14. ධම්මික සුත්තවණ්ණනා අට්ඨකථා
14. ධම්මික සුත්තවණ්ණනා
14. ධම්මික සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති ධම්මිකසුත්තං. කා උප්පත්ති? තිට්ඨමානෙ කිර භගවති ලොකනාථෙ ධම්මිකො නාම උපාසකො අහොසි නාමෙන ච පටිපත්තියා ච. සො කිර සරණසම්පන්නො සීලසම්පන්නො බහුස්සුතො පිටකත්තයධරො අනාගාමී අභිඤ්ඤාලාභී ආකාසචාරී අහොසි. තස්ස පරිවාරා පඤ්චසතා උපාසකා, තෙපි තාදිසා එව අහෙසුං. තස්සෙකදිවසං උපොසථිකස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස මජ්ඣිමයාමාවසානසමයෙ එවං පරිවිතක්කො උදපාදි – “යංනූනාහං අගාරියඅනගාරියානං පටිපදං පුච්ඡෙය්ය”න්ති. සො පඤ්චහි උපාසකසතෙහි පරිවුතො භගවන්තං උපසඞ්කමිත්වා තමත්ථං පුච්ඡි, භගවා චස්ස බ්යාකාසි. තත්ථ පුබ්බෙ වණ්ණිතසදිසං වුත්තනයෙනෙව වෙදිතබ්බං, අපුබ්බං වණ්ණයිස්සාම.
එවං මෙ සුතං යනු ධම්මික සූත්‍රයයි. එම සූත්‍රයට හේතු වූ කරුණ කුමක්ද? ලෝ සතුනට පිහිට වන භාග්‍යවතුන් වහන්සේ වැඩවසන සමයෙහි ධම්මික නම් උපාසකතුමෙක් විය. තිසරණයෙහි පිහිටි, සිල්වත් වූ, බොහෝ ඇසූ යහපත් දේ ජීවිතයට හුරු පුරුදු කොටගත් ඔහු නමටද පිළිවෙතටද ගැලපෙන අයුරු කටයුතු කළ, තුන්පිටකය මැනවින් දත්, අභිඤ්ඤා ලැබූ අහසින් ද යා හැකි අනාගාමී බවට පත් වූවෙකි. ඔහුගේ පිරිවර වූ පන්සියක් උපාසකවරු ද ධම්මික උපාසකතුමන් මෙන්ම වූහ. එක් දවසක් මැදියම් කාලය අවසානයේ, පෙහෙවස් රකිමින් තනිව - විවේකීව සිටිනවිට. මම ගිහි ජීවිතය හා පැවිදි ජීවිතයට අදාල පිළිවෙත් විමසන්නෙම් නම් මැනවැ’යි මෙබඳු අදහසක් ඇතිවිය. ඔහු උපාසකවරුන් පන්සියයද පිරිවරා භාග්‍යවතුන් වහන්සේ වෙතට එළඹ එම කරුණ විචාළේය. බුදුරජාණන් වහන්සේ ඔහුට එය පැහැදිළි කළහ. කලින් විස්තර වූ කරුණු (වචන) ඒ ආකාරයෙන් දතයුතුය. සඳහන් නොවූ කරුණු ඇතොත් පහදමි.
තත්ථ පඨමගාථාය තාව කථංකරොති කථං කරොන්තො කථං පටිපජ්ජන්තො. සාධු හොතීති සුන්දරො අනවජ්ජො අත්ථසාධනො හොති. උපාසකාසෙති උපාසකාඉච්චෙව වුත්තං හොති. සෙසමත්ථතො පාකටමෙව. අයං පන යොජනා – යො වා අගාරා අනගාරමෙති පබ්බජති, යෙ වා අගාරිනො උපාසකා, එතෙසු දුවිධෙසු සාවකෙසු කථංකරො සාවකො සාධු හොතීති.
එහි පළමු ගාථාවෙහි කථං කරොති කෙසේ කටයුතු කරන්නේ කෙසේ පිළිපදින්නේ, සාධු හොති යහපත්, නිවැරදි, යහපත සිදුවන, උපාසකා සෙ උපාසකා යනුවෙන් මෙහි (ඉදිරියට) දක්වන කරුණුවලින් හෙළිවේ. ඉතිරි කරුණු පැහැදිළිය. මේ ගාථාවෙන් අදහස් වන්නේ මෙයයි. යොවා අගාරා අනාගාරමෙ පැවිදි වෙයි. යෙ වා අගාරිනො උපාසකා මේ දෙයාකාර සාවකයන් අතුරෙන් කෙසේ කටයුතු කරන සාවකයා යහපත් වේද?
ඉදානි එවං පුට්ඨස්ස භගවතො බ්යාකරණසමත්ථතං දීපෙන්තො “තුවඤ්හී”ති ගාථාද්වයමාහ. තත්ථ ගතින්ති අජ්ඣාසයගතිං. පරායණන්ති නිප්ඵත්තිං. අථ වා ගතින්ති නිරයාදිපඤ්චප්පභෙදං. පරායණන්ති ගතිතො පරං අයනං ගතිවිප්පමොක්ඛං පරිනිබ්බානං, න චත්ථි තුල්යොති තයා සදිසො නත්ථි. සබ්බං තුවං ඤාණමවෙච්ච ධම්මං, පකාසෙසි සත්තෙ අනුකම්පමානොති ත්වං භගවා යදත්ථි ඤෙය්යං නාම, තං අනවසෙසං අවෙච්ච පටිවිජ්ඣිත්වා සත්තෙ අනුකම්පමානො සබ්බං ඤාණඤ්ච ධම්මඤ්ච පකාසෙසි. යං යං යස්ස හිතං හොති, තං තං තස්ස ආවිකාසියෙව දෙසෙසියෙව, න තෙ අත්ථි ආචරියමුට්ඨීති වුත්තං හොති. විරොචසි විමලොති ධූමරජාදිවිරහිතො විය චන්දො, රාගාදිමලාභාවෙන විමලො විරොචසි. සෙසමෙත්ථ උත්තානත්ථමෙව.
දැන් මෙසේ විමසන අතරම, භාග්‍යවතුන් වහන්සේ කරුණු පැහැදිලි කිරීමේ හැකියාව අගයමින් තුවං හි ආදී ගාථා දෙකක්ද කීය. ගතිං තම පුරුදු, පරායණං හටගැනීම නැතහොත් ගතිං නිරය ආදී පස්ආකාර වූ (උපදනා තැන්) පාරායණං ලද උපතින් පසු වෙනත් උපතක් සොයන, උපදනා තැන්වලින් මිදුණු, පිරිනිවනය. න චත්ථි තුල්යො ඔබවහන්සේ හා සමාන නැත. සබ්බං තුවං ඤාණමවෙච්ච ධම්මං පකාසෙසි සතෙත අනුකම්පමානො භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සියළුම දැනගත යුතු දේ ඉතිරි නැතිවම නුවණින් මැනවින් අවබෝධකොට සත්වග කෙරෙහි අනුකම්පාවෙන් ඒ සියළු දහම පැවසූ සේක. යම් තැනැත්තකුට හිතසුව පිණිස වේනම්, එය පැවසූ සේක. එහි ‘ගුරු රහස්’ ලෙස සුරැකිව තබාගත් දෙයක් නැති බව කියන ලදී. විරොචසී විමලො දුම්, රජසින් තොර වූ සඳ මෙන් රාග, දෝස වැනි අපිරිසිදු බවෙන් තොරව, මැනවින් බබළයි. ඉතිරි කරුණු කලින් සඳහන් වූ පරිදිය.
ඉදානි යෙසං තදා භගවා ධම්මං දෙසෙසි, තෙ දෙවපුත්තෙ කිත්තෙත්වා භගවන්තං පසංසන්තො “ආගඤ්ඡී තෙ සන්තිකෙ”ති ගාථාද්වයමාහ. තත්ථ නාගරාජා එරාවණො නාමාති අයං කිර එරාවණො නාම දෙවපුත්තො කාමරූපී දිබ්බෙ විමානෙ වසති. සො යදා සක්කො උය්යානකීළං ගච්ඡති, තදා දියඩ්ඪසතයොජනං කායං අභිනිම්මිනිත්වා තෙත්තිංස කුම්භෙ මාපෙත්වා එරාවණො නාම හත්ථී හොති. තස්ස එකෙකස්මිං කුම්භෙ ද්වෙ ද්වෙ දන්තා හොන්ති, එකෙකස්මිං දන්තෙ සත්ත සත්ත පොක්ඛරණියො, එකෙකිස්සා පොක්ඛරණියා සත්ත සත්ත පදුමිනියො, එකෙකිස්සා පදුමිනියා සත්ත සත්ත පුප්ඵානි, එකෙකස්මිං පුප්ඵෙ සත්ත සත්ත පත්තානි, එකෙකස්මිං පත්තෙ සත්ත සත්ත අච්ඡරායො නච්චන්ති පදුමච්ඡරායොත්වෙව විස්සුතා සක්කස්ස නාටකිත්ථියො, යා ච විමානවත්ථුස්මිම්පි “භමන්ති කඤ්ඤා පදුමෙසු සික්ඛිතා”ති (වි· ව· 1034) ආගතා. තෙසං පන තෙත්තිසංකුම්භානං මජ්ඣෙ සුදස්සනකුම්භො නාම තිංසයොජනමත්තො හොති, තත්ථ යොජනප්පමාණො මණිපල්ලඞ්කො තියොජනුබ්බෙධෙ පුප්ඵමණ්ඩපෙ අත්ථරීයති. තත්ථ සක්කො දෙවානමින්දො අච්ඡරාසඞ්ඝපරිවුතො දිබ්බසම්පත්තිං පච්චනුභොති. සක්කෙ පන දෙවානමින්දෙ උය්යානකීළාතො පටිනිවත්තෙ පුන තං රූපං සංහරිත්වාන දෙවපුත්තොව හොති. තං සන්ධායාහ – “ආගඤ්ඡි තෙ සන්තිකෙ නාගරාජා එරාවණො නාමා”ති. ජිනොති සුත්වාති “විජිතපාපධම්මො එස භගවා”ති එවං සුත්වා. සොපි තයා මන්තයිත්වාති තයා සද්ධිං මන්තයිත්වා, පඤ්හං පුච්ඡිත්වාති අධිප්පායො. අජ්ඣගමාති අධිඅගමා, ගතොති වුත්තං හොති. සාධූති සුත්වාන පතීතරූපොති තං පඤ්හං සුත්වා “සාධු භන්තෙ”ති අභිනන්දිත්වා තුට්ඨරූපො ගතොති අත්ථො.
මීළඟට (ධම්මික උපාසක තුමා) භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසන ලද දෙව්පුතුන් ගැන සඳහන් කරමින්, උන්වහන්සේ පසසමින්, ආගඤ්ජි තෙ සන්තිකෙ ආදී ගාථා දෙකක් කීය. නාගරාජා එරාවණෙ නාම මේ එරාවණං නම් දෙව්පුතු කාමලොවට අයත් දෙව් විමනක වසයි. සක්දෙවි උයන් කෙළියට යනවිට එරාවණ, යොදුන් එකසිය පණහක් උස, කුඹුතල තිස්තුනක් ඇති, ඒ නමින්ම වූ ඇතකුගේ සිරුරක් මවා ගනී. ඒ එක් එක් කුඹුතලයෙහි දත් දෙක බැගින් ඇත. එක් එක් දතක පොකුණු සතක් සතක් වේ. ඒ එක් එක් පොකුණෙහි පියුම් විල් සතක් සතක් බැගින් ඇත. ඒ ඒ පියුම් විල්හි නෙළුම් මල් සතක් සතක් වේ. එක් එක් මලෙහි නෙළුම් කොළ ද සතක් සතක් වේ. එක් එක් නෙළුම් කොළය මත අප්සරාවෝ සත්දෙනා සත්දෙනා නටති. සක්දෙවිගේ නළඟනෝ පියුම් අප්සරාවන් සේ හඳුන්වති. ‘නැටුමෙහි හසළ අවිවාහක තරුණියෝ නෙළුම් මල කැරකෙමින් නටති’ ‘භමන්ති කඤ්ඤා පදුමෙසු සික්ඛිතා’ යැයි විමානවත්ථුවෙහිද සඳහන් වේ. ඒ කුඹුතල තිස්තුන මැද ‘සුදස්සන’ නම් තිස්යොදුන් කුඹුතලයක් වේ. එහි යොදුනක් පමණ වූ මිණිපළගක තුන්යොදුනක් උසට වේදිකාවක් සේ මල් අතුරනු ලැබේ. එහි සක්දෙවිඳු අප්සරාවන් පිරිවරා දිව සුව විඳියි. සක්දෙවිඳු උයන්කෙළියෙන් ආපසු පැමිණිවිට ඇතා ඒ රූපය අත්හැර දෙව්පුතෙක්ම වෙයි. එබැවින් ආගඤ්ජි තෙ සන්තිකෙ නාගරාජා එරාවණෙ නාම යැයි කීය. ජිනොති සුත්වා ඒ භාග්‍යවතුන් වහන්සේ අයහපත පැරදවූ බව අසා යන අදහසයි. සොපි තයා මනතයිත්වා ඔබවහන්සේ සමග කතාබහ කොට, පැන අසා යන අදහසයි. අජ්ඣගමා උසස් අවබෝධයට පැමිණියේය. ගියේ යැයි කියන ලදී. සාධූති සුත්වාන පතීතරූපො ඒ පැන අසා, යහපත හිමියනි, යැයි සතුටුව ගියේ යැයි තේරුමයි.
රාජාපි තං වෙස්සවණො කුවෙරොති එත්ථ සො යක්ඛො රඤ්ජනට්ඨෙන රාජා, විසාණාය රාජධානියා රජ්ජං කාරෙතීති වෙස්සවණො, පුරිමනාමෙන කුවෙරොති වෙදිතබ්බො. සො කිර කුවෙරො නාම බ්රාහ්මණමහාසාලො හුත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා විසාණාය රාජධානියා අධිපති හුත්වා නිබ්බත්තො. තස්මා “කුවෙරො වෙස්සවණො”ති වුච්චති.
රාජාපි තං වෙස්සවණෙ කුමාරො මේ යකු සිත් අලවන අරුතින් රජ ය, විසාණ නම් රාජධානියෙහි රජකරන බැවින් වෙස්සවණ නම් වෙයි. මුල් නම කුවේර යැයි දතයුතුය. ඔහු කුවේර නම් බමුණු මහසල් කුලවතකු වී, දන් පිරිනැමීම් ආදී පින්කම්කොට, විසාණ නම් රාජධානියෙහි අධිපතිව උපන්නේය. එහෙයින් කුවේර යැයි කියනු ලැබේ.
වුත්තඤ්චෙතං ආටානාටියසුත්තෙ – “කුවෙරස්ස ඛො පන, මාරිස, මහාරාජස්ස විසාණා නාම රාජධානී, තස්මා කුවෙරො මහාරාජා ‘වෙස්සවණො’ති පවුච්චතී”ති (දී· නි· 3.291) –
‘සිරිමතාණෙනි, කුවේර නම් මහරජුගේ රාජධානිය ‘විසාණ’ යනුවෙන් ද හඳුන්වනු ලබන බැවින්, කුවේර රජුට වෙස්සවණ යයිද කියන බව ආටානාටිය සූත්‍රයෙහි කියන ලදී.
සෙසමෙත්ථ පාකටමෙව.
ඉතිරි කරුණු පැහැදිලිය.
තත්ථ සියා – කස්මා පන දූරතරෙ තාවතිංසභවනෙ වසන්තො එරාවණො පඨමං ආගතො, වෙස්සවණො පච්ඡා, එකනගරෙව වසන්තො අයං උපාසකො සබ්බපච්ඡා, කථඤ්ච සො තෙසං ආගමනං අඤ්ඤාසි, යෙන එවමාහාති? වුච්චතෙ – වෙස්සවණො කිර තදා අනෙකසහස්සපවාළපල්ලඞ්කං ද්වාදසයොජනං නාරිවාහනං අභිරුය්හ පවාළකුන්තං උච්චාරෙත්වා දසසහස්සකොටියක්ඛෙහි පරිවුතො “භගවන්තං පඤ්හං පුච්ඡිස්සාමී”ති ආකාසට්ඨකවිමානානි පරිහරිත්වා මග්ගෙන මග්ගං ආගච්ඡන්තො වෙළුකණ්ඩකනගරෙ නන්දමාතාය උපාසිකාය නිවෙසනස්ස උපරිභාගං සම්පත්තො. උපාසිකාය අයමානුභාවො – පරිසුද්ධසීලා හොති, නිච්චං විකාලභොජනා පටිවිරතා, පිටකත්තයධාරිනී, අනාගාමිඵලෙ පතිට්ඨිතා. සා තම්හි සමයෙ සීහපඤ්ජරං උග්ඝාටෙත්වා උතුග්ගහණත්ථාය මාලුතෙරිතොකාසෙ ඨත්වා අට්ඨකපාරායනවග්ගෙ පරිමණ්ඩලෙහි පදබ්යඤ්ජනෙහි මධුරෙන සරෙන භාසති. වෙස්සවණො තත්ථෙව යානානි ඨපෙත්වා යාව උපාසිකා “ඉදමවොච භගවා මගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙ පරිචාරකසොළසන්නං බ්රාහ්මණාන”න්ති නිගමනං අභාසි, තාව සබ්බං සුත්වා වග්ගපරියොසානෙ සුවණ්ණමුරජසදිසං මහන්තං ගීවං පග්ගහෙත්වා “සාධු සාධු භගිනී”ති සාධුකාරමදාසි. සා “කො එත්ථා”ති ආහ. “අහං භගිනි වෙස්සවණො”ති. උපාසිකා කිර පඨමං සොතාපන්නා අහොසි, පච්ඡා වෙස්සවණො. තං සො ධම්මතො සහොදරභාවං සන්ධාය උපාසිකං භගිනිවාදෙන සමුදාචරති. උපාසිකාය ච “විකාලො, භාතික භද්රමුඛ, යස්ස දානි කාලං මඤ්ඤසී”ති වුත්තො “අහං භගිනි තයි පසන්නො පසන්නාකාරං කරොමී”ති ආහ. තෙන හි භද්රමුඛ, මම ඛෙත්තෙ නිප්ඵන්නං සාලිං කම්මකරා ආහරිතුං න සක්කොන්ති, තං තව පරිසාය ආණාපෙහීති. සො “සාධු භගිනී”ති යක්ඛෙ ආණාපෙසි. තෙ අඩ්ඪතෙරස කොට්ඨාගාරසතානි පූරෙසුං. තතො පභුති කොට්ඨාගාරං ඌනං නාම නාහොසි, “නන්දමාතු කොට්ඨාගාරං වියා”ති ලොකෙ නිදස්සනං අහොසි. වෙස්සවණො කොට්ඨාගාරානි පූරෙත්වා භගවන්තං උපසඞ්කමි. භගවා “විකාලෙ ආගතොසී”ති ආහ. අථ භගවතො සබ්බං ආරොචෙසි. ඉමිනා කාරණෙන ආසන්නතරෙපි චාතුමහාරාජිකභවනෙ වසන්තො වෙස්සවණො පච්ඡා ආගතො. එරාවණස්ස පන න කිඤ්චි අන්තරා කරණීයං අහොසි, තෙන සො පඨමතරං ආගතො.
ඉතා දුර වූ තව්තිසාවෙහි වසන එරාවණ පළමුව පැමිණියේත්, වෙස්සවණ පසුව ආවේත් කවර හෙයින්දැයි කෙනෙකුට ඇසිය හැකිය. එමෙන්ම නගරයෙහි වසන මේ උපාසකතුමා පසුව ආවේ ඇයි? ඔහු කෙසේ ඔවුන්ගේ පැමිණීම දැක මෙසේ කීවේද? ඊට කරුණු මෙසේය. එකල්හි වෙස්සවණ නොයෙක් දහස් ගණන් පබළු ආසන සහිත, කාන්තාවන් යෙදු දොළොස් රියන් රියකට නැග, පබළු අංකුසයක් ඔසවාගෙන කෝටි දසදහසක් යකුන් පිරිවරා, භාග්‍යවතුන් වහන්සේගෙන් පැණ විචාරන්නෙමි’යි අහස් විමන් පිරිවරකොට මගින් මග ගෙවා, වෙළුකණ්ටක නගරයෙහි නන්දමානා උවැසියගේ නිවස ඉහළින් පැමිණෙයි. නන්දමාතා උවැසිය මෙබඳු බලයක් ඇත්තියකි. ඇය පිරිසිදු සීලයෙහි පිහිටි, නිති නොකල් බොජුනින් වැළකුණු, තුන්පිටකය මැනවින් දත්, අනාගාමි ඵලයට පත්වූ තැනැත්තියකි. ඇය එවේලෙහි සීමැදුරු කවුළුව විවරකොට, සිහිල් සුළඟින් ගත නිවාගැනීමට, සුළං හමන පෙදෙසට මුහුණලා අට්ඨක පාරායණ වග්ගයෙහි ගාථා - අකුරු පද පැහැදිලිව මියුරු හඬින් කියන්නීය. වෙස්සවණ එතැනම රිය නවතා, ‘උපාසිකාව මේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මගධයෙහි පාසාණක චෙතියෙහිදී අතවැසි බමුණන් දහසය දෙනෙකුට කියන ලද ගාථා යැයි නිගමනය කළේය. ඒ සියළු ගාථා (කොටසම) අසා, රන් මිහිඟු බෙර කඳක් වන් මහත් සිරුර (ගෙල) ඉහළට ඔසවා, ‘සොයුරිය, ඉතා මැනව, ඉතා අගෙයි’ කියා සාධු නාද පැවැත්වීය. ‘ඇය ඔතැන සිටින්නේ කවුරුන්දැ’යි ඇසුවාය. ‘සොයුරිය, මම වෙස්සවණ නම් වෙමි’යි කීය. උපාසිකාව පළමුව සෝවාන් පලයට පත්ව සිටියාය. වෙස්සවණ සෝවාන් ඵලයට පත්වූයේ ඊට පසුවය. මෙසේ ඔහු දහමෙන් ඇතිවූ සුහදතාව සළකා ඔහු ඇයට සොහොයුරිය සේ අමතයි. උපාසිකාවද ‘යහපත් මුව ඇති සොයුරාණනි, ඔබේ අදහසට අනුව මේ සුදුසු කාලය නොවේ’ යැයි කී කල්හි ‘සොයුරිය, මම ඔබට පැහැදුනෙමි. පැහැදිනු බැවින් ඊට සුදුසු දෙයක් කරමි’යි කීය. ‘එසේනම්, යහපත් මුව ඇත්තාණනි, මගේ කෙතෙහි හටගත් හැල් වී කම්කරුවන්ට ගෙන ඒමට නොහැකිය. ඒවා ඔබේ පිරිසට ගෙන ඒමට අණ කරන්නැ’යි කීවාය. ඔහු ‘හොඳයි, සොයුරිය’ යැයි කියා, යකුන්ට අණ කළේය. ඔව්හු එක්දහස් අටසියයක් වූ වී කොටු පිරවූහ. එතැන් පටන් අටුවෙහි අඩුවීමක් නොවීය. ‘නන්ද මාතාවගේ වී අටුව මෙන්’ යැයි ලෝකයා උපමාවක්ද කීය. වෙස්සවණද අටුකොටු පුරවා භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේය. උන්වහන්සේ, විකාලයෙහි පැමිණියෙහිදැ’යි ඇසූහ. ‘එසේය, භාග්‍යවතුන් වහන්ස, යැයි සියල්ල සැළ කළේය. මේ නිසා චතුම්මහාරාජිකයෙහි වසන වෙස්සවණ (එරාවණට වඩා ආසන්න දුරක සිටියත්) පමාවී පැමිණියේය. කළයුතු කිසියම් අතුරු කටයුත්තක් නොවූයෙන් එරාවණ පළමුව පැමිණියේය.
අයං පන උපාසකො කිඤ්චාපි අනාගාමී පකතියාව එකභත්තිකො, තථාපි තදා උපොසථදිවසොති කත්වා උපොසථඞ්ගානි අධිට්ඨාය සායන්හසමයං සුනිවත්ථො සුපාරුතො පඤ්චසතඋපාසකපරිවුතො ජෙතවනං ගන්ත්වා ධම්මදෙසනං සුත්වා අත්තනො ඝරං ආගම්ම තෙසං උපාසකානං සරණසීලඋපොසථානිසංසාදිභෙදං උපාසකධම්මං කථෙත්වා තෙ උපාසකෙ උය්යොජෙසි. තෙසඤ්ච තස්සෙව ඝරෙ මුට්ඨිහත්ථප්පමාණපාදකානි පඤ්ච කප්පියමඤ්චසතානි පාටෙක්කොවරකෙසු පඤ්ඤත්තානි හොන්ති. තෙ අත්තනො අත්තනො ඔවරකං පවිසිත්වා සමාපත්තිං අප්පෙත්වා නිසීදිංසු, උපාසකොපි තථෙවාකාසි.
අනාගාමි ඵලයට පත්වුවද ධම්මික උපාසකතුමා මුලසිටම ආහාර ගන්නේ එක් වේලකි. එදින පෙහෙවස් දිනක් සේ සළකා පෙහෙවස් කරුණු අදිටන් කොට, සවස් කාලයෙහි මනාව හැඳ පොරවා උපාසකවරුන් පන්සියයක් පිරිවරා ජේතවනාරාමයට ගොස්, දහම් අසා තම නිවසට පැමිණ, ඒ උපාසකවරුන්ට සරණ සීලය හා පෙහෙවස් රැකීම ආදියෙහි ආනිසංස ඇතුලත් උපාසකවරුනට සුදුසු දහම් කරුණු කියා, ඒ උපාසකවරුන් උත්සාහවත් කළේය. ධම්මික උපාසකතුමන්ගේ නිවසෙහි ඒ උපාසකවරුන්ට ද මිටි රියනක් පමණ වූ කැප වූ ඇඳන් පන්සියයක් වෙන වෙනම කාමරවල පනවන ලදී. උපාසකවරු තම තමන්ගේ කාමරවලට පිවිස සමවත්හි පිහිටා හුන්හ. ධම්මික උපාසකතුමාද එසේ කළේය.
තෙන ච සමයෙන සාවත්ථිනගරෙ සත්තපඤ්ඤාස කුලසතසහස්සානි වසන්ති, මනුස්සගණනාය අට්ඨාරසකොටිමනුස්සා. තෙන පඨමයාමෙ හත්ථිඅස්සමනුස්සභෙරිසද්දාදීහි සාවත්ථිනගරං මහාසමුද්දො විය එකසද්දං හොති. මජ්ඣිමයාමසමනන්තරෙ සො සද්දො පටිප්පස්සම්භති . තම්හි කාලෙ උපාසකො සමාපත්තිතො වුට්ඨාය අත්තනො ගුණෙ ආවජ්ජෙත්වා “යෙනාහං මග්ගසුඛෙන ඵලසුඛෙන සුඛිතො විහරාමි, ඉදං සුඛං කං නිස්සාය ලද්ධ”න්ති චින්තෙත්වා “භගවන්තං නිස්සායා”ති භගවති චිත්තං පසාදෙත්වා “භගවා එතරහි කතමෙන විහාරෙන විහරතී”ති ආවජ්ජෙන්තො දිබ්බෙන චක්ඛුනා එරාවණවෙස්සවණෙ දිස්වා දිබ්බාය සොතධාතුයා ධම්මදෙසනං සුත්වා චෙතොපරියඤාණෙන තෙසං පසන්නචිත්තතං ඤත්වා “යංනූනාහම්පි භගවන්තං උභයහිතං පටිපදං පුච්ඡෙය්ය”න්ති චින්තෙසි. තස්මා සො එකනගරෙ වසන්තොපි සබ්බපච්ඡා ආගතො, එවඤ්ච නෙසං ආගමනං අඤ්ඤාසි. තෙනාහ – “ආගඤ්ඡි තෙ සන්තිකෙ නාගරාජා…පෙ… සො චාපි සුත්වාන පතීතරූපො”ති.
එකල සැවැත්නුවර පවුල් පනස්හතක් ලක්ෂයක් වසති. ජනගහණය කෝටි දහඅටකි. මුල් යාමයෙහි ඇතුන්ගේ, අසුන්ගේ, මිනිසුන්ගේ හඬත්, බෙරහඬ ආදියෙන් ද සැවැත්නුවර මහ මුහුද මෙන් එකනින්නාද වෙයි. මැදියමෙහි ඒ හඬ සන්සිඳෙයි. ඒ කාලයෙහි උපාසකතුමා සමවතින් නැගී සිට, තම ගුණ මෙනෙහිකොට, ‘මම මගපල සුවයෙන් වසමි. මේ සුවය කවරෙකු නිසා ලැබුණිදැයි සිතා, භාග්‍යවතුන් වහන්සේ නිසායැයි උන්වහන්සේ කෙරෙහි සිත පහදවා, උන්වහන්සේ කෙබඳු විහරණයකින් වෙසෙත්දැ’යි දිවැසින් බලන විට එරාවණ, වෙස්සවණ දැක, දිව කණින් දහම් දෙසුම අසා, සිත් හසර දැනගන්නා නුවණින් ඔවුන්ගේ පහන් සිත් දැන, ‘මම ද භගවත් හිමිගෙන්, ගිහි පැවිදි දෙපසටම හිතසුව එළවන පිළිවෙත විමසන්නේ නම් මැනවැ’යි අදහස් කළේය. එහෙයින් ධම්මික උපාසකතුමා, එකම නගරයෙහි වාසය කළද, සියල්ලන්ටම පසුව පැමිණියේය. මෙසේ ඔවුන්ගේ පැමිණීමද දැනගත්තේය. ආගඤ්ඡි තෙ සන්තිකෙ නාගරාජා -පෙ- සොචාපි සුත්වාන පතීතරූපො යැයි එහෙයින් කීවේය.
ඉදානි ඉතො බහිද්ධා ලොකසම්මතෙහි සමණබ්රාහ්මණෙහි උක්කට්ඨභාවෙන භගවන්තං පසංසන්තො “යෙ කෙචිමෙ”ති ගාථාද්වයමාහ. තත්ථ තිත්ථියාති නන්දවච්ඡසංකිච්චෙහි ආදිපුග්ගලෙහි තීහි තිත්ථකරෙහි කතෙ දිට්ඨිතිත්ථෙ ජාතා, තෙසං සාසනෙ පබ්බජිතා පූරණාදයො ඡ සත්ථාරො. තත්ථ නාටපුත්තො නිගණ්ඨො, අවසෙසා ආජීවකාති තෙ සබ්බෙ දස්සෙන්තො ආහ “යෙ කෙචිමෙ තිත්ථියා වාදසීලා”ති, “මයං සම්මා පටිපන්නා, අඤ්ඤෙ මිච්ඡා පටිපන්නා”ති එවං වාදකරණසීලා ලොකං මුඛසත්තීහි විතුදන්තා විචරන්ති. ආජීවකා වාති තෙ එකජ්ඣමුද්දිට්ඨෙ භින්දිත්වා දස්සෙති. නාතිතරන්තීති නාතික්කමන්ති. සබ්බෙති අඤ්ඤෙපි යෙ කෙචි තිත්ථියසාවකාදයො, තෙපි පරිග්ගණ්හන්තො ආහ. “ඨිතො වජන්තං වියා”ති යථා කොචි ඨිතො ගතිවිකලො සීඝගාමිනං පුරිසං ගච්ඡන්තං නාතිතරෙය්ය, එවං තෙ පඤ්ඤාගතියා අභාවෙන තෙ තෙ අත්ථප්පභෙදෙ බුජ්ඣිතුං අසක්කොන්තා ඨිතා, අතිජවනපඤ්ඤං භගවන්තං නාතිතරන්තීති අත්ථො.
මීළඟට එයින් බාහිරව, ලොව පිළිගන්නා ලද මහණ බමුණන් විසින් ඉතා උසස් ලෙසින් භාග්‍යවතුන් වහන්සේට පැසසුම් කිරීම පිළිබඳව යෙ කෙචි මෙ ආදී ගාථා දෙක කීය. තිත්ථියා නන්ද, වච්ඡ, සංකිච්ච ආදී මිසදිටු සමයවාදීන් තිදෙනෙකු අනුව යන ඔවුන්ගේ හැඟීම් නැමති තොටට බැසගත්, ඔවුන්ගේ සස්නෙහි පැවිදි වූ පුරාණ ආදී ආගමික නායකයන් හයදෙනාය. ඒ අතර එම ගාථාවෙහි නිගණ්ඨො නම් නාථපුත්තය. ඉතිරි වූවන් ආජීවකය. ඒ සියල්ලන්ම ඇතුලත් වන සේ යෙ කෙචි මෙ තිත්ථියා වාදසීලා යැයි කීය. ‘අපි මැනවින් පිළිවෙත් සපුරන්නෝ වෙමු. අනික් හැම පැවිද්දන්ම වැරදි පිළිවෙත් සපුරති’යි මෙසේ වාද කරනු කැමතිව, මුව (කටවචන) නැමති සැතින් විදිමින් සැරිසරති. ආජීවිකා වා ඔව්හු එක්තැනකට රැස්ව, ඒ දක්වා ඇති (අනෙක් තවුස් පැවිදි වූවන්ගේ) මතවාද බිඳ කරුණු දක්වති. නාති තරන්ති ඉක්මවා නොයති. සබ්බෙ වෙනත් යම්කිසි තිත්ථිය සාවකාදීන් ගැන ද සඳහන් කරයි. ඨිතො වජන්තං වියා මේ සියල්ලන්ටම සිටිතැන් වෙනස් කරමින්, (අදහස වෙනස් කරමින්) සීඝගාමිනං යන තැනැත්තකු ඉක්මවා නො යන්නේ ය. මෙසේ ඔවුන් තියුණු නුවණ නොමැති බැවින්, ඒ ඒ අරුත් කොටස් අවබෝධ කරගැනීමට නොහැකිව, ඉතා තියුණු, විනිවිද දකින නුවණින් යුතු භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා නොයති යන අදහසයි.
බ්රාහ්මණා වාදසීලා වුද්ධා චාති එත්තාවතා චඞ්කීතාරුක්ඛපොක්ඛරසාතිජාණුස්සොණිආදයො දස්සෙති, අපි බ්රාහ්මණා සන්ති කෙචීති ඉමිනා මජ්ඣිමාපි දහරාපි කෙවලං බ්රාහ්මණා සන්ති අත්ථි උපලබ්භන්ති කෙචීති එවං අස්සලායනවාසෙට්ඨඅම්බට්ඨඋත්තරමාණවකාදයො දස්සෙති. අත්ථබද්ධාති “අපි නු ඛො ඉමං පඤ්හං බ්යාකරෙය්ය, ඉමං කඞ්ඛං ඡින්දෙය්යා”ති එවං අත්ථබද්ධා භවන්ති. යෙ චාපි අඤ්ඤෙති අඤ්ඤෙපි යෙ “මයං වාදිනො”ති එවං මඤ්ඤමානා විචරන්ති ඛත්තියපණ්ඩිතබ්රාහ්මණබ්රහ්මදෙවයක්ඛාදයො අපරිමාණා. තෙපි සබ්බෙ තයි අත්ථබද්ධා භවන්තීති දස්සෙති.
බ්‍රාහ්මණ වාදසීලා වුද්ධා වා මෙපමණකින් චංකී, තාරුක්ඛ, පොක්ඛරසාති, ජානුස්සොණි, ආදීන් ගැන දක්වයි. අපි බ්‍රාහ්මණ සන්ති කෙචි මෙයින් මැදිවියේ වූද, තරුණ වූද ඇතැම් බමුණන් වෙති’යි අදහස් කෙරේ. කෙචි මෙසේ අස්සලායන-වාසිට්ඨ-අමබට්ඨ-උත්තර මාණවක අදහස් කෙරේ. අත්ථබද්ධං මේ පැන විසඳා විසඳා දෙන්නේ නොවේද? මෙය කෙසේ අදාල වේදැ’යි මෙසේ තේරුම හා සබැඳේ. යෙ චාපි චඤ්ඤෙ අප වැනි වෙනත් (සමයවාදීන්) වාදිනො මෙසේ මඤ්ඤමානා (සිතමින්) කැත්කුල පඬිවරු, බමුණු, දෙව්, බඹ, යකුන් ආදී අපමණ වූ මේ සියල්ලෝම ඔබවහන්සේගේ කරුණු පැහැදිලි කිරීම හා එකඟ වෙති. (තේරුමෙන් බැඳෙති.)
එවං නානප්පකාරෙහි භගවන්තං පසංසිත්වා ඉදානි ධම්මෙනෙව තං පසංසිත්වා ධම්මකථං යාචන්තො “අයඤ්හි ධම්මො”ති ගාථාද්වයමාහ. තත්ථ අයඤ්හි ධම්මොති සත්තතිංස බොධිපක්ඛියධම්මෙ සන්ධායාහ. නිපුණොති සණ්හො දුප්පටිවිජ්ඣො. සුඛොති පටිවිද්ධො සමානො ලොකුත්තරසුඛමාවහති, තස්මා සුඛාවහත්තා “සුඛො”ති වුච්චති. සුප්පවුත්තොති සුදෙසිතො. සුස්සූසමානාති සොතුකාමම්හාති අත්ථො. තං නො වදාති තං ධම්මං අම්හාකං වද. “ත්වං නො”තිපි පාඨො, ත්වං අම්හාකං වදාති අත්ථො. සබ්බෙපිමෙ භික්ඛවොති තඞ්ඛණං නිසින්නානි කිර පඤ්ච භික්ඛුසතානි හොන්ති, තානි දස්සෙන්තො යාචති. උපාසකා චාපීති අත්තනො පරිවාරෙ අඤ්ඤෙ ච දස්සෙති. සෙසමෙත්ථ පාකටමෙව.
මෙසේ නොයෙක් ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ පසසා මීළගට දහමද අගය කොට දහම් කතාවක් දෙසන ලෙස ඉල්ලා අයං හි ධම්මො යන ගාථා දෙක කීය. ඒ ගාථාවෙහි අයං හි ධම්මො දහම් අවබෝධය සඳහා උපකාරි වන කරුණු තිස්හතයි. නිපුණෙ සියුම්, පහසුවෙන් දැන අවබෝධ කළ නොහැකි, සුඛො අවබෝධය හා සමාන (අවබෝධයෙන් ලබන) ලොවුතුරු සුවය දනවයි. එහෙයින් සුව එළවන, ගෙනදෙන බැවින්, සුඛාවහන්තා - හෙවත් සැප ගෙන දේ යැයි කියනු ලැබේ. සුප්පවුත්තො මනාව දෙසන ලද, සුස්සුසමානා අසනු කැමැත්තෙමු යන තේරුමයි. තං නො වදා ඒ දහම අපට වදාළ මැනව. ත්වං නො යැයිද පාඨයකි. ‘ඔබවහන්සේ අපට කිව මැනව’ සබ්බෙපිමෙ භික්ඛවො එවේලෙහි වැඩසිටි පන්සියයක් වූ සඟ පිරිස පෙන්වා කරුණු පහදා දෙන ලෙස ඉල්ලයි. උපාසකා වාපි තම පිරිවර හා (එහි සිටි) අන් හැමදෙනාද පෙන්වයි. එහි ඉතිරි කරුණු පැහැදිලිය.
අථ භගවා අනගාරියපටිපදං තාව දස්සෙතුං භික්ඛූ ආමන්තෙත්වා “සුණාථ මෙ භික්ඛවො”තිආදිමාහ. තත්ථ ධම්මං ධුතං තඤ්ච චරාථ සබ්බෙති කිලෙසෙ ධුනාතීති ධුතො, එවරූපං කිලෙසධුනනකං පටිපදාධම්මං සාවයාමි වො, තඤ්ච මයා සාවිතං සබ්බෙ චරථ පටිපජ්ජථ, මා පමාදිත්ථාති වුත්තං හොති. ඉරියාපථන්ති ගමනාදිචතුබ්බිධං. පබ්බජිතානුලොමිකන්ති සමණසාරුප්පං සතිසම්පජඤ්ඤයුත්තං. අරඤ්ඤෙ කම්මට්ඨානානුයොගවසෙන පවත්තමෙවාති අපරෙ. සෙවෙථ නන්ති තං ඉරියාපථං භජෙය්ය . අත්ථදසොති හිතානුපස්සී. මුතීමාති බුද්ධිමා. සෙසමෙත්ථ ගාථාය පාකටමෙව.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනගාරිය පිළිවෙත දේසනා කිරීමට සඟ පිරිස අමතා සුණාථ මෙ භික්ඛවො යනුවෙන් වදාළහ. එහි ධම්මං ධුතං තඤ්ච ධරාථ සබ්බෙ කෙලෙස් වනසා දමන ලද බැවින් ධුත නම් වේ. කෙලෙස් වනසා දැමිය හැකි මෙබඳු වූ පිළිවෙත් දහම සාවයාමි වො, මම අසන්නට සලස්වමි. සියල්ලන්ම එය සිත්හි දරා පිළිපදිවු, පමා නොවවු යැයි කියන ලදී. ඉරියාපථං ගමන් කිරීම ආදී සිවු ආකාර පැවැත්මයි. පබ්බජිතානුලොමිකං මහණකමට ගැලපෙන, සිහිනුවණින් යුතු, කමටහන් ලැබ, බවුන් වඩමින්, පැවැතිය යුතු සැටිද සමහරු අදහස් කරති. සෙවෙථ නං ඒ ඉරියව් අනුව පවත්නේය. අත්ථදසො හිතසුව දකින, මුතිමා නුවණැති, ගාථාවෙහි ඉතිරි කරුණු පැහැදිලිය.
නො වෙ විකාලෙති එවං පබ්බජිතානුලොමිකං ඉරියාපථං සෙවමානො ච දිවාමජ්ඣන්හිකවීතික්කමං උපාදාය විකාලෙ න චරෙය්ය භික්ඛු, යුත්තකාලෙ එව පන ගාමං පිණ්ඩාය චරෙය්ය. කිං කාරණං? අකාලචාරිඤ්හි සජන්ති සඞ්ගා, අකාලචාරිං පුග්ගලං රාගසඞ්ගාදයො අනෙකෙ සඞ්ගා සජන්ති පරිස්සජන්ති උපගුහන්ති අල්ලීයන්ති. තස්මා විකාලෙ න චරන්ති බුද්ධා, තස්මා යෙ චතුසච්චබුද්ධා අරියපුග්ගලා, න තෙ විකාලෙ පිණ්ඩාය චරන්තීති. තෙන කිර සමයෙන විකාලභොජනසික්ඛාපදං අප්පඤ්ඤත්තං හොති, තස්මා ධම්මදෙසනාවසෙනෙවෙත්ථ පුථුජ්ජනානං ආදීනවං දස්සෙන්තො ඉමං ගාථමාහ. අරියා පන සහ මග්ගපටිලාභා එව තතො පටිවිරතා හොන්ති, එසා ධම්මතා.
න වෙ විකාලෙ මෙසේ පැවිදි දිවියට සුදුසු වූ, ඉරියවු පවත්වන මහණ මැදියම දවල් ඉක්මවා නොකල්හි නොහැසිරෙන්නේය. කාලෙ සුදුසු කල්හිම. ගාමං පිණ්ඩාය චරෙය්ය ඊට හේතු කවරේද? අකාලචාරිං හි සජන්ති සංගා නුසුදුසු කාලයෙහි හැසිරෙන තැනැත්තා, රාගික ආදී නොයෙක් ඇලීම් වැළඳ ගනී. ගොදුරු වෙයි. ඒවාට දැඩිව ඇලෙති. තස්මා විකාලෙ න චරන්ති බුද්ධා එහෙයින් සිවුසස් අවබෝධ කළ බුදුවරු, මගපල ලද්දෝ අවේලාවෙහි පිඬු පිණිස නො හැසිරෙති. මේ කාලයෙහි නොකල්හි ආහාර ගැනීමේ අදාල සිකපදය පනවා නොතිබුණි. එහෙයින් දහම් දේසනයෙහිදීම පොදු ජනයාට එයින් ඇතිවිය හැකි ආදීනව දක්වමින් මෙම ගාථාව වදාළහ. රහතන් වහන්සේලා සහ මගපල ලද්දෝ එයින් වැළකුණහ. එය පවත්නා සොබාවයයි.
එවං විකාලචරියං පටිසෙධෙත්වා “කාලෙ චරන්තෙනපි එවං චරිතබ්බ”න්ති දස්සෙන්තො ආහ “රූපා ච සද්දා චා”ති. තස්සත්ථො – යෙ තෙ රූපාදයො නානප්පකාරකං මදං ජනෙන්තා සත්තෙ සම්මදයන්ති, තෙසු පිණ්ඩපාතපාරිසුද්ධිසුත්තාදීසු (ම· නි· 3.438 ආදයො) වුත්තනයෙන ඡන්දං විනොදෙත්වා යුත්තකාලෙනෙව පාතරාසං පවිසෙය්යාති. එත්ථ ච පාතො අසිතබ්බොති පාතරාසො, පිණ්ඩපාතස්සෙතං නාමං. යො යත්ථ ලබ්භති, සො පදෙසොපි තං යොගෙන “පාතරාසො”ති ඉධ වුත්තො. යතො පිණ්ඩපාතං ලභති, තං ඔකාසං ගච්ඡෙය්යාති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො.
මෙසේ අවේලාවෙහි හැසිරිම වළකා, සුදුසු කාලයෙහි හැසිරිමේදී ද මේ ආකාර විය යුතු යැයි සඳහන් කරමින් රූපාච සද්දාච යන ගාථාව කීහ. එහි තේරුම නම්, එහිදී රූපාදී නොයෙකුත් දේ (දැකීමෙන් හෝ) පමාව හෝ එහි තද ඇලීමක් හෙවත් එයින් මත්වීමක් ඇති කරමින් සත්තෙ සම්මදයන්ති පිණ්ඩපාත පාරිසුද්ධි සූත්‍ර ආදියෙහි කියන ලද පරිදි ඒවායෙහි ඡන්දං විනෙත්වා සුදුසු ලෙස කාලෙනෙව පාතරාසං පවිසෙය්ය මෙහි උදෑසන ආහාරය යන අදහසින් පාතරාස වේ. එය පිණ්ඩපාතයට නමකි. ඒ මහණ ලබන දෙය සඳහන් කරමින් මෙහි පාතරාස යැයි කියන ලදී. පිඬු පිණිස ලැබෙන යම් දෙයක් සඳහා යන්නේය යනු මෙහි තේරුමයි දතයුතුය.
එවං පවිට්ඨො –
මෙසේ පිවිසි -
“පිණ්ඩඤ්ච භික්ඛු සමයෙන ලද්ධා, එකො පටික්කම්ම රහො නිසීදෙ; අජ්ඣත්තචින්තී න මනො බහිද්ධා, නිච්ඡාරයෙ සඞ්ගහිතත්තභාවො”.
මහණ ‘පිඬු අහරෙහි සිත යොමන ලද්දේ’ ‘පිණ්ඩං භික්ඛූ.... -පෙ- සංගහිතත්තභාවො’ වේ.
තත්ථ පිණ්ඩන්ති මිස්සකභික්ඛං, සා හි තතො තතො සමොධානෙත්වා සම්පිණ්ඩිතට්ඨෙන “පිණ්ඩො”ති වුච්චති. සමයෙනාති අන්තොමජ්ඣන්හිකකාලෙ. එකො පටික්කම්මාති කායවිවෙකං සම්පාදෙන්තො අදුතියො නිවත්තිත්වා. අජ්ඣත්තචින්තීති තිලක්ඛණං ආරොපෙත්වා ඛන්ධසන්තානං චින්තෙන්තො. න මනො බහිද්ධා නිච්ඡාරයෙති බහිද්ධා රූපාදීසු රාගවසෙන චිත්තං න නීහරෙ. සඞ්ගහිතත්තභාවොති සුට්ඨු ගහිතචිත්තො.
පිණ්ඩං යනු බත් ව්‍යඤ්ජන ආදිය කවලම් වූ ආහාරයයි. එම ආහාරය ඒ ඒ තැන්වලින් රැස්කරගෙන එකට මුසුව ගුලි කරන අරුතින් පිණ්ඩො යැයි කියනු ලැබේ. සමයෙන මැදියම දාවල අතර කාලයෙහි, එකො පටික්කම්ම කයෙහි විවේකය ඇතිකර ගනිමින් තනිවම නැවතී, අජ්ඣත්තචින්තී රූප, වේදනා ආදී සමූහයෙන් යුතු සිරුර ගැන, තිලකුණු මෙනෙහි කරමින්, න මනො බහිද්ධා නිච්ඡාරයෙ පිටත රූපාදිය කෙරෙහි රාගාදීව සිත යොමු නොකරන්නේය. සංගහිතත්ත භාවො මනාව සිත පිහිටුවා ගැනීමයි.
එවං විහරන්තො ච –
මෙසේ වාසය කරන මහණ
“සචෙපි සො සල්ලපෙ සාවකෙන, අඤ්ඤෙන වා කෙනචි භික්ඛුනා වා; ධම්මං පණීතං තමුදාහරෙය්ය, න පෙසුණං නොපි පරූපවාදං”.
‘සචෙහි සො -පෙ පරූපවාදං’ (ගාථාවෙන් තවදුරටත් විස්තර වේ.)
කිං වුත්තං හොති? සො යොගාවචරො කිඤ්චිදෙව සොතුකාමතාය උපගතෙන සාවකෙන වා කෙනචි අඤ්ඤතිත්ථියගහට්ඨාදිනා වා ඉධෙව පබ්බජිතෙන භික්ඛුනා වා සද්ධිං සචෙපි සල්ලපෙ, අථ ය්වායං මග්ගඵලාදිපටිසංයුත්තො දසකථාවත්ථුභෙදො වා අතප්පකට්ඨෙන පණීතො ධම්මො. තං ධම්මං පණීතං උදාහරෙය්ය, අඤ්ඤං පන පිසුණවචනං වා පරූපවාදං වා අප්පමත්තකම්පි න උදාහරෙය්යාති.
කුමක් නිසා එසේ කියන ලද ද? සො බවුන් වඩන යෝගාවචර වූ තැනැත්තා කිසියම් දෙයක් අසනු කැමතිව පැමිණෙන සාවකෙන කෙනචි වෙනත් තීර්ථක වැනි සමයවාදීන් හෝ ගිහියන් ආදීන් හෝ මේ සසුනෙහි පැවිදි වූවකු හික්ඛුනා වා සමග කතාබහ කරයිද ඒ කතා මගපල ආදියට ඇතුලත් කරුණු සහිත වූ, නුසුදුසු කතා දහයෙන් මුළුමනින්ම වෙන්ව, උසස් දහම ගැනත්, එහි වැදගත් බවත් මිහිරි බවත් නිදසුන් කොට දක්වන්නේ ය. කේලාම් ආදී පරූපවාදං මදකුදු නොකියන්නේය.
ඉදානි තස්මිං පරූපවාදෙ දොසං දස්සෙන්තො ආහ “වාදඤ්හි එකෙ”ති. තස්සත්ථො – ඉධෙකච්චෙ මොඝපුරිසා පරූපවාදසඤ්හිතං නානප්පකාරං විග්ගාහිකකථාභෙදං වාදං පටිසෙනියන්ති විරුජ්ඣන්ති, යුජ්ඣිතුකාමා හුත්වා සෙනාය පටිමුඛං ගච්ඡන්තා විය හොන්ති, තෙ මයං ලාමකපඤ්ඤෙ න පසංසාම. කිං කාරණං? තතො තතො නෙ පසජන්ති සඞ්ගා, යස්මා තෙ තාදිසකෙ පුග්ගලෙ තතො තතො වචනපථතො සමුට්ඨාය විවාදසඞ්ගා සජන්ති අල්ලීයන්ති. කිං කාරණා සජන්තීති? චිත්තඤ්හි තෙ තත්ථ ගමෙන්ති දූරෙ, යස්මා තෙ පටිසෙනියන්තා චිත්තං තත්ථ ගමෙන්ති, යත්ථ ගතං සමථවිපස්සනානං දූරෙ හොතීති.
දැන් මෙහි අනුන්ට දොස් කීමෙහි වරද දක්වමින් වාදං හි එකෙ යන ගාථාව කීහ. එහි අරුත නම්, මේ ලෝකයෙහි ඇතැම් හිස් මිනිසුන් අනුන්ට දොස් නගන අයුරින් නොයෙක් ලෙසින් කලහ වඩන ලෙසට කරන කතා, වාදං පටිසෙනියං සතුරු වෙති. යුද කරනු කැමතිව සේනාව සමග ඉදිරියට යන්නාක් මෙන් වෙති. තෙ ‘අපි ලාමක පඤ්ඤො නප්පසංසාම ඊට හේතුව කුමක්ද? තතො තතො නෙ පසජන්ති සංගා යම් ලෙසකින් එබඳු පුද්ගලයන් කෙරෙහි කියනු ලබන ඒ ඒ වචන නිසා කලහකාරිව හටගන්නා වාද මුසුව එක්වෙති. ඇලෙති. කිනම් හේතුවකින් ඊට එක්වෙත් ද? චිත්තං හි තෙ තත්ථ ගමෙන්ති දූරෙ ඔවුන් එකිනෙකාට සතුරු වෙමින් සිත ඊටම යොමු කරන තරමටම සමථ විදසුන් ඈත් වෙයි.
එවං පරිත්තපඤ්ඤානං පවත්තිං දස්සෙත්වා ඉදානි මහාපඤ්ඤානං පවත්තිං දස්සෙන්තො ආහ “පිණ්ඩං විහාරං…පෙ… සාවකො”ති. තත්ථ විහාරෙන පතිස්සයො, සයනාසනෙන මඤ්චපීඨන්ති තීහිපි පදෙහි සෙනාසනමෙව වුත්තං. ආපන්ති උදකං. සඞ්ඝාටිරජූපවාහනන්ති පංසුමලාදිනො සඞ්ඝාටිරජස්ස ධොවනං. සුත්වාන ධම්මං සුගතෙන දෙසිතන්ති සබ්බාසවසංවරාදීසු “පටිසඞ්ඛා යොනිසො චීවරං පටිසෙවති සීතස්ස පටිඝාතායා”තිආදිනා (ම· නි· 1.23; අ· නි· 6.58) නයෙන භගවතා දෙසිතං ධම්මං සුත්වා. සඞ්ඛාය සෙවෙ වරපඤ්ඤසාවකොති එතං ඉධ පිණ්ඩන්ති වුත්තං පිණ්ඩපාතං, විහාරාදීහි වුත්තං සෙනාසනං, ආපමුඛෙන දස්සිතං ගිලානපච්චයං, සඞ්ඝාටියා චීවරන්ති චතුබ්බිධම්පි පච්චයං සඞ්ඛාය “යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා”තිආදිනා (ම· නි· 1.23; අ· නි· 6.58) නයෙන පච්චවෙක්ඛිත්වා සෙවෙ වරපඤ්ඤසාවකො, සෙවිතුං සක්කුණෙය්ය වරපඤ්ඤස්ස තථාගතස්ස සාවකො සෙක්ඛො වා පුථුජ්ජනො වා, නිප්පරියායෙන ච අරහා. සො හි චතුරාපස්සෙනො “සඞ්ඛායෙකං පටිසෙවති, සඞ්ඛායෙකං අධිවාසෙති, සඞ්ඛායෙකං පරිවජ්ජෙති, සඞ්ඛායෙකං විනොදෙතී”ති (දී· නි· 3.308; ම· නි· 2.168; අ· නි· 10.20) වුත්තො. යස්සා ච සඞ්ඛාය සෙවෙ වරපඤ්ඤසාවකො, තස්මා හි පිණ්ඩෙ…පෙ… යථා පොක්ඛරෙ වාරිබින්දු, තථා හොතීති වෙදිතබ්බො.
මෙසේ නුවණ මද බවෙහි තතු දක්වා මීළගට මහත් නුවණැත්තන්ගේ තතු පෙන්වමින් පිණ්ඩං විහාරං -පෙ- වර පඤ්ඤ සාවකො යන ගාථාව කීහ. එහි වාසයට සුදුසු, හිඳින, නිදන තැන්, ඇඳ පුටු යන පද තුනම සේනාසන නමින්ම කියන ලදී. ආප ජලයයි. සංඝාටිරජූපවාහනං සඟල සිවුරෙහි දූවිලි කුණු ආදිය සෝදා හැරිම, සුත්වාන ධම්මං සුගතෙන දෙසිතං සියළු කෙලෙසුන් කෙරෙහි ‘නුවණින් මෙනෙහි කොට, සීතලෙන් වැළකීම පිණිස සිවුරු පරිහරණය කරයි’- ‘පටිසංඛා යොනිසො චීවරං පටිසෙවති සීතස්ස පටිඝාතාය’ ආදී ලෙසින් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දහම් අසා, සංඛාය සෙවෙ වරපඤ්ඤසාවකො මෙම ගාථාවෙහි පිණ්ඩං යනු පිණ්ඩපාතයයි. විහාර ආදී වාසය ලෙසින් සේනාසනද, ආප යනුවෙන් ගිලන්පසද, සංඝාටි යනුවෙන් සිවුරද සිවුපසය ලෙස හඳුන්වමින්, ‘හුදෙක්ම මේ සිරුරේ පැවැත්ම පිණිස’ -– ‘යාචදෙව ඉමස්ස කායස්ස ඨිතියා’ - යැයි නුවණැති ඒ උතුම් සාවකයකු ඇසුරු කිරීමට හැකි වන්නේය. උතුම් නුවණැති තථාගතයන් වහන්සේගේ සකු හෝ ඒ පිළිවෙත් මග පත්වූවකු හෝ එම මග අනුගමනය කරන්නකු හෝ වෙසෙසින්ම රහත්පල ලැබූවෙකි. සිවුපසය සැළකීමේදී නුවණින් යුතුව පරිහරණය කරයි. නුවණින් යුතුව ඉවසයි. නුවණින් යුතුව දුරුකරයි. ‘සංඛායෙකං පටිසෙවති, සංඛායෙකං අධිවාසෙති, සංඛායෙකං පරිවජ්ජෙති, සංඛායෙකං විනොදෙති යැයි කියා ඇත. නුවණින් යුතු ඒ උතුම් සාවකයා එබඳුය. තස්මාහි පිණ්ඩෙ - පොක්ඛරෙ වාරි බින්දු ඒ සාවකයා එසේ වේයැයි දතයුතුය.
එවං ඛීණාසවපටිපත්තිං දස්සෙන්තො අරහත්තනිකූටෙන අනගාරියපටිපදං නිට්ඨාපෙත්වා ඉදානි අගාරියපටිපදං දස්සෙතුං “ගහට්ඨවත්තං පන වො”තිආදිමාහ. තත්ථ පඨමගාථාය තාව සාවකොති අගාරියසාවකො. සෙසං උත්තානත්ථමෙව. අයං පන යොජනා – යො මයා ඉතො පුබ්බෙ කෙවලො අබ්යාමිස්සො සකලො පරිපුණ්ණො භික්ඛුධම්මො කථිතො. එස ඛෙත්තවත්ථුආදිපරිග්ගහෙහි සපරිග්ගහෙන න ලබ්භා ඵස්සෙතුං න සක්කා අධිගන්තුන්ති.
මෙසේ කෙලෙසුන් නැති කිරීමේ පිළිවෙත දක්වමින්, අරහත් බව කුළුගන්වා, අනගාරිය පිළිවෙත නිමවා දැන් ගිහි පිළිවෙත පහදා දීමට ගහට්ඨවත්තං පන වො ආදී ගාථා වදාළහ. ඒ ගාථා පෙළෙහි සාවකො යැයි කියන ලද්දේ ගිහිව වසන තෙරුවන් සරණ ගිය තැනැත්තා ගැනය. අනෙක් කරුණු කලින් කියා ඇති පරිදිමය. අදහස් කෙරෙන්නේ මෙපරිද්දෙනි. යො මා මීට පෙර, කෙවලො හැම අයුරින්ම පිරිපුන්ව, භික්ඛුධම්මො (එසේ) කියන ලද, එස කෙත්වතු ආදී අයිතියෙන්, සපරිග්ගහෙ න ලබ්භා ඵස්සෙතුං ලබාගැනීමට නොහැකිය.
එවං තස්ස භික්ඛුධම්මං පටිසෙධෙත්වා ගහට්ඨධම්මමෙව දස්සෙන්තො ආහ “පාණං න හනෙ”ති. තත්ථ පුරිමඩ්ඪෙන තිකොටිපරිසුද්ධා පාණාතිපාතාවෙරමණි වුත්තා, පච්ඡිමඩ්ඪෙන සත්තෙසු හිතපටිපත්ති. තතියපාදො චෙත්ථ ඛග්ගවිසාණසුත්තෙ (සු· නි· 35 ආදයො) චතුත්ථපාදෙ ථාවරතසභෙදො මෙත්තසුත්තවණ්ණනායං (සු· නි· 143 ආදයො) සබ්බප්පකාරතො වණ්ණිතො. සෙසං උත්තානත්ථමෙව. උප්පටිපාටියා පන යොජනා කාතබ්බා – තසථාවරෙසු සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං න හනෙ න ඝාතයෙය්ය නානුජඤ්ඤාති. “නිධාය දණ්ඩ”න්ති ඉතො වා පරං “වත්තෙය්යා”ති පාඨසෙසො ආහරිතබ්බො. ඉතරථා හි න පුබ්බෙනාපරං සන්ධියති.
මෙසේ පැවිදි දහම ගැන කීම නවතා, ගිහි පිළිවෙත දක්වමින් පාණං න හානෙ යැයි කීහ. එහි මුල් ගාථා පද දෙකෙන් තුන් ආකාරයෙන් පිරිසිදුව පරපණ නැසීමෙන් වැළකීම කියන ලදී. පසුපදයෙන් ජීවීන් කෙරෙහි හිතවත් පිළිවෙතත්, තුන්වන පදයෙන් ඛග්ගවිසාණ සූත්‍රයට අදාලවත්, සිවුවන පදයෙන් මෙත්ත සූත්‍රයේ සඳහන් පරිදි තැති ගන්නා වූ සහ නොසැලෙන යන ලෙස දැක්වෙන කරුණු ද මුළුමනින්ම විස්තර කරන ලදී. ඉතිරි කරුණු ද කලින් පැහැදිලි කොට ඇත. (මෙහිදී) පිළිවෙල වෙනස්කොට අදහස් දැක්විය යුතුය. තැති ගන්නා සුළුවූද, තැති නොගන්නා වූ, කම්පා නොවන සියළුම ජීවීන් කෙරෙහි දඬු ආදිය හෝ නොගෙන, නොනසන්නේය. විනාස නොකරන්නේය. නැසීමට අනුමත නොකරන්නේය. නිධාය දණ්ඩං මෙයින් හෝ පසුව වත්තෙය්ය යන ඉතිරිව ඇති පාඨය ගෙනහැර දැක්විය යුතුය. පෙර පසු කරුණු සම්බන්ධ වන්නේ එසේය.
එවං පඨමසික්ඛාපදං දස්සෙත්වා ඉදානි දුතියසික්ඛාපදං දස්සෙන්තො ආහ “තතො අදින්න”න්ති. තත්ථ කිඤ්චීති අප්පං වා බහුං වා. ක්වචීති ගාමෙ වා අරඤ්ඤෙ වා. සාවකොති අගාරියසාවකො. බුජ්ඣමානොති “පරසන්තකමිද”න්ති ජානමානො. සබ්බං අදින්නං පරිවජ්ජයෙය්යාති එවඤ්හි පටිපජ්ජමානො සබ්බං අදින්නං පරිවජ්ජෙය්ය, නො අඤ්ඤථාති දීපෙති. සෙසමෙත්ථ වුත්තනයඤ්ච පාකටඤ්චාති.
මෙසේ පළමු සිකපදය දක්වා, දෙවන සිකපදය පෙන්වාදීමට තතො අදින්නං යන ගාථාව වදාළහ. කිඤ්චි ටිකක් හෝ බොහෝ හෝ, ක්වචි ගමෙහි හෝ කැලයෙහි හෝ, සාවකො ගිහි සාවකයා, බුජ්ඣමානො මෙය අනුන්ට අයත්දැයි දැනගෙන, සබ්බං අදින්නං පරිවජ්ජයෙය්ය මෙසේ පිළිපදිනවිට නුදුන් සියළුම දේ ගැනීමෙන් දුරු වන්නේ ය. වෙනස් නොවන බව පෙන්වා දෙයි. කියා ඇති පරිදි ඉතිරි කරුණු දැනගැනීම පහසුය.
එවං දුතියසික්ඛාපදම්පි තිකොටිපරිසුද්ධං දස්සෙත්වා උක්කට්ඨපරිච්ඡෙදතො පභුති තතියං දස්සෙන්තො ආහ “අබ්රහ්මචරිය”න්ති. තත්ථ අසම්භුණන්තොති අසක්කොන්තො.
මෙසේ දෙවන සිකපදයෙන්ද තුන්ආකාර පිරිසිදු බව දක්වා ඉතා උසස් අදහසක් වෙනුවෙන් තුන්වන සිකපදය දක්වමින් අබ්රහ්මචරියං යන ගාථාව වදාළහ. අස්මභුණන්තො නොහැකිව.
ඉදානි චතුත්ථසික්ඛාපදං දස්සෙන්තො ආහ “සභග්ගතො වා”ති. තත්ථ සභග්ගතොති සන්ථාගාරාදිගතො. පරිසග්ගතොති පූගමජ්ජගතො. සෙසමෙත්ථ වුත්තනයඤ්ච පාකටඤ්චාති.
දැන් සිවුවන සිකපදය දක්වමින් සභග්ගතො වා යන ගාථාව වදාළහ. සභග්ගතො රැස්වෙන තැනකට ගියේ, පරිසග්ගතො සමූහයක් මැදට ගියේ, ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදි පැහැදිලිය.
එවං චතුත්ථසික්ඛාපදම්පි තිකොටිපරිසුද්ධං දස්සෙත්වා පඤ්චමං දස්සෙන්තො ආහ “මජ්ජඤ්ච පාන”න්ති. තත්ථ මජ්ජඤ්ච පානන්ති ගාථාබන්ධසුඛත්ථං එවං වුත්තං. අයං පනත්ථො “මජ්ජපානඤ්ච න සමාචරෙය්යා”ති. ධම්මං ඉමන්ති ඉමං මජ්ජපානවෙරමණීධම්මං. උම්මාදනන්තන්ති උම්මාදනපරියොසානං. යො හි සබ්බලහුකො මජ්ජපානස්ස විපාකො, සො මනුස්සභූතස්ස උම්මත්තකසංවත්තනිකො හොති. ඉති නං විදිත්වාති ඉති නං මජ්ජපානං ඤත්වා. සෙසමෙත්ථ වුත්තනයඤ්ච පාකටඤ්චාති.
මෙසේ සිදුවන සිකපදයෙන් ද තුන් ආකාර වූ පිරිසිදු බව දක්වා මජ්ජඤ්චපානං ආදී ගාථාවෙන් පස්වන සිකපදය ගැන වදාළහ. එහි මජ්ජඤ්ච පානං යැයි ගාථාව ගෙතීමේ පහසුව සළකා කියන ලදී. මේ එහි තේරුමයි. මත් ගතිය ඇතිවන බීම න සමාචරෙය්ය, ධම්මං ඉමං මත්බව ඇතිවන එබඳු දේ පාවිච්චියෙන් වැළකීමේ ගතියයි. උම්මාදනන්තං එය උමතුවෙන් අවසාන වේ. බොහෝසෙයින් මත්වන දෑ ගැනීමට යොමුවන තැනැත්තාට අත්විඳීමට වන්නේ මිනිසකුව සිටියද උමතු මිනිසකු බවට පත්වීමය. ඉති නං විදිත්වා ඒ තැනැත්තා මත්වන දෙයකැයි දැන, ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදි පැහැදිලිය.
එවං පඤ්චමසික්ඛාපදම්පි තිකොටිපරිසුද්ධං දස්සෙත්වා ඉදානි පුරිමසික්ඛාපදානම්පි මජ්ජපානමෙව සංකිලෙසකරඤ්ච භෙදකරඤ්ච දස්සෙත්වා දළ්හතරං තතො වෙරමණියං නියොජෙන්තො ආහ “මදා හි පාපානි කරොන්තී”ති. තත්ථ මදාති මදහෙතු. හිකාරො පදපූරණමත්තෙ නිපාතො. පාපානි කරොන්තීති පාණාතිපාතාදීනි සබ්බාකුසලානි කරොන්ති. උම්මාදනං මොහනන්ති පරලොකෙ උම්මාදනං ඉහලොකෙ මොහනං. සෙසං උත්තානත්ථමෙව.
මෙසේ පස්වන සිකපදයෙන්ද තුන් ආකාර වූ පිරිසිදු බව දක්වා, දැන් මුලසිටම සිකපදයෙන් මත්වන දේ පානයෙහි කෙලෙස් සහගත බවද (හැමදෙනා අමනාපව) බිඳවන අයුරුද පෙන්වා එයින් වැළකීමට දැඩි ලෙස පොළඹවමින්, මදා හි පාපානි කරොන්තී යන ගාථාව වදාළහ. මදා මත්වීමට හේතුවයි. ‘හි’ අකුර පදයෙහි අඩුව පිරවීමට යෙදූ නිපාතයකි. පාපානි කරොන්ති පරපණ නැසීම ආදී සියළු අයහපත් දේ කරති. උම්මාදනං මොහනං පරලොව උමතුව ඉපදීමත්, මෙලොවදීම (සිහි) මුළාවීමත් වේ. ඉතිරි කරුණු කලින් කියන ලද පරිදි පැහැදිලිය.
එත්තාවතා අගාරියසාවකස්ස නිච්චසීලං දස්සෙත්වා ඉදානි උපොසථඞ්ගානි දස්සෙන්තො “පාණං න හනෙ”ති ගාථාද්වයමාහ. තත්ථ අබ්රහ්මචරියාති අසෙට්ඨචරියභූතා. මෙථුනාති මෙථුනධම්මසමාපත්තිතො. රත්තිං න භුඤ්ජෙය්ය විකාලභොජනන්ති රත්තිම්පි න භුඤ්ජෙය්ය, දිවාපි කාලාතික්කන්තභොජනං න භුඤ්ජෙය්ය. න ච ගන්ධන්ති එත්ථ ගන්ධග්ගහණෙන විලෙපනචුණ්ණාදීනිපි ගහිතානෙවාති වෙදිතබ්බානි. මඤ්චෙති කප්පියමඤ්චෙ. සන්ථතෙති තට්ටිකාදීහි කප්පියත්ථරණෙහි අත්ථතෙ. ඡමායං පන ගොනකාදිසන්ථතායපි වට්ටති. අට්ඨඞ්ගිකන්ති පඤ්චඞ්ගිකං විය තූරියං, න අඞ්ගවිනිමුත්තං. දුක්ඛන්තගුනාති වට්ටදුක්ඛස්ස අන්තගතෙන. සෙසමෙත්ථ පාකටමෙව. පච්ඡිමඩ්ඪුං පන සඞ්ගීතිකාරකෙහි වුත්තන්තිපි ආහු.
මෙපමණකින් ගිහි සාවකයකුගේ නිති හික්මීමට අදාල සීලය දක්වා දැන් පෙහෙවස් කරුණු පහදමින් පාණං න හානෙ යන ගාථා දෙකක් වදාළහ. එහි අබ්‍රහ්මචරියා පහත් හැසිරීමෙන් යුතු මෙථුනා ලිංගික ඇසුරෙන්, රතනං න භුඤ්ජෙය්ය විකාලභොජනං රෑ කාලයෙහි අනුභව නොකරන්නේ, දිවාකල්හිද නියම කාලය ඉකුත් වූ විට අනුභව නො කරන්නේය. න ච ගන්ධං මෙහි ගන්ධ යනුවෙන් විලවුන් වත්සුණු ආදිය දතයුතුය. මඤ්චෙ කැප වූ ඇඳන්, සන්ථතෙ පැදුරු ආදී කැපවූ ඇතිරිලිවලින්, ජමායං දිග් ලොම් ඇති පලස් වැනි ඇතිරිලි ද සඳහන් කළ හැකිය. අට්ඨංගිකං පසඟතුරු මෙන් නොව, ඒ ඒ කොටස්වලින් වෙන් නොකළ, දුක්ඛන්තගුනා සසර දුකෙහි කෙළවරට යන, ඉතිරි වචනවල අරුත් පැහැදිලිය. ගාථාවෙහි අවසන් පද දෙක සංගායනාවට එක්වූ යතිවරුන් කියන ලදැයි අදහස් වේ.
එවං උපොසථඞ්ගානි දස්සෙත්වා ඉදානි උපොසථකාලං දස්සෙන්තො ආහ “තතො ච පක්ඛස්සා”ති. තත්ථ තතොති පදපූරණමත්තෙ නිපාතො. පක්ඛස්සුපවස්සුපොසථන්ති එවං පරපදෙන යොජෙතබ්බං “පක්ඛස්ස චාතුද්දසිං පඤ්චදසිං අට්ඨමින්ති එතෙ තයො දිවසෙ උපවස්ස උපොසථං, එතං අට්ඨඞ්ගිකඋපොසථං උපගම්ම වසිත්වා”ති. පාටිහාරියපක්ඛඤ්චාති එත්ථ පන වස්සූපනායිකාය පුරිමභාගෙ ආසාළ්හමාසො, අන්තොවස්සං තයො මාසා, කත්තිකමාසොති ඉමෙ පඤ්ච මාසා “පාටිහාරියපක්ඛො”ති වුච්චන්ති. ආසාළ්හකත්තිකඵග්ගුණමාසා තයො එවාති අපරෙ. පක්ඛුපොසථදිවසානං පුරිමපච්ඡිමදිවසවසෙන පක්ඛෙ පක්ඛෙ තෙරසීපාටිපදසත්තමීනවමීසඞ්ඛාතා චත්තාරො චත්තාරො දිවසාති අපරෙ. යං රුච්චති, තං ගහෙතබ්බං. සබ්බං වා පන පුඤ්ඤකාමීනං භාසිතබ්බං. එවමෙතං පාටිහාරියපක්ඛඤ්ච පසන්නමානසො සුසමත්තරූපං සුපරිපුණ්ණරූපං එකම්පි දිවසං අපරිච්චජන්තො අට්ඨඞ්ගුපෙතං උපොසථං උපවස්සාති සම්බන්ධිතබ්බං.
මෙසේ පෙහෙවස් අංග දක්වා දැන් පෙහෙවස් කාලය සඳහන් කරමින් තතොච පක්ඛස්ස යන ගාථාව වදාළහ. තතො පද පිරවීමට යෙදූ නිපාතයකි. පක්ඛස්සුපවස්සුපොසථං යැයි මෙසේ පසුපදය යෙදිය යුතුය. පක්ඛස්ස චාතුද්දසී පඤ්චදසී අට්ඨමී මේ දින තුනෙහි පෙහෙවස් වසව, ඒ අටසිල් සමාදන්ව කල්ගතකොට, පාටිහාරිය පක්ඛඤ්ච වස් එළඹෙන මුල්කොටස වූ ඇසළ මාසයත්, වස් කාලයට ගැනෙන තුන් මාසයත්, ඉල් මාසයත් යන මාස පහ පාටිහාරිය පක්ඛ යැයි හඳුන්වනු ලබයි. ඇතමෙක් ඇසළ, ඉල්, මැදින් යන මාස තුන දක්වති. පෙහෙවස් සමාදන් වන (පොහොය යයි සම්මත) දිනවල පුරපස වැනි කොටස් අනුව, මුලින් හා පසු දවස් ලෙස, දහතුන්වන දිනය, පසළොස්වක දිනය, අමාවක දිනට පසු හත්වන, නවවන දිනය සේ දින සතර සතර බැගින් සැළකිය යුතු බව ඇතැම්වූ අදහස් කරති. එය කැමති පරිදි පිළිගත යුතුය. පින් කිරීමට බිය විය යුතු නොවේ. මෙම (පොහොය යැයි) සම්මත වෙසෙස් කාලය අනුවද පසන්න මානසො සුසමත්තරූපං මුළුමනින්ම එක්දිනක් හෝ අත්නොහැර, අට්ඨංගුපෙතං පෙහෙවස් වසන්නේ යැයි ගැළපිය යුතුය.
එවං උපොසථකාලං දස්සෙත්වා ඉදානි තෙසු කාලෙසු එතං උපොසථං උපවස්ස යං කාතබ්බං, තං දස්සෙන්තො ආහ “තතො ච පාතො”ති. එත්ථාපි තතොති පදපූරණමත්තෙ නිපාතො, අනන්තරත්ථෙ වා, අථාති වුත්තං හොති. පාතොති අපරජ්ජුදිවසපුබ්බභාගෙ. උපවුත්ථුපොසථොති උපවසිතඋපොසථො. අන්නෙනාති යාගුභත්තාදිනා. පානෙනාති අට්ඨවිධපානෙන. අනුමොදමානොති අනුපමොදමානො, නිරන්තරං මොදමානොති අත්ථො. යථාරහන්ති අත්තනො අනුරූපෙන, යථාසත්ති යථාබලන්ති වුත්තං හොති. සංවිභජෙථාති භාජෙය්ය පතිමානෙය්ය. සෙසං පාකටමෙව.
මෙසේ පෙහෙවස් කාලය දක්වා, දැන් ඒ කාලය තුල පෙහෙවස් සමාදන්ව කළ යුත්තේ කුමක්දැයි පහදමින් තතොච පාතො යන ගාථාව වදාළහ. තතො යනු පද පිරවීමට යෙදූ නිපාතයකි. අතරතුර හෝ ඉක්බිති, ඊළඟට වැනි තේරුමක් සේ කියන ලදී. පාතො පසුදින මුල්කොටස, උපවුත්ථුපොසථො පෙහෙවස් සමාදන්ව, අන්නෙන කැඳ බත් ආදියෙන්, පානෙන පානයට සුදුසු අටවැදෑරුම් වේ (අට්ඨපාන), අනුමොදමානො පිළිගෙන, සතුටට පත්වෙමින්, නිරතුරුවම පහන් වූ සිතින් යන අදහසයි. යථාරහං තමාට සුදුසු පරිදි, හැකි පරිදි, සංවිභජෙථ අනුභව කරන්නේය, බෙහෙවින් ගරු කරන්නේය. ඉතිරි කරුණු පැහැදිලිය.
එවං උපවුත්ථුපොසථස්ස කිච්චං වත්වා ඉදානි යාවජීවිකං ගරුවත්තං ආජීවපාරිසුද්ධිඤ්ච කථෙත්වා තාය පටිපදාය අධිගන්තබ්බට්ඨානං දස්සෙන්තො ආහ “ධම්මෙන මාතාපිතරො”ති. තත්ථ ධම්මෙනාති ධම්මලද්ධෙන භොගෙන . භරෙය්යාති පොසෙය්ය. ධම්මිකං සො වණිජ්ජන්ති සත්තවණිජ්ජා, සත්ථවණිජ්ජා, විසවණිජ්ජා, මංසවණිජ්ජා, සුරාවණිජ්ජාති ඉමා පඤ්ච අධම්මවණිජ්ජා වජ්ජෙත්වා අවසෙසා ධම්මිකවණිජ්ජා. වණිජ්ජාමුඛෙන චෙත්ථ කසිගොරක්ඛාදි අපරොපි ධම්මිකො වොහාරො සඞ්ගහිතො. සෙසමුත්තානත්ථමෙව. අයං පන යොජනා – සො නිච්චසීලඋපොසථසීලදානධම්මසමන්නාගතො අරියසාවකො පයොජයෙ ධම්මිකං වණිජ්ජං, තතො ලද්ධෙන ච ධම්මතො අනපෙතත්තා ධම්මෙන භොගෙන මාතාපිතරො භරෙය්ය. අථ සො ගිහී එවං අප්පමත්තො ආදිතො පභුති වුත්තං ඉමං වත්තං වත්තයන්තො කායස්ස භෙදා යෙ තෙ අත්තනො ආභාය අන්ධකාරං විධමෙත්වා ආලොකකරණෙන සයම්පභාති ලද්ධනාමා ඡ කාමාවචරදෙවා, තෙ සයම්පභෙ නාම දෙවෙ උපෙති භජති අල්ලීයති, තෙසං නිබ්බත්තට්ඨානෙ නිබ්බත්තතීති.
මෙසේ පෙහෙවස් සමාදන් වූවකුගේ කටයුතු දක්වා, දැන් දිවිහිමියෙන් ඔහු විසින් හුරු කරගත යුතු, පිළිපැදිය යුතු වත් පිළිවෙත් හා පිරිසිදු දිවිපැවැත්ම පවසා, ඒ පිලිවෙතින් ලද හැකි ‘උසස් බව’ දක්වමින් ධම්මෙන මාතාපිතරො යන ගාථාව වදාළහ. ධම්මෙන දැහැමින් ලද සම්පතින්, භරෙය්ය ආහාරපාන ලබා දෙන්නේය. ධම්මිකං සො වණිජ්ජං අවි වෙළඳාම, සතුන් වෙළඳාම, මස් වෙළඳාම, රහමෙර-මත්වන දේ වෙළඳාම, වසවිස වෙළඳාම යන මෙම අදැහැමි වූ වෙළඳාම් පහ හැර, ඉතිරි වෙළඳාම් දැහැමි වේ. වෙළඳාම යනුවෙන් මෙහි ගොවිතැන, ගව පාලනය ආදී වෙනත් දැහැමි ආදායම් ලබන කටයුතු ඇතුලත්ය. ඉතිරි කරුණු පැහැදිලිය. මෙහිදී මෙම කරුණු ද අදහස් වේ. ඒ තෙරුවන් සරණ පත් සාවකයා නිරතුරුවම රකින සීලය (පන්සිල්) පෙහෙවස් සීලය හා දන් දීම ආදී දැහැමි කටයුතුවලින් යුතුව, පයොජයෙ දැහැමි වූ වෙළඳාම හා එයින් ලද ආදායම යහපත් දෙයටම මිස, අපතේ නිකරුණේ වැය නොකොට, මව්පියන් පෝෂණය කරන්නේය. එවිට ඔහු ගිහී එසේ සිටියත්, අප්පමත්තො මුලදීම කියන ලද පරිදි, වත්තයං මේ පිළිවෙත, මරණින් පසු තමන් ලද (පින්) ආලෝකයෙන් අඳුර දුරුකොට, එළිය පතුරුවමින් සයම්පභා යන නම ලබමින් කාමාවචර සදෙව් ලෝ අතර සයම්පභෙ නාම දෙවෙ උපෙති උපත ලබයි. ඇලෙයි. එබඳු දෙවිවරුන් උපන් තැන ඔහුද ඉපදෙයි.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය ධම්මිකසුත්තවණ්ණනා නිට්ඨිතා.
ධම්මික විස්තරය නිමි.
නිට්ඨිතො ච දුතියො වග්ගො අත්ථවණ්ණනානයතො, නාමෙන චූළවග්ගොති.
චුල්ග වග්ග නම් වූ දෙවන කොටස නිමි.