ධම්මුද්ධච්චවාරනිද්දෙසවණ්ණනා අට්ඨකථා
ධම්මුද්ධච්චවාරනිද්දෙසවණ්ණනා
ධම්මුද්ධච්චවාරනිද්දෙසවණ්ණනා
ධම්මුද්ධච්චවාරෙ අනිච්චතො මනසිකරොතො ඔභාසො උප්පජ්ජතීති උදයබ්බයානුපස්සනාය ඨිතස්ස තීහි අනුපස්සනාහි පුනප්පුනං සඞ්ඛාරෙ විපස්සන්තස්ස විපස්සන්තස්ස විපස්සනාඤාණෙසු පරිපාකගතෙසු තදඞ්ගවසෙන කිලෙසප්පහානෙන පරිසුද්ධචිත්තස්ස අනිච්චතො වා දුක්ඛතො වා අනත්තතො වා මනසිකාරක්ඛණෙ විපස්සනාඤාණානුභාවෙන පකතියාව ඔභාසො උප්පජ්ජතීති පඨමං තාව අනිච්චතො මනසිකරොතො ඔභාසො කථිතො. අකුසලො විපස්සකො තස්මිං ඔභාසෙ උප්පන්නෙ “න ච වත මෙ ඉතො පුබ්බෙ එවරූපො ඔභාසො උප්පන්නපුබ්බො, අද්ධා මග්ගං පත්තොම්හි, ඵලං පත්තොම්හී”ති අමග්ගංයෙව “මග්ගො”ති, අඵලමෙව “ඵල”න්ති ගණ්හාති. තස්ස අමග්ගං “මග්ගො”ති, අඵලං “ඵල”න්ති ගණ්හතො විපස්සනාවීථි උක්කන්තා හොති. සො අත්තනො විපස්සනාවීථිං විස්සජ්ජෙත්වා වික්ඛෙපමාපන්නො වා ඔභාසමෙව තණ්හාදිට්ඨිමඤ්ඤනාහි මඤ්ඤමානො වා නිසීදති. සො ඛො පනායං ඔභාසො කස්සචි භික්ඛුනො පල්ලඞ්කට්ඨානමත්තමෙව ඔභාසෙන්තො උප්පජ්ජති, කස්සචි අන්තොගබ්භං, කස්සචි බහිගබ්භම්පි, කස්සචි සකලවිහාරං, ගාවුතං අඩ්ඪයොජනං යොජනං ද්වියොජනං…පෙ… කස්සචි පථවිතලතො යාව අකනිට්ඨබ්රහ්මලොකා එකාලොකං කුරුමානො. භගවතො පන දසසහස්සිලොකධාතුං ඔභාසෙන්තො උදපාදි. අයඤ්හි ඔභාසො චතුරඞ්ගසමන්නාගතෙපි අන්ධකාරෙ තං තං ඨානං ඔභාසෙන්තො උප්පජ්ජති.
ධර්මෝද්ධච්චවාරයෙහි, අනිච්චතො මනසි කරොතො ඔභාසො උප්පජ්ජති යනු උදයව්‍යයානු පස්සනාවෙහි සිටියහුට, ත්‍රිවිධ අනුපස්සනාවන්ගෙන් නැවත නැවත සංස්කාරයන් විදර්ශනා කරන කරන කල්හි නුවණ මේරීමට ගියකල්හි, තදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණයෙන්, පිරිසිදු සිතැත්තහුට, අනිත්‍ය වහයෙන් හෝ, දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ මෙනෙහි කරන කෙණෙහි, විදර්ශනා ඤාණානුභාවයෙන් ප්‍රකෘතියෙන්ම ආලෝකය උපදී. පළමුව අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන කල්හි ආලෝකය කියන ලදි. අදක්ෂ විදර්ශකයා එම ආලෝකය උපන් කල්හි, මට මෙයට පෙර මෙබඳු ආලෝකයක් නූපන් විරූය. ඒකාන්තයෙන් මාර්ගයට පැමිණියෙමි. ඵලයට පැමිණියෙමියි, නොමගම මාර්ගයැයිද ඵල නුවූයේම ඵලය යැයි ගනියි. නොමග මාර්ගයැයිද, නිඵලය ඵලයයැයිද ගන්නහුට විදර්ශනා වීථිය උදුරා දමනු ලැබුයේ වේ. හෙතෙම විදර්ශනා වීථිය අත්හැර, වික්ෂේපයට පැමිණියේ හෝ ආලෝකයම, තෘෂ්ණා, දෘෂ්ටි හැඟීම්වලින් හඟිනු ලබන්නේ හෝ හිඳී. මෙම ආලෝකය වනාහි ඇතැම් භික්ෂුවකට පර්යංකස්ථාන ප්‍රමාණයම බබළවනුයේ උපදී. ඇතැමෙකුට ඇතුල්ගැබ, ඇතමෙකුට ගැබෙන් පිටද, ඇතැමෙකුට සම්පූර්ණ විහරයද, ගව්වක්, අඩයොදුනක්, යොදුනක්, දෙයොදුනක් -පෙ- ඇතැමෙකුට පෘථුවිතලයෙහි සිට අකනිටා බඹලොව තෙක් ඒකාලෝක කරමින් පවතී. භාග්‍යවතුන් වහන්සේට වනාහි දසදහසක් ලෝකධාතු බබළවමින් පහළවිය. මෙම ආලෝකය වනාහි සිව් අංගයන්ගෙන් සමන්විත ඝණ අන්ධකාරයෙහි පවා ඒ ඒ ස්ථාන ආලෝක කරමින් උපදී.
ඔභාසො ධම්මොති ඔභාසං ආවජ්ජතීති අයං ඔභාසො මග්ගධම්මො ඵලධම්මොති වා තං තං ඔභාසං මනසි කරොති. තතො වික්ඛෙපො උද්ධච්චන්ති තතො ඔභාසතො ධම්මොති ආවජ්ජනකරණතො වා යො උප්පජ්ජති වික්ඛෙපො, සො උද්ධච්චං නාමාති අත්ථො. තෙන උද්ධච්චෙන විග්ගහිතමානසොති තෙන එවං උප්පජ්ජමානෙන උද්ධච්චෙන විරොධිතචිත්තො, තෙන වා උද්ධච්චෙන කාරණභූතෙන තම්මූලකකිලෙසුප්පත්තියා විරොධිතචිත්තො විපස්සකො විපස්සනාවීථිං ඔක්කමිත්වා වික්ඛෙපං වා තම්මූලකකිලෙසෙසු වා ඨිතත්තා අනිච්චතො දුක්ඛතො අනත්තතො උපට්ඨානානි යථාභූතං නප්පජානාති. “තෙන වුච්චති ධම්මුද්ධච්චවිග්ගහිතමානසො”ති එවං ඉති-සද්දො යොජෙතබ්බො. හොති සො සමයොති එවං අස්සාදවසෙන උපක්කිලිට්ඨචිත්තස්සාපි යොගිනො සචෙ උපපරික්ඛා උප්පජ්ජති, සො එවං පජානාති – “විපස්සනා නාම සඞ්ඛාරාරම්මණා, මග්ගඵලානි නිබ්බානාරම්මණානි, ඉමානි ච චිත්තානි සඞ්ඛාරාරම්මණානි, තස්මා නායමොභාසො මග්ගො, උදයබ්බයානුපස්සනායෙව නිබ්බානස්ස ලොකිකො මග්ගො”ති මග්ගාමග්ගං වවත්ථපෙත්වා තං වික්ඛෙපං පරිවජ්ජයිත්වා උදයබ්බයානුපස්සනාය ඨත්වා සාධුකං සඞ්ඛාරෙ අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සති. එවං උපපරික්ඛන්තස්ස සො සමයො හොති. එවං අපස්සන්තො පන “මග්ගඵලප්පත්තොම්හී”ති අධිමානිකො හොති.
ඔභාසො ධම්මොති ඔභාසං ආවජ්ජති යනු මෙම ආලෝකය, මාර්ග ධර්මයයිද ඵල ධර්මයයිද ඒ ඒ ආලෝකය මෙනෙහි කරයි. තතො වික්ඛෙපො උද්ධච්චං යනු එම ආලෝකය තුළින් එය මාර්ගඵල ධර්මයැයි ආවර්ජනා කිරීමෙන් යම් වික්ෂෙපයක් උපදීද, එය උද්ධච්ච නමැයි අර්ථයි. තෙන උද්ධච්චෙන විග්ගහිත මානසො යනු එයින් මෙසේ උපදිනු ලබන උද්ධච්චයෙන් විරෝධයට පමුණුවන ලද සිතැතියේ, එම උද්ධච්චයෙන් හෝ එයට හේතුවූ එයට මූලික ක්ලේශෝත්පත්තියෙහි විරොධයට පමුණුවන ලද සිතැති, විදර්ශක තෙමේ විදර්ශනා වීථියට බැස, වික්ෂෙපයට හෝ එය මූලික ක්ලේශයන්හි හෝ සිටි හෙයින්, අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් එළැඹ සිටීම් තත්ත්වාකාරයෙන් නොදනී. එහෙයින් ‘ධම්මුද්ධච්ච විග්ගහිත මානසොයි’ කියනු ලැබේ. මෙසේ යයි ශබ්දය යෙදිය යුතු වේ. සො සමයො යනු මෙසේ ආස්වාද වශයෙන් කිලිටි වූ සිතැති යෝගීහුටද ඉදින් විමසා බැලීම් උපදීද, හෙතෙම මෙසේ විශේෂයෙන් දැනගනී. විදර්ශනා නම් සංස්කාරාරම්මණය. මාර්ගඵල නිර්වාණාරම්මණය. මෙම චිත්තයෝද සංස්කාරාරම්මණයහ. එහෙයින් මෙම ආලෝකය මාර්ගය නොවේ. උදයව්‍යය නුවණින් මනාව බැලීමම නිර්වාණයෙහි ලෞකික මාර්ගය යැයි මාර්ගාමාර්ග වෙන්කොට එම වික්ෂෙපය දුරුකොට, උදයව්යයානුපස්සනාවෙහි පිහිටා සිට මනාව සංස්කාරයන්, අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විදර්ශනා කරයි. මෙසේ මනාව පරීක්ෂා කරන්නහුට, යම්කලෙකැ සිත ගෝචරාධ්‍යාත්ම සංඛ්‍යාත ආරම්මණයෙහි පිහිටා නම් මනාව හිඳීනම්, එකඟ වේනම් එබඳු සමයක් වේ. මෙසේ නොදක්නේ වනාහි මාර්ගයට ඵලයට පත්වූයෙමියි අධිමානික වේ.
යං තං චිත්තන්ති යං තං විපස්සනාචිත්තං. අජ්ඣත්තමෙවාති අනිච්චානුපස්සනාය ආරම්මණෙ ගොචරජ්ඣත්තෙයෙව. ඤාණං උප්පජ්ජතීති තස්සෙව යොගාවචරස්ස රූපාරූපධම්මෙ තුලයන්තස්ස තීරයන්තස්ස විස්සට්ඨඉන්දවජිරමිව අවිහතවෙගං තිඛිණං සූරමතිවිසදං විපස්සනාඤාණං උප්පජ්ජති. පීති උප්පජ්ජතීති තස්සෙව තස්මිං සමයෙ ඛුද්දිකා පීති, ඛණිකා පීති, ඔක්කන්තිකා පීති, උබ්බෙගා පීති, ඵරණා පීතීති අයං පඤ්චවිධා විපස්සනාසම්පයුත්තා පීති සකලසරීරං පූරයමානා උප්පජ්ජති. පස්සද්ධි උප්පජ්ජතීති තස්සෙව තස්මිං සමයෙ කායචිත්තානං නෙව දරථො, න ගාරවතා, න කක්ඛළතා , න අකම්මඤ්ඤතා, න ගෙලඤ්ඤතා, න වඞ්කතා හොති. අථ ඛො පනස්ස කායචිත්තානි පස්සද්ධානි ලහූනි මුදූනි කම්මඤ්ඤානි පගුණානි සුවිසදානි උජුකානියෙව හොන්ති. සො ඉමෙහි පස්සද්ධාදීහි අනුග්ගහිතකායචිත්තො තස්මිං සමයෙ අමානුසිං නාම රතිං අනුභවති. යං සන්ධාය වුත්තං –
යං තං චිත්තං යනු යම් ඒ විදර්ශනා සිත, අජ්ඣත්තඤ්ඤෙව යනු ගෝචරාධ්‍යාත්ම සංඛ්‍යාත අනිත්‍යානුපස්සනා අරමුණෙහි, ඤාණං උප්පජ්ජති යනු රූපාරූප ධර්මයන් තුලනය කරන, තීරණය කරන, එම යෝගාවචරයාටම මුදාහළ සක්දෙව්රදුන්ගේ වජ්රායුධය මෙන් නොනසන ලද වේග ඇතියේ, සියුම් ඉතා දක්ෂ පැහැදිලි විදර්ශනා ඥානය උපදී, පීති උප්පජ්ජති යනු ඔහුට එසමයෙහි ඛුද්දිකා, ඛණිකා, ඔක්කන්තිකා, උබ්බෙගා ඵරණා යන මේ පස්වැදෑරුම් ප්‍රීතිය මුළු සිරුර පුරවමින් උපදී. පස්සද්ධි උප්පජ්ජති යනු ඔහුට එසමයෙහි කාය චිත්තයන්ගේ දාහය නොමැතියේමය. ගරුබව (දැඩිබව) නොමැත. කර්කශ බව නොමැත. අකර්මණ්‍යතාව නොමැත. ගිලන් බව නොමැත. වක්බව නොමැත. එකල්හි වනාහි ඔහුගේ කාය චිත්තයෝ සංසුන් වූවාහු, සැහැල්ලු වූවාහු, මෘදු වූවාහු, කර්මණ්ය වූවාහු, ප්‍රගුණ වූවාහු, මනාව පිරිසිදු වූවාහු, සෘජු වූවාහු වෙති. හෙතෙම මෙම සන්සිඳීම් ආදියෙන්, අනුගෘහිත කය හා සිතැතියේ, එසමයෙහි අමානුසි නම් ඇල්ම අනුභව කරයි. (සාමාන්‍ය මිනිසුන් විඳින සැපත ඉක්මවා ගිය)
“සුඤ්ඤාගාරං පවිට්ඨස්ස, සන්තචිත්තස්ස භික්ඛුනො; අමානුසී රතී හොති, සම්මා ධම්මං විපස්සතො.
සුඤ්ඤාගාරං පවිට්ඨස්ස - සන්ත චිත්තස්ස භික්ඛුනො, අමානුසී රතී හොති - සම්මා ධම්මං විපස්සතො
ශූන්‍යාගාරයට පිවිසි ශාන්ත සිතැති භික්ෂුවට, මනාව ධර්මය නුවණින් බලනකල්හි අමානුෂික ඇල්ම හටගනී.
“යතො යතො සම්මසති, ඛන්ධානං උදයබ්බයං; ලභතී පීතිපාමොජ්ජං, අමතං තං විජානත”න්ති. (ධ· ප· 373-4) –
යතො යතො සම්මසති - ඛන්ධානං උදයබ්බයං, ලභතී පීති පාමොජ්ජං - අමතං තං විජානතං
යම්කලෙකැ පටන් ස්කන්ධයන්ගේ උදයව්‍යය විමසා බලයිද? එය අමෘතයැයි දන්නා ලදුයේ එපමණ ප්‍රීති ප්‍රමෝද්‍යයක් ලබයි.
එවමස්ස ඉමං අමානුසිං රතිං සාධයමානා ලහුතාදීහි සහිතා විපස්සනාසම්පයුත්තා කායචිත්තපස්සද්ධි උප්පජ්ජති. සුඛං උප්පජ්ජතීති තස්සෙව තස්මිං සමයෙ සකලසරීරං අභිසන්දයමානං විපස්සනාසම්පයුත්තං සුඛං උප්පජ්ජති. අධිමොක්ඛො උප්පජ්ජතීති තස්සෙව තස්මිං සමයෙ චිත්තචෙතසිකානං අතිසයපසාදභූතා විපස්සනාසම්පයුත්තා සද්ධා උප්පජ්ජති. පග්ගහො උප්පජ්ජතීති තස්සෙව තස්මිං සමයෙ අසිථිලමනච්චාරද්ධං සුපග්ගහිතං විපස්සනාසම්පයුත්තං වීරියං උප්පජ්ජති. උපට්ඨානං උප්පජ්ජතීති තස්සෙව තස්මිං සමයෙ සූපට්ඨිතා සුප්පතිට්ඨිතා නිඛාතා අචලා පබ්බතරාජසදිසා විපස්සනාසම්පයුත්තා සති උප්පජ්ජති. සො යං යං ඨානං ආවජ්ජති සමන්නාහරති මනසි කරොති පච්චවෙක්ඛති, තං තං ඨානමස්ස ඔක්කන්තිත්වා පක්ඛන්‍දිත්‍වා දිබ්බචක්ඛුනො පරලොකො විය සතියා උපට්ඨාති (විසුද්ධි· 2.734).
මෙසේ මොහුට මෙම අමානුෂික ඇල්ම සිදුකරන්නේ, ලහුතාදීන් සමග විදර්ශනා සම්ප්‍රයුක්ත කාය චිත්ත සන්සිඳීම උපදී. සුඛං උප්පජ්ජති යනු ඔහුට එකල්හි මුළුසිරුර පුරා ගලාබස්නා මෙන් විදර්ශනා සම්ප්‍රයුක්ත සුවය උපදී. අධිමොක්ඛො උප්පජ්ජති යනු ඔහුට එසමයෙහි චිත්ත චෛතසිකයන්ගේ අතිශය ප්‍රසාදය වූ, විදර්ශනා සම්ප්‍රයුක්ත ශ්‍රද්ධාව උපදී. පග්ගහො උප්පජ්ජති යනු ඔහුට එසමයෙහි ඉතා ලිහිල් නුවූ - ඉතා දැඩි නුවූ, මනාව එසැවූ, විදර්ශනා සම්ප්‍රයුක්ත වීර්යය උපදී. උපට්ඨානං උප්පජ්ජති යනු ඔහුට එකල්හි, මනාව එළැඹි, මනාව පිහිටි, සිටවූ, නොසෙල්විය හැකි පර්වතරාජයෙකු බඳු විදර්ශනා සම්ප්‍රයුක්ත සිහිය උපදී. හෙතෙම යම් යම් ස්ථානයක් ආවර්ජනය කෙරේද, එක්තැන් කරයිද, මෙනෙහි කෙරේද, ප්රත්යවේක්ෂා කෙරේද, ඒ ඒ ස්ථානය ඔහුට බැසගෙන පැනවැදී, දිව්යචක්ෂුර් ලාභීහුට පරලොව මෙන් සිහිය එළැඹ සිටී.
උපෙක්ඛාති විපස්සනුපෙක්ඛා චෙව ආවජ්ජනුපෙක්ඛා ච. තස්මිඤ්හි සමයෙ සබ්බසඞ්ඛාරෙසු මජ්ඣත්තභූතා විපස්සනුපෙක්ඛාපි බලවතී උප්පජ්ජති, මනොද්වාරෙ ආවජ්ජනුපෙක්ඛාපි. සා හිස්ස තං තං ඨානං ආවජ්ජන්තස්ස විස්සට්ඨඉන්දවජිරමිව පත්තපුටෙ පක්ඛන්දතත්තනාරාචො විය ච සූරා තිඛිණා හුත්වා වහති . එවඤ්හි විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 2.734) වුත්තං. විපස්සනුපෙක්ඛාති චෙත්ථ “විපස්සනාසම්පයුත්තා තත්‍රමජ්ඣත්තුපෙක්ඛා”ති ආචරියා වදන්ති. විපස්සනාඤාණෙ හි ගය්හමානෙ “ඤාණං උප්පජ්ජතී”ති විපස්සනාඤාණස්ස ආගතත්තා පුනරුත්තිදොසො හොති. තතියජ්ඣානවණ්ණනායඤ්ච “සඞ්ඛාරුපෙක්ඛාවිපස්සනුපෙක්ඛානම්පි අත්ථතො එකීභාවො. පඤ්ඤා එව හි සා, කිච්චවසෙන ද්විධා භින්නා”ති වුත්තං. තස්මා විපස්සනාසම්පයුත්තාය තත්රමජ්ඣත්තුපෙක්ඛාය වුච්චමානාය පුනරුත්තිදොසො ච න හොති, තතියජ්ඣානවණ්ණනාය ච සමෙති. යස්මා ච පඤ්චසු ඉන්ද්රියෙසු “ඤාණං අධිමොක්ඛො පග්ගහො උපට්ඨාන”න්ති පඤ්ඤින්ද්රියසද්ධින්ද්රියවීරියින්ද්රියසතින්ද්රියානි නිද්දිට්ඨානි, සමාධින්ද්රියං පන අනිද්දිට්ඨං හොති, යුගනද්ධවසෙනාපි ච සමාධින්ද්රියං නිද්දිසිතබ්බමෙව හොති, තස්මා සමප්පවත්තො සමාධි පුන සමාධානෙ බ්යාපාරප්පහානකරණෙන “උපෙක්ඛා”ති වුත්තොති වෙදිතබ්බං.
උපෙක්ඛා යනු විදර්ශනෝපේක්ෂාවද ආවර්ජනෝපේක්ෂාවද වේ. එකල්හි සියලු සංස්කාරයන්හි මධ්‍යස්ථ ස්වභාව වූ විදර්ශනෝපේක්ෂාවද, මනෝද්වාරයෙහි ආවර්ජනෝපේක්ෂාවද බලවත්ව උපදී. එය ඒ ඒ ස්ථාන ආවර්ජනය කරන්නහුට, මුදාහළ සක්දෙව් රදුන්ගේ වජ්රායුධය මෙන්ද, කොළ ගොටුවක බහාලූ රත්වූ යකඩ හුලක් මෙන්ද, දක්ෂව, තීක්ෂණව උසුලයි. මෙසේ විසුද්ධි මාර්ගයෙහි යූසේයි. ‘විපස්සනූපෙක්ඛා’ යන මෙහි විදර්ශනා සම්ප්‍රයුක්ත තත්ර මධ්යස්ථුපේක්ෂාව යැයි ආචාර්යයෝ කියති. විදර්ශනා ඤාණයන් ගනු ලබන කල්හි, ඤාණං උප්පජ්ජති යයි විදර්ශනා ඤාණය ගණන් ගත් හෙයින්, පුනරුක්ති දෝෂය වේ. තෘතීය ධ්‍යාන වර්ණනාවෙහිද, සංස්කාරෝපේක්ෂා, විදර්ශනෝපේක්ෂාවන්හිද අර්ථ වශයෙන් ඒකීභාවය වේ. එම ප්‍රඥාවම කෘත්‍යය වශයෙන් දෙකඩ වූහයි යූ.සේයි. එහෙයින් විදර්ශනා සම්ප්‍රයුක්ත තත්ර මධ්යස්ථපේක්ෂාව කියනු ලබන කල්හි පුනරුක්ති දෝෂයද නොවේ. තෘතීය ධ්‍යාන වර්ණනාවෙහිද ගැළපේ. පඤ්ච ඉන්ද්රියයන්හි ඤාණය, අධිමෝක්ෂ, පග්රහ, උපට්ඨාන යැයි, ප්රඥෙන්ද්රිය, ශ්රද්ධෙන්ද්රිය, වීර්යෙන්ද්රිය, සතින්ද්රිය නිර්දිෂ්ටය. සමාධීන්‍ද්‍රිය අනිර්දිෂ්ටය, යුගනන්ධ වශයෙන් සමාධීන්‍ද්‍රිය නිර්දේශ කළයුතුමය. සමව පැවැති සමාධිය නැවැත එක්තැන් කිරීමෙහි උත්සාහ දුරුකිරීමෙන් උපේක්ෂා යයි යූසේයි.
නිකන්ති උප්පජ්ජතීති එවං ඔභාසාදිපටිමණ්ඩිතාය විපස්සනාය ආලයං කුරුමානා සුඛුමා සන්තාකාරා නිකන්ති උප්පජ්ජති, යා කිලෙසොති පරිග්ගහෙතුම්පි න සක්කා හොති. යථා ච ඔභාසෙ, එවං එතෙසුපි අඤ්ඤතරස්මිං උප්පන්නෙ යොගාවචරො “න ච වත මෙ ඉතො පුබ්බෙ එවරූපං ඤාණං උප්පන්නපුබ්බං, එවරූපා පීති පස්සද්ධි සුඛං අධිමොක්ඛො පග්ගහො උපට්ඨානං උපෙක්ඛා නිකන්ති උප්පන්නපුබ්බා, අද්ධා මග්ගං පත්තොම්හි, ඵලං පත්තොම්හී”ති අමග්ගමෙව “මග්ගො”ති, අඵලමෙව “ඵල”න්ති ගණ්හාති. තස්ස අමග්ගං “මග්ගො”ති, අඵලඤ්ච “ඵල”න්ති ගණ්හතො විපස්සනාවීථි උක්කන්තා හොති. සො අත්තනො මූලකම්මට්ඨානං විස්සජ්ජෙත්වා නිකන්තිමෙව අස්සාදෙන්තො නිසීදති. එත්ථ ච ඔභාසාදයො උපක්කිලෙසවත්ථුතාය උපක්කිලෙසාති වුත්තා, න අකුසලත්තා. නිකන්ති පන උපක්කිලෙසො චෙව උපක්කිලෙසවත්ථු ච. වත්ථුවසෙනෙව චෙතෙ දස, ගාහවසෙන පන සමතිංස හොන්ති. කථං? “මම ඔභාසො උප්පන්නො”ති ගණ්හතො හි දිට්ඨිග්ගාහො හොති, “මනාපො වත ඔභාසො උප්පන්නො”ති ගණ්හතො මානග්ගාහො, ඔභාසං අස්සාදයතො තණ්හාග්ගාහො. ඉති ඔභාසෙ දිට්ඨිමානතණ්හාවසෙන තයො ගාහා. තථා සෙසෙසුපීති එවං ගාහවසෙන සමතිංස උපක්කිලෙසා හොන්ති. දුක්ඛතො මනසිකරොතො, අනත්තතො මනසිකරොතොති වාරෙසුපි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො. එකෙකඅනුපස්සනාවසෙන හෙත්ථ එකෙකස්ස විපස්සනුපක්කිලෙසුප්පත්ති වෙදිතබ්බා, න එකස්සෙව.
නිකන්ති උප්පජ්ජති යනු මෙසේ ආලෝකාදියෙන් සැදුම්ත් විදර්ශනාවට ඇලුම් කරනුයේ සියුම් සංසුන් ආකාර වූ තෘෂ්ණාව හටගනී. කෙලෙස්යයි පරිග්‍රහණය කරන්ටද නොහැකි වේ. ආලෝකයෙහි යම්සේද, ඒවාහි කිසියම් එකක් හටගත් කල්හි යෝගාවචරයා, ඒකාන්තයෙන් මා හට මින්පෙර මෙවන් ඤාණයක්, මෙබඳු ප්‍රීතියක්, සංසිඳීමක්, සුවයක්, සිතෙහි ස්ථීරත්වයක්, උත්සාහවත් වීමක්, එළඹ සිටීමක්, උපේක්ෂාවක්, තෘෂ්ණාවක නූපන් විරූය. ඒකාන්තයෙන් මාර්ගයට පැමිණියෙමි. ඵලයට පැමිණියෙමියි, නොමගම මාර්ගයැයිද, ඵලනුවූවක්ම ඵලයෙකැයි ගනියි. නොමග මගයැයිද, ඵල නුවූවක් ඵලයයැයි ගන්නහුට විදර්ශනා වීථිය නොමගට පිළිපන්නේ වේ. හෙතෙම තමාගේ මුල් කමටහන අත්හැර තෘෂ්ණාවම ආස්වාද කරනුයේ හිඳියි. මෙහිද ආලෝක ආදීහු කෙලෙසුන්ට හේතු හෙයින් උපක්ලේශයි යූසේයි. අකුසල් නොවේ. තෘෂ්ණාව වනාහි උපක්ලේශයද, උපක්ලේශ වස්තුවද වේ. වස්තු වශයෙන්ද ඒවා දසයකි. ග්‍රහණ වශයෙන් තිහකි. කෙසේද, මට ආලෝකය උපනැයි ගන්නා කල්හි දෘෂ්ටි ග්‍රාහය වෙයි. සිත්කලු ආලෝකයක් උපනැයි ගන්නා කල්හි මාන ග්‍රාහය වෙයි. ආලෝකය ආස්වාදනය කරන්නහුට තෘෂ්ණා ග්රාහයයි. මෙසේ ආලෝකයෙහි දෘෂ්ටි, මාන, තෘෂ්ණා වශයෙන් ග්රාහත්රයයකි. සෙසු ප්‍රීති ආදීන්හිද එසේය. මෙසේ ග්‍රාහ වශයෙන් සමතිස් උපක්ලේශ වෙයි. දුක්ඛතො මනසිකරොතො අනත්තතො මනසිකරොතො යන වාරයන්හිද මෙම ක්‍රමයෙන් අර්ථය දතයුතුය. එක් එක් අනුපස්සනා වශයෙන් වනාහි මෙහි එක් ක් විදර්ශනෝපක්ලේශෝත්පත්ති දතයුත්තාහ. තනි එකක් වශයෙන් නොවේ.
තීසු අනුපස්සනාසු. එවං අභෙදතො විපස්සනාවසෙන උපක්කිලෙසෙ දස්සෙත්වා පුන භෙදවසෙන දස්සෙන්තො රූපං අනිච්චතො මනසිකරොතොතිආදිමාහ. තත්ථ ජරාමරණං අනිච්චතො උපට්ඨානන්ති ජරාමරණස්ස අනිච්චතො උපට්ඨානං.
ත්‍රිවිධ අනුපස්සනාවන්හි මෙසේ භේද රහිත විදර්ශනා වශයෙන් උපක්ලේශයන් ඉදිරිපත්කොට නැවත භේද වශයෙන් ඉදිරිපත් කරනුයේ, රූපං අනිච්චතො මනසි කරොතො ආදිය වදාළහ. එහි ජරා මරණං අනිච්චතො උපට්ඨානං යනු ජරා මරණයාගේ අනිත්‍යය වශයෙන් වැටහීම.
යස්මා පුබ්බෙ වුත්තානං සමතිංසාය උපක්කිලෙසානං වසෙන අකුසලො අබ්යත්තො යොගාවචරො ඔභාසාදීසු විකම්පති, ඔභාසාදීසු එකෙකං “එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සති, තස්මා තමත්ථං දස්සෙන්තො ඔභාසෙ චෙව ඤාණෙ චාතිආදිගාථාද්වයමාහ. තත්ථ විකම්පතීති ඔභාසාදිකෙ ආරම්මණෙ නානාකිලෙසවසෙන විවිධා කම්පති වෙධති. යෙහි චිත්තං පවෙධතීති යෙහි පස්සද්ධිසුඛෙහි චිත්තං නානාකිලෙසවසෙන නානප්පකාරෙන වෙධති කම්පති. තස්මා පස්සද්ධියා සුඛෙ චෙව යොගාවචරො විකම්පතීති සම්බන්ධො වෙදිතබ්බො. උපෙක්ඛාවජ්ජනාය චෙවාති උපෙක්ඛාසඞ්ඛාතාය ආවජ්ජනාය චෙව විකම්පති, ආවජ්ජනුපෙක්ඛාය චෙව විකම්පතීති අත්ථො. විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 2.736) පන “උපෙක්ඛාවජ්ජනායඤ්චා”ති වුත්තං. උපෙක්ඛාය චාති හෙට්ඨා වුත්තප්පකාරාය උපෙක්ඛාය ච විකම්පති, නිකන්තියා ච විකම්පතීති අත්ථො. එත්ථ ච ද්වින්නං උපෙක්ඛානං නිද්දිට්ඨත්තා හෙට්ඨා “උපෙක්ඛා උප්පජ්ජතී”ති වුත්තට්ඨානෙ ච උභයථා අත්ථො වුත්තො. අනිච්චානුපස්සනාදීසු ච එකෙකිස්සායෙව ආවජ්ජනුපෙක්ඛාය සබ්භාවතො එකෙකායෙව අනුපස්සනා අනිච්චං අනිච්චං, දුක්ඛං දුක්ඛං, අනත්තා අනත්තාති පුනප්පුනං භාවීයතීති වුත්තං හොති. යස්මා පන කුසලො පණ්ඩිතො බ්යත්තො බුද්ධිසම්පන්නො යොගාවචරො ඔභාසාදීසු උප්පන්නෙසු “අයං ඛො මෙ ඔභාසො උප්පන්නො, සො ඛො පනායං අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො ඛයධම්මො වයධම්මො විරාගධම්මො නිරොධධම්මො”ති ඉති වා නං පඤ්ඤාය පරිච්ඡින්දති උපපරික්ඛති. අථ වා පනස්ස එවං හොති – සචෙ ඔභාසො අත්තා භවෙය්ය, “අත්තා”ති ගහෙතුං වට්ටෙය්ය. අනත්තාව පනායං “අත්තා”ති ගහිතො. තස්මායං අවසවත්තනට්ඨෙන අනත්තාති පස්සන්තො දිට්ඨිං උග්ඝාටෙති. සචෙ ඔභාසො නිච්චො භවෙය්ය, “නිච්චො”ති ගහෙතුං වට්ටෙය්ය. අනිච්චොව පනායං “නිච්චො”ති ගහිතො. තස්මායං හුත්වා අභාවට්ඨෙන අනිච්චොති පස්සන්තො මානං සමුග්ඝාටෙති. සචෙ ඔභාසො සුඛො භවෙය්ය, “සුඛො”ති ගහෙතුං වට්ටෙය්ය. දුක්ඛොව පනායං “සුඛො”ති ගහිතො. තස්මායං උප්පාදවයපටිපීළනට්ඨෙන දුක්ඛොති පස්සන්තො නිකන්තිං පරියාදියති. යථා ච ඔභාසෙ, එවං සෙසෙසුපි.
පෙර කියන ලද සමතිස් උපක්ලේශයන්ගේ වශයෙන් අදක්ෂ, අව්‍යක්ත යෝගාවචරයා ආලෝකාදීන්හි විශේෂයෙන් කම්පාවෙයි. ආලෝකාදීන්හි එකින් එක එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයැයි මනාසේ දකියි. ඒ අර්ථය දක්වනුයේ ඔභාසෙ චෙව ඤාණෙච යන ගාථා ද්වයය වදාළහ. එහි විකම්පති යනු ආලෝකාදී අරමුණුවල නොයෙක් කෙලෙස් වශයෙන් විවිධාකාරයෙන් කම්පා වේ. සැලේ. යෙහි චිත්තං පවෙධති යනු සන්සිඳීම් ආදී සුවයන්ගෙන් සිත, නොයෙක් කෙලෙස් වශයෙන් නානාප්‍රකාරයෙන් සැලේ. කම්පා වේ. පස්සද්ධියා සුඛෙචෙව යෝගාවචරයා විවිධාකාරයෙන් කම්පාවේයයි සම්බන්ධය දතයුතුය. උපෙක්ඛා වජ්ජනාය චෙව යනු උපේක්ෂා සංඛ්‍යාත ආවර්ජනයෙන්ද විශේෂයෙන් කම්පා වේ. ආවර්ජනෝපේක්ෂාවෙන්ද විශේෂයෙන් කම්පා වේයයි අර්ථයි. විශුද්ධි මාර්ගයෙහි වනාහි ‘උපෙක්ඛා වජ්ජනායංච’ යයි යූසේයි. උපෙක්ඛා යච යනු යට කියන ලද ආකාර ඇති, උපේක්ෂාවෙන්ද තෘෂ්ණාවෙන්ද විශේෂයෙන් කම්පා වේයයි අර්ථයි. මෙහිද, දෙවදෑරුම් උපේක්ෂාවන්ගේ වශයෙන් නිර්දේශිත හෙයින්, යට උපේක්ෂාව හටගනීයයි දක්වන ලද තන්හි, දෙයාකාරයෙන් අර්ථය යූ.සේයි. අනිත්යානුපස්සනාදීන්හිද, එකිනෙකම වූ ආවර්ජනෝපේක්ෂාවගේ යෙදෙන හෙයින්, එකිනෙකම වූ, අනුපස්සනාවෝ, අනිත්‍යය, අනිත්‍යය, දුක්ය, දුක්ය, අනාත්මය, අනාත්මයැයි නැවත නැවත වඩනු ලැබේ යයි යූසේයි. දක්ෂ, නුවණැති, ව්‍යක්ත, බුද්ධිමත් යෝගාවචර තෙමේ, ආලෝකාදිය හටගත් කල්හි මෙම ආලෝකය මට උපන්නේය. එබඳු වූ මෙම ආලෝකය වනාහි, අනිත්‍යය, ප්‍රත්‍යයෙන් හටගත්තේය. හේතුවකින් හටගත්තේය. ක්ෂය වන ස්වභාවයය, විනාශවන ස්වභාවයය, නොඇලිය යුතු ස්වභාවයකි. නිරුද්ධවන ස්වභාවයකැයි මෙසේ එය ප්‍රඥාවෙන් පිරිසිඳියි. මනාව පරීක්ෂා කරයි. තවද ඔහුට මෙබඳු සිතක් වේ. ‘ඉදින් ආලෝකය ආත්මය වන්නේද? ආත්මයැයි ගන්ට වටනේය. මෙය ආත්මය නොවූයේම ආත්මයැයි ගන්නා ලද්දේය. එහෙයින් මෙය වශයෙහි නොපවත්නා අර්ථයෙන් ආත්මියැයි දක්නේ දෘෂ්ටිය උගුලුවාලයි. ඉදින් ආලෝකය නිත්‍ය වන්නේද? නිත්‍යයැයි ගන්ට සුදුසුය. මෙය අනිත්‍යය වූයේම නිත්‍යයැයි ගන්නා ලද්දේය. එහෙයින් මෙය පැවත අභාවයට යන අර්ථයෙන් අනිත්‍යයැයි දක්නේ මානය උගුලුවා ලයි. ඉදින් ආලෝකය සුවයෙක් වන්නේද? සුවයැයි ගන්ට වටනේය. මෙය දුක් ස්වභාව වූයේම සුවයැයි ගන්නා ලදි. එහෙයින් මෙය ඉපැත්ම විනාශය යනාදියෙන් මනා පීඩනයට පත්වන අර්ථයෙන් දුකකැයි දක්නේ තෘෂ්ණාව මඩිනු ලැබේ. ආලෝකය යම්සේද, සෙස්සෙහිද එසේමය.
එවං උපපරික්ඛිත්වා ඔභාසං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සති. ඤාණං…පෙ… නිකන්තිං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සති. එවං සමනුපස්සන්තො ඔභාසාදීසු න කම්පති න වෙධති. තස්මා තමත්ථං දස්සෙන්තො ඉමානි දස ඨානානීති ගාථමාහ. තත්ථ දස ඨානානීති ඔභාසාදීනි. පඤ්ඤා යස්ස පරිච්චිතාති යස්ස උපක්කිලෙසවිමුත්තාය පඤ්ඤාය පරිචිතානි පුනප්පුනං ඵුට්ඨානි පරිභාවිතානි. ධම්මුද්ධච්චකුසලො හොතීති සො පඤ්ඤාය පරිචිතදසට්ඨානො යොගාවචරො පුබ්බෙ වුත්තප්පකාරස්ස ධම්මුද්ධච්චස්ස යථාසභාවපටිවෙධෙන ඡෙකො හොති. න ච සම්මොහ ගච්ඡතීති ධම්මුද්ධච්චකුසලත්තායෙව තණ්හාමානදිට්ඨුග්ඝාටවසෙන සම්මොහඤ්ච න ගච්ඡති.
මෙසේ මනාව පරීක්ෂාකොට, ආලෝකය එය මාගේ නොවේ. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙමියි මනාව දකියි. ඤාණය -පෙ- තෘෂ්ණාව එය මාගේ නොවේ. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි මනාව දකියි. මෙසේ මනාව දක්නේ ආලෝකාදීන්හි කම්පා නොවේ. නොසැලේ. එහෙයින් එම අර්ථය දක්වනුයේ ඉමානි දසඨානානි යන ගාථාව වදාළහ. එහි දස ඨානානි යනු ආලෝකාදීහුය. පඤ්ඤා යස්ස පරිචිතා යනු යමක්හු විසින් උපක්ලේශයන්ගෙන් මුක්ත ප්‍රඥායෙන්, පුරුදුකරන ලද්දාහු නැවත නැවත ස්පර්ශ කරන ලද්දාහු, මනාව වඩන ලද්දේය. ධම්මුද්ධච්ච කුසලො හොති යනු ප්‍රඥායෙන් පුරුදු කරන ලද, දස ස්ථාන ඇති එම යෝගාවචරයා, පෙර කියන ලද ආකාර ඇති ධර්මෝද්ධච්චයෙහි නිසි ස්වභාව ප්‍රතිවේධයෙන් දක්ෂ වේ. නච සම්මොහං ගච්ඡති යනු ධර්මෝද්ධච්චයෙහි දක්ෂතායෙන්ම තෘෂ්ණා, මාන, දෘෂ්ටි උගුළුවා දැමීම් වශයෙන් මුළාවට නොයේ.
ඉදානි පුබ්බෙ වුත්තමෙව විධිං අපරෙන පරියායෙන විභාවෙත්වා දස්සෙන්තො වික්ඛිපති චෙව කිලිස්සති චාතිආදිගාථමාහ. තත්ථ මන්දපඤ්ඤො යොගාවචරො ඔභාසාදීසු වික්ඛෙපඤ්ච අවසෙසකිලෙසුප්පත්තිඤ්ච පාපුණාති. මජ්ඣිමපඤ්ඤො වික්ඛෙපමෙව පාපුණාති, නාවසෙසකිලෙසුප්පත්තිං, සො අධිමානිකො හොති. තික්ඛපඤ්ඤො වික්ඛෙපං පාපුණිත්වාපි තං අධිමානං පහාය විපස්සනං ආරභති. අතිතික්ඛපඤ්ඤො න වික්ඛෙපං පාපුණාති, න චාවසෙසකිලෙසුප්පත්තිං. වික්ඛිප්පති චෙවාති තෙසු මන්දපඤ්ඤො ධම්මුද්ධච්චසඞ්ඛාතං වික්ඛෙපඤ්චෙව පාපුණීයති. කිලිස්සති චාති තණ්හාමානදිට්ඨිකිලෙසෙහි කිලෙසීයති ච, උපතාපීයති විබාධීයතීති අත්ථො. චවති චිත්තභාවනාති තස්ස මන්දපඤ්ඤස්ස විපස්සනාචිත්තභාවනා කිලෙසෙසුයෙව ඨානතො පටිපක්ඛාවිහතත්තා චවති, පරිපතතීති අත්ථො. වික්ඛිපති න කිලිස්සතීති මජ්ඣිමපඤ්ඤො වික්ඛෙපෙන වික්ඛිපති, කිලෙසෙහි න කිලිස්සති. භාවනා පරිහායතීති තස්ස මජ්ඣිමපඤ්ඤස්ස අධිමානිකත්තා විපස්සනාරම්භාභාවෙන විපස්සනා පරිහායති, නප්පවත්තතීති අත්ථො. වික්ඛිපති න කිලිස්සතීති තික්ඛපඤ්ඤොපි වික්ඛෙපෙන වික්ඛිපති, කිලෙසෙහි න කිලිස්සති. භාවනා න පරිහායතීති තස්ස තික්ඛපඤ්ඤස්ස සන්තෙපි වික්ඛෙපෙ තං අධිමානවික්ඛෙපං පහාය විපස්සනාරම්භසබ්භාවෙන විපස්සනාභාවනා න පරිහායති, පවත්තතීති අත්ථො. න ච වික්ඛිපතෙ චිත්තං න කිලිස්සතීති අතිතික්ඛපඤ්ඤස්ස චිත්තං න වික්ඛෙපෙන වික්ඛිපති, න ච කිලෙසෙහි කිලිස්සති. න චවති චිත්තභාවනාති තස්ස විපස්සනාචිත්තභාවනා න චවති, වික්ඛෙපකිලෙසාභාවෙන යථාඨානෙ තිට්ඨතීති අත්ථො.
පෙර කියන ලද ආකාරයම, වෙනත් ක්‍රමයකින් ප්‍රකටකොට දක්වනුයේ, වික්ඛිප්පති චෙව කිලිස්සතිච යනාදී ගාථාව වදාළහ. එහි මන්ද ප්‍රාඥ යෝගාවචර තෙමේ, ආලෝකාදීන්හි වික්ෂේපයද, සෙසු ක්ලේශෝත්පත්තියටද පැමිණේ. මධ්‍යම ප්‍රාඥ තෙමේ වික්ෂේපයටම පැමිණේ. සෙසු ක්ලේශෝත්පත්තියට නොපැමිණේ. හෙතෙම අධිමානික වේ. තීක්ෂණ ප්‍රාඥයා වික්ෂේපයට පැමිණද, එම අධිමානය දුරැලා විදර්ශනාව අරඹයි. අති තීක්ෂණ ප්‍රාඥ තෙමේ වික්ෂෙපයට නොපැමිණේ. සෙසු ක්ලේශෝත්පත්තියට නොපැමිණේ. වික්ඛිප්පති චෙව යනු ඔවුනතර මන්ද ප්‍රාඥ තෙමේ ධර්මෝද්ධච්ච සංඛ්‍යාත වික්ෂෙපයටද පැමිණේ. කිලිස්සතිච යනු තෘෂ්ණා, මාන, දෘෂ්ටි යන කෙලෙසුන්ගෙන් කෙලෙසෙනු ලැබේ. බාධා කෙරේයයි අර්ථයි. චවති චිත්ත භාවනා යනු ඒ මන්ද ප්‍රාඥයාට, විදර්ශනා චිත්ත භාවනාව කෙලෙසුන් කෙරෙහිම පිහිටා සිටින හෙයින් ප්‍රතිපක්‍ෂතා නසන ලද හෙයින් ච්‍යුත වේ. බිදවැටේ යයි අර්ථයි. වික්ඛිපති න කිලිස්සති යනු මධ්‍යම ප්‍රාඥ තෙමේ වික්ෂේපයෙන් වික්ෂේපයට පත්වේ. කෙලෙසුන්ගෙන් කිලිටි නොවන්නේය. භාවනා පරිහායති යනු ඒ මධ්‍යම ප්‍රාඥයාට අධිමානික හෙයින්, විදර්ශනා ආරම්භ අභාවයෙන් විදර්ශනාවෙන් පිරිහෙයි. නොපවතී යයි අර්ථයි. වික්ඛිපති න කිලිස්සති යනු තීක්ෂණ ප්‍රාඥ තෙමේද, වික්ෂේපයෙන් වික්ෂේපයට පත්වේ. කෙලෙසුන්ගෙන් කිලිටි නොවන්නේය. භාවනා න පරිහායති යනු එම තීක්ෂණ ප්‍රාඥයා හට වික්ෂේපය ඇතිකල්හිද, එම අධිමාන වික්ෂේපය අත්හැර විදර්ශනාරම්භය යෙදීමෙන්, විදර්ශනා භාවනාව නොපිරිහේ. පවතීයයි අර්ථයි. නච වික්ඛිපතෙ චිත්තං න කිලිස්සති යනු අති තීක්ෂණ ප්‍රාඥයාට සිත වික්ෂේපයෙන් වික්ෂේපයට පත් නොවේ. කෙලෙසුන්ගෙන් කිලිටි නොවේ. න චවති චිත්ත භාවනා යනු ඔහු විදර්ශනා චිත්ත භාවනාවෙන් ච්‍යුත නොවේ. වික්ෂේප ක්ලේශ අභාවයෙන් නිසිතැන සිටීයයි අර්ථයි.
ඉමෙහි චතූහි ඨානෙහීතිආදීසු ඉදානි වුත්තෙහි ඉමෙහි චතූහි ඨානෙහි හෙතුභූතෙහි, කරණභූතෙහි වා ඔභාසාදිකෙ දස ඨානෙ චිත්තස්ස සඞ්ඛෙපෙන ච වික්ඛෙපෙන ච විග්ගහිතං මානසං වික්ඛෙපකිලෙසුප්පත්තිවිරහිතො චතුත්ථො කුසලො මහාපඤ්ඤො යොගාවචරො මන්දපඤ්ඤාදීනං තිණ්ණං යොගාවචරානං මානසං එවඤ්ච එවඤ්ච හොතීති නානප්පකාරතො ජානාතීති සම්බන්ධතො අත්ථවණ්ණනා වෙදිතබ්බා. සඞ්ඛෙපොති චෙත්ථ වික්ඛෙපස්ස චෙව කිලෙසානඤ්ච උප්පත්තිවසෙන චිත්තස්ස ලීනභාවො වෙදිතබ්බො. වික්ඛෙපොති “වික්ඛිපති න කිලිස්සතී”ති ද්වීසු ඨානෙසු වුත්තවික්ඛෙපවසෙන චිත්තස්ස උද්ධතභාවො වෙදිතබ්බොති.
ඉමෙහි චතූහි ඨානෙහි යනාදීන්හි දැන් කියන ලද මෙම කරුණු සතරෙන්ද, හේතු වූ, කාරණා වූ, ඕභාසාදී දස ස්ථානයෙහි ‘චිත්තයාගේ සංක්‍ෂේපයෙන්ද, වික්ෂේපයෙන්ද, විරෝධයට පමුණුවන ලද සිත. වික්ෂේප ක්ලේශෝත්පත්ති විරහිත සතරාකාරයන්හි දක්ෂ, මහා ප්‍රාඥ යෝගාවචර තෙමේ මන්ද ප්රාඥාදී ත්‍රිවිධ යෝගාවචරයින්ගේ මනස මෙසේ මෙසේ වේයයි නා නා අයුරින් දනීයයි සම්බන්ධතා වශයෙන් අර්ථ වර්ණනා දතයුත්තාහ. සංඛෙපො යනු චිත්ත වික්ෂේපයාගේද, කෙලෙසුන්ගේ උත්පත්ති වශයෙන් චිත්තයාගේ මැළිබව දතයුතුය. වික්ඛෙපො යනු වික්ෂේප නොවේ. කිලිටි නොවන්නේය යන දෙතන්හි කියන ලද වික්ෂේප වශයෙන් චිත්තයාගේ නොසන්සුන් බව දතයුතුය.
යුගනද්ධකථාවණ්ණනා නිට්ඨිතා.
යුගනන්ධ කථා වර්ණනා නිමි.