3. සුභාසිත සුත්තවණ්ණනා අට්ඨකථා
3. සුභාසිත සුත්තවණ්ණනා
3. සුභාසිත සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති සුභාසිතසුත්තං. අත්තජ්ඣාසයතො චස්ස උප්පත්ති. භගවා හි සුභාසිතප්පියො, සො අත්තනො සුභාසිතසමුදාචාරප්පකාසනෙන සත්තානං දුබ්භාසිතසමුදාචාරං පටිසෙධෙන්තො ඉමං සුත්තමභාසි. තත්ථ එවං මෙ සුතන්තිආදි සඞ්ගීතිකාරවචනං. තත්ථ තත්ර ඛො භගවා…පෙ… භදන්තෙති තෙ භික්ඛූති එතං අපුබ්බං, සෙසං වුත්තනයමෙව. තස්මා අපුබ්බපදවණ්ණනත්ථමිදං වුච්චති – තත්රාති දෙසකාලපරිදීපනං. තඤ්හි යං සමයං විහරති, තත්ර සමයෙ, යස්මිඤ්ච ආරාමෙ විහරති, තත්ර ආරාමෙති දීපෙති. භාසිතබ්බයුත්තෙ වා දෙසකාලෙ දීපෙති. න හි භගවා අයුත්තෙ දෙසෙ කාලෙ වා ධම්මං භාසති. “අකාලො ඛො, තාව, බාහියා”තිආදි (උදා· 10) චෙත්ථ සාධකං. ඛොති පදපූරණමත්තෙ අවධාරණාදිකාලත්ථෙ වා නිපාතො. භගවාති ලොකගරුපරිදීපනං. භික්ඛූති කථාසවනයුත්තපුග්ගලපරිදීපනං. ආමන්තෙසීති ආලපි අභාසි සම්බොධෙසි.
එවං මෙ සුතං යනු සුභාසිත සූත්‍රයයි. එය (වෙනත් කෙනෙකුගේ විමසීමකට නොව) තම අදහස පරිදි දේසනා කරන ලදී. භාග්‍යවතුන් වහන්සේ යහපත් වචනයට කැමති වෙති. යහපත් වචන කතා කිරීමෙන් පුද්ගලයන් අයහපත් වචන කතා කිරීම වැළැක්වීමට මෙම සූත්‍රය වදාළහ. එහි එවං මෙ සුතං සංගායනාවට සහභාගි වූ හිමිවරුන්ගේ වචනයි. තත්ර බො භගවා......... භදන්තෙ තෙ භික්ඛූ යනුවෙන් මෙහි සඳහන් නොවේ. ඉතිරි කරුණු කලින් කියා ඇති අයුරිනි. එහෙයින් විස්තර සඳහන් නොවූ වචන ගැන මෙහි දක්වනු ලැබේ. තත්ර (දේසනා කරන ලද) තැන හා කාලය දැක්වීමයි. වැඩවසන කාලයෙහි, වැඩවසන ආරාමය අදහස් වේ. එයින් කිවයුතු දේ සහ, දේසනා කාලය පෙන්වා දෙයි. භාග්‍යවතුන් වහසේ නුසුදුසු තැන හෝ නුසුදුසු වේලාවෙහි දහම් නොදෙසති. ‘බාහිය, ඔබට (දහම් දෙසීමට) මේ කාලය නොවේ. ‘අකාලො ඛො තාව බාහිය’ ආදී තැන් නිදසුන්ය. ඛො යනු පදයක අඩු තැන් පිරවීමට හෝ අවධාරණයෙන් කිවයුතු විටකදී යොදන නිපාතයකි. භගවා ලෝකවාසීන් ගරු බුහුමන් පළකිරීමට (තථාගතයන් වහන්සේට යෙදූ වදනකි). භික්ඛූ කතාව ඇසීමට බලාපොරොත්තු වන පුද්ගලයන් පිළිබඳව සඳහන් කිරීමකි. ආමන්තෙසි ඇමතීය, වදාළේය. (ඇමතූහ) වටහා දුන්නේය.
භික්ඛවොති ආමන්තනාකාරපරිදීපනං. තඤ්ච භික්ඛනසීලතාදිගුණයොගසිද්ධත්තා වුත්තං. තෙන නෙසං හීනාධිකජනසෙවිතං වුත්තිං පකාසෙන්තො උද්ධතදීනභාවනිග්ගහං කරොති. “භික්ඛවො”ති ඉමිනා ච කරුණාවිප්ඵාරසොම්මහදයනයනනිපාතපුබ්බඞ්ගමෙන වචනෙන තෙ අත්තනො මුඛාභිමුඛෙ කරිත්වා තෙනෙව කථෙතුකම්යතාදීපකෙන වචනෙන තෙසං සොතුකම්යතං ජනෙති, තෙනෙව ච සම්බොධනත්ථෙන වචනෙන සාධුකසවනමනසිකාරෙපි තෙ නියොජෙති. සාධුකසවනමනසිකාරායත්තා හි සාසනසම්පත්ති. අපරෙසුපි දෙවමනුස්සෙසු විජ්ජමානෙසු කස්මා භික්ඛූ එව ආමන්තෙසීති චෙ? ජෙට්ඨසෙට්ඨාසන්නසදාසන්නිහිතභාවතො. සබ්බපරිසසාධාරණා හි අයං ධම්මදෙසනා, න පාටිපුග්ගලිකා. පරිසාය ච ජෙට්ඨා භික්ඛූ පඨමුප්පන්නත්තා, සෙට්ඨා අනගාරියභාවං ආදිං කත්වා සත්ථු චරියානුවිධායකත්තා සකලසාසනපටිග්ගාහකත්තා ච. ආසන්නා තත්ථ නිසින්නෙසු සත්ථු සන්තිකත්තා, සදා සන්නිහිතා සත්ථු සන්තිකාවචරත්තා. තෙන භගවා සබ්බපරිසසාධාරණං ධම්මං දෙසෙන්තො භික්ඛූ එව ආමන්තෙසි. අපිච භාජනං තෙ ඉමාය කථාය යථානුසිට්ඨං පටිපත්තිසබ්භාවතොතිපි තෙ එව ආමන්තෙසි. භදන්තෙති ගාරවාධිවචනමෙතං. තෙ භික්ඛූති යෙ භගවා ආමන්තෙසි, තෙ එවං භගවන්තං ආලපන්තා භගවතො පච්චස්සොසුන්ති.
භික්ඛවො ඇමතූ අයුරුය. එයින් පිඬුසිඟා යාම, සිල් ආදී මහණුන් අනුගමනය කරන යහගුණ එකතුව ගැනද කියන ලදී. ඒ අනුව ලාමක වූවන් විසින් සෙවුනා ලද පැවැත්ම පැවිදි පිරිසට පවසමින් උඩඟු බැගෑබවෙහි දොස් දක්වති. භික්ඛවො කරුණාව පැතිරුණු හදවතින් හා නෙතින් යුතුව, කරුණා දයා පිරි වදනින් තම මුහුණ දෙසට (අසන පිරිස) යොමු කරවාගෙන, එහිදී පැවසීමට කැමති වන කරුණු පහදා දෙමින්, තමාට සවන් දීමට කැමැත්ත උපදවයි. එසේම, පහදා දෙන කරුණු, මනාව ඇසීමටත්, මෙනෙහි කිරීමටත්, මනාව ඇසීමෙන් මෙනෙහි කරවීමෙන් සසුන් සම්පතෙහි යොදවති. වෙනත් දෙව් මිනිසුන්ද පැමිණ සිටිනවිට (මෙහිදී) කවර හෙයින් මහණුන්ට ඇමතු සේද? දෙටු බවින්ද, උසස් බවින්ද සමීපව හා හැමවිටම තැන්පත් බවද සළකාය. මේ දහම් දෙසුම එක් තැනැත්තෙකුට නොව හැමටම ගැළපෙන, සුදුසුවන බැවින්ද, පිරිස අතරෙහි ද දෙටු මහණ මුල්තැන ගනී. ගිහි ජීවිතයෙන් වෙන්ව අනගාරික වීම මුල්කොට උසස් වේ. (මුළු පිරිසෙහිම) නායකයාට සමීප වෙමින් (තථාගතයන් වහන්සේ අනුගමනය කරමින් ද ) හැමවිටම තැන්පත් බවින් යුතුව, සමීපව හැසිරෙන බැවින්ද, සියළු පිරිසට ගැලපෙන පරිදිම දහම් දෙසමින් පැවිදි පිරිසම ඇමතු සේක. එමෙන්ම මේ කතාබහට ගැළපෙන පරිදි හා ඒ යහපත් පිළිවෙතට සුදුසු ලෙසද එසේ ඇමතූහ. භදන්තෙ ගරු සැළකිලි හඟවන වචනයකි. තෙ භික්ඛූ භාග්‍යවතුන් වහන්සේ යම් පිරිසකට ඇමතූ සේක්ද, ඒ පිරිස උන්වහන්සේ එසේ ගරුකරමින් ‘ගරු හිමියනි’ යනුවෙන් පිළිවදන් දුන්හ.
චතූහි අඞ්ගෙහීති චතූහි කාරණෙහි අවයවෙහි වා. මුසාවාදාවෙරමණිආදීනි හි චත්තාරි සුභාසිතවාචාය කාරණානි. සච්චවචනාදයො චත්තාරො අවයවා, කාරණත්ථෙ ච අඞ්ගසද්දො. චතූහීති නිස්සක්කවචනං හොති, අවයවත්ථෙ කරණවචනං. සමන්නාගතාති සමනුආගතා පවත්තා යුත්තා ච. වාචාති සමුල්ලපනවාචා. යා සා “වාචා ගිරා බ්යප්පථො”ති (ධ· ස· 636) ච, “නෙලා කණ්ණසුඛා”ති (දී· නි· 1.9; ම· නි· 3.14) ච එවමාදීසු ආගච්ඡති. යා පන “වාචාය චෙ කතං කම්ම”න්ති (ධ· ස· අට්ඨ· 1 කායකම්මද්වාර) එවං විඤ්ඤත්ති ච, “යා චතූහි වචීදුච්චරිතෙහි ආරති විරති…පෙ… අයං වුච්චති සම්මාවාචා”ති (ධ· ස· 299; විභ· 206) එවං විරති ච, “ඵරුසවාචා, භික්ඛවෙ, ආසෙවිතා භාවිතා බහුලීකතා නිරයසංවත්තනිකා හොතී”ති (අ· නි· 8.40) එවං චෙතනා ච වාචාති ආගච්ඡති, සා ඉධ න අධිප්පෙතා. කස්මා? අභාසිතබ්බතො. සුභාසිතා හොතීති සුට්ඨු භාසිතා හොති. තෙනස්සා අත්ථාවහනතං දීපෙති. න දුබ්භාසිතාති න දුට්ඨු භාසිතා. තෙනස්සා අනත්ථානාවහනතං දීපෙති. අනවජ්ජාති වජ්ජසඞ්ඛාතරාගාදිදොසවිරහිතා. තෙනස්සා කාරණසුද්ධිං වුත්තදොසාභාවඤ්ච දීපෙති. අනනුවජ්ජා චාති අනුවාදවිමුත්තා. තෙනස්සා සබ්බාකාරසම්පත්තිං දීපෙති. විඤ්ඤූනන්ති පණ්ඩිතානං. තෙන නින්දාපසංසාසු බාලා අප්පමාණාති දීපෙති.
චතූහි අංගෙහි කරුණු සතරකින් හෝ කොටස් හතරකින් බොරු කීමෙන් වැළකීම වැනි යහපත් වචනයට අදාල කරුණු හතරින්, ඇත්ත කතා කිරීමේදී ඊට යොමුවන කොටස් හතර, චතුහි අවධි විබත් වචනයකි. කරණකොට අරුතින් යෙදී ඇත. සමන්නාගතා සමනූ ආගතා ඒ අනුව පැමිණි, පවතින, යුතු, වාචා ‘කතාබහ කරන වදන්’ වාචා ගිරා ව්යප්පථො ‘හොඳ කණට මිහිරි වූ’ - ‘නෙළා කණ්ණසුඛා’ ආදී ලෙස යෙදී ඇත. එමෙන්ම වචනය කරන ලද දෙයක ‘ඇඟවීමක්’ ද වේ. ‘වාචාය චෙ කතං කම්මං, ‘සතරාකාර වූ දුසිරිත් වචනයෙන් වෙන්වීම යහපත් වචනය යැයි කියනු ලැබේ. ‘යා චතූහි වචී දුච්චරිතෙහි ආරති...පෙ.... ‘අයං වුච්චති සම්මා වාචා’ ‘මෙසේ වැළකීම් අරුතෙහිද වේ. ‘මහණෙනි, නපුරු වචන නිතර කීමෙන්, ඊට පුරුදු වීමෙන්, වැඩි වැඩියෙන් යොදා ගැනීමෙන් නිරයෙහි ඉපදීමට හේතුවේ.’ එරුසා වාචා භික්ඛවෙ ආසෙවිතා භාවිතා, බහුලීකතා නිරයසංවත්තනිකා හොතී’ - මෙහි සිතිවිල්ලද, වචනයද ඇතුළත් වේ. එහෙත් මෙහිදී එය අදහස් නොකෙරේ. කවර හෙයින්ද? නොකිව යුතු බැවිනි. සුභාසිතා හොති යහපත් ලෙස කියන ලද්දේ වෙයි. එයින් එහි යහපත් අරුතක් ඇති බව දැක්වෙයි. න දුබ්භාසිතා අයහපත් ලෙස නොකියන ලද, එයින් අයහපතක් නොවන බව දැක්වෙයි. අනවජ්ජා වැරදි ලෙස කියන ලද රාග - තරහ ඇති කරවන ගති නැති, එයින් අදාල දෙයෙහි පිරිසිදු බව - යහපත් බව තහවුරු බව කීමෙහිදී (එහි අනික් අරුත) වැරදි බව දැක්වීමයි. අනනුවජ්ජාච දොස් නැගීමෙන් මිදුණු, එයින් හැම ලෙසින්ම පිරිපුන් බව පෙන්වයි. විඤ්ඤුනං පණ්ඩිතයන්ට, එයින් ගැරහුම් පැසසුම් ලබන අනුවණයන් අපමණ යැයි පෙන්වා දෙයි.
කතමෙහි චතූහීති කථෙතුකම්යතාපුච්ඡා. ඉධාති ඉමස්මිං සාසනෙ. භික්ඛවෙති යෙසං කථෙතුකාමො, තදාලපනං. භික්ඛූති වුත්තප්පකාරවාචාභාසනකපුග්ගලනිදස්සනං. සුභාසිතංයෙව භාසතීති පුග්ගලාධිට්ඨානාය දෙසනාය චතූසු වාචඞ්ගෙසු අඤ්ඤතරඞ්ගනිද්දෙසවචනං. නො දුබ්භාසිතන්ති තස්සෙව වාචඞ්ගස්ස පටිපක්ඛභාසනනිවාරණං. තෙන “මුසාවාදාදයොපි කදාචි වත්තබ්බා”ති දිට්ඨිං නිසෙධෙති. “නො දුබ්භාසිත”න්ති ඉමිනා වා මිච්ඡාවාචප්පහානං දීපෙති, “සුභාසිත”න්ති ඉමිනා පහීනමිච්ඡාවාචෙන සතා භාසිතබ්බවචනලක්ඛණං. තථා පාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදං . අඞ්ගපරිදීපනත්ථං පන අභාසිතබ්බං පුබ්බෙ අවත්වා භාසිතබ්බමෙවාහ. එස නයො ධම්මංයෙවාතිආදීසුපි.
කතමෙහි චතූහි කියාදීමට කැමතිව විමසීමයි. ඉධ මේ සසුනෙහි, භික්ඛවෙ එය පවසනු කැමතිව කරන ඇමතීමයි. භික්ඛූ ඉහත සඳහන් කරන ලද පරිදි වචන කියන තැනැත්තා පෙන්වා දෙයි. සුභාසිතං යෙව භාසති පුද්ගලයන් උදෙසා කරන දේසනයෙහි සිවු ආකාර වූ වචනයෙන් එක් ආකාරයක් සඳහන් කිරීමයි. නො දුබ්භාසිතං ඒ වචනයට පටහැනි වූ වචන කීමෙන් වැළකීමයි. එයින් කවර විටක හෝ බොරු කිවයුතු නම්, ඒ හැඟීමෙන් වැළකෙයි. නො දුබ්භාසිතං මෙයින් වැරදි වචන (කීම) දුරු කෙරෙයි. සුභාසිතං වැරදි වචනවලින් වැළකී කිවයුතු වචන හඳුනා ගැනීමෙන්, අයහපත් නොකිරීමත්, කුසල් රැස්කර ගැනීමත්, මුලදීම දුසිරිතට අදාල වන වචන නොකිය යුතු බවත් කිවයුතු වචන ගැනත් පැහැදිලි කළහ. ධම්මඤ්ඤෙව යන වචනය ගැන ද එසේය.
එත්ථ ච “සුභාසිතංයෙව භාසති නො දුබ්භාසිත”න්ති ඉමිනා පිසුණදොසරහිතං සමග්ගකරණවචනං වුත්තං, “ධම්මංයෙව භාසති නො අධම්ම”න්ති ඉමිනා සම්ඵදොසරහිතං ධම්මතො අනපෙතං මන්තාවචනං වුත්තං, ඉතරෙහි ද්වීහි ඵරුසාලිකරහිතානි පියසච්චවචනානි වුත්තානි. ඉමෙහි ඛොතිආදිනා පන තානි අඞ්ගානි පච්චක්ඛතො දස්සෙන්තො තං වාචං නිගමෙති. විසෙසතො චෙත්ථ “ඉමෙහි ඛො, භික්ඛවෙ , චතූහි අඞ්ගෙහි සමන්නාගතා වාචා සුභාසිතා හොතී”ති භණන්තො යදඤ්ඤෙ පටිඤ්ඤාදීහි අවයවෙහි නාමාදීහි පදෙහි ලිඞ්ගවචනවිභත්තිකාලකාරකාදීහි සම්පත්තීහි ච සමන්නාගතං වාචං “සුභාසිත”න්ති මඤ්ඤන්ති, තං ධම්මතො පටිසෙධෙති. අවයවාදිසම්පන්නාපි හි පෙසුඤ්ඤාදිසමන්නාගතා වාචා දුබ්භාසිතාව හොති අත්තනො පරෙසඤ්ච අනත්ථාවහත්තා. ඉමෙහි පන චතූහි අඞ්ගෙහි සමන්නාගතා සචෙපි මිලක්ඛුභාසාපරියාපන්නා ඝටචෙටිකාගීතිකපරියාපන්නා වා හොති, තථාපි සුභාසිතා එව ලොකියලොකුත්තරහිතසුඛාවහත්තා. සීහළදීපෙ මග්ගපස්සෙ සස්සං රක්ඛන්තියා සීහළචෙටිකාය සීහළකෙනෙව ජාතිජරාමරණපටිසංයුත්තං ගීතං ගායන්තියා සුත්වා මග්ගං ගච්ඡන්තා සට්ඨිමත්තා විපස්සකභික්ඛූ චෙත්ථ අරහත්තං පත්තා නිදස්සනං. තථා තිස්සො නාම ආරද්ධවිපස්සකො භික්ඛු පදුමසරසමීපෙන ගච්ඡන්තො පදුමසරෙ පදුමානි භඤ්ජිත්වා භඤ්ජිත්වා –
සුභාසිතං යෙව භාසති, නො දුබ්භාසිතං මෙයින් කේලාම් වැනි වැරදි වචන කීම අත්හැර, සමඟියට හේතු වන වචන පිළිබඳව කියන ලදී. ධම්මං යෙව භාසති නො අධම්මං මෙයින් පලක් නැති, හරයක් නැති වචන කීමෙන් තොරව, හොඳයැයි පිළිගත් වචන කීම පිළිබඳව කියා ඇත. නපුරු බවින් හා මුසාවෙන් තොර වූ අනෙක් දෙආකාර වචන (කොටස) පියසච්ච යනුවෙන් අදහස් වේ. ඉමෙහි ඛො මේ ලෙසින් එබඳු ගුණයෙන් යුතු වචන, නුවණින් විමසා බලා පවසයි. ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි අංගෙහි සමන්නාගතා වාචා සුභාසිතා හොති මෙහි වෙසෙසින් දැක්විය යුතු වන්නේ වචන කතාකරන විට, එය කියන ආකාරයෙන්ද, ලිඟු, විබත්, කාලය හා යෙදෙන සැටියෙන්ද වචනයෙහි යහපත් බව හැඟී යාමයි. ඒ යහපත් ගතියෙන් (වචනයේ) අයහපත් බව වැළකෙයි. වචනයෙහි ඒ ඒ කොටස් (ආකාරය) අනුව කේළාම් සොබාවයෙන් යුතු වචනද නරකය. එය තමන්ටත්, අනුන්ටත් අයහපතම ගෙන දෙයි. මේ කොටස් හතරට ගැනෙන (යහපත්) වචන වේ නම්, හැදියාවක් නොවූ බස්වහරකට (මිලක්ඛභාසා) හුරු දිය පිරුණු කලයක් ගෙන ගිය කෙල්ලක ගැයූ ගීතයක් වුවත් යහපත් වචන වේමය. හෙළ දිවයිනෙහි, මාවතක් අසල, කෙතක් රකිමින් සිටි සිහල මෙහෙකාර කෙල්ලක සිහල බසින්ම ගායනා කරන ලද, ඉපදීම, ජරාව හා මරණය ගැන කරුණු ඇතුලත් ගීයක් අසා, මග යමින් සිටි විදසුන් වඩන සඟ සැටනමක් එහිම රහත් බවට පත්වීම නිදසුන්ය. එසේම විදසුන් වැඩීමෙහි උත්සාහවත් වූ තිස්ස නම් හිමිනමක්, නෙළුම් විලක් අසළින් යද්දී නෙළුම් විලෙහි නෙළුම් මල් නෙලමින් සිටි මෙහෙකාර කෙල්ලක ගයන ලද
“පාතො ඵුල්ලං කොකනදං, සූරියාලොකෙන භජ්ජියතෙ; එවං මනුස්සත්තගතා සත්තා, ජරාභිවෙගෙන මද්දීයන්තී”ති. –
‘මනහරව පිපුණු මේ රත් පියුම, හිරු එළියෙන් පීඩාවට පත්කරනු ලබයි. එසේම මිනිස්වගද ජරාවෙන් මඩිනු ලබයි’ යන (අරුත් ඇති) ගීතය.
ඉමං ගීතං ගායන්තියා චෙටිකාය සුත්වා අරහත්තං පත්තො, බුද්ධන්තරෙ ච අඤ්ඤතරො පුරිසො සත්තහි පුත්තෙහි සද්ධිං වනා ආගම්ම අඤ්ඤතරාය ඉත්ථියා මුසලෙන තණ්ඩුලෙ කොට්ටෙන්තියා –
අසා රහත් බව ලැබීය. බුදුවරයකු පිරිනිවීමෙන් පසු නැවත බුදුවරයකු පහලවීමට පෙර කාලයේදී, පුතුන් සත්දෙනා සමග කැලයෙන් ආ එක් මිනිසෙක්, එක්තරා ගැහැණියක මොහොලෙන් සහල් කොටද්දී,
“ජරාය පරිමද්දිතං එතං, මිලාතඡවිචම්මනිස්සිතං; මරණෙන භිජ්ජති එතං, මච්චුස්ස ඝසමාමිසං.
‘දැඩිසේ ජරාවෙන් මඬනා ලද, මැලවුනු සම හා සිවියෙන් යුතු මේ (සිරුර) මාරයාට ගොදුරක්ව මරණයෙන් බිඳේ.’
“කිමීනං ආලයං එතං, නානාකුණපෙන පූරිතං; අසුචිස්ස භාජනං එතං, කදලික්ඛන්ධසමං ඉද”න්ති. –
‘මෙය පණුවන්ට ආකරයකි. නොයෙක් පිළිකුල් දෙයින් පිරුණකි. අපිරිසිදු දුගඳ බඳුනකි. කෙසෙල් කඳක් හා සමානය’ යන අරුත් ඇති,
ඉමං ගීතිකං සුත්වා සහ පුත්තෙහි පච්චෙකබොධිං පත්තො, අඤ්ඤෙ ච ඊදිසෙහි උපායෙහි අරියභූමිං පත්තා නිදස්සනං. අනච්ඡරියං පනෙතං, යං භගවතා ආසයානුසයකුසලෙන “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”තිආදිනා නයෙන වුත්තා ගාථායො සුත්වා පඤ්චසතා භික්ඛූ අරහත්තං පාපුණිංසු, අඤ්ඤෙ ච ඛන්ධායතනාදිපටිසංයුත්තා කථා සුත්වා අනෙකෙ දෙවමනුස්සාති. එවං ඉමෙහි චතූහි අඞ්ගෙහි සමන්නාගතා වාචා සචෙපි මිලක්ඛුභාසාපරියාපන්නා, ඝටචෙටිකාගීතිකපරියාපන්නා වා හොති, තථාපි “සුභාසිතා”ති වෙදිතබ්බා. සුභාසිතත්තා එව ච අනවජ්ජා ච අනනුවජ්ජා ච විඤ්ඤූනං අත්ථත්ථිකානං කුලපුත්තානං අත්ථපටිසරණානං, නො බ්යඤ්ජනපටිසරණානන්ති.
මෙම ගීතිකාව අසා සියල්ලෝම පසේ බුදු බවට පත්වූහ. මෙබඳු අයුරින් වෙනත් තැනැත්තන්ද එවන් උතුම් තැනකට පැමිණීම නිදසුන්ය. ‘හේතුවක් ඇතිව සකස් වූ සියළුම දේවල නිති පැවැත්මක් නැතැයි ‘සබ්බෙ සංඛාරා අනිච්චා’ - භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ඒ තැනැත්තන්ගේ හිත් හසර දැන වදාරන ලද ගාථා අසා පන්සියයක් මහණුන් රහත් බවට පත්වීම පුදුමයක් නොවේ. නොයෙක් දෙවි මිනිසුන් ද (රූප වේදනා) ආදී සමූහ කොටස් ගැන හා (ඇස, කණ) ආයතන පිළිබඳ වූ වෙනත් දේසනා අසා රහත් බවට පත්වීම ද (සැළකිය යුතුය.) මෙසේ මේ කොටස් සතරකින් යුතු වචන, හැදියාවකට පත් නොවූ බසක හෝ දිය කළ ගෙනයන මෙහෙකාර කෙල්ලකගේ ගීතයක් වුව හෝ යහපත් යැයි දතයුතුය. යහපත් බැවින් එය වැරදි රහිතය. එහි වැටහීමක් පතන නැණවත් කුලපුතුනට අරුතම උපකාරි වේ. අකුරු යෙදුන හැටි පිළිසරණ නොවේ.
ඉදමවොච භගවාති ඉදං සුභාසිතලක්ඛණං භගවා අවොච. ඉදං වත්වාන සුගතො, අථාපරං එතදවොච සත්ථාති ඉදඤ්ච ලක්ඛණං වත්වා අථ අඤ්ඤම්පි එතං අවොච සත්ථා. ඉදානි වත්තබ්බගාථං දස්සෙත්වා සබ්බමෙතං සඞ්ගීතිකාරකා ආහංසු. තත්ථ අපරන්ති ගාථාබන්ධවචනං සන්ධාය වුච්චති. තං දුවිධං හොති – පච්ඡා ආගතපරිසං අස්සවනසුස්සවනආධාරණදළ්හීකරණාදීනි වා සන්ධාය තදත්ථදීපකමෙව ච. පුබ්බෙ කෙනචි කාරණෙන පරිහාපිතස්ස අත්ථස්ස දීපනෙන අත්ථවිසෙසදීපකඤ්ච “පුරිසස්ස හි ජාතස්ස, කුඨාරී ජායතෙ මුඛෙ”තිආදීසු (සු· නි· 662) විය. ඉධ පන තදත්ථදීපකමෙව.
ඉදමවොච භගවා මේ යහපත් කරුණු භාග්‍යවතුන් වහන්සේ වදාළහ. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා මේ කරුණු කියා තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද කීහ. දැන් ඒ සඳහා කිවයුතු ගාථා දක්වමින්, ඒ ගාථා සියල්ලම සංගායනාවට සහභාගි වූ හිමිවරු කීහ. එහි අපරං යනු ගාථාව සකස්වන වචන සබඳතාව (ගොඩනැගීම) සඳහා කියනු ලැබේ. එය දෙආකාර වෙයි. පසුව පැමිණි පිරිසට ඇසීමට නොලද කරුණු දැනගැනීමට ඉඩ සලසමින්, එය තහවුරු වන පරිදි, අරුත් පැහැදිලි වන සැටි එයින් අදහස් වේ. කලින් කිසියම් කරුණක අරුත පැහැදිලි කිරීමේදී (අසන්නාට) අඩුලුහුඬුතාවක් සිදුවීනම්, එය වඩාත් පැහැදිලි වීම (දෙවැනි හේතුවයි.) ‘උපන් මිනිසාගේ මුවෙහි කෙටේරියක් ද හටගනී’ –- ‘පුරිසස්ස හි ජාතස්ස කුඨාරී ජායතෙ මුබෙ’ වැනි සඳහන් මෙනි මෙහි ද ඒ අරුත් දැක්වීම පිණිස වේ.
තත්ථ සන්තොති බුද්ධාදයො. තෙ හි සුභාසිතං “උත්තමං සෙට්ඨ”න්ති වණ්ණයන්ති. දුතියං තතියං චතුත්ථන්ති ඉදං පන පුබ්බෙ නිද්දිට්ඨක්කමං උපාදාය වුත්තං. ගාථාපරියොසානෙ පන වඞ්ගීසත්ථෙරො භගවතො සුභාසිතෙ පසීදි.
සන්තො බුදුවරු ආදී උතුමන්, උන්වහන්සේලාගේ යහපත් වචන, කියමන් උතුම් යැයි. උසස් යැයි අගය කරනු ලබයි. දුතියං තතියං චතුත්ථං මෙය කලින් සඳහන් කරන ලද පිළිවෙල සඳහා කියන ලදී. ගාථා අවසානයෙහි වංගීස හිමි භාග්‍යවතුන් වහන්සේ වදාළ යහපත් වචනයෙහි පැහැදුනේය.
සො යං පසන්නාකාරං අකාසි, යඤ්ච වචනං භගවා අභාසි, තං දස්සෙන්තා සඞ්ගීතිකාරකා “අථ ඛො ආයස්මා”තිආදිමාහංසු. තත්ථ පටිභාති මන්ති මම භාගො පකාසති . පටිභාතු තන්ති තව භාගො පකාසතු. සාරුප්පාහීති අනුච්ඡවිකාහි. අභිත්ථවීති පසංසි.
වංගීස හිමි භාග්‍යවතුන් වහන්සේගේ වචනයට පැහැදුණු බව පෙන්වා දෙමින් අථඛො ආයස්මා යැයි සංගායනාවට සහභාගි වූ හිමිවරු පැවසූහ. පටිභාති මං මට කිසියම් අදහසක් පැවසීමට ඇත. පටිභාතු තං ඔබගේ අදහස පවසන්න. සාරුප්පාහි සුදුසු අයුරින්, අභිත්ථවි පැසසුම් කළේය.
න තාපයෙති විප්පටිසාරෙන න තාපෙය්ය. න විහිංසෙය්යාති අඤ්ඤමඤ්ඤං භින්දන්තො න බාධෙය්ය. සා වෙ වාචාති සා වාචා එකංසෙනෙව සුභාසිතා. එත්තාවතා අපිසුණවාචාය භගවන්තං ථොමෙති.
න තාපයෙ විපිළිසරව, තැවීමට, දුකට පත් නොවන්නේය. න විහිංසෙය්ය එකිනෙකා බිඳවීමෙන් වැළකෙන්නේය. සා වෙ වාචා එබඳු වචනය ඒකාන්තයෙන් යහපත්ය. මෙපමණකින් කේළාම් නොකීම මතුකරමින් භාග්‍යවතුන් වහන්සේට තුතිපැසසුම් කළේය.
පටිනන්දිතාති හට්ඨෙන හදයෙන පටිමුඛං ගන්ත්වා නන්දිතා සම්පියායිතා. යං අනාදාය පාපානි, පරෙසං භාසතෙ පියන්ති යං වාචං භාසන්තො පරෙසං පාපානි අප්පියානි පටික්කූලානි ඵරුසවචනානි අනාදාය අත්ථබ්යඤ්ජනමධුරං පියමෙව වචනං භාසති, තං පියවාචමෙව භාසෙය්යාති වුත්තං හොති. ඉමාය ගාථාය පියවචනෙන භගවන්තං අභිත්ථවි.
පති නන්දිතා සතුටු හදවතින් ඉදිරියට ගොස්, කැමති ලෙසින් සතුටට පත්කරන ලද්දේය. යං අනාදාය පාපානි පරෙසං භාසතෙ පියං යම් වචනයක් කියන්නේ නම්, එය අනුන්ට අයහපත වන. අකැමති වන, පිළිකුල දනවන, නපුරු ලෙසට නොව, අරුත් පිරි, මිහිරිව, කැමතිවන පරිදිම කියයි. පියවාචමෙව භාසෙය්ය යැයි එය සඳහන් කරන ලදී. මේ ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේට පිය වදනින් තුති පැසසුම් කළේය.
අමතාති අමතසදිසා සාදුභාවෙන. වුත්තම්පි චෙතං “සච්චං හවෙ සාදුතරං රසාන”න්ති (සං· නි· 1.73; සු· නි· 184). නිබ්බානාමතපච්චයත්තා වා අමතා. එස ධම්මො සනන්තනොති යායං සච්චවාචා නාම, එස පොරාණො ධම්මො චරියා පවෙණී, ඉදමෙව හි පොරාණානං ආචිණ්ණං, න තෙ අලිකං භාසිංසු. තෙනෙවාහ – “සච්චෙ අත්ථෙ ච ධම්මෙ ච, අහු සන්තො පතිට්ඨිතා”ති. තත්ථ සච්චෙ පතිට්ඨිතත්තා එව අත්තනො ච පරෙසඤ්ච අත්ථෙ පතිට්ඨිතා. අත්ථෙ පතිට්ඨිතත්තා එව ච ධම්මෙ පතිට්ඨිතා හොන්තීති වෙදිතබ්බා. පරං වා ද්වයං සච්චවිසෙසනමිච්චෙව වෙදිතබ්බං. සච්චෙ පතිට්ඨිතා. කීදිසෙ? අත්ථෙ ච ධම්මෙ ච, යං පරෙසං අත්ථතො අනපෙතත්තා අත්ථං අනුපරොධං කරොතීති වුත්තං හොති. සතිපි ච අනුපරොධකරත්තෙ ධම්මතො අනපෙතත්තා ධම්මං, යං ධම්මිකමෙව අත්ථං සාධෙතීති වුත්තං හොති. ඉමාය ගාථාය සච්චවචනෙන භගවන්තං අභිත්ථවි.
අමතා යහපත් බවින් අමා බඳු, ‘රස අතුරෙන් ඇත්ත ඒකාන්තයෙන්ම උසස්ම රසය බව ‘සච්චං භවෙ සාදුතරං රසානං’ කියන ලදී. නිවනට හේතුවන බැවින්ද අමා නම් වේ. එස ධම්මො සනන්තනො ඇත්ත කතාකිරීම ඉපැරණි කලක සිට පැවතෙන සිරිතකි. පෙර සිට පැවතෙන යහපත් හැසිරීමේ ගුණයකි. මෙය පෙර පටන්ම පුරුදු කරන ලද්දකි. ඔව්හූ බොරු බස් නොපැවසූහ. එහෙයින් සච්චෙ අත්ථෙච ධම්මෙච ආහු සන්තො පතිට්ඨිතා යැයි කීය. ඒ අනුව ඇත්ත කතාකරන බැවින්, තමන්ද, අනුන්ද මනා වැටහීමෙහිද පිහිටියහ. වැටහීම ඇති බැවින් පිහිටියාහුයැයි දතයුතුය. අන් තැනැත්තන් ඇත්ත මුල්කොට (පල ලබන අයුරු) මෙසේ දතයුතුය. ඒ කෙබඳුද? වැටහීමෙන් හා යහපත් බවිනි. එයින් අනුන්ට අවහිර නොවේ. සිහියද අවහිර නොවී පවත්නා බැවින්, දැහැමි යහපත් බවද වේ. යහපතම සිදුවේ යැයි කියන ලදී. මේ ගාථාවෙන් ඇත්ත කීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේට තුති කළේය.
ඛෙමන්ති අභයං නිරුපද්දවං. කෙන කාරණෙනාති චෙ? නිබ්බානප්පත්තියා දුක්ඛස්සන්තකිරියාය, යස්මා කිලෙසනිබ්බානං පාපෙති, වට්ටදුක්ඛස්ස ච අන්තකිරියාය සංවත්තතීති අත්ථො. අථ වා යං බුද්ධො නිබ්බානප්පත්තියා දුක්ඛස්සන්තකිරියායාති ද්වින්නං නිබ්බානධාතූනමත්ථාය ඛෙමමග්ගප්පකාසනතො ඛෙමං වාචං භාසති, සා වෙ වාචානමුත්තමාති සා වාචා සබ්බවාචානං සෙට්ඨාති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො. ඉමාය ගාථාය මන්තාවචනෙන භගවන්තං අභිත්ථවන්තො අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසීති අයමෙත්ථ අපුබ්බපදවණ්ණනා. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති.
ඛෙමං බිය නැති, උවදුරු නැති, ඒ කුමක් නිසාද? නිබ්බාණපත්තියා දුක්ඛස්සන්තා කිරියාය යම් ලෙසකින් කෙලෙස් සිඳලන්නේ ද එය සසර දුක නැති කිරිමද වන්නේ යැයි තේරුමයි. යං බුද්ධො නිබ්බාණපත්තියා දුක්ඛස්සන්තකිරියාය නැතහොත් (සොපාදිසෙ - අනුපාදිසෙස) දෙයාකාරව හඳුන්වනු ලබන නිවනෙහි බිය රහිත මග පැවසීමෙන් ඛෙමං යනුවෙන් දක්වයි. සා වෙ වාචානමුත්තමං එම වචනය සියළු වචනවලින් උසස් යැයි මෙසේ ද අරුත දතයුතුය. මේ ගාථාවෙන් ද භාග්‍යවතුන් වහන්සේට හැම ලෙසින්ම තුති කරමින්, අරහත් පලය කුළුගන්වා දේසනය නිම කළේය. මේ කලින් නොදැක්වූ වචනවල විස්තරයි. ඉතිරි වචන ගැන කලින් කියා ඇති පරිදි දතයුතුය.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය සුභාසිතසුත්තවණ්ණනා නිට්ඨිතා.
සුභාසිත සූත්‍ර විස්තරය නිමි.