යෙදුමෙන් කියවන්න

යුගනද‍්ධකථා

1.

1.

යුගනද‍්ධකථා

යුගනද්ධ කථා

එවං මෙ සුතං: එකං සමයං ආයස‍්මා ආනන්‍දො කොසම‍්බියං විහරති ඝොසිතාරාමෙ. තත්‍ර ඛො ආයස‍්මා ආනන්‍දො භික‍්ඛු ආමන‍්තෙසි ‘ආවුසො භික‍්ඛවො’ති. ‘ආවුසො’ති ඛො තෙ භික‍්ඛු ආයස‍්මතො ආනන්‍දස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා ආනන්‍දො එතදවොච:

මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත්‍ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූසේක. ‘ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් අනඳතෙරුනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් අනඳතෙරණුවෝ මේ වදාළහ:

යො හි කොචි ආවුසො භික‍්ඛු වා භික‍්ඛුනී වා මම සන‍්තිකෙ අරහත‍්තපත‍්තං බ්‍යාකරොති, සබ‍්බො සො චතූහි මග‍්ගෙහි එතෙසං වා අඤ‍්ඤතරෙන. කතමෙහි චතූහි:

ඇවැත්නි, යම්කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මා සමීපයෙහි තමා රහත්බවට පැමිණීම ප්‍රකාශ කෙරේ නම් සර්‍වප්‍රකාරයෙන් සතර ප්‍රතිපදාමාර්‍ගයෙන් හෝ මොවුනතුරෙහි එක්තරයෙකින් හෝ ප්‍රකාශ කෙරේ. කවර සතර ප්‍රතිපදාමාර්‍ගයෙකින යත්:

ඉධාවුසො භික‍්ඛු සමථපුබ‍්බඞ‍්ගමං විපස‍්සනං භාවෙති, තස‍්ස සමථපුබ‍්බඞ‍්ගං විපස‍්සනා භාවයතො මග‍්ගො සඤ‍්ජායති, සො තං මග‍්ගං ආසෙවති භාවෙති බහුලීකරොති, තස‍්ස තං මග‍්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සඤ‍්ඤොජනා පහීයන‍්ති. අනුසයා බ්‍යන‍්තීහොන‍්ති.

ඇවැත්නි, මෙ සස්නෙහි මහණ තෙම ශමථපූර්‍වඞ්ගම වූ විදර්‍ශනාව වඩයි. ශමථපූර්‍වඞ්ගම වූ විදර්‍ශනා වඩන ඕහට මාර්‍ගය උපදී. හෙතෙම ඒ මාර්‍ගය ඇසුරු කෙරෙහි වඩයි පුනපුනා වඩයි, ඒ මාර්‍ගය ඇසුරු කරන වඩන පුනපුනා වඩන ඕහට සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත (කෙළවර) වෙත්.

පුන චපරං ආවුසො භික‍්ඛු විපස‍්නාපුබ‍්බඞ‍්ගං සමථං භාවෙති, තස‍්ස විපස‍්සනාපුබ‍්බඞ‍්ගමං සමථං භාවයතො මග‍්ගො සඤ‍්ජායති, සො තං මග‍්ගං ආසෙවති භාවෙති බහුලීකරොති, තස‍්ස තං මග‍්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සඤ‍්ඤොජනා පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තීහොන‍්ති.

තවද අනෙකක් කියමි: ඇවැත්නි, මහණ තෙම විදර්‍ශනා පූර්‍වඞ්ගම වූ ශමථය වඩයි, විදර්‍ශනා පූර්‍වඞ්ගම ශමථය වඩන ඕහට මාර්‍ගය උපදී. හෙතෙම ඒ මාර්‍ගය ඇසුරු කෙරෙයි වඩයි පුනපුනා වඩයි, ඒ මාර්‍ගය ඇසුරු කරන වඩන පුනපුනා වඩන ඕහට සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.

පුන චපරං ආවුසො භික‍්ඛු සමථවිප‍්පනං යුගනද‍්ධං භාවෙති, තස‍්ස සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවයතො මග‍්ගො සඤ‍්ජායති, සො තං මග‍්ගං ආසෙවති භාවෙති බහුලීකරොති, තස‍්ස තං මග‍්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සඤ‍්ඤොජනා පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තීහොන‍්ති.

තවද ඇවැත්නි, මහණ තෙම ශමථ–විදර්‍ශනා යුගනද්ධ (යුගළු) කොට වඩයි, ශමථ විදර්‍ශනා යුගනද්ධ කොට වඩන ඕහට මාර්‍ගය උපදී. හෙතෙම ඒ මාර්‍ගය ඇසුරු කෙරෙයි වඩයි පුනපුනා වඩයි, ඒ මාර්‍ගය ඇසුරු කරන වඩන පුනපුනා වඩන ඕහට සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.

පුන චපරං ආවුසො භික‍්ඛුනො ධම‍්මුද‍්ධච‍්චවිග‍්ගහිතං මානසං හොති, සො ආවුසො සමයො යං තං චිත‍්තං අජ‍්ඣත‍්තමෙව සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති සමාධියති, තස‍්ස මග‍්ගො සඤ‍්ජායති; සො තං මග‍්ගං ආසෙවති භාවෙති බහුලීකරොති, තස‍්ස තං මග‍්ගං ආසෙවතො භාවයතො පහුලීකරොතො සඤ‍්ඤොජනා පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තීහොන‍්ති.

තවද ඇවැත්නි, මහණට ඕභාසාදිධර්‍මයෙහි වික්‍ෂෙපසඞ්ඛ්‍යාත උද්ධතභාවයෙන් විරෝධයට පමුණුවනලද සිත වෙයි, යම් කලෙක ඒ (විදර්‍ශනාවීථීයට බැසැගෙන සිටි) සිත ගෝචරජ්ඣත්ත සඞ්ඛ්‍යාත අරමුණෙහි මැ පිහිටා ද මොනොවට හිඳී ද එකඟ වේ ද මොනොවට සිටී ද, ඇවැත්නි, ඒ විදර්‍ශනාවීථීයට පිළිපන් සමය වෙයි. ඕහට මාර්‍ගය උපදී. හෙතෙම ඒ මාර්‍ගය ඇසුරු කෙරෙයි වඩයි පුනපුනා වඩයි, ඒ මාර්‍ගය ඇසුරු කරන වඩන පුනපුනා වඩන ඕහට සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.

යො හි කොචි ආවුසො භික‍්ඛු වා භික‍්ඛුනී වා මම සන‍්තිකෙ අරහත‍්තපත‍්තං බ්‍යාකරොති, සබ‍්බො සො ඉමෙහි චතූහි මග‍්ගෙහි එතෙසං වා අඤ‍්ඤතරෙනාති.

ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මා සමීපයෙහි තමා රහත්බවට පැමිණීම ප්‍රකාශ කෙරේ නම් මේ සතර ප්‍රතිපදාමාර්‍ගයෙන් හෝ මොවුනතුරෙහි එක්තරයෙකින් හෝ ප්‍රකාශ කෙරේ යයි.

කථං සමථපුබ‍්බඞ‍්ගමං විපස‍්සනං භාවෙති: නෙක‍්ඛම‍්මවසෙන චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි, තත්‍ථ ජාතෙ ධම‍්මෙ අනිච‍්චතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා, දුක‍්ඛතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා, අනත‍්තතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා. ඉති පඨමං සමථො, පච‍්ඡා විපස‍්සනා තෙන වුච‍්චති “සමථපුබ‍්බඞ‍්ගමං විපස‍්සනං භාවෙති

කිසෙයින් ශමථපූර්‍වඞ්ගම විදර්‍ශනා වඩාද යත්: නෛෂ්ක්‍රම්‍යවශයෙන් චිත්තයාගේ එකඟබව අවික්‍ෂේප සඞ්ඛ්‍යාත සමාධි යැ, ඒ සමාධියෙහි උපන් (චිත්තචෛතසික) ධර්‍මයන් අනිත්‍යානුදර්‍ශනස්වභාවයෙන් විදර්‍ශනා යැ, දුඃඛානුදර්‍ශනස්වභාවයෙන් විදර්‍ශනා යැ, අනාත්‍මානුදර්‍ශනස්වභාවයෙන් විදර්‍ශනා යි. මෙසෙයින් පළමු වැ ශමථය වෙයි. පසු වැ විදර්‍ශනා වේ. එයින් කියනු ලැබෙයි: ‘සමථපුබ්බඞ්ගමං විපස්සනං භාවෙති’

භාවෙතීති චතස‍්සො භාවනා: තත්‍ථ ජාතානං ධම‍්මානං අනතිවත‍්තනට‍්ඨෙන භාවනා, ඉන්‍ද්‍රියානං එකරසට‍්ඨෙන භාවනා, තදුපගවිරියවාහනට‍්ඨෙන භාවනා, ආසෙවනට‍්ඨෙන භාවනා.

භාවෙති යනු භාවනා සතරෙකි: ඒ ශමථයෙහි උපන් (චිත්තචෛතසික) ධර්‍මයන් නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියයන්ගේ ඒකකෘත්‍යස්වභාවයෙන් භාවනා යැ, තදුපගවිර්‍ය්‍යධුරස්වභාවයෙන් භාවනා යැ, ආසේවනස්වභාවයෙන් භාවනා යි.

මග‍්ගො සඤ‍්ජායතීති කථං මග‍්ගො සඤ‍්ජායති: දස‍්සනට‍්ඨෙන සම‍්මාදිට‍්ඨි මග‍්ගො සඤ‍්ජායති, අභිනිරොපනට‍්ඨෙන සම‍්මාසඞ‍්කප‍්පො මග‍්ගො සඤ‍්ජායති, පරිග‍්ගහට‍්ඨෙන සම‍්මාවාචා මග‍්ගො සඤ‍්ජායති, සමුට‍්ඨානට‍්ඨෙන සම‍්මාකම‍්මන‍්තො මග‍්ගො සඤ‍්ජායති, වොදානට‍්ඨෙන සම‍්මාආජීවො මග‍්ගො සඤ‍්ජායති, පග‍්ගහට‍්ඨෙන සම‍්මාවායාමො මග‍්ගො සඤ‍්ජායති, උපට‍්ඨානට‍්ඨෙන සම‍්මාසති මග‍්ගො සඤ‍්ජායති, අවික‍්ඛෙපට‍්ඨෙන සම‍්මාසමාධි මග‍්ගො සඤ‍්ජායති. එවං මග‍්ගො සඤ‍්ජායති.

මග්‍ගො සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්ද්‍රෘෂ‍්ටිසඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි, අභිනිරෝපණාර්‍ත්‍ථයෙන් සම්‍යක්සංකල්‍ප සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි. පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්වචන සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි. සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්කර්‍මාන්ත සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි. ව්‍යවදානාර්‍ත්‍ථයෙන් සම්‍යගාජීව සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්ව්‍යායාම සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි. උපස්‍ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්ස්මෘති සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි. අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධි සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදී. මෙසෙයින් මාර්‍ගය උපදි.

“සො තං මග‍්ගං ආසෙවති භාවෙති බහුලීකරොති.” ආසෙවතීති කථං ආසෙවති: ආවජ‍්ජන‍්තො ආසෙවති, ජානන‍්තො ආසෙවති, පස‍්සන‍්තො ආසෙවති, පච‍්චවෙක‍්ඛන‍්තො ආසෙවති, චිත‍්තං අධිට‍්ඨහන‍්තො ආසෙවති, සද‍්ධාය අධිමුච‍්චන‍්තො ආසෙවති, විරියං පග‍්ගණ‍්හන‍්තො ආසෙවති, සතිං උපට‍්ඨපෙන‍්තො ආසෙවති, චිත‍්තං සමාදහන‍්තො ආසෙවති, පඤ‍්ඤාය පජානන‍්තො ආසෙවති, අභිඤ‍්ඤෙය්‍යං අභිජානන‍්තො ආසෙවති, පරිඤ‍්ඤෙය්‍යං පරිජානන‍්තො ආසෙවති, පහාතබ‍්බං පජහන‍්තො ආසෙවති, භාවෙතබ‍්බං භාවෙන‍්තො ආසෙවති, සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකරොන‍්තො ආසෙවති. එවං ආසෙවති.

“සො තං මග්ගං ආසේවති භාවෙති බහුලීකරෝති” ආසේවති යනු: කිසෙයින් ඇසුරු කෙරෙයි යත්: ආවර්‍ජනා කෙරෙමින් ඇසුරු කෙරෙයි, දනිමින් ඇසුරු කෙරෙයි, දක්මින් ඇසුරු කෙරෙයි, ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් ඇසුරු කෙරෙයි, සිත පිහිටුවමින් ඇසුරු කෙරෙයි, සැදැහැයෙන් නිශ්චය කෙරෙමින් ඇසුරු කෙරෙයි, වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් ඇසුරු කෙරෙයි, සිහි එළවා තබමින් ඇසුරු කෙරෙයි, සිත අරමුණෙහි සම වැ තබමින් ඇසුරු කෙරෙයි, ප්‍රඥායෙන් දැනගනිමින් ඇසුරු කෙරෙයි, ස්වභාවලක්‍ෂණාවබෝධයෙන් දතයුත්ත අභිජානනය කෙරෙමින් ඇසුරු කෙරෙයි, සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් දතයුත්ත පරිජානනය කෙරෙමින් ඇසුරු කෙරෙයි, දුරු කළයුත්ත දුරුකෙරෙමින් ඇසුරු කෙරෙයි, වැඩියයුත්ත වඩමින් ඇසුරු කෙරෙයි, ප්‍රත්‍යක්‍ෂකටයුත්ත ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් ඇසුරු කෙරෙයි, මෙසෙයින් ඇසුරු කෙරේ.

භාවෙතීති කථං භාවෙති: ආවජ‍්ජන‍්තො භාවෙති, ජානන‍්තො භාවෙති, පස‍්සන‍්තො භාවෙති, පච‍්චවෙක‍්ඛන‍්තො භාවෙති, චිත‍්තං අධිට‍්ඨහන‍්තො භාවෙති, සද‍්ධාය අධිමුච‍්චන‍්තො භාවෙති, විරියං පග‍්ගණ‍්හන‍්තො භාවෙති, සතිං උපට‍්ඨපෙන‍්තො භාවෙති, චිත‍්තං සමාදහන‍්තො භාවෙති, පඤ‍්ඤාය පජානන‍්තො භාවෙති, අභිඤ‍්ඤෙය්‍යං අභිජානන‍්තො භාවෙති, පරිඤ‍්ඤෙය්‍යං පරිජානන‍්තො භාවෙති, පහාතබ‍්බං පජහන‍්තො භාවෙති, භාවෙතබ‍්බං භාවෙන‍්තො භාවෙති, සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකරොන‍්තො භාවෙති. එවං භාවෙති.

භාවෙති යනු: කිසෙයින් වඩා ද යත්: ආවර්‍ජනා කෙරෙමින් වඩයි, දනිමින් වඩයි, දකිමින් වඩයි, ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් වඩයි, සිත පිහිටුවමින් වඩයි, ශ්‍රද්ධායෙන් නිශ‍්චය කෙරෙමින් වඩයි,වීර්‍ය්‍යය දැඩි කොට ගන්මින් වඩයි, සිහි එළවා තබමින් වඩයි, සිත අරමුණෙහි සම වැ තබමින් වඩයි, ප්‍රඥායෙන් දැනගනිමින් වඩයි, අභිඥේයය අභිජානනය කෙරෙමින් වඩයි, පරිඥේයය පරිජානනය කෙරෙමින් වඩයි, ප්‍රහාතව්‍යය ප්‍රජහනය කෙරෙමින් වඩයි, භාවිතව්‍යය භාවනා කෙරෙමින් වඩයි, සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් වඩයි, මෙසෙයින් වඩා.

බහුලීකරොතීති කථං බහුලීකරොති: ආවජ‍්ජන‍්තො බහුලීකරොති, ජානන‍්තො බහුලීකරොති, පස‍්සන‍්තො බහුලීකරොති, පච‍්චවෙක‍්ඛන‍්තො බහුලීකරොති, චිත‍්තං අධිට‍්ඨහන‍්තො බහුලීකරොති, සද‍්ධාය අධිමුච‍්චන‍්තො බහුලීකරොති, විරියං, පග‍්ගණ‍්හන‍්තො බහුලීකරොති, සතිං උපට‍්ඨපෙන‍්තො බහුලීකරොති, චිත‍්තං සමාදහන‍්තො බහුලීකරොති, පඤ‍්ඤාය පජානන‍්තො බහුලීකරොති, අභිඤ‍්ඤෙය්‍යං අභිජානන‍්තො බහුලීකරොති, පරිඤ‍්ඤෙයං පරිජානන‍්තො බහුලීකරොති, පහාතබ‍්බං පජාහන‍්තො බහුලීකරොති, භාවෙතබ‍්බං භාවෙන‍්තො බහුලීකරොති, සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකරොන‍්තො බහුලීකරොති, එවං බහුලීකරොති.

බහුලීකරෝති යනු: කිසෙයින් පුනපුනා වඩා ද යත්: ආවර්‍ජනා කෙරෙමින් පුනපුනා වඩයි, දනිමින් පුනපුනා වඩයි, දකිමින් පුනපුනා වඩයි, ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් පුනපුනා වඩයි, සිත පිහිටුවමින් පුනපුනා වඩයි, සැදැහැයෙන් නිශ්චය කෙරෙමින් පුනපුනා වඩයි, වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් පුනපුනා වඩයි, සිහි එළවා තබමින් පුනපුනා වඩයි, සිත අරමුණෙහි සම වැ තබමින් පුනපුනා වඩයි, ප්‍රඥායෙන් ප්‍රජානනය කෙරෙමින් පුනපුනා වඩයි, අභිඥේයය අභිජානනය කෙරෙමින් පුනපුනා වඩයි, පරිඥේයය පරිජානනය කෙරෙමින් පුනපුනා වඩයි, ප්‍රහාතව්‍යය ප්‍රජහනය කෙරෙමින් පුනපුනා වඩයි, භාවිතව්‍යය භාවනා කෙරෙමින් පුනපුනා වඩයි, සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් පුනපුනා වඩයි, මෙසෙයින් පුනපුනා වඩා.

තස‍්ස තං මග‍්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සඤ‍්ඤොජනා පහීයන‍්ති අනුසයා බ්‍යත‍්තීහොන‍්තී’ති කථං සංයොජනා පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තීහොන‍්ති: සොතාපත‍්තිමග‍්ගෙන සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡා සීලබ‍්බතපරාමාසො ඉමානි තීණි සඤ‍්ඤොජනානි පහීයන‍්ති, දිට‍්ඨානුසයො විචිකිච‍්ඡානුසයො ඉමෙ ද‍්වෙ අනුසායා බ්‍යන‍්තීහොන‍්ති. සකදාගාමිමග‍්ගෙන ඔළාරිකං කාමරාගසඤ‍්ඤොජනං පටිඝසඤ‍්ඤොජනං ඉමානි ද‍්වෙ සඤ‍්ඤොජනානි පහීයන‍්ති, ඔළාරිකො කාමරාගානුසයො පටිඝානුසයො ඉමෙ ද‍්වෙ අනුසයා බ්‍යන‍්තීහොන‍්ති. අනාගාමිමග‍්ගෙන අණුසහගතං කාමරාගසඤ‍්ඤොජනං පටිඝසඤ‍්ඤොජනං ඉමානි ද‍්වෙ සඤ‍්ඤොජනානි පහීයන‍්ති, අණුසහගතො කාමරාගානුසයො පටිඝානුසයො ඉමෙ ද‍්වෙ අනුසයා බ්‍යන‍්තීහොන‍්ති. අරහත‍්තමග‍්ගෙන රූපරාගො අරූපරාගො මානො උද‍්ධච‍්චං අවිජ‍්ජා ඉමානි පඤ‍්ච සඤ‍්ඤොජනානි පහීයන‍්ති, මානානුසයො භවරාගානුසයො අවිජ‍්ජානුසයො ඉමෙ තයො අනුසයා බ්‍යන‍්තීහොන‍්ති, එවං සංයොජනා පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තීහොන‍්ති.

තස්ස තං මග්ගං ආසේවතෝ භාවයතො බහුලීකරෝතෝ සඤ්ඤොජනා පහීයන්ති අනුසයා බ්‍යන්තීහොන්තී යනු: කිසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද; අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත් ද යත්: සෝවන්මගින් සත්කායද්‍රෘෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමර්‍ශ යැ යන මේ තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, ද්‍රෘෂ්ට්‍යනුශය යැ විචිකිත්සානුශය යැ යන මේ අනුශයධර්‍මයෝ දෙදෙන විගතාන්ත වෙති. සෙදගැමිමගින් ඖදාරික වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ යන මේ සංයෝජනයෝ දෙදෙන ප්‍රහීණ වෙති, ඖදාරික වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ යන මේ අනුශයධර්‍මයෝ දෙදෙන විගතාන්ත වෙති. අනගැමිමගින් අණු සහගත වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ යන මේ සංයෝජනයෝ දෙදෙන ප්‍රහීණ වෙති. අණුසහගත වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ යන මේ අනුශයධර්‍මයෝ දෙදෙන විගතාන්ත වෙති. රහත්මගින් රූපරාග යැ අරූපරාග යැ මාන යැ ඖද්ධත්‍ය යැ අවිද්‍යා යැ යන මේ සංයෝජනයෝ පස්දෙන ප්‍රහීණ වෙති, මානානුශය යැ භවරාගානුශය යැ අවිද්‍යානුශය යැ යන මේ තුන් අනුශයධර්‍මයෝ විගතාන්ත වෙති, මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.

අබ්‍යාපාදවසෙන චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි -පෙ- ආලොකෙසඤ‍්ඤාවසෙන චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි -පෙ- පටිනිස‍්සග‍්ගානුපස‍්සී අස‍්සාසවසෙන, පටිනිස‍්සග‍්ගානුපස‍්සී පස‍්සාසවසෙන චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි, තත්‍ථ ජාතෙ ධම‍්මෙ අනිච‍්චතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා, දුක‍්ඛතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා, අනත‍්තතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා, ඉති පඨමං සමථො, පච‍්ඡා විපස‍්සනා. තෙන වුච‍්චති: “සමථපුම‍්බඞ‍්ගමං විපස‍්සනං භාවෙති”

අව්‍යාපාද වශයෙන් චිත්තයාගේ එකඟබව අවික්‍ෂේප සඞ්ඛ්‍යාත සමාධි යැ ... ආලෝකසංඥා වශයෙන් චිත්තයාගේ එකඟබව අවික්‍ෂේප සඞ්ඛ්‍යාත සමාධි යැ ... පටිනිස්සග්ගානුපස්සී වැ ආශ්‍වාස කිරීම් වශයෙන්, පටිනිස්සග්ගානුපස්සී වැ ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟබව අවික්‍ෂේප සඞ්ඛ්‍යාත සමාධි යැ. ඒ ශමථයෙහි උපන් (චිත්තචෛත්ත) ධර්‍මයන් අනිත්‍යානුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, දුඃඛානුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, අනාත්මානුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යි. මෙසෙයින් පළමු වැ ශමථය වෙයි, පසු වැ විදර්‍ශනා වේ. එයින් කියනු ලැබෙයි: ‘සමථපුබ්බඞ්‍ගමං විපස්සනං භාවෙති’

භාවෙතීති චතස‍්සො භාවනා: තත්‍ථ ජාතානං ධම‍්මානං අනිතිවත‍්තනට‍්ඨෙන භාවනා, ඉන්‍ද්‍රියානං එකරසට‍්ඨෙන භාවනා, තදුපගවිරියවාහනට‍්ඨෙන භාවනා, ආසෙවනට‍්ඨෙන භාවනා.

භාවෙති යනු: භාවනා සතරෙකි: ඒ ශමථයෙහි උපන් (චිත්තචෛත්ත) ධර්‍මයන් නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ, තදූපගවිර්‍ය්‍යධූරාර්‍ත්‍ථයෙන් භාවනා යැ, ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි.

මග‍්ගො සඤ‍්ජායතීති කථං මග‍්ගො සඤ‍්ජායති: දස‍්සනට‍්ඨෙන සම‍්මාදිට‍්ඨි මග‍්ගො සඤ‍්ජායති, අභිනිරොපනට‍්ඨෙන සම‍්මාසඞ‍්කප‍්පො මග‍්ගො සඤ‍්ජායති -පෙ- අවික‍්ඛෙපට‍්ඨෙන සම‍්මාසමාධි මග‍්ගො සඤ‍්ජායති. එවං මග‍්ගො සඤ‍්ජායති.

මග්ගෝසඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්ද්‍රෘෂ්ටි සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදී. අභිනිරෝපණාර්‍ත්‍ථයෙන් සම්‍යක් සංකල්‍ප සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධි සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදී. මෙසෙයින් මාර්‍ගය උපදී.

“සො තං මග‍්ගං ආසෙවති භාවෙති බහුලීකරොති.” ආසෙවතීති කථා ආසෙවති: ආවජ‍්ජන‍්තො ආසෙවති, ජානන‍්තො ආසෙවති -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකරොන‍්තො ආසෙවති. එවං ආසෙවති.

‘සො තං මග්ගං ආසේවති භාවෙති බහුලීකරෝති’ ආසේවති යනු: කිසෙයින් ආසේවන කෙරේ ද යත්: ආවර්‍ජනා කෙරෙමින් ආසේවන කෙරෙයි, දනිමින් ආසේවන කෙරෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් ආසේවන කෙරේ. මෙසෙයින් ආසේවන කෙරේ.

භාවෙතීති කථං භාවෙති: ආවජ‍්ජන‍්තො භාවෙති, ජානන‍්තො භාවෙති -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකරොන‍්තො භාවෙති. එවං භාවෙති.

භාවෙති යනු කිසෙයින් භාවනා කෙරේ ද යත්: ආවර්‍ජනා කෙරෙමින් භාවනා කෙරෙයි, දනිමින් භාවනා කෙරෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් භාවනා කෙරේ. මෙසෙයින් භාවනා කෙරේ.

බහුලීකරොතීති කථං බහුලීකරොති: ආවජ‍්ජන‍්තො බහුලීකරොති, ජානන‍්තො බහුලීකරොති -පෙ- සච‍්ඡිකරොන‍්තො බහුලීකරොති, එවං බහුලීකරොති.

බහුලීකරෝති යනු: කිසෙයින් බහුලකෙරේ ද යත්: ආවර්‍ජනා කෙරෙමින් බහුල කෙරෙයි, දනිමින් බහුල කෙරෙයි ... සාක්‍ෂාත් කෙරෙමින් බහුල කෙරේ. මෙසෙයින් බහුල කෙරේ.

තස‍්ස තං මග‍්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සඤ‍්ඤොජනා පහීයන‍්ති අනුසයා බ්‍යත‍්තිහොන‍්තී’ති කථං සඤ‍්ඤොජනා පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තීහොන‍්ති: සොතාපත‍්තිමග‍්ගෙන සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡා සීලබ‍්බතපරාමාසො ඉමානි තීණි සඤ‍්ඤොජනානි පහීයන‍්ති, දිට‍්ඨානුසයො විචිකිච‍්ඡානුසසො ඉමෙ ද‍්වෙ අනුසයා බ්‍යන‍්තීහොන‍්ති. සකදාගාමිමග‍්ගෙන ඔළාරිකං කාමරාගසඤ‍්ඤොජනං පටිඝසඤ‍්ඤොජනං ඉමානි ද‍්වෙ සඤ‍්ඤොජනානි පහීයන‍්ති, ඔළාරිකො කාමරාගානුසයො පටිඝානුසයො ඉමෙ ද‍්වෙ අනුසයා බ්‍යන‍්තීහොන‍්ති. අනාගාමිමග‍්ගෙන අණුසහගතං කාමරාගසඤ‍්ඤොජනං පටිඝසඤ‍්ඤොජනං ඉමානි ද‍්වෙ සඤ‍්ඤොජනානි පහීයන‍්ති, අණුසහගතො කාමරාගානුසයො පටිඝානුසයො ඉමෙ ද‍්වෙ අනුසයා බ්‍යන‍්තීහොන‍්ති. අරහත‍්තමග‍්ගෙන රූපරාගො අරූපරාගො මානො උද‍්ධච‍්චං අවිජ‍්ජා ඉමානි පඤ‍්ච සඤ‍්ඤොජනානි පහීයන‍්ති, මානානුසයො භවරාගානුසයො අවිජ‍්ජානුසයො, ඉමෙ තයො අනුසයා බ්‍යන‍්තීහොන‍්ති, එවං සඤ‍්ඤොජනානි පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තීහොන‍්ති.

“තස්ස තං මග්ගං ආසේවතෝ භාවයතො බහුලීකරෝතෝ සඤ්ඤොජනා පහීයන්තී අනුසයා බ්‍යන්තීහොන්තී යනු: කිසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත් ද යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගයෙන් සත්කායද්‍රෘෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමර්‍ශ යැ යන මේ තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, ද්‍රෘෂ්ට්‍යනුශය යැ විචිකිත්සානුශය යැ යන මේ අනුශයධර්‍මයෝ දෙදෙන විගතාන්ත වෙති. සකෘදාගාමීමාර්‍ගයෙන් ඖදාරික වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ යන මේ සංයෝජනයෝ දෙදෙන ප්‍රහීණ වෙති, ඖදාරික වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ යන මේ අනුශයධර්‍මයෝ දෙදෙන විගතාන්ත වෙති. අනාගාමිමාර්‍ගයෙන් අණුසහගත වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ යන මේ සංයෝජනයෝ දෙදෙන ප්‍රහීණ වෙති, අණුසහගත වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ යන මේ අනුශයධර්‍මයෝ දෙදෙන විගතාන්ත වෙති. අර්‍හන්මාර්‍ගයෙන් රූපරාග යැ අරූපරාග යැ මාන යැ ඖද්ධත්‍ය යැ අවිද්‍යා යැ යන මේ සංයෝජනයෝ පස්දෙන ප්‍රහීණ වෙති, මානානුශය යැ භවරාගානුශය යැ අවිද්‍යානුශය යැ යන මේ තුන් අනුශය ධර්‍මයෝ විගතාන්ත වෙත්. මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.

එවං සමථපුබ‍්බඞ‍්ගමං විපස‍්සනං භාවෙති.

මෙසෙයින් ශමථපූර්‍වඞ්ගම විදර්‍ශනා වඩා.

කථං විපස‍්සනාපුබ‍්බඞ‍්ගමං සමථං භාවෙති: අනිච‍්චතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා, දුක‍්ඛතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා, අනත‍්තතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා, තත්‍ථ ජාතානං ධම‍්මානඤ‍්ච වොස‍්සග‍්ගාරම‍්මණතා චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි. ඉති පඨමං විපස‍්සනා පච‍්ඡා සමථො. තෙන වුච‍්චති: “විපස‍්සනාපුබ‍්බඞ‍්ගමං සමථං භාවෙති.”

කිසෙයින් විදර්‍ශනාපූර්‍වඞ්ගම ශමථය වඩා ද යත්: අනිත්‍යානුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, දුඃඛානුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, අනාත්මානුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, ඒ විදර්‍ශනායෙහි උපන් (චිත්තචෛත්ත) ධර්‍මයන් ද නිර්‍වාණාලම්බන බැවින් (උපදවනලද) චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත (උපචාරඅර්‍පණාහෙද) අවික්‍ෂේපය සමාධි යැ. මෙසෙයින් පළමු වැ විදර්‍ශනා වෙයි, පසු වැ ශමථය වේ. එයින් කියනු ලැබෙයි: “විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවෙති” යනු.

භාවෙතීති චතස‍්සො භාවනා, -පෙ- ආසෙවනට‍්ඨෙන භාවනා. මග‍්ගො සඤ‍්ජායතීති කථං මග‍්ගො සඤ‍්ජායති -පෙ- එවං මග‍්ගො සඤ‍්ජායති. එවං සඤ‍්ඤොජනා පහීයන‍්ති. අනුසයා බ්‍යන‍්තීහොන‍්ති.

භාවෙති යනු: භාවනා සතරෙකි ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මග්ගෝසඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: ... මෙසෙයින් මාර්‍ගය උපදී. මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.

රූපං අනිච‍්චතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා, රූපං දුක‍්ඛතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා, රූපං අනත‍්තතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා. තත්‍ථ ජාතානං ධම‍්මානඤ‍්ච වොස‍්සග‍්ගාරම‍්මණතා චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි. ඉති පඨමං විපස‍්සනා, පච‍්ඡා සමථො. තෙන වුච‍්චති: “විපස‍්සනාපුබ‍්බඞ‍්ගමං සමථං භාවෙති”

රූපය අනිත්‍ය හෙයින් අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, රූපය දුඃඛ හෙයින් අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, රූපය අනාත්ම හෙයින් අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යි. ඒ විදර්‍ශනායෙහි උපන් (චිත්තචෛත්ත) ධර්‍මයන් ද නිර්‍වාණාලම්බන බැවින් (උපදවනලද) චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි යැ. මෙසෙයින් පළමු වැ විදර්‍ශනා වෙයි, පසු වැ ශමථය වේ. එයින් කියනු ලැබෙයි: “විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවෙති” යනු.

භාවෙතීති චතස‍්සො භාවනා -පෙ- ආසෙවනට‍්ඨෙන භාවනා. මග‍්ගො සඤ‍්ජායතීති කථං මග‍්ගො සඤ‍්ජායති -පෙ- එවං මග‍්ගො සඤ‍්ජායති. -පෙ- එවං සංයොජනා පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තීහොන‍්ති.

භාවෙති යනු: භාවනා සතරෙකි ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මග්ගෝ සඤ්ජායතී යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත් ... මෙසෙයින් මාර්‍ගය උපදි ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.

වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං -පෙ- චක‍්ඛුං -පෙ- ජරාමරණං අනිච‍්චතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා, ජරාමරණං දුක‍්ඛතො -පෙ- අනත‍්තතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා. තත්‍ථ ජාතානං ධම‍්මානඤ‍්ච වොස‍්සග‍්ගාරම‍්මණතා චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි. ඉති පඨමං විපස‍්සනා, පච‍්ඡා සමථො. තෙන වුච‍්චති: “විපස‍්සනාපුබ‍්බඞ‍්ගමං සමථං භාවෙති”.

වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ... චක්‍ෂුස ... ජරාමරණය අනිත්‍ය හෙයින් අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, ජරාමරණය දුඃඛ හෙයින් ... අනාත්ම හෙයින් අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යි. ඒ විදර්‍ශනායෙහි උපන් (චිත්තචෛත්ත) ධර්‍මයන් ද නිර්‍වාණාලම්බන බැවින් (උපදවනලද) චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි යැ. මෙසෙයින් පළමු වැ විදර්‍ශනා වෙයි, පසු වැ ශමථය වේ. එයින් කියනු ලැබෙයි: “විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවෙති”යනු.

භාවෙතීති චතස‍්සො භාවනා -පෙ- ආසෙවනට‍්ඨෙන භාවනා. මග‍්ගො සඤ‍්ජායතීති කථං මග‍්ගො සඤ‍්ජායති -පෙ- එවං මග‍්ගො සඤ‍්ජායති. එවං සංයොජනා පහීයන‍්ති අනුසයා බ්‍යන‍්තීහොන‍්ති.

භාවෙති යනු: භාවනා සතරෙකි: ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මග්ගෝ සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත් ... මෙසෙයින් මාර්‍ගය උපදී ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.

එවං විපස‍්සනාපුබ‍්බඞ‍්ගමං සමථං භාවෙති.

මෙසෙයින් විදර්‍ශනාපූර්‍වඞ්ගම ශමථය වඩා.

කථං සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති: සොළසහි ආකාරෙහි සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති: ආරම‍්මණට‍්ඨෙන, ගොචරට‍්ඨෙන, පහානට‍්ඨෙන, පරිච‍්චාගට‍්ඨෙන, වුට‍්ඨානට‍්ඨෙන, විවට‍්ටනට‍්ඨෙන, සන‍්තට‍්ඨෙන, පණීතට‍්ඨෙන, විමුත‍්තට‍්ඨෙන, අනාසවට‍්ඨෙන, තරණට‍්ඨෙන, අනිමිත‍්තට‍්ඨෙන, අප‍්පණිහිතට‍්ඨෙන, සුඤ‍්ඤතට‍්ඨෙන, එකරසට‍්ඨෙන, අනතිවත‍්තනට‍්ඨෙන, යුගනද‍්ධට‍්ඨෙන.

කිසෙයින් ශමථ විදර්‍ශනා යුගනද්ධ (යුගළු) කොට වඩා ද යත්: සොළොස් අයුරෙකින් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩයි. ආලම්බන වශයෙන්, ගෝචර වශයෙන්, ප්‍රහාණ වශයෙන්, පරිත්‍යාග වශයෙන්, ව්‍යුත්‍ථාන වශයෙන, නිවර්‍තන වශයෙන්, ශාන්ත වශයෙන්, ප්‍රණීත වශයෙන, විමුක්ති වශයෙන්, අනාස්‍රව වශයෙන්, අතික්‍රමණ වශයෙන්, නිමිත්තරහිතාර්‍ත්‍ථයෙන, ප්‍රණිධිරහිතාර්‍ත්‍ථයෙන, ශූන්‍යතාර්‍ත්‍ථයෙන, ඒකකෘත්‍යාර්‍ත්‍ථයෙන, අනතික්‍රමණාර්‍ත්‍ථයෙන, යුගනද්ධාර්‍ත්‍ථයෙනි.

කථං ආරම‍්මණට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති: උද‍්ධච‍්චං පජහතො චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි නිරොධාරම‍්මණා, අවිජ‍්ජං පජහතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා නිරොධාරම‍්මණා. ඉති ආරම‍්මණට‍්ඨෙන සමථවිපස‍්සනා එකරසා හොන‍්ති, යුගනද‍්ධා හොන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං නාතිවත‍්තන‍්ති. තෙන වුච‍්චති ‘ආරම‍්මණට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති’.

කිසෙයින් ආලම්බන වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපයසමාධිය නිරෝධාලම්බන වෙයි, අවිද්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධාලම්බන වෙයි. මෙසෙයින් ආලම්බනාර්‍ත්‍ථයෙන් ශමථවිදර්‍ශනාවෝ එකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘ආරම්මණට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු.

භාවෙතීති චතස‍්සො භාවනා -පෙ- ආසෙවනට‍්ඨෙන භාවනා. මග‍්ගො සඤ‍්ජායතීති කථං මග‍්ගො සඤ‍්ජායති -පෙ- එවං මග‍්ගො සඤ‍්ජායති -පෙ- එවං සඤ‍්ඤොජනා පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තීහොන‍්ති. එවං ආරම‍්මණට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති.

භාවෙති යනු: භාවනා සතරෙකි ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මග්ගෝ සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: මෙසෙයින් මාර්‍ගය උපදී ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්. මෙසෙයින් ආලම්බනාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා.

කථං ගොචරට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති: උද‍්ධච‍්චං පජහතො චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි නිරොධගොචරො, අවිජ‍්ජං පජහතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා නිරොධගොචරො. ඉති ගොචරට‍්ඨෙන සමථවිපස‍්සනා එකරසා හොන‍්ති, යුගනද‍්ධා හොන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං නාතිවත‍්තන‍්ති. තෙන වුච‍්චති: ‘ගොචරට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති.’ (භාවෙතීති -පෙ-)

කිසෙයින් ගෝචර වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය නිරෝධගෝචර වෙයි, අවිද්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධගෝචර වෙයි, මෙසෙයින් ගෝචරාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘ගෝචරට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු. (භාවෙති යනු ...)

කථං පහානට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති: උද‍්ධච‍්චසහගතකිලෙසෙ ච ඛන්‍ධෙ ච පජහතො චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි නිරොධගොචරො, අවිජ‍්ජාසහගතකිලෙසෙ ච ඛන්‍ධෙ ච පජහතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා නිරොධගොචරා. ඉති පහානට‍්ඨෙන සමථවිපස‍්සනා එකරසා හොන‍්ති, යුගනද‍්ධා හොන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං නාතිවත‍්තන‍්ති. තෙන වුච‍්චති: ‘පහානට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති.’ -පෙ-

කිසෙයින් ප්‍රහාණ වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යසහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් ද දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය නිරෝධගෝචර වෙයි, අවිද්‍යාසහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් ද දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධගෝචර වෙයි, මෙසෙයින් ප්‍රහාණාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘පහානට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු …

කථං පරිච‍්චාගට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති: උද‍්ධච‍්චසහගතකිලෙසෙ ච ඛන්‍ධෙ ච පරිච‍්චජතො චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි නිරොධගොචරො, අවිජ‍්ජාසහගතකිලෙසෙ ච ඛන්‍ධෙ ච පරිච‍්චජතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා නිරොධගොචරා. ඉති පරිච‍්චාගට‍්ඨෙන සමථවිපස‍්සනා එකරසා හොන‍්ති, යුගනද‍්ධා හොන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං නාතිවත‍්තන‍්ති. තෙන වුච‍්චති: ‘පරිච‍්චාගට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති.’ -පෙ-

කිසෙයින් පරිත්‍යාග වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යසහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් ද පරිත්‍යාග කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය නිරෝධගෝචර වෙයි, අවිද්‍යාසහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් ද පරිත්‍යාග කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධගෝචර වෙයි. මෙසෙයින් පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘පරිච්චාගට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු …

කථං වුට‍්ඨානට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති: උද‍්ධච‍්චසහගතකිලෙසෙහි ච ඛන්‍ධෙ ච වුට‍්ඨහතො චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි නිරොධගොචරො, අවිජ‍්ජාසහගකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුට‍්ඨහතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා නිරොධගොචරා. ඉති වුට‍්ඨානට‍්ඨෙන සමථවිපස‍්සනා එකරසා හොන‍්ති, යුගනද‍්ධා හොන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං නාතිවත‍්තන‍්ති. තෙන වුච‍්චති: වුට‍්ඨානට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති.’ -පෙ-

කිසෙයින් ව්‍යුත්‍ථාන වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්. ඖද්ධත්‍යසහගත ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැගෙන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය නිරෝධගෝචර වෙයි, අවිද්‍යාසහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැගෙන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධගෝචර වෙයි, මෙසෙයින් ව්‍යුත්‍ථානාර්‍ත්‍ථයෙන් ශමථ විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘වුට්ඨානට්ඨෙන සමථ–විපස්සනං යුගනද්ධං භාවෙති’ යනු ...

කථං විවට‍්ටනට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති: උද‍්ධච‍්චසහගතකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච විවට‍්ටතො චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි නිරොධගොචරො, අවිජ‍්ජාසහගකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච විවට‍්ටතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා නිරොධගොචරා. ඉති විවට‍්ටනට‍්ඨෙන සමථවිපස‍්සනා එකරසා හොන‍්ති, යුගනද‍්ධා හොන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං නාතිවත‍්තන‍්ති. තෙන වුච‍්චති: ‘විවට‍්ටනට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති.’ -පෙ-

කිසෙයින් විවර්‍තන වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යසහගත කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් ද කෙරෙන් ද විවර්‍තනය වන (වටාලා නො පෙරළෙන අයුරින් නවත්නා) යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය නිරෝධගෝචර වෙයි, අවිද්‍යාසහගත කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් ද කෙරෙන් ද විවර්‍තනය වන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධගෝචර වෙයි. මෙසෙයින් විවර්‍තනාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘විවට්ටනට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු ...

කථං සන‍්තට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති: උද‍්ධච‍්චං පජහතො චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි සන‍්තො හොති නිරොධගොචරො, අවිජ‍්ජං පජහතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා සන‍්තා හොති නිරොධගොචරා. ඉති සන‍්තට‍්ඨෙන සමථවිපස‍්සනා එකරසා හොන‍්ති, යුගනද‍්ධා හොන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං නාතිවත‍්තන‍්ති. තෙන වුච‍්චති ‘සන‍්තට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති’ -පෙ-

කිසෙයින් ශාන්ත වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේප සමාධිය ශාන්ත වූයේ නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව ශාන්ත වූවා නිරෝධගෝචර වෙයි. මෙසෙයින් ශාන්ත වශයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි ‘සන්තට්ඨෙනසමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු …

කථං පණීතට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති: උද‍්ධච‍්චං පජහතො චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි පණීතො හොති නිරොධගොචරො, අවිජ‍්ජං පජහතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා පණීතා හොති නිරොධගොචරා. ඉති පණීතට‍්ඨෙන සමථවිපස‍්සනා එකරසා හොන‍්ති, යුගනද‍්ධා හොන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං නාතිවත‍්තන‍්ති. තෙන වුච‍්චති ‘පණීතට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති.’ -පෙ-

කිසෙයින් ප්‍රණීත වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය ප්‍රණීත වූයේ නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව ප්‍රණීත වූවා නිරෝධගෝචර වෙයි. මෙසෙයින් ප්‍රණීත වශයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘පණීතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු …

කථං විමුත‍්තට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති: උද‍්ධච‍්චං පජහතො චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි කාමාසවා විමුත‍්තො හොති නිරොධගොචරො, අවිජ‍්ජං පජහතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා අවිජ‍්ජාසවා විමුත‍්තා හොති නිරොධගොචරා. ඉති රාගවිරාගා චෙතොවිමුත‍්ති, අවිජ‍්ජාවිරාගා පඤ‍්ඤාවිමුත‍්ති. ඉති විමුත‍්තිට‍්ඨෙන සමථවිපස‍්සනා එකරසා හොන‍්ති, යුගනද‍්ධා හොන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං නාතිවත‍්තන‍්ති. තෙන වුච‍්චති ‘විමුත‍්තට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති.’ -පෙ-

කිසෙයින් විමුක්තාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය කාමාස්‍රවය කෙරෙන් මිදුණේ නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව අවිද‍්‍යාස්‍රවය කෙරෙන් මිදුණි නිරෝධගෝචර වෙයි. මෙසෙයින් රාගවිරාගයෙන් චිත්තවිමුක්තිය වෙයි, අවිද්‍යාවිරාගයෙන් ප්‍රඥාවිමුක්තිය වෙයි. මෙසෙයින් විමුක්තාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘විමුත්තතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු.

කථං අනාසවට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති: උද‍්ධච‍්චං පජහතො චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි කාමාසවෙන අනාවාසො හොති නිරොධගොචරො, අවිජ‍්ජං පජහතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා අවිජ‍්ජාසවෙන අනාසවා හොති නිරොධගොචරා. ඉති අනාසවට‍්ඨෙන සමථවිපස‍්සනා එකරසා හොන‍්ති, යුගනද‍්ධා හොන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං නාතිවත‍්තන‍්ති. තෙන වුච‍්චති අනාසවට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති.’ -පෙ-

කිසෙයින් අනාස්‍රවාර්‍ත්‍ථයෙන් ශමථ විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය කාමාස්‍රවයෙන් අනාස්‍රව වූයේ නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව අවිද‍්‍යාස්‍රවයෙන් අනාස්‍රව වූයේ නිරෝධගෝචර වෙයි. මෙසෙයින් අනාස්‍රවාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘අනාසවට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු …

කථං තරණට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති: උද‍්ධච‍්චසහගතකිලෙසෙ ච ඛන්‍ධෙ ච තරතො චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි නිරොධගොචරො, අවිජ‍්ජාසහගතකිලෙසෙ ච ඛන්‍ධෙ ච තරතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා නිරොධගොචරා. ඉති තරණට‍්ඨෙන සමථවිපස‍්සනා එකරසා හොන‍්ති, යුගනද‍්ධා හොන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං නාතිවත‍්තන‍්ති. තෙන වුච‍්චති: ‘තරණට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති.’ -පෙ-

කිසෙයින් තරණාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය සහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් ද තරණය කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාසහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් ද තරණය කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධගෝචර වෙයි. මෙසෙයින් තරණාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘තරණට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු ...

කථං අනිමිත‍්තට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති: උද‍්ධච‍්චං පජහතො චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි සබ‍්බනිමිත‍්තෙහි අනිමිත‍්තො හොති නිරොධගොචරො, අවිජ‍්ජං පජහතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා සබ‍්බනිමිත‍්තෙහි අනිමිත‍්තා හොති නිරොධගොචරා. ඉති අනිමිත‍්තට‍්ඨෙන සමථවිපස‍්සනා එකරසා හොන‍්ති, යුගනද‍්ධා හොන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං නාතිවත‍්තන‍්ති. තෙන වුච‍්චති ‘අනිමිත‍්තට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති.’ -පෙ-

කිසෙයින් අනිමිත්ත වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය හැම නිමිත්ත කෙරෙන් වෙන් වැ අනිමිත්ත වූයේ නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව හැම නිමිත්ත කෙරෙන් වෙන් වැ අනිමිත්ත වූවා නිරෝධගෝචර වෙයි. මෙසෙයින් අනිමිත්ත වශයෙන් ශමථ–විදර්‍ශනාවෝ එකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘අනිමිත්තට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු ...

කථං අප‍්පණිහිතට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති: උද‍්ධච‍්චං පජහතො චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි සබ‍්බපණිධීහි අප‍්පණිහිතො හොති නිරොධගොචරො, අවිජ‍්ජං පජහතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා සබ‍්බපණිධීහි අප‍්පණිහිතා හොති නිරොධගොචරා. ඉති අප‍්පණිහිතට‍්ඨෙන සමථවිපස‍්සනා එකරසා හොන‍්ති, යුගනද‍්ධා හොන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං නාතිවත‍්තන‍්ති. තෙන වුච‍්චති: ‘අප‍්පණිහිතට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති.’ -පෙ-

කිසෙයින් අප්‍රණිහිත වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය හැම ප්‍රණිධීන් කෙරෙන් වෙන් වැ අප්‍රණිහිත වූයේ නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව හැම ප්‍රණිධීන් කෙරෙන් වෙන් වැ අප්‍රණිහිත වූවා නිරෝධගෝචර වෙයි. මෙසෙයින් අප්‍රණිහිත වශයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි; ‘අප්පණිහිතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු ...

කථං සුඤ‍්ඤතට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති: උද‍්ධච‍්චං පජහතො චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි සබ‍්බාභිනිවෙසෙහි සුඤ‍්ඤො හොති නිරොධගොචරො, අවිජ‍්ජං පජහතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා සබ‍්බාභිනිවෙසෙහි සුඤ‍්ඤා හොති නිරොධගොචරා. ඉති සුඤ‍්ඤතට‍්ඨෙන සමථවිපස‍්සනා එකරසා හොන‍්ති, යුගනද‍්ධා හොන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං නාතිවත‍්තන‍්ති. තෙන වුච‍්චති ‘සුඤ‍්ඤතට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති’

කිසෙයින් ශුන්‍යත වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය හැම අභිනිවේශයන් කෙරෙන් ශුන්‍ය වූයේ නිරෝධාලම්බන වෙයි. අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව හැම අභිනිවේශයන් කෙරෙන් ශුන්‍ය වූවා නිරෝධාලම්බන වෙයි. මෙසෙයින් ශුන්‍යත වශයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘සුඤ්ඤතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු.

භාවෙතීති චතස‍්සො භාවනා: තත්‍ථ ජාතානං ධම‍්මානං අනිතිවත‍්තනට‍්ඨෙන භාවනා, ඉන්‍ද්‍රියානං එකරසට‍්ඨෙන භාවනා, තදුපගවිරියවාහනට‍්ඨෙන භාවනා, ආසෙවනට‍්ඨෙන භාවනා.

භාවෙති යනු භාවනා සතරෙකි: ඒ භාවනාවිශේෂයෙහි උපන් ශමථ–විදර්‍ශනා සඞ්ඛ්‍යාත යුගනද්ධධර්‍මයන් නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් භාවනා යැ, ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගේ ඒකකෘත්‍ය ස්වභාවයෙන් භාවනා යැ, තදනුරූපවීර්‍ය්‍යධූර ස්වභාවයෙන් භාවනා යැ, ආසේවන ස්වභාවයෙන් භාවනා යි.

මග‍්ගො සඤ‍්ජායතීති කථං මග‍්ගො සඤ‍්ජායති -පෙ- එවං මග‍්ගො සඤ‍්ජායති, එවං සඤ‍්ඤොජනා පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තීහොන‍්ති. එවං සුඤ‍්ඤතට‍්ඨෙන සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති.

මග්ගෝ සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත් ... මෙසෙයින් මාර්‍ගය උපදී. මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්. මෙසෙයින් ශුන්‍යත වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා.

ඉමෙහි සොළහි ආකාරෙහි සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති.

මේ සොළොස් අයුරින් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩයි.

එවං සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති.

මෙසෙයින් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා.

කථං ධම‍්මුද‍්ධච‍්චවිග‍්ගහිතං මානසං හොති: අනිච‍්චතො මනසිකරොතො ඔභාසො උප‍්පජ‍්ජති, ‘ඔභාසො ධම‍්මො’ති ඔභාසං ආවජ‍්ජති. තතො වික‍්ඛෙපො උද‍්ධච‍්චං. තෙන උද‍්ධච‍්චෙන විග‍්ගහිතමානසො අනිච‍්චතො උප‍්පට‍්ඨානං යථාභූතං නප‍්පජායාති, දුක‍්ඛතො උපට‍්ඨානං යථාභූතං නප‍්පජානාති, අනත‍්තතො උපට‍්ඨානං යථාභූතං නප‍්පජානාති. තෙන වුච‍්චති: ‘ධම‍්මුද‍්ධච‍්චවිග‍්ගහිතමානසො’ හොති සො සමයො: යං තා චිත‍්තං අජ‍්ඣත‍්තමෙව සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති සමාධියති.

කිසෙයින් ඕභාසාදි ධර්‍මයෙහි වික්‍ෂේපයෙන් විරෝධයට පමුණුවනලද සිත වෙයි යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුවාහට විදර්‍ශනාවභාසය උපදියි. අවභාසය මාර්‍ගඵලධර්‍ම යැ’ යි අවභාසය ආවර්‍ජනා කෙරෙයි. ඒ අවභාසයෙන් උපදනා වික්‍ෂේපය ඖද්ධත්‍යය නම. ඒ ඖද්ධත්‍යයෙන් විරෝධයට පමුණුවනලද සිත් ඇත්තේ අනිත්‍ය හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනියි. දුඃඛ හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනියි. අනාත්ම හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනී. එයින් කියනු ලැබෙයි: ‘ධම්මුද්ධච්චවිග්ගහිතමානසො’ යි. යම් කලෙක ඒ (විදර්‍ශනාවීථියට බැස සිටි) සිත ගෝචරාධ්‍යාත්ම සඞ්ඛ්‍යාත ආලම්බනයෙහි මැ පිහිටා නම් මොනොවට හිඳී නම් එකඟ වේ නම් මොනොවට සිටී නම් එබඳු සමයෙක් වේ.

තස‍්ස මග‍්ගො සඤ‍්ජායතීති කථං මග‍්ගො සඤ‍්ජායති: දස‍්සනට‍්ඨෙන සම‍්මාදිට‍්ඨි මග‍්ගො සඤ‍්ජායති -පෙ- එවං මග‍්ගො සඤ‍්ජායති. -පෙ- එවං සංයොජනා පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තීහොන‍්ති.

තස්ස මග්ගෝ සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්ද්‍රෘෂ්ටි සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදී ... මෙසෙයින් මාර්‍ගය උපදී ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.

අනිච‍්චතො මනසිකරොතො ඤාණං උප‍්පජ‍්ජති පීති උප‍්පජ‍්ජති පස‍්සද‍්ධි උප‍්පජ‍්ජති සුඛං උප‍්පජ‍්ජති -පෙ- අධිමොක‍්ඛො උප‍්පජ‍්ජති -පෙ- පග‍්ගහො. උප‍්පජ‍්ජති -පෙ- උපට‍්ඨානං උප‍්පජ‍්ජති -පෙ- උපෙක‍්ඛා උප‍්පජ‍්ජති -පෙ- නිකන‍්ති උප‍්පජ‍්ජති, ‘නිකන‍්ති ධම‍්මො’ති නිකන‍්තිං ආවජ‍්ජති. තතො වික‍්ඛෙපො උද‍්ධච‍්චං, තෙන උද‍්ධච‍්චෙන විග‍්ගහිතමානසො අනිච‍්චතො උපට‍්ඨානං යථාභූතං නප‍්පජාති, දුක‍්ඛතො උපට‍්ඨානං යථාභූතං නප‍්පජානාති, අනත‍්තතො උපට‍්ඨානං යථාභූතං නප‍්පජානාති. තෙන වුච‍්චති: ‘ධම‍්මුද‍්ධච‍්චවිග‍්ගහිතමානසො’ හොති සො සමයො, යං තං චිත‍්තං අජ‍්ඣත‍්තමෙව සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති සමාධියති. තස‍්ස මග‍්ගො සඤ‍්ජායතීති කථං මග‍්ගො සඤ‍්ජායති -පෙ- එවං සඤ‍්ඤොජනා පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තීහොන‍්ති.

අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුවාහට විදර්‍ශනාඥානය උපදියි ... විදර්‍ශනා ප්‍රීතිය උපදියි ... විදර්‍ශනා ප්‍රශ්‍රබ්ධිය උපදියි ... විදර්‍ශනා සුඛය උපදියි ... අධිමෝක්‍ෂය (ශ්‍රද්ධාව) උපදියි ... වීර්‍ය්‍යය උපදියි ... විදර්‍ශනා සම්ප්‍රයුක්‍ත ස්මෘතිය උපදියි ... උපේක්‍ෂාව උපදියි ... විදර්‍ශනා නිකාන්තිය උපදියි ... නිකාන්තිය මාර්‍ගඵල ධර්‍ම යැ’යි නිකාන්තිය ආවර්‍ජනා කෙරෙයි. ඒ නිකාන්තියෙන් උපදනා වික්‍ෂේපය ඖද්ධත්‍ය නම්. ඒ ඖද්ධත්‍යයෙන් විරෝධයට පමුණුවන ලද සිත් ඇත්තේ අනිත්‍ය හෙයින් වැටහීම් ඇති සැටියෙන් නො දනියි. දුඃඛ හෙයින් වැටහීම් ඇති සැටියෙන් නො දනියි. අනාත්ම හෙයින් වැටහීම් ඇති සැටියෙන් නො දනියි. එයින් කියනු ලැබෙයි. ‘ධම්මූද්ධච්ච විග්ගහිත මානසො’ යි. යම් කලෙක ඒ (විදර්‍ශනා වීථියට බැස සිටි) සිත ගෝචරාධ්‍යාත්ම සඞ්ඛ්‍යාත ආලම්බනයෙහි මැ පිහිටා නම් මොනොවට හිඳී නම් එකඟ වේ නම් මොනොවට සිටී නම් එබඳු සමයෙක් වේ. තස්ස මග්ගෝ සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: ... මෙසෙයින් මාර්‍ගය උපදියි. ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.

දුක‍්ඛතො මනසිකරොතො -පෙ- අනත‍්තතො මනසිකරොතො ඔභාසො උප‍්පජ‍්ජති -පෙ- ඤාණං උප‍්පජ‍්ජති -පෙ- පීති උප‍්පජ‍්ජති -පෙ- පස‍්සද‍්ධි උප‍්පජ‍්ජති -පෙ- සුඛං උප‍්පජ‍්ජති -පෙ- අධිමොක‍්ඛො උප‍්පජ‍්ජති -පෙ- පග‍්ගහො උප‍්පජ‍්ජති -පෙ- උපට‍්ඨානං උප‍්පජ‍්ජති -පෙ- උපෙක‍්ඛා උප‍්පජ‍්ජති -පෙ- නිකන‍්ති උප‍්පජ‍්ජති, ‘නිකන‍්ති ධම‍්මො’ති නිකන‍්තිං ආවජ‍්ජති. තතො වික‍්ඛෙපො උද‍්ධච‍්චං, තෙන උද‍්ධච‍්චෙන විග‍්ගහිතමානසො අනත‍්තතො උපට‍්ඨානං -පෙ- අනිච‍්චතො උපට‍්ඨානං -පෙ- දුක‍්ඛතො උපට‍්ඨානං යථාභූතං නප‍්පජානාති, තෙන වුච‍්චති: ‘ධම‍්මුද‍්ධච‍්චවිග‍්ගහිතමානසො’ -පෙ- එවං සඤ‍්ඤොජනා පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තීහොන‍්ති.

දුඃඛ හෙයින් මෙනෙහි කරනුවාහට ... අනාත්ම හෙයින් කරනුවාහට ඕභාසය උපදියි, ... ඥානය උපදියි ... ප්‍රීතිය උපදියි ... ප්‍රශ්‍රබ්ධිය උපදියි ... සුඛය උපදියි ... අධිමෝක්‍ෂය උපදියි ... වීර්‍ය්‍යය උපදියි ... විදර්‍ශනා සම්ප්‍රයුක්‍ත ස්මෘතිය උපදියි ... උපේක්‍ෂාව උපදියි ... නිකාන්තිය උපදී. නිකාන්තිය මාර්‍ග ඵල ධර්‍ම යැ’යි නිකාන්තිය ආවර්‍ජනා කෙරෙයි. ඒ නිකාන්තියෙන් උපදනා වික්‍ෂේපය ඖද්ධත්‍ය නම, ඒ ඖද්ධත්‍යයෙන් විරෝධයට පමුණුවන ලද සිත් ඇත්තේ අනාත්ම හෙයින් වැටහීම ... අනිත්‍ය හෙයින් වැටහීම ... දුඃඛ හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනී. එයින් කියනු ලැබෙයි: ‘ධම්මුද්ධච්චවිග්ගහිතමානසො’ යි. ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති. අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.

රූපං අනිච‍්චතො මනසිකරොතො -පෙ- රූපං දුක‍්ඛතො මනසිකරොතො -පෙ- රූපං අනත‍්තතො මනසිකරොතො -පෙ- වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං -පෙ- චක‍්ඛුං -පෙ- ජරාමරණං අනිච‍්චතො මනසිකරොතො -පෙ- ජරාමරණං දුක‍්ඛතො මනසිකරොතො -පෙ- ජරාමරණං අනත‍්තතො මනසිකරොතො ඔභාසො උප‍්පජ‍්ජති -පෙ- ඤාණං උප‍්පජ‍්ජති -පෙ- පීති උප‍්පජ‍්ජති -පෙ- පස‍්සද‍්ධි උප‍්පජ‍්ජති -පෙ- සුඛං උප‍්පජ‍්ජති -පෙ- අධිමොක‍්ඛො උප‍්පජ‍්ජති -පෙ- පග‍්ගහො උප‍්පජ‍්ජති -පෙ- උපට‍්ඨානං උප‍්පජ‍්ජති -පෙ- උපෙක‍්ඛා උප‍්පජ‍්ජති -පෙ- නිකන‍්ති උප‍්පජ‍්ජති, ‘නිකන‍්ති ධම‍්මො’ති නිකන‍්තිං ආවජ‍්ජති තතො වික‍්ඛෙපො උද‍්ධච‍්චං, තෙන උද‍්ධච‍්චෙන විග‍්ගහිතමානසො ජරාමරණං අනත‍්තතො උපට‍්ඨානං යථාභූතං නප‍්පජානාති, ජරාමරණං අනිච‍්චතො උප‍්පට‍්ඨානං යථාභූතං නප‍්පජානාති, ජරාමරණං දුක‍්ඛතො උපට‍්ඨානං යථාභූතං නප‍්පජානාති, තෙන වුච‍්චති: ‘ධම‍්මුද‍්ධච‍්චවිග‍්ගහිතමානසො, හොති සො සමයො, යං තං චිත‍්තං අජ‍්ඣත‍්තමෙව සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති සමාධියති.

රූපය අනිත්‍ය හෙයින් මෙනෙහි කරනුවාහට ... රූපය දුඃඛ හෙයින් මෙනෙහි කරනුවාහට ... රූපය අනාත්‍ම හෙයින් මෙනෙහි කරනුවාහට ... වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය චක්‍ෂුස ... ජරාමරණය අනිත්‍ය හෙයින් මෙනෙහි කරනුවාහට ... ජරාමරණය දුඃඛ හෙයින් මෙනෙහි කරනුවාහට ... ජරාමරණය අනාත්ම හෙයින් මෙනෙහි කරනුවාහට ඕභාසය උපදී ... විදර්‍ශනාඥානය උපදී ... ප්‍රීතිය උපදී ... ප්‍රශ්‍රබ්‍ධිය උපදී ... සුඛය උපදී ... අධිමෝක්‍ෂය උපදී ... වීර්‍ය්‍යය උපදී ... විදර්‍ශනා සම්ප්‍රයුක්‍ත ස්මෘතිය උපදී ... උපේක්‍ෂාව උපදී ... නිකාන්තිය උපදී. නිකාන්තිය මාර්‍ග ඵල ධර්‍ම යැ’ යි නිකාන්තිය ආවර්‍ජනා කෙරෙයි. ඒ නිකාන්තියෙන් උපදනා වික්‍ෂේපය ඖද්ධත්‍ය නම, ඒ ඖද්ධත්‍යයෙන් විරෝධයට පමුණුවන ලද සිත් ඇත්තේ ජරාමරණය අනාත්ම හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනී, ජරාමරණය අනිත්‍ය හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනී, ජරාමරණය දුඃඛ හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනී. එයින් කියනු ලැබෙයි: ‘ධම්මූද්ධච්චවිග්ගහිතමානසො’ යි. යම් කලෙක ඒ (විදර්‍ශනාවීථීයට බැස සිටී) සිත ගෝචරාධ්‍යාත්ම සඞ්ඛ්‍යාත ආලම්බනයෙහි මැ පිහිටා නම් මොනොවට හිඳී නම් එකඟ වේ නම් මොනොවට සිටී නම් එබඳු සමයෙක් වේ.

තස‍්ස මග‍්ගො සඤ‍්ජායතීති කථං මග‍්ගො සඤ‍්ජායති: -පෙ- එවං මග‍්ගො සඤ‍්ජායති -පෙ- එවං සඤ‍්ඤොජනා පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තීහොන‍්ති.

තස්ස මග්ගෝ සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: ... මෙසෙයින් මාර්‍ගය උපදී. ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.

එවං ධම‍්මුද‍්ධච‍්චවිග‍්ගහිතං මානසං හොති.

මෙසෙයින් ඕභාසාදි ධර්‍මයෙහි වික්‍ෂේපයෙන් විරෝධයට පමුණුවන ලද සිත වේ.

(1) “ඔභාසෙ චෙව ඤාණෙ ච පීතියා ච විකම‍්පති පස‍්සද‍්ධියා සුඛෙ චෙව යෙහි චිත‍්තං පවෙධති,

(1) විදර්‍ශනාවභාස නිමිත්තෙන් ද විදර්‍ශනාඥාන නිමිත්තෙන් ද විදර්‍ශනා ප්‍රීති නිමිත්තෙන් ද යෝගී තෙම විවිධ වැ කම්පා වෙයි, යම් ප්‍රශ්‍රබ්‍ධි ආදියෙකින් සිත සැලේ නම් ඒ විදර්‍ශනා ප්‍රශ්‍රබ්‍ධි නිමිත්තෙන් ද විදර්‍ශනා සුබ නිමිත්තෙන් ද යෝගී තෙම කම්පා වෙයි.

(2) අධිමොක‍්ඛෙ ච පග‍්ගාහෙ උපට‍්ඨානෙ ච කම‍්පති උපෙක‍්ඛාවජ‍්ජනාය චෙව උපෙක‍්ඛාය ච නිකන‍්තියා,

(2) අධිමෝක්‍ෂ නිමිත්තෙන් ද විර්‍ය්‍ය නිමිත්තෙන් ද විදර්‍ශනා සම්ප්‍රයුක්ත ස්මෘති නිමිත්තෙන් ද අවර්‍ජනෝපේක්‍ෂා නිමිත්තෙන් ද විදර්‍ශනොපෙක්‍ෂා නිමිත්තෙන් ද විදර්‍ශනානිකාන්ති නිමිත්තෙන් ද යෝගී තෙම කම්පා වෙයි.

(3) ඉමානි දස ඨානානි පඤ‍්ඤා යස‍්ස පරිචිතා ධම‍්මුද‍්ධච‍්චකුසලො හොති න ච සම‍්මොහං ගච‍්ඡති,

(3) මේ අවභාසාදි දශ උපක්ලේශ කාරණයෝ යමක්හු විසින් ප්‍රඥායෙන් පුරුදු කරන ලද්දාහු ද හෙතෙම අවභාසාදි ධර්‍මයෙහි ඖද්ධත්‍යය සඞ්ඛ්‍යාත වික්‍ෂේපයෙහි කුශල වූයෙ වෙයි, නො ද සම්මෝහයට යෙයි.

(4) වික‍්ඛිපති චෙව කිලිස‍්සති ච චවති චිත‍්තභාවනා වික‍්ඛිපති න කිලිස‍්සති භාවනා පරිහායති,

(4) යෝගාවචර තෙම ඔභාසාදියෙහි වික‍්ෂෙප වේ නම් තෘෂ්ණාමානදෘෂ්ටීන් කිලිටි ද වේ නම් එකල්හි චිත්ත භාවනායෙන් ච්‍යුත වෙයි, වික්‍ෂේප වේ නම් කිලිටි නො වේ නම් භාවනායෙන් පිරිහෙයි.

(5) වික‍්ඛිපති න කිලිස‍්සති භාවනා න පරිහායති න ච වික‍්ඛිපතෙ චිත‍්තං න කිලිස‍්සති න චවති චිත‍්තභාවනා,

(5) වික්‍ෂේප වේ නම් කිලිටි නො වේ නම් තියුණු නුවණැතියේ භාවනායෙන් නො පිරිහෙයි. නො ද වික්‍ෂේප වේ නම් සිත කිලිටි නො වේ නම් චිත්තභාවනායෙන් ච්‍යුත නො වෙයි.

(6) ඉමෙහි චතූහි ඨානෙහි චිත‍්තස‍්ස සඞ‍්ඛෙපවික‍්ඛෙපවිග‍්ගහිතං දසට‍්ඨානෙ (මානසං කුසලො) සම‍්පජානාතී”ති

(6) මේ සතර කරුණින් අවභාසාදි දශ විධ උපක්ලේශකාරණයෙහි චිත්තයාගේ ලීනෝද්ධත භාවයෙන් විරෝධයට පමුණුවන ලද සිත කුශල වූ යෝගී තෙම මොනොවට දැනගනී’ යයි.

යුගනද‍්ධකථා සමත‍්තා

යුගනද්ධකථා නිමි.