යෙදුමෙන් කියවන්න

11. රාහුල සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

11. රාහුල සුත‍්තවණ‍්ණනා

11. රාහුල සූත්‍ර වර්ණනාව

කච‍්චි අභිණ‍්හසංවාසාති රාහුලසුත‍්තං. කා උප‍්පත‍්ති? භගවා සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුජ‍්ඣිත්‍වා බොධිමණ‍්ඩතො අනුපුබ‍්බෙන කපිලවත්‍ථුං ගන‍්ත්‍වා තත්‍ථ රාහුලකුමාරෙන “දායජ‍්ජං මෙ සමණ දෙහී”ති දායජ‍්ජං යාචිතො සාරිපුත‍්තත්‍ථෙරං ආණාපෙසි – “රාහුලකුමාරං පබ‍්බාජෙහී”ති. තං සබ‍්බං ඛන්‍ධකට‍්ඨකථායං (මහාව· අට‍්ඨ· 105) වුත‍්තනයෙනෙව ගහෙතබ‍්බං. එවං පබ‍්බජිතං පන රාහුලකුමාරං වුඩ‍්ඪිප‍්පත‍්තං සාරිපුත‍්තත්‍ථෙරොව උපසම‍්පාදෙසි, මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො අස‍්ස කම‍්මවාචාචරියො අහොසි. තං භගවා “අයං කුමාරො ජාතිආදිසම‍්පන‍්නො, සො ජාතිගොත‍්තකුලවණ‍්ණපොක‍්ඛරතාදීනි නිස‍්සාය මානං වා මදං වා මා අකාසී”ති දහරකාලතො පභුති යාව න අරියභූමිං පාපුණි, තාව ඔවදන‍්තො අභිණ‍්හං ඉමං සුත‍්තමභාසි. තස‍්මා චෙතං සුත‍්තපරියොසානෙපි වුත‍්තං “ඉත්‍ථං සුදං භගවා ආයස‍්මන‍්තං රාහුලං ඉමාහි ගාථාහි අභිණ‍්හං ඔවදතී”ති.

කච්චි අභිණ්හ සංවාසා යනු රාහුල සූත්‍රයයි. මෙම සූත්‍රය දේසනා කිරීමට හේතුව කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුදු බව අවබෝධ කොට, බෝමැඩ සිට (පසුව) අනුපිළිවෙලින් කිඹුල්වත් පුරට ගොස්, එහිදී රාහුල කුමරුන් ‘මහණ, මට දායාද දෙව’යි ඉල්ලන ලදුව, ‘රාහුල පැවිදි කරව’යි සැරියුත් හිමිට අණ කළහ. ඒ සියළු කරුණු ඛන්‍ධක අටුවාවෙහි සඳහන් පරිදි ගතයුතුය. මෙසේ රාහුල කුමරු පැවිදිව නිසි වියපත් වූ කල සැරියුත් තෙරුන්වහන්සේ උපසම්පදා කළහ. එහිදී කම්මවාචා ගුරුහිමි වූයේ මහමුගලන් තෙරුන් වහන්සේය. භාග්‍යවතුන් වහන්සේ ‘මේ කුමරු ඉපදුණු දා සිටම සම්පත් ඇත්තෙකි, ජාතිය, පරපුර, කුලය, පැහැය ආදිය නිසා උඩඟු බවක් හෝ ඒ ගැන ආසා - කල්පනා නොකෙරේවා’යි තරුණ කල පටන්ම රහත් බවට පත්වනතුරුම අවවාද ලෙසින් නිතර මෙම සූත්‍රය වදාළහ. එහෙයින් ඒ පිළිබඳව මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගරුකටයුතු රාහුල හිමියන්ට මේ ගාථාවලින් නිතර අවවාද කරති’යි සූත්‍රය අවසානයෙහිද කියන ලදී.

තත්‍ථ පඨමගාථායං අයං සඞ‍්ඛෙපත්‍ථො “කච‍්චි ත්‍වං, රාහුල, අභිණ‍්හං සංවාසහෙතු ජාතිආදීනං අඤ‍්ඤතරෙන වත්‍ථුනා න පරිභවසි පණ‍්ඩිතං, ඤාණපදීපස‍්ස ධම‍්මදෙසනාපදීපස‍්ස ච ධාරණතො උක‍්කාධාරො මනුස‍්සානං කච‍්චි අපචිතො තයා, කච‍්චි නිච‍්චං පූජිතො තයා”ති ආයස‍්මන‍්තං සාරිපුත‍්තං සන්‍ධාය භණති.

එහි මුල් ගාථාවෙහි කෙටි අදහස මෙසේය. කච්චි රාහුල, ඔබ අභිණ්හං සංවාසං ඉපදීම ආදී වෙනත් කරුණකින් නින්දා නොකරහිද? පණ්ඩිතං, නුවණ නැමති පහනද දහම් දෙසීම ආදී පහනද දැරීමෙන් උක්කාධාරො මනුස්සානං කච්චි අපචිතො තව ඔබ විසින් නිතර පූජා කරන ලද්දේ කුමක්ද? ගරුකටයුතු සැරියුත් තෙරුන් උදෙසා කියයි.

එවං වුත‍්තෙ ආයස‍්මා රාහුලො “නාහං භගවා නීචපුරිසො විය සංවාසහෙතු මානං වා මදං වා කරොමී”ති දීපෙන‍්තො ඉමං පටිගාථමාහ “නාහං අභිණ‍්හසංවාසා”ති. සා උත‍්තානත්‍ථා එව.

මෙසේ කී කල්හි ගරු කටයුතු රාහුල හිමි, භාග්‍යවතුන් වහන්ස, මම පහත් මිනිසෙකු මෙන් ඇසුර හේතුකොට මානය හෝ තණ්හා කල්පනා නොකරමි’ යැයි නාහං අභිණ්හ සංවාසා යැයි මෙම පිළිතුරු ගාථාව කීය. එහි අදහස පැහැදිලිය.

තතො නං භගවා උත‍්තරිං ඔවදන‍්තො පඤ‍්ච කාමගුණෙතිආදිකා අවසෙසගාථායො ආහ. තත්‍ථ යස‍්මා පඤ‍්ච කාමගුණා සත‍්තානං පියරූපා පියජාතිකා අතිවිය සත‍්තෙහි ඉච‍්ඡිතා පත්‍ථිතා , මනො ච නෙසං රමයන‍්ති, තෙ චායස‍්මා රාහුලො හිත්‍වා සද‍්ධාය ඝරා නික‍්ඛන‍්තො, න රාජාභිනීතො, න චොරාභිනීතො, න ඉණට‍්ටො, න භයට‍්ටො, න ජීවිකාපකතො, තස‍්මා නං භගවා “පඤ‍්ච කාමගුණෙ හිත්‍වා, පියරූපෙ මනොරමෙ, සද‍්ධාය ඝරා නික‍්ඛම‍්මා”ති සමුත‍්තෙජෙත්‍වා ඉමස‍්ස නෙක‍්ඛම‍්මස‍්ස පතිරූපාය පටිපත‍්තියා නියොජෙන‍්තො ආහ – “දුක‍්ඛස‍්සන‍්තකරො භවා”ති.

එහිදී භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් අවවාද කරමින්, පඤ්චකාම ගුණ ආදී කොට ඇති ඉතිරි ගථා වදාළහ. පස්කම් ගුණය පුද්ගලයන් කැමැත්ත දනවන, පුද්ගලයන් කැමතිවන, පතන ලද, ඔවුන්ගේ සිත අලවන්නකි. රාහුල ඒවා හැරදමා සැදැහැයෙන් ගිහිගෙයින් නික්මුනේ, රජු විසින් එහි පමුණුවන ලද්දෙකු ලෙස නොවේ. සොරකු සේ පමුණුවන ලදුව නොවේ. ණය ගැතිව නොවේ. බය ඇතිව නොවේ. දිවිපැවැත්ම පිණිස නොවේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ, පඤ්චකාමගුණෙ හිත්‍වා පියරූපෙ මනොරමෙ සද්ධාය ඝරා නික්‍ඛම්ම යනුවෙන් රාහුල හිමි උත්සාහවත් කරනු පිණිස, සියල්ල හැර දැමීමට සුදුසු පිළිවෙතට යොමු කරමින් දුක්‍ඛස්සනතකරො භව යැයි ද වදාළහ.

තත්‍ථ සියා “නනු චායස‍්මා දායජ‍්ජං පත්‍ථෙන‍්තො බලක‍්කාරෙන පබ‍්බාජිතො, අථ කස‍්මා භගවා ආහ – ‘සද‍්ධාය ඝරා නික‍්ඛම‍්මා’”ති වුච‍්චතෙ – නෙක‍්ඛම‍්මාධිමුත‍්තත‍්තා. අයඤ‍්හි ආයස‍්මා දීඝරත‍්තං නෙක‍්ඛම‍්මාධිමුත‍්තො පදුමුත‍්තරසම‍්මාසම‍්බුද‍්ධස‍්ස පුත‍්තං උපරෙවතං නාම සාමණෙරං දිස‍්වා සඞ‍්ඛො නාම නාගරාජා හුත්‍වා සත‍්ත දිවසෙ දානං දත්‍වා තථාභාවං පත්‍ථෙත්‍වා තතො පභුති පත්‍ථනාසම‍්පන‍්නො අභිනීහාරසම‍්පන‍්නො සතසහස‍්සකප‍්පෙ පාරමියො පූරෙත්‍වා අන‍්තිමභවං උපපන‍්නො. එවං නෙක‍්ඛම‍්මාධිමුත‍්තතඤ‍්චස‍්ස භගවා ජානාති. තථාගතබලඤ‍්ඤතරඤ‍්හි එතං ඤාණං. තස‍්මා ආහ – “සද‍්ධාය ඝරා නික‍්ඛම‍්මා”ති. අථ වා දීඝරත‍්තං සද‍්ධායෙව ඝරා නික‍්ඛම‍්ම ඉදානි දුක‍්ඛස‍්සන‍්තකරො භවාති අයමෙත්‍ථ අධිප‍්පායො.

රාහුල (කුමරු) දායාද පතමින් ආ කල බලාත්කාරයෙන් පැවිදි කරන ලද්දේ නොවේදැ’යි අදහසක් ඇතිවිය හැකිය. භාග්‍යවතුන් වහන්සේ සැදැහැයෙන් ගිහිගෙයින් නික්ම යැයි වදාළේ කවර හෙයින්ද? ගිහිගෙයින් නික්ම, කෙලෙසුන් හැර දැමීමෙහි දැඩි ඇල්මක් තිබුණි යැයි (ඊට පිළිතුරයි.) මේ ගරු රාහුල හිමි දිගුකලක් ගිහිගෙයින් නික්ම, සියළු කෙලෙසුන් දුරු කිරීමේ උත්සාහ වූවෙකි. පියුමතුරා සම්බුදුවරයාණන්ගේ පුත් උපරෙවත නම් සාමණේරයන් වහන්සේ දැක, සංඛ නම් නාරජව, සත් දිනක් දානය දී එසේ සාමණේර නමක (කුඩා පැවිදි කෙනෙකු) වීමට එදා සිට ඉදිරියට පැතුම් සපුරාගෙන යමින් කප් සියදහසක් පාරමී පුරා අවසන් උපත ලද්දේය. මෙසේ රාහුල ගිහිගෙයින් නික්ම කෙලෙසුන් හැරදැමීමේ උත්සාහය භාග්‍යවතුන් වහන්සේ දනිති. ඒ තථාගත බල හේතුවෙන් ඇතිවන එක්තරා නුවණකි. එහෙයින් සද්ධාය ඝරා නික්‍ඛම්ම යැයි වදාළහ. නැතහොත් දිගුකලක් පැවති සැදැහෙන්ම ගෙයින් නික්ම දැන් දුක් කෙළවර කරන්නෙකු වන්නැ’යි මෙහි අදහසයි.

ඉදානිස‍්ස ආදිතො පභුති වට‍්ටදුක‍්ඛස‍්ස අන‍්තකිරියාය පටිපත‍්තිං දස‍්සෙතුං “මිත‍්තෙ භජස‍්සු කල්‍යාණෙ”තිආදිමාහ. තත්‍ථ සීලාදීහි අධිකා කල්‍යාණමිත‍්තා නාම, තෙ භජන‍්තො හිමවන‍්තං නිස‍්සාය මහාසාලා මූලාදීහි විය සීලාදීහි වඩ‍්ඪති. තෙනාහ – “මිත‍්තෙ භජස‍්සු කල්‍යාණෙ”ති. පන‍්තඤ‍්ච සයනාසනං, විවිත‍්තං අප‍්පනිග‍්ඝොසන‍්ති යඤ‍්ච සයනාසනං පන‍්තං දූරං විවිත‍්තං අප‍්පාකිණ‍්ණං අප‍්පනිග‍්ඝොසං, යත්‍ථ මිගසූකරාදිසද‍්දෙන අරඤ‍්ඤසඤ‍්ඤා උප‍්පජ‍්ජති, තථාරූපං සයනාසනඤ‍්ච භජස‍්සු. මත‍්තඤ‍්ඤූ හොහි භොජනෙති පමාණඤ‍්ඤූ හොහි, පටිග‍්ගහණමත‍්තං පරිභොගමත‍්තඤ‍්ච ජානාහීති අත්‍ථො. තත්‍ථ පටිග‍්ගහණමත‍්තඤ‍්ඤුනා දෙය්‍යධම‍්මෙපි අප‍්පෙ දායකෙපි අප‍්පං දාතුකාමෙ අප‍්පමෙව ගහෙතබ‍්බං, දෙය්‍යධම‍්මෙ අප‍්පෙ දායකෙ පන බහුං දාතුකාමෙපි අප‍්පමෙව ගහෙතබ‍්බං, දෙය්‍යධම‍්මෙ පන බහුතරෙ දායකෙපි අප‍්පං දාතුකාමෙ අප‍්පමෙව ගහෙතබ‍්බං, දෙය්‍යධම‍්මෙපි බහුතරෙ දායකෙපි බහුං දාතුකාමෙ අත‍්තනො බලං ජානිත්‍වා ගහෙතබ‍්බං. අපිච මත‍්තායෙව වණ‍්ණිතා භගවතාති පරිභොගමත‍්තඤ‍්ඤුනා පුත‍්තමංසං විය අක‍්ඛබ‍්භඤ‍්ජනමිව ච යොනිසො මනසි කරිත්‍වා භොජනං පරිභුඤ‍්ජිතබ‍්බන‍්ති.

රාහුල හිමිට මුල පටන්ම, සසර දුක් කෙළවර කිරිමේ පිළිවෙත දැක්වීමට මිත්තෙ භජස්සු කල්‍යාණෙ ආදී ගාථා වදාළහ. එහි සීල ආදී ගුණ බොහෝ ඇත්තන් කල්‍යාණ මිත්තා නම් වේ. හිමාලයේ හටගැනීම නිසා මහාසාල වෘක්ෂයන්ගේ මුල් ස්ථාවරව වැඩුනේද, එසේ ස්ථාවර ගුණ ඇති කලණ මිතුරන් ඇසුරු කරන්නෝ සිල් ආදී ගුණයන්ගෙන් වැඩෙති. මිත්තෙ භජස්සු කල්‍යාණෙ යැයි එහෙයින් වදාළහ. පනතඤ්ච සෙනාසනං විවත්තං අප්පනිග්ඝොසං විවේකී වූ, දුරින් පිහිටි, මිනිසුන් නොගැවසෙන, නගරයෙහි, ගමෙහි පවතින නොයෙක් උස් හඬ නොඇසෙන තරම් වූ යම් සෙනසුනක් වේද, එහි මුවන්, ඌරන් ආදී සිවුපාවුන්ගේ හඬින් කැලෑවක් යන හැඟීම දනවයිද එබඳු වූ වන සෙනසුන්ද ඇසුරු කරව. මත්තඤ්ඤූ හොහි භොජනෙ පිළිගැනීමේදී ද, වළඳනවිටද, දෙනු ලබන දෙයෙහි අඩු බවක් වේනම්, අඩුවෙන් දෙනු කැමති බව පෙනේ නම්, සුළු පමණින් ගතයුතුය. දියයුතු දෙයෙහි අඩු දායක බවක් වේනම්, බොහෝ කොට දෙනු කැමති බව පෙනේ නම්, සුළු පමණින්ම ගතයුතුය. දිය යුතු දෙයෙහි බොහෝ කොට දිය යුතු වුවත්, අඩුවෙන් දෙනු කැමති බව පෙනේ නම්, සුළු පමණින්ම ගතයුතුය. දියයුතු දෙයෙහි බොහෝ දායකව, බොහෝ සෙයින් දෙනු කැමති වේනම්, තම බලය (හෙවත් සුදුසු පමණ) දැනගත යුතුය. වැළඳීම හෝ සිවුපසය පරිහරණයේදී, පුතකුගේ මස් මෙන්, (රියසක සවිවන) අලවංගුවට තෙල් ගල්වන්නාක් මෙන් නුවණින් මෙනෙහි කොට ආහාර ගතයුතු යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් පමණ දැනගැනීම පසස්නා ලදහ.

එවමිමාය ගාථාය බ්‍රහ‍්මචරියස‍්ස උපකාරභූතාය කල්‍යාණමිත‍්තසෙවනාය නියොජෙත්‍වා සෙනාසනභොජනමුඛෙන ච පච‍්චයපරිභොගපාරිසුද‍්ධිසීලෙ සමාදපෙත්‍වා ඉදානි යස‍්මා චීවරාදීසු තණ‍්හාය මිච‍්ඡාආජීවො හොති, තස‍්මා තං පටිසෙධෙත්‍වා ආජීවපාරිසුද‍්ධිසීලෙ සමාදපෙන‍්තො “චීවරෙ පිණ‍්ඩපාතෙ චා”ති ඉමං ගාථමාහ. තත්‍ථ පච‍්චයෙති ගිලානප‍්පච‍්චයෙ. එතෙසූති එතෙසු චතූසු චීවරාදීසු භික‍්ඛූනං තණ‍්හුප‍්පාදවත්‍ථූසු. තණ‍්හං මාකාසීති “හිරිකොපීනපටිච‍්ඡාදනාදිඅත්‍ථමෙව තෙ චත‍්තාරො පච‍්චයා නිච‍්චාතුරානං පුරිසානං පටිකාරභූතා ජජ‍්ජරඝරස‍්සෙවිමස‍්ස අතිදුබ‍්බලස‍්ස කායස‍්ස උපත්‍ථම‍්භභූතා”තිආදිනා නයෙන ආදීනවං පස‍්සන‍්තො තණ‍්හං මා ජනෙසි, අජනෙන‍්තො අනුප‍්පාදෙන‍්තො විහරාහීති වුත‍්තං හොති. කිං කාරණං? මා ලොකං පුනරාගමි. එතෙසු හි තණ‍්හං කරොන‍්තො තණ‍්හාය ආකඩ‍්ඪියමානො පුනපි ඉමං ලොකං ආගච‍්ඡති. සො ත්‍වං එතෙසු තණ‍්හං මාකාසි, එවං සන‍්තෙ න පුන ඉමං ලොකං ආගමිස‍්සසීති.

මේ ගාථාවෙන් සසුන් බඹසරෙහි උපකාර වන, එයට සුදුසු වන යහපත් මිතුරු ඇසුරක් සඳහන් කරමින්, සෙනසුන් හා සිවුපසය පිළිබඳ හික්මිය යුතු අයුරු පහදා දැන් සිවුරු ආදියෙහි දැඩි ආසාවකින් වැරදි දිවි පැවැත්මකට යොමු වේනම්, එය වළක්වා පිරිසිදු හැසිරීමට අදාල වූ හික්මීමෙහි යොදවමින් චීවරෙ පිණ්ඩපාතෙච යන මේ ගාථාව වදාළහ. එම ගාථාවෙහි පච්චයෙ ගිලන්පසෙහි, එතෙසු සිවුරු ආදී වූ මහණුන්ට ආසාව වඩවන කරුණු සතර කෙරෙහි, තණ්හං මාකාසි ලජ්ජා සහගත තැන් ආවරණය කරගැනීමේදී සිවුරු පරිහරණයේ අරුත මෙන්, මෙම සිවුපසය, නිති රෝගාතුර වූවෙකුට බෙහෙතින් කරන පිළියම් සේ, දිරායන ගෙයක් බඳු දුබල වූ මෙම කය පවත්වාගෙන යාම පිණිස, උදව් වන්නේ යැයි කරුණු සළකමින්, ‘තණ්හාවක් ඇතිකර නොගනිවු, තණ්හාව ඇතිකර නොගනිමින්, තණ්හාව උපදවා නොගනිමින්, වාසය කරව’යි කියන ලදී. ඊට හේතු කුමක්ද? මා ලොකං පුනරාගමි. ඒවාට ආසා කරමින්, තණ්හාවෙන් (ඒ වෙතට) අඳිනු ලබමින් නැවත මේ ලෝකයට පැමිණේ. ඔබ ඒවා කෙරෙහි ආසා නොකරව. එසේ වූ විට නැවත මේ ලෝකයට නොපැමිණෙන්නේය.

එවං වුත‍්තෙ ආයස‍්මා රාහුලො “චීවරෙ තණ‍්හං මාකාසීති මං භගවා ආහා”ති චීවරපටිසංයුත‍්තානි ද‍්වෙ ධුතඞ‍්ගානි සමාදියි පංසුකූලිකඞ‍්ගඤ‍්ච, තෙචීවරිකඞ‍්ගඤ‍්ච. “පිණ‍්ඩපාතෙ තණ‍්හං මාකාසීති මං භගවා ආහා”ති පිණ‍්ඩපාතපටිසංයුත‍්තානි පඤ‍්ච ධුතඞ‍්ගානි සමාදියි – පිණ‍්ඩපාතිකඞ‍්ගං, සපදානචාරිකඞ‍්ගං, එකාසනිකඞ‍්ගං, පත‍්තපිණ‍්ඩිකඞ‍්ගං, ඛලුපච‍්ඡාභත‍්තිකඞ‍්ගන‍්ති. “සෙනාසනෙ තණ‍්හං මාකාසීති මං භගවා ආහා”ති සෙනාසනපටිසංයුත‍්තානි ඡ ධුතඞ‍්ගානි සමාදියි – ආරඤ‍්ඤිකඞ‍්ගං, අබ‍්භොකාසිකඞ‍්ගං, රුක‍්ඛමූලිකඞ‍්ගං, යථාසන්‍ථතිකඞ‍්ගං, සොසානිකඞ‍්ගං, නෙසජ‍්ජිකඞ‍්ගන‍්ති. “ගිලානප‍්පච‍්චයෙ තණ‍්හං මාකාසීති මං භගවා ආහා”ති සබ‍්බප‍්පච‍්චයෙසු යථාලාභං යථාබලං යථාසාරුප‍්පන‍්ති තීහි සන‍්තොසෙහි සන‍්තුට‍්ඨො අහොසි, යථා තං සුබ‍්බචො කුලපුත‍්තො පදක‍්ඛිණග‍්ගාහී අනුසාසනින‍්ති.

මෙසේ වදාළ කල්හී, ගරු කටයුතු රාහුල හිමි ‘සිවුරෙහි ආසාවක් ඇතිකර නොගන්නැ’යි මට භාග්‍යවතුන් වහන්සේ කීයේ යැයි සිවුර හා අදාල වූ පාංසුකූලිකංගය, තෙචීවරිකංග යන ධුතාංග දෙක සමාදන් විය. පිඬු පිණිස ලැබෙන ආහාරයෙහි ආසා නොකරවයි මට භාග්‍යවතුන් වහන්සේ කීහ යැයි සළකා ඊට අදාල වූ පිණ්ඩපාතයෙන්ම යැපීම, එක් අසුනක හිඳ වැළඳීම, පිළිවෙලින් පිඬු පිණිස යාම, පිණ්ඩපාතයට ලැබෙන පමණ සැළකීම, වැළඳූ පසුව ලැබෙන දෙයින් වැළකීම, යන ධුතාංග පහද සමාදන් විය. ‘සෙනසුන්හි ආසාවක් ඇතිකර නොගනුව. මට භාග්‍යවතුන් වහන්සේ කීහ’ යැයි සළකා ඊට අදාල වන කැලෑවක විසීම, එළිමහනේ විසීම, රුක්මුලක විසීම, ලැබෙන පරිදි ඇතිරිලි ආදිය පරිහරණය, සොහොනෙහි විසීම, නොනිදා හිඳගැන්ම පමණක් අනුගමනය කිරීම යන ධුතාංග හය සමාදන් විය. ගිලන්පසෙහි ආසා ඇතිකර නොගනිවු’ යැයි මට භාග්‍යවතුන් වහන්සේ කීහ’යි සළකා කීකරු කුලපුතකු අවවාද පිළිගන්නා අයුරින් සිවුපසයට අදාල සියළු දේ ලැබෙන පරිදි, උවමනා පමණට හා සුදුසු පරිදි, තෙආකාරයෙන් සෑහීමට - සතුටට පත් වූයේය.

එවං භගවා ආයස‍්මන‍්තං රාහුලං ආජීවපාරිසුද‍්ධිසීලෙ සමාදපෙත්‍වා ඉදානි අවසෙසසීලෙ සමථවිපස‍්සනාසු ච සමාදපෙතුං “සංවුතො පාතිමොක‍්ඛස‍්මි”න‍්තිආදිමාහ. තත්‍ථ සංවුතො පාතිමොක‍්ඛස‍්මින‍්ති එත්‍ථ භවස‍්සූති පාඨසෙසො. භවාති අන‍්තිමපදෙන වා සම‍්බන්‍ධො වෙදිතබ‍්බො, තථා දුතියපදෙ. එවමෙතෙහි ද‍්වීහි වචනෙහි පාතිමොක‍්ඛසංවරසීලෙ, ඉන්‍ද්‍රියසංවරසීලෙ ච සමාදපෙසි. පාකටවසෙන චෙත්‍ථ පඤ‍්චින්‍ද්‍රියානි වුත‍්තානි. ලක‍්ඛණතො පන ඡට‍්ඨම‍්පි වුත‍්තංයෙව හොතීති වෙදිතබ‍්බං. සති කායගතා ත්‍යත්‍ථූති එවං චතුපාරිසුද‍්ධිසීලෙ පතිට‍්ඨිතස‍්ස තුය‍්හං චතුධාතුවවත්‍ථානචතුබ‍්බිධසම‍්පජඤ‍්ඤානාපානස‍්සතිආහාරෙපටිකූලසඤ‍්ඤාභාවනාදිභෙදා කායගතා සති අත්‍ථු භවතු, භාවෙහි නන‍්ති අත්‍ථො. නිබ‍්බිදාබහුලො භවාති සංසාරවට‍්ටෙ උක‍්කණ‍්ඨනබහුලො සබ‍්බලොකෙ අනභිරතසඤ‍්ඤී හොහීති අත්‍ථො.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගරු කටයුතු රාහුල හිමිට, පිරිසිදු දිවිපැවැත්මට හික්මෙන පරිදි මෙහෙයවා, දැන් ඉතිරි සීලයෙහිද, සමථ විදසුන් ද යොමු කරමින් සංවුතො පාතිමොක්‍ඛස්මිං ආදී ගාථාව කීහ. එහි භවස්සු යැයි වචනයක් ඉතිරිව ඇත. භව යන අවසන් පදය සමග එහි සම්බන්ධය දතයුතුය. දෙවන පදයද එබඳුය. මෙසේ එම වචන දෙකින් පාමොක් සංවර සීලයත්, ඉඳුරන් සංවර සීලයත් සමාදන් කරවීය. බොහෝ දෙනා දන්නා පරිදි මෙහි පසිඳුරන් ගැන කියන ලදී. එහි ගති ලකුණු සළකා (වෙසෙසින්) හයක්ම කියන ලදැයි දතයුතුය. සති කායගතා ත්‍යත්‍ථු මෙසේ සිවු පිරිසිදු සීලයෙහි පිහිටි ඔබ, කය පිළිබඳ නුවණින් විමසන පරිදි සිවුධාතුන්හි පැවැත්ම, සතරාකාර වූ විමසුම් නුවණ, හුස්ම ඉහළට ගැනීම, හුස්ම පහළ දැමීම, ආහාරයෙහි පිළිකුල් හැඟුම්, නුවණින් වඩව යන තේරුමයි. නිබ්බිදා බහුලො භව. සසර පැවැත්මෙහි කලකිරීමෙන්, මුළු ලොවෙහිම ඇල්මක් නොමැති සේ කටයුතු කරව යන අරුතයි.

එත‍්තාවතා නිබ‍්බෙධභාගියං උපචාරභූමිං දස‍්සෙත්‍වා ඉදානි අප‍්පනාභූමිං දස‍්සෙන‍්තො “නිමිත‍්තං පරිවජ‍්ජෙහී”තිආදිමාහ. තත්‍ථ නිමිත‍්තන‍්ති රාගට‍්ඨානියං සුභනිමිත‍්තං. තෙනෙව නං පරතො විසෙසෙන‍්තො ආහ – “සුභං රාගූපසඤ‍්හිත”න‍්ති. පරිවජ‍්ජෙහීති අමනසිකාරෙන පරිච‍්චජාහි. අසුභාය චිත‍්තං භාවෙහීති යථා සවිඤ‍්ඤාණකෙ අවිඤ‍්ඤාණකෙ වා කායෙ අසුභභාවනා සම‍්පජ‍්ජති, එවං චිත‍්තං භාවෙහි. එකග‍්ගං සුසමාහිතන‍්ති උපචාරසමාධිනා එකග‍්ගං, අප‍්පනාසමාධිනා සුසමාහිතං. යථා තෙ ඊදිසං චිත‍්තං හොති, තථා නං භාවෙහීති අත්‍ථො.

මෙපමණකින් තියුණු අවබෝධය ලැබීමට සුදුසු පරිසරය දක්වා දැහැන් පිළිබඳව දක්වමින් නිමිත්තං පරිවජ්ජෙහි ආදී ලෙස කීහ. එහි නිමිත්තං රාගය දනවන යහපතැයි සැළකෙන අරමුණුය. එයම රාහුල හිමිටත්, අන් හැමටත් ගැලපෙන අයුරින් සුභං රාගුපසංහිතං යැයි කීහ. පරිවජ්ජෙහි සිහි නොකිරීමෙන් දුරුකරව, අසුභාය චිත්තං භාවෙහි යම්සේ පණ ඇති පණ නැති සිරුරු පිළිබඳව අසුභ වැඩීම සැළකිය හැකිද, එසේ සිත පුරුදු කරහි, එකග්ගං සුසමාහිතං උපචාර සමාධියෙන් එකඟ බවත්, අප්පණ සමාධියෙන් තැන්පත් බවත් ඔබේ සිතට ඇතිවේද, එය පුරුදු කරවයි අදහසයි.

එවමස‍්ස අප‍්පනාභූමිං දස‍්සෙත්‍වා විපස‍්සනං දස‍්සෙන‍්තො “අනිමිත‍්ත”න‍්තිආදිමාහ. තත්‍ථ අනිමිත‍්තඤ‍්ච භාවෙහීති එවං නිබ‍්බෙධභාගියෙන සමාධිනා සමාහිතචිත‍්තො විපස‍්සනං භාවෙහීති වුත‍්තං හොති. විපස‍්සනා හි “අනිච‍්චානුපස‍්සනාඤාණං නිච‍්චනිමිත‍්තතො විමුච‍්චතීති අනිමිත‍්තො විමොක‍්ඛො”තිආදිනා නයෙන රාගනිමිත‍්තාදීනං වා අග‍්ගහණෙන අනිමිත‍්තවොහාරං ලභති. යථාහ –

මෙසේ දැහැන් ගැන දක්වා විදසුන් පිළිබඳව දැක්වීමට අනිමිත්තං ආදී ගාථාව කීහ. අනිමිත්තඤ්ව භාවෙහි මෙසේ තියුණු අවබෝධයෙන් ලද එකඟ බවෙන් තැන්පත් සිත ඇතිව විදසුන් වඩවයි කියන ලදී. විදසුන් ලෙසට හැමදෙයක තිරවූ පැවැත්මක් නැතැයි දන්නා නුවණින්, එහි අවබෝධයෙන් මනාව කෙලෙසුන්ගෙන් මිදුණේ යැයි ‘අනිච්චානුපස්සනා ඤාණං නිච්ච නිමිත්තතො විමුච්චති ති අනිමිත්තො විමොක්‍ඛො’ ආදී ලෙසින්, රාගාදී අරමුණු නොගැනීමෙන් විදසුන් මගට ළං වෙයි.

“සො ඛ‍්වාහං, ආවුසො, සබ‍්බනිමිත‍්තානං අමනසිකාරා අනිමිත‍්තං චෙතොසමාධිං උපසම‍්පජ‍්ජ විහරාමි. තස‍්ස මය‍්හං, ආවුසො, ඉමිනා විහාරෙන විහරතො නිමිත‍්තානුසාරි විඤ‍්ඤාණං හොතී”ති (සං· නි· 4.340).

‘ඇවැත්නි, ඒ මම සියළු ආකාර නිමිති හෙවත් අරමුණු මෙනෙහි නොකරමින්, අරමුණු රහිත සිත එකඟ බවට පැමිණ වාසය කරමි, ඇවැත්නි, එසේ වාසය කරන විට, සුදුසු පරිදි (භාවනා මගෙහි) සිතීමේ නුවණ මට ඇතිවෙයි’

මානානුසයමුජ‍්ජහාති ඉමාය අනිමිත‍්තභාවනාය අනිච‍්චසඤ‍්ඤං පටිලභිත්‍වා “අනිච‍්චසඤ‍්ඤිනො, මෙඝිය, අනත‍්තසඤ‍්ඤා සණ‍්ඨාති, අනත‍්තසඤ‍්ඤී අස‍්මිමානසමුග‍්ඝාතං පාපුණාතී”ති එවමාදිනා (අ· නි· 9.3; උදා· 31) අනුක‍්කමෙන මානානුසයං උජ‍්ජහ පජහ පරිච‍්චජාහීති අත්‍ථො. තතො මානාභිසමයා, උපසන‍්තො චරිස‍්සසීති අථෙවං අරියමග‍්ගෙන මානස‍්ස අභිසමයා ඛයා වයා පහානා පටිනිස‍්සග‍්ගා උපසන‍්තො නිබ‍්බුතො සීතිභූතො සබ‍්බදරථපරිළාහවිරහිතො යාව අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බාසි, තාව සුඤ‍්ඤතානිමිත‍්තාප‍්පණිහිතානං අඤ‍්ඤතරඤ‍්ඤතරෙන ඵලසමාපත‍්තිවිහාරෙන චරිස‍්සසි විහරිස‍්සසීති අරහත‍්තනිකූටෙන දෙසනං නිට‍්ඨාපෙසි.

ඒ අනුව මානානුසයමුජ්ජහ මේ අනිමිත්ත භාවනාවෙන් තිර නැතැයි යන හැඟීම ලැබ. ‘මෙඝිය කිසිවක් තිරව නොපවතීය යන හැඟීමෙන් යුතුව, මම වෙමි ආදී මැනීම් මුලින්ම උදුරා දැමීමට පැමිණේ යැයි ‘අනිච්ච සඤ්ඤිනො මෙඝිය අනත්තසඤ්ඤා සණඨාති, අනන්තසඤ්ඤී අස්මිමානසමුග්ඝාතං පාපුණති’ - මේ ආදී නයින් දේසනා කොට ඇති පරිදි පිළිවෙලින් මානය වැනි සිත යට පවත්නා හැඟීම් ඉවත් කරව, දුරු කරව, අත්හැර දමව යන අරුතයි. තතො මානාභිසමයා උපසන්තො චරිස්සසි. ඉක්බිති මෙසේ සෝවාන් ආදී පිළිවෙත් මගින් මානය වටහාගෙන, දැන, එය ඇතිවීම හා නැතිවීමද දැන, දුරුකිරිමෙන් සන්සුන්ව, නිවුනේ, සිහිල් වූයේ, සියළු දැවීම් නැතිව, යම්දිනක නැවත හටනොගන්නා පරිදි කෙලෙස් පිරිනිවනට පත්වේද එතෙක් ‘සුඤ්ඤත, අනිමිත්ත, අප්පණිහිත යැයි කියන ලද ඒ ඒ පලසමවත් විහරණයෙන් හැසිරෙහි වාසය කරන්නෙහි යනුවෙන් අරහත් පල කුළුගන්වමින් දේසනය නිම කළහ.

තතො පරං “ඉත්‍ථං සුදං භගවා”තිආදි සඞ‍්ගීතිකාරකානං වචනං. තත්‍ථ ඉත්‍ථං සුදන‍්ති ඉත්‍ථං සු ඉදං, එවමෙවාති වුත‍්තං හොති. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙව. එවං ඔවදියමානො චායස‍්මා රාහුලො පරිපාකගතෙසු විමුත‍්තිපරිපාචනියෙසු ධම‍්මෙසු චූළරාහුලොවාදසුත‍්තපරියොසානෙ අනෙකෙහි දෙවතාසහස‍්සෙහි සද‍්ධිං අරහත‍්තෙ පතිට‍්ඨාසීති.

මීට පසුව ඉත්‍ථං සුදං භගවා යනු සංගායනාවට සහභාගී වූ හිමිවරුන්ගේ වචනය. එහි ඉත්‍ථං සුදං මෙසේ මේ ආකාරයෙන් යන අදහසට කියන ලදී. ඉතිරි වචන අරුත් පැහැදිලිය. මෙසේ අවවාද ලද ගරු කටයුතු රාහුල හිමි කෙලෙස්වලින් මිදීමට තරම් නුවණ මේරූ විට චූලරාහුලොවාද සූත්‍ර දේසනය අවසානයේ, නොයෙක් දහස් ගණන් දේවතාවුන් සමග අරහත් පලයෙහි පිහිටියේය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය රාහුලසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

රාහුල සූත්‍ර විස්තරය නිමි.