යෙදුමෙන් කියවන්න

මාඝසුත‍්තං

3. 5.

3. 5.

මාඝසුත‍්තං

මාඝ සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ. අථ ඛො මාඝො මාණවො යෙන භගවා තෙනුපසඞ‍්කමි උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි, සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි, එකමන‍්තං නිසින‍්නො ඛො මාඝො මාණවො භගවන‍්තං එතදවොච:

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පවුයෙහි වැඩ වසන සෙයෙක. එකල්හි මාඝ නම් බමුණු මණෙවු භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථා නිමවා එකත්පසෙක හින. එකත්පසෙක් හුන් මාඝ මණෙවු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වීය.

අහං හි භො ගොතම, දායකො දානපති වදඤ‍්ඤූ යාචයොගො ධම‍්මෙන භොගෙ පරියෙසාමි, ධම‍්මෙන භොගෙ පරියෙසිත්‍වා ධම‍්මලද‍්ධෙහි භොගෙහි ධම‍්මාධිගතෙහි එකස‍්සාපි දදාමි දවින‍්නම‍්පි දදාමි තිණ‍්ණම‍්පි දදාමි චතුන‍්නම‍්පි දදාමි පඤ‍්චන‍්නම‍්පි දදාමි ඡන‍්නම‍්පි දදාමි සත‍්තන‍්නම‍්පි දදාමි අට‍්ඨන‍්නම‍්පි දදාමි නවන‍්නම‍්පි දදාමි දසන‍්නම‍්පි දදාමි වීසායපි දදාමි තිංසායපි දදාමි චත‍්තාරීසායපි දදාමි පඤ‍්ඤාසායපි දදාමි සතස‍්සපි දදාමි භිය්‍යොපි දදාමි. කච‍්චාහං ගොතම එකං දදන‍්තො එවං යජන‍්තො බහුං පුඤ‍්ඤං පසවාමිති,

භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි දානපති දායකයෙම් යදියන්ගේ බස් දන්නෙම් යදනට නිසි වූයෙම් ධර්‍මයෙන් භෝග සොයමි. දැහැමින් භෝග සොයා ධර්‍මයෙන් ලද, ධර්‍මාධිගත භෝගයෙන් එකක්හට ද දෙමි, දෙදෙනකුන්හට ද දෙමි, තිදෙනකුන්ට ද දෙමි, සතර දෙනකුන්ට ද දෙමි, පස්දෙනකුන්ට ද දෙමි, සදෙනකුන්ට ද දෙමි, සත්දෙනකුන්ට ද දෙමි, අටදෙනකුන්ට ද දෙමි, නවදෙනකුන්ට ද දෙමි, දසදෙනකුන්ට ද දෙමි, විසිදෙනකුන්ට ද දෙමි, තිස්දෙනකුන්ට ද දෙමි, සාලිස්දෙනන්හට ද දෙමි, පණස් දෙනකුන්ට ද දෙමි, සියදෙනකුන්ට ද දෙමි, ඉන් වැඩි බොහෝ දෙනකුන්ට ද දෙමි, භවත් ගෞතමයන් වහන්ස, කිම මම මෙසේ දන්දෙනුයෙම් මෙ සෙයින් යාග කරනෙම් බොහෝ පින් රැස් කරම් දැයි?

තග‍්ඝ ත්‍වං මාණව, එවං දදන‍්තො එවං යජන‍්තො පරියෙසිත්‍වා ධම‍්මලද‍්ධෙහි භොගෙහි ධම‍්මාධිගතෙහි එකස‍්සපි දදාති -පෙ- සතස‍්සපි දදාති භිය්‍යො පි දදාමි බහුං පුඤ‍්ඤං පසවතීති,

මාණවය, ඒකාන්තයෙන් මැ (තෝ මෙසෙයින් දන් දෙන්නෙහි මෙසෙයින් යාගකරන්නෙහි බොහෝ පින් රැස් කෙරෙහි. මාණවය, යම් දායකයෙක් දානපතිවූයේ යදියන්ගේ බස් දන්නේ යාචයෝග වූයේ ධර්‍මයෙන් භෝගපර්ය්‍යේෂණා කෙරේ නම්, ධර්‍මයෙන් භෝගපර්ය්‍යේෂණා කොට ධර්‍මලබ්ධි වූ ධර්‍මාධිගත වූ භෝගයෙන් එකකුහට ද දන් දේ නම් -පෙ- සිය දෙනකුන්හට දේ නම්, එයින් වැඩි දෙනකුන්ට ද දේ නම්, බොහෝ පින් රැස් කෙරේ යයි,

අථ ඛො මාඝො මාණවො භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි.

ඉක්බිති මාඝ මාණව භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.

490. පුච‍්ඡාමහං ගොතමං වදඤ‍්ඤුං (ඉති මාඝො මාණවො) කාසායවාසිං අගිහං චරන‍්තං යො යාචයොගො දානපතී ගහට‍්ඨො, දදං පරෙසං ඉධ අන‍්නපානං කත්‍ථ හුතං යජමානස‍්ස සුජ‍්ඣෙ.

490. “මම වදන් දන්නා, කාෂායවස්ත්‍රධාරී වූ තෘෂ්ණායෙන් තොර ව හැසිරෙණ භවත් ගෞතමයන් වහන්සේ පුළුවුස්මි. යදනට නිසි, දානපත් වූ පුණ්‍යාර්ත්‍ථි යම් ගෘහස්ථයෙක් පින් කැමැතියේ යාග කෙරේ නම්, මෙලොව්හි මෙරමාහට අහර පැන් දෙන්නේ නම්, කොතන්හි යාගකරන්නහුගේ යාගය ශුද්ධවන්නේදැයි?” යි මෙසේ මාඝ ඇසීය.

491. යො යාචයොගො දානපතී ගහට‍්ඨො (මාඝාති භගවා) පුඤ‍්ඤත්‍ථිකො යජති පුඤ‍්ඤපෙඛො දදං පරෙසං ඉධ අන‍්නපානං ආරාධයෙ දක‍්ඛිණෙය්‍යෙ හි තාදි.

491. “මෙ ලොව්හි පින් කැමැති මෙරමාහට ආහාරපාන දෙන දානපති වූ පුණ්‍යාර්ත්‍ථි ගෘහස්ථයෙක් යදනට නිසි වූයේ යාගකෙරේ නම්, හේ තාදී වූ ම දක්‍ෂිණාර්‍හයන් අරියන්නේය”යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

492. යො යාචයොගො දානපතී ගහට‍්ඨො (ඉති මාඝො මාණවො) පුඤ‍්ඤත්‍ථිකො යජති පුඤ‍්ඤපෙඛො, දදං පරෙසං ඉධ අන‍්නපානං අක‍්ඛාහි මෙ භගවා දක‍්ඛිණෙය්‍යෙ.

492. මෙලොව්හි යදනට නිසි, දානපති වූ පුණ්‍යාර්ත්‍ථි වූ යම් ගැහැවියෙක් පින් කැමැතියේ මෙරමාහට දන් දෙමින් යාග කෙරේ ද, භාග්‍යවතුන් වහන්ස, එබඳු මාහට දක්‍ෂිණාර්‍හයන් වදාළ මැනැවි.

493. යෙ චෙ අසත‍්තා විචරන‍්ති ලොකෙ අකිඤ‍්චනා කෙවලිනො යතත‍්තා, කාලෙන තෙසු හව්‍යං පවෙච‍්ඡෙ යො බ්‍රාහ‍්මණො පුඤ‍්ඤපෙඛො යජෙථ.

493. ලෝකයෙහි යම් කෙනෙක් (රාගසඞ්ගාදි විසින්) නො ලැගියාහු පරිනිෂ්ඨිතකෘත්‍ය ඇතියාහු කිඤ්චන රහිත වූවාහු යතාත්ම වූවාහු හැසිරෙත් නම්, යම් බ්‍රාහ්මණයෙක් පින් කැමැතියේ යාග කෙරේ නම් නිසි කල්හි ඒ පුඟුලන් කෙරෙහි හව්‍යසඞ්ඛ්‍යාත දන් පිරිනමන්නේ ය.

494. යෙ සබ‍්බංසයොජනබන්‍ධනච‍්ඡිදා දන‍්තා විමුත‍්තා අනීඝා නිරාසා, කාලෙන තෙසු හව්‍යං පවෙච‍්ඡෙ යො බ්‍රාහ‍්මණො පුඤ‍්ඤපෙඛො යජෙථ.

494. යම් බමුණෙක් පින් කැමැතියේ යාග කෙරේ ද, හේ යම් කෙනෙක් හැම සංයෝජනබන්‍ධනයන් සිඳලූවාහු අනුත්තර දමථයෙන් දැමුනාහු ප්‍රඥා-චේතෝවිමුක්ති දෙකින් විමුක්තිවූවාහු (ආයතිවර්‍ත දුඃඛභාවයෙන්) ඊඝරහිත වූවාහු (ක්ලේශභාවයෙන්) ආශා රහිත වූවාහු වෙත් නම්, ඒ පුඟුලන් කෙරෙහි සුදුසු කල්හි හව්‍යය දානය කරන්නේය.

495. යෙ සබ‍්බසංයොජනවිප‍්පමුත‍්තා දන‍්තා විමුත‍්තා අනීඝා නිරාසා කාලෙන තෙසු හව්‍යං පවෙච‍්ඡෙ යො බ්‍රාහ‍්මණො පුඤ‍්ඤපෙඛො යජෙථ.

495. යම් බමුණෙක් පින් කැමැතියේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් සර්‍ව සංයෝජනයෙන් වෙසෙසින් මිදුනු දාන්තවූ විමුක්ත වූ අනීඝ වූ නිරාස වූහු නම් ඔවුන් කෙරෙහි නිසි කල්හි යඥශේෂය පවරන්නේ ය.

496. රාගඤ‍්ච දොසඤ‍්ච පහාය මොහං ඛීණාසවා වුසිතබ්‍රහ‍්මචරියා, කාලෙන තෙසු හව්‍යං පවෙච‍්ඡෙ යො බ්‍රාහ‍්මණො පුඤ‍්ඤපෙඛො යජෙථ.

496. යම් බමුණෙක් පුණ්‍යාපේක්‍ෂා ඇතියේ යාග කරන්නේ නම් රාග දෝස, මෝහ හැර පියා ක්‍ෂීණාස්‍රව වූ වැසනිම කළ මඟබඹසර ඇති යම් කෙනෙක් වෙත් නම් නිසි කල්හි ඔවුන් කෙරෙහි හව්‍යය දෙන්නේ ය.

497. යෙසු න මායා වසති න මානො යෙ වීතලොභා අමමා නිරාසා, කාලෙන තෙසු හව්‍යං පවෙච‍්ඡෙ යො බ්‍රාහ‍්මණො පුඤ‍්ඤපෙඛො යජෙථ.

497. යම් බමුණෙක් පුණ්‍යාපේක්‍ෂා ඇතියේ යාගකෙරේ නම්, හේ යම් කෙනෙකුන් කෙරෙහි මායා නැද්ද, මාන නැද්ද, යම් කෙනෙක් පහ කළ ලෝභ ඇත්තාහු ද මමත්‍වයෙන් තොරවූවාහු ආශාරහිත වෙත් ද, ඔවුන් කෙරෙහි නිසි කල්හි දන් දෙන්නේ ය.

498. යෙ වෙ න තණ‍්හාසු උපාතිපන‍්නා විතරෙය්‍ය ඔඝං අමමා චරන‍්ති. කාලෙන තෙසු හව්‍යං පවෙච‍්ඡෙ යො බ්‍රාහ‍්මණො පුඤ‍්ඤපෙඛො යජෙථ.

498. යම් බමුණෙක් පින්කැමැතියේ යාග කෙරේ නම් හෙ, යම් කෙනෙක් ඒකාන්තයෙන් කාම තෘෂ්ණාදියෙහි නො වැටුණාහු, චතුරෝඝය තරණය කොට මමත්‍වයෙන් තොරව හැසිරෙත් ද, ඔවුන් කෙරෙහි නිසි කල්හි දන්දෙන්නේ ය.

499. යෙසං තණ‍්හා නත්‍ථි කුහිඤ‍්චි ලොකෙ භවාභවාය ඉධ වා හුරං වා, කාලෙන තෙසු හව්‍යං පවෙච‍්ඡෙ යො බ්‍රාහ‍්මණො පුඤ‍්ඤපෙඛො යජෙථ.

499. යම් බ්‍රාහ්මණයෙක් පින්කැමැතියේ යාග කෙරේ නම් හේ, යමකුන්හට මෙලොව්හි වේවයි, පරලොව්හි වේවයි කිසිදු ලොවෙක්හි ශාශ්වත උච්ඡේද විසින් නොහොත් පුනර්‍භවයාගේ අනඟිනිර්‍වෘතිය සඳහා තෘෂ්ණා නැත් ද, ඔවුන් කෙරෙහි නිසි කල්හි හව්‍යය දෙන්නේ ය.

500. යෙ කාමෙ හිත්‍වා අගිහා චරන‍්ති සුසඤ‍්ඤතත‍්තා තසරංව උජ‍්ජුං කාලෙන තෙසු හව්‍යං පවෙච‍්ඡෙ යො බ්‍රාහ‍්මණො පුඤ‍්ඤපෙඛො යජෙථ.

500. යම් බමුණෙක් පින්කැමැතියේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් කාමයන් හැරපියා තෘෂ්ණා රහිත වූවාහු (අනගාරව) මොනොවට සංයත්ආත්ම ඇත්තාහු ඍජු නඩාවක් සෙයින් හැසිරෙත් ද, නිසි කල්හි එ පුඟුලන් කෙරෙහි දන් දෙන්නේ ය.

501. යෙ වීතරාගා සුසමාහිතින්‍ද්‍රියා චන්‍දොව රාහුග‍්ගහණා පමුත‍්තා, කාලෙන තෙසු හව්‍යං පවෙච‍්ඡෙ යො බ්‍රාහ‍්මණො පුඤ‍්ඤපෙඛො යජෙථ.

501. පුණ්‍යාපේක්‍ෂා ඇති යම් බමුණෙක් යාග කෙරේ නම් හේ, පහ කළ රාග ඇති යම් කෙනෙක් මොනොවට සමාහිත වූ ඉඳුරන් ඇත්තාහු රාහු ග්‍රහණයෙන් ප්‍රමුක්ත වූ චන්‍ද්‍රයා සෙයින් ප්‍රමුක්ත වෙත් ද, එපුඟුලන් කෙරෙහි නිසි කල්හි දන් දෙන්නේ ය.

502. සමිතාවිනො වීතරාගා අකොපා යෙසං ගතී නත්‍ථි ඉධ විප‍්පහාය, කාලෙන තෙසු හව්‍යං පවෙච‍්ඡෙ යො බ්‍රාහ‍්මණො පුඤ‍්ඤපෙඛො යජෙථ.

502. යම් බමුණෙක් පින්කැමැතියේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් කෙලෙස් සන්හිඳවන්නාහු පහ කළ රාග ඇත්තාහු කෝප රහිත වූවාහු ද, යමකුන්ට මෙලොව්හි ස්කන්‍ධ හැරපියා ලීමෙන් පුනර්‍භව ගමනෙක් නැත් ද, එ පුඟුලන් කෙරෙහි සුදුසු කල්හි යඥ දෙන්නේ ය.

503. ජහිත්‍වා ජාතිමරණං අසෙසං කථංකථිං සබ‍්බමුපාතිවත‍්තා, කාලෙන තෙසු හව්‍යං පවෙච‍්ඡෙ යො බ්‍රාහ‍්මණො පුඤ‍්ඤපෙඛො යජෙථ.

503. යම් බමුණෙක් පුණ්‍යාපේක්‍ෂා ඇත්තේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් ජාති මරණ නිරවශේෂයෙන් හැරපියා හැම කථංකථි භාවය ඉක්ම ගියාහු වෙත් ද, ඔවුන් කෙරෙහි නිසි කල්හි දක්‍ෂිණා පිරිණමන්නේ ය.

504. යෙ අත‍්තදීපා විවරන‍්ති ලොකෙ අකිඤ‍්චනා සබ‍්බධි විප‍්පමුත‍්තා, කාලෙන තෙසු හව්‍යං පවෙච‍්ඡෙ යො බ්‍රාහ‍්මණො පුඤ‍්ඤපෙඛො යජෙථ.

504. යම් බමුණෙක් පින් කැමැතිව යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් රාගාදි කිඤ්චනයෙන් තොර වූවාහු හැම ස්කන්‍ධයන්හි මිදුනාහු ආත්මගුණම, පිහිට කොට ඇත්තාහු ලොව්හි හැසිරෙත් ද එ පුඟුලන් කෙරෙහි නිසි කල්හි දක්‍ෂිණා පිරිණමන්නේ ය.

505. යෙ හෙත්‍ථ ජානන‍්ති යථා යථා ඉදං අයමන‍්තිමා නත්‍ථි පුනබ‍්භවොති, කාලෙන තෙසු හව්‍යං පවෙච‍්ඡෙ යො බ්‍රාහ‍්මණො පුඤ‍්ඤපෙඛො යජෙථ.

505. යම් බමුණෙක් පින් කැමැතියේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් තෙල ස්කන්‍ධාදි ආයතනයෙහි මෙ ස්කන්‍ධාදිආයතනාදිය යම් පරිදි නම්, ඒ ස්වභාව එසේ ම යයි ද මේ අන්තිම ජාතිය වේ පුනර්‍භවයෙක් දැන් නැතැයි ද දනිත් නම්, ඔවුන් කෙරෙහි නිසි කල්හි දක්‍ෂිණා දෙන්නේ ය.

506. යො වෙදගූ ඣානරතො සතීමා සම‍්බොධිපත‍්තො සරණං බහුන‍්නං, කාලෙන තම‍්හි හව්‍යං පවෙච‍්ඡෙ යො බ්‍රාහ‍්මණො පුඤ‍්ඤපෙඛො යජෙථ.

506. යම් බමුණෙක් පින් පතන්නේ යාග කෙරේ නම් හේ, යමෙක් (සිවුමග නැණ නම් වූ) වේදයෙහි කෙල පැමිණියේ (සවැදෑරුම් සතත විහාර ස්මෘතියෙන්) ස්මෘතිමත් වූයේ ධ්‍යානාභිරත වූ යේ සර්‍වඥතාඥානයට පැමැණියේ බොහෝ දෙනාට සරණ වේ ද, එ පුඟුලා කෙරෙහි නිසි කල්හි දක්‍ෂිණා දෙන්නේ ය.

507. අද‍්ධා අමොඝා මම පුච‍්ඡානා අහු (ඉති මාඝොමාණවො) අක‍්ඛාසි මෙ භගවා දක‍්ඛිණෙය්‍යො, ත්‍වං හෙත්‍ථ ජානාසි යථා තථා ඉදං තථා හි තෙ විදිතො එස ධම‍්මො.

507. (මාඝ මාණව මෙසේ විචාරයි:) එකැතින් මාගේ පැන පිළිවිසුම නො සිස් මැ වීය. භාග්‍යවතුන් වහන්සේ මට දක්‍ෂිණාර්‍හයන් දෙසූ සේක. නුඹ වහන්සේ ඒකාන්තයෙන් මෙ ලොව්හි මෙ ඥේයධර්‍මය යථාත්‍වයෙන් දන්නා සේක. තෙල ධර්‍මධාතුව නුඹ වහන්සේ විසින් ඒ ඇති සැටියෙන් දන්නා ලද වෙයි.

508. යො යාචයොගො දානපතී ගහට‍්ඨො පුඤ‍්ඤත්‍ථිකො යජති පුඤ‍්ඤපෙඛො, දදං පරෙසං ඉධ අන‍්නපානං අක‍්ඛාහි මෙ භගවා යඤ‍්ඤසම‍්පදං.

508. යදනට යෝග්‍ය වූ දානපති වූ පුණ්‍යාර්ත්‍ථි වූ යම් ගැහැවියෙක් පින් කැමැතියේ යාග කෙරේ නම් මෙලොව්හි මෙරමා හට ආහාර පාන දෙනුයේ නම්, එබඳු මට භාග්‍යවතුන් වහන්ස යඥ සම්පත්තිය වදාළ මැනැව.

509. යජස‍්සු යජමානො මාඝාති (භගවා) සබ‍්බත්‍ථ ච විප‍්පසාදෙහි චිත‍්තං, ආරම‍්මණං යජමානස‍්ස යඤ‍්ඤං එත්‍ථ පතිට‍්ඨාය ජහාති දොසං.

509. (බුදුහු මෙසේ වදාළහ:) මාඝය, යජමාන වූයෙහි යාග කරව, සියලු තන්හි තෙකල්හි සිත් පහන් කරව, යාග කරන්නා හට යඥය ආලම්බන වෙයි. එ යඥාලම්බනයෙහි පිහිටා රාගාදි ත්‍රිවිධ දෝෂය හැරපියන්නේ ය.

510. සො වීතරාගො පවිනෙය්‍ය දොසං මෙත‍්තං චිත‍්තං භාවයං අප‍්පමාණං, රත‍්තින්‍දිවං සතතං අප‍්පමත‍්තො සබ‍්බාදිසා ඵරතෙ අප‍්පමඤ‍්ඤං.

510. මෙසෙයින් භෝගයන්හි වීතරාගී වූ හේ, සත්‍වයන් නිමිති කොට උපදනා ද්වේෂය මැඩැ අප්‍රමාණ මෛත්‍රීචිත්තය වඩන්නේ රාත්‍රින්‍දිතයෙහි නිරතුරු අප්‍රමත්ත වූයේ මෙත්දැහැන් නම් වූ අප්‍රාමාණ්‍යය හැම දික්හි පතුරන්නේ යි.

511. කො සුජ‍්ඣති මුච‍්චති බජ‍්ඣතී ච කෙනත‍්තනා ගච‍්ඡති බ්‍රහ‍්මලොකං, අජානතො මෙ මුනි බ්‍රූහි පුට‍්ඨො භගවා හි මෙ සක‍්ඛි බ්‍රහ‍්මජ‍්ජ දිට‍්ඨො තුවං හි නො බ්‍රහ‍්මසමොති සච‍්චං කථං උපපජ‍්ජති බ්‍රහ‍්මලොකං ජුතීමා.

511. කවරෙක් ශුද්ධ වේ ද? මිදේ ද? බැඳේ ද? කවර කරුණෙකින් තෙමේ බඹලොව යේ ද? මුනීන්‍ද්‍රයන් වහන්ස, මෙ කරුණ නො දත් මට වදාළ මැනැව, භාග්‍යවතුන් වහන්ස, ම විසින් අද බ්‍රහ්ම සියැසින් දක්නා ලද ය. මුඹ වහන්සේ අපට සත්‍ය විසින් බ්‍රහ්මසම වෙති. ජ්‍යෙතිෂ්මත් වූ භාග්‍යවතුන් වහන්ස, කෙසේ නම් බඹලොවට පිළිසඳ විසින් පැමිණේ දැයි (මාඝ බුදුරදුන් පිළිවිසි.)

512. යො යජති තිවිධං පුඤ‍්ඤසම‍්පදං (මාඝාති භගවා) ආරාධයෙ දක‍්ඛිණෙය්‍යෙති තාදී, එවං යජිත්‍වා සම‍්මා යාචයොගො උපපජ‍්ජති බ්‍රහ‍්මලොකන‍්ති බ්‍රූමි.

512. මාඝ, යමෙක් (පූර්‍ව මුඤ්චන අපරචේතනා ප්‍රසාද සඞ්ඛ්‍යාත ) ත්‍රිකාල ප්‍රසාදයෙන්යුතු යඥසම්පත්තිය සපයා ද තාදීගුණ යුත් දක්‍ෂිණාර්‍හයන් ආරාධනා කෙරේ නම්, යදනට යෝග්‍ය වූයේ මෙසේ මැනැවින් යඥ කොට බඹලොවට පැමිණේ යයි කියමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේකි.

එවං වුත‍්තෙ මාඝො මාණවො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම -පෙ- අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාරත් ම මාඝමාණව භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වීය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තය -පෙ- අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු කොට මා ධරණ සේක්වයි.

මාඝසුත‍්තං නිට‍්ඨිතං.

මාඝ සූත්‍රය නිමි.