යෙදුමෙන් කියවන්න

මණ‍්ඩපෙය්‍යකථා

10.

10.

මණ‍්ඩපෙය්‍යකථා

මණ්ඩපෙය්‍යකථා

“මණ‍්ඩපෙය්‍යමිදං භික‍්ඛවෙ බ්‍රහ‍්මචරියං, සත්‍ථා සම‍්මුඛීභූතො”, තිධත‍්තමණ‍්ඩො. සත්‍ථරි සම‍්මුඛීභූතෙ: දෙසනාමණ‍්ඩො, පටිග‍්ගහමණ‍්ඩො. බ්‍රහ‍්මචරියමණ‍්ඩො.

මහණෙනි, මේ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය මණ්ඩපෙය්‍ය (ඝෘතමණ්ඩයක් සෙයින් ප්‍රසන්න වූ හිතසුඛාවහ පානයෙක්) වෙයි. ශාස්තෲහු හමු වූහ. ශාස්තෲන් හමු වූ කල්හි ත්‍රිවිධභාවයෙන් මණ්ඩ (ප්‍රසන්න) වෙයි: දේශනාමණ්ඩ යැ ප්‍රතිග්‍රහමණ්ඩ යැ බ්‍රහ්මචර්‍ය්‍යමණ්ඩ යි.

කතමො දෙසනාමණ‍්ඩො: චතුන‍්නං අරියසච‍්චානං ආචික‍්ඛනා දෙසනා පඤ‍්ඤාපනා පට‍්ඨපනා විවරණා විභජනා උත‍්තානීකම‍්මං. චතුන‍්නං සතිපට‍්ඨානානං -පෙ- චතුන‍්නං සම‍්මප‍්පධානානං -පෙ- චතුන‍්නං ඉද‍්ධිපාදානං -පෙ- පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං -පෙ- පඤ‍්චන‍්නං බලානං -පෙ- සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං -පෙ- අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස ආචික‍්ඛනා දෙසනා පඤ‍්ඤාපනා පට‍්ඨපනා විවරණා විභජනා උත‍්තානීකකම‍්මං. අයං දෙසනා මණ‍්ඩො. (1)

දේශනාමණ්ඩ කවරෙ යත්: සතර ආර්‍ය්‍යසත්‍යයන් නම් වශයෙන් කීම යැ දැක්වීම යැ පැනවීම යැ ඥානමුඛයෙහි තැබීම යැ විවෘත කිරීම යැ විභාග කිරීම යැ ප්‍රකට කිරීම යැ සතර සතිපට්ඨානයන් ... සතර සම්‍යක්ප්‍රදහනයන් ... සතර ඍද්ධිපාදයන් ... පඤ්චේන්‍ද්‍රියයන් ... පඤ්චබලයන් ... සප්ත බෝධ්‍යඞ්ගයන් ... ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ගය නම් වශයෙන් කීම යැ දැක්වීම යැ පැනවීම යැ ඥානමුඛයෙහි තැබීම යැ විවෘත කිරීම යැ විභාග කිරීම යැ ප්‍රකට කිරීම යි. මේ දේශනාමණ්ඩ නම් වෙයි. (1)

කතමො පටිග‍්ගහමණ‍්ඩො: භික‍්ඛු භික‍්ඛුනියො උපාසකා උපාසිකායො දෙවා මනුස‍්සා, යෙවා පනඤ‍්ඤෙපි කෙචි විඤ‍්ඤාතාරො. අයං පටිග‍්ගහමණ‍්ඩො. (2)

ප්‍රතිග්‍රහමණ්ඩ කවරැ යත් : මහණහු යැ මෙහෙණහු යැ උවසුවෝ යැ උවැසියෝ යැ දෙවියෝ යැ මිනිස්සු යැ, තවද අන්‍ය වූ හෝ යම් කිසි ධර්‍මප්‍රතිවේධක කෙනෙක් වෙත් ද මේ ප්‍රතිග්‍රහමණ්ඩ නම් වෙයි. (2)

කතමො බ්‍රහ‍්මචරියමණ‍්ඩො: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථීදං. සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි. අයං බ්‍රහ‍්මචරියමණ‍්ඩො. (3)

බ්‍රහ්මචර්‍ය්‍යමණ්ඩ කවරැ යත්: මෙ මැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය යි. හෙ මෙසේ යි: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සඞ්කල්ප යැ සම්‍යග්වචන යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යි. මේ බ්‍රහ්මචර්‍ය්‍යමණ්ඩ නම් වේ. (3)

අධිමොක‍්ඛමණ‍්ඩො සද‍්ධින්‍ද්‍රියං, අස‍්සද‍්ධියං කසටො, අස‍්සද‍්ධියං කසටං ඡඩ‍්ඩෙත්‍වා සද‍්ධින්‍ද්‍රියස‍්ස අධිමොක‍්ඛමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං. පග‍්ගහමණ‍්ඩො විරියින්‍ද්‍රියං, කොසජ‍්ජං කසටො, කොසජ‍්ජං කසටං ඡඩ‍්ඩෙත්‍වා විරියින්‍ද්‍රියස‍්ස පග‍්ගහමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං. උපට‍්ඨානමණ‍්ඩො සතින්‍ද්‍රියං, පමාදො කසටො, පමාදං කසටං ඡඩ‍්ඩෙත්‍වා සතින්‍ද්‍රියස‍්ස උපට‍්ඨානමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං. අවික‍්ඛෙපමණ‍්ඩො සමාධින්‍ද්‍රියං, උද‍්ධච‍්චං කසටො, උද‍්ධච‍්චං කසටං ඡඩ‍්ඩෙත්‍වා සමාධින්‍ද්‍රියස‍්ස අවික‍්ඛෙපමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං දස‍්සනමණ‍්ඩො පඤ‍්ඤින්‍ද්‍රියං, අවිජ‍්ජා කසටො, අවිජ‍්ජං කසටං ඡඩ‍්ඩෙත්‍වා පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස දස‍්සනමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං.

ශ්‍රද්ධේන්‍ද්‍රිය අධිමෝක්‍ෂමණ්ඩ යැ අශ්‍රද්ධාව කසට යැ අශ්‍රද්ධා සඞ්ඛ්‍යාත කසටය හැරපියා ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අධිමෝක්‍ෂමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්‍ඩපෙය්‍ය නම, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ප්‍රග්‍රහමණ්ඩ යැ කුසීද බව කසට යැ කෞසීද්‍ය සඞ්ඛ්‍යාත කසටය හැරපියා වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ ප්‍රග්‍රමණ්ඩය පානය කෙරේනු’ යි මණ්ඩපෙය්‍ය නම, ස්මෘතීන්‍ද්‍රිය උපස්ථානමණ්ඩ යැ ප්‍රමාදය කසට යැ ප්‍රමාද සඞ්ඛ්‍යාත කසටය හැරපියා ස්මෘතීන්‍ද්‍රියයාගේ උපස්ථානමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම, සමාධීන්‍ද්‍රිය අවික්‍ෂේපමණ්ඩ යැ උද්ධතභාවය කසට යැ උද්ධතභාව සඞ්ඛ්‍යාත කසටය හැරපියා සමාධීන්‍ද්‍රියයාගේ අවික්‍ෂෙපමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම, ප්‍රඥේන්‍ද්‍රිය දර්‍ශනමණ්ඩ යැ අවිද්‍යාව කසට යැ අවිද්‍යා සඞ්ඛ්‍යාත කසටය හැරපියා ප්‍රඥේන්‍ද්‍රියයාගේ දර්‍ශනමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නමි.

අස‍්සද‍්ධියෙ අකම‍්පියමණ‍්ඩො සද‍්ධාබලං, අස‍්සද‍්ධියං කසටො, අස‍්සද‍්ධියං කසටං ඡඩ‍්ඩෙත්‍වා සද‍්ධාබලස‍්ස අස‍්සද‍්ධියෙ අකම‍්පියමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං. කොසජ‍්ජෙ අකම‍්පියමණ‍්ඩො විරියබලං, කොසජ‍්ජං කසටො, කොසජ‍්ජං කසටං ඡඩ‍්ඩෙත්‍වා විරියබලස‍්ස කොසජ‍්ජෙ අකම‍්පියමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං. පමාදෙ අකම‍්පියමණ‍්ඩො සතිබලං, පමාදො කසටො, පමාදං කසටං ඡඩ‍්ඩෙත්‍වා සතිබලස‍්ස පමාදෙ අකම‍්පියමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං. උද‍්ධච‍්චෙ අකම‍්පියමණ‍්ඩො සමාධිබලං, උද‍්ධච‍්චං කසටො, උද‍්ධච‍්චං කසටං ඡඩ‍්ඩෙත්‍වා සමාධිබලස‍්ස උද‍්ධච‍්චෙ අකම‍්පියමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං. අවිජ‍්ජාය අකම‍්පියමණ‍්ඩො පඤ‍්ඤාබලං අවිජ‍්ජා කසටො, අවිජ‍්ජං කසටං ඡඩ‍්ඩෙත්‍වා පඤ‍්ඤාබලස‍්ස අවිජ‍්ජාය අකම‍්පියමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං.

ශ්‍රද්ධාබලය අශ්‍රද්ධායෙහි අකම්ප්‍ය (නො සැලෙන) මණ්ඩ යැ, අශ්‍රද්ධාව කසට යැ, අශ්‍රද්ධාකසටය හැරපියා ශ්‍රද්ධාබලයාගේ අශ්‍රද්ධායෙහි අකම්ප්‍යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම, වීර්‍ය්‍යබලය කුසීදභාවයෙහි අකම්ප්‍යමණ්ඩ යැ කුසීදභාවය කසට යැ කෞසිද්‍යකසටය හැරපියා වීර්‍ය්‍යබලයාගේ කුසීදභාවයෙහි අකම්ප්‍යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම, ස්මෘතිබලය ප්‍රමාදයෙහි අකම්ප්‍යමණ්ඩ යැ, ප්‍රමාදය කසට යැ ප්‍රමාදකසටය හැරපියා ස්මෘතිබලයාගේ ප්‍රමාදයෙහි අකම්ප්‍යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම. සමාධිබලය ඖද්ධත්‍යයෙහි අකම්ප්‍යබල යැ ඖද්ධත්‍යය කසට යැ, ඖද්ධත්‍යකසටය හැරපියා සමාධිබලයාගේ ඖද්ධත්‍යයෙහි අකමප්‍යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම, ප්‍රඥාබලය අවිද්‍යායෙහි අකම්ප්‍යමණ්ඩ යැ, අවිද්‍යාව කසට යැ, අවිද්‍යාකසටය හැරපියා ප්‍රඥාබලයාගේ අවිද්‍යායෙහි අකම්ප්‍යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නමි.

උපට‍්ඨානමණ‍්ඩො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, පමාදො කසටො, පමාදං කසටං ඡඩ‍්ඩෙත්‍වා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උපට‍්ඨානමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං. පවිචයමණ‍්ඩො ධම‍්මවිජයසම‍්බොජ‍්ඣඞ‍්ගො, අවිජ‍්ජා කසටො, අවිජ‍්ජං කසටං ඡඩ‍්ඩෙත්‍වා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස පවිචයමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං පග‍්ගහමණ‍්ඩො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො, කොසජ‍්ජං කසටො, කොසජ‍්ජං කසටං ඡඩ‍්ඩෙත්‍වා විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස පග‍්ගහමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං. ඵරණමණ‍්ඩො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, පරිළාහො කසටො, පරිළාහං කසටං ඡඩ‍්ඩෙත්‍වා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස ඵරණමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං. උපසමමණ‍්ඩො පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො, දුට‍්ඨුල‍්ලං කසටො, දුට‍්ඨුල‍්ලං කසටං ඡඩ‍්ඩෙත්‍වා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උපසමමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං. අවික‍්ඛෙපමණ‍්ඩො සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො, උද‍්ධච‍්චං කසටො, උද‍්ධච‍්චං කසටං ඡඩ‍්ඩෙත්‍වා සමාධිසමොජ‍්ඣඞ‍්ගස‍්ස අවික‍්ඛෙපමණ‍්ඩ පිවතීති මණ‍්ඩපෙය්‍යං. පටිසඞ‍්ඛානමණ‍්ඩො උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො, අප‍්පටිසඞ‍්ඛා කසටො, අප‍්පටිසඞ‍්ඛං කසටං ඡඩ‍්ඩෙත්‍වා උපෙක‍්ඛා සම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස පටිසඞ‍්ඛානමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං.

ස්මෘතිසම්බොධ්‍යඞ්ගය උපස්ථානමණ්ඩ යැ, ප්‍රමාදය කසට යැ, ප්‍රමාදකසටය හැරපියා ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ උපස්ථානමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම. ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ප්‍රවිචය (විමසීම්) මණ්ඩ යැ, අවිද්‍යාව කසට යැ, අවිද්‍යාකසටය හැරපියා ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයාගේ ප්‍රවිච මණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම. වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ප්‍රග්‍රහමණ්ඩ යැ, කෞසීද්‍යය කසට යැ, කෞසීද්‍යකසටය හැරපියා වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයාගේ ප්‍රග්‍රහමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම. ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ස්ඵරණමණ්ඩ යැ, පරිදාහය කසට යැ, පරිදාහකසටය හැරපියා ප්‍රීතිසම්බොධ්‍යඞ්ගයාගේ සඵරණමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම. ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ව්‍යුපශමමණ්ඩ යැ, දුට්ඨුල්ලය කසට යැ, දුට්ඨුල්ලකසටය හැරපියා ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගයාගේ ව්‍යුපශමමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම. සමාධිසම්බෝධ්‍යඞ්ගය අවික්‍ෂේපමණ්ඩ යැ, ඖද්ධත්‍යය කසට යැ, ඖද්ධත්‍යයකසටය හැරපියා සමාධිසම්බෝධ්‍යඞ්ගයාගේ අවික්‍ෂෙපමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම. උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පටිසඞ්ඛාන (ප්‍රත්‍යවේක්‍ෂා) මණ්ඩ යැ, අප්පටිසඞ්ඛාව කසට යැ, අප්පටිසඞ්ඛාකසටය හැරපියා උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ පටිසඞ්ඛානමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නමි.

දස‍්සනමණ‍්ඩො සම‍්මාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨි කසටො, මිච‍්ඡං දිට‍්ඨිං කසටං ඡඩ‍්ඩෙත්‍වා සම‍්මා දිට‍්ඨියා දස‍්සනමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං, අභිනිරොපනමණ‍්ඩො සම‍්මාසඞ‍්කප‍්පො, මිච‍්ඡාසඞ‍්කප‍්පො කසටො, මිච‍්ඡාසඞ‍්කප‍්පං කසටං ඡඩ‍්ඩෙත්‍වා සම‍්මාසඞ‍්කප‍්පස‍්ස අභිනිරොපනමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං, පරිග‍්ගහමණ‍්ඩො සම‍්මාවාචා, මිච‍්ඡාවාචා කසටො, මිච‍්ඡාවාචං කසටං ඡඩ‍්ඩෙත්‍වා සමාමාවාචාය පරිග‍්ගහමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං, සමුට‍්ඨානමණ‍්ඩො සම‍්මාකම‍්මන‍්තො, මිච‍්ඡාකම‍්මන‍්තො කසටො, මිච‍්ඡාකම‍්මන‍්තං කසටං ඡඩ‍්ඩෙත්‍වා සම‍්මාකම‍්මන‍්තස‍්ස සමුට‍්ඨානමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං, වොදානමණ‍්ඩො සම‍්මාආජීවො, මිච‍්ඡාආජීවො කසටො මිච‍්ඡාආජීවං කසටං ඡඩ‍්ඩෙත්‍වා සම‍්මාආජීවස‍්ස වොදානමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං, පග‍්ගහමණ‍්ඩො සම‍්මාවායාමො, මිච‍්ඡාවායාමො කසටො, මිච‍්ඡාවායාමං කසටං ඡඩ‍්ඩෙත්‍වා සාමාවායාමස‍්ස පග‍්ගහමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං, උපට‍්ඨානමණ‍්ඩො සම‍්මාසති, මිච‍්ඡාසති කසටො, මිච‍්ඡාසතිං කසටං ඡඩ‍්ඩෙත්‍වා සම‍්මාසතියා උපට‍්ඨානමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං, අවික‍්ඛෙපමණ‍්ඩා සම‍්මාසමාධි, මිච‍්ඡාසමාධි කසටො, මිච‍්ඡාසමාධිං කසටං ඡඩ‍්ඩෙත්‍වා සම‍්මාසමාධිස‍්ස අවික‍්ඛෙපමණ‍්ඩං පිවතීති මණ‍්ඩපෙය්‍යං.

සම්‍යග්දෘෂ්ටිය දර්‍ශනමණ්ඩ යැ, මිථ්‍යාදෘෂ්ටිය කසට යැ, මිථ්‍යාදෘෂ්ටිකසටය හැරපියා සම්‍යග්දෘෂ්ටිහුගේ දර්‍ශනමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම. සම්‍යක්සංකල්පය අභිනිරෝපණ (අරමුණට නැඟීම) මණ්ඩ යැ, මිථ්‍යාසංකල්පය කසට යැ, මිථ්‍යාසංකල්පකසටය හැරපියා සම්‍යක්සංකල්පයාගේ අභිනිරෝපණමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම. සම්‍යග්වචනය පරිග්‍රහමණ්ඩ යැ, මිථ්‍යාවචනය කසට යැ, මිථ්‍යාවචනකසටය හැරපියා සම්‍යග්වචනයාගේ පරිග්‍රහමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම. සම්‍යක්කර්‍මාන්තය සමුත්‍ථානමණ්ඩ යැ, මිථ්‍යාකර්‍මාන්තය කසට යැ, මිත්‍යාකර්‍මාන්තකසටය හැරපියා සම්‍යක්කර්‍මාන්තයාගේ සමුත්‍ථානමණ්ඩය, පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම. සම්‍යගාජීවය ව්‍යවදානමණ්ඩ යැ, මිථ්‍යාආජීවය කසට යැ, මිථ්‍යාජීවකසටය හැරපියා සම්‍යගාජීවයාගේ ව්‍යවදානමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම. සම්‍යග්ව්‍යායාමය ප්‍රග්‍රහමණ්ඩය යැ, මිථ්‍යාව්‍යායාමය කසට යැ, මිත්‍යාව්‍යායාමකසටය හැරපියා සම්‍යග්ව්‍යායාමයාගේ ප්‍රග්‍රහමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම. සම්‍යක්ස්මෘතිය උපස්ථානමණ්ඩ යැ, මිථ්‍යාස්මෘතිය කසට යැ, මිථ්‍යාස්මෘතිකසටය හැරපියා සම්‍යක්ස්මෘතිහුගේ උපස්ථානමණ්ඩලය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නම. සම්‍යක්සමාධිය අවික්‍ෂේපමණ්ඩ යැ, මිථ්‍යාසමාධිය කසට යැ, මිථ්‍යාසමාධිකසටය හැරපියා සම්‍යක්සමාධිහුගේ අවික්‍ෂෙපමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නමි.

අත්‍ථි මණ‍්ඩො, අත්‍ථි පෙය්‍යං, අත්‍ථි කසටො;

මණ්ඩ (ප්‍රසන්න) යෙක් ඇත, පියයුත්තෙක් ඇත, කසටයෙක් ඇති.

අධිමොක‍්ඛමණ‍්ඩො සද‍්ධින්‍ද්‍රියං, අස‍්සද‍්ධියං කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, පග‍්ගහමණ‍්ඩො විරියින්‍දියං, කොසජ‍්ජං කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, උපට‍්ඨානමණ‍්ඩා සතින්‍ද්‍රියං පමාදො කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, අවික‍්ඛෙපමණ‍්ඩො සමාධින්‍ද්‍රියං, උද‍්ධච‍්චං කසටො, යො තත්‍ථ අත්‍ථරසො, ධම‍්මරසො විමුත‍්තිරසො ඉදං පෙය්‍යං. දස‍්සමණ‍්ඩො පඤ‍්ඤින්‍ද්‍රියං, අවිජ‍්ජා කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං.

ශ්‍රද්ධේන්‍ද්‍රිය අධිමෝක්‍ෂමණ්ඩ යැ, අශ්‍රද්ධාව කසට යැ, ඒ ශ්‍රද්ධේන්‍ද්‍රියෙහි යම් අර්‍ත්‍ථරස (සම්පත්ති)යෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියුයුතු වෙයි. වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ප්‍රග්‍රහමණ්ඩය යැ, කෞසීද්‍යය කසට යැ, ඒ වීර්ය්‍යේන්‍ද්‍රියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ස්මෘතීන්‍ද්‍රිය උපස්ථානමණ්ඩ යැ, ප්‍රමාදය කසට යැ, ඒ ස්මෘතීන්‍ද්‍රියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සමාධීන්‍ද්‍රිය අවික්‍ෂේපමණ්ඩ යැ, ඖද්ධත්‍යය කසට යැ, ඒ සමාධීන්‍ද්‍රියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සමාධීන්‍ද්‍රිය අවික්‍ෂේපමණ්ඩ යැ, ඖද්ධත්‍යය කසට යැ, ඒ සමාධීන්‍ද්‍රියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ප්‍රඥේන්‍ද්‍රිය දර්‍ශනමණ්ඩ යැ, අවිද්‍යාව කසට යැ, ඒ ප්‍රඥේන්‍ද්‍රියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වේ.

අස‍්සද‍්ධියෙ අකම‍්පියමණ‍්ඩො සද‍්ධාබලං, අස‍්සද‍්ධියං කසටො, යො තත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, කොසජ‍්ජෙ අකම‍්පියමණ‍්ඩො විරියබලං, කොසජ‍්ජං කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, පමාදෙ අකම‍්පියමණ‍්ඩො සතිබලං, පමාදො කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං උද‍්ධච‍්චෙ අකම‍්පියමණ‍්ඩො සමාධිබලං, උද‍්ධච‍්චං කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, අවිජ‍්ජාය අකම‍්පියමණ‍්ඩො පඤ‍්ඤාබලං, අවිජ‍්ජා කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං.

ශ්‍රද්ධාබලය අශ්‍රද්ධායෙහි අකම්ප්‍යමණ්ඩ යැ, අශ්‍රද්ධාව කසට යැ, ඒ ශ්‍රද්ධාබලයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද මේ පියයුතු වෙයි. වීර්‍ය්‍යබලය කෞසීද්‍යයෙහි අකම්ප්‍යමණ්ඩ යැ, කෞසීද්‍යායකසට යැ, ඒ වීර්‍ය්‍යබලයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ස්මෘතිබලය ප්‍රමාදයෙහි අකම්ප්‍යමණ්ඩ යැ. ප්‍රමාදය කසට යැ, ඒ ස්මෘතිබලයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සමාධිබලය ඖද්ධත්‍යයෙහි අකම්ප්‍යමණ්ඩ යැ, ඖද්ධත්‍යය කසට යැ, ඒ සමාධිබලයයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ප්‍රඥාබලය අවිද්‍යායෙහි අකම්ප්‍යමණ්ඩ යැ, අවිද්‍යාව කසට යැ, ඒ ප්‍රඥාබලයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වේ.

උපට‍්ඨානමණ‍්ඩො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, පාමාදො කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, පවිචයමණ‍්ඩො ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො, අවිජ‍්ජා කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, පග‍්ගහමණ‍්ඩො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො, කොසජ‍්ජං කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, ඵරණමණ‍්ඩො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, පරිළාහො කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, උපසමමණ‍්ඩො පස‍්සද‍්ධි සම‍්බොඣඞ‍්ගො, දුට‍්ඨුල‍්ලං කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, අවික‍්ඛෙපමණ‍්ඩො සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො, උද‍්ධච‍්චං කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, පටිසඞ‍්ඛානමණ‍්ඩො උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො, අපටිසඞ‍්ඛා කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං.

ස්මෘතිසම්බොධ්‍යඞ්ගය උපස්ථානමණ්ඩ යැ, ප්‍රමාදය කසට යැ, ඒ ස්මෘතිසම්බොධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ප්‍රවිචයමණ්ඩ යැ, අවිද්‍යාව කසට යැ, ඒ ධර්‍මවිචයසම්බොධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ප්‍රගහමණ්ඩ යැ, කෞසීද්‍යය කසට යැ, ඒ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ස්ඵරණමණ්ඩ යැ, පරිදාහය කසට යැ, ඒ ප්‍රීතිසම්බොධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ව්‍යුපශමමණ්ඩ යැ, දුට්ඨුල්ලය කසට යැ, ඒ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සමාධිසම්බෝධ්‍යඞ්ගය අවික්‍ෂේපමණ්ඩ යැ, ඖද්ධත්‍යය කසට යැ, ඒ සමාධිසම්බොධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ප්‍රත්‍යවේක්‍ෂාමණ්ඩ යැ, ප්‍රතිවේක්‍ෂා නො කිරීම කසට යැ, ඒ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි.

දස‍්සනමණ‍්ඩො සම‍්මාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨි කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, අභිනිරොපනමණ‍්ඩො සම‍්මාසඞ‍්කප‍්පො, මිච‍්ඡාසඞ‍්කප‍්පො කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, පරිග‍්ගහමණ‍්ඩො සම‍්මාවාචා, මිච‍්ඡාවාචා කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, සමුට‍්ඨානමණ‍්ඩො සම‍්මාකම‍්මන‍්තො, මිච‍්ඡාකම‍්මන‍්තො කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, වොදානමණ‍්ඩො සම‍්මාආජීවො, මිච‍්ඡාආජීවො කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, පග‍්ගහමණ‍්ඩො සම‍්මාවායාමො මිච‍්ඡාවායාමො කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, උපට‍්ඨානමණ‍්ඩො සම‍්මාසති, මිච‍්ඡාසති කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං, අවික‍්ඛෙපමණ‍්ඩො සම‍්මාසමාධි, මිච‍්ඡාසමාධි කසටො, යො තත්‍ථ අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො, ඉදං පෙය්‍යං,

සම්‍යග්දෘෂ්ටිය දර්‍ශනමණ්ඩ යැ, මිථ්‍යාදෘෂ්ටිය කසට යැ, ඒ සම්‍යග්දෘෂ්ටියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යක්සංකල්පය අභිනිරෝපණමණ්ඩ යැ, මිථ්‍යාසංකල්පය කසට යැ, ඒ සම්‍යක්සංකල්පයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යග්වචනය පරිග්‍රහ (වාක්සංවර) මණ්ඩ යැ, මිථ්‍යාවචනය කසට යැ, ඒ සම්‍යග්වචනයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යක්කර්‍මාන්තය සමුත්‍ථානමණ්ඩ යැ, මිථ්‍යාකර්‍මාන්තය කසට යැ, ඒ සම්‍යක්කර්‍මාන්තයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යගාජීවය ව්‍යවදානමණ්ඩ යැ, මිථ්‍යාආජීවය කසට යැ, ඒ සම්‍යගාජීවයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යග්ව්‍යායාමය ප්‍රග්‍රහමණ්ඩ යැ, මිථ්‍යාව්‍යායාමය කසට යැ, ඒ සම්‍යග් ව්‍යායාමයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යක්ස්මෘතිය උපස්ථානමණ්ඩ යැ, මිථ්‍යාස්මෘතිය කසට යැ, ඒ සම්‍යක්ස්මෘතියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යක්සමාධිය අවික්‍ෂේපමණ්ඩ යැ, මිථ්‍යාසමාධිය කසට යැ, ඒ සම්‍යක්සමාධියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වේ.

දස‍්සනමණ‍්ඩො සම‍්මාදිට‍්ඨි, අභිනිරොපනමණ‍්ඩො සම‍්මාසඞ‍්කප‍්පො, පරිග‍්ගහමණ‍්ඩො සම‍්මාවාචා, සමුට‍්ඨානමණ‍්ඩො සම‍්මාකම‍්මන‍්තො, වොදානමණ‍්ඩො සම‍්මාආජීවො, පග‍්ගහමණ‍්ඩො සම‍්මාවායාමො, උපට‍්ඨානමණ‍්ඩො සම‍්මාසති, අවික‍්ඛෙපමණ‍්ඩො සම‍්මාසමාධි.

සම්‍යග්දෘෂ්ටිය දර්‍ශනමණ්ඩ යැ, සම්‍යක්සංකල්පය අභිනිරෝපණමණ්ඩ යැ, සම්‍යග්වචනය පරිග්‍රහමණ්ඩ යැ, සම්‍යක්කර්‍මාන්තය සමුත්‍ථානමණ්ඩ යැ, සම්‍යගාජීවය ව්‍යවදානමණ්ඩ යැ, සම්‍යග්ව්‍යායාමය ප්‍රග්‍රහමණ්ඩ යැ, සම්‍යක් ස්මෘතිය උපස්ථානමණ්ඩ යැ, සම්‍යක්සමාධිය අවික්‍ෂේපමණ්ඩ යි.

උපට‍්ඨානමණ‍්ඩො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, පවිචයමණ‍්ඩො ධම‍්මවිචය සම‍්බොජ‍්ඣඞ‍්ගො පග‍්ගහමණ‍්ඩො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො, ඵරණමණ‍්ඩො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො උපසමමණ‍්ඩො පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො, අවික‍්ඛෙපමණ‍්ඩො සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො, පටිසඞ‍්ඛානමණ‍්ඩො උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො.

ස්මෘතිසම්බොධ්‍යඞ්ගය උපස්ථානමණ්ඩ යැ, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ප්‍රවිචයමණ්ඩ යැ, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ප්‍රග්‍රහමණ්ඩ යැ, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ස්ඵරණ (පැතිරීම්) මණ්ඩ යැ, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ව්‍යුපශමණ්ඩ යැ, සමාධිසම්බෝධ්‍යඞ්ගය අවික්‍ෂේපමණ්ඩ යැ, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පටිසඞ්ඛානමණ්ඩ යි.

අස‍්සද‍්ධියෙ අකම‍්පියමණ‍්ඩො සද‍්ධාබලං, කොසජ‍්ජෙ අකම‍්පියමණ‍්ඩො විරියබලං, පමාදෙ අකම‍්පියමණ‍්ඩො සතිබලං, උද‍්ධච‍්චෙ අකම‍්පියමණ‍්ඩො සමාධිබලං, අවිජ‍්ජාය අකම‍්පියමණ‍්ඩො පඤ‍්ඤාබලං.

ශ්‍රද්ධාබලය අශ්‍රද්ධායෙහි අකම්ප්‍ය (නො සැලෙන) මණ්ඩ යැ, වීර්‍ය්‍යබලය කෞසීද්‍යයෙහි අකම්ප්‍යමණ්ඩ යැ, ස්මෘතිබලය ප්‍රමාදයෙහි අකම්ප්‍යමණ්ඩ යැ, සමාධිබලය ඖද්ධත්‍යයෙහි අකම්ප්‍යමණ්ඩ යැ, ප්‍රඥාබලය අවිද්‍යායෙහි අකම්ප්‍යමණ්ඩ යි.

අධිමොක‍්ඛමණ‍්ඩො සද‍්ධාබලං, පග‍්ගහමණ‍්ඩො විරියබලං, උපට‍්ඨානමණ‍්ඩො සතිබලං, අවික‍්ඛෙපමණ‍්ඩො සමාධිබලං, දස‍්සනමණ‍්ඩො පඤ‍්ඤාබලං.

ශ්‍රද්ධාබලය අධිමෝක්‍ෂමණ්ඩ යැ, වීර්‍ය්‍යබලය ප්‍රග්‍රහමණ්ඩ යැ, ස්මෘතිබලය උපස්ථානමණ්ඩ යැ, සමාධිබලය අවික්‍ෂේපමණ්ඩ යැ, ප්‍රඥාබලය දර්‍ශනමණ්ඩ යි.

ආධිපතෙය්‍යට‍්ඨෙන ඉන්‍ද්‍රියං මණ‍්ඩො අකම‍්පියට‍්ඨෙන බලං මණ‍්ඩො, නිය්‍යානට‍්ඨෙන බොජ‍්ඣඞ‍්ගො මණ‍්ඩො, හෙතුට‍්ඨෙන මග‍්ගො මණ‍්ඩො, උපට‍්ඨානට‍්ඨෙන සතිපට‍්ඨානං මණ‍්ඩො, පදහනට‍්ඨෙන සම‍්මප‍්පධානං මණ‍්ඩො, ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධිපාදො මණ‍්ඩො, තථට‍්ඨෙන සච‍්චං මණ‍්ඩො, අවික‍්ඛෙපට‍්ඨෙන සමථො මණ‍්ඩො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා මණ‍්ඩො, එකරසට‍්ඨෙන සමථවිපස‍්සනා මණ‍්ඩො, අනතිවත‍්තනට‍්ඨෙන යුගනද‍්ධං මණ‍්ඩො, සංවරට‍්ඨෙන සීලවිසුද‍්ධි මණ‍්ඩො, අවික‍්ඛෙපට‍්ඨෙන චිත‍්තවිසුද‍්ධි මණ‍්ඩො, දස‍්සනට‍්ඨෙන දිට‍්ඨිවිසුද‍්ධි මණ‍්ඩො, මුත‍්තට‍්ඨෙන විමොක‍්ඛො මණ‍්ඩො, පටිවෙධට‍්ඨෙන විජ‍්ජා මණ‍්ඩො, පරිච‍්චාගට‍්ඨෙන විමුත‍්ති මණ‍්ඩො, සමුච‍්ඡෙදට‍්ඨෙන ඛයෙ ඤාණං මණ‍්ඩො, පටිප‍්පස‍්සද‍්ධට‍්ඨෙන අනුප‍්පාදෙ ඤාණං මණ‍්ඩො.

අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රිය මණ්ඩ යැ, අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බල මණ්ඩ යැ, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග මණ්ඩ යැ, හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ග මණ්ඩ යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් සතිපට්ඨාන මණ්ඩ යැ, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රධාන මණ්ඩ යැ, සමෘද්ධි වන අර්‍ත්‍ථයෙන් ඍද්ධිපාද මණ්ඩ යැ, තථාර්‍ත්‍ථයෙන් සත්‍යය මණ්ඩ යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථ මණ්ඩ යැ, අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව මණ්ඩ යැ, ඒකරසාර්‍ත්‍ථයෙන් ශමථ-විදර්‍ශනා මණ්ඩ යැ, අනතිවර්‍තනාර්‍ත්‍ථයෙන් යුගනද්ධ මණ්ඩ යැ, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය මණ්ඩ යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධිය මණ්ඩ යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය මණ්ඩ යැ, මුක්තාර්‍ත්‍ථයෙන් විමෝක්‍ෂය මණ්ඩ යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාව මණ්ඩ යැ, පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් විමුක්තිය මණ්ඩ යැ, සමුච්ඡේදාර්‍ත්‍ථයෙන් ක්‍ෂයඥානය මණ්ඩ යැ, ප්‍රතිප්‍රශ්‍රබ්ධ්‍යර්‍ත්‍ථයෙන් අනුත්පාද ඥානය මණ්ඩ යි.

ඡන්‍දො මූලට‍්ඨෙන මණ‍්ඩො, මනසිකාරො සමුට‍්ඨානට‍්ඨෙන මණ‍්ඩො, ඵස‍්සො සමොධානට‍්ඨෙන මණ‍්ඩො, වෙදනා සමොසරණට‍්ඨෙන මණ‍්ඩො, සමාධි පමුඛට‍්ඨෙන මණ‍්ඩො, සති ආධිපතෙය්‍යට‍්ඨෙන මණ‍්ඩො, පඤ‍්ඤා තදුත‍්තරට‍්ඨෙන මණ‍්ඩො, විමුත‍්ති සාරට‍්ඨෙන මණ‍්ඩො, අමතොගධං නිබ‍්බානං පරියොසානට‍්ඨෙන මණ‍්ඩොති.

ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, මනස්කාරය සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, ස්පර්‍ශය සමවධානාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, වේදනාව සමෝසරණාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, සමාධිය ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, ස්මෘතිය අධිපතිභාවාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, ප්‍රඥාව තදුත්තරාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, විමුක්තිය සාරාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් මණ්ඩ යයි,

මණ‍්ඩපෙය්‍යකථා සමත‍්තා.

මණ්ඩපෙය්‍යකථා නිමි.

චතුත්‍ථකභාණවාරං

සතරවැනි බණවර යි.

මහාවග‍්ගො පඨමො.

පළමුවැනි මහාවර්‍ගය යි.

තස‍්ස වග‍්ගස‍්ස උද‍්දානං භවති:

ඤාණ දිට‍්ඨි ච අස‍්සාසා ඉන්‍ද්‍රියං විමොක‍්ඛ පඤ‍්චමා, ගතිකම‍්මවිපල‍්ලාසා වග‍්ගො මණ‍්ඩෙන තෙ දසා’ති.

ඥානකථා යැ, දෘෂ්ටිකථා යැ, අනාපානාස්මෘතිකථා යැ, ඉන්‍ද්‍රියකථා යැ, පස්වැනි වීමෝක්‍ෂකථා යැ, ගතිකථා යැ, කර්‍මකථා යැ, විපර්‍ය්‍යාසකථා යැ, මණ්ඩපෙය්‍යකථා හා සමග මාර්‍ගකථා යැ යන ඒ දශකථාවෝ ඒ මහාවර්‍ගයාගේ උද්දානය වේ.

එස නිකායධරට‍්ඨපිතො අසමො පඨමො පවරො වරවග‍්ගො’ති

තෙල නිකායධරයන් විසින් තබනලද අසම වූ ප්‍රවර වූ උතුම් වූ පළමුවැනි වර්‍ගය යි.