සච්චකථා
2.
2.
සච්චකථා
සත්‍ය කථා
පරිපුණ්ණනිදානි, “චත්තාරිමානි භික්ඛවෙ තථානි අවිතථානි අනඤ්ඤාථානි. කතමානි චත්තාරි: ‘ඉදං දුක්ඛ’න්ති භික්ඛවෙ තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං, “අයං දුක්ඛසමුදයො’ති තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං ‘අයං දුක්ඛනිරොධො’ති තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං, ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි තථානි අවිතථානි අනඤ්ඤථානි.”
පරිපූර්ණතිදන යි. “මහණෙනි, මොහු සතර දෙන (යථාස්වාභාව හෙයින්) තථ නම් වෙති. (විපරීතාභාවයෙන්) අවිතථ නම් වෙති, (අන්යස්වාභාව රහිත බැවින්) අනඤ්ඤථ නම් වෙත්. කවර සතර දෙනෙක යත්: මහණෙනි, ‘මේ දුක යැ’ යන මෙය තථ යැ අවිතථ යැ අනඤ්ඤථ යැ. ‘මේ දුක්ඛසමුදය යැ’ යන මෙය තථ යැ අවිතථ යැ අනඤ්ඤථ යැ. ‘මේ දුක්ඛනිරෝධ යැ’ යන මෙය තථ යැ. අවිතථ යැ අනඤ්ඤථ යැ. ‘මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා යැ’ යන මෙය තථ යැ අවිතථ යැ අනඤ්ඤථ යි. මහණෙනි, මොහු සතර දෙන තථ අවිතථ අනඤ්ඤථ නම් වෙත්.
කථං දුක්ඛං තථට්ඨෙන සච්චං: චත්තාරො දුක්ඛස්ස දුක්ඛට්ඨා තථා අවිතථා අනඤ්ඤථා: දුක්ඛස්ස පීළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තාපට්ඨො විපරිණාමට්ඨො, ඉමෙ චත්තාරො දුක්ඛස්ස දුක්ඛට්ඨා තථා අවිතථා අනඤ්ඤථා, එවං දුක්ඛං තථට්ඨෙන සච්චං.
කිසෙයින් දුඃඛය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි යත්: දුඃඛයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ දුඃඛාර්ත්ථයෝ සතර දෙනෙක: දුඃඛයාගේ පීඩනාර්ත්ථ යැ ආයූහනාර්ත්ථ යැ සන්තාපාර්ත්ථ යැ විපරිණාමාර්ත්ථ යි. මොහු සතර දෙන දුඃඛයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ දුඃඛාර්ත්ථයෝ යි. මෙසෙයින් දුඃඛය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි.
කථං සමුදයො තථට්ඨෙන සච්චං. චත්තාරො සමුදයස්ස සමුදයට්ඨා තථා අවිතථා අනඤ්ඤථා: සමුදයස්ස ආයූහනට්ඨො නිදානට්ඨො සංයොගට්ඨො පළිබොධට්ඨො, ඉමෙ චත්තාරො සමුදයස්ස සමුදයට්ඨා තථා අවිතථා අනඤ්ඤථා, එවං සමුදයො තථට්ඨෙන සච්චං.
කිසෙයින් සමුදය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි යත්: සමුදයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ සමුදයාර්ත්ථයෝ සතර දෙනෙක: සමුදයාගේ ආයූහනාර්ත්ථ යැ නිදානාර්ත්ථ යැ සංයෝගාර්ත්ථ යැ පලිබෝධාර්ත්ථ යි. මොහු සතර දෙන සමුදයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ සමුදයාර්ත්ථයෝ යි. මෙසෙයින් සමුදය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි.
කථං නිරොධො තථට්ඨෙන සච්චං: චත්තාරො නිරොධස්ස නිරොධට්ඨා තථා අවිතථා අනඤ්ඤථා: නිරොධස්ස නිස්සරණට්ඨො විවෙකට්ඨො අසඞ්ඛතට්ඨො අමතට්ඨො, ඉමෙ චත්තාරො නිරොස්ස නිරොධට්ඨා තථා අවිතථා අනඤ්ඤථා, එවං නිරොධො තථට්ඨෙන සච්චං.
කිසෙයින් නිරෝධය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි යත්: නිරෝධයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ නිරෝධාර්ත්ථයෝ සතර දෙනෙක: නිරෝධයාගේ නිස්සරණාර්ත්ථ යැ විවේකර්ත්ථ යැ අසඞ්ඛතාර්ත්ථ යැ අමෘතාර්ත්ථ යි. මොහු සතර දෙන නිරෝධයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ නිරෝධාර්ත්ථයෝ යි. මෙසෙයින් නිරෝධය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි.
කථං මග්ගො තථට්ඨෙන සච්චං චත්තාරො මග්ගස්ස මග්ගට්ඨා තථා අවිතථා අනඤ්ඤථා: මග්ගස්ස නිය්යානට්ඨො හෙතුට්ඨො දස්සනට්ඨො ආධිපත්යෙයට්ඨො, ඉමෙ චත්තාරො මග්ගස්ස මග්ගට්ඨා තථා අවිතථා අනඤ්ඤථා, එවං මග්ගො තථට්ඨෙන සච්චං.
කිසෙයින් මාර්ගය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි යත්: මාර්ගයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ මාර්ගාර්ත්ථයෝ සතර දෙනෙක: මාර්ගයාගේ නිර්ය්යාණාර්ත්ථ යැ හෙත්ථර්ත්ථ යැ දර්ශනාර්ත්ථ යැ අධිපතිභාවාර්ත්ථ යි. මොහු සතර දෙන මාර්ගයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ මාර්ගාර්ත්ථයෝ යි. මෙසෙයින් මාර්ගය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
කතීහාකාරෙහි චත්තාරි සච්චානි එකපටිවෙධානි චතූහාකාරෙහි චත්තාරි සච්චානි එකපටිවෙධානි: තථට්ඨෙන අනත්තට්ඨෙන සච්චට්ඨෙන පටිවෙධට්ඨෙන. ඉමෙහි චතූහාකාරෙහි චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි, යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතී’ති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
කිහි අයුරෙකින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙයි යත්: සතර අයුරෙකින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: යථාස්වභාවාර්‍ත්‍ථයෙන අනාත්මාර්ත්ථයෙන සත්‍යාර්‍ත්‍ථයෙන ප්‍රතිවේධ කළයුතු අර්ත්ථයෙනි. මේ සතර අයුරින් සතර සත්‍යයෝ එකෙකි අර්ත්ථයෙන් සඞ්ගෘහීත වෙති, යම් හෙයකින් එකෙකි අර්ත්ථයෙන් සඞ්ග්‍රහ කරනලද වේ ද එහෙයින් ඒකත්ව වෙයි. ඒකත්වය එක් මාර්ගඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
කතං තථට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි චතූහාකාරෙහි තථට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: දුක්ඛස්ස දුක්ඛට්ඨො තථට්ඨො, සමුදයස්ස සමුදයට්ඨො තථට්ඨො, නිරොධස්ස නිරොධට්ඨො තථට්ඨො, මග්ගස්ස මග්ගට්ඨො තථට්ඨො, ඉමෙහි චතූහාකාරෙහි තථට්ඨෙන චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි, යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතී’ති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
කිසෙයින් තථාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: සතර අයුරෙකින් තථාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛස්වභාවය තථාර්‍ත්‍ථ යැ, සමුදයාගේ සමුදයස්වභාවය තථාර්‍ත්‍ථ යැ, නිරෝධයාගේ නිරෝධස්වභාවය තථාර්‍ත්‍ථ යැ, මාර්ගයාගේ මාර්‍ගස්වභාවය තථාර්‍ත්‍ථ යි. මේ සතර අයුරින් තථාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ එකෙකි අර්ත්ථයෙන් සඞ්ග්‍රහ කරනලදහ. යම් හෙයෙකින් එකෙකි අර්ත්ථයෙන් සඞ්ග්‍රහ කරනලද ද, එහෙයින් ඒකත්ව වෙයි, ඒකත්වය එක් මාර්ගඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
කතං අනත්තට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: චතූහාකාරෙහි අනත්තට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: දුක්ඛස්ස දුක්ඛට්ඨො අනත්තට්ඨො, සමුදයස්ස සමුදයට්ඨො අනත්තට්ඨො, නිරොධස්ස නිරොධට්ඨො අනත්තට්ඨො, මග්ගස්ස මග්ගට්ඨො අනත්තට්ඨො, ඉමෙහි චතූහාකාරෙහි අනත්තට්ඨෙන චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි, යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතී’ති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
කිසෙයින් අනාත්මාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: සතර අයුරෙකින් අනාත්මාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛස්වභාවය අනාත්මාර්‍ත්‍ථ යැ, සමුදයාගේ සමුදයස්වභාවය අනාත්මාර්‍ත්‍ථ යැ, නිරෝධයාගේ නිරෝධස්වභාවය අනාත්මාර්‍ත්‍ථ යැ, මාර්ගයාගේ මාර්‍ගස්වභාවය අනාත්මාර්‍ත්‍ථ යි. මේ සතර අයුරින් අනාත්මාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ එකෙකි අර්ත්ථයෙන් සඞ්ග්‍රහ කරනලදහ, යම් හෙයෙකින් එකෙකි අර්ත්ථයෙන් සඞ්ග්‍රහ කරනලද ද, එහෙයින් ඒකත්ව වෙයි, ඒකත්වය එක් ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
කතං සච්චට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: චතූහාකාරෙහි සච්චට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: දුක්ඛස්ස දුක්ඛට්ඨො සච්චට්ඨො, සමුදයස්ස සමුදයට්ඨො සච්චට්ඨො, නිරොධස්ස නිරොධට්ඨො සච්චට්ඨො, මග්ගස්ස මග්ගට්ඨො සච්චට්ඨො, ඉමෙහි චතූහාකාරෙහි සච්චට්ඨෙන චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි, යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතීති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
කිසෙයින් සත්‍යාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: සතර අයුරෙකින් සත්‍යාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛස්වභාවය සත්‍යාර්‍ත්‍ථ යැ, සමුදයාගේ සමුදයස්වභාවය සත්‍යාර්‍ත්‍ථ යැ, නිරෝධයාගේ නිරෝධස්වභාවය සත්‍යාර්‍ත්‍ථ යැ, මාර්ගයාගේ මාර්‍ගස්වභාවය සත්‍යාර්‍ත්‍ථ යැ. මේ සතර අයුරින් සත්‍යාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ එකෙකි අර්ත්ථයෙන් සඞ්ග්‍රහ කරනලදහ. යම් හෙයකින් එකෙකි අර්ත්ථයෙන් සඞ්ග්‍රහ කරන ලද ද, එහෙයින් ඒකත්ව වෙයි. ඒකත්වය එක් ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
කතං පටිවෙධට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: චතූහාකාරෙහි පටිවෙධට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: දුක්ඛස්ස දුක්ඛට්ඨො පටිවෙධට්ඨො, සමුදයස්ස සමුදයට්ඨො පටිවෙධට්ඨො, නිරොධස්ස නිරොධට්ඨො පටිවෙධට්ඨො, මග්ගස්ස මග්ගට්ඨො පටිවෙධට්ඨො, ඉමෙහි චතූහාකාරෙහි පටිවෙධට්ඨෙන චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි, යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතී’ති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
කිසෙයින් ප්‍රතිවේධ කළයුතු අර්ත්ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: සතර අයුරෙකින් ප්‍රතිවේධ කළයුතු අර්ත්ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛස්වභාවය ප්‍රතිවේධාර්‍ත්‍ථ යැ. සමුදයාගේ සමුදයස්වභාවය ප්‍රතිවේධාර්‍ත්‍ථ යැ නිරෝධයාගේ නිරෝධස්වභාවය ප්‍රතිවේධාර්‍ත්‍ථ යැ, මාර්ගයාගේ මාර්‍ගස්වභාවය ප්‍රතිවේධාර්‍ත්‍ථ යි. මේ සතර අයුරින් ප්‍රතිවේධ කළයුතු අර්ත්ථයෙන් සතර සත්‍යයෝ එකෙකි අර්ත්ථයෙන් සඞ්ග්‍රහ කරනලදහ. යම් හෙයකින් එකෙකි අර්ත්ථයෙන් සඞ්ග්‍රහ කරනලද ද එහෙයින් ඒකත්ව වෙයි. ඒකත්වය එක් ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙත්.
කතං චත්තාරි සච්චානි එකපටිවෙධානි: යං අනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තං අනිච්චං යං අනිච්චඤ්ච දුක්ඛඤ්ච තං අනත්තා. යං අනිච්චඤ්ච දුක්ඛඤ්ච අනත්තා ච තං තථං, යං අනිච්චඤ්ච දුක්ඛඤ්ච අනත්තා ච තථඤ්ච, තං සච්චං, යං අනිච්චඤ්ච දුක්ඛඤ්ච අනත්තා ච තථඤ්ච සච්චඤ්ච, තං එකසඞ්ගහිතං යං එකසඞ්ගහිතං, තං එකත්තං. එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතී’ති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
කිසෙයින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: යමෙක් අනිත්‍ය වේ ද හේ දුඃඛ යැ, යමෙක් දුඃඛ වේ ද හේ අනිත්‍ය යැ, යමෙක් අනිත්‍යත් දුඃඛත් වේ ද හේ අනාත්ම යැ, යමෙක් අනිත්‍යත් දුඃඛත් අනාත්මත් වේ ද හේ තථ යැ, යමෙක් අනිත්‍යත් දුඃඛත් අනාත්මත් තථත් වේ ද හේ සත්‍ය යැ යමෙක් අනිත්‍යත් දුඃඛත් අනාත්මත් තථත් සත්‍යත් වේ ද හේ ඒකසඞ්ගෘහීත යැ, යම් හෙයකින් ඒකසඞ්ගෘහීත වේ ද එහෙයින් ඒකත්ව වෙයි. ඒකත්වය එක් ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ එක ප්‍රතිවේධ වෙත්.
කතීහාකාරෙහි චත්තාරි සච්චානි එකපටිවෙධානි: නවහාකාරෙහි චත්තාරි සච්චානි එකපටිවෙධානි: තථට්ඨෙන අනත්තට්ඨෙන සච්චට්ඨෙන පටිවෙධට්ඨෙන අභිඤ්ඤට්ඨෙන පරිඤ්ඤට්ඨෙන පහානට්ඨෙන භාවනට්ඨෙන සච්ඡිකිරියට්ඨෙන. ඉමෙහි නවහාකාරෙහි චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි. යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතී’ති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
කිහි අයුරෙකින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: නව අයුරෙකින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: යථාස්වභාවාර්‍ත්‍ථයෙන අනාත්මාර්ත්ථයෙන සත්‍යාර්‍ත්‍ථයෙන ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන අභිඥාර්ත්ථයෙන පරිඥාර්ත්ථයෙන ප්රහාණාර්ත්ථයෙන භාවනාර්ත්ථයෙන සාක්ෂාත්ක්රියාර්ත්ථයෙනි. මේ නව අයුරින් සතර සත්‍යයෝ ඒකසඞ්ගෘහීත වෙති. යම් හෙයකින් ඒකසඞ්ගෘහීත ද එහෙයින් ඒකත්ව වෙයි. ඒකත්වය එක් ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
කතං තථට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: නවහාකාරෙහි තථට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: දුක්ඛස්ස දුක්ඛට්ඨො තථාට්ඨො, සමුදයස්ස සමුදයට්ඨො තථට්ඨො, නිරොධස්ස නිරොධට්ඨො තථට්ඨො, මග්ගස්ස මග්ගට්ඨො තථට්ඨො, අභිඤ්ඤාය අභිඤ්ඤට්ඨො තථට්ඨො, පරිඤ්ඤාය පරිඤ්ඤට්ඨො තථට්ඨො, පහානස්ස පහානට්ඨො තථට්ඨො, භාවනාය භාවනට්ඨො තථට්ඨො, සච්ඡිකිරියාය සච්ඡිකිරියට්ඨො තථට්ඨො. ඉමෙහි නවහාකාරෙහි තථට්ඨෙන චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි. යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතී’ති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
කිසෙයින් යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: නව අයුරෙකින් යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛස්වාභාවය තථාර්‍ත්‍ථ යැ, සමුදයාගේ සමුදයස්වභාවය තථාර්‍ත්‍ථ යැ, නිරෝධයාගේ නිරෝධස්වභාවය තථාර්‍ත්‍ථ යැ, මාර්ගයාගේ මාර්‍ගස්වභාවය තථාර්‍ත්‍ථ යැ, අභිඥාවගේ අභිඥාර්‍ත්‍ථය තථාර්‍ත්‍ථ යැ, පරිඥාවගේ පරිඥාර්‍ත්‍ථය තථාර්‍ත්‍ථ යැ, ප්‍රහාණයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය තථාර්‍ත්‍ථ යැ, භාවනාවගේ භාවනාර්‍ත්‍ථය තථාර්‍ත්‍ථ යැ, සාක්‍ෂාත්ක්‍රියාවගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථය තථාර්‍ත්‍ථ යි. මේ නව අයුරින් යථාස්වාභාවාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකසඞ්ගෘහීත වෙති. යම් හෙයෙකින් ඒකසඞ්ගෘහීත ද එහෙයින් ඒකත්ව වෙයි, ඒකත්වය එක් ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
කතං අනත්තට්ඨෙන -පෙ- සච්චට්ඨෙන -පෙ- පටිවෙධට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: -පෙ- නවහාකාරෙහි පටිවෙධට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි. දුක්ඛස්ස දුක්ඛට්ඨො පටිවෙධට්ඨො, සමුදයස්ස සමුදයට්ඨො පටිවෙධට්ඨො, නිරොධස්ස නිරොධට්ඨො පටිවෙධට්ඨො, මග්ගස්ස මග්ගට්ඨො පටිවෙධට්ඨො, අභිඤ්ඤාය අභිඤ්ඤට්ඨො පටිවෙධට්ඨො, පරිඤ්ඤාය පරිඤ්ඤට්ඨො පටිවෙධට්ඨො, සච්ඡිකිරියාය සච්ඡිකිරියට්ඨො පටිවෙධට්ඨො. ඉමෙහි නවහාකාරෙහි පටිවෙධට්ඨෙන චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි. යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතී’ති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
කිසෙයින් අනාත්මාර්‍ත්‍ථයෙන් ... සත්‍යාර්‍ත්‍ථයෙන් ... ප්‍රතිවේධ කළයුතු අර්ත්ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්; නව අයුරෙකින් ප්‍රතිවේධ කළයුතු අර්ත්ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්ත්ථ යැ, සමුදයාගේ සමුදයාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්ත්ථ යැ, නිරෝධයාගේ නිරෝධාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්ත්ථ යැ, මාර්ගයාගේ මාර්‍ගාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්ත්ථ යැ, අභිඥාවගේ අභිඥාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්ත්ථ යැ, පරිඥාවගේ පරිඥාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්ත්ථ යැ, ප්‍රහාණයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්ත්ථ යැ, භාවනාවගේ භාවනාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්ත්ථ යැ, සාක්‍ෂාත්ක්‍රියාවගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්ත්ථ යි. මේ නව අයුරින් ප්‍රතිවේධ කළයුතු අර්ත්ථයෙන් සතර සත්‍යයෝ ඒකසඞ්ගෘහීත වෙති, යම් හෙයකින් ඒකසඞ්ගෘහීත වේ ද එහෙයින් ඒකත්ව වෙයි. ඒකත්වය එක්ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙත්.
කතීහාකාරෙහි චත්තාරි සච්චානි එක පටිවෙධානි: ද්වාදසහි ආකාරෙහි චත්තාරි සච්චානි එකපටිවෙධානි; තථට්ඨෙන අනත්තට්ඨෙන සච්චට්ඨෙන පටිවෙධට්ඨෙන අභිජානනට්ඨෙන පරිජානට්ඨෙන ධම්මට්ඨෙන ධාතුට්ඨෙන ඤාතට්ඨෙන සච්ඡිකිරියට්ඨෙන ඵුසනට්ඨෙන අභිසමයට්ඨෙන. ඉමෙහි ද්වාදසහි ආකාරෙහි චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි, යං එකසඞ්ගහිතං තං එකත්තං, එකෙන ඤාණෙන පටිවිජ්ඣතීති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
කිහි අයුරෙකින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: දොළොස් අයුරෙකින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: යථාස්වභාවාර්‍ත්‍ථයෙන අනාත්මාර්ත්ථයෙන සත්‍යාර්‍ත්‍ථයෙන ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථයෙන අභිජානනාර්ත්ථයෙන පරිජානනාර්ත්ථයෙන ධර්මාර්ත්ථයෙන ධාත්වර්ත්ථයෙන ඥාතාර්‍ත්‍ථයෙන සාක්ෂාත්ක්රියාර්ත්ථයෙන ස්පර්ශාර්ත්ථයෙන අභිසමයාර්ත්ථයෙනි. මේ දොළොස් අයුරින් සතර සත්‍යයෝ ඒකසඞ්ගෘහීත වෙති. යම් හෙයකින් ඒකසඞ්ගෘහීත වේ ද එහෙයින් ඒකත්ව වෙයි, ඒකත්වය එක් මාර්ගඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙත්.
කථං තථට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: සොළසහි ආකාරෙහි තථට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: දුක්ඛස්ස පීළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තාපට්ඨො විපරිනාමට්ඨො තථට්ඨො, සමුදයස්ස ආයූහනට්ඨො නිදානට්ඨො සංයොගට්ඨො පළිබොධට්ඨො තථට්ඨො, නිරොධස්ස නිස්සරණට්ඨො විවෙකට්ඨො අසඞ්ඛතට්ඨො අමතට්ඨො තථට්ඨො, මග්ගස්ස නිය්යානට්ඨො හෙතුට්ඨො දස්සනට්ඨො ආධිපතෙය්යට්ඨො තථට්ඨො, ඉමෙහි සොළසහි ආකාරෙහි තථට්ඨෙන චත්තාරි සච්චානි එකඞ්ගහිතානි, යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතීති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
කිසෙයින් යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: සොළොස් අයුරෙකින් යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ පීඩනාර්‍ත්‍ථය සඞ්ඛතාර්‍ත්‍ථය සන්තාපාර්‍ත්‍ථය විපරිණාමාර්ත්ථය යථාස්වභාවාර්‍ත්‍ථ වෙයි, සමුදයාගේ ආයූහනාර්‍ත්‍ථය නිදානාර්‍ත්‍ථය සංයෝගාර්ත්ථය පලිබෝධාර්ත්ථය යථාස්වභාවාර්‍ත්‍ථ වෙයි, නිරෝධයාගේ නිස්සරණාර්‍ත්‍ථය විවේකර්ත්ථය අසඞ්ඛතාර්‍ත්‍ථය අමෘතාර්‍ත්‍ථය යථාස්වභාවාර්‍ත්‍ථ වෙයි, මාර්ගයාගේ නිර්‍ය්‍යාණාර්‍ත්‍ථය හෙත්‍වර්‍ත්‍ථය දර්‍ශනාර්‍ත්‍ථය අධිපතිභාවාර්‍ත්‍ථය යථාස්වභාවාර්‍ත්‍ථ වෙයි. මේ සොළොස් අයුරින් යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකසඞ්ගෘහීත වෙති, යම් හෙයකින් ඒකසඞ්ගෘහීත වේ ද එහෙයින් ඒකත්ව වෙයි. ඒකත්වය එක්මාර්ගඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
කථං අනත්තට්ඨෙන -පෙ- සච්චට්ඨෙන -පෙ- පටිවෙධට්ඨෙන -පෙ- අභිජානනට්ඨෙන -පෙ- පරිජානනට්ඨෙන -පෙ- ධම්මට්ඨෙන -පෙ- ධාතුට්ඨෙන -පෙ- ඤාතට්ඨෙන -පෙ- සච්ඡිකිරියට්ඨෙන -පෙ- ඵුසනට්ඨෙන -පෙ- අභිසමයට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: සොළසහි ආකාරෙහි අභිසමයට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: දුක්ඛස්ස පීළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තාපට්ඨො විපරිනාමට්ඨො අභිසමයට්ඨො සමුදයස්ස ආයූහනට්ඨො නිදානට්ඨො සංයොගට්ඨො පළිබොධට්ඨො අභිසමයට්ඨො, නිරොධස්ස නිස්සරණට්ඨො විවෙකට්ඨො අසඞ්ඛතට්ඨො අමතට්ඨො අභිසමයට්ඨො, මග්ගස්ස නිය්යානට්ඨො හෙතුට්ඨො දස්සනට්ඨො ආධිපතෙය්යට්ඨො අභිසමයට්ඨො. ඉමෙහි සොළසහි ආකාරෙහි අභිසමයට්ඨෙන චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි. යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතීති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
කිසෙයින් අනාත්මාර්‍ත්‍ථයෙන් … සත්‍යාර්‍ත්‍ථයෙන් ... ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් … අභිජානනාර්ත්ථයෙන් ... පරිජානනාර්ත්ථයෙන් … ධර්‍මාර්‍ත්‍ථයෙන් … ධාත්වර්ත්ථයෙන් … ඥාතාර්‍ත්‍ථයෙන් … සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙන් … ස්පර්ශාර්ත්ථයෙන් ... අභිසමයාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙත් ද යත්: සොළොස් අයුරෙකින් අභිසමයාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ පීඩනාර්‍ත්‍ථය සඞ්ඛතාර්‍ත්‍ථය සන්තාපාර්‍ත්‍ථය විපරීණාමාර්ත්ථය අභිසමයාර්‍ත්‍ථ (ප්රත්යවේක්ෂණඥානයෙන් අවබෝධ කටයුතු) අර්ත්ථය වෙයි. සමුදයාගේ ආයූහනාර්‍ත්‍ථය නිදානාර්‍ත්‍ථය සංයෝගාර්ත්ථය පලිබෝධාර්ත්ථය අභිසමයාර්‍ත්‍ථ වෙයි, නිරෝධයාගේ නිස්සරණාර්‍ත්‍ථය විවේකර්ත්ථය අසඞ්ඛතාර්‍ත්‍ථය අමෘතාර්‍ත්‍ථය අභිසමයාර්‍ත්‍ථ වෙයි, මාර්ගයාගේ නිර්‍ය්‍යාණාර්‍ත්‍ථය හෙත්‍වර්‍ත්‍ථය දර්‍ශනාර්‍ත්‍ථය අධිපතිභාවාර්‍ත්‍ථය අභිසමයාර්‍ත්‍ථ වෙයි. මේ සොළොස් අයුරින් අභිසමයාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකසඞ්ගෘහීත වෙති. යම් හෙයකින් ඒකසඞ්ගෘහීත වේ ද එහෙයින් ඒකත්ව වෙයි, ඒකත්වය එක් මාර්ගඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙත්.
සච්චානං කති ලක්ඛණානි: සච්චානං ද්වෙ ලක්ඛණානි: සඞ්ඛත ලක්ඛණඤ්ච අසඞ්ඛතලක්ඛණඤ්ච. සච්චානං ඉමානි ද්වෙ ලක්ඛණානි.
සත්‍යයන්ගේ ලක්ෂණයෝ කෙතෙකැ යත්: සත්‍යයන්ගේ ලක්ෂණ දෙකෙකි: සඞ්ඛතලක්ෂණ යැ අසඞ්ඛතලක්ෂණ යැ යි. මොහු සත්‍යයන්ගේ දෙ ලක්ෂණයෝ යි.
සච්චානං කති ලක්ඛානි: සච්චානං ඡ ලක්ඛණානි: සඞ්ඛතානං සච්චානං උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතානං අඤ්ඤථත්තං පඤ්ඤායති. අසඞ්ඛතස්ස සච්චස්ස න උප්පාදො පඤ්ඤායති, න වයො පඤ්ඤායති, නන ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. සච්චානං ඉමානි ඡ ලක්ඛණානි.
සත්‍යයන්ගේ ලක්ෂණයෝ කෙතෙකැ යත්: සත්‍යයන්ගේ ලක්ෂණයෝ සදෙනෙකි: සඞ්ඛත සත්‍යයන්ගේ උත්පාදය පැනෙයි, විනාශය පැනෙයි, ස්ථිතිප්රාප්තයන්ගේ අන්‍යථාභාව සඞ්ඛ්‍යාත ජරාව පැනෙයි. අසඞ්ඛතසත්යයාගේ උත්පාදය නො පැනෙයි, විනාශය නො පැනෙයි, නිත්යත්වයෙන් සිටියහුගේ අන්‍යථාභාවය නො පැනේ. මොහු සත්‍යයන්ගේ ස ලක්ෂණයෝ යි.
සච්චානං කති ලක්ඛානි: සච්චානං ද්වාදස ලක්ඛණානි: දුක්ඛසච්චස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතානං අඤ්ඤථත්තං පඤ්ඤායති. සමුදයසච්චස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. මග්ගසච්චස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤාති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. නිරොධසච්චස්ස න උප්පාදො පඤ්ඤායති, න වයො පඤ්ඤායති, න ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. සච්චානං ඉමානි ද්වාදස ලක්ඛණානි.
සත්‍යයන්ගේ ලක්ෂණයෝ කෙතෙකැ යත්: සත්‍යයන්ගේ ලක්ෂණ දොළොසෙකි: දුඃඛසත්‍යයාගේ උත්පාදය පැනෙයි, විනාශය පැනෙයි, සිටියහුගේ අන්‍යථාභාවය පැනෙයි, සමුදයසත්‍යයාගේ උත්පාදය පැනෙයි, විනාශය පැනෙයි, සිටියහුගේ අන්‍යථාභාවය පැනෙයි, මාර්ගසත්යයාගේ උත්පාදය පැනෙයි, විනාශය පැනෙයි, සිටියහුගේ අන්‍යථාභාවය පැනෙයි, නිරෝධසත්‍යයාගේ උත්පාදය නො පැනෙයි, විනාශය නො පැනෙයි. නිත්යත්වයෙන් සිටියහුගේ අන්‍යථාභාවය නො පැනේ. මොහු සත්‍යයන්ගේ දොළොස් ලක්ෂණයෝ යි.
චතුන්නං සච්චානං කති කුසලා, කති අකුසලා, කති අබ්යාකතා: සමුදයසච්චං අකුසලං, මග්ගසච්චං කුසලං, නිරොධසච්චං අබ්යාකතං, දුක්ඛසච්චං සියා කුසලං, සියා අකුසලං, සියා අබ්යාකතං.
සතර සත්‍යයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද යත්: සමුදයසත්‍යය අකුශල යැ, මාර්‍ගසත්‍යය කුශල යැ, නිරෝධසත්‍යය අව්‍යාකෘත යැ, දුඃඛසත්‍යය කුශල ද වන්නේ යැ, අකුශල ද වන්නේ යැ, අව්‍යාකෘත ද වන්නේ යි.
සියා තීණි සච්චානි එකසච්චෙන සඞ්ගහිතානි, එකසච්චං තීහි සච්චෙහි සඞ්ගහිතං වත්ථුවසෙන පරියායෙන.
වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් සත්‍යයෝ තිදෙනෙක් එක් සත්‍යයෙකින් ගණනාලදහු ද වන්නාහ, එක් සත්‍යයෙක් තුන් සත්‍යයෙකින් ගණනාලද ද වන්නේ යි.
සියාති කථඤ්ච සියා: යං දුක්ඛසච්චං අකුසලං සමුදයසච්චං අකුසලං, එවං අකුසලට්ඨෙන ද්වෙ සච්චානි එකසච්චෙන සඞ්ගහිතානි, එකසච්චං ද්වීහි සච්චෙහි සඞ්ගහිතං. යං දුක්ඛසච්චං කුසලං, මග්ගසච්චං කුසලං, එවං කුසලට්ඨෙන ද්වෙ සච්චානි එකසච්චෙන සඞ්ගහිතානි. එකසච්චං ද්වීහි සච්චෙහි සඞ්ගහිතං. යං දුක්ඛසච්චං අබ්යාකතං, නිරොධසච්චං අබ්යාකතං, එවං අබ්යාකතට්ඨෙන ද්වෙ සච්චානි එකසච්චෙන සඞ්ගහිතානි, එකසච්චං ද්වීහි සච්චෙහි සඞ්ගහිතං එවං සියා තීණි සච්චානි එකසච්චෙන සඞ්ගහිතානි, එකසච්චං තීහි සච්චෙහි සඞ්ගහිතං වත්ථුවසෙන පරියායෙනාති.
සියා යනු; කිසෙයින් වන්නේ යැ යත්. යම් අකුශල වූ දුඃඛසත්‍යයෙක් වේ ද අකුශල වූ සමුදයසත්යයෙක් වේ ද, මෙසෙයින් අකුශලාර්ත්ථයෙන් සත්‍යයෝ දෙදෙනෙක් එක් සත්‍යයෙකින් ගණනාලදහ, එක් සත්‍යයෙක් සත්යදෙකෙකින් ගණනාලද යැ. යම් කුශල වූ දුඃඛසත්‍යයෙක් වේ ද කුශල වූ මාර්ගසත්යයෙක් වේ ද, මෙසෙයින් කුශලාර්ත්ථයෙන් සත්‍යයෝ දෙදෙනෙක් එක් සත්‍යයෙකින් ගණනාලදහ. එක් සත්‍යයෙක් සත්‍ය දෙකෙකින් ගණනාලද යැ. යම් අව්‍යාකෘත වූ දුඃඛසත්‍යයෙක් වේ ද අව්‍යාකෘත වූ නිරෝධසත්යයෙක් වේ ද, මෙසෙයින් අව්යාකෘතාර්ත්ථයෙන් සත්‍යයෝ දෙදෙනෙක් එක් සත්‍යයෙකින් ගණනාලදහ. එක් සත්‍යයෙක් සත්‍ය දෙකෙකින් ගණනා ලද යැ. මෙසෙයින් වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් සත්‍යයෝ තිදෙනෙක් එක් සත්‍යයෙකින් ගණනා ලදහ. එක් සත්‍යයෙක් තුන් සත්‍යයෙකින් ගණනාලදැ යි.
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
“පුබ්බෙව මෙ භික්ඛවෙ සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි: කො නු ඛො රූපස්ස අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං, කො වෙදනාය අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං. කො සඤ්ඤාය අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං. කො සඞ්ඛාරානං අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං. කො විඤ්ඤාණස්ස අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණන්ති. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: ‘යං ඛො රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං රූපස්ස අස්සාදො. යං රූපං අනිච්චං දුක්ඛං. විපරිනාමධම්මං, අයං රූපස්ස ආදීනවො. යො රූපස්මිං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං රූපස්ස නිස්සරණං. යං වෙදනං පටිච්ච -පෙ- යං සඤ්ඤං පටිච්ච -පෙ- යං සඞ්ඛාරෙ පටිච්ච -පෙ- යං විඤ්ඤාණං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං අයං විඤ්ඤාණස්ස අස්සාදො, යං විඤ්ඤාණං අනිච්චං දුක්ඛං. විපරිනාමධම්මං, අයං විඤ්ඤාණස්ස ආදීනවො. යො විඤ්ඤාණස්මිං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං විඤ්ඤාණස්ස නිස්සරණං.
“මහණෙනි, සම්බෝධියෙන් පෙර මැ සර්වධර්මයන් ප්‍රතිවේධ නො කළ බෝධිසත්ත්ව වූ මැ මට මෙ බඳු පරිවිතර්කයෙක් විය: රූපයාගේ ආස්වාද කවරැ, ආදීනව කවරැ, නිස්සරණ කවරැ, වේදනාවගේ ආස්වාද කවරැ, ආදීනව කවරැ, නිස්සරණ කවරැ. සංඥාවගේ ආස්වාද කවරැ, ආදීනව කවරැ, නිස්සරණ කවරැ. සංස්කාරයන්ගේ ආස්වාද කවරැ, ආදීනව කවරැ, නිස්සරණ කවරැ. විඥානයාගේ ආස්වාද කවරැ, ආදීනව කවරැ, නිස්සරණ කවරෙයැ’ යි. මහණෙනි, ඒ මට මෙ බඳු සිතෙක් විය: රූපය පිණිස යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ රූපයාගේ ආස්වාද වෙයි. යම් රූපයෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත්තේ වේ ද මේ රූපයාගේ ආදීනව වෙයි. රූපයෙහි යම් ඡන්දරාග සංවරණයෙක් ඡන්‍දරාගයාගේ දුරු කිරීමෙක් වේ ද මේ රූපයාගේ නිස්සරණය වෙයි. වේදනාව පිණිස යම් ... සංඥාව පිණිස යම් ... සංස්කාරයන් පිණිස යම් ... විඥානය පිණිස යම් සුවයෙක් සොම්නසෙක් වේ ද, මේ විඥානයාගේ ආස්වා ද වෙයි, යම් විඥානයෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ ද, මේ විඥානයාගේ ආදීනව වෙයි. විඥානයෙහි යම් ඡන්දරාගසංවරණයෙක් ඡන්‍දරාගයාගේ දුරු කිරීමෙක් වේ ද, මේ විඥානයාගේ නිස්සරණය වේ.
යාවකීවඤ්චාහං භික්ඛවෙ ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං එවං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසිං, නෙව තාවාහං භික්ඛවෙ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය ‘අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති. පච්චඤ්ඤාසිං. යතො ච ඛ්වාහං භික්ඛවෙ ඉමෙසං පඤ්චන්නං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං එවං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං අබ්භඤ්ඤාසිං, අථාහං භික්ඛවෙ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය ‘අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදී. ‘අකුප්පා මෙ චෙතොවිමුත්ති. අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවො”ති
මහණෙනි, යම්තාක් මම මේ පඤ්චොපාදානස්කන්ධයන්ගේ මෙසෙයින් ආස්වාදය ද ආස්වාද හෙයින් ආදීනවය ද ආදීනව හෙයින් නිස්සරණය ද නිස්සරණ හෙයින් ඇති සැටියෙන් ප්‍රතිවේධ නො කෙළෙම් ද, මහණෙනි මම ඒ තාක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත අවකාශ ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වලෝකයෙහි ‘නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය ප්‍රතිවේධ කෙළෙමි’ නො මැ පිළින කෙළෙමි. වැළිත් මහණෙනි, යම් කලෙක මම මේ පඤ්චොපාදානස්කන්ධයන්ගේ මෙසෙයින් ආස්වාදය ද ආස්වාද හෙයින් ආදීනවය ද ආදීනව හෙයින් නිස්සරණය ද නිස්සරණ හෙයින් ඇති සැටියෙන් ප්‍රතිවේධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත අවකාශලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්‍වලෝකයෙහි ‘නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය (සර්වඥතාඥානය) ප්‍රතිවේධ කෙළෙමි’ පිළින කෙළෙමි. දර්ශන සඞ්ඛ්‍යාත ප්‍රත්‍යවේක්‍ෂණඥානය ද මට උපන. මාගේ අර්හත්ඵල විමුක්තිය අකෝප්‍ය වෙයි. මේ පශ්චිම වූ ස්කන්ධප්රවෘත්තිය වෙයි. දැන් පුනර්භවයෙක් නැතැ” යි.
යං රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං අයං රූපස්ස අස්සාදොති පහානපටිවෙධො, සමුදයසච්චං. යං රූපං අනිච්චං දුක්ඛං විපරිනාමධම්මං අයං රූපස්ස ආදීනවො’ති පරිඤ්ඤාපටිවෙධො දුක්ඛසච්චං. යො රූපස්මිං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං ඉදං රූපස්ස නිස්සරණන්ති සච්ඡිකිරියාපටිවෙධො නිරොධසච්චං. යා ඉමෙසු තීසු ඨානෙසු දිට්ඨි සඞ්කප්පො වාචා කම්මන්තො ආජීවො වායාමො සති සමාධි භාවනාපටිවෙධො මග්ගසච්චං.
රූපය පිණිස යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ රූපයාගේ ආස්වාද ය’ යි ප්‍රහාණ ප්‍රතිවේධය සමුදයසත්‍ය වෙයි. යම් රූපයෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ ද මේ රූපයාගේ ආදීනව ය’ යි පරිඥාප්‍රතිවේධය දුඃඛසත්‍ය වෙයි. රූපයෙහි යම් ඡන්දරාගසංවරණයෙක් ඡන්‍දරාගයාගේ දුරු කිරීමෙක් වේ ද මේ රූපයාගේ නිස්සරණ යැයි සාක්ෂාත්ක්රියා ප්‍රතිවේධය නිරෝධසත්‍ය වේ. මේ තුන් තැන්හි යම් දෘෂ්ටියක් සඞ්කල්පයෙක් වචනයෙක් කර්මාන්තයෙක් ආජීවයෙක් ව්‍යායාමයෙක් ස්මෘතියක් සමාධියෙක් වේ ද (මේ මාර්‍ගභාවනා සඞ්ඛ්‍යාත) මාර්ගසත්යප්රතිවේධය මාර්‍ගසත්‍ය වේ.
යං වෙදනං පටිච්ච -පෙ- යං සඤ්ඤං පටිච්ච -පෙ- යං සඞ්ඛාරෙ පටිච්ච -පෙ- යං විඤ්ඤාණං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං අයං විඤ්ඤාණස්ස අස්සාදො’ති පහානපටිවෙධො සමුදයසච්චං. යං විඤ්ඤාණං අනිච්චං දුක්ඛං විපරිනාමධම්මං අයං විඤ්ඤාණස්ස ආදීනවො’ති පරිඤ්ඤාපටිවෙධො දුක්ඛසච්චං. යො විඤ්ඤාණස්මිං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං ඉදං විඤ්ඤාණස්ස නිස්සරණන්ති සච්ඡිකිරියා පටිවෙධො නිරොධසච්චං. යා ඉමෙසු තීසු ඨානෙසු දිට්ඨි සඞ්කප්පො වාචා කම්මන්තො ආජීවො වායාමො සති සමාධි භාවනාපටිවෙධො මග්ගසච්චං.
වේදනාව පිණිස යම් (සුවයෙක්) ... සංඥාව පිණිස යම් ... සංස්කාරයන් පිණිස යම් ... විඥානය පිණිස යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ විඥානයාගේ ආස්වාදය’ යි ප්‍රහාණප්‍රතිවේධය සමුදයසත්‍ය වෙයි. යම් විඥානයෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ ද මේ විඥානයාගේ ආදීනවය’ යි පරිඥාප්‍රතිවේධය දුඃඛසත්‍ය වෙයි. විඥානයෙහි යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් ඇද්ද මේ විඥානයාගේ නිස්සරණ යැ’යි සාක්‍ෂාත්ක්‍රියාප්‍රතිවේධය නිරෝධසත්‍යය වේ. මේ තුන්තැන්හි යම් ද්‍රෘෂ්ටියක් සඞ්කල්පයෙක් වචනයෙක් කර්මාන්තයෙක් ආජීවයෙක් ව්‍යායාමයෙක් ස්මෘතියක් සමාධියෙක් වේ ද මේ භාවනාප්‍රතිවේධය මාර්‍ගසත්‍ය වේ.
සච්චන්ති. කතිහාකාරෙහි සච්චං: එසනට්ඨෙන පරිග්ගහට්ඨෙන පටිවෙධට්ඨෙන.
සච්චං යනු: කිහි අයුරෙකින් සත්‍ය වෙයි යත්: ඒෂණාර්‍ත්‍ථයෙන් පරිග්රහාර්ත්ථයෙන ප්රතිවේධාර්ත්ථයෙනි.
කථං එසනට්ඨෙන සච්චං: ජරාමරණං කිංනිදානං, කිංසසමුදයං, කිංජාතිකං, කිංපභවන්ති එවං එසනට්ඨෙන සච්චං.
කිසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි යත්: ජරාමරණය කුමක් නිදාන කොට ඇත්තේ ද කුමක් සමුදය කොට ඇත්තේ ද කුමක් ජාති කොට ඇත්තේ ද කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි.
ජරාමරණං ජාතිනිදානං, ජාතිසමුදයං, ජාතිජාතිකං ජාතිප්පභවන්ති එවං පරිග්ගහට්ඨෙන සච්චං. ජරාමරණඤ්ච පජානාති, ජරාමරණසමුදයඤ්ච පජානාති, ජරාමරණනිරොධඤ්ච පජානාති, ජරාමරණනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
ජරාමරණය ජාතිය නිදාන කොට ඇත්තේ යැ, ජාතිය සමුදය කොට ඇත්තේ යැ, ජාතිය ජාති කොට ඇත්තේ යැ, ජාතිය ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ජරාමරණය ද දැනගනියි, ජරාමරණසමුදය ද දැනගනියි, ජරාමරණනිරෝධය ද දැනගනියි, ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
ජාති කිංනිදානං, කිංසමුදයා, කිංජාතිකා, කිංපභවාති එවං එසනට්ඨෙන සච්චං. ජාති භවනිදානා, භවසමුදයා, භවජාතිකා, භවප්පභාවා’ති එවං පරිග්ගහට්ඨෙන සච්චං. ජාතිඤ්ච පජානාති, ජාතිසමුදයඤ්ච පජානාති, ජාතිනිරොධඤ්ච පජානාති, ජාතිනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
ජාතිය කුමක් නිදාන කොට ඇත්තී ද, කුමක් සමුදය කොට ඇත්තී ද, කුමක් ජාති කොට ඇත්තී ද, කුමක් ප්‍රභව කොට ඇත්තී දැ’යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ජාතිය භවය නිදාන කොට ඇත්තී යැ, භවය සමුදය කොට ඇත්තී යැ, භවය ජාති කොට ඇත්තී යැ, භවය ප්‍රභව කොට ඇත්තී යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ජාතිය ද දැනගනියි, ජාතිසමුදය ද දැනගනියි, ජාතිනිරෝධය ද දැනගනියි, ජාතිනිරෝධගාමිනී ප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
භවො කිංනිදානො, කිංසමුදයො, කිංජාතිකො, කිංපභවො’ති එවං එසනට්ඨෙන සච්චං. භාවො උපාදානනිදානො, උපාදානසමුදයො, උපාදානජාතිකො, උපාදානප්පභාවො’ති එවං පරිග්ගහට්ඨෙන සච්චං. භවඤ්ච පජානාති, භවසමුදයඤ්ච පජානාති, භවනිරොධඤ්ච පජානාති, භවනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං
භවය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි, භවය උපාදානය නිදාන කොට ඇත්තේ යැ, උපාදානය සමුදය කොට ඇත්තේ යැ, උපාදානය ජාති කොට ඇත්තේ යැ, උපාදානය ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි, භවය ද දැනගනියි, භවසමුදය ද දැනගනියි, භවනිරෝධය ද දැනගනියි, භවනිරෝධගාමිනීප්රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
උපාදානං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං කිංපභවන්ති එවං එසනට්ඨෙන සච්චං. උපාදානං තණ්හානිදානං, තණ්හාසමුදයං, තණ්හාජාතිකං, තණ්හාපභවන්ති එවං පරිග්ගහට්ඨෙන සච්චං. උපාදානඤ්ච පජානාති, උපාදානසමුදයඤ්ච පජානාති, උපාදානනිරොධඤ්ච පජානාති, උපාදානනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
උපාදානය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි, උපාදානය තෘෂ්ණාව නිදාන කොට ඇත්තේ යැ, තෘෂ්ණාව සමුදය කොට ඇත්තේ යැ, තෘෂ්ණාව ජාති කොට ඇත්තේ යැ, තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. උපාදානය ද දැනගනියි, උපාදානසමුදය ද දැනගනියි, උපාදාන නිරෝධය ද දැනගනියි, උපාදානනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
තණ්හා කිංනිදානා, කිංසමුදයා, කිංජාතිකා කිංපභවා’ති එවං එසනට්ඨෙන සච්චං. තණ්හා වෙදනානිදානා වෙදානාසමුදයා, වෙදනා ජාතිකා, වෙදනාපභාවාති එවං පරිග්ගහට්ඨෙන සච්චං තණ්හඤ්ච පජානාති, තණ්හා සමුයඤ්ච පජානාති, තණ්හානිරොධඤ්ච පජානාති, තණ්හානිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
තෘෂ්ණාව කුමක් නිදාන කොට ඇත්තී ද, කුමක් සමුදය කොට ඇත්තී ද, කුමක් ජාති කොට ඇත්තී ද, කුමක් ප්‍රභව කොට ඇත්තී දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. තෘෂ්ණාව වේදනාව නිදාන කොට ඇත්තී යැ, වේදනාව සමුදය කොට ඇත්තී යැ, වේදනාව ජාති කොට ඇත්තී යැ, වේදනාව ප්‍රභව කොට ඇත්තී යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. තෘෂ්ණාව ද දැනගනියි, තෘෂ්ණාසමුදය ද දැනගනියි, තෘෂ්ණානිරෝධය ද දැනගනියි, තෘෂ්ණානිරෝධගාමිනීප්රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
වෙදනා කිංනිදානා, කිංසමුදයා, කිංජාතිකා කිංපභවා’ති එවං එසනට්ඨෙන සච්චං. වෙදනා ඵස්සනිදානා ඵස්සසමුදයා, ඵස්සජාතිකා ඵස්සපභවාති, එවං පරිග්ගහට්ඨෙන සච්චං, වෙදනඤ්ච පජානාති, වෙදනාසමුයඤ්ච පජානාති, වෙදනානිරොධඤ්ච පජානාති, වෙදනානිරොධගාමිනී පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
වේදනාව කුමක් නිදාන කොට ඇත්තී ද, කුමක් සමුදය කොට ඇත්තී ද, කුමක් ජාති කොට ඇත්තී ද, කුමක් ප්‍රභව කොට ඇත්තී දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. වේදනාව ස්පර්ශය නිදාන කොට ඇත්තී යැ, ස්පර්ශය සමුදය කොට ඇත්තී යැ, ස්පර්ශය ජාති කොට ඇත්තී යැ, ස්පර්ශය ප්‍රභව කොට ඇත්තී යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. වේදනාව ද දැනගනියි, වේදනාසමුදය ද දැනගනියි, වේදනානිරෝධය ද දැනගනියි, වේදනානිරෝධගාමිනීප්රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
ඵස්සො කිංනිදානො කිංසමුදයො, කිංජාතිකො, කිංපභවොති එවං ඵසනට්ඨෙන සච්චං. ඵස්සො සළායතනනිදානො, සළායතනසමුදයො, සළායතනජාතිකො, සළායතනපභවොති එවං පරිග්ගහට්ඨෙන සච්චං. ඵස්සඤ්ච පජානාති, ඵස්සසමුදයඤ්ච පජානාති, ඵස්සනිරොධඤ්ච පජානාති, ඵස්සනිරොධගාමිනී පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
ස්පර්ශය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ස්පර්ශය ෂඩායතනය නිදාන කොට ඇත්තේ යැ, ෂඩායතනය සමුදය කොට ඇත්තේ යැ, ෂඩායතනය ජාති කොට ඇත්තේ යැ, ෂඩායතනය ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ස්පර්ශය ද දැනගනියි, ස්පර්ශසමුදය ද දැනගනියි, ස්පර්‍ශනිරෝධය ද දැනගනියි, ස්පර්ශනිරෝධගාමිනීප්රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
සළායතනං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවන්ති එවං ඵසනට්ඨෙන සච්චං. සළායතනං නාමරූපනිදානං’ නාමරූපසමුදයං, නාමරූපජාතිකං, නාමරූපපභවන්ති එවං පරිග්ගහට්ඨෙන සච්චං. සළායතනඤ්ච පජානාති, සළායතනසමුදයඤ්ච පජානාති, සළායතනනිරොධඤ්ච පජානාති, සළායතනනිරොධගාමිනීපටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
ෂඩායතනය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ෂඩායතනය නාමරූපය නිදාන කොට ඇත්තේ යැ, නාමරූපය සමුදය කොට ඇත්තේ යැ, නාමරූපය ජාති කොට ඇත්තේ යැ, නාමරූපය ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ෂඩායතනය ද දැනගනියි, ෂඩායතනසමුදය ද දැනගනියි, ෂඩායතනනිරෝධය ද දැනගනියි, ෂඩායතනනිරෝධගාමිනීප්රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
නාමරූපං නිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං කිංපභවන්ති එවං ඵසනට්ඨෙන සච්චං. නාමරූපං විඤ්ඤාණනිදානං, විඤ්ඤාණසමුදයං, විඤ්ඤාණජාතිකං, විඤ්ඤාණපභවන්ති එවං පරිග්ගහට්ඨෙන සච්චං. නාමරූපඤ්ච පජානාති, නාමරූපසමුදයඤ්ච පජානාති, නාමරූපනිරොධඤ්ච පජානාති, නාමරූපනිරොධගාමිනී පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
නාමරූපය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. නාමරූපය විඥානය නිදාන කොට ඇත්තේ යැ, විඥානය සමුදය කොට ඇත්තේ යැ, විඥානය ජාති කොට ඇත්තේ යැ, විඥානය ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. නාමරූපය ද දැනගනියි, නාමරූප සමුදය ද දැනගනියි, නාමරූපනිරෝධය ද දැනගනියි, නාමරූපනිරෝධගාමිනීප්රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
විඤ්ඤාණං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං කිංපභවන්ති එවං ඵසනට්ඨෙන සච්චං විඤ්ඤාණං සඞ්ඛාරානිදානං, සඞ්ඛාරසමුදයං, සඞ්ඛාරජාතිකං, සඞ්ඛාරපභවන්ති එවං පරිග්ගහට්ඨෙන සච්චං. විඤ්ඤාණඤ්ච පජානාති, විඤ්ඤාණසමුදයඤ්ච පජානාති, විඤ්ඤාණනිරොධඤ්ච පජානාති, විඤ්ඤාණනිරොධගාමිනී පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
විඥානය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. විඥානය සංස්කාරයන් නිදාන කොට ඇත්තේ යැ, සංස්කාරයන් සමුදය කොට ඇත්තේ යැ, සංස්කාරයන් ජාති කොට ඇත්තේ යැ, සංස්කාරයන් ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. විඥානය ද දැනගනියි, විඥානසමුදය ද දැනගනියි, විඥානනිරෝධය ද දැනගනියි, විඥානනිරෝධගාමිනීප්රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
සඞ්ඛාරා කිංනිදානා, කිංසමුදායා, කිංජාතිකා, කිංපභවාති එවං ඵසනට්ඨෙන සච්චං. සඞ්ඛාරා අවිජ්ජානිදානා, අවිජ්ජාසමුදයා, අවිජ්ජාජාතිකා, අවිජ්ජාපභවාති එවං පරිග්ගහට්ඨෙන සච්චං. සඞ්ඛාරෙ ච පජානාති, සඞ්ඛාරසමුදයඤ්ච පජානාති, සඞ්ඛාරනිරොධඤ්ච පජානාති, සඞ්ඛාරනිරොධගාමිනී පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
සංස්කාරයෝ කුමක් නිදාන කොට ඇත්තාහු ද, කුමක් සමුදය කොට ඇත්තාහු ද, කුමක් ජාති කොට ඇත්තාහු ද, කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. සංස්කාරයෝ අවිද්‍යාව නිදාන කොට ඇත්තාහු යැ, අවිද්‍යාව සමුදය කොට ඇත්තාහු යැ, අවිද්‍යාව ජාති කොට ඇත්තාහු යැ, අවිද්‍යාව ප්‍රභව කොට ඇත්තාහු යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. සංස්කාරයන් ද දැනගනියි, සංස්කාරසමුදය ද දැනගනියි, සංස්කාරනිරෝධය ද දැනගනියි, සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
ජරාමරණං දුක්ඛසච්චං, ජාතිසමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං, ජාති දුක්ඛසච්චං, භවො සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං. භවො දුක්ඛසච්චං, උපාදානං සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං. උපාදානං දුක්ඛසච්චං, තණ්හා සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං තණ්හා දුක්ඛසච්චං වෙදනා සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං. වෙදනා දුක්ඛසච්චං, ඵස්සො සමුදයසච්චං උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං. ඵස්සො දුක්ඛසච්චං, සළායතනං සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං. සළායතනං දුක්ඛසච්චං, නාමරූපං සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං. නාමරූපං දුක්ඛසච්චං, විඤ්ඤාණං සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං. විඤ්ඤාණං දුක්ඛසච්චං, සඞ්ඛාරා සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං. සඞ්ඛාරා දුක්ඛසච්චං, අවිජ්ජා සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං.
ජරාමරණය දුඃඛසත්‍ය යැ, ජාතිය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, (ආලම්බනකරණයෙන්) නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. ජාතිය දුඃඛසත්‍ය යැ, භවය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. භවය දුඃඛසත්‍ය යැ, උපාදානය සමුදය සත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. උපාදානය දුඃඛසත්‍ය යැ, තෘෂ්ණාව සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධ සත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. තෘෂ්ණාව දුඃඛසත්‍ය යැ, වේදනාව සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. වේදනාව දුඃඛසත්‍ය යැ, ස්පර්ශය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. ස්පර්ශය දුඃඛසත්‍ය යැ, ෂඩායතනය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. ෂඩායතනය දුඃඛසත්‍ය යැ, නාමරූප සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. නාමරූප දුඃඛසත්‍ය යැ, විඥානය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. විඥානය දුඃඛසත්‍ය යැ, සංස්කාරයෝ සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. සංස්කාරයෝ දුඃඛසත්‍ය යැ, අවිද්‍යාව සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි.
ජරාමරණං දුක්ඛසච්චං, ජාති සියා දුක්ඛසච්චං, සියා සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං, ජාති දුක්ඛසච්චං, භවො සියා දුක්ඛසච්චං සියා සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං -පෙ- සඞ්ඛාරා දුක්ඛසච්චං, අවිජ්ජා සියා දුක්ඛසච්චං, සියා සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චන්ති.
ජරාමරණය දුඃඛසත්‍ය යැ, ජාතිය දුඃඛසත්‍ය ද වන්නේ යැ, සමුදයසත්‍ය ද වන්නේ යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. ජාතිය දුඃඛසත්‍ය යැ, භවය දුඃඛසත්‍ය ද වන්නේ යැ, සමුදයසත්‍ය ද වන්නේ යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යැ ... සංස්කාරයෝ දුඃඛසත්‍ය යැ, අවිද්‍යාව දුඃඛසත්‍ය ද වන්නේ යැ, සමුදයසත්‍ය ද වන්නේ යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යයි.
සච්චකථා සමත්තා.
සත්‍යකථා නිමි.
භාණවාරං.
බණවරෙකි.