සුන්දරිකභාරද්වාජ සුත්තං
3. 4.
3. 4.
සුන්දරිකභාරද්වාජ සුත්තං
සුන්දරිකභාරද්වාජ සූත්‍රය
එවං මෙ සුතං: එකං භගවා කොසලෙසු විහරති සුන්දරිකාය නදියා තීරෙ. තෙන ඛො පන සමයෙන සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො සුන්දරිකාය නදියා තීරෙ අග්ගිං ජුහති, අග්ගිහුත්තං පරිචරති, අථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො අග්ගිං ජුහිත්වා අග්ගිහුත්තං පරිචරිත්වා උට්ඨායාසනා සමන්තා චතුද්දිසා අනුවිලොකෙසි කො නු ඛො ඉමං හව්යසෙසං භුඤ්ජෙය්යාති. අද්දසා ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං අවිදූරෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ සසීසං පාරුතං නිසින්නං දිස්වාන වාමෙන හත්ථෙන හව්යසෙසං ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන කමණ්ඩලුං ගහෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි.
මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝශල ජනපදයෙහි සුන්දරිකා නදීතීරයෙහි වැඩ වසනසේක. එකල්හි සුන්දරිකභාරද්වාජ බ්‍රාහ්මණ සුන්දරිකා හෝ තෙරැ ගිනි පුදයි. අග්න්‍යායතන පරිචරණ කෙරෙයි. ඉක්බිති සුන්දරිකභාරද්වාජ බ්‍රාහ්මණ ගිනි පුදා අග්න්‍යායතන පරිචරණ කොට හුනස්නෙන් නැග කවරෙක් මෙ හුතාවශේෂය බුදුනේය යි වටා සිව් දික් බැලීය. සුන්‍දරිකභාරද්වාජබ්‍රාහ්මණ නුදුරෙහි එක්තරා රුක්මුලෙක්හි හිස වටා පෙරවූ කහවත් ඇතිවැ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක වමතින් හව්‍යශේෂය ගෙණ දකුණතින් කමණ්ඩලාව (කෙංඩිය) ගෙණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය.
අථ ඛො භගවා සුන්දරික භාරද්වාජස්ස බ්රාහ්මණස්ස පදසද්දෙන සීසං විවරි, අථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො “මුණ්ඩො අයං භවං මුණ්ඩකො අයං භවන්ති” තතො ව පුන නිවත්තිතුකාමො අහොසි, අථ ඛො සුන්දරිකභාරද්වාජස්ස බ්රාහ්මණස්ස එතදහොසි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුන්දරිකභාරද්වාජ බ්‍රාහ්මණයාගේ පියහඬින් හිස විවර කළසේක. එක්බිති මෙ භවත් මුඬෙක, මෙ භවත් මුණ්ඩකයෙකැයි එතැනින් මැ පෙර ලා නවතිනු කැමැතියේ වියැ. එකල්හි සුන්‍දරිකභාරද්වාජබමුණුහට තෙල සිත විය:
මුණ්ඩාපි භි ඉධෙකච්චෙ බ්රාහ්මණා භවන්ති යන්නූනාහං උපසඞ්කමිත්වා ජාතිං පුච්ඡෙය්යන්ති, අථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච කිංජච්චො භවන්ති, අථ ඛො භගවා සුන්දරිකභාරද්වාජං බ්රාහ්මණං ගාථාහි අජ්ඣභාසි.
“මෙ ලොව්හි ඇතැම් මුඬුබමුණෝත් ඇත. මම් තුලුන් වෙතැ ගොස් දෑ පුළුවුස්නෙම් මනාය”යි. එක්බිති සුන්‍දරිකභාරද්වාජබ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය: භවත් කිනම් ජාති ඇතියේ” දැ?යි. එකල්හි භාග්‍යවතුන්වහන්සේ සුන්දරිකභාරද්වාජ බමුණුහට ගාථායෙන් කරුණුගන්වා වදාළහ.
457. න බ්රාහ්මණො නො’ම්හි න රාජපුත්තො න වෙස්සායනො උද කොචි නො’ම්හි, ගොත්තං පරිඤ්ඤාය පුථුජ්ජනානං අකිඤ්චනො මන්ත චරාමි ලොකෙ.
457. බ්‍රාහ්මණයෙම් නො වෙම්මැ යැ. රාජපුත්‍රයෙම් ද නො වෙමි. වෛශ්‍යගෝත්‍රඇතියෙම් ද නොවෙමි. වැලිත් (ශ්‍රද්‍රාදි) අන්කිසිවෙකිම් ද නො වෙමි. පුහුදුනන් ගේ ගෝත්‍ර (ත්‍රිවිධපරිඥායෙන්) පිරිසිඳ දැන රාගාදිකිඤ්චන නැතියෙම් ප්‍රඥායෙන් ලොව්හි හැසිරෙම්.
458. සඞ්ඝාටිවාසී අගහො චරාමි නිවුත්තකෙසො අභිනිබ්බුතත්තො, අලිප්පමානො ඉධ මානවෙහි අකල්ලං මං බ්‍රාහ්මණ පුච්ඡසි ගොත්තපඤ්හං.
458. සඟලසිවුරු දැරුයෙම් (තෘෂ්ණාසඞ්ඛ්‍යාත) ගෘහ නැතියෙම්, බහාලු කෙස්රවුළු ඇතියෙම්, අතිශයින් නිවුනු සිතැතියෙම්, මෙලොව්හි මනුෂ්‍යන් හා නො ඇලෙන්නෙම් හැසිරෙමි. බමුණ, (එහෙයින් තෝ) මා අතින් අකල්‍ය ගෝත්‍රප්‍රශ්න පුළුවුස්හි.
459. පුච්ඡන්ති වෙ භො බ්රාහ්මණා බ්රාහ්මණෙහි සහ බ්රාහ්මණො නො භවන්ති බ්රාහ්මණො, වෙ ත්වං බ්රූසි මඤ්ච බ්රූසි අබ්රාහ්මණන්තං සාචිත්තිං පුච්ඡාමි තිපදං චතුවීසතක්ඛරං.
459. භවත්නි, බ්‍රාහ්මණයෝ බමුණන් හා සමග භවත් බ්‍රාහ්මණයෙහිනුයි? එකැතින් පුළුවුස්නාහ. ඉදින් තො ද ‘මා අබ්‍රාහ්ම’යි කියහි නම් සූවිසි අකුරු ඇති (බුද්ධං සරණං ගච්ඡා මි, ධම්මං සරණං ගච්ඡා මි, සඞ්ඝං සරණං ගච්ඡා මි යන) ත්‍රිපද යුක්තවූ ආර්‍ය්‍ය සාවිත්‍රිය තා පුළුවුස්මි.
460. කිං නිස්සිතා ඉසයො මනුජා ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පයිංසු පුථු ඉධ ලොකෙ, යදන්තගු වෙදගූ යඤ්ඤ කාලෙ, යස්සාහුතිං තස්සිජ්ඣෙති බ්රූමි.
460. මෙලොව්හි ඍෂිහූත් බ්‍රාහ්මණයෝත් තදන්‍ය බොහෝ මනුෂ්‍යයෝත් දෙවියනට කවර නම් අධිප්‍රාය ඇතිව යඥාකළාහු ද? යමෙක් (ත්‍රිවිධ පරිඥායෙන්) වර්ත්තයාගේ අන්තයට ගියේ (සිවුමගනැණ නම් වූ) වේදයෙහි කෙල පැමිණියේ යඥකාලයෙහි යමෙකුගේ (දේයධර්‍ම සඞ්ඛ්‍යාත) ආහුතියක් ලබා නම්, ඔහුගේ එ යඥකර්‍මය සමෘද්ධ වන්නේයයි කියමි.
461. අද්ධා හි තස්ස හුතමිජ්ඣෙ (ඉති බ්රාහ්මණො) යං තාදිසං වෙදගුං අද්දසාමි, තුම්හාදිසානං හි අදස්සනෙන අඤ්ඤො ජනො භුඤ්ජති පූරළාසං.
461. යම්හෙයකින් තොප බඳු වේදසඞ්ඛ්‍යාත චතුර්මාර්‍ගඥානයේ කෙළපැමිණියකු දක්නමෝ නම්, ඒකාන්තයෙන් මැ ඒ මාගේ (දේයධර්‍මසඞ්ඛ්‍යාත) මෙ හුතය සමෘද්ධ වන්නේය. (මහත් ඵල වෙයි) තොප වැන්නවුන්ගේ අදර්‍ශනහේතුයෙන් මැ අන් දෙනේ (චරුක හා පූවසඞඛ්‍යාත) භව්‍යශේෂය( පුරෝඩාශය) වලඳනේය යි (බ්‍රාහ්මණ කීය.)
462. තස්මාතිහ ත්වං බ්‍රාහ්මණ අත්ථෙන අත්ථිකො උපසඞ්කම්ම පුච්ඡ, සන්තං විධූමං අනිඝං නිරාසං අප්පෙවිධ අභිවින්දෙ සුමෙධං.
462. බමුණ, එකරුණින් මැ (මා කෙරෙහි පහන් වූ හෙයින් මැ) තෝ මෙ විසා හි අර්ත්ථයෙන් අර්ත්‍ථී වෙහි නම්, (කෙලෙස් ගිනි සන්හුන්හෙයින්) ශාන්ත වූ (ක්රොධදූම විගමනයෙන්) විධූම වූ (දුඃඛභාවයෙන්) අනීඝ වූ (ආශාභාවයෙන්) නිරාශ වූ මා කරා එළඹ පුළුවුස්ව. මෙ සස්නෙහි පිහිටියේ මැ ඒකාන්තයෙන් උත්තම ප්‍රාඥ (ක්ෂීණාස්රව) යකු ලබනයෙහිය.
463. යඤ්ඤෙ රතාහං භො ගොතම යඤ්ඤං යට්ඨු කාමො නාහං පජානාමි අනුසාසතු මං භවං යත්ථ හුතං ඉජ්ඣෙ බ්රූහි මෙතං.
463. (භවත් ගෞතමයන් වහන්ස) මම (යඥසඞ්ඛ්යාත) දානයෙහි නියැලියෙම් දන් දෙනු කැමැතියෙමි මම දක්ෂිණාර්හයා නොදන්මි. යම් පුඟුලෙක් කෙරෙහි පුදන ලද (දානසඞ්ඛ්‍යාත) හුතය මහත් ඵල වේ නම්, එපරිද්දෙන් භවත් මට අනුශාසනා කෙරේවා. තෙල කරුණ මට වදාරන්න.
464. තෙන හි ත්වං බ්‍රාහ්මණ ඔදහස්සු සොතං ධම්මං තෙ දෙසිස්සාමි,
464. බ්‍රාහ්මණය, එකරුණින් මැ කන් රුකොට ගණුව, තහට දහම් දෙසන්නෙමි යි.
465. මා ජාතිං පුච්ඡි චරණඤ්ච පුච්ඡ කට්ඨා හවෙ ජායති ජාතවෙදො, නීචා කුලීනොපි මුනී ධිතිමා ආජානියො හොති හිරීනිසෙධො.
465. (ඉදින් මහත්ඵල කැමැතියෙහි නම්) දක්ෂිණාර්හයාගේ ජාතිය නහමක් පුළුවුස ශීලාදී චරණ ම පුළුවුස. කාෂ්ඨයෙන් ඒකාන්තයෙන් ගිනි උපදනේය. නීච වූයේත් අකුලීන වූයේත් ධෘතිසම්පන්නවූ හ්‍රීයෙන් දොස් වළහන මුනිතෙම ආජානේය වේ.
466. සච්චෙන දන්තො දමසා උපෙතො වෙදන්තගූ වුසිතබ්රහ්මචරියො, කාලෙන තම්හි හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
466. පරමාර්‍ත්‍ථ සත්‍යයෙන් දැමුනේ ඉන්ද්රියදමනයෙන් සමන්‍වාගතවූයේ සිවුමගනැණින් කෙලෙසුන්ගේ අන්තයට ගියේ වැසැ නිමවූ මගබඹසර ඇති යම් දක්ෂිණාර්හයෙක් වේ නම්, නිසි කල්හි යම් බ්‍රාහ්මණයෙක් පුණ්‍යාපේක්‍ෂා ඇතියේ යාග ද කෙරේ නම්, ඔහු කෙරෙහි දේයධර්‍ම සඞ්ඛ්‍යාත භව්‍යය පිරිනමන්නේය.
467. යෙ කාමෙ හිත්වා අගහා චරන්තී සුසඤ්ඤතත්තා තසරං ව උජ්ජුං, කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
467. යම් කෙනෙක් වස්තුකාමක්ලේශකාමයන් හැරපියා තෘෂ්ණා නැතියාහු මොනොවට සංයත සිත් ඇත්තාහු ඍජු ත්රසරයක් සෙයින් හැසිරෙත් නම්, යම් බ්‍රාහ්මණයෙක් පින්කැමැතියේ යාග ද කෙරේ නම්, සුදුසු කල්හි ඔවුනට පුරෝඩාශය පිරිනමන්නේය.
468. යෙ වීතරාගා සුසමාහිතින්ද්රියා චන්දො’ව රාහුග්ගහණා පමුත්තා, කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
468. යම් කෙනෙක් පහවූ රාගඇත්තාහු මනාකොට සන්හුන් ඉඳුරන් ඇත්තාහු රාහුග්රණයෙන් මුත් සඳමෙන් කෙලෙසුන් කෙරෙන් මිදුනාහු ද, යම් බමුණෙක් පින් කැමැතිව යාග කෙරේ නම්, උන් කෙරෙහි භව්‍යය පිරිනමන්නේය.
469. අසජ්ජමානා විචරන්ති ලොකෙ සදා සතා හිත්වා මමායිතානි, කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
469. පඤ්චස්නක්ධසඞ්ඛ්යාත ලෝකයෙහි නො ලගනාහු තෘෂ්ණාදෘෂ්ටි මමායිතයන් හැරපියා හැමකල්හි ස්මෘතිමත් වූවාහු හැසිරෙත් නම්, යම් බ්‍රාහ්මණයෙක් පුණ්‍යාපේක්‍ෂා ඇතියේ යාග කෙරේ නම් නිසි කල්හි ඔවුන් කෙරෙහි භව්ය්ය පිරිනමන්නේය.
470. යෙ කාමෙ හිත්වා අභිභුය්යචාරි යො වෙදි ජාතිමරණස්ස අන්තං, පරිනිබ්බුතො උදකරහදොව සීතො තථාගතො අරහති පූරළාසං.
470. යමෙක් ක්ලේශකාමයන් හැරපියා වස්තුකාමයන් මැඩැගෙණ හැසිරෙන්නේ ද, යමෙක් ජාතිමරණයන්ගේ අන්තය වන නිර්වාණය ප්‍රඥාබලයෙන් දත්තේ ද දියවිලක් සෙයින් සිහිල් වූයේ කෙලෙස් පිරිනිවියේ නම් ඒ තථාගත පුරෝඩාශයට නිසි වෙයි.
471. සමො සමෙහි විසමෙහි දූරෙ තථාගතො හොති අනන්තපඤ්ඤො, අනූපලිත්තො ඉධ වා හුරං වා තථාගතො අරහති පූරළාසං.
471. විපස්සීබුද්ධාදී සමපුද්ගලයන් හා සමවූයේ විෂමපුද්ගලයන් කෙරෙන් දුරැ වෙසෙන තථාගත තෙමේ අනන්තප්රඥා ඇතියේ වෙයි. මෙලොව්හි හෝ පරලොව්හි හෝ ක්ලේශවශයෙන් නො ලැගි එ තථාගත පුරෝඩාශයට නිසි වේ.
472. යම්හි න මාහා වසතී න මානො යො වීතලොභො අමමො නිරාසො, පනුණ්ණ කොධො අභිනිබ්බුතත්තො යො බ්රාහ්මණො සොකමලං අභාසි තථාගතො අරහති පූරළාසං.
472. යම් පුද්ගලයෙකු කෙරෙහි මායාව නො වේ ද, මාන නැතියේ ද යමෙක් පහකළ ලෝභ ඇතියේ මමත්ව නැතියේ ආශාරහිත වූයේ ක්ෂීණක්රෝධ ඇත්තේ මොනොවට කෙලෙස් පිරිනිවුමෙන් යුත් සිත් ඇත්තේ ද, යම් (බාහිතපාපී) බ්‍රාහ්මණයෙක් ශෝකමලප්රහීණ කෙළේ ද, එ තථාගත හව්යද්රව්යයට සුදුසු වෙයි.
473. නිවෙසනං යො මනසො අහාසි පරිග්ගහා යස්ස න සන්ති කෙචි, අනුපාදියානො ඉධ වා හුරං වා තථාගතො අරහති පූරළාසං.
473. යමෙක් සිත පිළිබඳ තෘෂ්ණාමානදෘෂ්ටිනිවේසන දුරු කෙළේ ද, යමකුට නිසි පරිග්‍රහයෝ නැත් ද, මෙලොව්හි හෝ පරලොව්හි හෝ කිසිවක් උපාදාන විසින් නො ගන්නේ ද, එබඳු තථාගත පූරලාසයට සුදුසු වෙයි.
474. සමාහිතො යො උදතාරි ඔඝං ධම්මං චඤ්ඤාසි පරමාය දිට්ඨියා, ඛීණාසවො අන්තිමදෙහධාරී තථාගතො අරහති පූරළාසං.
474. මාර්‍ගසමාධියෙන් සමාහිත වූ යමෙක් චතුරෝඝ තරණය කෙළේද, උත්තම සර්වතාඥානයෙන් පඤ්චවිධඥේයධර්මය ද දත්තේ ද, ක්ෂීණාස්රව වූයේ අන්තිම දේහය ධරණ සුලු ඒ තථාගත යඥද්රව්යයට සුදුසු වෙයි.
475. භවාසවා යස්ස වචීඛරා ච විධූපිතා අත්ථගතා න සන්ති, ස වෙදගූ සබ්බධි විප්පමුත්තො තථාගතො අරහති පූරළාසං.
475. යයමකු විසින් භවතෘෂ්ණා, ධ්යානිකාන්ති, ශාශ්වතදෘෂ්ටිසහගත රාගයෝ ද කැකුළුබස් ද දවනලදහු නම්, අස්තයට ගියාහු විද්‍යමාන නො වෙත් ද, (චතුර්මාර්ගඥානසඞ්ඛ්යාත) වේදයාගේ අන්තයට ගියේ හැම ස්කන්‍ධායතනයන්හි විප්රුක්ත වූයේ නම් එ තථාගත යඥයට නිසි වෙයි.
476. සඞ්ගාතිගො යස්ස න සන්ති සඞ්ගා සො මානසත්තෙසු අමානසත්තො දුක්ඛං පරිඤ්ඤාය සඛෙත්තවත්ථුං තථාගතො අරහති පූරළාසං.
476. යමෙක් රාගාදි හැම සඞ්ගයන් ඉක්මැගියේ ද යමකුහට මානයෙන් ලැගුනු සත්වයන් කෙරෙහි සඞ්ගයෝ විද්‍යාමාන නොවෙත් ද, යමෙක් හේතුප්‍රත්‍යයන් සහිත වර්ත්තදුඃඛය පිරිසිඳ දැන මානයෙන් නොලැගියේ ද, එ තථාගත පුරෝඩාශයට සුදුසු වෙයි.
477. ආසං අනිස්සාය විවෙකදස්සී පරවෙදියං දිට්ඨිමුපාතිවත්තො, ආරම්මණා යස්ස න සන්ති කෙචි තථාගතො අරහති පූරළාසං.
477. තෘෂ්ණාව නිඃශ්‍රය නො කොට නිර්‍වාණසඞ්ඛ්‍යාත උපධිවිවේකය දක්නා සුල්ලේ (අන්යතීර්ත්ථක වූ) පරා විසින් දතයුතු දෙසැටමිසදිටු ඉකුමැ ගියේ ද, පුනර්භවකාරණ නම් වූ ආලම්බනප්රත්යයයෝ කිසිත් යමකුට නැත් ද, එ තථාගත පුරෝඩාශයට අර්හ වෙයි.
478. පරොවරා යස්ස සමෙච්ච ධම්මා විධූපිතා අත්ථගතා න සන්ති, සන්තො උපාදානඛයෙ විමුත්තො තථාගතො අරහති පූරළාසං.
478. යමකුට (බාහිර ආධ්‍යාත්මික) පරඅවර ස්කන්ධාදි ධර්මයෝ නැණින් පිරිසිඳ දැන දවනලද්දාහු අස්තයට ගියාහු නො මැත්තාහු ද ශාන්තවූයේ උපාදානක්ෂය නම් වූ නිර්වාණය නිමිති කොට විමුක්ත වූයේ ද එ තථාගත පුරෝඩාශයට අර්හ වෙයි.
479. සංයොජනං ජාතිඛයන්තදස්සී යොපානුදි රාගපථං අසෙසං, සුද්ධො නිද්දොසො විමලො අකාචො තථාගතො අරහති පූරළාසං.
479. සංයෝජනක්‍ෂය හා ජාතික්ෂය දක්නා සුලු යමෙක් (දුර්ගතියට පථ වන) රාගාරම්මණපථය නිරවශේෂ කොට දුරු කළේ ද, (පරිශුද්ධ කාය සමාචාරාදිය ඇති බැවින්) ශුද්ධ වූයේ (රාග දෝස, දෝස දෝස, මෝහදෝසයන්ගේ අභාවයෙන්) නිර්දෝෂවූයේ (රාගමලාදියෙන් දුරු හෙයින්) විමල වූයේ (ආගුසඞ්ඛ්යාත අපරාධ නො කරණ හෙයින්) කාම රහිත වූයේ ද, එ තථාගත භව්යට නිසි වෙයි.
480. යො අත්තනාත්තානං නානුපස්සති සමාහිතො උජජුගතො ඨිතත්තො, ස වෙ අනෙජො අඛිලො අකඞ්ඛො තථාගතො අරහති පූරළාසං.
480. යමෙක් (ඥානසම්ප්රයුක්තචිත්තයෙන්) තෙමේ (ස්කන්ධයන්හි) නිත්‍යාත්මයක් නො දක්නේ මාර්ග සමාධියෙන් යුක්තවූයේ, (කායවඞ්කාදීන්ගේ අභාවයෙන්) ඍජු වූයේ (ලෝකධර්මයන්හි අකම්පනියභාවයෙන් ස්ථිතාත්මවූයේ ද, තෘෂ්ණසඞ්ඛ්‍යාත එජා නැති, පඤ්චචේතෝඛිලාභාවයෙන් අඛිල වූ අටතන්හි සැකනැතියෙන් අකඞ්ඛවූ තථාගත පූරළාසයට අර්හ වෙයි.
481. මොහන්තරා යස්ස න සන්ති කෙචි සබ්බෙසු ධම්මෙසු ච ඤාණදස්සී, සරීරඤ්ච අන්තිමං ධාරෙති පත්තො ච සම්බොධිමනුත්තරං සිවං එත්තාවතා යක්ඛස්ස සුද්ධී තථාගතො අරහති පූරළාසං.
481. යමකුහට කිසිදු (ක්ලේශසඞ්ඛ්යාත) මෝහකාරණයෝ නැත් ද සකලඥේයධර්මයන්හිත් සාක්‍ෂාත්කෘත සර්වඥතාඥාන ඇත්තේ ද, (පුනර්භවනිරෝධයෙන්) අන්තිමශරීරය දරන්නේ ද, ප්රත්යෙකබුද්ධශ්රාවකයන් හා අසාධාරණ හෙයින් අනුත්තරවූ ක්ෂේමවූ (අර්හත්වසඞ්ඛ්යාත) සම්බෝධියට ද පැමිණියේ ද, එපමණෙකින් (පුරුෂසඞ්ඛ්යාතයක්හුගේ ව්යවදානතා සඞ්ඛ්‍යාත) ශුද්ධිය වේ. එබඳු තථාගත පූරළාසයට නිසි වේ.
482. හුතං ච මය්හං හුතමත්ථු සච්චං යං තාදිසං වෙදගුනං අලත්ථං, බ්රහ්මා හි සක්ඛි පතිගණ්හාතු මෙ භගවා භුඤ්ජතු මෙ භගවා පූරළාසං.
482. යම්හෙයකින් භවතුන් වැනි වේදපාරගතයක්හු ලදිම් නම් එමාගේ හුතය සත්‍ය වූ ම හුතයෙක් වේවා ප්රත්යක්ෂබ්රහ්ම වූ ම භාග්‍යවතුන් වහන්සේ මාගේ හව්‍යය පිළිගන්නා සේක්වා. භාග්‍යවතුන් වහන්සේ මාගේ හව්‍යය වළඳනසේක්වා.
483. ගාථාභිගීතං මෙ අභොජනෙය්යං සම්පස්සතං බ්‍රාහ්මණ නෙස ධම්මො, ගාථාභිගීතං පනුදන්ති බුද්ධා ධම්මෙ සතී බ්‍රාහ්මණ වුත්තිරෙසා.
483. ගාථාභාගීතය මා විසින් නොවැළඳිය යුතු වෙයි. බ්‍රාහ්මණ, සම්යගාජීවශුද්ධිය දක්නා සම්බුදුන්ගේ තෙල චාරිත්‍ර නොවේ. සම්බුද්ධයෝ ගාථාභිගීත (පිණ්ඩපාතය) පිළිකෙවු කරත්. බ්‍රාහ්මණය, සුචරිතධර්මය නොහොත් චාරිත්රධර්මය (ලොවුහි) ඇතිකල්හි තෙල ජීවිතවෘත්තිය වේ.
484. අඤ්ඤෙන ච කෙවලිනං මහෙසිං ඛීණාසවං කුක්කුච්චවූපසන්තං, අන්නෙන පානෙන උපට්ඨහස්සු ඛෙත්තං හි තං පුඤ්ඤපෙඛස්ස හොති.
484. අන්‍යතර ආහාර පානයෙකින් මැ සර්වගුණ පරිපූර්ණ වූ, ක්‍ෂීණාස්‍ර වූ, සන්සුන් කුකුස් ඇති, මහර්ෂී වටව. පුණ්යාපේක්ෂහට ඒ පුණ්යක්ෂෙත්රම වෙයි.
485. සාධාහං භගවා තථා විජඤ්ඤං යො දක්ඛිණං භුඤ්ජෙය්ය මාදිසස්ස, යං යඤ්ඤකාලෙ පරියෙසමානො පප්පුය්ය තව සාසනං.
485. භාග්‍යවතුන් වහන්ස, මුඹවහන්සේගේ අවවාදශාසනයට පැමිණ යඥකාලයෙහි යම්බඳු දක්ෂිණාර්හයකු සොයනුම් වටනෙම් නම්, යම්, දක්ෂිණාර්හයෙක් මාගේ දන් වළඳා නම්, එම පුඟුල්හු මම් එලෙසින් දනුම් නම් මැනැවි.
486. සාරම්භා යස්ස විගතා චිත්තං යස්ස අනාවිලං, විප්පමුත්තො ච කාමෙහි ථිනං යස්ස පනූදිතං.
486. යම් පුඟුලක්හුගේ සාරම්භයෝ පහවූහු ද, යමකුගේ චිත්තයත් නො කැලැඹිනි ද, වස්තුකාමක්ලේශකාමයෙන් විප්‍රමුක්ත හා වේ ද, යමකුන්ගේ ථිනමිද්ධයත් ප්‍රහීණ වී ද,
487. සීමන්තානං විනෙතාරං ජාතිමරණකොවිදං, මුනිං මොනෙය්යසම්පන්නං තාදිසං යඤ්ඤමාගතං
487. සීමාන්තයන් (කෙලෙස්මියරත්) මඩනා, ජාතිමරණ දෙක්හි දක්ෂ වූ, මොනෙය්යසඞ්ඛ්යාත ප්‍රඥායෙන් සමන්වාගත වූ යඥයට සම්ප්‍රාප්ත එබඳු මුනිහු -
488. භුකුටිං විනයිත්වාන පඤ්ජලිකා නමස්සථ, පූජෙථ අන්නපානෙන එවං ඉජ්ඣන්ති දක්ඛිණා.
488. භූකුටි (බැමහැකිලීම්) හැරැපියා බඳැදිලි වැ නමස්කාර කරව. ආහාරපානයෙන් පූජාකරව, මෙසෙයින් දක්ෂිණාවෝ සමෘද්ධ වෙත්.
489. බුද්ධො භවං අරහති පූරළාසං පුඤ්ඤක්ඛෙත්තමනුත්තරං, ආයාගො සබ්බලොකස්ස භොතො දින්නං මහප්ඵලන්ති.
489. අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ භාග්‍යවත් බුදුරජානන්වහන්සේ පුරෝඩාශයට නිසි වෙති. සව්ලෙවන් විසින් වෙත පැමිණ පිදිය යුතු වෙත්. භවතුන්වහන්සේට දෙනලද දෑ මහක්ළග ඇතියේ යයි.
අථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙල පජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛිනන්ති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමිධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහංභොතො ගොතමස්ස සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්යං උපසම්පදන්ති, අලත්ථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො -පෙ- අරහතං අහොසීති.
ඉක්බිති සුන්දරික භාරද්වාජබ්රාහ්මණ භාග්‍යවතුන්වහන්සේට තෙල කරුණ දැන්වීය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත වෙයි. භවත් ගෞතමයන් වහන්ස, යම් පරිදි යටිහුරු වූවක් උඩුහුරු කරණලද නම්, පිළිසන් වූවක් විවර කෙරේ නම්, මංමුළාවුවකුට මාර්ගය හෝ කියා නම් ඇස් ඇතියහු රු දකිත්වා”යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේ නම් එ පරිද්දෙන් ම භවත් ගෞතමයන්වහන්සේ විසින් අනේකපර්ය්යායෙන් ධර්මය ප්‍රකටකරණලද, තෙල මම් -පෙ- සරණ යෙමි -පෙ- රහතුන් අතුරෙහි වීයයි.
සුන්දරිකභාරද්වාජසුත්තං නිට්ඨිතං
සුන්දරිකභාරද්වාජ (පූරළාස) සූත්‍රය නිමි.