යෙදුමෙන් කියවන්න

මණ‍්ඩපෙය්‍යකථා අට‍්ඨකථා

මණ‍්ඩපෙය්‍යකථා

මණ්ඩපෙය්‍ය කථා

මණ‍්ඩපෙය්‍යකථාවණ‍්ණනා

ඉදානි තස‍්ස මග‍්ගස‍්ස මණ‍්ඩපෙය්‍යත‍්තං දස‍්සෙන‍්තෙන කථිතාය භගවතො වචනෙකදෙසපුබ‍්බඞ‍්ගමාය මණ‍්ඩපෙය්‍යකථාය අපුබ‍්බත්‍ථානුවණ‍්ණනා. තත්‍ථ මණ‍්ඩපෙය්‍යන‍්ති යථා සම‍්පන‍්නං නිම‍්මලං විප‍්පසන‍්නං සප‍්පි සප‍්පිමණ‍්ඩොති වුච‍්චති, එවං විප‍්පසන‍්නට‍්ඨෙන මණ‍්ඩො, පාතබ‍්බට‍්ඨෙන පෙය්‍යං. යඤ‍්හි පිවිත්‍වා අන‍්තරවීථියං පතිතා විසඤ‍්ඤිනො අත‍්තනො සාටකාදීනම‍්පි අස‍්සාමිකා හොන‍්ති, තං පසන‍්නම‍්පි න පාතබ‍්බං. මය‍්හං පන ඉදං සික‍්ඛත‍්තයසඞ‍්ගහිතං සාසනබ්‍රහ‍්මචරියං සම‍්පන‍්නත‍්තා නිම‍්මලත‍්තා විප‍්පසන‍්නත‍්තා මණ‍්ඩඤ‍්ච හිතසුඛාවහත‍්තා පෙය්‍යඤ‍්චාති මණ‍්ඩපෙය්‍යන‍්ති දීපෙති. මණ‍්ඩො පෙය්‍යො එත්‍ථාති මණ‍්ඩපෙය්‍යං. කිං තං? සාසනබ්‍රහ‍්මචරියං. කස‍්මා සික‍්ඛත‍්තයං බ්‍රහ‍්මචරියං නාම? උත‍්තමට‍්ඨෙන නිබ‍්බානං බ්‍රහ‍්මං නාම, සික‍්ඛත‍්තයං නිබ‍්බානත්‍ථාය පවත‍්තනතො බ්‍රහ‍්මත්‍ථාය චරියාති බ්‍රහ‍්මචරියන‍්ති වුච‍්චති. සාසනබ්‍රහ‍්මචරියන‍්ති තංයෙව. සත්‍ථා සම‍්මුඛීභූතොති ඉදමෙත්‍ථ කාරණවචනං. යස‍්මා පන සත්‍ථා සම‍්මුඛීභූතො, තස‍්මා වීරියපයොගං කත්‍වා පිවථෙතං මණ‍්ඩං. බාහිරකඤ‍්හි භෙසජ‍්ජමණ‍්ඩං වෙජ‍්ජස‍්ස අසම‍්මුඛා පිවන‍්තානං පමාණං වා උග‍්ගමනනිග‍්ගමනං වා න ජානාමාති ආසඞ‍්කා හොති. වෙජ‍්ජස‍්ස සම‍්මුඛා පන වෙජ‍්ජො ජානිස‍්සතීති නිරාසඞ‍්කා පිවන‍්ති. එවමෙවං අම‍්හාකඤ‍්ච ධම‍්මස‍්සාමී සත්‍ථා සම‍්මුඛීභූතොති වීරියං කත්‍වා පිවථාති මණ‍්ඩපානෙ සන‍්නියොජෙති. දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකපරමත්‍ථෙහි යථාරහං අනුසාසතීති සත්‍ථා. අපිච “සත්‍ථා භගවා සත්‍ථවාහො”තිආදිනා (මහානි· 190) නිද‍්දෙසනයෙනපෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. සන්‍දිස‍්සමානො මුඛො භූතොති සම‍්මුඛීභූතො.

ඒ මාර්ගයාගේ මණ්ඩපෙය්‍යත්‍වය දක්වන්නහු විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත වදන් කොටසක් පූර්වාංගම කොට, මණ්ඩපෙය්‍ය කථාවෙහි පෙර නුවූ අර්ථ අනුවර්ණනාවයි, එහි මණ්ඩපෙය්‍ය යනු නිසි ප්‍රමිතියෙන් යුත්, නිර්මල, මනා ප්‍රසන්න ගිතෙල්, ඉතා පිරිසිදු ගිතෙල් යයි කියනු ලැබේ. එසේම මනා ප්‍රසන්නාර්ථයෙන් මණ්ඩයි. පානය කළයුතු අර්ථයෙන් පෙය්‍යයි. යමක් පානයකොට, ඇතුල් වීථියෙහි, පතිත වූවාහු, විසඥී වූවාහු තම වස්ත්‍රාදීන්ටද, අස්වාමික වෙත්ද, එය ප්‍රසන්න වූයේද පානය නොකළ යුතුය. මාගේ මේ ශික්‍ෂාත්‍රය සංගෘහිත ශාසන බ්‍රහ්මචර්යය නිසි අංගයන්ගෙන් සම්පූර්ණ හෙයින්ද, නිර්මල හෙයින්ද, මනා ප්‍රසන්නතායෙන් යුත් හෙයින්ද, මණ්ඩයක් වූයේනුයිද, හිතසුව එළවන හෙයින් පෙය්‍යං වූයේනුයිද මණ්ඩපෙය්‍යයයි දක්වයි. මණ්ඩයද, පෙය්‍යද මෙහිනුයි මණ්ඩපෙය්‍යංයි. එය කිමෙක්ද, සාසන බ්‍රහ්මචර්යාවයි. කවර හෙයින් ශික්‍ෂාත්‍රය බ්‍රහ්මචර්ය නම් වේද, උතුම් අර්ථයෙන් නිර්වාණය බ්‍රහ්ම නමැ. ශික්‍ෂාත්‍රය නිර්වාණය සඳහා පවත්නා හෙයහින් බ්‍රහ්ම අර්ථය සඳහා චර්යාවනුයි බ්‍රහ්මචරියං යැයි යූසේයි. ශාසන බ්‍රහ්මචර්යය යනුද එයමැයි. සත්‍ථා සම්මුඛී භූතො මෙහි මේ හේතු වචනයයි. යම්හෙයකින් වනාහි ශාස්තෲන් වහන්සේ හමුවූයේ වේද, එහෙයින් වීර්යය ප්‍රයෝගකොට එම මණ්ඩය බොවු. බාහිරව වනාහි බෙහෙත් මණ්ඩය, වෛද්‍යවරයාගේ නොහමුයෙහි, පානය කරනුයේ ප්‍රමාණය හෝ නැගීම හෝ පිටතයාම නොදනිමුයි සැක ඇතිවෙයි. වෛද්‍යවරයාගේ හමුයෙහි වනාහි වෛද්‍යවරයා දන්නේයයි සැකරහිතව පානය කරති. එපරිද්දෙන්ම අපටද ධර්මස්වාමි ශාස්තෲන් වහන්සේ හමුවූයේ යයි වීර්යයකොට පානය කරවු යයි මණ්ඩ පානයෙහි මනාව යෙදේ. ඉහාත්ම හා මරණින් මත්තෙහි වන උතුම් අර්ථයන්ගෙන් සුදුසු පරිදි අනුශාසනා කෙරේනුයි සත්‍ථායි. තවද සත්‍ථා, භගවා, සත්‍ථවාහ ආදී වූ නිර්දේශ ක්‍රමයන්ද මෙහි අර්ථ දතයුතුය. පෙනෙන මුහුණ වූයේනුයි සම්මුඛීභූතොයි.

මණ‍්ඩපෙය්‍යනිද‍්දෙසෙ තිධත‍්තමණ‍්ඩොති තිධාභාවො තිධත‍්තං. තිධත‍්තෙන මණ‍්ඩො තිධත‍්තමණ‍්ඩො, තිවිධෙන මණ‍්ඩොති අත්‍ථො. සත්‍ථරි සම‍්මුඛීභූතෙති ඉදං සබ‍්බාකාරපරිපුණ‍්ණමණ‍්ඩත‍්තයදස‍්සනත්‍ථං වුත‍්තං. පරිනිබ‍්බුතෙපි පන සත්‍ථරි එකදෙසෙන මණ‍්ඩත‍්තයං පවත‍්තතියෙව. තෙනෙව චස‍්ස නිද‍්දෙසෙ “සත්‍ථරි සම‍්මුඛීභූතෙ”ති අවත්‍වා කතමො දෙසනාමණ‍්ඩොතිආදි වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

මණ්ඩපෙය්‍ය නිර්දේශයෙහි, තිධත්ත මණ්ඩො යනු ත්‍රිවිධභාවය තිධත්තංයි. ත්‍රිවිධ භාවයෙන් මණ්ඩය තිධත්ත මණ්ඩොයි ත්‍රිවිධාකාරයෙන් මණ්ඩයැයි අර්ථයි. සත්‍ථරි සම්මුඛී භූතෙ යන මෙය සර්වාකාර පරිපූර්ණ මණ්ඩත්‍රය දැක්වීම සඳහා යූසේයි. ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හිද, එක් කොටසකින් මණ්ඩත්‍රයය පවතීමය. එහෙයින්ම මෙම නිර්දේශයෙහි, ශාස්තෲන් වහන්සේ හමුවීමෙහියි ප්‍රකාශ නොකොට කතමො දේශනා මණ්ඩො යන ආදිය යූ.සේයි.

දෙසනාමණ‍්ඩොති ධම‍්මදෙසනා එව මණ‍්ඩො. පටිග‍්ගහමණ‍්ඩොති දෙසනාපටිග‍්ගාහකො එව මණ‍්ඩො. බ්‍රහ‍්මචරියමණ‍්ඩොති මග‍්ගබ්‍රහ‍්මචරියමෙව මණ‍්ඩො.

දේශනා මණ්ඩො යනු ධර්මදේශනාවම මණ්ඩයයි. පටිග්ගහමණ්ඩො යන දේශනා ප්‍රතිග්‍රාහක මණ්ඩයයි. බ්‍රහ්මචරිය මණ්ඩො යනු දේශනා ප්‍රතිග්‍රාහක මණ්ඩයයි. බ්‍රහ්මචරිය මණ්ඩො යනු මාර්ග බ්‍රහ්මචර්යාවම මණ්ඩයයි.

ආචික‍්ඛනාති දෙසෙතබ‍්බානං සච‍්චාදීනං ඉමානි නාමානීති නාමවසෙන කථනා. දෙසනාති දස‍්සනා. පඤ‍්ඤාපනාති ජානාපනා, ඤාණමුඛෙ ඨපනා වා. ආසනං ඨපෙන‍්තො හි “ආසනං පඤ‍්ඤාපෙතී”ති වුච‍්චති. පට‍්ඨපනාති පඤ‍්ඤාපනා, පවත‍්තනාති අත්‍ථො, ඤාණමුඛෙ ඨපනා වා. විවරණාති විවටකරණං, විවරිත්‍වා දස‍්සනාති අත්‍ථො. විභජනාති විභාගකිරියා, විභාගතො දස‍්සනාති අත්‍ථො. උත‍්තානීකම‍්මන‍්ති පාකටභාවකරණං. අථ වා ආචික‍්ඛනාති දෙසනාදීනං ඡන‍්නං පදානං මූලපදං. දෙසනාදීනි ඡ පදානි තස‍්ස අත්‍ථවිවරණත්‍ථං වුත‍්තානි. තත්‍ථ දෙසනාති උග‍්ඝටිතඤ‍්ඤූනං වසෙන සඞ‍්ඛෙපතො පඨමං උද‍්දෙසවසෙන දෙසනා. උග‍්ඝටිතඤ‍්ඤූ හි සඞ‍්ඛෙපෙන වුත‍්තං පඨමං වුත‍්තඤ‍්ච පටිවිජ‍්ඣන‍්ති. පඤ‍්ඤාපනාති විපඤ‍්චිතඤ‍්ඤූනං වසෙන තෙසං චිත‍්තතොසනෙන බුද‍්ධිනිසානෙන ච පඨමං සඞ‍්ඛිත‍්තස‍්ස විත්‍ථාරතො නිද‍්දෙසවසෙන පඤ‍්ඤාපනා. පට‍්ඨපනාති තෙසංයෙව නිද‍්දිට‍්ඨස‍්ස නිද‍්දෙසස‍්ස පටිනිද‍්දෙසවසෙන විත්‍ථාරතරවචනෙන පඤ‍්ඤාපනා. විවරණාති නිද‍්දිට‍්ඨස‍්සාපි පුනප‍්පුනං වචනෙන විවරණා. විභජනාති පුනප‍්පුනං වුත‍්තස‍්සාපි විභාගකරණෙන විභජනා. උත‍්තානීකම‍්මන‍්ති විවටස‍්ස විත්‍ථාරතරවචනෙන, විභත‍්තස‍්ස ච නිදස‍්සනවචනෙන උත‍්තානීකරණං. අයං දෙසනා නෙය්‍යානම‍්පි පටිවෙධාය හොති. යෙවාපනඤ‍්ඤෙපි කෙචීති පියඞ‍්කරමාතාදිකා විනිපාතිකා ගහිතා. විඤ‍්ඤාතාරොති පටිවෙධවසෙන ලොකුත‍්තරධම‍්මං විඤ‍්ඤාතාරො. එතෙ හි භික‍්ඛුආදයො පටිවෙධවසෙන ධම‍්මදෙසනං පටිග‍්ගණ‍්හන‍්තීති පටිග‍්ගහා. අයමෙවාතිආදීනි පඨමඤාණනිද‍්දෙසෙ වුත‍්තත්‍ථානි. අරියමග‍්ගො නිබ‍්බානෙන සංසන්‍දනතො බ්‍රහ‍්මත්‍ථාය චරියාති බ්‍රහ‍්මචරියන‍්ති වුච‍්චති.

ආචික්ඛනා යනු දේශනා කළයුතු සත්‍යාදීන්ගේ මේවා නාමයෝ යැයි නම් වශයෙන් කීම, දෙශනා යනු දැක්වීම, පඤ්ඤාපනා යනු දැනුවත් කිරීම, ඤාණමුඛයෙහි තැබීම, ආසනය තබනුයේ අසුන පනවා යයි යූ.සේයි. පට්ඨපනා යනු පැනවීම, පැවැත්වීම යයි අර්ථයි. ඤාණ මුඛයෙහි තැබීම හෝ, විවරණා යනු විවෘත කිරීම, විවෘතකොට දැක්වීමයයි අර්ථයි. විභජනා යනු විභාග කිරීම, බෙදීම් වශයෙන් දැක්වීම යයි අර්ථයි. උත්තානි කම්මං යනු ප්‍රකට භාවකරණයයි. නොහොත්, ආචික්ඛණා යනු දේශනාදී ෂට්පදයන්ගේ මූලපදයයි. දේශනාදී ෂට් පදයන් එහි අර්ථ විවරණය සඳහා යූ.සේයි. එහි දෙශනා යනු උද්ඝටිතඥයින්ගේ වශයේන ප්‍රථමයෙන් උදෙසීම් වශයෙන් දේශනායි, උද්ඝටිතඥයෝ වනාහි සංක්‍ෂේපයෙන් හා ප්‍රථමයෙන් කියන ලද දෑ අවබෝධ කරති. පඤ්ඤාපනා යනු විපචිතඥයින්ගේ වශයෙන් ඔවුන්ගේ සිත් සතුටු කිරීමෙන්, තියුණු නුවණින්ද ප්‍රථමයෙන් සංක්‍ෂිප්තව දෙසූ දෑ විස්තර වශයෙන්, නිර්දේශ වශයෙන් දැක්වීම පඤ්ඤාපනායි. පට්ඨපනා යනු එම නිර්දිෂ්ට නිර්දේශයන්ගේ ප්‍රතිනිර්දේශ වශයෙන් විස්තර කිරීම් වශයෙන් පඤ්ඤාපනායි. විවරණා යනු නිර්දේශ කරන ලද්දෙහිද නැවත නැවත කීමෙන් විවරණ කිරීඹයි. විභජනා යනු, නැවත නැවත කියන ලද්දෙහිද විභාග කිරීමෙන් බෙදීමයි. උත්තානි කම්මං යනු විවෘත කළ වචනයෙහි විස්තර කර කීමෙන් බෙදන ලද්දෙහිද නිදර්ශන වචනයෙන් පැහැදිලි කිරීමයි. මෙම දේශනාව න්‍යෙයන්ගේද අවබෝධය සඳහා පවතී. යෙවා පනඤ්ඤෙපි කෙචි යනු පියංකර මාතාදී විනිපාතිකයෝ ගන්නා ලදහ. විඤ්ඤාතාරො යනු ප්‍රතිවේධ වශයෙන් ලෝකෝත්තර ධර්මය අවබෝධ කරවන්නෝ, භික්‍ෂු ආදීහු ප්‍රතිවේධ වශයෙන් ධර්මදේශනය පිළිගනිත්නුයි ප්‍රතිග්‍රාහකයෝය. අයමෙව යනාදිය ප්‍රථම ඤාණ නිර්දේශයෙහි කියන ලද අර්ථමය. ආර්යමාර්ගය නිර්වාණය හා සංසන්දනය වන හෙයින් බ්‍රහ්මාර්ථය සඳහා චර්යානුයි බ්‍රහ්මචර්ය යයි යූසේයි.

ඉදානි අධිමොක‍්ඛමණ‍්ඩොතිආදීහි තස‍්මිං මග‍්ගක‍්ඛණෙ විජ‍්ජමානානි ඉන්‍ද්‍රියබලබොජ‍්ඣඞ‍්ගමග‍්ගඞ‍්ගානි මණ‍්ඩපෙය්‍යවිධානෙ යොජෙත්‍වා දස‍්සෙති. තත්‍ථ අධිමොක‍්ඛමණ‍්ඩොති අධිමොක‍්ඛසඞ‍්ඛාතො මණ‍්ඩො. කසටොති පසාදවිරහිතො ආවිලො. ඡඩ‍්ඩෙත්‍වාති සමුච‍්ඡෙදවසෙන පහාය. සද‍්ධින්‍ද්‍රියස‍්ස අධිමොක‍්ඛමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යන‍්ති සද‍්ධින්‍ද්‍රියතො අධිමොක‍්ඛමණ‍්ඩස‍්ස අනඤ‍්ඤත‍්තෙපි සති අඤ‍්ඤං විය කත්‍වා වොහාරවසෙන වුච‍්චති, යථා ලොකෙ නිසදපොතකො නිසදපොතසරීරස‍්ස අනඤ‍්ඤත‍්තෙපි සති නිසදපොතස‍්ස සරීරන‍්ති වුච‍්චති, යථා ච පාළියං “ඵුසිතත‍්ත”න‍්තිආදීසු ධම‍්මතො අනඤ‍්ඤොපි භාවො අඤ‍්ඤො විය වුත‍්තො, යථා ච අට‍්ඨකථායං “ඵුසනලක‍්ඛණො ඵස‍්සො”තිආදීසු (ධ· ස· අට‍්ඨ· 1 ධම‍්මුද‍්දෙසවාර ඵස‍්සපඤ‍්චමකරාසිවණ‍්ණනා) ධම‍්මතො අනඤ‍්ඤම‍්පි ලක‍්ඛණං අඤ‍්ඤං විය වුත‍්තං, එවමිදන‍්ති වෙදිතබ‍්බං . පිවතීති චෙත්‍ථ තංසමඞ‍්ගිපුග‍්ගලොති වුත‍්තං හොති. තංසමඞ‍්ගිපුග‍්ගලො තං මණ‍්ඩං පිවතීති කත්‍වා තෙන පුග‍්ගලෙන සො මණ‍්ඩො පාතබ‍්බතො මණ‍්ඩපෙය්‍යං නාම හොතීති වුත‍්තං හොති. “මණ‍්ඩපෙය්‍යො”ති ච වත‍්තබ‍්බෙ “මණ‍්ඩපෙය්‍ය”න‍්ති ලිඞ‍්ගවිපල‍්ලාසො කතො. සෙසානම‍්පි ඉමිනා නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. අපුබ‍්බෙසු පන පරිළාහොති පීණනලක‍්ඛණාය පීතියා පටිපක‍්ඛො කිලෙසසන‍්තාපො. දුට‍්ඨුල‍්ලන‍්ති උපසමපටිපක‍්ඛො කිලෙසවසෙන ඔළාරිකභාවො අසන‍්තභාවො. අප‍්පටිසඞ‍්ඛාති පටිසඞ‍්ඛානපටිපක‍්ඛො කිලෙසවසෙන අසමවාහිතභාවො.

අධිමොක්ඛමණ්ඩො යනාදීන්හි එම මාර්ගක්‍ෂණයෙහි විද්‍යමාන වන්නා වූ, ඉන්‍ද්‍රිය, බල, බොධ්‍යංග, මාර්ගාංගයන් මණ්ඩපෙය්‍ය පිළිවෙළෙහි යොදා දක්වයි. එහි අධිමොක්ඛ මණ්ඩො අධිමෝක්‍ෂ සංඛ්‍යාත මණ්ඩයයි. තසටො යනු ප්‍රසාද විරහිත අධිමෝක්‍ෂ මණ්ඩයයි. ඡඩ්ඩෙත්‍වා යනු විනාශ කිරීම් වශයෙන් දුරුකොට, සද්ධින්‍ද්‍රියස්ස අධිමොක්ඛ මණ්ඩං පිවතීති මණ්ඩපෙය්‍යං යනු ශ්‍රද්ධෙන්‍ද්‍රියයෙන් අධිමෝක්‍ෂ මණ්ඩයාගේ අනන්‍යත්‍වය ඇති කල්හිද, අනෙකක් මෙන් කොට ව්‍යවහාර වශයෙන් යූ.සේයි. යම්සේ වනාහි ලෝකයෙහි ඇඹරුම් ගල් (පෝය) ඇඹරුම් ගල් ශරීරයෙහි අනන්‍යත්‍වය ඇතිකල්හිද ඇඹරුම්ගලෙහි ශරීරයයි කියයි. යම්සේ පෙළෙහි ‘ඵුසිතත්තං’ යනාදීන්හි ස්වභාව වශයෙන් අනන්‍ය වූද ස්වභාවය අනෙකක් මෙන් යූ.සේයි. අටුවායෙහි ‘ස්පර්ශ කිරීම් ලක්‍ෂණය ස්පර්ශයයි’ ආදීන්හි ස්වභාව වශයෙන් අනන්‍ය වූද ලක්‍ෂණය අන්‍යයක් මෙන් යූ.සේයි. මෙයද එසේයයි දතයුතුය. පිවති යනු එයින් යුක්ත පුද්ගල තෙමේ යයි යූ.සේයි. එයින් යුක්ත පුද්ගල තෙමේ එම මණ්ඩය පානය කරයි යයි සලකා එම පුද්ගලයා විසින් එම මණ්ඩය පානය කළයුතු හෙයින් මණ්ඩපෙය්‍ය නම් වේයයි යූ.සේයි. මණ්ඩපෙය්‍යොයි කිවයුතු කල්හි මණ්ඩපෙය්‍යං යයි ලිංග විපර්යාසය කරන ලදි. සෙසු වදන්හිද මෙම ක්‍රමයෙන් අර්ථ දතයුතුය. පරිළාහො යනු පිනවීම් ලක්‍ෂණ ඇති ප්‍රීතියට විරුද්ධ කෙලෙස් සන්තාපයයි. දුට්ඨුල්ලං යනු සන්සිඳීමට ප්‍රතිපක්‍ෂ කෙලෙස් වශයෙන් දළ ස්වභාවය, සන්සුන් නුවූ ස්වභාවය, අප්පටිසංඛා යනු ප්‍රත්‍යවේක්‍ෂා ප්‍රතිපක්‍ෂ කෙලෙස් වශයෙන් විෂම පැවැත්ම,

පුන අඤ‍්ඤෙන පරියායෙන මණ‍්ඩපෙය්‍යවිධිං නිද‍්දිසිතුකාමො අත්‍ථි මණ‍්ඩොතිආදිමාහ. තත්‍ථ තත්‍ථාති තස‍්මිං සද‍්ධින්‍ද්‍රියෙ. අත්‍ථරසොතිආදීසු සද‍්ධින්‍ද්‍රියස‍්ස අධිමුච‍්චනං අත්‍ථො, සද‍්ධින්‍ද්‍රියං ධම‍්මො, තදෙව නානාකිලෙසෙහි විමුත‍්තත‍්තා විමුත‍්ති, තස‍්ස අත්‍ථස‍්ස සම‍්පත‍්ති අත්‍ථරසො. තස‍්ස ධම‍්මස‍්ස සම‍්පත‍්ති ධම‍්මරසො. තස‍්සා විමුත‍්තියා සම‍්පත‍්ති විමුත‍්තිරසො. අථ වා අත්‍ථපටිලාභරති අත්‍ථරසො, ධම‍්මපටිලාභරති ධම‍්මරසො, විමුත‍්තිපටිලාභරති විමුත‍්තිරසො. රතීති ච තංසම‍්පයුත‍්තා, තදාරම‍්මණා වා පීති. ඉමිනා නයෙන සෙසපදෙසුපි අත්‍ථො වෙදිතබ‍්බො. ඉමස‍්මිං පරියායෙ මණ‍්ඩස‍්ස පෙය්‍යං මණ‍්ඩපෙය්‍යන‍්ති අත්‍ථො වුත‍්තො හොති.

නැවත අන් ක්‍රමයෙකින් මණ්ඩපෙය්‍ය ක්‍රමය නිර්දේශ කරනු කැමැතියේ අත්‍ථි මණ්ඩො ආදිය වදාළහ. එහි තත්‍ථ යනු එම ශ්‍රද්ධෙන්‍ද්‍රියයෙහි, අත්‍ථරසො යනාදීන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ ස්ථිර ලෙස පිහිටීමය යන අර්ථයි. ශ්‍රද්ධෙන්‍ද්‍රිය ධර්මයයි. එයම නොයෙක් කෙලෙසුන්ගෙන් මිදුණු හෙයින් විමුක්තියි, එම අර්ථයෙහි සමෘද්ධිය අර්ථ රසයයි එම ධර්මයාගේ සමෘද්ධිය ධම්මරසොයි. එම විමුක්තියෙහි සමෘද්ධිය විමුත්තිරසොයි නොහොත් අර්ථ ප්‍රතිලාභ රතිය අර්ථ රසයයි. ධර්ම ප්‍රතිලාභ රතිය ධර්ම රසයයි. විමුක්ති ප්‍රතිලාභ රතිය විමුක්ති රතියයි. රති යනු එය හා සම්ප්‍රයුක්ත වූ හෝ එය අරමුණුකොට ඇති හෝ ප්‍රීතියයි. මෙම ක්‍රමයෙන් සෙසු පදයන්හිද අර්ථය දතයුතුය.

එවං ඉන්‍ද්‍රියාදිබොධිපක‍්ඛියධම‍්මපටිපාටියා ඉන්‍ද්‍රියබලබොජ‍්ඣඞ‍්ගමග‍්ගඞ‍්ගානං වසෙන මණ‍්ඩපෙය්‍යං දස‍්සෙත්‍වා පුන අන‍්තෙ ඨිතං බ්‍රහ‍්මචරියමණ‍්ඩං දස‍්සෙන‍්තො මග‍්ගස‍්ස පධානත‍්තා මග‍්ගං පුබ‍්බඞ‍්ගමං කත්‍වා උප‍්පටිපාටිවසෙන මග‍්ගඞ‍්ගබොජ‍්ඣඞ‍්ගබලඉන්‍ද්‍රියානි දස‍්සෙසි . ආධිපතෙය්‍යට‍්ඨෙන ඉන්‍ද්‍රියා මණ‍්ඩොතිආදයො යථායොගං ලොකියලොකුත‍්තරා මණ‍්ඩා. තං හෙට‍්ඨා වුත‍්තනයෙන වෙදිතබ‍්බං. තථට‍්ඨෙන සච‍්චා මණ‍්ඩොති එත්‍ථ පන දුක‍්ඛසමුදයානං මණ‍්ඩත‍්තාභාවා මහාහත්‍ථිපදසුත‍්තෙ (ම· නි· 1.300) විය සච‍්චඤාණානි සච‍්චාති වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

මෙම ක්‍රමයෙහි මණ්ඩයාගේ පෙය්‍ය මණ්ඩපෙය්‍යං යයි අර්ථයි යූ.සේයි. මෙසේ ඉන්‍ද්‍රියාදී බෝධිපාක්‍ෂික ධර්ම පිළිවෙලින් ඉන්‍ද්‍රිය බල, බොජ්ඣංග මාර්ගාංගයන්ගේ වශයෙන් මණ්ඩපෙය්‍යය ගෙනහැර දක්වා නැවත අන්තයෙහි පිහිටි බ්‍රහ්මචර්යා මණ්ඩය දක්වනුයේ මාර්ගයාගේ ප්‍රධානත්වය හෙයින්, මාර්ගය පූර්වාංගම කොට, උපිළිවෙලින් මාර්ගාංග, බොධ්‍යංග, බල, ඉන්‍ද්‍රියයන් දැක්වීය. ආධිපෙතය්‍යට්ඨෙන ඉන්‍ද්‍රිය මණ්ඩො යනාදීහු සුදුසු පරිදි, ලෞකික ලෝකෝත්තර මණ්ඩයෝය. එය යට කියන ලද අයුරින් දතයුතුය. තථට්ඨෙන සච්චා මණ්ඩො යන මෙහි වනාහි දුක්ඛ සමුදයයන්ගේ මණ්ඩභාවය මහා හත්‍ථි පද සූත්‍රයෙහි මෙන් සත්‍ය ඤාණ සත්‍යයැයි යූ.සේයි.

සද‍්ධම‍්මප‍්පකාසිනියා පටිසම‍්භිදාමග‍්ග-අට‍්ඨකථාය

සද්ධර්මප්‍රකාශනී, ප්‍රතිසම්භිදා මාර්ග අර්ථ කථායෙහි

මණ‍්ඩපෙය්‍යකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මණ්ඩපෙය්‍ය කථා වර්ණනාව නිමි.

නිට‍්ඨිතා ච මහාවග‍්ගවණ‍්ණනා.

මහා වර්ග වර්ණනාව නිමියේය.