සෙල සුත්තං
3. 7.
3. 7.
සෙල සුත්තං
සේල සූත්‍රය
එවං මෙ සුතං එකං සමයං භගවා අඞ්ගුත්තරාපෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි යෙන ආපණං නාම අඞ්ගුත්තරාපානං නිගමො තදවසරි, අස්සොසි ඛො කෙණියො ජටිලො සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො අඞ්ගුත්තරාපෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි ආපණං අනුප්පත්තො, තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමුනස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙ කල්‍යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති, සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’ති.
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අඞ්ගුත්තරරාජ දනවුයෙහි සැරිසරණ සේක් අඩ තෙළෙස් යල් සියක් මහණුන් ඇති මහ බික් සඟුන් සමග අඞ්ගුත්තරාපයන්ගේ ආපණ නම් නියම් ගමට වැඩි සේක. කේණිය ජටිල මෙ බස් ඇසී: “ශාක්‍ය කුලයෙන් (නික්මැ) පැවිදි වූ ගෞතම ශ්‍රමණශාක්‍ය පුත්‍රයෝ අඞ්ගුත්තරාප දනවුයෙහි සැරිසරන්නාහු අඩ තෙළෙස් යල් සියක් මහණුන් ඇති බික්මහසඟුන් හා කැටිව ආපණයට පැමිණියහ. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු කලණ කිත් ගොස මෙසේ පැන නැංග: ‘එ භවත්හු මෙ කරුණෙන් ද අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දේව මනුෂ්‍යයනට ශාස්තෘහ, බුද්ධහ, භාග්‍යවත්හ’යි මෙසේ උස්ව නැංගේය. හේ දෙවියන් සහිත මරුන් සහිත, බඹුන් සහිත මේ ලෝකය, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්වාඛ්යප්රජාව තෙමේ විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට ප්‍රකාශ කෙරෙයි. හේ ආදි කල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ සාර්ත්ථ කොට සව්‍යඤ්ජන කොට ධර්මය දේශනා කරයි. කේවල පරිපූර්ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පවසයි. එබඳු වූ රහතුන්ගේ දර්ශනය මනා වේ මැ”යි.
අථ ඛො කෙණියො ජටිලො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නං ඛො කෙණියං ජටිලං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙපෙසි සම්පහසෙසි.
ඉක්බිති කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු, සිහිකට යුතු කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත් පසෙක හුන් කේණිය ජටිලයන් භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් මොනොවට දැක්වූහ. සමාදන් කරවූහ. මැනවින් උත්තේජිත කරවූහ, සම්ප්රහර්ෂිත කරවූහ.
අථ ඛො කෙණියො ජටිලො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො භගවන්තං එතදවොච: අධිවාසෙතු මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනාති, එවං වුත්තො භගවා කෙණියං ජටිලං එතදවොච: මහා ඛො කෙණිය, භික්ඛුසඞ්ඝො අඩ්ඪතෙළසානි භික්ඛුසතානි, ත්වඤ්ච ඛො බ්රාහ්මණෙසු අභිප්පසන්නොති. දුතියම්පි ඛො කෙණියො ජටිලො භගවන්තං එතදවොච: කිඤ්චාපි භො ගොතම, මහා භික්ඛුසඞ්ඝො අඩ්ඪතෙළසානි භික්ඛුසතානි, අහඤ්ච බ්රාහ්මණෙසු අභිප්පසන්නො, අධිවාසෙතු මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනාති, තතියම්පි ඛො භගවා කෙණියං ජටිලං එතදවොච: මහා ඛො කෙණිය, භික්ඛුසඞ්ඝො අඩ්ඪතෙළසානි භික්ඛුසතානි, ත්වඤ්ච ඛො බ්රාහ්මණෙසු අභිප්පසන්නොති, තතියම්පි ඛො කෙණියො ජටිලො භගවන්තං එතදවොච: කිඤ්චාපි භො ගොතම, මහා භික්ඛුසඞ්ඝො අඩ්ඪතෙළසානි භික්ඛුසතානි, අහඤ්ච ඛො බ්රාහ්මණෙසු අභිප්පසන්නො, අධිවාසෙත්වෙව මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනාති.
එක්බිති කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් සන්දර්ශිත වූයේ සමාදන් කරවන ලදුයේ සමුත්තේජිත වූයේ සම්ප්රහර්ෂිත වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කෙළේය: භවත් ගෞතමයෝ සෙට දවසට බික්සඟුන් හා සමග මාගේ ඉවසත්වා යි. මෙසේ කියන ලද භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයන් හට තෙල කරුණ වදාළ සේක: කේණියෙනි, බික්සඟහු මහත් වෙත්, අඩ තෙළෙස් යල් සියක් මහණහු වෙත්, තො ද වනාහි බ්‍රාහ්මණයන් කෙරෙහි අභිප්‍රසන්නයෙහි’යි. දෙවන වටත් කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වීය: භවත් ගෞතමයන් වහන්ස, බික්සඟුන් මහත් වුව, අඩ තෙළෙස් යල් සියක් මහණුන් වුවද, මා ද බ්‍රාහ්මණයන් කෙරෙහි අභිප්‍රසන්න වුව ද, භවත් ගෞතමයන් වහන්සේ සෙට දවසට බික් සඟුන් සමග ම මගේ බත ඉවසත්වා”යි. තෙවන වටත් භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයන් හට තෙල කරුණ වදාළ සේක: කේණියෙනි, බික්සඟහු මහත් වෙති, අඩ තෙළෙස්යල්සියක් මහණහු වෙත්, තොපද වනාහි බ්‍රාහ්මණයන් කෙරෙහි අභිප්‍රසන්නයෙහි’යි. තෙවන වටත් කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: භවද් ගෞතමයන් වහන්ස, බික්සඟුන් මහත් වුව, අඩ තෙළෙස්යල්සියක් මහණුන් වුව, මා ද බ්‍රාහ්මණයන් කෙරෙහි අභිප්‍රසන්න වුව, භවද් ගෞතමයන් වහන්සේ සෙටදස් සඳහා බික් සඟුන් හා සමග මාගේ බත ඉවසත්වා”යි.
අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක.
අථ ඛො කෙණියො ජටිලො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා යෙන සකො අස්සමො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා මිත්තා මච්චෙ ඤාතිසාලොහිතෙ ආමන්තෙසි: සුණන්තු මෙ භවනෙතා මිත්තා මච්චා ඤාතිසාලොහිතා සමණො මෙ ගොතමො නිමන්තිතො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙන. යෙන මෙ කායවෙය්යාවටිකං කරෙය්යාථාති.
ඉක්බිති කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී සිය අසපුව කරා ගියේය. ගොස් මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේ නෑයන් ඇමතීය: භවත් මිත්රාමාත්යයෙනි, නෑසාලේ නෑයෙනි, මබස් අසව. මවිසින් බික්සඟුන් හා ශ්‍රමණ භවද් ගෞතමයෝ සෙට බතට නිමන්ත්‍රණය කරණ ලදහ. මට කයින් වතාවත් කරව”යි.
එවං හොති ඛො කෙණියස්ස ජටිලස්ස මිත්තාමච්චා ඤාතිසාලොහිතා කෙණියස්ස ජටිලස්ස පටිස්සුත්වා අප්පෙකච්චෙ උද්ධනානි ඛණන්ති, අප්පෙකච්චෙ කට්ඨානි ඵාලෙන්ති, අප්පෙකච්චෙ භාජන්ති ධොවන්ති, අප්පෙකච්චෙ උදකමණිකං පතිට්ඨාපෙන්ති, අප්පෙකච්චෙ ආසනානි පඤ්ඤාපෙන්ති. කෙණියො පන ජටිලො සාමංයෙව මණ්ඩලමාලං පටියාදෙති.
භවත්නි, එසේය යි කේණිය ජටිලගේ මිත්‍රාමාත්‍යයෝ ද නෑ සාලේ නෑයෝ ද කේණිය ජටිලයන් පිළිවදන් අස්වා ඇතැම් හු ගිනි උදුන් වළ කණිති, ඇතැම්හු දර පලති, ඇතැම්හු බඳුන් දොවති, ඇතැම්හු දිය සැළ තබති, ඇතැම්හු අසුන් පණවත්. කේණිය ජටිල තෙමෙ හේ මැ මණ්ඩල මාලය පිළියෙල කරයි.
තෙන ඛො පන සමයෙන සෙලො බ්රාහ්මණො ආපණෙ පටිවසති තිණ්ණං වෙදානං පාරගු සනිඝණටුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො තීණි මාණවකසතානි මන්තෙ වාචෙති, තෙන ඛො සමයෙන කෙණියෙ ජටිලෙ සෙලො බ්රාහ්මණො අභිප්පසන්නො හොති.
එසමයෙහි සේල බ්‍රාහ්මණ නිඝණ්ඩු ශාස්ත්‍ර හා ක්‍රියාකල්ප විකල්ප ශාස්ත්‍ර සහිත (ශික්ෂා, නිරුක්ති සඞ්ඛ්‍යාත) අක්ෂර ප්‍රභේද ඇති (අර්ත්ථව වේද සතරවන කොට) පුරාණ කථා සඞ්ඛ්‍යාත ඉතිහාසය පස්වනු කොට ඇති වේදත්‍රයෙහි කෙළ පැමිණියේ පද හා ව්‍යාකරණ දතුයේ (විතණ්ඩවාද ශාස්ත්රසඞ්ඛ්යාත) ලෝකායත ශාස්ත්‍රයෙහි හා මහා පුරුෂ ලක්ෂණාධිකාරයෙහි පරිපූර්ණ වූයේ ආපණයෙහි වෙසෙයි. ශිෂ්‍ය මාණවකයන් තුන්සියකට වේද මන්ත්‍ර හදාරවයි. එසමයෙහි කේණිය ජටිල කෙරෙහි සේලබ්රාහ්මණ මොනොවට පැහැදුනේ වෙයි.
අථ ඛො සෙලො බ්රාහ්මණො තීහි මාණවකසතෙහි පරිවුතො ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො යෙන කෙණියස්ස ජටිලස්ස අස්සමො තෙනුපසඞ්කමි. අද්දසා ඛො සෙලො බ්රාහ්මණො කෙණියස්මිං ජටිලෙ අප්පෙකච්චෙ උද්ධනානි ඛණන්නෙ -පෙ- අප්පෙකච්චෙ ආසනානි පඤ්ඤාපෙන්තෙ කෙණියං පන ජටිලං සාමංයෙව මණ්ඩලමාලං පටියාදෙන්තං දිස්වාන කෙණියං ජටිලං එතදවොච:
එකල්හි සේල බ්‍රාහ්මණ තුන්සියක් මාණවකයන් විසින් පිරිවරණ ලදුයේ ජඞ්ඝා විහාර කරණුයේ කේණි ජටිලයන් ගේ අසපුව කරා එළැඹියේයැ. සේල බ්‍රාහ්මණ කේණිය ජටිල වෙතැ උදුන් කණනුවන් අසුන් පනවනුවන් ද කේණිය ජටිලයන් තමා මැ මණ්ඩල මාලය පිළියෙල කරණුවන් ද දිටී. දැක කේණිය ජටිල හට තෙල කීය:
කින්නු භොතො කෙණියස්ස ආවාහො වා භවිස්සති, විහාහො වා භවිස්සති, මහායඤ්ඤො වා පච්චුපට්ඨිතො, රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො නිමන්තිතො ස්වාතනාය සද්ධිං බලකායෙනාති.
කිම භවත් කේණියගේ ආවාහයක් හෝ වන්නේ ද? විවාහයෙක් හෝ වන්නේ ද? මහායාගයෙක් හෝ එළඹ සිටියේ ද? සෙට දවස් සඳහා බලකායයෙන් යුත් මගධාධිපති සේනිය බිම්බිසාර රජ හෝ බතින් පවරණ ලදුයේ දැ? යි.
න මෙ සෙල, ආවාහො භවිස්සති, නපි විවාහො භවිස්සති නපි රාජා මාගධො සෙනියො බිම්බිසාරො නිමත්ති තො ස්වාතනාය සද්ධිං බලකායෙන, අපි ච ඛො මෙ මහායඤ්ඤො පච්චුපට්ඨිතො අත්ථි. සමණො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො අඞ්ගුත්තරාපෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි ආපණං අනුප්පත්තො, තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො -පෙ- බුද්ධො භගවාති. සො මෙ නිමන්තිතො ස්වාතනාය සද්ධිං භික්ඛුසඞ්ඝෙනාති.
සේලයෙනි, මාගේ ආවාහයෙක් හෝ නො වන්නේ යැ, විවාහයෙක් හෝ නොවන්නේ යැ, බල සෙන් හා මගධපති සේනිය බිම්බිසාර රජ හෝ සෙට දවස් සඳහා නිමන්ත්‍රිත නො වෙයි, වැලිදු මට එළඹ සිටි මහා යඥයෙක් ඇත. සැහැකුලෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර ගෞතමයෝ අඞ්ගුත්තරාප ජනපදයෙහි සැරිසරන්නාහු අඩ තෙළෙස් යල් සියක් බික්මහසඟන හා කැටිව ආපණයට පැමිණියහ, එ භවත් ගෞතමයන්ගේ මෙවන් කල්‍යාණ කීර්තිඝෝෂයෙක් උස්වැ නැංගේ යැ. -පෙ- බුද්ධයහ, භගවත්හ”යි. ඔබ බික් සඟුන් හා සමග මා විසින් සෙට දවසට නිමන්ත්‍රණ කරණ ලදහ.
බුද්ධොති ඛො භො කෙණිය, වදෙසි? බුද්ධොති භො සෙල, වදාමි, බුද්ධොති භො කෙණිය, වදෙසි? බුද්ධොති භො සෙල වදාමිති.
භවත් කේණියෙනි, බුද්ධයහ’යි කියහි? භවත් සේලයෙනි, ‘බුද්ධයහ’යි කියමි. භවත් කේණියෙනි, බුද්ධයහ’යි කියහි? භවත් සේලයෙනි, බුද්ධයහ’යි කියමියි.
අථ ඛො සෙලස්ස බ්රාහ්මණස්ස එතදහොසි: ඝොසොපි ඛො එසො දුල්ලභො ලොකස්මිං යදිදං බුද්ධො’ති. ආගතානි ඛො පන අස්මාකං මන්තෙසු ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා. සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්ති ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවි ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්තරතනානි භවන්ති, සෙය්යථීදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිණායකරතනමෙව සත්තමං, පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා, සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසති. සචෙ ඛො පනාගාරස්මා අනගාරියං පබ්බජති අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවත්තච්ඡද්දො.
එකල්හි සේල බමුණ හට තෙල සිත විය: ‘බුද්ධයහ’ යන යම් මෙ තෙපුලෙක් වේ නම් තෙල හඬ ද ලොව්හි දුර්ලභ වේ ය”යි අපගේ වේද මන්ත්‍රයෙහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කෙනෙක් ඇත. යම් බඳු ලක්ෂණයෙන් සමන්වාගත මහාපුරුෂයකු හට දෙ ගතියෙක් මැ වේ ද අන්‍ය ගතියෙක් නො වේ ද එබඳු ලක්ෂණයෝ ය. ඉදින් ගෙහි ඉසුරුව වෙසේ නම් ධාර්මික වූ ධර්මරාජ වූ සිව්සයුරු හිම් කොට ඉසුරු වූයේ සතුරන් දනන සුලු වූයේ දනවුහි තහවුරු බවට පැමිණියේ සප්තරත්නයෙන් සමන්වාගත වූයේ සක්විති රජ වෙයි. ඔ හට මෙ සප්තරත්නයෝ වෙති, ඔහු කවරහ යත්: චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මණී රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත් වැනි වූ පරිණායක රත්නය. ඔ හට වනාහි ශූර වූ විරාඞ්ගස්වරූප වූ සතුරු සෙන් මඬනා, අයිරා දහස් පුත්‍රයෝ වෙත්, හේ සයුරු පිරියත් කොට ඇති මෙ මුළු පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් ධර්මයෙන් දිනා ගෙණ ඉසුරු ව වෙසෙයි. ඉදින් ගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත ශාසනයට වදී නම්, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූයේ ලොව්හි පෙරළු ක්ලේශච්ඡදන ඇතියේ වෙ’යි.
කහං පන භො කෙණිය, එතරහි සො භවං ගොතමො විහරති අරහං සම්මා සම්බුද්ධො’ති.
භවත් කේණියෙනි, දැන් එ භවත් ගෞතම සම්‍යක් සම්බුද්ධයෝ කොහි වෙසෙත් ද?
එවං වුත්තෙ කෙණියො ජටිලො දක්ඛිණං බාහං පග්ගහෙත්වා සෙලං බ්රාහ්මණං එතදවොච: යෙනෙසා භො සෙල නිලවනරාජීති,
මෙසේ අසත් මැ කේණිය ජටිල දක්ෂිණ බාහුව නඟා සෙල බමුණු හට තෙල කීය: භවත් සෙලෙයිනි, යම් දිගෙකින් තෙල නිල් වන පෙත වේ නම් (එහි යයි).
අථ ඛො සෙලො බ්රාහ්මණො තීහි මාණවකසතෙහි සද්ධිං යෙන භගවා තෙනුපසඞ්කමි, අථඛො සෙලො බ්රාහ්මණො තෙ මාණවකෙ ආමන්තෙසි: අප්පසද්දා භොන්තො ආගච්ඡන්තු පාදෙ පදං නික්ඛිපන්තා, දුරාසදා හි තෙ භගවන්තො සීහාව එකවරා, යදා වාහං භොන්තො, සමණෙන ගොතමෙන සද්ධිං මන්තෙය්යං මා මෙ භොන්තො, අන්තරන්තරා කථං ඔපාතෙථ, කථාපරියොසානං මෙ භවන්තො ආගමෙන්තූති.
ඉක්බිති සෙල බ්‍රාහ්මණ මාණවකයන් තුන්සිය කැවිටිව ලා ගෙණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එක්බිති සේල බමුණු මාණවකයන් තුන්සිය ඇමැතීය: භවත්නි, අල්පශබ්දව පියෙහි පිය බහන්නාහු එව, සිංහයින් සෙයින් ඒකචර වූ එ භාග්‍යවත්හු දුරාසද වෙත් මැයි. (ලංවිය නොවෙත් මැයි) භවත්නි, යම් විටෙක ශ්‍රමණ ගෞතමයන් සමග මන්ත්‍රණ කෙරෙම් නම්, භවත්හු මාගේ කථායෙහි නහමක් අතුරු කථා හෙළවයි, භවත්හු මාගේ කථා පර්‍ය්‍යවසානය අපේක්ෂා කෙරෙත්වා යි.
අථ ඛො සෙලො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයංවීතිසාරෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො සෙලො බ්රාහ්මණො භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි සමන්නෙසි, අද්දසා ඛො සෙලො බ්රාහ්මණො භගවතො කායෙ ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි යෙභුය්යෙන ඨපෙත්වා ද්වෙ, ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, කොසොහිතෙ ච වත්ථගුය්හෙ පහූතජිව්හතාය ච,
එක්බිති සේල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු කථා නිමවා එකත් පස් හි හින. එකත් පස් හි හුන් සෙල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙතිස් මහපුරිස් ලකුණු සෙවීය. සෙල බමුණු භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙකක් තබා බොහෝ කොට දෙතිස් මහපුරිස් ලකුණු දිටී. දෙමහපුරිස් ලකුණෙකැ සැක දනවයි, විචිකිත්සා කෙරෙයි, අධිමෝක්ෂ නො කෙරෙයි, ප්‍රසන්න භාවයට නො යෙයි: කෝෂාවහිත වස්ත්රගුහ්යයෙහි ද ප්‍රභූත ජීහ්වතායෙහි දැයි.
අථ ඛො භගවතො එතදහොසි: පස්සති ඛො මෙ අයං සෙලො බ්රාහ්මණො ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි යෙභුය්යෙන ඨපෙත්වා ද්වෙ, ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, කොසොහිතෙ ච වත්ථගුය්හෙ පහූතජිව්හතාය චාති. අථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි යථා අද්දස සෙලො බ්රාහ්මණො භගවතො කොසොහිතං වත්ථගුය්හං, අථ ඛො භගවා ජිව්හං නින්නාමෙත්වා උභොපි කණ්ණසොතානි අනුමසි පරිමසි, උභොපි නාසිකසොතානි අනුමසි පරිමසි, කෙවලම්පි ලළාටමණ්ඩලං ජිව්හාය ඡාදෙසි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේට තෙල සිත විය: මෙ සේල බ්‍රාහ්මණ දෙකක් තබා මාගේ දෙතිස් මහපුරිස් ලකුණු බොහෝ කොට දක්නේය, දෙමහපුරිස් ලකුණෙක් හි සැක දනවයි, විචිකිත්සා කෙරෙයි, අධිමෝක්ෂ නො කෙරෙයි, පහන් නොවෙයි: කෝෂාවහිත වස්තුගුහ්යයෙහි හා ප්‍රභූත ජිහ්වතායෙහි හායි. එක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් පරිදියෙකින් සෙල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ ගේ කෝෂාවහිත වස්ත්රගුහ්යය දිටී නම්, එපරිද්දෙන් ඍද්ධ්යභිසංස්කාරයක් කළසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ දිව බැහැරි කොට ලා දෙකන් සිළු අනුමර්ශන කළහ, පරාමර්‍ශන කළහ, දෙනාසාසිදුරුදු අනුමර්ශන කළහ, පරාමර්‍ශන කළහ, හැම නළල් මඩුලු දිවේ වැසූහු.
අථ ඛො සෙලස්ස බ්රාහ්මණස්ස එතහොසි සමන්නාගතො ඛො සමණො ගොතමො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි පරිපුණ්ණෙහි නො අපරිපුණ්ණෙහි නො ච ඛො නං ජානාමි බුද්ධො වා නො වා, සුතං ඛො පන මෙතං බ්රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං, යෙ තෙ භවන්ති අරහන්තො සම්මාසම්බුද්ධො තෙ සකෙ වණ්ණෙ භඤ්ඤමානෙ අත්තානං පාතුකරොන්තීති, යන්නූනාහං සමණං ගොතමං සම්මුඛා සාරුප්පාහි ගාථාහි අභිත්ථවෙය්යන්ති, අථ ඛො සෙලො බ්රාහ්මණො භගවන්තං සම්මුඛා සාරුප්පාහි ගාථාහි අභිත්ථවි.
එකල්හි සෙල බමුණු හට තෙල සිත විය: අපරිපූර්ණ නො ව පරිපූර්ණ වූ ම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් ශ්‍රමණ භවත් ගෞතමයෝ සමන්වාගත වෙති. උහු බුදුහු හෝයි නො බුදුහ හෝයි නො ද දනිම්. “යම් මැ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වෙත් නම්, උන් වහන්සේ තමන් ගුණ වණනු ලබත් ම තමන් පාළ කෙරෙතැ”යි වෘද්ධ වූ ජාති මහල්ලක වූ ආචාර්ය්ය ප්‍රාචාර්‍ය්‍යයන්ගේ තෙල බස මා විසින් අසන ලද මැයි. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අබිමුවෙහි සාරුප්‍ය ගාථායෙන් තෙමන්නෙම් නම් මැනැවයි. එක්බිති සෙල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ අභිමුවෙහි සාරුප්‍ය ගාථායෙන් පැසැසීය.
551. පරිපුණ්ණකායො සුරුචි සුජාතො චාරුදස්සනො, සුවණ්ණවණ්ණොසි භගවා සුසුක්කදාඨොසි විරියවා.
551. භාග්‍යවතුන් වහන්ස, (මහ පුරිස් ලකුණින් පිරිපුන් හෙයිනුදු නො හුනු අඟ පසඟ ඇති බැවිනුදු) පිරිපුන් සිරිරු ඇතියව, සොඳුරු සිරිරු පැහැ ඇතියව, (ආරෝහ පරිණාහ සම්පත්තියෙනුදු සංස්ථාන සම්පත්තියෙනුදු) සුජාතයව, සිත්කලු දර්ශන (හෙවත් නෙත්) ඇතියව, රන්වන් පැහැ ඇත්තව, ඉතා සුදු දළ ඇත්තව, ප්‍රධන් වීර්‍ය්‍ය ඇත්තව.
552. නරස්ස හි සුජාතස්ස යෙ භවන්ති වියඤ්ජනා සබ්බෙ තෙ තව කායස්මිං මහාපුරිසලක්ඛණා.
552. සුජාත වූ පුරුෂයකුට යම් බඳු වියදුන්හ වෙත් නම්, ඒ හැම මහා පුරුෂ ලක්ෂණයෝ මුඹවහන්සේගේ සිරුරෙහි වෙති.
553. පසන්නනෙත්තො සුමුඛො බ්රහා උජු පතාපවා, මජ්ඣෙ සමණසඞ්ඝස්ස ආදිච්චො’ව විරොචසි.
553. (පඤ්චවර්ණ ප්‍රසාද සම්පත්තියෙන්) පහන් නෙත් ඇත්ත ව, (පිරිපුන් සඳ මඬල බඳු හෙයින්) සුමුඛ ව, (ආරෝහ පරිණාහ සම්පත්ති හෙයින්) වෘහත් වව. (බඹහුගේ මෙන් ඍජු ගාත්‍ර ඇති හෙයින්) ඍජුවව, (ජ්යොතිර්මත් භාවයෙන්) ප්‍රතාප ඇතිය ව, ශ්‍රමණ සඞ්ඝයාගේ මධ්‍යයෙහි ආදිත්‍ය හෙයින් වොරඳහු.
554. කල්යාණදස්සනො භික්ඛු කඤ්චනසන්නිභත්තවො, කිං තෙ සමණභාවෙන එවං උත්තමවණ්ණිනො.
554. කලණ අසුන් ඇති මහණ ව, කසුන් බඳු සිවි ඇත්ත ව, මේ සෙයින් උත්තම වර්ණ ඇති තොපගේ ශ්රණ භාවයෙන් කවර අර්‍ත්‍ථයෙක?
555. රාජා අරහසි භවිතුං චක්කවත්ති රථෙසභො, චාතුරන්තො විජිතාවි ජම්බුසණ්ඩස්ස ඉස්සරො.
555. දඹදිවට ඉසුරු වූ සිව්සයුරු හිම් කොට සතුරන් දිනන සුලු රාජශ්රේෂ්ඨ වූ සක්විති රජවන්නට නිස්සෙහි:
556. ඛත්තියා භොජරාජානො අනුයුත්තා භවන්ති තෙ, රාජාභිරාජා මනුජින්දො රජ්ජං කාරෙහි ගොතම.
556. භවත් ගෞතමයන් වහන්ස, භෝග යුක්ත ක්ෂත්රියෝ ද රජහු ද තොපට අනුයුක්ත වෙත්. මනුජේන්ද්රරාජාධිරාජ වූ යෙහි රජය කරව.
557. රාජාහමස්මි සෙල (ඉති භගවා) ධම්මරාජා අනුත්තරො, ධම්මෙන චක්කං වත්තෙමි චක්කං අප්පතිවත්තියං
557. සේලයනි, මම අනුත්තර ධර්ම රජාන් වූ රජිමි. (කිසිවකු විසිනුදු) නො පැවැත් විය හැකි චක්‍රය වන ආණාචක්‍රය (සත්තිස් බෝධිපාක්ෂික) ධර්මයෙන් පවත්තන්නෙමි’යි ( භාග්‍යවතුන් වහන්සේ වදාළහ.)
558. සම්බුද්ධො පටිජානාසි (ඉතිසෙලො බ්රාහ්මණො) ධම්මරාජා අනුත්තරො, ධම්මෙන චක්කං වත්තෙමි ඉති භාසසි ගොතම.
558. (සෙල බ්‍රාහ්මණ මෙසේ කියයි) ගෞතමයන් වහන්ස, ‘අනුත්තර ධර්ම රාජ වූ සම්බුද්ධ යෙමි’යි පිළින කරවු ද? දැහැමින් අණසක් පවත්ව මැයි කියයි නො:
559. කොනු සෙනාපතී භොතො සාවකො සත්ථුදන්වයො, කො තෙ ඉමං අනුවත්තෙති ධම්මචක්කං පවත්තිතං.
559. ශාස්තෘ වූ භවත්හු ගේ අන්වයාගත ශ්‍රාවක වූ දම් සෙනෙවි කවරේ ද? තොප විසින් පවත්වන ලද මෙ ධර්ම චක්‍රය කවරෙක් අනුවර්තන කෙරේ ද?
560. මයා පවත්තිතං චක්කං (සෙලාති භගවා) ධම්මචක්කං අනුත්තරං, සාරිපුත්තො අනුවත්තෙති අනුජාතො තථාගතං
560. (සෙල බමුණු අමතා බුදුහු මෙසේ වදාළහ:) “තථාගතයනට අනුජාත වූ ශාරිපුත්‍ර මා විසින් පවත්වන ලද චක්‍රය වූ අනුත්තර ධර්ම චක්‍රය පවත්වයි.”
561. අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං භාවෙතබ්බඤ්ච භාවිතං, පහාතබ්බං පහීනං මෙ තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ.
561. (විද්‍යා, විමුක්ති සඞ්ඛ්‍යාත) අභිඥෙය ධර්මය මා විසින් අභිඥාත වෙයි. (මාර්ග සත්‍යය සඞ්ඛ්‍යාත) වැඩි යුතු ධර්මය වඩන ලද, සමුදය සත්‍ය සඞ්ඛ්‍යාත ප්‍රහාතව්‍ය ධර්මය ප්‍රහීණ වෙයි. බමුණ, එහෙයින් බුද්ධයෙමි.
562. විනයස්සු මයි කඞ්ඛං අධිමුච්චස්සු බ්‍රාහ්මණ, දුල්ලභං දස්සනං හොති සම්බුද්ධානං අභිණ්හසො.
562. බ්‍රාහ්මණය, මා කෙරෙහි සැක හැරපියව, අධිමෝක්ෂය පිහිටුව, සම්බුදුන්ගේ එක්වන් දර්ශනය දුර්ලභ වේ.
563. යෙසං වො දුල්ලභො ලොකෙ පාතුභාවො අභිණ්හසො, සො’හං බ්‍රාහ්මණ සම්බුද්ධො සල්ලකත්තො අනුත්තරො.
563. යම් සම්බුදු වරුන්ගේ නිරතුරු පාළවීම ලෝකයෙහි දුර්ලභ වෙයි, බ්‍රාහ්මණය, එබඳු මම් අනුත්තර වූ (රාගාදිශල්යයන් උදුරණ හෙයින්) ශල්‍යවෛද්‍ය වූ සම්‍යක් සම්බුද්ධ යෙමි.
564. බ්රහ්මභූතො අතිතුලො මාරසෙනප්පමද්දනො, සබ්බාමිත්තෙ වසීකත්වා මොදාමි අකුතොභයො.
564. බ්‍රහ්ම (ශ්‍රේෂ්ඨ) භූත යෙම් උපමා ඉක්ම වූ යෙම්, මර සෙන් මඩනෙම් (පඤ්චමාර සඞ්ඛ්‍යාත) හැම සතුරන් වශයෙහි කොට (මැඩ) කිසිවෙකුගෙනුදු නොබානෙම් තුටු වෙමි.”යි
565. ඉමං භොන්තො නිසාමෙථ යථා භාසති චක්ඛුමා, සල්ලකත්තො මහාවීරො සීහො ව නදතී වනෙ.
565. භවත්නි, පසැස් ඇතියේ යම් සේ බෙණේ නම්, මෙය අසවු. ශල්‍යවෛද්‍ය වූ මහා වීර තෙමේ වෙනෙහි සිහරදකු සෙයින් නාද කෙරෙයි.
566. බ්රහ්මභූතං අතිතුලං මාරයෙනප්පමද්දනං, කො දිස්වා නප්පසීදෙය්ය අපි කණ්හාභිජාතිකො.
566. ශ්‍රේෂ්ඨ වූ උපමාතික්රාන්ත වූ මර සෙන් මඬනා සම්බුදුන් දැක නීච ජාතික වූ ද කවරෙක් නම් නො පහද නේ ද?
567. යො මං ඉච්ඡති අන්වෙතු යො වා නිච්ඡති ගච්ඡතු, ඉධාහං පබ්බජිස්සාමි වරපඤ්ඤස්ස සන්තිකෙ
567. යමෙක් රුස්නේ නම් මා අනුගමන කෙරේ වා, යමෙක් නො කැමැතියේ නම්, (හෙ) යේවා, උත්තම ප්‍රඥා ඇති බුදුන්ගේ හමුයෙහි මැ මම් පැවිදි වන්නෙමි’යි,
568. එතඤ්චෙ රුච්චති භොතො සම්මාසම්බුද්ධසාසනං, මයම්පි පබ්බජිස්සාම වරපඤ්ඤස්ස සන්තිකෙ.
568. ඉදින් භවත් හට තෙල සම්‍යක් සම්බුද්ධ ශාසනය රුස්නේ නම් වරප්රාඥ වූ බුදුන් ගේ හමුයෙහි අපිදු පැවිදි වන්නෙමු.
569. බ්රාහ්මණා තිසතා ඉමෙ යාචන්ති පඤ්ජලීකතා, බ්රහ්මචරියං චරිස්සාම භගවා තව සන්තිකෙ.
569. භාග්‍යවතුන් වහන්ස, ඇඳිලි බැඳි මෙ තුන්සියක් බමුණෝ, මුබ වහන්සේ හමුයෙහි බඹසර සරම්හයි යදනාහ.
570. ස්වාක්ඛාතං බ්රහ්මචරියං (සෙලාති භගවා) සන්දිට්ඨිකමකාලිකං, යත්ථු අමොඝා පබ්බජ්ජා අප්පමත්තස්ස සික්ඛතොති.
570. සේලයනි, යම් ශාසනයෙක්හි අප්‍රමත්තව හික්මෙන්නහුගේ ප්‍රව්‍රජ්‍යාව නො සිස් වේ නම්, මෙ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය සාන්දෘෂ්ටික වෙයි. අකාලික වෙයි. ස්වාඛ්‍යාත ද වේ යයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
අලත්ථ ඛො සෙලො බ්රාහ්මණො සපරිසො භගවතො සන්තිකෙ පබ්බජ්ජං අලත්ථ උපසම්පදං. අථ ඛො කෙණියො ජටිලො තස්සා අත්තියා අච්චයෙන සකෙ අස්සමෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි, කාලො භො ගොතම නිට්ඨිතං භත්තන්ති.
සෙල බ්‍රාහ්මණ පිරිස් සහිත වූයේ භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිදි ලද්දේය. උපසම්පදා ලැබීය. එක්බිති කේණිය ජටිල එ රෑ ඇවෑමෙන් සිය අසපුයෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයන් පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට භවත් ගෞතමයන් වහන්ස, (මෙ දනට) කල් වෙයි. බත් නිමැවිනැයි කල් දැන්විය.
අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන කෙණියස්ස ජටිලස්ස අස්සමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි, සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො කෙණියො ජටිලො බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො කෙණියො ජටිලො භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො කෙණියං ජටිලං භගවා ඉමාහි ගාථාහි අනුමොදි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙර වරුයෙහි හැඳැ පෙරවැ පා සිවුරු ගෙණ කේණිය ජටිලයාගේ අසපුව කරා එළැඹිසේක. එළැඹ පනවන ලද අස්නෙහි බික් සඟුන් සමග හුන් සේක: ඉක්බිති කේණිය ජටිල බුදු පාමෙක් බික් සඟුන් ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් සියතින් සන්තර්පණ කෙළේය. මොනොවට පැවරීය. ඉක්බිති කේණිය ජටිල දන් වැළඳූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ අන්‍යතර නීචාසනයක් ගෙණ එකත් පසෙක හින. එකත් පසෙක හුන් කේණිය ජටිල හට භාග්‍යවතුන් වහන්සේ මෙ ගාථායෙන් අනුමෙවෙනි කළ සේක:
571. අග්ගිහුත්තමුඛා යඤ්ඤා සාවිත්තී ඡන්දසො මුඛං, රාජා මුඛං මනුස්සානං නදීනං සාගරො මුඛං.
571. යඥයෝ අග්නි හොත්රය ප්රමුඛ කොට ඇත්තාහ. වේදයට සාවිත්‍රිය ප්රමුඛ වෙයි, මිනිස්නට රජ ප්රමුඛ වෙයි. නදීනට සයුර ප්රමුඛ වෙයි.
572. නක්ඛත්තානං මුඛං චන්දො ආදිච්චො තපතං මුඛං, පුඤ්ඤං ආකඞ්ඛමානානං සඞ්ඝො චෙ යජතං මුඛන්ති.
572. (යෝග වශයෙන්) නැකැත් තරුනට සඳ පාමොක් වෙයි. තවනවුනට ආදිත්‍ය (හිරු) ප්රමුඛ වෙයි. පින් කැමැතිව යාග කරණ වුනට ඒකාන්තයෙන් සඞ්ඝයා ප්රමුඛ වේ.
අථ ඛො භගවා කෙණියං ජටිලං ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො ආයස්මා සෙලො පසරිසො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපි පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි.
ඉත්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ ගාථායෙන් කේණිය ජටිල හට අනුමෙවෙනි කොට හුනස්නෙන් නැඟි වැඩි සේක. එකල්හි ආයුෂ්මත් සෙල තෙරහු පිරිස් සහිතව එකලා වූයේ ගණසඞ්ගණිකායේන් වියෝවූයේ අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇතියේ නිවන් කෙරෙහි මෙහෙයූ සිත් ඇතිව වසනුයේ යම් රහත් බවක් සඳහා ආචාර කුලප්ර්රත්රයෝ මොනොවට ගෙන් නික්ම අනගාරිය සස්නට වදිත් නම්, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යයෙහි අවසානය වූ ඒ උතුම් අර්හත් ඵලය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට එළඹ වාස කෙළේය.
ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති. අබ්භඤ්ඤාසි අඤ්ඤතරො ච ඛො පනායස්මා සෙලො සපරියො අරහතං අහොසි.
(ප්රතිසන්ධි ජනක කර්මක්ෂයෙන්) පුනර්භව සඞ්ඛ්‍යාත ජාතිය ක්ෂීණ වූය, මග බඹසර වැස නිමවන ලද, සිවු මග කරණී කරණ ලද මෙ රහත්බව පිණිස අනෙකෙක් නැතැයි මොනොවට පසක් කොට දති. ආයුෂ්මත් සෙල තෙරහු පිරිස් සහිතව රහතුන් අතුරෙහි අන්‍යතර ද වූහ.
අථ ඛො ආයස්මා සෙලො සපරියො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකංසං චීවරං කත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං ගාථාහි අජ්ඣභාසි.
ඉක්බිති පිරිස් සහිත ආයුෂ්මත් සේල තෙරහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ සිවුරු එකස් හි කොට ලා භාග්‍යවතුන් වහන්සේ වෙතැ ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීහ:
573. යං තං සරණමාගම්ම ඉතො අට්ඨමී චක්ඛුම, සත්තරත්තෙන භගවා දන්තම්හ තව සාසනෙ.
573. පසැසුන් වහන්ස, මෙයින් අටවැනි දිනෙහි යම් බඳු තොප වෙත ආවමෝ නම්, භාග්‍යවතුන් වහන්ස, තොප ගේ සස්නෙහි සත් රැයෙකින් දැමුනමෝ වම්හ.
574. තුවං බුද්ධො තුවං සත්ථා තුවං මාරාභිභූ මුනි, තුවං අනුසයෙ ඡෙත්වා තිණ්ණො තාරෙසි’මං පජං
574. මුනිවරයන් වහන්ස, තෙපි බුද්ධවව, තෙපි ශාස්තෘවව. තෙපි මාරාභිභූවව. තෙපි සත්අනුශයන් සිඳ සසර තරණය කළහු මා හා මාගේ ප්‍රජාව හා එතර ලූවහු.
575. උපධී සමතික්කන්තා ආසවා තෙ පදාලිතා, සීහොසි අනුපාදානො පහීණභයභෙරවො.
575. තොප විසින් උපධීහු සමක්රාන්ත වෙති. තොපගේ ආස්‍රවයෝ පළන ලදහ. ප්‍රහීණ භය භේරව ඇති, උපාදාන විසින් නොගන්නා තෙපි සිංහවව.
576. භික්ඛවො තිසතා ඉමෙ තිට්ඨන්ති පඤ්ජලීකතා, පාදෙ වීර පසාරෙහි නාගා වන්දන්තු සත්ථුනොති.
576. මෙ තුන්සිය මහණහු බඳැදිලිව මෙහි සිටිත්, මහාවීරයෙනි, පා විදාපුව මැනව. (නිෂ්පාප හෙයින්) නාගයෝ ශාස්තෘහුගේ පා වඳනාහයි.
සෙලසුත්තං නිට්ඨිතං.
සේල සූත්‍රය නිමි.