සුභාසිත සුත්තං
3. 3.
3. 3.
සුභාසිත සුත්තං
සුභාසිත සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ -පෙ- භගවා එතදවොච:
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසලැ අනේපිඬුහු ගේ ජේතවන නම් අරම්හි වැඩවසනසේක -පෙ- භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.
චතූහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතා වාචා සුභාසිතා හොති න දුබ්භාසිතා, අනවජ්ජා ච අනනුවජ්ජා ච විඤ්ඤූනං, කතමෙහි චතූහි:
මහණෙනි, කරුණු සතරෙකින් සමන්වාගත වාක් සුභාෂිත වෙයි දුර්භාෂිත නොවෙයි. අනවද්‍ය ද වෙයි. විඥයන් විසින් අනුවාද නො කටයුතු ද වේ. කවර සතෙරකින යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු සුභාසිතං යෙව භාසති නො දුබ්භාසිතං ධම්මං යෙව භාසති නො අධම්මං, පියං යෙව භාසති නො අප්පියං, සච්ච යෙව භාසති නො අලිකං. ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි අඞ්ගෙහි සමන්නාගතා වාචා සුභාසිතා හොති න දුබ්භාසිතා, අනවජ්ජා ච අනනුවජ්ජා ච විඤ්ඤූනන්ති. ඉදමවොච භගවා ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
මහණෙනි, මෙසස්නෙහි මහණ සුභාෂිතය මැ කියයි, දුර්භාෂිත නො කියයි. ධර්මය මැ කියයි, අධර්ම නො කියයි. ප්‍රියතෙපුල් මැ කියයි, අප්‍රියවචන නො කියයි. සත්‍යය මැ කියයි, අලීක නොකියයි. මහණෙනි, මෙ කරුණු සතරින් සමන්වාගත වාක් සුභාෂිත වෙයි, දුර්භාෂිත නො වෙයි. අනවද්‍ය ද වෙයි. විඥයන් විසින් නො ගැරැහියයුතු වේ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාරා සුගතශාස්තෘන් වහන්සේ ඉක්බිති තෙල ගාථා ද වදාළසේක.
452. සුභාසිතං උත්තමමාහු සන්තො ධම්මං භණෙ නාධම්මං තං දුතියං, පියං භණෙ නාප්පියං තං තතියං සච්චං භණෙ නාලිකං තං චතුත්ථන්ති.
452. බුද්ධාදි සත්පුරුෂයෝ සුභාෂිතය උතුමැයි කීහු: (පළමු අඞ්ගය) ධර්මය මැ කියනේය, අධර්මය නො කියන්නේය යන එය දෙවන අඞ්ගය. ප්‍රියවචන මැ කියනේය, අප්‍රියවචන නො කියන්නේය යන එය තෙවන අඞ්ගය. සත්‍යය කියනේය, අලීක (බොරු) නො කියන්නේය යන එය සතරවන අඞ්ගය.
අථ ඛො ආයස්මා වංගීසො උපට්ඨායාසනා එකංසං චීවරං කත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: පටිභාති මං භගවා පටිභාති මං භගවාති.
එක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙරණුවෝ හුනස්නෙන් නැගැ සිවුර එකස්හි ලා භාග්‍යවතුන් වහන්සේ වෙතැ ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේය. භාග්‍යවතුන් වහන්ස, මට වැටැහෙයි, සුගතයන් වහන්ස, මට වැටැහෙයි.
පටිභාතු තං වංගීසා’ති භගවා අවොච.
“වඞ්ගීසයෙනි, ඒ තට වැටැහේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
අථ ඛො ආයස්මා වංගීසො භගවන්තං සම්මුඛා සාරුප්පාහි ගාථාහි අභිත්ථවි.
එක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සාරුප්‍ය ගාථායෙන් පැවසූහ.
453. තමෙව භාසං භාසෙය්ය යායත්තානං න තාපයෙ, පරෙච න විහිංසෙය්ය සා වෙ වාචා සුභාසිතා.
453. යම් බසෙකින් තමා නො තවන්නේ නම්, මෙරමාත් නො පෙළන්නේ නම්, ඒ බස් ම කියන්නේය. ඒකාන්තයෙන් ඒ වචන මැ සුභාෂිත වේ.
454. පියවාචමෙව භාසෙය්ය යා වාචා පතිනන්දිතා, යං අනාදාය පාපානි පරෙසං භාසතෙ පියං.
454. යම් බසෙක් අභිනන්දිත වේ නම්, අප්‍රියවචන නො ගෙණ මෙරමාහට යම් ප්‍රිය වචනයක් කියා නම්, එබඳු ප්‍රියවචන ම කියන්නේය.
455. සච්චං වෙ අමතා වාචා එස ධම්මො සනන්තනො, සච්චෙ අත්ථෙ ච ධම්මෙ ච ආහු සන්තො පතිට්ඨිතා.
455. “ඒකාන්තයෙන් සත්‍යය අමෘතසදෘශවචනයි යන තෙල පෞරාණික ධර්මය”යි සත්‍යයෙහි හා අර්‍ත්‍ථයෙහි හා ධර්මයෙහි පිහිටි සත්පුරුෂයෝ කීහ.
456. යං බුද්ධො භාසතී වාචං ඛෙමං නිබ්බානපත්තියා, දුක්ඛස්සන්තකිරියාය සා වෙ වාචානමුත්තමාති.
456. ක්ලේශපරිනිර්වාණප්රාප්තිය සඳහා සංසාරදුඃඛයා ගේ අන්තකරණය සඳහා ද යම් නිරුපද්‍රව වචනයක් බුදුරජානන්වහන්සේ වදාරත් නම් ඒකාන්තයෙන් එය වචනයන් අතුරෙහි උත්තම වේ යි.
සුභාසිතසුත්තං නිට්ඨිතං.
සුභාසිත සූත්‍රය නිමි.