12. නිග්‍රොධකප්ප සුත්තවණ්ණනා අට්ඨකථා
12. නිග්‍රොධකප්ප සුත්තවණ්ණනා
12. නිග්‍රොධකප්ප වඞ්ගීස සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති නිග්රොධකප්පසුත්තං, “වඞ්ගීසසුත්ත”න්තිපි වුච්චති. කා උප්පත්ති? අයමෙව යාස්ස නිදානෙ වුත්තා. තත්ථ එවං මෙතිආදීනි වුත්තත්ථානෙව, යතො තානි අඤ්ඤානි ච තථාවිධානි ඡඩ්ඩෙත්වා අවුත්තනයමෙව වණ්ණයිස්සාම. අග්ගාළවෙ චෙතියෙති ආළවියං අග්ගචෙතියෙ. අනුප්පන්නෙ හි භගවති අග්ගාළවගොතමකාදීනි අනෙකානි චෙතියානි අහෙසුං යක්ඛනාගාදීනං භවනානි. තානි උප්පන්නෙ භගවති මනුස්සා විනාසෙත්වා විහාරෙ අකංසු, තෙනෙව ච නාමෙන වොහරිංසු. තතො අග්ගාළවචෙතියසඞ්ඛාතෙ විහාරෙ විහරතීති වුත්තං හොති. ආයස්මතො වඞ්ගීසස්සාති එත්ථ ආයස්මාති පියවචනං, වඞ්ගීසොති තස්ස ථෙරස්ස නාමං. සො ජාතිතො පභුති එවං වෙදිතබ්බො – සො කිර පරිබ්බාජකස්ස පුත්තො පරිබ්බාජිකාය කුච්ඡිම්හි ජාතො අඤ්ඤතරං විජ්ජං ජානාති, යස්සානුභාවෙන ඡවසීසං ආකොටෙත්වා සත්තානං ගතිං ජානාති. මනුස්සාපි සුදං අත්තනො ඤාතීනං කාලකතානං සුසානතො සීසානි ආනෙත්වා තං තෙසං ගතිං පුච්ඡන්ති. සො “අසුකනිරයෙ නිබ්බත්තො, අසුකමනුස්සලොකෙ”ති වදති. තෙ තෙන විම්හිතා තස්ස බහුං ධනං දෙන්ති. එවං සො සකලජම්බුදීපෙ පාකටො අහොසි.
එවං මෙ සුතං යනු නිග්‍රොධකප්ප සූත්‍රයයි. වංගීස සූත්‍රය යයිද කියනු ලැබේ. මෙම සූත්‍රයට හේතු වූ කරුණ කුමක්ද? මෙහිම ඊට හේතු වූ කරුණු කියන ලදී. එහිදී එවං මෙ ආදී ලෙසින් කියන ලද්දේය. ඒ දැනගත් කරුණු අත්හැර, සඳහන් නොකරන ලද කරුණු වෙතොත් විස්තර කරන්නෙමි. අග්ගාලවෙ චෙතියෙ අලව් නුවර උතුම් චේතියකි. අප භාග්‍යවතුන් වහන්සේ පහළවීමට පෙර, අග්ගාලව, ගොතමක ආදී යකුන්, නාගයන් ආදීන් වසන නොයෙක් ස්ථාන චේතිය (නමින් හඳුන්වා) තිබුණි. භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී මිනිස්සු ඒවා වනසා විහාර කළහ. ඒවා ඒ නම්වලින්ම හඳුන්වනු ලැබිණ. එයින් අග්ගාලව චෙතිය යැයි කියනු ලබන විහාරයෙහි වැඩවසතියි කියනු ලබයි. ආයස්මතො වංගීසස්ස මෙහි ආයස්මා යනු යහපත් පිය වදනකි. වංගීසො එය තෙරුන්ගේ නමය. වංගීස හිමි පිළිබඳව උපතෙහි පටන්ම මෙසේ දතයුතුය. ඔහු පිරිවැජියෙකුගේ පුතෙකි. පිරිවැජි කතකගේ කුසින් බිහිවිය. මිනී ඔළුවකට තට්ටුකොට ඒ මළ තැනැත්තා උපන් තැන යම් බලයකින් කිවහැකි එක්තරා දැනුමක් ඔහුට ඇත. මිනිස්සු තම මියගිය නෑයන්ගේ හිස්කබල් සොහොනින් ගෙනවුත් ඔහුගෙන් උපන් තැන් විමසති. ‘අසවලා නිරයෙහි ඉපිද ඇත, අසවලා මිනිස් ලොව ඉපිද ඇතැ’යි ඔහු කියයි. ඔහු එයින් පුදුමයට පත්ව බොහෝ ධනය දෙති. මෙසේ ඔහු මුළු දඹදිවම පතළ විය.
සො සතසහස්සකප්පං පූරිතපාරමී අභිනීහාරසම්පන්නො පඤ්චහි පුරිසසහස්සෙහි පරිවුතො ගාමනිගමජනපදරාජධානීසු විචරන්තො සාවත්ථිං අනුප්පත්තො. තෙන ච සමයෙන භගවා සාවත්ථියං විහරති, සාවත්ථිවාසිනො පුරෙභත්තං දානං දත්වා පච්ඡාභත්තං සුනිවත්ථා සුපාරුතා පුප්ඵගන්ධාදීනි ගහෙත්වා ධම්මස්සවනත්ථාය ජෙතවනං ගච්ඡන්ති. සො තෙ දිස්වා “මහාජනකායො කුහිං ගච්ඡතී”ති පුච්ඡි. අථස්ස තෙ ආචික්ඛිංසු – “බුද්ධො ලොකෙ උප්පන්නො, සො බහුජනහිතාය ධම්මං දෙසෙති, තත්ථ ගච්ඡාමා”ති. සොපි තෙහි සද්ධිං සපරිවාරො ගන්ත්වා භගවතා සද්ධිං සම්මොදිත්වා එකමන්තං නිසීදි. අථ නං භගවා ආමන්තෙසි – “කිං, වඞ්ගීස, ජානාසි කිර තාදිසං විජ්ජං, යාය සත්තානං ඡවසීසානි ආකොටෙත්වා ගතිං පවෙදෙසී”ති? “එවං, භො ගොතම, ජානාමී”ති. භගවා නිරයෙ නිබ්බත්තස්ස සීසං ආහරාපෙත්වා දස්සෙසි, සො නඛෙන ආකොටෙත්වා “නිරයෙ නිබ්බත්තස්ස සීසං භො ගොතමා”ති ආහ. එවං සබ්බගතිනිබ්බත්තානං සීසානි දස්සෙසි, සොපි තථෙව ඤත්වා ආරොචෙසි. අථස්ස භගවා ඛීණාසවසීසං දස්සෙසි, සො පුනප්පුනං ආකොටෙත්වා න අඤ්ඤාසි. තතො භගවා “අවිසයො තෙ එත්ථ වඞ්ගීස, මමෙවෙසො විසයො, ඛීණාසවසීස”න්ති වත්වා ඉමං ගාථමභාසි –
කප් සියදහසක් පුරන ලද පාරමී හේතු සම්පත් ඇති ඔහු මිනිසුන් පන්දහසක් පිරිවරන ලදුව ගම්නියම්ගම් රාජධානිවල සැරිසරමින් සැවැත්පුරට පැමිණියේය. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ වසති. සැවැත්පුර වැසියෝ පෙරබත් කාලයෙහි දානය දී, ඉන්පසු (බතින් පසු) මැනවින් හැඳ පොරවාගෙන, මල් සුවඳ ආදිය රැගෙන දහම් අසනු පිණිස ජේතවනාරාමයට යති. ඔහු ඔවුන් දැක ‘මහජනයා කොහි යන්නේදැ’යි ඇසීය. ‘බුදුරජාණන් වහන්සේ ලොව උපන්හ. උන්වහන්සේ බොහෝ ජනතාවට හිත පිණිස දහම් දෙසති. එහි යමු’යි ඔව්හු කීහ. ඔහුද සිය පිරිවරද කැටුව ඔවුන් සමග ගොස් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු සාමීචි කතාකොට එකත්පස්ව හුන්නේය. ‘වංගීස, ඔබ මළ මිනිසුන්ගේ හිස් කබලට තට්ටුකොට, උපන් තැන කිවහැකි දැනුමක් තිබේදැ’යි ඇසූහ. ‘එසේය පින්වත් ගොතම, දනිමි’යි කීය. භාග්‍යවතුන් වහන්සේ, නිරයෙහි උපන් කෙනෙකුගේ හිස් කබලක් ගෙන්වවා පෙන්වූහ. වංගීස, නිය පිටින් තට්ටුකොට ‘පින්වත් ගොතම, නිරයේ උපන්නකුගේ හිස’ යැයි පැවසීය. මෙසේ උපත ලබන සියළුම තැන්හි ඉපද ඇත්තන්ගේ හිස්කබල් පෙන්වූහ. ඔහු ඒ ගැන නිවැරදිව හෙළිදරව් කළේය. භාග්‍යවතුන් වහන්සේ රහත් උතුමකුගේ (එබඳු) හිසක් පෙන්වූහ. ඔහු නැවත නැවතත් තට්ටු කළත් (ඉපදුණු තැන) දැනගත නොහැකි විය. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ‘වංගීස, ඔබට එය හෙළිකිරීමට දැනුම නැත, එය මටම කිවහැකි කරුණකි. එය කෙළෙස් දුරුකළ උතුමකුගේ හිසකැ’යි මේ ගාථාව වදාළහ.
“ගතී මිගානං පවනං, ආකාසො පක්ඛිනං ගති; විභවො ගති ධම්මානං, නිබ්බානං අරහතො ගතී”ති. (පරි· 339);
සිවුපාවුන්ට ගමන් මග මහ වනයයි. පක්ෂීන්ට ගමන්මග අහසයි. විභවයට ගමන්මග ධර්මයයි. නිවනට ගමන්මග රහත් බවයි.
වඞ්ගීසො ගාථං සුත්වා “ඉමං මෙ, භො ගොතම, විජ්ජං දෙහී”ති ආහ. භගවා “නායං විජ්ජා අපබ්බජිතානං සම්පජ්ජතී”ති ආහ. සො “පබ්බාජෙත්වා වා මං, භො ගොතම, යං වා ඉච්ඡසි, තං කත්වා ඉමං විජ්ජං දෙහී”ති ආහ. තදා ච භගවතො නිග්රොධකප්පත්ථෙරො සමීපෙ හොති, තං භගවා ආණාපෙසි – “තෙන හි, නිග්‍රොධකප්ප, ඉමං පබ්බාජෙහී”ති. සො තං පබ්බාජෙත්වා තචපඤ්චකකම්මට්ඨානං ආචික්ඛි. වඞ්ගීසො අනුපුබ්බෙන පටිසම්භිදාප්පත්තො අරහා අහොසි. එතදග්ගෙ ච භගවතා නිද්දිට්ඨො “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං පටිභානවන්තානං යදිදං වඞ්ගීසො”ති (අ· නි· 1.212).
වංගීස මේ ගාථාව අසා, ‘පින්වත් ගෝතම, මට ඒ බලය-දැනුම ලබා දෙනු මැනව’යි ඉල්ලීය. භාග්‍යවතුන් වහන්සේ, ‘එම දැනීම පැවිදි නොවූ තැනැත්තන්ට නොපිහිටන’ බැව් කීහ. ‘පින්වත් ගෝතම, මා පැවිදිකොට හෝ ඔබවහන්සේ කැමති පරිදි හෝ මට මේ දැනුම ලබාදෙන්නැ’යි කීය. භාග්‍යවතුන් වහන්සේ, එවිට සමීපයෙහි සිටි නිග්‍රොධකප්ප තෙරුන් අමතා ‘එසේනම්, නිග්‍රොධකප්ප, මොහු පැවිදි කරව’යි පැවසූහ. උන්වහන්සේ, ඔහු පැවිදි කොට, (සිරුරෙහි කෙස් සිට හම දක්වා කරුණු පහ ඇතුළත්) කමටහන ගැන උපදෙස් දුන්හ. වංගීස හිමි පිළිවෙලින් සිවුපිළිසිඹියා ලැබ රහත් බවට පත්වූහ. ‘මහණෙනි, මාගේ පැවිදි සාවක පිරිසෙහි මනා වැටහීමේ හැකියාවෙන් යුතු වූවන් අතුරින් වංගීස උසස්ම වේ යැ’යි ‘එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං පටිභානවන්තානං යදිදං වංගීසො’ අග තනතුර දෙන ලදහ.
එවං සමුදාගතස්ස ආයස්මතො වඞ්ගීසස්ස උපජ්ඣායො වජ්ජාවජ්ජාදිඋපනිජ්ඣායනෙන එවං ලද්ධවොහාරො නිග්රොධකප්පො නාම ථෙරො. කප්පොති තස්ස ථෙරස්ස නාමං, නිග්රොධමූලෙ පන අරහත්තං අධිගතත්තා “නිග්රොධකප්පො”ති භගවතා වුත්තො. තතො නං භික්ඛූපි එවං වොහරන්ති. සාසනෙ ථිරභාවං පත්තොති ථෙරො. අග්ගාළවෙ චෙතියෙ අචිරපරිනිබ්බුතො හොතීති තස්මිං චෙතියෙ අචිරපරිනිබ්බුතො හොති. රහොගතස්ස පටිසල්ලීනස්සාති ගණම්හා වූපකට්ඨත්තා රහොගතස්ස කායෙන, පටිසල්ලීනස්ස චිත්තෙන තෙහි තෙහි විසයෙහි පටිනිවත්තිත්වා සල්ලීනස්ස. එවං චෙතසො පරිවිතක්කො උදපාදීති ඉමිනා ආකාරෙන විතක්කො උප්පජ්ජි. කස්මා පන උදපාදීති. අසම්මුඛත්තා දිට්ඨාසෙවනත්තා ච. අයඤ්හි තස්ස පරිනිබ්බානකාලෙ න සම්මුඛා අහොසි, දිට්ඨපුබ්බඤ්චානෙන අස්ස හත්ථකුක්කුච්චාදිපුබ්බාසෙවනං, තාදිසඤ්ච අඛීණාසවානම්පි හොති ඛීණාසවානම්පි පුබ්බපරිචයෙන.
මෙවන් ගුණයෙන් යුතු ගරු කටයුතු වංගීස තෙරුන්ගේ උපජ්ඣායො වැරදි නිවැරදි දේ නැවත නැවත සිහිපත් කිරිමෙන් මෙසේ හැඳින්වූ වහරයි. නිග්රොධ කප්පො එම නමින් දන්නා තෙරුන් වහන්සේ, කප්පො ඒ තෙරුන් වහන්සේගේ නමයි. නුගරුක මුලදී අරහත් බව අවබෝධ කරගත් බැවින්, නිග්රොධ කප්පො යැයි භාග්‍යවතුන් වහන්සේ අමතන ලදී. එහෙයින් උන්වහන්සේට අනෙක් මහණහුද මෙසේ හඳුන්වති. සසුනෙහි තහවුරු බවට පැමිණි අදහසින් ථේර නම් වේ. අග්ගාලවෙ චෙතියෙ අචිරපරිනිබ්බුතො හොති අග්ගාලව සෑය නමින් හැඳින්වූ තැනදී පිරිනිවන්පෑ නොබෝ දිනකින්, රහොගතස්ස පතිසල්ලීනස්ස සමූහයෙන් වෙන් වූ බැවින් තනිව, කයින් සිතින් විවේකීව ඒ ඒ කරුණු පිළිබඳව ආපසු සළකා බලනවිට, එවං චෙතසො පරිවිතක්කො උදපාදි මේ ආකාරයෙන් සිතිවිල්ලක් - අදහසක් ඇතිවිය. කුමක් හෙයින් එබඳු අදහසක් ඇතිවීද? හමු නොවූ බැවින් හා දැක ඇසුරු නොකළ බැවිනි. නිග්‍රොධකප්ප තෙරුන් පිරිනිවන්පාන කාලයෙහිදී වංගීස තෙරුන්ට හමුනොවීය. ඒ තෙරුන්ගේ අත් හැසිරවීම ආදිය පෙර දැක ඇත. එබඳු හැසිරීම රහත් නොවූවන්ටද වෙයි. රහත් වූවන්ටද පෙර පුරුදු ලෙසින් පවතී.
තථා හි පිණ්ඩොලභාරද්වාජො පච්ඡාභත්තං දිවාවිහාරත්ථාය උදෙනස්ස උය්යානමෙව ගච්ඡති පුබ්බෙ රාජා හුත්වා තත්ථ පරිචාරෙසීති ඉමිනා පුබ්බපරිචයෙන, ගවම්පතිත්ථෙරො තාවතිංසභවනෙ සුඤ්ඤං දෙවවිමානං ගච්ඡති දෙවපුත්තො හුත්වා තත්ථ පරිචාරෙසීති ඉමිනා පුබ්බපරිචයෙන. පිලින්දවච්ඡො භික්ඛූ වසලවාදෙන සමුදාචරති අබ්බොකිණ්ණානි පඤ්ච ජාතිසතානි බ්රාහ්මණො හුත්වා තථා අභාසීති ඉමිනා පුබ්බපරිචයෙන. තස්මා අසම්මුඛත්තා දිට්ඨාසෙවනත්තා චස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි “පරිනිබ්බුතො නු ඛො මෙ උපජ්ඣායො, උදාහු නො පරිනිබ්බුතො”ති. තතො පරං උත්තානත්ථමෙව. එකංසං චීවරං කත්වාති එත්ථ පන පුන සණ්ඨාපනෙන එවං වුත්තං. එකංසන්ති ච වාමංසං පාරුපිත්වා ඨිතස්සෙතං අධිවචනං. යතො යථා වාමංසං පාරුපිත්වා ඨිතං හොති, තථා චීවරං කත්වාති එවමස්සත්ථො වෙදිතබ්බො. සෙසං පාකටමෙව.
පෙර කලක පිරිවර සහිත රජකුව සිටි පිණ්ඩොලභාරද්වාජ හිමි පෙර පුරුද්ද නිසාම දිවා කාලය ගතකිරීමට උදේන රජුගේ උයනටම වැඩම කරයි. පෙර කල පිරිවර සහිතව, දෙව්පුතකුව සිටි ගවම්පතී තෙරුන් වහන්සේ මේ පෙර පුරුද්ද නිසාම තව්තිසාවෙහි හිස් දෙව් විමනකට වඩිති. පන්සිය වරක්ම නොකඩවාම බමුණකුව ඉපිද සිටි පිලින්දවච්ඡ හිමිද පෙර පුරුදු හැසිරීම් පරිදි වසලය යනුවෙන් හිමිවරුනට අමතති. එහෙයින් හමු නොවූ බැවින්ද, දැක ඇසුරු කළ නොහැකි වූ බැවින්ද පරිනිබ්බුතො නු ඛො මෙ උපජ්ඣායො උදාහු නො පරිනිබ්බුතො යැයි එබඳු සිතිවිල්ලක් වංගීස හිමිටද ඇතිවිය. ඉන් පසුව (ඇති වචනවල) අරුත් පැහැදිළිය. එකාසං චීවරං කත්වා නැවත (පැවිද්දකු ලෙස) පෙනෙන අයුරු කියන ලදී. එකංසං වම් උරය වැසෙන සේ සිවුර පොරවා සිටින ලදැයි තේරුම දතයුතුය. ඉතිරි වචනවල තේරුම පහසුය.
අනොමපඤ්ඤන්ති ඔමං වුච්චති පරිත්තං ලාමකං, න ඔමපඤ්ඤං, අනොමපඤ්ඤං, මහාපඤ්ඤන්ති අත්ථො. දිට්ඨෙව ධම්මෙති පච්චක්ඛමෙව, ඉමස්මිංයෙව අත්තභාවෙති වා අත්ථො. විචිකිච්ඡානන්ති එවරූපානං පරිවිතක්කානං. ඤාතොති පාකටො. යසස්සීති ලාභපරිවාරසම්පන්නො අභිනිබ්බුතත්තොති ගුත්තචිත්තො අපරිඩය්හමානචිත්තො වා.
අනොම පඤ්ඤං මෙහි ධම්මං යන්නෙන් අඩු - ලාමක අරුත් වේ. එසේ අඩු නුවණක් නොමැති - මහත් නුවණැති බවයි. දිට්ඨෙව ධම්මෙ (තමා විසින්ම) අත්දැකිය යුතු, මේ ජීවිතයෙහි හෝ යන තේරුමයි. විචිකිච්ඡානං මෙබඳු සිතිවිලි, ඤාතො පසිඳුව, යසස්සී සිවුපසය ලැබ, පිරිවර සම්පතින් යුතුව, අභිනිබ්බුතත්තො (කෙලෙස්වලින්) රැකගන්නා ලද සිත - කෙලෙස්වලින් නොදැවෙන සිතැතිව,
තයා කතන්ති නිග්රොධමූලෙ නිසින්නත්තා “නිග්රොධකප්පො”ති වදතා තයා කතන්ති යථා අත්තනා උපලක්ඛෙති, තථා භණති. භගවා පන න නිසින්නත්තා එව තං තථා ආලපි, අපිච ඛො තත්ථ අරහත්තං පත්තත්තා. බ්රාහ්මණස්සාති ජාතිං සන්ධාය භණති. සො කිර බ්රාහ්මණමහාසාලකුලා පබ්බජිතො. නමස්සං අචරීති නමස්සමානො විහාසි. මුත්යපෙක්ඛොති නිබ්බානසඞ්ඛාතං විමුත්තිං අපෙක්ඛමානො, නිබ්බානං පත්ථෙන්තොති වුත්තං හොති. දළ්හධම්මදස්සීති භගවන්තං ආලපති. දළ්හධම්මො හි නිබ්බානං අභිජ්ජනට්ඨෙන, තඤ්ච භගවා දස්සෙති. තස්මා තං “දළ්හධම්මදස්සී”ති ආහ.
තයාකතං නුගරුක මුල හිඳින ලද බැවින් නිග්‍රොධකප්ප යැයි කියනු ලබන ඔබවහන්සේ විසින් කරන ලද, තමන් හා සලකමින් එසේ කියයි. භාග්‍යවතුන් වහන්සේ එසේ හිඳිනු නොලැබුවද, එහි අරහත්බවට පැමිණි බැවින් එසේ උන්වහන්සේ ඇමතූහ. බ්රාහ්මණස්ස එසේ උපන් නිසා කියයි. ඔහු බමුණු මහසක් කුලයක (ඉපිද) පැවිදි විය. නමස්සං අචරී නමස්කාර කරමින් වාසය කළේය. මුත්යපෙක්ඛො නිවන යැයි කියන ලද මිදීම බලාපොරොත්තුවෙන්, නිවන පතමින් යන අදහසට කියන ලදී. දළ්හධම්මදස්සී භාග්‍යවතුන් වහන්සේට අමතයි. දළ්හ ධම්මං නිවන අවබෝධ කරන ලද අරුතින්, එහිදී භාග්‍යවතුන් වහන්සේ ගැන සඳහන් කරයි. එහෙයින් උන්වහන්සේට දළ්හධම්මදස්සී යැයි කීය.
සක්යාතිපි භගවන්තමෙව කුලනාමෙන ආලපති. මයම්පි සබ්බෙති නිරවසෙසපරිසං සඞ්ගණ්හිත්වා අත්තානං දස්සෙන්තො භණති. සමන්තචක්ඛූතිපි භගවන්තමෙව සබ්බඤ්ඤුතඤ්ඤාණෙන ආලපති. සමවට්ඨිතාති සම්මා අවට්ඨිතා ආභොගං කත්වා ඨිතා. නොති අම්හාකං. සවනායාති ඉමස්ස පඤ්හස්ස වෙය්යාකරණස්සවනත්ථාය. සොතාති සොතින්ද්රියානි. තුවං නො සත්ථා ත්වමනුත්තරොසීති ථුතිවචනමත්තමෙවෙතං.
සක්කා භාග්‍යවතුන් වහන්සේම කුලයේ නමින්ම අමතයි. මයම්පි සබ්බෙ ඉතිරි නොවූ පිරිස ගැන සළකමින් තමන් දක්වමින් පවසයි. සමන්තචක්ඛූ භාග්‍යවතුන් වහන්සේටම සියල්ල දන්නා නුවණද සලකා අමතයි. සමවට්ඨිතා (කියන කරුණු පිළිබඳ) මනාව පිහිටා සිට, සිතා බලා නො අපට සවණාය මෙම පැනය පැහැදිලි කිරීම අසනු පිණිස, සොතා අසන ඉඳුරන් - කන්, ත්වං නො සත්ථා ත්වමනුත්තරොසි එය තුති කිරීමේ වචන පමණි.
ඡින්දෙව නො විචිකිච්ඡන්ති අකුසලවිචිකිච්ඡාය නිබ්බිචිකිච්ඡො සො, විචිකිච්ඡාපතිරූපකං පන තං පරිවිතක්කං සන්ධායෙවමාහ. බ්රූහි මෙතන්ති බ්රූහි මෙ එතං, යං මයා යාචිතොසි “තං සාවකං සක්ය, මයම්පි සබ්බෙ අඤ්ඤාතුමිච්ඡාමා”ති, බ්රූවන්තො ච තං බ්රාහ්මණං පරිනිබ්බුතං වෙදය භූරිපඤ්ඤ මජ්ඣෙව නො භාස, පරිනිබ්බුතං ඤත්වා මහාපඤ්ඤං භගවා මජ්ඣෙව අම්හාකං සබ්බෙසං භාස, යථා සබ්බෙව මයං ජානෙය්යාම. සක්කොව දෙවාන සහස්සනෙත්තොති ඉදං පන ථුතිවචනමෙව. අපිචස්ස අයං අධිප්පායො – යථා සක්කො සහස්සනෙත්තො දෙවානං මජ්ඣෙ තෙහි සක්කච්චං සම්පටිච්ඡිතවචනො භාසති, එවං අම්හාකං මජ්ඣෙ අම්හෙහි සම්පටිච්ඡිතවචනො භාසාති.
ඡින්දෙව නො විචිකිච්ඡං අකුසල සිතිවිලි. සැකය (ඒ නිග්‍රොධකප්ප තෙරුන්) දුරු කළත්, (වංගීස හිමිට) සැකයක් ලෙසින් මතු වූ ඒ සිතිවිල්ල සඳහාම එසේ කීය. බ්‍රෑහි මෙතං මා ඉල්ලන ලද පරිදි ඒ කරුණු මට පවසනු මැනව. සැකිකුල උතුමාණනි, (සක්ක), ඒ සාවකයා පිළිබඳ අපි සියල්ලෝම දැනගැනීමට කැමැත්තෙමු’ යැයි පවසන බව අදහස් වේ. පරිනිබ්බුතං වෙදය භූරිපඤ්ඤ මහා නුවණින් භාග්‍යවතුන් වහන්ස, පිරිනිවන දැන අප හමුවේ පවසනු මැනව. අප සියල්ලන්ටම දැනගැනීමට හැකිවන පරිදි අප හමුවේ පවසනු මැනව. සක්කො දෙවානංච සහස්සනෙත්තො මෙය තුති වදනක්මය. එසේ වුවත් මෙසේ ද අදහස් වේ. දහසක් නෙත් ඇති සක්දෙව්, දෙවියන් මැද ඒ දෙවියන්ට මැනවින් පිළිගත හැකි වචන කියන සේ, (ඔබවහන්සේ) අප හමුවේ අපට පිළිගත හැකි වචන පවසනු මැනව.
යෙ කෙචීති ඉමම්පි ගාථං භගවන්තං ථුනන්තොයෙව වත්තුකාමතං ජනෙතුං භණති. තස්සත්ථො යෙ කෙචි අභිජ්ඣාදයො ගන්ථා තෙසං අප්පහානෙ මොහවිචිකිච්ඡානං පහානාභාවතො “මොහමග්ගා”ති ච “අඤ්ඤාණපක්ඛා”ති ච “විචිකිච්ඡට්ඨානා”ති ච වුච්චන්ති. සබ්බෙ තෙ තථාගතං පත්වා තථාගතස්ස දෙසනාබලෙන විද්ධංසිතා න භවන්ති නස්සන්ති. කිං කාරණං? චක්ඛුඤ්හි එතං පරමං නරානං, යස්මා තථාගතො සබ්බගන්ථවිධමනපඤ්ඤාචක්ඛුජනනතො නරානං පරමං චක්ඛුන්ති වුත්තං හොති.
යෙ කෙචි මේ ගාථාවද භාග්‍යවතුන් වහන්සේට තුති කරනු කැමතිව කියයි. එහි අරුත නම්, යෙ කෙචි දැඩි ලොභ ආදිය, ගන්ථා ඒවා නැති නොකිරීමෙන්, මෝහය-සැකය නැතිකිරීමද සිදුනොවන බැවින්, මොහමග්ගා යයිද අඤ්ඤාණ පක්ඛා යැයිද විචිකිච්ඡට්ඨානා යයිද කියනු ලබයි. ඒ සියල්ල තථාගතං පත්වා තථාගතයන් වහන්සේගේ දෙසනා බලයෙන් වනසන ලද්දේ වේ. නැසෙති. ඊට හේතු කවරේද? චක්ඛුං හි එතං පරමං නරානං තථාගතයන් වහන්සේ සියළු කෙලෙස් දුරුකරන නුවණ නැමති ඇස උපදවනු ලබන බැවින් මිනිසුන්ටද උතුම් ඇස වැනි යැයි කියන ලදී.
නො චෙ හි ජාතූති ඉමම්පි ගාථං ථුනන්තොයෙව වත්තුකාමතං ජනෙන්තොව භණති. තත්ථ ජාතූති එකංසවචනං. පුරිසොති භගවන්තං සන්ධායාහ. ජොතිමන්තොති පඤ්ඤාජොතිසමන්නාගතා සාරිපුත්තාදයො. ඉදං වුත්තං හොති – යදි භගවා යථා පුරත්ථිමාදිභෙදො වාතො අබ්භඝනං විහනති, එවං දෙසනාවෙගෙන කිලෙසෙ න විහනෙය්ය . තථා යථා අබ්භඝනෙන නිවුතො ලොකො තමොව හොති එකන්ධකාරො, එවං අඤ්ඤාණනිවුතොපි තමොවස්ස. යෙපි ඉමෙ දානි ජොතිමන්තො ඛායන්ති සාරිපුත්තාදයො, තෙපි නරා න තපෙය්යුන්ති.
නො චෙ හි ජාතු මෙම ගාථාවද තුති කරනු කැමතිවම කියයි. එහි ජාතු නිසැකවම - ඒකාන්තවම මූලිකකොට දැක්වූ වචනයකි. පුරිසො භාග්‍යවතුන් වහන්සේ සඳහාම කීය. ජොතිමන්තො නුවණින් බබළන්නා වූ සැරියුත් තෙරුන් ආදීන් මෙසේ කියන ලදී. නැගෙනහිර ආදී දිසාවෙන් හමා එන සුළඟ ඝන වළාකුළ නැති කරයිද, ඉවත් කරයිද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ දේසනා වේගයෙන් කෙලෙස් නැතිකරන සේක. තදින් ඝන වළාකුළු පැතිරුනවිට ලොවම එකම අඳුර වේද එමෙන්ම අනුවණ බවින් වැසී ගියවිට මෝහ නම් අඳුර වේ. සැරියුත් ආදී තෙරුන් වහන්සේලා බබළන නුවණින් මොහඳුර දුරු කරති. තෙපි න තපෙය්යුං.
ධීරා චාති ඉමම්පි ගාථං පුරිමනයෙනෙව භණති. තස්සත්ථො ධීරා ච පණ්ඩිතා පුරිසා පජ්ජොතකරා භවන්ති, පඤ්ඤාපජ්ජොතං උප්පාදෙන්ති. තස්මා අහං තං වීර පධානවීරියසමන්නාගතො භගවා තථෙව මඤ්ඤෙ ධීරොති ච පජ්ජොතකරොත්වෙව ච මඤ්ඤාමි. මයඤ්හි විපස්සිනං සබ්බධම්මෙ යථාභූතං පස්සන්තං භගවන්තං ජානන්තා එව උපාගමුම්හා, තස්මා පරිසාසු නො ආවිකරොහි කප්පං, නිග්රොධකප්පං ආචික්ඛ පකාසෙහීති.
ධීරා ච ආදී මෙම ගාථාවද පෙර අයුරින්ම කියයි. එහි අරුත නම, ධීරා ච දැනුම් තේරුම් ඇති නැණවත් මිනිස්සු, පජ්ජොතකරා භවන්ති නුවණ නම් වූ ආලෝකය පහල කරති. අහං තං වීර දුක කෙළවර කිරිමෙහි උත්සාහවත් වූ භගවත් හිමි, තථෙව මඤ්ඤෙ බබළයිද, (නුවණ නැමති) ආලෝකය ලබාදෙන පහනක් මෙන්ම හඟිමි. අපි ද සියළු දෙයම ඇති සැටියෙන් මනාව දකින භාග්‍යවතුන් වහන්සේ වෙතට මෙසේ, ජානන්තා උපාගම්මහා, එහෙයින්, පරිසාසු නො ආවිකරොහි කප්පං නිග්‍රොධකප්ප (තෙරුන්) ගැන පැවසුව මැනව. හෙළිදරව් කළ මැනව.
ඛිප්පන්ති ඉමම්පි ගාථං පුරිමනයෙනෙව භණති. තස්සත්ථො ඛිප්පං ගිරං එරය ලහුං අචිරායමානො වචනං භාස, වග්ගුං මනොරමං භගවා. යථා සුවණ්ණහංසො ගොචරපටික්කන්තො ජාතස්සරවනසණ්ඩං දිස්වා ගීවං පග්ගය්හ උච්චාරෙත්වා රත්තතුණ්ඩෙන සණිකං අතරමානො වග්ගුං ගිරං නිකූජති නිච්ඡාරෙති, එවමෙව ත්වම්පි සණිකං නිකූජ, ඉමිනා මහාපුරිසලක්ඛණඤ්ඤතරෙන බින්දුස්සරෙන සුවිකප්පිතෙන සුට්ඨුවිකප්පිතෙන අභිසඞ්ඛතෙන. එතෙ මයං සබ්බෙව උජුගතා අවික්ඛිත්තමානසා හුත්වා තව නිකූජිතං සුණොමාති.
ඛිප්පං ආදී මේ ගාථාවද පෙර පරිදිම කියයි. එහි තේරුම නම්, ඛිප්පං ගිරං එරය භාග්‍යවතුන් වහන්ස, ඉක්මනින් කල් නොයවා, සිත්කළු මිහිරි වදනක් පැවසුව මැනවි. රන් හංසයෙක් අහරින් පසුව, සොබාවික විලක් පිහිටි වන ලැහැබක් දැක, ගෙල පග්ගය්හ උඩට ඔසවා, කලබල නොවී, සෙමින් රතුහොටය දිගුකොට වග්ගූං (වචනයක්) හඬක් නගයි. පිට කරයි ද එසේම ඔබවහන්සේ ද සනිකං නිකුජ. මේ මහපුරිස් ලකුණු අතරින් එක් ආකාරයෙන් හෙබියා වූ බින්දුස්සරෙන සුවිකප්පිතෙන මනාව සකස් කොටගෙන, පිළියෙල කොට, මෙහිදී අපි, සබ්බෙව උජ්ජුගතා අවුල් නොවූ එක්තැන් වූ සිතින්ම ඔබවහන්සේගේ මිහිරි කූජන හඬ සුණාම
පහීනජාතිමරණන්ති ඉමම්පි ගාථං පුරිමනයෙනෙව භණති. තත්ථ න සෙසෙතීති අසෙසො, තං අසෙසං. සොතාපන්නාදයො විය කිඤ්චි අසෙසෙත්වා පහීනජාතිමරණන්ති වුත්තං හොති. නිග්ගය්හාති සුට්ඨු යාචිත්වා නිබන්ධිත්වා. ධොනන්ති ධුතසබ්බපාපං. වදෙස්සාමීති කථාපෙස්සාමි ධම්මං. න කාමකාරො හි පුථුජ්ජනානන්ති පුථුජ්ජනානමෙව හි කාමකාරො නත්ථි, යං පත්ථෙන්ති ඤාතුං වා වත්තුං වා, තං න සක්කොන්ති. සඞ්ඛෙය්යකාරො ච තථාගතානන්ති තථාගතානං පන වීමංසකාරො පඤ්ඤාපුබ්බඞ්ගමා කිරියා. තෙ යං පත්ථෙන්ති ඤාතුං වා වත්තුං වා, තං සක්කොන්තීති අධිප්පායො.
පහීණජාති මරණං ආදී මෙම ගාථාවද පෙර පරිදි අදහසින්ම කියයි. ඉතිරි නොවූයේ යන තේරුමෙන් අසෙසා ඒ ඉතිරි නොකොට, සෝවාන් බව ආදී මගපල පත්වූවන් මෙන් කිසිවක් ඉතිරි නොකොට, පහීණජාති මරණං ආදී මෙම ගාථාවද පෙර පරිදි අදහසින්ම කියයි. ඉතිරි නොවූයේ යන තේරුමෙන් අසෙසො, ඒ ඉතිරි නොකොට සෝවාන් බව ආදී මගපල පත්වූවන් මෙන් කිසිවක් ඉතිරි නොකොට පහීණජාතිමරණං යැයි කියන ලදී. නිග්ගය්හ මැනවින් ඉල්ලා හෝ සකස්කොට හෝ, ධොතං සියළු අයහපත් දේ ඉවතහල, වදෙස්සාමි කියවන්නෙමි. ධම්මං, න කාමකාරොහි පුථුජ්ජනානං මගපල නොලද මිනිස්සු කැමති දේ (දහමට අනුව) නොකරති. පතන දේ දැනගැනීමට හෝ කීමට හෝ නොහැකි වෙතියි අදහසයි. සංඛෙය්යකාරොච තථාගතානං තථාගතයන් වහන්සේලා විමසීමෙන් යුතුව, නුවණ පෙරදැරිකොට කටයුතු කරති. උන්වහන්සේලා බලාපොරොත්තු වන දේ දැනගැනීමට හෝ කීමට හෝ හැකිවෙතැ’යි අදහසයි.
ඉදානි තං සඞ්ඛෙය්යකාරං පකාසෙන්තො “සම්පන්නවෙය්යාකරණ”න්ති ගාථමාහ. තස්සත්ථො – තථා හි තව භගවා ඉදං සමුජ්ජුපඤ්ඤස්ස තත්ථ තත්ථ සමුග්ගහීතං වුත්තං පවත්තිතං සම්පන්නවෙය්යාකරණං, “සන්තතිමහාමත්තො සත්තතාලමත්තං අබ්භුග්ගන්ත්වා පරිනිබ්බායිස්සති, සුප්පබුද්ධො සක්කො සත්තමෙ දිවසෙ පථවිං පවිසිස්සතී”ති එවමාදීසු අවිපරීතං දිට්ඨං. තතො පන සුට්ඨුතරං අඤ්ජලිං පණාමෙත්වා ආහ – අයමඤ්ජලී පච්ඡිමො සුප්පණාමිතො, අයමපරොපි අඤ්ජලී සුට්ඨුතරං පණාමිතො. මා මොහයීති මා නො අකථනෙන මොහයි ජානං ජානන්තො කප්පස්ස ගතිං. අනොමපඤ්ඤාති භගවන්තං ආලපති.
දැන් එය මැනවින් විමසා පවසන ලෙසින් සම්පන්නවෙය්යාකරණං යන ගාථාව කීය. එහි අරුත නම්, ඉදං සමුජ්ජුපඤ්ඤස්ස එසේ භාග්‍යවතුන් වහන්ස, ඒ ඒ තැන්හිදී සමුග්ගහීතං කියන ලද, පවත්වන ලද පැහැදිලි විස්තර අනුව, ‘සන්තති මහ ඇමති තල්ගස් හතක් තරම් ඉහළට නැගී පිරිනිවන් පාන්නේය., ‘සැකිකුල සුප්පබුද්ධ සත්වන දින පොළව ඇතුලට ගිලා බස්නේය.’ මෙබඳු නොවෙනස් වූ දේ දක්නා ලදින්, යහපත් ලෙසම ඇඳිලි බැඳ කීය, අයමඤ්ජලී පච්ඡිමො සුප්පණමිතො මේ නැවතත් මැනවින් ඇඳිලි බැඳ ගරු බුහුමන් දැක්වීමයි. මා මොහයී (ඒ ගැන) නොකීමෙන් අප මුළා නොකළ මැනවි. ජානං කප්ප (තෙරුන්ගේ) පිරිනිවන දැන, අනොමපඤ්ඤ, භාග්‍යවතුන් වහන්සේ අමතයි.
පරොවරන්ති ඉමං පන ගාථං අපරෙනපි පරියායෙන අමොහනමෙව යාචන්තො ආහ. තත්ථ පරොවරන්ති ලොකියලොකුත්තරවසෙන සුන්දරාසුන්දරං දූරෙසන්තිකං වා. අරියධම්මන්ති චතුසච්චධම්මං. විදිත්වාති පටිවිජ්ඣිත්වා. ජානන්ති සබ්බං ඤෙය්යධම්මං ජානන්තො. වාචාභිකඞ්ඛාමීති යථා ඝම්මනි ඝම්මතත්තො පුරිසො කිලන්තො තසිතො වාරිං, එවං තෙ වාචං අභිකඞ්ඛාමි. සුතං පවස්සාති සුතසඞ්ඛාතං සද්දායතනං පවස්ස පග්ඝර මුඤ්ච පවත්තෙහි. “සුතස්ස වස්සා”තිපි පාඨො, වුත්තප්පකාරස්ස සද්දායතනස්ස වුට්ඨිං වස්සාති අත්ථො.
පරොවරං යන මේ ගාථාවද පෙර පරිදිම මුලා නොවීම ගැනම ඉල්ලා සිටින සේ කීය. එහි පරොවරං එලොව මෙලොව ලෙස යහපත් අයහපත් හෝ දුර සමීප හෝ අරියධම්මං සිවුසස් දහම, විදිත්වා මැනවින් අවබෝධ කොට, ජානං දැනගත යුතු සියළුම දේ දන්නා, වාචාභිකංඛාමිති යථා සම්මනි ඝම්මතත්තො වෙහෙසට පත් පිපාසිත වූ මිනිසෙකුට වාරිං මෙසේ ඔබවහන්සේගෙන් වදනක් බලාපොරොත්තු වෙමි. සුතං පවස්ස ඇසීම යයි කියන ලද හඬට යොමුවන පරිදි සවනට වස්වනු මැනව, වගුරුවනු මැනව, මුදාහළ මැනව. සුතස්ස වස්ස යනුද පාඨයකි. ඉහත සඳහන් කරන ලද පරිදි කනට (මිහිරි වචන නැමති) වැස්ස වැස්සවුව මැනවැයි අදහසයි.
ඉදානි යාදිසං වාචං අභිකඞ්ඛති, තං පකාසෙන්තො –
දැන් යම්බඳු වචනයක් කැමති වේද, එය හෙළි කරමින්
“යදත්ථිකං බ්රහ්මචරියං අචරී, කප්පායනො කච්චිස්ස තං අමොඝං; නිබ්බායි සො ආදු සඋපාදිසෙසො, යථා විමුත්තො අහු තං සුණොමා”ති. –
යදත්ථිකං...
ගාථමාහ . තත්ථ කප්පායනොති කප්පමෙව පූජාවසෙන භණති. යථා විමුත්තොති “කිං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා යථා අසෙක්ඛා, උදාහු උපාදිසෙසාය යථා සෙක්ඛා”ති පුච්ඡති. සෙසමෙත්ථ පාකටමෙව.
යන ගාථාව කීවේය. කප්පායනො කප්ප තෙරුන් වහන්සේටම පූජා පිණිස කියයි. යථා විමුත්තො රහත් බවට පත්ව අනුපාදිසෙස පිරිනිවනට පත්වූයේද? නැතිනම් සොපාදිසෙස පිරිනිවනට පත්වූයේදැ’යි අසයි. සෙසු අරුත් පැහැදිලිය.
එවං ද්වාදසහි ගාථාහි යාචිතො භගවා තං වියාකරොන්තො –
මෙසේ ගාථා දොළහකින් භාග්‍යවතුන් වහන්සේගෙන් (නිග්රොධ කප්ප තෙරුන්ගේ පිරිනිවන ගැන) ඉල්ලා සිටි බැවින්, එය පැහැදිලි කරමින්
“අච්ඡෙච්ඡි තණ්හං ඉධ නාමරූපෙ, (ඉති භගවා) කණ්හස්ස සොතං දීඝරත්තානුසයිතං; අතාරි ජාතිං මරණං අසෙසං, ඉච්චබ්රවී භගවා පඤ්චසෙට්ඨො”ති. –
අච්ඡෙච්ඡි ...
ගාථමාහ. තත්ථ පුරිමපදස්ස තාව අත්ථො – යාපි ඉමස්මිං නාමරූපෙ කාමතණ්හාදිභෙදා තණ්හාදීඝරත්තං අප්පහීනට්ඨෙන අනුසයිතා කණ්හනාමකස්ස මාරස්ස “සොත”න්තිපි වුච්චති, තං කණ්හස්ස සොතභූතං දීඝරත්තානුසයිතං ඉධ නාමරූපෙ තණ්හං කප්පායනො ඡින්දීති. ඉති භගවාති ඉදං පනෙත්ථ සඞ්ගීතිකාරානං වචනං. අතාරි ජාතිං මරණං අසෙසන්ති සො තං තණ්හං ඡෙත්වා අසෙසං ජාතිමරණං අතාරි, අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායීති දස්සෙති. ඉච්චබ්රවී භගවා පඤ්චසෙට්ඨොති වඞ්ගීසෙන පුට්ඨො භගවා එතදවොච පඤ්චන්නං පඨමසිස්සානං පඤ්චවග්ගියානං සෙට්ඨො, පඤ්චහි වා සද්ධාදීහි ඉන්ද්රියෙහි, සීලාදීහි වා ධම්මක්ඛන්ධෙහි අතිවිසිට්ඨෙහි චක්ඛූහි ච සෙට්ඨොති සඞ්ගීතිකාරානමෙවිදං වචනං.
යන ගාථාව වදාළහ. එහි මුල් පදයෙහි සිට අරුත මෙසේය. මෙම නාමරූපයෙහි (හෙවත් සිරුරෙහි) කාම තණ්හා ආදී ලෙසින් වූ තණ්හාව නැති නොකොට බොහෝ කලක සිට එහිම ගැලී සිටිමින් කණ්හ නම් වූ මාරයාගේ ජල පහරක් සේ ද කියනු ලබන ඒ තණ්හාව. කණ්හස්ස සොතභූතං දීඝරත්තානුසයිතං ඉධ නාමරූපෙ තණ්හං (නිග්රොධ) කප්පායන සිඳියි. ඉති භගවා මෙය සංගායනාවට සහභාගී වූ තෙරුන් වහන්සේලාගේ වචනයි. අතාරි ජාතිමරණං අසෙසං කප්ප තෙරුන්වහන්සේ, ඒ තණ්හාව සිඳ ඉපදීම - මරණය ඉතිරි නොකරමින් (සසර) තරණය කළහ. එයින් අනුපාදිසෙස පිරිනිවන ගැන සඳහන් කරයි. ඉච්චබ්රවී භගවා පඤ්ච සෙට්ඨො වංගීස හිමි විසින් අසන ලද පරිදි භාග්‍යවතුන් වහන්සේ ‘මුල්ම සිසුන් (ගෝලයන් වූ) පස්වග මහණුන්ටද උසස් වූ, සද්ධා ආදී ඉන්ද්රියයන් පහෙන්ද, සීලාදී ගුණදම් සමූහයෙන්ද, ඉතා වෙසෙස් වූ පැණසින්ද උසස්ම වේ යැයි වදාළ බව මේ සංගායනාවට පැමිණි හිමිවරුන්ගේ වචනයි.
එවං වුත්තෙ භගවතො භාසිතමභිනන්දමානසො වඞ්ගීසො “එස සුත්වා”තිආදිගාථායො ආහ. තත්ථ පඨමගාථාය ඉසිසත්තමාති භගවා ඉසි ච සත්තමො ච උත්තමට්ඨෙන විපස්සීසිඛීවෙස්සභූකකුසන්ධකොණාගමනකස්සපනාමකෙ ඡ ඉසයො අත්තනා සහ සත්ත කරොන්තො පාතුභූතොතිපි ඉසිසත්තමො, තං ආලපන්තො ආහ. න මං වඤ්චෙසීති යස්මා පරිනිබ්බුතො, තස්මා තස්ස පරිනිබ්බුතභාවං ඉච්ඡන්තං මං න වඤ්චෙසි, න විසංවාදෙසීති අත්ථො. සෙසමෙත්ථ පාකටමෙව.
මෙසේ වදාළ කල්හි, ඒ කියන ලද දෙයට බෙහෙවින්ම සතුටු වූ වංගීස හිමි එඝ සුත්වා ආදී ගාථා පැවසීය. එහි මුල් ගාථාවෙහි ඉස සත්තම (අප) බුදුරජාණන් වහන්සේය. උතුම් යන අරුතින් සත්වන ඉසිවරයාය. විපස්සී, සිඛී, වෙස්සභූ කකුසඳ, කෝණාගමන, කස්සප යන ඉසිවරුන් හයදෙනා ද තමන් සමග ඉසිවරුන් සත්දෙනෙකු කරමින් පහළ වූ ඒ සත්වන ඉසිවරයා වූ බුදුරජාණන් වහන්සේ අමතා කීය. න මං වඤ්චෙසි. යම් ආකාරයට පිරිනිවනට පත්වීද, ඒ පිරිනිවන්පෑ බව දැනගැනීමට කැමති වූ මා නොරැවටීය. මුළා නොකළේය යන තේරුමයි. ඉතිරි අරුත් පැහැදිලිය.
දුතියගාථාය යස්මා මුත්යපෙක්ඛො විහාසි, තස්මා තං සන්ධායාහ “යථාවාදී තථාකාරී, අහු බුද්ධස්ස සාවකො”ති. මච්චුනො ජාලං තතන්ති තෙභූමකවට්ටෙ විත්ථතං මාරස්ස තණ්හාජාලං. මායාවිනොති බහුමායස්ස. “තථා මායාවිනො”තිපි කෙචි පඨන්ති, තෙසං යො අනෙකාහි මායාහි අනෙකක්ඛත්තුම්පි භගවන්තං උපසඞ්කමි, තස්ස තථා මායාවිනොති අධිප්පායො.
මීළග ගාථාවෙන් (දුකින්) මිදීම බලාපොරොත්තුව වාසය කිරීම ගැන යථාවාදී තථාකාරී අහූ බුද්ධස්ස සාවකො ආදී ලෙස කීය. එම ගාථාවෙහි මච්චුනො ජාලං තතං මේ වටපිටාවෙහි අතුරන ලද මාරයාගේ තණ්හා නැමති දැල, මායාවිනො බොහෝ මායාවලින්, තථා මායාවිනො යැයිද ඇතමෙක් කියති. ඒ මාරයා නොයෙක් මායාවලින්, කිහිපවරක්ම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එසේ මාරයාගේ මායාකාරී බව අදහස් වේ.
තතියගාථාය ආදීති කාරණං. උපාදානස්සාති වට්ටස්ස. වට්ටඤ්හි උපාදාතබ්බට්ඨෙන ඉධ “උපාදාන”න්ති වුත්තං, තස්සෙව උපාදානස්ස ආදිං අවිජ්ජාතණ්හාදිභෙදං කාරණං අද්දස කප්පොති එවං වත්තුං වට්ටති භගවාති අධිප්පායෙන වදති. අච්චගා වතාති අතික්කන්තො වත. මච්චුධෙය්යන්ති මච්චු එත්ථ ධියතීති මච්චුධෙය්යං, තෙභූමකවට්ටස්සෙතං අධිවචනං. තං සුදුත්තරං මච්චුධෙය්යං අච්චගා වතාති වෙදජාතො භණති. සෙසමෙත්ථ පාකටමෙවාති.
(ඊළඟ) තුන්වන ගාථාවෙහි ආදී යනු (අදාල) කරුණය. උපාදානස්ස සසර ගමනට, සසර පැවැත්මට හේතුවන - උපදවනු ලබන බැවින් මෙහි උපාදාන යැයි කියනු ලැබේ. එහි හේතු ලෙස නොදැනීම, තණ්හාව ආදී කරුණු (පිරිසිඳ) දුටුවේය. කප්පො භාග්‍යවතුන් වහන්ස, මෙසේ කීමට සුදුසු යන අදහසින් කියයි. අච්චගා වත ඒකාන්තයෙන් ඉක්මවූයේය. මච්චුධෙය්යං මරණය දරාගෙන ඇතැයි යන අදහසින් (සියළු සත්වග) උපදනා තුන්ලොවටම සමාන වචනයකි. සුදුතතරං ඒ මරණයෙන් ඉවත්වීයැයි සතුටින් කියයි. ඉතිරි කරුණු පැහැදිලිය.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය නිග්රොධකප්පසුත්තවණ්ණනා නිට්ඨිතා.
නිග්‍රොධකප්ප සූත්‍ර විස්තරය නිමි.