4-1. පඨමසුත‍්තං
4-1. පඨමසුත‍්තං
4-1. ප්‍රථම සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි ‘භික‍්ඛවො’ති. ‘භදන‍්තෙ’ති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:
“මා විසින් මෙසේ අසනලද නොහොත් මා ගේ ඇසීම මෙසේ යි. කෙසේ ද යත්: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වාසය කරන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්‍ද්‍රියසූත්‍රය වදාළ සේක.
පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි, කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ. පඤ‍්චින්‍ද්‍රියානි.
මහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක. කවර පස්දෙනෙක් ද යත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්‍මෘතීන්‍ද්‍රිය යැ සමාධීන්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පඤ්චේන්‍ද්‍රියයෝ යි.
ඉමානි පඤ‍්චින්‍ද්‍රියානි කතිහාකාරෙහි විසුජ‍්ඣන‍්ති: ඉමානි පඤ‍්චින්‍ද්‍රියානි පන‍්නරසහි ආකාරෙහි විසුජ‍්ඣන‍්ති. අස‍්සද‍්ධෙ පුග‍්ගලෙ පරිවජ‍්ජයතො, සද‍්ධෙ පුග‍්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, පසාදනීයෙ සුත‍්තන‍්තෙ පච‍්චවෙක‍්ඛතො, ඉමෙහි තීහාකාරෙහි සද‍්ධින්‍ද්‍රියං විසුජ‍්ඣති.
මේ පඤ්චේන්‍ද්‍රියයෝ කිහි අයුරෙකින් විශුද‍්ධ වෙත් ද යත්: මේ පඤ්චේන්‍ද්‍රියයෝ පසළොස් අයුරෙකින් විශුද්‍ධ වෙති. ශ්‍රද්ධා නැති පුද්ගලයන් දුරැලන්නාහට ශ්‍රද්ධා ඇති පුද්ගලයන් සෙවුනාහට භජනය කරන්නාහට පර්‍ය්‍යුපාසනය කරන්නාහට ප්‍රසාද එළවන සූත්‍රාන්තයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින් ශ්‍රද්ධේන්‍ද්‍රියය විශුද්ධ වෙයි.
කුසීතෙ පුග‍්ගලෙ පරිවජ‍්ජයතො, ආරද‍්ධවිරියෙ පුග‍්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, සම‍්මප‍්පධානෙ පච‍්චවෙක‍්ඛතො, ඉමෙහි තීහාකාරෙහි විරියින්‍ද්‍රියං විසුජ‍්ඣති.
කුසීදපුද්ගලයන් දුරැලන්නාහට, ආරබ්ධවීර්‍ය්‍ය පුද්ගලයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කරන්නාහට, සම්‍යක්ප්‍රදහනයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින් වීර්ය්‍යේන්‍ද්‍රියය විශුද්ධ වෙයි.
මුට‍්ඨස‍්සතී පුග‍්ගලෙ පරිවජ‍්ජයතො, උපට‍්ඨිතසති, පුග‍්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, සතිපට‍්ඨානෙ පච‍්චවෙක‍්ඛතො, ඉමෙහි තීහාකාරෙහි සතින්‍ද්‍රියං විසුජ‍්ඣති.
මුළාසිහි ඇති පුද්ගලයන් දුරැලන්නාහට, එළඹසිටි සිහි ඇති පුද්ගලයන් සේවන - භජන - පර්‍ය්‍යුපාන කරන්නාහට, සීවටන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින් ස්මෘතීන්‍ද්‍රියය විශුද්ධ වෙයි.
අසමාහිතෙ පුග‍්ගලෙ පරිවජ‍්ජයතො, සමාහිතෙ පුග‍්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, ඣානවිමොක‍්ඛෙ පච‍්චවෙක‍්ඛතො, ඉමෙහි තීහාකාරෙහි සමාධින්‍ද්‍රියං විසුජ‍්ඣති.
අසමාහිත පුද්ගලයන් දුරැලන්නාහට, සමාහිතපුද්ගලයන් සේවන - භජන- පර්‍ය්‍යුපාසන කරන්නාහට, ධ්‍යාන - විමෝක්‍ෂයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින් සමාධීන්‍ද්‍රිය විශුද්ධ වෙයි.
දුප‍්පඤ‍්ඤෙ පුග‍්ගලෙ පරිවජ‍්ජයතො, පඤ‍්ඤවන‍්තෙ පුග‍්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, ගම‍්භිරඤාණචරියං පච‍්චවෙක‍්ඛතො, ඉමෙහි තීහාකාරෙහි පඤ‍්ඤින්‍ද්‍රියං විසුජ‍්ඣති.
ප්‍රඥා නැති පුද්ගලයන් දුරැලන්නාහට, ප්‍රඥා ඇති පුද්ගලයන් සේවන - භජන- පර්‍ය්‍යුපාසන කරන්නාහට, ගම්භීරඥානචර්‍ය්‍යා ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින් ප්‍රඥේන්‍ද්‍රියය විශුද්ධ වෙයි.
ඉති ඉමෙ පඤ‍්ච පුග‍්ගලෙ පරිවජ‍්ජයතො, පඤ‍්ච පුග‍්ගලෙ සෙවතො භාජතො පයිරු පාසතො, පසාදනීයෙ සුත‍්තන‍්තෙ පච‍්චවෙක‍්ඛතො, ඉමෙහි පන‍්නරසහි ආකාරෙහි ඉමානි පඤ‍්චින්‍ද්‍රියානි විසුජ‍්ඣන‍්ති.
මෙසෙයින් මේ පඤ‍්‍වපුද්ගලයන් දුරැලන්නාහට, පඤ‍්‍වපුද්ගලයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කරන්නාහට, පඤ්චසූත්‍රාන්තයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ පසළොස් අයුරින් මේ පඤ්චේන්‍ද්‍රියයෝ විශුද්ධ වෙත්.
කතිහාකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි භාවීයන‍්ති, කතිහාකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං භාවනා හොති: දසහාකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි භාවීයන‍්ති, දසහාකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං භාවනා හොති.
කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනුලැබෙත් ද කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ භාවනාව වේ ද යත්: දසඅයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනු ලැබෙති. දස අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ භාවනාව වෙයි.
අස‍්සද‍්ධියං පජහන‍්තො සද‍්ධින්‍ද්‍රියං භාවෙති. සද‍්ධින්‍ද්‍රියං භාවෙන‍්තො අස‍්සද‍්ධියං පජහති. කොසජ‍්ජං පජහන‍්තො විරියින්‍ද්‍රියං භාවෙති, විරියින්‍ද්‍රියං භාවෙන‍්තො කොසජ‍්ජං පජහති. පමාදං පජහන‍්තො සතින්‍ද්‍රියං භාවෙති, සතින්‍ද්‍රියං භාවෙන‍්තො පමාදං පජහති. උද‍්ධච‍්චං පජහන‍්තො සමාධින්‍ද්‍රියං භාවෙති, සමාධින්‍ද්‍රියං භාවෙන‍්තො උද‍්ධච‍්චං පජහති. අවිජ‍්ජං පජහන‍්තො පඤ‍්ඤින්‍ද්‍රියං භාවෙති, පඤ‍්ඤින්‍ද්‍රියං භාවෙන‍්තො අවිජ‍්ජං පජහති.
ශ්‍රද්ධා නැති බව දුරැලනුයේ ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩයි. ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩනුයේ ශ්‍රද්ධා නැති බව දුරැලයි. කුසීද බව දුරැලනුයේ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩයි. වීර්ය්‍යේන්‍ද්‍රියය වඩනුයේ කුසීද බව දුරැලයි. ප්‍රමාදය දුරැලනුයේ ස්මෘතීන්‍ද්‍රියය වඩයි, ස්මෘතීන්‍ද්‍රියය වඩනුයේ ප්‍රමාදය දුරැලයි. උද්ධතභාවය දුරැලනුයේ සමාධීන්‍ද්‍රියය වඩයි. සමාධීන්‍ද්‍රියය වඩනුයේ උද්ධතභාවය දුරැලයි. අවිද්‍යාව දුරැලනුයේ ප්‍රඥේන්‍ද්‍රියය වඩයි. ප්‍රඥේන්‍ද්‍රියය වඩනුයේ අවිද්‍යාව දුරැලයි.
ඉමෙහි දසහාකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි භාවියන‍්ති, ඉමෙහි දසහාකාරෙහි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං භාවනා හොති.
මේ දස අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනු ලැබෙත්. මේ දස අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ භාවනාව වේ.
කතිහාකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි භාවිතානි හොන‍්ති සුභාවිතානි: දසහාකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි භාවිතානි හොන‍්ති සුභාවිතානි.
කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලද්දාහු මොනවට වඩනා ලද්දාහු වෙත් ද යත්: දස අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු මොනවට වඩනාලද්දාහු වෙති.
අස‍්සද‍්ධියස‍්ස පහීනත‍්තා සුප‍්පහීනත‍්තා සද‍්ධින්‍ද්‍රියං භාවිතං හොති සුභාවිතං, සද‍්ධින්‍ද්‍රියස‍්ස භාවිතත‍්තා සුභාවිතත‍්තා අස‍්සද‍්ධියං පහීනං හොති සුප‍්පහීනං, කොසජ‍්ජස‍්ස පහීනත‍්තා සුප‍්පහීනත‍්තා විරියින්‍ද්‍රියං භාවිතං හොති සුභාවිතං, විරියින්‍ද්‍රියස‍්ස භාවිතත‍්තා සුභාවිතත‍්තා කොසජ‍්ජං පහීනං හොති සුප‍්පහීනං, පමාදස‍්ස පහීනත‍්තා සුප‍්පහීනත‍්තා සතින්‍ද්‍රියං භාවිතං හොති සුභාවිතං, සතින්‍ද්‍රියස‍්ස භාවිතත‍්තා සුභාවිතත‍්තා පමාදො පහීනො හොති සුප‍්පහීනො, උද‍්ධච‍්චස‍්ස පහීනත‍්තා සුප‍්පහීනත‍්තා සමාධින්‍ද්‍රියං භාවිතං හොති සුභාවිතං, සමාධින්‍ද්‍රියස‍්ස භාවිතත‍්තා සුභාවිතත‍්තා උද‍්ධච‍්චං පහීනං හොති සුප‍්පහීනං, අවිජ‍්ජජය පහීනත‍්තා සුප‍්පහීනත‍්තා පඤ‍්ඤින්‍ද්‍රියං භාවිතං හොති සුභාවිතං, පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස භාවිතත‍්තා සුභාවිතත‍්තා අවිජ‍්ජා පහීනා හොති සුප‍්පහීනා.
ශ්‍රද්‍ධා නැති බව ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩනාලද්දේ මොනොවට වඩනාලද්දේ වෙයි. ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනොවට වඩනාලද බැවින් ශ්‍රද්‍ධා නැති බව ප්‍රහීණ වූයේ මොනොවට ප්‍රහීණ වූයේ වෙයි. කුසීද බව ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් වීර්ය්‍යේන්‍ද්‍රියය වඩනාලද්දේ මොනොවට වඩනා ලද්දේ වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනොවට වඩනාලද බැවින් කුසීද බව ප්‍රහීණ වූයේ මොනොවට ප්‍රහීණ වූයේ වෙයි. ප්‍රමාදය ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් ස‍්මෘතීන්‍ද්‍රියය වඩනාලද්දේ මොනොවට වඩනාලද්දේ වෙයි. ස‍්මෘතීන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනොවට වඩනා ලද බැවින් ප්‍රමාදය ප්‍රහීණ වූයේ මොනොවට ප්‍රහීණ වූයේ වෙයි. උද්ධතභාවය ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් සමාධීන්‍ද්‍රියය වඩනා ලද්දේ මොනොවට වඩනාලද්දේ වෙයි. සමාධීන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනොවට වඩනාලද බැවින් උද්ධතභාවය ප්‍රහීණ වූයේ මොනොවට ප්‍රහීණ වූයේ වෙයි. අවිද්‍යාව ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් ප්‍රඥේන්‍ද්‍රියය වඩනාලද්දේ මොනොවට වඩනා ලද්දේ වෙයි. ප්‍රඥේන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනවට වඩනාලද බැවින් අවිද්‍යාව ප්‍රහීණ වූවා මොනොවට ප්‍රහීණ වූවා වෙයි.
ඉමෙහි දසහාකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි භාවිතානි හොන‍්ති සුභාවිතානි.
මේ දශ අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලද්දාහු මොනොවට වඩනා ලද්දාහු වෙත්.
කතිහාකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි භාවියන‍්ති, කතිහාකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි භාවිතානි චෙව හොන‍්ති සුභාවිතානි ච, පටිප‍්පස‍්සද‍්ධානි ච සුප‍්පටිප‍්පස‍්සද‍්ධානි ච: චතූහාකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි භාවීයන‍්ති, චතූහාකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි භාවිතානි චෙව හොන‍්ති සුභාවිතානි ච, පටිප‍්පස‍්සද‍්ධානි ච සුප‍්පටිප‍්පස‍්සද‍්ධානි ච.
කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙත් ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති යත්: සියු අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. සියු අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති.
සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ පඤ‍්චින්‍ද්‍රියානි භාවීයන‍්ති, සොතාපත‍්තිඵලක‍්ඛණෙ පඤ‍්චින්‍ද්‍රියානි භාවිතානි චෙව හොන‍්ති සුභාවිතානි ච, පටිප‍්පස‍්සද‍්ධානි ච සුප‍්පටිප‍්පස‍්සද‍්ධානි ච, සකදාගාමිමග‍්ගක‍්ඛණෙ පඤ‍්චින්‍ද්‍රියානි භාවීයන‍්ති, සකදාගාමිඵලක‍්ඛණෙ පඤ‍්චින්‍ද්‍රියානි භාවිතානි චෙව හොන‍්ති සුභාවිතානි ච. පටිප‍්පස‍්සද‍්ධානි ච සුප‍්පටිප‍්පස‍්සද‍්ධානි ච, අනාගාමිමග‍්ගක‍්ඛණෙ පඤ‍්චින්‍ද්‍රියානි භාවීයන‍්ති, අනාගාමිඵලක‍්ඛණෙ පඤ‍්චින්‍ද්‍රියානි භාවිතානි චෙ ව හොන‍්ති සුභාවිතානි ච පටිප‍්පස‍්සද‍්ධානි ච සුප‍්පටිප‍්පස‍්සද‍්ධානි ච, අරහත‍්තමග‍්ගක‍්ඛණෙ පඤ‍්චින්‍ද්‍රියානි භාවීයන‍්ති, අරහත‍්තඵලක‍්ඛණෙ පඤ‍්චින්‍ද්‍රියානි භාවිතානි චෙව හොන‍්ති සුභාවිතානි ච, පටිප‍්පස‍්සද‍්ධානි ච සුප‍්පටිප‍්පස‍්සද‍්ධානි ච.
ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති. සකෘදාගාමි මාර්‍ගක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. සකෘදාගාමි ඵලක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති. අනාගිමීමාර්‍ගක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. අනාගාමීඵලක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති. අර්‍හන්‍මාර්‍ගක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. අර්‍හත්ඵලක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙත්.
ඉති චතස‍්සො මග‍්ගවිසුද‍්ධියො, චතස‍්සො ඵලවිසුද‍්ධියො, චතස‍්සො සමුච‍්ඡෙදවිසුද‍්ධියො, චතස‍්සො පටිප‍්පස‍්සද‍්ධිවිසුද‍්ධියො. ඉමෙහි චතූහාකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි භාවීයන‍්ති, ඉමෙහි චතූහාකාරෙහි පඤ‍්චින්‍ද්‍රියානි භාවිතානි චෙව හොන‍්ති සුභාවිතානි ච, පටිප‍්පස‍්සද‍්ධානි ච සුප‍්පටිප‍්පස‍්සද‍්ධානි ච.
මෙසෙයින් මාර්‍ගවිශුද්ධි සතරෙක, ඵලවිශුද්ධි සතරෙක, සමුච්ඡේද විශුද්ධි සතරෙක, ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිශුද්ධි සතරෙකි. මේ සියු අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. මේ සියු අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනාලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙත්.
කතින‍්නං පුග‍්ගලානං ඉන්‍ද්‍රියභාවනා. කති පුග‍්ගලා භාවිතින්‍ද්‍රියා. අට‍්ඨන‍්නං පුග‍්ගලානං ඉන්‍ද්‍රියභාවනා, තයො පුග‍්ගලා භාවිතින්‍ද්‍රියා.
කෙතෙක් පුද්ගලයන්ට ඉන්‍ද්‍රියභාවනා වේ ද, කෙතෙක් පුද්ගලයෝ භාවිතඉන්‍ද්‍රිය ඇත්තාහු වෙත් ද යත්: පුද්ගලයන් අටදෙනකුන්හට ඉන්‍ද්‍රිය භාවනා වෙයි. පුද්ගලයෝ තිදෙනෙක් භාවිතඉන්‍ද්‍රිය ඇත්තාහු වෙති.
කතමෙසං අට‍්ඨන‍්නං පුග‍්ගලානං ඉන්‍ද්‍රියභාවනා: සත‍්තන‍්නඤ‍්ච සෙක‍්ඛානං පුථුජ‍්ජනකල්‍යාණකස‍්ස ච ඉමෙසං අට‍්ඨන‍්නං පුග‍්ගලානං ඉන්‍ද්‍රියභාවනා, කතමෙ තයො පුග‍්ගලා භාවිතින්‍ද්‍රියා: සවනෙන බුද‍්ධො තථාගතස‍්ස සාවකො ඛීණාසවො භාවිතින්‍ද්‍රියො, සයං භූතට‍්ඨෙන පච‍්චෙකබුද‍්ධො භාවිතින්‍ද්‍රියො, අප‍්පමෙය්‍යට‍්ඨෙන තථාගතො අරහං සම‍්මාසම‍්බුද‍්ධො භාවිතින්‍ද්‍රියො. ඉමෙ තයො පුග‍්ගලා භාවිතින්‍ද්‍රියා.
කවර පුද්ගලයන් අටදෙනෙකුන්හට ඉන්‍ද්‍රියභාවනා වේ ද යත්: සප්‍තශෛක්‍ෂකයනට ද පෘථග්ජනකල්‍යාණකහට දැ යි මේ පුද්ගලයන් අටදෙනාහට ඉන්‍ද්‍රියභාවනා වෙයි. කවර පුද්ගලයෝ තිදෙනෙක් භාවිතඉන්‍ද්‍රිය ඇත්තාහු ද, යත්: ශ්‍රවණයෙන් චතුස්සත්‍යාවබෝධය කළා වූ තථාගතශ්‍රාවක වූ ක්‍ෂීණාස්‍රව තෙමේ භාවිත ඉන්‍ද්‍රිය ඇත්තේ වෙයි. තමා මැ ආර්‍ය්‍යජාතියෙහි ජාතස්වභාවයෙන් පසේබුදුහු භාවිත ඉන්‍ද්‍රිය ඇත්තාහු වෙති. අප්‍රමේය ස්වභාවයෙන් තථාගත වූ අර්‍හත් වූ සම්මාසම්බුදුහු භාවිත ඉන්‍ද්‍රිය ඇත්තාහු වෙත්. මේ පුද්ගලයෝ තිදෙනා භාවිත ඉන්‍ද්‍රිය ඇත්තාහු වෙත්.
ඉති ඉමෙසං අට‍්ඨන‍්නං පුග‍්ගලානං ඉන්‍ද්‍රියභාවනා, ඉමෙ තයො පුග‍්ගලා භාවිතින්‍ද්‍රියා.
මෙසෙයින් මේ පුද්ගලයන් අටදෙනාහට ඉන්‍ද්‍රියභාවනා වෙයි. මේ තුන් පුද්ගලයෝ භාවිත ඉන්‍ද්‍රිය ඇත්තාහු වෙත්.
පඨමසුත‍්ත නිද‍්දෙසො.
ප්‍රථම සූත්‍රාන්තනිර්දේශ යි.