7. සෙල සුත්තවණ්ණනා අට්ඨකථා
7. සෙල සුත්තවණ්ණනා
7. සේල සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති සෙලසුත්තං. කා උප්පත්ති? අයමෙව යාස්ස නිදානෙ වුත්තා. අත්ථවණ්ණනාක්කමෙපි චස්ස පුබ්බසදිසං පුබ්බෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. යං පන අපුබ්බං, තං උත්තානත්ථානි පදානි පරිහරන්තා වණ්ණයිස්සාම. අඞ්ගුත්තරාපෙසූති අඞ්ගා එව සො ජනපදො, ගඞ්ගාය පන යා උත්තරෙන ආපො, තාසං අවිදූරත්තා “උත්තරාපො”තිපි වුච්චති. කතරගඞ්ගාය උත්තරෙන යා ආපොති? මහාමහීගඞ්ගාය.
එවං මෙ සුතං යනු සෙල සූත්‍රයයි. මෙයට මුල් වූ කරුණු සූත්‍රයෙහිම දැක්වේ. අරුත් විස්තරද පෙර සඳහන්ව ඇති පරිදි දතයුතුය. විස්තර නොවූ වචන, පැහැදිලි කරන ලද පද ඇසුරු කරමින් විස්තර කරන්නෙමි. අංගුත්තරාපෙසු යනු ඒ ජනපදයයි. උතුරු දෙසින් ‘ආප’ නම් ගඟය. එයට ආසන්නව පිහිටි බැවින් ‘උත්තරාපාති’ යැයි ද කියනු ලැබේ. ඒ ආප යැයි නම් වූ පෙදෙස උතුරින් පිහිටියේ කිනම් ගඟකින් ද? මහාමහි ගඟටය.
තත්රායං තස්සා නදියා ආවිභාවත්ථං ආදිතො පභුති වණ්ණනා – අයං කිර ජම්බුදීපො දසසහස්සයොජනපරිමාණො. තත්ථ චතුසහස්සයොජනපරිමාණො පදෙසො උදකෙන අජ්ඣොත්ථටො “සමුද්දො”ති සඞ්ඛං ගතො. තිසහස්සයොජනපමාණෙ මනුස්සා වසන්ති. තිසහස්සයොජනපමාණෙ හිමවා පතිට්ඨිතො උබ්බෙධෙන පඤ්චයොජනසතිකො චතුරාසීතිසහස්සකූටෙහි පටිමණ්ඩිතො සමන්තතො සන්දමානපඤ්චසතනදීවිචිත්තො. යත්ථ ආයාමවිත්ථාරෙන ගම්භීරතාය ච පඤ්ඤාසපඤ්ඤාසයොජනා දියඩ්ඪයොජනසතපරිමණ්ඩලා පූරළාසසුත්තවණ්ණනායං වුත්තා අනොතත්තාදයො සත්ත මහාසරා පතිට්ඨිතා.
මේ එම ගංගාව ඇති වූ අයුරු මුලසිටම විස්තර දැක්වීමයි. මේ දඹදිව යොදුන් දසදහසක් පමණය. එහි යොදුන් හාර දහසක පමණ පෙදෙසක් ජලයෙන් යටව ‘මුහුද’ යැයි හැඳින්වේ. තුන් යොදුනක් පමණ පෙදෙසක මිනිස්සු වසති. යොදුන් තුන් දහසක පෙදෙසක හිමාලය පිහිටියේය. උසින් යොදුන් පන්සියයකි. අසූහාර දහසක් කඳු මුදුනින් යුතුය. හාත්පසින් ගලායන ගංගා පන්සියයකින් මනහරය. පූරළාස සූත්‍ර විස්තරයෙහි කියන ලද පරිදි පළලින් ද, ගැඹුරින් ද යොදුන් පණහක් පණහක් බැගින් වූ යොදුන් එකසිය පණහක පමණ බිම් පෙදෙසක් වසා පැතිරුණු අනොතත්ත ආදී මහාවිල් සත පිහිටියේය.
තෙසු අනොතත්තො සුදස්සනකූටං, චිත්රකූටං, කාළකූටං, ගන්ධමාදනකූටං, කෙලාසකූටන්ති ඉමෙහි පඤ්චහි පබ්බතෙහි පරික්ඛිත්තො. තත්ථ සුදස්සනකූටං සුවණ්ණමයං ද්වියොජනසතුබ්බෙධං අන්තොවඞ්කං කාකමුඛසණ්ඨානං තමෙව සරං පටිච්ඡාදෙත්වා ඨිතං, චිත්රකූටං සබ්බරතනමයං, කාළකූටං අඤ්ජනමයං, ගන්ධමාදනකූටං සානුමයං අබ්භන්තරෙ මුග්ගවණ්ණං නානප්පකාරඔසධසඤ්ඡන්නං කාළපක්ඛුපොසථදිවසෙ ආදිත්තමිව අඞ්ගාරං ජලන්තං තිට්ඨති, කෙලාසකූටං රජතමයං. සබ්බානි සුදස්සනෙන සමානුබ්බෙධසණ්ඨානානි තමෙව සරං පටිච්ඡාදෙත්වා ඨිතානි. සබ්බානි දෙවානුභාවෙන නාගානුභාවෙන ච වස්සන්ති, නදියො ච තෙසු සන්දන්ති. තං සබ්බම්පි උදකං අනොතත්තමෙව පවිසති. චන්දිමසූරියා දක්ඛිණෙන වා උත්තරෙන වා ගච්ඡන්තා පබ්බතන්තරෙන තං ඔභාසෙන්ති, උජුං ගච්ඡන්තා න ඔභාසෙන්ති. තෙනෙවස්ස “අනොතත්ත”න්ති සඞ්ඛා උදපාදි.
ඒ විල් අතරින් අනොතත්ත විල සුදස්සන, චිත්ත, කාල, ගන්ධමාදන, කෙලාස යන කඳු පහකින් වටව ඇත්තේය. සුදස්සන කඳුපව්ව සිය යොදුනක් උස, රන්මය වූ, ඇතුලතට නැමුණු කපුටකුගේ මුව බඳුව, මුළු විලම වසා සිටියේය. චිත්තකූටය මුළුමනින්ම රුවනින් කළා සේද, කාල නම් කූටය අඳුන්මය ලෙසින්ද සිටියේය. ගන්ධමාදන පව්ව සානුවක් සේ, ඇතුලත මුං පැහැයෙන් නොයෙක් නොයෙක් ඔසුපැලවලින් ද යුතුව, අමාවක පොහෝදින දිලිසෙන ගිනි අඟුරු මෙන් සිටී. කෙලාසකූටය රිදීයෙන් නිමවූයේය. සියළුම කඳු පව් සුදස්සන කුළ මෙන් සම උසින් යුතුව ඒ විල ආවරණය කළා සේ පැතිර සිටී. දේව බලයෙන් ද නාගයන්ගේ බලයෙන් ද සැමතැනටම වැසි වසී. එයින් ගංගාද ගලයි. ඒ සියළු ජලය අනොතත්ත විලටම ගලා එයි. සඳ හිරු දකුණු දෙසින් හෝ උතුරු දෙසින් හෝ ගමන් කරමින් කඳු පව් අතරින් විල බබළවයි. හිරු සඳු කෙළින් ගමන් කරද්දී බැබළීමක් නැත. එහෙයින් ‘අනොතත්ත’ යැයි එය හැඳින්විණ.
තත්ථ මනොහරසිලාතලානි නිම්මච්ඡකච්ඡපානි ඵලිකසදිසනිම්මලූදකානි නහානතිත්ථානි සුප්පටියත්තානි හොන්ති, යෙසු බුද්ධපච්චෙකබුද්ධඛීණාසවා ඉසිගණා ච න්හායන්ති, දෙවයක්ඛාදයො ච උය්යානකීළිකං කීළන්ති.
අනොතත්ත විලෙහි මනහර ගල් පුවරුවලින් ද, මසුන් ඉදිබුවන් නොමැති, පලිඟුවන් පිරිසිදු ජලයෙන් ද යුතු මැනවින් පිළියෙල වූ නාන තොටවල් ඇත. ඒවායේ බුදු, පසේබුදු, මහරහත්හු ඉසිවරු නාති. දෙවිවරු, යක්කු උයන්කෙළි කෙළිති.
චතූසු චස්ස පස්සෙසු සීහමුඛං, හත්ථිමුඛං, අස්සමුඛං, උසභමුඛන්ති චත්තාරි මුඛානි හොන්ති, යෙහි චතස්සො නදියො සන්දන්ති. සීහමුඛෙන නික්ඛන්තනදීතීරෙ සීහා බහුතරා හොන්ති, හත්ථිමුඛාදීහි හත්ථිඅස්සඋසභා. පුරත්ථිමදිසතො නික්ඛන්තනදී අනොතත්තං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා ඉතරා තිස්සො නදියො අනුපගම්ම පාචීනහිමවන්තෙනෙව අමනුස්සපථං ගන්ත්වා මහාසමුද්දං පවිසති. පච්ඡිමදිසතො ච උත්තරදිසතො ච නික්ඛන්තනදියොපි තථෙව පදක්ඛිණං කත්වා පච්ඡිමහිමවන්තෙනෙව උත්තරහිමවන්තෙනෙව ච අමනුස්සපථං ගන්ත්වා මහාසමුද්දං පවිසන්ති. දක්ඛිණදිසතො නික්ඛන්තනදී පන තං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා දක්ඛිණෙන උජුකං පාසාණපිට්ඨෙනෙව සට්ඨියොජනානි ගන්ත්වා පබ්බතං පහරිත්වා වුට්ඨාය පරිණාහෙන තිගාවුතපමාණා උදකධාරා හුත්වා ආකාසෙන සට්ඨි යොජනානි ගන්ත්වා තියග්ගළෙ නාම පාසාණෙ පතිතා, පාසාණො උදකධාරාවෙගෙන භින්නො. තත්ර පඤ්ඤාසයොජනපමාණා තියග්ගළා නාම පොක්ඛරණී ජාතා. පොක්ඛරණියා කූලං භින්දිත්වා පාසාණං පවිසිය සට්ඨි යොජනානි ගතා. තතො ඝනපථවිං භින්දිත්වා උමඞ්ගෙන සට්ඨි යොජනානි ගන්ත්වා විඤ්ඣං නාම තිරච්ඡානපබ්බතං පහරිත්වා හත්ථතලෙ පඤ්චඞ්ගුලිසදිසා පඤ්චධාරා හුත්වා පවත්තති. සා තික්ඛත්තුං අනොතත්තං පදක්ඛිණං කත්වා ගතට්ඨානෙ “ආවට්ටගඞ්ගා”ති වුච්චති . උජුකං පාසාණපිට්ඨෙන සට්ඨි යොජනානි ගතට්ඨානෙ “කණ්හගඞ්ගා”ති වුච්චති. ආකාසෙන සට්ඨි යොජනානි ගතට්ඨානෙ “ආකාසගඞ්ගා”ති වුච්චති. තියග්ගළපාසාණෙ පඤ්ඤාසයොජනොකාසෙ “තියග්ගළපොක්ඛරණී”ති වුච්චති. කූලං භින්දිත්වා පාසාණං පවිසිය සට්ඨි යොජනානි ගතට්ඨානෙ “බහලගඞ්ගා”ති වුච්චති. පථවිං භින්දිත්වා උමඞ්ගෙන සට්ඨි යොජනානි ගතට්ඨානෙ “උමඞ්ගගඞ්ගා”ති වුච්චති. විඤ්ඣං නාම තිරච්ඡානපබ්බතං පහරිත්වා පඤ්චධාරා හුත්වා පවත්තට්ඨානෙ “ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී”ති පඤ්චධා වුච්චති. එවමෙතා පඤ්ච මහාගඞ්ගා හිමවතා සම්භවන්ති. තාසු යා අයං පඤ්චමී මහී නාම, සා ඉධ “මහාමහීගඞ්ගා”ති අධිප්පෙතා. තස්සා ගඞ්ගාය උත්තරෙන යා ආපො, තාසං අවිදූරත්තා සො ජනපදො “අඞ්ගුත්තරාපො”ති වෙදිතබ්බො. තස්මිං ජනපදෙ අඞ්ගුත්තරාපෙසු.
විලෙහි සතර පැත්තෙහි සිංහ, මුව, ඇත් මුව, අස් මුව, ගව මුව ලෙස මුව හතරකි. එයින් ගංගා සතරක් ගලයි. සිංහ මුවෙන් නික්මෙන ගංගාවේ ඉවුරෙහි බොහෝ සිංහයෝ වෙති. ඇත්, අස්, ගව මුවින් නික්මෙන ගංගා ඉවුරුවල ඒ ඒ සත්තු බොහෝ වෙති. නැගෙනහිර දෙසින් නික්මෙන ගංගාව අනොතත්ත විල තෙවරක් පැදකුණු කොට, අනෙක් ගංගා තුන කරා නොපැමිණ, හිමවතට බටහිර දෙසින්, මිනිස් වාසයෙන් තොර පෙදෙසින් මහ සයුරට එක්වෙයි. බටහිරින්ද උතුරෙන්ද නික්මෙන ගංගාද එසේම විල පැදකුණු කොට, හිමවතට බටහිර දෙසින්ද, හිමවතට උතුරු දෙසින්ද මිනිස් වාසයෙන් තොර පෙදෙසකින් මහ සයුරට ගලයි. දකුණු දිසාවෙන් නික්මෙන ගඟ තෙවරක් අනොතත්ත විල පැදකුණු කොට ගල්තලාවෙහි නොවක්ව ගලාගොස්, කඳු පව්වෙහි වැදී, එයින් තුන්ගවු පමණ ජල දහරක් ඉහළට නැගී, සැටයොදුනක් අහසින් ගලා ගොස්, ‘තියග්ගල’ නම් ගල්තලයෙහි වැදී, ජල ධාරා වේගවත්ව බිඳී යොදුන් පණහක් පමණ වූ ‘තියග්ගල’ නම් පොකුණ සකස් වෙයි. පොකුණු ඉවුර බිඳ, ගල්තලයට පිවිසෙන ජල පහර සැටයොදුනක් ගලා ගොස්, තද පොළව බිඳගෙන, සැටයොදුනක් උමගින් ගොස්, විජ්ඣ නම් පව්වෙහි ගැටී, අත්ලෙහි ඇඟිලි පහ මෙන්, දිය දහරා පහක්ව විහිදෙයි. එම දිය දහරා අනොතත්ත විල පැදකුණු කොට ගිය තැන, ආවට්ට ගඟ (වටසුළි ගඟ) යැයි කියනු ලැබේ. ගල්තලාවෙහි සැටයොදුනක් නොවක්ව ගලා ගිය තැන්හි කාල ගංගා (කළු ගඟ) නම් වෙයි. අහසින් සැටයොදුන් ගිය තැන ආකාස ගංගාව හෙවත් අහස් ගඟ නමින්ද, තියග්ගල ගල්පව්වෙහි පර්ස් යොදුනක් පැතිරුන තැන තියග්ගල නම් පොකුණද වෙයි. ඒ පොකුණු ඉවුර බිඳ ගල්තලයට පිවිස සැටයොදුනක් ගියතැන උම්මග්ග ගංගා හෙවත් උමං ගඟ යැයි හැඳින්වෙයි. විජ්ඣ නම් පව්ව හරහා වැදුණු ජල දහරා පහ ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යයි හඳුන්වනු ලබයි. මෙසේ ඒ මහා ගංගා පහ හිමාලයෙන් ඇරඹේද, ඒ පන ගංගාව මහා මහි යැයි අදහස් වේ. මහාමහී ගඟට උතුරෙන් ‘ආපො’ නම් පෙදෙස වේද, ඊට ආසන්නව ඇති ජනපදය අංගුත්තරාප යැයි දතයුතුය.
චාරිකං චරමානොති අද්ධානගමනං කුරුමානො . තත්ථ භගවතො දුවිධා චාරිකා තුරිතචාරිකා, අතුරිතචාරිකා ච. තත්ථ දූරෙපි භබ්බපුග්ගලෙ දිස්වා සහසා ගමනං තුරිතචාරිකා. සා මහාකස්සපපච්චුග්ගමනාදීසු දට්ඨබ්බා. තං පච්චුග්ගච්ඡන්තො හි භගවා මුහුත්තෙනෙව තිගාවුතං අගමාසි, ආළවකදමනත්ථං තිංසයොජනං, තථා අඞ්ගුලිමාලස්සත්ථාය. පුක්කුසාතිස්ස පන පඤ්චත්තාලීසයොජනං, මහාකප්පිනස්ස වීසයොජනසතං, ධනියස්සත්ථාය සත්තයොජනසතං අද්ධානං අගමාසි. අයං තුරිතචාරිකා නාම. ගාමනිගමනගරපටිපාටියා පන පිණ්ඩපාතචරියාදීහි ලොකං අනුග්ගණ්හන්තස්ස ගමනං අතුරිතචාරිකා නාම. අයං ඉධ අධිප්පෙතා. එවං චාරිකං චරමානො. මහතාති සඞ්ඛ්යාමහතා ගුණමහතා ච. භික්ඛුසඞ්ඝෙනාති සමණගණෙන. අඩ්ඪතෙළසෙහීති අඩ්ඪෙන තෙළසහි, ද්වාදසහි සතෙහි පඤ්ඤාසාය ච භික්ඛූහි සද්ධින්ති වුත්තං හොති. යෙන…පෙ… තදවසරීති ආපණබහුලතාය සො නිගමො “ආපණො” ත්වෙව නාමං ලභි. තස්මිං කිර වීසතිආපණමුඛසහස්සානි විභත්තානි අහෙසුං. යෙන දිසාභාගෙන මග්ගෙන වා සො අඞ්ගුත්තරාපානං රට්ඨස්ස නිගමො ඔසරිතබ්බො, තෙන අවසරි තදවසරි අගමාසි, තං නිගමං අනුපාපුණීති වුත්තං හොති.
චාරිකං චරමානො මගෙහි ගමන් කරමින්, තුරිත චාරිකා, අතුරිත චාරිකා යනුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ චාරිකා දෙආකාරය. දහම් අවබෝධ කළහැකි තැනැත්තන්, දුරක සිටියත් වහා ඔවුන් වෙත යාම තුරිත චාරිකාය. එය මහා කස්සප පෙර ගමන් ආදී තැන්වලින් දතයුතුය. එම ගමනෙහිදී භාග්‍යවතුන් වහන්සේ මොහොතකින් ගවු තුනක් වැඩියහ. ආළවක දමනයට, අංගුලිමාල දමනයට තිස් යොදුනකි. පුක්කුසාති හමුවට යොදුන් හතළිස් පහක දුරකි. මහා කප්පින වෙනුවෙන් යොදුන් එකසිය විස්සකි. ධනිය හමුවීමට ගමන් මග සත්සිය යොදුනකි. මේ තුරිත චාරිකාය. ගම්, නියම්ගම්, නගර පිළිවෙලින් පිඬු පිණිස හැසිරීම් ආදියෙහිදී ලෝවාසීන්ට උපකාරි වීම සඳහා යාම අතුරිත චාරිකාය. මෙහිදී අදහස් කරන ලද්දේ එයයි. මෙසේ ගමනෙහි යෙදෙමින්, මහතා ගණනින් බොහෝ වූ මෙන්ම බොහෝ ගුණවත් වූ භික්ඛුසංඝෙන මහණ පිරිස සමග, අඩ්ඪතෙළසෙහි අඩක් අඩු දහතුනෙන් සියය බැගින් වූ දොළහක් හා පනහක් වූ මහණුන් සමග (එක්දහස් දෙසීය පනහක්) යැයි කියන ලදී. යෙන....තදවසරි බොහෝ වෙළඳසල් ඇති බැවින්, ඒ නියම්ගම ‘ආපණා’ යැයි නම් ලැබීය. එහි විසිදහසක් වෙළඳසල් සඳහා වෙන්කර ඇත. යෙන දිසාවකින් හෝ මගකින් හෝ අංගුත්තරාපානං ඒ රටට නිගමො පැමිණිය යුතුය. එහි වාසය කළේය. තදවසරි ගියේය. ඒ නියමට පැමිණියේ යැයි කියන ලදී.
කෙණියො ජටිලොති කෙණියොති නාමෙන, ජටිලොති තාපසො. සො කිර බ්රාහ්මණමහාසාලො, ධනරක්ඛණත්ථාය පන තාපසපබ්බජ්ජං සමාදාය රඤ්ඤො පණ්ණාකාරං දත්වා භූමිභාගං ගහෙත්වා තත්ථ අස්සමං කාරෙත්වා වසති කුලසහස්සස්ස නිස්සයො හුත්වා. අස්සමෙපි චස්ස එකො තාලරුක්ඛො දිවසෙ දිවසෙ එකං සුවණ්ණඵලං මුඤ්චතීති වදන්ති. සො දිවා කාසායානි ධාරෙති ජටා ච බන්ධති, රත්තිං යථාසුඛං පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති. සක්යපුත්තොති උච්චාකුලපරිදීපනං. සක්යකුලා පබ්බජිතොති සද්ධාය පබ්බජිතභාවපරිදීපනං, කෙනචි පාරිජුඤ්ඤෙන අනභිභූතො අපරික්ඛීණංයෙව තං කුලං පහාය සද්ධාය පබ්බජිතොති වුත්තං හොති. තං ඛො පනාති ඉත්ථම්භූතාඛ්යානත්ථෙ උපයොගවචනං, තස්ස ඛො පන භොතො ගොතමස්සාති අත්ථො. කල්යාණොති කල්යාණගුණසමන්නාගතො, සෙට්ඨොති වුත්තං හොති. කිත්තිසද්දොති කිත්තියෙව ථුතිඝොසො වා.
කෙණියො ජටිලො කෙණිය නම් වූ, ජටිලො යනු තවුසෙකි. ඔහු බමුණු මහසල් කුලයකට අයත්ය. ධනය රැකීම පිණිස තවුස් වත සමාදන්ව, රජුට පඬුරු දී බිම් කොටසක් ලැබ, එහි අසපුවක් කොට පවුල් දහසකට උපකාරවෙමින් වාසය කරයි. අසපු බිමෙහි එක් තල්ගසක දිනපතා එක් රත්රන් ගෙඩියක් වැටෙතැයි කියති. කේණිය තවුසා දිවාකල කහවත් දරයි. ජටාව බඳී. රැයෙහි කැමති පරිදි පස්කම් සුවෙහි රිසිසේ ගැලී කල්ගත කරයි. සක්යපුත්තො උසස් කුලය දැක්වෙයි. සක්යකුලා පබ්බජිතො සැදැහැයෙන් පැවිදි වූ බව පැහැදිලි කිරීමයි. කිසිදු දෙයකින් පීඩනයකට නොපැමිණ, (සම්පත් ආදිය) අහිමි වීමෙන් නොව, ඒ කුලය අත්හැර, සැදැහැයෙන් පැවිදි වූයේ යැයි කී අයුරුයි. තං ඛො පන ‘මෙසේ වී යැයි’ යන අදහසින් දුතියා විබත් යෙදිණ. ඒ පින්වත් ගොතමගේ යන අරුතයි. කල්‍යාණෙ යහපත් වූ ගුණවලින් යුතු, උසස් යැයි කියන ලද්දේය. කිත්තිසද්දො කිතු රාවයෙන් හෝ තුතිගොසින් හෝ,
ඉතිපි සො භගවාති ආදිම්හි පන අයං තාව යොජනා – සො භගවා ඉතිපි අරහං, ඉතිපි සම්මාසම්බුද්ධො…පෙ… ඉතිපි භගවාති, ඉමිනා ච ඉමිනා ච කාරණෙනාති වුත්තං හොති. තත්ථ ආරකත්තා, අරීනං අරානඤ්ච හතත්තා පච්චයාදීනං අරහත්තා, පාපකරණෙ රහාභාවාති ඉමෙහි තාව කාරණෙහි සො භගවා අරහන්ති වෙදිතබ්බො. ආරකා හි සො සබ්බකිලෙසෙහි මග්ගෙන සවාසනානං කිලෙසානං විද්ධංසිතත්තාති ආරකත්තා අරහං. තෙ චානෙන කිලෙසාරයො මග්ගෙන හතාති අරීනං හතත්තාපි අරහං. යඤ්චෙතං අවිජ්ජාභවතණ්හාමයනාභි, පුඤ්ඤාදිඅභිසඞ්ඛාරානං ජරාමරණනෙමි, ආසවසමුදයමයෙන අක්ඛෙන විජ්ඣිත්වා තිභවරථෙ සමායොජිතං අනාදිකාලපවත්තං සංසාරචක්කං. තස්සානෙන බොධිමණ්ඩෙ වීරියපාදෙහි සීලපථවියං පතිට්ඨාය සද්ධාහත්ථෙන කම්මක්ඛයකරඤාණඵරසුං ගහෙත්වා සබ්බෙ අරා හතාති අරානං හතත්තාතිපි අරහං . අග්ගදක්ඛිණෙය්‍යත්තා ච චීවරාදිපච්චයෙ සක්කාරගරුකාරාදීනි ච අරහතීති පච්චයාදීනං අරහත්තාපි අරහං. යථා ච ලොකෙ කෙචි පණ්ඩිතමානිනො බාලා අසිලොකභයෙන රහො පාපං කරොන්ති, එවං නායං කදාචි කරොතීති පාපකරණෙ රහාභාවතොපි අරහං. හොති චෙත්ථ –
ඉතිපි සො භගවා එහි මුලපටන්ම මේ අයුරින් අදහස් කෙරේ. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණින්ද අරහං ගුණයෙන් යුතු වෙති. මේ කරුණින්ද සම්මා සම්බුද්ධ වෙති. මේ කරුණින්ද භගවා නම් වෙති යනුවෙන් මේ මේ කරුණු දක්වන ලදී. කෙලෙස් සතුරන් දුරින්ම දුරු කළ බැවින්ද, කෙලෙස් අර නැසූ බැවින්ද, සිවුපසයෙන් පිදීමට සුදුසු බැවින්ද, අයහපතෙහි කිසිදු රහසක් නැති බැවින්ද (කිසිදු අයහපතක් කිසිවිටක නොකරන බැවින්ද) මේ කරුණුවලින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං ගුණයෙන් යුතු බව දතයුතුය. සියළුම කෙලෙසුන්ගෙන් දුරු වූයේ, (සිවුසස් අවබෝධය නම් වූ) මගෙන් පෙර සසර පුරුදුවලින් ආ බලපෑම් ද සමග කෙලෙසුන් දුරු කරන ලද බැවින් අරහං නම් වේ. ඒ කෙලෙස් නැමති ගරාදි සිවුසස් මගෙන් නසන ලද බැවින් ද කෙලෙස් සතුරන් වනසන ලද බැවින් ද අරහං නම් වේ. නොදැනීම - ඉපදෙනා තැන් හා දැඩි ආසාවෙන් (අවිජ්ජා භව තණ්හා) සැදුණු නැබෙන්ද, එක්රැස් කරනු ලබන පින් ආදී ගරාදියෙන්ද, ජරාව හා මරණය නම් පට්ටමෙන්ද, ආසව හටගැන්මෙන් වූ ‘අලවංගුවෙන්’ ද, විද, සිදුරුකොට, තුන් භවයෙහි යොදවන ලද බොහෝ කලක පටන් පවත්නා වූ සසර නම් වූ රෝදය, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් බෝමැඩදී, උත්සාහය නම් දෙපයින්, සීලය නම් පොළවෙහි පිහිටුවා, සැදැහැ නැමති අතින්, සියළු කටයුතු (කම්ම) නිමාකරන ලද නුවණ නමැති පොරව ගෙන (ඒ සසර රෝදයෙහි) සියළු අර නැසූ බැවින් ද අරහං වේ. දීමට සුදුසු බැවින් ද සිවුපසයෙන් ගරු සත්කාර කිරීමට සුදුසු බැවින් ද අරහං වේ. ඇතැම් විටක, ලොවෙහි තමන් බොහෝ දේ දන්නේ යැයි පණ්ඩිත බව පෙන්වන අනුවණයෝ අපහාසයට බියෙන් රහසින් පව් කරති. කිසිවිටකත් එසේ පව් කිරීමෙහි රහසිගත බව නොමැති බැවින්ද අරහං වෙති. ඒ අනුව මෙසේ ද කීය -
“ආරකත්තා හතත්තා ච, කිලෙසාරීන සො මුනි; හතසංසාරචක්කාරො, පච්චයාදීන චාරහො; න රහො කරොති පාපානි, අරහං තෙන පවුච්චතී”ති.
ආරකත්තා හත්තතාච කිලෙසාරීන සො මුනි හතසංසාරචක්කාරො පච්චයාදීනචාරහො න රහො කරොති පාපානි අරහන්තෙ න පවුච්චතී
සම්මා සාමඤ්ච සච්චානං බුද්ධත්තා සම්මාසම්බුද්ධො. අතිසයවිසුද්ධාහි විජ්ජාහි අබ්භුත්තමෙන චරණෙන ච සමන්නාගතත්තා විජ්ජාචරණසම්පන්නො. සොභනගමනත්තා සුන්දරං ඨානං ගතත්තා සුට්ඨු ගතත්තා සම්මා ගදත්තා ච සුගතො. සබ්බථාපි විදිතලොකත්තා ලොකවිදූ. සො හි භගවා සභාවතො සමුදයතො නිරොධතො නිරොධූපායතොති සබ්බථා ඛන්ධායතනාදිභෙදං සඞ්ඛාරලොකං අවෙදි, “එකො ලොකො සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා. ද්වෙ ලොකා නාමඤ්ච රූපඤ්ච. තයො ලොකා තිස්සො වෙදනා. චත්තාරො ලොකා චත්තාරො ආහාරා. පඤ්ච ලොකා පඤ්චුපාදානක්ඛන්ධා. ඡ ලොකා ඡ අජ්ඣත්තිකානි ආයතනානි. සත්ත ලොකා සත්ත විඤ්ඤාණට්ඨිතියො. අට්ඨ ලොකා අට්ඨ ලොකධම්මා. නව ලොකා නව සත්තාවාසා. දස ලොකා දසායතනානි. ද්වාදස ලොකා ද්වාදසායතනානි. අට්ඨාරස ලොකා අට්ඨාරස ධාතුයො”ති (පටි· ම· 1.112) එවං සබ්බථා සඞ්ඛාරලොකං අවෙදි. සත්තානං ආසයං ජානාති, අනුසයං ජානාති, චරිතං ජානාති, අධිමුත්තිං ජානාති, අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ භබ්බෙ අභබ්බෙ සත්තෙ ජානාතීති සබ්බථා සත්තලොකං අවෙදි.
තමන් විසින්ම ලොව ඇති තතු මැනවින් අවබෝධ කරන ලද බැවින්, සම්මා සම්බුද්ධො ඉතා පිරිසිදු විදු නැණින් හා කිසිවකුට දොස් නැගිය නොහැකි චරිතය හෝ හැසිරිමෙන් යුතු බැවින් විජ්ජාචරණ සම්පන්නො යහපත්-විසිතුරු ගමනින් ද සොඳුරු තැනට (නිවනට) ගිය බැවින්ද, සුගතො, ලොවෙහි සියළු දෙයම දන්නා බැවින් ලෝකවිදූ සම්බුදුරජාණන් වහන්සේ ඇති සැටියෙන්, හටගැනීමට හේතු දකිමින්, එය නැති කිරීම හා ඊට උපායමගද, රූපාදී සමූහ සහ ඇස් ආදී වූ ආයතන ලෙසින් සකසන ලෝකයද නිසි පරිදි දත්හ. ‘පළමු ලෝකය, සියළුම ජීවීන් ආහාරයට කැමති බවයි. දෙලොව නම් නාමය හා රූපයයි. ලෝක තුන නම්, තුන්ආකාර වූ වේදනාය. සිවු ලෝකය නම් සතරාකාර වූ ආහාරයයි. ලෝක පහ, උපාදාන සමූහ පහයි. තමා කෙරෙහි වූ ඇස් ආදී ආයතන හය ලෝක හය සේ ගැනේ. විඤ්ඤාණය පිහිටීම අනුව ලෝක හතකි. අටලෝ දහම ලෝක අටකි. නව සත්තාවාස (බ්‍රහ්ම ලෝක) අනුව ලෝක නවයකි. ආයතන දහයද ලෝක දහයකි. ආයතන දොළහ ලෝක දොළහකි. ධාතු දහඅටද ලෝක දහඅටකි. යනුවෙන් ලෝකය සකස්වන සැටි මෙසේ මැනවින් දැනගත්හ. සත්වගෙහි සිත්හසර දනිති. සැඟවුණු සිතිවිලි දනිති. හැසිරීම් රටාව දනිති. තීරණ, අදහස් දනිති. කෙලෙස් අඩු ඇත්තන්, කෙලෙස් බොහෝ ඇත්තන්, තියණු ඉඳුරන් ඇති බව, මුදු ඉඳුරන් ඇති බව, යහපත් බව, අයහපත් බව, කරුණු අවබෝධ කරවීමේ පහසුව, අවබෝධයෙහි අපහසුව, මගපල ලද හැකිබව, මගපල ලද නොහැකි බව දනිති. මෙසේ හැම ලෙසින්ම ජීව ලෝකය මනාව දත්හ.
තථා එකං චක්කවාළං ආයාමතො විත්ථාරතො ච යොජනානං ද්වාදස සතසහස්සානි තීණි සහස්සානි අඩ්ඪපඤ්චමානි ච සතානි, පරික්ඛෙපතො ඡත්තිංස සතසහස්සානි දස සහස්සානි අඩ්ඪුඩ්ඪානි ච සතානි.
එසේ එක් සක්වළක් දිගින්ද පළලින් ද යොදුන් දොළොස් ලක්ෂ තුන්දහස් හාරසිය පනහකි. ඒ සක්වළ වටින් යොදුන් තිස්හය ලක්ෂ දසදහස් තුන්සිය පනහකි.
තත්ථ –
එහි,
දුවෙ සතසහස්සානි, චත්තාරි නහුතානි ච; එත්තකං බහලත්තෙන, සඞ්ඛාතායං වසුන්ධරා.
මහපොළව යොදුන් දෙලක්ෂ හතළිස් දහසක් ඝනය.
චත්තාරි සතසහස්සානි, අට්ඨෙව නහුතානි ච; එත්තකං බහලත්තෙන, ජලං වාතෙ පතිට්ඨිතං.
යොදුන් හාරලක්ෂ අසූදහසක ජලය පිරි පවතී. එපමණ ඝනකමකින් දිය පොළව දැරූ වා තලය (වා පොළව) පිහිටියේය.
නව සතසහස්සානි, මාලුතො නභමුග්ගතො; සට්ඨි චෙව සහස්සානි, එසා ලොකස්ස සණ්ඨිති”.
එහි නවලක්ෂ යොදුන් අහස උසට නැගෙන වාතය පවත්නා මේ ලෝකය (කළු) සැටදහසක් පවතී.
එවං සණ්ඨිතෙ චෙත්ථ යොජනානං –
මෙසේ පිහිටි එක් සක්වළක තොරතුරු මෙසේය.
චතුරාසීති සහස්සානි, අජ්ඣොගාළ්හො මහණ්ණවෙ; අච්චුග්ගතො තාවදෙව, සිනෙරු පබ්බතුත්තමො.
‘යොදුන් අසූහාර දහසක් මහ සයුරෙහි ගිලී සිටි මහාමේරු පව්ව එකෙණෙහිම උඩට නැඟුණි.
තතො උපඩ්ඪුපඩ්ඪෙන, පමාණෙන යථාක්කමං; අජ්ඣොගාළ්හුග්ගතා දිබ්බා, නානාරතනචිත්තිතා.
එහි අඩක් පමණ වූ, හෙවත් යොදුන් හතළිස් දෙදහසක් මුහුදෙහි ගිලුණු, එපමණින් ඉහළට නැගණු, දිව රුවනින් විසිතුරු වූ,
යුගන්ධරො ඊසධරො, කරවීකො සුදස්සනො; නෙමින්ධරො විනතකො, අස්සකණ්ණො ගිරි බ්රහා.
යුගන්ධර, ඊසධර, කරවීක, සුදස්සන, නෙමින්ධර, විනතක, අස්සකණ්ණ නම් වූ මහමෙර වටා පිහිටි මෙම සත්කුළු පව් දෙවියන්, වාසය කරන්නා වූ මහරජවරුන්ටද නිවහනකි.
එතෙ සත්ත මහාසෙලා, සිනෙරුස්ස සමන්තතො; මහාරාජානමාවාසා, දෙවයක්ඛනිසෙවිතා.
යොජනානං සතානුච්චො, හිමවා පඤ්ච පබ්බතො; යොජනානං සහස්සානි, තීණි ආයතවිත්ථතො.
හිමාලයෙහි යොදුන් පන්සියයක් උස, දිගින් පළලින් යොදුන් තුන්දහසක් වූ ගිරිකුළු (කලු) අසූහාර දහසකි.
චතුරාසීතිසහස්සෙහි, කූටෙහි පටිමණ්ඩිතො; තිපඤ්චයොජනක්ඛන්ධ-පරික්ඛෙපා නගව්හයා.
පඤ්ඤාසයොජනක්ඛන්ධ-සාඛායාමා සමන්තතො; සත්තයොජනවිත්ථිණ්ණා, තාවදෙව ච උග්ගතා.
යොදුන් පහළොවක් වට කඳින් යුතු, යොදුන් පනහක් උසට අහසට නැගි මහ කදකින් ද හාත්පස වටා විහිද ගිය අතුපතරින් හෙබි යොදුන් හතක් පළල් වූ එකෙණෙහිම ඉහළට මතුවූ දඹ ගසක බලයෙන් ‘දඹදිව’ යැයි කියනු ලැබේ.
ජම්බූ යස්සානුභාවෙන, ජම්බුදීපො පකාසිතො; ද්වෙ අසීතිසහස්සානි, අජ්ඣොගාළ්හො මහණ්ණවෙ.
අච්චුග්ගතො තාවදෙව, චක්කවාළසිලුච්චයො; පරික්ඛිපිත්වා තං සබ්බං, චක්කවාළමයං ඨිතො”.
යොදුන් අසූහාර දහසක් යටට මහ සයුරෙහි ගිලුනු, එකෙණෙහිම මතුවුන අසූහාර දහසක් සක්වළ පවු හෝ ගල්කුළු ඒ වටා පිහිටියේය.
තත්ථ චන්දමණ්ඩලං එකූනපඤ්ඤාසයොජනං, සූරියමණ්ඩලං පඤ්ඤාසයොජනං, තාවතිංසභවනං දසසහස්සයොජනං, තථා අසුරභවනං අවීචිමහානිරයො ජම්බුදීපො ච. අපරගොයානං සත්තසහස්සයොජනං, තථා පුබ්බවිදෙහො, උත්තරකුරු අට්ඨසහස්සයොජනො. එකමෙකො චෙත්ථ මහාදීපො පඤ්චසතපඤ්චසතපරිත්තදීපපරිවාරො. තං සබ්බම්පි එකං චක්කවාළං එකා ලොකධාතු. චක්කවාළන්තරෙසු ලොකන්තරිකනිරයා. එවං අනන්තානි චක්කවාළානි අනන්තා ලොකධාතුයො, අනන්තෙන බුද්ධඤාණෙන අඤ්ඤාසීති සබ්බථා ඔකාසලොකං අවෙදි. එවං සො භගවා සබ්බථා. විදිතලොකත්තා ලොකවිදූති වෙදිතබ්බො.
ඒ සක්වළ සඳමඬල හතළිස් නව යොදුනකි. හිරු මඬල යොදුන් පණහකි. තව්තිසාව යොදුන් දසදහසකි. අසුර භවන, අවීචි මහා නිරය, දඹදිව ද එපමණම වේ. අපරගොයානය, පුබ්බවිදේහය යොදුන් හත්දහසකි. උතුරුකුරු දිවයින යොදුන් අටදහසකි. ඒ එක් එක් මහා දිවයිනකටද පන්සියයක්, පන්සියයක් බැගින් වූ කුඩා පිරිවර දිවයින් ඇත. ඒ සියල්ලමද එක් සක්වළක වෙයි. එකම ලෝධාතුවකි. සක්වළ අතරෙහි ලෝකාන්තරික නිරය පිහිටියේය. මෙසේ කෙළවරක් නොවන සක්වළ හා කෙළවර නොවන ලෝක ධාතු පමණ කළ නොහැකි බුදු නැණින් හැම අයුරින්ම හඳුනා දත්හ. එහෙයින් ලොකවිදූ නම් වෙති.
අත්තනො පන ගුණෙහි විසිට්ඨතරස්ස කස්සචි අභාවා අනුත්තරො. විචිත්තෙහි විනයනූපායෙහි පුරිසදම්මෙ සාරෙතීති පුරිසදම්මසාරථි. දිට්ඨධම්මිකසම්පරායිකපරමත්ථෙහි යථාරහං අනුසාසති නිත්ථාරෙති චාති සත්ථා. දෙවමනුස්සග්ගහණං උක්කට්ඨපරිච්ඡෙදවසෙන භබ්බපුග්ගලපරිග්ගහවසෙන ච කතං, නාගාදිකෙපි පන එස ලොකියත්ථෙන අනුසාසති. යදත්ථි නෙය්‍යං නාම, සබ්බස්ස බුද්ධත්තා විමොක්ඛන්තිකඤාණවසෙන බුද්ධො. යතො පන සො –
තම ගුණවලට වඩා උසස් ගුණවලින් යුතු වෙනත් කිසිවෙකු නොමැති බැවින් අනුත්තරො නම් වෙති. (සිත තුටු වන) විසිතුරු වූ, නොයෙක් ආකාරයෙන් මිනිසුන් - නොදැහැමි වූවන් හික්මවා දමනය කොට, හරවත් මග පෙන්වා ඊට යොමු කරන බැවින් පුරිසදම්මසාරථි වෙති. මෙලොව පරලොව උසස් බවක් ඇතිකර ගැනීමට සුදුසු පරිදි අවවාද උපදෙස් දෙමින්ද (සසරින්) එතරවන මග පෙන්වන හෙයින්ද සත්ථා නම් වෙති. දෙව්මිනිස් කැලට (තම ජීවිතවල) උසස් බවට පත්කර ගැනීමටද, මගපල ලැබීමට හේතු සම්පත් ඇත්තවුන්ට ඒ ලෙසින්ද අනුසාසනා කරන ලදහ. නාග ආදීනටද එදිනෙදා දියුණුව සඳහා අනුසාසනා කරති. කිසියම් උපකාරීවන දෙයක් වේද, ඊට යොමු කරති. සියළුම දතයුතු දේ අවබෝධ කරගත් බැවින්ද (තවත් දැනගැනීමට නොමැති හෙයින්, එයින් නිදහස් වූ බැවින්ද) බුද්ධො නම් වෙති. යම් ලෙසකින් බුදුරජාණන් වහන්සේ -
“භග්යවා භග්ගවා යුත්තො, භගෙහි ච විභත්තවා; භත්තවා වන්තගමනො, භවෙසු භගවා තතො”ති.
පෙර පුරන ලද පාරමිතා බලෙන් අත්කරගත් කුසල්වලින් (වාසනා) පල ලද බැවින්ද, කෙලෙස් සිඳ දැමූ බැවින්ද, ගුණයෙන් කිත් යසස් ලද බැවින්ද, කරුණු බෙදා දක්වා පැහැදිලි කරන බැවින් ද, උතුම් විහරණයෙන් යුතු හෙයින් ද සසර ගමනට හේතුවන තණ්හාව ඉවතහළ බැවින්ද භගවා නම් වෙති.
අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරතො පනෙතානි පදානි විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.124-125) වුත්තානි.
මේ සඳහන් වූයේ කෙටියෙනි. මේ වචනවල විස්තර විසුද්ධිමග්ගයෙහි දක්වා ඇත.
සො ඉමං ලොකන්ති සො භගවා ඉමං ලොකං. ඉදානි වත්තබ්බං නිදස්සෙති. සදෙවකන්තිආදීනි කසිභාරද්වාජආළවකසුත්තෙසු වුත්තනයානෙව. සයන්ති සාමං අපරනෙය්යො හුත්වා. අභිඤ්ඤාති අභිඤ්ඤාය. සච්ඡිකත්වාති පච්චක්ඛං කත්වා. පවෙදෙතීති බොධෙති ඤාපෙති පකාසෙති. සො ධම්මං දෙසෙති…පෙ… පරියොසානකල්යාණන්ති සො භගවා සත්තෙසු කාරුඤ්ඤතං පටිච්ච අනුත්තරං විවෙකසුඛං හිත්වාපි ධම්මං දෙසෙති. තඤ්ච ඛො අප්පං වා බහුං වා දෙසෙන්තො ආදිකල්යාණාදිප්පකාරමෙව දෙසෙති. කථං? එකගාථාපි හි සමන්තභද්දකත්තා ධම්මස්ස පඨමපාදෙන ආදිකල්යාණා, දුතියතතියපාදෙහි මජ්ඣෙකල්යාණා, පච්ඡිමපාදෙන පරියොසානකල්යාණා. එකානුසන්ධිකං සුත්තං නිදානෙන ආදිකල්යාණං, නිගමනෙන පරියොසානකල්යාණං, සෙසෙන මජ්ඣෙකල්යාණං. නානානුසන්ධිකං පඨමානුසන්ධිනා ආදිකල්යාණං, පච්ඡිමෙන පරියොසානකල්යාණං, සෙසෙහි මජ්ඣෙකල්යාණං. සකලොපි සාසනධම්මො අත්තනො අත්ථභූතෙන සීලෙන ආදිකල්යාණො, සමථවිපස්සනාමග්ගඵලෙහි මජ්ඣෙකල්යාණො, නිබ්බානෙන පරියොසානකල්යාණො. සීලසමාධීහි වා ආදිකල්යාණො, විපස්සනාමග්ගෙහි මජ්ඣෙකල්යාණො, ඵලනිබ්බානෙහි පරියොසානකල්යාණො. බුද්ධසුබොධිතාය වා ආදිකල්යාණො, ධම්මසුධම්මතාය මජ්ඣෙකල්යාණො, සඞ්ඝසුප්පටිපත්තියා පරියොසානකල්යාණො . තං සුත්වා තථත්තාය පටිපන්නෙන අධිගන්තබ්බාය අභිසම්බොධියා වා ආදිකල්යාණො, පච්චෙකබොධියා මජ්ඣෙකල්යාණො, සාවකබොධියා පරියොසානකල්යාණො . සුය්යමානො චෙස නීවරණාදිවික්ඛම්භනතො සවනෙනපි කල්යාණමෙව ආවහතීති ආදිකල්යාණො, පටිපජ්ජමානො සමථවිපස්සනාසුඛාවහනතො පටිපත්තියාපි කල්යාණමෙව ආවහතීති මජ්ඣෙකල්යාණො, තථා පටිපන්නො ච පටිපත්තිඵලෙ නිට්ඨිතෙ තාදිභාවාවහනතො පටිපත්තිඵලෙනපි කල්යාණමෙව ආවහතීති පරියොසානකල්යාණො. නාථප්පභවත්තා ච පභවසුද්ධියා ආදිකල්යාණො, අත්ථසුද්ධියා මජ්ඣෙකල්යාණො, කිච්චසුද්ධියා පරියොසානකල්යාණො. යතො අප්පං වා බහුං වා දෙසෙන්තො ආදිකල්යාණාදිප්පකාරමෙව දෙසෙතීති වෙදිතබ්බො.
සො ඉමං ලොකං ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකවාසීනට ද, දැන් කිවයුතු දෙය පැහැදිළි කරති. සදෙවකං කසීභාරද්වාජ, ආළවක සූත්‍රවල සඳහන් වූ පරිදිය. සයං වෙනත් කෙනෙකුගේ උපකාරයක් අනුදැනීමක් නොමැතිව, තමන් විසින්ම, අභිඤ්ඤා මැනවින් දැන, සච්ඡිකත්වා පසක් කොට, තහවුරු කොට, පවෙදෙති අවබෝධ කරවයි. දන්වයි. පවසයි. සො ධම්මං දේසනා කරයි. (ඒ දහම) අවසානය තෙක්ම යහපත්ය. සො ඒ භාග්‍යවතුන් වහන්සේ කරුණාව නිසා උතුම් විවේක සුවය ද නොසළකා ධම්මං දෙසෙති එසේ මදක් හෝ බොහෝ හෝ දහම් දෙසතත් මුලසිටම යහපත් සේ මැනවින් දේසනා කරති. ඒ කෙසේද? මුළුමනින්ම ඉතා යහපත් බව ඇති නිසාම, දහම් අගයෙන් යුතු එක ගාථාවක මුල් පදයම ආදි කල්‍යාණ දෙවන, තෙවන පදවලින් මජ්ඣෙ කල්‍යාණ අවසන් පදයෙන් පරියොසාන කල්‍යාණ එක් කරුණක් ගලපා දක්වන සූත්‍ර දේසනයක, එහි ආරම්භය හේතු දැක්වීමට මුල යහපත් වීමයි. කරුණු පහදා දීමෙන් පසු, නිගමනය අවසානයෙහි ඇති යහපත් බවයි. මේ අතර වූ ඉතිරි සියල්ල, ඒ පවසන දෙයෙහි මැද ද, යහපත් වන අයුරුයි. ගැළපෙන කරුණු රැසක් ඇතිවිට, මුලින්ම එය ඉදිරිපත් කරන ආකාරය මුල යහපත් බවයි. පසුව - අගදී දක්වන ආකාරය අවසානයෙහි යහපත් බවයි. ඉතිරි කොටස මැද දී කරුණු දැක්වීමේ යහපත් බවයි. මුළු (තථාගත) සසුනෙහි තමන් වහන්සේම නිදසුන් වන සේ, අරුත් දැක්වීමේදී සීලයෙහි (පිරිපුන් බව) මුලදීම ඇති යහපත් බවයි. මැද යහපත් වන්නේ සමථ - විදසුන් මගින් ලබන පලයයි. අවසාන යහපත් බව නිවනයි. මුලදී ඇති යහපත් බව සීල සමාධියයි. විදසුන් මගින් ලබන පලය මැද යහපත් බවයි. නිවන් පලය අවසාන යහපත් බවයි. බුදුබව මැනවින් අවබෝධය මුල යහපත් වීමය. මැද යහපත් වන්නේ දහමෙහි මනා සැකැස්මයි. මනා පිළිවෙත්හි පිහිටි සඟ පිරිස අවසාන යහපත් බවයි. ඒ දහම අසා ඇති තතු නිසි පරිදි දැනගැනීමට පිළිපන් තැනැත්තකු විසින් පැමිණිය යුතු ඒ සියළු දේ දැනගැනීම හෙවත් බුදුබව මුල්ම යහපතයි. මැද යහපත වන්නේ පසේබුදු බවයි. අවසාන යහපත රහත් පලයයි. දහම් ඇසීමේදී නීවරණ ආදිය යටපත් කිරීමෙන් ඇසීමේදී යහපත උදාවන බැවින් මුලින්ම ද යහපත් වේ. ඒ දහම පිළිපැදීමෙන් සමථ-විදසුන් ලැබීමේ පිළිවෙතින් යහපතම ගෙන දෙන හෙයින් මැද දී ද යහපත්ය. එසේ පිළිපන්ව, පිළිවෙත් පිරීම නිමවූ කල්හි, කම්පා නොවීමේ හැකියාව ලැබීමෙන් අවසානය ද යහපත්ය. මායාවක්, මුළාවීමක් නැතිව (සිත) පිරිසිදු බවට මග මුලදී යහපත් බවයි. ඒ අනුව කරනු ලබන කටයුතුවලින් ඇතිවන පිරිසිදු බව අවසාන යහපත් බවයි. මද හෝ බොහෝ හෝ දේසනා කරනවිට මුලසිටම යහපත් ආකාරයෙන් යුතුයැයි දතයුතුය.
සාත්ථං සබ්යඤ්ජනන්ති එවමාදීසු පන යස්මා ඉමං ධම්මං දෙසෙන්තො සාසනබ්රහ්මචරියං මග්ගබ්රහ්මචරියඤ්ච පකාසෙති, නානානයෙහි දීපෙති, තඤ්ච යථාසම්භවං අත්ථසම්පත්තියා සාත්ථං, බ්යඤ්ජනසම්පත්තියා සබ්යඤ්ජනං. සඞ්කාසනපකාසනවිවරණවිභජනඋත්තානීකරණපඤ්ඤත්තිඅත්ථපදසමායොගතො සාත්ථං, අක්ඛරපදබ්යඤ්ජනාකාරනිරුත්තිනිද්දෙසසම්පත්තියා සබ්යඤ්ජනං. අත්ථගම්භීරතාපටිවෙධගම්භීරතාහි සාත්ථං, ධම්මගම්භීරතාදෙසනාගම්භීරතාහි සබ්යඤ්ජනං. අත්ථපටිභානපටිසම්භිදාවිසයතො සාත්ථං, ධම්මනිරුත්තිපටිසම්භිදාවිසයතො සබ්යඤ්ජනං. පණ්ඩිතවෙදනීයතො සරික්ඛකජනප්පසාදකන්ති සාත්ථං, සද්ධෙය්යතො ලොකියජනප්පසාදකන්ති සබ්යඤ්ජනං. ගම්භීරාධිප්පායතො සාත්ථං, උත්තානපදතො සබ්යඤ්ජනං. උපනෙතබ්බස්සාභාවතො සකලපරිපුණ්ණභාවෙන කෙවලපරිපුණ්ණං, අපනෙතබ්බස්ස අභාවතො නිද්දොසභාවෙන පරිසුද්ධං. සික්ඛත්තයපරිග්ගහිතත්තා බ්රහ්මභූතෙහි සෙට්ඨෙහි චරිතබ්බතො තෙසඤ්ච චරියභාවතො බ්රහ්මචරියං. තස්මා “සාත්ථං සබ්යඤ්ජනං…පෙ… බ්රහ්මචරියං පකාසෙතී”ති වුච්චති.
සාත්ථං සව්යඤ්ජනං මේ අයුරින් මුල, මැද, අග යහපත්ව දහම් දෙසනවිට, බ්රහ්මචරියං (පැවිදි) සසුනෙහි බඹසර හා මග බඹසර ලෙස ඉතා උසස් හැසිරිම ද පකාසෙති නොයෙක් නොයෙක් ආකාරයෙන් පහදා දෙති. එය පැහැදිලි වන අයුරින්ම අරුත් පිරුනු බව සාත්ථං, ගැළපෙන අකුරු යෙදීම සව්යඤ්ජනං බලාපොරොත්තු වන අදහස පැවසීම, විවරණය, කරුණු බෙදා දැක්වීම, විස්තර කිරීම, වචන දැක්වීමෙන් එහි අදහස නැවත තහවුරු කොට දැක්වීම සාත්ථං, අකුරු, පද සකස්වන අයුරු. වචන මුලින් ඇතිවන සැටි, (ඒවා) විස්තර කොට දැක්වීම සව්යඤ්ජනං, ගැඹුරු අරුතින් හා ගැඹුරින් - උසස් ලෙස ලබන අවබෝධය සාත්ථං දහමෙහි (කරුණුවල) උසස් බව හා දේසනයෙහි උසස් බව සව්යඤ්ජනං, අරුත වැටහීම හා කරුණු වෙන්කොට දතහැකි වෙසෙස් නුවණැති බව සාත්ථං, දහම පැහැදිළි කිරීමෙහිදී බස් වහර පිළිබඳ වෙසෙස් දැනුම සව්යඤ්ජනං, නුවණැතියන් විසින් දතයුතු, විමසීමට ඇති නිදහස නිසා ජනතාවගේ සතුට ලබන සාත්ථං, පොදු ජන සතුට වඩන බැවින් සව්යඤ්ජනං, ගැඹුරු අදහසක් ලබාදෙන බැවින් සාත්ථං, පැහැදිලි අකුරු වචන ඇති හෙයින් සව්යඤ්ජනං, අත්හැර දැමිය යුතු දෙයක් නොමැති බැවින් ද, හැම අයුරින්ම පිරිපුන් බැවින් කෙවල පරිපුණ්ණං ඉවත් කළයුතු දෙයක්ද නොමැති, නිදොස් බැවින් පරිසුද්ධං හික්මීමට අදාල වන, බ්‍රහ්මයකු බඳු උසස් අයුරින් හැසිරිය යුතු බැවින්, එසේ හැසිරීම බ්රහ්මචරියං, ඒ අනුව “සාත්ථං සව්යඤ්ජනං.......බ්රහ්මචරියං පකාසෙති” යැයි කියනු ලැබේ.
අපිච යස්මා සනිදානං සඋප්පත්තිකඤ්ච දෙසෙන්තො ආදිකල්යාණං දෙසෙති, විනෙය්යානං අනුරූපතො අත්ථස්ස අවිපරීතතාය හෙතුදාහරණයොගතො ච මජ්ඣෙකල්යාණං , සොතූනං සද්ධාපටිලාභෙන නිගමනෙන ච පරියොසානකල්යාණං. එවං දෙසෙන්තො ච බ්රහ්මචරියං පකාසෙති. තඤ්ච පටිපත්තියා අධිගමබ්යත්තිතො සාත්ථං, පරියත්තියා ආගමබ්යත්තිතො සබ්යඤ්ජනං, සීලාදිපඤ්චධම්මක්ඛන්ධයුත්තතො කෙවලපරිපුණ්ණං, නිරුපක්කිලෙසතො නිත්ථරණත්ථාය පවත්තිතො ලොකාමිසනිරපෙක්ඛතො ච පරිසුද්ධං, සෙට්ඨට්ඨෙන බ්රහ්මභූතානං බුද්ධපච්චෙකබුද්ධසාවකානං චරියතො බ්රහ්මචරියන්ති වුච්චති, තස්මාපි “සො ධම්මං දෙසෙති…පෙ… බ්රහ්මචරියං පකාසෙතී”ති වුච්චති.
තවද, නිදාන - හේතු සහිතව දේසනා කිරීම මුල යහපත් වෙයි. හික්මවිය හැකි ජනතාවට සුදුසු වන ආකාරයෙන්, අරුත වෙනස් නොවන ලෙස, හේතු-නිදසුන් පෙන්වා දෙමින් කරුණු දැක්වීම මැද යහපත් බවයි. අසන තැනැත්තන් සැදැහැ බව දියුණු කරගනු ලැබීමෙන් තීරණයට එළඹීම අවසානය යහපත් බවයි. මෙසේ දේසනා කරද්දී බ්‍රහ්මචරියාව ගැනද පවසති. ඒ පිළිවෙතින් මගපල ලැබීමද සාත්ථං නම් වේ. ඇසීමෙන්, ඉගෙන ගන්නා දහමෙන් ලබන සාමයික දැනුම - වියත් බව සව්යඤ්ජනං වේ. පන්සිල් ආදී දහම් සමූහයෙන් යුතු නිසා කෙවල පරිපුණ්ණ වේ. කෙලෙස් නොමැති වීමෙන්, එදිනෙදා ලබන ලාභවාසි ගැන බලාපොරොත්තු රහිත නිසාද පරිසුද්ධං, උසස්, උතුම් අරුතින් බ්‍රහ්ම බඳු බුදු පසේ බුදු රහතන් වහන්සේලාගේ හැසිරීමද බ්‍රහ්මචරියාව යැයි කියනු ලැබේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසති. බඹසර පහදා දෙතියිද කියනු ලබයි.
සාධු ඛො පනාති සුන්දරං ඛො පන, අත්ථාවහං සුඛාවහන්ති වුත්තං හොති. ධම්මියා කථායාති පානකානිසංසපටිසංයුත්තාය. අයඤ්හි කෙණියො සායන්හසමයෙ භගවතො ආගමනං අස්සොසි. “තුච්ඡහත්ථො භගවන්තං දස්සනාය ගන්තුං ලජ්ජමානො විකාලභොජනා විරතානම්පි පානකං කප්පතී”ති චින්තෙත්වා පඤ්චහි කාජසතෙහි සුසඞ්ඛතං බදරපානං ගාහාපෙත්වා අගමාසි. යථාහ භෙසජ්ජක්ඛන්ධකෙ “අථ ඛො කෙණියස්ස ජටිලස්ස එතදහොසි, කිං නු ඛො අහං සමණස්ස ගොතමස්ස හරාපෙය්ය”න්ති (මහාව· 300) සබ්බං වෙදිතබ්බං. තතො නං භගවා යථා සෙක්ඛසුත්තෙ (ම· නි· 2.22 ආදයො) සාකියෙ ආවසථානිසංසපටිසංයුත්තාය කථාය, ගොසිඞ්ගසාලවනෙ (ම· නි· 1.325 ආදයො) තයො කුලපුත්තෙ සාමග්ගිරසානිසංසපටිසංයුත්තාය, රථවිනීතෙ (ම· නි· 1.252 ආදයො) ජාතිභූමකෙ භික්ඛූ දසකථාවත්ථුපටිසංයුත්තාය, එවං තඞ්ඛණානුරූපාය පානකානිසංසපටිසංයුත්තාය කථාය පානකදානානිසංසං සන්දස්සෙසි, තථාරූපානං පුඤ්ඤානං පුනපි කත්තබ්බතාය නියොජෙන්තො සමාදපෙසි, අබ්භුස්සාහං ජනෙන්තො සමුත්තෙජෙසි, සන්දිට්ඨිකසම්පරායිකෙන ඵලවිසෙසෙන පහංසෙන්තො සම්පහංසෙසි. තෙනාහ “ධම්මියා කථාය…පෙ… සම්පහංසෙසී”ති. සො භිය්යොසොමත්තාය භගවති පසන්නො භගවන්තං නිමන්තෙසි, භගවා චස්ස තික්ඛත්තුං පටික්ඛිපිත්වා අධිවාසෙසි. තෙනාහ “අථ ඛො කෙණියො ජටිලො…පෙ… අධිවාසෙසි භගවා තුණ්හීභාවෙනා”ති.
සාධු ඛො පන මැනවි, යහපත්ය, සොඳුරුය, අරුත් දනවයි. සැප ගෙනදෙයි යන තේරුමයි. ධම්මියාකථාය පානය කිරිමට දුන් දෙයක් ආනිසංස සළකා, කෙණියට භාග්‍යවතුන් වහන්සේ පැමිණෙන බව අසන්නට ලැබුණේ සවස් කාලයේදීය. හිස් අතින්ම භාග්‍යවතුන් වහන්සේ දැකීමට යාමට ලජ්ජාවෙන්, විකාලයෙහි ආහාර ගැනීමෙන් වැළකී ඇති නමුදු, පානයට සුදුසු දෙයක් කැපයයි ද සිතා, ඩෙබර (මසං) මනාව පිළියෙල කොට, කත් පන්සියයකින් ගෙන ගියේය. ‘මම සමණ ගොතමයන්ට කුමක් ගෙන යන්නෙම්දැ’යි ඉක්බිති කෙණිය ජටිලයාට සිතුණේය. ‘අථ ඛො කෙණියස්ස ජටිලස්ස එතදහොසි, කින්නුඛො අහං සමණස්ස ගොතමස්ස හරාපෙය්යන්ති’ ආදී ලෙසින් භෙසජ්ජක්ඛන්ධකයෙහි සඳහන් පරිදි ඒ සියල්ල දතයුතුය. එහිදී ඔහුට භාග්‍යවතුන් වහන්සේ, සෙඛ සූත්‍රයෙහිදී සැකි කුලවතුන්ට ආවාස ආනිසංස වදාරන ලද පරිදි, ගොසිංග සිල් උයනෙහිදී කුලපුතුන් (මහ රහතුන්) තිදෙනාට සමගියෙහි අගය වදාරා ඇති පරිදි, රථවිනීත සූත්‍රයෙහිදී කිඹුල්වත් පුර උපන් මහණුන් කෙරෙහි දසකථා පිළිබඳ වදාරන ලද පරිදි, මෙසේ ඒ වේලාවට ගැළපෙන පරිදි පානය කිරීමට දෙන ලද දේ අනුව එහි ආනිසංසය සන්දස්සෙසි. එබඳු යහපත් දේ, පින් - නැවත කළයුතු බවට උත්සාහවත් කරමින් සමාදපෙසි තවදුරටත් එහිලා උත්සාහවත් කරමින් සමුත්තෙජෙසි මෙලොව පරලොව යහපත පෙන්වාදෙමින් සතුටු කළහ. දැහැමි කතාවෙන්.......සතුටු කළහයි එහෙයින් කියන ලදී. කෙණිය බොහෝ සතුටට පත්ව භාග්‍යවතුන් වහන්සේට (කැඳ පානය සඳහා) ආරාධනා කළේය. භාග්‍යවතුන් වහන්සේද තෙවරක් පිළිකෙව් කොට පිළිගත්හ. එහෙයින් අථ ඛො කෙණියො ජටිලො....අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන යැයි කීය.
කිමත්ථං පන පටික්ඛිපි භගවාති? පුනප්පුනං යාචනාය චස්ස පුඤ්ඤවුඩ්ඪි භවිස්සති, බහුතරඤ්ච පටියාදෙස්සති, තතො අඩ්ඪතෙලසානං භික්ඛුසතානං පටියත්තං අඩ්ඪසොළසන්නං පාපුණිස්සතීති. කුතො අපරානි තීණි සතානීති චෙ? අප්පටියත්තෙයෙව හි භත්තෙ සෙලො බ්රාහ්මණො තීහි මාණවකසතෙහි සද්ධිං පබ්බජිස්සති, තං දිස්වා භගවා එවමාහාති. මිත්තාමච්චෙති මිත්තෙ ච කම්මකරෙ ච. ඤාතිසාලොහිතෙති සමානලොහිතෙ එකයොනිසම්බන්ධෙ පුත්තධීතාදයො අවසෙසබන්ධවෙ ච. යෙනාති යස්මා. මෙති මය්හං. කායවෙය්යාවටිකන්ති කායෙන වෙය්යාවච්චං. මණ්ඩලමාළං පටියාදෙතීති සෙතවිතානමණ්ඩපං කරොති.
භාග්‍යවතුන් වහන්සේ පිළිකෙව් කළේ කුමක් නිසාද? නැවත නැවත පිළිගන්නා ලෙස ඉල්ලා සිටිනවිට ඔහුට පින් වැඩෙන හෙයිනි. වැඩියෙන් ද පිළියෙල කෙරෙන බැවිනි. එක්දහස් දෙසීය පණහක බික්සඟනට පිළියෙල කරන ලද පානය අමතරව තුන්සියයකට සෑහේද? සෙල බමුණා බත පිළියෙල කල කල්හිම, තම තුන්සියයක් වූ තරුණ පිරිස සමග පැවිදි වන්නේ යැයි දැන, භාග්‍යවතුන් වහන්සේ එසේ කළහ. මිත්තාමච්වෙ මිතුරන්ද කම්කරුවන් ද, ඤාතිසාලොහිතෙ සම ලේ සබඳතා ඇති, එකට දාව උපත ලද දූ පුතුන් හා සෙසු නෑදැයින්, යෙන යම් ආකාරයෙන්, මෙ මට, කායවෙය්යාවටිකං කය වෙහෙසා වැඩ කරමින්, (එසේ උදව් කරන) මණ්ඩලමාලං පටියාදෙති වියන් බැඳ වෙන් කරන ලද වේදිකාවක් කරයි.
තිණ්ණං වෙදානන්ති ඉරුබ්බෙදයජුබ්බෙදසාමවෙදානං. සහ නිඝණ්ඩුනා ච කෙටුභෙන ච සනිඝණ්ඩුකෙටුභානං. නිඝණ්ඩූති නාමනිඝණ්ඩුරුක්ඛාදීනං වෙවචනප්පකාසකං සත්ථං. කෙටුභන්ති කිරියාකප්පවිකප්පො කවීනං උපකාරාය සත්ථං. සහ අක්ඛරප්පභෙදෙන සාක්ඛරප්පභෙදානං. අක්ඛරප්පභෙදොති සික්ඛා ච නිරුත්ති ච. ඉතිහාසපඤ්චමානන්ති අථබ්බනවෙදං චතුත්ථං කත්වා “ඉතිහ ආස ඉතිහ ආසා”ති ඊදිසවචනපටිසංයුත්තො පුරාණකථාසඞ්ඛාතො ඉතිහාසො පඤ්චමො එතෙසන්ති ඉතිහාසපඤ්චමා. තෙසං ඉතිහාසපඤ්චමානං. පදං තදවසෙසඤ්ච බ්‍යාකරණං අජ්ඣෙති වෙදෙති චාති පදකො වෙය්යාකරණො. ලොකායතෙ විතණ්ඩවාදසත්ථෙ මහාපුරිසලක්ඛණාධිකාරෙ ච ද්වාදසසහස්සෙ මහාපුරිසලක්ඛණසත්ථෙ අනූනො පරිපූරකාරීති ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො, අවයො න හොතීති වුත්තං හොති. අවයො නාම යො තානි අත්ථතො ච ගන්ථතො ච සන්ධාරෙතුං න සක්කොති.
තිණ්ණං වෙදානං ඉරු වේදය, යජු වේදය, සාමවේදයත්, නිඝණ්ඩු සහ කෙටුභ ද සනිඝණ්ඩුකෙටුභානං නිඝණ්ඩු නම් ගස් ආදියට සමාන වචන පෙන්වාදෙන ඉගැන්වීම, කෙටුභ යනු කළයුතු දේ, අදහස් හා සංකල්පනා ඇතුළු කවීන්ට උපකාරි වන ඉගෙනීම, සාක්ඛරප්පභෙදානං අකුරුවල වෙනස්කම් හා එහි නිපුණතාව ලැබීමත්, එහි පද සකස්වන ආකාරය දැනගැනීම, ඉතිහාසපඤ්චමානං සිවුවන වේදය ලෙස අථබ්බණ වේදයද ගෙන, ‘මෙසේ ඇසුවෙමු’ යයිද, මෙසේ සිදුවී යැයි ද මෙබඳු වචන යොදා අතීත කතා දැක්වීම, සිවු වේදයට අමතරව, ඉතිහාසයද පස්වැනි (පාඨමාලාව) සේ ඉගෙනීම, එහිදී ද පදවල වියරණ ඉගෙන ගනී. මනාව දැනගනී යනුවෙන් පදකො වෙය්යාකරණො (ඔවුන්ගේ මතය අනුව) ලොව සම්මත වූ පරලොවක් නැත වැනි (විතණ්ඩවාදී) අදහස් මෙන්ම, දොළොස් දහසක් කරුණු දැක්වෙන මහපුරිස් ලකුණු සිප්හි නොඅඩු, පිරිපුන් දැනුමැති ලොකායත මහාපුරිස ලක්ඛණෙසු අනවයො (දැනුම) නොපිරිහුණු බව එසේ කියන ලදී. අවය නම්, එම කරුණු අරුත් ලෙසින්ද කොටස් සේ (එක්රැස්කොට තබා ගැනීම ලෙසද) පාරම්පරිකව නොකඩවාම මතුවටත් පවත්වාගෙන යාමයි.
ජඞ්ඝාය හිතං විහාරං ජඞ්ඝාවිහාරං, චිරාසනාදිජනිතං පරිස්සමං විනොදෙතුං ජඞ්ඝාපසාරණත්ථං අදීඝචාරිකන්ති වුත්තං හොති. අනුචඞ්කමමානොති චඞ්කමමානො එව. අනුවිචරමානොති ඉතො චිතො ච චරමානො. කෙණියස්ස ජටිලස්ස අස්සමොති කෙණියස්ස අස්සමං නිවෙසනං. ආවාහොති කඤ්ඤාගහණං. විවාහොති කඤ්ඤාදානං. මහායඤ්ඤොති මහායජනං. මාගධොති මගධානං ඉස්සරො. මහතියා සෙනාය සමන්නාගතත්තා සෙනියො. බිම්බීති සුවණ්ණං, තස්මා සාරසුවණ්ණසදිසවණ්ණතාය බිම්බිසාරො. සො මෙ නිමන්තිතොති සො මයා නිමන්තිතො.
කෙණ්ඩාවලට (පාදවලට) සුවදායී පැවැත්ම ජංඝාවිහාරං වීරාසනය ආදී (යෝග) වැඩීමේදී ඇති වූ වෙහෙස දුරුකිරීමට, කෙණ්ඩාවල පහසුවන පරිදි, මද දුරක් ඇවිදීමෙහි යෙදුන බව අදහස් වේ. අනුචංකම්මානො සක්මන් කරමින්ම, අනුවිචරමානො එහා මෙහා ඇවිදිමින්, කෙණියස්සමියෙ කෙණියගේ අසපුවෙහි වසන, ආවාහො නව යොවුන් කුමරි බඹසර රැකි තරුණියන් කැඳවාගෙන ඒම, විවාහො එවැනි තරුණියන් පවරා දීම, මහායඤ්ඤො මහා දානයක්, මාගධො මගධ දේසයට අධිපති වූ, මහත් සේනාවක් ඇති බැවින්, සෙනියො, බිම්බී යනු රන් ය. ඒ නියම රන්වන් පැහැයෙන් යුතු බැවින් බිම්බිසාරො සො මෙ නිමන්තිතො මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේට මා විසින් ආරාධනා කරන ලදී.
අථ බ්රාහ්මණො පුබ්බෙ කතාධිකාරත්තා බුද්ධසද්දං සුත්වාව අමතෙනෙවාභිසිත්තො විම්හයරූපත්තා ආහ – “බුද්ධොති, භො කෙණිය, වදෙසී”ති. ඉතරො යථාභූතං ආචික්ඛන්තො ආහ – “බුද්ධොති, භො සෙල, වදාමී”ති. තතො නං පුනපි දළ්හීකරණත්ථං පුච්ඡි, ඉතරොපි තථෙව ආරොචෙසි. අථ කප්පසතසහස්සෙහිපි බුද්ධසද්දස්ස දුල්ලභභාවං දස්සෙන්තො ආහ – “ඝොසොපි ඛො එසො දුල්ලභො ලොකස්මිං යදිදං බුද්ධො”ති. තත්ථ යදිදන්ති නිපාතො, යො එසොති වුත්තං හොති.
ඉක්බිති බමුණා පෙර කරන ලද පින් ඇති බැවින්, ‘බුද්ධ’ යන වචනය අසා, අමාවෙන් අබිසෙස් ලද පරිද්දෙන්, පුදුමය දනවමින්, බුද්ධොති භො කෙණිය වදෙසි යැයි ඇසීය. කෙණිය ඇති තතු දක්වමින් බුද්ධොති භො සෙල වදාමි යැයි කීය. එය තවත් තහවුරු කරගනු පිණිස නැවතත් ඇසීය. කෙණිය එලෙසම පිළිතුරු දුන්නේය. එමෙන්ම කල්ප දහසකිනුදු බුද්ධ යන වදනෙහි දුලබ බව දක්වමින්ද බුද්ධ යන හඬ ලොව ඇසීමට දුලබ වදනකැයි කීය. යදිදං නිපාතයකි. යම් කරුණක් එසේ වේ යැයි කියා ඇත.
අථ බ්රාහ්මණො බුද්ධසද්දං සුත්වා “කිං නු ඛො සො සච්චමෙව බුද්ධො, උදාහු නාමමත්තමෙවස්ස බුද්ධො”ති වීමංසිතුකාමො චින්තෙසි, අභාසි එව වා “ආගතානි ඛො පන…පෙ… විවට්ටච්ඡදො”ති. තත්ථ “මන්තෙසූ”ති වෙදෙසු. “තථාගතො කිර උප්පජ්ජිස්සතී”ති පටිකච්චෙව සුද්ධාවාසදෙවා බ්රාහ්මණවෙසෙන ලක්ඛණානි පක්ඛිපිත්වා වෙදෙ වාචෙන්ති “තදනුසාරෙන මහෙසක්ඛා සත්තා තථාගතං ජානිස්සන්තී”ති. තෙන පුබ්බෙ වෙදෙසු මහාපුරිසලක්ඛණානි ආගච්ඡන්ති. පරිනිබ්බුතෙ පන තථාගතෙ කමෙන අන්තරධායන්ති, තෙන එතරහි නත්ථි. මහාපුරිසස්සාති පණිධිසමාදානඤාණසමාදානකරුණාදිගුණමහතො පුරිසස්ස . ද්වෙව ගතියොති ද්වෙ එව නිට්ඨා. කාමඤ්චායං ගතිසද්දො “පඤ්ච ඛො ඉමා, සාරිපුත්ත, ගතියො”තිආදීසු (ම· නි· 1.153) භවභෙදෙ, “ගතී මිගානං පවන”න්තිආදීසු (පරි· 339) නිවාසට්ඨානෙ, “එවං අධිමත්තගතිමන්තො”තිආදීසු (ම· නි· 1.161) පඤ්ඤායං, “ගතිගත”න්තිආදීසු (චූළව· 204) විසටභාවෙ වත්තති, ඉධ පන නිට්ඨායං වෙදිතබ්බො. තත්ථ කිඤ්චාපි යෙහි ලක්ඛණෙහි සමන්නාගතො රාජා හොති චක්කවත්ති, න තෙහි එව බුද්ධො. ජාතිසාමඤ්ඤතො පන තානියෙව තානීති වුච්චන්ති. තස්මා වුත්තං “යෙහි සමන්නාගතස්සා”ති.
ඉක්බිති බමුණාට ‘බුද්ධ’ යන වචනය අසා ‘ඇත්තටම බුදු කෙනෙකුද? නැතිනම් බුද්ධ යනු නමට පමණක්දැයි විමසීමට සිත්විය. ‘දොස් රහිත වූ බවට (ඒ බුදුවරයා) පත් වීද........අපගේ බමුණු සමයෙහි මෙබඳු අදහසක් පැවත එන්නේ’ යැයි ආගතානි ඛො පන.......... විවත්තච්ඡද්දො යනුවෙන් කීය. මන්තෙසු වේදයෙහි, සුද්ධාවාසී දෙවියෝ කල්ඇතිවම ‘තථාගතයන් ලොව පහළවෙති’යි බමුණු වෙසින් වෙදය පවසති. උගන්වති. ඒ අනුව උසස් තැනැත්තන් ඒ ඒ ලකුණු අනුව තථාගතයන් හඳුනා ගනිතැයි එයින් මුලසිටම වේදයෙහි මහපුරිස් ලකුණු ගැන සඳහන් කරති. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි, කෙමෙන් (එම කරුණු) නොසැළකෙයි. මැකී යයි. එය දැන් නැත. මහා පුරිසස්ස අවබෝධය හා මුසු නුවණින්ද කරුණ දී මහා ගුණවලින් පිරුණු උතුම් තැනැත්තාගේ, ද්වෙ ගතියො දෙආකාරයෙන් තීරණය කළ හැකිය. මේ ‘ගති’ යන වචනය අරුත් කීපයක යෙදේ. ‘සාරිපුත්ත, මේ ආකාර වූ ගති පහකි. ‘පඤ්චෙ ඛො පනිමා සාරිපුත්ත ගතියො’ යන තන්හි ඉපදෙන තැන් දැක්වෙයි. ‘තිරිසන් සතුන්ගේ ගති මහා වනය’යි දැක්වූයේ ‘ගති මිගානං පවනං’ වාසය කරන තැන අරුතිනි. ‘මෙසේ බොහෝ ගතිවලින් යුතු, ‘එවං අධිමත්තගතිමන්තො’ නුවණ ගැන සඳහන් වේ. ‘ගති ගත’ ආදී තැන්වල යෙදුනේ පැතිර පවත්නා බව අදහස් කිරීමටයි. මෙහිදී ‘ගති’ යන වචනය යෙදුනේ තීරණයකට එළඹීම සළකා යැයි දතයුතුය. ඒ අනුව ලකුණු කිහිපයක් පිහිටියේ නම්, ඒ තැනැත්තා සක්විති රජ වන්නේය. එපමණකින් ‘බුද්ධ’ වන්නේ නොවේ. උසස් වූ උපත සළකා එසේ කියන ලදී. යෙහි සමන්නාගතා යැයි ඒ අනුව කීය.
සචෙ අගාරං අජ්ඣාවසතීති යදි අගාරෙ වසති. රාජා හොති චක්කවත්තීති චතූහි අච්ඡරියධම්මෙහි සඞ්ගහවත්ථූහි ච ලොකං රඤ්ජනතො රාජා. චක්කරතනං වත්තෙති, චතූහි සම්පත්තිචක්කෙහි, වත්තති, තෙහි ච පරං වත්තෙති, පරහිතාය ච ඉරියාපථචක්කානං වත්තො එතස්මිං අත්ථීති චක්කවත්ති. එත්ථ ච රාජාති සාමඤ්ඤං, චක්කවත්තීති විසෙසනං. ධම්මෙන චරතීති ධම්මිකො, ඤායෙන සමෙන වත්තතීති අත්ථො. ධම්මෙන රජ්ජං ලභිත්වා රාජා ජාතොති ධම්මරාජා. පරහිතධම්මකරණෙන වා ධම්මිකො, අත්තහිතධම්මකරණෙන ධම්මරාජා. චතුරන්තාය ඉස්සරොති චාතුරන්තො, චතුසමුද්දන්තාය චත්තුබ්බිධදීපවිභූසිතාය ච පථවියා ඉස්සරොති අත්ථො. අජ්ඣත්තං කොධාදිපච්චත්ථිකෙ බහිද්ධා ච සබ්බරාජානො විජෙසීති විජිතාවී. ජනපදත්ථාවරියප්පත්තොති ජනපදෙ ධුවභාවං ථාවරභාවං පත්තො, න සක්කා කෙනචි චාලෙතුං, ජනපදො වා තම්හි ථාවරියප්පත්තො අනුස්සුක්කො සකම්මනිරතො අචලො අසම්පවෙධීතිපි ජනපදත්ථාවරියප්පත්තො.
සචෙ අගාරං අජ්ඣාවසති යම්හෙයකින් ගිහිගෙයි වසයි ද, රාජාහොති චක්කවත්තී පුදුමය දනවන කරුණු සතරකින්ද, සිවු සඟරාවතින්ද ලෝකය සතුටු කරන්නා රජුය. සත් රුවන පහළ වීද, සිවුසම්පත් සක්වලින් යුතුවීද, එයින් සෙසු ජනතාවටද උපකාර කරමින්, අනුන් කෙරෙහි හිතවත්ව ඉරියව් නැමති සක පවත්වන බැවින්, සක්විති වේ. පොදුවේ රජ යැයි කියා වෙසෙසින් හැඳින්වීමට ‘සක්විති’ යැයි යෙදේ. දැහැමින් රජකම ලැබ රජවී යැයි ධම්මරාජා, අනුන් කෙරෙහි හිතවත්ව, දැහැමිව කටයුතු කිරිමද ධම්මිකො, තමාගේ ද හිතසුව පිණිස දැහැමිව කටයුතු කිරීම ද ‘ධම්මරාජා’ නම් වේ. කටයුතුවල නිපුණතාව නිසා චාතුරන්තො සිවු මුහුදු කෙළවර තෙක්, සිවුමහා දිවයින් කෙළවර කොට ඇති පොළවට අධිපති යන තේරුමයි. තමා කෙරෙහි වූ තරහව ආදී සතුරන්ද, බාහිර අනෙක් රජවරුන් ද දිනුවේ යැයි විජිතාවී, ජනපදත්ථාචරියප්පතො ජනපදවල තහවුරු බව, කිසිදු අවුල් වියවුල් නොමැති වූ, කිසිවෙකුටත් කලබල ඇති කළ නොහැකි සේ මැනවින් ජනපදය තිරව සකස් වූ බැවින්, උත්සාහවත්ව, තම කටයුතුවල නිරත වූ, සෙලවිය නොහැකි, කම්පා කළ නොහැකි,
සෙය්යථිදන්ති නිපාතො, තස්ස එතානි කතමානීති අත්ථො. චක්කරතනං…පෙ… පරිණායකරතනමෙව සත්තමන්ති තානි සබ්බප්පකාරතො රතනසුත්තවණ්ණනායං වුත්තානි. තෙසු අයං චක්කවත්තිරාජා චක්කරතනෙන අජිතං ජිනාති, හත්ථිඅස්සරතනෙහි විජිතෙ යථාසුඛමනුවිචරති, පරිණායකරතනෙන විජිතමනුරක්ඛති, සෙසෙහි උපභොගසුඛමනුභවති. පඨමෙන චස්ස උස්සාහසත්තියොගො, හත්ථිඅස්සගහපතිරතනෙහි පභුසත්තියොගො, පරිණායකරතනෙන මන්තසත්තියොගො සුපරිපුණ්ණො හොති, ඉත්ථිමණිරතනෙහි ච තිවිධසත්තියොගඵලං. සො ඉත්ථිමණිරතනෙහි භොගසුඛමනුභොති, සෙසෙහි ඉස්සරියසුඛං. විසෙසතො චස්ස පුරිමානි තීණි අදොසකුසලමූලජනිතකම්මානුභාවෙන සම්පජ්ජන්ති, මජ්ඣිමානි අලොභකුසලමූලජනිතකම්මානුභාවෙන, පච්ඡිමමෙකං අමොහකුසලමූලජනිතකම්මානුභාවෙනාති වෙදිතබ්බං.
සෙය්යථිදං නිපාත පදයකි. ඒවා කවරේද? ඒ කෙසේද? යන අරුතයි. චක්කරතනං....... පරිණායකරතනමෙව සත්තමං එහි වැඩි විස්තර රතන සූත්‍ර විස්තරයෙහිදී කියන ලදී. ඒවා අතරින් සක්විති රජු සක් රුවනින් ජය නොලද පෙදෙස් දිනයි. ඇත්, අස් රුවනින් කැමති පරිදි පාලන පෙදෙසෙහි පහසුවෙන් සැරිසරයි. සේනාධි නායක රුවනින් රාජධානිය මනාව රැක දෙයි. අනෙක් රුවන්වලින් එදින්නෙදා ජීවිතය සුවපහසුවෙන් ගත කරයි. මුලදී ඔහුගේ උත්සාහය දක්වයි. ඇත්, අස්, ගහපති රුවන්වලින් ඔහුගේ ගරුබුහුමන් ලැබීම, උසස් බව පැහැදිලි කරයි. පරිනායක රුවනින් පාලන රටාව පිරිපුන් වෙයි. කාන්තා රුවනින් හා මිණිරුවනින් තෙ ආකාර වූ සවිපල ගෙනෙයි. සක්විති රජු කාන්තා, මිණි රුවනින් සම්පත් සුව විඳියි. ඉතිරි රුවන් සයෙන් ඉසුරු සුව විඳියි. මෙහි වෙසෙසින් සඳහන් කළයුතු වන්නේ, අදොස ආදී කුසල් මුල් තුනෙන් ලබන යහපත් කටයුතු බලයෙන් මුල් රුවන් පහළවීමයි. අතරමැද සඳහන් වන රුවන් පහළවන්නේ අලෝභ කුසල මූලව හටගත් යහපත් කටයුතුවල බලයෙනි. පසු කියැවෙන රුවන අමොහ කුසල මූලව හටගත් යහපත් කටයුතුවල බලයෙන් පහළ වීයැයි දතයුතුය.
පරොසහස්සන්ති අතිරෙකසහස්සං. සූරාති අභීරුකජාතිකා. වීරඞ්ගරූපාති දෙවපුත්තසදිසකායා, එවං තාවෙකෙ. අයං පනෙත්ථ සභාවො වීරාති උත්තමසූරා වුච්චන්ති, වීරානං අඞ්ගං වීරඞ්ගං, වීරකාරණං වීරියන්ති වුත්තං හොති. වීරඞ්ගං රූපං එතෙසන්ති වීරඞ්ගරූපා, වීරියමයසරීරා වියාති වුත්තං හොති. පරසෙනප්පමද්දනාති සචෙ පටිමුඛං තිට්ඨෙය්ය පරසෙනා, තං පමද්දිතුං සමත්ථාති අධිප්පායො. ධම්මෙනාති “පාණො න හන්තබ්බො”තිආදිනා (දී· නි· 2.244; ම· නි· 3.257) පඤ්චසීලධම්මෙන. අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවට්ටච්ඡදොති එත්ථ රාගදොසමොහමානදිට්ඨිඅවිජ්ජාදුච්චරිතඡදනෙහි සත්තහි පටිච්ඡන්නෙ කිලෙසන්ධකාරෙ ලොකෙ තං ඡදනං විවට්ටෙත්වා සමන්තතො සඤ්ජාතාලොකො හුත්වා ඨිතොති විවට්ටච්ඡදො. තත්ථ පඨමෙන පදෙන පූජාරහතා, දුතියෙන තස්සා හෙතු යස්මා සම්මාසම්බුද්ධොති. තතියෙන බුද්ධත්තහෙතු විවට්ටච්ඡදතා වුත්තාති වෙදිතබ්බා. අථ වා විවට්ටො ච විච්ඡදො චාති විවට්ටච්ඡදො, වට්ටරහිතො ඡදනරහිතො චාති වුත්තං හොති. තෙන අරහං වට්ටාභාවෙන සම්මාසම්බුද්ධො ඡදනාභාවෙනාති එවං පුරිමපදද්වයස්සෙව හෙතුද්වයං වුත්තං හොති. දුතියෙන වෙසාරජ්ජෙන චෙත්ථ පුරිමසිද්ධි, පඨමෙන දුතියසිද්ධි, තතියචතුත්ථෙහි තතියසිද්ධි හොති. පුරිමඤ්ච ධම්මචක්ඛුං, දුතියං බුද්ධචක්ඛුං, තතියං සමන්තචක්ඛුං සාධෙතීති වෙදිතබ්බං.
පරොසහස්සං දහසකට වැඩියෙන්, සූරා බිය නොහඳුනන, වීරංගරූපා දෙතුන් බඳු සිරුරු ඇති, මේ එහි පවත්නා ගතිසොබාවයි. වීරා උසස් සුරුවිරුකම් ඇති, උත්සාහවත් බවද මෙහි කියන ලදී. පරසෙනප්පමද්දනා සතුරු සේනා සිටියහොත්, එය මැඬලීමට හැකි බව අදහසයි. ධම්මෙන ‘පරපණ නොනැසිය යුතුය’ ආදී පන්සිල් දහම්, අරහං හොති සම්මා සම්බුද්ධො ලොකෙ විවත්තච්ඡද්දො රාග දෝස මෝහ, මාන, දිට්ඨි, අවිජ්ජා දුසිරිත් නැමති ආවරණයෙන් වසා ඇති කෙලෙස් අඳුරෙන් ලොවෙහි ඒ අඳුරු තිර විවරකොට, ඒ බව ලෝකාවාසීනට හඳුන්වා දීමෙන් විවත්තච්ඡද්දො, අරහං යන පදයෙන් පිදීමට සුදුසු බව දැක්වේ. එහි දෙවන පදයෙන් ඊට හේතු ලෙස සම්මා සම්බුදු බව දක්වයි. ඒ අවබෝධය ලැබීමෙන් කෙලෙස් ආවරණය ඉවත හළ බව තුන්වන පදයෙන් දතයුතුය. සසර ගමන අවසන් කරන ලද බව (ඉහත සඳහන් පරිදි) ආවරණ ඉවත් කරන ලද බව පැහැදිලි කරයි. එයින් සසර ගමන නැතිකළ හෙයින් අරහං හෙවත් පිදීමට සුදුසු වීමෙන් ද, කෙලෙස් වැසුම් රහිත හෙයින් සම්මා සම්බුද්ධ ලෙසද හඳුන්වති. මෙසේ මුල් වචන හේතු දෙකක් ලෙස දක්වන ලදී. මෙසේ දෙවන වචනයෙන් අදහස් වන, (දැනීම - අපමණ නුවණ හා අවබෝධය නිසා ලද) සියල්ල දැනගැනීමෙන් ලබන එඩිතර බව වැනි කරුණු මුල්පදය සමගද දෙවැනි පදයෙන් දැක්වූ කරුණු තුන්වන පදය සමගද එකිනෙකට සම්බන්ධ වෙයි. මුල් පදයෙන් දහම් ඇසද, දෙවැනිව බුදු ඇසද, තෙවැනිව හාත්පස විනිවිදව දකින ඇසද පිරිපුන් වෙතැයි දතයුතුය.
ඉදානි භගවතො සන්තිකං ගන්තුකාමො ආහ – “කහං පන භො…පෙ… සම්මාසම්බුද්ධො”ති. එවං වුත්තෙතිආදීසු යෙනෙසාති යෙන දිසාභාගෙන එසා. නීලවනරාජීති නීලවණ්ණරුක්ඛපන්ති. වනං කිර මෙඝපන්තිසදිසං. යත්ථ භගවා තදා විහාසි, තං නිද්දිසන්තො ආහ – “යෙනෙසා භො, සෙල, නීලවනරාජී”ති. තත්ථ “සො විහරතී”ති අයං පනෙත්ථ පාඨසෙසො, භුම්මත්ථෙ වා කරණවචනං. පදෙ පදන්ති පදසමීපෙ පදං. තෙන තුරිතගමනං පටිසෙධෙති. දුරාසදා හීති කාරණං ආහ, යස්මා තෙ දුරාසදා, තස්මා එවං භොන්තො ආගච්ඡන්තූති. කිං පන කාරණා දුරාසදාති චෙ? සීහාව එකචරා. යථා හි සීහා සහායකිච්චාභාවතො එකචරා, එවං තෙපි විවෙකකාමතාය. “යදා චාහ”න්තිආදිනා පන තෙ මාණවකෙ උපචාරං සික්ඛාපෙති. තත්ථ මා ඔපාතෙථාති මා පවෙසෙථ, මා කථෙථාති වුත්තං හොති. ආගමෙන්තූති පටිමානෙන්තු, යාව කථා පරියොසානං ගච්ඡති, තාව තුණ්හී භවන්තූති අත්ථො.
සෙල බමුණා, භාග්‍යවතුන් වහන්සේ වෙත යනු කැමතිව, ‘පින්වත, සම්බුදුරජාණන් වහන්සේ දැන් කොහි වසත්දැ’යි ඇසීය. මෙසේ කී කල්හී, යෙන සා යම් දිසාවක, නීලවනරාජි ඒ නිල් (හරිතවන්) ගස් සමූහය, ඒ වනය, (පැහැයෙන් හා අවට ඝන සෙවනැල්ලෙන්) වළාකුළු පෙළක් වැන්න. එකල භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ සිටියහ. එය පෙන්වා දෙමින්, ‘පින්වත් සෙල, අර පෙනෙන නිල්වන් වනයෙහි ඒ බුදුරජාණන් වහන්සේ වාසය කරති’යි කීය. මෙය එහි ඉතිරි පාඨයයි. ආධාර විබත් අරුතෙහි තතියා විබත් යෙදී ඇත. පදෙ පදං පියවරෙන් පියවර තබා (සෙමින් පියෙන් පිය නගා) එයින් ඉක්මන් ගමන වළකයි. දූරාසදාහි (බුදුහිමි කරා) එකවරටම පහසුවෙන් ළංවිය හැකි නොවේ. එහෙයින් මෙසේ, භොන්තො ආගච්ඡන්තු යැයි පහසුවෙන් ළංවිය නොහැක්කේ කුමක් නිසාද? තනිව හැසිරෙන සිංහයන් වැනිය. කළයුතු දෙයක් නොමැති බැවින් සිංහයන් තනිව හැසිරෙත්ද, එසේ උන්වහන්සේලාද විවේකය කැමති වෙති. යදාචාහං යනුවෙන් ඒ තරුණ සිවු පිරිස හැසිරිය යුතු මූලික කරුණු පහදා දෙයි. මා ඔපාතෙථ (කතා කරන අතරතුර) නොපිවිසෙව, අතුරු කතා නොකරව, ආගමෙන්ත ගරු සැළකිලිමත්ව සන්සුන්ව සිටුව, කතාබහ අවසානය තෙක් නිහඬව සිටිත්වා යන අදහසයි.
සමන්නෙසීති ගවෙසි. යෙභුය්යෙනාති බහුකානි අද්දස, අප්පකානි නාද්දස. තතො යානි න අද්දස , තානි දීපෙන්තො ආහ “ඨපෙත්වා ද්වෙ”ති. කඞ්ඛතීති කඞ්ඛං උප්පාදෙති පත්ථනං “අහො වත පස්සෙය්ය”න්ති. විචිකිච්ඡතීති තතො තතො තානි විචිනන්තො කිච්ඡති න සක්කොති දට්ඨුං. නාධිමුච්චතීති තාය විචිකිච්ඡාය සන්නිට්ඨානං න ගච්ඡති. න සම්පසීදතීති තතො “පරිපුණ්ණලක්ඛණො අය”න්ති භගවති පසාදං නාපජ්ජති. කඞ්ඛාය වා සුදුබ්බලවිමති වුත්තා, විචිකිච්ඡාය මජ්ඣිමා, අනධිමුච්චනතාය බලවතී, අසම්පසාදෙන තෙහි තීහි ධම්මෙහි චිත්තස්ස කාලුස්සියභාවො.
සමන්නෙසි සොයාගත්තේය. යෙභුය්යෙන බොහෝ අද්දස අඩුවෙන් දුටුවේය. නොදුටු දෙයක් නිසා ඨපෙත්වා ද්වෙ යැයි සඳහන් විය. කංඛති සැකය උපදවා ගනී. ‘අනේ, මට දැකිය හැකි නම්’..... යන බලාපොරොත්තුව, විචිකිච්ඡති ඒ ඒ ආකාරයෙන් පිරික්සමින් සැක කරයි. දට්ඨුං දකින්නට නොහැකි වෙයි. නාධිමුච්චති ඒ සැකයෙන් තීරණය නොකරයි. න සම්පසීදති එහෙයින් ‘මෙතුමා පුරිස් ලකුණින් පිරිපුන් නැතැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමක් නොකරයි. සැකය හෝ (බලාපොරොත්තු වූ දේ නොදැකීමෙන් වූ) දුබල විමතිය, දෙගිඩියාව, ඒ සැකයෙහි මැද අවදියයි. ඒ සැකය මතම දැඩි මතවාදී වීම, එහි මුල්බැස ගැනීම බලවත් අවදියයි. ඒ නිසා ඇතිවන නොපැහැදීම සිතෙහි කිලිටි බව වඩයි.
කොසොහිතෙති වත්ථිකොසෙන පටිච්ඡන්නෙ. වත්ථගුය්හෙති අඞ්ගජාතෙ. භගවතො හි වරවාරණස්සෙව කොසොහිතං වත්ථගුය්හං සුවණ්ණවණ්ණං පදුමගබ්භසමානං. තං සො වත්ථපටිච්ඡන්නත්තා අපස්සන්තො අන්තොමුඛගතාය ච ජිව්හාය පහූතභාවං අසල්ලක්ඛෙන්තො තෙසු ද්වීසු ලක්ඛණෙසු කඞ්ඛී අහොසි විචිකිච්ඡී. තථාරූපන්ති කථං රූපං? කිමෙත්ථ අම්හෙහි වත්තබ්බං, වුත්තමෙතං නාගසෙනත්ථෙරෙනෙව මිලින්දරඤ්ඤා පුට්ඨෙන (මි· ප· 4.3.3) –
කොසොහිතෙ කොපුවක් තුල මෙන්, (පිටතට නොපෙනෙන සේ) වැසී ඇති, වත්ථගුය්හො රහසඟ, භාග්‍යවතුන් වහන්ගේ රහසඟ ඇතකුගේ මෙන් සිරුර තුලට වැද, රන්පැහැති පියුම් ගැබක පිහිටියේය. එසේ වැසී ඇති බැවින් සෙල බමුණා එය නොදැක, මුවතුල ඇති දිවෙහි පිරිපුන් බවද නොසලකා ඒ ලකුණු දෙක පිළිබඳවම දෙගිඩියාවෙන් සැක සිතුවේය. තථාරූපං කෙබඳු ආකාරයටද? මෙහිදී අප විසින් කුමක් කිවයුතුද? මේ ගැන ඇසූ මිලිඳු රජුට නාගසේන තේරුන් මෙසේ පවසන ලදී.
“දුක්කරං, භන්තෙ නාගසෙන, භගවතා කතන්ති. කිං, මහාරාජාති? මහාජනෙන හිරිකරණොකාසං බ්‍රහ්මායුබ්‍රාහ්මණස්ස ච අන්තෙවාසිඋත්තරස්ස ච බාවරිස්ස අන්තෙවාසීනං සොළසන්නං බ්රාහ්මණානඤ්ච සෙලස්ස බ්රාහ්මණස්ස අන්තෙවාසීනං තිසතමාණවානඤ්ච දස්සෙසි, භන්තෙති. න, මහාරාජ, භගවා ගුය්හං දස්සෙති, ඡායං භගවා දස්සෙති, ඉද්ධියා අභිසඞ්ඛරිත්වා නිවාසනනිවත්ථං කායබන්ධනබද්ධං චීවරපාරුතං ඡායාරූපකමත්තං දස්සෙති, මහාරාජාති. ඡායාරූපෙ දිට්ඨෙ සති දිට්ඨො එව නනු, භන්තෙති. තිට්ඨතෙතං, මහාරාජ, හදයරූපං දිස්වා බුජ්ඣනකසත්තො භවෙය්ය, හදයමංසං නීහරිත්වා දස්සෙය්‍ය සම්මාසම්බුද්ධොති. කල්ලොසි, භන්තෙ, නාගසෙනා”ති (මි· ප· 4.3.3).
‘නාගසේන හිමියනි, භාග්‍යවතුන් වහන්සේ ඉතා අපහසු දෙයක් කරන ලද සේක්ද?’ ‘කුමක්ද? මහරජ?’ මහජනයා ලජ්ජාව යැයි සලකනු ලබන දේ. බ්‍රහ්මායු බමුණාටද, අතවැසි උත්තර නම් තරුණයාටද, බාවරීගේ අතවැසි බමුණු තරුණන් දහසය දෙනාටද සෙල බමුණාට සහ ඔහුගේ තුන්සියයක් වූ අතවැසි තරුණයන්ටද පෙන්වීය.’ ‘මහරජ, භාග්‍යවතුන් වහන්සේ රහස් තැන් පෙන්වූවා නොවේ. එහි සෙවනැල්ල පෙන්වූ සේක. පටියෙන් බැඳ ඇති අඳනයද, පෙරවූ සිවුරද තුලින් සෙවනැලි රුව පමණක් දැක්වූහ. ‘හිමියනි, සේයාරුව දැකීමත් පියවි ලෙසම දැකීම නොවේද?’ ‘මහරජ, එය මෙසේ සැළකුව මැනවි, හදවත දැක, දහම් අවබෝධ කරන කෙනෙකු වේ නම්, සම්මා සම්බුදුන් වහන්සේ හදවත ද පෙන්වන සේක. නාගසේන හිමියනි, ඔබවහන්සේ පැන විසඳීමෙහි සමතෙකි.’ (රජු කීය.)
නින්නාමෙත්වාති නීහරිත්වා. කණ්ණසොතානුමසනෙන චෙත්ථ දීඝභාවො, නාසිකාසොතානුමසනෙන තනුභාවො, නලාටච්ඡාදනෙන පුථුලභාවො පකාසිතොති වෙදිතබ්බො. ආචරියපාචරියානන්ති ආචරියානඤ්චෙව ආචරියාචරියානඤ්ච. සකෙ වණ්ණෙති අත්තනො ගුණෙ.
නින්නාමෙත්වා පිටතට ගෙන, කන් සිදුරු පිරිමැදීමෙන් දිග් බව, නාස්පුඩු කන් පිරිමැදීමෙන් තුනී බව, නලල් තලය වැසීමෙන් පුළුල් බවද පෙන්වීයැයි දතයුතුය. ආරියපාචරියානං ගුරුවරුන්ද, ඔවුන්ගේ ගුරුවරුන්ද, සකෙ වණ්ණෙ තම ගුණය,
පරිපුණ්ණකායොති ලක්ඛණෙහි පරිපුණ්ණතාය අහීනඞ්ගපච්චඞ්ගතාය ච පරිපුණ්ණසරීරො . සුරුචීති සුන්දරසරීරප්පභො. සුජාතොති ආරොහපරිණාහසම්පත්තියා සණ්ඨානසම්පත්තියා ච සුනිබ්බත්තො. චාරුදස්සනොති සුචිරම්පි පස්සන්තානං අතිත්තිජනකං අප්පටිකූලං රමණීයං චාරු එව දස්සනං අස්සාති චාරුදස්සනො. කෙචි පන භණන්ති “චාරුදස්සනොති සුන්දරනෙත්තො”ති. සුවණ්ණවණ්ණොති සුවණ්ණසදිසවණ්ණො. අසීති භවසි. එතං සබ්බපදෙහි යොජෙතබ්බං. සුසුක්කදාඨොති සුට්ඨු සුක්කදාඨො. භගවතො හි දාඨාහි චන්දකිරණා විය අතිවිය පණ්ඩරරංසියො නිච්ඡරන්ති. තෙනාහ – “සුසුක්කදාඨොසී”ති.
පරිපුණ්ණකායො ලකුණුවලින් පිරුණු, අඟපසඟ අඩුවීමක් හෝ විසුළු බවක් නැතිව, පිරිපුන් වූ සිරුරින් යුතු, සුරුචී සොඳුරු සිරුරු පැහැ ඇති, සුජාතො උසට ගැලපෙන මහතින්ද, නියම පිහිටීමෙන්ද, චාරු දස්සනො බොහෝ වේලාවක් බලා සිටියත් සෑහීමක් නොමැති, පිළිකුල් නොවන, සුන්දර දැකීමෙන් යුතු, ඇතැමෙක් චාරුදස්සන යනුවෙන් සොඳුරු නෙත් යැයි කියති. සුවණ්ණවණ්ණෙ රන් හා සමාන වූ පැහැය, අසි වන්නෙහි එය සියළු පදවල යෙදිය යුතුය. සුසුක්කදාඨො මනා පිහිටි සුදුපැහැ දත්, භාග්‍යවතුන් වහන්සේගේ දත්වලින් සඳරැස් මෙන් ඉතා සුදුරැස් නිකුත් වෙයි. සුසුක්කදාඨො යැයි එහෙයින් කියන ලදී.
මහාපුරිසලක්ඛණාති පුබ්බෙ වුත්තබ්යඤ්ජනානෙව වචනන්තරෙන නිගමෙන්තො ආහ.
මහාපුරිස ලක්ඛණා පෙර කියන ලද අකුරු සහිත වචන ඒ දත් අතරින් නික්මෙයි.
ඉදානි තෙසු ලක්ඛණෙසු අත්තනො අභිරුචිතෙහි ලක්ඛණෙහි භගවන්තං ථුනන්තො ආහ – “පසන්නනෙත්තො”තිආදි. භගවා හි පඤ්චවණ්ණපසාදසම්පත්තියා පසන්නනෙත්තො, පරිපුණ්ණචන්දමණ්ඩලසදිසමුඛත්තා සුමුඛො, ආරොහපරිණාහසම්පත්තියා බ්රහා, බහ්මුජුගත්තතාය උජු, ජුතිමන්තතාය පතාපවා. යම්පි චෙත්ථ පුබ්බෙ වුත්තං, තං “මජ්ඣෙ සමණසඞ්ඝස්සා”ති ඉමිනා පරියායෙන ථුනතා පුන වුත්තං. ඊදිසො හි එවං විරොචති. එස නයො උත්තරගාථායපි.
ඒ ලකුණු අතුරෙන් තමන් කැමති ලකුණුවලින් භාග්‍යවතුන් වහන්සේ පසසමින්, පහන් නෙත් ඇති යැයි කීය. පස් ආකාරයෙන් පැහැදෙන ගතියෙන් යුතු හෙයින් පසන්නනෙත්තො වෙයි. පිරිපුන් සඳමඬල වන් මුහුණ සුමුඛො, උසට සරිලන මහතින් යුතු බ්රහා, බ්‍රහ්මයාගේ මෙන් කෙළින් සිරුර උජු, බබළන සුළු පතාපවා, මීට අදාල කරුණු කලින් සඳහන් කර ඇත. මජ්ඣෙ සමණසංඝස්ස මේ ආකාරයෙන් තුති කරමින්, අගයමින් නැවත කියන ලදී. ඒ කියන ලද පරිදි බබළයි. ඉදිරියට දැක්වෙන ගාථාද මේ අයුරිනි.
උත්තමවණ්ණිනොති උත්තමවණ්ණසම්පන්නස්ස. ජම්බුසණ්ඩස්සාති ජම්බුදීපස්ස. පාකටෙන ඉස්සරියං වණ්ණයන්තො ආහ, අපිච චක්කවත්ති චතුන්නම්පි දීපානං ඉස්සරො හොති.
උත්තමවණ්ණිනො උතුම් පැහැයෙන් යුතු, ජම්බුසණ්ඩස්ස දඹදිවෙහි, පසිඳු වූ, අධිපති බව අගය කරමින්, සක්විති රජ වී නම්, සිවු දිවයිනම ජයගන්නා බව කීය.
ඛත්තියාති ජාතිඛත්තියා. භොජාති භොගියා. රාජානොති යෙ කෙචි රජ්ජං කාරෙන්තා. අනුයන්තාති අනුගාමිනො සෙවකා. රාජාභිරාජාති රාජූනං පූජනියො රාජා හුත්වා, චක්කවත්තීති අධිප්පායො. මනුජින්දොති මනුස්සාධිපති පරමිස්සරො හුත්වා.
ඛත්තියා උපතින් රජ කුලයට අයත්, භොජා සම්පත් ඇති, රාජානො රජ බවට පත්වූවෝ, අනුයුත්තා අනුව යන සේවකයෝ, රාජාභිරාජා (අනෙක්) රජවරුන්ගෙන් පුද ලැබිය යුතු රජව, සක්විති බව අදහස් කෙරේ. මනුජින්ද්රො මිනිසුන්ට අධිපතිව.
එවං වුත්තෙ භගවා “යෙ තෙ භවන්ති අරහන්තො සම්මාසම්බුද්ධා, තෙ සකෙ වණ්ණෙ භඤ්ඤමානෙ අත්තානං පාතුකරොන්තී”ති ඉමං සෙලස්ස මනොරථං පූරෙන්තො ආහ “රාජාහමස්මී”ති. තත්රායමධිප්පායො – යං ඛො මං ත්වං සෙල යාචසි “රාජා අරහසි භවිතුං චක්කවත්තී”ති, එත්ථ අප්පොස්සුක්කො හොති, රාජාහමස්මි, සති ච රාජත්තෙ යථා අඤ්ඤො රාජා සමානොපි යොජනසතං වා අනුසාසති, ද්වෙ තීණි වා චත්තාරි වා පඤ්ච වා යොජනසතානි යොජනසහස්සං වා චක්කවත්ති හුත්වාපි චතුදීපපරියන්තමත්තං වා, නාහමෙවං පරිච්ඡින්නවිසයො. අහඤ්හි ධම්මරාජා අනුත්තරො භවග්ගතො අවීචිපරියන්තං කත්වා තිරියං අප්පමෙය්යා ලොකධාතුයො අනුසාසාමි. යාවතා හි අපදද්විපදාදිභෙදා සත්තා, අහං තෙසං අග්ගො. න හි මෙ කොචි සීලෙන වා…පෙ… විමුත්තිඤාණදස්සනෙන වා පටිභාගො අත්ථි. ස්වාහං එවං ධම්මරාජා අනුත්තරො අනුත්තරෙනෙව චතුසතිපට්ඨානාදිභෙදබොධිපක්ඛියසඞ්ඛාතෙන ධම්මෙන චක්කං වත්තෙමි “ඉදං පජහථ, ඉදං උපසම්පජ්ජ විහරථා”තිආදිනා ආණාචක්කං, “ඉදං ඛො පන, භික්ඛවෙ, දුක්ඛං අරියසච්ච”න්තිආදිනා (සං· නි· 5.1081; මහාව· 14) පරියත්තිධම්මෙන ධම්මචක්කමෙව වා. චක්කං අප්පටිවත්තියන්ති යං චක්කං අප්පටිවත්තියං හොති සමණෙන වා…පෙ… කෙනචි ලොකස්මින්ති.
අරහත් සම්මා සම්බුදුවරුන් ගැන සෙල බමුණා මෙසේ ඔහුට හැගෙන පරිදි කරුණු කියනවිට, ඒ අනුව තමන් ගැනද පැහැදිලි කරන්නේ යැයි ඔහුගේ අදහස ඉටු කරමින් ‘මම ද රජෙක්මි’ යැයි භාග්‍යවතුන් වහන්සේ පැවසූහ. එහි අදහස මෙසේය. ‘සෙල, ඔබ මගෙන් සක්විති රජවීමට සුදුසු යැයි ඉල්ලා සිටියත්, ඒ ගැන උත්සාහ නොවව, රාජාහමස්මි රජකමට පත්වූ විට වෙනත් රජෙකු යොදුන් සියයක් හෝ යොදුන් දෙසීයක්, තුන්සියයක්, හාරසියයක් හෝ යොදුන් දහසක් හෝ සක්විති රජව සිවු දිවයින් කෙළවර කොට පාලනය කරයි. අනුසාසනා කරයි. මට එවැනි සීමාවූ කොටසක් නැත. ධම්මරාජා අනුත්තරො මම භව කෙළවර පටන් අවීචිය දක්වා අපමණ ලෝකධාතූන්හි අනුසාසනා පවත්වමි. පාද රහිත, පාද ඇති, හැම ජීවීන්ටම වඩා මම උසස් වෙමි. සීලයෙන් හෝ.... (සියළු කෙලෙස් බැඳීම්වලින්) මිදුණු බවට නුවණැති දැක්මෙන් හා සමාන කිසිවකු නැත. එහෙයින් මම මෙසේ දහමෙහි රජු වෙමි. උතුම් බවින් උතුම් බවට පත්ව, සිවු ආකාර වූ සිහිය පිහිටුවා ගැනීමෙන්ද, ඇති තතු මැනවින් අවබෝධයට අවැසි කරුණු ද ආදියෙන් ධම්මෙන චක්කං වත්තෙමි ‘මෙය දුරු කරව, මෙ පරිදි, මෙයට පැමිණ, වාසය කරව’ ආදී තන්හි අණ සක හෙවත් අණ පැවැත්මය. ‘මහණෙනි, මේ දුක (අවබෝධ කරන ලද) උතුම් ඇත්තයි. ‘මෙහි ඉගෙන ගතයුතු කරුණින් දහම් සක වේ. චක්කං අප්පතිවතතියං මහණකු විසින් හෝ, බ්‍රාහ්මණයකු විසින් හෝ ලොව කිසිම කෙනෙකු විසින් ආපසු වරදක් නොපෙන්විය හැකි, පෙරළිය නොහැකි සකක් වේ නම් මේ දහම් සකයි.
එවං අත්තානං ආවිකරොන්තං භගවන්තං දිස්වා පීතිසොමනස්සජාතො සෙලො දළ්හිකරණත්ථං “සම්බුද්ධො පටිජානාසී”ති ගාථාද්වයමාහ. තත්ථ කො නු සෙනාපතීති ධම්මරඤ්ඤො භොතො, ධම්මෙන පවත්තිතස්ස ධම්මචක්කස්ස අනුප්පවත්තකො සෙනාපති කොති පුච්ඡි.
මෙසේ තමන් පිළිබඳ හඳුන්වා දෙන භාග්‍යවතුන් වහන්සේ දුටු සෙල සතුටට පත්ව, නැවත ඒ කරුණු තවදුරටත් තහවුරු කරගනු පිණිස සම්බුදුවරයෙකු බව දනිමි’යි ගාථා දෙකක් කීය. කො නු සෙනාපතී දැහැමිව දම්සක් පවත්වන, දහමින් රජ වූ ඔබවහන්සේගේ සෙන්පති කවරෙක්දැ’යි ඇසීය.
තෙන ච සමයෙන භගවතො දක්ඛිණපස්සෙ ආයස්මා සාරිපුත්තො නිසින්නො හොති සුවණ්ණපුඤ්ජො විය සිරියා සොභමානො, තං දස්සෙන්තො භගවා “මයා පවත්තිත”න්ති ගාථමාහ. තත්ථ අනුජාතො තථාගතන්ති තථාගතහෙතු අනුජාතො, තථාගතෙන හෙතුනා ජාතොති අත්ථො.
මේ වේලාවෙහි භාග්‍යවතුන් වහන්සේගේ දකුණුපසින් ගරු කටයුතු සැරියුත් හිමි, රන්පිඬක් මෙන් සිරියාවෙන්, බබළමින් වැඩසිටියහ. භාග්‍යවතුන් වහන්සේ, සැරියුත් හිමි පෙන්වමින්, මයා පවතතිතං චක්කං යන ගාථාව වදාළහ. අනුජාතො තථාගතං තථාගතයන් සමානව, (පැවිදි සසුනෙහි) උපත ලද, තථාගතයන් වහන්සේ හේතුකොට - උපකාරයෙන් සසුන් පත් වූ, යන තේරුමයි.
එවං “කො නු සෙනාපතී”ති පඤ්හං බ්යාකරිත්වා යං සෙලො ආහ – “සම්බුද්ධො පටිජානාසී”ති, තත්ර නං නික්කඞ්ඛං කාතුකාමො “නාහං පටිඤ්ඤාමත්තෙනෙව පටිජානාමි, අපිචාහං ඉමිනා කාරණෙන බුද්ධො”ති ඤාපෙතුං “අභිඤ්ඤෙය්‍ය”න්ති ගාථමාහ. තත්ථ අභිඤ්ඤෙය්යන්ති විජ්ජා ච විමුත්ති ච. මග්ගසච්චසමුදයසච්චානි පන භාවෙතබ්බපහාතබ්බානි, හෙතුවචනෙන පන ඵලසිද්ධිතො තෙසං ඵලානි නිරොධසච්චදුක්ඛසච්චානිපි වුත්තානෙව භවන්ති. යතො සච්ඡිකාතබ්බං සච්ඡිකතං, පරිඤ්ඤෙය්යං පරිඤ්ඤාතන්ති එවම්පෙත්ථ වුත්තමෙව හොති. එවං චතුසච්චභාවනාඵලඤ්ච විජ්ජාවිමුත්තිං දස්සෙන්තො “බුජ්ඣිතබ්බං බුජ්ඣිත්වා බුද්ධො ජාතොස්මී”ති යුත්තෙන හෙතුනා බුද්ධත්තං සාධෙති.
මෙසේ ‘සෙන්පති කවුරුන්දැ’යි ඇසූ පැනයට පිළිතුරු දී, ‘සම්බුදුන් ලෙස දැනගනිමි’ යැයි සෙල පැවසූ කරුණෙහිලා ඔහුගේ දෙගිඩියාව නැති කරනු පිණිස, මම පොරොන්දු දෙන පමණකින් (ඔබ හා) එකඟ නොවෙමි, එහෙත් මේ කරුණින් බුද්ධ නම් වේයැයි දැනවීමට අභිඤ්ඤෙය්යං යන ගාථාව කීහ. අභිඤ්ඤෙය්යං යනු විදු නැණ හා කෙලෙස්වලින් මිදීමයි. (සිවුසස්හි) මග්ග හා සමුදය භාවෙතබ්බං යනුවෙන් (මෙහිදී සැළකේ) ඉවත හළ යුතු (දේ ද ඇත.) හේතු යන වචනයෙන් (බුදුබවට පත්වීම නම්) පල ලැබීමේදී ඉටුවීමේදී, සිවුසස්හි නිරෝධ හා දුකෙහි ඇත්ත පිළිබඳවද කියන ලදී. අවබෝධ කළයුතු දේ අවබෝධ කරන ලද බවත්, වෙසෙසින් දතයුතු දේ දැනගන්නා ලද බවත්, මෙහිම ඇතුලත්ය. ‘මෙසේ සිවුසස් මග වැඩීමෙන් ලබන පල සහ විජ්ජා-විමුත්ති දක්වමින්, අවබෝධ කළයුතු දේ අවබෝධ කොට බුදුබවට පත්වීමි’ යැයි කීමෙන් බුදුබව තහවුරු කරයි. පහදයි.
එවං නිප්පරියායෙන අත්තානං පාතුකත්වා අත්තනි කඞ්ඛාවිතරණත්ථං බ්රාහ්මණං අභිත්ථරයමානො “විනයස්සූ”ති ගාථාත්තයමාහ. තත්ථ සල්ලකත්තොති රාගසල්ලාදිසත්තසල්ලකත්තනො. බ්රහ්මභූතොති සෙට්ඨභූතො. අතිතුලොති තුලං අතීතො උපමං අතීතො, නිරූපමොති අත්ථො. මාරසෙනප්පමද්දනොති “කාමා තෙ පඨමා සෙනා”තිආදිකාය “පරෙ ච අවජානාතී”ති (සු· නි· 440; මහානි· 28; චූළනි· නන්දමාණවපුච්ඡානිද්දෙස 47) එවං වුත්තාය මාරපරිසසඞ්ඛාතාය මාරසෙනාය පමද්දනො. සබ්බාමිත්තෙති ඛන්ධකිලෙසාභිසඞ්ඛාරමච්චුදෙවපුත්තමාරාදිකෙ සබ්බපච්චත්ථිකෙ. වසීකත්වාති අත්තනො වසෙ වත්තෙත්වා. අකුතොභයොති කුතොචි අභයො.
මෙසේ වෙනස් කළ නොහැකි පරිදි තමන් පිළිබඳව පැහැදිලි කොට, තමන් කෙරෙහි වූ සැක දුරුකරනු පිණිසද, බමුණාගේ උනන්දුව වැඩිදියුණු කිරීමට වේගවත් කිරීමට විනයස්සු ආදී ගාථා තුනක් වදාළහ. සල්ලකත්තො රාග කෙලෙස් ආදී උල් උදුරා දමන, සැත්කම් කරන වෙදකු බඳු, බ්රහ්මභූතො උසස් වූ, අතිතුලො සමකළ නොහැකි, උපමා ඉක්ම වූ, උපමා කොට සඳහන් කළ නොහැකි, මාරසෙනප්පදමද්දනො ‘කාමය ඔබේ මුල්ම සේනාවයි’ යනුවෙන් පටන් ගෙන, ‘හාත්පස යුද සෙනග දැක, ආදී ලෙසට කී කල්හි මාර පිරිස යැයි කියන ලද මරසේනාව මැඩ පවත්වමින්, සබ්බා මිත්තෙ ඛන්ධ, කිලෙස, අභිසංඛාර, මච්චු, දෙවපුත්ත මාර යැයි කී සියළු සතුරන්, වසීකත්වා තම යටතෙහි තබාගෙන, අකුතොභයං කිසිවකුට බය නැති,
එවං වුත්තෙ සෙලො බ්රාහ්මණො තාවදෙව භගවති සඤ්ජාතප්පසාදො පබ්බජ්ජාපෙක්ඛො හුත්වා “ඉමං භවන්තො”ති ගාථාත්තයමාහ යථා තං පරිපාකගතාය උපනිස්සයසම්පත්තියා සම්මා චොදියමානො. තත්ථ කණ්හාභිජාතිකොති චණ්ඩාලාදිනීචකුලෙ ජාතො.
මෙසේ වදාළ කල්හී, එකෙණෙහිම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වූ පැහැදීමෙන්, පැවිදිවනු කැමතිව, ඉමං හොන්තො ආදී ගාථා තුන කීවේ, මගපල ලැබීමට හේතු සම්පත් ඇති, ඊට සුදුසු පරිදි මුහුකුරා ගිය නුවණින් මෙහෙයවන ලද පරිද්දෙනි. කණ්හාභිජාතිකො සැඬොල් වැනි පහත් යැයි සම්මත කුලයක උපත ලද,
තතො තෙපි මාණවකා තථෙව පබ්බජ්ජාපෙක්ඛා හුත්වා “එතඤ්චෙ රුච්චති භොතො”ති ගාථමාහංසු යථා තං තෙන සද්ධිං කතාධිකාරා කුලපුත්තා. අථ සෙලො තෙසු මාණවකෙසු තුට්ඨචිත්තො තෙ දස්සෙන්තො පබ්බජ්ජං යාචමානො “බ්රාහ්මණා”ති ගාථමාහ.
එහිදී සෙල බමුණා හා පැමිණි තරුණයෝ ද එසේ පැවිදිවනු කැමතිව, එතඤ්චෙ රුච්චති භොතො යන ගාථාව කීහ. ඉක්බිතිව සෙල බමුණා ඒ තරුණ සිසු පිරිස කෙරෙහි සතුටු සිතැතිව, තමන් හා පෙර භවයන්හි එක්ව කරන ලද යහපත් කටයුතුවල පින් මහිමය ඇති, ඒ කුලපුතුන් දක්වා බ්‍රාහ්මණ තිසතා යන ගාථාව කීය.
තතො භගවා යස්මා සෙලො අතීතෙ පදුමුත්තරස්ස භගවතො සාසනෙ තෙසංයෙව තිණ්ණං පුරිසසතානං ගණසෙට්ඨො හුත්වා තෙහි සද්ධිං පරිවෙණං කාරාපෙත්වා දානාදීනි පුඤ්ඤානි ච කත්වා කමෙන දෙවමනුස්සසම්පත්තිං අනුභවමානො පච්ඡිමෙ භවෙ තෙසංයෙව ආචරියො හුත්වා නිබ්බත්තො, තඤ්ච නෙසං කම්මං විමුත්තිපරිපාකාය පරිපක්කං එහිභික්ඛුභාවස්ස ච උපනිස්සයභූතං, තස්මා තෙ සබ්බෙව එහිභික්ඛුපබ්බජ්ජාය පබ්බාජෙන්තො “ස්වාක්ඛාත”න්ති ගාථමාහ. තත්ථ සන්දිට්ඨිකන්ති පච්චක්ඛං. අකාලිකන්ති මග්ගානන්තරඵලුප්පත්තිතො න කාලන්තරෙ පත්තබ්බඵලං. යත්ථාති යන්නිමිත්තා. මග්ගබ්රහ්මචරියනිමිත්තා හි පබ්බජ්ජා අප්පමත්තස්ස සතිවිප්පවාසවිරහිතස්ස තීසු සික්ඛාසු සික්ඛතො අමොඝා හොති. තෙනාහ – “ස්වාක්ඛාතං…පෙ… සික්ඛතො”ති.
අතීතයෙහි පියුමතුරා බුදුරදුන් දවස, සේල තුන්සියයක් පිරිසට නායකව, ඔවුන් සමග පිරිවෙණක් කරවා, දන් පිරිනැමීම් ආදී යහපත් දේ කොට, කෙමෙන් දෙව් මිනිස් සුව විඳිමින්, අවසන් උපත ලෙස ඔවුන්ටම ගුරුවරයෙකුව සිටින බවත්, මෙහිදී ඔවුන්ගේ (යහපත්) කටයුතුවල පලය වූ සසරින් මිදීමේ හැකියාවත් දුටු භාග්‍යවතුන් වහන්සේ, ‘එව මහණ’ යැයි කී පමණින් පා සිවුරු දරා පැවිදිවීමේ හේතුසම්පත් ඇතැයි දැන, ඒ සියල්ලන්ම ‘එහි භික්ඛූ’ යනුවෙන් අමතා පැවිදි කරමින්, ස්වාක්ඛාතං යන ගාථාව වදාළහ. සන්දිට්ඨිකං තමා විසින් අවබෝධ කරගැනීම, අකාලිකං සිවුමග පල ලබාගැනීමට නියම කරන ලද කාලසීමාවක් නැති බව, යථා බලාපොරොත්තු පරිදි, මග බඹසර මුල්කොට ඇති, පබ්බජ්ජා අප්පමත්තස්ස සිත කය වචන හික්මීමෙහි සිහිය නොවෙනස්ව, සික්ඛතො අමොඝා වෙයි. එහෙයින් ‘බඹසර මග මනාව කියන ලදී. හික්මීමෙන් නොපමාව’........ යන ගාථාව වදාළහ.
එවඤ්ච වත්වා “එථ භික්ඛවො”ති භගවා අවොච. තෙ සබ්බෙ පත්තචීවරධරා හුත්වා ආකාසෙනාගම්ම භගවන්තං අභිවාදෙසුං. එවමිමං තෙසං එහිභික්ඛුභාවං සන්ධාය සඞ්ගීතිකාරා “අලත්ථ ඛො සෙලො…පෙ… උපසම්පද”න්ති ආහංසු.
එසේ වදාරා ‘එව මහණ’ භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ඇමතූහ. ඒ සියළු දෙනාම සිවුරු දරා අහසින් අවුත් භාග්‍යවතුන් වහන්සේ වැන්දාහ. සංගායනාවට සහභාගි වූ හිමිවරු මෙසේ ඒ පිරිසගේ පැවිදිවීම අනුව සෙල උපසම්පදාවද ලැබීයැයි කීහ.
භුත්තාවින්ති භුත්තවන්තං. ඔනීතපත්තපාණින්ති පත්තතො ඔනීතපාණිං, අපනීතහත්ථන්ති වුත්තං හොති. තත්ථ “උපගන්ත්වා”ති පාඨසෙසො දට්ඨබ්බො. ඉතරථා හි භගවන්තං එකමන්තං නිසීදීති න යුජ්ජති.
භූත්තාවී දන් වළඳා, ඔනිත පත්තපාණි යනු පාත්‍රයෙන් අත ඉවතට ගෙන, එහි ‘උපගනත්වා’ - එළඹ යැයි ඉතිරි වචනයක් ද දතයුතුය. වෙනත් තැන්හි මෙන් භාග්‍යවතුන් වහන්සේට එකත්පස්ව හුන්නේ යැයි (පමණක්) යෙදීම නුසුදුසුය.
අග්ගිහුත්තමුඛාති භගවා කෙණියස්ස චිත්තානුකූලවසෙන අනුමොදන්තො එවමාහ. තත්ථ අග්ගිපරිචරියං විනා බ්රාහ්මණානං යඤ්ඤාභාවතො “අග්ගිහුත්තමුඛා යඤ්ඤා”ති වුත්තං. අග්ගිහුත්තසෙට්ඨා අග්ගිහුත්තපධානාති අත්ථො. වෙදෙ සජ්ඣායන්තෙහි පඨමං සජ්ඣායිතබ්බතො සාවිත්තී “ඡන්දසො මුඛ”න්ති වුත්තා. මනුස්සානං සෙට්ඨතො රාජා “මුඛ”න්ති වුත්තො. නදීනං ආධාරතො පටිසරණතො ච සාගරො “මුඛ”න්ති වුත්තො. චන්දයොගවසෙන “අජ්ජ කත්තිකා අජ්ජ රොහිනී”ති සඤ්ජානනතො ආලොකකරණතො සොම්මභාවතො ච “නක්ඛත්තානං මුඛං චන්දො”ති වුත්තො. තපන්තානං අග්ගත්තා ආදිච්චො “තපතං මුඛ”න්ති වුත්තො. දක්ඛිණෙය්යානං පන අග්ගත්තා විසෙසෙන තස්මිං සමයෙ බුද්ධප්පමුඛං සඞ්ඝං සන්ධාය “පුඤ්ඤං ආකඞ්ඛමානානං, සඞ්ඝො වෙ යජතං මුඛ”න්ති වුත්තො. තෙන සඞ්ඝො පුඤ්ඤස්ස ආයමුඛන්ති දස්සෙති.
අග්ගිහුත්තමුඛා ආදී ගාථා භාග්‍යවතුන් වහන්සේ කෙණියගේ සිතට ගැලපෙන පරිදි අනුමෝදනා කරමින් වදාළහ. පුරුද්දක් ලෙස ගිනි පිදීම හැර, බමුණන්ගේ නිසි පරිදි වූ (නිවැරදි) යාගයක් නොවේ. අග්ගි හුත්ත මුඛා යඤ්ඤා ගින්නට පුදන ලද දේ උතුම්ය. ගින්නට පුදන ලද දෙය මුල්තැන ගනී යන තේරුමයි. වේදය හදාරන්නන් විසින් මුලින්ම ඉගෙන ගතයුතු බැවින් සාවිත්තී ඡන්දසො මුඛං යැයි කියන ලදී. මනුස්සානං උසස් බැවින් රාජා මුඛං යැයි කියා ඇත. නදීනං ආධාර වන බැවින්, උපකාර වන බැවින් සාගරො මුඛං කියන ලදී. සඳෙහි ගමන යෙදෙන පරිදි, ‘අද කැති නැකතය. අද රෙහෙණ නැකත’ යයි ද ඒ ඒ දින අනුව පෙනෙන අයුරින්ද ආලෝකයෙන්ද සොමි ගුණයෙන්ද නක්ඛත්තානං මුඛං චන්දො යැයි කියා ඇත. බබළන ආලෝකයෙන් මුල්තැනට පත්වන බැවින්, ආදිච්චො තපතං මුඛං යැයි කියන ලදී. දීමට, පිදීමට සුදුස්සන් අතරින් මුල්තැන ගන්නා, වෙසෙසින්ම ඒ කාලයෙහි බුදුපාමොක් අරිමහ සඟණ උදෙසා පුඤ්ඤං ආකංඛමානානං සංඝො චෙ යජතං මුඛං යැයි කියන ලදී. එයින් සංඝයා වහන්සේ පින් ලබාගැනීමට සුදුසු ආයෝජන මගක් - දොරටුවක් සේ පෙන්වයි.
යං තං සරණන්ති අඤ්ඤබ්යාකරණගාථමාහ. තස්සත්ථො – පඤ්චහි චක්ඛූහි චක්ඛුමා භගවා, යස්මා මයං ඉතො අට්ඨමෙ දිවසෙ තං සරණං අගමම්හ, තස්මා සත්තරත්තෙන තව සාසනෙ අනුත්තරෙන දමථෙන දන්තම්හ. අහො තෙ සරණස්ස ආනුභාවොති.
වෙනත් ආකාරයෙන් තම හැඟීම් පළකිරීමට යං තං සරණං ගාථාවද සෙල හිමි කීහ. එහි තේරුම නම්, පසැසින් යුතු චක්ඛුමා භගවා යම් ලෙසකින් අපි ඉතො අට්ඨමෙ දිවසෙ මෙයින් අටවන දිනයෙහි ඒ සරණ ගියෙමු. සත්තරත්තෙන තව සාසනෙ එහෙයින් උතුම් වූ දමනය වීමෙන් දැමුණෙමු. ‘අහා! ඒ සරණ යෑමෙහි බල මහිමය!
තතො පරං භගවන්තං ද්වීහි ගාථාහි ථුනිත්වා තතියාය වන්දනං යාචති –
මෙයින් පසු භාග්‍යවතුන් වහන්සේට ගාථා දෙකකින් තුති පැසසුම්කොට තුන්වන ගාථාවෙන් වැඳ බුහුමන් දැක්වීමට අවසර ඉල්ලා සිටී.
“භික්ඛවො තිසතා ඉමෙ, තිට්ඨන්ති පඤ්ජලීකතා; පාදෙ වීර පසාරෙහි, නාගා වන්දන්තු සත්ථුනො”ති.
මේ තුන්සියයක් වූ පැවිද්දෝ ඇඳිලි බැඳ (සැදී පැහැදී) සිටිති. වීරයන් වහන්ස, පා දිගු කළ මැනව. (අපට මග පෙන්වූ) නායකයාණන්ට, කෙලෙසින් මිදුණු බැවින් නාග නම් වූ මේ පැවිදි පිරිසගේ වැඳුම වේවා!
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය සෙලසුත්තවණ්ණනා නිට්ඨිතා.
සේල සූත්‍ර විස්තරය නිමි.