පධාන සුත‍්තං
3. 2.
3. 2.
පධාන සුත‍්තං
පධාන සූත්‍රය
427. තං මං පධානපහිතත‍්තං නදිං නෙරඤ‍්ජරං පති, විපරක‍්කම‍්ම ඣායන‍්තං යොගක‍්ඛෙමස‍්ස පත‍්තියා.
427. නිල්දලා හෝ තෙරැ (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) යෝගක්‍ෂේමාධිගමය සඳහා විශේෂපරාක්‍රම කොට අප්‍රාණකධ්‍යානයෙහි යෙදුනු (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) ප්‍රධානයෙහි මෙහෙයූ සිත් හෙවත් පරිත්‍යක්ත ආත්මභාවය ඇති මා කරා
428. නමුචී කරුණං වාචං භාසමානො උපාගමී, කිසො ත්‍වමසි දුබ‍්බණ‍්ණො සන‍්තිකෙ මරණං තව.
428. වසවත්මරදෙව්පිත් කුළුණුබර තෙපුල් කියමින් එළැඹියේ යැ: තෙපි වැහැරි වවු, දුරුවර්‍ණ වවු, දැන් මරණය තොප හමුයෙහි වේ.
429. සහස‍්සභාගො මරණස‍්ස එකංසො තව ජීවිතං, ජීව හො ජීවිතං සෙය්‍යො ජීවං පුඤ‍්ඤානි කාහසි.
429. තොප ගේ මරණයට සහස්‍රභාගයෙන් යුත් ප්‍රත්‍යය වෙයි. තොපගේ ජීවිතය ඒකාංශ ඇතියෙකි. භවත්නි, ජීවත් වවු. ජීවිතය උතුමි. ජීවත්වනුවෝ පින් කරන්නාහු.
430. චරතො ව තෙ බ්‍රහ‍්මචරියං අග‍්ගිහුත‍්තඤ‍්ච ජුහනො, පහූතං චීයතෙ පුඤ‍්ඤං කිම‍්පධානෙන කාහසි.
430. (මෙථුන විරති සඞ්ඛ්‍යාත) බ්‍රහ්මචර්‍ය්‍යය රක්නා අග්නි හෝම හා කරණ තොපට බොහෝ පින් රැස් වේ. ප්‍රධන්වීර්‍ය්‍යයෙන් කම් කරනු වහු?
431. දුග‍්ගො මග‍්ගො පධානාය දුක‍්කරො දුරභිසම‍්භවො, ඉමා ගාථා භණං මාරො අට‍්ඨා බුද‍්ධස‍්ස සන‍්තිකෙ.
431. ප්‍රධාන (නිර්‍වාණ) ය සඳහා වූ මාර්‍ගය දුර්‍ගම යැ, දුෂ්කර යැ, නො ලැබිය හෙයි. මෙ ගාථා කියමින් මරදෙව්පිත්, බුදුරදුන් හමුයෙහි සිටියේ යැ.
432. තං තථාවාදීනං මාරං භගවා එතදබ්‍රවී, පමත‍්තබන්‍ධු පාපිම යෙනත්‍ථෙන ඉධාගතො.
432. එසෙයින් කියන ඒ මරහට භාග්‍යවත්හු තෙල වදන් කීහු. ප්‍රමත්තයන් ගේ යහළු වූ පාපිෂ්ඨය, යම් අර්‍ත්‍ථයෙකින් මෙහි ආයෙහි ද (එය මම දනිමි.)
433. අණුමත‍්තෙනපි පුඤ‍්ඤෙන අත්‍ථො මය‍්හං න විජ‍්ජති, යෙසං ච අත්‍ථො පුඤ‍්ඤානං තෙ මාරො වත‍්තුමරහති.
433. අණුමාත්‍ර වූ ද, (වර්‍තගාමි) පුණ්‍යයකින් මට අර්‍ත්‍ථයෙක් නැත. යමකුන් හට පුණ්‍යයන් පිළිබඳ අර්‍ත්‍ථයෙක් වේ නම් මරදෙව් ඔවුනට කියනට නිස්සේ යැ.
434. අත්‍ථි සද‍්ධා තථා විරියං පඤ‍්ඤා ච මම විජ‍්ජති, එවං මං පහිතත‍්තම‍්පි කිං ජීව මම පුච‍්ඡසි.
434. මට (ශාන්තිවරපදය කෙරෙහි ඔකප්පන) ශ්‍රද්ධා ඇත, එසෙයින් ම (පරාක්‍රම සඞ්ඛ්‍යාත) වැර ද ඇත. මට වජ්‍රෝපම ප්‍රඥා ද ඇත. මෙසෙයින් නිවන් කරා යොමු කළ සිත් ඇති මා කවර හෙයින් “දිවි රකුවයි” අනුපෘච්ඡා කෙරෙහි ද?
435. නදීනමපි සොතානි අයං වාතො විසොසයෙ, කිඤ‍්ච මෙ පහිතත‍්තස‍්ස ලොහිතං නූපසුස‍්සයෙ.
435. (අප්‍රාණකධ්‍යානයෙන් සමුත්‍ථිත වූ) මාගේ, මෙ ශරීරවාතය නදීස්‍රෝතස් නමුදු වියළන්නේ යැ, ප්‍රහිතාත්ම වූ මාගේ ලෙහෙ කිම නො වියළන්නේ ද?
436. ලොහිතෙ සුස‍්සමානම‍්හි පිත‍්තං සෙම‍්හඤ‍්ච සුස‍්සති, මංසෙසු ඛීයමානෙසු භිය්‍යො චිත‍්තං පසීදති, භිය්‍යො සති ච පඤ‍්ඤා ච සමාධි මම තිට‍්ඨති.
436. ලෙහෙ වියැළෙත් මැ පිත් හා සෙමුදු වියැළෙයි. මාංසය ක්‍ෂීණ වත් මැ බෙහෙවින් සිත් පහන් වන්නේ යැ. බෙහෙවින් මාගේ ස්මෘති හා ප්‍රඥා හා සමාධි හා සිටුනේ යි.
437. තස‍්ස මෙවං විහරතො පත‍්තස‍්සුත‍්තමවෙදනං, කාමෙ නාපෙක‍්ඛතෙ චිත‍්තං පස‍්ස සත‍්තස‍්ස සුද‍්ධතං,
437. මෙ නයින් වෙසෙන උත්තම වේදනාවට පත් ඒ මාගේ චිත්තය උභය කාමයන් අපේක්‍ෂා නො කෙරෙයි. සත්ත්‍වයකුගේ පාරිශුද්ධත්‍වය බලව.
438. කාමා තෙ පඨමා සෙනා දුතියා අරති වුච‍්චති, තතියා ඛුප‍්පිපාසා තෙ චතුත්‍ථි තණ‍්හා පවුච‍්චති.
438. ක්ලේශකාමයෝ තාගේ ප්‍රථමසේනා යැ (අධිකුශලධර්‍මයන්හි) අරතිය ද්විතීයසෙනා යි කියනු ලැබේ. ක්‍ෂුත්පිපාසා දෙක තාගේ තෘතීය සේනා යැ, පර්‍ය්‍යෙෂණ තෘෂ්ණාව තාගේ සතරවන යයි කියනු ලැබේ.
439. පඤ‍්චමී ථීනමිද‍්ධං තෙ ඡට‍්ඨා භීරු පවුච‍්චති, සත‍්තමී විචිකිච‍්ඡා තෙ මක‍්ඛො ථම‍්භො තෙ අට‍්ඨමී.
439. තාගේ පස්වන සෙනඟ ථිනමිද්ධය වෙයි. සවන සෙනඟ (උත්‍රාසසඞ්ඛ්‍යාත) බියයි කියනු ලැබේ. තාගේ සප්තම සේනාව විචිකිත්සා නමු, තාගේ අටවැනි සෙනඟ මකුබව හා තදබව යි.
440. ලාභො සිලොකො සක‍්කාරො මිච‍්ඡා ලද‍්ධො ච යො යසො, යො චත‍්තානං සමුක‍්කංසෙ පරෙ ච අවජානති.
440. ලාභ යැ ප්‍රශංසා යැ සත්කාර වැ යි කියනලද යම් යශසෙක් වේ නම් එ ද, යමෙකුත් තමා හුවා දක්වා නම්, මෙරමාත් හෙලා දක්නේ නම්,
441. එසා නමුචි තෙ සෙනා කණ‍්හස‍්සාභිප‍්පහාරිණී, න තං අසූරො ජිනාති ජෙත්‍වා ච ලභතෙ සුඛං.
441. නමුවිය, කෘෂ්ණ වූ තාගේ (මහණ බමුණනට) අන්තරායකර වූ තෙල සේනා වෙයි. අශූර පුරුෂ ඒ සේනාව නො දිනය (ශූරපුරුෂ වැලිත් මරයෙන්) දිනා (මාර්‍ගඵල සඞ්ඛ්‍යාත) සුවයට පැමිණෙයි.
442. එස මුඤ‍්ජං පරිහරෙ ධීරත්‍ථු මම ජීවිතං, සඞ‍්ගාමෙ මෙ මතං සෙය්‍යො යඤ‍්චෙ ජීවෙ පරාජිතො.
442. යුදෙහි නො පසු බස්නා බව හඟවනු විසින් තෙල මම මුදුතණ පරිහරණ කරන්නෙමි. (තගේ සේනාව විසින් පරදවන ලද හොත්) ඒ මාගේ දිවියට නින්‍දා වේවා, යම් හෙයකින් පරාජිත වැ ජීවත් වෙම් නම් (එයට වඩා) සමර බිම්හි මට මරණ උතුමි.
443. පගාළ‍්හා එත්‍ථ න දිස‍්සන‍්ති එකෙ සමණබ්‍රාහ‍්මණා. තඤ‍්ච මග‍්ගං න ජානන‍්ති යෙන ගච‍්ඡන‍්ති සුබ‍්බතා.
443. මෙ ලොව්හි ඇතැම් ශ්‍රමණබ්‍රාහ්මණයෝ (අත්මොත්කර්‍ෂණ පරවම්භන පර්‍ය්‍යවසාන කොට ඇති තාගේ සේනායෙහි) නිමග්න වූවාහු (ශීලාදී ගුණයෙන් ) අප්‍රකට වෙත්. යම් මගෙකින් (බුද්ධ ප්‍රත්‍යෙක බුද්ධාදි) සුව්‍රතයෝ නිවන් යෙත් නම්, නිවන්මඟ ද නො දනිත්.
444. සමන‍්තා ධජිනිං දිස‍්වා යුත‍්තං මාරං සවාහිනිං, යුද‍්ධාය පච‍්චුග‍්ගච‍්ඡාමි මා මං ඨානා අචාවයි.
444. උද්‍යුක්ත වූ හාත්පසින් සේනාසහිත වූ (ගිරි මෙවුල්) ඇත්රජු සහිත වූ මාරයා දැක යුද පිණිස ඉදිරි බලා යෙමි. (එමරදෙව්) මා අපරාජිත පර්‍ය්‍යඞ්කස්ථානයෙන් නහමක් සලාවා.
445. යන‍්තෙතං නප‍්පසහති සෙනං ලොකො සදෙවකො, තන‍්තෙ පඤ‍්ඤාය ගච‍්ඡාමි ආමං පත‍්තංව අස‍්මනා.
445. සදෙව් ලොව යම්බඳු තෙල මරසෙන් නො මැඩලීය හේ නම් තාගේ එ මරසෙන් පහණින් අමුමැටිපසක් සෙයින් මාගේ ප්‍රඥායෙන් මැඩැගෙණ යමි.
446. වසිං කරිත්‍වා සංකප‍්පං සතිඤ‍්ච සුප‍්පතිට‍්ඨිතං, රට‍්ඨා රට‍්ඨං විචරිස‍්සං සාවකෙ විනයං පුථු.
446. සම්‍යක්සංකල්පය වශී කොට සම්‍යක්ස්මෘතිය ද සුප්‍රතිෂ්ඨිත කොට බොහෝ සව්වන් හික්මවමින් රටින් රට සරනෙම්.
447. තෙ අප‍්පමත‍්තා පහිතත‍්තා මම සාසනකාරකා, අකාමස‍්ස තෙ ගමිස‍්සන‍්ති යත්‍ථ ගන‍්ත්‍වා න සොචරෙ.
447. අප්‍රමත්ත වූවාහු නිවන් සඳහා මෙහෙයූ සිත් ඇත්තාහු මාගේ අනුශාසනා පිළිපදනා එසව්වෝ තා නො කැමැතිවත් මැ යම් නිවණකට පැමිණ ශෝක නො කෙරෙත් නම්, එනිවන් කරා යන්නාහ.
448. සත‍්තවස‍්සානි භගවන‍්තං අනුබන්‍ධිං පදා පදං, ඔතාරං නාධිගච‍්ඡිස‍්සං සම‍්බුද‍්ධස‍්ස සතීමතො.
448. සත්වසක් භාග්‍යවතුන් පියෙන් පිය නුහු බැඳියෙමි. ස්මෘතිමත් සම්බුදුන් ගේ විවරයක් නො ලද්මි.
449. මෙදවණ‍්ණංව පාසාණං වායසො අනුපරියගා, අපෙත්‍ථ මුදු වින්‍දෙම අපි අස‍්සාදනා සියා.
449. “මෙහි මෘදු බව විඳුනමෝ නම්, මැනව. ආස්වාදනයෙක් වන්නේ නම් මැනැවැ”යි කවුඩු මේදවර්‍ණපාෂාණයක් වටා ගියේ යම් සේ නම්,
450. අලද‍්ධා තත්‍ථ අස‍්සාදං වායසෙත‍්තො අපක‍්කමි, කාකොව සෙලං ආසජ‍්ජ නිබ‍්බිජ‍්ජාපෙම ගොතමං.
450. කවුඩු එහි ආස්වාද නො ලැබ එතැනින් පලා ගියේ යම්සේ ද, සෙල් ගටා යන කවුඩු සෙයින් ගොයුම් හා ගැටි පැරැද පලායම්හ.
451. තස‍්ස සොකපරෙතස‍්ස වීණා කච‍්ඡා අභස‍්සථ, තතො සො දුම‍්මනො යක‍්ඛො තත්‍ථෙවන‍්තරධායථාති.
451. සොවින් මඩනාලද උහු කැසින් වෙණ ගිලිහිනි. එයින් දුටුසිත්ඇති එ යක් එහි මැ නො පැණී ගියේ යි.
පධානසුත‍්තං නිට‍්ඨිතං.
පධාන සූත්‍ර නිමි.