යෙදුමෙන් කියවන්න

1. පබ‍්බජ‍්ජා සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. පබ‍්බජ‍්ජා සුත‍්තවණ‍්ණනා

1. පබ්බජ්ජා සූත්‍ර වර්ණනාව

පබ‍්බජ‍්ජං කිත‍්තයිස‍්සාමීති පබ‍්බජ‍්ජාසුත‍්තං. කා උප‍්පත‍්ති? භගවති කිර සාවත්‍ථියං විහරන‍්තෙ ආයස‍්මතො ආනන්‍දස‍්ස පරිවිතක‍්කො උදපාදි – “සාරිපුත‍්තාදීනං මහාසාවකානං පබ‍්බජ‍්ජා කිත‍්තිතා, තං භික‍්ඛූ ච උපාසකා ච ජානන‍්ති. භගවතො පන අකිත‍්තිතා, යංනූනාහං කිත‍්තෙය්‍ය”න‍්ති. සො ජෙතවනවිහාරෙ ආසනෙ නිසීදිත්‍වා චිත‍්තබීජනිං ගහෙත්‍වා භික‍්ඛූනං භගවතො පබ‍්බජ‍්ජං කිත‍්තෙන‍්තො ඉමං සුත‍්තමභාසි.

පබ්බජ්ජං කිත්තයිස්සාමි යනු පබ්බජ්ජා සූත්‍රයයි. එම සූත්‍රය දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවසන කල, ‘සැරියුත් ආදී මහරහත් සාවකයන් වහන්සේලාගේ පැවිද්ද අගය කරන ලද බවත්, ඒ තොරතුරු අනෙක් සඟ පිරිස හා උපාසකවරුන්ද දන්නා බවත්, බුදුරජාණන් වහන්සේගේ පැවිදිවීම එසේ අගය කොට වදාරා නැති බවත්, ‘ගරු කටයුතු ආනන්ද හිමියන්ට සිතුණි. එහෙයින් ‘මම එය විස්තරකොට කියන්නෙම් නම් මැනවැ’යි ජේතවන මහා විහාරයෙහි දහම් අසුනෙහි හිඳ විසිතුරු වටාපොත ගෙන, සඟ පිරිසට භාග්‍යවතුන් වහන්සේගේ පැවිදිවීම විස්තර කරමින් මෙම සූත්‍රය කීහ.

තත්‍ථ යස‍්මා පබ‍්බජ‍්ජං කිත‍්තෙන‍්තෙන යථා පබ‍්බජි, තං කිත‍්තෙතබ‍්බං. යථා ච පබ‍්බජි, තං කිත‍්තෙන‍්තෙන යථා වීමංසමානො පබ‍්බජ‍්ජං රොචෙසි, තං කිත‍්තෙතබ‍්බං. තස‍්මා “පබ‍්බජ‍්ජං කිත‍්තයිස‍්සාමී”ති වත්‍වා “යථා පබ‍්බජී”තිආදිමාහ. චක‍්ඛුමාති පඤ‍්චහි චක‍්ඛූහි චක‍්ඛුමා චක‍්ඛුසම‍්පන‍්නොති අත්‍ථො. සෙසමාදිගාථාය උත‍්තානමෙව.

එහිදී පැවිද්ද ගැන කියන්නේ නම්, පැවිදි වූ ආකාරය (මුල සිටම) සඳහන් කළ යුතු වේ. එසේ පැවිදි වූ අයුරු කියන්නා විසින් ඒ පිළිබඳව විමසූ කෙනෙකුට පැහැදිලි වන අයුරින් කිවයුතුය. එහෙයින් ‘පැවිදිවීම ගැන කියන්නෙමි’යි කියා ‘පැවිදි වූ අයුරු’ මුලසිටම කීහ. චක්‍ඛුමා ඇස් පහකින් යුතු, (පසැස් යනුවෙන් තථාගතයන් වහන්සේ අදහස් වේ.) ඉතිරි කරුණු මුල් ගාථා විස්තරයේදී සඳහන්ව ඇත.

ඉදානි “යථා වීමංසමානො”ති තමත්‍ථං පකාසෙන‍්තො ආහ “සම‍්බාධොය”න‍්ති. තත්‍ථ සම‍්බාධොති පුත‍්තදාරාදිසම‍්පීළනෙන කිලෙසසම‍්පීළනෙන ච කුසලකිරියාය ඔකාසරහිතො. රජස‍්සායතනන‍්ති කම‍්බොජාදයො විය අස‍්සාදීනං, රාගාදිරජස‍්ස උප‍්පත‍්තිදෙසො. අබ‍්භොකාසොති වුත‍්තසම‍්බාධපටිපක‍්ඛභාවෙන ආකාසො විය විවටා. ඉති දිස‍්වාන පබ‍්බජීති ඉති ඝරාවාසපබ‍්බජ‍්ජාසු බ්‍යාධිජරාමරණෙහි සුට‍්ඨුතරං චොදියමානහදයො ආදීනවමානිසංසඤ‍්ච වීමංසිත්‍වා, මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා , අනොමානදීතීරෙ ඛග‍්ගෙන කෙසෙ ඡින්‍දිත්‍වා, තාවදෙව ච ද‍්වඞ‍්ගුලමත‍්තසණ‍්ඨිතසමණසාරුප‍්පකෙසමස‍්සු හුත්‍වා ඝටිකාරෙන බ්‍රහ‍්මුනා උපනීතෙ අට‍්ඨ පරික‍්ඛාරෙ ගහෙත්‍වා “එවං නිවාසෙතබ‍්බං පාරුපිතබ‍්බ”න‍්ති කෙනචි අනනුසිට‍්ඨො අනෙකජාතිසහස‍්සපවත‍්තිතෙන අත‍්තනො පබ‍්බජ‍්ජාචිණ‍්ණෙනෙව සික‍්ඛාපියමානො පබ‍්බජි. එකං කාසාවං නිවාසෙත්‍වා එකං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා එකං චීවරං ඛන්‍ධෙ කරිත්‍වා මත‍්තිකාපත‍්තං අංසෙ ආලග‍්ගෙත්‍වා පබ‍්බජිතවෙසං අධිට‍්ඨාසීති වුත‍්තං හොති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

දැන් යථා වීමංසමානො එම කරුණු පවසමින්, සම්බාධොයං ගාථාව කීහ. සම්බාධො අඹුදරුවන් ආදීන්ගෙන් වන දුක්පීඩාවලින් ද, කෙලෙස් පීඩාවලින්ද කුසලමය කටයුතුවලට ඉඩ නොමැති වීමෙන්, රජස්සායතනං අසුන්ට කාම්බෝජ දේසය මෙන් (ගිහි දිවිය) රාගාදී දූවිලිවලට නිජබිමයි. අබ්භො කාසො ඒ කියන ලද අවහිරතාවනට සතුරුවන අයුරින් අහස මෙන් පැතිරුණා වූ, ඉති දිස්වාන පබ්බජි. ගිහිගෙයි විසීමේදී ඇතිවන රෝග, ජරාව, මරණය ආදියෙන් පොළඹවන ලදුව, මෙසේ එහි ගැහැට දැන, පැවිදිවීමෙහි යහපත සළකා, සියළු දෙයම අත්හැර, නික්ම ගොස්, අනොමා ගංතෙරදී කඩුවෙන් කෙස් සිඳ දෑඟුල් පමණ කෙසින් යුතුව, ඝටීකාර බ්‍රහ්මයා පුදන ලද අටපිරිකර පිළිගෙන ‘මෙසේ හැඳිය යුතුය. මෙසේ පෙරවිය යුතුයැ’යි කිසිවෙකුගෙන් උපදෙසක් නොමැතිව, සිය දහස් වර උපන් නොයෙක් ජීවිත පැවතුමෙන් හික්මවන ලද පැවිදි බවට නතු වූ සිතින්ම පැවිදි වූයේය. එක් කසාවතක් හැඳ, එකක් උතුරු සළුවක් සේ සිවුරක් කොට උඩුකය වසා, මැටි පාත්‍රයක් උරහිසෙහි එල්ලාගෙන, පැවිදි වෙස් දැරීමට අදිටන් කළේ යැයි කියන ලදී. ඉතිරි කරුණු පැහැදිලිය.

එවං භගවතො පබ‍්බජ‍්ජං කිත‍්තෙත්‍වා තතො පරං පබ‍්බජිතපටිපත‍්තිං අනොමානදීතීරං හිත්‍වා පධානාය ගමනඤ‍්ච පකාසෙතුං “පබ‍්බජිත්‍වාන කායෙනා”තිආදිං සබ‍්බමභාසි. තත්‍ථ කායෙන පාපකම‍්මං විවජ‍්ජයීති තිවිධං කායදුච‍්චරිතං වජ‍්ජෙසි. වචීදුච‍්චරිතන‍්ති චතුබ‍්බිධං වචීදුච‍්චරිතං. ආජීවං පරිසොධයීති මිච‍්ඡාජීවං හිත්‍වා සම‍්මාජීවමෙව පවත‍්තයි.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ පැවිදිවීම ගැන කියා, ඊට පසු පැවිදි පිළිවෙතද, අනෝමා නදී තෙර සිට කෙලෙසුන් නැතිකිරිමේ උත්සාහවත් ගමනද දැක්වීමට පබ්බජිත්‍වාන කායෙන ආදී ලෙසින් සියළු විස්තර කීහ. එහි කායෙන පාපං කම්මං විවජ්ජයී කයෙන් කෙරෙන තුන් ආකාර දුසිරිත් හැර දැමීය. වචී දුච්චරිතං සතරාකාර වූ වචනයෙන් වන වැරදිය. ආජීවං පරිසොධයී වැරදි දිවිමග අත්හැර, නිවැරදි දිවිමග අනුගමනය කළේය.

එවං ආජීවට‍්ඨමකසීලං සොධෙත්‍වා අනොමානදීතීරතො තිංසයොජනප‍්පමාණං සත‍්තාහෙන අගමා රාජගහං බුද‍්ධො. තත්‍ථ කිඤ‍්චාපි යදා රාජගහං අගමාසි, තදා බුද‍්ධො න හොති, තථාපි බුද‍්ධස‍්ස පුබ‍්බචරියාති කත්‍වා එවං වත‍්තුං ලබ‍්භති – “ඉධ රාජා ජාතො, ඉධ රජ‍්ජං අග‍්ගහෙසී”තිආදි ලොකියවොහාරවචනං විය. මගධානන‍්ති මගධානං ජනපදස‍්ස නගරන‍්ති වුත‍්තං හොති. ගිරිබ‍්බජන‍්ති ඉදම‍්පි තස‍්ස නාමං. තඤ‍්හි පණ‍්ඩවගිජ‍්ඣකූටවෙභාරඉසිගිලිවෙපුල‍්ලනාමකානං පඤ‍්චන‍්නං ගිරීනං මජ‍්ඣෙ වජො විය ඨිතං, තස‍්මා “ගිරිබ‍්බජ”න‍්ති වුච‍්චති. පිණ‍්ඩාය අභිහාරෙසීති භික‍්ඛත්‍ථාය තස‍්මිං නගරෙ චරි.

මෙසේ ආජීව අට්ඨමක සීලයෙන් පිරිසිදුව, අනෝමා ගංතෙර සිට තිස්යොදුන් මග සත්දිනකින් ගෙවා, අගමා රාජගහං බුද්ධො රජගහනුවරට එසේ ගියද බුදුබව ලබා නැත. එහෙත් බුදුවරයකුගේ මුල් ජීවිත රටාවට අදාල කොට එසේ කීම නිවැරදිය. මෙහි රජෙක් උපන්නේය. මෙහි රජකම ගත්තේය’ යනුවෙන් පොදු කතාබහ අනුව යොදන වචන මෙනි. මගධානං මගධ ජනපදයට, නගරයට යයි ද කියන ලදී. ගිරිබ්බජං මෙය ද එයට නමකි. එය පණ්ඩව, ගිජිකුළු, වෙභාර, ඉසිගිලි, වෙපුල්ල නම් පර්වත පහක් මැද කොටුවක් මෙන් පිහිටි බැවින් ගිරිබ්බජ යැයි කියනු ලබයි. පිණ්ඩාය අභිහාරෙසි ආහාර පිණිස ඒ නගරයෙහි හැසිරුණේය.

සො කිර නගරද‍්වාරෙ ඨත්‍වා චින‍්තෙසි – “සචාහං රඤ‍්ඤො බිම‍්බිසාරස‍්ස අත‍්තනො ආගමනං නිවෙදෙය්‍යං, ‘සුද‍්ධොදනස‍්ස පුත‍්තො සිද‍්ධත්‍ථො නාම කුමාරො ආගතො’ති බහුම‍්පි මෙ පච‍්චයං අභිහරෙය්‍ය. න ඛො පන මෙ තං පතිරූපං පබ‍්බජිතස‍්ස ආරොචෙත්‍වා පච‍්චයගහණං, හන්‍දාහං පිණ‍්ඩාය චරාමී”ති දෙවදත‍්තියං පංසුකූලචීවරං පාරුපිත්‍වා මත‍්තිකාපත‍්තං ගහෙත්‍වා පාචීනද‍්වාරෙන නගරං පවිසිත්‍වා අනුඝරං පිණ‍්ඩාය අචරි. තෙනාහ ආයස‍්මා ආනන්‍දො – “පිණ‍්ඩාය අභිහාරෙසී”ති. ආකිණ‍්ණවරලක‍්ඛණොති සරීරෙ ආකිරිත්‍වා විය ඨපිතවරලක‍්ඛණො විපුලවරලක‍්ඛණො වා. විපුලම‍්පි හි “ආකිණ‍්ණ”න‍්ති වුච‍්චති. යථාහ – “ආකිණ‍්ණලුද‍්දො පුරිසො, ධාතිචෙලංව මක‍්ඛිතො”ති (ජා· 1.6.118; 1.9.106). විපුලලුද‍්දොති අත්‍ථො.

බිම්බිසාර රජුට තම පැමිණීම දන්වන්නේ නම්, සුද්ධොදන රජු පුතු සිද්ධත්‍ථ කුමරු පැමිණ ඇතැයි, මට බොහෝ පුද පඬුරු පිරිනමන්නේය. දන්වා සිවුපසය ලබාගැනීම පැවිද්දෙකුට සුදුසු නොවේ. පිඬු පිණිස හැසිරෙමි’යි එතුමා නගර දොරටුවෙහි සිට සිතුවේය. එහිදී දෙවියන් දෙන ලද පංසුකූල සිවුර පොරවා, මැටි පාත්‍රය ගෙන, බටහිර දොරටුවෙන් නගරයට පිවිස, ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිරුණේය. එහෙයින් ගරු කටයුතු ආනන්ද හිමියෝ, පිණ්ඩාය අභිහාරෙසි යැයි කීහ. ආකිණ්ණවරලක්‍ඛණො සිරුරෙහි විසිරුණාක් මෙන් පිහිටියා වූ උතුම් ලකුණුවලින් හෙබි, බොහෝසෙයින් පැතිරුනු ලකුණින් ගැවසුණු, ‘නපුරුකමින් පිරුණු මිනිසා මෙන් ද - අපිරිසිදු දේ තැවරුණු කිරිමවකගේ හැඳිවතක් මෙන් ද, ‘ආකිණ්ණලුද්දො පුරිසො ධාතිචෙලංව මක්‍ඛිතො’ කියා ඇති අයුරිනි. බොහෝ නපුරු, දරුණු යන අදහසයි.

තමද‍්දසාති තතො කිර පුරිමානි සත‍්ත දිවසානි නගරෙ නක‍්ඛත‍්තං ඝොසිතං අහොසි. තං දිවසං පන “නක‍්ඛත‍්තං වීතිවත‍්තං, කම‍්මන‍්තා පයොජෙතබ‍්බා”ති භෙරි චරි. අථ මහාජනො රාජඞ‍්ගණෙ සන‍්නිපති. රාජාපි “කම‍්මන‍්තං සංවිදහිස‍්සාමී”ති සීහපඤ‍්ජරං විවරිත්‍වා බලකායං පස‍්සන‍්තො තං පිණ‍්ඩාය අභිහාරෙන‍්තං මහාසත‍්තං අද‍්දස. තෙනාහ ආයස‍්මා ආනන්‍දො – “තමද‍්දසා බිම‍්බිසාරො, පාසාදස‍්මිං පතිට‍්ඨිතො”ති. ඉමමත්‍ථං අභාසථාති ඉමං අත්‍ථං අමච‍්චානං අභාසි.

තමද්දසා ඊට සත්දිනකට පෙර නගරයෙහි නැකත් කෙළි උළෙල නිවේදනය කරන ලදී. මෙදින නැකැත් නැකැත් උළෙල අවසන් වී, අදාල කටයුතු (නැවත) ඇරඹීමට අණබෙර යැවීය. එවිට මහජනයා රජමිදුලට රැස්වෙයි. රජුද ‘කටයුතු සංවිධානය කරන්නෙමි’යි සී මැදුරු කවුළුව විවරකොට බලකාය දෙස බලද්දී, පිඬුසිගා ඉදිරියට යන ඒ මහබෝසත් දුටුවේය. එහෙයින් ගරුකටයුතු ආනන්ද හිමියෝ තමද්දසා බිම්බිසාරො පසාදස්මිං පතිට්ඨිතො යැයි ද ඉමමත්‍ථං අභාසථ මේ අදහස (රජු විසින්) ඇමතිවරුන්ට පවසන ලදැයිද (ගාථාවෙන් සඟ පිරිසට) දැන්වූහ.

ඉදානි තං තෙසං අමච‍්චානං භාසිතමත්‍ථං දස‍්සෙන‍්තො ආහ – “ඉමං භොන‍්තො”ති. තත්‍ථ ඉමන‍්ති සො රාජා බොධිසත‍්තං දස‍්සෙති, භොන‍්තොති අමච‍්චෙ ආලපති. නිසාමෙථාති පස‍්සථ. අභිරූපොති දස‍්සනීයඞ‍්ගපච‍්චඞ‍්ගො. බ්‍රහ‍්මාති ආරොහපරිණාහසම‍්පන‍්නො. සුචීති පරිසුද‍්ධඡවිවණ‍්ණො. චරණෙනාති ගමනෙන.

මීළඟට රජු ඇමතිවරුන්ට කී අයුරු ඉමං භොන්තො යන ගාථාවෙන් පැහැදිළි කළහ. එහි ඉමං යනුවෙන් ඒ රජු බෝසතුන් පෙන්වයි. භොන්තො යැයි ඇමතියන් අමතයි. නිසාමෙථ බලවු, අභිරූපො දැකුම්කළු අඟපසඟ බ්‍රහා උසට සරිලන මහතින් යුතු, සුචී සම පිරිසිදු පැහැපත්, චරණෙන ගමනින්,

නීචකුලාමිවාති නීචකුලා ඉව පබ‍්බජිතො න හොතීති අත්‍ථො. මකාරො පදසන්‍ධිකරො. කුහිං භික‍්ඛු ගමිස‍්සතීති අයං භික‍්ඛු කුහිං ගමිස‍්සති, අජ‍්ජ කත්‍ථ වසිස‍්සතීති ජානිතුං රාජදූතා සීඝං ගච‍්ඡන‍්තු. දස‍්සනකාමා හි මයං අස‍්සාති ඉමිනා අධිප‍්පායෙන ආහ. ගුත‍්තද‍්වාරො ඔක‍්ඛිත‍්තචක‍්ඛුතාය, සුසංවුතො සතියා. ගුත‍්තද‍්වාරො වා සතියා, සුසංවුතො පාසාදිකෙන සඞ‍්ඝාටිචීවරධාරණෙන.

නීචකුලාමිව පහත් යැයි සම්මත කුලයකින් පැවිදි වූවකු නොවේ යන තේරුමයි. ‘ම’ අකුර වචන සන්‍ධි කිරීමට යොදා ඇත. කුහිං භික්‍ඛූ ගමිස්සතී මේ මහණ කොහි යන්නේද? අද කොතැන වාසය කරයිද? එය දැනගැනීමට රාජදූතා ඉක්මනින් යත්වා! ‘අපි (එතුමා) දැකීමට කැමැත්තෙමු’ යයි මේ අදහසින් එසේ කියයි. ගුත්තද්වාරො බිමට හෙලන ලද ඇස් ඇතිව (වටපිට නොබලමින්) සුසංවුතො සිහියෙන්, ගුත්තද්වාරො ඒ පිළිබඳ සිහි නුවණින්, සුසංවුතො සඟල සිවුරු දැරීමෙන් පහවනසුළු වූ,

ඛිප‍්පං පත‍්තං අපූරෙසීති සම‍්පජානත‍්තා පතිස‍්සතත‍්තා ච අධිකං අගණ‍්හන‍්තො “අලං එත‍්තාවතා”ති අජ‍්ඣාසයපූරණෙන ඛිප‍්පං පත‍්තං අපූරෙසි. මුනීති මොනත්‍ථාය පටිපන‍්නත‍්තා අප‍්පත‍්තමුනිභාවොපි මුනිඉච‍්චෙව වුත‍්තො, ලොකවොහාරෙන වා. ලොකියා හි අමොනසම‍්පත‍්තම‍්පි පබ‍්බජිතං “මුනී”ති භණන‍්ති. පණ‍්ඩවං අභිහාරෙසීති තං පබ‍්බතං අභිරුහි. සො කිර මනුස‍්සෙ පුච‍්ඡි “ඉමස‍්මිං නගරෙ පබ‍්බජිතා කත්‍ථ වසන‍්තී”ති. අථස‍්ස තෙ “පණ‍්ඩවස‍්ස උපරි පුරත්‍ථාභිමුඛපබ‍්භාරෙ”ති ආරොචෙසුං. තස‍්මා තමෙව පණ‍්ඩවං අභිහාරෙසි “එත්‍ථ වාසො භවිස‍්සතී”ති එවං චින‍්තෙත්‍වා.

ඛිප්පං පත්තං අපූරෙසි බොහෝ සෙයින් නොගෙන, මෙපමණක් සෑහේ යැයි සම්පජාන දන්නා බැවින්, ඒ අදහස ඇතිව පතිස්සත වහා පාත්‍රය පුරවා ගත්තේය. මුනි රහතන් වහන්සේගේ පිළිවෙත අනුගමනය කරන බැවින්, දැනට ඒ තැනට නොපැමිණියද මුනිවරයා ලෙසම කියන ලදී. පොදු වහරේදී, ලෝකයා විසින් රහත් බවට පත් නොවූ මහණකට වුවද ‘මුනි’ යයි කියනු ලබයි. පණ්ඩවං අභිහාරෙසි පණ්ඩව නම් ඒ පව්වට නැංගේය. ‘මේ නගරයෙහි, පැවිද්දන් නම් කොහි වසත්දැ’යි (සිදුහත්) බෝසත් මිනිසුන්ගෙන් ඇසීය. එවිට ඔව්හු පාණ්ඩව පව්ව මත්තෙහි නැගෙනහිර දෙසට ඉදිරියෙන් පිහිටි පව්ව ගැන සැළකළහ. එහෙයින් ඒ පණ්ඩව පව්ව ඉදිරියට ගමන් කළේය. එත්‍ථ වාසො භවිස්සති මෙසේ සිතා,

බ්‍යග‍්ඝුසභොව සීහොව ගිරිගබ‍්භරෙති ගිරිගුහායං බ්‍යග‍්ඝො විය උසභො විය සීහො විය ච නිසින‍්නොති අත්‍ථො. එතෙ හි තයො සෙට‍්ඨා විගතභයභෙරවා ගිරිගබ‍්භරෙ නිසීදන‍්ති, තස‍්මා එවං උපමං අකාසි. භද‍්දයානෙනාති හත්‍ථිඅස‍්සරථසිවිකාදිනා උත‍්තමයානෙන. සයානභූමිං යායිත්‍වාති යාවතිකා භූමි හත්‍ථිඅස‍්සාදිනා යානෙන සක‍්කා ගන‍්තුං, තං ගන‍්ත්‍වා. ආසජ‍්ජාති පත්‍වා, සමීපමස‍්ස ගන‍්ත්‍වාති අත්‍ථො. උපාවිසීති නිසීදි. යුවාති යොබ‍්බනසම‍්පන‍්නො. දහරොති ජාතියා තරුණො. පඨමුප‍්පත‍්තිකො සුසූති තදුභයවිසෙසනමෙව. යුවා සුසූති අතියොබ‍්බනො. පඨමුප‍්පත‍්තිකොති පඨමෙනෙව යොබ‍්බනවෙසෙන උට‍්ඨිතො. දහරො චාසීති සති ච දහරත‍්තෙ සුසු බාලකො විය ඛායසීති.

ව්‍යග්ඝුසභොව සීහොව ගිරිගබ්භරෙ ගල් ගුහාවෙහි ව්‍යාඝ්‍රයකු මෙන් ද ගව රැළක නායක ගවයෙකු මෙන් ද සිංහයකු මෙන් ද නිසින්නො (හිඳමින්) යන තේරුමයි. මේ බලවත් සිවුපාවෝ තිදෙනාම ගල්ගුහාවෙහි නිබයව, බිය අරමුණු නොගෙන හිඳිති. එහෙයින් මෙසේ උපමා කළේය. භද්දයානෙන ඇත්, අස්, රිය, දෝලා ආදී වටිනා රියකින්, ස යානභූමිං යායිත්‍වා ඇතුන්, අසුන් යෙදූ එබඳු රියකින් බිමින් යා හැකි තරම් දුර ගොස්, ආසජ්ජ පැමිණ, සමීපයට ගොස් යන තේරුමයි. උපාවිසි හුන්නේය. යුවා යොවුන් බවට පත්, දහරො තරුණ වූ, පඨමුප්පතිතො සුසු මේ වචන දෙකම වෙසෙස් ගුණ දක්වන පදය. යුවා සුසු ඉතා තරුණ පඨමුප්පතිතො මුලසිටම තරුණ වියේ මෙන් පෙනුමෙන් යුතු, දහරොචාසි තරුණ බව ඇතත්, බාලවියේ කෙනෙකු මෙන් වැටහිණ.

අනීකග‍්ගන‍්ති බලකායං සෙනාමුඛං. දදාමි භොගෙ භුඤ‍්ජස‍්සූති එත්‍ථ “අහං තෙ අඞ‍්ගමගධෙසු යාවිච‍්ඡසි, තාව දදාමි භොගෙ. තං ත්‍වං සොභයන‍්තො අනීකග‍්ගං නාගසඞ‍්ඝපුරක‍්ඛතො භුඤ‍්ජස‍්සූ”ති එවං සම‍්බන්‍ධො වෙදිතබ‍්බො.

අණිකග්ගං බලසෙනග, සේනාව පෙරටුව, දදාමි භොගෙ භුඤ්ජස්සු මෙහිදී මම අගුමගධ ජනපදවලින් කැමති දෙයක් ඒ සම්පත් පරිහරණය පිණිස ඔබට දෙමි. එය ඔබ සොභයන්තො (පිළිගෙන) බලසේනා ඉදිරියට මෙහෙයවමින් ඒ සම්පත් පරිහරණය කරනු මැනවැයි මෙසේ සම්බන්ධය දතයුතුය.

උජුං ජනපදො රාජාති “දදාමි භොගෙ භුඤ‍්ජස‍්සු, ජාතිං අක‍්ඛාහි පුච‍්ඡිතො”ති එවං කිර වුත‍්තො මහාපුරිසො චින‍්තෙසි – “සචෙ අහං රජ‍්ජෙන අත්‍ථිකො අස‍්සං, චාතුමහාරාජිකාදයොපි මං අත‍්තනො අත‍්තනො රජ‍්ජෙන නිමන‍්තෙය්‍යුං, ගෙහෙ ඨිතො එව වා චක‍්කවත‍්තිරජ‍්ජං කාරෙය්‍යං. අයං පන රාජා අජානන‍්තො එවමාහ – ‘හන්‍දාහං, තං ජානාපෙමී’”ති බාහං උච‍්චාරෙත්‍වා අත‍්තනො ආගතදිසාභාගං නිද‍්දිසන‍්තො “උජුං ජනපදො රාජා”තිආදිමාහ. තත්‍ථ හිමවන‍්තස‍්ස පස‍්සතොති භණන‍්තො සස‍්සසම‍්පත‍්තිවෙකල‍්ලාභාවං දස‍්සෙති. හිමවන‍්තඤ‍්හි නිස‍්සාය පාසාණවිවරසම‍්භවා මහාසාලාපි පඤ‍්චහි වුද‍්ධීහි වඩ‍්ඪන‍්ති, කිමඞ‍්ගං පන ඛෙත‍්තෙ වුත‍්තානි සස‍්සානි. ධනවීරියෙන සම‍්පන‍්නොති භණන‍්තො සත‍්තහි රතනෙහි අවෙකල‍්ලත‍්තං, පරරාජූහි අතක‍්කනීයං වීරපුරිසාධිට‍්ඨිතභාවඤ‍්චස‍්ස දස‍්සෙති. කොසලෙසු නිකෙතිනොති භණන‍්තො නවකරාජභාවං පටික‍්ඛිපති. නවකරාජා හි නිකෙතීති න වුච‍්චති. යස‍්ස පන ආදිකාලතො පභුති අන්‍වයවසෙන සො එව ජනපදො නිවාසො, සො නිකෙතීති වුච‍්චති. තථාරූපො ච රාජා සුද‍්ධොදනො, යං සන්‍ධායාහ “කොසලෙසු නිකෙතිනො”ති. තෙන අන්‍වයාගතම‍්පි භොගසම‍්පත‍්තිං දීපෙති.

උජු ජනපදො රාජා ‘සම්පත් දෙමි, ඒවා පරිහරණය කරව, විමසන ලදින්, ජාතිය ද කියව’යි කී කල බෝසත් මෙසේ සිතුවේය. ‘මම රජකම කැමති වන්නෙම් නම්, චාතුම්මහාරාජික ආදියෙන් පවා මට තම තමන්ගෙ රජය බාරගැනීමට ආරාධනා කරනු ඇති. ගිහිගෙයි සිටියෙම් නම්, සක්විති රජ වන්නෙමි. මේ රජු නොදන්නා නිසා මෙසේ කියයි. එහෙයින් ඔහුට දැනගැනීමට සලස්වමි’යි තමන් පැමිණි පෙදෙස අත ඔසවා පෙන්වමින්, උජු ජනපදො රාජා යැයි කීය. හිමවන්තස්ස පස්සතො මෙසේ කියමින් අස්වනු හා සම්පත් නොසළකන බව පැහැදිලි කළේය. හිමාලයෙහි ගල් (දෙකඩව) විවර වූ කුහරවලින් මතු වූ මහා සම්පත් පස් ගුණයකින් වැඩේ. (එසේනම්) කෙතෙහි අස්වැන්න ගැන කියනුම කවරේද? ධන විරියෙන සම්පන්නො සත්රුවනින් නොඅඩු වූත්, සතුරු රජවරුන්ටද සිතිය නොහැකි බලවත් මිනිසකු සතු අදිටන් බව දක්වයි. කොසලෙසු නිකෙතිනො මෙසේ කියමින් අළුතින් රජකම පිළිනොගනී. අළුත් රජවරුන් ගැන නිකෙති යැයි කියනු නොලැබේ. මුල් කාලයේ පටන්ම පිළිගෙන තිබුණේ ජනපදයක වාසය කරන තැනැත්තාටත් එසේ කීමටයි. එසේ සළකා සුද්ධෝදනට ද කොසලෙසු නිකෙතිනො යැයි කීය. එයින් පරම්පරාවෙන් උරුම වූ ධන සම්පත් ගැන ද දක්වයි.

එත‍්තාවතා අත‍්තනො භොගසම‍්පත‍්තිං දීපෙත්‍වා “ආදිච‍්චා නාම ගොත‍්තෙන, සාකියා නාම ජාතියා”ති ඉමිනා ජාතිසම‍්පත‍්තිඤ‍්ච ආචික‍්ඛිත්‍වා යං වුත‍්තං රඤ‍්ඤා “දදාමි භොගෙ භුඤ‍්ජස‍්සූ”ති, තං පටික‍්ඛිපන‍්තො ආහ – “තම‍්හා කුලා පබ‍්බජිතොම‍්හි, න කාමෙ අභිපත්‍ථය”න‍්ති. යදි හි අහං කාමෙ අභිපත්‍ථයෙය්‍යං, න ඊදිසං ධනවීරියසම‍්පන‍්නං ද‍්වාසීතිසහස‍්සවීරපුරිසසමාකුලං කුලං ඡඩ‍්ඩෙත්‍වා පබ‍්බජෙය්‍යන‍්ති අයං කිරෙත්‍ථ අධිප‍්පායො.

මෙපමණකින් තම සම්පත් දක්වා, ආදිච්චො නාම ගොත්තෙන සාකියා නාම ජාතියා මෙයින් උපතින් ලද (පසුබිම) උසස් බව දක්වා, ‘ඔබට මම සම්පත් දෙමි, එය පරිහරණය කරන්නැ’යි රජු කියන ලද දෙය පිළිනොගනිමින්, තම්හා කුලා පබ්බජිතොම්භි රාජ න කාමෙ අභිපත්‍ථියං යනුවෙන් පැවසීය. මම එබඳු කම්සැප පතන්නෙම් නම්, මෙබඳු ධනය බලය සහිත වූ අසූදහසක් වීර බලැති මිනිසුන් ගැවසි පරපුරක් හැරදමා පැවිදි නොවන්නෙමි’යි මේ අදහස කීය.

එවං රඤ‍්ඤො වචනං පටික‍්ඛිපිත්‍වා තතො පරං අත‍්තනො පබ‍්බජ‍්ජාහෙතුං දස‍්සෙන‍්තො ආහ – “කාමෙස‍්වාදීනවං දිස‍්වා, නෙක‍්ඛම‍්මං දට‍්ඨු ඛෙමතො”ති. එතං “පබ‍්බජිතොම‍්හී”ති ඉමිනා සම‍්බන්‍ධිතබ‍්බං. තත්‍ථ දට‍්ඨූති දිස‍්වා . සෙසමෙත්‍ථ ඉතො පුරිමගාථාසු ච යං යං න විචාරිතං, තං තං සබ‍්බං උත‍්තානත්‍ථත‍්තා එව න විචාරිතන‍්ති වෙදිතබ‍්බං. එවං අත‍්තනො පබ‍්බජ‍්ජාහෙතුං වත්‍වා පධානත්‍ථාය ගන‍්තුකාමො රාජානං ආමන‍්තෙන‍්තො ආහ – “පධානාය ගමිස‍්සාමි, එත්‍ථ මෙ රඤ‍්ජතී මනො”ති. තස‍්සත්‍ථො – යස‍්මාහං, මහාරාජ, නෙක‍්ඛම‍්මං දට‍්ඨු ඛෙමතො පබ‍්බජිතො, තස‍්මා තං පරමත්‍ථනෙක‍්ඛම‍්මං නිබ‍්බානාමතං සබ‍්බධම‍්මානං අග‍්ගට‍්ඨෙන පධානං පත්‍ථෙන‍්තො පධානත්‍ථාය ගමිස‍්සාමි, එත්‍ථ මෙ පධානෙ රඤ‍්ජති මනො, න කාමෙසූති.

මෙසේ රජුගේ වචනය පිළිනොගෙන, තවදුරටත් තම පැවිදිවීමට හේතු දක්වමින්, කාමෙස්වාදීනවං දිස්වා නෙක්‍ඛම්මං දට්ඨු බෙමතො යැයි පැවසේ. ‘මේ නිසා පැවිදි වූයෙමි’යි මෙසේ වෙසෙසින් (ඊට හේතුව) ගැළපිය යුතුය. දට්ඨු දැක, ඉතිරි වචනවල තේරුම් ද, මුල් ගාථාවල නොදැක්වූ, විවරණය නොකරන ලද සියළුම දේ (කලින් අදාල තැන්හි) පැහැදිලි කොට ඇති බැවින් සඳහන් නොවූ බවද දතයුතුය. මෙසේ තම පැවිදිවීමට හේතු දක්වා, එහි උත්සාහවත්ව, (ඉදිරියට) යනු කැමතිව රජු අමතා පධානාය ගමිස්සාමි, එත්‍ථ මෙ රඤ්ජතී මනො යැයි කීය. එහි අදහස නම්, ‘මහරජ, මම (ගිහිගෙයට අදාල කෙලෙසුන් වැඩෙන දේවලින්) නික්මීම දැක පැවිදිවීමි. එහෙයින් ඒ උතුම්ම නික්මීම වූ, සියළු දෙයින්ම උසස් වූ අමා නිවන බලාපොරොත්තුවෙන් ඊට උත්සාහවත්වීම පිණිස, යන්නෙමි. මගේ සිත එම උත්සාහයෙහි මිස කාමයන්හි නොඇලෙයි.

එවං වුත‍්තෙ කිර රාජා බොධිසත‍්තං ආහ – “පුබ‍්බෙව මෙතං, භන‍්තෙ, සුතං ‘සුද‍්ධොදනරඤ‍්ඤො කිර පුත‍්තො සිද‍්ධත්‍ථකුමාරො චත‍්තාරි පුබ‍්බනිමිත‍්තානි දිස‍්වා පබ‍්බජිත්‍වා බුද‍්ධො භවිස‍්සතී’ති, සොහං, භන‍්තෙ, තුම‍්හාකං අධිමුත‍්තිං දිස‍්වා එවංපසන‍්නො ‘අද‍්ධා බුද‍්ධත‍්තං පාපුණිස‍්සථා’ති. සාධු, භන‍්තෙ, බුද‍්ධත‍්තං පත්‍වා පඨමං මම විජිතං ඔක‍්කමෙය්‍යාථා”ති.

මෙසේ කී කල්හි (බිම්බිසාර) රජු ‘හිමියනි, සුද්ධෝදන රජුන්ගේ පුත් සිදුහත් කුමරු සතර පෙරනිමිති දැක, පැවිදිව බුදුබවට පත්වන්නේ යැයි කලින්ම අසන ලදී. හිමියනි, මම ඔබගේ අදහස දැන මෙසේ සතුටු වෙමි. බුදුබවට පත්වුව මැනවි. හිමියනි, බුදුබවට පත්ව, මුලින්ම මගේ විජිතයට පැමිණෙනු මැනැවැ’යි කීවේය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය පබ‍්බජ‍්ජාසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පබ්බජ්ජා සූත්‍ර විස්තරය නිමි.