මග්ගකථා අට්ඨකථා
මග්ගකථා
මාර්ග කථා
මග්ගකථාවණ්ණනා
ඉදානි තෙසං තිණ්ණං විපල්ලාසානං පහානකරං අරියමග්ගං දස්සෙන්තෙන කථිතාය මග්ගකථාය අපුබ්බත්ථානුවණ්ණනා. තත්ථ මග්ගොති කෙනට්ඨෙන මග්ගොති යො බුද්ධසාසනෙ මග්ගොති වුච්චති, සො කෙනට්ඨෙන මග්ගො නාම හොතීති අත්ථො. මිච්ඡාදිට්ඨියා පහානායාතිආදීසු දසසු පරියායෙසු පඨමො පඨමො තස්ස තස්ස මග්ගඞ්ගස්ස උජුවිපච්චනීකවසෙන වුත්තො. මග්ගො චෙව හෙතු චාති තස්ස තස්ස කිච්චස්ස කරණාය පටිපදට්ඨෙන මග්ගො, සම්පාපකට්ඨෙන හෙතු. තෙන මග්ගස්ස පටිපදට්ඨො සම්පාපකට්ඨො ච වුත්තො හොති. “අයං මග්ගො අයං පටිපදා”තිආදීසු (සං· නි· 5.5, 48) හි පටිපදා මග්ගො, “මග්ගස්ස නිය්යානට්ඨො හෙතුට්ඨො”තිආදීසු (පටි· ම· 2.8) සම්පාපකො හෙතු. එවං ද්වීහි ද්වීහි පදෙහි “මග්ගොති කෙනට්ඨෙන මග්ගො”ති පුච්ඡාය විස්සජ්ජනං කතං හොති. සහජාතානං ධම්මානං උපත්ථම්භනායාති අත්තනා සහජාතානං අරූපධම්මානං සහජාතඅඤ්ඤමඤ්ඤනිස්සයාදිභාවෙන උපත්ථම්භනභාවාය. කිලෙසානං පරියාදානායාති තංතංමග්ගවජ්ඣානං වුත්තාවසෙසකිලෙසානං ඛෙපනාය. පටිවෙධාදිවිසොධනායාති එත්ථ යස්මා “කො චාදි කුසලානං ධම්මානං, සීලඤ්ච සුවිසුද්ධං දිට්ඨි ච උජුකා”ති (සං· නි· 5.369, 381) වචනතො සීලඤ්ච දිට්ඨි ච සච්චපටිවෙධස්ස ආදි. සො ච ආදිමග්ගක්ඛණෙ විසුජ්ඣති. තස්මා “පටිවෙධාදිවිසොධනායා”ති වුත්තං. චිත්තස්ස අධිට්ඨානායාති සම්පයුත්තචිත්තස්ස සකකිච්චෙ පතිට්ඨානාය. චිත්තස්ස වොදානායාති චිත්තස්ස පරිසුද්ධභාවාය. විසෙසාධිගමායාති ලොකියතො විසෙසපටිලාභාය. උත්තරි පටිවෙධායාති ලොකියතො උත්තරි පටිවිජ්ඣනත්ථාය. සච්චාභිසමයායාති චතුන්නං සච්චානං එකාභිසමයාය කිච්චනිප්ඵත්තිවසෙන එකපටිවෙධාය. නිරොධෙ පතිට්ඨාපනායාති චිත්තස්ස වා පුග්ගලස්ස වා නිබ්බානෙ පතිට්ඨාපනත්ථාය. සකදාගාමිමග්ගක්ඛණාදීසු අට්ඨ මග්ගඞ්ගානි එකතො කත්වා තංතංමග්ගවජ්ඣකිලෙසප්පහානං වුත්තං. එවං වචනෙ කාරණං හෙට්ඨා වුත්තමෙව. යස්මා උපරූපරිමග්ගෙනාපි සුට්ඨු ආදිවිසොධනා සුට්ඨු චිත්තවොදානඤ්ච හොති, තස්මා තානිපි පදානි වුත්තානි.
එම ත්‍රිවිධ විපර්යාසයන්ගේ ප්‍රහාණ කර ආර්යමාර්ගය, දක්වන්නාහු විසින් කියන ලද, මාර්ග කථායෙහි පෙර නුවූ අර්ථ වර්ණනාවයි. එහි මග්ගෙති කෙනට්ඨෙන මග්ගො යනු යම්ක බුදුසස්නෙහි මාර්ගයයි කියයිද, එය කවරාර්ථයකින් මාර්ගය නම් වේදැයි අර්ථයි. මිච්ඡාදිට්ඨියා පහාණාය යනාදී දස පර්යායයන්හි ප්‍රථම, ප්‍රථමය ඒ ඒ මාර්ගාංගයට සෘජු විරුද්ධතා වශයෙන් යූ.සේයි. මග්ගො චෙව හෙතුච යනු ඒ ඒ කෘත්‍යය කිරීම සඳහා ප්රතිපදාර්ථයෙන් මාර්ගය පමුණුවන අර්ථයෙන් හේතුයි. එයින් මාර්ගයාගේ ප්රතිපදාර්ථයද, පමුණුවන අර්ථයද යූ.සේයි. මේ මාර්ගයයි. මේ ප්‍රතිපදාව යැයි ආදීන්හි මෙන් ප්‍රතිපදාව මාර්ගයයි, මාර්ගයාගේ නිර්යාණාර්ථය ගතයුතුය යනාදීන්හි පමුණුවන හේතුවය. මෙසේ ද්වයය, ද්වයය වූ පදයන්ගෙන් ‘මාර්ගය’ යනු කවරාර්ථයෙන් මාර්ගයදැයි විමසීමෙහි විසඳුම කරන ලද්දේ වේ. සහජාතානං ධම්මානං උපත්ථම්භනාය යනු තමා සමග හටගත් අරූප ධර්මයන්ගේ සහජාත, අඤ්ඤමඤ්ඤ, නිශ්‍රය ප්රත්යයාදී භාවයෙන් උපකාර වීම සඳහායි. කිලෙසානං පරියාදානය යනු ඒ ඒ මාර්ගයෙන් නැසිය යුතු කියන ලද දැයින් ශේෂ වූ කෙලෙසුන්ගේ ක්ෂය කිරීම සඳහායි. පටිවෙධාදී විසොධනාය යන මෙහි කුසල ධර්මයන්ගේ මුල කිමෙක්ද? සුපිරිසිදු සීලයද, දෘෂ්ටියෙහි සෘජුතාවද වේ යන වචනයෙන් සීලයද, දෘෂ්ටියද, සත්‍ය ප්‍රතිවේධයෙහි මුලයි. එම මුලද මාර්ග ක්ෂණයෙහි සුපිරිසිදු වේ. එහෙයින් ප්රතිවේධාදී පිරිසිදු කිරීම සඳහා යයි යූ.සේයි. චිත්තස්ස අධිට්ඨානාය යනු සම්ප්‍රයුක්ත චිත්තයාගේ තම කිස්හි පිහිටීම සඳහා, චිත්තස්ස වොදානාය යනු චිත්තයෙහි පිරිසිදුභාවය සඳහා විසෙසාධිගමාය යනු ලෞකික වශයෙන් විශේෂතා ප්‍රතිලාභය සඳහා, උත්තරි පටිවෙධාය යනු ලෞකිකයන්ගෙන් මත්තෙහි අවබෝධ කිරීම සඳහා සච්චාභිසමයා යනු චතුස්සත්‍යයන්ගේ එක්වර අවබෝධ කිරීමෙන් කෘත්‍ය නිෂ්පත්ති වශයෙන් එක්වර ප්‍රතිවේධය සඳහා, නිරොධෙ පතිට්ඨාපනාය යනු චිත්තයාගේ හෝ පුද්ගලයාගේ නිර්වාණයෙහි පිහිටුවීම සඳහා, සකෘදාගාමි මාර්ගක්ෂණාදීන්හි, අට මාර්ගාංගයන් එකතුකොට, ඒ ඒ මාර්‍ගවධ්‍ය කෙලෙස් ප්රහාණය යූ.සේයි. මෙසේ කීමෙහි හේතුව යට යූ.සේයි. මතු මතු මාර්ගයෙන්ද මනාව, මූල විශෝධනයන්, මනාව චිත්තයාගේ පිරිසිදුබවට හේතු වේ. එහෙයින් එම පදයන්ද යූ.සේයි.
දස්සනමග්ගොතිආදීහි යාව පරියොසානා තස්ස ධම්මස්ස ලක්ඛණවසෙන මග්ගට්ඨො වුත්තො. තානි සබ්බානිපි පදානි අභිඤ්ඤෙය්යනිද්දෙසෙ වුත්තත්ථානෙව. එවමෙත්ථ යථාසම්භවං ලොකියලොකුත්තරො මග්ගො නිද්දිට්ඨො. හෙතුට්ඨෙන මග්ගොති ච අට්ඨඞ්ගිකො මග්ගො නිද්දිට්ඨො. නිප්පරියායමග්ගත්තා චස්ස පුන “මග්ගො”ති න වුත්තං. ආධිපතෙය්යට්ඨෙන ඉන්ද්රියාති ආදීනි ච ඉන්ද්රියාදීනං අත්ථවසෙන වුත්තානි, න මග්ගට්ඨවසෙන. සච්චානීති චෙත්ථ සච්චඤාණානි. සබ්බෙපි තෙ ධම්මා නිබ්බානස්ස පටිපදට්ඨෙන මග්ගො. අන්තෙ වුත්තං නිබ්බානං පන සංසාරදුක්ඛාභිභූතෙහි දුක්ඛනිස්සරණත්ථිකෙහි සප්පුරිසෙහි මග්ගීයති ගවෙසීයතීති මග්ගොති වුත්තන්ති වෙදිතබ්බන්ති.
දස්සන මග්ගො යනාදීන්ගෙන් අවසානය තෙක්, ඒ ධර්මයාගේ ලක්ෂණ වශයෙන් මාර්ගාර්ථය යූ.සේයි. ඒ සියලුම පදයන් අභිඤ්ඤෙය්‍ය නිර්දේශයෙහි කියන ලද අර්ථමය. මෙසේ මෙහි පිළිවෙලින් ලෞකික ලෝකෝත්තර මාර්ගය නිර්දේශිතය. හේතු අර්ථයෙන් මාර්ගය නිර්දේශිතය. නිෂ්පර්යාය මාර්ගය හෙයින් මෙයට මාර්ගයැයි නැවත නොයූසේයි. ආධිපත්යෙයට්ඨෙන ඉන්ද්රියා යනාදීන්ද ඉන්ද්රියාදීන්ගේ අර්ථ වශයෙනි. සච්චානි යනු මෙහි සත්‍ය ඤාණයෝය. එම සියලුම ධර්මයන් නිර්වාණයාගේ ප්රතිපදාර්ථයෙන් මාර්ගයයි. අන්තයෙහි කියන ලද, නිර්වාණය වනාහි, සසර දුකින් මැඩුණා වූ දුකින් නික්මීම අපේක්ෂා කරන්නා වූ සත්පුරුෂයන් විසින් සොයනු ලැබේ. ගවේෂණය කරනු ලැබේනුයි මාර්ගයයි යූ.සේයි.
මග්ගකථාවණ්ණනා නිට්ඨිතා.
මාර්ගකථා වර්ණනා නිමි.