සභිය සුත්තං
3. 6.
3. 6.
සභිය සුත්තං
සභිය සූත්‍රය
එවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන සභියස්ස පරිබ්බාජකස්ස පුරාණසාලොහිතාය දෙවතාය පඤ්හා උද්දිට්ඨා හොන්ති, යො තෙ සභිය සමණො වා බ්රාහ්මණො වා ඉමෙ පඤ්හෙ පුට්ඨො ව්යාකරොති, තස්ස සන්තිකෙ බ්රහ්මචරියං චරෙය්යාසීති.
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසන සේක. එකල්හි සභිය නම් පරිව්‍රාජකයාගේ පැරැණි සහලේ නෑවූ දෙවියකු විසින් පැන උදෙසන ලද වෙයි. “සභිය, යම් මහණෙක් වේවයි බමුණෙක් වේවයි තා විසින් මෙ පැන පුළුවුස්නා ලදුයේ විවරණ කෙරේ නම්, උහු හමුයෙහි බඹසර වස”යි.
අථ ඛො සභියො පරිබ්බජාකො තස්සා දෙවතාය සන්තිකෙ තෙ පඤ්හෙ උග්ගහෙත්වා යෙ තෙ සමණබ්රාහ්මණා සඞ්ඝිනො ගණිනො ගණාචරියා ඤාතා යසස්සිනො තිත්ථකරා සාධුසම්මතා බහුජනස්ස, සෙය්යථිදං: පූරණො කස්සපො මක්ඛලි ගොසාලො අජිතො කෙසකම්බලො පකුධො කච්චායනො සඤ්ජයො බෙල්ලට්ඨි පුත්තො නිගණ්ඨොනාතපුත්තො. තෙ උපසඞ්කමිත්වා තෙ පඤ්හෙ පුච්ඡති, තෙ සභියෙන පරිබ්බාජකෙන පඤ්හෙ පුට්ඨා න සම්පායන්ති. අසම්පායන්තා කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොන්ති, අපි ච සභියඤ්ඤෙව පරිබ්බාජකං පටිපුච්ඡන්ති. අථ ඛො සභියස්ස පරිබ්බාජකස්ස එතදහොසි: යෙ ඛො තෙ භොන්තො සමණබ්රාහ්මණා සඞ්ඝිනො ගණිනො ගණාචරියා ඤාතා යසස්සිනො තිත්ථකරා සාධුසම්මතා බහුජනස්ස, සෙය්යථීදං. පූරණො කස්සපො -පෙ- නිගණ්ඨො නාතපුත්තො. තෙ මයා පඤ්හෙ පුට්ඨා න සම්පායන්ති අසම්පායන්තා කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොන්ති, අපි ච මමඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡන්ති, යන්නූනාහං හීනායාවත්තිත්වා කාමෙ පරිභුඤ්ජෙය්යන්ති.
එක්බිති සභිය පිරිවැජි ඒ දෙවි වෙතැ පැන උගෙන පූරණ කස්සපය, මක්ඛලි ගෝසාලය, අජිත කේසකම්බලය, පකුධ කච්චායනය, සඤ්ජය බෙල්ලට්ඨිපුත්ත්රය, නිගණ්ඨනාථපුත්ත්රය යන මෙබඳු ශිෂය සඞ්ඝයාගෙන් යුක්ත වූ ගණයා ඇති ගණාචාර්‍ය්‍ය වූ අභිඥාත වූ යශස් වී වූ දෘෂ්ටිතීර්ත්ථකර වූ බහුජනයා විසින් සත්පුරුෂය යි සම්මත වූ යම් මහණ බමුණෝ වෙත් නම්, ඔවුන් වෙත් ගොස් එ පැන පුළුවුස්සි. සභිය පිරිවැජි විසින් පැන පුළුවුස්නා ලද ඔහු නො සපයත්. නො සපයන්නාහු කෝප හා ද්වේෂ හා දොම්නස් හා පාළකරත්. වැලිත් සභිය පිරිවැජි ම ප්‍රතිපෘච්ඡා කරත්. එක්බිති සභිය පිරිවැජි හට තෙල සිත් විය: “පූරණ කස්පය -පෙ- නිගණ්ඨනාථපුත්තය යන යම් ශිෂ්‍ය සඞ්ඝයාගෙන් සපන් වූ ගණයා ඇති ගණැදුරු වූ විශ්‍රැත වූ යශස්වී වූ තීර්‍ත්‍ථකර වූ බොහෝ දෙනා විසින් සාධුසම්මත වූ භවත් මහණ බමුණෝ ඇත් නම්, ඔහු මා විසින් පැන පුළුවුස්නා ලද්දාහු පිළිතුරු නො සපයත්. නො සපයන්නාහු කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කෙරෙත්. වැලිදු මා මැ පුළුවුස්ති. මම ගිහී භාවයට පෙරැළී කම්සුව වළඳනෙමි මැනැවැ”යි.
අථ ඛො සභියස්ස පරිබ්බාජකස්ස එතදහොසි: අයම්පි සමණො ගොතමො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සි තිත්ථකරො සාධුසම්මාතො බහුජනස්ස, යන්නූනාහං සමණං ගොතමං උපසඞ්කමිත්වා ඉමෙ පඤ්හෙ පුච්ඡෙය්යන්ති.
එක්බිති සභිය පිරිවැජිහට තෙල සිත් විය: “මේ ශ්‍රමණ භවත් ගෞතමයෝත් ශිෂ්‍ය සඞ්ඝයා ඇතියාහු ගණයා ඇත්තාහු ගණැදුරු වූවාහු විශ්‍රැත වූවාහු යශස්වී වූවාහු තීර්‍ත්‍ථකර වූවාහු බොහෝ ජනයා විසින් සාධු සම්මතයහ. මම ශ්‍රමණ ගෞතමයන් කරාත් ගොස් මෙ පැන පුළුවුස්නෙම් මැනැවැ”යි.
අථ ඛො සභියො පරිබ්බජාකස්සා එතදහොසි: යෙපි ඛො තෙ භොන්තො සමණබ්රාහ්මණා ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයො අනුප්පත්තා ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝිනො ගණිනො ගණාචරියා ඤාතා යසස්සිනො තිත්ථකරා සාධුසම්මතා බහුජනස්ස, යෙය්යථිදං: පූරණො කස්සපො -පෙ- නිගණ්ඨො නාතපුත්තො. තෙපි මයා පඤ්හෙ පුට්ඨො න සම්පායන්ති. අසම්පායන්තා කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොන්ති, අපි ච මඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡන්ති, කං පන මෙ සමණො ගොතමො ඉමෙ පඤ්හෙ පුට්ඨො ව්යාකරිස්සති, සමණො හි ගොතමො දහරො චෙව ව ජාතියා නවො ච පබ්බජායාති: අථ ඛො සභියස්ස පරිබ්බාජකස්ස එතදහොසි: සමණො ඛො දහරොති න පරිභොතබ්බො දහරොපි චෙස සමණො ගොතමො මහිද්ධිකො හොති මහානුභාවො, යන්නූනාහං සමණං ගොතමං උපසඞ්කමිත්වා ඉමෙ පඤ්හෙ පුච්ඡෙය්යන්ති.
ඉක්බිති සභිය පරිව්‍රාජකහට තෙල සිත් විය: පූරණ කස්සපයැ,-පෙ- නිගණ්ඨනාථපුත්තය යන මෙ බඳු යම් ඒ ජරාජීර්ණ වූ අඞ්ගප්‍රත්‍යඞ්ග වෘද්ධිමර්ය්යදාවට පත්, ජාතිමහල්ලකතායෙන් සමන්වාගත, දෙතුන් රාජපරිවෘත්තයන් ඉක්ම ගිය, පැසුළු විය පත්, ස්වකීය ශ්‍රමණධර්‍මයෙහි තෙර බවට පත්, චිරරාත්‍රඥ වූ, පැවිදියෙන් බොහෝ කල්ගිය, ශිෂ්‍යගණයා ඇති, ගණයා ඇති කරණ, ගණැදැරු වූ, ඥාතෘ වූ, යශස්වී වූ, තීර්‍ත්‍ථකර වූ බහුජනයා විසින් සාධු සම්මත වූ මහණ බමුණෝ වෙත් නම්, ඔහුදු මා විසින් පැන පුළුවුස්නාලද්දාහු පිළිතුරු නොසපයත්. නොසපයන්නාහු කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කෙරෙත්. වැලිත් මා මැ එකරුණෙහි ප්‍රතිපෘච්ඡා කරත්. මා විසින් මෙ පැනපුළුවුස්නා ලද ශ්‍රමණ ගෞතමයෝ කවර නම් විසැඳුමක් කරත් ද? ශ්‍රමණගෞතමයෝ ජාතියෙන් දහරයහ. පැවිද්දෙන් නවකයහ”යි. එකල්හි සභිය පරිව්‍රාජකහට මෙසිත් විය: “මහණ දහර වුව, හේ මහ ඉදු ඇතියේ මහානුභාව ඇතියේ ය. මහණ වනාහි දහර යයි පරිභව නො කටයුතු වෙයි. මම මහණ ගොයුම් කරා ගොස් මෙ පැන පුළුවුස්නෙම් මැනැවැ”යි.
අථ ඛො සභියො පරිබ්බාජකො යෙන රාජගහං තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන රාජගහං වෙළුවනං කලන්දකනිවාපො, යෙන භගවා තෙනුපඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො සභියො පරිබ්බාජකො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
එක්බිති සභිය පිරිවැජි රජගහ බලා චාරිකාවට නික්ම ගියේය. අනුපිළිවෙළින් සැරිසරන්නේ රජගහ නුවර කලන්දක නිවාප නම් වේළුවනය කරා ගොස් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් සභිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කරුණු ගන්වා කීය:
513. කඞ්ඛි වෙචිකිච්ඡි ආගමං (ඉති සභියො) පඤ්හෙ පුච්ඡිතුං අභිකඞ්ඛමානො, තෙසන්තකරො භවාහි පඤ්හෙ මෙ පුට්ඨො අනුපුබ්බං අනුධම්මං ව්යාකරොහි මෙ.
513. ප්රශ්නව්යාකරණකාඞ්ක්ෂා ඇතියෙම්, ප්රශ්නාර්ත්ථයෙහි විචිකිත්සා ඇතියෙම්, පැන පුළුවුස්නට කැමැතියෙම් පැමිණියෙම්. පුළුවුස්නාලද භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අන්තය කරණසේක් මැ මට අනුපිළිවෙලින්අර්ත්ථානුරූප පාළිය විවරණ කළමැනැවැයි සභිය කීය.
514. දූරතො ආගතො සි සභියා (ති භගවා) පඤ්හෙ පුච්ඡිතුං අභිකඞ්ඛමානො, තෙසන්තකරො භවාමි පුට්ඨො අනුපුබ්බං අනුධම්මං ව්යාකරොමි තෙ.
514. “සභිය, දුරැ සිට (තෝ) පැන පුළුවුස්නට කැමැති ව ආයෙහි ය. (තා විසින්) පුළුවුස්නාලද්දෙම් ඒ ප්රශ්නයන්ගේ පර්‍ය්‍යවසාන කරම්. පැන පිළිවෙළින් අර්ත්ථරූප ධර්මය තොපට විවරණ කරන්නෙමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
515. පුච්ඡ මං සභිය පඤ්හං යං කිඤ්චි මනසිච්ඡසි, තස්ස තස්සෙව පඤ්හස්ස අහං අන්තං කරොමි තෙ’තී.
515. සභිය, සිතින් යම් මැ කිසිවක් කැමැතියෙහි නම්, එ පැන මා පුළුවුස්ව, මම තොපට එ එ ප්රශ්නාගේ පර්‍ය්‍යවසානය කරන්නෙම්.
අථ ඛො සභියස්ස පරිබ්බාජකස්ස එතදහොසි, අච්ඡරියං වත භො අබ්භුතං වත භො යං වතාහං අඤ්ඤෙසු සමණබ්රාහ්මණෙසු ඔකාසකම්මමත්තම්පි නාලත්ථං, තං මෙ ඉදං සමණෙන ගොතමෙන ඔකාසකම්මං කතන්ති අත්තමනො පමොදිතො උදග්ගො පීතිසොමනස්සජාතො භගවන්තං පඤ්හං පුච්ඡි:
එකල්හි සභිය පිරිවැජිහට තෙල සිත් විය: “භවත්නි, එකැතියන් අසිරියෙකි. භවත්නි, එකැති යෙන් නො වූ විරූයෙකි. අන් මහණ බමුණන් වෙතැ මම එකැතින් යම්බඳු අවකාශමාත්රයකුදු නොලදිම් ද, මට ඒ අවසරය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දෙන ලද වේ ය”යි ආරාධිත සිත් ඇත්තේ ප්‍රමුදිත වූයේ ඔද වැඩි සිතැතියේ හටගත් ප්‍රීතිසොම්නස් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ ගෙන් පැන පිළිවිසි.
516. කිං පත්තිනමාහු භික්ඛූනං (ඉති සභියො) සොරතං කෙන කථඤ්ච දන්තමාහු, බුද්ධොති කථං පවුච්චති පුට්ඨො මෙ භගවා ව්යාකරොහි
516. (සභිය මෙසේ විචාරයි) කවර ප්‍රාප්තියක් (අධිගමයක්) ඇතියහු මහණැයි කියත් ද? කවර කරුණෙකින් (මහණ) සොරත (මොනොවට සන්හුන්) යයි කියත් ද? කිසෙයින් (මහණ) දාන්තයයි කියත් ද? කිසෙයින් බුද්ධ යයි කියනු ලැබේ ද?භාග්‍යවතුන් වහන්සේ මා විසින් පුළුවුස්නා ලද ඔබ වහන්සේ විවරණ කරන සේක්ව යි.
517. පජ්ජෙන කතෙන අත්තනා (සභියාති භගවා) පරිනිබ්බානගතො විතිණ්ණකඞ්ඛො, විභවඤ්ච භවඤ්ච විප්පහාය වුසිතවා ඛීණපුනබ්භවො ස භික්ඛු.
517. (බුදුහු සභිය අමතා) තමා (භාවනා විසින්) කළ මාර්ගයෙන් ක්ලේශපරිනිර්‍වාණයට ගිය, වෙසෙසින් තුණු සැක ඇති (විපත්ති සම්පත්ති, හානි - වෘද්ධි, උච්ඡේද - ශාශ්වත, අපුණ්‍ය - පුණ්‍ය සඞ්ඛ්‍යාත) විභව හා භව හැරපියා වැස නිමවූ මඟ බඹසර ඇති, ක්ෂීණ වූ පුනර්භව ඇති එ පුද්ගල භික්ෂූ වෙයි.
518. සබ්බත්ථ උපෙක්ඛකො සතිමා න සො හිංසති කඤ්චි සබ්බලොකෙ, තිණ්ණො සමණො අනාවිලො උස්සදා යස්ස න සන්ති සොරතො සො.
518. යමෙක් රූපාදි හැම අරමුණුහි(ෂඩඞ්ගෝපේක්‍ෂායෙන්) උපෙක්ෂිතවූ ස්මෘතිමත් වූ හේ හැම ලොව්හි කිසිදු ප්රාණයකු නොපෙළන්නේ ද චතුරෝඝ තරණය කෙළේ ද (සන්හුන් පව් ඇති හෙයින්) ශ්‍රමණ වූයේ ද, (ඇවිළගත් මිථ්‍යා සඞ්කල්ප නැති හෙයින්) අනාවිල වූයේ ද, යමකුහට ඖදාරික වේවයි සූක්ෂම වේවයි රාග, ද්වේෂ, මෝහ, මාන, දෘෂ්ටි, ක්ලේශ, දුශ්චරිත සඞ්ඛ්යාතා සප්තොත්සදයෝ නොමැත්තාහු ද, හෙ සොරත නම් වෙයි.
519. යස්සින්ද්රියානි භාවිතානි අජ්ඣත්තං බහිද්ධා ච සබ්බලොකෙ, නිබ්බිජ්ඣ ඉමං පරඤ්ච ලොකං කාලං කඞ්ඛති භාවිතො ස දන්තො.
519. යමකු විසින් අධ්‍යාත්මයෙහි හා බාහිරයෙහිදැයි හැම ස්කන්ධලෝකයෙහි වූ චක්ෂුරාදි ෂඩින්ද්රියෝ (ගෝචරභාවනා වාසනාභාවනා විසින්) වඩනාලදහුද, මෙ ස්වසන්තිස්කන්ධලෝකය හා පරසන්තිස්කන්ධලෝකය හා පිළිවිද (දැන) වැඩූ සිතැතියේ ජීවිතක්ෂය කාලය සාපේක්ෂ ව වෙසේ ද, හෙ දාන්ත වෙයි.
520. කප්පානි විචෙය්ය කෙවලානි සංසාරං උභයං චුතූපපාතං, විගතරජමනඞ්ගණං විසුද්ධං පත්තං ජාතික්ඛයං තමාහු බුද්ධන්ති.
520. තෘෂ්ණා දෘෂ්ටිකල්පයන් ද, සසර ද, ච්‍යුති උප්පත්ති දෙක ද, යන මෙ හැම අනිත්‍යාදි විසින් දැන කෙලෙස් රජස් දුරැ ලූ, රාගාදි අඞ්ගණ රහිත වූ, රාගාදිමලවිගමයෙන් විශුද්ධ වූ, නිර්වාණ සඞ්ඛ්‍යාත ජාතික්ෂයට පැමිණි එ පුඟුල් බුද්ධ යි කියත් යැයි (වදාළහ.)
අථ ඛො සභියො පරිබ්බාජකො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා අත්තමනො පමොදිතො උදග්ගො පීතිසොමනස්සජාතො භගවන්තං උත්තරිං පඤ්හං පුච්ඡි:
එකල්හි සභිය පිරිවැජි භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිලිගෙණැ අනුමෝදන් වැ සතුටුසිත් ඇතියේ ප්‍රමුදිත වූයේ ඔදපත්සිතැත්තේ හටගත් ප්‍රීති සොම්නස් ඇතියේ භාග්‍යවතුන් වහන්සේගෙන් මත්තෙහිදු පැන පිළිවිසී.
521. කිං පත්තිනමාහු බ්රාහ්මණං (ඉති සභියො) සමණං කෙන කථඤ්ච නහාතකොති. නාගොති කථං පවුච්චති පුට්ඨො මෙ භගවා ව්යාකරොහි.
521. (සභිය මෙසේ පිළිවිසියි:) කවර ප්රාප්ති ඇතියක්හු බ්රාහ්මණයැයි කියත් ද? කවර කරුණෙකින් ශ්‍රමණයැයි කියත් ද? කිසෙයින් ස්නාතකයයි කියත් ද? කිසෙයින් ‘නාග’ කියනු ලැබේ ද? භාග්‍යවතුන් වහන්ස, ම විසින් පුළුවුස්නාලදහු විවරණ කළ මැනව.
522. බාහිත්වා සබ්බපාපානි (සභියාති භගවා) විමලො සාධු සමාහිතො, ඨිතත්තො, සංසාරමතිච්ච කෙවලී සො අසිතො තාදි පවුච්චතෙ බ්‍රාහ්මා.
522. (‘සභිය’ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) හැම පව් බැහැර ලා (විගතමල භාවයෙන්) විමල වූ, අග්‍රඵල සමාධියෙන්මොනොවට සමාහිත වූ, ස්ථිතාත්ම ඇති, සංසාරහේතු සමතික්රණයෙන් සසර ඉක්මැ සිටි, ( වැසනිම වූ කිස ඇති හෙයින්) කේවලී වූ, තෘෂ්ණා දෘෂ්ටියෙන් අනිඃශ්‍රිත වූ, (ලෝකධර්මයෙන් නිර්විකාර හෙයින්) තාදී වූ එ ක්ෂීණාස්රව තෙම ‘බ්‍රාහ්මණ’යි කියනු ලැබේ.
523. සමිතාවි පහාය පුඤ්ඤපාපං විරජො ඤත්වා ඉමං පරඤ්ච ලොකං, ජාතිමරණං උපාතිවත්තො සමණො තාදි පවුච්චතෙ තථත්තා.
523. අරීමගින් කෙලෙස් සන්හිඳ වූ, පින් පව් නසා පියා එහෙයින්ම රාගාදි රජස් නැති, මෙ ආධ්‍යාත්මික ස්කන්ධාදි ලෝකය හා අනිත්‍යාදි විසින් දැන, ජාති හා මරණ හා ඉක්ම ගිය තථාත්ම වූ තාදී පුත්ගල ‘ශ්‍රමණ’ යි කියනු ලැබෙ යි.
524. නින්හාය සබ්බපාපකානි අජ්ඣත්තං බහිද්ධා ච සබ්බලොකෙ, දෙවමනුස්සෙසු කප්පියෙසු කප්පං නෙති තමාහු නහාතකොතී.
524. ආධ්‍යාත්මික වූත් බාහිර වූත් හැම ස්කන්ධාදි ලෝකයෙහි හැම පව් දොවාපියා (තණ්හාමාණදිට්ඨියන) කල්පන කටයුතු දේවමනුෂ්‍යයන් කෙරෙහි යමෙක් තෘෂ්ණාදි කල්පනයට නොයේ ද, ඔහු ‘ස්නාතක’ යි කියත්.
525. ආගුං න කරොති කිඤ්චි ලොකෙ සබ්බසංයොගෙ විසජ්ජ බන්ධනානි; සබ්බත්ථ න සජ්ජතී විමුත්තො නාගො තාදි පවුච්චතෙ තථත්තාති.
525. (යමෙක්) ලොවැ සර්වසංයෝජන සඞ්ඛ්‍යාත බන්ධන හැරැපියා කිසිදු ආගු සඞ්ඛ්‍යාත පාපයක් නොකෙරේ ද, උභය විමුක්තියෙන් මිදුනේ හැම ස්කන්ධාදියෙන් සඞ්ගවශයෙන් නොලැගේ ද, තථාත්ම වූ එ තාදී පුද්ගල ‘නාග’ යි කියනු ලැබේ.
අථ ඛො සභියො පරිබ්බාජකො -පෙ- භගවන්තං උත්තරිං පඤ්හං අපුච්ඡි:
ඉක්බිති සභිය පරිව්‍රාජක ... මත්තෙහිදු භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැන පිළිවිසී.
526. කං ඛෙත්තජිනං වදන්ති බුද්ධා (ඉති සභියො) කුසලං කෙන කථඤ්ච පණ්ඩිතොති, මුනි නාම කථං පවුච්චති පුට්ඨො මෙ භගවා ව්යාකරොහි.
526. (සභිය මෙසේ පිළිවිසියි:) බුදුහු කවරකු ‘ඛෙත්තජින’ යි කියත් ද? කවර කරුණෙකින් ‘කුශල’ යි කියත් ද? කිසෙය්න ‘පණ්ඩිත’ යි කියත් ද? කිසෙයින් ‘මුනි’ නමැයි කියනු ලැබේ ද? භාග්‍යවතුන් වහන්ස, මා විසින් පුළුවුස්නා ලදහු විවරණ කළ මැනව.
527. ඛෙත්තානි විචෙය්ය කෙවලානි (සභියාති භගවා) දිබ්බං මානුසකඤ්ච බ්රහ්මඛෙත්තං, සබ්බඛෙත්තමූලබන්ධනා පමුත්තො ඛෙත්තජිනො තාදී පවුච්චතෙ තථත්තා.
527. (බුදුහු සභිය අමතා මෙසේ වදාරති:) දිව්‍ය ක්ෂේත්‍ර, මානුෂක ක්ෂේත්‍ර, බ්‍රහ්ම ක්ෂේත්‍ර වූ, චක්ෂුරාදි ආයතන සඞ්ඛ්‍යාත සකල ක්ෂේත්රයන් අනිත්‍යාදි විසින් විමසා දැන සකල ක්ෂේත්රයනට මූලබන්ධන වූ අවිද්‍යා භව තෘෂ්ණාදියෙන් ප්‍රමුක්ත වූ තථාත්ම වූ තාදී පුද්ගල ‘ඛෙත්තජින’ යි කියනු ලැබේ යි.
528. කොසානි විචෙය්ය කෙවලානි දිබ්බං මානුසකඤ්ච බ්රහ්මකොසං, සබ්බකොසමූලබන්ධනා පමුත්තො කුසලො තාදි පවුච්චතෙ තථත්තා.
528. දිව්‍ය කෝෂ, මානුෂක කෝෂ, බ්‍රාහ්ම වූ සකල කර්ම කෝෂයන් (අනිත්‍යාදි විසින්) පිරිසිඳ දැන සර්ව කර්මකෝෂයනට මූලබන්ධන සඞ්ඛ්‍යාත අවිද්‍යා භව තෘෂ්ණාදියෙන් ප්‍රමුක්ත වූයේ තථාත්ම තාදී පුද්ගල ‘කුසල’යි කියනු ලැබෙ යි.
529. තදුභයානි විචෙය්ය පණ්ඩරානි අජ්ඣත්තං බහිද්ධා ච සුදධිපඤ්ඤො, කණ්හං සුක්කමුපාතිවත්තො පණ්ඩිතො තාදි පවුච්චතෙ තථත්තා.
529. ආධ්‍යාත්මික වූත් බාහිර වූත් චක්ෂුරාදි උබය පණ්ඩරයන් (ආයතනයන්) අනිත්‍යාදි විසින් විමසා දැන ශුද්ධ ප්‍රඥා ඇතියේ පාපපුණ්ය සඞ්ඛ්‍යාත කෘෂ්ණ ශුක්ල ධර්මයන් ඉක්ම ගියේ තථාත්ම තාදී පුද්ගල ‘පණ්ඩිත’ යි කියනු ලැබෙයි.
530. අසතඤ්ච සතඤ්ච ඤත්වා ධම්මං අජ්ඣත්තං බහිද්ධා ච සබ්බලොකෙ, දෙවමනුස්සෙහි පූජනීයො සඞ්ගං ජාලමතිච්ච සො මුනීති.
530. ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ද සියලු ලෙව්හි අසත්පුරුෂයන්ගේ හා සත්පුරුෂයන්ගේ ධර්මය (ප්රවිචයඥානයෙන්) දැනසිටි යමෙක් දෙව් මිනිසුන් විසින් පිදියයුතුවේ ද, සප්තවිධ සඞ්ග හා තෘෂ්ණා දෘෂ්ටි යන ද්විවිධ ජාලය ද ඉක්මැ සිටි හෙ ‘මුනි’යි කියනු ලැබේ.
අථ ඛො සභියො පරිබ්බාජකො -පෙ- භගවන්තං උත්තරිං පඤ්හං අපුච්ඡි:
ඉක්බිති සභිය පිරිවැජි ... මතුයෙහිදු භාග්‍යවතුන් වහන්සේ ගෙන් පැන පිළිවිසී.
531. කිං පත්තිනමාහු වෙදගුං (ඉති සභියො) අනුවිදිතං කෙන කථඤ්ච විරියවාති, ආජානියො කින්ති නාම හොති පුට්ඨො මෙ භගවා ව්යාකරොහි.
531. (සභිය මෙසේ පිළිවිසියි:) කුමකට පැමිණියහු ‘වේදගු’ යි කියත් ද? කවර කරුණෙකින් ‘අනුවීදිත’යි කියත් ද? කිසෙයින් ‘වීර්‍ය්‍යවත්’යි කියත් ද? කවර හෙයින් ‘ආජානේය’ නම් වේ ද? භාග්‍යවතුන් වහන්ස, ම විසින් පුළුවුස්නා ලදහු විවරණ කරණු මැනව.
532. වෙදානි විචෙය්ය කෙවලානි (සභියාති භගවා) සමණානං යානිධත්ථි බ්රාහ්මණානං, සබ්බ වෙදනාසු වීතරාගො සබ්බං වෙද මතිච්ච වෙදගූ සො.
532. (බුදුහු සභිය අමතා මෙසේ වදාරති) මෙලොවැ මහණ බමුණන්ගේ යම් වේදයෝ ඇත් ද? එ හැම වේද ශාස්ත්‍ර (අනිස ඈ විසින්) පිරිසිඳ දැන ( එ වේද ප්‍රත්‍යයන් උපදනා) සියලු වේදනාවන්හි වීතරාග වූයේ එ හැම වේද ඉක්මවා සිටි හෙ ‘වේදගු’ යි කියනු ලැබෙයි.
533. අනුවිච්ච පපඤ්චනාමරූපං අජ්ඣත්තං බහිද්ධා ච රොගමූලං, සබ්බරොගමූලබන්ධනා පමුත්තො අනුවිදිතො තාදි පවුච්චතෙ තථත්තා
533. ආධ්‍යාත්මික සන්තානයෙහි හා බාහිර සන්තානයෙහි රෝගයනට කරුණු වූ (තණ්හා දිට්ඨිමාන යන) ප්‍රපඤ්චයන් හා (එයින් උපදනා) නාමරූප ද (අනිත්‍යාදි විසින්) දැන, හැම නාමරූප රෝගයන්ගේ මූලබන්ධනයෙන් ප්‍රමුක්ත වූ තථාත්ම තාදී පුද්ගල ‘අනුවීදිත’ යි කියනු ලැබෙයි.
534. විරතො ඉධ සබ්බපාපකෙහි නිරයදුක්ඛමතිච්ච විරියවා සො, සො විරියවා පධානවා ධීරො තාදී පවුච්චතෙ තථත්තා.
534. යමෙක් මෙලොවැ හැම පව් දහමින් වෙන් වූයේ නිරාදුක් ඉක්මැ සිටි හෙ වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. (චතුරඞ්ග සමන්වාගත) වීර්‍ය්‍ය ඇති ප්‍රධන් ඇති තථාත්ම වූ තාදී එ පුද්ගල ධීර යි කියනු ලැබෙයි.
535. යස්සසසු ලුතානි බන්ධනානි අජ්ඣත්තං බහිද්ධා ච සඞ්ගමූලං, සබ්බසඞ්ගමූලබන්ධනා පමුත්තො ආජානීයො තාදි පවුච්චතෙ තථත්තා’ති.
535. යමකුගේ ආධ්‍යාත්මික සන්තානයෙහිත් බාහැර සන්තානයෙහිත් වූ සංයෝජන සඞ්ඛ්‍යාත බන්ධනයෝ ද රාගාදි සඞ්ගමූලයද සිඳලන ලද්දාහු වෙත් ද, හැම සඞ්ගමූලයෙන් හා බන්ධනයෙන් මුත් තථාත්ම වූ තාදී පුද්ගල ‘ආජානේය’ යි කියනු ලැබේ.
අථ ඛො සභියො පරිබ්බාජකො -පෙ- භගවන්තං උත්තරිං පඤ්හං අපුච්ඡි:
ඉක්බිති සභිය පිරිවැජි ... මතුයෙහිදු භාග්‍යවතුන් වහන්සේ ගෙන් පැන පිළිවිසී.
536. කිං පත්තිනමාහු සොත්තියං (ඉති සභියො) අරියං කෙන කථඤ්ච චරණවාති, පරිබ්බාජකො කින්ති නාම හොති පුට්ඨො මෙ භගවා ව්යාකරොහි.
536. (සභිය මෙසේ පිළිවිසියි:) කුමකට පැමිණියහු ‘සොත්තිය’ යි කියත් ද? කවර කරුණෙකින් යුක්ත වූවහු ‘අරිය’ යී කියත් ද? කිසෙයින් ‘චරණ සම්පන්න’ යි කියත් ද? කවර හෙයෙකින් පරිබ්බාජක නම් වේද? භාග්‍යවතුන් වහන්ස, මා විසින් පුළුවුස්නා ලදහු විවරණ කරණු මැනව.
537. සුත්වා සබ්බධම්මං අභිඤ්ඤාය ලොකෙ (සභියාති භගවා) සාවජ්ජානවජ්ජං යදත්ථි කිඤ්චි, අභිභුං අකථංකථිං විමුත්තං අනීඝං සබ්බධිමාහු සොත්තියොති.
537. (බුදුහු මෙසේ වදාළහ, සභිය:) (ශ්රැතමය ප්රඥකෘත්ය වශයෙන් හෝ කර්තව්යකෘත්ය වශයෙන් හෝ) විදර්ශනෝපගත වූ සාවද්‍ය වූත් යම් මැ කිසිධර්මයෙක් ඇත් නම් එ හැම ධර්මය අසා අනිත්‍යාදි වශයෙන් දැන ක්ලේශ හා ක්ලේශස්තානීය ධර්ම මැඩ සිටී, කථංකථී භාව නැති, කෙලෙස් බැඳුමින් මිදුනු සියලු ස්කන්ධාදි රාගාදි ඊඝ නැතියහු ‘සොත්තිය’ යි කියත්.
538. ඡෙත්වා ආසවානි ආලයානී විද්වා සො න උපෙති ගබ්භසෙය්යං සඤ්ඤං තිවිධං පනුජ්ජ පඞ්කං කප්පං නෙති තමාහු අරියොති.
538. චතුරාස්රවයන් හා උභයාලයන් ප්රඥාශස්ත්රයෙන් සිඳ (සිවුමගනැණින්) විද්වද් වූ හේ කිසිදු යෝනිගර්භශර්ය්යාවකට (පුනර්භවයට) නො එයි. කාමාදි ත්රිවිධසංඥාවන් හා කාම පඞ්කය හා හැරපියා තෘෂ්ණා දෘෂ්ටි කල්පයට නො එයි. ඔහු ‘අරිය’ යි කියත්.
539. යො ඉධ චරණෙසු පන්තිපත්තො කුසලො සබ්බදා ආජානි ධම්මං, සබ්බත්ථ න සජ්ජති විමුත්තො පටිඝා යස්ස න සන්ති චරණවා සො.
539. මෙ සස්නෙහි යම් මහණෙක් පසළොස්චරණධර්ම හේතුයෙන් (අර්හත්ව සඞ්ඛ්‍යාත) ප්රාප්තවයට පැමිණියේ චරණධර්මකුශල වූයේ හැමවිට නිර්වාණධර්ම දතුයේ ද, සියලු ස්කන්ධාදි ධර්මයන්හි නො ලැගේද, උභය විමුක්තියෙන් මිදුනේ ද, යමකුට ප්‍රතිඝයෝ නැද්ද, හෙ ‘චරණ’ සම්පන්න’යි කියත්.
540. දුක්ඛවෙපක්කං යදත්ථි කම්මං උද්ධමධො තිරියඤ්චාපි මජ්ඣෙ, පරිබ්බාජයිත්වා පරිඤ්ඤචාරී මායං මානමථොපි ලොභකොධං පරියන්තමකාසි නාමරූපං තං පරිබ්බාජකමාහු පත්තිපත්තන්ති.
540. (අතීතාධ්ව සඞ්ඛ්‍යාත) උඩ හා (අනාගතාධ්ව සඞ්ඛ්‍යාත) යට හා (ප්රත්යුපන්නාධ්ව සඞ්ඛ්‍යාත) සරස මැද හා වූ දුඃඛ විපාක ඇති යම් කිසි කර්මයෙක් ඇත් නම් එ ද, මායා මාන ලෝභ ක්‍රෝධ යන ධර්මයන් (අප්රතිසන්ධිජනකභාවයෙන්) ආර්ය්යමාර්ගයෙන් දුරු කොට පියා පහාණ පරිඤ්ඤා වශයෙන් පිරිසිඳ දැන හැසිරෙන්නේ නාම රූපය අවසන් කෙළේ ද, ප්රාප්තව්යයටපත් එ මහණ පරිබ්බාජකැ යි කියත්.
අථ ඛො සභියො පරිබ්බාජකො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා අත්තමනො පමුදිතො උදග්ගො පීතිසොමනස්සජාතො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං සම්මුඛා සාරුප්පාහි ගාථාහි අභිත්ථවි:
ඉක්බිති සභිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙණ අනුමෙවෙනි කොට තුටුසිත් ඇත්තේ ප්‍රමුදිත වූයේ ඔදවැඩි සිතැතියේ හටගත් ප්‍රීති සොම්නස් ඇතියේ හුනස්නෙන් නැඟී සිට උතුරුසළුව එකස්හි කොට ලා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ හමුයෙහි සිට සාරුප්‍ය ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේ පැසසීය.
541. යානි ච තීණි යානි ච සට්ඨි සමණප්පවාද සිතානි භූරිපඤ්ඤ, සඤ්ඤක්ඛරසඤ්ඤනිස්සිතානි ඔසරණානි විනෙය්ය ඔඝන්තමගා.
541. මහාප්රාඥයෙනි, (අන්යතීර්ත්ථක) ශ්‍රමණයන්ගේ ප්රවාදශාස්ත්රයන් ඇසුරු කළ යම් තෙසැට මිසදිටු කෙනෙක් ද, ව්යවහාරනාමයන් හා විපරීත සංඥාවන් ඇසුරු කළ යම් තීර්ත්ථායතනයෝත් වෙත් නම්, එ තීර්ත්ථයන් මැඩ පියා ඕඝසඞ්ඛ්යාත තමස ඉක්ම ගියහ නොහොත් ඕඝයාගේ අන්තයට ගියහ.
542. අන්තගූ’සි පාරගු දුක්ඛස්ස අරහාසි සම්මාසම්බුද්ධො ඛීණාසවං තං මඤ්ඤෙ, ජුතිමා මුතිමා පහුතපඤ්ඤො දුක්ඛස්සන්තකර අතාරෙසි මං.
542. නිවන් කරා ගියා ව, (එහෙයින්) දුඃඛයාගේ පරතෙර කරා ගියාව, අර්හත් වහු සම්යක්සම්බුද්ධවහු, ඔබ ක්ෂීණාස්රව කොට හඟිම්. ධෘතිමත් වව, මුතිමත්, ප්රභූතප්රඥා ඇති වව, දුක් කෙළවර කළ නිදුකාණනි, මා තරණය කළාව,
543. යං මෙ කංඛිතමඤ්ඤාසි විචිකිච්ඡා මං තාරයි නමො තෙ මුනි මොනපථෙසු පත්තිපත්ත අඛිලආදිච්චබන්ධූ සොරතොසි.
543. මාගේ යම් සැකයෙක් දන්නා ලද ද, විචිකිච්ඡාවක් වීද, එයිනුදු මා තරණය කළහු ය. ඔබට නමස්කාර වේවා! මෝනපථයෙහි අර්හත්වයට පැමිණි මුනිවරයානනි, ආදිත්යබන්ධු වූ ඔබ සොරත වහු යැ.
544. යා මෙ කඞ්ඛා පුරෙ ආසි තං මෙ ව්යාකාසි චක්ඛුමා, අද්ධා මුනීසි සම්බුද්ධො නත්ථි නීවරණා තව.
544. මට පෙර යම් සැකයෙක් වී නම්, පසැස්හු එය දුරැලූහ. ඒකාන්තයෙන් සම්බුද්ධ මුනි වූවහු ය. ඔබට නීවරණයෝ නැත.
545. උපායාසා ච තෙ සබ්බෙ විද්ධස්තා විනලීකතා, සීතීභූතො දමප්පත්තො ධිතිමා සච්චනික්කමො.
545. ඔබ විසින් සියලු උපායාසයෝ වෙසෙසින් නසන ලද්දාහ, එහෙයින් විනලීකෘත වෙති. සිහිල් වූවහු දාන්ත වූවහු ධෘතිසම්පන්න වූවහු සත්යනිෂ්ක්රිම ඇත්තහුය.
546. තස්ස තෙ නාග නාගස්ස මහාවීරස්ස භාසතො, සබ්බෙ දෙවානුමොදන්ති උභො නාරදපබ්බතා.
546. නිෂ්පාපී උතුමාණනි, නාග වූ මහාවීර වූ දම් දෙසන එ ඔබගේ භාෂිතය, සියලු දෙවියෝ ද, නාරදපබ්බත දෙපවු වැසි උබය දේවගණයෝ ද අනුමෙවෙනි කෙරෙත්.
547. නමො තෙ පුරිසාජඤ්ඤ නාමො තෙ පුරිසුත්තම, සදෙවකස්මිං ලොකස්මිං නත්ථි තෙ පටිපුග්ගලො.
547. පුරුෂ ශ්රේෂ්ඨයෙනි, ඔබට නමස්කාරවේවා, පුරුෂෝත්තමයෙනි, ඔබට නමස්කාරවේවා, දෙවියන් සහිත ලෝකයෙහි ඔබට ප්‍රතිපුද්ගලයෙක් නැත.
548. තුවං බුද්ධො තුවං සත්ථා තුවං මාරාභිභූ මුනි, තුවං අනුසයෙ ඡෙත්වා තිණ්ණො තාරෙසි’මං පජං.
548. මුබවහන්සේ බුද්ධ වන සේක, මුබ වහන්සේ ශාස්තෘ වන සේක. මුබ වහන්සේ මරුන්මැඩලූ මුනි වන සේක. මුබවහන්සේ සප්තානුශය සිඳපියා ඕඝතරණ කළ සේක. මේ සත්ත්වාඛ්යා ප්‍රජාව එතෙර කළ සේකි.
549. උපධී තෙ සමතික්කන්තා ආසවා තෙ පදාලිතා, සීහොසි අනුපාදානො පහීනභයභෙරවො.
549. මුබ වහන්සේ විසින් උපධීහු මොනොවට ඉක්මවනලදහ. මුබ වහන්සේ විසින් ආස්‍රවයෝ ප්රදාලිත වෙත්. මුබ වහන්සේ සිංහ වනසේක, උපාදාන රහිත වනසේක. ප්රහීණභය භෛරව ඇති සේකි.
550. පුණ්ඩරීකං යථා වග්ගු තොයෙ න උපලිප්පති, එවං පුඤ්ඤෙ ච පාපෙ ච උභයෙ ත්වං න ලිප්පසි, පාදෙ වීර පසාරෙහි සභියො වන්දති සත්ථුනො’ති.
550. යම්සේ මනරම් පඬෙර දියෙහි නො තැවරේ ද, එසෙයින් පින් හා පව් යන දෙක්හි මුබ වහන්සේ නො තැවරෙන සේක. වීරයන් වහන්ස, පා සඟළ දිගු කළ මැනව, සභිය ශාස්තෘන්ගේ පා සඟළ වඳනේයි.
අථ ඛො සභියො පරිබ්බාජකො භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- ධම්මඤ්ච භික්ඛු සඞ්ඝඤ්ච, ලභෙය්යාහං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්යං උපසම්පදන්ති,
එක්බිති සභිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් හෙවැ භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තය, ..... ධර්මය හා බික්සඟුන් හා සරණ කොටයෙමියි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිදි ලබම්වා උපසම්පත් ලබම්වා යි.
යො ඛො සභිය, අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති පබ්බජ්ජං ආකඞ්ඛති උපසම්පදං සො චත්තාරො මාසෙ පරිවසති, චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛු පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛු භාවාය, අපිච මෙත්ථ පුග්ගලවෙමත්තතා විදිතාති.
සභිය අන්තොටුවිරූ යමෙක් මෙ ධර්මවිනයෙහි පැවිදි කැමති වේ ද, උපසම්පදාව කැමති වේද, හේ සාර මසක් පිරිවෙස් වසයි. සිවුමස් ඇවෑමෙන් ඇරයූ සිත් ඇති මහණහු ඔහු භික්ෂුභාවය සඳහා පැවිදි උපසපන් කරවත්. තවද මෙ අන්තොටු පිරිවෙස්හි ලා මා විසින් පුද්ගල නානාත්වය දන්නා ලද වේය යි.
සචෙ භන්තෙ, අඤ්ඤතිත්ථියපුබ්බා ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛන්තා පබ්බජ්ජං ආකඞ්ඛන්තා උපසම්පදං චත්තාරො මාසෙ පරිවසන්ති, චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛුපබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛුභාවාය, අහං චත්තාරි වස්සානි පරිවසිස්සාමි, චතුන්නං වස්සානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛු පබ්බාජෙන්තු උපසම්පාදෙන්තු භික්ඛුභාවායාති.
වහන්ස, ඉදින් අන්තොටු විරූහු මෙ සස්නෙහි පැවිදි පතන්නාහු උපසපුව පතන්නාහු සාරමසක් පිරිවෙස් පුරත් නම්, සාරමස් ඇවෑමෙන් ආරාධිත චිත්තයෙන්යුත් මහණහු පැවිදි කරවත් නම් භික්ෂු භාවය සඳහා උපසම්පන්න කරවත් නම්, මම් සතර වසරක් පිරිවෙස් පුරන්නෙමි, සිව්වස ඇවෑමෙන් ආරාධිතචිත්ත භික්ෂූහු (මා) පැවිදි කෙරෙත්වා, භික්ෂු භාවය සඳහා උපසපන් කෙරෙත්වා යි.
අලත්ථ ඛො සභියො පරිබ්බාජකො භගවතො සන්තිකෙ පබ්බජ්ජං අලත්ථ උපසම්පදං -පෙ- අඤ්ඤතරො ච ඛො පනායස්මා සභියො අරහතං අහොසීති.
සභිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිද්ද ලැබීය, උපසම්පදා ලැබීය -පෙ- ආයුෂ්මත් සභිය රහතුන් අතර අන්‍යතරයෙක් වීය යි.
සභියසුත්තං නිට්ඨිතං.
සභිය සූත්‍රය නිමි.