5. මාඝසුත්තවණ්ණනා අට්ඨකථා
5. මාඝසුත්තවණ්ණනා
5. මාඝ සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති මාඝසුත්තං. කා උප්පත්ති? අයමෙව යාස්ස නිදානෙ වුත්තා. අයඤ්හි මාඝො මාණවො දායකො අහොසි දානපති. තස්සෙතදහොසි – “සම්පත්තකපණද්ධිකාදීනං දානං දින්නං මහප්ඵලං හොති, උදාහු නොති සමණං ගොතමං එතමත්ථං පුච්ඡිස්සාමි, සමණො කිර ගොතමො අතීතානාගතපච්චුප්පන්නං ජානාතී”ති. සො භගවන්තං උපසඞ්කමිත්වා පුච්ඡි. භගවා චස්ස පුච්ඡානුරූපං බ්යාකාසි. තයිදං සඞ්ගීතිකාරානං බ්රාහ්මණස්ස භගවතොති තිණ්ණම්පි වචනං සමොධානෙත්වා “මාඝසුත්ත”න්ති වුච්චති.
එවං මෙ සුතං යනු මාඝ සූත්‍රයයි. ඊට හේතු වූ කරුණු සූත්‍රයෙහිම සඳහන් වේ. මාඝ නම් තරුණයා දීමෙහි සිත් ඇති, - දානයටම යොමු වූවෙකි. ‘පැමිණි දුගී මගී ආදීනට දුන් දෙය මහත් පල ලැබේද, නොලැබේදැයි ගෝතම මහණුන්ගෙන් විචාරන්නෙමි. ගෝතම සමණ අතීත-අනාගත-වත්මන ගැන දනී’ යැයි ඔහුට සිතුණි. ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ එය ඇසීය. විමසූ පරිදි කරුණු පැහැදිළි කළහ. සංගායනාවට සහභාගී වූ හිමිවරුන්ගේද (මාඝ) බමුණාගේද භාග්‍යවතුන් වහන්සේගේද කරුණු (වචන) ගළපා මාඝ සූත්‍රය යැයි කියනු ලැබේ.
තත්ථ රාජගහෙති එවංනාමකෙ නගරෙ. තඤ්හි මන්ධාතුමහාගොවින්දාදීහි පරිග්ගහිතත්තා “රාජගහ”න්ති වුච්චති. අඤ්ඤෙපෙත්ථ පකාරෙ වණ්ණයන්ති. කිං තෙහි, නාමමෙතං තස්ස නගරස්ස? තං පනෙතං බුද්ධකාලෙ ච චක්කවත්තිකාලෙ ච නගරං හොති, සෙසකාලෙ සුඤ්ඤං හොති යක්ඛපරිග්ගහිතං, තෙසං වසන්තවනං හුත්වා තිට්ඨති. එවං ගොචරගාමං දස්සෙත්වා නිවාසට්ඨානමාහ – “ගිජ්ඣකූටෙ පබ්බතෙ”ති. සො ච ගිජ්ඣා තස්ස කූටෙසු වසිංසු, ගිජ්ඣසදිසානි වාස්ස කූටානි, තස්මා “ගිජ්ඣකූටො”ති වුච්චතීති වෙදිතබ්බො.
රාජගහෙ යනු එම නම ඇති නගරයයි. එම නගරය මන්ධාතු, මහාගෝවින්ද ආදී රජවරුන් විසින් රැකවල් කරන ලද බැවින් ‘රජගහ’ යැයි කියනු ලැබේ. ඒ කෙසේද? එය එම නගරයේ නමයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත්, සක්විති රජු කාලයේදීත් නගරයක්ව පැවතුණි. අනෙක් කාලයෙහි පාළු - හිස් බවට පත්වෙයි. යකුන් අරක්ගනු ලබයි. ඔවුන් වාසය කරන තැනක් බවට ද පත්වෙයි. මෙසේ ගොදුරු ගම දක්වා, ගිජ්ඣකුට පබ්බතෙ යැයි (බුදුරජාණන් වහන්සේ) වසන තැන සඳහන් වෙයි. ඒ පව්ව මුදුන්හි ගිජුලිහිණි වාසය කළහ. ලිහිණියන් හා සමාන මුදුන් පිහිටි බැවින් ගිජ්ඣකූට යයි හඳුන්වන බව දතයුතුය.
අථ ඛො…පෙ… අවොචාති එත්ථ මාඝොති තස්ස බ්රාහ්මණස්ස නාමං. මාණවොති අන්තෙවාසිවාසං අනතීතභාවෙන වුච්චති, ජාතියා පන මහල්ලකො. “පුබ්බාචිණ්ණවසෙනා”ති එකෙ පිඞ්ගියො මාණවො විය. සො හි වීසවස්සසතිකොපි පුබ්බාචිණ්ණවසෙන “පිඞ්ගියො මාණවො” ත්වෙව සඞ්ඛං අගමාසි. සෙසං වුත්තනයමෙව.
අථ ඛො..........අවොච, මෙහි මාඝො යනු ඒ බමුණාගේ නමයි. මාණවො අතවැසිව වසන වත්මන් කාලය සළකා කියනු ලබයි. උපතින් මහළුය. ඇතැම් කෙනෙක් පෙර පුරුද්දට අනුව පිංගිය මාණවක වැනි යයි කියති. හෙතෙමේ ද වසර එකසිය විස්සක් පුරාම පිංගිය මාණවක නමින්ම ව්‍යවහාරයට පත්විය. ඉතිරි කරුණු කලින් දක්වා ඇති පරිදිය.
අහඤ්හි , භො ගොතම…පෙ… පසවාමීති එත්ථ දායකො දානපතීති දායකො චෙව දානපති ච. යො හි අඤ්ඤස්ස සන්තකං තෙනාණත්තො දෙති, සොපි දායකො හොති, තස්මිං පන දානෙ ඉස්සරියාභාවතො න දානපති. අයං පන අත්තනො සන්තකංයෙව දෙති. තෙනාහ – “අහඤ්හි, භො ගොතම , දායකො දානපතී”ති. අයමෙව හි එත්ථ අත්ථො, අඤ්ඤත්ර පන අන්තරන්තරා මච්ඡෙරෙන අභිභුය්යමානො දායකො අනභිභූතො දානපතීතිආදිනාපි නයෙන වත්තුං වට්ටති. වදඤ්ඤූති යාචකානං වචනං ජානාමි වුත්තමත්තෙයෙව “අයමිදමරහති අයමිද”න්ති පුරිසවිසෙසාවධාරණෙන බහූපකාරභාවගහණෙන වා. යාචයොගොති යාචිතුං යුත්තො. යො හි යාචකෙ දිස්වාව භකුටිං කත්වා ඵරුසවචනාදීනි භණති, සො න යාචයොගො හොති. අහං පන න තාදිසොති දීපෙති. ධම්මෙනාති අදින්නාදානනිකතිවඤ්චනාදීනි වජ්ජෙත්වා භික්ඛාචරියාය, යාචනායාති අත්ථො. යාචනා හි බ්රාහ්මණානං භොගපරියෙසනෙ ධම්මො, යාචමානානඤ්ච නෙසං පරෙහි අනුග්ගහකාමෙහි දින්නා භොගා ධම්මලද්ධා නාම ධම්මාධිගතා ච හොන්ති, සො ච තථා පරියෙසිත්වා ලභි. තෙනාහ – “ධම්මෙන භොගෙ පරියෙසාමි…පෙ… ධම්මාධිගතෙහී”ති. භිය්යොපි දදාමීති තතො උත්තරිපි දදාමි, පමාණං නත්ථි, එත්ථ ලද්ධභොගප්පමාණෙන දදාමීති දස්සෙති.
අහං හි භො -පෙ- පසවාමි යැයි පැවසීමේදී දායකො දානපති (ලෙසද සඳහන්ව ඇත.) දායකයාද දානපතියාද එයින් අදහස් වේ. දෙන තැනැත්තෙක් ද ඒ දෙන දේ නොමැලිව දෙන අයෙක්ද වේ. තමන්ට අයත් දේ තමා විසින් අනුන්ට දෙයි ද ඔහු දායකයා වේ. දීමෙන් සම්පත් නැතිවේයැයි (සිතන්නේ නම්) මනාව දෙන තැනැත්තකු හෙවත් දානපතියකු නොවේ. මාඝ තමාට අයිති දෙයම නිවැරදිව දෙන බැවින් අහං හි භො ගොතම දායකො දානපති යැයි කීය. මේ එහි තේරුමයි. මේ හැර, නිරතුරුවම මසුරුබව යටපත් කරමින්, දෙන තැනැත්තාට දායක දානපති යැයි කීම සුදුසුය. වදඤ්ඤූ ඉල්ලා සිටි පමණින්ම, ‘මේ දෙය මොහුට සුදුසුය, මෙය මොහුට දෙමි’යි ඒ ඒ තැනැත්තන් කෙරෙහි සැළකිලිමත් වෙමින්, එය ඔහුට උපකාර වේයැයි සිතා හෝ, ඒ (හිඟන්නාගේ) ඉල්ලා සිටින තැනැත්තාගේ අදහස දනිමි’ (මෙයින් අදහස් වේ) යාචයොගො ඉල්ලීමට සුදුසුය. යාචකයෙකු දැක, බැමි හකුළුවා, නපුරු වචන කියන තැනැත්තාගෙන් ඉල්ලීම නුසුදුසුය. මම එබඳු කෙනෙකු නොවෙමි’යි දක්වයි. ධම්මෙන නුදුන් දේ ගැනීම, වංක හා කපටි ගතිය හැරදමා, ආහාර ලබාගැනීම පිණිස ඉල්ලීමයි. ඉල්ලීම නම්, බමුණන්ට සම්පත් සොයාගැනීමට කරන දෙයකි. එසේ ඉල්ලා සිටින ඔවුන්ට, අනුන් හට උපකාරයක් කරනු කැමති සේ දෙන ලද දෙය භොගා ධම්මලද්ධා ලෙසද, ධම්මාධිගතා යයි ද දක්වති. ඔහු ද එසේ සොයා ලබාගත්තේය. එහෙයින් ධම්මෙන භොගෙ පරියෙසාමි....ධම්මාධිගතෙහි යැයි කීය. භීයොපි දදාමි ඊටත් වැඩියෙන් දෙමි. මෙතෙකැයි කිව නොහේ. ලැබුණු ලැබුණු සම්පත් පමණ නොකොට දෙමියි දක්වයි.
තග්ඝාති එකංසවචනෙ නිපාතො. එකංසෙනෙව හි සබ්බබුද්ධපච්චෙකබුද්ධසාවකෙහි පසත්ථං දානං අන්තමසො තිරච්ඡානගතානම්පි දීයමානං. වුත්තඤ්චෙතං “සබ්බත්ථ වණ්ණිතං දානං, න දානං ගරහිතං ක්වචී”ති. තස්මා භගවාපි එකංසෙනෙව තං පසංසන්තො ආහ – “තග්ඝ ත්වං මාණව…පෙ… පසවසී”ති. සෙසං උත්තානත්ථමෙව. එවං භගවතා “බහුං සො පුඤ්ඤං පසවතී”ති වුත්තෙපි දක්ඛිණෙය්යතො දක්ඛිණාවිසුද්ධිං සොතුකාමො බ්රාහ්මණො උත්තරි භගවන්තං පුච්ඡි. තෙනාහු සඞ්ගීතිකාරා – “අථ ඛො මාඝො මාණවො භගවන්තං ගාථාය අජ්ඣභාසී”ති. තං අත්ථතො වුත්තනයමෙව.
තග්ඝ ඒකාන්තයෙන් යන අදහස ඇති නිපාතයකි. ඇත්තෙන්ම, සියළු බුදු පසේබුදු මහරහත් සව්වන් කෙරෙහි දෙන දානය මෙන්ම යටත් පිරිසෙයින් සතෙකුට දෙනු ලබන දානයද පසස්නා ලදී. ‘දානය කිසිකලෙකත් නින්දා කටයුතු නොවේ. හැමතැන්හිදීම අගය කරන ලදැයි’ මෙසේද කියන ලද්දේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේද එය ඒකාන්තයෙන්ම පසසමින් තග්ඝ ත්වං මාණව- පෙ- පසවස යැයි වදාළහ. ඊට අදාළ වචන පැහැදිලිය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ, ‘දෙන තැනැත්තා බොහෝ පින් රැස්කර ගනිති’යි පසවති වදාළ කල්හි දීමෙන් ලබන පිරිසිදු බව අසනු කැමතිව තවදුරටත් කරුණු විචාළේය. එහෙයින් සංගායනාවට සහභාගි වූ හිමිවරු අථ ඛො මාඝො මාණවො භගවන්තං ගාථාය අජඣභාසි යනුවෙන් කීහ. එහි අදහස කලින් දක්වා ඇති පරිදිය.
පුච්ඡාමහන්තිආදිගාථාසු පන වදඤ්ඤුන්ති වචනවිදුං, සබ්බාකාරෙන සත්තානං වුත්තවචනාධිප්පායඤ්ඤුන්ති වුත්තං හොති. සුජ්ඣෙති දක්ඛිණෙය්යවසෙන සුද්ධං මහප්ඵලං භවෙය්ය. යොජනා පනෙත්ථ – යො යාචයොගො දානපති ගහට්ඨො පුඤ්ඤත්ථිකො හුත්වා පරෙසං අන්නපානං දදං යජති, න අග්ගිම්හි ආහුතිමත්තං පක්ඛිපන්තො, තඤ්ච ඛො පුඤ්ඤපෙක්ඛොව න පච්චුපකාරකල්යාණකිත්තිසද්දාදිඅපෙක්ඛො, තස්ස එවරූපස්ස යජමානස්ස හුතං කථං සුජ්ඣෙය්යාති?
පුච්ඡාමහං යන ගාථාවෙහි වදඤ්ඤූ වචන ගැන දන්නා වූ, පුද්ගලයන් නොයෙක් ලෙසින් කියනු ලබන වචනවල අරුත් ගැන දන්නා, අවබෝධයෙන් යුතු අදහසයි. සුජ්ඣෙ දෙනු ලබන සුදුසු දෙයින් යහපතක් උදාවේනම්, යො යාචයොගො දානපති ගහට්ඨො පුඤ්ඤත්ථිකො මෙහි අදහස් වන්නේ පින් කැමති ගැහැවියෙකුව, පරෙසං අන්නපානං දදං යජති පූජාවට සුදුසු දේවල් ගින්නෙහි දැමීමෙන් නොවේ. පුඤ්ඤපෙඛොව එයද කරන ලද උපකාරයට පෙරළා උදව් හෝ යහපත් කිතුරාවයක් බලාපොරොත්තු නොවී, මෙසේ මෙබඳු අදහස් ඇති කෙනෙකුගේ, යජමානස්ස හුතං කථං සුජ්ඣෙය්ය,
ආරාධයෙ දක්ඛිණෙය්යෙභි තාදීති තාදිසො යාචයොගො දක්ඛිණෙය්යෙහි ආරාධයෙ සම්පාදයෙ සොධයෙ, මහප්ඵලං තං හුතං කරෙය්ය, න අඤ්ඤථාති අත්ථො. ඉමිනාස්ස “කථං හුතං යජමානස්ස සුජ්ඣෙ” ඉච්චෙතං බ්යාකතං හොති.
ආරාධයෙ දක්ඛිණෙය්යෙහි තාදී ඒ ඉල්ලීම පරිදි, දෙනු ලබන තැනැත්තා විසින් දීමට සුදුසු දෙයකින් සතුටු කරන්නේය, (එයින්) සකස් කරන්නේ ය, පිරිසිදු අදහසින් සිදු කරන්නේ ය. එම පූජා කරන ලද හෝ දෙන ලද දේ මහත් පල උදා කරන්නේ ය. වෙනසක් නොවේ යන අදහසයි. පිදූ දෙයින් කෙසේ පිරිසිදු වේදැයි යාග කරන ඔහුට මෙයින් පහදා දෙන ලදී.
අක්ඛාහි මෙ භගවා දක්ඛිණෙය්යෙති එත්ථ යො යාචයොගො දදං පරෙසං යජති, තස්ස මෙ භගවා දක්ඛිණෙය්යෙ අක්ඛාහීති එවං යොජනා වෙදිතබ්බා.
[missing trans]
අථස්ස භගවා නානප්පකාරෙහි නයෙහි දක්ඛිණෙය්යෙ පකාසෙන්තො “යෙ වෙ අසත්තා”තිආදිකා ගාථායො අභාසි. තත්ථ අසත්තාති රාගාදිසඞ්ගවසෙන අලග්ගා. කෙවලිනොති පරිනිට්ඨිතකිච්චා. යතත්තාති ගුත්තචිත්තා.
අනතුරුව භාග්‍යවතුන් වහන්සේ, දීමට සුදුසු වන සැටි නොයෙක් ආකාරයෙන් යෙ වෙ අසත්තා ආදී ගාථාවලින් පෙන්වා දුන්හ. අසත්තා රාග ආදී ඇලීමෙන්, එක්ව වෙලීගිය, කෙවලිනො (සසර) කටයුතු නිමකරන ලද, යතත්තා රැකගත් සිත් ඇත්තෝ,
දන්තා අනුත්තරෙන දමථෙන, විමුත්තා පඤ්ඤාචෙතොවිමුත්තීහි, අනීඝා ආයතිං වට්ටදුක්ඛාභාවෙන, නිරාසා සම්පති කිලෙසාභාවෙන. ඉමිස්සා පන ගාථාය දුතියගාථා භාවනානුභාවප්පකාසනනයෙන වුත්තාති වෙදිතබ්බා. “භාවනානුයොගමනුයුත්තස්ස, භික්ඛවෙ, භික්ඛුනො විහරතො කිඤ්චාපි න එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය ‘අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චෙය්යා’ති (අ· නි· 7.71), අථ ඛ්වාස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චතී”ති ඉදං චෙත්ථ සුත්තං සාධකං.
දන්තා උතුම් දැමුණු බැවින්, විමුත්තා තියුණු නුවණ මෙහෙයා සිතිවිලිවලින් මිදුණු, අනීඝා නැවත සසර දුක් ඇති නොවන, නිරාසා කෙලෙස් එක්රැස් නොවන, මෙම ගාථාවල දෙවැන්න භාවනාවෙහි බලය දැක්වීමේ අදහසින් කියන ලදැයි දතයුතුය. ‘මහණෙනි, භාවනාවෙහි යෙදෙන මහණහට “අහා! මගේ සිත, නැවත හටනොගන්නා සේ, කෙලෙසුන්ගෙන් මිදෙන්නේ ය.’ යන මෙබඳු කැමැත්තක් ඇති නොවූවත්, ඒ මහණගේ සිත නැවත කෙලෙස් හට නොගන්නා සේ, කෙලෙස්වලින් මිදෙන්නේය” යන මෙම සුත්තාගත කරුණ නිදසුන්ය.
රාගඤ්ච…පෙ… යෙසු න මායා…පෙ… න තණ්හාසු උපාතිපන්නාති කාමතණ්හාදීසු නාධිමුත්තා. විතරෙය්යාති විතරිත්වා. තණ්හාති රූපතණ්හාදිඡබ්බිධා . භවාභවායාති සස්සතාය වා උච්ඡෙදාය වා. අථ වා භවස්ස අභවාය භවාභවාය, පුනබ්භවාභිනිබ්බත්තියාති වුත්තං හොති. ඉධ වා හුරං වාති ඉදං පන “කුහිඤ්චි ලොකෙ”ති ඉමස්ස විත්ථාරවචනං.
රාගඤ්ච.......යෙසු න මායා.....න තණ්හාසු උපාතිපන්නා කාමතණ්හා ආදියෙහි නොගිලුනු, විතරෙය්ය එතර වී, තණ්හා රූප තණ්හා ආදී ලෙසින් සය ආකාරය. භවාභවාය සදාකාලික හෝ වැනසෙන හෝ, නැතහොත් ඉපදුන තවත් උපදිනා තැනක් නැති, ඉපදීමට තැනක් නැති, ඉපදීමට සුදුසු තැනක නැවත උපදින්නේ නැති බව කියන ලදී. ඉධ වා හුරං වා මේ ලෝකයෙහි කොතැනක හෝ යන්න මෙහි විස්තර කරන වචනයයි.
යෙ වීතරාගා…පෙ… සමිතාවිනොති සමිතවන්තො, කිලෙසවූපසමකාරිනොති අත්ථො. සමිතාවිතත්තා ච වීතරාගා අකොපා. ඉධ විප්පහායාති ඉධලොකෙ වත්තමානෙ ඛන්ධෙ විහාය, තතො පරං යෙසං ගමනං නත්ථීති වුත්තං හොති. ඉතො පරං “යෙ කාමෙ හිත්වා අගහා චරන්ති, සුසඤ්ඤතත්තා තසරංව උජ්ජු”න්ති ඉමම්පි ගාථං කෙචි පඨන්ති.
යෙ වීතරාගා........සමිතාවිනො කෙලෙස් සන්සිඳුවන ලද තේරුමයි. වීතරාගා අකොපා, ඉධ විප්පහායා මෙලොවෙහි දැන් පවත්නා සිරුර හැර, එයින් පසු (සසර) ගමන නැතැයි කියන ලදී. මින්පසු. යෙ කාමෙ හිත්වා අගිහා චරන්ති සුසංවුතත්තා තසරං ව උජ්ජූ මේ ගාථාව ඇතමෙක් කියවති.
ජහිත්වාති හිත්වා. “ජහිත්වානා”තිපි පාඨො, අයමෙවත්ථො. අත්තදීපාති අත්තනො ගුණෙ එව අත්තනො දීපං කත්වා විචරන්තා ඛීණාසවා වුච්චන්ති. යෙ හෙත්ථාති හකාරො නිපාතො පදපූරණමත්තෙ. අයං පනත්ථො – යෙ එත්ථ ඛන්ධායතනාදිසන්තානෙ යථා ඉදං ඛන්ධායතනාදි තථා ජානන්ති, යංසභාවං තංසභාවංයෙව සඤ්ජානන්ති අනිච්චාදිවසෙන ජානන්තා. අයමන්තිමා නත්ථි පුනබ්භවොති අයං නො අන්තිමා ජාති, ඉදානි නත්ථි පුනබ්භවොති එවඤ්ච යෙ ජානන්තීති.
ඡහිත්වා හැර, ජහෙත්වා යයි ද පාඨයකි. මෙම තේරුමම ය. අත්තදීපා තම ගුණයම තමන්ට පහනක් කොට හැසිරෙන, කෙලෙස් නැතිකළ උතුමන් ගැන කියනු ලබයි. යෙ හෙත්ථ ‘හ’ අකුර පදය පිරවීමට යෙදු නිපාතයකි. තේරුම මෙයයි. යෙ එත්ථ රූප ආදී සමූහ හා ඇස් ආදී ආයතන හෙවත් සිරුර පිළිබඳව, යථා ඉදං ඒ ආකාරයෙන්, තථා ජානන්ති කිසිවක තිර පැවැත්මක් නැතැයි ඇති සැටියෙන් අවබෝධයෙන් දනිති. අයමන්තිමා - නත්ථිදානි පුනබ්භවො මේ අපගේ අවසන් ඉපදීමයි. දැන් නැවත ඉපදීමට තැනක් නැතැයි එයද මේ තැනැත්තෝ දනිති.
යො වෙදගූති ඉදානි අත්තානං සන්ධාය භගවා ඉමං ගාථමාහ. තත්ථ සතිමාති ඡසතතවිහාරසතියා සමන්නාගතො. සම්බොධිපත්තොති සබ්බඤ්ඤුතං පත්තො. සරණං බහූනන්ති බහූනං දෙවමනුස්සානං භයවිහිංසනෙන සරණභූතො.
යොවෙදගු දැන් තමන් වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව කීහ. ඒ ගාථාවේ සතිමා නිති සය ආකාර වූ විහරණයෙන්, සිහියෙන් යුතුව, සම්බොධිපත්තො සියල්ල දන්නා බවට පත්ව, සරණං බහුන්නං බොහෝ දෙවි මිනිසුන්ගේ බයහිංසාවනට පිහිටක් වන්නා වූ
එවං දක්ඛිණෙය්යෙ සුත්වා අත්තමනො බ්රාහ්මණො ආහ – “අද්ධා අමොඝා”ති. තත්ථ ත්වඤ්හෙත්ථ ජානාසි යථා තථා ඉදන්ති ත්වඤ්හි එත්ථ ලොකෙ ඉදං සබ්බම්පි ඤෙය්යං යථා තථා ජානාසි යාථාවතො ජානාසි, යාදිසං තං තාදිසමෙව ජානාසීති වුත්තං හොති. තථා හි තෙ විදිතො එස ධම්මොති තථා හි තෙ එසා ධම්මධාතු සුප්පටිවිද්ධා, යස්සා සුප්පටිවිද්ධතා යං යං ඉච්ඡසි, තං තං ජානාසීති අධිප්පායො.
මෙසේ දීමට - පිදීමට සුදුස්සන් ගැන අසා සතුටට පත් බමුණා අද්ධා අමොඝා යන ගාථා කීය. ත්වං ගෙත්ථ ජානාසි යථා තථා ලෝකයෙහි, ඉදං ඔබවහන්සේ මේ ලෝකයෙහි දැනගත යුතු සියළුම දේ ඇති සැටියෙන්ම, ඒ ආකාරයෙන්ම දැනගත්හ’යි කියන ලදී. තථා හි තෙ විදිතො එස ධම්මො ඔබවහන්සේ එසේ ඒ සියල්ල මැනවින් අවබෝධ කරන ලදහ. එබඳු සියළු දේ මනාව අවබෝධ කළ බැවින්, බලාපොරොත්තු වන යම් යම් දෙය පවසයි ද, ඒවා දැන සිටි බැව් අදහස් වේ.
එවං සො බ්රාහ්මණො භගවන්තං පසංසිත්වා දක්ඛිණෙය්යසම්පදාය යඤ්ඤසම්පදං ඤත්වා දායකසම්පදායපි තං ඡළඞ්ගපරිපූරං යඤ්ඤසම්පදං සොතුකාමො “යො යාචයොගො”ති උත්තරිපඤ්හං පුච්ඡි. තත්රායං යොජනා – යො යාචයොගො දදං පරෙසං යජති, තස්ස අක්ඛාහි මෙ භගවා යඤ්ඤසම්පදන්ති.
මෙසේ ඒ බමුණා භාග්‍යවතුන් වහන්සේට පැසසුම්කොට, දීමට සුදුසු පිළිවෙලක් - යාග (පූජා) පිළිවෙලක් දැන, දෙනු ලබන ආකාරය සහ ඒ සය ආකාර වූ යාග පිළිවෙත ද අසනු කැමතිව, යො යාචයොගො ආදී ලෙසින් තවදුරටත් පැන අසයි. එයින් අදහස් වන්නේ මෙයයි. ‘ඉල්ලා ගැනීමට සුදුසු යම් තැනැත්තෙකු, යම් දෙයක් අනුන්ගෙන් ඉල්ලා සිටිනු ලබනවිට ඒ දෙන පිළිවෙල ඒ දානය දිය යුතු අයුරු, භාග්‍යවතුන් වහන්ස, මට පවසනු මැනවි’
අථස්ස භගවා ද්වීහි ගාථාහි අක්ඛාසි. තත්ථායං අත්ථයොජනා – යජස්සු මාඝ, යජමානො ච සබ්බත්ථ විප්පසාදෙහි චිත්තං, තීසුපි කාලෙසු චිත්තං පසාදෙහි. එවං තෙ යායං –
එවිට ගාථා දෙකකින් කරුණු දක්වති. මේ එහි තේරුමයි. ‘මාඝ, යාග කරන්න, (දීමෙහි නියැලෙව.) එසේ යාග කරනවිට, (දන් දෙනවිට) සිත පහදවා ගනුව. හැමවිටම, තුන්කල්හිම සිත පහදවා ගනුව. එය ඔබට මෙසේ කියමි නම්,
“පුබ්බෙව දානා සුමනො, දදං චිත්තං පසාදයෙ; දත්වා අත්තමනො හොති, එසා යඤ්ඤස්ස සම්පදා”ති. (අ· නි· 6.37; පෙ· ව· 305) –
‘මුලදීම දීමෙහි සිත පහන් විය යුතුය. දෙන විට සිත පහදවා ගතයුතුය. දුන්පසු සතුටුවිය යුතුය. යාග පිළිවෙත හෙවත් දානයේ පිළිවෙල එයයි.
යඤ්ඤසම්පදා වුත්තා, තාය සම්පන්නො යඤ්ඤො භවිස්සති. තත්ථ සියා “කථං චිත්තං පසාදෙතබ්බ”න්ති? දොසප්පහානෙන. කථං දොසප්පහානං හොති? යඤ්ඤාරම්මණතාය. අයඤ්හි ආරම්මණං යජමානස්ස යඤ්ඤො එත්ථ පතිට්ඨාය ජහාති දොසං, අයඤ්හි සත්තෙසු මෙත්තාපුබ්බඞ්ගමෙන සම්මාදිට්ඨිපදීපවිහතමොහන්ධකාරෙන චිත්තෙන යජමානස්ස දෙය්යධම්මසඞ්ඛාතො යඤ්ඤො ආරම්මණං හොති, සො එත්ථ යඤ්ඤෙ ආරම්මණවසෙන පවත්තියා පතිට්ඨාය දෙය්යධම්මපච්චයං ලොභං, පටිග්ගාහකපච්චයං කොධං, තදුභයනිදානං මොහන්ති එවං තිවිධම්පි ජහාති දොසං. සො එවං භොගෙසු වීතරාගො, සත්තෙසු ච පවිනෙය්ය දොසං තප්පහානෙනෙව පහීනපඤ්චනීවරණො අනුක්කමෙන උපචාරප්පනාභෙදං අපරිමාණසත්තඵරණෙන එකසත්තෙ වා අනවසෙසඵරණෙන අප්පමාණං මෙත්තං චිත්තං භාවෙන්තො පුන භාවනාවෙපුල්ලත්ථං, රත්තින්දිවං සතතං සබ්බඉරියාපථෙසු අප්පමත්තො හුත්වා තමෙව මෙත්තජ්ඣානසඞ්ඛාතං සබ්බා දිසා ඵරතෙ අප්පමඤ්ඤන්ති.
මෙසේ යාග පිළිවෙත කියන ලදී. ‘කෙසේ සිත පැහැදිය යුතුදැ’යි (යම් කෙනෙකුට) අදහසක් ඇතිවිය හැකිය. (එයට පිළිතුර) වැරදි හෝ තරහ නැති කිරීමෙනි. තරහ නැති කරගන්නේ කෙසේද? දීමෙහි (යාගයෙහි) අරමුණ අනුවය. ආරම්මණං යජමානස්ස යඤ්ඤො එත්ථප්පතිට්ඨාය ජහාති දොසං මේ වූකලී, ඉල්ලන තැනැත්තාට දිය යුතු වන්නේ දිය යුතු දෙයෙහි අරමුණ වන්නේ, සත්වග කෙරෙහි මෙත් පෙරදැරිව, යහපත් දැකීම නම් පහනින් මෝහ නැමති අඳුර පහකරන ලද සිතිනි. මෙහි යාගයෙහි අරමුණ ලෙසින් පවත්නා දිය යුතු දෙයෙහි ආසාවත්, පිළිගැනීම හේතුකොට තරහවත්, ඒ කරුණු දෙකම මුල්කොට මෝහය ද යන තුන්ආකාර වූ වැරදි හැරදමයි. සො මෙසේ සැප සම්පතෙහි වීතරාගො ව, සත්වග කෙරෙහි පටිවිනෙය්ය දොසං ඒ වැරදි නැති කිරීමත් සමගම නීවරණ පහද ඉවත් කරන ලදුව, කෙමෙන් කෙමෙන් උපචාර-අප්පණා කොටස් අනුව, අපමණ වූ සත්වග කෙරෙහි හෝ, එක් තැනැත්තකු කෙරෙහි හෝ නොවෙනස්ව පතුරුවන මෙත්සිත වඩමින් නැවත භාවනාව වැඩිදියුණු කරගැනීම පිණිස රත්තිං දිවං සත්තං නොපමාවම සියළු ඉරියව්වල ඒ මෙත් අදහසම පෙරදැරිව සබ්බා දිසා ඵරතෙ අප්පමඤ්ඤං (සිටිය යුතුය.)
අථ බ්රාහ්මණො තං මෙත්තං “බ්රහ්මලොකමග්ගො අය”න්ති අජානන්තො කෙවලං අත්තනො විසයාතීතං මෙත්තාභාවනං සුත්වා සුට්ඨුතරං සඤ්ජාතසබ්බඤ්ඤුසම්භාවනො භගවති අත්තනා බ්රහ්මලොකාධිමුත්තත්තා බ්රහ්මලොකූපපත්තිමෙව ච සුද්ධිං මුත්තිඤ්ච මඤ්ඤමානො බ්රහ්මලොකමග්ගං පුච්ඡන්තො “කො සුජ්ඣතී”ති ගාථමාහ. තත්ර ච බ්රහ්මලොකගාමිං පුඤ්ඤං කරොන්තං සන්ධායාහ – “කො සුජ්ඣති මුච්චතී”ති, අකරොන්තං සන්ධාය “බජ්ඣතී චා”ති. කෙනත්තනාති කෙන කාරණෙන. සක්ඛි බ්රහ්මජ්ජදිට්ඨොති බ්රහ්මා අජ්ජ සක්ඛි දිට්ඨො. සච්චන්ති භගවතො බ්රහ්මසමත්තං ආරබ්භ අච්චාදරෙන සපථං කරොති. කථං උපපජ්ජතීති අච්චාදරෙනෙව පුනපි පුච්ඡති. ජුතිමාති භගවන්තං ආලපති.
එවිට බමුණා එම මෙත් වැඩීම ‘බඹලොව මග’ යැයි නොදැන, හුදෙක් තමාගේ පෙර (පුරුදු වූ) මෙත් භාවනාව ගැන අසා සියල්ල දන්නා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වඩාත් ගරු සැළකිලිමත්ව, තමන් බඹලොවටම ඇලී ගැලී සිටින හෙයින්, බඹලොව ඉපදීමෙන් පිරිසිදු බවද, මිදීමද සිතමින්, බඹලොවට මග විමසමින් කොසුජ්ඣති යන ගාථාව කීය. එහිම බඹලොව ඉපදීමට (පහලවීමට) හේතුවන පින් කරන්නකු උදෙසා කො සජ්ඣති මුච්චති යැයිද, ඒ සමගම පින් නොකරන්නකුද ගැන බජ්ඣති ච යැයි ද කීය. කෙනත්තනා කුමන කරුණින්, සක්ඛි බ්රහ්මජ්ජ දිට්ඨො බ්‍රහ්මයා අද ඇත්තටම තහවරු වන පරිදි දුටුවෙමි. සච්චං භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්ම යැයි සළකා බොහෝ ආදර ගරු සැළකිල්ලෙන් පොරොන්දු වෙයි. කථං උප්පජ්ජති බොහෝ ආදරයෙන් නැවත අසයි. ජුතිමා භාග්‍යවතුන් වහන්සේ අමතයි.
තත්ථ යස්මා යො භික්ඛු මෙත්තාය තිකචතුක්කජ්ඣානං උප්පාදෙත්වා තමෙව පාදකං කත්වා විපස්සන්තො අරහත්තං පාපුණාති, සො සුජ්ඣති මුච්චති ච, තථාරූපො ච බ්රහ්මලොකං න ගච්ඡති. යො පන මෙත්තාය තිකචතුක්කජ්ඣානං උප්පාදෙත්වා “සන්තා එසා සමාපත්තී”තිආදිනා නයෙන තං අස්සාදෙති, සො බජ්ඣති. අපරිහීනජ්ඣානො ච තෙනෙව ඣානෙන බ්රහ්මලොකං ගච්ඡති, තස්මා භගවා යො සුජ්ඣති මුච්චති ච, තස්ස බ්රහ්මලොකගමනං අනනුජානන්තො අනාමසිත්වාව තං පුග්ගලං යො බජ්ඣති. තස්ස තෙන ඣානෙන බ්රහ්මලොකගමනං දස්සෙන්තො බ්රාහ්මණස්ස සප්පායෙන නයෙන “යො යජතී”ති ඉමං ගාථමාහ.
එහිදී මෙත් සිතින් තෙවන, සතරවන දැහැන් උපදවා, එයම මූලික කොට විදසුන් වඩන මහණ අරහත් බවට පත්ව පිරිසිදු වෙයි. මිදුනේ වෙයි. එබඳු තැනැත්තා බඹලොව නොයේ. යමෙක් මෙත් වැඩීමෙන් තුන්වන හතරවන දැහැන් උපදවා ‘ඒ සමාපත්ති තමා කෙරෙහි ඇතැ’යි එයට පහන් සිත් ඇතිකර ගනී. එහි බැඳෙයි. නොපිරිහුණු දැහැනින්ම බඹලොව උපදී. (පහල වෙයි.) එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘පිරිසිදු වන මිදෙන කෙනෙකුට බඹලොව ගමන අනුදැන නොවදාරා, නොසළකා, ඒ දැහැනෙන් බැඳෙන තැනැත්තාගේ ගමන පැහැදිලි කරමින්, බමුණාට ගැළපෙන අයුරින් යො යජති යන මේ ගාථාව වදාළහ.
තත්ථ තිවිධන්ති තිකාලප්පසාදං සන්ධායාහ. තෙන දායකතො අඞ්ගත්තයං දස්සෙති. ආරාධයෙ දක්ඛිණෙය්යෙභි තාදීති තඤ්ච සො තාදිසො තිවිධසම්පත්තිසාධකො පුග්ගලො තිවිධං යඤ්ඤසම්පදං දක්ඛිණෙය්යෙහි ඛීණාසවෙහි සාධෙය්ය සම්පාදෙය්ය. ඉමිනා පටිග්ගාහකතො අඞ්ගත්තයං දස්සෙති. එවං යජිත්වා සම්මා යාචයොගොති එවං මෙත්තජ්ඣානපදට්ඨානභාවෙන ඡළඞ්ගසමන්නාගතං යඤ්ඤං සම්මා යජිත්වා සො යාචයොගො තෙන ඡළඞ්ගයඤ්ඤූපනිස්සයෙන මෙත්තජ්ඣානෙන උපපජ්ජති බ්රහ්මලොකන්ති බ්රූමීති බ්රාහ්මණං සමුස්සාහෙන්තො දෙසනං සමාපෙසි. සෙසං සබ්බගාථාසු උත්තානත්ථමෙව. ඉතො පරඤ්ච පුබ්බෙ වුත්තනයමෙවාති.
එහි තිවිධං යනුවෙන් තුන්කල්හිම දානයෙහි ඇතිකරගන්නා සතුට ගැන දක්වයි. එයින් දායකවීමේ කරුණු තුනක් පෙන්වයි. ආරාධයෙ දක්ඛිණෙය්‍ය හි තාදී එබඳු තුන් ආකාර වූ සම්පත් ඇති තැනැත්තා, තුන් ආකාර වූ යාගයක් හෙවත් පූජාවක් පිරිනැමීමට සුදුසු වූ කෙලෙසුන් නැසූ උතුමන් කෙරෙහි ඉටු කරන්නේය. සකස් කරන්නේය. මෙයින් පිළිගනු ලබන තැනැත්තාගේ ද කරුණු තුනක් දක්වයි. එවං යජිත්වා සම්මා යාචයොගො මෙසේ මෙත් අදහස මුල්කරගත්, භාවනාවෙන් සය ආකාර වූ යාගය මනාව පවත්වා, ඒ ඉල්ලීමට සුදුසු, ඒ සය ආකාර වූ හේතු සම්පතින් යුතුව මෙත් දැහැනින්, උප්පජ්ජති බ්රහ්මලොකන්ති බ්රෑමි යනුවෙන් මාඝ බමුණා උත්සාහවත් කරමින් දේසනය නිම කළහ. මෙයින් පසු ඉතිරි කරුණු කලින් දක්වා ඇති පරිදිය.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය මාඝසුත්තවණ්ණනා නිට්ඨිතා.
මාඝ සූත්‍ර විස්තරය නිමි.