යෙදුමෙන් කියවන්න

13. සම‍්මාපරිබ‍්බාජනීය සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

13. සම‍්මාපරිබ‍්බාජනීය සුත‍්තවණ‍්ණනා

13. සම්මාපරිබ්බාජනීය සූත්‍ර වර්ණනාව

පුච‍්ඡාමි මුනිං පහූතපඤ‍්ඤන‍්ති සම‍්මාපරිබ‍්බාජනීයසුත‍්තං, “මහාසමයසුත‍්ත”න‍්තිපි වුච‍්චති මහාසමයදිවසෙ කථිතත‍්තා. කා උප‍්පත‍්ති? පුච‍්ඡාවසිකා උප‍්පත‍්ති. නිම‍්මිතබුද‍්ධෙන හි පුට‍්ඨො භගවා ඉමං සුත‍්තමභාසි, තං සද‍්ධිං පුච‍්ඡාය “සම‍්මාපරිබ‍්බාජනීයසුත‍්ත”න‍්ති වුච‍්චති. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරතො පන සාකියකොලියානං උප‍්පත‍්තිතො පභුති පොරාණෙහි වණ‍්ණීයති.

පුච්ඡාමි මුනිං යනු සම්මා පරිබ්බාජනීය සූත්‍රයයි. (පසුව විස්තර වන පරිදි බොහෝ දෙවිදේවතාවුන්) රැස්වූ වේලාවෙහි කියන ලද බැවින් මහාසමය සූත්‍රය යැයිද හඳුන්වනු ලබයි. මෙම සූත්‍රයට හේතු වූ කරුණ කුමක්ද? විමසූ දෙයකට පිළිතුරු ලෙසිනි. ඉඳු බලයෙන් පෙන්වන ලද බුදුවරයකු විසින් අසන ලද පරිදි භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රය දෙසූහ. එසේ බුදුවරයකු සමග කරුණු විමසන ලද නිසා සම්මා පරිබ්බාජනීය සූත්‍රය යැයි කියනු ලැබේ. මේ එහි කෙටි විස්තරයකි. විස්තර ලෙසින් සැකිකුල - කෝලිය උපතෙහි පටන් තොරතුරු පැරණි ඇඳුරු හිමිවරුන් (පොරාණෙහි) සඳහන් කරනු ලබයි.

තත්‍රායං උද‍්දෙසමග‍්ගවණ‍්ණනා – පඨමකප‍්පිකානං කිර රඤ‍්ඤො මහාසම‍්මතස‍්ස රොජො නාම පුත‍්තො අහොසි. රොජස‍්ස වරරොජො, වරරොජස‍්ස කල්‍යාණො, කල්‍යාණස‍්ස වරකල්‍යාණො, වරකල්‍යාණස‍්ස මන්‍ධාතා, මන්‍ධාතුස‍්ස වරමන්‍ධාතා, වරමන්‍ධාතුස‍්ස උපොසථො, උපොසථස‍්ස වරො, වරස‍්ස උපවරො, උපවරස‍්ස මඝදෙවො, මඝදෙවස‍්ස පරම‍්පරා චතුරාසීති ඛත‍්තියසහස‍්සානි අහෙසුං. තෙසං පරතො තයො ඔක‍්කාකවංසා අහෙසුං. තෙසු තතියඔක‍්කාකස‍්ස පඤ‍්ච මහෙසියො අහෙසුං – හත්‍ථා, චිත‍්තා, ජන‍්තු, ජාලිනී, විසාඛාති. එකෙකිස‍්සා පඤ‍්ච පඤ‍්ච ඉත්‍ථිසතානි පරිවාරා. සබ‍්බජෙට‍්ඨාය චත‍්තාරො පුත‍්තා – ඔක‍්කාමුඛො, කරකණ‍්ඩු, හත්‍ථිනිකො, සිනිපුරොති; පඤ‍්ච ධීතරො – පියා, සුප‍්පියා, ආනන්‍දා, විජිතා, විජිතසෙනාති. එවං සා නව පුත‍්තෙ ලභිත්‍වා කාලමකාසි.

මේ එහි කෙටි විස්තරයයි. පළමු කල්පයෙහි මහා සම්මත රජුගේ රොජ නම් පුතෙක් විය. රොජගේ පුත් වරරොජ. වරරොජගේ පුත් කල්‍යාණ - කල්‍යාණගේ වරකල්‍යාණ - වරකල්‍යාණගේ ඛන්‍ධාත - මන්‍ධාතුගේ වරමන්‍ධාත - වරමන්‍ධාතුගේ උපෝසථ - උපෝසථගේ චර - චරගේ උපචර - උපචරගේ මඛාදේව ලෙසින් අසූහාරදහසක් මඛාදේව පරපුර වූහ. ඔවුන්ගෙන් පසු ඔක්කාක වංසිකයෝ තුන්දෙනෙක් වූහ. තුන්වන ඔක්කාක රජුට හත්‍ථා, චිත්තා, ජන්තු, ජාලිනී, විසාඛා යැයි මෙහෙසියෝ පස්දෙනෙක් වූහ. එක් මෙහෙසියකට පිරිවර කාන්තාවන් පන්සියයකි. දෙටු මෙහෙසියට ඔක්කාමුඛ, කරකණ්ඩු, හත්‍ථිනඛ, සිනිපුර යැයි පුතුන් සතරදෙනෙකි. පියා, සුප්පියා, ආනන්දා, විජිතා, විජිතසෙන යන දූවරුන් ද පස්දෙනෙකි. මෙසේ දූපුතුන් නව දෙනෙකු ලද ඇය (පසුව) කළුරිය කළාය.

අථ රාජා අඤ‍්ඤං දහරං අභිරූපං රාජධීතරං ආනෙත්‍වා අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨපෙසි. සාපි ජන‍්තුං නාම එකං පුත‍්තං විජායි. තං ජන‍්තුකුමාරං පඤ‍්චමදිවසෙ අලඞ‍්කරිත්‍වා රඤ‍්ඤො දස‍්සෙසි. රාජා තුට‍්ඨො මහෙසියා වරං අදාසි. සා ඤාතකෙහි සද‍්ධිං මන‍්තෙත්‍වා පුත‍්තස‍්ස රජ‍්ජං යාචි. රාජා “නස‍්ස වසලි, මම පුත‍්තානං අන‍්තරායමිච‍්ඡසී”ති නාදාසි. සා පුනප‍්පුනං රහො රාජානං පරිතොසෙත්‍වා “න, මහාරාජ, මුසාවාදො වට‍්ටතී”තිආදීනි වත්‍වා යාචති එව. අථ රාජා පුත‍්තෙ ආමන‍්තෙසි – “අහං, තාතා, තුම‍්හාකං කනිට‍්ඨං ජන‍්තුකුමාරං දිස‍්වා තස‍්ස මාතුයා සහසා වරං අදාසිං. සා පුත‍්තස‍්ස රජ‍්ජං පරිණාමෙතුං ඉච‍්ඡති. තුම‍්හෙ මමච‍්චයෙන ආගන‍්ත්‍වා රජ‍්ජං කාරෙය්‍යාථා”ති අට‍්ඨහි අමච‍්චෙහි සද‍්ධිං උය්‍යොජෙසි. තෙ භගිනියො ආදාය චතුරඞ‍්ගිනියා සෙනාය නගරා නික‍්ඛමිංසු. “කුමාරා පිතුඅච‍්චයෙන ආගන‍්ත්‍වා රජ‍්ජං කාරෙස‍්සන‍්ති, ගච‍්ඡාම නෙ උපට‍්ඨහාමා”ති චින‍්තෙත්‍වා බහූ මනුස‍්සා අනුබන්‍ධිංසු. පඨමදිවසෙ යොජනමත‍්තා සෙනා අහොසි, දුතියදිවසෙ ද‍්වියොජනමත‍්තා, තතියදිවසෙ තියොජනමත‍්තා. කුමාරා චින‍්තෙසුං – “මහා අයං බලකායො, සචෙ මයං කඤ‍්චි සාමන‍්තරාජානං අක‍්කමිත්‍වා ජනපදං ගණ‍්හිස‍්සාම, සොපි නො න පහොස‍්සති, කිං පරෙසං පීළං කත්‍වා ලද‍්ධරජ‍්ජෙන, මහා ජම‍්බුදීපො, අරඤ‍්ඤෙ නගරං මාපෙස‍්සාමා”ති හිමවන‍්තාභිමුඛා අගමිංසු.

එවිට රජු, ඉතා රූමත්, තුරුණු වියෙහි වූ වෙනත් රජදියණියක් ගෙන්වාගෙන, අග මෙහෙසි තනතුරෙහි තැබීය. ඇය ද පුතකු වැදුවාය. උපන් කුමරුවා පස්වන දින සරසා අලංකාර කොට රජුට පෙන්වීය. සතුටු වූ රජු කැමති දෙයක් ඉල්ලන ලෙස වරයක් ලබා දුන්නේය. ඇය නෑයන් සමග කතාකොට, පුතුට රජකම දෙන ලෙස ඉල්ලුවාය. රජු, ‘නැසෙව - වසලිය, මගේ පුතුන්ට අනතුරක් කැමති වෙහිදැ’යි (අසා) රජකම නොදුන්නේය. ඇය රහසේ, නැවත නැවතත් රජු සතුටුකොට, ‘මහරජ, බොරු කීම සුදුසු නැතැ’යි කියා රජකම දෙන ලෙස ඉල්ලුවාය. ඉක්බිති පුතුන් ඇමතූ රජු ‘දරුවනි, මම ඔබලාගේ කණිටු ජන්තු කුමරු දැක, ඔහුගේ මවට ඉක්මණින්ම වරයක් දුනිමි. ඇය පුතුට රජකම පිරිනමනු දැකීමට කැමැත්තීය. ඔබලා මගේ ඇවෑමෙන් අවුත් රජකම් කරව්’ යැයි ඇමතිවරුන් අටදෙනෙකු සමග පිටත්කර හැරියේය. ඔව්හු සොහොයුරියන්ද කැටුව සිවුරඟ සෙන් පිරිවරා නුවරින් නික්මුණහ. ‘පියාගේ මරණින් පසු කුමරුවන් අවුත් රජකම් කරනු ඇත. යමු, ඔවුන්ට උවටැන් කරමු’යි සිතා බොහෝ මිනිස්සු ඔවුන් පසුපස ගියහ. සේනාව පළමු දිනයෙහි යොදුනක් පමණද, දෙවන දින යොදුන් දෙකක් පමණද, තුන්වන දින තුන් යොදුනක් පමණ විය. ‘මේ බලසෙනග ඉතා මහත්ය, අපි කිසියම් පළාතක රජකු යටත් කොට ජනපදයක් අල්ලා ගන්නෙමු නම්, එය අපට තරම් නොවන්නේය. අනුන් පීඩනයට පත්කොට ලබන රජකමෙන් ඇති පලය කුමක්ද? දඹදිව විසාලය, කැලයෙහි නගරයක් සකස් කරන්නෙමු’යි කුමරුවෝ සිතූහ. ඔව්හු හිමාලය දෙසට ඉදිරියට ගියහ.

තත්‍ථ නගරමාපනොකාසං පරියෙසමානා හිමවති කපිලො නාම ඝොරතපො තාපසො පටිවසති පොක‍්ඛරණිතීරෙ මහාසාකසණ‍්ඩෙ, තස‍්ස වසනොකාසං ගතා. සො තෙ දිස‍්වා පුච‍්ඡිත්‍වා සබ‍්බං පවත‍්තිං සුත්‍වා තෙසු අනුකම‍්පං අකාසි. සො කිර භුම‍්මජාලං නාම විජ‍්ජං ජානාති, යාය උද‍්ධං අසීතිහත්‍ථෙ ආකාසෙ ච හෙට‍්ඨා භූමියඤ‍්ච ගුණදොසෙ පස‍්සති. අථෙකස‍්මිං පදෙසෙ සූකරමිගා සීහබ්‍යග‍්ඝාදයො තාසෙත්‍වා පරිපාතෙන‍්ති, මණ‍්ඩූකමූසිකා සප‍්පෙ භිංසාපෙන‍්ති. සො තෙ දිස‍්වා “අයං භූමිප‍්පදෙසො පථවීඅග‍්ග”න‍්ති තස‍්මිං පදෙසෙ අස‍්සමං මාපෙසි. තතො සො රාජකුමාරෙ ආහ – “සචෙ මම නාමෙන නගරං කරොථ, දෙමි වො ඉමං ඔකාස”න‍්ති. තෙ තථා පටිජානිංසු. තාපසො “ඉමස‍්මිං ඔකාසෙ ඨත්‍වා චණ‍්ඩාලපුත‍්තොපි චක‍්කවත‍්තිං බලෙන අතිසෙතී”ති වත්‍වා “අස‍්සමෙ රඤ‍්ඤො ඝරං මාපෙත්‍වා නගරං මාපෙථා”ති තං ඔකාසං දත්‍වා සයං අවිදූරෙ පබ‍්බතපාදෙ අස‍්සමං කත්‍වා වසි. තතො කුමාරා තත්‍ථ නගරං මාපෙත්‍වා කපිලස‍්ස වුත්‍ථොකාසෙ කතත‍්තා “කපිලවත්‍ථූ”ති නාමං ආරොපෙත්‍වා තත්‍ථ නිවාසං කප‍්පෙසුං.

එහි නගරය සැකසීමට සුදුසු ඉඩක් සොයනවිට, බොහෝ අතු පතුරින් ගැවසුණු පෙදෙසක, පොකුණු තෙර, දැඩි තවුස්දම් රකින කපිලනම් තවුසකු වසන තැනට ගියහ. තවුසා ඔවුන් දැක විමසා, සියළු තොරතුරු අසා ඔවුන් කෙරේ අනුකම්පා කළේය. තවුසා අසූරියනක් අහසෙහිද, පොළව යටද ගුණදොස් දකින ‘භූම්මජාල’ නම් (පොළෝ දැල) විදුසතර දනී. මේ අතර එක් පෙදෙසක ඌරෝ, මුවෝ, සිංහයන්, ව්‍යාඝ්‍රයන් තැති ගන්වා බොහෝ හිංසා පමුණුවති. මැඩියෝ සහ මීයෝ සපුන්ට හිංසා කරති. තවුසා එය දැක, මේ බිම් පෙදෙස පොළවෙහි ඉතා උසස් තැනක් යයි සළකා ඒ පෙදෙසෙහි අසපුවක් සැකසීය. ‘මගේ නමින් නගරය නම් කරන්නේ නම්, මේ බිම ඔබලාට දෙමි’යි තවුසා රජකුමරුවන්ට පැවසීය. ඔව්හු එය පිළිගත්හ. ‘මේ ඉඩ ඇති තැන සිට, සැඩොල් දරුවා වුවත් සක්විතිව ඒ බෙලෙන් (අන් හැම) අබිබවා යති’යි කියා අසපුව පිහිටි තැන රජමැදුර තනා නගරයද සකස් කරව’යි ඒ බිම්කොටස දී නුදුරු කඳු බෑවුමක අසපුවක් කොට විසීය. කුමාරවරු එහි නගරය ගොඩනගා, කපිල තවුසා කියන ලද තැන ඊට යොදාගත් බැවින් කපිලවත්‍ථු යයි නම් තබා එහි නිවෙස් තනා ජීවත් වූහ.

අථ අමච‍්චා “ඉමෙ කුමාරා වයප‍්පත‍්තා, යදි නෙසං පිතා සන‍්තිකෙ භවෙය්‍ය, සො ආවාහවිවාහං කාරෙය්‍ය. ඉදානි පන අම‍්හාකං භාරො”ති චින‍්තෙත්‍වා කුමාරෙහි සද‍්ධිං මන‍්තෙසුං. කුමාරා “අම‍්හාකං සදිසා ඛත‍්තියධීතරො න පස‍්සාම, තාසම‍්පි භගිනීනං සදිසෙ ඛත‍්තියකුමාරෙ, ජාතිසම‍්භෙදඤ‍්ච න කරොමා”ති. තෙ ජාතිසම‍්භෙදභයෙන ජෙට‍්ඨභගිනිං මාතුට‍්ඨානෙ ඨපෙත්‍වා අවසෙසාහි සංවාසං කප‍්පෙසුං. තෙසං පිතා තං පවත‍්තිං සුත්‍වා “සක්‍යා වත, භො කුමාරා, පරමසක්‍යා වත, භො කුමාරා”ති උදානං උදානෙසි. අයං තාව සක්‍යානං උප‍්පත‍්ති. වුත‍්තම‍්පි චෙතං භගවතා –

ඉක්බිති ඇමතිවරු ‘මේ කුමරුවෝ වැඩිවියට පත්වූහ. පියා ළඟ සිටියේ නම්, ඔහු ආවාහ විවාහ කරනු ඇත. දැන් අපගේ වගකීම’ යැයි සිතා කුමාරවරුන් සමග සාකච්ඡා කළහ. කුමාරවරුද අපට සමාන කැත්කුල දූවරුන් නොදකිමු. ඔවුන්ද සොහොයුරියන්ය. කැත් කුමරුන්ද එබඳුය. කුලය බිඳී යනු ඇතැ’යි බියෙන් දෙටු සොහොයුරිය මව් තනතුරෙහි තබා අනෙක් සොයුරියන් සමග අඹුසැමියන් ලෙස හැසිරුණහ. ඔවුන්ගේ පියා ඒ පුවත අසා ‘පින්වත් කුමාරවරුන් ඒකාන්තයෙන්ම සැකිකුලවතුන්’ යැයි සතුටින් උදන් වැකි පළ කළේය. මේ දැක්වූයේ සක්‍යානං උප්පත්ති (සැකි කුල උපතයි).

“අථ ඛො, අම‍්බට‍්ඨ, රාජා ඔක‍්කාකො අමච‍්චෙ පාරිසජ‍්ජෙ ආමන‍්තෙසි – ‘කහං නු ඛො, භො, එතරහි කුමාරා සම‍්මන‍්තී’ති. අත්‍ථි, දෙව, හිමවන‍්තපස‍්සෙ පොක‍්ඛරණියා තීරෙ මහාසාකසණ‍්ඩො, තත්‍ථෙතරහි කුමාරා සම‍්මන‍්ති. තෙ ජාතිසම‍්භෙදභයා සකාහි භගිනීහි සද‍්ධිං සංවාසං කප‍්පෙන‍්තීති. අථ ඛො, අම‍්බට‍්ඨ, රාජා ඔක‍්කාකො උදානං උදානෙසි – ‘සක්‍යා වත, භො කුමාරා, පරමසක්‍යා වත, භො කුමාරා’ති, තදග‍්ගෙ ඛො පන , අම‍්බට‍්ඨ, සක්‍යා පඤ‍්ඤායන‍්ති, සො ච සක්‍යානං පුබ‍්බපුරිසො”ති (දී· නි· 1.267).

‘අම්බට්ඨ, ඔක්කාක රජු ඇමතිවරුන් පුරෝහිතයන්ගෙන් ‘පින්වතුනි, කුමාරවරුන් දැන් කොතැන එක්තැන්ව සිටිත්දැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, හිමාලය පෙදෙසෙහි පොකුණු තෙර මහා අතුපතරින් යුතු පෙදෙසක දැන් එක්තැන්ව වෙසෙන කුමාරවරුන්, කුල පරපුර බිඳී යනු ඇතැයි බියෙන් තම සොහොයුරියන් සමග අඹුසැමි ලෙස සිටිති’යි කීහ. ‘අම්බට්ඨය, එවිට ඔක්කාක රජු ‘පින්වත් රජකුමාරවරුන් ඇත්තෙන්ම සැකි කුලවතුන්මය, පින්වත් රජකුමාරවරුන් උසස්තම සැකි කුලවතුන් යැයි සතුටින් උදන් ඇනීය. අම්බට්ඨ, එතැන් පටන් සැකි කුලවතුන් පසිඳු වන බවත් ඔහු (ඔක්කාක) සාක්‍යයන්ගේ මුල් තැනැත්තාද වූ බවත් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී.

තතො නෙසං ජෙට‍්ඨභගිනියා කුට‍්ඨරොගො උදපාදි, කොවිළාරපුප‍්ඵසදිසානි ගත‍්තානි අහෙසුං. රාජකුමාරා “ඉමාය සද‍්ධිං එකතො නිසජ‍්ජට‍්ඨානභොජනාදීනි කරොන‍්තානම‍්පි උපරි එස රොගො සඞ‍්කමතී”ති චින‍්තෙත්‍වා උය්‍යානකීළං ගච‍්ඡන‍්තා විය තං යානෙ ආරොපෙත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා පොක‍්ඛරණිං ඛණාපෙත්‍වා තං තත්‍ථ ඛාදනීයභොජනීයෙහි සද‍්ධිං පක‍්ඛිපිත්‍වා උපරි පදරං පටිච‍්ඡාදාපෙත්‍වා පංසුං දත්‍වා පක‍්කමිංසු. තෙන ච සමයෙන රාමො නාම රාජා කුට‍්ඨරොගී ඔරොධෙහි ච නාටකෙහි ච ජිගුච‍්ඡියමානො තෙන සංවෙගෙන ජෙට‍්ඨපුත‍්තස‍්ස රජ‍්ජං දත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා තත්‍ථ පණ‍්ණමූලඵලානි පරිභුඤ‍්ජන‍්තො නචිරස‍්සෙව අරොගො සුවණ‍්ණවණ‍්ණො හුත්‍වා, ඉතො චිතො ච විචරන‍්තො මහන‍්තං සුසිරරුක‍්ඛං දිස‍්වා තස‍්සබ‍්භන‍්තරෙ සොළසහත්‍ථප‍්පමාණං තං කොලාපං සොධෙත්‍වා, ද‍්වාරඤ‍්ච වාතපානඤ‍්ච කත්‍වා නිස‍්සෙණිං බන්‍ධිත්‍වා තත්‍ථ වාසං කප‍්පෙසි. සො අඞ‍්ගාරකටාහෙ අග‍්ගිං කත්‍වා රත‍්තිං විස‍්සරඤ‍්ච සුස‍්සරඤ‍්ච සුණන‍්තො සයති. සො “අසුකස‍්මිං පදෙසෙ සීහො සද‍්දමකාසි, අසුකස‍්මිං බ්‍යග‍්ඝො”ති සල‍්ලක‍්ඛෙත්‍වා පභාතෙ තත්‍ථ ගන‍්ත්‍වා විඝාසමංසං ආදාය පචිත්‍වා ඛාදති.

මේ අතර, ඔවුන්ගේ දෙටු සොහොයුරියට සිරුරේ වණ බිබිලි හටගැනිණ. මුළු සිරුරම කොබෝලීල මල් මෙන් විය. ඇය සමග එක්ව හිඳීමෙන් ආහාරාදිය ගැනීමෙන්ද හැමදෙනාටම ඒ රෝගය වැළඳේ යැයි සිතා රජකුමරුවෝ, උයන්කෙළියට යන්නා සේ, ඇය යානයක නංවා, කැලයට පිවිස, පොකුණක් සාරවා, ආහාරපාන සමග ඇය එහි තබා, මතුපිටින් වසා පස් දමා ආපසු ගියහ. ඒ කාලයෙහිම රාම නම් රජුද වණ බිබිලි සැදි, ඇතොවුරෙන් ද, නළඟනන්ද පිළිකුල් කොට නොසළකා හරින ලදුව, ඒ දුකින් දෙටු පුතුට රජකම දී කැලයට පිවිස, එහි පලමුල් අල ආදිය අනුභව කොට, නොබෝ කලකින්ම නිරෝගීව, රන්වන් පැහැ සිරුරෙන් යුතුව, එහා මෙහා සැරිසරනවිට, මහත් බෙනයක් සහිත ගසක් දැක, දහසය රියනක් තරම්, එය ඇතුලත වියලි කොවුල (කොලාපං) පිරිසිදු කොට, දොර ජනෙල් ද සකසා, ඉණිමගක් ද බැඳ එහි වාසය කළේය. ඔහු රෑ කාලයෙහි අඟුරු කබලෙහි ගිනි දල්වා, අනතුරුදායක, නපුරු හඬ ද, මිහිරි හඬ ද අසමින් නිදයි. ‘අසවල් පෙදෙසෙහි සිංහයකු නාද කරන ලදැයි’ද, අසවල් පෙදෙසෙහි ව්‍යාඝ්‍රයෙකු හඬ යැයි සළකා, පසුදා උදෑසන එහි ගොස් ඉතිරි මස් ගෙනවුත් පිස අනුභව කරයි.

අථෙකදිවසං සො පච‍්චූසසමයෙ අග‍්ගිං ජාලෙත්‍වා නිසීදි. තෙන ච සමයෙන තස‍්සා රාජධීතාය ගන්‍ධං ඝායිත්‍වා බ්‍යග‍්ඝො තං පදෙසං ඛණිත්‍වා පදරත්‍ථරෙ විවරමකාසි. තෙන විවරෙන සා බ්‍යග‍්ඝං දිස‍්වා භීතා විස‍්සරමකාසි. සො තං සද‍්දං සුත්‍වා “ඉත්‍ථිසද‍්දො එසො”ති ච සල‍්ලක‍්ඛෙත්‍වා පාතොව තත්‍ථ ගන‍්ත්‍වා “කො එත්‍ථා”ති ආහ. “මාතුගාමො සාමී”ති. “නික‍්ඛමා”ති. “න නික‍්ඛමාමී”ති. “කිං කාරණා”ති? “ඛත‍්තියකඤ‍්ඤා අහ”න‍්ති. එවං සොබ‍්භෙ නිඛාතාපි මානමෙව කරොති. සො සබ‍්බං පුච‍්ඡිත්‍වා “අහම‍්පි ඛත‍්තියො”ති ජාතිං ආචික‍්ඛිත්‍වා “එහි දානි ඛීරෙ පක‍්ඛිත‍්තසප‍්පි විය ජාත”න‍්ති ආහ. සා “කුට‍්ඨරොගිනීම‍්හි සාමි, න සක‍්කා නික‍්ඛමිතු”න‍්ති ආහ. සො “කතකම‍්මො දානි අහං සක‍්කා තිකිච‍්ඡිතු”න‍්ති නිස‍්සෙණිං දත්‍වා තං උද‍්ධරිත්‍වා අත‍්තනො වසනොකාසං නෙත්‍වා සයං පරිභුත‍්තභෙසජ‍්ජානි එව දත්‍වා නචිරස‍්සෙව අරොගං සුවණ‍්ණවණ‍්ණමකාසි. සො තාය සද‍්ධිං සංවාසං කප‍්පෙසි. සා පඨමසංවාසෙනෙව ගබ‍්භං ගණ‍්හිත්‍වා ද‍්වෙ පුත‍්තෙ විජායි, පුනපි ද‍්වෙති එවං සොළසක‍්ඛත‍්තුං විජායි. එවං තෙ ද‍්වත‍්තිංස භාතරො අහෙසුං. තෙ අනුපුබ‍්බෙන වුඩ‍්ඪිප‍්පත‍්තෙ පිතා සබ‍්බසිප‍්පානි සික‍්ඛාපෙසි.

එක් දවසක් ඔහු අළුයම් වේලෙහි ගිනි දල්වා හුන්නේය. ඒ වේලාවෙහි ඒ රජදුවගේ සුවඳ ඉවකොට ව්‍යාඝ්‍රයෙකු ඇය සිටි බිම් පෙදෙස සාරා ලෑලි අතර සිදුරක් ඇති විය. ඒ විවරයෙන් ව්‍යාඝ්‍රයා දුටු ඇය බිය වී කෑ ගැසුවාය. රජු ඒ හඬ අසා, ‘ගැහැණියකගේ කටහඬක් යැයි සළකා උදෑසනින්ම එහි ගොස් ‘ඔතන කවුදැ’යි ඇසීය. ‘හිමියනි, මම ගැහැණියක්මි’, ‘පිටතට එව’, ‘පිටතට නොඑමි, ‘කුමක් නිසාද?’ ‘මම කැත් රජකුල එකියක්මි’, ‘මෙසේ වළක් තුල සිටියත්, මානයම පළ කරන්නීය, ඔහු සියළු කරුණු අසා, ‘මම ද රජ කුලයේ වෙමි’, යැයි කුලය විචාරා, ‘දැන් එන්න, කිරිවලට එළඟිතෙල් මෙන්’ යැයි කීය. ‘හිමියනි, වණ හොරි වැළඳී සිටිමි. පිටතට ඒමට නොහැක්කෙමි’යි ඇය කීවාය. ‘මම දැන් අවැසි පරිදි කටයුතු කොට ඇත්තෙමි, බෙහෙත් කළ හැකි’යැයි ඉණිමගෙන් ඇය පිටතට ගෙන, තමන් වසන තැනට කැඳවාගෙන ගොස්, තමා පරිහරණය කරන ලද බෙහෙත්ම දී නොබෝ කලකින්ම නිරෝගී රන්පැහැ සිරුරින් යුතු තැනැත්තියක් බවට පත්කළේය. ඇය හා කායිකවද එකතු විය. පළමු එක්වීමෙන්ම ගැබ්ගෙන පුතුන් දෙදෙනෙකු බිහි කළාය. මෙසේ දෙදෙනකු බැගින් සොළොස් වරක්ම දරුවන් ලැබුවාය. මෙසේ සොහොයුරෝ තිස් දෙදෙනෙක් වූහ. වැඩිවිය පත්වන විට පියා ඔවුන් සියළු සිප් සතරෙහි හික්මවාලීය.

අථෙකදිවසං එකො රාමරඤ‍්ඤො නගරවාසී පබ‍්බතෙ රතනානි ගවෙසන‍්තො තං පදෙසං ආගතො රාජානං දිස‍්වා අඤ‍්ඤාසි. “ජානාමහං, දෙව, තුම‍්හෙ”ති ආහ. “කුතො ත්‍වං ආගතොසී”ති ච තෙන පුට‍්ඨො “නගරතො දෙවා”ති ආහ. තතො නං රාජා සබ‍්බං පවත‍්තිං පුච‍්ඡි. එවං තෙසු සමුල‍්ලපමානෙසු තෙ දාරකා ආගමිංසු. සො තෙ දිස‍්වා “ඉමෙ කෙ දෙවා”ති පුච‍්ඡි. “පුත‍්තා මෙ භණෙ”ති. “ඉමෙහි දානි, දෙව, ද‍්වත‍්තිංසකුමාරෙහි පරිවුතො වනෙ කිං කරිස‍්සසි, එහි රජ‍්ජමනුසාසා”ති? “අලං, භණෙ, ඉධෙව සුඛ”න‍්ති. සො “ලද‍්ධං දානි මෙ කථාපාභත”න‍්ති නගරං ගන‍්ත්‍වා රඤ‍්ඤො පුත‍්තස‍්සාරොචෙසි. රඤ‍්ඤො පුත‍්තො “පිතරං ආනෙස‍්සාමී”ති චතුරඞ‍්ගිනියා සෙනාය තත්‍ථ ගන‍්ත්‍වා නානප‍්පකාරෙහි පිතරං යාචි. සොපි “අලං, තාත කුමාර, ඉධෙව සුඛ”න‍්ති නෙව ඉච‍්ඡි. තතො රාජපුත‍්තො “න දානි රාජා ආගන‍්තුං ඉච‍්ඡති, හන්‍දස‍්ස ඉධෙව නගරං මාපෙමී”ති චින‍්තෙත්‍වා තං කොලරුක‍්ඛං උද‍්ධරිත්‍වා ඝරං කත්‍වා නගරං මාපෙත්‍වා කොලරුක‍්ඛං අපනෙත්‍වා කතත‍්තා “කොලනගර”න‍්ති ච බ්‍යග‍්ඝපථෙ කතත‍්තා “බ්‍යග‍්ඝපජ‍්ජ”න‍්ති චාති ද‍්වෙ නාමානි ආරොපෙත්‍වා අගමාසි.

දිනක් රාම රජුගේ නගරවැසියෙක්, පව්වෙහි රුවන් ආදිය සොයමින්, ඒ පෙදෙසට පැමිණ, රජු දැක හඳුනාගෙන, ‘දේවයන් වහන්ස, මම ඔබ හඳුනමි’යි කීය. ‘ඔබ කොහි සිට පැමිණියෙහිදැ’යි විචාරන ලදුව, ‘දේවයන් වහන්ස, නගරයේ සිට’ යැයි කීය. එහිදී රජු ඔහුගෙන් සියළු තොරතුරු ඇසීය. මෙසේ ඔවුන් කතාබහ කරද්දී, ඒ දරුවෝද පැමිණියාහ. ඔහු ඔවුන් දැක, ‘දේවයන් වහන්ස, මොවුන් කවුරුන්දැ’යි විමසීය. ‘පින්වත, මගේ පුතුන්ය’, ‘දේවයන් වහන්ස, දැන් මේ කුමාරවරුන් තිස්දෙනෙකු පිරිවරා කැලයේ කුමක් කරන්නෙහිද? එන්න, (රජකමෙහි පිහිටා) අනුසාසනා කරනු මැනවැ’යි කීය. ‘කම් නැත පින්වත, මෙහිම සැපය’යි (රාම රජු පැවසීය.) ‘මට කතාබහට සුදුසු කරුණක් ඇතැ’යි සැළකූ නගරවැසියා, නගරයට ගොස් (එහි) රජුගේ පුතුට සැළ කළේය. රජුගේ පුතා පියා කැඳවාගෙන එන්නෙමි’යි සිවුරඟ සෙනග සමග එහි ගොස් නොයෙක් ලෙසින් (ආපසු යන සේ) පියාගෙන් ඉල්ලා සිටියේය. ඔහුද ‘කම් නැත, දරුව, මෙහිම සැප’යයි කැමති නොවීය. එවිට රජුගේ පුතා ‘දැන් රජතුමා ඒමට අකමැතිය. මෙහිම නගරයක් සකසමි’යි සිතා එතැන කොල (ඩෙබර) ගසක් උදුරා ගෙයක් තනා, නගරය සකසා, ‘කොල’ ගසක් ඉවත්කොට කරන ලද බැවින් කොල නගර යයිද, ව්‍යාඝ්‍රයාගේ ගමන්මගෙහි කරන ලද බැවින් ව්‍යග්ඝපජ්ජ යැයිද නම් දෙකක් තබා ගියේය.

තතො වයප‍්පත‍්තෙ කුමාරෙ මාතා ආණාපෙසි – “තාතා, තුම‍්හාකං කපිලවත්‍ථුවාසිනො සක්‍යා මාතුලා හොන‍්ති, ධීතරො නෙසං ගණ‍්හථා”ති. තෙ යං දිවසං ඛත‍්තියකඤ‍්ඤායො නදීකීළනං ගච‍්ඡන‍්ති, තං දිවසං ගන‍්ත්‍වා නදීතිත්‍ථං උපරුන්‍ධිත්‍වා නාමානි සාවෙත්‍වා පත්‍ථිතා පත්‍ථිතා රාජධීතරො ගහෙත්‍වා අගමංසු. සක්‍යරාජානො සුත්‍වා “හොතු භණෙ, අම‍්හාකං ඤාතකා එවා”ති තුණ‍්හී අහෙසුං. අයං කොලියානං උප‍්පත‍්ති.

කුමාරවරුන් වියපත් වූ කල, ඔවුන්ගේ මව ‘දරුවනි, කිඹුල්වතෙහි සාක්‍යයන් ඔබලාගේ මාමලා වෙති. ඔවුන්ගේ දූවරුන් විවාහ කරගනුව’යි අණ කළාය. ඔව්හු කැත් රජකුල තරුණියන් දියකෙළියට යන දවසෙහි, ගොස් නාන තොටුපල අවුරා, නම් ගොත් පවසා කැමති රජ දූවරුන් කැඳවාගෙන ආහ. සාක්‍ය රජු ඒ අසා, ‘අපගේ නෑදැයන් බැවින් එය සේ වේවා’යි නිහඬ විය. මේ කොලිය වරුන්ගේ උපතයි.

එවං තෙසං සාකියකොලියානං අඤ‍්ඤමඤ‍්ඤං ආවාහවිවාහං කරොන‍්තානං ආගතො වංසො යාව සීහහනුරාජා, තාව විත්‍ථාරතො වෙදිතබ‍්බො – සීහහනුරඤ‍්ඤො කිර පඤ‍්ච පුත‍්තා අහෙසුං – සුද‍්ධොදනො, අමිතොදනො, ධොතොදනො, සක‍්කොදනො, සුක‍්කොදනොති. තෙසු සුද‍්ධොදනෙ රජ‍්ජං කාරයමානෙ තස‍්ස පජාපතියා අඤ‍්ජනරඤ‍්ඤො ධීතාය මහාමායාදෙවියා කුච‍්ඡිම‍්හි පූරිතපාරමී මහාපුරිසො ජාතකනිදානෙ වුත‍්තනයෙන තුසිතපුරා චවිත්‍වා පටිසන්‍ධිං ගහෙත්‍වා අනුපුබ‍්බෙන කතමහාභිනික‍්ඛමනො සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුජ‍්ඣිත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කො අනුක‍්කමෙන කපිලවත්‍ථුං ගන‍්ත්‍වා සුද‍්ධොදනමහාරාජාදයො අරියඵලෙ පතිට‍්ඨාපෙත්‍වා ජනපදචාරිකං පක‍්කමිත්‍වා පුනපි අපරෙන සමයෙන පච‍්චාගන‍්ත්‍වා පන‍්නරසහි භික‍්ඛුසතෙහි සද‍්ධිං කපිලවත්‍ථුස‍්මිං විහරති නිග්‍රොධාරාමෙ.

මෙසේ ඒ සාක්‍ය කොලිය යන් එකිනෙකා අතර ආවාහ විවාහ සිදුකරමින්, පවත්වාගෙන ආ පරම්පරාව සීහහනු රජු දක්වා විස්තර සහිතව දතයුතුය. සීහහනූ රජුට සුද්ධොදන, අමිතොදන, ධොතොදන, සුක්කොදන, අසුක්කොදන යැයි පුත්තු පස්දෙනෙක් වූහ. ඔවුන්ගෙන් සුද්ධෝදන රජ වූ කල, පාරමී පිරූ මහබෝසතුන් වහන්සේ, ජාතක නිදානයෙහි සඳහන් වූ පරිදි, රජ බිසව වූ මහාමායා දේවියගේ කුසෙහි තුසිත දෙව්ලොවෙන් චුතව පිළිසිඳගෙන (බිහිව) මහබිනික්මන් කොට අනුපිළිවෙලින් සම්මා සම්බුදු බව අවබෝධකොට, උතුම් දම්සක් පවත්වා, කපිලවත්‍ථු නගරයට වැඩ, සුද්ධෝදන මහරජ ආදීන් මගපලෙහි පිහිටුවා ජනපද චාරිකාවෙහි ගොස්, අවුත් පසුකලක නැවත, පසළොස් දහසක් මහසඟ පිරිස සමග කපිලවත්‍ථුවෙහි නිග්‍රොධාරාමයෙහි වැඩ වසති.

තත්‍ථ විහරන‍්තෙ ච භගවති සාකියකොලියානං උදකං පටිච‍්ච කලහො අහොසි. කථං? නෙසං කිර උභින‍්නම‍්පි කපිලපුරකොලියපුරානං අන‍්තරෙ රොහිණී නාම නදී පවත‍්තති. සා කදාචි අප‍්පොදකා හොති, කදාචි මහොදකා. අප‍්පොදකකාලෙ සෙතුං කත්‍වා සාකියාපි කොලියාපි අත‍්තනො අත‍්තනො සස‍්සපායනත්‍ථං උදකං ආනෙන‍්ති. තෙසං මනුස‍්සා එකදිවසං සෙතුං කරොන‍්තා අඤ‍්ඤමඤ‍්ඤං භණ‍්ඩන‍්තා “අරෙ තුම‍්හාකං රාජකුලං භගිනීහි සද‍්ධිං සංවාසං කප‍්පෙසි කුක‍්කුටසොණසිඞ‍්ගාලාදිතිරච‍්ඡානා විය, තුම‍්හාකං රාජකුලං සුසිරරුක‍්ඛෙ වාසං කප‍්පෙසි පිසාචිල‍්ලිකා වියා”ති එවං ජාතිවාදෙන ඛුංසෙත්‍වා අත‍්තනො අත‍්තනො රාජූනං ආරොචෙසුං. තෙ කුද‍්ධා යුද‍්ධසජ‍්ජා හුත්‍වා රොහිණීනදීතීරං සම‍්පත‍්තා. එවං සාගරසදිසං බලං අට‍්ඨාසි.

භාග්‍යවතුන් වහන්සේ එහි වැඩවසන කල්හි, සාක්‍ය කෝලියන් අතර ජලය වෙනුවෙන් කලහ ඇතිවිය. ඒ කෙසේද? කපිල පුරය හා කෝලිය පුරය අතරින් රෝහිණී නදිය ගලා බසී. ඇතැම්විටක එහි ජලය මඳය. ඇතැම් විටක ජලය බොහෝය. ජලය මද කල සාකය කෝලියවරු ඇළ මං මගින් තම තමන්ගේ වගා කටයුතු සඳහා ජලය ලබාගනිති. ඔවුන්ගේ මිනිස්සු එක් දවසක් ඇළ මං සකසද්දී, එකිනෙකා කලහ කරමින්, ‘බොල, තොපේ රාජ පරම්පරාව කුකුළන්, බල්ලන්, හිවලුන් ආදී තිරිසනුන් මෙන් සොහොයුරියන් සමග අඹුසැමිව සිටියහ’, ‘තොපගේ රාජපරම්පරාව පිසාචයන් මෙන් ගස් බෙනයක සිටියහ’ යයි මෙසේ ජාතිවාදයෙන් නින්දා අපහාසකොට තම තමන්ගේ රජුන්ට සැළ කළහ. ඔව්හු කිපී, යුදට සූදානම්ව රෝහිණී ගංතෙරට පැමිණියහ. ඒ පිරිස මුහුද හා සමාන බලයෙන් යුතු විය.

අථ භගවා “ඤාතකා කලහං කරොන‍්ති, හන්‍ද, නෙ වාරෙස‍්සාමී”ති ආකාසෙනාගන‍්ත්‍වා ද‍්වින‍්නං සෙනානං මජ‍්ඣෙ අට‍්ඨාසි. තම‍්පි ආවජ‍්ජෙත්‍වා සාවත්‍ථිතො ආගතොති එකෙ. එවං ඨත්‍වා ච පන අත‍්තදණ‍්ඩසුත‍්තං (සු· නි· 941 ආදයො) අභාසි. තං සුත්‍වා සබ‍්බෙ සංවෙගප‍්පත‍්තා ආවුධානි ඡඩ‍්ඩෙත්‍වා භගවන‍්තං නමස‍්සමානා අට‍්ඨංසු, මහග‍්ඝඤ‍්ච ආසනං පඤ‍්ඤාපෙසුං. භගවා ඔරුය‍්හ පඤ‍්ඤත‍්තාසනෙ නිසීදිත්‍වා “කුඨාරීහත්‍ථො පුරිසො”තිආදිකං ඵන්‍දනජාතකං (ජා· 1.13.14), “වන්‍දාමි තං කුඤ‍්ජරා”තිආදිකං ලටුකිකජාතකං (ජා· 1.5.39).

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, ‘නෑදැයන් කලහ කරති, ඔවුන් එයින් වළක්වමි’යි අහසින් අවුත් සේනා පිරිස් මැද සිටියහ. ‘දිවැසින් දැක, සැවැත්නුවර සිට පැමිණි බව’ ඇතැමෙක් කියති. ඒ පිරිස මැද සිට අත්තදණ්ඩ සූත්‍රය වදාළහ. ඒ ඇසූ සියල්ලෝම බියට පත්ව, ආයුධ ඉවත ලා භාග්‍යවතුන් වහන්සේ නමදිමින් සිටියහ. මාහැඟි අසුනක් ද පැනවූහ. භාග්‍යවතුන් වහන්සේ අහසින් බැස, පනවන ලද අසුනෙහි වැඩහිඳ ‘කෙටේරියක් අතට ගත් මිනිසා’...ආදී ලෙසින් එන්‍දන ජාතකයද, ‘ඒ ඇතුට වඳිමි’ ආදී ලෙසින් ලටුකික ජාතකයද,

“සම‍්මොදමානා ගච‍්ඡන‍්ති, ජාලමාදාය පක‍්ඛිනො; යදා තෙ විවදිස‍්සන‍්ති, තදා එහින‍්ති මෙ වස”න‍්ති. (ජා· 1.1.33) –

‘කුරුල්ලෝ සතුටින් දැල ඔසවාගෙන පියඹති. ඔවුන් විවාද ඇති කරගත්විට මගේ වසඟයට එති’යි

ඉමං වට‍්ටකජාතකඤ‍්ච කථෙත්‍වා පුන තෙසං චිරකාලප‍්පවත‍්තං ඤාතිභාවං දස‍්සෙන‍්තො ඉමං මහාවංසං කථෙසි. තෙ “පුබ‍්බෙ කිර මයං ඤාතකා එවා”ති අතිවිය පසීදිංසු. තතො සක්‍යා අඩ‍්ඪතෙය්‍යකුමාරසතෙ, කොලියා අඩ‍්ඪතෙය්‍යකුමාරසතෙති පඤ‍්ච කුමාරසතෙ භගවතො පරිවාරත්‍ථාය අදංසු. භගවා තෙසං පුබ‍්බහෙතුං දිස‍්වා “එථ භික‍්ඛවො”ති ආහ. තෙ සබ‍්බෙ ඉද‍්ධියා නිබ‍්බත‍්තඅට‍්ඨපරික‍්ඛාරයුත‍්තා ආකාසෙ අබ‍්භුග‍්ගන‍්ත්‍වා ආගම‍්ම භගවන‍්තං වන්‍දිත්‍වා අට‍්ඨංසු. භගවා තෙ ආදාය මහාවනං අගමාසි. තෙසං පජාපතියො දූතෙ පාහෙසුං, තෙ තාහි නානප‍්පකාරෙහි පලොභියමානා උක‍්කණ‍්ඨිංසු. භගවා තෙසං උක‍්කණ‍්ඨිතභාවං ඤත්‍වා හිමවන‍්තං දස‍්සෙත්‍වා තත්‍ථ කුණාලජාතකකථාය (ජා· 2.21.289 කුණාලජාතකං) තෙසං අනභිරතිං විනොදෙතුකාමො ආහ – “දිට‍්ඨපුබ‍්බො වො, භික‍්ඛවෙ, හිමවා”ති? “න භගවා”ති. “එථ, භික‍්ඛවෙ, පෙක‍්ඛථා”ති අත‍්තනො ඉද‍්ධියා තෙ ආකාසෙන නෙන‍්තො “අයං සුවණ‍්ණපබ‍්බතො, අයං රජතපබ‍්බතො, අයං මණිපබ‍්බතො”ති නානප‍්පකාරෙ පබ‍්බතෙ දස‍්සෙත්‍වා කුණාලදහෙ මනොසිලාතලෙ පච‍්චුට‍්ඨාසි. තතො “හිමවන‍්තෙ සබ‍්බෙ චතුප‍්පදබහුප‍්පදාදිභෙදා තිරච‍්ඡානගතා පාණා ආගච‍්ඡන‍්තු, සබ‍්බෙසඤ‍්ච පච‍්ඡතො කුණාලසකුණො”ති අධිට‍්ඨාසි. ආගච‍්ඡන‍්තෙ ච තෙ ජාතිනාමනිරුත‍්තිවසෙන වණ‍්ණෙන‍්තො “එතෙ, භික‍්ඛවෙ, හංසා, එතෙ කොඤ‍්චා , එතෙ චක‍්කවාකා, කරවීකා, හත්‍ථිසොණ‍්ඩකා, පොක‍්ඛරසාතකා”ති තෙසං දස‍්සෙසි.

මේ වට්ටක ජාතකයද, නැවත දිගු කලක පටන් පවත්වා ඔවුන්ගේ නෑදැ සබඳතාව ද දක්වමින් මහා පරපුරේ අතීත කතාවද වදාළහ. ඔව්හු, අප පෙරදීත් නෑදැයන් යයි බොහෝ පැහැදුණහ. එහිදී සාක්‍ය කුමාරවරුන් දෙසිය පණහක්ද, කෝලිය කුමාරවරුන් දෙසිය පණහක්ද වූ පන්සියයක් කුමරුවන් භාග්‍යවතුන් වහන්සේට පිරිවර පිණිස දුන්හ. බුදුරජාණන් වහන්සේ, ඔවුන්ගේ පෙර හේතු සම්පත් දැක, ‘එව මහණ,’ යැයි කීහ. ඒ සියල්ලෝම ඉඳුබලෙන් ලද අටපිරිකර දරා, අහසට නැගී අවුත් වැඳ පසෙක සිටියහ. භාග්‍යවතුන් වහන්සේ ඒ සඟ පිරිස සමග මහා වනයට ගියහ. බිරින්දෑවරු දූතයන් යැවූහ. ඔවුන්, ඒ හිමිවරු නොයෙක් අයුරින් පොළඹවනු ලබනවිට, කලකිරුණහ. භාග්‍යවතුන් වහන්සේ, ඒ හිමිවරුන්ගේ කලකිරුණු බව දැන, හිමාලය පෙන්වා එහිදී කුණාල ජාතක කතාවෙන් උකටලී බව දුරුකරනු කැමතිව, ‘මහණෙනි, ඔබලා කලින් හිමවත් පෙදෙස දැක තිබේදැ’යි ඇසූහ. ‘භාග්‍යවතුන් වහන්ස, නොදිටිමු’යි කීහ. ‘එවු, මහණ බලවු’ යැයි තම ඉඳුබලෙන් ඒ හිමිවරුන් අහසින් කැඳවාගෙන යමින්, ‘මේ රන් පව්වකි. මේ රිදී පව්වකි. මේ මැණික් පව්වකි’ යැයි නොයෙක් ආකාර දක්වා කුණාල විලෙහි හිරියල් තලාවට පැමිණ වැඩසිටියහ. ‘හිමාලයෙහි සියළුම සිවුපා, බහුපා සතුන්ද, හැමට පසුව කුණාල කුරුල්ලා ද (ඉන්දියානු කොවුලා) පැමිණේවා’යි අදිටන් කළහ. එසේ පැමිණෙන කුරුල්ලන් හඳුන්වා දෙමින්, ‘මහණෙනි, අර හංසයන්ය. අර කොස්වාලිහිණියන්ය. අර සක්වාළිහිණියන්ය. කොවුලන්ය. ඇත්කඳ ලිහිණියන්ය. තල්රේරුන්’ යැයි පෙන්වා දුන්හ.

තෙ විම‍්හිතහදයා පස‍්සන‍්තා සබ‍්බපච‍්ඡතො ආගච‍්ඡන‍්තං ද‍්වීහි දිජකඤ‍්ඤාහි මුඛතුණ‍්ඩකෙන ඩංසිත්‍වා ගහිතකට‍්ඨවෙමජ‍්ඣෙ නිසින‍්නං සහස‍්සදිජකඤ‍්ඤාපරිවාරං කුණාලසකුණං දිස‍්වා අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතා භගවන‍්තං ආහංසු – “කච‍්චි, භන‍්තෙ, භගවාපි ඉධ කුණාලරාජා භූතපුබ‍්බො”ති? “ආම, භික‍්ඛවෙ, මයාවෙස කුණාලවංසො කතො. අතීතෙ හි මයං චත‍්තාරො ජනා ඉධ වසිම‍්හා – නාරදො දෙවිලො ඉසි, ආනන්‍දො ගිජ‍්ඣරාජා, පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො, අහං කුණාලො සකුණො”ති සබ‍්බං මහාකුණාලජාතකං කථෙසි. තං සුත්‍වා තෙසං භික‍්ඛූනං පුරාණදුතියිකායො ආරබ‍්භ උප‍්පන‍්නා අනභිරති වූපසන‍්තා. තතො තෙසං භගවා සච‍්චකථං කථෙසි, කථාපරියොසානෙ සබ‍්බපච‍්ඡිමකො සොතාපන‍්නො, සබ‍්බඋපරිමො අනාගාමී අහොසි, එකොපි පුථුජ‍්ජනො වා අරහා වා නත්‍ථි. තතො භගවා තෙ ආදාය පුනදෙව මහාවනෙ ඔරුහි. ආගච‍්ඡමානා ච තෙ භික‍්ඛූ අත‍්තනොව ඉද‍්ධියා ආගච‍්ඡිංසු.

පුදුමව බලා සිටින ඒ හිමිවරු, තරුණ බමුණු කුමරියන් දෙදෙනෙකු මුවින් ඩැහැගන්නා ලද දරලී කැබල්ලක මැද, දහසක් බමුණු කුමරියන් පිරිවරකොට හිඳ කුණාල කුරුල්ලා හැමට පසුව එනු දැක මහත් පුදුම සිතින් ‘හිමියනි, ඔබවහන්සේත් කුණාල රජ ලෙස පෙර සිටිසේක්දැ’යි ඇසූහ. ‘එසේය මහණෙනි, මා විසින් කුණාල වංසය අරඹන ලදී. පෙර නාරද දේවල ඉසිවරයා ද, ආනන්ද නම් ගිජුලිහිණි රජුද පුණ්ණමුඛ නම් තිත්කොවුලාද, කුණාල කුරුල්ලා ලෙසින් මා ද යන අපි සතරදෙනා මෙහි විසීමු’ යැයි මහා කුණාල ජාතකය දෙසූහ. ඒ අසා, ඒ මහණුන්ට ගිහිකල බිරියන් කෙරෙහි වූ ඇල්ම සංසිඳුණි. එහිදී භාග්‍යවතුන් වහන්සේ ඇත්ත කථාව කීහ. කතාව අවසානයෙහි ඒ හිමිවරුන් යටත්පිරිසෙයින් සෝවාන් පලයටද, උඩත් පිරිසෙයින් අනාගාමි ඵලයට පත්වූ අතර, එක් හිමිනමක හෝ මගපලයකට පත්නොවූ හෝ රහත් පලයට හෝ පත්නොවීය. භාග්‍යවතුන් වහන්සේ ඒ හිමිවරුන්ද කැටුව නැවත මහා වනයට ගියහ. තම ඉඳුබලයෙන් ඒ හිමිවරු පැමිණියහ.

අථ නෙසං භගවා උපරිමග‍්ගත්‍ථාය පුන ධම‍්මං දෙසෙසි. තෙ පඤ‍්චසතාපි විපස‍්සනං ආරභිත්‍වා අරහත‍්තෙ පතිට‍්ඨහිංසු. පඨමං පත‍්තො පඨමමෙව අගමාසි “භගවතො ආරොචෙස‍්සාමී”ති. ආගන‍්ත්‍වා ච “අභිරමාමහං භගවා, න උක‍්කණ‍්ඨාමී”ති වත්‍වා භගවන‍්තං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. එවං තෙ සබ‍්බෙපි අනුක‍්කමෙන ආගන‍්ත්‍වා භගවන‍්තං පරිවාරෙත්‍වා නිසීදිංසු ජෙට‍්ඨමාසඋපොසථදිවසෙ සායන‍්හසමයෙ. තතො පඤ‍්චසතඛීණාසවපරිවුතං වරබුද‍්ධාසනෙ නිසින‍්නං භගවන‍්තං ඨපෙත්‍වා අසඤ‍්ඤසත‍්තෙ ච අරූපබ්‍රහ‍්මානො ච සකලදසසහස‍්සචක‍්කවාළෙ අවසෙසදෙවතාදයො මඞ‍්ගලසුත‍්තවණ‍්ණනායං වුත‍්තනයෙන සුඛුමත‍්තභාවෙ නිම‍්මිනිත්‍වා සම‍්පරිවාරෙසුං “විචිත්‍රපටිභානං ධම‍්මදෙසනං සොස‍්සාමා”ති. තත්‍ථ චත‍්තාරො ඛීණාසවබ්‍රහ‍්මානො සමාපත‍්තිතො වුට‍්ඨාය බ්‍රහ‍්මගණං අපස‍්සන‍්තා “කුහිං ගතා”ති ආවජ‍්ජෙත්‍වා තමත්‍ථං ඤත්‍වා පච‍්ඡා ආගන‍්ත්‍වා ඔකාසං අලභමානා චක‍්කවාළමුද‍්ධනි ඨත්‍වා පච‍්චෙකගාථායො අභාසිංසු. යථාහ –

භාග්‍යවතුන් වහන්සේ රහත්පල පිණිස නැවත දහම් දෙසූහ. ඒ පන්සියයක් හිමිවරු විදසුන් වඩා රහත් පලයෙහි පිහිටියහ. පළමුව රහත්පල ලද හිමි ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැළ කිරීමට පැමිණ, ‘භාග්‍යවතුන් වහන්ස, සසුනෙහි ඇළුම් කරමි. උකටලී නොවෙමි’යි පවසා, වැඳ එකත්පස්ව හුන්නේය. මෙසේ ඒ සියළුම හිමිවරු පොසොන් මස පොහෝදින - උපෝසථ දිනයෙහි අනුපිළිවෙලින් පැමිණ භාග්‍යවතුන් වහන්සේ පිරිවරා හිඳගත්හ. උතුම් බුදුඅසුන්හි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ පිරිවරා සිටි එම රහතන් වහන්සේලා පන්සියය හැර, අසඤ්ඤතලයෙහි අරූපි බ්‍රහ්මයෝ ද, දස දහසක් සක්වළ ඉතිරි සියළු දේවතාවෝ ද, මංගල සූත්‍ර විස්තරයෙහි කී පරිදි සියුම් අත්බැව් ගනිමින්, ‘විසිතුරු, වටහාගත හැකි දහම් දෙසුමක් අසන්නෙමු’යි රැස්ව සිටියහ. එමෙන්ම අනාගාමී පත් බ්‍රහ්මයෝ සතර දෙනෙක්ද සමවතින් නැගිට බ්‍රහ්ම පිරිස නොදැක, ‘කොහි ගියේදැ’යි මෙනෙහිකොට, ඒ කරුණ දැන, පසුව එහි අවුත්, ඉඩක් නොලැබ, සක්වළ මුදුනෙහි සිට වෙන වෙනම ගාථා කීහ.

“අථ ඛො චතුන‍්නං සුද‍්ධාවාසකායිකානං දෙවතානං එතදහොසි – ‘අයං, ඛො, භගවා සක‍්කෙසු විහරති කපිලවත්‍ථුස‍්මිං මහාවනෙ මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං පඤ‍්චමත‍්තෙහි භික‍්ඛුසතෙහි සබ‍්බෙහෙව අරහන‍්තෙහි. දසහි ච ලොකධාතූහි දෙවතා යෙභුය්‍යෙන සන‍්නිපතිතා හොන‍්ති භගවන‍්තං දස‍්සනාය භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච . යංනූන මයම‍්පි යෙන භගවා තෙනුපසඞ‍්කමෙය්‍යාම, උපසඞ‍්කමිත්‍වා භගවතො සන‍්තිකෙ පච‍්චෙකං ගාථං භාසෙය්‍යාමා’”ති (දී· නි· 2.331; සං· නි· 1.37).

ඒ ගැන මෙසේ සඳහන්ව ඇත. “මේ වනවිට භාග්‍යවතුන් වහන්සේ රහතන් වහන්සේලාම පන්සියයක් සමග කපිලවත්‍ථු නුවර සාක්‍ය ජනපදයෙහි මහා වනයෙහි වැඩ වසති. ලෝකධාතු දහයක දේවතාවුන් භාග්‍යවතුන් වහන්සේ සහ බික්සඟන දැකීමට බොහෝ සෙයින් රැස්වී සිටින ලද බැවින්, ‘අපි ද භගවත් හිමි දැකීමට යන්නෙමු. එහි එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වෙන වෙනම ගාථා කියන්නෙමු’ නම් යෙහෙකි.”

සබ‍්බං සගාථාවග‍්ගෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. එවං ගන‍්ත්‍වා ච තත්‍ථ එකො බ්‍රහ‍්මා පුරත්‍ථිමචක‍්කවාළමුද‍්ධනි ඔකාසං ලභිත්‍වා තත්‍ථ ඨිතො ඉමං ගාථං අභාසි –

ඒ සියළු කරුණු සගාථක වග්ගයෙහි කියා ඇති පරිදි දතයුතුය. එසේ ගොස්, නැගෙනහිර සක්වළ මුදුනෙහි ඉඩක් ලද එක් බ්‍රහ්මයෙක් ද එහි සිට

“මහාසමයො පවනස‍්මිං…පෙ… දක‍්ඛිතායෙ අපරාජිතසඞ‍්ඝ”න‍්ති. (දී· නි· 2.332; සං· නි· 1.37);

මහාසමයො පවනස්මිං...දක්‍ඛිතායෙ අපරාජිත සංඝං යන මේ ගාථාව කීය.

ඉමඤ‍්චස‍්ස ගාථං භාසමානස‍්ස පච‍්ඡිමචක‍්කවාළපබ‍්බතෙ ඨිතො සද‍්දං අස‍්සොසි.

මේ ගාථාව කියනවිට බටහිර සක්වළ පව්වෙහි සිටි දේවතාවෝ ඒ හඬ ඇසූහ.

දුතියො පච‍්ඡිමචක‍්කවාළමුද‍්ධනි ඔකාසං ලභිත්‍වා තත්‍ථ ඨිතො තං ගාථං සුත්‍වා ඉමං ගාථං අභාසි –

බටහිර සක්වළ මුදුනෙහි ඉඩ ලබා සිටි දෙවන බ්‍රහ්මයා ඒ ගාථාව අසා,

“තත්‍ර භික‍්ඛවො සමාදහංසු…පෙ… ඉන්‍ද්‍රියානි රක‍්ඛන‍්ති පණ‍්ඩිතා”ති. (දී· නි· 2.332; සං· නි· 1.37);

තත්‍ර භික්‍ඛවො සමාදහංසු...... ඉන්‍ද්‍රියානි රක්‍ඛන්ති පණ්ඩිතා යන ගාථාව කීය.

තතියො දක‍්ඛිණචක‍්කවාළමුද‍්ධනි ඔකාසං ලභිත්‍වා තත්‍ථ ඨිතො තං ගාථං සුත්‍වා ඉමං ගාථං අභාසි –

දකුණු සක්වළ මුදුනෙහි ඉඩ ලබා සිටි තුන්වන බ්‍රහ්මයා එහි සිට ඒ ගාථාව අසා,

“ඡෙත්‍වා ඛීලං ඡෙත්‍වා පලිඝං…පෙ… සුසුනාගා”ති. (දී· නි· 2.332; සං· නි· 1.37);

ජෙත්‍වා ඛීලං ජෙත්‍වා පලිඝං........... සුසුනාගා යන ගාථාව කීය.

චතුත්‍ථො උත‍්තරචක‍්කවාළමුද‍්ධනි ඔකාසං ලභිත්‍වා තත්‍ථ ඨිතො තං ගාථං සුත්‍වා ඉමං ගාථමභාසි –

සතරවැනි බ්‍රහ්මයාද උතුරු සක්වල මුදුනෙහි සිට

“යෙ කෙචි බුද‍්ධං සරණං ගතාසෙ…පෙ… දෙවකායං පරිපූරෙස‍්සන‍්තී”ති. (දී· නි· 2.332; සං· නි· 1.37);

යෙ කෙචි බුද්ධං සරණං ගතාසෙ....... දෙවකායං පරිපූරෙස්සන්ති යන ගාථාව කීය.

තස‍්සපි තං සද‍්දං දක‍්ඛිණචක‍්කවාළමුද‍්ධනි ඨිතො අස‍්සොසි. එවං තදා ඉමෙ චත‍්තාරො බ්‍රහ‍්මානො පරිසං ථොමෙත්‍වා ඨිතා අහෙසුං, මහාබ්‍රහ‍්මානො එකචක‍්කවාළං ඡාදෙත්‍වා අට‍්ඨංසු.

ඔහුගේද ඒ හඬ දකුණු සක්වළ සිට ඇසීය. මෙසේ එදා මේ බ්‍රහ්මයන් සතරදෙනා පිරිස පසසා සිටියහ. මහා බ්‍රහ්මයාද එක් සක්වළක් ආවරණය වන පරිදි සිටියේය.

අථ භගවා දෙවපරිසං ඔලොකෙත්‍වා භික‍්ඛූනං ආරොචෙසි – “යෙපි තෙ, භික‍්ඛවෙ, අහෙසුං අතීතමද‍්ධානං අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා, තෙසම‍්පි භගවන‍්තානං එතප‍්පරමායෙව දෙවතා සන‍්නිපතිතා අහෙසුං. සෙය්‍යථාපි මය‍්හං එතරහි, යෙපි තෙ, භික‍්ඛවෙ, භවිස‍්සන‍්ති අනාගතමද‍්ධානං අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා, තෙසම‍්පි භගවන‍්තානං එතප‍්පරමායෙව දෙවතා සන‍්නිපතිතා භවිස‍්සන‍්ති සෙය්‍යථාපි මය‍්හං එතරහී”ති. තතො තං දෙවපරිසං භබ‍්බාභබ‍්බවසෙන ද‍්විධා විභජි “එත‍්තකා භබ‍්බා, එත‍්තකා අභබ‍්බා”ති. තත්‍ථ “අභබ‍්බපරිසා බුද‍්ධසතෙපි ධම‍්මං දෙසෙන‍්තෙ න බුජ‍්ඣති, භබ‍්බපරිසා සක‍්කා බොධෙතු”න‍්ති ඤත්‍වා පුන භබ‍්බපුග‍්ගලෙ චරියවසෙන ඡධා විභජි “එත‍්තකා රාගචරිතා, එත‍්තකා දොස-මොහ-විතක‍්ක-සද‍්ධා-බුද‍්ධිචරිතා”ති. එවං චරියවසෙන පරිග‍්ගහෙත්‍වා “අස‍්සා පරිසාය කීදිසා ධම‍්මදෙසනා සප‍්පායා”ති ධම‍්මකථං විචිනිත්‍වා පුන තං පරිසං මනසාකාසි – “අත‍්තජ‍්ඣාසයෙන නු ඛො ජානෙය්‍ය, පරජ‍්ඣාසයෙන, අට‍්ඨුප‍්පත‍්තිවසෙන, පුච‍්ඡාවසෙනා”ති. තතො “පුච‍්ඡාවසෙන ජානෙය්‍යා”ති ඤත්‍වා “පඤ‍්හං පුච‍්ඡිතුං සමත්‍ථො අත්‍ථි, නත්‍ථී”ති පුන සකලපරිසං ආවජ‍්ජෙත්‍වා “නත්‍ථි කොචී”ති ඤත්‍වා “සචෙ අහමෙව පුච‍්ඡිත්‍වා අහමෙව විස‍්සජ‍්ජෙය්‍යං, එවමස‍්සා පරිසාය සප‍්පායං න හොති. යංනූනාහං නිම‍්මිතබුද‍්ධං මාපෙය්‍යන‍්ති පාදකජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය මනොමයිද‍්ධියා අභිසඞ‍්ඛරිත්‍වා නිම‍්මිතබුද‍්ධං මාපෙසි. සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගී ලක‍්ඛණසම‍්පන‍්නො පත‍්තචීවරධරො ආලොකිතවිලොකිතාදිසම‍්පන‍්නො හොතූ”ති අධිට‍්ඨානචිත‍්තෙන සහ පාතුරහොසි. සො පාචීනලොකධාතුතො ආගන‍්ත්‍වා භගවතො සමසමෙ ආසනෙ නිසින‍්නො එවං ආගන‍්ත්‍වා යානි භගවතා ඉමම‍්හි සමාගමෙ චරියවසෙන ඡ සුත‍්තානි (සු· නි· 854 ආදයො, 868 ආදයො, 884 ආදයො, 901 ආදයො, 921 ආදයො) කථිතානි. සෙය්‍යථිදං – පුරාභෙදසුත‍්තං කලහවිවාදසුත‍්තං චූළබ්‍යූහං මහාබ්‍යූහං තුවටකං ඉදමෙව සම‍්මාපරිබ‍්බාජනීයන‍්ති. තෙසු රාගචරිතදෙවතානං සප‍්පායවසෙන කථෙතබ‍්බස‍්ස ඉමස‍්ස සුත‍්තස‍්ස පවත‍්තනත්‍ථං පඤ‍්හං පුච‍්ඡන‍්තො “පුච‍්ඡාමි මුනිං පහූතපඤ‍්ඤ”න‍්ති ඉමං ගාථමාහ.

එවිට භාග්‍යවතුන් වහන්සේ දෙව් පිරිස දෙස බලා ‘මහණෙනි, අතීතයෙහි අරහත් සම්මා සම්බුදුවරයන් වෙතද දැන් මා හමුවෙහි මෙන්ම මෙපමණම දේවතාවෝ රැස්වූහ. අනාගතයෙහි පහළවන අරහත් සම්මා සම්බුදුවරයන් වෙතද දැන් මා හමුවෙහි රැස් වූ පරිදිම දේවතාවුන් රැස්වනු ඇතැයිද සැළකළහ. ‘යෙ පි තෙ භික්‍ඛවෙ අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මා සම්බුද්ධො තෙසම්පි භගවන්තානං එතපරමායෙව දෙවතා සන්නිපතිතා අහෙසුං, සෙය්‍යථාපි මය්හං එතරහි, යෙපි තෙ භික්‍ඛවෙ භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො -පෙ- සන්නිපතිතා භවිස්සන්ති සෙය්‍යථාපි මය්හං එතරහි’ ඒ රැස්වූ දෙව් පිරිස මෙපමණකට දහම් අවබෝධය ලද හැකිය, මෙපමණකට දහම් අවබෝධය ලද නොහැකිය යනුවෙන් දෙකොටසකට බෙදුණි. ඒ දහම් අවබෝධය ලද නොහැකි පිරිස, බුදුවරු සියයක් දහම් දෙසූවත් අවබෝධය නොලබයි. අවබෝධය ලද හැකි පිරිස දැන, නැවත පුද්ගල හැසිරීම් අනුව මෙපමණ රාගී චරිත ඇත්තන්ය. මෙපමණ දෝස - මෝහ - විතක්ක - සද්ධා - බුද්ධි චරිත ඇත්තන්යැයි කොටස් හයකට බෙදීය. මෙසේ හැසිරීම් ගති සළකා, ඒ ඒ පිරිසට තම අදහස අනුව පවසන දෙය දැනගත හැකි වේද, ඔවුන්ගේ අදහස අනුව කියන දෙය දැනගත හැකි වේද, ඒ මොහොතට සුදුසු වන අයුරු කීවොත් දැනගත හැකි වේද, විමසන ලද දෙයකට පිළිතුරු දෙන සැටියෙන් දැනගත හැකිවේදැයි, ඒ ඒ චරිතයන්ට ගැළපෙන දම් දෙසුම් නය පිළිබඳව මෙනෙහි කළහ. එවිට පිළිතුරු දීම අවබෝධයට හේතුවන බව දැන, ‘පැනයක් ඇසීමට සමතෙකු ඇත්ද, නැත්දැ’යි නැවත මුළු පිරිසම විමසා බලා, ‘කිසිවකු නැතැ’යි දැන, ‘මා ම අසා, මමම විසඳන්නෙම් නම්, එය මේ පිරිසට ගැලපෙන්නේ නැත. ඉඳුබලෙන් බුදුරුවක් දක්වන්නේ නම් මැනවැ’යි, ඊට අනුරූප දැහැනට සමවැද, නැගිට මනෝමය වූ ඉඳු බලෙන් අදිටන් සිත සමගම පාසිවුරු දරන, සියළු අඟපසඟින් හා (දෙතිස්-අනු) ලකුණින් යුතු, ඉදිරි-පසුපස බැලීම ආදී සන්සුන් ඉරියව් ඇති බුදුරුවක් පහළ විය. ඒ බුදුරුව, බටහිර ලෝධාතුව දෙසින් භාග්‍යවතුන් වහන්සේ හා සම අසුනෙහි සිටියේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම හමුවෙහිදී චරිත අනුව පුරාභෙද, කලහ විවාද, චූලව්‍යුහ, මහාව්‍යුහ, තුවටක හා සම්මා පරිබ්බාජනීය යන සූත්‍ර හයක් දේසනා කරන ලද අතර, ඒ අතරින් රාග චරිත ඇති දේවතාවුන්ට ගැලපෙන අයුරු මෙම සූත්‍රය ඉදිරියට පැවැත්වීමට (පහළ වූ බුදුන් ලවා) පුච්ඡාමි මුනිං පහූත පඤ්ඤං යන මෙම ගාථාවෙන් පැන අස්වන ලදී.

තත්‍ථ පහූතපඤ‍්ඤන‍්ති මහාපඤ‍්ඤං. තිණ‍්ණන‍්ති චතුරොඝතිණ‍්ණං. පාරඞ‍්ගතන‍්ති නිබ‍්බානප‍්පත‍්තං. පරිනිබ‍්බුතන‍්ති සඋපාදිසෙසනිබ‍්බානවසෙන පරිනිබ‍්බුතං. ඨිතත‍්තන‍්ති ලොකධම‍්මෙහි අකම‍්පනීයචිත‍්තං. නික‍්ඛම‍්ම ඝරා පනුජ‍්ජ කාමෙති වත්‍ථුකාමෙ පනුදිත්‍වා ඝරාවාසා නික‍්ඛම‍්ම. කථං භික‍්ඛු සම‍්මා සො ලොකෙ පරිබ‍්බජෙය්‍යාති සො භික‍්ඛු කථං ලොකෙ සම‍්මා පරිබ‍්බජෙය්‍ය විහරෙය්‍ය අනුපලිත‍්තො ලොකෙන හුත්‍වා, ලොකං අතික‍්කමෙය්‍යාති වුත‍්තං හොති. සෙසමෙත්‍ථ වුත‍්තනයමෙව.

පහූත පඤ්ඤං මහා නුවණැති, තිණ්ණං සිවු සැඩපහර තරණය කරන ලද, පාරගතං නිවනට පැමිණි, පරිනිබ්බුතං සොපාදිසෙස නිවණින් පිරිනිවුණ, ඨිතත්තං ලෝදහම්හි කම්පානොවන සිතැති, නික්‍ඛම්ම ඝරා පණුජ්ජ කාමෙ සම්පත් ආදිය හැරදමා ගිහිගෙයින් නික්ම, කථං භික්‍ඛූ සම්මා සො ලොකෙ පරිබ්බජෙය්‍ය ඒ මහණ ලොව (සමාජයෙහි) කෙසේ මැනවින් දිවි ගෙවන්නේද? වාසය කරන්නේද? ලෝකයෙහි නොඇලී, ලෝකය ඉක්මවා සිටින්නේදැයි කියන ලදී. ඉතිරි කරුණු කලින් දක්වා ඇති පරිදිමය.

අථ භගවා යස‍්මා ආසවක‍්ඛයං අප‍්පත්‍වා ලොකෙ සම‍්මා පරිබ‍්බජන‍්තො නාම නත්‍ථි, තස‍්මා තස‍්මිං රාගචරිතාදිවසෙන පරිග‍්ගහිතෙ සබ‍්බපුග‍්ගලසමූහෙ තං තං තෙසං තෙසං සමානදොසානං දෙවතාගණානං ආචිණ‍්ණදොසප‍්පහානත්‍ථං “යස‍්ස මඞ‍්ගලා”ති ආරභිත්‍වා අරහත‍්තනිකූටෙනෙව ඛීණාසවපටිපදං පකාසෙන‍්තො පන‍්නරස ගාථායො අභාසි.

කෙලෙසුන් නැති නොකොට, ලොවෙහි මැනවින් වාසය කරන්නකු නැති හෙයින් රාග චරිත ඇත්තාට ගැලපෙන පරිදි, දහම අවබෝධ කරගැනීමට හැකියාව තිබෙන, සමාන වූ දොසින් යුතු දේව සමූහයෙහි පුරුදු වී ඇති ඒ ඒ වැරදි දුරුකරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ ඉක්බිතිව යස්ස මංගලා යැයි ගාථාව පටන්ගෙන, අරහත් බව කුළුගන්වමින්, කෙලෙස් නස්නා පිළිවෙත පහදමින් ගාථා පසළොසක් වදාළහ.

තත්‍ථ පඨමගාථාය තාව මඞ‍්ගලාති මඞ‍්ගලසුත‍්තෙ වුත‍්තානං දිට‍්ඨමඞ‍්ගලාදීනමෙතං අධිවචනං. සමූහතාති සුට‍්ඨු ඌහතා පඤ‍්ඤාසත්‍ථෙන සමුච‍්ඡින‍්නා. උප‍්පාතාති “උක‍්කාපාතදිසාඩාහාදයො එවං විපාකා හොන‍්තී”ති එවං පවත‍්තා උප‍්පාතාභිනිවෙසා. සුපිනාති “පුබ‍්බණ‍්හසමයෙ සුපිනං දිස‍්වා ඉදං නාම හොති, මජ‍්ඣන‍්හිකාදීසු ඉදං, වාමපස‍්සෙන සයතා දිට‍්ඨෙ ඉදං නාම හොති, දක‍්ඛිණපස‍්සාදීහි ඉදං, සුපිනන‍්තෙ චන්‍දං දිස‍්වා ඉදං නාම හොති, සූරියාදයො දිස‍්වා ඉද”න‍්ති එවං පවත‍්තා සුපිනාභිනිවෙසා. ලක‍්ඛණාති දණ‍්ඩලක‍්ඛණවත්‍ථලක‍්ඛණාදිපාඨං පඨිත්‍වා “ඉමිනා ඉදං නාම හොතී”ති එවං පවත‍්තා ලක‍්ඛණාභිනිවෙසා. තෙ සබ‍්බෙපි බ්‍රහ‍්මජාලෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. සො මඞ‍්ගලදොසවිප‍්පහීනොති අට‍්ඨතිංස මහාමඞ‍්ගලානි ඨපෙත්‍වා අවසෙසා මඞ‍්ගලදොසා නාම. යස‍්ස පනෙතෙ මඞ‍්ගලාදයො සමූහතා, සො මඞ‍්ගලදොසවිප‍්පහීනො හොති. අථ වා මඞ‍්ගලානඤ‍්ච උප‍්පාතාදිදොසානඤ‍්ච පහීනත‍්තා මඞ‍්ගලදොසවිප‍්පහීනො හොති, න මඞ‍්ගලාදීහි සුද‍්ධිං පච‍්චෙති අරියමග‍්ගස‍්ස අධිගතත‍්තා. තස‍්මා සම‍්මා සො ලොකෙ පරිබ‍්බජෙය්‍ය, සො ඛීණාසවො සම‍්මා ලොකෙ පරිබ‍්බජෙය්‍ය අනුපලිත‍්තො ලොකෙනාති.

ඒ මුල් ගාථාවෙහි මංගල යනු, මංගල සූත්‍රයෙහි දී සඳහන් වූ, දුටු දේ යහපත්ය ආදී කරුණුවලට සමාන වචනයි. සමූහතා මැනවින් හානිකරන ලද, නුවණ නැමති ආයුධයෙන් කපන ලද, උප්පාතා උල්කාපාත, කාලගුණය නිසා වන උණුසුම් බව අනුව ඉදිරියට මෙබඳු පල ලැබේ යැයි බලාපොරොත්තුව සිටීම, සුපිනා පහන් වන යාමයෙහි දකින සිහින පල මෙබඳු වේ. මැදියම් රෑ කල දකින සිහින පල මෙබඳුය. දකුණු ඇලයෙන් නිදාගත්විට දකින සිහින පල මෙබඳුය. සිහිනෙන් සඳ දුටුවිට මේ පල වෙයි. හිරු දුටුවිට මේ පල ලැබේ ආදී ලෙසින් සිහින බලාපොරොත්තු ලක්‍ඛණ (ලී) දඬුවක, රෙද්දක ලකුණු අනුව යම් යම් වැකි කියා මෙයින් මෙබඳු පල ලැබේ යැයි කීම - ඒ සියළු කරුණු බ්‍රහ්මජාල සූත්‍ර විස්තර අනුව දතයුතුය. සමංගල දොසවිප්පහීණො මංගල කරුණු තිස්අට හැර, ඉතිරි දේ මංගල වැරදි සේ ගැනේ. මෙම මංගල යැයි කියනු ලබන වැරදි දේ ඉවත හළ තැනැත්තා එවැනි වැරදි අදහස්වලින් මිදුණේ වේ. නැතහොත් උල්කාපාත ආදිය නිසා මෙබඳු අයහපත වේ යන වැරදි අදහස් නොමැති බැවින් මංගල දොස්වලින් මිදුණේ වේ. සෝවාන් ආදී මගපල පත් බැවින් මංගල යැයි සම්මත කරුණුවලින් පිරිසිදු බවක් බලාපොරොත්තු නොවේ. සම්මා සො ලොකෙ පරිබ්බජෙය්‍ය එහෙයින් ඒ කෙලෙස් නැසූ තැනැත්තා ලොවෙහි නොඇලී මැනවින් වාසය කරන්නේය.

දුතියගාථාය රාගං විනයෙථ මානුසෙසු, දිබ‍්බෙසු කාමෙසු චාපි භික‍්ඛූති මානුසෙසු ච දිබ‍්බෙසු ච කාමගුණෙසු අනාගාමිමග‍්ගෙන අනුප‍්පත‍්තිධම‍්මතං නෙන‍්තො රාගං විනයෙථ. අතික‍්කම‍්ම භවං සමෙච‍්ච ධම‍්මන‍්ති එවං රාගං විනෙත්‍වා තතො පරං අරහත‍්තමග‍්ගෙන සබ‍්බප‍්පකාරතො පරිඤ‍්ඤාභිසමයාදයො සාධෙන‍්තො චතුසච‍්චභෙදම‍්පි සමෙච‍්ච ධම‍්මං ඉමාය පටිපදාය තිවිධම‍්පි අතික‍්කම‍්ම භවං. සම‍්මා සොති සොපි භික‍්ඛු සම‍්මා ලොකෙ පරිබ‍්බජෙය්‍ය.

රාගං විනයෙථ මානුසෙසු දිබ්බෙසු කාමෙසු චා පි හික්‍ඛූ දෙවැනි ගාථාවෙහි දෙව් මිනිස් කාමගුණ (එහි ඇලීම) අනාගාමි මගින් නැවත හටනොගන්නා ලෙසට පත්කොට රාගය දුරුකරවයි දක්වයි. අතික්කම භවං සමෙච්ච ධම්මං මෙසේ රාගය දුරුකොට, සියළු ආකාරයෙන්ම දතයුතු හැමදෙයම ඊට පසු අරහත් මගෙන් මැනවින් අවබෝධ කොටගෙන සිවුසස් පසක්කොට ලබන මෙම පිළිවෙත් මගෙන් කාමරූපී - අරූපී තුන්භවයම ඉක්මවා, සම්මා සො ඒ මහණ ලොවෙහි මැනවින් වෙසෙන්නේය.

තතියගාථාය “අනුරොධවිරොධවිප‍්පහීනො”ති සබ‍්බවත්‍ථූසු පහීනරාගදොසො. සෙසං වුත‍්තනයමෙව සබ‍්බගාථාසු ච “සොපි භික‍්ඛු සම‍්මා ලොකෙ පරිබ‍්බජෙය්‍යා”ති යොජෙතබ‍්බං. ඉතො පරඤ‍්හි යොජනම‍්පි අවත්‍වා අවුත‍්තනයමෙව වණ‍්ණයිස‍්සාම.

තුන්වන ගාථාවේ අනුරොධ විරොධ චිප්පහීණෙ හැමදෙයක් කෙරෙහිම රාගය - තරහව නැති කළ, ඉතිරි කරුණු කලින් කී පරිදිය. හැම ගාථාවකම (අවසන් පදය සේ) සොපි භික්‍ඛූ සම්මාලොකෙ පරිබ්බජෙය්‍ය යැයි යෙදිය යුතුය. මින්පසු එය සඳහන් නොකොටම (කලින්) සඳහන් නොවූ දේම විස්තර කරන්නෙමු.

චතුත්‍ථගාථාය සත‍්තසඞ‍්ඛාරවසෙන දුවිධං පියඤ‍්ච අප‍්පියඤ‍්ච වෙදිතබ‍්බං, තත්‍ථ ඡන්‍දරාගපටිඝප‍්පහානෙන හිත්‍වා. අනුපාදායාති චතූහි උපාදානෙහි කඤ‍්චි ධම‍්මං අග‍්ගහෙත්‍වා. අනිස‍්සිතො කුහිඤ‍්චීති අට‍්ඨසතභෙදෙන තණ‍්හානිස‍්සයෙන ද‍්වාසට‍්ඨිභෙදෙන දිට‍්ඨිනිස‍්සයෙන ච කුහිඤ‍්චි රූපාදිධම‍්මෙ භවෙ වා අනිස‍්සිතො. සංයොජනියෙහි විප‍්පමුත‍්තොති සබ‍්බෙපි තෙභූමකධම‍්මා දසවිධසංයොජනස‍්ස විසයත‍්තා සංයොජනියා, තෙහි සබ‍්බප‍්පකාරතො මග‍්ගභාවනාය පරිඤ‍්ඤාතත‍්තා ච විප‍්පමුත‍්තොති අත්‍ථො. පඨමපාදෙන චෙත්‍ථ රාගදොසප‍්පහානං වුත‍්තං, දුතියෙන උපාදානනිස‍්සයාභාවො, තතියෙන සෙසාකුසලෙහි අකුසලවත්‍ථූහි ච විප‍්පමොක‍්ඛො. පඨමෙන වා රාගදොසප‍්පහානං, දුතියෙන තදුපායො, තතියෙන තෙසං පහීනත‍්තා සංයොජනියෙහි විප‍්පමොක‍්ඛොති වෙදිතබ‍්බො.

සතරවන ගාථාවෙහි පියඤ්ච අප්පියඤ්ච යනු පුද්ගලයන් ඒ ඒ දේ එක්රැස් කරගැනීම අනුව දෙයාකාරව දතයුතුය. හිත්‍වා එහි දැඩි කැමැත්ත, රාගය, තරහව නැති කිරීමෙන්, අනුපාදාය සසර පැවැත්මට උපකාරවන සිවු උපාදානයන්ගෙන් කිසිදු දෙයක් නොගෙන, අනිස්සිතො කුහිඤ්චි එකසිය අටවැදෑරුම් තණ්හාව ඇසුරුකොට පවතින, මිසදිටු හැඟීම් සැටදෙකක හා රූපාදී වූ භවයන්හි කිසිම තැනක නොගැලී, සංයොජනීයෙහි විප්පමුත්තො තුන්භවයෙහි රඳන හේතු සහගත සියළු කරුණු දස සංයෝජනවලට ඇතුලත් බැවින්, එකම සබඳතාවක් ඇතිවේ. මගපල වැඩීමෙන් ඒවා පිරිසිඳ දත් බැවින්ද, සියළු ආකාරයෙන්ම මනාව මිදුණේ යැයි අදහසයි. එහි පළමු පදයෙන්ද රාග දෝස නැතිකිරීම කියන ලදී. දෙවන පදයෙන් උපාදාන හේතුද, තෙවන පදයෙන් ඉතිරි වූ කුසල අකුසලවලින් ද මැනවින් මිදුණු බවත්, පෙන්වා දෙන ලදී. මෙසේ පළමු පදයෙන් රාගදෝස නැතිකිරීම, දෙවන පදයෙන් ඊට කටයුතු යෙදීමත් (උපාය) තුන්වන පදයෙන් ඒවා නැතිකරන ලද බව කියා ඇති පරිදි සංයෝජනවලින් ද මනාව මිදුණේ යැයි දතයුතුය.

පඤ‍්චමගාථාය උපධීසූති ඛන්‍ධුපධීසු. ආදානන‍්ති ආදාතබ‍්බට‍්ඨෙන තෙයෙව වුච‍්චන‍්ති. අනඤ‍්ඤනෙය්‍යොති අනිච‍්චාදීනං සුදිට‍්ඨත‍්තා “ඉදං සෙය්‍යො”ති කෙනචි අනෙතබ‍්බො. සෙසං උත‍්තානපදත්‍ථමෙව. ඉදං වුත‍්තං හොති – ආදානෙසු චතුත්‍ථමග‍්ගෙන සබ‍්බසො ඡන්‍දරාගං විනෙත්‍වා සො විනීතඡන්‍දරාගො, තෙසු උපධීසු න සාරමෙති, සබ‍්බෙ උපධී අසාරකත‍්තෙනෙව පස‍්සති. තතො තෙසු දුවිධෙනපි නිස‍්සයෙන අනිස‍්සිතො අඤ‍්ඤෙන වා කෙනචි “ඉදං සෙය්‍යො”ති අනෙතබ‍්බො ඛීණාසවො භික‍්ඛු සම‍්මා සො ලොකෙ පරිබ‍්බජෙය්‍ය.

පස්වන ගාථාවෙහි උපධීසු යනු රූපාදී සමූහය කෙරෙහි, ආදානං ගන්නා ලද යන අරුතයි. අනඤ්ඤනෙය්‍යො හැමදෙයකම වෙනස්වන, තිර නොමැති බව මනාව අවබෝධයෙන් දක්නා ලද බැවින් ‘මෙය උසස්’ යැයි කිසිවක් නොසළකයි. ඉතිරි කලින් කියා ඇති පරිදිය. දැඩිව ගන්නා දේ - ඡන්‍ද රාගය - අරහත් මගෙන් දුරුකොට, සො ඡන්‍දරාගයෙන් හික්මුණු තැනැත්තා, උපධීසු න සාරමෙති ඒ සියළුම රූපාදී සමූහය නිසරු ලෙසින්ම දකී. මේ දෙයාකාරයෙන්ම අනිස්සිතො වෙනත් ආකාරයකින් හෝ කිසිවකින් හෝ මෙය උසස් යැයි නොසළකන ඒ කෙලෙසුන් නැසූ මහණුන් වහන්සේ ලොවෙහි මැනවින් වසන්නෝය.

ඡට‍්ඨගාථාය අවිරුද‍්ධොති එතෙසං තිණ‍්ණං දුච‍්චරිතානං පහීනත‍්තා සුචරිතෙහි සද‍්ධිං අවිරුද‍්ධො. විදිත්‍වා ධම‍්මන‍්ති මග‍්ගෙන චතුසච‍්චධම‍්මං ඤත්‍වා. නිබ‍්බානපදාභිපත්‍ථයානොති අනුපාදිසෙසං ඛන්‍ධපරිනිබ‍්බානපදං පත්‍ථයමානො. සෙසං උත‍්තානත්‍ථමෙව.

හයවන ගාථාවෙහි අවිරුද්ධො යනු ඒ ආකාර දුසිරිත් තුනම දුරුකරන ලද බැවින්, යහපත් හැසිරීම - සුචරිතය හා ගැටීමක් නැතිව, විදිත්‍වා ධම්මං පිළිවෙත් මගින් සිවුසස් දහම දැන, නිබ්බාණ පදාභිපත්‍ථයානො අනුපාදිසෙස නිවන පතමින්, ඉතිරි කරුණු කලින් දක්වා ඇති පරිදිමය.

සත‍්තමගාථාය අක‍්කුට‍්ඨොති දසහි අක‍්කොසවත්‍ථූහි අභිසත‍්තො. න සන්‍ධියෙථාති න උපනය‍්හෙථ න කුප‍්පෙය්‍ය. ලද‍්ධා පරභොජනං න මජ‍්ජෙති පරෙහි දින‍්නං සද‍්ධාදෙය්‍යං ලභිත්‍වා “අහං ඤාතො යසස‍්සී ලාභී”ති න මජ‍්ජෙය්‍ය. සෙසං උත‍්තානත්‍ථමෙව.

සත්වන ගාථාවෙහි අක්කුට්ඨො යනු කරුණු දහයකින් නින්දා අපහාස ලද, න සන්‍ධීයෙථ තරහ ඇතිකර නො ගනුව, කෝප වන්නේ නැත. ලද්ධා පරභොජනං න මජ්ජෙති සැදැහැයෙන් අනුන් විසින් දෙන ලද දේවල් ලබාගෙන, ‘මම බොහෝ දෙනා දන්නා හඳුනන කෙනෙක් වෙමි. පැතිරී යන කිතුරාවය මට ඇත. සිවුපසය ලබමි’යි මෙසේ මානයෙන් මත් නොවන්නේය. ඉතිරි කරුණු කියා ඇති පරිදිමය.

අට‍්ඨමගාථාය ලොභන‍්ති විසමලොභං. භවන‍්ති කාමභවාදිභවං. එවං ද‍්වීහි පදෙහි භවභොගතණ‍්හා වුත‍්තා. පුරිමෙන වා සබ‍්බාපි තණ‍්හා, පච‍්ඡිමෙන කම‍්මභවො. විරතො ඡෙදනබන්‍ධනා චාති එවමෙතෙසං කම‍්මකිලෙසානං පහීනත‍්තා පරසත‍්තඡෙදනබන්‍ධනා ච විරතොති. සෙසං වුත‍්තනයමෙව.

අටවන ගාථාවෙහි ලොභං යනු ඒ ඒ දෙය කෙරෙහි ඇති ආසාවයි. භව කාම ආදී භව, දෙවන පදයෙන් මෙසේ භවයට හා සම්පත් පිළිබඳ ආසාව කියන ලදී. මුල්පදයෙන් සියළුම තණ්හා ද, පසුපදයෙන් (කියන කරන කටයුතු හෙවත්) කම්මානුකූලව ලබන භව පිළිබඳව කියන ලදී. විරතො ඡෙදනබන්‍ධනතො මෙසේ එම කම්කෙලෙස් නැතිකරන ලදුව, වෙනත් ජීවියෙකුට කැපීම්, බැඳීම් වැනි හිරිහැර කිරීමෙන් වෙන්වී, ඉතිරි කරුණු කියා ඇති පරිදිමය.

නවමගාථාය සාරුප‍්පං අත‍්තනො විදිත්‍වාති අත‍්තනො භික‍්ඛුභාවස‍්ස පතිරූපං අනෙසනාදිං පහාය සම‍්මාඑසනාදිආජීවසුද‍්ධිං අඤ‍්ඤඤ‍්ච සම‍්මාපටිපත‍්තිං තත්‍ථ පතිට‍්ඨහනෙන විදිත්‍වා. න හි ඤාතමත‍්තෙනෙව කිඤ‍්චි හොති. යථාතථියන‍්ති යථාතථං යථාභූතං. ධම‍්මන‍්ති ඛන්‍ධායතනාදිභෙදං යථාභූතඤාණෙන, චතුසච‍්චධම‍්මං වා මග‍්ගෙන විදිත්‍වා. සෙසං උත‍්තානත්‍ථමෙව.

නවවන ගාථාවෙහි සාරුප්පමත්තනො විදිත්‍වා තම මහණකමට නොගැලපෙන, නුසුදුසු සෙවීම් අත්හැර, යහපත් සෙවීම් වූ පිරිසිදු දිවිපැවැත්මද, වෙනත් යහපත් පිළිවෙත්ද පිහිටි බව දැන, ඒ දන්නා බව පමණක් මිස අන් කිසිවක් නොවේ, යථා තථියන්ති පවත්නා අයුරින්, ඇති සැටියෙන්, ධම්මං ඛන්‍ධ, ආයතන කොටස් පිළිබඳ ඇති සැටියෙන් සිවුසස් දහම මගින් හෝ, සෝවාන් ආදී මගපල නයින් දැන, ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය.

දසමගාථාය සො නිරාසො අනාසිසානොති යස‍්ස අරියමග‍්ගෙන විනාසිතත‍්තා අනුසයා ච න සන‍්ති, අකුසලමූලා ච සමූහතා, සො නිරාසො නිත‍්තණ‍්හො හොති. තතො ආසාය අභාවෙන කඤ‍්චි රූපාදිධම‍්මං නාසීසති. තෙනාහ “නිරාසො අනාසිසානො”ති. සෙසං වුත‍්තනයමෙව.

දසවන ගාථාවෙහි සො නිරාසො අනාසයානො නිවන් මගින් වනසන ලද බැවින්, අනුසයා න සන්ති අකුසල මූලා සමූහතා ඒ කෙලෙසුන් නැසූ තැනැත්තා ආසා රහිත, තණ්හා රහිත ය. ආසා රහිත බැවින් රූපාදි කිසිම දෙයක අදහසක්, බලාපොරොත්තුවක් නැත. නිරාසයො අනාසයානො යැයි එබැවින් කියන ලදී. ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය.

එකාදසමගාථාය ආසවඛීණොති ඛීණචතුරාසවො. පහීනමානොති පහීනනවවිධමානො. රාගපථන‍්ති රාගවිසයභූතං තෙභූමකධම‍්මජාතං. උපාතිවත‍්තොති පරිඤ‍්ඤාපහානෙහි අතික‍්කන‍්තො. දන‍්තොති සබ‍්බද‍්වාරවිසෙවනං හිත්‍වා අරියෙන දමථෙන දන‍්තභූමිං පත‍්තො. පරිනිබ‍්බුතොති කිලෙසග‍්ගිවූපසමෙන සීතිභූතො. සෙසං වුත‍්තනයමෙව.

එකළොස් වන ගාථාවේ ආසව ඛීණො (කාම දිට්ඨි) ආදී සිවු ආසාව නැතිකරන ලද, පහීණමානො නව ආකාර වූ මානය නැතිකරන ලද, රාගපථං රාගය හා බැඳුණු ඒ කාමභව ආදී තුන් භවයෙහි අදාලව, උපාතිවත්තො ඒ නැතිකිරීම දැනගැනීමෙන් ඉක්මවන ලදුව, දන්තො කය ආදී කොටගත් දොරටු මගින් ඇසුරු කරනු ලබන දේවල්වල එල්බ නොගෙන, එසේ දමනය කොට, සන්සුන් තැනට (නිවන) පැමිණ, පරිනිබ්බුතො කෙලෙස් ගිනි නිවීමෙන් සිහිල් වූයේ, ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය.

ද‍්වාදසමගාථාය සද‍්ධොති බුද‍්ධාදිගුණෙසු පරප‍්පච‍්චයවිරහිතත‍්තා සබ‍්බාකාරසම‍්පන‍්නෙන අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො, න පරස‍්ස සද‍්ධාය පටිපත‍්තියං ගමනභාවෙන. යථාහ – “න ඛ‍්වාහං එත්‍ථ භන‍්තෙ භගවතො සද‍්ධාය ගච‍්ඡාමී”ති (අ· නි· 5.34). සුතවාති වොසිතසුතකිච‍්චත‍්තා පරමත්‍ථිකසුතසමන‍්නාගතො. නියාමදස‍්සීති සංසාරකන‍්තාරමූළ‍්හෙ ලොකෙ අමතපුරගාමිනො සම‍්මත‍්තනියාමභූතස‍්ස මග‍්ගස‍්ස දස‍්සාවී, දිට‍්ඨමග‍්ගොති වුත‍්තං හොති. වග‍්ගගතෙසු න වග‍්ගසාරීති වග‍්ගගතා නාම ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතිකා අඤ‍්ඤමඤ‍්ඤං පටිලොමත‍්තා, එවං වග‍්ගාහි දිට‍්ඨීහි ගතෙසු සත‍්තෙසු න වග‍්ගසාරී – “ඉදං උච‍්ඡිජ‍්ජිස‍්සති, ඉදං තථෙව භවිස‍්සතී”ති එවං දිට‍්ඨිවසෙන අගමනතො. පටිඝන‍්ති පටිඝාතකං, චිත‍්තවිඝාතකන‍්ති වුත‍්තං හොති. දොසවිසෙසනමෙවෙතං. විනෙය්‍යාති විනෙත්‍වා. සෙසං වුත‍්තනයමෙව.

දොළොස්වන ගාථාවෙහි සද්ධො බුද්ධ ආදී ගුණ සමූහය ගැන අනුන් කියන දේ හේතුකොට ගෙන නොව, සියළු ආකාරයෙන්ම මනාව පැහැදෙන සුළු වූ, අනුන් සැදැහැවත් වූ පිළිවෙත අනුව නොගොස්, තමන්ම කරුණු වටහාගෙන පැහැදී, ‘හිමියනි, මම මෙහිදී භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සැදැහැයෙන් පමණක් (පිළිගැනීමට) නොයමි. ‘නඛවාහං එත්‍ථ භන්තෙ භගවතො සද්ධාය ගච්ඡාමි’ යනුවෙන් දක්වා ඇති පරිදිය. සුතවා ඉතා මැනවින් අසා, ඒ අනුව කටයුතු කරමින්, එසේ අසා උසස් බවක්, හරවත් බවක් (ජීවිතයට) ලබාගන්නා ලදුව, නියාමදස්සී සසර නැමති කාන්තාරයෙහි මුළා වූ ලෝවාසීනට නිවන් පුරයට මගපෙන්වන නියමුවකු බඳු. මුලින්ම ඒ මග දක්නා ලද තැනැත්තා යන අදහසින් කියා ඇත. වග්ගගතෙසු න වග්ගසාරී දැඩිසේ ගන්නා ලද දෙසැටක් මිසදිටු අදහස් අනුව, එක් අයෙකු අනිකා හා පිළිමල් වෙද්දී, වග්ගගතා යනු ඒ අදහසයි. මෙසේ බෙදී ගිය සමූහයා අතරට, ‘මේ අදහස මුළුමනින්ම නැතිකර දමන්නේය. මේ අදහස මෙසේ තිබිය යුතුය’ යන මෙබඳු මත පළ කරමින් නොයන්නේය. පටිඝං තරහින් ගැටුම් සහිත වූ, එකිනෙකාගේ අදහස් අනුව ගැටුම් අවුලමින්, එය තරහ හැඟීමෙන් යුතු බව පෙන්වීමට යෙදූවකි. විනෙය්‍ය ඉවත්කොට ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය.

තෙරසමගාථාය සංසුද‍්ධජිනොති සංසුද‍්ධෙන අරහත‍්තමග‍්ගෙන විජිතකිලෙසො. විවට‍්ටච‍්ඡදොති විවටරාගදොසමොහඡදනො. ධම‍්මෙසු වසීති චතුසච‍්චධම‍්මෙසු වසිප‍්පත‍්තො. න හිස‍්ස සක‍්කා තෙ ධම‍්මා යථා ඤාතා කෙනචි අඤ‍්ඤථා කාතුං, තෙන ඛීණාසවො “ධම‍්මෙසු වසී”ති වුච‍්චති. පාරගූති පාරං වුච‍්චති නිබ‍්බානං, තං ගතො, සඋපාදිසෙසවසෙන අධිගතොති වුත‍්තං හොති. අනෙජොති අපගතතණ‍්හාචලනො. සඞ‍්ඛාරනිරොධඤාණකුසලොති සඞ‍්ඛාරනිරොධො වුච‍්චති නිබ‍්බානං, තම‍්හි ඤාණං අරියමග‍්ගපඤ‍්ඤා, තත්‍ථ කුසලො, චතුක‍්ඛත‍්තුං භාවිතත‍්තා ඡෙකොති වුත‍්තං හොති.

දහතුන්වන ගාථාවෙහි සංසුද්ධජිනො ඉතා පිරිසිදු අරහත් මගෙන් කෙලෙස් පරදවන ලද යන අදහසයි. විවත්තච්ඡද්දො රාග, දෝස, මෝහ නැමති සෙවිලි විවර කළ, ධම්මෙසු වසී සිවුසස් දහමෙහි වසඟයට පත්, ඒ දහම ඇති තතු පරිද්දෙන් දන්නා ලද බැවින්, අන් කිසි කෙනෙකුට වෙනස් කිරීමට නොහැකිය. එබඳු කෙලෙසුන් සිඳින ලද උතුමෝ, දහමෙහි වසඟ වූහයි කියනු ලැබේ. පාරගු නිවනට පාරං යැයි කියනු ලැබේ. එතැනට ගියා වූ, සොපාදිසෙස ලෙසින් අවබෝධ කරගන්නා ලද, අනෙජො තණ්හාවෙන් සිත එහා මෙහා සෙලවෙන ගති ඉවත හළ, සංඛාර නිරොධ ඤාණ කුසලො සංඛාර නැති කිරිම යනුද නිවණයි. එහි නුවණ සෝවාන් ආදී පල මගින් ලබන නුවණයි. එම කුසලතාව සිවුවරක්ම වඩන ලද බැවින්, පුරුදු කරන ලද බැවින් ඡෙක යැයි කියනු බේ.

චුද‍්දසමගාථාය අතීතෙසූති පවත‍්තිං පත්‍වා අතික‍්කන‍්තෙසු පඤ‍්චක‍්ඛන්‍ධෙසු. අනාගතෙසූති පවත‍්තිං අප‍්පත‍්තෙසු පඤ‍්චක‍්ඛන්‍ධෙසු එව. කප‍්පාතීතොති “අහං මම”න‍්ති කප‍්පනං සබ‍්බම‍්පි වා තණ‍්හාදිට‍්ඨිකප‍්පං අතීතො. අතිච‍්ච සුද‍්ධිපඤ‍්ඤොති අතීව සුද‍්ධිපඤ‍්ඤො, අතික‍්කමිත්‍වා වා සුද‍්ධිපඤ‍්ඤො. කිං අතික‍්කමිත්‍වා? අද‍්ධත‍්තයං. අරහා හි ය‍්වායං අවිජ‍්ජාසඞ‍්ඛාරසඞ‍්ඛාතො අතීතො අද‍්ධා, ජාතිජරාමරණසඞ‍්ඛාතො අනාගතො අද‍්ධා, විඤ‍්ඤාණාදිභවපරියන‍්තො පච‍්චුප‍්පන‍්නො ච අද‍්ධා, තං සබ‍්බම‍්පි අතික‍්කම‍්ම කඞ‍්ඛං විතරිත්‍වා පරමසුද‍්ධිප‍්පත‍්තපඤ‍්ඤො හුත්‍වා ඨිතො. තෙන වුච‍්චති “අතිච‍්ච සුද‍්ධිපඤ‍්ඤො”ති. සබ‍්බායතනෙහීති ද‍්වාදසහායතනෙහි. අරහා හි එවං කප‍්පාතීතො. කප‍්පාතීතත‍්තා අතිච‍්ච සුද‍්ධිපඤ‍්ඤත‍්තා ච ආයතිං න කිඤ‍්චි ආයතනං උපෙති. තෙනාහ – “සබ‍්බායතනෙහි විප‍්පමුත‍්තො”ති.

දහහතර වැනි ගාථාවෙහි අතීතෙසු පෙර පැවති බවද නොසළකමින් රූපාදී පස්ආකාර සමූහයෙහි (සිරුරෙහි) බැඳීම් ඉවත් කළ කල්හි, අනාගතෙසු මතුවට එය නොපවත්නා කල්හී, කප්පාතීතො ‘මමය, මගේය යන කල්පනා ආදී සියළුම වහා දැකීම් - හැඟීම් ඉක්ම වූයේ, අනිච්ච සුද්ධිපඤ්ඤො පිරිසිදු නුවණ ඉක්මවා හෝ, පිරිසිදු නුවණ ඇතිව, කුමක් ඉක්මවාද? තමා පිළිබඳ ඒකාන්ත වූ සොබාවයි. අවිජ්ජා සංඛාර ආදියෙන් අතීතයේ ද ඒකාන්තයෙන් ඉවත් වූයේ, ඉපදීම, ජරාව හා මරණයෙන් අනාගතයෙන්ද ඉවත් වේ. විඤ්ඤාණ ආදිය (නැතිව) භවය කෙළවර වීමෙන් වත්මනින් ද ඉවත් වේ. ඒ සියල්ලම ඉක්මවා, සැක දුරුකොට, උසස්ම පිරිසිදු බවට පැමිණ මහත් වූ නුවණින් යුතුව සිටියේ, එහෙයින් ඉතා පිරිසිදු නුවණ ඇතැයි කියනු ලැබේ. සබ්බායතනෙහි ආයතන දොළහෙන්, මෙසේ කල්පනා ඉවත් වූයේ, කල්පනා ඉවතහළ බැවින් මහත් වූ පිරිසිදු නුවණැති බවින්ද, නැවත කිසිදු ආයතනයකට නොපැමිණේ. එහෙයින් සබ්බායතනෙහි විප්පමුත්තො යැයි කියන ලදී.

පන‍්නරසමගාථාය අඤ‍්ඤාය පදන‍්ති යෙ තෙ “සච‍්චානං චතුරො පදා”ති වුත‍්තා, තෙසු එකෙකපදං පුබ‍්බභාගසච‍්චවවත්‍ථාපනපඤ‍්ඤාය ඤත්‍වා. සමෙච‍්ච ධම‍්මන‍්ති තතො පරං චතූහි අරියමග‍්ගෙහි චතුසච‍්චධම‍්මං සමෙච‍්ච. විවටං දිස‍්වාන පහානමාසවානන‍්ති අථ පච‍්චවෙක‍්ඛණඤාණෙන ආසවක‍්ඛයසඤ‍්ඤිතං නිබ‍්බානං විවටං පාකටමනාවටං දිස‍්වා. සබ‍්බුපධීනං පරික‍්ඛයාති සබ‍්බෙසං ඛන්‍ධකාමගුණකිලෙසාභිසඞ‍්ඛාරභෙදානං උපධීනං පරික‍්ඛීණත‍්තා කත්‍ථචි අසජ‍්ජමානො භික‍්ඛු සම‍්මා සො ලොකෙ පරිබ‍්බජෙය්‍ය විහරෙය්‍ය, අනල‍්ලීයන‍්තො ලොකං ගච‍්ඡෙය්‍යාති දෙසනං නිට‍්ඨාපෙසි.

පහළොස්වන ගාථාවෙහි අඤ්ඤාය පදං ‘වචන සතර ඇත්තයි’ ‘සච්චාන චතුරො පදා’ කියා ඇති පරිදි ඒ එක් එක් පදයෙහි පළමු කොටසෙහි නියම ඇත්ත තතු නුවණින් දැන, සමෙච්ච ධම්මං එයින් පසු උතුම් මග සතරින් සිවුසස් දහම දැන, විවටං දිස්වාන පහාණමාසවානං ඉක්බිති විමසුම් සහිත වූ නුවණින් කෙලෙසුන් හඳුන්වන නිවන හෙළිකොට, නිරවුල්ව පළකොට ඇතැයි දැක, සබ්බූපධීනං පරික්‍ඛයා රූප වේදනා ආදී සමූහ කොටස් පහකට හෙවත් සිරුර කෙරෙහි කැමතිව බැඳෙන සියළුම කෙලෙස් එක්රැස් කිරීම් අවසන් කරන ලද බැවින්, ලොවෙහි මැනවින් කටයුතු කරන්නේය. වාසය කරන්නේය. නොඇලී ලෝකයෙහි පවතින්නේ යැයි දේසනය නිමකළහ.

තතො සො නිම‍්මිතො ධම‍්මදෙසනං ථොමෙන‍්තො “අද‍්ධා හි භගවා”ති ඉමං ගාථමාහ. තත්‍ථ යො සො එවං විහාරීති යො සො මඞ‍්ගලාදීනි සමූහනිත්‍වා සබ‍්බමඞ‍්ගලදොසප‍්පහානවිහාරී, යොපි සො දිබ‍්බමානුසකෙසු කාමෙසු රාගං විනෙය්‍ය භවාතික‍්කම‍්ම ධම‍්මාභිසමයවිහාරීති එවං තාය තාය ගාථාය නිද‍්දිට‍්ඨභික‍්ඛුං දස‍්සෙන‍්තො ආහ. සෙසං උත‍්තානමෙව. අයං පන යොජනා – අද‍්ධා හි භගවා තථෙව එතං යං ත්‍වං “යස‍්ස මඞ‍්ගලා සමූහතා”තිආදීනි වත්‍වා තස‍්සා තස‍්සා ගාථාය පරියොසානෙ “සම‍්මා සො ලොකෙ පරිබ‍්බජෙය්‍යා”ති අවච. කිං කාරණං? යො සො එවංවිහාරී භික‍්ඛු, සො උත‍්තමෙන දමථෙන දන‍්තො, සබ‍්බානි ච දසපි සංයොජනානි චතුරො ච යොගෙ වීතිවත‍්තො හොති. තස‍්මා සම‍්මා සො ලොකෙ පරිබ‍්බජෙය්‍ය, නත්‍ථි මෙ එත්‍ථ විචිකිච‍්ඡාති ඉති දෙසනාථොමනගාථම‍්පි වත්‍වා අරහත‍්තනිකූටෙනෙව දෙසනං නිට‍්ඨාපෙසි. සුත‍්තපරියොසානෙ කොටිසතසහස‍්සදෙවතානං අග‍්ගඵලප‍්පත‍්ති අහොසි, සොතාපත‍්තිසකදාගාමිඅනාගාමිඵලප‍්පත‍්තා පන ගණනතො අසඞ‍්ඛ්‍යෙය්‍යාති.

ඉක්බිති, ඉඳුබලෙන් දැක්වූ බුදුහු දහම් දෙසුමට පසසමින් අද්ධා හි භගවා යන මේ ගාථාව කීහ. සො එවං විහාරී යම් තැනැත්තෙක් මංගල යැයි සම්මතයන් ඉවත දමා, සියළු මංගල යැයි කියන ලද වැරදි දැකීම් නැතිකොට වාසය කරත්ද, ඒ මහණ දෙව් මිනිස් කාමයන්හි රාගය ආදිය ඉක්මවා දහම දැන වසත්ද, මෙසේ ඒ ඒ ගාථාවෙන් පෙන්වාදෙන ලද මහණ ගැන කීහ. ඉතිරි කරුණු කලින් කියන ලද පරිදිය. මෙම ගාථාවෙන් අදහස් කරන්නේ මෙයයි. අද්ධා හි භගවා තථෙව එතං ‘මංගල සම්මත වැරදි හැඟීම් ඉවතලා ආදී ලෙස ඔබවහන්සේ කරුණු පැහැදිලිකොට, ඒ ඒ ගාථාව අවසානයෙහි මැනවින් ඔහු ලොව පවතින්නේ’ යැයි වදාළහ. ඊට කරුණු කුමක්ද? යො සො එවං විහාරි හික්‍ඛූ ඒ මහණ උතුම් වූ දමනයෙන් යුතුවූයේ දන්තො වේ. එහෙයින් සම්මා සො ලොකෙ පරිබ්බජෙය්‍ය මෙයින් එහාට මට සැකයක් නැතැයි දේසනයට ගරුකරන ලෙසින් කී ගාථාවද අනුව අරහත් බව කුළුගන්වමින් නිමකළේය. සූත්‍ර දේසනය අවසන් කළ සියදහසක් දෙවියෝ උසස්-රහත් පල ලදහ. සෝවාන්, සකදාගාමී, අනාගාමී ඵලයට පත්වූවන් ගණනය කළ නොහැකි තරම් විය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය සම‍්මාපරිබ‍්බාජනීයසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සම්මා පරිබ්බාජනීය සූත්‍ර විස්තරය නිමි.