමිනො සන්‍ධාය වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. අනාගාමිනො කාමරාගස‍්ස පහීනත‍්තා “අසුභෙ සුභ”න‍්ති සඤ‍්ඤාචිත‍්තවිපල‍්ලාසානඤ‍්ච පහානං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. ද‍්වීසු වත්‍ථූසූතිආදීහි පදෙහි පහීනාපහීනෙ නිගමෙත්‍වා දස‍්සෙති. තත්‍ථ “අනිච‍්චෙ නිච‍්ච”න‍්ති, “අනත‍්තනි අත‍්තා”ති ඉමෙසු ද‍්වීසු වත්‍ථූසු ඡ විපල‍්ලාසා පහීනා. “දුක‍්ඛෙ සුඛ”න‍්ති, “අසුභෙ සුභ”න‍්ති ඉමෙසු ද‍්වීසු වත්‍ථූසු ද‍්වෙ දිට‍්ඨිවිපල‍්ලාසා පහීනා. කෙසුචි පොත්‍ථකෙසු ද‍්වෙති පඨමං ලිඛිතං, පච‍්ඡා ඡාති. චතූසු වත්‍ථූසූති චත‍්තාරි එකතො කත්‍වා වුත‍්තං. අට‍්ඨාති ද‍්වීසු ඡ, ද‍්වීසු ද‍්වෙති අට‍්ඨ. චත‍්තාරොති දුක‍්ඛාසුභවත්‍ථූසු එකෙකස‍්මිං ද‍්වෙ ද‍්වෙ සඤ‍්ඤාචිත‍්තවිපල‍්ලාසාති චත‍්තාරො. කෙසුචි පොත්‍ථකෙසු “ඡ ද‍්වීසූ”ති වුත‍්තට‍්ඨානෙසුපි එවමෙව ලිඛිතන‍්ති.

ප්‍රහීණ අප්‍රහීණ විමසුම්හි, දිට්ඨිසම්පන්නස්ස යනු සෝවාන් පුද්ගලයා හට, දුක්ඛෙ සුඛන්ති සඤ්ඤා උප්පජ්ජති චිත්තං උප්පජ්ජති යනු මෝහය නමැති කාලුෂ්‍යයාගේ (අඳුරු පටලය) ප්‍රහීණ නොවූ හෙයින් සංඥා මාත්‍රයක් හෝ චිත්ත මාත්‍රයක් හෝ උපදී. අනාගාමීහුටද උපදී. සෝවාන් වූවහු ගැන කවර කථාද? මෙම ද්වයය රහත්හුටම ප්‍රහීණය. අසුභෙ සුභන්ති සඤ්ඤා උප්පජ්ජති චිත්තං උප්පජ්ජති යනු සකෘදාගාමීහුටද උපදී. සෝවාන් වූවහු ගැන කවර කථාද? මෙම ද්වයය අනාගාමීහුට ප්‍රහීණයයි අටුවායෙහි යූ.සේයි. එහෙයින් මෙම ද්වයය සෝවාන් සකදෘගාමීහු සඳහා යූ.සේයි. අනාගාමීහුට කාමරාගය ප්‍රහීණ හෙයින්, අසුභයෙහි සුභයයි සංඥා, චිත්ත විපර්යාසයන්ගේ ප්‍රහාණය යූ.සේයි. ද්වීසු වත්‍ථුසු යනාදී පදයන්ගෙන් ප්‍රහීණ ප්‍රහීණ දෑ නිගමනයකොට දක්වයි. එහි අනිත්‍යයෙහි නිත්‍යයැයිද, අනාත්මයෙහි ආත්මයැයිද යන මෙම ද්වි වස්තූන්හි ෂට් විපර්යාස ප්‍රහීණ වූවාහු වෙති. ද්වීසු වත්‍ථුසු ඡ විපල්ලාසා පහීණා, දුකෙහි සුවයයිද අසුභයෙහි සුභයැයිද මෙම ද්වි වස්තූන්හි දෘෂ්ටි විපර්යාස ද්වයය ප්‍රහීණයහ. ද්වෙ දිට්ඨි විපල්ලාසා පහීණා සමහර පොත්වල ද්වෙ, යන්න පළමුව ලියා ඇත. ‘ඡා’ යන්න පසුව ලියා ඇත. චතුසුවත්‍ථුසු යනු සතර එක්කොට යූ.සේයි. අට්ඨ යනු ද්වයෙක්හි සයක්ද, ද්වයෙක්හි ද්වයයක්දැයි අටකි. චත්තාරො යනු දුක්, අශුභ වස්තූන්හි එකිනෙකෙහි ද්වයය, ද්වයය බැගින් සංඥා චිත්ත විපර්යාසයෝනුයි සතරෙකි. සමහර පොත්වල ‘ඡ ද්වීසු’යි කියන ලද ස්ථානයන්හිද මෙපරිද්දෙන්ම ලියන ලදි.

විපල‍්ලාසකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

විපර්යාස කථා නිමි.