4. සුන්දරිකභාරද්වාජ සුත්තවණ්ණනා අට්ඨකථා
4. සුන්දරිකභාරද්වාජ සුත්තවණ්ණනා
4. සුන්දරිකභාරද්වාජ සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති පූරළාසසුත්තං. කා උප්පත්ති? භගවා පච්ඡාභත්තකිච්චාවසානෙ බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො සුන්දරිකභාරද්වාජබ්රාහ්මණං අරහත්තස්ස උපනිස්සයසම්පන්නං දිස්වා “තත්ථ මයි ගතෙ කථා පවත්තිස්සති, තතො කථාවසානෙ ධම්මදෙසනං සුත්වා එස බ්රාහ්මණො පබ්බජිත්වා අරහත්තං පාපුණිස්සතී”ති ච ඤත්වා තත්ථ ගන්ත්වා කථං සමුට්ඨාපෙත්වා ඉමං සුත්තමභාසි.
එවං මෙ සුතං පූරළාස සූත්‍රයයි. එම සූත්‍රය දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ පසුබත් කිස අවසන බුදු ඇසින් ලොව බලන සේක්, සුන්දරීක භාරද්වාජ බමුණු රහත් ඵලයට පත්වීමේ හේතු සම්පත් දැක, ‘මා එහි ගියවිට ඇතිවන කතා සල්ලාපයෙන් පසු දහම් අසා, ඒ බමුණා පැවිදිව රහත් බවට පත්වන්නේ යැයි දැන, එහි ගොස්, (පිළිසඳර) කතාකොට සූත්‍රය වදාළහ.
තත්ථ එවං මෙ සුතන්තිආදි සඞ්ගීතිකාරකානං වචනං. කිංජච්චො භවන්තිආදි තස්ස බ්රාහ්මණස්ස, න බ්රාහ්මණො නොම්හීතිආදි භගවතො. තං සබ්බම්පි සමොධානෙත්වා “පූරළාසසුත්ත”න්ති වුච්චති. තත්ථ වුත්තසදිසං වුත්තනයෙනෙව වෙදිතබ්බං, අවුත්තං වණ්ණයිස්සාම, තඤ්ච ඛො උත්තානත්ථානි පදානි අනාමසන්තා. කොසලෙසූති කොසලා නාම ජානපදිනො රාජකුමාරා. තෙසං නිවාසො එකොපි ජනපදො රුළ්හිසද්දෙන “කොසලා”ති වුච්චති. තස්මිං කොසලෙසු ජනපදෙ. කෙචි පන “යස්මා පුබ්බෙ මහාපනාදං රාජකුමාරං නානානාටකාදීනි දිස්වා සිතමත්තම්පි අකරොන්තං සුත්වා රාජා ආණාපෙසි ‘යො මම පුත්තං හසාපෙති, සබ්බාභරණෙහි නං අලඞ්කරොමී’ති. තතො නඞ්ගලානි ඡඩ්ඩෙත්වා මහාජනකායො සන්නිපති. තෙ ච මනුස්සා අතිරෙකසත්තවස්සානි නානාකීළිකාදයො දස්සෙන්තාපි තං නාසක්ඛිංසු හසාපෙතුං. තතො සක්කො දෙවනටං පෙසෙසි, සො දිබ්බනාටකං දස්සෙත්වා හසාපෙසි. අථ තෙ මනුස්සා අත්තනො අත්තනො වසනොකාසාභිමුඛා පක්කමිංසු. තෙ පටිපථෙ මිත්තසුහජ්ජාදයො දිස්වා පටිසන්ථාරමකංසු ‘කච්චි භො කුසලං, කච්චි භො කුසල’න්ති . තස්මා තං ‘කුසල’න්ති සද්දං උපාදාය සො පදෙසො ‘කොසලො’ති වුච්චතී”ති වණ්ණයන්ති. සුන්දරිකාය නදියා තීරෙති සුන්දරිකාති එවංනාමිකාය නදියා තීරෙ.
එහි එවං මෙ සුතං සංගායනාවට සහභාගී වූ හිමිවරුන්ගේ වචනයි. කිං ජච්චො භවං ආදිය ඒ බමුණාගේ (වචනයි). න බ්රාහ්මණෙ නොම්හි ආදී භාග්‍යවතුන් වහන්සේගේ (වචනයි). ඒ සියල්ල එක්කොට පූරළාස සූත්‍රය යැයි කියනු ලැබේ. සඳහන් නොවූ වචන විස්තර කරන්නෙමි. එහිද අරුත් පැහැදිලි වචන අත නොගසන ලදී. කොසලෙසු - කෝසල ජනපදයෙහි රජකුමරුවෝ, ඔවුන් වසන තැනද කෝසල ජනපදය නමින්ම කියනු ලැබේ. එම කෝසල ජනපදය ගැන ඇතමෙකුගේ අදහස මෙසේය. ‘පෙර මහාපණද රජුගේ පුත් කුමරුවන්, නොයෙක් නොයෙක් රැඟුම් නාටක දැක සිනාවක් පමණකුදු නොකරති’යි ඇසූ රජු, ‘යමෙකු මපුතු සිනහ ගන්වතොත්, ඔහු සියළු අබරණින් අලංකාර කරමි’යි අණ ලැවීය. මහජනයා (තම කටයුතු අත්හැර) නඟුල් ආදිය පසෙක තබා රැස්වෙයි. ඒ මිනිස්සුද තවත් සත් අවුරුද්දක්ම නොයෙක් කවට රැඟුම් ආදිය දැක්වුවත් සිනාගැන්වීමට නොහැකි වූහ. එවිට සක්දෙවිඳු දෙව් නළුවකු යැවීය. ඔහු දිවනාටක, රැඟුම් දක්වා සිනාගැන්වීය. ඉක්බිති ඒ මිනිස්සු තම තමන්ගේ නිවෙස් දෙසට ගියහ. ඔහු ඒ යන අතරේදී, හමුවන සුහද මිතුරන් දැක, එම රැඟුමෙහි (නළුවාගේ) හැකියාව-කුසලතාව කෙබඳුදැ’යි, පිළිසඳර කතා කළහ. එහෙයින් ඒ කුසල යන පදය අනුව එම පෙදෙස ‘කෝසල’ නම් වීයැයි විස්තර කරනු ලැබේ. සුන්දරිකාය නදියා තීරෙ සුන්දරිකා නම් වූ ගංතෙරෙහි,
තෙන ඛො පනාති යෙන සමයෙන භගවා තං බ්රාහ්මණං විනෙතුකාමො ගන්ත්වා තස්සා නදියා තීරෙ සසීසං පාරුපිත්වා රුක්ඛමූලෙ නිසජ්ජාසඞ්ඛාතෙන ඉරියාපථවිහාරෙන විහරති. සුන්දරිකභාරද්වාජොති සො බ්රාහ්මණො තස්සා නදියා තීරෙ වසති අග්ගිඤ්ච ජුහති, භාරද්වාජොති චස්ස ගොත්තං, තස්මා එවං වුච්චති. අග්ගිං ජුහතීති ආහුතිපක්ඛිපනෙන ජාලෙති. අග්ගිහුත්තං පරිචරතීති අග්යායතනං සම්මජ්ජනූපලෙපනබලිකම්මාදිනා පයිරුපාසති. කො නු ඛො ඉමං හබ්යසෙසං භුඤ්ජෙය්යාති සො කිර බ්රාහ්මණො අග්ගිම්හි ජුහිත්වා අවසෙසං පායාසං දිස්වා චින්තෙසි – “අග්ගිම්හි තාව පක්ඛිත්තපායාසො මහාබ්රහ්මුනා භුත්තො, අයං පන අවසෙසො අත්ථි. තං යදි බ්රහ්මුනො මුඛතො ජාතස්ස බ්රාහ්මණස්සෙව දදෙය්යං, එවං මෙ පිතරා සහ පුත්තොපි සන්තප්පිතො භවෙය්ය, සුවිසොධිතො ච බ්රහ්මලොකගාමිමග්ගො අස්ස, හන්දාහං බ්රාහ්මණං ගවෙසාමී”ති. තතො බ්රාහ්මණදස්සනත්ථං උට්ඨායාසනා චතුද්දිසා අනුවිලොකෙසි – “කො නු ඛො ඉමං හබ්යසෙසං භුඤ්ජෙය්‍යා”ති.
තෙන ඛො පන ඒ වේලාවෙහි භාග්‍යවතුන් වහන්සේ ඒ බමුණා දහමෙහි හික්මවනු කැමතිව, ඒ ගංතෙර, හිස වසා පොරවාගෙන ගසක් මුල හිඳගත් සේ පෙනෙන ඉරියව්වෙන් වැඩ සිටිති. සුන්දරික භාරද්වාජො ඒ බමුණාද ඒ ගංතෙරම වාසය කරයි. ගිනි පුදයි. භාරද්වාජො ඔහුගේ පරම්පරාවයි. එහෙයින් එසේ කියනු ලබයි. (පරම්පරා නමින් අමතනු ලබයි.) අග්ගිං ජූහති යාග පූජා පැවැත්වීමේ අදහසින් ගිනි දල්වයි. අග්ගි හුත්තං පරිචරති ගිනිදල්වා, බිලි පිදවිලි ආදියෙන් උතුම් ගිනි දෙවියාට පුද දෙයි. කො නු ඛො ඉමං භව්යසෙසං භුඤ්ජෙය්ය ඒ බමුණා ගිනි (පිදීමට) ගෙන ඉතිරි වූ කිරිබත් ආදිය දැක, ‘ගින්නෙහි තැබූ කිරිබත් මහා බ්‍රහ්ම විසින් අනුභව කරන ලදී. මෙහි තවත් ඉතිරිව ඇත. ඒ ඉතිරිව ඇති දේ බ්‍රහ්මයාගේ මුවින් උපන් බමුණකුටම දිය හැකිනම්, මගේ පියා සහ පුතුද සතුටුවී, බඹලොවට යන මග හෙළිකරගනු ඇත. එහෙයින් බමුණකු සොයමි’යි සිතුවේය. උට්ඨායාසනා චතුද්දිසා අනුවිලොකෙසි මේ ඉතිරි පූජාව අනුභවයට කවරෙකු සුදුසු වෙත්දැ’යි බමුණකු දැකගනු පිණිස.
අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙති තස්මිං වනසණ්ඩෙ සෙට්ඨරුක්ඛමූලෙ. සසීසං පාරුතන්ති සහ සීසෙන පාරුතකායං. කස්මා පන භගවා එවමකාසි, කිං නාරායනසඞ්ඛාතබලොපි හුත්වා නාසක්ඛි හිමපාතං සීතවාතඤ්ච පටිබාහිතුන්ති? අත්ථෙතං කාරණං. න හි බුද්ධා සබ්බසො කායපටිජග්ගනං කරොන්ති එව, අපිච භගවා “ආගතෙ බ්රාහ්මණෙ සීසං විවරිස්සාමි, මං දිස්වා බ්රාහ්මණො කථං පවත්තෙස්සති, අථස්ස කථානුසාරෙන ධම්මං දෙසෙස්සාමී”ති කථාපවත්තනත්ථං එවමකාසි. දිස්වාන වාමෙන…පෙ… තෙනුපසඞ්කමීති සො කිර භගවන්තං දිස්වා බ්රාහ්මණො “අයං සසීසං පාරුපිත්වා සබ්බරත්තිං පධානමනුයුත්තො, ඉමස්ස දක්ඛිණොදකං දත්වා ඉමං හබ්යසෙසං දස්සාමී”ති බ්රාහ්මණසඤ්ඤී හුත්වා එව උපසඞ්කමි. මුණ්ඩො අයං භවං, මුණ්ඩකො අයං භවන්ති සීසෙ විවරිතමත්තෙව කෙසන්තං දිස්වා “මුණ්ඩො”ති ආහ. තතො සුට්ඨුතරං ඔලොකෙන්තො පරිත්තම්පි සිඛං අදිස්වා හීළෙන්තො “මුණ්ඩකො”ති ආහ. එවරූපා හි නෙසං බ්රාහ්මණානං දිට්ඨි. තතො වාති යත්ථ ඨිතො අද්දස, තම්හා පදෙසා මුණ්ඩාපීති කෙනචි කාරණෙන මුණ්ඩිතසීසාපි හොන්ති.
අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ ඒ කැලෑගොමුවෙහි සුවිසල් ගසක් මුල, යසීසං පාරුතං හිස සමගම සිරුර පොරවාගෙන, කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ එසේ කළසේක්ද? ‘නාරයණ’ නම් වූ බලයක් තිබුණද, හිමපතනය සහ සීතල සුළඟ වුව වැළැක්වීමට නොහැකි වීද? මෙයට හේතුවක් ඇත. බුදුවරු හැමවිටම එසේ සිරුර පිළිදැගුම් - රැකගැනීම නොකරත්මය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ, ‘බමුණ පැමිණිවිට හිසෙන් සිවුර ඉවත් කරන්නෙමි. ඒ දැක බමුණා කතාබහට එක්වන්නේය. එවිට ඔහුට ඒ කතාබහ අනුව දහම් දෙසන්නෙමි’යි ඊට මග පාදාගනු පිණිස එසේ කළහ. දිස්වාන වාමෙන -පෙ- තෙනුපසංකමි සුන්දරික බමුණා භාග්‍යවතුන් වහන්සේ දැක, ‘මේ බමුණා හිස සිට පොරවාගෙන මුළු රැයම කෙලෙස් තවන උත්සාහයෙන් යුතු විය. මොහුට පූජා පැවැත්වීමට පෙර, පැන් පිළිගන්වා, මෙම යාගයේ ඉතිරි පූජා කොටස දෙමි’යි බමුණෙකැයි සිතාම (එතැනට) පැමිණියේය. මුණ්ඩො අයං භවං මුණ්ඩකො අයං භවං හිසෙන් සිවුර ඉවත් කළ පමණින්ම, හිසකෙස් කෙළවර දැක, මුණ්ඩො යැයි කීය. ඉන්පසු තවත් හොඳින් බලද්දී, හිසෙහි මද හෝ සිළු (ගුලි වූ කෙස් කැරළි) නොදැක පහත් ලෙස සිතමින්, මුණ්ඩකො යැයි කීය. ඒ බමුණන්ගේ හැඟීම මෙබඳුය. තතො ව එය දුටුවේ යම් තැනක සිටද, මුණ්ඩාපි හිස මුඩුකර ඇත්තේ කිසියම් හේතුවක් නිසා වෙයි.
න බ්රාහ්මණො නොම්හීති එත්ථ නකාරො පටිසෙධෙ, නොකාරො අවධාරණෙ “න නො සම”න්තිආදීසු (ඛු· පා· 6.3; සු· නි· 226) විය. තෙන නෙවම්හි බ්රාහ්මණොති දස්සෙති. න රාජපුත්තොති ඛත්තියො නම්හි. න වෙස්සායනොති වෙස්සොපි නම්හි. උදකොචි නොම්හීති අඤ්ඤොපි සුද්දො වා චණ්ඩාලො වා කොචි න හොමීති එවං එකංසෙනෙව ජාතිවාදසමුදාචාරං පටික්ඛිපති. කස්මා? මහාසමුද්දං පත්තා විය හි නදියො පබ්බජ්ජූපගතා කුලපුත්තා ජහන්ති පුරිමානි නාමගොත්තානි. පහාරාදසුත්තඤ්චෙත්ථ (අ· නි· 8.19) සාධකං. එවං ජාතිවාදං පටික්ඛිපිත්වා යථාභූතමත්තානං ආවිකරොන්තො ආහ – “ගොත්තං පරිඤ්ඤාය පුථුජ්ජනානං, අකිඤ්චනො මන්ත චරාමි ලොකෙ”ති. කථං ගොත්තං පරිඤ්ඤාසීති චෙ? භගවා හි තීහි පරිඤ්ඤාහි පඤ්චක්ඛන්ධෙ පරිඤ්ඤාසි, තෙසු ච පරිඤ්ඤාතෙසු ගොත්තං පරිඤ්ඤාතමෙව හොති. රාගාදිකිඤ්චනානං පන අභාවෙන සො අකිඤ්චනො මන්තා ජානිත්වා ඤාණානුපරිවත්තීහි කායකම්මාදීහි චරති. තෙනාහ – “ගොත්තං…පෙ… ලොකෙ”ති. මන්තා වුච්චති පඤ්ඤා, තාය චෙස චරති. තෙනෙවාහ – “මන්තං චරාමි ලොකෙ”ති ඡන්දවසෙන රස්සං කත්වා.
න බ්රාහ්මණෙ නොම්හී මෙහි න අකුර වැළකීම අදහසින් යෙදේ. නො දැඩිලෙස (අවධාරණයෙන්) වෙන්කොට දැක්වීමෙහි යෙදේ. ‘ඒ හා සමාන නොවේ’- ‘න නො සමං’ ආදී තැන් මෙනි. එම වචනයෙන් තමා මෙන් බමුණකු නොවේ යැයි දක්වයි. න රාජපුත්තො රජ කුලයෙහි නොවේ. න වෙස්සාය නො වෙළඳ කුලයෙහි නොවේ. උද කොචි නොම්හි සුද්ද කුලයට අයත් හෝ සැඩොලෙක් හෝ වෙනත් කිසිවෙක් නොවෙමි. මෙසේ ඒකාන්තයෙන්ම ජාතිවාදී කතා පිළිකෙව් කරයි. කුමක් නිසාද? මහ සයුරට පත් ගංගා මෙන්, පැවිදි වූ කුලපුත්තු මුල් නම්ගොත් අත්හරිති. පහාරාද සූත්‍රය මෙහිලා නිදසුන්ය. මෙසේ කුලවාදය පිළිනොගෙන, තමාගේ නියම තතු එළිදරව් කරමින්, ගොත්තං පරිඤ්ඤාය පුථුජ්ජනානං අකිඤ්චනො මන්ත චරාමි ලොකෙ ආදී ගාථා වදාළහ. කෙසේ මුළුමනින්ම පරම්පරාව දැනගත්තේ යැයි කියයිද? භාග්‍යවතුන් වහන්සේ තුන් ආකාරයකින් රූපාදී ඛන්ධ පහ මැනවින් දත්හ. එසේ දැනගැනීමම පරම්පරාවම දැනගැනීමය. රාග ආදී කෙලෙස් කෙලෙස් නොමැති බැවින් උන්වහන්සේ ‘කිසිවක් නැති’ බවට පත්වූහ. පිළිපැදිය යුතු කරුණු හෝ මන්ත්‍ර දැන, නුවණ මෙහෙයා කායික කටයුතුවල යෙදෙති. එහෙයින් ගොත්තං.....ලොකෙ යැයි කීහ. මන්තා යනුවෙන් නුවණට කියනු ලැබේ. ඒ අනුව හැසිරෙන බැවින්, මන්ත චරාමි ලොකෙ යැයි කීහ. ඡන්දස අනුව වචනය කෙටිකොට ඇත.
එවං අත්තානං ආවිකත්වා ඉදානි “එවං ඔළාරිකං ලිඞ්ගම්පි දිස්වා පුච්ඡිතබ්බාපුච්ඡිතබ්බං න ජානාසී”ති බ්රාහ්මණස්ස උපාරම්භං ආරොපෙන්තො ආහ – “සඞ්ඝාටිවාසී…පෙ… ගොත්තපඤ්හ”න්ති. එත්ථ ච ඡින්නසඞ්ඝටිතට්ඨෙන තීණිපි චීවරානි “සඞ්ඝාටී”ති අධිප්පෙතානි, තානි නිවාසෙති පරිදහතීති සඞ්ඝාටිවාසී. අගහොති අගෙහො, නිත්තණ්හොති අධිප්පායො. නිවාසාගාරං පන භගවතො ජෙතවනෙ මහාගන්ධකුටිකරෙරිමණ්ඩලමාළකොසම්බකුටිචන්දනමාලාදිඅනෙකප්පකාරං, තං සන්ධාය න යුජ්ජති. නිවුත්තකෙසොති අපනීතකෙසො, ඔහාරිතකෙසමස්සූති වුත්තං හොති. අභිනිබ්බුතත්තොති අතීව වූපසන්තපරිළාහචිත්තො, ගුත්තචිත්තො වා. අලිප්පමානො ඉධ මාණවෙහීති උපකරණසිනෙහස්ස පහීනත්තා මනුස්සෙහි අලිත්තො අසංසට්ඨො එකන්තවිවිත්තො. අකල්ලං මං බ්රාහ්මණාති ය්වාහං එවං සඞ්ඝාටිවාසී…පෙ… අලිප්පමානො ඉධ මාණවෙහි, තං මං ත්වං, බ්‍රාහ්මණ, පාකතිකානි නාමගොත්තානි අතීතං පබ්බජිතං සමානං අප්පතිරූපං ගොත්තපඤ්හං පුච්ඡසීති.
මෙසේ තමන් ගැන පැහැදිලිකොට, දැන් දළ ජීවිත රටාව බලා, ‘ඇසිය යුතු - නොඇසිය යුතු දේ නොදන්නෙහිදැ’යි බමුණාට දොස් නගන්නා සේ සංඝාටි වාසී... ගොත්ත පඤ්හං යැයි කීහ. කොටස් ලෙසින් කපා සකස් කොට ඇති අදහසින් තුන් සිවුරු මෙහිදී සංඝාටි යැයි සැළකේ. ඇඳ ගනී. හඳී, දරයි යනුවෙන් ඒවා සංඝාටිවාසී වේ. අගහො ගෙයක් නොමැති, ආසාවක් නැති යන අදහසයි. භාග්‍යවතුන් වහන්සේ වැඩවසන තැන් ලෙස, ජේතවන අරමෙහි මහ සුවඳ කුටිය, ලුණුවරණ ගස්වලින් වටවූ සාලාව, කොහොඹ කුටිය, සඳුන් මාලය නොයෙක් අයුරින් දක්වා ඇත. එය මෙහිදී සැළකීම නුසුදුසුය. නිවුත්ත කෙසො ඉවත් කරන ලද කෙස්, කපන ලද කෙස්රවුල් ඇතැයි කියන ලදී. අභිනිබ්බුතත්තො තැවීම්, සෝකවීම් සමනය කොට, රැකගත් සිතැතිව, අලිප්පමානො ඉධ මානවෙහි උදව් කරගැනීමට ඇති සෙනහස (සෙනෙහස දක්වා වාසි ලබාගැනීම) ඉවත හළ බැවින්, මිනිසුන් සමග නොඇලී, නොගැටී, ඈත්ව තනිව මෙන් සිටිමින්, අකල්ල මං බ්රාහ්මණා මෙසේ සඟල සිවුර හැඳ පොරවා.... මිනිසුන් හා නොඇලී වසන, මගෙන්, බමුණ, ඔබ පෙර පැවිදි වූවන් හා සමානකොට නුසුදුසු පරිදි ගොත්ත පඤ්හං පුච්ඡසි සුපුරුදු ලෙස නම්ගොත් අසහි?
එවං වුත්තෙ උපාරම්භං මොචෙන්තො බ්රාහ්මණො ආහ – පුච්ඡන්ති වෙ, භො බ්රාහ්මණා, බ්රාහ්මණෙභි සහ “බ්රාහ්මණො නො භව”න්ති. තත්ථ බ්රාහ්මණො නොති බ්රාහ්මණො නූති අත්ථො. ඉදං වුත්තං හොති – නාහං භො අකල්ලං පුච්ඡාමි. අම්හාකඤ්හි බ්රාහ්මණසමයෙ බ්රාහ්මණා බ්රාහ්මණෙහි සහ සමාගන්ත්වා “බ්රාහ්මණො නු භවං, භාරද්වාජො නු භව”න්ති එවං ජාතිම්පි ගොත්තම්පි පුච්ඡන්ති එවාති.
මෙසේ කී කල්හි, දොස් නැගීමෙන් නිදහස්වීමට මෙන් බමුණා පුච්ඡන්ති වෙ භො බ්රාහ්මණා බ්රාහ්මණෙහි සහ බ්රාහ්මණෙ නො භවං යැයි කීය. බ්රාහ්මණෙ නො බමුණකු නොවේ ද යන අදහසයි. ඒ අනුව කියන ලද්දේ මෙයයි. ‘පින්වත, මම නුසුදුසු ලෙස නොඅසමි. බමුණෝ එක්රැස් වූ විට, අපගේ බමුණු දහමට අනුව, ඔබ බමුණෙක්ද, භාරද්වාජ පරපුරේ නොවේදැයි මෙසේ කුලය, පරම්පරාව විමසති.
එවං වුත්තෙ භගවා බ්රාහ්මණස්ස චිත්තමුදුභාවකරණත්ථං මන්තෙසු අත්තනො පකතඤ්ඤුතං පකාසෙන්තො ආහ – “බ්රාහ්මණො හි චෙ ත්වං බ්රූසි…පෙ… චතුවීසතක්ඛර”න්ති. තස්සත්ථො – සචෙ ත්වං “බ්රාහ්මණො අහං”ති බ්රූසි, මඤ්ච අබ්රාහ්මණං බ්රූසි, තස්මා භවන්තං සාවිත්තිං පුච්ඡාමි තිපදං චතුවීසතක්ඛරං, තං මෙ බ්රූහීති. එත්ථ ච භගවා පරමත්ථවෙදානං තිණ්ණං පිටකානං ආදිභූතං පරමත්ථබ්රාහ්මණෙහි සබ්බබුද්ධෙහි පකාසිතං අත්ථසම්පන්නං බ්යඤ්ජනසම්පන්නඤ්ච “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සඞ්ඝං සරණං ගච්ඡාමී”ති ඉමං අරියසාවිත්තිං සන්ධාය පුච්ඡති. යදිපි හි බ්රාහ්මණො අඤ්ඤං වදෙය්ය, අද්ධා නං භගවා “නායං, බ්‍රාහ්මණ, අරියස්ස විනයෙ සාවිත්තීති වුච්චතී”ති තස්ස අසාරකත්තං දස්සෙත්වා ඉධෙව පතිට්ඨාපෙය්ය. බ්රාහ්මණො පන “සාවිත්තිං පුච්ඡාමි තිපදං චතුවීසතක්ඛර”න්ති ඉදං අත්තනො සමයසිද්ධං සාවිත්තිලක්ඛණබ්යඤ්ජනකං බ්රහ්මස්සරෙන නිච්ඡාරිතවචනං සුත්වාව “අද්ධායං සමණො බ්රාහ්මණසමයෙ නිට්ඨං ගතො, අහං පන අඤ්ඤාණෙන ‘අබ්‍රාහ්මණො අය’න්ති පරිභවිං, සාධුරූපො මන්තපාරගූ බ්රාහ්මණොව එසො”ති නිට්ඨං ගන්ත්වා “හන්ද නං යඤ්ඤවිධිං දක්ඛිණෙය්යවිධිඤ්ච පුච්ඡාමී”ති තමත්ථං පුච්ඡන්තො “කිංනිස්සිතා…පෙ… ලොකෙ”ති ඉමං විසමගාථාපදත්තයමාහ. තස්සත්ථො – කිංනිස්සිතා කිමධිප්පායා කිං පත්ථෙන්තා ඉසයො ච ඛත්තියා ච බ්රාහ්මණා ච අඤ්ඤෙ ච මනුජා දෙවතානං අත්ථාය යඤ්ඤං අකප්පයිංසු. යඤ්ඤමකප්පයිංසූති මකාරො පදසන්ධිකරො. අකප්පයිංසූති සංවිදහිංසු අකංසු. පුථූති බහූ අන්නපානදානාදිනා භෙදෙන අනෙකප්පකාරෙ පුථූ වා ඉසයො මනුජා ඛත්තියා බ්රාහ්මණා ච කිංනිස්සිතා යඤ්ඤමකප්පයිංසු. කථං නෙසං තං කම්මං සමිජ්ඣතීති ඉමිනාධිප්පායෙන පුච්ඡති.
මෙසේ කී විට, භාග්‍යවතුන් වහන්සේ, බමුණාගේ සිත මොළොක් බවට පත් කිරීමට තමන් පිළිබඳ ඇති තතු පෙන්වා දෙමින්, බ්රාහ්මණෙ චෙ ත්වං බ්‍රෑසි -පෙ- චතුවීසතක්ඛරං යන ගාථාව වදාළහ. එහි අදහස නම්, ‘එසේනම් ඔබ’, ‘මම බමුණෙක්මි’ යැයි (අනිකක්) කියහි, මඤ්ච අබ්රාහ්මණං බ්‍රෑසි එහෙයින් පින්වත, (ඔබගෙන්) සාවිත්තිං පුච්ඡාමි තිපදං චතුවීසතක්ඛරං එය මට කියව. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ, පරම අරුත වූ, තුන් පිටකයෙහි මුලින්ම ඇති, සියළුම බුදුවරුන් හා මහ රහතුන් විසින් පවසන ලද අරුතින් පිරිපුන්, මැනවින් පිළියෙල වූ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි යන මෙම උතුම් ‘වේදය’ සඳහා විමසති. යම් හෙයකින් බමුණා වෙනත් දෙයක් කියන්නේ නම්, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සෙ ඔහුට ‘බමුණ, (තථාගත) දහම් විනයෙහි ‘වේදය මෙය නොවේ’ යැයි (ඔවුන්ගේ) වේදයෙහි අසාර බව පෙන්වා, (සාර) දහමෙහි පිහිටුවන්නේය. ‘අකුරු විසිහතරකින් යුත් පද තුනක් ඇති වේද වැකිය අසමි’යි තම අදහස ඉටුවන වේදයේ ලකුණු මෙන් හරවත් වූ, ගැඹුරු-උසස් හඬින් නිකුත්වන වචන අසාම, ‘ඒකාන්තයෙන්ම මේ මහණ බමුණු දහමෙහි අවසනටම ගියේය. මම නොදැනුවත්කමින් බමුණකු නොවේ යැයි මොහුට නින්දා කළෙමි, (වේද) මතුරුවල එතරට ගිය මොහු බමුණකුම වේ’ යැයි තීරණය කොට, ‘එසේනම් මොහුගෙන් නොයෙක් යාග කරන අයුරු හා පූජා කළයුතු අයුරු විමසමි’යි කිං නිස්සිතා........ලොකෙ යන සම නොවූ පේළි දෙකකින් යුතු මෙම ගාථා දෙක කීය. එහි අරුත නම්, කිං නිස්සිතා කුමක් අදහස් වේද? පතන්නේ කුමක්ද? ඉසයො ඛත්තියා බ්‍රාහ්මණ, වෙනත් මනුජා දෙවතානං මොවුන් වෙනුවෙන් යඤ්ඤං අකප්පයිංසු යඤ්ඤ මකප්පයිංසු ‘ම’ අකුර වචන සන්ධි කිරීමේදී යෙදේ. අකප්පයිංසු සංවිධාන කළහ. පුථු ආහාරපාන දීම ආදියෙන් නොයෙක් ආකාරයෙන් බොහෝ ඉසිවරු, මිනිස්සු, රජවරු, බමුණෝ කුමක් හේතුකොට යාග කළාහුද? කෙසේ ඔවුන්ගේ ඒ කටයුතු ඉටුවේද? යන මේ අදහසින් අසයි.
අථස්ස භගවා තමත්ථං බ්යාකරොන්තො “යදන්තගූ වෙදගූ යඤ්ඤකාලෙ. යස්සාහුතිං ලභෙ තස්සිජ්ඣෙති බ්රූමී”ති ඉදං සෙසපදද්වයමාහ. තත්ථ යදන්තගූති යො අන්තගූ, ඔකාරස්ස අකාරො, දකාරො ච පදසන්ධිකරො “අසාධාරණමඤ්ඤෙස”න්තිආදීසු (ඛු· පා· 8.9) මකාරො විය. අයං පන අත්ථො – යො වට්ටදුක්ඛස්ස තීහි පරිඤ්ඤාහි අන්තගතත්තා අන්තගූ, චතූහි ච මග්ගඤාණවෙදෙහි කිලෙසෙ විජ්ඣිත්වා ගතත්තා වෙදගූ, සො යස්ස ඉසිමනුජඛත්තියබ්රාහ්මණානං අඤ්ඤතරස්ස යඤ්ඤකාලෙ යස්මිං කිස්මිඤ්චි ආහාරෙ පච්චුපට්ඨිතෙ අන්තමසො වනපණ්ණමූලඵලාදිම්හිපි ආහුතිං ලභෙ, තතො කිඤ්චි දෙය්යධම්මං ලභෙය්ය, තස්ස තං යඤ්ඤකම්මං ඉජ්ඣෙ සමිජ්ඣෙය්ය, මහප්ඵලං භවෙය්‍යාති බ්රූමීති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එම කරුණු පහදමින්, යදන්තගූ වෙදගූ යඤ්ඤකාලෙ යස්සාහුතිං ලභෙ තස්සිජෙඣති බ්රෑමි යැයි මේ ඉතිරි පද දෙක වදාළහ. යදන්තගූ යමෙක් කෙළවරට ගියේද ඔ” අකුරට ‘අ’ එක්වීමයි. ‘ද’ කාරය පද සන්ධි කිරීමෙහි යෙදේ. ‘අසාධාරණ මඤ්ඤෙසං’ (අන් අයට පොදු නොවූ) මෙබඳු තන්හි ‘ම’ කාරය මෙනි. මේ එහි අරුතයි. යො සසරෙහි තුන්ආකාර වූ දැනීමෙන් - කෙළවරට ගිය බැවින් අන්තගු, සිවු ආකාර වූ මග නුවණ දැනීමෙන් (සිවුසස් මගින් කෙලෙස් වනසා ගිය බැවින් වෙදගු, එම ඉසිවරුන්, මිනිස්, රජුන්, බමුණන් අතුරෙන් යස්ස එක්තරා කෙනෙකුට, යඤ්ඤකාලෙ යම්කිසි ආහාරයක් ලැබුණුවිට යටත් පිරිසෙයින් කැලෑකොළ, මුල්, ගෙඩි ආදී දෙයක් ගෙනැවිත් දුන්විට, ආහුතිංලභෙ එයින් කිසියම් දියයුතු දෙයක් ලැබේට්, තස්ස ඒ යාග කටයුත්ත ඉජෙඣ ඉටුවන්නේය, මහත් පලදායී වන්නේ යැයි බ්රෑමි යනුයි.
අථ බ්රාහ්මණො තං භගවතො පරමත්ථයොගගම්භීරං අතිමධුරගිරනිබ්බිකාරසරසම්පන්නං දෙසනං සුත්වා සරීරසම්පත්තිසූචිතඤ්චස්ස සබ්බගුණසම්පත්තිං සම්භාවයමානො පීතිසොමනස්සජාතො “අද්ධා හි තස්සා”ති ගාථමාහ. තත්ථ ඉති බ්රාහ්මණොති සඞ්ගීතිකාරානං වචනං, සෙසං බ්රාහ්මණස්ස. තස්සත්ථො – අද්ධා හි තස්ස මය්හං හුතමිජ්ඣෙ, අයං අජ්ජ දෙය්යධම්මො ඉජ්ඣිස්සති සමිජ්ඣිස්සති මහප්ඵලො භවිස්සති යං තාදිසං වෙදගුමද්දසාම, යස්මා තාදිසං භවන්තරූපං වෙදගුං අද්දසාම. ත්වඤ්ඤෙව හි සො වෙදගූ, න අඤ්ඤො. ඉතො පුබ්බෙ පන තුම්හාදිසානං වෙදගූනං අන්තගූනඤ්ච අදස්සනෙන අම්හාදිසානං යඤ්ඤෙ පටියත්තං අඤ්ඤො ජනො භුඤ්ජති පූරළාසං චරුකඤ්ච පූවඤ්චාති.
ඉක්බිති බමුණ, භාග්‍යවතුන් වහන්සේගේ උසස් අදහස් කෙරෙහි යොමුවන, ගැඹුරු, ඉතා මිහිරි වදනින් යුතු ඒ දේසනය අසා සිරුරේ පැහැපත් බවට මෙන්ම, උන්වහන්සේගේ සියළු ගුණසම්පතටද ගරුසැළකිලි දක්වමින්, බොහෝ සතුටට පත්ව, අද්ධා හි තස්සා යන ගාථාව කීය. ඉති බ්රාහ්මණෙ යනු සංගීතියට සහභාගී වූ හිමිවරුන්ගේ වචනයි. ඉතිරි වචන බමුණා කී දේය. එහි තේරුම නම්, අද්ධා හි තස්ස මට හුතමිජ්ඣෙ අද මේ දෙනු ලබන දෙය අදහස් ඉටුවන්නේය. මහත් පලදායී වන්නේය. යං තාදිසං වෙදගුං අද්දසාම යම් ලෙසකින් වේදයෙහි පරතෙරට ගිය එබඳු යහපත් කෙනෙකු දුටුවෙමු නම් වේදයෙහි පරතෙර පත් ඒ තැනැත්තා ඔබම මිස වෙනත් කෙනෙකු නොවේ. තුම්හා දිසානං මීට පෙර, එසේ වේදයෙහි කෙළවරට ගිය, අදස්සනෙන අප වැනි බමුණන් පිළියෙල කරන ලද යාගය, අඤ්ඤො ජනො භුඤ්ජති පූරළාසං යාග බත හා කැවුම් (ආදී සියළුම පූජා කරන දේ)
තතො භගවා අත්තනි පසන්නං වචනපටිග්ගහණසජ්ජං බ්රාහ්මණං විදිත්වා යථාස්ස සුට්ඨු පාකටා හොන්ති, එවං නානප්පකාරෙහි දක්ඛිණෙය්යෙ පකාසෙතුකාමො “තස්මාතිහ ත්ව”න්ති ගාථමාහ. තස්සත්ථො – යස්මා මයි පසන්නොසි, තස්මා පන ඉහ ත්වං, බ්‍රාහ්මණ, උපසඞ්කම්ම පුච්ඡාති අත්තානං දස්සෙන්තො ආහ. ඉදානි ඉතො පුබ්බං අත්ථෙනඅත්ථිකපදං පරපදෙන සම්බන්ධිතබ්බං – අත්ථෙන අත්ථිකො තස්ස අත්ථත්ථිකභාවස්ස අනුරූපං කිලෙසග්ගිවූපසමෙන සන්තං, කොධධූමවිගමෙන විධූමං, දුක්ඛාභාවෙන අනීඝං, අනෙකවිධආසාභාවෙන නිරාසං අප්පෙවිධ එකංසෙන ඉධ ඨිතොව ඉධ වා සාසනෙ අභිවින්දෙ ලච්ඡසි අධිගච්ඡිස්සසි සුමෙධං වරපඤ්ඤං ඛීණාසවදක්ඛිණෙය්යන්ති. අථ වා යස්මා මයි පසන්නොසි, තස්මාතිහ, ත්වං බ්‍රාහ්මණ, අත්ථෙන අත්ථිකො සමානො උපසඞ්කම්ම පුච්ඡ සන්තං විධූමං අනීඝං නිරාසන්ති අත්තානං දස්සෙන්තො ආහ. එවං පුච්ඡන්තො අප්පෙවිධ අභිවින්දෙ සුමෙධං ඛීණාසවදක්ඛිණෙය්යන්ති එවම්පෙත්ථ යොජනා වෙදිතබ්බා.
එහිදී භාග්‍යවතුන් වහන්සේ, (තවදුරටත්) කරුණු පහදා දෙනවිට බමුණා තමා කෙරෙහි පැහැදෙන අයුරු දැන, දීමට (පූජාව) සුදුසු වන අයුරු මනාව හෙළිවන සේ නොයෙක් ලෙසින් පහදා දෙනු කැමතිව, තස්මාතිහ ත්වං යන ගාථාව වදාළහ. එහි අරුත නම්, මා කෙරෙහි යම් ආකාරයෙන් පැහැදුණෙහි නම්, තස්මා ඉහ ත්වං බ්රාහ්මණා, උපසංකම්ම පුච්ඡා යනුවෙන් තමන් දක්වමින් කීහ. දැන් මෙතැන් සිට අත්ථෙන අත්ථිකං යන වචන පසු සඳහන් වචනය හා සම්බන්ධ විය යුතුය. අත්ථෙනත්ථිකො ඔහුට උපකාරයක්, යහපතක් වන දෙයක් ලැබෙන පරිදි කෙලෙස් ගිනි නිවීමෙන් සන්තං තරහ නැමති දුමාරය ඉවතලීමෙන් විධූමං, දුක නැති වීමෙන්, අනීඝං නොයෙක් ආකාර වූ ආසා නොමැති බැවින් නිරාසං අප්පෙවිධ යනු, ඒකාන්තයෙන් මෙහි පිහිටා හෝ මේ සසුනෙහි හෝ, අභිවින්දෙ ලබහි, ලඟාකර ගන්නෙහි, සුමෙධං උතුම් නුවණැති, කෙලෙස් ඉවතහළ උතුමන්ට පිදිය යුතු දේ, නැතහොත් - බමුණ ඔබ මා කෙරෙහි යම් ලෙසකින් පැහැදුණෙහි නම්, ඔබ යම්දෙයක් බලාපොරොත්තු වේනම්, පැමිණ විචාරව, කෙලෙස් ගිනි නිවීමෙන් සන්සුන් වූ, තරහ නැමති දුමාරය ඉවතලූ, දුක් නැතිකළ, ආසා රහිත වූ තමන් දක්වමින් මෙසේ නිසැකවම මේ සසුනෙහිම උතුම්, නුවණැති පිදීමට සුදුසු රහතන් වහන්සේ ලබන්නේ යැයි වදාළහ. එහි අදහස මෙසේ දතයුතුය.
අථ බ්රාහ්මණො යථානුසිට්ඨං පටිපජ්ජමානො භගවන්තං ආහ – “යඤ්ඤෙ රතොහං…පෙ… බ්රූහි මෙත”න්ති. තත්ථ යඤ්ඤො යාගො දානන්ති අත්ථතො එකං. තස්මා දානරතො අහං, තාය එව දානාරාමතාය දානං දාතුකාමො, න පන ජානාමි, එවං අජානන්තං අනුසාසතු මං භවං. අනුසාසන්තො ච උත්තානෙනෙව නයෙන යත්ථ හුතං ඉජ්ඣතෙ බ්රූහි මෙතන්ති එවමෙත්ථ අත්ථයොජනා වෙදිතබ්බා. “යථාහුත”න්තිපි පාඨො.
ඉක්බිති, බමුණා අනුසාසනය පිළිපදිමින්, යඤ්ඤෙ රතාහං භො ගොතම..... බ්‍රෑහි, මෙ තං යැයි භාග්‍යවතුන් වහන්සේට පැවසීය. එහි යඤ්ඤ, යාග දාන එකම තේරුමය. එහෙයින් දීමෙහි රතො අහං කැමැත්ත ඇතත්, දියයුතු ආකාරය කාමො න ජානාමි මෙසේ නොදන්නා මට අනුසාසතු මං භවං පැහැදිලි වන ලෙසට අනුසාසනා කරනු මැනවි. යත්ථහුතං ඉජෙඣ බ්‍රෑහි මෙ තං මෙසේ එහි අදහස දතයුතුය. යථාහුතං යයි ද පදයක් ඇත.
අථස්ස භගවා වත්තුකාමො ආහ – “තෙන හි…පෙ… දෙසෙස්සාමී”ති. ඔහිතසොතස්ස චස්ස අනුසාසනත්ථං තාව “මා ජාතිං පුච්ඡී”ති ගාථමාහ. තත්ථ මා ජාතිං පුච්ඡීති යදි හුතසමිද්ධිං දානමහප්ඵලතං පච්චාසීසසි, ජාතිං මා පුච්ඡ. අකාරණඤ්හි දක්ඛිණෙය්යවිචාරණාය ජාති. චරණඤ්ච පුච්ඡාති අපිච ඛො සීලාදිගුණභෙදං චරණං පුච්ඡ. එතඤ්හි දක්ඛිණෙය්යවිචාරණාය කාරණං.
එවිට භාග්‍යවතුන් වහන්සේ එය පැහැදිලි කරනු කැමතිව, තෙන හි දෙස්සෙසාමි යැයි වදාළහ. අසනු කැමතිව සවන් යොමුකළ බමුණාට අනුසාසනා පිණිස මා ජාති පුච්ඡ යන ගාථාව වදාළහ. පූජා කළ දෙයින්, දෙන ලද දෙයින් මහත් බලාපොරොත්තු ඇතිකර ගන්නෙහි නම්, මා ජාති පුච්ඡි ජාතිය ගැන නොඅසව. පිදීමට සුදුසු තැනැත්තෙකුට දීමේදී ජාතිය හේතුවක් නොවේ. චරණඤ්ච පුච්ජ එහෙත් සීලය ආදී යහගුණ පිළිබඳව - හැසිරීම ගැන අසව, පිදීමට සුදුසු තැනැත්තකුට දීමේදී එය ඇසිය හැකි කැරණකි.
ඉදානිස්ස තමත්ථං විභාවෙන්තො නිදස්සනමාහ – “කට්ඨා හවෙ ජායති ජාතවෙදො”තිආදි. තත්රායමධිප්පායො – ඉධ කට්ඨා අග්ගි ජායති, න ච සො සාලාදිකට්ඨා ජාතො එව අග්ගිකිච්චං කරොති, සාපානදොණිආදිකට්ඨා ජාතො න කරොති, අපිච ඛො අත්තනො අච්චිආදිගුණසම්පන්නත්තා එව කරොති. එවං න බ්රාහ්මණකුලාදීසු ජාතො එව දක්ඛිණෙය්යො හොති, චණ්ඩාලකුලාදීසු ජාතො න හොති, අපිච ඛො නීචාකුලීනොපි උච්චාකුලීනොපි ඛීණාසවමුනි ධිතිමා හිරීනිසෙධො ආජානියො හොති, ඉමාය ධිතිහිරිපමුඛාය ගුණසම්පත්තියා ජාතිමා උත්තමදක්ඛිණෙය්යො හොති. සො හි ධිතියා ගුණෙ ධාරයති, හිරියා දොසෙ නිසෙධෙති. වුත්තඤ්චෙතං “හිරියා හි සන්තො න කරොන්ති පාප”න්ති. තෙන තෙ බ්රූමි –
දැන් ඒ කරුණු පැහැදිලි කරමින්, කට්ඨා භවෙ ජායති ජාතවෙදො ආදී ලෙසින් නිදසුන් දැක්වූහ. එයින් අදහස් වන්නේ මෙයයි. දරවලින් ගිනි දැල්විය හැකිය. එම ගින්න සල් වැනි දර කැබලි නොවූවත්, ගින්නෙන් කෙරෙන කටයුත්ත සිදුකරයි. හිණි මං, ඔරු ආදියෙහි ලීවලින්ද ගිනි දැල්වුවත්, (බලාපොරොත්තු වන පරිදි පුද කටයුතු) එයින් සිදු නොකරයි. එහෙත් ගිනිදළු පැතිරිම සිදුවේ. මෙසේම බමුණු ආදී කුලවල ඉපදුණ පමණින් පූජාවට සුදුසු නොවේ. සැඩොල් ආදී කුලවල ඉපදුණත් සුදුසු නොවේ. එසේ වුවත් නීචාකුලීනො උසස් හෝ පහත් හෝ කුල (සම්මත) කෙලෙසුන් නැසූ මුනිවරයා මුනි ධිතිමා හිරි නිසෙධො ආජානීයො හොති උසස් නුවණ ද, ලජ්ජාව මුල්කොට ඇති ගුණසම්පතින්ද ‘උපත ලද’ මේ මුනිවරයා උසස් ලෙසින්ම පූජාවනට සුදුසුය. එතුමා නුවණින්ද, යහගුණෙහිද පිහිටා සිටී. ලජ්ජාවෙන් වැරදි වළක්වයි. ‘ලජ්ජාවෙන් සාන්ත වූ නිවුණු තැනැත්තෝ අයහපත් දේ නොකරති.’ ‘හිරියා හි සන්තා න කරොන්ති පාපං’ යැයි කියන ලදී. එහෙයින් මම ඔබට කියමි -
“මා ජාතිං පුච්ඡී චරණඤ්ච පුච්ඡ, කට්ඨා හවෙ ජායති ජාතවෙදො; නීචාකුලීනොපි මුනී ධිතීමා, ආජානියො හොති හිරීනිසෙධො”ති. –
කුලය නො අසව. දර ඒකාන්තයෙන්ම ගිනි අවුලවයි. සීලාදී හැසිරීම් ගැන අසව. පහත් යැයි සම්මත කුලයේ වුවද, උසස් කුලයෙක වුවද මුනිවරයා ලජ්ජාවෙන් වැරදි වළකාලීමෙන්ද නුවණින් ද ඉතා උසස්ම වෙයි.
එස සඞ්ඛෙපො, විත්ථාරො පන අස්සලායනසුත්තානුසාරෙන (ම· නි· 2.401 ආදයො) වෙදිතබ්බො.
මේ කෙටියෙන් සඳහන් කිරීමයි. විස්තර අස්සලායන සූත්‍රය අනුව දතයුතුය.
එවමෙතං භගවා චාතුවණ්ණිසුද්ධියා අනුසාසිත්වා ඉදානි යත්ථ හුතං ඉජ්ඣතෙ, යථා ච හුතං ඉජ්ඣතෙ, තමත්ථං දස්සෙතුං “සච්චෙන දන්තො”තිආදිගාථමාහ. තත්ථ සච්චෙනාති පරමත්ථසච්චෙන. තඤ්හි පත්තො දන්තො හොති. තෙනාහ – “සච්චෙන දන්තො”ති. දමසා උපෙතොති ඉන්ද්රියදමෙන සමන්නාගතො. වෙදන්තගූති වෙදෙහි වා කිලෙසානං අන්තං ගතො, වෙදානං වා අන්තං චතුත්ථමග්ගඤාණං ගතො. වූසිතබ්රහ්මචරියොති පුන වසිතබ්බාභාවතො වුත්ථමග්ගබ්රහ්මචරියො. කාලෙන තම්හි හබ්යං පවෙච්ඡෙති අත්තනො දෙය්යධම්මට්ඨිතකාලං තස්ස සම්මුඛීභාවකාලඤ්ච උපලක්ඛෙත්වා තෙන කාලෙන තාදිසෙ දක්ඛිණෙය්යෙ දෙය්යධම්මං පවෙච්ඡෙය්ය, පවෙසෙය්ය පටිපාදෙය්ය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සිවුවනක් පිරිසිදු බවින් අනුසාසනා කොට, දැන් යම් තැනක (යාගයක) පිදු දෙයින් අදහස් ඉටුවේද, යම් ආකාරයෙන් යාග කළවිට අදහස් ඉටුවේදැයි පහදා දීමට සච්චෙන දන්තො ආදී ගාථා වදාළහ. එහි සච්චෙන උතුම් ඇත්ත, සිවුසස් දම්, එයට පරම ඇත්ත අවබෝධ කළ තැනැත්තා, එහෙයින් සච්චෙන දන්තො යැයි කීහ. දම්සා උපෙතො ඉඳුරන් දමනය කරන ලද දැමුණු ඉඳුරන්ගෙන් යුතු, වෙදන්තගු වේදයෙහි හෝ කෙලෙස් කෙළවරට පත්ව ලද දැනීමෙන් හෝ, සිවුමග නුවණෙහි කෙළවරට ගියේ වුසිතබ්රහ්මචරියො නැවත සසර විසීම නැතිකිරීමට මග බඹසර පිරූ, කාලෙන තම්භි හව්ය පවෙච්ඡෙ තමන්ට දීමට දෙයක් ඇති කල පූජා ලැබිය යුතු තැනැත්තා හමුවන කාලයද සළකා (එසේ හමුවූ විට) එබඳු දිය යුතු තැනැත්තාට දියයුතු දෙයක් පිලියෙල වන්නේය.
කාමෙති වත්ථුකාමෙ ච කිලෙසකාමෙ ච. සුසමාහිතින්ද්රියාති සුට්ඨු සමාහිතඉන්ද්රියා, අවික්ඛිත්තඉන්ද්රියාති වුත්තං හොති. චන්දොව රාහුග්ගහණා පමුත්තාති යථා චන්දො රාහුග්ගහණා, එවං කිලෙසග්ගහණා පමුත්තා යෙ අතීව භාසන්ති චෙව තපන්ති ච. සතාති සතිසම්පන්නා. මමායිතානීති තණ්හාදිට්ඨිමමායිතානි.
කාමෙ සැප සම්පත් කැමැති වීමත්, කෙලෙස් වැඩෙන දෙයට කැමැතිවීමත්, සුසමාහිතින්ද්රියා මනාව තැන්පත් වූ ඉඳුරන් ඇති, සංවර වූ ඉඳුරන් ඇති බව කියන ලදී. චන්ද්රෙව රාහුග්ගහණ පමුත්තා සඳ රාහු ගිලගැනීමෙන් මිදුණ සේ, කෙලෙස් වැසීමෙන් මිදී බොහෝසයින් ආලෝකමවත් වෙති. බබළති. සතා සිහියෙන් යුතු, මමායිතානි ආසා හා දැඩිව ගත් හැඟීම් තුළින් මමය - මාගේ යැයි සැළකීම.
යො කාමෙ හිත්වාති ඉතො පභුති අත්තානං සන්ධාය වදති. තත්ථ කාමෙ හිත්වාති කිලෙසකාමෙ පහාය. අභිභුය්යචාරීති තෙසං පහීනත්තා වත්ථුකාමෙ අභිභුය්යචාරී. ජාතිමරණස්ස අන්තං නාම නිබ්බානං වුච්චති, තඤ්ච යො වෙදි අත්තනො පඤ්ඤාබලෙන අඤ්ඤාසි. උදකරහදො වාති යෙ ඉමෙ අනොතත්තදහො කණ්ණමුණ්ඩදහො රථකාරදහො ඡද්දන්තදහො කුණාලදහො මන්දාකිනිදහො සීහප්පපාතදහොති හිමවති සත්ත මහාරහදා අග්ගිසූරියසන්තාපෙහි අසම්ඵුට්ඨත්තා නිච්චං සීතලා, තෙසං අඤ්ඤතරො උදකරහදොව සීතො පරිනිබ්බුතකිලෙසපරිළාහත්තා.
යො කාමෙ හිත්වා මෙතැන්සිට තමා පිළිබඳව කියති. කාමෙ හිත්වා කෙලෙස් වඩන කැමැත්ත හැර, අභිභුය්යචාරී ඒ කැමැත්ත නැති කළ බැවින් සම්පත් ආදියෙහිද කැමැත්ත මැඩපවත්වා හැසිරෙන, ජාතිමරණස්ස අනතං නිවන සඳහා කියන ලදී. වෙදී එය යම් කෙනෙක් තම නුවණ බලයෙන් දැනගත්තේ ද, උදකරහදො වා හිමාලයෙහි පිහිටි අනොතත්ත විල, කණ්ණමුණ්ඩ විල, රථකාර විල, ඡද්දන්ත විල, කුණාල විල, මන්දාකිනී විල, සීහප්පපාතක විල යන මහා විල් හත ගිනිවන් හිරු රැසින් තැවුණද උණුසුම් නොවී, නිති සිසිල් වේද, ඒ එක්විලක ජලය මෙන් සිසිල් වූයේ, පරිනිබ්බුත කෙලෙස් දැවිලි රහිත බැවිනි.
සමොති තුල්යො. සමෙහීති විපස්සිආදීහි බුද්ධෙහි. තෙ හි පටිවෙධසමත්තා “සමා”ති වුච්චන්ති. නත්ථි තෙසං පටිවෙධෙනාධිගන්තබ්බෙසු ගුණෙසු, පහාතබ්බෙසු වා දොසෙසු වෙමත්තතා , අද්ධානආයුකුලප්පමාණාභිනික්ඛමනපධානබොධිරස්මීහි පන නෙසං වෙමත්තතා හොති. තථා හි තෙ හෙට්ඨිමපරිච්ඡෙදෙන චතූහි අසඞ්ඛ්යෙය්යෙහි කප්පසතසහස්සෙන ච පාරමියො පූරෙන්ති, උපරිමපරිච්ඡෙදෙන සොළසහි අසඞ්ඛ්යෙය්යෙහි කප්පසතසහස්සෙන ච. අයං නෙසං අද්ධානවෙමත්තතා. හෙට්ඨිමපරිච්ඡෙදෙන ච වස්සසතායුකකාලෙ උප්පජ්ජන්ති, උපරිමපරිච්ඡෙදෙන වස්සසතසහස්සායුකකාලෙ. අයං නෙසං ආයුවෙමත්තතා. ඛත්තියකුලෙ වා බ්රාහ්මණකුලෙ වා උප්පජ්ජන්ති. අයං කුලවෙමත්තතා. උච්චා වා හොන්ති අට්ඨාසීතිහත්ථප්පමාණා, නීචා වා පන්නරසඅට්ඨාරසහත්ථප්පමාණා. අයං පමාණවෙමත්තතා. හත්ථිඅස්සරථසිවිකාදීහි නික්ඛමන්ති වෙහාසෙන වා. තථා හි විපස්සිකකුසන්ධා අස්සරථෙන නික්ඛමිංසු, සිඛීකොණාගමනා හත්ථික්ඛන්ධෙන, වෙස්සභූ සිවිකාය, කස්සපො වෙහාසෙන, සක්‍යමුනි අස්සපිට්ඨියා. අයං නෙක්ඛම්මවෙමත්තතා. සත්තාහං වා පධානමනුයුඤ්ජන්ති, අඩ්ඪමාසං, මාසං, ද්වෙමාසං, තෙමාසං, චතුමාසං, පඤ්චමාසං, ඡමාසං, එකවස්සං ද්විතිචතුපඤ්චඡවස්සානි වා. අයං පධානවෙමත්තතා. අස්සත්ථො වා බොධිරුක්ඛො හොති නිග්රොධාදීනං වා අඤ්ඤතරො. අයං බොධිවෙමත්තතා. බ්යාමාසීතිඅනන්තපභායුත්තා හොන්ති. තත්ථ බ්යාමප්පභා වා අසීතිප්පභා වා සබ්බෙසං සමානා, අනන්තප්පභා පන දූරම්පි ගච්ඡති ආසන්නම්පි, එකගාවුතං ද්විගාවුතං යොජනං අනෙකයොජනං චක්කවාළපරියන්තම්පි, මඞ්ගලස්ස බුද්ධස්ස සරීරප්පභා දසසහස්සචක්කවාළං අගමාසි. එවං සන්තෙපි මනසා චින්තායත්තාව සබ්බබුද්ධානං, යො යත්තකමිච්ඡති, තස්ස තත්තකං ගච්ඡති. අයං රස්මිවෙමත්තතා. ඉමා අට්ඨ වෙමත්තතා ඨපෙත්වා අවසෙසෙසු පටිවෙධෙනාධිගන්තබ්බෙසු ගුණෙසු, පහාතබ්බෙසු වා දොසෙසු නත්ථි නෙසං විසෙසො, තස්මා “සමා”ති වුච්චන්ති. එවමෙතෙහි සමො සමෙහි.
සමො සමාන, සමෙහි විපස්සි ආදී බුදුවරු සහ ඒ බුදුවරු මෙන් අවබෝධය ලද බැවින් සම වූ යැයි කියනු ලබති. උන්වහන්සේලා අවබෝධ කළ සියළු කරුණුවලද, අත්හළ යුතු වූ වැරදිවලද කිසිදු වෙනසක් නැත. (අවබෝධයට) පැමිණි මග, ආයුකාලය, කුලය, උස, මහබිනික්මන, දහම් අවබෝධයට ගත් උත්සාහය, සෙවන දුන් බෝධිය හා රැස්මාලාවෙහි නම් වෙනස්කම් ඇත. එසේ උන්වහන්සේලා විසින් අවම ලෙසින් අසංඛෙය්‍ය සතරකුත් කප් සියදහසක් පෙරුම්දම් පුරති. උපරිම කාලය අසංඛෙය්‍ය දහසයකුත් කප් සියදහසකි. මේ වූකලී බුදුවරුන්ගේ අද්ධානවෙමත්තතා නම් වෙයි. ජීවත්වන අඩුම කාලය වසර සියයක් ද ජීවත්වන වැඩිම කාලය වසර සියදහසක් අතර පවත්නා යුගයක බුදුවරු උපදිති. මේ උන්වහන්සේලාගේ ආයුවෙමත්තතා වෙයි. රජකුලයෙහි (කැත්කුල) හෝ බමුණු කුලයෙහි ඉපදීම කුලවෙමත්තතා නම් වේ. වැඩිම උසින් අසූඅට රියනකි. අවම උස පහළොස් රියනක් හෝ දහඅට රියනක් පමණ වෙයි. මෙය පමාණවෙමත්තතා වේ. අහසින් හෝ ඇතුපිටින් හෝ, අසකු පිටින් හෝ රියකින්, දෝලාවකින් හෝ මහබිනික්මන් කරති. විපස්සී, කකුසඳ (බෝසත්වරු) අස්රියෙන් නික්මුණහ. සිඛී, කෝණාගම (බෝසතුන්) ඇතුන් පිටිනි. වෙස්සභූ (බෝසත්) දෝලාවෙනි. කස්සප (බෝසත්) අහසිනි. සැකිමුනි (බෝසත්) අසුපිටිනි. මෙය නෙක්ඛම්ම වෙමත්තතා ය. දහම් අවබෝධයට සත්දිනක්, අඩමසක්, එක්මසක්, දෙමසක්, තෙමසක්, හයමසක්, එක් වසරක්, වසර දෙකක්, තුනක්, හතරක්, පහක් හෝ හයක් ගතවේ. පධාන වෙමත්තතා නම් මෙයයි. බෝරුක් ලෙස ඇසතු හෝ නුග හෝ වෙනත් ගසකි. මෙය බොධිවෙමත්තතා ය. බුදුරැස් විහිදීම බඹයක්, බඹ අසූවක් වන අතර, පැහැයෙහි සීමාවක් දැක්විය නොහැකිය. එහි ආලෝකය බඹයක් දුර වුවත්, බඹ අසූවක් වුවත්, හැමටම එක සමානය. අපමණ වූ රැස් දහරා ආලෝකය දුරටද, ළඟටද විහිදෙයි. ගවුවක්, ගවු දෙකක්, යොදුනක්, යොදුන් බොහෝ ගණනක් හෝ සක්වළ කෙළවරටද විහිදේ. මංගල බුදුරදුන්ගේ සිරුරේ පැහැයෙහි ආලෝකය දසදහසක් සක්වළ පැතිර ගියේය. කරුණු මෙසේ වුවද සියළුම බුදුවරුන්ගේ සිත් අදිටන් පරිදි, කැමති පමණ දුරකට පැතිරෙයි. රංසිවෙමත්තතා නම් මේ වෙනස්කම් අට හැර, අවබෝධ කළයුතු සියළුම දෙයෙහිත්, අත්හැර දැමිය යුතු යැයි හෝ, වරද සේ පෙන්වාදෙන කරුණුවල හෝ බුදුවරුන් අතර වෙනස් බවක් නැත. එහෙයින් සමාන යැයි කියනු ලැබේ. මෙසේ ඒ බුදුවරු සමවූවන් හා සමවෙති.
විසමෙහි දූරෙති න සමා විසමා, පච්චෙකබුද්ධාදයො අවසෙසසබ්බසත්තා. තෙහි විසමෙහි අසදිසතාය දූරෙ. සකලජම්බුදීපං පූරෙත්වා පල්ලඞ්කෙන පල්ලඞ්කං සඞ්ඝට්ටෙත්වා නිසින්නා පච්චෙකබුද්ධාපි හි ගුණෙහි එකස්ස සම්මාසම්බුද්ධස්ස කලං නාග්ඝන්ති සොළසිං , කො පන වාදො සාවකාදීසු. තෙනාහ – “විසමෙහි දූරෙ”ති. තථාගතො හොතීති උභයපදෙහි දූරෙති යොජෙතබ්බං. අනන්තපඤ්ඤොති අපරිමිතපඤ්ඤො. ලොකියමනුස්සානඤ්හි පඤ්ඤං උපනිධාය අට්ඨමකස්ස පඤ්ඤා අධිකා, තස්ස පඤ්ඤං උපනිධාය සොතාපන්නස්ස. එවං යාව අරහතො පඤ්ඤං උපනිධාය පච්චෙකබුද්ධස්ස පඤ්ඤා අධිකා, පච්චෙකබුද්ධස්ස පඤ්ඤං පන උපනිධාය තථාගතස්ස පඤ්ඤා අධිකාති න වත්තබ්බා, අනන්තා ඉච්චෙව පන වත්තබ්බා. තෙනාහ – “අනන්තපඤ්ඤො”ති. අනූපලිත්තොති තණ්හාදිට්ඨිලෙපෙහි අලිත්තො. ඉධ වා හුරං වාති ඉධලොකෙ වා පරලොකෙ වා. යොජනා පනෙත්ථ – සමො සමෙහි විසමෙහි දූරෙ තථාගතො හොති. කස්මා? යස්මා අනන්තපඤ්ඤො අනුපලිත්තො ඉධ වා හුරං වා, තෙන තථාගතො අරහති පූරළාසන්ති.
විසමෙහි දූරෙ පසේබුදුවරු පසේබුදුවරුන් හා සමවෙති. අනෙක් සියළු සතුන් හා සම නොවෙති. මුළු දඹදිව මුළුල්ලේම ළංවන සේ, එකට ගෑවෙන සේ පසේ බුදුවරුන් වැඩසිටියද ගුණවලින් එක සම්මා සම්බුදුවරයකු හා සළකන විට දහසයෙන් එක් කොටසක්වත් තරම් නොවේ. එසේනම් (බුදු) සව්වන් පිළිබඳව කවර කතාද? එහෙයින් විසමෙහි දූරෙ යැයි කීහ. තථාගතො හොති වචන දෙක අතර දූරෙ යනුවෙන් (තථාගතො දූරෙ හොති) අනන්ත පඤ්ඤො අපමණ වූ නුවණින්, පොදු මිනිසුන්ගේ නුවණ හා සළකනවිට, සෝවාන් මග ආ තැනැත්තාගේ නුවණ වැඩිය. සෝවාන් බවට පත් තැනැත්තාගේ නුවණ ඊටත් වැඩිය. මෙසේ අරහත් වූවකු දක්වා සළකනවිට, පසේ බුදුවරයකුගේ නුවණ වැඩිය. පසේ බුදුනුවණ හා සළකනවිට තථාගතයන් වහන්සේගේ නුවණ වැඩියැයි නොකිව යුතුය. එහිදී කිවයුත්තේ තථාගත නුවණ පමණ කළ නොහැකි බවයි. එහෙයින් එහි කෙළවරක් දැක්විය නොහැකිය. එහෙයින් අනන්ත පඤ්ඤො යැයි කීහ. අනුපලිත්තො තණ්හා ආසා හා දැඩිව ගත් හැඟීම්වල නොඇළුණු, ඉධ වා හුරං වා මෙලොව හෝ පරලොවෙහි, මේ කරුණුවලින් අදහස් වන්නේ, බුදුවරයකුම හා සම වූ, අන් සියළු දෙනාගේම සමතාවයෙන් ඉතා දුර වූ බවයි. (අසම සම) කවර හෙයින්ද? නුවණින් අපමණ වූ, මෙලොව හෝ පරලොව හෝ කිසිම දෙයක නොඇළුණු, තථාගතයන් වහන්සේ (යාග) බත හා කැවිලි ආදිය පිළිගැනීමට සුදුසු වෙති.
යම්හි න මායාති අයං පන ගාථා අඤ්ඤා ච ඊදිසා මායාදිදොසයුත්තෙසු බ්රාහ්මණෙසු දක්ඛිණෙය්යසඤ්ඤාපහානත්ථං වුත්තාති වෙදිතබ්බා. තත්ථ අමමොති සත්තසඞ්ඛාරෙසු “ඉදං මමා”ති පහීනමමායිතභාවො.
යම්හි න මායා ගාථාව, මෙබඳු මුලා වූ, තරහ ආදී ගතියෙන් යුතු වෙනත් බමුණන්ගේ ද පූජා පිදිය යුත්තේ කවුරුන් වෙතදැයි පවත්නා හැඟීම දුරුකිරීම පිණිස, කියන ලද බව දතයුතුය. අමමො පුද්ගලයා කෙරෙහි වූ ‘මේ මගේය’ යන අදහස නොමැති බවයි.
නිවෙසනන්ති තණ්හාදිට්ඨිනිවෙසනං. තෙන හි මනො තීසු භවෙසු නිවිසති, තෙන තං “නිවෙසනං මනසො”ති වුච්චති. තත්ථෙව වා නිවිසති තං හිත්වා ගන්තුං අසමත්ථතාය. තෙනපි “නිවෙසන”න්ති වුච්චති. පරිග්ගහාති තණ්හාදිට්ඨියො එව, තාහි පරිග්ගහිතධම්මා වා. කෙචීති අප්පමත්තකාපි. අනුපාදියානොති තෙසං නිවෙසනපරිග්ගහානං අභාවා කඤ්චි ධම්මං අනුපාදියමානො.
නිවෙසනං තණ්හා සහ දැඩිව ගත් නොයෙක් හැඟීම්වලින් වෙලුණු, ඒ අනුව මනස තුන් භවයෙහිම ඇලෙයි. එහෙයින් එසේ ඇලී වසන තැන, මනසො යයි කියනු ලබයි. එහිම ඇලී විසීම නිසා එය අත්හැර යාමට නොහැකි බැවින් නිවෙසන යැයිද සඳහන් වෙයි. පරිග්ගහා තණ්හාව හා දැඩිව ගත් හැඟීම්වලින්ම අල්ලාගෙන ඇති බව, කෙචි යහපතෙහි නොපමා වූද, අනුපාදියානො අල්ලා ගන්නා ලද බැඳීම් නැතිකළ බැවින්, ඒ කිසිදු දෙයක් ඇතිකර නොගනිමින්,
සමාහිතො මග්ගසමාධිනා. උදතාරීති උත්තිණ්ණො. ධම්මං චඤ්ඤාසීති සබ්බඤ්ච ඤෙය්යධම්මං අඤ්ඤාසි. පරමාය දිට්ඨියාති සබ්බඤ්ඤුතඤ්ඤාණෙන.
සමාහිතො සතරමගෙහි සමාධියෙන් උදතාරී එතර වූයේ, ධම්මඤ්ච අඤ්ඤාසි සියළුම දැනගත යුතු දේ අවබෝධ කළ සේක. පරමාය දිට්ඨියා සියල්ල දන්නා නුවණින්,
භවාසවාති භවතණ්හාඣානනිකන්තිසස්සතදිට්ඨිසහගතා රාගා. වචීති වාචා. ඛරාති කක්ඛළා ඵරුසා. විධූපිතාති දඩ්ඪා. අත්ථගතාති අත්ථඞ්ගතා. න සන්තීති විධූපිතත්තා අත්ථඞ්ගතත්තා ච. උභයෙහි පන උභයං යොජෙතබ්බං සබ්බධීති සබ්බෙසු ඛන්ධායතනාදීසු.
භවාසවා ඉපදෙන තැන් පිළිබඳ දැඩි ආසාවෙන් බැඳුණු, සදාකාලිකවම එහි ඇලීමේ රාගයයි. වචී වචන, ඛරා රළු, නපුරු, විධූපිතා දවන ලද, අත්ථගතා නසන ලද්දේය, නැතිකරන ලද, න සන්ති දවන ලද බැවින් ද නසන ලද බැවින්ද න සන්ති යන්න මේ වචන දෙකටම යෙදිය යුතුය. සබ්බධී සියළු රූපාදී සමූහය සහ ඇස ආදී ආයතන කෙරෙහි,
මානසත්තෙසූති මානෙන ලග්ගෙසු. දුක්ඛං පරිඤ්ඤායාති වට්ටදුක්ඛං තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා. සඛෙත්තවත්ථුන්ති සහෙතුපච්චයං, සද්ධිං කම්මකිලෙසෙහීති වුත්තං හොති.
මානසතෙතසු මානයෙන් එල්ලී සිටින, දුක්ඛං පරිඤ්ඤාය සසර දුක තුන් ආකාර වූ පිරිසිඳ දැනීමෙන්, සඛෙත්තවත්ථු හේතුව සහ පලය සහිත, කෙලෙස් පිරි කටයුතු සඳහා කියන ලදී.
ආසං අනිස්සායාති තණ්හං අනල්ලීයිත්වා. විවෙකදස්සීති නිබ්බානදස්සී. පරවෙදියන්ති පරෙහි ඤාපෙතබ්බං. දිට්ඨිමුපාතිවත්තොති ද්වාසට්ඨිභෙදම්පි මිච්ඡාදිට්ඨිං අතික්කන්තො. ආරම්මණාති පච්චයා, පුනබ්භවකාරණානීති වුත්තං හොති.
ආසං අනිස්සායා තණ්හාවෙහි නොඇලී, විවෙකදස්සී නිවන දුටු, පරවෙදියන්ති අන් තැනැත්තන්ටද දැනගැනීමට සැලසිය යුතුය. දිට්ඨිමුපාතිවත්තො සැටදෙකක් වූ මිසදිටු බව ඉක්මවූයේ, ආරම්මණ හේතු, නැවත භවයක ඉපදීමට හේතු ගැන කියන ලදී.
පරොපරාති වරාවරා සුන්දරාසුන්දරා. පරා වා බාහිරා, අපරා අජ්ඣත්තිකා. සමෙච්චාති ඤාණෙන පටිවිජ්ඣිත්වා. ධම්මාති ඛන්ධායතනාදයො ධම්මා. උපාදානඛයෙ විමුත්තොති නිබ්බානෙ නිබ්බානාරම්මණතො විමුත්තො, නිබ්බානාරම්මණවිමුත්තිලාභීති අත්ථො.
පරොවරා අනුන්, තමන් - යහපත් අයහපත් හෝ වෙනත් බාහිර හෝ තමා පිළිබඳ, සමෙච්ච නුවණින් මනාව අවබෝධකොට, ධම්මා රූපාදී සමූහය හා ඇස් ආදී ආයතනයන්හි ගතිසොබාව, උපාදානක්ඛයෙ විමුත්තො නිවන කෙරෙහි, නිවන හේතුකොට, කෙලෙසුන්ගෙන් මිදුණු, නිවන් අරමුණෙහි කෙලෙසුන්ගෙන් මිදෙනු ලැබූ තේරුමයි.
සංයොජනංජාතිඛයන්තදස්සීති සංයොජනක්ඛයන්තදස්සී ජාතික්ඛයන්තදස්සී ච. සංයොජනක්ඛයන්තෙන චෙත්ථ සඋපාදිසෙසා නිබ්බානධාතු, ජාතික්ඛයන්තෙන අනුපාදිසෙසා වුත්තා. ඛයන්තොති හි අච්චන්තඛයස්ස සමුච්ඡෙදප්පහානස්සෙතං අධිවචනං. අනුනාසිකලොපො චෙත්ථ “විවෙකජං පීතිසුඛ”න්තිආදීසු විය න කතො. යොපානුදීති යො අපනුදි. රාගපථන්ති රාගාරම්මණං, රාගමෙව වා. රාගොපි හි දුග්ගතීනං පථත්තා “රාගපථො”ති වුච්චති කම්මපථො විය. සුද්ධො නිදොසො විමලො අකාචොති පරිසුද්ධකායසමාචාරාදිතාය සුද්ධො. යෙහි “රාගදොසා අයං පජා, දොසදොසා, මොහදොසා”ති වුච්චති. තෙසං අභාවා නිදොසො. අට්ඨපුරිසමලවිගමා විමලො, උපක්කිලෙසාභාවතො අකාචො. උපක්කිලිට්ඨො හි උපක්කිලෙසෙන “සකාචො”ති වුච්චති. සුද්ධො වා යස්මා නිද්දොසො, නිද්දොසතාය විමලො, බාහිරමලාභාවෙන විමලත්තා අකාචො. සමලො හි “සකාචො”ති වුච්චති. විමලත්තා වා ආගුං න කරොති, තෙන අකාචො. ආගුකිරියා හි උපඝාතකරණතො “කාචො”ති වුච්චති.
සංයොජනඤ්ජාති ඛයන්ත දස්සී සසර බැඳීම් නසන දැක්ම හෝ ඉපදීම නැතිකිරීම දකින, සංයෝජන නැසීමෙන්, සෝපාදිසෙස නිවනත්, ඉපදීම නැතිකිරීමෙන් අනුපාදිසෙස නිවනත් කියන ලදහ. නැතිකිරීම, මුළුමනින්ම නසන ලද, තේරුමට සමාන වදනකි. අනුනාසික ලොපයයි. විවෙකජං පීතිසුඛං ආදී තැන්වල එසේ නොවීය. යොපානුදී යම් කෙනෙක් දුරුකරත්ද රාගපථං රාග අරමුණු හෝ රාගයම හෝ, රාගයද දුගතියට මාවත බැවින් රාගපථො යැයි කියනු ලැබේ. කම්මපථො යන්න මෙනි. සුද්ධො නිද්දොසො විමලො අකාචො කය හැසිරවීම් ආදියෙන් පිරිසිදුව, මේ මිනිසුන් රාගයෙන් වැරදි කරන, තරහව නිසා වැරදි කරන, මුළාවෙන් වැරදි කරති’යි කියනු ලබයි. ඒ වැරදි නැතිකරන ලදින් නිදොස්ය. අටආකාර වූ අපිරිසිදු බවින් තොරවීමෙන් ඉතා පිරිසිදුය. කෙලෙස් කිලුටෙන් තොරවූ බැවින්, පලුදු රහිත බැවින් කාචො යැයි කියයි. යම්ලෙසකින් පිරිසිදුව, වැරදි රහිත වේද, ඒ වැරදි සහගත නොවීමෙන් ඉතා පිරිසිදු බවද, පිටතද අපිරිසිදු බව නොමැති හෙයින් පලුදු රහිතය. අපිරිසිදු බවින් යුතු සකාචො වේ. එසේ අති පිරිසිදු බැවින් අපරාධ නොකරයි. එහෙයින් අකාච වේ. අපරාධ කටයුතුවලදී වැනසීම, නැසීම ආදිය කරන හෙයින්ද කාචො යයි කියනු ලබයි.
අත්තනො අත්තානං නානුපස්සතීති ඤාණසම්පයුත්තෙන චිත්තෙන විපස්සන්තො අත්තනො ඛන්ධෙසු අඤ්ඤං අත්තානං නාම න පස්සති, ඛන්ධමත්තමෙව පස්සති. යා චායං “අත්තනාව අත්තානං සඤ්ජානාමී”ති තස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති, තස්සා අභාවා අත්තනො අත්තානං නානුපස්සති, අඤ්ඤදත්ථු පඤ්ඤාය ඛන්ධෙ පස්සති. මග්ගසමාධිනා සමාහිතො, කායවඞ්කාදීනං අභාවා උජ්ජුගතො, ලොකධම්මෙහි අකම්පනීයතො ඨිතත්තො, තණ්හාසඞ්ඛාතාය එජාය පඤ්චන්නං චෙතොඛිලානඤ්ච අට්ඨට්ඨානාය කඞ්ඛාය ච අභාවා අනෙජො අඛිලො අකඞ්ඛො.
අත්තනා අත්තානං නානුපස්සති නුවණ පෙරදැරි වූ සිතින් මනාව බලමින්, තමන්ගේ රූපාදි සමූහයෙහි (සිරුරෙහි) මමායනය පෙරටුව ගත් දෙයක් සේ නොදකී. හුදෙක් රූප-වේදනා ආදී සමූහයන්ගේ එකතුවක් ලෙසම දකී. තමා ගැනම, තමාගේම යනුවෙන් හඳුනාගන්නා තැනැත්තාට ඇත්තටම (ඒ සිතන ආකාරයෙන්) දැඩිව අල්ලාගන්නා හැඟීම් හටගනී. එසේ නොකොට තමා ගැන තමාගේ යන අදහසින් නොබලමින්, හුදෙක්ම නුවණ මෙහෙය සිරුර පිළිබඳව සළකා බලයි. මග්ග සමාධියෙන් සමාහිතො කයෙන් කෙරෙන කටයුතුවල ඇද බවක් නොමැතිවීම උජ්ජුගතො, ලෝ දහමෙහි කම්පා නොවීම ඨිතත්තො, එජා නම් වූ තණ්හාවද, කෙලෙස් උල් පහද, බුදුරජාණන් වහන්සේ ආදී කොට ඇති සැක අටද නොමැති බැවින් අනෙජො, අඛිලො, අකංඛො
මොහන්තරාති මොහකාරණා මොහපච්චයා, සබ්බකිලෙසානමෙතං අධිවචනං. සබ්බෙසු ධම්මෙසු ච ඤාණදස්සීති සච්ඡිකතසබ්බඤ්ඤුතඤ්ඤාණො. තඤ්හි සබ්බෙසු ධම්මෙසු ඤාණං, තඤ්ච භගවා පස්සි, “අධිගතං මෙ”ති සච්ඡිකත්වා විහාසි. තෙන වුච්චති “සබ්බෙසු ධම්මෙසු ච ඤාණදස්සී”ති. සම්බොධින්ති අරහත්තං. අනුත්තරන්ති පච්චෙකබුද්ධසාවකෙහි අසාධාරණං. සිවන්ති ඛෙමං නිරුපද්දවං සස්සිරිකං වා. යක්ඛස්සාති පුරිසස්ස. සුද්ධීති වොදානතා. එත්ථ හි මොහන්තරාභාවෙන සබ්බදොසාභාවො, තෙන සංසාරකාරණසමුච්ඡෙදො අන්තිමසරීරධාරිතා, ඤාණදස්සිතාය සබ්බගුණසම්භවො. තෙන අනුත්තරා සම්බොධිපත්ති, ඉතො පරඤ්ච පහාතබ්බමධිගන්තබ්බං වා නත්ථි. තෙනාහ – “එත්තාවතා යක්ඛස්ස සුද්ධී”ති.
මුලාවට කරුණු වන, මුලාවට හේතුවන හෙයින් මොහන්තරා සියළුම කෙලෙස්වලට එය සමාන වචනයකි. සබ්බෙසු ධම්මෙසු ච ඤාණදස්සී සියල්ල දන්නා නුවණින් අවබෝධ කරන ලද, ඒ සියළු දෙයම දන්නා නුවණයි. භාග්‍යවතුන් වහන්සේ එය පසක් කළහ. ලැබගත්හ. අවබෝධ කොට විසූහ. එබැවින් සියළුම දතයුතු දේ නුවණින් දක්නා ලද්දේ යැයි කියනු ලැබේ. සම්බොධි අරහත් බවයි. අනුත්තරං පසේ බුදුවරුන් හා මගපල ලද සවුවනට වඩා උසස් වූ, සිවං බිය නැති, උවදුරු රහිත, අසිරිමත් වූ, යක්ඛස්ස තැනැත්තාගේ, සුද්ධී සුපිරිසිදු බව, මුළාවට පත් නොවීමෙන්, සියළු වැරදි සිදුනොවන බැවින්ද, එයින් සසර ගොඩනගන හේතුද නැතිකරන බැවින්ද, උතුම් සම්බුදු බවට පත්වී, මෙයින් මතු ඉවත හළයුතු හෝ ලබාගත යුතු දෙයක් නැත. එපමණකින් මිනිසාගේ සුපිරිසිදුතාව වදාළහ.
එවං වුත්තෙ බ්රාහ්මණො භිය්යොසොමත්තාය භගවති පසන්නො පසන්නාකාරං කරොන්තො ආහ “හුතඤ්ච මය්හ”න්ති. තස්සත්ථො – යමහං ඉතො පුබ්බෙ බ්රහ්මානං ආරබ්භ අග්ගිම්හි අජුහං, තං මෙ හුතං සච්චං වා හොති, අලිකං වාති න ජානාමි. අජ්ජ පන ඉදං හුතඤ්ච මය්හං හුතමත්ථු සච්චං, සච්චහුතමෙව අත්ථූති යාචන්තො භණති. යං තාදිසං වෙදගුනං අලත්ථං, යස්මා ඉධෙව ඨිතො භවන්තරූපං වෙදගුං අලත්ථං. බ්රහ්මා හි සක්ඛි, පච්චක්ඛමෙව හි ත්වං බ්රහ්මා, යතො පටිග්ගණ්හාතු මෙ භගවා, පටිග්ගහෙත්වා ච භුඤ්ජතු මෙ භගවා පූරළාසන්ති තං හබ්යසෙසං උපනාමෙන්තො ආහ.
මෙසේ වදාළ කල බමුණා බොහෝ සතුටට පත්ව, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුනු බව පළකරමින් හුතඤ්ච මය්හං යන ගාථාව කීය. එහි තේරුම නම්, ‘ඇත්ත හෝ බොරු හෝ නොදැන පෙරදී මම බ්‍රහ්ම උදෙසා ගිනි පුදමින් යාගපූජා කිරිමෙහි යෙදුණෙමි. යුතඤ්ච මය්හං හුතමත්ථු සච්චං අද මේ පූජා කිරීමෙහි තේරුමත්, ඇත්තක් ඇතැයි (වැටහී) එය පිළිගන්නා ලෙස ඉල්ලයි. යං තාදිසං වෙදගුනං අලත්ථං පූජා පිළිගැනීම දන්නා සුදුසුම තැනැත්තකු මෙතැනදීම ලැබීමි. බ්රහ්මාහි සක්ඛී ඔබ බ්‍රහ්ම බවම පැහැදිලිය. පතිගණ්හාතු මෙ භගවා පිළිගෙන, භුඤ්ජතු මෙ භගවා පූරළාසං ඒ කිරිබත් ආදී යුගයෙහි ඉතිරි දේ පිළිගන්වමින් කීය.
අථ භගවා කසිභාරද්වාජසුත්තෙ වුත්තනයෙන ගාථාද්වයමභාසි. තතො බ්රාහ්මණො “අයං අත්තනා න ඉච්ඡති, කම්පි චඤ්ඤං සන්ධාය ‘කෙවලිනං මහෙසිං ඛීණාසවං කුක්කුච්චවූපසන්තං අන්නෙන පානෙන උපට්ඨහස්සූ’ති භණතී”ති එවං ගාථාය අත්ථං අසල්ලක්ඛෙත්වා තං ඤාතුකාමො ආහ “සාධාහං භගවා”ති. තත්ථ සාධූති ආයාචනත්ථෙ නිපාතො. තථාති යෙන ත්වමාහ, තෙන පකාරෙන. විජඤ්ඤන්ති ජානෙය්යං. යන්ති යං දක්ඛිණෙය්යං යඤ්ඤකාලෙ පරියෙසමානො උපට්ඨහෙය්යන්ති පාඨසෙසො. පප්පුය්යාති පත්වා. තව සාසනන්ති තව ඔවාදං. ඉදං වුත්තං හොති. සාධාහං භගවා තව ඔවාදං ආගම්ම තථා විජඤ්ඤං ආරොචෙහි මෙ තං කෙවලිනන්ති අධිප්පායො. යො දක්ඛිණං භුඤ්ජෙය්ය මාදිසස්ස, යං චාහං යඤ්ඤකාලෙ පරියෙසමානො උපට්ඨහෙය්‍යං, තථාරූපං මෙ දක්ඛිණෙය්යං දස්සෙහි, සචෙ ත්වං න භුඤ්ජසීති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කසීභාරද්වාජ සූත්‍රයෙහි දැක්වූ පරිදි (ගාථාභිගීතං) ඒ ගාථා දෙක වදාළහ. එවිට බමුණා ‘මේ තැනැත්තා තමාගෙන් (ඒ පූජා) ලැබීමට කැමති නොවේ. ගුණින් පිරිපුන්, උසස්, සැකය නැතිකළ, කෙලෙසුන් නසන ලද වෙනත් කෙනෙකු වෙනුවෙන් ආහාර පානයෙන් උවටැන් කරන සේ කියතැ’යි මෙසේ ගාථාවේ අදහස නොසළකා, එය දැනගනු කැමතිව සාධාහං භගවා යන ගාථාව කීය. සාධු යනු ඉල්ලීමක් කරන අරුත් ඇති නිපාතයකි. තථා ඔබ පැවසූ පරිදි, විජඤ්ඤං දැනගන්නේ නම්, යං (පූජාවක් සේ) දිය යුතු දෙයට සුදුසු, යඤ්ඤකාලෙ පරියෙසමානො උවටැන් කරන්නේය. (ගරු සැළකිලි කරන්නේය යනුවෙන් ඉතිරි පාඨයක්ද වේ. පප්පුය්ය පැමිණ, තව සාසනං ඔබතුමන්ගේ අවවාදය, ‘භාග්‍යවතුන් වහන්ස, ඔබගේ අවවාදය මට දැනගත හැකිවන පරිදි පැහැදිළි කරන්නේ නම් යහපති, මා වැනි කෙනෙකු පූජා කරන ආහාරය අනුභව කරන්නේ නම්, යාග පවත්වන වේලාවෙහි උවටැන්, ගරු සැළකිලි දක්වමි. ඔබ අනුභව නොකරන්නෙහි නම්, මේ පූජා පිරිනැමීමට සුදුසු එබඳු කෙනෙකු පෙන්වා දෙනු මැනවි’ යැයි මේ අදහස අනුව කියන ලදී.
අථස්ස භගවා පාකටෙන නයෙන තථාරූපං දක්ඛිණෙය්යං දස්සෙන්තො “සාරම්භා යස්සා”ති ගාථාත්තයමාහ. තත්ථ සීමන්තානං විනෙතාරන්ති සීමාති මරියාදා සාධුජනවුත්ති, තස්සා අන්තා පරියොසානා අපරභාගාති කත්වා සීමන්තා වුච්චන්ති කිලෙසා, තෙසං විනෙතාරන්ති අත්ථො. සීමන්තාති බුද්ධවෙනෙය්යා සෙක්ඛා ච පුථුජ්ජනා ච, තෙසං විනෙතාරන්තිපි එකෙ. ජාතිමරණකොවිදන්ති “එවං ජාති එවං මරණ”න්ති එත්ථ කුසලං. මොනෙය්යසම්පන්නන්ති පඤ්ඤාසම්පන්නං, කායමොනෙය්යාදිසම්පන්නං වා. භකුටිං විනයිත්වානාති යං එකච්චෙ දුබ්බුද්ධිනො යාචකං දිස්වා භකුටිං කරොන්ති, තං විනයිත්වා, පසන්නමුඛා හුත්වාති අත්ථො. පඤ්ජලිකාති පග්ගහිතඅඤ්ජලිනො හුත්වා.
එවිට, භාග්‍යවතුන් වහන්සේ, එසේ වීමට සුදුසු කෙනෙකු ගැන පැහැදිලිව පෙන්වා දෙමින් සාරම්භා යස්ස ආදී ගාථා තුනක් වදාළහ. සීමන්තානං විනෙතාරං යහපත් දිවිපැවැත්ම සඳහා වූ යම් සීමා සියල්ලම කෙළවරකොට, අවසන් කරන ලද බැවින්, සීමන්තා යැයි කෙලෙස් ලෙස කියනු ලැබේ. එයින් හික්මවනු ලබන, සීමන්තා යනු බුදුවරයකු විසින් හික්මවනු ලබන මගපල ලබන්නන් සහ සෙසු ජනයා, මෙසේ සෙඛ - පුථුජ්ජන ලෙස බුදු නුවණින් හික්මවිය හැකි අදහස ඇතමෙක හඟිති. ජාතිමරණං කොවිදං ඉපදීම මෙසේ ඇතිවෙයි. මෙසේ මරණය වේ යැයි දක්නා හැකියාව ඇති, මොනෙය්‍ය සම්පන්නං තියුණු නුවණින් යුතු, කයෙහි උසස් හික්මීමෙන් යුතු, භුකුටිං විනයිත්වාන ඇතැම් අනුවණ තැනැත්තෝ යම් දෙයක් ඉල්ලා සිටින කෙනෙකු දැක, බැම හකුළුවා නොකැමැත්ත දක්වති. එසේ නොකොට සතුටු මුහුණින් යුතුව යන අදහසයි. පඤ්ජලිකා අත්මුදුන් දී,
අථ බ්රාහ්මණො භගවන්තං ථොමයමානො “බුද්ධො භව”න්ති ගාථමාහ. තත්ථ ආයාගොති ආයජිතබ්බො, තතො තතො ආගම්ම වා යජිතබ්බමෙත්ථාතිපි ආයාගො, දෙය්යධම්මානං අධිට්ඨානභූතොති වුත්තං හොති . සෙසමෙත්ථ ඉතො පුරිමගාථාසු ච යං න වණ්ණිතං, තං සක්කා අවණ්ණිතම්පි ජානිතුන්ති උත්තානත්ථත්තායෙව න වණ්ණිතං. ඉතො පරං පන කසිභාරද්වාජසුත්තෙ වුත්තනයමෙවාති.
අනතුරුව, සුන්දරික භාරද්වාජ බමුණා, භාග්‍යවතුන් වහන්සේට තුති පැසසුම් කරමින් බුද්ධො භවං යන ගාථාව කීය. ආයොගො දිය යුතුය. දිය යුතු දේ ගැන සුදුසු සේ සැළකිය යුතුය. මෙයින් පසු මුල් ගාථාවල විස්තර නො වූ වචන කසීභාරද්වාජ සූත්‍ර විස්තරවල කියා ඇති පරිදි දැනගත හැකි බැවින් මෙහි විස්තර නොකරන ලදී.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය පූරළාසසුත්තවණ්ණනා නිට්ඨිතා.
පූරළාස සූත්‍ර විස්තරය නිමි.