8. සල්ලසුත්තවණ්ණනා අට්ඨකථා
8. සල්ලසුත්තවණ්ණනා
8. සල්ල සූත්‍ර වර්ණනාව
අනිමිත්තන්ති සල්ලසුත්තං. කා උප්පත්ති? භගවතො කිර උපට්ඨාකො එකො උපාසකො, තස්ස පුත්තො කාලමකාසි. සො පුත්තසොකාභිභූතො සත්තාහං නිරාහාරො අහොසි. තං අනුකම්පන්තො භගවා තස්ස ඝරං ගන්ත්වා සොකවිනොදනත්ථං ඉමං සුත්තමභාසි.
අනිමිත්තං යනු සල්ල සූත්‍රයයි. එම සූත්‍රය දේසනා කිරිමට හේතුව කුමක්ද? භාග්‍යවතුන් වහන්සේට උවටැන් කරන එක් උපාසකතුමෙක් විය. ඔහුගේ පුතා මළේය. ඔහු පුතු මළ සොවින් සත්දිනක්ම නිරාහාරව සිටියේය. ඔහුට අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ නිවසට වැඩමකොට ශෝකය දුරුකරනු පිණිස මෙම සූත්‍රය වදාළහ.
තත්ථ අනිමත්තන්ති කිරියාකාරනිමිත්තවිරහිතං. යථා හි “යදාහං අක්ඛිං වා නිඛණිස්සාමි, භමුකං වා උක්ඛිපිස්සාමි, තෙන නිමිත්තෙන තං භණ්ඩං අවහරා”තිආදීසු කිරියාකාරනිමිත්තමත්ථි, න එවං ජීවිතෙ. න හි සක්කා ලද්ධුං “යාවාහං ඉදං වා ඉදං වා කරොමි, තාව ත්වං ජීව, මා මීයා”ති. අනඤ්ඤාතන්ති අතො එව න සක්කා එකංසෙන අඤ්ඤාතුං “එත්තකං වා එත්තකං වා කාලං ඉමිනා ජීවිතබ්බ”න්ති ගතියා ආයුපරියන්තවසෙන වා. යථා හි චාතුමහාරාජිකාදීනං පරිමිතං ආයු, න තථා මච්චානං, එවම්පි එකංසෙන අනඤ්ඤාතං.
අනිමිත්තං යම් කටයුතුවල නිරතවීමට නොහැකිවීමයි. ‘මා යම් වේලාවක ඇසින් ඉඟි කරද්දී හෝ, ඇහි බැම ඉහළට නැංවීම වැනි ඒ නිමිති අනුව (ඒ හඟවන ලකුණු අනුව) ඒ දෙය ඉවතට ගෙන යන්න’ මේ ආදී ලෙසට කටයුතු කරනු ඇත. ජීවිතය මෙසේ නොවේ. ලබාගැනීමට නොහැකිය. මම මේ ලෙස හෝ කරන්නම්, එතෙක් ඔබ ජීවත්වන්න, මැරෙන්න එපා! (මෙපරිදි තිර බවක් නැත.) අනඤ්ඤාතං මෙපමණ කලක් මොහු ජීවත්විය යුතුයැයි, ඉපිද ජීවත්වන කාලය හෝ, ආයු කාලය අවසානය හෝ ඒකාන්තයෙන් දැනගත නොහැකි ය. චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයුකාලය මෙපමණකැයි දක්වා ඇතත්, (මිනිසුන්ට) එසේ නොවේ. මච්චානං මෙසේ නිසැකවම දැනගත නොහැකිය.
කසිරන්ති අනෙකපච්චයපටිබද්ධවුත්තිභාවතො කිච්ඡං න සුඛයාපනීයං. තථා හි තං අස්සාසපටිබද්ධඤ්ච, පස්සාසපටිබද්ධඤ්ච, මහාභූතපටිබද්ධඤ්ච, කබළීකාරාහාරපටිබද්ධඤ්ච, උස්මාපටිබද්ධඤ්ච, විඤ්ඤාණපටිබද්ධඤ්ච. අනස්සසන්තොපි හි න ජීවති අපස්සසන්තොපි. චතූසු ච ධාතූසු කට්ඨමුඛාදිආසීවිසදට්ඨො විය කායො පථවීධාතුප්පකොපෙන තාව ථද්ධො හොති කලිඞ්ගරසදිසො. යථාහ –
කසිරං නොයෙක් කරුණු, දේවල් හා සම්බන්ධවන බැවින් සුවසේ යැපීම අපහසුය. ඒ අනුව හුස්ම ගැනීමත්, හුස්ම පහළ හෙළීම ද මහාභූතවලින් සකස්වීමත්, පිඬු ලෙස ගන්නා ආහාරයත්, උණුසුමත්, හැඳිනීමේ, සිතීමේ හැකියාවත් අතර ඇති සම්බන්ධය නොතිබේ නම්, නොකිය හැකි වුවත්, නොදැකිය හැකි වුවත් ජීවත් නොවේ. සිවු ධාතුන් අතරින් පඨවි ධාතුව කෝප වීමෙන්, වෙනස් වීමෙන් විස සපෙකු ඩසිනු ලැබූ විටකදී මෙන් ලී කැබැල්ලක් මෙන් සිරුර තද බවට - දරදඬු බවට පත්වේ. එහෙයින් කියා ඇත -
“පත්ථද්ධො භවතී කායො, දට්ඨො කට්ඨමුඛෙන වා; පථවීධාතුප්පකොපෙන, හොති කට්ඨමුඛෙව සො”ති. (ධ· ස· අට්ඨ· 584);
පත්ථද්ධො භවතී කායො දට්ඨො කට්ඨමුඛෙන වා පඨවීධාතුප්පකොපෙන හොති කට්ඨමුඛෙව සො’
ආපොධාතුප්පකොපෙන පූතිභාවං ආපජ්ජිත්වා පග්ඝරිතපුබ්බමංසලොහිතො අට්ඨිචම්මාවසෙසො හොති. යථාහ –
ආපෝ ධාතුව කිපීමෙන් - වෙනස් වීමෙන් සිරුර කුණු වූ ගතියට පත්ව, සැරව මස් ලේ වැගිරීමෙන් ඇටසම පමණක් ඉතිරි වේ.
“පූතිකො භවතී කායො, දට්ඨො පූතිමුඛෙන වා; ආපොධාතුප්පකොපෙන, හොති පූතිමුඛෙව සො”ති. (ධ· ස· අට්ඨ· 584);
පූතියො භවතී කායො දට්ඨො පූතිමුඛෙන වා ආපො ධාතුප්පකොපෙන හොති පූතිමුඛෙව සො
තෙජොධාතුප්පකොපෙන අඞ්ගාරකාසුයං පක්ඛිත්තො විය සමන්තා පරිඩය්හති. යථාහ –
තේජෝ ධාතු කිපීමෙන් - වෙනස්වීමෙන් ගිනි අඟුරුවලකට දැමුවාක් මෙන් සිරුර හාත්පස දැවෙයි.
“සන්තත්තො භවතී කායො, දට්ඨො අග්ගිමුඛෙන වා; තෙජොධාතුප්පකොපෙන, හොති අග්ගිමුඛෙව සො”ති. (ධ· ස· අට්ඨ· 584);
සනතත්තො භවතී කායො දට්ඨො අග්ගිමුඛෙන වා තෙජො ධාතුප්පකොපෙන හොති අග්ගිමුඛෙව සො
වායොධාතුප්පකොපෙන සඤ්ඡිජ්ජමානසන්ධිබන්ධනො පාසාණෙහි කොට්ටෙත්වා සඤ්චුණ්ණියමානට්ඨිකො විය ච හොති. යථාහ –
වායෝ ධාතුව කිපීමෙන් - වෙනස්වීමෙන් ජරාවට පත්වන සිරුරේ හන්දි බැඳුම් ගලෙක දමා කොටන ලද පරිදි ඇට බිඳී යයි.
“සඤ්ඡින්නො භවතී කායො, දට්ඨො සත්ථමුඛෙන වා; වායොධාතුප්පකොපෙන, හොති සත්ථමුඛෙව සො”ති. (ධ· ස· අට්ඨ· 584);
සඤ්ජින්නො භවති කායො දට්ඨො සත්ථමුඛෙන වා වායොධාතුප්පකොපෙන හොති සත්ථමුඛෙවසො
ධාතුප්පකොපබ්යාපන්නකායොපි ච න ජීවති. යදා පන තා ධාතුයො අඤ්ඤමඤ්ඤං පතිට්ඨානාදිකිච්චං සාධෙන්තාපි සමං වහන්ති, තදා ජීවිතං පවත්තති. එවං මහාභූතපටිබද්ධඤ්ච ජීවිතං. දුබ්භික්ඛාදීසු පන ආහාරුපච්ඡෙදෙන සත්තානං ජීවිතක්ඛයො පාකටො එව. එවං කබළීකාරාහාරපටිබද්ධඤ්ච ජීවිතං. තථා අසිතපීතාදිපරිපාකෙ කම්මජතෙජෙ ඛීණෙ සත්තා ජීවිතක්ඛයං පාපුණන්තාපි පාකටා එව. එවං උස්මාපටිබද්ධඤ්ච ජීවිතං. විඤ්ඤාණෙ පන නිරුද්ධෙ නිරුද්ධතො පභුති සත්තානං න හොති ජීවිතන්ති එවම්පි ලොකෙ පාකටමෙව. එවං විඤ්ඤාණපටිබද්ධඤ්ච ජීවිතං. එවං අනෙකපච්චයපටිබද්ධවුත්තිභාවතො කසිරං වෙදිතබ්බං.
මෙසේ ධාතු සතර නියම ලෙස සම සමව නොවූ විට සිරුර නොපචතී. ඒ ධාතු එකිනෙක මැනවින් පවතිමින්, සම ලෙස ඇතිතාක් ජීවිතය පවතී. මෙසේ ජීවිතය මහාභූත හා බැඳී ඇත. දුබික් කාලවලදී ආහාර නොලැබීමෙන් ජීවිත නැසෙන අයුරු පැහැදිලිය. කැබලිකොට, පිඬුකොට ගන්නා ආහාරය ජීවිතය හා බැඳෙන්නේ මෙසේය. එසේ ආහාරපානාදිය දිරවීමේදී (සිරුරෙන් ලැබෙන) උණුසුම නිසි පරිදි නොලැබුණු විට, ජීවිතය නැසෙන සැටි ද පැහැදිලිය. එසේම ජීවිතය, උණුසුම හා බැඳී පවතී. පණ හෙවත් සිත් පරම්පරාව නැති වූ කල්හි, එතැන් පටන් ජීවිතය හෝ ජීවී පුද්ගලයකු නැත. මෙයද ලොවෙහි පැහැදිලි දෙයකි. මෙසේ ජීවිතය, විඤ්ඤාණය හා බැඳී ඇත. මේ අයුරින් නොයෙක් හේතු නිසා ජීවිත පැවැත්ම අපහසු යැයි දතයුතුය.
පරිත්තඤ්චාති අප්පකං, දෙවානං ජීවිතං උපනිධාය තිණග්ගෙ උස්සාවබින්දුසදිසං, චිත්තක්ඛණතො උද්ධං අභාවෙන වා පරිත්තං. අතිදීඝායුකොපි හි සත්තො අතීතෙන චිත්තෙන ජීවිත්ථ න ජීවති න ජීවිස්සති, අනාගතෙන ජීවිස්සති න ජීවති න ජීවිත්ථ, පච්චුප්පන්නෙන ජීවති න ජීවිත්ථ න ජීවිස්සති. වුත්තඤ්චෙතං –
පරිත්තඤ්ච අල්පය. දෙවියන්ගේ ජීවිතය හා සළකන විට, තණ අග පිනිබිඳක් හා සමානය. අසුරු සැනකින් හෝ සිත ඉදිරියට නොනැඟෙන තරම් අල්ප වෙයි. බොහෝ කලක් ජීවත්වන්නකු අතීතයේ තිබූ සිතින්ම ජීවත් වූයේ නොවේ. දැන් ජීවත් වේනම්, ඒ සිතින්ම ජීවත්වන්නේද නොවේ. අනාගතයෙහිද ජීවත්වන්නේ නොවේ. වත්මනෙහි දැන් ජීවත්වන්නේ ද අනාගත සිතකින් නොවේ. වත්මනෙහිද ජීවත් නොවේ. ජීවත් වන්නේද නොවේ. ජීවත් වුයේද නොවේ. කියන ලදී -
“ජීවිතං අත්තභාවො ච, සුඛදුක්ඛා ච කෙවලා; එකචිත්තසමායුත්තා, ලහුසො වත්තතෙ ඛණො.
‘ලැබී ඇති ජීවිතය හුදෙක් සැප දුක පමණි. එක් සිතකින් යුතුව, ඒ මොහොතෙහි ඇතිවී, ගෙවී යන ඉක්මන් වූ මොහොතක්ම වෙයි. කප් අසූහාර දහසක් කල් දෙවියෝ සිටිත්ද, සිත් දෙකකින් ඔව්හු ද ජීවත් නොවෙතියි’ ද යනුවෙනි..
“චුල්ලාසීතිසහස්සානි , කප්පා තිට්ඨන්ති යෙ මරූ; නත්වෙව තෙපි ජීවන්ති, ද්වීහි චිත්තෙහි සංයුතා”ති. (මහානි· 10);
තඤ්ච දුක්ඛෙන සංයුතන්ති තඤ්ච ජීවිතං එවං අනිමිත්තමනඤ්ඤාතං කසිරං පරිත්තඤ්ච සමානම්පි සීතුණ්හඩංසමකසාදිසම්ඵස්සඛුප්පිපාසාසඞ්ඛාරදුක්ඛවිපරිණාමදුක්ඛදුක්ඛදුක්ඛෙහි සංයුතං. කිං වුත්තං හොති? යස්මා ඊදිසං මච්චානං ජීවිතං, තස්මා ත්වං යාව තං පරික්ඛයං න ගච්ඡති, තාව ධම්මචරියමෙව බ්රූහය, මා පුත්තමනුසොචාති.
තඤ්ච දුක්ඛෙන සඤ්ඤුතං ඒ ජීවිතය මෙසේ නියමිත කාලයක් නැතිව, කොතෙක් කල් ජීවත්වේදැයි නොදැන, අපහසුවෙන්, සීතලෙන්, උණුසුමෙන්, ඩැහැලේ බොන මැසි මදුරු ආදීන්ගෙන් වන ගැහැටෙන්ද, සාපිපාසා නිසා ඇතිවන දුක්පීඩාවෙන් ද, ඒ සියළු කරුණු හේතුකොට ලබන දුකින්ද (නිරතුරුවම) වෙනස්වීම නිසා ඇතිවන දුකින්ද, හැම ලෙසකින්ම දුක් සමූහයකින්ම සමන්විත වේ. එසේ කියන ලද්දේ කුමක් නිසාද? මිනිසුන්ගේ ජීවිත මෙබඳුය. එහෙයින් ඔබ ජීවිතය අවසන් වනතුරු දැහැමි හැසිරීමෙහි යෙදෙන්න. පුතු වෙනුවෙන් සෝක නොවවයි (අදහසිනි)
අථාපි මඤ්ඤෙය්යාසි “සබ්බූපකරණෙහි පුත්තං අනුරක්ඛන්තස්සාපි මෙ සො මතො, තෙන සොචාමී”ති, එවම්පි මා සොචි. න හි සො උපක්කමො අත්ථි, යෙන ජාතා න මිය්යරෙ, න හි සක්කා කෙනචි උපක්කමෙන ජාතා සත්තා මා මරන්තූති රක්ඛිතුන්ති වුත්තං හොති. තතො යස්මා සො “ජරං පත්වා නාම, භන්තෙ, මරණං අනුරූපං, අතිදහරො මෙ පුත්තො මතො”ති චින්තෙසි, තස්මා ආහ “ජරම්පි පත්වා මරණං, එවංධම්මා හි පාණිනො”ති, ජරං පත්වාපි අප්පත්වාපි මරණං, නත්ථි එත්ථ නියමොති වුත්තං හොති.
එමෙන්ම සියළු අවැසි දෙය සපයා දෙමින්, මැනවින් පුතු රැක බලා ගත්තද, ‘ඔහු මළේ ය, සෝක කෙරෙමි’යි ඔබ සිතන්නෙහිද? එසේ කණගාටු නොවන්න. න හි සො උපක්කමො අත්ථි යෙන ජාතා න මීයරෙ උපන් සතුන් නොමැරෙත්වා! රැකගනිත්වා’යි කියනු ලැබූවත්, ඊට කළ හැකි කිසිදු පිළියමක් නැත. එහිදී උපාසකතුමා ‘හිමියනි, ජරාවට පත්වීනම්, මරණය සුදුසුය. ඉතා තරුණ වියෙහිම මගේ පුතු මළේ යැ’යි සිතූ පරිදි, ‘ජරාවට පත්වුවද නොවූවද මරණය සිදුවෙයි. එහි නියමයක් නැතැ’යි වදාළහ.
ඉදානි තමත්ථං නිදස්සනෙන සාධෙන්තො “ඵලානමිව පක්කාන”න්තිආදිමාහ. තස්සත්ථො – යථා ඵලානං පක්කානං යස්මා සූරියුග්ගමනතො පභුති සූරියාතපෙන සන්තප්පමානෙ රුක්ඛෙ පථවිරසො ච ආපොරසො ච පත්තතො සාඛං සාඛතො ඛන්ධං ඛන්ධතො මූලන්ති එවං අනුක්කමෙන මූලතො පථවිමෙව පවිසති, ඔගමනතො පභුති පන පථවිතො මූලං මූලතො ඛන්ධන්ති එවං අනුක්කමෙන සාඛාපත්තපල්ලවාදීනි පුන ආරොහති, එවං ආරොහන්තො ච පරිපාකගතෙ ඵලෙ වණ්ටමූලං න පවිසති. අථ සූරියාතපෙන තප්පමානෙ වණ්ටමූලෙ පරිළාහො උප්පජ්ජති. තෙන තානි ඵලානි පාතො පාතො නිච්චකාලං පතන්ති, නෙසං පාතො පතනතො භයං හොති, පතනා භයං හොතීති අත්ථො. එවං ජාතානං මච්චානං නිච්චං මරණතො භයං . පක්කඵලසදිසා හි සත්තාති.
එම කරුණ නිදසුන් මගින් තහවුරු කරමින්, ඵලානමිව පක්කානං ආදී ගාථා වදාළහ. එහි තේරුම නම්, පැසුණු (ඉදුණු) ගෙඩි මෙනි. ඒ ගෙඩි හිරු උදාවූ වේලෙහි පටන්, හිරු රැසෙන් තැවෙමින්, පොළොවෙහි රස සාරය, දිය සාරය ද ගසෙහි කොළවලින් අත්තටද, අත්තෙන් කඳටද, කඳෙන් මුලටද, මුලින් පොළවටම අනුපිළිවෙලින් පොළවටම පිවිසෙයි. පොළවට පතිත වීමේදී පටන්, පොළවෙන් මුලටද මුලින් කඳටද ආදී ලෙසින් අතු කොළ කෙමෙන් නැවත වැඩෙයි. මෙසේ වැඩීමේදී පැසුණු ගෙඩි, නටුව මුලට නොඒ. ඉක්බිති හිරු රැසින් තැවෙමින්, නටුව (රිකිලි) රත්වීමට පත්වේ. එයින් ඒ ගෙඩි උදෑසන, උදෑසන නිසිකලට බිම වැටෙයි. පාතො පපතතො භයං වැටීමෙන් බියක් වේ යැයි අරුතයි. ජාතානං මච්චානං නිච්චං මරණතො භයං මිනිසුන් මෙසේ පැසුණු ගෙඩි මෙනි.
කිඤ්ච භිය්යො “යථාපි කුම්භකාරස්ස…පෙ… ජීවිත”න්ති. තස්මා “දහරා ච…පෙ… පරායණා”ති එවං ගණ්හ, එවඤ්ච ගහෙත්වා “තෙසං මච්චු…පෙ… ඤාතී වා පන ඤාතකෙ”ති එවම්පි ගණ්හ. යස්මා ච න පිතා තායතෙ පුත්තං, ඤාතී වා පන ඤාතකෙ, තස්මා පෙක්ඛතංයෙව…පෙ… නීයති.
වැඩිදුර කිවයුතුද? ජීවිතයත් කැඩී බිඳෙන සුළු (මැටි) කළයක් බඳුය. එහෙයින් අඩුවයස් වූ තරුණයෝ ද..............මරණය පිහිටකොට ඇත්තාහ. මෙසේ වටහාගන්න. එසේ තේරුම් ගෙන, මරණයට නෑදැයා හෝ නෑදැබවද සළකා බලන්න. පියාට පුතාවත් (මරණයෙන්) රැකගෙන පිහිටක් නොවිය හැකි සේම, අනෙක් නෑදැයන්ට තම නෑයා ද රැකගත නොහැකිය. එහෙයින් බලාසිටියදීම (මරණයට) පත්වෙයි.
තත්ථ අයං යොජනා – පස්සමානානංයෙව ඤාතීනං “අම්ම, තාතා”තිආදිනා නයෙන පුථු අනෙකප්පකාරකං ලාලපතංයෙව මච්චානං එකමෙකො මච්චො යථා ගො වජ්ඣො එවං නීයති, එවං පස්ස, උපාසක, යාව අතාණො ලොකොති.
ඒ අනුව මෙසේ සඳහන් කළහැකිය. නෑදැයන් බලා සිටියදීම, ‘අම්මේ, තාත්තේ (නැතිනම්) දුවේ, පුතේ.........ආදී ලෙසින් පුථු නොයෙක් ලෙසින්, ලාලපතං එසේ විලාප කීම, මච්චානං එකමෙකො යම්සේ මිනිසා, ගො වජ්ඣො මෙසේ ගෙන යයි. පස්ස උපාසකය, බලන්න, වටහා ගන්න. (මරණයෙන්) ලොවට පිහිටක් නැත.
තත්ථ යෙ බුද්ධපච්චෙකබුද්ධාදයො ධිතිසම්පන්නා, තෙ “එවමබ්භාහතො ලොකො මච්චුනා ච ජරාය ච, සො න සක්කා කෙනචි පරිත්තාණං කාතු”න්ති යස්මා ජානන්ති, තස්මා ධීරා න සොචන්ති විදිත්වා ලොකපරියායං. ඉමං ලොකසභාවං ඤත්වා න සොචන්තීති වුත්තං හොති.
බුදු පසේබුදුවරු ආදීහු ඉතා ගැඹුරු නුවණින් යුත්තාහ. එවම්භාහතො ලොකො මච්චුනා ච ජරාය ච කිසිවකුට මද හෝ රැකවරණයක් කළ නොහැකි බව දනිති. තස්මා ධීරා න සොචන්ති විදිත්වා ලොක පරියායං මෙම ලෝක නියාමය දැන, ඒ නුවණැත්තෝ සෝක නොකරත්.
ත්වං පන යස්ස මග්ගං…පෙ… පරිදෙවසි. කිං වුත්තං හොති? යස්ස මාතුකුච්ඡිං ආගතස්ස ආගතමග්ගං වා ඉතො චවිත්වා අඤ්ඤත්ථ ගතස්ස ගතමග්ගං වා න ජානාසි, තස්ස ඉමෙ උභො අන්තෙ අසම්පස්සං නිරත්ථං පරිදෙවසි. ධීරා පන තෙ පස්සන්තා විදිත්වා ලොකපරියායං න සොචන්තීති.
ඔබ යම් මගකට... විලාප නගහි? කුමක් නිසා එසේ කියන ලද්දේ ද? යස්ස මවුකුසට, ආගතස්ස පැමිණි, මග්ගං මෙයින් චුතව වෙනත් තැනකට, ගතස්ස ගිය මග හෝ වා න ජානාසි, ඔහුට මෙම උභො අන්තෙ අසම්පස්සං නිරත්ථං පරිදෙවසි, නුවණැත්තෝ එය දැක, දැන, ලොවෙහි මේ පිළිවෙල සොබාව දැන සෝක නොකරති.
ඉදානි “නිරත්ථං පරිදෙවසී”ති එත්ථ වුත්තපරිදෙවනාය නිරත්ථකභාවං සාධෙන්තො “පරිදෙවයමානො චෙ”තිආදිමාහ. තත්ථ උදබ්බහෙති උබ්බහෙය්ය ධාරෙය්ය, අත්තනි සඤ්ජනෙය්යාති අත්ථො. සම්මූළ්හො හිංසමත්තානන්ති සම්මූළ්හො හුත්වා අත්තානං බාධෙන්තො. කයිරා චෙ නං විචක්ඛණොති යදි තාදිසො කඤ්චි අත්ථං උදබ්බහෙ, විචක්ඛණොපි නං පරිදෙවං කරෙය්ය.
මීළඟට ‘නිරත්ථං පරිදෙවසි’ යැයි මෙහි සඳහන් කරන ලද විලාප නැගීමෙහි තේරුමක් නැති බව තහවුරු කරමින් පරිදෙවයමානො චෙ ආදී ගාථා කීහ. උදබ්බහෙ හරවත් දෙයක් ලබන්නේය. දරන්නේය. තමා හඳුනාගත යුතු වන්නේය. සම්මූළ්හො හිංසමත්තානං මුළාවී තමන් කරදරයට පත්වෙමින්, කයිරාචෙතං විචක්ඛණ යම්ලෙසකින් එබඳු, කඤ්චි අත්ථං කිසියම් වැදගත් හරවත් බවක් වේනම්, නුවණැත්තාද ඒ වෙනුවෙන් වැළපෙන්නේය.
න හි රුණ්ණෙනාති එත්ථායං යොජනා – න පන කොචි රුණ්ණෙන වා සොකෙන වා චෙතසො සන්තිං පප්පොති, අපිච ඛො පන රොදතො සොචතො ච භිය්යො අස්ස උප්පජ්ජතෙ දුක්ඛං, සරීරඤ්ච දුබ්බණ්ණියාදීහි උපහඤ්ඤතීති.
හැඬීමෙන් පලක් නැතැයි මෙහිදී අදහස් වේ. න කිසිවෙකු රුණ්ණෙන සොකෙන චෙතසො සන්තිං පප්පොති එතකුදු වුවත් හැඬීමෙන් හෝ සෝක කිරීමෙන් හෝ, භිය්යො අස්ස උප්පජ්ජතෙ දුක්ඛං සරීරඤ්ච සිරුර පැහැ වෙනස්වීමෙන් මළානික පෙනුමෙන්, උපහඤ්ඤති,
න තෙන පෙතාති තෙන පරිදෙවනෙන කාලකතා න පාලෙන්ති න යාපෙන්ති, න තං තෙසං උපකාරාය හොති. තස්මා නිරත්ථා පරිදෙවනාති.
න තෙන පෙතා ඒ හැඬීමෙන් මියගිය තැනැත්තෝ, පාලෙන්ති යැපෙන්නෝ නොවෙති. ඔවුනට එය උපකාරය පිණිස නොපවතී. එහෙයින් නිරත්ථා පරිදෙවනා
න කෙවලඤ්ච නිරත්ථා, අනත්ථම්පි ආවහති. කස්මා? යස්මා සොකමප්පජහං …පෙ… වසමන්වගූ. තත්ථ අනුත්ථුනන්තොති අනුසොචන්තො. වසමන්වගූති වසං ගතො.
හැඬීම තේරුමක් නැති බව පමණක් නොවේ. අයහපතම පමුණුවයි. කවර හෙයින්ද? ‘සෝකය දුරු නොකරනවිට.........එයි වසඟයට යයි.’ අනුත්ථුනන්තො තදින් සෝක කරමින්, වසමන්වගු වසඟයට ගියේ,
එවම්පි නිරත්ථකත්තං අනත්ථාවහත්තඤ්ච සොකස්ස දස්සෙත්වා ඉදානි සොකවිනයත්ථං ඔවදන්තො “අඤ්ඤෙපි පස්සා”තිආදිමාහ. තත්ථ ගමිනෙති ගමිකෙ, පරලොකගමනසජ්ජෙ ඨිතෙති වුත්තං හොති. ඵන්දන්තෙවිධ පාණිනොති මරණභයෙන ඵන්දමානෙයෙව ඉධ සත්තෙ.
මෙසේ සෝක කිරීමෙන් කිසිදු තේරුමක් නොමැති බවත්, අයහපත ඇතිවන බවත් පෙන්වා, දැන් සෝකය දුරුකිරීමට අවවාද දෙමින් අඤ්ඤෙපි පස්ස ආදී ගාථාව කීහ. එම ගාථාවෙහි ගමිනෙ පරලොව යාමට සූදානම්ව සිටින, ඵන්දනෙතවිධ පාණිනො මරණ බියෙන් තැති ගන්නා වූම මේ ලෝකයෙහි සත්වග,
යෙන යෙනාති යෙනාකාරෙන මඤ්ඤන්ති “දීඝායුකො භවිස්සති, අරොගො භවිස්සතී”ති. තතො තං අඤ්ඤථායෙව හොති, සො එවං මඤ්ඤිතො මරතිපි, රොගීපි හොති. එතාදිසො අයං විනාභාවො මඤ්ඤිතප්පච්චනීකෙන හොති, පස්ස, උපාසක, ලොකසභාවන්ති එවමෙත්ථ අධිප්පායයොජනා වෙදිතබ්බා.
යෙන යෙන යම් යම් ආකාරයෙන්, මඤ්ඤන්ති ආයු බොහෝ වේවා, නිරෝගි වේවා’යි සිතති. තතො තං අඤ්ඤථා, ඔහු මෙසේ සිතාගෙන මියයයි. (ඇතැම්විට) රෝගී ද වෙයි. සිතන අයුරු වෙනස් වෙයි. එතාදිසො මේ ලෙස, විනාභාවො සිතන ලද දෙය එසේ නොවේ. පස්ස උපාසකය, ලොව නියමය මෙයයි යන අදහස මෙහිලා යොදාගත යුතුය.
අරහතො සුත්වාති ඉමං එවරූපං අරහතො ධම්මදෙසනං සුත්වා. නෙසො ලබ්භා මයා ඉතීති සො පෙතො “ඉදානි මයා පුන ජීවතූ”ති න ලබ්භා ඉති පරිජානන්තො, විනෙය්ය පරිදෙවිතන්ති වුත්තං හොති.
අරහතො සුත්වා මේ කෙලෙසුන් දුරුකළ උතුමෙකුගෙන් මෙබඳු දහම් දෙසුමක් අසා, න සො ලබ්භා මයා ඉති ඒ මළ තැනැත්තා නැවත මා විසින් ජීවත් කිරීමට නොලැබේයැයි මනාව දැන, විනෙය්ය පරිදෙවිතං යැයි කියන ලදී.
කිඤ්ච භිය්යො – “යථා සරණමාදිත්තං…පෙ… ධංසයෙ”ති. තත්ථ ධීරො ධිතිසම්පදාය, සපඤ්ඤො සාභාවිකපඤ්ඤාය, පණ්ඩිතො බාහුසච්චපඤ්ඤාය, කුසලො චින්තකජාතිකතාය වෙදිතබ්බො. චින්තාමයසුතමයභාවනාමයපඤ්ඤාහි වා යොජෙතබ්බං.
යථා සරණමාදිත්තං යන ගාථාවෙහි ධීරො නුවණින් යුතු, සප්පඤ්ඤො නිසග නුවණින්, පණ්ඩිතො බොහෝ දේ අසා ඒ අනුව ජීවිතය සකසා ගත්, මහත් නුවණින් යුතු, කුසලො සිතා, විමසා කටයුතු කරන, මෙහිදී සිතාබැලීමෙන්, ඇසීමෙන් හා වැඩීමෙන් හෙවත් ජීවිතයට එක්කර ගැනීමෙන් යන අදහසද මෙහිලා සළකා ගතයුතුය.
න කෙවලඤ්ච සොකමෙව, පරිදෙවං…පෙ… සල්ලමත්තනො. තත්ථ පජප්පන්ති තණ්හං. දොමනස්සන්ති චෙතසිකදුක්ඛං. අබ්බහෙති උද්ධරෙ. සල්ලන්ති එතමෙව තිප්පකාරං දුන්නීහරණට්ඨෙන අන්තොවිජ්ඣනට්ඨෙන ච සල්ලං. පුබ්බෙ වුත්තං සත්තවිධං රාගාදිසල්ලං වා. එතස්මිඤ්හි අබ්බූළ්හෙ සල්ලෙ අබ්බූළ්හසල්ලො…පෙ… නිබ්බුතොති අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි. තත්ථ අසිතොති තණ්හාදිට්ඨීහි අනිස්සිතො. පප්පුය්යාති පාපුණිත්වා. සෙසං ඉධ ඉතො පුබ්බෙ වුත්තත්තා උත්තානත්ථමෙව, තස්මා න වණ්ණිතං.
සෝකයටම පමණක් නොවේ. පරිදෙවං.... සල්ලමත්තනො යන ගාථාවෙහි පජප්ප තණ්හාවයි. දොමනස්සං සිතෙහි දුක, අබ්භතෙ උදුරා දමන්නේය. සල්ලං මෙසේ තුන්ආකාර වූ දුක් ගෙනදෙන හෙයින්ද, (තමන්) ඇතුලත සිදුරු කරන අදහසින් ද උලකි. ඉහත කියන ලද පරිදි රාගාදී උල් සත් ආකාරයෙනි. මෙම උල් උදුරා හළවිට - නිවුනේ යැයි අරහත් පල කුළුගන්වමින් දේසනය නිමවූහ. අසිතො තණ්හා දිට්ඨියෙන් තොරව, පප්පුය්ය පැමිණ, මෙහි ඉතිරි පද කලින් ද විස්තර දක්වා ඇති බැවින් පැහැදිලිය. එහෙයින් සඳහන් නොකරන ලදී.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය සල්ලසුත්තවණ්ණනා නිට්ඨිතා.
සල්ලසූත්ර විස්තරය නිමි.