2. පධාන සුත්තවණ්ණනා අට්ඨකථා
2. පධාන සුත්තවණ්ණනා
2. පධාන සූත්‍ර වර්ණනාව
තං මං පධානපහිතත්තන්ති පධානසුත්තං. කා උප්පත්ති? “පධානාය ගමිස්සාමි, එත්ථ මෙ රඤ්ජතී මනො”ති ආයස්මා ආනන්දො පබ්බජ්ජාසුත්තං නිට්ඨාපෙසි. භගවා ගන්ධකුටියං නිසින්නො චින්තෙසි – “මයා ඡබ්බස්සානි පධානං පත්ථයමානෙන දුක්කරකාරිකා කතා, තං අජ්ජ භික්ඛූනං කථෙස්සාමී”ති. අථ ගන්ධකුටිතො නික්ඛමිත්වා බුද්ධාසනෙ නිසින්නො “තං මං පධානපහිතත්ත”න්ති ආරභිත්වා ඉමං සුත්තමභාසි.
තං මං පධානපහිතත්තං යනු පධාන සූත්‍රයයි. එම සූත්‍රය දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? උත්සාහවත්වීම පිණිස බුදුබව අවබෝධයට උත්සාහය පිණිස යන්නෙමි, මගේ සිත එහි ඇලෙයි’ යනුවෙන් ගරුකටයුතු ආනන්ද හිමි ‘පධානාය ගමිස්සාමි, එත්ථ මෙ රඤ්ජති මනො’ පබ්බජජා සූත්‍රය නිමා කළේය. භාග්‍යවතුන් වහන්සේ සුවඳ කුටියෙහි වැඩහිඳිමින්ම, ‘මා විසින් උත්සාහවත් වෙමින්, බුදුබව පතමින් සයවසරක් ඉතා අපහසු කටයුතුවල යෙදෙන ලදී. එය අද මහසඟනට පවසන්නෙමි’යි සිතූහ. ඉක්බිති ගඳකිළියෙන් නික්ම බුදුඅසුනෙහි වැඩහිඳ තං මං පධානපහිත්තතං යනුවෙන් මෙම සූත්‍රය වදාළහ.
තත්ථ තං මන්ති ද්වීහිපි වචනෙහි අත්තානමෙව නිද්දිසති. පධානපහිතත්තන්ති නිබ්බානත්ථාය පෙසිතචිත්තං පරිච්චත්තඅත්තභාවං වා. නදිං නෙරඤ්ජරං පතීති ලක්ඛණං නිද්දිසති. ලක්ඛණඤ්හි පධානපහිතත්තාය නෙරඤ්ජරා නදී. තෙනෙව චෙත්ථ උපයොගවචනං. අයං පනත්ථො “නදියා නෙරඤ්ජරායා”ති, නෙරඤ්ජරාය තීරෙති වුත්තං හොති. විපරක්කම්මාති අතීව පරක්කමිත්වා. ඣායන්තන්ති අප්පාණකජ්ඣානමනුයුඤ්ජන්තං . යොගක්ඛෙමස්ස පත්තියාති චතූහි යොගෙහි ඛෙමස්ස නිබ්බානස්ස අධිගමත්ථං.
එහි තං මං යන වචන දෙකින් තමන්ම හඳුන්වයි. පධාන පහිතත්ත නිවන පිණිස යොමු වුණු සිතින්, හැරදමන ලද ජීවිතය හෝ, නදිං නෙරඤ්ජරං පතී ඊට යොමුවන ලකුණු (හෙවත් සුදුසු පරිසරය) දක්වයි. ලකුණ නම් නිවනට උත්සාහවත් වනු පිණිස නේරංජරා නදියයි. එහෙයින් එය සම්බන්ධතාව දක්වන වචනයයි. මේ එහි තේරුමයි. නේරංජරා ගංතෙර යැයි කියන ලදී. විපරක්කම්මා බොහෝ සෙයින්ම උත්සාහවත්ව, ඣායන්තං හුස්ම ඉහළට ගැනීම, හුස්ම පහළ හෙළීම මෙනෙහි කිරීමෙන් යොදමින්, යොගක්ඛෙමස්ස පත්තියා කාමාදී සතරාකාර වූ සංයෝගවලින් මිදුණු නිවන අවබෝධය පිණිස,
නමුචීති මාරො. සො හි අත්තනො විසයා නික්ඛමිතුකාමෙ දෙවමනුස්සෙ න මුඤ්චති, අන්තරායං නෙසං කරොති, තස්මා “නමුචී”ති වුච්චති. කරුණං වාචන්ති අනුද්දයායුත්තං වාචං. භාසමානො උපාගමීති ඉදං උත්තානමෙව. කස්මා පන උපාගතො? මහාපුරිසො කිර එකදිවසං චින්තෙසි – “සබ්බදා ආහාරං පරියෙසමානො ජීවිතෙ සාපෙක්ඛො හොති, න ච සක්කා ජීවිතෙ සාපෙක්ඛෙන අමතං අධිගන්තු”න්ති . තතො ආහාරුපච්ඡෙදාය පටිපජ්ජි, තෙන කිසො දුබ්බණ්ණො ච අහොසි. අථ මාරො “අයං සම්බොධාය මග්ගො හොති, න හොතීති අජානන්තො අතිඝොරං තපං කරොති, කදාචි මම විසයං අතික්කමෙය්යා”ති භීතො “ඉදඤ්චිදඤ්ච වත්වා වාරෙස්සාමී”ති ආගතො. තෙනෙවාහ – “කිසො ත්වමසි දුබ්බණ්ණො, සන්තිකෙ මරණං තවා”ති.
නමුචි මාරයා, ඔහු තම බලයෙන් ඉවත්වීමට කැමති වන දෙව්නිසුන් මුදා නොහරී. ඔවුන්ට අනතුරු කරයි. එහෙයින් නමුචි යැයි කියනු ලැබේ. කරුණා - දයාවෙන් යුතු, භාසමානො උපාගමි කවර හෙයින් පැමිණියේදැයි මෙය පැහැදිලි කෙරේ. එක්දිනක මහ බෝසත්හු මෙසේ සිතූහ. ‘හැමදාම ආහාරයටම යොමුවීම ජීවිතය ගැන බලාපොරොත්තු ඇති කරයි. මෙසේ ජීවිත පැවැත්ම බලාපොරොත්තුවෙන් නිවන ලද නොහැකිය’. එසේ සිතා, ආහාර ගැනීම බොහෝ සීමා කළේය. එයින් සිරුර කෙට්ටු විය. පැහැපත් බව නැතිවිය. ඉක්බිති මාරයා, ‘මෙය මනා අවබෝධයට සුදුසු මගද, නැත්දැ’යි නොදැන, (සිදුහත් තවුසා) ඉතා දරුණු තවුස්දම් පුරයි. කවදා හෝ මගේ බලය ඉක්මවනු ඇතැ’යි බියවී, මේ මේ ආකාරයෙන් කරුණු කියා වළක්වන්නෙමි’යි අවුත්, කිසො ත්වමසි දුබ්බණ්ණො සන්තිකෙ මරණං තව යනුවෙන් කීය.
එවඤ්ච පන වත්වා අථස්ස මරණසන්තිකභාවං සාවෙන්තො ආහ – “සහස්සභාගො මරණස්ස, එකංසො තව ජීවිත”න්ති. තස්සත්ථො – සහස්සං භාගානං අස්සාති සහස්සභාගො. කො සො ? මරණස්ස පච්චයොති පාඨසෙසො. එකො අංසොති එකංසො. ඉදං වුත්තං හොති – අයං අප්පාණකජ්ඣානාදිසහස්සභාගො තව මරණස්ස පච්චයො, තතො පන තෙ එකො එව භාගො ජීවිතං, එවං සන්තිකෙ මරණං තවාති. එවං මරණස්ස සන්තිකභාවං සාවෙත්වා අථ නං ජීවිතෙ සමුස්සාහෙන්තො ආහ “ජීව භො ජීවිතං සෙය්යො”ති. කථං සෙය්යොති චෙ. ජීවං පුඤ්ඤානි කාහසීති.
මෙසේ කියා, බෝසතුන්ගේ මරණය ආසන්න බව තහවුරු කරමින්, සහස්සභාගො මරණස්ස එකංසො තව ජීවිතං ලෙසද පැවසීය. එහි තේරුම නම්, දහසෙන් එක් කොටසක්, ඒ මරණයට කවරෙකු හේතු වේදැයි ඉතිරි පාඨයක් ද වේ. එක් කොටසක් (එකො අංසො - එකංසො) මේ සඳහා කියන ලදී. මේ හුස්ම ගැනීම, හෙළීම ආදිය වැඩීමෙන් ඔබේ මරණයට හේතුවන්නේ දහසෙන් තවත් එක් කොටසකි. එහෙයින් ඔබේ ජීවිතය පවත්වන්නේ එක් කොටසකි. මෙසේ ඔබ මරණය ආසන්නයෙහිය. මෙසේ මරණයට ආසන්න බව තහවුරුකොට, ඊළඟට ජීවත්වීම පිළිබඳව උත්සාහවත් කරමින්, ජීවම්හො ජීවිතං සෙය්යා යැයි කීය. කෙසේනම් උසස් වේද? ජීවං පුඤ්ඤානි කාහසි
අථ අත්තනා සම්මතානි පුඤ්ඤානි දස්සෙන්තො ආහ – “චරතො ච තෙ බ්‍රහ්මචරිය”න්ති. තත්ථ බ්රහ්මචරියන්ති කාලෙන කාලං මෙථුනවිරතිං සන්ධායාහ, යං තාපසා කරොන්ති. ජූහතොති ජුහන්තස්ස. සෙසමෙත්ථ පාකටමෙව.
ඉක්බිති තමන් පින යැයි සිතා ඇති දේ දක්වමින්, චරතො ච තෙ යනුවෙන් කීය. එම ගාථාවේ බ්රහ්මචරියං තවුසන් කලින් කල ලිංගික ඇසුරෙන් වෙන්වීම ගැන කීය. ජුහතො යාග කරන්නාට, ඉතිරි කරුණු පැහැදිලිය.
දුග්ගො මග්ගොති ඉමං පන අඩ්ඪගාථං පධානවිච්ඡන්දං ජනෙන්තො ආහ. තත්ථ අප්පාණකජ්ඣානාදිගහනත්තා දුක්ඛෙන ගන්තබ්බොති දුග්ගො, දුක්ඛිතකායචිත්තෙන කත්තබ්බත්තා දුක්කරො, සන්තිකමරණෙන තාදිසෙනාපි පාපුණිතුං අසක්කුණෙය්යතො දුරභිසම්භවොති එවමත්ථො වෙදිතබ්බො. ඉතො පරං ඉමා ගාථා භණං මාරො, අට්ඨා බුද්ධස්ස සන්තිකෙති අයමුපඩ්ඪගාථා සඞ්ගීතිකාරෙහි වුත්තා. සකලගාථාපීති එකෙ. භගවතා එව පන පරං විය අත්තානං නිද්දිසන්තෙන සබ්බමෙත්ථ එවංජාතිකං වුත්තන්ති අයමම්හාකං ඛන්ති. තත්ථ අට්ඨාති අට්ඨාසි. සෙසං උත්තානමෙව.
දුග්ගො මග්ගො මෙම ගාථා අඩකින්, කෙලෙසුන් දුරු කිරීමේ උත්සාහයට කැමැත්ත නැති කරමින්, හුස්ම ගැනීම - හෙළීම පිළිබඳව දැහැන් වැඩීම දුකින්ම කළයුතු දෙයකැයි කීය. දුග්ගො කයත් සිතත් දුකට පත්කරමින් කළයුතු බැවින්, දුක්කරො ඔබ වැනි කෙනෙකුට ඉක්මනින් මරණයට පැමිණිම නොහැකිවන බැවින්, දුරභිසම්භවො යැයි මෙසේ අරුත් දතයුතුය. මෙයින් පසුව ඇති ඉමා ගාථා භණං මාරො අට්ඨා බුද්ධස්ස සන්තිකෙ ගාථා අඩ සංගායනාවට සහභාගී වූ හිමිවරුන් කියන ලදී. ඇතමෙක් මුළු ගාථාවම කී බව දක්වති. භාග්‍යවතුන් වහන්සේ විසින්ම වෙනත් තැනැත්තකු මෙන් තමන් නිදසුන් කරමින්, මෙහි සියල්ල වදාරන ලදැයි අපගේ වැටහීමයි. අට්ඨා සිටියේය. ඉතිරි කරුණු පැහැදිලිය.
ඡට්ඨගාථාය යෙනත්ථෙනාති එත්ථ පරෙසං අන්තරායකරණෙන අත්තනො අත්ථෙන ත්වං, පාපිම, ආගතොසීති අයමධිප්පායො . සෙසං උත්තානමෙව.
හයවන ගාථාවෙහි යෙනත්ථෙන අනුන්ට අනතුරු කරන පිණිසත්, තමාගේ (මාරයාගේ) යහපත තකා ඔබ (මාරය) පාපිම ආගතො ආවෙහි යැයි අදහස් වේ. ඉතිරි කරුණු පැහැදිලිය.
“ජීවං පුඤ්ඤානි කාහසී”ති ඉදං පන වචනං පටික්ඛිපන්තො “අණුමත්තොපී”ති ඉමං ගාථමාහ. තත්ථ පුඤ්ඤෙනාති වට්ටගාමිං මාරෙන වුත්තං පුඤ්ඤං සන්ධාය භණති. සෙසං උත්තානමෙව.
ජීවං පුඤ්ඤානි කාහසි මෙම වචනය පිළිනොගනිමින් අණුමත්තෙනපි යන මෙම ගාථාව කීය. එම ගාථාවෙහි පුඤ්ඤෙන සසර ගමනට හේතුවන මාරයා විසින් පින යැයි අදහස් කරන ලද කරුණ ගැන කියයි. ඉතිරි කරුණු පැහැදිලිය.
ඉදානි “එකංසො තව ජීවිත”න්ති ඉදං වචනං ආරබ්භ මාරං සන්තජ්ජෙන්තො “අත්ථි සද්ධා”ති ඉමං ගාථමාහ. තත්රායමධිප්පායො – අරෙ, මාර, යො අනුත්තරෙ සන්තිවරපදෙ අස්සද්ධො භවෙය්ය, සද්ධොපි වා කුසීතො, සද්ධො ආරද්ධවීරියො සමානොපි වා දුප්පඤ්ඤො, තං ත්වං ජීවිතමනුපුච්ඡමානො සොභෙය්යාසි, මය්හං පන අනුත්තරෙ සන්තිවරපදෙ ඔකප්පනසද්ධා අත්ථි, තථා කායිකචෙතසිකමසිථිලපරක්කමතාසඞ්ඛාතං වීරියං, වජිරූපමා පඤ්ඤා ච මම විජ්ජති, සො ත්වං එවං මං පහිතත්තං උත්තමජ්ඣාසයං කිං ජීවමනුපුච්ඡසි, කස්මා ජීවිතං පුච්ඡසි. පඤ්ඤා ච මමාති එත්ථ ච සද්දෙන සති සමාධි ච. එවං සන්තෙ යෙහි පඤ්චහි ඉන්ද්රියෙහි සමන්නාගතා නිබ්බානං පාපුණන්ති, තෙසු එකෙනාපි අවිරහිතං එවං මං පහිතත්තං කිං ජීවමනුපුච්ඡසි? නනු – එකාහං ජීවිතං සෙය්යො, වීරියමාරභතො දළ්හං (ධ· ප· 112). පඤ්ඤවන්තස්ස ඣායිනො, පස්සතො උදයබ්බයන්ති (ධ· ප· 111, 113).
දැන් එකංසො තව ජීවිතං යන මේ වචනය නිසා මාරයා තැති ගන්වමින්, අත්ථි සද්ධා මේ ගාථාව කීහ. එහි අදහස් වන්නේ මෙම කරුණුයි. ‘බොල, මාරය, යම් කෙනෙකු උතුම් නිවන සඳහා සැදැහැ නැත්තේ ද, සැදැහැ ඇතත් අලස වේද, සැදැහැති බවත්, පටන් ගන්නා ලද උත්සාහ ඇතත්, නුවණ නැතිනම්, ඒ ඔබ විචාරන ලද තැනැත්තා ලෙස ඔබට සුන්දර වෙහි? (ඒ ඔබ කැමති තැනැත්තාය) මට නම්, උතුම් නිවන පිළිබඳව තිර අදිටනින් යුතු සද්ධා අත්ථි එසේ කායික හා මානසිකවද, ලිහිල් නොවූ, දැඩි උත්සාහය යයි කියන ලද විරියං, දියමන්තියක් බඳු වූ පඤ්ඤා ච මම විජ්ජති, ඒ ඔබ එවං මං පහිත්තතං (ජීවිතය ගැන) අදහස අත්හළ, කිං ජීවමනුපුච්ඡසි. නුවණ ද මට ද මෙහි ච යන්නෙන් සිහියද, එකඟ බව ද (අදහස් වේ.) මෙසේ ඇති කල්හි, යම් කෙනෙක් සද්ධා ආදී ඉඳුරන් පහෙන් යුතු වූවෝ නම්, නිවනට පැමිණෙති. එබඳු එක කරුණකින් හෝ ඉවත් නොවූ, ජීවිතයෙහි අදහසක් නැති මට - ජීවත්වීමක් කුමට අසන්නෙහිද?’ දැඩි ලෙස පටන්ගන්නා ලද උත්සාහයෙන් යුතුව, (ජීවිතය ඇතුළු හැම දෙයකම) ඇතිවීම හා නැතිවීම ගැන නුවණින් බලමින්, බවුන් වඩන නුවණැත්තාගේ එක්දිනක් ජීවත්වීම වුවද උසස් යැයි කියා තිබෙනවා නොවේද?
එවං මාරං සන්තජ්ජෙත්වා අත්තනො දෙහචිත්තප්පවත්තිං දස්සෙන්තො “නදීනමපී”පි ගාථාත්තයමාහ. තමත්ථතො පාකටමෙව. අයං පන අධිප්පායවණ්ණනා – ය්වායං මම සරීරෙ අප්පාණකජ්ඣානවීරියවෙගසමුට්ඨිතො වාතො වත්තති, ලොකෙ ගඞ්ගායමුනාදීනං නදීනම්පි සොතානි අයං විසොසයෙ, කිඤ්ච මෙ එවං පහිතත්තස්ස චතුනාළිමත්තං ලොහිතං න උපසොසෙය්ය. න කෙවලඤ්ච මෙ ලොහිතමෙව සුස්සති, අපිච ඛො පන තම්හි ලොහිතෙ සුස්සමානම්හි බද්ධාබද්ධභෙදං සරීරානුගතං පිත්තං, අසිතපීතාදිපටිච්ඡාදකං චතුනාළිමත්තමෙව සෙම්හඤ්ච, කිඤ්චාපරං තත්තකමෙව මුත්තඤ්ච ඔජඤ්ච සුස්සති, තෙසු ච සුස්සමානෙසු මංසානිපි ඛීයන්ති, තස්ස මෙ එවං අනුපුබ්බෙන මංසෙසු ඛීයමානෙසු භිය්යො චිත්තං පසීදති, න ත්වෙව තප්පච්චයා සංසීදති. සො ත්වං ඊදිසං චිත්තමජානන්තො සරීරමත්තමෙව දිස්වා භණසි “කිසො ත්වමසි දුබ්බණ්ණො, සන්තිකෙ මරණං තවා”ති. න කෙවලඤ්ච මෙ චිත්තමෙව පසීදති, අපිච ඛො පන භිය්යො සති ච පඤ්ඤා ච සමාධි මම තිට්ඨති, අණුමත්තොපි පමාදො වා සම්මොහො වා චිත්තවික්ඛෙපො වා නත්ථි, තස්ස මය්හං එවං විහරතො යෙ කෙචි සමණබ්රාහ්මණා අතීතං වා අද්ධානං අනාගතං වා එතරහි වා ඔපක්කමිකා වෙදනා වෙදයන්ති, තාසං නිදස්සනභූතං පත්තස්ස උත්තමවෙදනං. යථා අඤ්ඤෙසං දුක්ඛෙන ඵුට්ඨානං සුඛං, සීතෙන උණ්හං, උණ්හෙන සීතං, ඛුදාය භොජනං, පිපාසාය ඵුට්ඨානං උදකං අපෙක්ඛතෙ චිත්තං, එවං පඤ්චසු කාමගුණෙසු එකකාමම්පි නාපෙක්ඛකෙ චිත්තං. “අහො වතාහං සුභොජනං භුඤ්ජිත්වා සුඛසෙය්යං සයෙය්ය”න්ති ඊදිසෙනාකාරෙන මම චිත්තං න උප්පන්නං, පස්ස, ත්වං මාර, සත්තස්ස සුද්ධතන්ති.
මෙසේ මාරයා තැති ගන්වා, තම සිතෙහි වූ අරමුණ පහදමින් නදීනං අපී ආදී ගාථා තුනක් කීහ. එහි වචනවල තේරුම් පැහැදිලිය. මේ එයින් අදහස් වන කරුණුයි. මගේ මේ සිරුරෙහි හුස්ම ගැනීමේ උත්සාහයෙන් වාතො පවත්නේය. ලෝකයෙහි ගංගා, යමුනා ආදී ගංගා ද නදීනං අපි සොතානි අයං විසොසයෙ, කිඤ්චි මෙ මේ ආකාර වූ පහිතත්තස්ස නැළි සතරක් පමණ වූ ලොහිතං න උපසොසෙය්ය හුදෙක් මාගේ ලේ පමණක්ම වියළේ ද, එතකුදු වුවත් එම ලේ ලොහිතෙ සුස්සමානම්හි ඒ ඒ ආකාරයට සිරුර හා බැඳුණු, පිත්තං කෑමෙන්, බීමෙන් (ආහාරපානාදියෙන්) වැසී ඇති නැළි හතරක් පමණ වූ සෙම්හඤ්ච මෙයට අමතරව තවත් දේ තිබේද? එපමණම වූ මුත්‍ර ද, සාරය ද, වියළේ. ඒවා වියලෙන විට, මස ද අඩු වේ. මෙසේ අනුපිළිවෙලින් මගේ, මංසෙසු ඛියමානෙසු හීයො චිත්තං පසීදති එයින් පමණක්, ඒ හේතු කොට පමණක් සිරුර නැතිවන්නේ නොවේ. ‘ඔබ මෙබඳු සිතක් ගැන නොදැන, සිරුර ගැන පමණක් සිතා, ‘ඔබ මළානික වෙහි, කෙට්ටුය, මරණය ඔබ ළඟ යැයි (මට) කියයි. හුදෙක් මාගේ සිත පමණක් පැහැදීම නොවේ. එතකුදු වුවත්, භීයො සතී ච පඤ්ඤා ච සමාධි මම තිට්ඨති දශමයකින්වත් (ඉතාම සුළුවෙන් වත්) පමාවක් හෝ මුලාවක් හෝ සිතෙහි අවුල් හෝ නැත. තස්ස මට, එවං විහරතො කිසියම් මහණ බමුණකු අතීතයෙහි හෝ අනාගතයෙහි හෝ, වත්මනෙහි හෝ තම උවමනාවෙන්ම වේදනා විඳිත් ද, එය නිදසුන් කොට පත්තස්ස උත්තමවෙදනං, යම්සේ දුකෙන් පෙළුණ විට සැපය ද, සීතලට උණුසුම ද, උණුසුමට සීතලද, කුසගිනි වූ විට ආහාරද, තද පිපාසයට ජලය ද, වෙනත් පුද්ගලයන්ගේ සිත් බලාපොරොත්තුවෙන් පසුවෙයි. පස්කම් ගුණ පිළිබඳවද එසේය. (බෝසත්තුමා ඒ කිසිදු දෙයකට) එකම කැමැත්තක් හෝ, කාමමපි නාපෙක්ඛතෙ චිත්තං ‘අහා! මම ඒකාන්තයෙන්ම රසවත් අහරක් අනුභව කොට සුව යහනක නිදාගන්නෙම් නම්’,..... යන මෙබඳු එකම සිතක්වත් ඇති නොවේ. පස්ස ඔබ, මාරය, සත්තස්ස සුද්ධතං
එවං අත්තනො සුද්ධතං දස්සෙත්වා “නිවාරෙස්සාමි ත”න්ති ආගතස්ස මාරස්ස මනොරථභඤ්ජනත්ථං මාරසෙනං කිත්තෙත්වා තාය අපරාජිතභාවං දස්සෙන්තො “කාමා තෙ පඨමා සෙනා”තිආදිකා ඡ ගාථායො ආහ.
මෙසේ තමන්ගේ පිරිසිදු බව දක්වා, ‘බෝසත් වළක්වමි’යි පැමිණි මාරයාගේ අදහස ඉටු නොවන පරිදි ‘මාර සේනාව’ ගැන සඳහන් කොට, ඒ මාරයා පරදවන බව පහදමින් කාමා තෙ පඨමා සෙනා ආදී ගාථා හයක් කීය.
තත්ථ යස්මා ආදිතොව අගාරියභූතෙ සත්තෙ වත්ථුකාමෙසු කිලෙසකාමා මොහයන්ති, තෙ අභිභුය්ය අනගාරියභාවං උපගතානං පන්තෙසු වා සෙනාසනෙසු අඤ්ඤතරඤ්ඤතරෙසු වා අධිකුසලෙසු ධම්මෙසු අරති උප්පජ්ජති. වුත්තඤ්චෙතං “පබ්බජිතෙන ඛො, ආවුසො, අභිරති දුක්කරා”ති (සං· නි· 4.331). තතො තෙ පරපටිබද්ධජීවිකත්තා ඛුප්පිපාසා බාධෙති, තාය බාධිතානං පරියෙසනතණ්හා චිත්තං කිලමයති, අථ නෙසං කිලන්තචිත්තානං ථිනමිද්ධං ඔක්කමති. තතො විසෙසමනධිගච්ඡන්තානං දුරභිසම්භවෙසු අරඤ්ඤවනපත්ථෙසු සෙනාසනෙසු විහරතං උත්රාසසඤ්ඤිතා භීරු ජායති, තෙසං උස්සඞ්කිතපරිසඞ්කිතානං දීඝරත්තං විවෙකරසමනස්සාදයමානානං විහරතං “න සියා නු ඛො එස මග්ගො”ති පටිපත්තියං විචිකිච්ඡා උප්පජ්ජති, තං විනොදෙත්වා විහරතං අප්පමත්තකෙන විසෙසාධිගමෙන මානමක්ඛථම්භා ජායන්ති, තෙපි විනොදෙත්වා විහරතං තතො අධිකතරං විසෙසාධිගමං නිස්සාය ලාභසක්කාරසිලොකා උප්පජ්ජන්ති, ලාභාදිමුච්ඡිතා ධම්මපතිරූපකානි පකාසෙන්තා මිච්ඡායසං අධිගන්ත්වා තත්ථ ඨිතා ජාතිආදීහි අත්තානං උක්කංසෙන්ති, පරං වම්භෙන්ති, තස්මා කාමාදීනං පඨමසෙනාදිභාවො වෙදිතබ්බො.
මුල පටන්ම, ගිහි ගෙවල වසන්නෝ භව භෝග සම්පතට දැඩි කැමති වීමෙන් ද, කෙලෙස්වලින් බැඳීමෙන් ද කාමා මුලා වෙති. ඒවා මැඩපවත්වා, ගිහිගෙයින් නික්මුණු තැනැත්තාට විවේකී තැන් සහ සෙනසුන් කෙරෙහි හෝ, ඒ ඒ උසස් දහම් (දැහැන් ආදිය) ගැන හෝ නොඇලීම, නොකැමැත්ත අරති හටගනී. ඇවැත්නි, පැවිද්දකු විසින් ඇලීම ඉතා අපහසු’යැයි ‘පබ්බජිතෙන ඛො ආවුසො අභිරති දුක්කරා’ මෙසේ කියන ලදී. එමෙන්ම පැවිද්දාගේ ජීවිතය අනුන්ගෙන් යැපෙන බැවින් ඛුප්පිපාසා පීඩාවට පත්වෙයි. සාපිපාසාවෙන් පෙළෙනවිට ඒවා සොයා ලබාගැනීමේ තණ්හා සිත වෙහෙසට පත්කරයි. එසේ වෙහෙසට පත්වන සිත්වලට ථිනමිද්ධං බැසගනී. එවිට මගපල ආදී වෙසෙස් බවක් ලබාගත නොහැකි, කැලෑ, වනසෙනසුන්හි වාසය කළත්, තැතිගන්නා හැඟීම් හටගැනීමෙන් භීරු ඇතිවෙයි. එයින් ඇතිවන දෙගිඩියාවෙන් හා සැකයෙන් දිගුකලක් විවේක සුවයෙහි නොසතුටින් වාසය කිරීමෙහිදී, ‘දහම් අවබෝධ කරගැනීමේ පිළිවෙතට මේ සුදුසු මගද? නැත්දැ’යි විචිකිච්ඡා හටගනී. එය දුරුකොට වාසය කිරීමේදී මද හෝ (සිතෙහි) උසස් බවක් ලැබීමෙන් මානයෙන් මක්ඛත්ථම්භා හටගනී. එයද දුරුකොට වාසය කරනවිට, පෙරට වඩා උසස් බවකට පත්වීම නිසා ලාභසක්කාර සිලොකා ලැබේ. එසේ ලබන සිවුපසයෙහි ඇලී ගැලී දහමට ගැලපේ යැයි පවසමින්, මිච්ඡායසං එසේ ලැබෙන බොරු යසසට පත්ව ජාති ආදී ලෙසින් අත්තානං උක්කංසෙන්ති අනුන් පහත්කොට හෙළා දකිති. එහෙයින් කැමැත්ත ආදී වූ පළමු (මාර) සේනාව මෙසේ දතයුතුය.
එවමෙතං දසවිධං සෙනං උද්දිසිත්වා යස්මා සා කණ්හධම්මසමන්නාගතත්තා කණ්හස්ස නමුචිනො උපකාරාය සංවත්තති, තස්මා නං තව සෙනාති නිද්දිසන්තො ආහ – “එසා නමුචි තෙ සෙනා, කණ්හස්සාභිප්පහාරිනී”ති. තත්ථ අභිප්පහාරිනීති සමණබ්රාහ්මණානං ඝාතනී නිප්පොථනී, අන්තරායකරීති අත්ථො. න නං අසූරො ජිනාති, ජෙත්වා ච ලභතෙ සුඛන්ති එවං තව සෙනං අසූරො කායෙ ච ජීවිතෙ ච සාපෙක්ඛො පුරිසො න ජිනාති, සූරො පන ජිනාති, ජෙත්වා ච මග්ගසුඛං ඵලසුඛඤ්ච අධිගච්ඡති. යස්මා ච ලභතෙ සුඛං, තස්මා සුඛං පත්ථයමානො අහම්පි එස මුඤ්ජං පරිහරෙති. සඞ්ගාමාවචරා අනිවත්තිනො පුරිසා අත්තනො අනිවත්තනකභාවවිඤ්ඤාපනත්ථං සීසෙ වා ධජෙ වා ආවුධෙ වා මුඤ්ජතිණං බන්ධන්ති, තං අයම්පි පරිහරතිච්චෙව මං ධාරෙහි. තව සෙනාය පරාජිතස්ස ධිරත්ථු මම ජීවිතං, තස්මා එවං ධාරෙහි – සඞ්ගාමෙ මෙ මතං සෙය්යො, යඤ්චෙ ජීවෙ පරාජිතො, යෙන ජීවිතෙන පරාජිතො ජීවෙ, තස්මා ජීවිතා තයා සම්මාපටිපන්නානං අන්තරායකරෙන සද්ධිං සඞ්ගාමෙ මතං මම සෙය්යොති අත්ථො.
මෙසේ දස මරසේනාව පෙන්වා දී ඒවා (යහපත අඳුරු කරන බැවින්) කළුපැහැ කරුණු සේ ගෙන ඒ අඳුර මාරයාට උපකාර පිණිස පවත්නා හෙයින්, ‘මාරය, ඔබගේ සේනාව එබඳු යැයි දක්වමින් එසා නමුචි තෙ සෙනා කණ්හස්සාහිප්පහාරිණි යැයි කීහ. අභිප්පහාරිණි මහණ බමුණන් වැනසීම, තලාපෙලා හිරිහැර කරමින් අනතුරට පත් කිරීම යන තේරුමයි. න තං අසුරො ජිනාති, ජෙත්වා ච ලභතෙ සුඛං මෙසේ ඔබගේ සේනාවට, කයෙහි බලාපොරොත්තු නොමැති තැනැත්තා ද දිනාගත නොහැකිය. ඒ තැනැත්තා ඔබ පරදවා මගපල සුව පමුණුවා ගනී. ලබාගනී. එසේ ලැබිය හැකි සුවය පතමින් මම ද එස මුඤ්ජං පරිහරෙ යුදයෙහි උත්සාහවත්ව නොනවතින තැනැත්තෝ තම නොනවතින බව දන්වනු පිණිස හිසෙහි හෝ කොඩියෙහි හෝ ආයුධයෙහි හෝ බට තණකොළ බඳිති. එය පරිහරණය කරන්නකු ලෙස. (එය අනුගමනය කරන්නකු ලෙස) මා ගැනද සළකා ගනුව. ඔබගේ සේනාව පැරදවූ විට ධීරත්ථු මම ජීවිතං, එහෙයින් එසේ සිත තබා ගනුව, සංගාමෙ මෙ මතං සෙය්යො යඤ්චෙ ජීවෙ පරාජිතො මනා ජීවිත පැවතුම්වලින් යුතු තැනැත්තෙකුට ඔබ වැන්නකු විසින් කරනු ලබන යුද්ධයේදී, සිදුවන අනතුරින් පැරදී ජීවත්වනවාට වඩා මට මරණය උතුම්ය.
කස්මා මතං සෙය්යොති චෙ? යස්මා පගාළ්හෙත්ථ…පෙ… සුබ්බතා, එත්ථ කාමාදිකාය අත්තුක්කංසනපරවම්භනපරියොසානාය තව සෙනාය පගාළ්හා නිමුග්ගා අනුපවිට්ඨා එකෙ සමණබ්රාහ්මණා න දිස්සන්ති, සීලාදීහි ගුණෙහි නප්පකාසන්ති, අන්ධකාරං පවිට්ඨා විය හොන්ති. එතෙ එවං පගාළ්හා සමානා සචෙපි කදාචි උම්මුජ්ජිත්වා නිමුජ්ජනපුරිසො විය “සාහු සද්ධා”තිආදිනා නයෙන උම්මුජ්ජන්ති, තථාපි තාය සෙනාය අජ්ඣොත්ථටත්තා තඤ්ච මග්ගං න ජානන්ති ඛෙමං නිබ්බානගාමීනං, සබ්බෙපි බුද්ධපච්චෙකබුද්ධාදයො යෙන ගච්ඡන්ති සුබ්බතාති. ඉමං පන ගාථං සුත්වා මාරො පුන කිඤ්චි අවත්වා එව පක්කාමි.
කවර හෙයින් මරණය උසස්යැයි කියන ලදද? පගාළ්හා එත්ථ -පෙ- සුබ්බතා ලෙසිනි. එත්ථ කැමැත්ත ආදිය මුල්කොටගෙන, තමා උසස් කොට සළකා, අනුන් හෙළා දකිමින්, අවසානයෙහි ඔබේ සේනාවෙහි පගාළ්හා ගැලී, තදින් බැස, (ඇතුලටම) පිවිස, එකෙ සමණ බ්රාහ්මණා න දිස්සන්ති අඳුරට පිවිසියාක් මෙන් සීලාදි ගුණ පළ නොකරත්. මෙසේ ඔහු එහි ගිලුනාක් වෙන්ව, දියෙන් මතුව, දියෙහි ගිලෙනා මිනිසෙකු සේ, කිසියම් දිනක, ‘සැදැහැ බව මැනවැ’යි ආදී ලෙසින් (හැඟීම් මත) කිමිදෙති. එසේම ඉහත දැක්වූ ඒ මාර සේනාවෙන් තදින් වෙලී ගත් බැවින්, තඤ්ච මග්ගං න ජානන්ති. සියළුම බුදු පසේබුදුවරු ආදීහු බිය නොමැති නිවනට පත් වූවෝ යෙන ගච්ඡන්ති සුබ්බතා. මේ ගාථාව අසා මාරයා නැවත කිසිවක් නොකියාම ඉවත්ව ගියේය.
පක්කන්තෙ පන තස්මිං මහාසත්තො තාය දුක්කරකාරිකාය කිඤ්චිපි විසෙසං අනධිගච්ඡන්තො අනුක්කමෙන “සියා නු ඛො අඤ්ඤො මග්ගො බොධායා”තිආදීනි චින්තෙත්වා ඔළාරිකාහාරං ආහාරෙත්වා, බලං ගහෙත්වා, විසාඛපුණ්ණමදිවසෙ පගෙව සුජාතාය පායාසං පරිභුඤ්ජිත්වා, භද්රවනසණ්ඩෙ දිවාවිහාරං නිසීදිත්වා, තත්ථ අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙන්තො දිවසං වීතිනාමෙත්වා සායන්හසමයෙ මහාබොධිමණ්ඩාභිමුඛො ගන්ත්වා සොත්ථියෙන දින්නා අට්ඨ තිණමුට්ඨියො බොධිමූලෙ විකිරිත්වා දසසහස්සලොකධාතුදෙවතාහි කතසක්කාරබහුමානො –
මහබෝසතාණෝ, මාරයා ඉවත්ව ගියවිට, සිරුරට දුක් දීමේ ඒ ඉතා අපහසු කටයුතුවලින් කිසිදු වෙසෙස් බවක් නොලැබ, ‘අවබෝධය පිණිස වෙනත් මඟක් තිබේදැ’යි සියා නු ඛො අඤ්ඤො මග්ගො බොධාය’ සිතා, කටුක නොවූ රසවත් ආහාර ගෙන සවිය ලැබ, වෙසක් පුන් පොහෝ දින, කලින්ම සුජාතාව පිරිනමන ලද කිරිබත අනුභවකොට, සොඳුරු වනලැහැබෙහි දිවාකාලය ගතකොට, එහිදී සමාපත්ති අට උපදවා දවස ගතකොට, සවස් කාලයෙහි මහබෝමැඩ ඉදිරියට ගොස්, සොත්ථිය බමුණා දෙන ලද තණ මිටි අට බෝමුල විසිරුවා, දස සහසක් ලෝධාතුන්හි දේවතාවුන්ගේ බොහෝ ගරුසැළකිලි මැද, -
“කාමං තචො ච න්හාරු ච, අට්ඨි ච අවසිස්සතු; උපසුස්සතු නිස්සෙසං, සරීරෙ මංසලොහිත”න්ති. –
‘ඒකාන්තයෙන් සිරුරෙහි සම ද නහර ද ඉතිරි වේවා! මස් ලේ වියලේවා, එහෙත් බුදුබවට නොපැමිණ දැන්නම පලඟ නොබිඳින්නෙමි’යි
චතුරඞ්ගවීරියං අධිට්ඨහිත්වා “න දානි බුද්ධත්තං අපාපුණිත්වා පල්ලඞ්කං භින්දිස්සාමී”ති පටිඤ්ඤං කත්වා අපරාජිතපල්ලඞ්කෙ නිසීදි. තං ඤත්වා මාරො පාපිමා “අජ්ජ සිද්ධත්ථො පටිඤ්ඤං කත්වා නිසින්නො, අජ්ජෙව දානිස්ස සා පටිඤ්ඤා පටිබාහිතබ්බා”ති බොධිමණ්ඩතො යාව චක්කවාළමායතං ද්වාදසයොජනවිත්ථාරං උද්ධං නවයොජනමුග්ගතං මාරසෙනං සමුට්ඨාපෙත්වා දියඩ්ඪයොජනසතප්පමාණං ගිරිමෙඛලං හත්ථිරාජානං ආරුය්හ බාහුසහස්සං මාපෙත්වා නානාවුධානි ගහෙත්වා “ගණ්හථ, හනථ, පහරථා”ති භණන්තො ආළවකසුත්තෙ වුත්තප්පකාරා වුට්ඨියො මාපෙසි, තා මහාපුරිසං පත්වා තත්ථ වුත්තප්පකාරා එව සම්පජ්ජිංසු. තතො වජිරඞ්කුසෙන හත්ථිං කුම්භෙ පහරිත්වා මහාපුරිසස්ස සමීපං නෙත්වා “උට්ඨෙහි, භො සිද්ධත්ථ, පල්ලඞ්කා”ති ආහ. මහාපුරිසො “න උට්ඨහාමි මාරා”ති වත්වා තං ධජිනිං සමන්තා විලොකෙන්තො ඉමා ගාථායො අභාසි “සමන්තා ධජිනි”න්ති.
(තමාම) පොරොන්දු වී, (සිවු ආකාර උත්සාහය අදිටන් කොට) නොපැරදෙන පලඟෙහි වැඩහුන්හ. පවිටු මාරයා එය දැන, ‘සිදුහත් අද අදිටන් කොට හිඳී. අදම ඔහුගේ ඒ පොරොන්දු අදිටන වැළැක්විය යුතුයැ’යි, බෝමැඩ සිට සක්වළ තෙක් දික් වූ දොළොස් යොදුන් පළල, නව යොදුනක් උසට මාරසේනාව රඳවා තබා, යොදුන් එකසිය පණහක් උසැති ‘ගිරිමෙඛලා’ නම් ඇත්රජු පිට නැගී, අත් දහසක් මවා, නොයෙක් ආයුධ රැගෙන, (සිදුහත්) ‘අල්වා ගනිව්, වනසව්, ගසවු’ කියමින්, ආලවක සූත්‍රයෙහි කියන ලද පරිදි වැසි මැවීය. ඒ වැසි මහ බෝසතුන් කරා පැමිණ එහි කියන ලද පරිදිම සන්සිඳුණි. එවිට දියමන්ති හෙණ්ඩුවෙන් ඇතුගේ කුඹුතලයට ගසා (ඇන) මහ බෝසතුන් ළඟට ගෙනගොස්, ‘එම්බා, සිදුහත්, පලඟින් නැගිටුව’ යයි හඬ නැගීය. මහ බෝසතාණෝ, ‘මාරය, නොනැගිටිමි’යි කියා, හාත්පස ඒ සේනාව පිරික්සා බලමින්, සමන්තා ධජිනී ආදී මේ ගාථා ද වදාළහ.
තත්ථ ධජිනින්ති සෙනං. යුත්තන්ති උය්යුත්තං. සවාහනන්ති ගිරිමෙඛලනාගරාජසහිතං. පච්චුග්ගච්ඡාමීති අභිමුඛො උපරි ගමිස්සාමි, සො ච ඛො තෙජෙනෙව, න කායෙන. කස්මා? මා මං ඨානා අචාවයි, මං එතස්මා ඨානා අපරාජිතපල්ලඞ්කා මාරො මා චාලෙසීති වුත්තං හොති. නප්පසහතීති සහිතුං න සක්කොති, නාභිභවති වා. ආමං පත්තන්ති කාචජාතං මත්තිකාභාජනං. අස්මනාති පාසාණෙන. සෙසමෙත්ථ පාකටමෙව.
ධජිනි සේනාව, යුත්තං අදාල කටයුත්තක යෙදුණු, සවාහනං ගිරිමෙඛලා නම් ඇත්රජු සහිත, ඒ ආකාර සිරුරෙන්ම ඉදිරියට යන්නෙම්, කවර හෙයින්ද? මා මං ඨානා අවාචයී පරදාලිය නොහැකි පලඟ පිහිටි ඒ තැනින් මාරයාට මා සෙලවීමට නොහැකි වෙහි යයි කියන ලදී. නප්පසහති ඉවසීමට හෝ යටපත් කරන්නට හෝ නොහැකි වෙයි. ආම පත්තං අමු මැටි බඳුනක්, අසම්නා ගලින්, ඉතිරි වචනවල අරුත් පැහැදිලිය.
ඉදානි “එතං තෙ මාරසෙනං භින්දිත්වා තතො පරං විජිතසඞ්ගාමො සම්පත්තධම්මරාජාභිසෙකො ඉදං කරිස්සාමී”ති දස්සෙන්තො ආහ “වසීකරිත්වා”ති. තත්ථ වසීකරිත්වා සඞ්කප්පන්ති මග්ගභාවනාය සබ්බං මිච්ඡාසඞ්කප්පං පහාය සම්මාසඞ්කප්පස්සෙව පවත්තනෙන වසීකරිත්වා සඞ්කප්පං. සතිඤ්ච සූපතිට්ඨිතන්ති කායාදීසු චතූසු ඨානෙසු අත්තනො සතිඤ්ච සුට්ඨු උපට්ඨිතං කරිත්වා එවං වසීකතසඞ්කප්පො සුප්පතිට්ඨිතස්සති රට්ඨා රට්ඨං විචරිස්සාමි දෙවමනුස්සභෙදෙ පුථූ සාවකෙ විනයන්තො. අථ මයා විනීයමානා තෙ අප්පමත්තා…පෙ… න සොචරෙ, තං නිබ්බානාමතමෙවාති අධිප්පායො.
දැන්, ‘ඒ මාර සෙනඟ බිඳ, ඉන්පසු යුද්ධය (කෙලෙස් යුද්ධය) ජයගෙන, දහම් නැමති රජයෙහි මෙසේ අබිසෙස් ලබන්නෙමි’යි පෙන්වා දෙමින්, වසිං කරිත්වා යන ගාථාව කීහ. වසිං කරිත්වා සංකප්පං සීල සමාධි-පඤ්ඤා මග වැඩීමෙන් සියළු වැරදි කල්පනා හැරදමා, නිවැරදි කල්පනාවම තබාගනිමින්, එම කල්පනාව වසඟකොට, සතිඤ්ච සූපට්ඨිතං කය ආදී කොට ඇති සිවු තැන්හි තම සිහියද මැනවින් පිහිටුවා, මෙසේ වසඟ කරන ලද කල්පනාව මනාව සිහි තබාගෙන, රට්ඨා රට්ඨං විචරිස්සාමි දෙවි මිනිසුන් ආදී, පුථූ සාවකෙ විනයන්තො මා විසින් හික්මවනු ලබනවිට, තෙ අප්පමත්තා......න සොචරෙ ඒ අමා නිවනම අවබෝධ කොට යන අදහසයි.
අථ මාරො ඉමා ගාථායො සුත්වා ආහ – “එවරූපං පක්ඛං දිස්වා න භායසි භික්ඛූ”ති? “ආම, මාර, න භායාමී”ති. “කස්මා න භායසී”ති? “දානාදීනං පාරමිපුඤ්ඤානං කතත්තා”ති. “කො එතං ජානාති දානාදීනි ත්වමකාසී”ති? “කිං එත්ථ පාපිම සක්ඛිකිච්චෙන, අපිච එකස්මිංයෙව භවෙ වෙස්සන්තරො හුත්වා යං දානමදාසිං, තස්සානුභාවෙන සත්තක්ඛත්තුං ඡහි පකාරෙහි සඤ්ජාතකම්පා අයං මහාපථවීයෙව සක්ඛී”ති. එවං වුත්තෙ උදකපරියන්තං කත්වා මහාපථවී කම්පි භෙරවසද්දං මුඤ්චමානා, යං සුත්වා මාරො අසනිහතො විය භීතො ධජං පණාමෙත්වා පලායි සද්ධිං පරිසාය.
ඉක්බිති මාරයා මේ ගාථා අසා, ‘මහණ, මෙබඳු යකෙකු දැක බිය නොවෙහිදැ’යි ඇසීය. ‘එසේය, මාරය, බිය නොවෙමි’ - ‘කවර හෙයින් බිය නොවෙහි ද?’ ‘දානා දී පින් පුරන ලද බැවිනි’. ‘ඔබ දානාදී පින් පුරා ඇති බව දන්නේ කවුද?’ ‘පාපී මාරය, ඒ කරන ලද බවට සාක්කි කුමටද? එහෙත් එක් භවයකදී වෙස්සන්තරව යම් දානයක් දුනිමි ද, ඒ බලයෙන්, සය ආකාරයකින් සත්වරක් කම්පා වූ මහපොළව සාක්කි දරනු ඇත. මෙසේ කී විට ජලය කෙළවර කොට ඇති මහපොළව බියකරු හඬක් නඟමින් කම්පා විය. මාරයා ඒ අසා, හෙණයක් වැදුණාක් මෙන් බියවී (ඔසවාගෙන තිබූ) කොඩිය පහත් කොටගෙන, පිරිස සමග පලා ගියේය.
අථ මහාපුරිසො තීහි යාමෙහි තිස්සො විජ්ජා සච්ඡිකත්වා අරුණුග්ගමනෙ “අනෙකජාතිසංසාරං…පෙ… තණ්හානං ඛයමජ්ඣගා”ති ඉමං උදානං උදානෙසි. මාරො උදානසද්දෙන ආගන්ත්වා “අයං‘බුද්ධො අහ’න්ති පටිජානාති, හන්ද නං අනුබන්ධාමි ආභිසමාචාරිකං පස්සිතුං. සචස්ස කිඤ්චි කායෙන වා වාචාය වා ඛලිතං භවිස්සති, විහෙඨෙස්සාමි න”න්ති පුබ්බෙ බොධිසත්තභූමියං ඡබ්බස්සානි අනුබන්‍ධිත්‍වා බුද්ධත්තං පත්තං එකං වස්සං අනුබන්ධි. තතො භගවතො කිඤ්චි ඛලිතං අපස්සන්තො “සත්ත වස්සානී”ති ඉමා නිබ්බෙජනීයගාථායො අභාසි.
ඉන්පසු, මහබෝසතාණන් වහන්සේ, තුන් විදු නැණ අවබෝධ කොට, හිරු උදාවෙද්දී, ‘සසර නොයෙක් ලෙසින් ඉපිද, තණ්හාව නැති කරන ලදැයි’ ‘අනෙක ජාති සංසාරං...තණ්හානං ඛයමජ්ඣගා’ මේ උදානය පළ කළහ. මාරයා උදානය පවසන හඬ අසා පැමිණ, ‘මොහු මම බුදුබවට පත්වීමි’ යැයි හඳුන්වා දෙයි. මොහුගේ උසස් හැසිරීමෙහි කයෙන් හෝ වචනයෙන් හෝ යම් වරදක් වන්නේ නම්, එයින් ඔහු වෙහෙසෙන්නෙමි. එය දැනගැනීමට ලුහුබඳිමි’යි අදහස් කොට, පෙර බෝසත් කල සිට හයවසරක් ද, දැන් බුදුබවට පත් වූ පසු වසරක්ද පසුපස ගියේය. එහිදී භාග්‍යවතුන් වහන්සේගේ කිසිදු දොසක් නොදැක, තම අදහස ඉවත හළ බව දන්වමින් සත්තවස්සානි ආදී ගාථා කීය.
තත්ථ ඔතාරන්ති රන්ධං විවරං. නාධිගච්ඡිස්සන්ති නාධිගමිං. මෙදවණ්ණන්ති මෙදපිණ්ඩසදිසං. අනුපරියගාති පරිතො පරිතො අගමාසි. මුදුන්ති මුදුකං. වින්දෙමාති අධිගච්ඡෙය්යාම. අස්සාදනාති සාදුභාවො. වායසෙත්තොති වායසො එත්තො. සෙසමෙත්ථ පාකටමෙව.
එම ගාථාවල ඔතාරං සිදුරක්, විවරයක්, නාධිගච්ඡිස්සං නොලදිමි. මෙදවණ්ණං මේද පිඬක් බඳු, අනුපරියගා හාත්පස, හාත්පසින් (ඉතා ළඟින්ම) ගියේය. මුදු මොළොක්, වින්දෙම ලබන්නෙමු. අස්සාදනා යහපත් බව, වායසෙත්තො කවුඩකු මෙන්, ඉතිරි වචන පැහැදිලිය.
අයං පන යොජනා – සත්ත වස්සානි භගවන්තං ඔතාරාපෙක්ඛො අනුබන්ධිං කත්ථචි අවිජහන්තො පදාපදං, එවං අනුබන්ධිත්වාපි ච ඔතාරං නාධිගමිං. සොහං යථා නාම මෙදවණ්ණං පාසාණං මෙදසඤ්ඤී වායසො එකස්මිං පස්සෙ මුඛතුණ්ඩකෙන විජ්ඣිත්වා අස්සාදං අවින්දමානො “අප්පෙව නාම එත්ථ මුදු වින්දෙම, අපි ඉතො අස්සාදනා සියා”ති සමන්තා තථෙව විජ්ඣන්තො අනුපරියායිත්වා කත්ථචි අස්සාදං අලද්ධා “පාසාණොවාය”න්ති නිබ්බිජ්ජ පක්කමෙය්ය, එවමෙවාහං භගවන්තං කායකම්මාදීසු අත්තනො පරිත්තපඤ්ඤාමුඛතුණ්ඩකෙන විජ්ඣන්තො සමන්තා අනුපරියගා “අප්පෙව නාම කත්ථචි අපරිසුද්ධකායසමාචාරාදිමුදුභාවං වින්දෙම, කුතොචි අස්සාදනා සියා”ති, තෙ දානි මයං අස්සාදං අලභමානා කාකොව සෙලමාසජ්ජ නිබ්බිජ්ජාපෙම ගොතමං ආසජ්ජ තතො ගොතමා නිබ්බිජ්ජ අපෙමාති. එවං වදතො කිර මාරස්ස සත්ත වස්සානි නිප්ඵලපරිස්සමං නිස්සාය බලවසොකො උදපාදි. තෙනස්ස විසීදමානඞ්ගපච්චඞ්ගස්ස බෙලුවපණ්ඩු නාම වීණා කච්ඡතො පතිතා. යා සකිං කුසලෙහි වාදිතා චත්තාරො මාසෙ මධුරස්සරං මුඤ්චති, යං ගහෙත්වා සක්කො පඤ්චසිඛස්ස අදාසි. තං සො පතමානම්පි න බුජ්ඣි. තෙනාහ භගවා –
මේ විස්තර වන අදහසයි. සත්වසක් වරද සොයමින් භාග්‍යවතුන් වහන්සේගේ පසුපස කිසිදු විටක අත් නොහරිමින් පසුපස ගියෙමි. පදා පදං පියවරක් පියවරක් පාසා ගියද වරදක සොයා නොගතිමි. මෙද වණ්ණං පාසාණං මෙදය යැයි සිතා, එක් තැනකට හොටෙන් ඇන අවුස්සන කවුඩකු මෙන් ඒ මම ද සතුටක් නොලබමින්, අප්පෙව නාම එත්ථ මුදු වින්දෙම අපි මෙයින්, අස්සාදනා සියා එසේම හාත්පස හොටෙන් අනිමින්, අනුපරි ගොස්, කිසිම තැනක අස්සාදං අලද්ධා මේ ගලක් යැයි කලකිරී ඉවත ගියෙමි. එසේම මේ භාග්‍යවතුන් වහන්සේගේ කයෙන් කෙරෙන කටයුතුවලදී, කිසියම් අයහපත් බවක් ඇතොත් මැනවැයි, තම අල්ප වූ දැනුම නැමති හොටින් අනිමින්, හැමතැනම පසුපස ගියද, (එතුමන්ගේ) මුදු මොළොක් බවම අත්විඳීමි. බලා සිටි සතුට කොයින්ද? දැන් අපි (සිතා සිටි) වින්දනය නොලබමින්, කාකොව සෙලං ආසජ්ජ නිබ්බිජ්ජාපෙම ගොතමං ඒ ගෝතමයන් හා ගැටී, මගහැර ඉවත්ව යමු’ මෙසේ කියන මාරයාට සත්වසක් තිස්සේ දරන ලද පල රහිත උත්සාහය නිසාම බලවත් කණගාටුවක් ඇතිවිය. එයින් ඔහුගේ ලිහිල් වූ අඟ පසඟ නිසා බෙලුවපණ්ඩු නම් වීණාව කිසිල්ලෙන් ගිලිහී වැටිණ. ඒ වීණාව එක් වරක් ඇඟිලිවලින් වාදනය කළවිට සිවුමසක් මිහිරි නාද නිකුත් වෙයි. සක්දෙවි එය (අහුලා) ගෙන පන්සිළුට දුන්නේය. වීණාව ගිලිහී වැටෙද්දීත් මාරයාට නොවැටහිණ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ -
“තස්ස සොකපරෙතස්ස, වීණා කච්ඡා අභස්සථ; තතො සො දුම්මනො යක්ඛො, තත්ථෙවන්තරධායථා”ති.
තස්ස සොකපරෙතස්ස වීණ කච්ඡා අභස්සථ තතො සො දුම්මනො යක්ඛො තත්ථෙවන්තරධායථ යැයි.
සඞ්ගීතිකාරකා ආහංසූති එකෙ, අම්හාකං පනෙතං නක්ඛමතීති.
ඇතැමෙක් එය සංගායනාවට සහභාගී වූ හිමිවරුන් කී බව දක්වති. ඒ පිළිබඳව අපගේ වෙසෙස් රුචියක් නැත.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය පධානසුත්තවණ්ණනා නිට්ඨිතා.
පධාන සූත්‍ර විස්තරය නිමි.