නිග්‍රොධකප්ප සුත්තං
2. 12.
2. 12.
නිග්‍රොධකප්ප සුත්තං
නිග්‍රෝධකප්ප (වඞ්ගීස) සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො වඞ්ගීසස්ස උපජ්ඣායො නිග්රොධකප්පො නාම ථෙරො අග්ගාළවෙ චෙතියෙ අචිරපරිනිබ්බුතො හොති.
මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ අළවුරට අග්ගාළව නම් චෛත්‍යයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ගේ නිග්‍රෝධකප්ප නම් වත් තෙරණුවෝ අග්ගාලව චෙතියෙහි දී පිරිනිවී නොබෝකල් ඇති වෙත්.
අථ ඛො ආයස්මතො වංගීසස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: පරිනිබ්බුතො නු ඛො මෙ උපජ්ඣායො උදාහු නො පරිනිබ්බුතොති.
ඉක්බිති ගණයා කෙරෙන් වෙන්ව විවේකයට ගිය පිළිසලනෙහි යෙදුනු ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ගේ සිත්හි මෙබඳු පරිවිතර්කයෙක් උපන: “මාගේ උපාධ්‍යාය පිරිනිවියේ දෝ හෝ නො පිරිවිනියේ දෝ හෝ” යි.
අථ ඛො ආයස්මා වංගීසො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා වංගීසො භගවන්තං එතදවොච: ඉධ මය්හං භන්තෙ රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදී: පරිනිබ්බුතො නු ඛො මෙ උපජ්ඣායො උදාහු නො පරිනිබ්බුතොති.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර සවස් කල්හි පිළිසලනින් නැගිටියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නේ ම ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: ස්වාමීනි, මෙහි විවේකස්ථානයට ගියාවූ පිළිසලනෙහි ඇළුනු මාගේ සිත් හී මෙබඳු පරිවිතර්කයෙක් උපන: “මාගේ උපාධ්‍යාය පිරිනිවියේ දෝ නො පිරිනිවියේ දෝ” යි.
අථ ඛො ආයස්මා වඞ්ගීසො උට්ඨායාසනා එකංසං චීවරං කත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙරණුවෝ හුනස්නෙන් නැගී සිවුර එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි නමා භගවත් හට ගාථායෙන් (මෙසේ) කීහ.
345. පුච්ඡාම සත්ථාරං අනොමපඤ්ඤං දිට්ඨෙව ධම්මෙ යො විචිකිච්ඡානං ඡෙත්තා, අග්ගාළවෙ කාලමකාසි භික්ඛු ඤාතො යසස්සි අභිනිබ්බුතත්තො.
345. යම් භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් ඉහාත්මභාවයෙහි ම සැක දුරලන්නාහූ වෙත් ද, මහාප්‍රාඥ ශාස්තෘ වූ මුබවහන්සේ පුළුවුස්මි. ප්‍රකට වූ යශස්වී වූ නිවුනු සිත්ඇති මහණකෙනෙක් අග්ගාලව චෛත්‍යයෙහි කලුරිය කළහ.
346. නිග්රොධකප්පො ඉති තස්ස නාම, තයා කතං භගවා බ්රාහ්මණස්ස, සො තං නමස්සං අචරි මුත්යපෙක්ඛො ආරද්ධවිරියො දළ්හධම්මදස්සී.
346. භාග්‍යවතුන් වහන්ස, ඒ බ්රාහ්මණජාතිකයාහට නිග්‍රෝධකප්ප යන නම ඔබවහන්සේ විසින් කරණ ලද. දෘඪ වූ (නිර්වාණ) ධර්මය දක්නා වූ හෙ ඇරයූ වැර ඇත්තේ (නිර්වාණ සඞ්ඛ්‍යාත) මෝක්ෂය පතන්නේ ඔබ වහන්සේ නමදිමින් විසී ය.
347. තං සාවකං සක්ක මයම්පි සබ්බෙ අඤ්ඤාතුමිච්ඡාම සමන්තචක්ඛු, සමවට්ඨිතා නො සවණාය සොතා ත්වං නො සත්ථා ත්වං අනුත්තරොසි.
347. ශාක්‍ය කුලයෙහි උපන්නාවූ සමතැසානන් වහන්ස, අපි සැවො ම ඒ සව්වානන් දැනගණු කැමැත්තෙමු. ඇසීම පිණිස අපගේ සවන් එළඹ සිටියේය. මුබවහන්සේ අපගේ ශාස්තෘ වනසේක. මුබවහන්සේ අනුත්තර වනසේක.
348. ඡින්දෙව නො විචිකිච්ඡං බ්රූහි මෙතං පරිනිබ්බුතං වෙදය භූරිපඤ්ඤ, මජ්ඣෙව නො භාස සමන්තචක්ඛු සක්කොව දෙවානං සහස්සනෙත්තො.
348. මහාප්රාඥයන් වහන්ස, ඒකාන්තයෙන්ම අපගේ සැකය සිඳලන සේක්වා: මට මෙය වදාරණ සේක්වා! ඔහු පිරිනිවිහිදැ යි දන්වන සේක්වා! සමතැසානන් වහන්ස, දෙවියන්ගේ දහසක් නෙත් ඇති සක්දෙවිඳු මෙන් අපගේ මධ්‍යයෙහි වොරැඳන සේක් වා!
349. යෙ කෙචි ගන්ථා ඉධ මොහමග්ගා, අඤ්ඤාණපක්ඛා විචිකිච්ඡට්ඨානා, තථාගතං පත්වා න තෙ භවන්ති චක්ඛුං හි එතං පරමං නරානං.
349. මෙ ලොව්හි මෝහමාර්ග වූ අවිද්යාපක්ෂයෙහි වූ, සැකයනට හේතුවූ, යම්කිසි (අභිධ්‍යාදි වූ) ග්රන්ථයෝ වෙත් නම්, තථාගතයන් වහන්සේ වෙත පැමිණ ඔහු නො මැ වෙති. යම් හෙයෙකින් තෙල (තථාගත) මනුෂ්‍යයන්ගේ උතුම් පැණැස වේ නම් එහෙයිනි.
350. නො චෙ හි ජාතු පුරිසො කිලෙසෙ වාතො යථා අබ්භඝනං විහානෙ, තමො වස්ස නිවුතො සබ්බලොකො න ජොතිමන්තොපි නරා තපෙය්යුං.
350. ඉදින් යම් හෙයකින් (තථාගත) පුරුෂ ඒකාන්තයෙන් මාරුතය වලාකුල් රොදක් මෙන් කෙලෙස් නො නසාලන්නේ නම්, (එසේ වත්ම), මුළු ලොව අවිද්යාන්ධකාරයෙන් ඇවුරුණේ අඳුරුම වන්නේ ය. (සැරියුත් මහතෙර ආදී වූ) ජ්යොතිර්මත් මනුෂ්‍යයෝ ද (ප්‍රකට වීම් වශයෙන්) නො මැ තෙවුනාහ.
351. ධීරා ච පජ්ජොතකරා භවන්ති තං තං අහං ධීර තථෙව මඤ්ඤෙ, විපස්සිනං ඣානමුපාගමම්හ පරිසාසු නො ආවිකරොහි කප්පං.
351. පණ්ඩිතයෝම ප්රඥාප්රද්යොතකර වෙති. වීරයන් වහන්ස, ඒ ඔබ එසේම යයි මම හඟිම්, (අපි) මුබවහන්සේ ‘විදර්ශී’ යි දන්නමෝ (මෙහි) එළඹියෙමු. පිරිස් මැද අපගේ (නිග්‍රෝධ) කප්ප තෙරුන් ප්රකටකරණ සේක්වා!
352. ඛිප්පං ගිරං එරය වග්ගුවග්ගුං හංසොව පග්ගය්හ සනිකං නිකූජං, බින්දුස්සරෙන සුවිකප්පිතෙන සබ්බෙව තෙ උජ්ජුගතා සුණොම.
352. මොනොවට කල්පිත වූ බින්දුස්වරයෙන් වහා (අරුත් රසින්) ඉතා මනරම් වූ තෙපුල් වදාරණසේක්වා! හංසයෙකු මෙන් ගෙල ඔසොවා නාද කරන සේක්වා! ඉඳුසිත් ඇති අපි හැම මුබවහන්සේ ගේ බස් අසම්හ,
353. පහීනජාතිමරණං අසෙසං නිග්ගය්හ ධොනං වදෙස්සාමි ධම්මං, න කාමකාරො හි පුථුජ්ජනානං සඞ්ඛෙය්යකාරොව තථාගතානං.
353. නිරවශේෂ කොට ප්‍රහීණ කළ ජාතිමරණ ඇති නිගෙණ වැනැසූ පව් ඇති තථාගතයන් ලවා දහම් දෙස්වන්නෙමි, පුහුදුනන් බඳු කැමැතිසේ කිරීමෙක් තථාගතයනට නැත් මැ යි. තථාගතයන් වහන්සේගේ මීමාංසාකාරයම වේ.
354. සම්පන්නවෙය්යාකරණං තවෙදං සමුජ්ජුපඤ්ඤස්ස සමුග්ගහීතං, අයමඤ්ජලී පච්ඡිමො සුප්පණාමිතො මා මොහයී ජාන’මනොමපඤ්ඤ.
354. මොනොවට ඍජු වූ ප්‍රඥා ඇති මුබවහන්සේ ගේ මේ සම්පුර්ණවූ ව්‍යාකරණ ඇති බව (අප විසින්) මැනවින් දැනගන්නා ලද්දෙකි. මේ පැසුළු ඇඳිලි නැමදුම් මොනොවට කරණ ලදී. (නිග්‍රෝධකප්ප තෙරුන්ගේ ගතිය) දන්නාසේක් ම, මහාප්රාඥයන් වහන්ස, අපෙ නහමක් මුළා කරන සේක්වා!
355. පරොවරං අරියධම්මං විදිත්වා මා මොහයී ජාන’මනොමවීර, වාරිං යථා ඝම්මනි ඝම්මතත්තො වාචාභිකඞ්ඛාමි සුතං පවස්ස.
355. උත්තම වීරයන් වහන්ස, කුදුමහත් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය පිළිවිද දන්නාසේක් ම (අප) මුළා නො කරණ සේක්වා, ග්‍රීෂ්මකාලයෙහි උෂ්ණයෙන් තැවුනෙකු ජලය පතන්නා සේ (මුබවහන්සේගෙන්) බසක් පතමි, ශ්‍රැතය (ශබ්දායතනය) වස්වන සේක්වා!
356. යදත්ථිකං බ්රහ්මචරියං අචාරි කප්පායනො කච්චිස්ස තං අමොඝං, නිබ්බායි සො ආදු උපාදිසෙසො යථා විමුත්තො අහු නං සුණොම.
356. (නිග්‍රෝධ) කප්පායන තෙරණුවෝ යම් රහත් බවක් අර්ත්ථ කොට ඇති (මාර්ග) බ්‍රහ්මචර්‍ය්‍යයක් කොළෝ නම් කිම, ඔහුට එය නොසිස් වීද? හෙතෙමේ විමුක්තයකු (අශෛක්ෂයකු) මෙන් (අනුපාදිසේසපරිනිබ්බාණයෙන්) පිරිනිවියේ ද? නැතහොත් උපාදිසෙස සහිත (ශෛක්ෂ) යෙක් වී ද? එය (අපි) අසම්හ.
357. අච්ඡෙච්ඡි තණ්හං ඉධ නාමරූපෙ (ඉති භගවා) කණ්හස්ස සොතං දීඝරත්තානුසයිතං, අතාරි ජාතිමරණං අසෙසං ඉච්චබ්රවී භගවා පඤ්චසෙට්ඨො.
357. (හෙ) මේ නාමරූපයෙහි දීර්ඝ රාත්‍රයෙහි අනුශයිත කෘෂ්ණයා (මාරයා) ගේ ස්‍රොතස වූ තෘෂ්ණාව සිඳලීය. නිරවශේෂ කොට ජාති මරණ දෙක තරණය කෙළේ ය යි (ශ්‍රද්ධාදී) පඤ්චධර්‍මයෙන් ද පසැස් නුවණින්ද ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
358. එස සුත්වා පසීදාමි වචො තෙ ඉසිසත්තම, අමොඝං කිර මෙ පුට්ඨං න මං වඤ්චෙසි බ්රාහ්මණො.
358. උත්තම වූ මහ මහර්ෂීන් වහන්ස, තොපගේ බස අසා තෙල මම ප්‍රසන්නයෙමි. මාවිසින් පුළුවුස්නාලද්ද නො සිස්ම විය. (බාහිතපාප වූ) බ්‍රාහ්මණයෝ මා නො රැවටූහූ.
359. යථාවාදී තථාකාරී අහු බුද්ධස්ස සාවකො, අච්ඡිදා මච්චුනො ජාලං තතං මායාවිනො දළ්හං.
359. බුදුරජුහුගේ සවු (නිග්‍රෝධකප්ප) යථාවාදී තථාකාරී විය. මායාවී වූ මාරයාගේ දැඩිව පතළා වූ (තෘෂ්ණා) ජාලය සිඳලීය.
360. අද්දස භගවා ආදිං උපාදානස්ස කප්පියො, අච්චගා වත කප්පායනො මච්චුධෙය්යං සුදුත්තරන්තී.
360. භාග්‍යවතුන් වහන්ස, කප්ප තෙරණුවෝ (ත්‍රිවිධ) වෘත්තයා ගේ (අවිද්‍යා තෘෂ්ණා භේද ඇති) ප්රධානකාරණය දුටුහ. ඒකාන්තයෙන් කප්පායනයෝ දුකසේ තරණය කළ යුතු (ත්‍රෛභූමික වෘත්ත සඞ්ඛ්‍යාත) මාරභූමිය ඉක්මැ ගියහ යි.
නිග්රොධකප්පසුත්තං නිට්ඨිතං.
නිග්‍රෝධකප්ප (වංගීස) සූත්‍රය නිමි.