යෙදුමෙන් කියවන්න

විපල‍්ලාසකථා

8.

8.

විපල‍්ලාසකථා

විපර්‍ය්‍යාසකථා

සාවත්‍ථිනිදානං “චත‍්තාරො මෙ භික‍්ඛවෙ සඤ‍්ඤාවිපල‍්ලාසා චිත‍්තවිපල‍්ලාසා දිට‍්ඨිවිපල‍්ලාසා, කතමෙ චත‍්තාරො: අනිච‍්චෙ භික‍්ඛවෙ නිච‍්චන‍්ති සඤ‍්ඤාවිපල‍්ලාසො චිත‍්තවිපල‍්ලාසො දිට‍්ඨිවිපල‍්ලාසො, දුක‍්ඛෙ භික‍්ඛවෙ සුඛන‍්ති සඤ‍්ඤාවිපල‍්ලාසො චිත‍්තවිපල‍්ලාසො දිට‍්ඨිවිපල‍්ලාසො, අනත‍්තනි භික‍්ඛවෙ අත‍්තාති සඤ‍්ඤාවිපල‍්ලාසො චිත‍්තවිපල‍්ලාසො දිට‍්ඨිවිපල‍්ලාසො, අසුභෙ භික‍්ඛවෙ සුභන‍්ති සඤ‍්ඤාවිපල‍්ලාසො චිත‍්තවිපල‍්ලාසො දිට‍්ඨිවිපල‍්ලාසො. ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො සඤ‍්ඤාවිපල‍්ලාසා චිත‍්ත විපල‍්ලාසා දිට‍්ඨිවිපල‍්ලාසා.

සැවැත් නිදාන යි ... මහණෙනි, මොහු සතරදෙන සංඥාවිපර්‍ය්‍යාසයෝ යැ චිත්තවිපර්‍ය්‍යාසයෝ යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ යි, කවර සතරදෙනෙකැ යත්: මහණෙනි, අනිත්‍ය (වස්තු) යෙහි නිත්‍ය යැ යන සංඥාව සංඥාවිපර්‍ය්‍යාස යැ චිත්ත විපර්‍ය්‍යාස යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මහණෙනි, දුඃඛයෙහි සුඛ යැ යනු සංඥාවිපර්‍ය්‍යාස යැ චිත්තවිපර්‍ය්‍යාස යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මහණෙනි, අනාත්මයෙහි ආත්ම යැ යනු සංඥාවිපර්‍ය්‍යාස යැ චිත්තවිපර්‍ය්‍යාස යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මහණෙනි, අශුභයෙහි ශුභ යැ යනු සංඥාවිපර්‍ය්‍යාස යැ චිත්තවිපර්‍ය්‍යාස යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මහණෙනි, මොහු සතරදෙන සංඥාවිපර්‍ය්‍යාසයෝ යැ චිත්තවිපර්‍ය්‍යාසයෝ යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ යි.

චත‍්තාරො මෙ භික‍්ඛවෙ නසඤ‍්ඤාවිපල‍්ලාසා නචිත‍්තවිපල‍්ලාසා නදිට‍්ඨිවිපල‍්ලාසා, කතමෙ චත‍්තාරො: අනිච‍්චෙ භික‍්ඛවෙ අනිච‍්චන‍්ති නසඤ‍්ඤාවිපල‍්ලාසො නචිත‍්තවිපල‍්ලාසො නදිට‍්ඨිවිපල‍්ලාසො, දුක‍්ඛෙ භික‍්ඛවෙ දුක‍්ඛන‍්ති නසඤ‍්ඤාවිපල‍්ලාසො නචිත‍්තවිපල‍්ලාසො නදිට‍්ඨිවිපල‍්ලාසො, අනත‍්තනි භික‍්ඛවෙ අනත‍්තාති නසඤ‍්ඤාවිපල‍්ලාසො නචිත‍්තවිපල‍්ලාසො නදිට‍්ඨිවිපල‍්ලාසො, අසුභෙ භික‍්ඛවෙ අසුභන‍්ති නසඤ‍්ඤාවිපල‍්ලාසො නචිත‍්තවිපල‍්ලාසො නදිට‍්ඨිවිපල‍්ලාසො, ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො නසඤ‍්ඤාවිපල‍්ලාසා නචිත‍්තවිපල‍්ලාසා නදිට‍්ඨිවිපල‍්ලාසා.

මහණෙනි, මොහු සතරදෙන සංඥාවිපර්‍ය්‍යාසයෝ නො වෙති, චිත්තවිපර්‍ය්‍යාසයෝ නො වෙති, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ නො වෙත්. කවර සතරදෙනෙකැ යත්: මහණෙනි, අනිත්‍යයෙහි අනිත්‍ය යැ යනු සංඥාවිපර්‍ය්‍යාස නො වෙයි, චිත්තවිපර්‍ය්‍යාස නො වෙයි, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නො වේ. මහණෙනි, දුඃඛයෙහි දුඃඛ යැ යනු සංඥාවිපර්‍ය්‍යාස නො වෙයි, චිත්තවිපර්‍ය්‍යාස නො වෙයි, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නො වේ. මහණෙනි, අනාත්මයෙහි අනාත්ම යැ යනු සංඥාවිපර්‍ය්‍යාස නො වෙයි, චිත්තවිපර්‍ය්‍යාස නො වෙයි, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නො වේ. මහණෙනි, අශුභයෙහි අශුභ යැ යනු සංඥාවිපර්‍ය්‍යාස නො වෙයි, චිත්තවිපර්‍ය්‍යාස නො වෙයි, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නො වේ. මහණෙනි, මොහු සතරදෙන සංඥාවිපර්‍ය්‍යාසයෝ නො වෙති, චිත්තවිපර්‍ය්‍යාසයෝ නො වෙති, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ නො වෙත්.

1. අනිච‍්චෙ නිච‍්චසඤ‍්ඤිනො දුක‍්ඛෙ ච සුඛසඤ‍්ඤිනො අනත‍්තනි ච අත‍්තාති අසුභෙ සුභසඤ‍්ඤිනො මිච‍්ඡාදිට‍්ඨිහතා සත‍්තා ඛිත‍්තචිත‍්තා විසඤ‍්ඤිනො,

(1) අනිත්‍යයෙහි නිත්‍ය යැ යන සංඥා ඇති දුඃඛයෙහි දු සුඛසංඥා ඇති අනාත්මයෙහි දු ආත්ම යැ යන සංඥා ඇති අශුභයෙහි දු ශුභසංඥා ඇති මිසදිටුයෙන් මඩනාලද භ්‍රාන්ත වූ සිත් ඇති විපරීතසංඥා ඇති යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද,

2. තෙ යොගයුත‍්තා මාරස‍්ස අයොගක‍්ඛෙමිනො ජනා සත‍්තා ගච‍්ඡන‍්ති සංසාරං ජාතිමරණගාමිනො,

(2) ඒ සත්ත්‍වයෝ යෝගක්‍ෂේම සඞ්ඛ්‍යාත නිවනට නො පැමිණියාහු මාරයාගේ යෝගයෙහි යෙදුණාහු වෙති. එ මැ සත්ත්‍වයෝ සසර සැරිසරති, (ඔහු) ජාතිමරණයට පැමිණියාහු ද එහෙයිනි.

3. යදා ච බුද‍්ධා ලොකස‍්මිං උප‍්පජ‍්ජන‍්ති පභඞ‍්කරා තෙ ඉමං ධම‍්මං පකාසෙන‍්ති දුක‍්ඛූපසමගාමිනං,

(3) යම් කලෙක ප්‍රඥාලෝකය කරන්නා වූ සර්‍වඥ බුදුවරයෝ ලොවැ උපදිත් ද ඒ බුදුවරයෝ දුක්ඛූපසම සඞ්ඛ්‍යාත නිවනට යන මේ දහම ප්‍රකාශ කෙරෙත්.

4. තෙසං සුත්‍වාන සප‍්පඤ‍්ඤා සචිත‍්තං පච‍්චලද‍්ධු තෙ අනිච‍්චං අනිච‍්චතද‍්දක‍්ඛුං දුක‍්ඛමද‍්දක‍්ඛු දුක‍්ඛතො,

(4) සප්‍රාඥ වූ ජනයෝ ඒ බුදුවරයන්ගේ දහම අසා ස්වචිත්තය ලැබ අනිත්‍යය අනිත්‍ය හෙයින් දුටුවාහු යැ. දුඃඛය දුක් හෙයින් දුටුවාහු යැ.

5. අනත‍්තනි අනත‍්තාති අසුභං අසුභතද‍්දසුං සම‍්මාදිට‍්ඨිසමාදානා සබ‍්බං දුක‍්ඛං උපච‍්චගුන‍්ති,

(5) අනාත්මයෙහි අනාත්ම යැ යි දුටුවාහු යැ අශුභය අශුභ හෙයින් දුටුවාහු යැ සමාදන් කළ සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සියලු වර්‍තදුඃඛය ඉක්මවූවාහු යයි.

ඉමෙ චත‍්තාරො විපල‍්ලාසා දිට‍්ඨිසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස පහීනා අප‍්පහීනාති: කෙචි පහීනා, කෙචි අප‍්පහීනා. අනිච‍්චෙ නිච‍්චන‍්ති සඤ‍්ඤාවිපල‍්ලාසො චිත‍්තවිපල‍්ලාසො දිට‍්ඨිවිපල‍්ලාසො පහීනො. දුක‍්ඛෙ සුඛන‍්ති සඤ‍්ඤා උප‍්පජ‍්ජති, චිත‍්තං උප‍්පජ‍්ජති, දිට‍්ඨිවිපල‍්ලාසො පහීනො. අනත‍්තනි අත‍්තාති සඤ‍්ඤාවිපල‍්ලාසො චිත‍්තවිපල‍්ලාසො දිට‍්ඨිවිපල‍්ලාසො පහීනො, අසුභෙ සුභන‍්ති සඤ‍්ඤා උප‍්පජ‍්ජති, චිත‍්තං උප‍්පජ‍්ජති, දිට‍්ඨිවිපල‍්ලාසො පහීනො.

මේ සතර විපර්‍ය්‍යාසයෝ දෘෂ්ටිසම්පන්න (සෝවන්) පුද්ගලයාහට ප්‍රහීණ වූවාහු ද අප්‍රහීණ වූවාහු ද යත්: කිසි විපර්‍ය්‍යාස කෙනෙක් ප්‍රහීණයහ. කිසි විපර්‍ය්‍යාස කෙනෙක් අප්‍රහීණයහ. අනිත්‍යයෙහි නිත්‍ය යැ යන සංඥාවිපර්‍ය්‍යාසය චිත්තවිපර්‍ය්‍යාසය දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, දුඃඛයෙහි සුඛ යැ යන සංඥාව උපදී, චිත්තය උපදී. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, අනාත්මයෙහි අනාත්ම යැ යන සංඥාවිපර්‍ය්‍යාසය චිත්තවිපර්‍ය්‍යාසය දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, අශුභයෙහි ශුභ යැ යන සංඥාව උපදී, චිත්තය උපදී. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යි.

ද‍්වීසු වත්‍ථුසු ඡ විපල‍්ලාසා පහීනා, ද‍්වීසු වත්‍ථුසු ද‍්වෙ විපල‍්ලාසා පහීනා: චත‍්තාරො විපල‍්ලාසා අප‍්පහීනා, චතුසු වත්‍ථුසු අට‍්ඨවිපල‍්ලාසා පහීනා, චත‍්තාරො විපල‍්ලාසා අප‍්පහීනාති.

(අනිත්‍යයෙහි නිත්‍ය යැ අනාත්මයෙහි ආත්ම යැ යන) දෙවත්හි විපර්‍ය්‍යාසයයෝ සදෙනෙක් ප්‍රහීණයහ. (දුඃඛයෙහි සුඛ යැ අශුභයෙහි ශුභ යැ යන) දෙවත්හි විපර්‍ය්‍යාසයයෝ දෙදෙනෙක් ප්‍රහීණයහ, විපර්‍ය්‍යාසයයෝ සතර දෙනෙක් අප්‍රහීණයහ. සතර වත්හි විපර්‍ය්‍යාසයයෝ අට දෙනෙක් ප්‍රහීණයහ. විපර්‍ය්‍යාසයෝ සතර දෙනෙක් අප්‍රහීණයෝ යි.

විපල‍්ලාසකථා සමත‍්තා.

විපර්‍ය්‍යාසකථා නිමි.