යෙදුමෙන් කියවන්න

6. සභිය සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

6. සභිය සුත‍්තවණ‍්ණනා

6. සභිය සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති සභියසුත‍්තං. කා උප‍්පත‍්ති? අයමෙව යාස‍්ස නිදානෙ වුත‍්තා. අත්‍ථවණ‍්ණනාක‍්කමෙපි චස‍්ස පුබ‍්බසදිසං පුබ‍්බෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. යං පන අපුබ‍්බං, තං උත‍්තානත්‍ථානි පදානි පරිහරන‍්තා වණ‍්ණයිස‍්සාම. වෙළුවනෙ කලන්‍දකනිවාපෙති වෙළුවනන‍්ති තස‍්ස උය්‍යානස‍්ස නාමං. තං කිර වෙළූහි ච පරික‍්ඛිත‍්තං අහොසි අට‍්ඨාරසහත්‍ථෙන ච පාකාරෙන, ගොපුරද‍්වාරට‍්ටාලකයුත‍්තං නීලොභාසං මනොරමං, තෙන “වෙළුවන”න‍්ති වුච‍්චති. කලන්‍දකානඤ‍්චෙත්‍ථ නිවාපං අදංසු, තෙන “කලන්‍දකනිවාපො”ති වුච‍්චති. කලන්‍දකා නාම කාළකා වුච‍්චන‍්ති. පුබ‍්බෙ කිර අඤ‍්ඤතරො රාජා තත්‍ථ උය්‍යානකීළනත්‍ථං ආගතො සුරාමදෙන මත‍්තො දිවාසෙය්‍යං සුපි. පරිජනොපිස‍්ස “සුත‍්තො රාජා”ති පුප‍්ඵඵලාදීහි පලොභියමානො ඉතො චිතො ච පක‍්කාමි. අථ සුරාගන්‍ධෙන අඤ‍්ඤතරස‍්මා සුසිරරුක‍්ඛා කණ‍්හසප‍්පො නික‍්ඛමිත්‍වා රඤ‍්ඤො අභිමුඛො ආගච‍්ඡති. තං දිස‍්වා රුක‍්ඛදෙවතා “රඤ‍්ඤො ජීවිතං දස‍්සාමී”ති කාළකවෙසෙන ආගන‍්ත්‍වා කණ‍්ණමූලෙ සද‍්දමකාසි. රාජා පටිබුජ‍්ඣි, කණ‍්හසප‍්පො නිවත‍්තො. සො තං දිස‍්වා “ඉමාය මම කාළකාය ජීවිතං දින‍්න”න‍්ති කාළකානං තත්‍ථ නිවාපං පට‍්ඨපෙසි, අභයඝොසනඤ‍්ච ඝොසාපෙසි. තස‍්මා තං තතො පභුති “කලන්‍දකනිවාපො”ති සඞ‍්ඛං ගතං.

එවං මෙ සුතං යනු සභිය සූත්‍රයයි. මෙම සූත්‍රයට හේතු වූ කරුණු මෙහි කියන ලදී. එහි විස්තර පෙර සඳහන් වූ කරුණු හා සමාන බැවින් ඒ අනුව දතයුතුය. විස්තර නොදැක්වූ වචන ඇතොත්, ඒ විස්තර කරන ලද වචන හා සම්බන්ධ කොට සඳහන් කරන්නෙමු. වෙළුවනෙ කලන්‍දක නිවාපෙ වෙළුවන යනු ඒ උයනේ නමයි. එය දහඅට රියන් පවුරකින්ද, උණගස්වලින් ද වටවූයේය. දොරකොටු, මුරගෙවල් ආදියෙන් යුතු, මනරම් නිල්පැහැයෙන් යුතු විය. එහෙයින් වෙළුවන යැයි හඳුන්වනු ලබයි. ලේනුන්ටද නිදහසේ මෙහි විසීමට ඉඩ ලැබුණි. එහෙයින් කලන්‍දක නිවාප යැයිද කියනු ලැබේ. ලේනුන්ට මෙහි නිදහස් තැනක් විය. ලේනුන් කාලක යනුවෙන් ද හඳුන්වයි. පෙර එක්තරා රජෙක් එහි උයන්කෙළි පිණිස අවුත්, සුරාවෙන් මත්ව, දවල් කල නිදාගත්තේය. පිරිවර ජනයාද ‘රජ නිදන්නේ’ යැයි උයනෙහි මල්පල ආදියට ආසා කරමින් එහා මෙහා ගියේය. සුරාගඳ දැනුණු එක් විසකුරු සපෙක් ගස් බෙනයෙන් නික්ම, රජු දෙසට එයි. ඒ දුටු රුක්දෙවියෙක් ‘රජුගේ ජීවිතය රැකගනිමි’යි ලේනෙකු සේ අවුත්, රජුගේ කන අග හඬක් නැගීය. රජ පිබිදුණි. විසකුරු සර්පයා නැවතුණි. රජු එය දැක, මේ ලේනා මගේ ජීවිතය රැක ගත්තේ’ යැයි ලේනුන්ට ආහාර සකස් කරවීය. ලේනුන් නොමරණ ලෙසද අණ පැතිරවීය. එතැන් පටන් එය කලන්‍දකනිවාප යැයි හැඳින්වීය.

සභියස‍්ස පරිබ‍්බාජකස‍්සාති සභියොති තස‍්ස නාමං, පරිබ‍්බාජකොති බාහිර පබ‍්බජ‍්ජං උපාදාය වුච‍්චති. පුරාණසාලොහිතාය දෙවතායාති න මාතා න පිතා, අපිච ඛො පනස‍්ස මාතා විය පිතා විය ච හිතජ‍්ඣාසයත‍්තා සො දෙවපුත‍්තො “පුරාණසාලොහිතා දෙවතා”ති වුත‍්තො. පරිනිබ‍්බුතෙ කිර කස‍්සපෙ භගවති පතිට‍්ඨිතෙ සුවණ‍්ණචෙතියෙ තයො කුලපුත‍්තා සම‍්මුඛසාවකානං සන‍්තිකෙ පබ‍්බජිත්‍වා චරියානුරූපානි කම‍්මට‍්ඨානානි ගහෙත්‍වා පච‍්චන‍්තජනපදං ගන‍්ත්‍වා අරඤ‍්ඤායතනෙ සමණධම‍්මං කරොන‍්ති, අන‍්තරන‍්තරා ච චෙතියවන්‍දනත්‍ථාය ධම‍්මස‍්සවනත්‍ථාය ච නගරං ගච‍්ඡන‍්ති. අපරෙන ච සමයෙන තාවතකම‍්පි අරඤ‍්ඤෙ විප‍්පවාසං අරොචයමානා තත්‍ථෙව අප‍්පමත‍්තා විහරිංසු, එවං විහරන‍්තාපි න ච කිඤ‍්චි විසෙසං අධිගමිංසු. තතො නෙසං අහොසි – “මයං පිණ‍්ඩාය ගච‍්ඡන‍්තා ජීවිතෙ සාපෙක‍්ඛා හොම, ජීවිතෙ සාපෙක‍්ඛෙන ච න සක‍්කා ලොකුත‍්තරධම‍්මො අධිගන‍්තුං, පුථුජ‍්ජනකාලකිරියාපි දුක‍්ඛා, හන්‍ද මයං නිස‍්සෙණිං බන්‍ධිත්‍වා පබ‍්බතං අභිරුය‍්හ කායෙ ච ජීවිතෙ ච අනපෙක‍්ඛා සමණධම‍්මං කරොමා”ති. තෙ තථා අකංසු.

සභියස්ස පරිබ්බාජකස්ස සභිය යනු ඔහුගේ නම යි. පරිබ්බාජක යැයි (බුදු සසුනෙහි) පිටත පැවිද්ද උදෙසා කියනු ලබයි. පුරාණසාලොහිතාය දෙවතාය මව, පියා නොවේ. එසේ වුවත්, මවකු මෙන්, පියෙකු මෙන් හිතසුව කැමති වන ඒ දෙව්පුත් පෙර ලේ නෑකම ඇති දේවතාවකු සේ හඳුන්වා ඇත. කසුප් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනින් පසු, රුවන්සෑය පිහිටි කල්හී, කුලපුත්තු තිදෙනෙක් මුණගැසුණු සව්වන් හමුවෙහි පැවිදිව, චරිතයට ගැලපෙන කමටහන් ගෙන, පිටිසර ජනපදයකට ගොස්, කැලයෙහි මහණදම් පුරති. අතරතුර සෑය වැඳීමටත්, දහම් ඇසීමටත් නගරයට යති. පසුව හුදෙකලාව කැලයෙහි වාසයට එකඟව නොපමාව මහණදම් රැක්කාහ. එසේ විසූවත්, කිසිදු මගපලයෙන් උසස් බවක් නොලැබූහ. ‘අපි පිඬු පිණිස යාමේදී ජීවිතය ගැන බලාපොරොත්තු තබමු. එසේ ජීවිතය ගැන බලාපොරොත්තු ඇතිව ලොවුතුරු දහම අවබෝධයට නොහැකිය. කෙලෙස් සහිතව මරණයට පත්වීමද දුකකි. අපි ඉණිමගක් බැඳ පව්වකට නැග, කයෙහිද, ජීවිතයෙහිද බලාපොරොත්තු නැතිව, මහණදම් පුරමු’ යැයි සිතා එසේ කළහ.

අථ නෙසං මහාථෙරො උපනිස‍්සයසම‍්පන‍්නත‍්තා තදහෙව ඡළභිඤ‍්ඤාපරිවාරං අරහත‍්තං සච‍්ඡාකාසි. සො ඉද‍්ධියා හිමවන‍්තං ගන‍්ත්‍වා අනොතත‍්තෙ මුඛං ධොවිත්‍වා උත‍්තරකුරූසු පිණ‍්ඩාය චරිත්‍වා කතභත‍්තකිච‍්චො පුන අඤ‍්ඤම‍්පි පදෙසං ගන‍්ත්‍වා පත‍්තං පූරෙත්‍වා අනොතත‍්තඋදකඤ‍්ච නාගලතාදන‍්තපොණඤ‍්ච ගහෙත්‍වා තෙසං සන‍්තිකං ආගන‍්ත්‍වා ආහ – “පස‍්සථාවුසො මමානුභාවං, අයං උත‍්තරකුරුතො පිණ‍්ඩපාතො, ඉදං හිමවන‍්තතො උදකදන‍්තපොණං ආභතං, ඉමං භුඤ‍්ජිත්‍වා සමණධම‍්මං කරොථ, එවාහං තුම‍්හෙ සදා උපට‍්ඨහිස‍්සාමී”ති. තෙ තං සුත්‍වා ආහංසු – “තුම‍්හෙ, භන‍්තෙ, කතකිච‍්චා, තුම‍්හෙහි සහ සල‍්ලාපමත‍්තම‍්පි අම‍්හාකං පපඤ‍්චො, මා දානි තුම‍්හෙ පුන අම‍්හාකං සන‍්තිකං ආගමිත්‍ථා”ති. සො කෙනචි පරියායෙන තෙ සම‍්පටිච‍්ඡාපෙතුං අසක‍්කොන‍්තො පක‍්කාමි.

ඒ අතර, වැඩිමහල් මහණුන් වහන්සේ හේතුසම්පත් ඇති බැවින්, එදිනම අභිඤ්ඤා සයද සමග අරහත් බව අවබෝධ කළහ. උන්වහන්සේ ඉඳු බලයෙන් හිමවතට ගොස්, අනොතත්ත විලෙන් මුව දොවා, උතුරු කුරුවෙහි පිඬු පිණිස හැසිර, බත වළඳා නැවත වෙනත් පෙදෙසකට ගොස් පාත්‍රය පුරවා, අනොතත්ත පැන් ද බුලත් හා දැහැටි ද ගෙන, අනෙක් මහණුන් දෙදෙනා වෙත අවුත්, ‘ඇවැත්නි, බලව, බලවත්කම, මේ උතුරුකුරුවෙහි පිඬු පිණිස ලද අහරයි. පැන් හා දැහැටි හිමාලයෙන් ගෙනෙන ලදී. මේවා වළඳා මහණදම් කරවූ, මම මෙසේ හැමදා උවටැන් කරන්නෙමි’යි කීය. හිමිවරු දෙදෙනා ඒ අසා ‘හිමියනි, ඔබ කටයුතු නිමකරන ලදී. ඔබවහන්සේ සමග සතුටුසාමීචි කතා පමණකුදු අපට පමාවකි. ඔබවහන්සේ නැවත අප හමුවට නොපැමිණෙනු මැනවැ’යි කීහ. ඒ දෙටු හිමි, කිසිදු අයුරකින් අනෙක් හිමිවරුන් එකඟ කරගැනීමට නොහැකිව ඉවත්ව ගියේය.

තතො තෙසං එකො ද‍්වීහතීහච‍්චයෙන පඤ‍්චාභිඤ‍්ඤො අනාගාමී අහොසි. සොපි තථෙව අකාසි, ඉතරෙන ච පටික‍්ඛිත‍්තො තථෙව අගමාසි. සො තං පටික‍්ඛිපිත්‍වා වායමන‍්තො පබ‍්බතං ආරුහනදිවසතො සත‍්තමෙ දිවසෙ කිඤ‍්චි විසෙසං අනධිගන‍්ත්‍වාව කාලකතො දෙවලොකෙ නිබ‍්බත‍්ති. ඛීණාසවත්‍ථෙරොපි තං දිවසමෙව පරිනිබ‍්බායි, අනාගාමී සුද‍්ධාවාසෙසු උප‍්පජ‍්ජි. දෙවපුත‍්තො ඡසු කාමාවචරදෙවලොකෙසු අනුලොමපටිලොමෙන දිබ‍්බසම‍්පත‍්තිං අනුභවිත්‍වා අම‍්හාකං භගවතො කාලෙ දෙවලොකා චවිත්‍වා අඤ‍්ඤතරිස‍්සා පරිබ‍්බාජිකාය කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං අග‍්ගහෙසි. සා කිර අඤ‍්ඤතරස‍්ස ඛත‍්තියස‍්ස ධීතා, තං මාතාපිතරො “අම‍්හාකං ධීතා සමයන‍්තරං ජානාතූ”ති එකස‍්ස පරිබ‍්බාජකස‍්ස නිය්‍යාතෙසුං. තස‍්සෙකො අන‍්තෙවාසිකො පරිබ‍්බාජකො තාය සද‍්ධිං විප‍්පටිපජ‍්ජි. සා තෙන ගබ‍්භං ගණ‍්හි. තං ගබ‍්භිනිං දිස‍්වා පරිබ‍්බාජිකා නික‍්කඩ‍්ඪිංසු. සා අඤ‍්ඤත්‍ථ ගච‍්ඡන‍්තී අන‍්තරාමග‍්ගෙ සභායං විජායි, තෙනස‍්ස “සභියො”ත්‍වෙව නාමං අකාසි. සොපි සභියො වඩ‍්ඪිත්‍වා පරිබ‍්බාජකපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා නානාසත්‍ථානි උග‍්ගහෙත්‍වා මහාවාදී හුත්‍වා වාදක‍්ඛිත‍්තතාය සකලජම‍්බුදීපෙ විචරන‍්තො අත‍්තනො සදිසං වාදිං අදිස‍්වා නගරද‍්වාරෙ අස‍්සමං කාරාපෙත්‍වා ඛත‍්තියකුමාරාදයො සිප‍්පං සික‍්ඛාපෙන‍්තො තත්‍ථ වසති.

ඒ හිමිවරුන් දෙදෙනාගෙන් කෙනෙක් දින දෙකතුනකින් අභිඤ්ඤා පහ ලබා, අනාගාමිව දෙටු හිමියන් පරිදිම කටයුතු කළේය. (මගපලයක් නොලද) ඉතිරිව සිටි හිමියන් විසින් පිළිකෙව් කරන ලදුව ඉවත්ව ගියේය. ඒ ඉතිරි වූ හිමි, පව්වට නැගී සත්වන දින, කිසිදු වෙසෙස් බවක් (මගපලයක්) නොලැබම කළුරිය කොට දෙව්ලොව උපන්නේය. දෙටු රහත් හිමියෝ ද ඒ දවසෙහිම පිරිනිවන් පෑහ. අනාගාමි වූ හිමියෝ සුද්ධාවාසයෙහි උපන්හ. දෙව්පුතු කාමාවචර සදෙව් ලෝකවල වරින්වර දෙව්සැප විඳ අප බුදුරදුන් කල දෙව්ලොවින් චුතව, එක් පිරිවැජි ළඳක කුස පිළිසිඳ ගත්තේය. ඇය එක්තරා රජකුල දුවකි. මවුපියෝ, ‘අපගේ දියණිය ආගම් වාද දැනගනීවා’යි එක් පිරිවැජියෙකුට භාර කළහ. එහිදී එක් අතවැසි පිරිවැජියෙක් ඇය සමග අනාචාරයෙහි යෙදුණේය. එයින් ඇය ගැබ් ගත්තාය. ඇය ගැබිනියක බව දත් පිරිවැජියෝ නෙරපා දැමූහ. ඇය වෙනත් තැනකට යන අතරමගදී - ජනයා මැද (සභාවෙහි) දරුවකු බිහිකළාය. එයින් ඔහු ‘සභිය’ නමින්ම හැඳින්වූහ. සභිය. වයසින් වැඩුණුවිට, පිරිවැජි පැවිදි බව ලබා, නොයෙක් සිප්සතර ඉගෙන, මහා වාද කරන්නෙකුව, (දේසකයෙකුව) මුළු දඹදිවම සැරිසරමින්, තමා හා වාද කරන්නෙකු නොදැක නගරදොරටුව (අසළ) අසපුවක් කරවාගෙන, කැත් කුමරුන් ආදීනට උගන්වමින් වාසය කරයි.

අථ භගවා පවත‍්තිතවරධම‍්මචක‍්කො අනුපුබ‍්බෙන රාජගහං ආගන‍්ත්‍වා වෙළුවනෙ විහරති කලන්‍දකනිවාපෙ. සභියො පන බුද‍්ධුප‍්පාදං න ජානාති. අථ සො සුද‍්ධාවාසබ්‍රහ‍්මා සමාපත‍්තිතො වුට‍්ඨාය “ඉමාහං විසෙසං කස‍්සානුභාවෙන පත‍්තො”ති ආවජ‍්ජෙන‍්තො කස‍්සපස‍්ස භගවතො සාසනෙ සමණධම‍්මකිරියං තෙ ච සහායෙ අනුස‍්සරිත්‍වා “තෙසු එකො පරිනිබ‍්බුතො, එකො ඉදානි කත්‍ථා”ති ආවජ‍්ජෙන‍්තො “දෙවලොකා චවිත්‍වා ජම‍්බුදීපෙ උප‍්පන‍්නො බුද‍්ධුප‍්පාදම‍්පි න ජානාතී”ති ඤත්‍වා “හන්‍ද නං බුද‍්ධුපසෙවනාය නියොජෙමී”ති වීසති පඤ‍්හෙ අභිසඞ‍්ඛරිත්‍වා රත‍්තිභාගෙ තස‍්ස අස‍්සමමාගම‍්ම ආකාසෙ ඨත්‍වා “සභිය, සභියා”ති පක‍්කොසි. සො නිද‍්දායමානො තික‍්ඛත‍්තුං තං සද‍්දං සුත්‍වා නික‍්ඛම‍්ම ඔභාසං දිස‍්වා පඤ‍්ජලිකො අට‍්ඨාසි. තතො තං බ්‍රහ‍්මා ආහ – “අහං සභිය තවත්‍ථාය වීසති පඤ‍්හෙ ආහරිං, තෙ ත්‍වං උග‍්ගණ‍්හ. යො ච තෙ සමණො වා බ්‍රාහ‍්මණො වා ඉමෙ පඤ‍්හෙ පුට‍්ඨො බ්‍යාකරොති, තස‍්ස සන‍්තිකෙ බ්‍රහ‍්මචරියං චරෙය්‍යාසී”ති. ඉමං දෙවපුත‍්තං සන්‍ධායෙතං වුත‍්තං “පුරාණසාලොහිතාය දෙවතාය පඤ‍්හා උද‍්දිට‍්ඨා හොන‍්තී”ති. උද‍්දිට‍්ඨාති උද‍්දෙසමත‍්තෙනෙව වුත‍්තා, න විභඞ‍්ගෙන.

මේ අතර, භාග්‍යවතුන් වහන්සේ උතුම් දම්සක් පවත්වා, රජගහ නුවරට අවුත් ලේනුන්ට වාසය වූ වේළුවනයෙහි වැඩවසති. සභිය බුදුවරයකුගේ ලොව පහලවීම ගැන නොදනී. ඉක්බිති සුද්ධාවාසයෙහි උපන් ඒ බ්‍රහ්මයා, සමවතින් නැගී, මෙබඳු වෙසෙසකට මම කවරකුගේ බලයෙන් පැමිණියෙම්දැයි, මෙනෙහි කරනවිට, කසුප් බුදුසස්නෙහි තමන් හා මහණදම් කළ සහායකයන් සිහිකොට, ‘ඔවුන්ගෙන් එක් අයෙකු පිරිනිවන්පා ඇත. අනික් තැනැත්තා කොහිදැයි බලනවිට, දෙව්ලොවින් චුතව, දඹදිව ඉපිද (සිටියත්) බුදු උපත ගැන නොදන්නේ යැයි දැන, මම ඔහු බුදුන්වහන්සේගේ ඇසුරට යොමුකරමි’යි පැන විස්සක් සකසා, රෑ කාලයෙහි ඔහුගේ අසපුවට අවුත් අහසෙහි සිට, ‘සභිය, සභිය යැයි කැඳවීය. සභිය නිදාසිටියදීම, ඒ හඬ අසා, පිටතට අවුත්, ආලෝකය දැක, හිස අත්මුදුන් බැඳ සිටියේය. ‘සභිය, මම ඔබ වෙනුවෙන් ගැටළු පැන විස්සක් ගෙනාවෙමි, ඔබ එය උගනුව, යම් මහණකු හෝ බමුණකු හෝ මෙම පැන විචාළවිට පැහැදිලි කරත් ද, ඔහු ළඟ බඹසර හැසිරෙව’යි ඒ බ්‍රහ්මයා කීය. මේ දෙව්පුතු උදෙසා පුරාණසාලොහිතාය දෙවතාය පඤ්හා උද්දිට්ඨා හොන්ති යැයි කියන ලදී. උද්දිට්ඨා එසේ පැවසුවා මිස විස්තර නොකරන ලදී.

එවං වුත‍්තෙ ච නෙ සභියො එකවචනෙනෙව පදපටිපාටියා උග‍්ගහෙසි. අථ සො බ්‍රහ‍්මා ජානන‍්තොපි තස‍්ස බුද‍්ධුප‍්පාදං නාචික‍්ඛි. “අත්‍ථං ගවෙසමානො පරිබ‍්බාජකො සයමෙව සත්‍ථාරං ඤස‍්සති. ඉතො බහිද‍්ධා ච සමණබ්‍රාහ‍්මණානං තුච‍්ඡභාව”න‍්ති ඉමිනා පනාධිප‍්පායෙන එවමාහ – “යො තෙ සභිය…පෙ… චරෙය්‍යාසී”ති. ථෙරගාථාසු පන චතුක‍්කනිපාතෙ සභියත්‍ථෙරාපදානං වණ‍්ණෙන‍්තා භණන‍්ති “සා චස‍්ස මාතා අත‍්තනො විප‍්පටිපත‍්තිං චින‍්තෙත්‍වා තං ජිගුච‍්ඡමානා ඣානං උප‍්පාදෙත්‍වා බ්‍රහ‍්මලොකෙ උප‍්පන‍්නා, තාය බ්‍රහ‍්මදෙවතාය තෙ පඤ‍්හා උද‍්දිට‍්ඨා”ති.

එසේ කීවිටම සභිය එක් වචනයෙන්ම පද පිළිවෙලින් වටහා ගත්තේය. ඒ බ්‍රහ්මයා බුදු උපත දැන සිටියද සභියට නොකීවේය. අරුත් සොයන - විමසන පිරිවැජියා තමන්ම මගපෙන්වන නායකයෙකු හඳුනාගනී. මේ සසුනෙහි හැර පිටත මහණ බමුණන්ගෙන් හිස් යැයි අදහස් කරමින්, යො තෙ සභිය.......චරෙය්‍යාසි යැයි කීය. ථෙර ගාථාවේ සතරවන නිපාතයෙහි සභිය තෙරුන්ගේ චරිත කථාවේ (ඔහුගේ) මව තම වැරදි පිළිවෙත ගැන සිතා, එය පිළිකුල් කොට, දැහැන් උපදවා බඹලොව ඉපිද ඒ බ්‍රහ්ම දේවතාවාට එම පැන පවසන ලදැයිද සඳහන්ව ඇත.

යෙ තෙති ඉදානි වත‍්තබ‍්බානං උද‍්දෙසපච‍්චුද‍්දෙසො. සමණබ්‍රාහ‍්මණාති පබ‍්බජ‍්ජූපගමනෙන ලොකසම‍්මුතියා ච සමණා චෙව බ්‍රාහ‍්මණා ච. සඞ‍්ඝිනොති ගණවන‍්තො. ගණිනොති සත්‍ථාරො, “සබ‍්බඤ‍්ඤුනො මය”න‍්ති එවං පටිඤ‍්ඤාතාරො. ගණාචරියාති උද‍්දෙසපරිපුච‍්ඡාදිවසෙන පබ‍්බජිතගහට‍්ඨගණස‍්ස ආචරියා. ඤාතාති අභිඤ‍්ඤාතා, විස‍්සුතා පාකටාති වුත‍්තං හොති. යසස‍්සිනොති ලාභපරිවාරසම‍්පන‍්නා. තිත්‍ථකරාති තෙසං දිට‍්ඨානුගතිං ආපජ‍්ජන‍්තෙහි ඔතරිතබ‍්බානං ඔගාහිතබ‍්බානං දිට‍්ඨිතිත්‍ථානං කත‍්තාරො. සාධුසම‍්මතා බහුජනස‍්සාති “සාධවො එතෙ සන‍්තො සප‍්පුරිසා”ති එවං බහුජනස‍්ස සම‍්මතා.

යෙ තෙ දැන් කිවයුතු කරුණු ගැන නැවත සඳහන් කිරීමයි. සමණ බ්‍රාහ්මණ පැවිදි බවට පත් මහණුන් ලෙසද, බමුණන් ලෙසද ලොවෙහි හඳුන්වනු ලබන, සංඝිනො පිරිස් ඇති, ගණිනො අපි (ආගමික) නායකයෝ වෙමු. සියල්ල දත්තෝ වෙමු’ යැයි තහවුරු කරමින්, ගණාචරියා (යහපත අයහපත) පැවසීම හා අසන දෙයට පිළිතුරු දීමෙන් ගිහි පැවිදි පිරිසට ගුරුවරු ලෙස, ඤාතා උසස් යැයි හඳුනාගන්නා ලද පසිඳුව ඇති, යස්සිනො (පූජා-සිවුපසය ආදිය) ලැබීමේ ගුණය යුතු, තිත්‍ථකරා ඔවුන්ගේ හැඟීම්-මතවාද පිළිගන්නවුන් විසින් තරයේ වැළඳ ගතයුතු, පිළිගතයුතු සමයවාදී නායකයෝ, සාධු සම්මතා බහුජනස්ස මොවුන් සන්හුන් යහපත් තැනැත්තන් යැයි බොහෝදෙනා පිළිගත්තා වූ,

සෙය්‍යථිදන‍්ති කතමෙ තෙති චෙ-ඉච‍්චෙතස‍්මිං අත්‍ථෙ නිපාතො. පූරණොති නාමං, කස‍්සපොති ගොත‍්තං. සො කිර ජාතියා දාසො, දාසසතං පූරෙන‍්තො ජාතො. තෙනස‍්ස “පූරණො”ති නාමමකංසු. පලායිත්‍වා පන නග‍්ගෙසු පබ‍්බජිත්‍වා “කස‍්සපො අහ”න‍්ති ගොත‍්තං උද‍්දිසි, සබ‍්බඤ‍්ඤුතඤ‍්ච පච‍්චඤ‍්ඤාසි. මක‍්ඛලීති නාමං, ගොසාලාය ජාතත‍්තා ගොසාලොතිපි වුච‍්චති. සොපි කිර ජාතියා දාසො එව, පලායිත්‍වා පබ‍්බජි, සබ‍්බඤ‍්ඤුතඤ‍්ච පච‍්චඤ‍්ඤාසි. අජිතොති නාමං, අප‍්පිච‍්ඡතාය කෙසකම‍්බලං ධාරෙති, තෙන කෙසකම‍්බලොතිපි වුච‍්චති, සොපි සබ‍්බඤ‍්ඤුතං පච‍්චඤ‍්ඤාසි . පකුධොති නාමං, කච‍්චායනොති ගොත‍්තං. අප‍්පිච‍්ඡවසෙන උදකෙ ජීවසඤ‍්ඤාය ච න‍්හානමුඛධොවනාදි පටික‍්ඛිත‍්තො, සොපි සබ‍්බඤ‍්ඤුතං පච‍්චඤ‍්ඤාසි. සඤ‍්චයොති නාමං, බෙලට‍්ඨො පනස‍්ස පිතා, තස‍්මා බෙලට‍්ඨපුත‍්තොති වුච‍්චති, සොපි සබ‍්බඤ‍්ඤුතං පච‍්චඤ‍්ඤාසි. නිගණ‍්ඨොති පබ‍්බජ‍්ජානාමෙන, නාටපුත‍්තොති පිතුනාමෙන වුච‍්චති. නාටොති කිර නාමස‍්ස පිතා, තස‍්ස පුත‍්තොති නාටපුත‍්තො, සොපි සබ‍්බඤ‍්ඤුතං පච‍්චඤ‍්ඤාසි. සබ‍්බෙපි පඤ‍්චසතපඤ‍්චසතසිස‍්සපරිවාරා අහෙසුං. තෙති තෙ ඡ සත්‍ථාරො. තෙ පඤ‍්හෙති තෙ වීසති පඤ‍්හෙ. තෙති තෙ ඡ සත්‍ථාරො. න සම‍්පායන‍්තීති න සම‍්පාදෙන‍්ති. කොපන‍්ති චිත‍්තචෙතසිකානං ආවිලභාවං. දොසන‍්ති පදුට‍්ඨචිත‍්තතං, තදුභයම‍්පෙතං මන්‍දතික‍්ඛභෙදස‍්ස කොධස‍්සෙවාධිවචනං. අප‍්පච‍්චයන‍්ති අප‍්පතීතතා, දොමනස‍්සන‍්ති වුත‍්තං හොති. පාතුකරොන‍්තීති කායවචීවිකාරෙන පකාසෙන‍්ති, පාකටං කරොන‍්ති.

සෙය්‍යථිදං ඔහු කවරහුදැ’යි තේරුම ඇති නිපාතයකි. පූරණෙ නමයි. කස්සපො පරම්පරාවයි. උපතින් ඔහු දාසයෙකි. දාසයන් ගණනින් සියයක් පිරුනේ මොහුගෙනි. එහෙයින් ඔහුට පූරණ යැයි නම් කළහ. පලාගොස් නිරුවත් (කොටසක්) අතරේ පැවිදිව ‘මම කස්සප වෙමි’යි පරම්පරා නමින් හඳුන්වා ගත්තේය. සියල්ල දන්නා බව ද හැඟවීය. මක්‍ඛලී යනු නමය. ගවහලක උපන් බැවින් ගොසාල යැයි ද කියනු ලැබේ. ඔහු ද උපතින් දාසයෙකි. පලාගොස් පැවිදි වූයේය. සියල්ල දන්නා බවද හැඟවීය. අජිතො යනු නමය. සැහැල්ලු දිවිපැවැත්ම සඳහා කෙස්වලින් කරන ලද කම්බිලියක් (පොරෝනයක්) දරයි. (පොරවයි) එහෙයින් කෙසකම්බලී යැයි කියනු ලැබේ. ඔහු ද සියල්ල දන්නා බව හැඟවීය. පකුධ යනු නමයි. කච්චායන පරම්පරාවයි. සැහැල්ලු දිවිපැවැත්ම අනුව ජලයෙහිද ජීවය ඇතැයි සළකා නෑම, මුහුණ සේදීම ආදිය පිළිකෙව් කරන ලදී. සියල්ල දන්නා බව ඔහුද හැඟවීය. සඤ්ජයො යනු නමයි. ඔහුගේ පියා බෙලට්ඨ නම් විය. එහෙයින් බෙලට්ඨගේ පුතා - බෙලට්ඨපුත්ත යනුවෙන් හැඳින්වීය. ඔහු ද සියලු දේ දන්නා බව හැඟවීය. නිගණ්ඨො පැවිදිව ලද නමයි. නාත පුත්තො යැයි පියාගේ නමින් කියනු ලබයි. නාත පියාගේ නමයි. ඔහුගේ පුතු නාතපුත්තය. ඔහුද සියල්ල දන්නා බව හැඟවීය. මේ සියළුදෙනාටම (ගෝලයෝ) පිරිවර පන්සියය බැගින් වූහ. තෙ ඒ සාමයික නායකයෝ, තෙ පඤ්හෙ ඒ පැන විස්ස, තෙ ඒ පූරණ කස්සප ආදී නායකයෝ, නෙව සම්පායන්ති පිළිතුරු සකසා නොදෙති. කොපං සිතුවිලි කැළඹුණු බව (සිත අවුල් බවට පත්ව) දොසං නපුරු සිත් ඇති බව, මේ වචන දෙකම අඩුවැඩි ලෙසින් තරහ ගතියටම සමාන වචනයකි. අප්පච්චයං නොසතුටු බව, දොම්නස පළකරති. පාතුකරොන්ති කයෙන්, වචනයෙන් පළකරති. හැඟෙන සේ දක්වති.

හීනායාති ගහට‍්ඨභාවාය. ගහට‍්ඨභාවො හි පබ‍්බජ‍්ජං උපනිධාය සීලාදිගුණහීනතො හීනකාමසුඛපටිසෙවනතො වා “හීනො”ති වුච‍්චති. උච‍්චා පබ‍්බජ‍්ජා. ආවත‍්තිත්‍වාති ඔසක‍්කිත්‍වා. කාමෙ පරිභුඤ‍්ජෙය්‍යන‍්ති කාමෙ පටිසෙවෙය්‍යං. ඉති කිරස‍්ස සබ‍්බඤ‍්ඤුපටිඤ‍්ඤානම‍්පි පබ‍්බජිතානං තුච‍්ඡකත‍්තං දිස‍්වා අහොසි. උප‍්පන‍්නපරිවිතක‍්කවසෙනෙව ච ආගන‍්ත්‍වා පුනප‍්පුනං වීමංසමානස‍්ස අථ ඛො සභියස‍්ස පරිබ‍්බාජකස‍්ස එතදහොසි – “අයම‍්පි ඛො සමණො”ති ච “යෙපි ඛො තෙ භොන‍්තො”ති ච “සමණො ඛො දහරොති න උඤ‍්ඤාතබ‍්බො”ති චාති එවමාදි. තත්‍ථ ජිණ‍්ණාතිආදීනි පදානි වුත‍්තනයානෙව. ථෙරාති අත‍්තනො සමණධම‍්මෙ ථිරභාවප‍්පත‍්තා. රත‍්තඤ‍්ඤූති රතනඤ‍්ඤූ, “නිබ‍්බානරතනං ජානාම මය”න‍්ති එවං සකාය පටිඤ‍්ඤාය ලොකෙනාපි සම‍්මතා, බහුරත‍්තිවිදූ වා. චිරං පබ‍්බජිතානං එතෙසන‍්ති චිරපබ‍්බජිතා. න උඤ‍්ඤාතබ‍්බොති න අවජානිතබ‍්බො, න නීචං කත්‍වා ජානිතබ‍්බොති වුත‍්තං හොති. න පරිභොතබ‍්බොති න පරිභවිතබ‍්බො, “කිමෙස ඤස‍්සතී”ති එවං න ගහෙතබ‍්බොති වුත‍්තං හොති.

හීනායා ගිහි බවට පත්ව, පැවිදි බව හා සළකනවිට ගිහියෙකු වීම, සීලය ආදී ගුණයෙහි අඩුවීමක්, ලාමක වූ කාම ඇසුරත් අනුව පහත් බව කියැවේ. පැවිද්ද උසස්ය. ආවත්තිත්‍වා පසු බැස, කාමෙ පරිභුඤ්ජෙය්‍ය කම්සුව සොයන්නෙමි. මේ වූකලී, සියල්ල දන්නා බව හැඟවූ පැවිද්දන්ගේ හිස්බව දැකීමෙන් සභියට ඇතිවූ හැඟීමයි. (එහෙත්) සිතෙහි ඇතිවන එකිනෙක ගැටෙන සිතිවිලි ගැන නැවත නැවතත් විමසන විට ‘මේ තැනැත්තාද මහණෙනි, (බොහෝ දෙනා) ඔවුන් උසස් ලෙස පිළිගනී. තරුණ වූ පමණින් ඒ මහණුට දොස් නොනැඟිය යුතු’ යැයි ආදී ලෙස සභිය පිරිවැජියාට සිතුණි. එහි ජිණ්ණ ආදී වචනවල ඉහත දක්වා ඇති පරිදිය. ථෙරා තම මහණදමෙහි තහවුරු බවට, තිර බවට පත්ව, රත්තඤ්ඤූ රුවන් හඳුනන්නා සේ, ‘නිවන් රත්නය අපි දනිමු’ යැයි මෙසේ තම හැඟුමෙන් ලෝවාසින් විසින්ද පිළිගන්නා ලද (පැවිදි බව ලැබ) බොහෝ රැය ගතවූ, දිගුකලක් පැවිදිව සිටින, චිර පබ්බජිතා ඔවුන් බොහෝ කලක් පැවිදිව සිටියේ යැයි, න උඤ්ඤාතබ්බො අවමන් කොට නොසිතිය යුතුය. පහත් ලෙස හඳුනා නොගත යුතු බව කියන ලදී. න පරිභොතබ්බො නින්දා නොකළ යුතුය. ‘මොහු මොනවා දන්නෙහිදැ’යි නොගත යුතුයැයි ද කියන ලදී.

කඞ‍්ඛී වෙචිකිච‍්ඡීති සභියො භගවතා සද‍්ධිං සම‍්මොදමානො එවං භගවතො රූපසම‍්පත‍්තිදමූපසමසූචිතං සබ‍්බඤ‍්ඤුතං සම‍්භාවයමානො විගතුද‍්ධච‍්චො හුත්‍වා ආහ – “කඞ‍්ඛී වෙචිකිච‍්ඡී”ති. තත්‍ථ “ලභෙය්‍යං නු ඛො ඉමෙසං බ්‍යාකරණ”න‍්ති එවං පඤ‍්හානං බ්‍යාකරණකඞ‍්ඛාය කඞ‍්ඛී. “කො නු ඛො ඉමස‍්සිමස‍්ස ච පඤ‍්හස‍්ස අත්‍ථො”ති එවං විචිකිච‍්ඡාය වෙචිකිච‍්ඡී. දුබ‍්බලවිචිකිච‍්ඡාය වා තෙසං පඤ‍්හානං අත්‍ථෙ කඞ‍්ඛනතො කඞ‍්ඛී, බලවතියා විචිනන‍්තො කිච‍්ඡතියෙව, න සක‍්කොති සන‍්නිට‍්ඨාතුන‍්ති වෙචිකිච‍්ඡී. අභිකඞ‍්ඛමානොති අතිවිය පත්‍ථයමානො. තෙසන‍්තකරොති තෙසං පඤ‍්හානං අන‍්තකරො. භවන‍්තොව එවං භවාහීති දස‍්සෙන‍්තො ආහ “පඤ‍්හෙ මෙ පුට‍්ඨො…පෙ… බ්‍යාකරොහි මෙ”ති. තත්‍ථ පඤ‍්හෙ මෙති පඤ‍්හෙ මයා. පුට‍්ඨොති පුච‍්ඡිතො. අනුපුබ‍්බන‍්ති පඤ‍්හපටිපාටියා අනුධම‍්මන‍්ති අත්‍ථානුරූපං පාළිං ආරොපෙන‍්තො. බ්‍යාකරොහි මෙති මය‍්හං බ්‍යාකරොහි.

කංඛී වෙචිකිච්ඡි සභිය භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුසාමීචි කතා කරමින්, උන්වහන්සේගේ රූසිරියත්, තැන්පත් බව හා සියල්ල දන්නා බවටත් බුහුමන් කරමින්, උඩඟුකම නැතිව ඉහත සඳහන් ගාථාව කීය. ‘මෙය පැහැදිලි කරගැනීමට ඉඩක් (මට) ලැබෙන්නේ නම්’, ...මෙසේ සැක දුරු කරගැන්ම සඳහා විචාරීමට කංඛී, ‘මේ මේ පැනවලට තේරුම්, පිළිතුරු කවරේද? මෙසේ මතුවන දෙගිඩියාව වෙවිකිච්ඡි තීරණය කරගැනීමට දුබල තරම් වූ සැකය හෝ ඒ පැනවල අරුත් සැක කිරිමේ දෙගිඩියා වූ සැකයෙන් කංඛී, දැඩි ලෙස තේරුම සොයමින්, (සිත) වෙහෙස කරමින් තීරණයක් ගැනීමට නොහැකිවීම වෙවිකිච්ඡි අභිකංඛමානො, බොහෝ බලාපොරොත්තු වෙමින්, තෙසන්තකරො ඒ විමසන ලද පැනවල කෙළවර කරන කෙනෙකු වනු මැනව, භවාහි මෙසේ (තම අදහස) ඉදිරිපත් කළේය. පඤ්හෙ මෙ පුට්ඨො...ව්‍යාකරොහි මෙ ඒ (කොටසෙහි) පඤ්හෙ මෙ මගේ පැන, පුට්ඨො අසන ලද, අනුපුබ්බං පැන පිළිවෙලින්, අනුධම්මං අදහස - තේරුම අනුව පාලියට නඟා, ව්‍යාකරොහි මෙ පහදා දෙනු මැනව.

දූරතොති සො කිර ඉතො චිතො චාහිණ‍්ඩන‍්තො සත‍්තයොජනසතමග‍්ගතො ආගතො. තෙනාහ – භගවා “දූරතො ආගතොසී”ති, කස‍්සපස‍්ස භගවතො වා සාසනතො ආගතත‍්තා “දූරතො ආගතොසී”ති නං ආහ.

දූරතො සභිය ඒ මේ අත ඇවිදිමින්, යොදුන් සත්සියයක් දුර ගෙවා පැමිණියේය. එහෙයින් දුරතොව ආගතොසි යැයි භාග්‍යවතුන් වහන්සේ කීහ. කසුප් බුදුරදුන්ගේ සසුනෙහි පටන් හෝ පැමිණි බැවින්, ‘දුර සිට ආවෙහි’ යැයි ඔහුට කීහ.

පුච‍්ඡ මන‍්ති ඉමාය පනස‍්ස ගාථාය සබ‍්බඤ‍්ඤුපවාරණං පවාරෙති. තත්‍ථ මනසිච‍්ඡසීති මනසා ඉච‍්ඡසි.

පුච්ඡ මං මේ ගාථාවෙන් සියල්ල දන්නා වූ නුවණින් විසඳා අවසන් කරන බව හඟවයි. මනසිච්ඡස ඔබේ සිත කැමති වෙහිද? (ඔබ ඊට කැමැති වෙහි)

යං වතාහන‍්ති යං වත අහං. අත‍්තමනොති පීතිපාමොජ‍්ජසොමනස‍්සෙහි ඵුටචිත‍්තො. උදග‍්ගොති කායෙන චිත‍්තෙන ච අබ‍්භුන‍්නතො . ඉදං පන පදං න සබ‍්බපාඨෙසු අත්‍ථි. ඉදානි යෙහි ධම‍්මෙහි අත‍්තමනො, තෙ දස‍්සෙන‍්තො ආහ – “පමුදිතො පීතිසොමනස‍්සජාතො”ති.

යං වතාහං ඒකාන්තයෙන් මම යම් කරුණක්, අත්තමනො සතුටින් උද්දාම වූ සොම්නස් පිරි සිතින්, උදග්ගො කයෙන් ද සිතින් බොහෝ සෙයින් උසස්ව, මේ පදය හැම පාඨයකම නැත. දැන් යම් කරුණකින් සතුටු සිතක් ඇතිවී නම්, එය දක්වමින් පමූදිතො පීතිසොමනස්සජාතො යැයි කීය.

කිං පත‍්තිනන‍්ති කිං පත‍්තං කිමධිගතං. සොරතන‍්ති සුවූපසන‍්තං. “සුරත”න‍්තිපි පාඨො, සුට‍්ඨු උපරතන‍්ති අත්‍ථො. දන‍්තන‍්ති දමිතං. බුද‍්ධොති විබුද‍්ධො, බුද‍්ධබොද‍්ධබ‍්බො වා. එවං සභියො එකෙකාය ගාථාය චත‍්තාරො චත‍්තාරො කත්‍වා පඤ‍්චහි ගාථාහි වීසති පඤ‍්හෙ පුච‍්ඡි. භගවා පනස‍්ස එකමෙකං පඤ‍්හං එකමෙකාය ගාථාය කත්‍වා අරහත‍්තනිකූටෙනෙව වීසතියා ගාථාහි බ්‍යාකාසි.

කිමපත්තිනං කුමකට පැමිණියේද? කුමක් අවබෝධ වීද? සොරතං මනාව සාන්ත වූ, සුරතං යනුද පාඨයකි. මැනවින් වෙන්වූ යන තේරුමයි. දන්තං දැමුණු, බුද්ධො මනාව අවබෝධ කළ හෝ අවබෝධ කළ යුතු හෝ, මෙසේ සභිය එක් එක් ගාථාවකින් පැන සතර බැගින් පැන විස්සක් විමසීය. භාග්‍යවතුන් වහන්සේ එක් එක් පැනයට එක් එක් ගාථාවකින් පිළිතුරු දී අරහත් බව කුළුගන්වමින් ගාථා විස්සක් වදාළහ.

තත්‍ථ යස‍්මා භින‍්නකිලෙසො පරමත්‍ථභික‍්ඛු, සො ච නිබ‍්බානප‍්පත‍්තො හොති, තස‍්මා අස‍්ස “කිං පත‍්තිනමාහු භික‍්ඛුන”න‍්ති ඉමං පඤ‍්හං බ්‍යාකරොන‍්තො “පජ‍්ජෙනා”තිආදිමාහ. තස‍්සත්‍ථො – යො අත‍්තනා භාවිතෙන මග‍්ගෙන පරිනිබ‍්බානගතො කිලෙසපරිනිබ‍්බානං පත‍්තො, පරිනිබ‍්බානගතත‍්තා එව ච විතිණ‍්ණකඞ‍්ඛො විපත‍්තිසම‍්පත‍්තිහානිබුද‍්ධිඋච‍්ඡෙදසස‍්සතඅපුඤ‍්ඤපුඤ‍්ඤභෙදං විභවඤ‍්ච භවඤ‍්ච විප‍්පහාය, මග‍්ගවාසං වුසිතවා ඛීණපුනබ‍්භවොති ච එතෙසං ථුතිවචනානං අරහො, සො භික‍්ඛූති.

කෙලෙස් බිඳ දැමූ, උතුම් අදහස් මුදුන්පත් කරගත් ඒ මහණ නිවනට පැමිණියේදැ’යි කිමපක්තිනමාහු භික්‍ඛූනං යන ඔහුගේ මේ පැනයට පජ්ජෙන ආදී ගාථාවෙන් කරුණු පැහැදිලි කළහ. එහි තේරුම නම්, යම් මහණෙක් තමා විසින් පුරුදු කරන ලද පිළිවෙත් මගින්, පරිනිබ්බානගතො කෙලෙස් පිරිනිවනට පැමිණියේද, එසේ පිරිනිවනට (සසර ගමන ඇති කරවන සියළු කෙලෙස් සිඳ දමන ලද බැවින්) ගිය බැවින් ද විතිණ්ණකංඛො වේ. විපත්, සම්පත්, හානි, දියුණුව, වැනසීම, සදා පැවැත්ම, පව් පින් ආදී ලෙසින් විභවඤ්ච භවඤ්ච විප්පහාය සෝවාන් ආදී මගෙහි වසන්නා වූ වූසිතවා ඛීණ පුනබ්භවො මෙබඳු තුති වචනවලට සුදුසු වූ සො භික්‍ඛූ

යස‍්මා පන විප‍්පටිපත‍්තිතො සුට‍්ඨු උපරතභාවෙන නානප‍්පකාරකිලෙසවූපසමෙන ච සොරතො හොති, තස‍්මා තමත්‍ථං දස‍්සෙන‍්තො “සබ‍්බත්‍ථ උපෙක‍්ඛකො”තිආදිනා නයෙන දුතියපඤ‍්හබ්‍යාකරණමාහ. තස‍්සත්‍ථො – යො සබ‍්බත්‍ථ රූපාදීසු ආරම‍්මණෙසු “චක‍්ඛුනා රූපං දිස‍්වා නෙව සුමනො හොති, න දුම‍්මනො”ති එවං පවත‍්තාය ඡළඞ‍්ගුපෙක‍්ඛාය උපෙක‍්ඛකො, වෙපුල‍්ලප‍්පත‍්තාය සතියා සතිමා, න සො හිංසති නෙව හිංසති කඤ‍්චි තසථාවරාදිභෙදං සත‍්තං සබ‍්බලොකෙ සබ‍්බස‍්මිම‍්පි ලොකෙ, තිණ‍්ණොඝත‍්තා තිණ‍්ණො, සමිතපාපත‍්තා සමණො, ආවිලසඞ‍්කප‍්පප‍්පහානා අනාවිලො. යස‍්ස චිමෙ රාගදොසමොහමානදිට‍්ඨිකිලෙසදුච‍්චරිතසඞ‍්ඛාතා සත‍්තුස‍්සදා කෙචි ඔළාරිකා වා සුඛුමා වා න සන‍්ති, සො ඉමාය උපෙක‍්ඛාවිහාරිතාය සතිවෙපුල‍්ලතාය අහිංසකතාය ච විප‍්පටිපත‍්තිතො සුට‍්ඨු උපරතභාවෙන ඉමිනා ඔඝාදිනානප‍්පකාරකිලෙසවූපසමෙන ච සොරතොති.

වැරදි පිළිවෙත්වලින් මනාව වෙන්වීමෙන්, නොයෙක් ආකාර වූ කෙලෙස් නැති කිරිමෙන් සංවරයට පත්, එබැවින් එම අරුත දක්වමින් සබ්බත්‍ථ උපෙඛො ආදී ගාථාවෙන් දෙවැනි පැනයට පිළිතුරු දුන්හ. එහි අදහස නම්, සබ්බත්‍ථ යම් (කෙනෙක්) මහණෙක්, රූප ආදී අරමුණුවල, ඇසින් රූ දැක සතුටු වන්නේද නොවේ. අසතුටු සිත් ඇති කරගන්නේද නොවේ. ‘චක්‍ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති, න දුම්මනො’ මෙසේ පවත්නා විට, කොටස් හයකින් යුතු උපෙඛතො මනාව වැඩිදියුණු කරගත් සිහියෙන් සතිමා, න සො හිංසති හිංසා පීඩා නොකෙරේමය. එහිද, තැති ගන්නා - තැති නොගන්නා වූ ජීවීන්, සබ්බලොකෙ සියළු ලෝකවල, සැඩපහරින් එතෙර වූ බැවින් තිණ්ණො පව් සංසිඳින ලද්දේ සමණො, කැළඹුණු කල්පනා නැතිකරන ලදින් අනාවිලො, යස්ස රාග, දෝස, මෝහ, මාන දැඩිව ගත් රළු හෝ සියුම් කෙලෙස් පිරි නොයෙක් අදහස් න සන්ති, සො මේ මැදිහත් වූ වාසය කිරීමෙන් මනා දියුණු කොටගත් සිහියෙන් ද, හිංසනයෙන් තොර වීද, වැරදි පිළිවෙතින් වෙන්ව, සැඬපහර බඳු නොයෙක් කෙලෙස් සංසිඳවීමෙන් සොරතො

යස‍්මා ච භාවිතින්‍ද්‍රියො නිබ‍්භයො නිබ‍්බිකාරො දන‍්තො හොති, තස‍්මා තමත්‍ථං දස‍්සෙන‍්තො “යස‍්සින්‍ද්‍රියානී”ති ගාථාය තතියපඤ‍්හං බ්‍යාකාසි. තස‍්සත්‍ථො – යස‍්ස චක‍්ඛාදීනි ඡළින්‍ද්‍රියානි ගොචරභාවනාය අනිච‍්චාදිතිලක‍්ඛණං ආරොපෙත්‍වා වාසනාභාවනාය සතිසම‍්පජඤ‍්ඤගන්‍ධං ගාහාපෙත්‍වා ච භාවිතානි, තානි ච ඛො යථා අජ‍්ඣත‍්තං ගොචරභාවනාය, එවං පන බහිද‍්ධා ච සබ‍්බලොකෙති යත්‍ථ යත්‍ථ ඉන්‍ද්‍රියානං වෙකල‍්ලතා වෙකල‍්ලතාය වා සම‍්භවො, තත්‍ථ තත්‍ථ නාභිජ‍්ඣාදිවසෙන භාවිතානීති එවං නිබ‍්බිජ‍්ඣ ඤත්‍වා පටිවිජ‍්ඣිත්‍වා ඉමං පරඤ‍්ච ලොකං සකසන‍්තතික‍්ඛන්‍ධලොකං පරසන‍්තතික‍්ඛන්‍ධලොකඤ‍්ච අදන්‍ධමරණං මරිතුකාමො කාලං කඞ‍්ඛති, ජීවිතක‍්ඛයකාලං ආගමෙති පතිමානෙති, න භායති මරණස‍්ස. යථාහ ථෙරො –

එසේ ඉඳුරන් පුරුදු කරන ලදුව, නොබියව, නොවෙනස්ව දමනය වූයේ වේ. එහෙයින් එම අදහස යස්සින්‍ද්‍රියානි යන ගාථාවෙන් තුන්වන පැනය (පිළිතුරු) ලෙසට පැහැදිලි කළහ. එහි අදහස නම්, යස්ස ඇස් ආදී ඉඳුරන් හයට වන අරමුණු ගැනීමේදී එහි තිරසාර බවක් නැතැයි තිලකුණු මෙනෙහිකොට මනා සිහිනුවණ නම් සුවඳ ලඟාකරගත් ලෙසින්ද, භාවිතානි ඒ පිළිබඳ නිසි අයුරින්, අජ්ඣත්තං අරමුණ මෙනෙහි කරමින්, බහිද්ධාව සබ්බලොකෙ මෙසේ යම් යම් ආකාරයෙන් ඉඳුරන් වෙනස් බවකට හෝ, වෙනස්වී, එහි දැඩි ලෝභ හැඟීම් ලෙසින් පුරුදු කරන ලද්දේ නොවේ. මෙසේ නිබ්බිජ්ඣ දැන, මනාව අවබෝධ කොට, ඉමං පරඤ්ච ලොකං රූපාදිය අරමුණුකොට (ඛන්‍ධ සමූහය හෙවත්) තමා ඇසුරෙන් ගොඩනඟන ලෝකයෙන් ද මුළා නොවූ මරණයකට පත්වනු කැමතිව, කාල කංඛති ජීවිතයෙහි අවසන් කාලය - මොහොත බලා සිටී. මරණයට බයක් නැත. රහත් තෙරනමක කියන ලදී -

“මරණෙ මෙ භයං නත්‍ථි, නිකන‍්ති නත්‍ථි ජීවිතෙ”; (ථෙරගා· 20); “නාභිකඞ‍්ඛාමි මරණං, නාභිකඞ‍්ඛාමි ජීවිතං; කාලඤ‍්ච පටිකඞ‍්ඛාමි, නිබ‍්බිසං භතකො යථා”ති. (ථෙරගා· 606);

‘මට මරණයෙහි බයක් නැත, ජීවිතය ගැන දැඩි ආසා නැත. කුලීකරුවකු කුලිය බලාපොරොත්තු වන්නා සේ මරණයට කාලය බලා සිටිමි’යි.

භාවිතො ස දන‍්තොති එවං භාවිතින්‍ද්‍රියො සො දන‍්තොති.

භාවිතො ස දන්තො මෙසේ පුරුදු කරන ලද ඉඳුරන් ඇති ඒ තැනැත්තා දැමුණේ වෙයි.

යස‍්මා පන බුද‍්ධො නාම බුද‍්ධිසම‍්පන‍්නො කිලෙසනිද‍්දා විබුද‍්ධො ච, තස‍්මා තමත්‍ථං දස‍්සෙන‍්තො “කප‍්පානී”ති ගාථාය චතුත්‍ථපඤ‍්හං බ්‍යාකාසි. තත්‍ථ කප‍්පානීති තණ‍්හාදිට‍්ඨියො. තා හි තථා තථා විකප‍්පනතො “කප‍්පානී”ති වුච‍්චන‍්ති. විචෙය්‍යාති අනිච‍්චාදිභාවෙන සම‍්මසිත්‍වා. කෙවලානීති සකලානි. සංසාරන‍්ති යො චායං –

යම් ලෙසකින් බුද්ධය හෙවත් තියුණු නුවණින් ‘බුද්ධ’ නම් වේ ද, කෙලෙස් නින්දෙන් පිබිදුනේ ද එපරිදි ඒ අදහස දක්වමින්, කප්පානි යන ගාථාවෙන් සිදුවන පැනය පැහැදිළි කළහ. කප්පානි ආසාව හා දැඩිව ගත් නොයෙක් හැඟීම්, දැකීම්ය. ඒවා පිළිබඳව ඒ ඒ ආකාරයෙන් තදින් කල්පනා කරන බැවින් කප්පානි යැයි කියනු ලබති. විචෙය්‍ය තිර පැවැත්මක් නැතැයි නුවණින් සිතා, කෙවලානි සියළු, සංසාරං එය මෙසේ දැක්වේ -

“ඛන්‍ධානඤ‍්ච පටිපාටි, ධාතුආයතනාන ච; අබ‍්බොච‍්ඡින‍්නං වත‍්තමානා, සංසාරොති පවුච‍්චතී”ති. –

ඛන්‍ධානඤ්ච පටිපාටි ධාතු ආයතානි ච අබ්බොච්ඡින්නං වත්තමානා සංසාරොති පවුච්චතී

රූපාදී සමූහයන්ගේ පිළිවෙලත්, ආප ආදී ධාතු කොටස් හා ඇස් ආදී ආයතනාදියෙන් නොසිඳී පැවැත්ම - සසර යැයි කියනු ලැබේ.

එවං ඛන්‍ධාදිපටිපාටිසඞ‍්ඛාතො සංසාරො, තං සංසාරඤ‍්ච කෙවලං විචෙය්‍ය. එත‍්තාවතා ඛන්‍ධානං මූලභූතෙසු කම‍්මකිලෙසෙසු ඛන්‍ධෙසු චාති එවං තීසුපි වට‍්ටෙසු විපස‍්සනං ආහ. දුභයං චුතූපපාතන‍්ති සත‍්තානං චුතිං උපපාතන‍්ති ඉමඤ‍්ච උභයං විචෙය්‍ය ඤත්‍වාති අත්‍ථො. එතෙන චුතූපපාතඤාණං ආහ. විගතරජමනඞ‍්ගණං විසුද‍්ධන‍්ති රාගාදිරජානං විගමා අඞ‍්ගණානං අභාවා මලානඤ‍්ච විගමා විගතරජමනඞ‍්ගණං විසුද‍්ධං. පත‍්තං ජාතිඛයන‍්ති නිබ‍්බානං පත‍්තං. තමාහු බුද‍්ධන‍්ති තං ඉමාය ලොකුත‍්තරවිපස‍්සනාය චුතූපපාතඤාණභෙදාය බුද‍්ධියා සම‍්පන‍්නත‍්තා ඉමාය ච විගතරජාදිතාය කිලෙසනිද‍්දා විබුද‍්ධත‍්තා තාය පටිපදාය ජාතික‍්ඛයං පත‍්තං බුද‍්ධමාහු.

මෙසේ රූපාදී සමූහයන්ගේ පිළිවෙලින් සසර වේ. ඒ සසර ගැන විමසා බලන්නේ නම්, එපමණකින් ඒ රූප ආදියට මුල්වන කම් කෙලෙස් බැඳුම්වලින් තෙ ආකාරව (තිලකුණු) විදසුන් වැඩීම උභයං චුතුපපාතං යැයි කීහ. සත්වග මරණය, උපත යන කරුණු දෙක මැනවින් දැන යන තේරුමයි. මෙයින් නැවත උපදනා තැන් ගැන දැනීම දැක්වෙයි. විගතරජමනංගනං විසුද්ධං රාගාදී දූවිල්ලෙන් ඉවත්වූ, නොකිලිටි, පිරිසිදු වූ, පත්තං ජාතික්‍ඛයං නිවනට පත්, තමාහු බුද්ධං මේ ලොවුතුරු විදසුන් වැඩීමෙන්, මරණය, උපත ගැන දැනගන්නා නුවණින් යුතුව, මේ කෙලෙස් නම් දූවිල්ලෙන් තොරව, කෙලෙස් නින්දෙන් පිබිද, ඒ පිළිවෙතින් ඉපදීම කෙළවර කළ බැවින් ‘බුද්ධ’ යැයි කීහ.

අථ වා කප‍්පානි විචෙය්‍ය කෙවලානීති “අනෙකෙපි සංවට‍්ටවිවට‍්ටකප‍්පෙ අමුත්‍රාසි”න‍්තිආදිනා (ඉතිවු· 99; පාරා· 12) නයෙන විචිනිත්‍වාති අත්‍ථො. එතෙන පඨමවිජ‍්ජමාහ. සංසාරං දුභයං චුතූපපාතන‍්ති සත‍්තානං චුතිං උපපාතන‍්ති ඉමඤ‍්ච උභයං සංසාරං “ඉමෙ වත භොන‍්තො සත‍්තා”තිආදිනා නයෙන විචිනිත්‍වාති අත්‍ථො. එතෙන දුතියවිජ‍්ජමාහ. අවසෙසෙන තතියවිජ‍්ජමාහ. ආසවක‍්ඛයඤාණෙන හි විගතරජාදිතා ච නිබ‍්බානප‍්පත‍්ති ච හොතීති. තමාහු බුද‍්ධන‍්ති එවං විජ‍්ජත‍්තයභෙදබුද‍්ධිසම‍්පන‍්නං තං බුද‍්ධමාහූති.

කප්පානි විචෙය්‍ය කෙවලානි නැතහොත් හටගැනෙන හා පිරිහී යන නොයෙක් කල්පවල දී ‘මෙසේ විසීමි’ යනාදී ලෙස සොයා දැනගෙන යන තේරුමයි. මෙයින් මුල්ම විදු නැණ (පෙර විසූ තැන් දැනීම) ගැන කීය. සංසාරවූභයං චුතූපපාතං (සසර) සරන සත්වග මැරීම ඉපදීම සේ දෙකොටසක් ඇත්තේ සංසාරයයි. ඒකාන්තයෙන් මේ ජීවී ආදී ලෙසින් ඒ තතු සොයා දැන යන තේරුමයි. එයින් දෙවැනි විදුනැණ ගැන (මැරෙන - උපදනා තැන් දැකීමේ නුවණ) දැක්වීය. කෙලෙස් දුරුකිරීමේ නුවණින්, කෙලෙස් දූවිලි පහකරන ලදුව, නිවනට පැමිණියේ යැයි ඉතිරි තුන්වන නුවණ ගැන කීය. තමාහු බුද්ධං මෙසේ තුන්විදු නැණින් යුතු බැවින් ද ‘බුද්ධ’ යැයි කීය.

එවං පඨමගාථාය වුත‍්තපඤ‍්හෙ විස‍්සජ‍්ජෙත්‍වා දුතියගාථාය වුත‍්තපඤ‍්හෙසුපි යස‍්මා බ්‍රහ‍්මභාවං සෙට‍්ඨභාවං පත‍්තො පරමත්‍ථබ්‍රාහ‍්මණො බාහිතසබ‍්බපාපො හොති, තස‍්මා තමත්‍ථං දස‍්සෙන‍්තො “බාහිත්‍වා”ති ගාථාය පඨමං පඤ‍්හං බ්‍යාකාසි. තස‍්සත්‍ථො – යො චතුත්‍ථමග‍්ගෙන බාහිත්‍වා සබ‍්බපාපකානි ඨිතත‍්තො, ඨිතො ඉච‍්චෙව වුත‍්තං හොති. බාහිතපාපත‍්තා එව ච විමලො, විමලභාවං බ්‍රහ‍්මභාවං සෙට‍්ඨභාවං පත‍්තො, පටිප‍්පස‍්සද‍්ධසමාධිවික‍්ඛෙපකරකිලෙසමලෙන අග‍්ගඵලසමාධිනා සාධුසමාහිතො, සංසාරහෙතුසමතික‍්කමෙන සංසාරමතිච‍්ච පරිනිට‍්ඨිතකිච‍්චතාය කෙවලී, සො තණ‍්හාදිට‍්ඨීහි අනිස‍්සිතත‍්තා අසිතො, ලොකධම‍්මෙහි නිබ‍්බිකාරත‍්තා “තාදී”ති ච පවුච‍්චති. එවං ථුතිරහො ස බ්‍රහ‍්මා සො බ්‍රාහ‍්මණොති.

මෙසේ පළමු ගාථාවෙන් කියන ලද පැනය විසඳා දෙවන ගාථාවෙන් අසන ලද පැනයටද, බ්‍රහ්ම බවට හෙවත් උසස් බවට පත්ව උතුම් අදහස මුදුන් පමුණුවා ගත් බ්‍රාහ්මණයා (කෙලෙසුන් නැසූ) තැනැත්තා) සියළු පව් බහාතබන ලදැයි බාහිත්‍වා යන ගාථාවෙන් පැහැදිළි කළහ. එහි තේරුම නම්, බාහිත්‍වා සබ්බපාපකානි ඨිතත්තො යමෙකු අරහත් මගට පත්ව පව් බැහැර කරන ලද බැවින් එසේ සඳහන් කෙරේ. විමලො පිරිසිදු, උසස් බවට පත්ව, සිත අවුලට පත් කරන කෙලෙස්වලින් සන්සුන්ව එකඟ බවට පත් උසස් පෙල සමවතින් සාධූ සමාහිතො, සසර ගමනට අදාල වන හේතු ඉක්මවන ලද නිසා සංසාරමතිච්ච සියළු කටයුතු නිමකරන ලද නිසා කෙවලී, සො තණ්හා හා දැඩිව ගත් දැකීම් තදින් සිතෙහි නොපවතින නිසා අසිතො, ලෝදහම්හි කම්පාවීමක් වෙනසක් නොමැති බැවින් තාදි පවුච්චති මෙසේ තුති පුදට - අගැයුමට සුදුසු සො බ්‍රහ්මා ඒ උතුම් තැනැත්තා (නියම) බමුණාය.

යස‍්මා පන සමිතපාපතාය සමණො, න‍්හාතපාපතාය න‍්හාතකො, ආගූනං අකරණෙන ච නාගොති පවුච‍්චති, තස‍්මා තමත්‍ථං දස‍්සෙන‍්තො තතො අපරාහි තීහි ගාථාහි තයො පඤ‍්හෙ බ්‍යාකාසි. තත්‍ථ සමිතාවීති අරියමග‍්ගෙන කිලෙසෙ සමෙත්‍වා ඨිතො. සමණො පවුච‍්චතෙ තථත‍්තාති තථාරූපො සමණො පවුච‍්චතීති. එත‍්තාවතා පඤ‍්හො බ්‍යාකතො හොති, සෙසං තස‍්මිං සමණෙ සභියස‍්ස බහුමානජනනත්‍ථං ථුතිවචනං. යො හි සමිතාවී, සො පුඤ‍්ඤපාපානං අපටිසන්‍ධිකරණෙන පහාය පුඤ‍්ඤපාපං රජානං විගමෙන විරජො, අනිච‍්චාදිවසෙන ඤත්‍වා ඉමං පරඤ‍්ච ලොකං ජාතිමරණං උපාතිවත‍්තො තාදි ච හොති.

පවු නසන ලද බැවින් සමණෙ නැවත පව් නොකරන (දිය නෑමෙන් පිරිසිදු වූවා සේ) නහාතකො, අපරාධයක් නොකරන බැවින් නාගො යැයි කියනු ලැබේ. එහෙයින් එම කරුණ පැහැදිලි කරමින්ද, ඊට පසුව තවත් ගාථා තුනකින් විමසූ පැන තුනකටද පිළිතුරු දුන්හ. සමිතාවී අරහත් මගින් කෙලෙස් සමනය කොට සිටි, සමණෙ පවුච්චති තථතතා එබඳු තැනැත්තාට සමණ යැයි කියනු ලැබේ යනුවෙන් මෙපමණකින් පැන විසඳන ලදහ. ඉතිරි වචන සභිය, බොහෝ ගරු බුහුමන් දැක්වීමට කියන ලදී. කෙලෙස් සමනය කළ ඒ මහණ පින් ද පවු ද රැස් නොකිරීමෙන් පහාය පුඤ්ඤපාපං (කෙලෙස්) දූවිලි ඉවත් කිරීමෙන් විරජො අනිච්චාදිවසෙන ඤත්‍වා ඉමං පරඤ්ච ලොකං ජාතිමරණං උපාතිවත්තො තාදී වේ.

නින‍්හාය…පෙ… න‍්හාතකොති එත්‍ථ පන යො අජ‍්ඣත‍්තබහිද‍්ධාසඞ‍්ඛාතෙ සබ‍්බස‍්මිම‍්පි ආයතනලොකෙ අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණවසෙන උප‍්පත‍්තිරහානි සබ‍්බපාපකානි මග‍්ගඤාණෙන නින‍්හාය ධොවිත්‍වා තාය නින‍්හාතපාපකතාය තණ‍්හාදිට‍්ඨිකප‍්පෙහි කප‍්පියෙසු දෙවමනුස‍්සෙසු කප‍්පං න එති, තං න‍්හාතකමාහූති එවමත්‍ථො දට‍්ඨබ‍්බො.

නින්හාය..........නහාතකො තමා කෙරෙහි ද, බාහිරව ද ඇස් ආදී ආයතන මගින් ඇතිකරගන්නා තමා හා බාහිරව අරමුණු ලෙසින් උපදවා ගනු ලබන සියළු දේ, සබ්බපාපකානි සිවුමග නුවණින් නින්හාය සෝදා, එසේ නෑමෙන් (සෝදා හළ) පව් නැති බැවින් එහා දැඩි හැඟීම් සංකල්පනාවලින් කප්පියෙසු දෙවමනුස්සෙසු කප්පං න එති, තං නහාතකමාහු යැයි මෙසේ අරුත දතයුතුය.

චතුත්‍ථගාථායපි ආගුං න කරොති කිඤ‍්චි ලොකෙති යො ලොකෙ අප‍්පමත‍්තකම‍්පි පාපසඞ‍්ඛාතං ආගුං න කරොති, නාගො පවුච‍්චතෙ තථත‍්තාති . එත‍්තාවතා පඤ‍්හො බ්‍යාකතො හොති, සෙසං පුබ‍්බනයෙනෙව ථුතිවචනං. යො හි මග‍්ගෙන පහීනආගුත‍්තා ආගුං න කරොති, සො කාමයොගාදිකෙ සබ‍්බයොගෙ දසසඤ‍්ඤොජනභෙදානි ච සබ‍්බබන්‍ධනානි විසජ‍්ජ ජහිත්‍වා සබ‍්බත්‍ථ ඛන්‍ධාදීසු කෙනචි සඞ‍්ගෙන න සජ‍්ජති, ද‍්වීහි ච විමුත‍්තීහි විමුත‍්තො, තාදි ච හොතීති.

(දෙවන පැනයට පිළිතුරු දැක්වෙන) සිවුවන ගාථාවෙහි ද ආගූං න කරොති කිඤ්චි ලොකෙ යම් තැනැත්තෙක් ලොවෙහි සුළු පමණකුදු අයහපත් දෙයක් සේ සැළකෙන වරදක්, අපරාධයක් නොකරයිද, නාගො පවුච්චති තථත්තා මෙපමණකින් පැනය විසඳන ලද්දේය. ඉතිරි වචන පෙර පරිදිම තුති වදන්ය. සිවුසස් අවබෝධය මගින් අපරාධ - වැරදි නොකරන හෙයින් කාමාදී එකතුවීම්, සබ්බසංයොගෙ සංයෝජන දහයද, සියළු සසර බැඳීම්ද විසජ්ජ හැරදමා සබ්බත්‍ථ රූපාදී සමූහයෙහි කිසිදු ඇලීමක්, න සජ්ජති දෙ ආකාරයෙන් මිදීමෙන් විමුත්තො තාදී නම් වේ.

එවං දුතියගාථාය වුත‍්තපඤ‍්හෙ විස‍්සජ‍්ජෙත්‍වා තතියගාථාය වුත‍්තපඤ‍්හෙසුපි යස‍්මා “ඛෙත‍්තානී”ති ආයතනානි වුච‍්චන‍්ති. යථාහ – “චක‍්ඛුපෙතං චක‍්ඛායතනංපෙතං…පෙ… ඛෙත‍්තම‍්පෙතං වත්‍ථුපෙත”න‍්ති (ධ· ස· 596-598). තානි විජෙය්‍ය විජෙත්‍වා අභිභවිත්‍වා, විචෙය්‍ය වා අනිච‍්චාදිභාවෙන විචිනිත්‍වා උපපරික‍්ඛිත්‍වා කෙවලානි අනවසෙසානි, විසෙසතො පන සඞ‍්ගහෙතුභූතං දිබ‍්බං මානුසකඤ‍්ච බ්‍රහ‍්මඛෙත‍්තං, යං දිබ‍්බං ද‍්වාදසායතනභෙදං තථා මානුසකඤ‍්ච, යඤ‍්ච බ්‍රහ‍්මඛෙත‍්තං ඡළායතනෙ චක‍්ඛායතනාදිද‍්වාදසායතනභෙදං, තං සබ‍්බම‍්පි විජෙය්‍ය විචෙය්‍ය වා. යතො යදෙතං සබ‍්බෙසං ඛෙත‍්තානං මූලබන්‍ධනං අවිජ‍්ජාභවතණ‍්හාදි, තස‍්මා සබ‍්බඛෙත‍්තමූලබන්‍ධනා පමුත‍්තො. එවමෙතෙසං ඛෙත‍්තානං විජිතත‍්තා විචිනිතත‍්තා වා ඛෙත‍්තජිනො නාම හොති, තස‍්මා “ඛෙත‍්තානී”ති ඉමාය ගාථාය පඨමපඤ‍්හං බ්‍යාකාසි. තත්‍ථ කෙචි “කම‍්මං ඛෙත‍්තං, විඤ‍්ඤාණං බීජං, තණ‍්හා ස‍්නෙහො”ති (අ· නි· 3.77) වචනතො කම‍්මානි ඛෙත‍්තානීති වදන‍්ති. දිබ‍්බං මානුසකඤ‍්ච බ්‍රහ‍්මඛෙත‍්තන‍්ති එත්‍ථ ච දෙවූපගං කම‍්මං දිබ‍්බං, මනුස‍්සූපගං කම‍්මං මානුසකං, බ්‍රහ‍්මූපගං කම‍්මං බ්‍රහ‍්මඛෙත‍්තන‍්ති වණ‍්ණයන‍්ති. සෙසං වුත‍්තනයමෙව.

මෙසේ දෙවන ගාථාවෙන් කී පැනය විසඳා තුන්වන ගාථාවෙන් (ඊළඟ) පැනයට (පිළිතුරු දෙති.) ඛෙත්තානි ආයතන ගැන කියනු ලැබේ. මේ ඇසය. (අරමුණු වන) ආයතනයද මෙයයි. අරමුණ හටගැනීමට සුදුසු තැනද එයයි. හේතුවන - ආධාරවන තැනද එය බව එබැවින් දක්වා ඇත. විජෙය්‍ය ඒවා ජයගෙන, මැඩපවත්වා, විචෙය්‍ය තිරව පවතින්නේ තැතැයි නුවණින් විමසා බලා කෙවලානි ඒ ඒ දේ එකතුවීමෙන් හටගනු ලබන සියළුම දේ, දිබ්බං මානුසකඤ්ච බ්‍රහ්මක්‍ඛෙත්තං දොළොස් ආකාර ආයතන ලෙස ඇතිවන දෙව් මිනිස් භවයන්හි, බඹලොවෙහිද ආයතන හය හා ඇස් ආදී දොළොස් ආයතනවලද ඒ සියළුම දේ ජයගෙන, හැරදමා (මේ කිසිම තැනක උපතක් නොලබා) මේ සියළුම දේ හටගැනීමට මුල්ම බැඳීම, නොදැනීම හෙවත් අවිජ්ජා හා භවයෙහි දැඩි ආසාවයි. ඒ සියල්ලම සබ්බඛෙත්ත මූලබන්‍ධනා පමුත්තො මෙසේ ඒ හටගැනීමට හේතුවන තැන ජයගන්නා ලද බැවින් ඛෙත්තජිනො නම් වේ. එහෙයින් ඛෙත්තානි පිළිබඳව මේ ගාථාවෙන් පළමු පැනය සේ පැහැදිලි කළහ. ඇතැම් තැනක, කරන කියන කටයුතු හෙවත් කම්ම නැමති කෙතෙහි බීජය විඤ්ඤාණය බවත්, තෙත් ගතිය - ජල සැපයුම තණ්හාව බවත් ‘කම්මං ඛෙත්තං විඤ්ඤාණං බීජං තණ්හා සිනෙහො සඳහන් වේ. කම්මානි ඛෙත්තානි යැයි බහුවචනයෙන්ද කියති. දිබ්බං මානුසකඤ්ච බ්‍රහ්මක්‍ඛෙත්තං දෙවි බවට පත්වන කටයුතුය. මිනිස් බව ලැබීමට හා බ්‍රහ්මයකු බවට පත්වීමට සුදුසු කටයුතු මෙහිලා ගැනේ. ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය.

යස‍්මා පන සකට‍්ඨෙන කොසසදිසත‍්තා “කොසානී”ති කම‍්මානි වුච‍්චන‍්ති, තෙසඤ‍්ච ලුනනා සමුච‍්ඡෙදනා කුසලො හොති, තස‍්මා තමත්‍ථං දස‍්සෙන‍්තො “කොසානී”ති ගාථාය දුතියපඤ‍්හං බ්‍යාකාසි. තස‍්සත්‍ථො – ලොකියලොකුත‍්තරවිපස‍්සනාය විසයතො කිච‍්චතො ච අනිච‍්චාදිභාවෙන කුසලාකුසලකම‍්මසඞ‍්ඛාතානි කොසානි විචෙය්‍ය කෙවලානි, විසෙසතො පන සඞ‍්ගහෙතුභූතං අට‍්ඨකාමාවචරකුසලචෙතනාභෙදං දිබ‍්බං මානුසකඤ‍්ච නවමහග‍්ගතකුසලචෙතනාභෙදඤ‍්ච බ්‍රහ‍්මකොසං විචෙය්‍ය. තතො ඉමාය මග‍්ගභාවනාය අවිජ‍්ජාභවතණ‍්හාදිභෙදා සබ‍්බකොසානං මූලබන්‍ධනා පමුත‍්තො, එවමෙතෙසං කොසානං ලුනනා “කුසලො”ති පවුච‍්චති, තථත‍්තා තාදී ච හොතීති. අථ වා සත‍්තානං ධම‍්මානඤ‍්ච නිවාසට‍්ඨෙන අසිකොසසදිසත‍්තා “කොසානී”ති තයො භවා ද‍්වාදසායතනානි ච වෙදිතබ‍්බානි. එවමෙත්‍ථ යොජනා කාතබ‍්බා.

තමා විසින් කරනු ලබන හෝ තමාට අයත් යන අදහසින් රැස්කර තබන කොපු (කවර) සේ කොසානි යැයිද අදහසින් රැස්කර තබන කොපු (කවර) සේ කොසානි යැයිද කරන කියන කටයුතුවලට කියනු ලැබේ. ඒවා සිඳ දැමීමෙහි, වනසා දැමීමෙහි සමත්වේද ඒ කරුණු දක්වමින් කොසානි යන ගාථාවෙන් දෙවන පැනය පැහැදිළි කළහ. එහි තේරුම නම්, ලොවී ලොවුතුරා විදසුන් වැඩීමෙන් එහි පලය ලෙස හැමදෙයෙහි තිර නැති බවද කුසල අකුසල කටයුතු ලෙස කියන ලද පරිදි කොසානි විචෙය්‍ය කෙවලානි, මෙහි වෙනස වන්නේ එයට එකතුවන කාමාවචර කුසල් අටයි. දිබ්බං මානුසකඤ්ච මහත් බවට පත්වන නවාකාර වූ කුසල සිතිවිලි අනුව බ්‍රහ්මකොසං ලබන්නේය. මෙම සිවුමග භාවනාවෙන් නොදැනීම, භවය හා ආසාව ඉවත්වීමෙන් සබ්බකොසානං මූලබන්‍ධනා මිදුණේය. මෙම කම්ම රඳවා තබන, මලු හෙවත් ‘කෝස’ සිඳ දැමීමෙන් කුසලො පවුච්චති තථතතා තාදී වෙයි. නැතහොත් සත්වගට (ආවේණික ඒ ඒ පුරුදු) තබා ගන්නා කඩුකොපුවක් මෙන් කොස යන්නෙන් තුන්භවය සහ ආයතන දොළහ දතයුතුය. මෙසේ මේ පිළිබඳව අදහස් දැක්විය හැකිය.

යස‍්මා ච න කෙවලං පණ‍්ඩතීති ඉමිනාව “පණ‍්ඩිතො”ති වුච‍්චති, අපිච ඛො පන පණ‍්ඩරානි ඉතො උපගතො පවිචයපඤ‍්ඤාය අල‍්ලීනොතිපි “පණ‍්ඩිතො”ති වුච‍්චති, තස‍්මා තමත්‍ථං දස‍්සෙන‍්තො “දුභයානී”ති ගාථාය තතියපඤ‍්හං බ්‍යාකාසි . තස‍්සත්‍ථො – අජ‍්ඣත‍්තං බහිද‍්ධා චාති එවං උභයානි අනිච‍්චාදිභාවෙන විචෙය්‍ය. පණ‍්ඩරානීති ආයතනානි. තානි හි පකතිපරිසුද‍්ධත‍්තා රුළ‍්හියා ච එවං වුච‍්චන‍්ති, තානි විචෙය්‍ය ඉමාය පටිපත‍්තියා නිද‍්ධන‍්තමලත‍්තා සුද‍්ධිපඤ‍්ඤො පණ‍්ඩිතොති පවුච‍්චති තථත‍්තා, යස‍්මා තානි පණ‍්ඩරානි පඤ‍්ඤාය ඉතො හොති, සෙසමස‍්ස ථුතිවචනං. සො හි පාපපුඤ‍්ඤසඞ‍්ඛාතං කණ‍්හසුක‍්කං උපාතිවත‍්තො තාදී ච හොති, තස‍්මා එවං ථුතො.

හුදෙක් මෙපමණකින්ම නුවණැත්තෙකැයි, ‘පණ්ඩිත’ යැයි කියනු නොලැබේ. එතකුදු වුවත් එම ආයතන පිළිබඳව විමසුම් නුවණින් (ඇති සැටියෙන් දැකීමේ) ඇලුනේද පණ්ඩිතයෙකැයි කියනු ලැබේ. එම අරුත දක්වමින් තදුභයානි යන ගාථාවෙන් තුන්වන පැනය විසඳූහ. එහි අරුත නම්, අජ්ඣත්ත බහිද්ධා ච මෙසේ උභයානි අනිච්ච ආදී ලෙසින් විමසා බලන්නේය. පණ්ඩරානි (ඉහත සඳහන් වූ) ආයතන, ඒවා ඇති සැටියෙන්ම, නිසි පරිදි, ඉතා පිරිසිදුව අවබෝධයෙන් දැනීම අනුව, (එහි තතු පැහැදිලි කිරීමට) මෙසේ කියනු ලබයි. එසේ දැන, මේ පිළිවෙතින් අපිරිසිදු කෙලෙස් ඉවතහළ බැවින් සුද්ධ පඤ්ඤො පණ්ඩිතො පවුච්චති තථතතා ඒ ආයතන පිළිබඳ මෙබඳු නුවණින් යුතු වූයේය. ඉතිරි වචනවලින් තුති පළවෙයි. පව්පින් යැයි කියන ලද පරිදි කණහසුක්කමුපාතිවත්තො තාදී වෙයි. එහෙයින් මෙසේ තුති කරන ලදී.

යස‍්මා පන “මොනං වුච‍්චති ඤාණං, යා පඤ‍්ඤා පජානනා…පෙ… සම‍්මාදිට‍්ඨි, තෙන ඤාණෙන සමන‍්නාගතො මුනී”ති වුත‍්තං, තස‍්මා තමත්‍ථං දස‍්සෙන‍්තො “අසතඤ‍්චා”ති ගාථාය චතුත්‍ථපඤ‍්හං බ්‍යාකාසි. තස‍්සත්‍ථො – ය‍්වායං අකුසලකුසලප‍්පභෙදො අසතඤ‍්ච සතඤ‍්ච ධම‍්මො, තං අජ‍්ඣත‍්තං බහිද‍්ධාති ඉමස‍්මිං සබ‍්බලොකෙ පවිචයඤාණෙන අසතඤ‍්ච සතඤ‍්ච ඤත්‍වා ධම‍්මං තස‍්ස ඤාතත‍්තා එව රාගාදිභෙදතො සත‍්තවිධං සඞ‍්ගං තණ‍්හාදිට‍්ඨිභෙදතො දුවිධං ජාලඤ‍්ච අතිච‍්ච අතික‍්කමිත්‍වා ඨිතො. සො තෙන මොනසඞ‍්ඛාතෙන පවිචයඤාණෙන සමන‍්නාගතත‍්තා මුනි. දෙවමනුස‍්සෙහි පූජනීයොති ඉදං පනස‍්ස ථුතිවචනං. සො හි ඛීණාසවමුනිත‍්තා දෙවමනුස‍්සානං පූජාරහො හොති, තස‍්මා එවං ථුතො.

‘මොන’ යනුවෙන් නුවණට කියනු ලැබේ. යම් නුවණකින් යහපත් දැකීම මැනවින් අවබෝධ කරගනීද එබඳු නුවණින් හෙබි තැනැත්තා මුනිවරයා යැයි හඳුන්වයි. එහෙයින් අඝතඤ්ච යන ගාථාවෙන් සිවුවන පැනය පැහැදිලි කළහ. එහි අදහස නම්, අයහපත, යහපත් ලෙස ගැනෙන, හොඳ නරක පිළිබඳ දේවල්, අජ්ඣත්තං බහිද්ධා ඒවා මුළු ලොවෙහිම (ඉඳුරන් මගින් තමා හා බාහිරව ගොඩනඟන ලෝකය) නුවණින් දැන අසතඤ්ච සතඤ්ච ඤත්‍වා ධම්මං එම නුවණ ඇති නිසාම, රාගාදී කොටස් සතක් වූ, සංගං තණ්හා, දිට්ඨි ලෙසින් දෙකොටසකි. ජාලඤ්ච අතිච්ච ඉක්මවා සිටියේ, සො ඒ ‘මොන’ යැයි කියන ලද මහා නුවණින් යුතු බැවින් මුනි, දෙවමනුස්සෙහි පූජියො මේ තුති වදනයි. ඒ තැනැත්තා කෙලෙසුන් නසන ලදුව මුනි හෙවත් රහත් බවට පත්වූ බැවින් දෙවිමිනිසුන්ගෙන් පූජා ලැබීමට සුදුසු වේ. එහෙයින් මෙසේ තුති ලද්දේය.

එවං තතියගාථාය වුත‍්තපඤ‍්හෙ විස‍්සජ‍්ජෙත්‍වා චතුත්‍ථගාථාය වුත‍්තපඤ‍්හෙසුපි යස‍්මා යො චතූහි මග‍්ගඤාණවෙදෙහි කිලෙසක‍්ඛයං කරොන‍්තො ගතො, සො පරමත්‍ථතො වෙදගූ නාම හොති. යො ච සබ‍්බසමණබ්‍රාහ‍්මණානං සත්‍ථසඤ‍්ඤිතානි වෙදානි, තායෙව මග‍්ගභාවනාය කිච‍්චතො අනිච‍්චාදිවසෙන විචෙය්‍ය. තත්‍ථ ඡන්‍දරාගප‍්පහානෙන තමෙව සබ‍්බං වෙදමතිච‍්ච යා වෙදපච‍්චයා වා අඤ‍්ඤථා වා උප‍්පජ‍්ජන‍්ති වෙදනා , තාසු සබ‍්බවෙදනාසු වීතරාගො හොති, තස‍්මා තමත්‍ථං දස‍්සෙන‍්තො “ඉදං පත‍්තින”න‍්ති අවත්‍වා “වෙදානී”ති ගාථාය පඨමපඤ‍්හං බ්‍යාකාසි. යස‍්මා වා යො පවිචයපඤ‍්ඤාය වෙදානි විචෙය්‍ය, තත්‍ථ ඡන්‍දරාගප‍්පහානෙන සබ‍්බං වෙදමතිච‍්ච වත‍්තති, සො සත්‍ථසඤ‍්ඤිතානි වෙදානි ගතො ඤාතො අතික‍්කන‍්තො ච හොති. යො වෙදනාසු වීතරාගො, සොපි වෙදනාසඤ‍්ඤිතානි වෙදානි ගතො අතික‍්කන‍්තො ච හොති. වෙදානි ගතොතිපි වෙදගූ, තස‍්මා තම‍්පි අත්‍ථං දස‍්සෙන‍්තො “ඉදං පත‍්තින”න‍්ති අවත්‍වා ඉමාය ගාථාය පඨමපඤ‍්හං බ්‍යාකාසි.

මෙසේ තුන්වන ගාථාවෙන් අසන ලද පැන විසඳා සිවුවන ගාථාවෙන් අසන ලද පැනයටද පිළිතුරු දෙති. යම් තැනැත්තෙක් සිවුමග නුවණින් ලද අවබෝධයෙන් කෙලෙස් වැනසීද, ඉතා උසස් වූ වෙදගු නම් වෙයි. ඒ උසස් බවට පත් තැනැත්තා සියළු මහණ බමුණන් විසින් මැනවින් දතයුතු යැයි අදහස් කරන ලද වෙදානි ඒ විදසුන් මග වැඩීමේ කටයුතු හේතුවෙන් කිසිවක තිර පැවැත්මක් නොමැති බව විචෙය්‍ය, ඡන්‍දරාගය හෙවත් කැමැත්ත හා ආසාව නැති කිරිමෙන් සබ්බං වෙදමතිච්ච යම් වින්දනයක් නිසා වෙනස් ආකාර වූ වේදනා හටගනීද, ඒ සියල්ල සබ්බාසු වෙදනාසු වීතරාගී වේ. එබැවින් එම කරුණු පැහැදිලි කිරිමට මෙසේ පැමිණිය යුතුයැ’යි නොකියා, වෙදානි යන ගාථාවෙන් මුල් පැනය පැහැදිළි කළහ. මනා නුවණින් සියළු දතයුතු දේ සොයා දැනගැනීමෙන් ද වෙනත් මහණ බමුණන් දැනසිටිය යුතුයැයි අදහස් කළ කරුණුද දැන, ඡන්‍ද රාගය නැති කිරීමෙන් ඒ සියල්ල ඉක්මවා සිටියේය. වේදනාවලදීද (විදීම්වලදී) වීතරාගීව ඒ පිළිබඳ මනා දැනීමෙන් සියල්ල ඉක්මවා සිටියේය. එහෙයින් ද වෙදගු නම් වේ. එම අදහස පැහැදිලි කිරීමේදී මෙයට පත්විය යුතුයැයි නොකියා, මේ ගාථාවෙන් පළමු පැනයට කරුණු පැහැදිලි කළහ.

යස‍්මා පන දුතියපඤ‍්හෙ “අනුවිදිතො”ති අනුබුද‍්ධො වුච‍්චති, සො ච අනුවිච‍්ච පපඤ‍්චනාමරූපං අජ‍්ඣත‍්තං අත‍්තනො සන‍්තානෙ තණ‍්හාමානදිට‍්ඨිභෙදං පපඤ‍්චං තප‍්පච‍්චයා නාමරූපඤ‍්ච අනිච‍්චානුපස‍්සනාදීහි අනුවිච‍්ච අනුවිදිත්‍වා, න කෙවලඤ‍්ච අජ‍්ඣත‍්තං, බහිද‍්ධා ච රොගමූලං, පරසන‍්තානෙ ච ඉමස‍්ස නාමරූපරොගස‍්ස මූලං අවිජ‍්ජාභවතණ‍්හාදිං, තමෙව වා පපඤ‍්චං අනුවිච‍්ච තාය භාවනාය සබ‍්බෙසං රොගානං මූලබන්‍ධනා, සබ‍්බස‍්මා වා රොගානං මූලබන්‍ධනා, අවිජ‍්ජාභවතණ‍්හාදිභෙදා, තස‍්මා එව වා පපඤ‍්චා පමුත‍්තො හොති, තස‍්මා තං දස‍්සෙන‍්තො “අනුවිච‍්චා”ති ගාථාය දුතියපඤ‍්හං බ්‍යාකාසි.

දෙවැනි පැනයෙහි අනුවිදිතො අවබෝධ නොකළ යන අදහසින් කියනු ලබයි. අනුවිච්ච පපඤ්ච නාමරූපං අජ්ඣත්තං තම සිත් පරම්පරාවෙහි දැඩි ආසාව, දැඩිව ගත් හැඟීම්, මානාදී කෙලෙස් (පුද්ගලිකව ගොඩනඟන ලෝකය) නිසා ඇතිවන නාමරූප තිරබවක් නැතැයි මනාව විමසා දැන, හුදෙක් තමා ගැන පමණක් නොව, බහිද්ධා ච රොගමූලං අනුන්ගේද මෙම නාමරූප නිසා වන (කෙලෙස්) රෝගයනට මුල්වන්නේ නොදැනීමෙන් වූ මුළාව, භවයෙහි ඇල්ම ආදී පමාව බව දැන ඒ භාවනා මගින්, සබ්බෙසං රොගානං මූල බන්‍ධනා සියළුම රෝගයනට මුල්ම බැඳීම වන්නේ නොදැනීම, භව ඇල්ම ආදියට ඇති පමාව මුදා, අත්හැර දමන ලද්දේය. එහෙයින් අනුවිච්ච යන ගාථාවෙන්, දෙවන පැනයට පිළිතුරු දුන්හ.

“කථඤ‍්ච වීරියවා”ති එත්‍ථ පන යස‍්මා යො අරියමග‍්ගෙන සබ‍්බපාපකෙහි විරතො, තථා විරතත‍්තා ච ආයතිං අපටිසන්‍ධිතාය නිරයදුක‍්ඛං අතිච‍්ච ඨිතො වීරියවාසො වීරියනිකෙතො, සො ඛීණාසවො “වීරියවා”ති වත‍්තබ‍්බතං අරහති, තස‍්මා තමත්‍ථං දස‍්සෙන‍්තො “විරතො”ති ගාථාය තතියපඤ‍්හං බ්‍යාකාසි. පධානවා ධීරො තාදීති ඉමානි පනස‍්ස ථුතිවචනානි. සො හි පධානවා මග‍්ගඣානපධානෙන, ධීරො කිලෙසාරිවිද‍්ධංසනසමත්‍ථතාය, තාදී නිබ‍්බිකාරතාය, තස‍්මා එවං ථුතො. සෙසං යොජෙත්‍වා වත‍්තබ‍්බං.

මෙහි උත්සාහය ඇත්තකු වන්නේ කෙසේද? යම් ලෙසකින් ඒ තැනැත්තා උතුම් සිවුසස් මගින් සියළු අයහපතින් දුරුව, එසේ ඉවත් වූ බැවින් නැවත පිළිසිඳ ගැනීමක් (උපතක්) නොමැති බැවින් නිරයදුක්‍ඛමතිච්ච, උත්සාහය වාසය කරන තැනක් කොට, (උත්සාහයෙන් ඈත්නොවී) විරියවාසො ඒ කෙලෙස් දුරුකළ රහත් උතුමා ‘විරියවා’ යනුවෙන් හැඳින්වීම සුදුසුය. එම කරුණ සඳහන්කොට විරතො යන ගාථාවෙන් තෙවන පැනය පැහැදිළි කළහ. පධානවා ධීරොතාදී මේ තුති වදන්ය. ඒ මග නුවණෙහි උත්සාහවත් වූ නුවණැත්තා කෙලෙස් සතුරන් මැඩලීමට හැකි බැවින් (අටලෝ දහම්හි) නොවෙනස්ව කම්පා නොවී සිටී. එහෙයින් මෙසේ තුති දක්වන ලදී. (අගයන ලදී.) ඉතිරි වචන සුදුසු පරිදි සළකා ගත යුතුය.

“ආජානියො කින‍්ති නාම හොතී”ති එත්‍ථ පන යස‍්මා පහීනසබ‍්බවඞ‍්කදොසො කාරණාකාරණඤ‍්ඤූ අස‍්සො වා හත්‍ථී වා “ආජානියො හොතී”ති ලොකෙ වුච‍්චති, න ච තස‍්ස සබ‍්බසො තෙ දොසා පහීනා එව, ඛීණාසවස‍්ස පන තෙ පහීනා, තස‍්මා සො “ආජානියො”ති පරමත්‍ථතො වත‍්තබ‍්බතං අරහතීති දස‍්සෙන‍්තො “යස‍්සා”ති ගාථාය චතුත්‍ථපඤ‍්හං බ්‍යාකාසි. තස‍්සත්‍ථො – අජ‍්ඣත‍්තං බහිද‍්ධා චාති එවං අජ‍්ඣත‍්තබහිද‍්ධාසඤ‍්ඤොජනසඞ‍්ඛාතානි යස‍්ස අස‍්සු ලුනානි බන්‍ධනානි පඤ‍්ඤාසත්‍ථෙන ඡින‍්නානි පදාලිතානි. සඞ‍්ගමූලන‍්ති යානි තෙසු තෙසු වත්‍ථූසු සඞ‍්ගස‍්ස සජ‍්ජනාය අනතික‍්කමනාය මූලං හොන‍්ති, අථ වා යස‍්ස අස‍්සු ලුනානි රාගාදීනි බන්‍ධනානි යානි අජ‍්ඣත‍්තං බහිද‍්ධා ච සඞ‍්ගමූලානි හොන‍්ති, සො සබ‍්බස‍්මා සඞ‍්ගානං මූලභූතා සබ‍්බසඞ‍්ගානං වා මූලභූතා බන්‍ධනා පමුත‍්තො “ආජානියො”ති වුච‍්චති, තථත‍්තා තාදි ච හොතීති.

කෙසේ ආජානී නම් වේද? සියළු වැරදි දොස්වලින් තොරව, නොවක්ව, කළයුතු නොකළ යුතු දේ දන්නා අයකු හෝ ඇතකු ආජානීය යැයි ලෝක සම්මතයයි. එහෙත් ඒ සතුන්ගේ දොස් නැතුවාම නොවේ. එහෙත් කෙලෙස් සිඳලූ රහතුන්ගේ ඒ සියළු දොස් නැත. එහෙයින් ආජානීය යැයි හැඳින්වීමද සුදුසු බැවින් යස්ස යන ගාථාවෙන් සිවුවන පැනයට පිළිතුරු පහදා දුන්හ. එහි අරුත නම්, අජ්ඣත්තං බහිද්ධාච තමා හා බාහිරව බැඳුණු (දස) සංයෝජන යස්ස අස්සු ලුතානි ඛන්‍ධනානි තියුණු නුවණ නැමති අවියෙන් සිඳින ලදී. දෙකඩ කරන ලදී. සංගමූලං (කාමය, තණ්හාව ආදිය ඇතිකරන) ඒ ඒ දේවල් කෙරෙහි එකතුවීමෙන්, ඇලීමෙන්, එය ඉවත් නොකරන බැවින් මුල් බැසගෙන සිටී. තමා හා බාහිරවද එසේ මුල්බැසගත් රාගාදී බැඳීම් සියල්ලම කපා දමන ලදුව, බන්‍ධනා පමුත්තො ආජානීයො වුච්චති තථතතා තාදීච හොති

එවං චතුත්‍ථගාථාය වුත‍්තපඤ‍්හෙ විස‍්සජ‍්ජෙත්‍වා පඤ‍්චමගාථාය වුත‍්තපඤ‍්හෙසුපි යස‍්මා යං ඡන්‍දජ‍්ඣෙනමත‍්තෙන අක‍්ඛරචින‍්තකා සොත‍්තියං වණ‍්ණයන‍්ති, වොහාරමත‍්තසොත‍්තියො සො. අරියො පන බාහුසච‍්චෙන නිස‍්සුතපාපතාය ච පරමත්‍ථසොත‍්තියො හොති, තස‍්මා තමත්‍ථං දස‍්සෙන‍්තො “ඉදං පත‍්තින”න‍්ති අවත්‍වා “සුත්‍වා”ති ගාථාය පඨමපඤ‍්හං බ්‍යාකාසි. තස‍්සත්‍ථො – යො ඉමස‍්මිං ලොකෙ සුතමයපඤ‍්ඤාකිච‍්චවසෙන සුත්‍වා කාතබ‍්බකිච‍්චවසෙන වා සුත්‍වා විපස‍්සනූපගං සබ‍්බධම‍්මං අනිච‍්චාදිවසෙන අභිඤ‍්ඤාය සාවජ‍්ජානවජ‍්ජං යදත්‍ථි කිඤ‍්චි, ඉමාය පටිපදාය කිලෙසෙ කිලෙසට‍්ඨානියෙ ච ධම‍්මෙ අභිභවිත්‍වා අභිභූති සඞ‍්ඛං ගතො, තං සුත්‍වා සබ‍්බධම‍්මං අභිඤ‍්ඤාය ලොකෙ සාවජ‍්ජානවජ‍්ජං යදත්‍ථි කිඤ‍්චි, අභිභුං සුතවත‍්තා සොත‍්තියොති ආහු. යස‍්මා ච යො අකථංකථී කිලෙසබන්‍ධනෙහි විමුත‍්තො, රාගාදීහි ඊඝෙහි අනීඝො ච හොති සබ‍්බධි සබ‍්බෙසු ධම‍්මෙසු ඛන්‍ධායතනාදීසු, තස‍්මා තං අකථංකථිං විමුත‍්තං අනීඝං සබ‍්බධි නිස‍්සුතපාපකත‍්තාපි “සොත‍්තියො”ති ආහූති.

මෙසේ සිව්වන ගාථාවෙන් ඇසූ පැනය විසඳා පස්වන ගාථාවෙන් ඇසූ පැනයටද පිළිතුරු දෙති. අකුරු ගැන සිතන්නෝ ඡන්‍දස් ඉගෙනීම පමණකින් (වේදය) ඇසීමෙන් කෙනෙකුගේ උගත් බව අගය කරනු ලබත් ද, ඒ ඇසීමෙන් ලද උගත් බව කතාබහට සීමාවීමක් පමණි. උසස් තැනැත්තා බොහෝ ඇසූ පිරූ තැන් ඇති බැවින්, අයහපත් කටයුතු අත්හැරීමෙන් එම ඇසීමෙහි (අසා දැරීමෙහි) නිසි අගය සපුරයි. ඒ කරුණු දැක්වීමට මෙයට පැමිණිය යුතුයැයි නොකියා සුත්‍වා සබ්බධම්මං යන ගාථාවෙන් පැහැදිලි කළහ. එහි තේරුම නම්, ඒ රහත් උතුමා, මේ ලෝකයෙහි ඇසීමෙන් ලබන නුවණින් කරන කටයුතු ගැන අසා, හෝ කළයුතු කටයුතු ගැන අසා, විදසුන් අනුව සියළු දෙයෙහි අනිස බවද දැන, යම්කිසි වැරදි නිවැරදි දේ ඇත්ද, කෙලෙස් හා කෙලෙස් හටගන්නා තැන්ද මේ පිළිවෙතින් ඉක්මවූයේ යැයි වදාළහ. සුත්‍වා සබ්බධම්මං අභිඤ්ඤා ලොකෙ සාවජ්ජානවජ්ජං යදත්‍ථිකිඤ්චි අභිභූං අසන ලද තැනැත්තා සොත්තියොති ආහු ඒ රහත් උතුමා සියළුම රූපාදී සමූහ පසකින් හා ඇස ආදී ආයතනවලින් හටගැනෙන කෙලෙස් බැඳුම් වලින් මිදී ඒ රාගාදී දුක්වලින්ද ඈත් වූයේය. එහෙයින් අකථංකථිං විමුත්තං අනීඝං සබ්බධී යැයි දක්වා ඇත. අයහපත් කටයුතු අත්හළ බැවින්ද සොත්තියො යැයි හඳුන්වයි.

යස‍්මා පන හිතකාමෙන ජනෙන අරණීයතො අරියො හොති, අභිගමනීයතොති අත්‍ථො. තස‍්මා යෙහි ගුණෙහි සො අරණීයො හොති, තෙ දස‍්සෙන‍්තා “ඡෙත්‍වා”ති ගාථාය දුතියපඤ‍්හං බ්‍යාකාසි. තස‍්සත්‍ථො – චත‍්තාරි ආසවානි ද‍්වෙ ච ආලයානි පඤ‍්ඤාසත්‍ථෙන ඡෙත්‍වා විද‍්වා විඤ‍්ඤූ විභාවී චතුමග‍්ගඤාණී සො පුනබ‍්භවවසෙන න උපෙති ගබ‍්භසෙය්‍යං, කඤ‍්චි යොනිං න උපගච‍්ඡති, කාමාදිභෙදඤ‍්ච සඤ‍්ඤං තිවිධං. කාමගුණසඞ‍්ඛාතඤ‍්ච පඞ‍්කං පනුජ‍්ජ පනුදිත්‍වා තණ‍්හාදිට‍්ඨිකප‍්පානං අඤ‍්ඤතරම‍්පි කප‍්පං න එති, එවං ආසවච‍්ඡෙදාදිගුණසමන‍්නාගතං තමාහු අරියොති. යස‍්මා වා පාපකෙහි ආරකත‍්තා අරියො හොති අනයෙ ච අනිරීයනා, තස‍්මා තම‍්පි අත්‍ථං දස‍්සෙන‍්තො ඉමාය ගාථාය දුතියපඤ‍්හං බ්‍යාකාසි. ආසවාදයො හි පාපකා ධම‍්මා අනයසම‍්මතා, තෙ චානෙන ඡින‍්නා පනුන‍්නා, න ච තෙහි කම‍්පති, ඉච‍්චස‍්ස තෙ ආරකා හොන‍්ති, න ච තෙසු ඉරීයති තස‍්මා ආරකාස‍්ස හොන‍්ති පාපකා ධම‍්මාති ඉමිනාපත්‍ථෙන. අනයෙ න ඉරීයතීති ඉමිනාපත්‍ථෙන තමාහු අරියොති ච එවම‍්පෙත්‍ථ යොජනා වෙදිතබ‍්බා. “විද‍්වා සො න උපෙති ගබ‍්භසෙය්‍ය”න‍්ති ඉදං පන ඉමස‍්මිං අත්‍ථවිකප‍්පෙ ථුතිවචනමෙව හොති.

ජනයා කෙරෙහි හිතකාමීව, සාමකාමීව සිටීමෙන් අරිය නම් වෙයි. පහසුවෙන් ළඟාවිය හැකි, සමීප වියහැකි යන තේරුමයි. ඒ ගුණයෙන් ‘අරණියො’ නම් වෙයි. ජෙත්‍වා ආදී ගාථාවෙන් දෙවන පැනයටද කරුණු පැහැදිළි කළහ. එහි අරුත නම්, සතරාකාර වූ ආසවානි ඒවා ද, ආලයානි නුවණ නැමති අවියෙන සිඳ, විද්වා නුවණැති, සිවුමගින් ද පැණවත් වූ සො නැවත උපතකට න උත්‍පති ගබ්භසෙය්‍යං කිසිදු උපත් මූලයකටද නොපැමිණේ. (කිසිදු ආකාර ඉපදීමක් නොලබයි) සඤ්ඤං තිවිධං කාමාදි ලෙසින් වූ, කාමයෙහි ගති සොබාවය වූ පංකං පණුජ්ජ දුරලා, තණ්හා, දිට්ඨි ආදී කිසිම හැඟීමක් නොගනී. මෙසේ කෙලෙස් සිඳලන ලද ගුණයෙන් යුතු එතුමන්ට තමාහු අරියො (එසේ කියනු ලැබේ.) එසේම පාපයෙන් දුරුවූ බැවින් ද අරිය නම් වේ. අයහපත් වූ, විපත්දායක වූ දෙයෙහි පහත් බවට පත් නොවේ. එබැවින් එම අරුත සඳහන් වන මෙම ගාථාවෙන් දෙවැනි පැනයටද කරුණු පහදා දුන්හ. කාම ආදී ආසව, පාපී වූ, විපත් ගෙන දෙන බව පිළිගැනීමයි. ඒවා රහත් බවින් සිඳ දමන ලදින්, දුරුකරන ලදින්, කිසිදු කම්පවකට පත් නොවේ. එයින් ඈත් වෙයි. ඒවා කෙරෙහි ඉරියව් නොදක්වයි. (නොහැසිරේ.) මේ කරුණු නිසාද අරිය නම් වේයැයි දතයුතුය. නුවණ ලද එබඳු උතුමෙක් නැවත මවුකුසකට නොපැමිණේ. මේ අරුත් සංකල්පනය තුති වචනම - අගැයීම පිණිසම වෙයි.

“කථං චරණවා”ති එත්‍ථ පන යස‍්මා චරණෙහි පත‍්තබ‍්බං පත‍්තො “චරණවා”ති වත‍්තබ‍්බතං අරහති, තස‍්මා තං දස‍්සෙන‍්තො “යො ඉධා”ති ගාථාය තතියපඤ‍්හං බ්‍යාකාසි. තත්‍ථ යො ඉධාති යො ඉමස‍්මිං සාසනෙ. චරණෙසූති සීලාදීසු හෙමවතසුත‍්තෙ (සු· නි· 153 ආදයො) වුත‍්තපන‍්නරසධම‍්මෙසු. නිමිත‍්තත්‍ථෙ භුම‍්මවචනං. පත‍්තිපත‍්තොති පත‍්තබ‍්බං පත‍්තො. යො චරණනිමිත‍්තං චරණහෙතු චරණපච‍්චයා පත‍්තබ‍්බං අරහත‍්තං පත‍්තොති වුත‍්තං හොති. චරණවා සොති සො ඉමාය චරණෙහි පත‍්තබ‍්බපත‍්තියා චරණවා හොතීති. එත‍්තාවතා පඤ‍්හො බ්‍යාකතො හොති, සෙසමස‍්ස ථුතිවචනං. යො හි චරණෙහි පත‍්තිපත‍්තො, සො කුසලො ච හොති ඡෙකො, සබ‍්බදා ච ආජානාති නිබ‍්බානධම‍්මං , නිච‍්චං නිබ‍්බානනින‍්නචිත‍්තතාය සබ‍්බත්‍ථ ච ඛන්‍ධාදීසු න සජ‍්ජති. ද‍්වීහි ච විමුත‍්තීහි විමුත‍්තචිත‍්තො හොති, පටිඝා යස‍්ස න සන‍්තීති.

කෙලෙස් දුරුකිරීමෙහි ලා, යම් ආකාර වූ හැසිරිමකට පැමිණිය යුතු නම්, ඒ කෙසේද? එසේ හැඳින්වීමට කෙසේ සුදුසු වේද? එහෙයින් එම කරුණු දක්වමින් යො ඉධ ගාථාවෙන් තුන්වන පැනයට පිළිතුරු දුන්හ. යො ඉධ මේ සසුනෙහි යම් කෙනෙක්, චරණෙසු හේමවත සූත්‍රයෙහි කියන ලද පරිදි සීලාදී පසළොස් ආකාර වූ, කරුණු දැක්වීමෙහි ආධාර විබත් වචනයි. පත්තිපත්තො පැමිණිය යුතු තැනට පැමිණියේ, යම් තැනැත්තෙකු, හැසිරීම අනුව, හැසිරීම හේතුකොට, හැසිරීම නිසා පැමිණිය යුතු අරහත් බවට පැමිණියේ යැයි කියන ලදී. චරණවා සො ඒ තැනැත්තා විසින් එම හැසිරීම අනුව පැමිණිය යුතු වූ, (තැන ලැබීමට) එම හැසිරිම අනුගමනය කරන ලදී. මෙපමණකින් පැනය විසඳන ලද්දේය. ඉතිරි වචන එහි තුති වචනයි. අගැයීමයි. හැසිරීමෙන් පැමිණිය යුතු තැනට පැමිණි තැනැත්තා කුසලො හැකියාව - සමත්කම ඇත්තෙක්ද වේ. සබ්බදා ච ආජානා නිවණෙහි නිති ගැඹුරු වූ සිතින් හැමවිටම රූපාදී සමූහයෙහි න සජ්ජති දෙආකාර මිදීමෙන් විමුත්තො, තරහ ද න සන්ති

යස‍්මා පන කම‍්මාදීනං පරිබ‍්බාජනෙන පරිබ‍්බාජකො නාම හොති, තස‍්මා තමත්‍ථං දස‍්සෙන‍්තො “දුක‍්ඛවෙපක‍්ක”න‍්ති ගාථාය චතුත්‍ථපඤ‍්හං බ්‍යාකාසි. තත්‍ථ විපාකො එව වෙපක‍්කං, දුක‍්ඛං වෙපක‍්කමස‍්සාති දුක‍්ඛවෙපක‍්කං. පවත‍්තිදුක‍්ඛජනනතො සබ‍්බම‍්පි තෙධාතුකකම‍්මං වුච‍්චති. උද‍්ධන‍්ති අතීතං. අධොති අනාගතං. තිරියං වාපි මජ‍්ඣෙති පච‍්චුප‍්පන‍්නං. තඤ‍්හි න උද‍්ධං න අධො, තිරියං උභින‍්නඤ‍්ච අන‍්තරා, තෙන “මජ‍්ඣෙ”ති වුත‍්තං. පරිබ‍්බාජයිත්‍වාති නික‍්ඛාමෙත්‍වා නිද‍්ධමෙත්‍වා . පරිඤ‍්ඤචාරීති පඤ‍්ඤාය පරිච‍්ඡින්‍දිත්‍වා චරන‍්තො. අයං තාව අපුබ‍්බපදවණ‍්ණනා. අයං පන අධිප‍්පායයොජනා – යො තියද‍්ධපරියාපන‍්නම‍්පි දුක‍්ඛජනකං යදත්‍ථි කිඤ‍්චි කම‍්මං, තං සබ‍්බම‍්පි අරියමග‍්ගෙන තණ‍්හාවිජ‍්ජාසිනෙහෙ සොසෙන‍්තො අපටිසන්‍ධිජනකභාවකරණෙන පරිබ‍්බාජයිත්‍වා තථා පරිබ‍්බාජිතත‍්තා එව ච තං කම‍්මං පරිඤ‍්ඤාය චරණතො පරිඤ‍්ඤචාරී. න කෙවලඤ‍්ච කම‍්මමෙව, මායං මානමථොපි ලොභකොධං ඉමෙපි ධම‍්මෙ පහානපරිඤ‍්ඤාය පරිඤ‍්ඤචාරී, පරියන‍්තමකාසි නාමරූපං, නාමරූපස‍්ස ච පරියන‍්තමකාසි පරිබ‍්බාජෙසි ඉච‍්චෙවත්‍ථො. ඉමෙසං කම‍්මාදීනං පරිබ‍්බාජනෙන තං පරිබ‍්බාජකමාහු. පත‍්තිපත‍්තන‍්ති ඉදං පනස‍්ස ථුතිවචනං.

(තවුස්) පිරිවැජි පිළිවෙතට අදාල කටයුතු කිරිමෙන් පිරිවැජි නම් වේද, එය පෙන්වා දෙමින් දුක්‍ඛවෙපක්කං යන ගාථාවෙන් සිදුවන පැනයට කරුණු පැහැදිළි කළහ. එහි විපාකයම වෙපක්ක නම් වෙයි. දුක් විපාක වේ යැයි දුක්‍ඛ වෙපක්කං, දුක් ගෙනදෙන තුන්කල්හිම පවත්නා කටයුතු මෙහි අදහස් වේ. උද්ධං අතීතයට අයත්, අධො අනාගතයට අයත්, තිරියං වාපි මජ්ඣෙ වත්මනට අයත්, ඒ විපාකය අතීතයටද අනාගතයට ද, වත්මනට ද අදාල නැත. ඒ අතර වූ බැවින් මැද යයි කියනු ලැබේ. පරිබ්බාජයිත්‍වා පිට කරවා, ඉවත් කරවා, පරිඤ්ඤචාරී පිරිසිඳ දැන හැසිරෙන, මේ කලින් සඳහන් නො කරන ලද වචනයි, එහි අදහස මෙයයි. යම් තැනැත්තෙක් තුන්කල්හිම බලපාන දුක් ළඟාකර ගනීද, උපදවා ගනී ද, යදත්‍ථි කිඤ්චි ඒ සියළු කටයුතු ඒ සියල්ල උසස් සිවුසස් මගින්, තණ්හාව, නොදැනීමේ තෙත් බව වියළවාලමින්, නැවත පිළිසිඳ ගැනීමක් ඇති නොවන අයුරු (මතු සසරින්) ඉවත්වන බැවින් ඒ පිළිබඳ මනා දැනුමෙන් හැසිරෙන නිසා පරිඤ්ඤාචාරි වේ. ඒ වූ කලී කරන, කියන කටයුතුවලින් පමණක් නොවේ. මායා මානමථොපි ලොභකොධං මේ කරුණු ද නැතිකිරීම නුවණින් දැන එසේ හැසිරේ. පරියන්තමකාසි නාමරූපං නාමරූපයද අවසාන කළේය. මෙම අදහස පරිබ්බාජෙසි යනුවෙන් කියැවේ. මෙසේ ඒවා ඉවතහළ බැවින්, තං පරිබ්බාජකමාහු, පත්තිපත්තං මේ තුති වදනකි.

එවං පඤ‍්හබ්‍යාකරණෙන තුට‍්ඨස‍්ස පන සභියස‍්ස “යානි ච තීණී”තිආදීසු අභිත්‍ථවනගාථාසු ඔසරණානීති ඔගහණානි තිත්‍ථානි, දිට‍්ඨියොති අත්‍ථො. තානි යස‍්මා සක‍්කායදිට‍්ඨියා සහ බ්‍රහ‍්මජාලෙ වුත‍්තද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතානි ගහෙත්‍වා තෙසට‍්ඨි හොන‍්ති, යස‍්මා ච තානි අඤ‍්ඤතිත්‍ථියසමණානං පවාදභූතානි සත්‍ථානි සිතානි උපදිසිතබ‍්බවසෙන, න උප‍්පත‍්තිවසෙන. උප‍්පත‍්තිවසෙන පන යදෙතං “ඉත්‍ථී පුරිසො”ති සඤ‍්ඤක‍්ඛරං වොහාරනාමං, යා චායං මිච‍්ඡාපරිවිතක‍්කානුස‍්සවාදිවසෙන “එවරූපෙන අත‍්තනා භවිතබ‍්බ”න‍්ති බාලානං විපරීතසඤ‍්ඤා උප‍්පජ‍්ජති, තදුභයනිස‍්සිතානි තෙසං වසෙන උප‍්පජ‍්ජන‍්ති, න අත‍්තපච‍්චක‍්ඛානි. තානි ච භගවා විනෙය්‍ය විනයිත්‍වා ඔඝතමගා ඔඝතමං ඔඝන්‍ධකාරං අගා අතික‍්කන‍්තො. “ඔඝන‍්තමගා”තිපි පාඨො, ඔඝානං අන‍්තං අගා, තස‍්මා ආහ “යානි ච තීණි…පෙ… තමගා”ති.

මෙසේ පැන විසඳීමෙන් සතුටු වූ සභිය ඒ ගැන අගය කොට තුති දැක්වූ ගාථා තුනෙහි ඔසරණනි යන වචනයෙහි තේරුම බසිනා තොටුපලවල්, මෙහි දැඩිව එල්බගත් මත හා හැඟීම් අදහස් වේ. ‘මමය, මගේය යන හැඟීම මෙන්ම, බ්‍රහ්මජාල සූත්‍රයෙහි කියන ලද දෙසැටක් වූ වැරදි මත ද සමඟ ඒවා හැටතුනක් වේ. ඒ වෙනත් මතවාදීන් වූ සමණනං පවාද සිතානි ඔවුන් පෙන්වා දෙන පරිදි, (මිස) උපන් ආකාරයෙන් නොවේ. ඉපදීම අනුව ගැහැණිය - පිරිමියා යැයි. සඤ්ඤක්‍ඛරං හඳුන්වනු ලබන නමයි. වැරදි කල්පනාවෙන් යුතු, පරම්පරාගතව පැවතෙන වහර අනුව, තමන් මෙසේ වියයුතු යැයි නුවණ නැත්තන්ට වෙනස් හැඟීම් හටගනී. ඒවා තණ්හා දිට්ඨි ඇසුරෙන් උපදී. හටගනී. තමන් විසින් නුවණින් මෙනෙහි කිරීමෙන් නොවේ. භාග්‍යවතුන් වහන්සේ ඒවා ද විනෙය්‍ය දුරුකොට, ඔඝතමගා තද සැඩපහර, සැඩ පහර නැමති අඳුර ඉක්මවා ගියහ. ඔකන්තමගා යනුද පාඨයකි. (තමා ද දැන්) සැඩපහරවල් ඉක්මවා කෙළවරට ගියේය. එබැවින් යානි ච තීණි.... තමගා යැයි කීය.

තතො පරං වට‍්ටදුක‍්ඛස‍්ස අන‍්තං පාරඤ‍්ච නිබ‍්බානං තප‍්පත‍්තියා දුක‍්ඛාභාවතො තප‍්පටිපක‍්ඛතො ච තං සන්‍ධායාහ, “අන‍්තගූසි පාරගූ දුක‍්ඛස‍්සා”ති. අථ වා පාරගූ භගවා නිබ‍්බානං ගතත‍්තා, තං ආලපන‍්තො ආහ, “පාරගූ අන‍්තගූසි දුක‍්ඛස‍්සා”ති අයමෙත්‍ථ සම‍්බන්‍ධො. සම‍්මා ච බුද‍්ධො සාමඤ‍්ච බුද‍්ධොති සම‍්මාසම‍්බුද‍්ධො. තං මඤ‍්ඤෙති තමෙව මඤ‍්ඤාමි, න අඤ‍්ඤන‍්ති අච‍්චාදරෙන භණති. ජුතිමාති පරෙසම‍්පි අන්‍ධකාරවිධමනෙන ජුතිසම‍්පන‍්නො. මුතිමාති අපරප‍්පච‍්චයඤෙය්‍යඤාණසමත්‍ථාය මුතියා පඤ‍්ඤාය සම‍්පන‍්නො. පහූතපඤ‍්ඤොති අනන‍්තපඤ‍්ඤො. ඉධ සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණමධිප‍්පෙතං. දුක‍්ඛස‍්සන‍්තකරාති ආමන‍්තෙන‍්තො ආහ. අතාරෙසි මන‍්ති කඞ‍්ඛාතො මං තාරෙසි.

ඊට පසු සසර දුකෙහි කෙළවර (එයින්) එතර වූ නිවන හා නිවනට පැමිණීමෙන් දුක් නොමැති බවද සළකා, අන්තගුසි පාරගු දුක්‍ඛස්ස යැයි කීය. නැතහොත් නිවනට ගිය බැවින් භාග්‍යවතුන් වහන්සේ ‘පාරගු’ නම් වෙති. උන්වහන්සේ අමතන අයුරු, පාරගු, අන්තගුසී දුක්‍ඛස්ස යැයි එහි සම්බන්ධතාවයි. මැනවින් අවබෝධ කළ, තමන් විසින්ම අවබෝධ කරන ලද හෙයින් සම්මා සම්බුද්ධො, තං තං මඤ්ඤෙ ඒ ඒ කරුණු ගැන දනිමි. වෙනත් කෙනෙක් (අන් සමයවාදීන්) නොදනිතැයි ඉමහත් ආදර බුහුමනින් කියයි. ජුතිමා අනුන්ගේද (මෝහ) අඳුර දුරුකිරීමෙන් ආලෝකමත් වූ, ජුතිමා පෙර පසු ලෙසින් (අතීත, අනාගත) දන්නා නුවණැති, පහූත පඤ්ඤො කෙළවරක් කිව නොහැකි නුවණින් යුතු, මෙහි සියළු දෙයම දන්නා නුවණ අදහස් වේ. දුක්‍ඛන්තස්සකර යැයි අමතන අයුරුයි. අතාරෙසි මං දෙගිඩියාවෙන්, සැකයෙන් මා එතර කළ සේක.

යං මෙතිආදිගාථාය නමක‍්කාරකරණං භණති. තත්‍ථ කඞ‍්ඛිත‍්තන‍්ති වීසතිපඤ‍්හනිස‍්සිතං අත්‍ථං සන්‍ධායාහ. සො හි තෙන කඞ‍්ඛිතො අහොසි. මොනපථෙසූති ඤාණපථෙසු. විනළීකතාති විගතනළා කතා, උච‍්ඡින‍්නාති වුත‍්තං හොති. නාග නාගස‍්සාති එකං ආමන‍්තනවචනං, එකස‍්ස “භාසතො අනුමොදන‍්තී”ති ඉමිනා සම‍්බන්‍ධො. “ධම‍්මදෙසන”න‍්ති පාඨසෙසො. සබ‍්බෙ දෙවාති ආකාසට‍්ඨා ච භූමට‍්ඨා ච. නාරදපබ‍්බතාති තෙපි කිර ද‍්වෙ දෙවගණා පඤ‍්ඤවන‍්තො, තෙපි අනුමොදන‍්තීති සබ‍්බං පසාදෙන ච නමක‍්කාරකරණං භණති .

යම්මෙ යන අඩ ගාථාව නැමදීම පිණිස කියයි. කංඛිත පැන විස්සක අරුත් සඳහා කීය. ඒ කරුණු සභියට සැක සහිත විය. මොන පථෙසු නුවණ මාවත්, විනලීකතා වනසන ලදී. උදුරන ලදැයි කියන ලදී. නාග නාගස්ස එහි එක් වදනක් ඇමතීම සඳහාය. එක් වචනයක් (වෙසක් වදනක් ලෙස) හඳුන්වන පරිදිය. අනුමොදන්ති මෙම වචනයෙන් සම්බන්ධ වේ. ධම්ම දෙසනං යැයි ඉතිරි පාඨයක් ද ඇත. සබ්බෙදෙවා අහසෙහි ද පොළවෙහිද (වසන) නාරද පබ්බතා මොව්හූ දෙව් පිරිස් දෙකොටසක නැණවත්හු වෙති. ඒ දෙවිවරුද අනුමොදන්ති, හැම දෙයටම පැහැදී (තමාට) හැඟෙන පරිදි කියයි.

අනුමොදනාරහං බ්‍යාකරණසම‍්පදං සුත්‍වා “නමො තෙ”ති අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා ආහ. පුරිසාජඤ‍්ඤාති පුරිසෙසු ජාතිසම‍්පන‍්නං. පටිපුග‍්ගලොති පටිභාගො පුග‍්ගලො තුවං බුද‍්ධො චතුසච‍්චපටිවෙධෙන, සත්‍ථා අනුසාසනියා සත්‍ථවාහතාය ච, මාරාභිභූ චතුමාරාභිභවෙන, මුනි බුද‍්ධමුනි. උපධීති ඛන්‍ධකිලෙසකාමගුණාභිසඞ‍්ඛාරභෙදා චත‍්තාරො. වග‍්ගූති අභිරූපං. පුඤ‍්ඤෙ චාති ලොකියෙ න ලිම‍්පසි තෙසං අකරණෙන, පුබ‍්බෙ කතානම‍්පි වා ආයතිං ඵලූපභොගාභාවෙන. තංනිමිත‍්තෙන වා තණ‍්හාදිට‍්ඨිලෙපෙන. වන්‍දති සත්‍ථුනොති එවං භණන‍්තො ගොප‍්ඵකෙසු පරිග‍්ගහෙත්‍වා පඤ‍්චපතිට‍්ඨිතං වන්‍දි.

පිළිගැනීමට, (නොදත් කරුණු දැනගැනීමෙන්) සතුටුවීමට සුදුසු වූ පැහැදිලිව පැන විසඳූ නියාව අසා නමො තෙ අත් මුදුන් තබා, පුරිසාජඤ්ඤ මිනිසුන් අතර උසස් කෙනෙකැයි කීය. පටිපුග්ගලො සමාන තැනැත්තෙක්, තුවං බුද්ධො සිවුසස් අවබෝධයෙන්, සත්‍ථා අනුසාසනාවෙන්, මගපෙන්වන නායකයකු මෙන්, මාරාභිභූ සිවුමරුන් මැඩ පැවැත්මෙන්, මුනි බුදුනම් මුනිවරයා උපධී රූපාදී සමූහ පහ, කෙලෙස්, කාම හා (කම්ම) එක්රැස් කිරිම් ලෙස සතරාකාරය. වග්ගු ඉතා රූමත්, පුඤ්ඤෙ ව ලෝකය තුළ නොඇලෙයි. අරමුණු ගැනීම ආදිය නොකරන හෙයින්, කලින් කරන ලද හෝ නැවත මතු යම් දෙයක් බලාපොරොත්තුවෙන් හෝ ඒවා මුල් කරගෙන හෝ ඇතිවන දැඩි ආසාව හා දැඩි හැඟීම් නැමති ආලේප, වන්‍දති සත්‍ථුනො මෙසේ කියමින් දෙපා වළලුකර (ගොප්මස) වැළඳගෙන පසඟ පිහිටුවා වැන්දේය.

අඤ‍්ඤතිත්‍ථියපුබ‍්බොති අඤ‍්ඤතිත්‍ථියො එව. ආකඞ‍්ඛතීති ඉච‍්ඡති. ආරද‍්ධචිත‍්තාති අභිරාධිතචිත‍්තා. අපිච මෙත්‍ථ පුග‍්ගලවෙමත‍්තතා විදිතාති අපිච මයා එත්‍ථ අඤ‍්ඤතිත්‍ථියානං පරිවාසෙ පුග‍්ගලනානත‍්තං විදිතං, න සබ‍්බෙනෙව පරිවසිතබ‍්බන‍්ති. කෙන පන න පරිවසිතබ‍්බං? අග‍්ගියෙහි ජටිලෙහි, සාකියෙන ජාතියා, ලිඞ‍්ගං විජහිත්‍වා ආගතෙන. අවිජහිත්‍වා ආගතොපි ච යො මග‍්ගඵලපටිලාභාය හෙතුසම‍්පන‍්නො හොති, තාදිසොව සභියො පරිබ‍්බාජකො. තස‍්මා භගවා “තව පන, සභිය, තිත්‍ථියවත‍්තපූරණත්‍ථාය පරිවාසකාරණං නත්‍ථි, අත්‍ථත්‍ථිකො ත්‍වං ‘මග‍්ගඵලපටිලාභාය හෙතුසම‍්පන‍්නො’ති විදිතමෙතං මයා”ති තස‍්ස පබ‍්බජ‍්ජං අනුජානන‍්තො ආහ – “අපිච මෙත්‍ථ පුග‍්ගලවෙමත‍්තතා විදිතා”ති. සභියො පන අත‍්තනො ආදරං දස‍්සෙන‍්තො ආහ “සචෙ භන‍්තෙ”ති. තං සබ‍්බං අඤ‍්ඤඤ‍්ච තථාරූපං උත‍්තානත්‍ථත‍්තා පුබ‍්බෙ වුත‍්තනයත‍්තා ච ඉධ න වණ‍්ණිතං, යතො පුබ‍්බෙ වණ‍්ණිතානුසාරෙන වෙදිතබ‍්බන‍්ති.

අඤ්ඤතිත්‍ථිය පුබ්බො වෙනත් සමයවාදීන් ආගමික මතවාදීන්, ආකංඛති කැමති වෙයි. ආරද්ධ චිත්තා සතුටු සිත් ඇති, අපි ච මෙත්‍ථ පුග්ගල වෙමත්තතා විදිතා එහෙත් වෙනත් ආගමික මතවාදීන් වෙනුවෙන් පරිවාස හෙවත් පිරික්සුම් කාලය පිළිබඳ පුද්ගල වෙනස අනුදන්නා ලදී. ඒ හැමදෙනාම පරිවාසයට අයත් නොවෙති. පරිවාසය නොලබන්නේ කවුරුන් විසින්ද? ගිනි පුදන ජටිලයන්, සැකිකුල උපත ලැබූවන්, කලින් අනුගමනය කළ සමණ පිළිවෙත හැර දමා පැමිණෙන්නන්, මෙන්ම එසේ කලින් සිටි බාහිර මහණ වෙස අත් නොහළද සෝවාන් ආදී මගපල ලැබීමට හේතු සම්පත් ඇත්තන් (පරිවාසය නොලබනු ඇත.) සභිය පිරිවැජි එවන් හේතු සම්පත් ඇත්තෙකි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ, ‘සභිය, ඔබ වෙනත් මහණ පිළිවෙතක් පිරුවද, පරිවාසය අවැසි නොවේ. මගපල ලබනු පිණිස ඔබට හේතු සම්පත් ඇතැයි මා විසින් දැනගන්නා ලදැයි (තථාගත සාසනයෙහි) ඔහුගේ පැවිද්ද අනුදැන වදාරා, ‘එසේ වුවත් මෙහිදී පැවිදි බව ලබන පුද්ගලයා අනුව වෙනසක් ඇතැයි’ ද කීය. ‘එසේ නම් හිමියනි’, යැයි සභිය තම ආදරය පළකරමින් පැවසීය. ඒ සියල්ල මෙබඳු වූම වෙනත් තැන්හි පැහැදිලි කර ඇති බැවින් ද පෙර සඳහන් කරන ලද. බැවින්ද මෙහි විස්තර නොකරන ලදී. එහෙයින් පෙර සඳහන් වූ විස්තර අනුව දතයුතුය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය සභියසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සභිය සූත්‍ර විස්තරය නිමි.