යෙදුමෙන් කියවන්න

3-6, 11. ඤාණරාසිඡක‍්කං

3-6, 11. ඤාණරාසිඡක‍්කං.

3-6, 11. ඥානරාශිෂට්ක

(6) කතමානි චතුවීසති සමාධිවසෙන ඤාණානි:

සමාධිවශයෙන් සූවිසි ඥානයෝ කවරහ යත්:

දීඝං අස‍්සාසවසෙන චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි, දීඝං පස‍්සාසවසෙන චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි -පෙ- විමොචයං චිත‍්තං අස‍්සාසවසෙන චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි, විමොචයං චිත‍්තං පස‍්සාසවසෙන චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි.

‘දීඝං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි යැ ‘දීඝං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි යැ ... ‘විමොචයං චිත්තං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි යැ ‘විමොචයං චිත්තං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි යි.

ඉමානි චතුවීසති සමාධිවසෙන ඤාණානි.

මොහු සමාධි වශයෙන් සූවිසි ඥානයෝ යි. (1)

(7) කතමානි ද‍්වෙසත‍්තති විපස‍්සනාවසෙන ඤාණානි:

විදර්‍ශනා වශයෙන් දෙසැත්තෑ ඥානයෝ කවරහ යත්:

දීඝං අස‍්සාසං අනිච‍්චතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා, දුක‍්ඛතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා, අනත‍්තතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා. දීඝං පස‍්සාසං අනිච‍්චතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා, දුක‍්ඛතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා, අනත‍්තතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා -පෙ- විමොචයං චිත‍්තං අස‍්සාසං -පෙ- විමොචයං චිත‍්තං පස‍්සාසං අනිච‍්චතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා, දුක‍්ඛතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා අනත‍්තතො අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා.

දීර්‍ඝ වූ ආශ්වාසය අනිත්‍ය හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ දුඃඛ හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ අනාත්ම හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ දීර්‍ඝ වූ ප්‍රශ්වාස අනිත්‍ය හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ දුඃඛ හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ අනාත්ම හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ ... සිත මුදමින් ආශ්වාසය ... සිත මුදමින් ප්‍රශ්වාසය අනිත්‍ය හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ දුඃඛ හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ අනාත්ම හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යි.

ඉමානි ද‍්වෙසත‍්තති විපස‍්සනාවසෙන ඤාණානි.

මොහු විදර්‍ශනා වශයෙන් දෙසැත්තෑ ඥානයෝ යි. (2)

(8) කතමානි අට‍්ඨ නිබ‍්බිදාඤාණානි:

අෂ්ටනිර්වේදඥානයෝ කවරහ යත්:

අනිච‍්චානුපස‍්සී අස‍්සාසං යථාභූතං ජානාති පස‍්සතීති නිබ‍්බිදාඤාණං, අනිච‍්චානුපස‍්සී පස‍්සාසං යථාභූතං ජානාති පස‍්සතීති නිබ‍්බිදාඤාණං -පෙ- පටිනිස‍්සග‍්ගානුපස‍්සී අස‍්සාසං යථාභූතං ජානාති පස‍්සතීති නිබ‍්බිදාඤාණං, පටිනිස‍්සග‍්ගානුපස‍්සී පස‍්සාසං යථාභූතං ජානාති පස‍්සතීති නිබ‍්බිදාඤාණං.

අනිත්‍යානුදර්ශී වැ ආශ්වාස කරනුයේ ඇති සැටියෙන් දනී දකී නු යි නිර්වේදඥාන යැ අනිත්‍යානුදර්ශී වැ ප්‍රශ්වාසය කරනුයේ ඇති සැටියෙන් දනී දකී නු යි නිර්වේදඥාන යැ ... ප්‍රතිනිඃසර්‍ගානුදර්ශී වැ ආශ්වාසකරනුයේ ඇති සැටියෙන් දනී දකී නු යි නිර්වේදඥාන යැ ප්‍රතිනිඃසර්‍ගානු දර්ශීවැ ප්‍රශ්වාස කරනුයේ ඇති සැටියෙන් දනී දකී නු යි නිර්වේදඥාන යි.

ඉමානි අට‍්ඨ නිබ‍්බිදාඤාණානි.

මොහු අෂ්ට නිර්වේදඥානයෝ යි. (3)

(9) කතමානි අට‍්ඨ නිබ‍්බිදානුලොමෙ ඤාණානි.

අෂ්ටනිර්වේදානුලෝමඥානයෝ කවරහ යත්:

අනිච‍්චානුපස‍්සී අස‍්සාසං භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා නිබ‍්බිදානුලොමෙ ඤාණං, අනිච‍්චානුපස‍්සී පස‍්සාසං භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා නිබ‍්බිදානුලොමෙ ඤාණං -පෙ- පටිනිස‍්සග‍්ගානුපස‍්සී අස‍්සාසං භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා නිබ‍්බිදානුලොමෙ ඤාණං, පටිනිස‍්සග‍්ගානුපස‍්සී පස‍්සාසං භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා නිබ‍්බිදානුලොමෙ ඤාණං.

අනිත්‍යානුදර්ශී වැ ආශ්වාස කරන්නහුට භය හෙයින් වැටහීමේ ප්‍රඥාව නිර්වේදානුලෝමඥාන යැ අනිත්‍යානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නහුට භය හෙයින් වැටහීමේ ප්‍රඥාව නිර්වේදානුලෝමඥාන යැ ... පටිනිස්සග්ගානුපස්සී වැ ආශ්වාස කරන්නහුට භය හෙයින් වැටහීමේ ප්‍රඥාව නිර්වේදානුලෝමඥාන යැ පටිනිස්සග්ගානුපස්සී වැ ප්‍රශ්වාස කරන්නහුට භය හෙයින් වැටහීමේ ප්‍රඥාව නිර්වේදානුලෝමඥාන යි.

ඉමානි අට‍්ඨ නිබ‍්බිදානුලොමෙ ඤාණානි.

මොහු අෂ්ට නිර්‍වෙදානුලොමඥානයෝ යි. (4)

(10) කතමානි අට‍්ඨ නිබ‍්බිදාපටිප‍්පස‍්සද‍්ධි ඤාණානි:

නිර්වේදප්‍රතිප්‍රශබ්ධිඥානයෝ අටදෙන කවරහ යත්:

අනිච‍්චානුපස‍්සී අස‍්සාසං පටිසඞ‍්ඛා සන‍්තිට‍්ඨනා පඤ‍්ඤා නිබ‍්බිදාපටිප‍්පස‍්සද‍්ධිඤාණං, අනිච‍්චානුපස‍්සී පස‍්සාසං පටිසඞ‍්ඛා සන‍්තිට‍්ඨනා පඤ‍්ඤා නිබ‍්බිදාපටිපපස‍්සද‍්ධිඤානං -පෙ- පටිනිස‍්සග‍්ගානුපස‍්සී අස‍්සාසං පටිසඞ‍්ඛා සන‍්තිට‍්ඨනා පඤ‍්ඤා නිබ‍්බිදාපටිප‍්පස‍්සද‍්ධිඤාණං, පටිනිස‍්සග‍්ගානුපස‍්සී පස‍්සාසං පටිසඞ‍්ඛා සන‍්තිට‍්ඨනා පඤ‍්ඤා නිබ‍්බිදාපටිප‍්පස‍්සද‍්ධිඤාණං.

අනිත්‍යානුදර්ශී වැ ආශ්වාස කරන්නහුට පටිසඞ්ඛාසන්තිට්ඨනා ප්‍රඥාව නිර්වේදප්‍රතිප්‍රශබ්ධිඥාන වෙයි, අනිත්‍යානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නහුට පටිසඞ්ඛාසන්තිට්ඨනා ප්‍රඥාව නිර්වේදප්‍රතිප්‍රශබ්ධිඥාන වෙයි, පටිනිස්සාග්ගානුපස්සී වැ ආශ්වාස කරන්නහුට පටිසඞ්ඛාසන්තිට්ඨනා ප්‍රඥාව නිර්වේදප්‍රතිප්‍රශබ්ධිඥාන වෙයි, පටිනිස්සාග්ගානුපස්සී වැ ප්‍රශ්වාස කරන්නහුට පටිසඞ්ඛාසන්තිට්ඨනා ප්‍රඥාව නිර්වේදප්‍රතිප්‍රශබ්ධිඥාන වේ.

ඉමානි අට‍්ඨ නිබ‍්බිදාපටිප‍්පස‍්සද‍්ධිඤාණානි.

මොහු නිර්වේදඥානයෝ අටදෙන වෙත්. (5)

(11) කතමානි එකවීසති විමුත‍්තිසුඛෙ ඤාණානි:

එක්විසි විමුක්තිසුඛඥානයෝ කවරහ යත්:

සොතාපත‍්තිමග‍්ගෙන සක‍්කායදිට‍්ඨියා පහීනත‍්තා සමුච‍්ඡින‍්නත‍්තා උප‍්පජ‍්ජති විමුත‍්තිසුඛෙ ඤාණං, විචිකිච‍්ඡාය පහීනත‍්තා සමුච‍්ඡින‍්නත‍්තා උප‍්පජ‍්ජති විමුත‍්තිසුඛෙ ඤාණං, සීලබ‍්බතපරාමාසස‍්ස -පෙ- දිට‍්ඨානුසයස‍්ස -පෙ- විචිකිච‍්ඡානුසයස‍්ස පහීනත‍්තා සමුච‍්ඡින‍්නත‍්තා උප‍්පජ‍්ජති විමුත‍්තිසුඛෙ ඤාණං, සකදාගාමිමග‍්ගෙන ඔළාරිකස‍්ස කාමරාගසඤ‍්ඤොජනස‍්ස -පෙ- පටිඝසඤ‍්ඤොජනස‍්ස -පෙ- ඔළාරිකස‍්ස කාමරාගානුසයස‍්ස, පටිඝානුසයස‍්ස පහීනත‍්තා සමුච‍්ඡින‍්නත‍්තා උප‍්පජ‍්ජති විමුත‍්තිසුඛෙ ඤාණං, අනාගාමිමග‍්ගෙන අනුසහගතස‍්ස කාමරාගසඤ‍්ඤොජනස‍්ස -පෙ- පටිඝසඤ‍්ඤොජනස‍්ස, අනුසහගතස‍්ස කාමරාගානුසයස‍්ස, පටිඝානුසයස‍්ස පහීනත‍්තා සමුච‍්ඡින‍්නත‍්තා උප‍්පජ‍්ජති විමුත‍්තිසුඛෙ ඤාණං, අරහත‍්තමග‍්ගෙන රූපරාගස‍්ස -පෙ- අරූපරාගස‍්ස, මානස‍්ස, උද‍්ධච‍්චස‍්ස, අවිජ‍්ජජය මානානුසයස‍්ස, භවරාගානුසයස‍්ස. අවිජ‍්ජානුසයස‍්ස පහීනත‍්තා සමුච‍්ඡින‍්නත‍්තා උප‍්පජ‍්ජති විමුත‍්තිසුඛෙ ඤාණං.

ස්‍රෝතාපත්තිමාර්‍ගයෙන් සත්කායදෘෂ්ටිය පුහුන් බැවින් මුලුසුන් කරන ලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. විචිකිත්සාව පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. ශීලව්‍රතපරාමර්‍ශය ... දෘෂ්ට්‍යනුශය විචිකිත්සානුශය පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. සකෘදාගාමීමාර්‍ගයෙන් ඖදාරිකකාමරාගසංයෝජනය ... ප්‍රතිඝසංයෝජනය ඖදාරික වූ කාමරාගානුශය ප්‍රතිඝානුශය පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. අනාගාමිමාර්‍ගයෙන් අණුසහගත වූ කාමරාගසංයෝජනය ... ප්‍රතිඝසංයෝජනය අණුසහගත වූ කාමරාගානුශය ප්‍රතිඝානුශය පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. අර්‍හන්මාර්‍ගයෙන් රූපරාගය ... අරූපරාගය මානය ඖදත්‍යය අවිද්‍යාව මානානුශය භවරාගානුශය අවිද්‍යානුශය පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී.

ඉමානි එකවීසති විමුත‍්තිසුඛෙ ඤාණානි.

මොහු එක්විසි විමුක්තිඥානයෝ යි.

සොළසවත්‍ථුකං ආනාපානසතිසමාධිං භාවයතො සමධිකානි ඉමානි ද‍්වෙ ඤාණසතානි උප‍්පජ‍්ජන‍්ති.

ෂෝඩශවස්තුක වූ අනාපානසතිසමාධිය වඩන්නාහට සාධික වූ මේ ඥානයෝ දෙසියදෙන උපදිත්.

ආනාපානසතිකථා සමත‍්තා.

ආනාපානස්මෘතිකථා නිමි.