යෙදුමෙන් කියවන්න

යුගනද‍්ධකථාවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

යුගනද‍්ධකථාවණ‍්ණනා

යුගනද්ධකථාවණ්ණනා

ඉදානි මණ‍්ඩපෙය්‍යගුණස‍්ස අරියමග‍්ගස‍්ස යුගනද‍්ධගුණං දස‍්සෙන‍්තෙන කථිතාය සුත‍්තන‍්තපුබ‍්බඞ‍්ගමාය යුගනද‍්ධකථාය අපුබ‍්බත්‍ථානුවණ‍්ණනා. යස‍්මා පන ධම‍්මසෙනාපති ධම‍්මරාජෙ ධරමානෙයෙව ධම‍්මරාජස‍්ස පරිනිබ‍්බානසංවච‍්ඡරෙ පරිනිබ‍්බුතො, තස‍්මා ධම‍්මරාජෙ ධරමානෙයෙව ධම‍්මභණ‍්ඩාගාරිකෙන දෙසිතං ඉදං සුත‍්තන‍්තං තස‍්සෙව සම‍්මුඛා සුත්‍වා එවං මෙ සුතන‍්තිආදිමාහාති වෙදිතබ‍්බං. තත්‍ථ ආයස‍්මාති පියවචනං ගරුවචනං සගාරවසප‍්පතිස‍්සවචනං, ආයුමාති අත්‍ථො. ආනන්‍දොති තස‍්ස ථෙරස‍්ස නාමං. සො හි ජායමානොයෙව කුලෙ ආනන්‍දං භුසං තුට‍්ඨිං අකාසි. තස‍්මාස‍්ස “ආනන්‍දො”ති නාමං කතන‍්ති වෙදිතබ‍්බං. කොසම‍්බියන‍්ති එවංනාමකෙ නගරෙ. තස‍්ස හි නගරස‍්ස ආරාමපොක‍්ඛරණීආදීසු තෙසු තෙසු ඨානෙසු කොසම‍්බරුක‍්ඛා උස‍්සන‍්නා අහෙසුං, තස‍්මා තං කොසම‍්බීති සඞ‍්ඛං අගමාසි. “කුසම‍්බස‍්ස ඉසිනො අස‍්සමතො අවිදූරෙ මාපිතත‍්තා”ති එකෙ.

දැන් මණ්ඩපෙය්‍ය ගුණයෙහිද, ආර්ය මාර්ගයෙහිද, එකට වෙළී පවත්නා ගුණ ගෙනහැර දක්වන්නාහු විසින් කියන ලද සූත්‍රාන්ත පූර්වංගම යුගනන්‍ධ කථායෙහි පෙර නුවූ අර්ථ අනුවර්ණනාවයි. දම්සෙනෙවි තෙමේ, ධර්මරාජයන් වහන්සේ ජීවමානව සිටියදීම ධර්මරාජයාණන් වහන්සේගේ පරිනිර්වාණ සංවත්සරයෙහිම පිරිනිවියේද, එහෙයින් ධර්මරාජයාණන් වහන්සේ ජීවමාන කල්හිම ධර්මභාණ්ඩාගාරිකයාණන් විසින්, දේශනා කරන ලද මෙම සූත්‍රාන්තය එතුමන් වහන්සේගේම හමුයෙහි ශ්‍රවණය කොට එවං මෙසුතං ආදිය කීවේයයි දතයුතුය. එහි ආයස්මා යනු ප්‍රිය වචනයකි. ගරු වචනයකි. ගෞරව සහිත, සැලකිලි සහිත වචනයකි. ආනන්‍දො යනු ඒ තෙරුන්ගේ නාමයයි. හෙතෙම උපදිනු ලබන්නේම කුලයෙහි ප්‍රීතිය සතුට බොහෝ සේ වර්ධනය විය. එහෙයින් මොහුට ආනන්ද යැයි නාමය කරන ලදැයි දතයුතුය. කොසම්බියං යනු එබඳු නම් සහිත නගරයෙහි, එම නගරයෙහි මල් පලතුරු සහිත වතු හා පොකුණු ආශ්‍රිත ඒ ඒ තන්හි කොහොඹ රුක් ඉතා බහුල විය. එහෙයින් එය කෝසම්බියයි යන සංඛ්‍යාවට ගියේය. කුසම්බ නමැති සෘෂිහුගේ ආශ්‍රමයට නුදුරින් නිමවන ලද හෙයිනැයි ඇතැම්හු කියති.

ඝොසිතාරාමෙති ඝොසිතසෙට‍්ඨිනා කාරිතෙ ආරාමෙ. කොසම‍්බියඤ‍්හි තයො සෙට‍්ඨිනො අහෙසුං ඝොසිතසෙට‍්ඨි කුක‍්කුටසෙට‍්ඨි පාවාරිකසෙට‍්ඨීති. තෙ තයොපි “ලොකෙ බුද‍්ධො උප‍්පන‍්නො”ති සුත්‍වා පඤ‍්චහි පඤ‍්චහි සකටසතෙහි දානූපකරණානි ගාහාපෙත්‍වා සාවත්‍ථිං ගන‍්ත්‍වා ජෙතවනසමීපෙ ඛන්‍ධාවාරං බන්‍ධිත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා පටිසන්‍ථාරං කත්‍වා නිසින‍්නා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිත්‍වා සත්‍ථාරං නිමන‍්තෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස අඩ‍්ඪමාසමත‍්තං මහාදානං දත්‍වා භගවතො පාදමූලෙ නිපජ‍්ජිත්‍වා සකජනපදගමනත්‍ථං භගවන‍්තං යාචිත්‍වා “සුඤ‍්ඤාගාරෙ ඛො ගහපතයො තථාගතා අභිරමන‍්තී”ති භගවතා වුත‍්තෙ “දින‍්නා නො භගවතා පටිඤ‍්ඤා”ති ඤත්‍වා අතිවිය තුට‍්ඨා දසබලං වන්‍දිත්‍වා නික‍්ඛන‍්තා අන‍්තරාමග‍්ගෙ යොජනෙ යොජනෙ භගවතො නිවාසත්‍ථං විහාරං කාරෙන‍්තා අනුපුබ‍්බෙන කොසම‍්බිං පත්‍වා අත‍්තනො අත‍්තනො ආරාමෙ මහන‍්තං ධනපරිච‍්චාගං කත්‍වා භගවතො විහාරෙ කාරාපයිංසු. තත්‍ථ ඝොසිතසෙට‍්ඨිනා කාරිතො ඝොසිතාරාමො නාම අහොසි, කුක‍්කුටසෙට‍්ඨිනා කාරිතො කුක‍්කුටාරාමො නාම, පාවාරිකසෙට‍්ඨිනා අම‍්බවනෙ කාරිතො පාවාරිකම‍්බවනං නාම. තං සන්‍ධාය වුත‍්තං “ඝොසිතසෙට‍්ඨිනා කාරිතෙ ආරාමෙ”ති.

ඝොසිතාරාමෙ යනු ඝෝසිත සිටුහු විසින් කරවන ලද අරම්හි, කොසඹෑ නුවර, ඝෝසිත සිටු කුක්කුට සිටු පාවාරික සිටුයයි සිටුවරු තිදෙනෙක් විසූහ. එම තිදෙනම ලොවැ බුදුරදහු උපනැයි අසා, ගැල් පන්සියය බැගින් දානෝපකරණයන් අසුරවා සැවැතට ගොස් දෙව්රම සමීපයෙහි කඳවුරු බැඳ, බුදුරදුන් වෙත ගොස් වැඳ, පිළිසඳර කොට හුන්නාහු, බුදුරදුන්ගේ ධර්ම දේශනාව ශ්‍රවණයකොට, සෝවාන් ඵලයෙහි පිහිටා, බුදුරදුන්ට ආරාධනා කොට, බුද්ධප්‍රමුඛ භික්‍ෂු සංඝයාට අඩමසක් පමණ මහදන් දී බුදුන් පාමුල වැදහෙව, සියදනව් යාම සඳහා බුදුරදුන් ආරාධනා කොට ‘ගෘහපතිවරුනි, තථාගතවරු ශූන්‍යාගාරයන්හි සිත් අලවතියි බුදුරදුන් වදාළ කල්හි, භාග්‍යවතුන් විසින් අපට ප්‍රතිඥා දෙන ලදැයි අතිශයින් සතුටට පත්ව දසබලධාරීන් වැඳ නික්මුණාහු අතරමග යොදුනක් යොදුනක් පාසා භාග්‍යවතුන් වහන්සේට විසීම සඳහා විහාර කරවනුයේ, පිළිවෙලින් කොසඹෑ නුවරට පැමිණ, තම තමන්ගේ ආරාමයන්හි මහත් ධන පරිත්‍යාගකොට භාග්‍යවතුන් වහන්සේට විහාරයන් කරවූහ. එහි ඝෝසිත සිටුහු විසින් කරවන ලද ආරාමය ඝෝසිතාරාම නම් විය. කුක්කුට සිටුහු විසින් කරවන ලද ආරාමය කුක්කුටාරාම නම් විය. පාවාරික සිටුහු විසින් අඹ වනයෙහි කරවන ලද ආරාමය පාවාරිකම්බන නම් විය. ඒ සඳහා යූ.සේයි. ‘ඝෝසිත සිටුහු විසින් කරවන ලද ආරාමයෙහි යැයි.

ආවුසො භික‍්ඛවොති එත්‍ථ බුද‍්ධා භගවන‍්තො සාවකෙ ආලපන‍්තා “භික‍්ඛවො”ති ආලපන‍්ති. සාවකා පන “බුද‍්ධෙහි සදිසා මා හොමා”ති “ආවුසො”ති පඨමං වත්‍වා පච‍්ඡා “භික‍්ඛවො”ති වදන‍්ති. බුද‍්ධෙහි ච ආලපිතෙ භික‍්ඛුසඞ‍්ඝො “භදන‍්තෙ”ති පටිවචනං දෙති, සාවකෙහි ආලපිතෙ “ආවුසො”ති.

ආවුසො භික්ඛවෙ යන මෙහි භාග්‍යවත් බුදුවරු ශ්‍රාවකයින් ආමන්ත්‍රණය කරන්නාහු භික්ඛවෙ යයි ආමන්ත්‍රණය කරති. ශ්‍රාවකයෝ වනාහි බුදුවරු හා සමාන නොවෙමුයි ඇවැත්නි යයි ප්‍රථමයෙන් කියා, පසුව මහණෙනියි කියති. බුදුවරුන් විසින් අමතනු ලැබූ භික්‍ෂු සංඝයා, භදන්තෙ යයි පිළිවදන් දේ. ශ්‍රාවකයින් විසින් අමතනු ලැබූ කල්හි ආවුසොයි පිළිවදන් දේ.

යො හි කොචීති අනියමවචනං. එතෙන තාදිසානං සබ‍්බභික‍්ඛූනං පරියාදානං. මම සන‍්තිකෙති මම සමීපෙ. අරහත‍්තප‍්පත‍්තන‍්ති අත‍්තනා අරහත‍්තස‍්ස පත‍්තං. නපුංසකෙ භාවෙ සිද‍්ධවචනං. අරහත‍්තං පත‍්තන‍්ති වා පදච‍්ඡෙදො, අත‍්තනා පත‍්තං අරහත‍්තන‍්ති අත්‍ථො. අරහත‍්තප‍්පත‍්තං අත‍්තානන‍්ති වා පාඨසෙසො. චතූහි මග‍්ගෙහීති උපරි වුච‍්චමානෙහි චතූහි පටිපදාමග‍්ගෙහි, න අරියමග‍්ගෙහි. “චතූහි මග‍්ගෙහී”ති විසුඤ‍්ච වුත‍්තත‍්තා කස‍්සචි අරහතො පඨමස‍්ස අරියමග‍්ගස‍්ස ධම‍්මුද‍්ධච‍්චපුබ‍්බඞ‍්ගමො මග‍්ගො, එකස‍්ස අරියමග‍්ගස‍්ස සමථපුබ‍්බඞ‍්ගමො, එකස‍්ස විපස‍්සනාපුබ‍්බඞ‍්ගමො, එකස‍්ස යුගනද‍්ධපුබ‍්බඞ‍්ගමොති එවං චත‍්තාරොපි පටිපදා මග‍්ගා හොන‍්තීති වෙදිතබ‍්බං. එතෙසං වා අඤ‍්ඤතරෙනාති එතෙසං චතුන‍්නං පටිපදානං මග‍්ගානං එකෙන වා, පටිපදාමග‍්ගෙන අරහත‍්තප‍්පත‍්තං බ්‍යාකරොතීති අත්‍ථො. සුක‍්ඛවිපස‍්සකස‍්ස හි අරහතො ධම‍්මුද‍්ධච‍්චපුබ‍්බඞ‍්ගමං සොතාපත‍්තිමග‍්ගං පත්‍වා සෙසමග‍්ගත‍්තයම‍්පි සුද‍්ධවිපස‍්සනාහියෙව පත‍්තස‍්ස අරහත‍්තප‍්පත‍්ති ධම‍්මුද‍්ධච‍්චපුබ‍්බඞ‍්ගමමග‍්ගා හොති. ධම‍්මුද‍්ධච‍්චවිග‍්ගහං පත්‍වා වා අප‍්පත්‍වා වා සමථපුබ‍්බඞ‍්ගමාදීනං තිණ‍්ණං පටිපදානං මග‍්ගානං එකෙකස‍්ස වසෙන පත‍්තචතුමග‍්ගස‍්ස අරහතො අරහත‍්තප‍්පත‍්ති ඉතරඑකෙකමග‍්ගපුබ‍්බඞ‍්ගමා හොති. තස‍්මා ආහ – “එතෙසං වා අඤ‍්ඤතරෙනා”ති.

යොහි කොචි අනියම් වචනයයි. එයින් එබඳු වූ සියලු භික්‍ෂූන්ගේ ග්‍රහණයයි. මම සන්තිකෙ යනු මාගේ සමීපයෙහි තමාගේ අර්හත්වයට පැමිණීම, නපුංසක භාවයෙහි සිද්ධ වචනයයි. අරහත්තං පත්තං යනු පදච්ඡේදයි. තමා විසින් පත් අර්හත්වයයි අර්ථයි. අර්හත්වයට පත් තමා යයි පාඨ ශේෂයි. චතුහි මග්ගෙහි යනු මතු කියනු ලබන සිව් ප්‍රතිපදා මාර්ගයන්ගෙන්, ආර්ය මාර්ගයන්ගෙන් නොවේ. චතුහි මග්ගෙහි යයි වෙන්වද කියන ලද හෙයින් කිසි රහත් කෙනෙකුන්ට ප්‍රථම ආර්ය මාර්ගයෙහි ඕභාසාදී ධර්මයෙහි නොසන්සුන් භාවයන් විරෝධයට පැමිණවීම් පූර්වාංගම මාර්ගයයි. එක් අයෙකුට සමථ පූර්වංගම ආර්ය මාර්ගයාගේ වශයෙනි. එක් අයෙකුට විදර්ශනා පූර්වංගම මාර්ගය වශයෙනි. එක් අයෙකුට සමථ විදර්ශනා දෙකම එක්කොට (යුගනද්ධ) පූර්වංගම වශයෙනි. මෙසේ මේ චතුෂ්කයම ප්‍රතිපදා මාර්ග වේයයි දතයුතුය. එතෙසංවා අඤ්ඤතරෙන යනු එම සිව් ප්‍රතිපදා මාර්ගයන්ගෙන් එක් ප්‍රතිපදා මාර්ගයකින් හෝ, අර්හත්ව ප්‍රාප්තිය ප්‍රකාශ කෙරේයයි අර්ථයි. ශුෂ්ක විදර්ශක රහත් හට ධර්මෝද්ධච්ච පූර්වංගම මාර්ග වේ. ධර්මෝද්ධච්ච විරෝධයට පැමිණ හෝ නොපැමිණ හෝ සමථ පූර්වංගමාදී ත්‍රිවිධ ප්‍රතිපදා මාර්ගයන්ගේ එකිනෙකාගේ වශයෙන් පත් සිව්මග රහත් හට, අර්හත්ව ප්‍රාප්තිය අනෙක් එකිනෙක මාර්ගයන් පූර්වංගම වේ. එහෙයින් ඒවායින් එක්තරා එකකින්ය යන අර්ථයි.

සමථපුබ‍්බඞ‍්ගමං විපස‍්සනං භාවෙතීති සමථං පුබ‍්බඞ‍්ගමං පුරෙචාරිකං කත්‍වා විපස‍්සනං භාවෙති, පඨමං සමාධිං උප‍්පාදෙත්‍වා පච‍්ඡා විපස‍්සනං භාවෙතීති අත්‍ථො. මග‍්ගො සඤ‍්ජායතීති පඨමො ලොකුත‍්තරමග‍්ගො නිබ‍්බත‍්තති. සො තං මග‍්ගන‍්තිආදීසු එකචිත‍්තක‍්ඛණිකස‍්ස මග‍්ගස‍්ස ආසෙවනාදීනි නාම නත්‍ථි, දුතියමග‍්ගාදයො පන උප‍්පාදෙන‍්තො තමෙව මග‍්ගං “ආසෙවති භාවෙති බහුලීකරොතී”ති වුච‍්චති. සඤ‍්ඤොජනානි පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තීහොන‍්තීති යාව අරහත‍්තමග‍්ගා කමෙන සබ‍්බෙ සඤ‍්ඤොජනා පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තීහොන‍්ති. අනුසයා බ්‍යන‍්තීහොන‍්තීති ච පුන අනුප‍්පත‍්තියා විගතන‍්තා හොන‍්තීති අත්‍ථො.

සමථ පුබ්බංගමං විපස්සනං භාවෙති යනු සමථ පූර්වංගම පෙර ගමන්කොට විදර්ශනා වඩයි. පළමුවෙන් සමාධිය උපදවා, පසුව විදර්ශනා වඩයි යයි අර්ථයි. මග්ගො සඤ්ජායති යන ආදීන්හි, එක් චිත්ත ක්‍ෂණික මාර්ගයාගේ ආසේවනාදීහු නම් නැත. ද්විතීය මාර්ගාදීන් උපදවනුයේ එම මාර්ගයම සේවනය කරයි. වඩයි. බහුල වශයෙන් කෙරේයයි යූ.සේයි. සංයොජනා පහීයන්ති අනුසයා බ්‍යන්ති හොන්ති යනු අර්හත් මාර්ගය තෙක් ක්‍රමයෙන් සියලු සංයෝජන ප්‍රහීණ වෙයි සිත්හි පවත්නා අප්‍රකට කෙලෙස් අවසන් වෙයි. අනුසයා බ්‍යන්ති හොන්ති යනු නැවත නොඉපදීම් වශයෙන් විගතාන්ත වෙයි අර්ථයි.

පුන චපරන‍්ති පුන ච අපරං කාරණං. විපස‍්සනාපුබ‍්බඞ‍්ගමං සමථං භාවෙතීති විපස‍්සනං පුබ‍්බඞ‍්ගමං පුරෙචාරිකං කත්‍වා සමථං භාවෙති, පඨමං විපස‍්සනං උප‍්පාදෙත්‍වා පච‍්ඡා සමාධිං භාවෙතීති අත්‍ථො. යුගනද‍්ධං භාවෙතීති යුගනද‍්ධං කත්‍වා භාවෙති. එත්‍ථ තෙනෙව චිත‍්තෙන සමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා තෙනෙව සඞ‍්ඛාරෙ සම‍්මසිතුං න සක‍්කා. අයං පන යාවතා සමාපත‍්තියො සමාපජ‍්ජති, තාවතා සඞ‍්ඛාරෙ සම‍්මසති. යාවතා සඞ‍්ඛාරෙ සම‍්මසති, තාවතා සමාපත‍්තියො සමාපජ‍්ජති. කථං? පඨමජ‍්ඣානං සමාපජ‍්ජති, තතො වුට‍්ඨාය සඞ‍්ඛාරෙ සම‍්මසති. සඞ‍්ඛාරෙ සම‍්මසිත්‍වා දුතියජ‍්ඣානං සමාපජ‍්ජති, තතො වුට‍්ඨාය සඞ‍්ඛාරෙ සම‍්මසති. සඞ‍්ඛාරෙ සම‍්මසිත්‍වා තතියජ‍්ඣානං…පෙ… නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තිං සමාපජ‍්ජති, තතො වුට‍්ඨාය සඞ‍්ඛාරෙ සම‍්මසති. එවං සමථවිපස‍්සනං යුගනද‍්ධං භාවෙති නාම.

පුනචපරං යනු නැවත අනෙක් කරුණෙකි. විපස්සනා පුබ්බංගමං සමථං භාවෙති යනු විදර්ශනා පූර්වාංගමව පෙරගමන් කොට සමථය වඩයි. ප්‍රථමයෙන් විදර්ශනාව උපදවා පසුව සමාධිය වඩයි යන අර්ථයි. යුගනන්‍ධං භාවෙති යනු යුගනද්ධ කොට වඩයි. මෙහි එම සිතින්ම සමවතට සමවැද, එම සිතෙන්ම සංස්කාරයන් සම්මර්ශනය කරන්ට නොහැකිය. මෙය වනාහි යම් පමණ සමවත් සමවදීද, එපමණ සංස්කාරයන් සම්මර්ශනය කරයි. යම්පමණ සංස්කාරයන් සම්මර්ශනය කෙරේද? එපමණ සමවදී, කෙසේද, ප්‍රථම ධ්‍යානයට සමවදී. ඉන් නැගිට සංස්කාරයන් සම්මර්ශනය කරයි. සංස්කාරයන් සම්මර්ශනය කොට තෘතීය ධ්‍යානයට -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවතට සමවදී. ඉන් නැගිට සංස්කාරයන් සම්මර්ශනය කරයි. මෙසේ සමථ විදර්ශනාවන් යුගනද්ධව වඩයි නමැ.

ධම‍්මුද‍්ධච‍්චවිග‍්ගහිතං මානසං හොතීති එත්‍ථ මන්‍දපඤ‍්ඤානං විපස‍්සකානං උපක‍්කිලෙසවත්‍ථුත‍්තා විපස‍්සනුපක‍්කිලෙසසඤ‍්ඤිතෙසු ඔභාසාදීසු දසසු ධම‍්මෙසු භන‍්තතාවසෙන උද‍්ධච‍්චසහගතචිත‍්තුප‍්පත‍්තියා වික‍්ඛෙපසඞ‍්ඛාතං උද‍්ධච‍්චං ධම‍්මුද‍්ධච‍්චං, තෙන ධම‍්මුද‍්ධච‍්චෙන විග‍්ගහිතං විරූපග‍්ගහිතං විරොධමාපාදිතං මානසං චිත‍්තං ධම‍්මුද‍්ධච‍්චවිග‍්ගහිතං මානසං හොති, තෙන වා ධම‍්මුද‍්ධච‍්චෙන කාරණභූතෙන තම‍්මූලකතණ‍්හාමානදිට‍්ඨුප‍්පත‍්තියා විග‍්ගහිතං මානසං හොති. ධම‍්මුද‍්ධච‍්චවිග‍්ගහිතමානසන‍්ති වා පාඨො. හොති සො ආවුසො සමයොති ඉමිනා මග‍්ගාමග‍්ගවවත්‍ථානෙන තං ධම‍්මුද‍්ධච‍්චං පටිබාහිත්‍වා පුන විපස‍්සනාවීථිං පටිපන‍්නකාලං දස‍්සෙති. යං තං චිත‍්තන‍්ති යස‍්මිං සමයෙ තං විපස‍්සනාවීථිං ඔක‍්කමිත්‍වා පවත‍්තං චිත‍්තං. අජ‍්ඣත‍්තමෙව සන‍්තිට‍්ඨතීති විපස‍්සනාවීථිං පච‍්චොතරිත්‍වා තස‍්මිං සමයෙ ගොචරජ‍්ඣත‍්තසඞ‍්ඛාතෙ ආරම‍්මණෙ සන‍්තිට‍්ඨති පතිට‍්ඨාති. සන‍්නිසීදතීති තත්‍ථෙව පවත‍්තිවසෙන සම‍්මා නිසීදති. එකොදි හොතීති එකග‍්ගං හොති. සමාධියතීති සම‍්මා ආධියති සුට‍්ඨු ඨිතං හොතීති.

ධම්මුද්ධච්ච විග්ගහිතං මානසං හොති යන මෙහි මන්‍දප්‍රාඥ විදර්ශකයින්ට උපක්ලේශ වස්තු හෙයින්, එම ආලෝක ආදී දස විදර්ශනොපක්ලේශයන්හි, කම්පාවීම් වශයෙන් නොසන්සුන්කම ධම්මුද්ධච්චයයි, ඒ ධර්මොද්ධච්චයෙන්, නොමනාව ගත් විරූපයෙන් ගත්, විරෝධයට පමුණුවන ලද මනස සිත ආලෝකාදී ධර්මයෙහි වික්‍ෂෙප සංඛ්‍යාත උද්ධතභාවයෙන් විරෝධයට පමුණුවන ලද මනස වෙයි. එම ධර්මෝද්ධච්චයෙන් එයට හේතුවූ එයට මූලික වූ, තෘෂ්ණා මාන දෘෂ්ටි ඉපැත්මෙහි විරෝධයට පමුණුවන ලද මනස වෙයි. ‘ධම්මුද්ධච්ච විග්ගහිත මානසං’යිද පාඨයි. සො ආවුසො සමයො යනු මෙයින් මාර්ගාමාර්ග තීරණයෙන් ඒ ධර්මෝද්ධච්චය වළක්වා නැවත විදර්ශනා වීථියට පිළිපන් කාලය පෙන්වයි. යං තං චිත්තං යම් වේලාවක එම විදර්ශනා වීථියට බැස පැවැති සිත, අජ්ඣත්තමෙව සන්තිට්ඨති යනු විදර්ශනා වීථියට පසුව බැස, එසමයෙහි ගොචරජ්ඣත්ත සංඛ්‍යාත අරමුණෙහි සිටී. පිහිටයි. සන්නිසීදති යනු එහිම පැවැතීම් වශයෙන් මනාව හිඳියි. එකොදිහොති එකඟ වේ. සමාධියති යනු මනාව පිහිටයි. මනාව සිටියේ වේ. මේ සූත්‍රාන්ත වර්ණනාවයි.

අයං සුත‍්තන‍්තවණ‍්ණනා.

සුත‍්තන‍්තනිද‍්දෙසවණ‍්ණනා

සුත්තන්තනිද්දෙසවණ්ණනා

තස‍්ස සුත‍්තන‍්තස‍්ස නිද‍්දෙසකථාය තත්‍ථ ජාතෙ ධම‍්මෙති තස‍්මිං සමාධිස‍්මිං ජාතෙ චිත‍්තචෙතසිකෙ ධම‍්මෙ. අනිච‍්චතො අනුපස‍්සනට‍්ඨෙනාතිආදිනා විපස‍්සනාය භෙදං දස‍්සෙති. සම‍්මාදිට‍්ඨි මග‍්ගොති සම‍්මාදිට‍්ඨිසඞ‍්ඛාතො මග‍්ගො. අට‍්ඨසු මග‍්ගඞ‍්ගෙසු එකෙකොපි හි මග‍්ගොති වුච‍්චති.ආසෙවතීති සොතාපත‍්තිමග‍්ගවසෙන. භාවෙතීති සකදාගාමිමග‍්ගුප‍්පාදනෙන. බහුලීකරොතීති අනාගාමිඅරහත‍්තමග‍්ගුප‍්පාදනෙන. ඉමෙසං තිණ‍්ණං අවත්‍ථාභෙදෙපි සති ආවජ‍්ජනාදීනං සාධාරණත‍්තා සදිසමෙව විස‍්සජ‍්ජනං කතං.

ඒ සූත්‍රාන්ත නිර්දේශ කථාවෙහි, තත්‍ථ ජාතෙධම්මෙ එම සමාධියෙහි හටගත් චිත්ත චෛතසික ධර්මයන්, අනිච්චතො අනුපස්සනට්ඨෙන යනාදියෙන් විදර්ශනාවෙහි භේද දක්වයි. සම්මාදිට්ඨි මග්ගො යනු සම්‍යග් දෘෂ්ටි සංඛ්‍යාත මාර්ගය අෂ්ට මාර්ගාංගයන්හි එකිනෙකද මාර්ගයයි යූසේයි. ආසෙවති යනු ස්‍රෝතාපත්ති මාර්ග වශයෙන්, භාවෙති යනු සකෘදාගාමි මාර්ග ඉපදවීමෙන්, බහුලීකරොති යනු අනාගාමී, අර්හත් මාර්ග ඉපදවීමෙන්, මේවාහි ත්‍රිවිධ අවස්ථා භේදයක් ඇතිකල්හිද, ආවර්ජනාදීන්ගේ සාධාරණත්වය හෙයින් සමානවම විසඳීම කරන ලදි.

ආලොකසඤ‍්ඤාපටිනිස‍්සග‍්ගානුපස‍්සනානං අන‍්තරාපෙය්‍යාලෙ අවික‍්ඛෙපාදීනි ච ඣාන සමාපත‍්තිකසිණානුස‍්සතිඅසුභා ච දීඝං අස‍්සාසාදීනි ච ආනන‍්තරිකසමාධිඤාණනිද‍්දෙසෙ (පටි· ම· 1.80-81) නිද‍්දිට‍්ඨත‍්තා සඞ‍්ඛිත‍්තානි. තත්‍ථ ච අවික‍්ඛෙපවසෙනාති පුබ‍්බභාගාවික‍්ඛෙපවසෙන ගහෙතබ‍්බං. අනිච‍්චානුපස‍්සී අස‍්සාසවසෙනාතිආදිකෙ සුද‍්ධවිපස‍්සනාවසෙන වුත‍්තචතුක‍්කෙ පන තරුණවිපස‍්සනාකාලෙ විපස‍්සනාසම‍්පයුත‍්තසමාධිපුබ‍්බඞ‍්ගමා බලවවිපස‍්සනා වෙදිතබ‍්බා.

ආලෝක සංඥා, පටිනිස්සග්ගානු පස්සනාවන්ගේ අන්තර පෙය්‍යාලයෙහි අවික්‍ෂෙපාදීන්ද, ධ්‍යාන සමාපත්ති, කසිණ, අනුස්සති, අශුභද, දීර්ඝ ආස්වාසාදියද, ආනන්තරික සමාධි ඤාණ නිර්දේශයෙහි නිර්දේශිත හෙයින් සංක්‍ෂිප්ත කරන ලද්දේ වේ. එහිද, අවික්ඛෙපවසෙන යනු පූර්වභාග අවික්‍ෂෙප, අවික්‍ෂෙප වශයෙන් ගතයුතුය. අනිච්චානුපස්සී අස්සාසවසෙන ආදී වූ ශුද්ධ විදර්ශනා වශයෙන් කියන ලද චතුෂ්කයෙහි වනාහි තරුණ විදර්ශනා කාලයෙහි, විදර්ශනා සම්ප්‍රයුක්ත සමාධි පූර්වංගම බලවත් විදර්ශනාව දතයුත්තාහ.

විපස‍්සනාපුබ‍්බඞ‍්ගමවාරෙ පඨමං අනිච‍්චතොතිආදිනා ආරම‍්මණං අනියමෙත්‍වා විපස‍්සනා වුත‍්තා, පච‍්ඡා රූපං අනිච‍්චතොතිආදිනා ආරම‍්මණං නියමෙත්‍වා වුත‍්තා. තත්‍ථ ජාතානන‍්ති තස‍්සා විපස‍්සනාය ජාතානං චිත‍්තචෙතසිකානං ධම‍්මානං. වොසග‍්ගාරම‍්මණතාති එත්‍ථ වොසග‍්ගො නිබ‍්බානං. නිබ‍්බානඤ‍්හි සඞ‍්ඛතවොසග‍්ගතො පරිච‍්චාගතො “වොසග‍්ගො”ති වුත‍්තො. විපස‍්සනා ච තංසම‍්පයුත‍්තධම‍්මා ච නිබ‍්බානනින‍්නතාය අජ‍්ඣාසයවසෙන නිබ‍්බානෙ පතිට‍්ඨිතත‍්තා නිබ‍්බානපතිට‍්ඨා නිබ‍්බානාරම‍්මණා. පතිට‍්ඨාපි හි ආලම‍්බීයතීති ආරම‍්මණං නාම හොති, නිබ‍්බානෙ පතිට‍්ඨට‍්ඨෙනෙව නිබ‍්බානාරම‍්මණා. අඤ‍්ඤත්‍ථ පාළියම‍්පි හි පතිට‍්ඨා “ආරම‍්මණ”න‍්ති වුච‍්චන‍්ති. යථාහ – “සෙය්‍යථාපි, ආවුසො, නළාගාරං වා තිණාගාරං වා සුක‍්ඛං කොළාපං තෙරොවස‍්සිකං පුරත්‍ථිමාය චෙපි දිසාය පුරිසො ආදිත‍්තාය තිණුක‍්කාය උපසඞ‍්කමෙය්‍ය, ලභෙථ අග‍්ගි ඔතාරං, ලභෙථ අග‍්ගි ආරම‍්මණ”න‍්තිආදි (සං· නි· 4.243). තස‍්මා තත්‍ථ ජාතානං ධම‍්මානං වොසග‍්ගාරම‍්මණතාය නිබ‍්බානපතිට‍්ඨාභාවෙන හෙතුභූතෙන උප‍්පාදිතො යො චිත‍්තස‍්ස එකග‍්ගතාසඞ‍්ඛාතො උපචාරප‍්පනාභෙදො අවික‍්ඛෙපො, සො සමාධීති විපස‍්සනාතො පච‍්ඡා උප‍්පාදිතො නිබ‍්බෙධභාගියො සමාධි නිද‍්දිට‍්ඨො හොති. තස‍්මායෙව හි ඉති පඨමං විපස‍්සනා, පච‍්ඡා සමථොති වුත‍්තං.

විදර්ශනා පූර්වංගම වාරයෙහි පඨමං අනිච්චතො යන ආදියෙන් අරමුණ නියම කොට යූ.සේයි. තත්‍ථ ජාතානං යනු එම විදර්ශනායෙහි හටගත් චිත්ත චෛතසික ධර්ම, වවස්සග්ගාරම්මණත්තා යන මෙහි වවස්සග්ගො යනු නිර්වාණයයි, නිර්වාණය වනාහි සංඛතයන් අත්හරින හෙයින්, පරිත්‍යාග කරන හෙයින් වොස්සග්ගයයි යූ.සේයි. විදර්ශනාවද, ඒ හා සම්ප්‍රයුක්ත ධර්මයන්ද, නිර්වාණ නිම්නතායෙන් අධ්‍යාශය වශයෙන් නිර්වාණයෙහි පිහිටි හෙයින් නිර්වාණයෙහි පිහිටියාහු, නිර්වාණාරම්මණ වූවාහුය. පිහිටීමද, එල්බේනුයි අරමුණ නම් වේ. නිර්වාණයෙහි පිහිටි අර්ථයෙන්ම නිර්වාණය අරමුණු වූවාහු වෙති. පෙළෙහි අන් තන්හිද ‘පිහිටීම අරමුණ’ යැයි කියති. දෙසූ පරිදි, ඇවැත්නි යම්සේ අවුරුදු තුන හතරක් කල්ගතවූ වියලි බෙන සහිත කොවුලක් වූ බටකැලයක් හෝ තෘණ කැලයක් හෝ වේද, නැගෙනහිර දිසාවෙන් ඇවිලගත් තණහුලක් ගත් පුරුෂයෙක් එළඹෙන්නේය. ගිනි ඇවිලීමෙහිලා දෝෂයක් මතුවන්නේද, ගින්නට ඉඩක් ලබන්නේද, යනාදියෙහි මෙනි. එහි හටගත් ධර්මයන් නිර්වාණයද අරමුණුකොට ඇති හෙයින්, නිර්වාණයෙහි පිහිටන ස්වභාවයෙන් හේතු ආකාරයෙන් උපදවන ලද හෙයින්, යම් චිත්තයාගේ ඒකාග්‍රතා සංඛ්‍යාත, උපචාර අර්පණාභේද යම් අවික්‍ෂෙපයක් වේද, එය සමාධියයි, විදර්ශනාවෙන් පසුව උපදවන ලද නිර්වේදභාගි සමාධිය නිර්දිෂ්ට වේ. එහෙයින්ම පඨමං විපස්සනා පච්ඡා සමථොයි යූසේයි.

යුගනද‍්ධනිද‍්දෙසෙ යස‍්මා හෙට‍්ඨා සුත‍්තන‍්තවණ‍්ණනායං වුත‍්තො යුගනද‍්ධක‍්කමො පුරිමද‍්වයනිද‍්දෙසනයෙනෙව පාකටො, මග‍්ගක‍්ඛණෙ යුගනද‍්ධක‍්කමො පන න පාකටො, තස‍්මා පුබ‍්බභාගෙ අනෙකන‍්තිකං යුගනද‍්ධභාවනං අවත්‍වා මග‍්ගක‍්ඛණෙ එකන‍්තෙන ලබ‍්භමානයුගනද‍්ධභාවනමෙව දස‍්සෙන‍්තො සොළසහි ආකාරෙහීතිආදිමාහ. තත්‍ථ ආරම‍්මණට‍්ඨෙනාතිආදීසු සත‍්තරසසු ආකාරෙසු අන‍්තෙ උද‍්දිට‍්ඨං යුගනද‍්ධං මූලපදෙන එකට‍්ඨත‍්තා තං විප‍්පහාය සෙසානං වසෙන “සොළසහී”ති වුත‍්තං. ආරම‍්මණට‍්ඨෙනාති ආලම‍්බනට‍්ඨෙන, ආරම‍්මණවසෙනාති අත්‍ථො. එවං සෙසෙසුපි. ගොචරට‍්ඨෙනාති ආරම‍්මණට‍්ඨෙපි සති නිස‍්සයිතබ‍්බට‍්ඨානට‍්ඨෙන. පහානට‍්ඨෙනාති පජහනට‍්ඨෙන. පරිච‍්චාගට‍්ඨෙනාති පහානෙපි සති පුන අනාදියනෙන පරිච‍්චාගට‍්ඨෙන. වුට‍්ඨානට‍්ඨෙනාති උග‍්ගමනට‍්ඨෙන. විවට‍්ටනට‍්ඨෙනාති උග‍්ගමනෙපි සති අපුනරාවට‍්ටනෙන නිවත‍්තනට‍්ඨෙන. සන‍්තට‍්ඨෙනාති නිබ‍්බුතට‍්ඨෙන. පණීතට‍්ඨෙනාති නිබ‍්බුතට‍්ඨෙපි සති උත‍්තමට‍්ඨෙන, අතප‍්පකට‍්ඨෙන වා. විමුත‍්තට‍්ඨෙනාති බන්‍ධනාපගතට‍්ඨෙන. අනාසවට‍්ඨෙනාති බන්‍ධනමොක‍්ඛෙපි සති ආරම‍්මණං කත්‍වා පවත‍්තමානාසවවිරහිතට‍්ඨෙන. තරණට‍්ඨෙනාති අනොසීදිත්‍වා පිලවනට‍්ඨෙන, අතික‍්කමනට‍්ඨෙන වා. අනිමිත‍්තට‍්ඨෙනාති සඞ‍්ඛාරනිමිත‍්තවිරහිතට‍්ඨෙන. අප‍්පණිහිතට‍්ඨෙනාති පණිධිවිරහිතට‍්ඨෙන. සුඤ‍්ඤතට‍්ඨෙනාති අභිනිවෙසවිරහිතට‍්ඨෙන. එකරසට‍්ඨෙනාති එකකිච‍්චට‍්ඨෙන. අනතිවත‍්තනට‍්ඨෙනාති අඤ‍්ඤමඤ‍්ඤං අනතික‍්කමනට‍්ඨෙන. යුගනද‍්ධට‍්ඨෙනාති යුගලකට‍්ඨෙන.

යුගනන්‍ධ නිර්දේශයෙහි, යට සූත්‍රාන්ත වර්ණනායෙහි කියන ලද යුගනන්‍ධ ක්‍රමය ප්‍රථම නිර්දේශ ද්වයයෙන්ම ප්‍රකටය. මාර්ගක්‍ෂණයෙහි යුගනන්‍ධ ක්‍රමය අප්‍රකටය. එහෙයින් පූර්වභාගයෙහි අනේකාන්නිත යුගනන්‍ධ භාවනාව නොකියා මාර්ගක්‍ෂණයෙහි ඒකාන්තයෙන් ලැබෙන යුගනන්‍ධ භාවනාවම දක්වනුයේ ‘සොළසහි ආකාරෙහි’ යන ආදිය වදාළහ. එහි ආරම්මණට්ඨෙන යන එල්ලීම් අර්ථයෙන්, අරමුණු වශයෙන් යැයි අර්ථයි. සෙස්සෙහිද මෙසේය. ගොචරට්ඨෙන යනු ආරම්මණාර්ථය ඇතිකල්හිද, පිහිටවිය යුතු අර්ථයෙන්, පහාණට්ඨෙන යනු දුරුකිරීම් අර්ථයෙන්, පරිච්චාගට්ඨෙන යන ප්‍රහාණය ඇතිකල්හිද නැවත නොගැනීමෙන් පරිත්‍යාගාර්ථයෙන්, වුට්ඨානට්ඨෙන යනු උඩට නැගීම් අර්ථයෙන්, විවට්ටනට්ඨෙන යනු උඩට නැගීම් ඇති කල්හිද, පුනරාවර්තන නොවන ආකාරයෙන් නැවතීම් අර්ථයෙන්, සන්තට්ඨෙන යනු නිවීම් අර්ථයෙන්. පණීතට්ඨෙන යනු නිවීම් ඇතිකල්හිද උතුම් අර්ථයෙන් නොතැවීම් අර්ථයෙන්, විමුත්තට්ඨෙන යනු බැඳීම්වලින් ඉවත්වූ අර්ථයෙන්, අනාසවට්ඨෙන යනු බන්‍ධනයන්ගෙන් මිදීම් ඇති කල්හිද, අරමුණුකොට පවත්නා ආශ්‍රව විරහිතාර්ථයෙන්, තරණට්ඨෙන යනු ගිලානොබැස, පාවීම් අර්ථයෙන්, ඉක්මවීම් අර්ථයෙන්, අනිමිත්තට්ඨෙන යනු සංස්කාර නිමිති විරහිතාර්ථයෙන්, අප්පණිහිතට්ඨෙන යනු තෘෂ්ණා ප්‍රාර්ථනා විරහිතාර්ථයෙන්, සුඤ්ඤතට්ඨෙන යනු තෘෂ්ණා වශයෙන් ඇතුළට වැදීම් විරහිතාර්ථයෙන්, එකරසට්ඨෙන යනු එක කෘත්‍යාර්ථයෙන්, අනතිවත්තනට්ඨෙන යනු ඔවුනොවුන් නොඉක්මවන අනර්ථයෙන්, යුගනන්‍ධට්ඨෙන යනු යුගලකාර්ථයෙන්,

උද‍්ධච‍්චං පජහතො, අවිජ‍්ජං පජහතොති යොගිනො තස‍්ස තස‍්ස පටිපක‍්ඛප‍්පහානවසෙන වුත‍්තං. නිරොධො චෙත්‍ථ නිබ‍්බානමෙව. අඤ‍්ඤමඤ‍්ඤං නාතිවත‍්තන‍්තීති සමථො චෙ විපස‍්සනං අතිවත‍්තෙය්‍ය, ලීනපක‍්ඛිකත‍්තා සමථස‍්ස චිත‍්තං කොසජ‍්ජාය සංවත‍්තෙය්‍ය. විපස‍්සනා චෙ සමථං අතිවත‍්තෙය්‍ය, උද‍්ධච‍්චපක‍්ඛිකත‍්තා විපස‍්සනාය චිත‍්තං උද‍්ධච‍්චාය සංවත‍්තෙය්‍ය. තස‍්මා සමථො ච විපස‍්සනං අනතිවත‍්තමානො කොසජ‍්ජපාතං න කරොති, විපස‍්සනා සමථං අනතිවත‍්තමානා උද‍්ධච‍්චපාතං න කරොති. සමථො සමං පවත‍්තමානො විපස‍්සනං උද‍්ධච‍්චපාතතො රක‍්ඛති, විපස‍්සනා සමං පවත‍්තමානා සමථං කොසජ‍්ජපාතතො රක‍්ඛති. එවමිමෙ උභො අඤ‍්ඤමඤ‍්ඤං අනතිවත‍්තනකිච‍්චෙන එකකිච‍්චා, සමා හුත්‍වා පවත‍්තමානෙන අඤ‍්ඤමඤ‍්ඤං අනතිවත‍්තමානා අත්‍ථසිද‍්ධිකරා හොන‍්ති. තෙසං මග‍්ගක‍්ඛණෙ යුගනද‍්ධත‍්තං වුට‍්ඨානගාමිනිවිපස‍්සනාක‍්ඛණෙ යුගනද‍්ධත‍්තායෙව හොති. පහානපරිච‍්චාගවුට‍්ඨානවිවට‍්ටනකරණානං මග‍්ගකිච‍්චවසෙන වුත‍්තත‍්තා සකලස‍්ස මග‍්ගකිච‍්චස‍්ස දස‍්සනත්‍ථං උද‍්ධච‍්චසහගතකිලෙසා ච ඛන්‍ධා ච අවිජ‍්ජාසහගතකිලෙසා ච ඛන්‍ධා ච නිද‍්දිට‍්ඨා. සෙසානං න තථා වුත‍්තත‍්තා පටිපක‍්ඛධම‍්මමත‍්තදස‍්සනවසෙන උද‍්ධච‍්චාවිජ‍්ජා එව නිද‍්දිට‍්ඨා. විවට‍්ටතොති නිවත‍්තන‍්තස‍්ස.

උද්ධච්චං පජහතො අවිජ්ජං පජහතො යනු යෝගියා හට එයට එයට ප්‍රතිපක්‍ෂතා ප්‍රහාණ වශයෙන් යූ.සේයි. මෙහි නිරොධො යනු නිර්වාණයමය. අඤ්ඤමඤ්ඤං නාති වත්තන්ති යනු ඉදින් සමථය විදර්ශනාව ඉක්මවා යන්නේද, මැළිභාව පාක්‍ෂික හෙයින් සමථයෙහි සිත කුසීතතාව සඳහා පවතින්නේය. ඉදින් විදර්ශනාව සමථය ඉක්මවා යන්නේද? නොසන්සුන් පාක්‍ෂික හෙයින් විදර්ශනාවෙහි සිත නොසන්සුන් බව සඳහා පවතින්නේය. එහෙයින් සමථය විදර්ශනාව නොඉක්මවනුයේ කුසීතතායෙහි පතිතවීම් නොකරයි. විදර්ශනාව සමථය නොඉක්මවනුයේ නොසන්සුන්තායෙහි පතිතවීම් නොකරයි. සමථය සමව පවත්වනුයේ විදර්ශනාව නොසන්සුන් බවට වැටීමෙන් රකියි. විදර්ශනාව සමව පවත්වනුයේ සමථය කුසීතතාවයට වැටීමෙන් රකියි. මෙසේ මේ ද්වයය ඔවුනොවුන් නොඉක්මවන කෘත්‍යයෙන් ඒක කෘත්‍යයව සමව පවත්නාහු ඔවුනොවුන් නොඉක්මවන්නාහු අර්ථ සිදුකරන්නාහු වෙති. ඔවුන්ගේ මාර්ගක්‍ෂණයෙහි යුගනන්‍ධත්‍වය උට්ඨානගාමිණී විදර්ශනා ක්‍ෂණයෙහි යුගනන්‍ධත්‍වව වේ. ප්‍රහාණ පරිත්‍යාග, වුට්ඨාන විවට්ටන කරණයන්ගේ මාර්ග කෘත්‍යය වශයෙන් කියන ලද හෙයින්, සියලු මාර්ග කෘත්‍යයාගේ දර්ශනය සඳහා උද්ධච්ච සහගත කෙලෙස්ද, ස්කන්ධයෝද, අවිද්‍යා සහගත කෙලෙස්ද, ස්කන්ධයෝද නිර්දිෂ්ඨයහ. සෙස්සන්ගේ එසේ නොකියන ලද හෙයින්, ප්‍රතිපක්ෂ ධර්ම මාත්‍රයක් දැක්වීම් වශයෙන් උද්ධච්චය හා අවිද්‍යාවම නිර්දිෂ්ටය. විවට්ටතො යනු නොපෙරළෙන අයුරින් නවතන්නාහුට,

සමාධි කාමාසවා විමුත‍්තො හොතීති සමාධිස‍්ස කාමච‍්ඡන්‍දපටිපක‍්ඛත‍්තා වුත‍්තං. රාගවිරාගාති රාගස‍්ස විරාගො සමතික‍්කමො එතිස‍්සා අත්‍ථීති රාගවිරාගා, “රාගවිරාගතො”ති නිස‍්සක‍්කවචනං වා. තථා අවිජ‍්ජාවිරාගා. චෙතොවිමුත‍්තීති මග‍්ගසම‍්පයුත‍්තො සමාධි. පඤ‍්ඤාවිමුත‍්තීති මග‍්ගසම‍්පයුත‍්තා පඤ‍්ඤා. තරතොති තරන‍්තස‍්ස. සබ‍්බපණිධීහීති රාගදොසමොහපණිධීහි, සබ‍්බපත්‍ථනාහි වා. එවං චුද‍්දස ආකාරෙ විස‍්සජ‍්ජිත්‍වා එකරසට‍්ඨඤ‍්ච අනතිවත‍්තනට‍්ඨඤ‍්ච අවිභජිත්‍වාව ඉමෙහි සොළසහි ආකාරෙහීති ආහ. කස‍්මා? තෙසං චුද‍්දසන‍්නං ආකාරානං එකෙකස‍්ස අවසානෙ “එකරසා හොන‍්ති, යුගනද‍්ධා හොන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං නාතිවත‍්තන‍්තී”ති නිද‍්දිට‍්ඨත‍්තා තෙ ද‍්වෙපි ආකාරා නිද‍්දිට‍්ඨාව හොන‍්ති. තස‍්මා “සොළසහී”ති ආහ. යුගනද‍්ධට‍්ඨො පන උද‍්දෙසෙපි න භණිතොයෙවාති.

සමාධි කාමාසවා විමුත්තො හොති යනු සමාධියට කාමච්ඡන්‍දය ප්‍රතිපක්‍ෂ හෙයින් යූ.සේයි. රාගවිරාගා යනු රාගයෙහි විරාගය සමතික්‍රමණය මෙයට ඇත්තේනුයි රාගවිරාගයි. රාග විරාගයෙන් යුතු පංචමී වචනයි. එසේම අවිජ්ජා විරාගා චෙතො විමුත්ති යනු මාර්ග සම්ප්‍රයුක්ත සමාධිය. පඤ්ඤා විමුත්ති යනු මාර්ග සම්ප්‍රයුක්ත ප්‍රඥාව. තරතො යනු තරණය කරන්නහුට, සබ්බ පණිධීහි රාග, ද්වේෂ, මෝහ ප්‍රණීධීන් ඇතුළු සියලු ප්‍රාර්ථනාවන්ගෙන්, මෙසේ තුදුස් ආකාරයෙන් විසඳා, ඒකරසාර්ථයද, නොඉක්මවන අර්ථයද නොවිසඳාම, ඉමෙහි සොළසහි ආකාරෙහි ආදිය කීහ. කුමක් හෙයින්ද යත්? ඒ තුදුස් ආකාරයන්ගේ එකිනෙක අවසානයෙහි, එක්රස වෙයි. යුගනන්‍ධ වෙයි. ඔවුනොවුන් ඉක්මවයි. නිර්දේශිත හෙයින්, එම දොයාකාරයෝම නිර්දේශ කරන ලද්දාහුම වෙති. එහෙයින් සොළසකිනැයි වදාළහ. යුගනන්ධාර්ථය වනාහි උදෙසීමෙහිදනො කියන ලද්දේමය.